Blog

  • නිවසකට බෝම්බ ප්‍රහාරයක්…

    මහියංගණය, පූජා නගරයේ දොඩම්ගොල්ල, දොම්වත්ත ප‍්‍රදේශයේ නිවසකට අද අලූයම අත්බෝම්බ ප‍්‍රහාරයක් එල්ල වී තිබෙනවා. 

    අලූයම 1.15 ට පමණ මෙම ප‍්‍රහාරය එල්ල වී ඇති බවයි  වාර්තාකරු පැවසුවේ. 

    ප‍්‍රහාරයෙන් 64 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. 

    සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්‍ෂණ කි‍්‍රයාත්මකයි. 

    [rns_reactions]

  • මවගේ ප්‍රේම කුරුල්ලා නිසා දුවත් අමාරුවේ වැටේ…

    වයස අවුරුදු 15 ක් වන බාල වයස්කාර දැරිවියක්ව අවස්ථා කීපයකදී දුෂණය කළ බව කියන ඇයගේ මවගේ අනියම් සැමියාව අත්අඩංගුවට ගෙන ඇති බව නොරචෝලේ පොලීසිය කියයි.

    පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ පුත්තලම – කරඹ ගාමන්ට් වත්ත පදිංචිකරුවෙකු වන 30 හැවිරිදි අයෙකි.

    සැකකරු අතවරයවට පත්ව ඇති දැරිවියගේ මවගේ අනියම් සැමියාය. දැරිවියගේ මව සමග එකට මත්පැන් පානය කර ඇති සැකකරු මව වෙරි මතින් නින්දට ගිය පසුව දැරිවියට අතවර කර ඇති බව පොලීසිය විසින් කරන ලද මූලික විමර්ශණ වලදී අනාවරණය වී ඇත. පසුගිය වසරේ සැප්තැම්බර් මස 15 වැනිදා පළමු වරට සැකකරු තමන්ට අතවර කළ බවත්,එතැන් සිට නිරන්තර සැකකරු තමන්ට මෙම අපරාධය සිදු කරන බවත් දැරිවිය පොලීසිය හමුවේ පවසා ඇත.

    සැකකරුට ඇති බිය නිසා කිසිවක් හෙලි නොකල නමුත් ඉවසා සිටිය නොහැකි තැන සිද්ධිය පොලීසියට දැණුම් දීමට තීරණය කළ බවද නොරචෝලේ පොලීසියට පැමිණ ඇති දැරිවිය පවසා ඇත.

    අතවරයට පත්ව ඇති දැරිවිය වෛද්‍යය පරීක්ෂණයක් සදහා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇත. නොරචෝලේ පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු කරගෙන යයි.

    (පුත්තලම – ජුඩ් සමන්ත)

    [rns_reactions]

  • මාලිංගට ගුටි වැදෙද්දී රජවරුන් හමුවේ මුම්බායි කණ්ඩායමට පරාජයක්…

    T 20 තරඟයක් වුවත් පන්දුවාර 50 කදී ලබාගන්නා තරම් විශාල ලකුණු ප්‍රමාණයක් කණඩායම දෙකම වාර්තා කල මුම්බායි ඉන්දියන්ස් සහ කිංස් ඉලවන් පන්ජාබ් කණ්ඩායම් අතර පැවති  අයි.පී.එල්. තරගාවලියේ මුම්බායිහිදී පැවැති 51 වන තරගයේදී මුම්බායි ඉන්දියන්ස්  පිලට එරෙහිව ලකුණු 7 ක ජයක් හිමිකර ගැනීමට කිංග්ස් XI පංජාබ් පිල ඊයේ  සමත්විය.
    ජයග්‍රහණය සදහා ලකුණු 231 ක ඉලක්කයක් හඹාගිය මුම්බායි ඉන්දියන්ස් පිලට ඕවර 20 අවසානයේදී කඩුලු 6 ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 223 ක් පමණි. මෝහිත් ශර්මා යැවූ අවසන් ඕවරයේදී ජයග්‍රහණය සදහා මුම්බායි ඉන්දියන්ස් පිලට ලකුණු 16 ක් ලබාගැනීමට තිබූ අතර කරන් පොලාඞ්ට පන්දු තුනකදී ලකුණු ලබාගැනීමට නොහැකිවීම හේතුවෙන් පරාජය වැළඳ ගැනීමට ඔවුන්ට සිදුවූහ.
    වේගවත් පිතිහරඹයක නිරතවූ ආරම්භක පිතිකරුවන්වූ ලිනඩ් සිමන්ස් සහ පාර්තිව් පටෙල් පළමු කඩුල්ල සදහා පන්දු 52 කදී ලකුණු 99 ක සම්බන්ධතාවයක් පවත්වමින් ලකුණු 231 ක ඉලක්කයක් හඹායෑම සදහා හොඳ අඩිතාලම දමා දුන්හ.  ලිනඩ් සිමන්ස් පන්දු 32 කදී හයේ පහර හතරක් සහ හතරේ පහර පහක සමගින් ලකුණු 59 ක් රැස්කළ අතර කිරාන් පොලාඞ් හයේ පහර පහක් සහ හතරේ පහරක් සමගින් පන්දු 24 කදී නොදැවී ලකුණු 50 ක් රැස්කිරීමට සමත්විය.
    හර්දික් පාන්ඩ්‍යයා සමගින් එක්ව පස්වැනි කඩුල්ල සදහා පන්දු 21 කදී ලකුණු 55 ක සම්බන්ධතාවයක් ගොඩනැගූ කිරන් පොලාඞ් හයවැනි කඩුල්ල සදහා කරන් ශර්මා සමගින් පන්දු 10 කදී ලකුණු 31 ක සම්බන්ධතාවයක්ද ගොඩනැගීමට  ද සමත්විය.
    පළමුව පන්දුවට පහරදුන් කිංග්ස් XI පංජාබ් පිල ඕවර 20 අවසානයේදී කඩුලු 3 ක් දැවී ලකුණු 230 ක් රැස්කරමින් මුම්බායි ඉන්දියන්ස් පිලට දැවැන්ත ඉලක්කයක් ලබාදීමට සමත්විය.
    කිංග්ස් XI පංජාබ් වෙනුවෙන්  විශිෂ්ට පිතිහරඹයක නිරතවූ රිද්දීමාන් සහ ඉනිම ආරම්භයේ සිට අවසානය තෙක් කඩුල්ලේ රැඳී සිටිමින් පන්දු 55 කදී නොදැවී ලකුණු 93 ක් රැස්කරමින් පිත්තෙන් දස්කම් දැක්වීමට සමත්විය. හයේ පහර තුනකින් සහ හතරේ පහර 11 කින්  රිද්දීමාන් සහගේ ඉනිම අලංකාර විය.
    මාටින් ගප්ටිල් සමගින් එක්ව පළමු කඩුල්ල සදහා පන්දු 33 කදී ලකුණු 68 ක සම්බන්ධතාවයක්ද, ග්ලෙන් මැක්ස්වෙල් සමගින් එක්ව දෙවැනි කඩුල්ල සදහා පනදු 33 කදී ලකුණු 63 ක සම්බන්ධතාවයක්ද, ශෝන් මාෂ් සමගින් එක්ව තෙවැනි කඩුල්ල සදහා පන්දු 26 කදී ලකුණු 52 ක සම්බන්ධතාවයක් පැවැත්වූ සහ සිවුවැනි කඩුල්ල සදහා අර්ෂා පටෙල් සමගින් එක්ව පන්දු 28 කදී ලකුණු 47 ක නොබිඳුණු සම්බන්ධතාවයක් පැවැත්වීමටද සමත්විය.

    කෙසේ වෙතත් ප්‍රසාද ලකුණු සටහනේ තවමත් පෙරමුණ ගෙන සිටින්නේ තරඟ 13 කින් 9 ක් ජයගෙන ප්‍රසාද ලකුණු 18 ලබාගෙන සිටින මුම්බායි කණ්ඩායමය.

    [rns_reactions]

  • කළු කොඩි ඔසවා විරුද්ධ වූ මහින්දගේ ඉල්ලීම මතම මෝදි – මහින්ද හමුවක්

    ශ්‍රී ලංකාවේ සංචාරයක යෙදී සිටින ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ඉල්ලීම මත ඔහු මුණ ගැසී සාකච්ඡා කළ බව ඉන්දීය බලධාරීහු පවසති.

    ජාත්‍යන්තර වෙසක් උත්සවයට සහභාගිවීම පිණිස ශ්‍රී ලංකාවේ දෙදින නිල සංචාරයක නිරතව සිටින ඉන්දීය අගමැතිවරයා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොලේදී පිළිගනු ලැබුවේ අගමැති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛයා අමාත්‍යවරුන් විසිනි.

    ඉන් අනතුරුව ඉන්දීය අගමැතිවරයා කොළඹ ගංගාරාමයේ විහාරස්ථානයේ වෙසක් කලාපය විවෘත කළ අතර එහිදී භික්ෂූන් වහන්සේ ඉන්දීය අගමැතිවරයාට සෙත් පතා ආශීර්වාද කළ බව ශ්‍රී ලංකාවේ සිටින ඉන්දීය මහ කොමසාරිස් තරන්ජිත් සිං සන්ධු කොළඹදී මාධ්‍යවේදීන් හමුවේ සඳහන් කළේය.

    මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා සමග හමුවක් ඉන්දීය අගමැතිවරයාගේ සංචාරයේ න්‍යාය පත්‍රයට ඇතුළත්ව නොතිබිණි.

    සාකච්ඡා වූ කරුණු පිළිබඳව මාධ්‍යවේදිනියක් කළ විමසීමකට පිළිතුරු දුන් මහ කොමසාරිස් තරන්ජිත් සිං සන්ධු, දෙදෙනා අතර ඉතා සුහද සාකච්ඡාවක් පැවති බව සඳහන් කළේය.

    “ගතව ගිය වසරවල සහ වර්තමානයේත් ඉන්දියාව ශ්‍රී ලංකාවට ලබා දුන් සහ ලබාදෙමින් තිබෙන සහයෝගය පිළිබඳව සතුටුවන බව හිටපු ජනාධිපතිතුමා සඳහන් කළා,” ඔහු පැවසීය.

    ප්‍රවෘත්ති සාකච්ඡාව මෙහෙයවනු ලැබුවේ ඉන්දීය විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක ගෝපාල් බාග්ලේ විසිනි.

    [rns_reactions]

  • දක්ෂතා පරිපූර්ණ භානුක රාජපක්‍ෂ එංගලන්තයට…

    ශ්‍රී ලංකා ක්‍රීඩා ලෝලීන් සහ ක්‍රිකට් බලධාරීන් මහත් බලාපොරොත්තු තබා සිටි දක්ෂ පිතිකරුවෙකු වන භානුක රාජපක්ෂ තම හැකියාවන් පෙන්වුවේ පාසල් සමයේ සිටය.ඔහු සහභාගී වූ 19 පහල ලෝක කුසලානයේදී භානුකගේ දක්ෂතා කැපී පෙනුනි.කෙසේ වෙතත් අවාසනාවන්ත කරුණ නම් තවමත් භානුකට ශ්‍රී ලංකා වරම් දිනා ගැනීමේ අවකාශයක් හිමිවී නැති වීමයි.

    මෙම දක්ෂ තරුණ ක්‍රීඩකයාට එංගලන්තයේ ප්‍රාන්ත තරඟාවලියක් නියෝජනය කිරීමේ අවසථාව හිමිවී තිබේ.ඔහු පෙන්රිත් ක්‍රිකට් සමාජයට තෝරාගෙන ඇති අතර හෙට (13) භානුක සහභාගී වන පළමු තරඟය පැවැත්වීමට නියමිතය.

    භානුකගේ සහභාගීත්වය සම්බන්දයෙන් අදහස් දක්වන පෙන්රිත් ක්‍රිකට් සභාපති ඇන්ඩ්රු හෝල් පවසන්නේ භානුකගේ සහභාගිත්වය තම කණ්ඩායමට මහත්සේ වැදගත් වනු ඇති බවයි.

    “භානුක මේ දවස් වල හොඳින් ලකුණු අතරේ ඉන්නේ ඔහු අවසානෙට ක්‍රීඩා කරපු තරඟ දෙකේදීත් ලකුණු 121,81 භානුක අරගෙන තියනවා,ඔහුට දේශීය තරඟ වලට ක්‍රීඩා කරන්න අවසථාව ඉල්ලපු නිසා තමයි අපි එක්ක සම්බන්ද වෙන්නත් ටිකක් ප්‍රමාද වුනේ.”

    “අපේ කණ්ඩායම  තරුණ කණ්ඩායමක් මේ වෙද්දී එච්චර හොඳ තැනක නෙවෙයි ඉන්නේ අපි බලාපොරොත්තු තියාගෙන ඉන්නේ අපේ කණ්ඩායමේ නායක ජොන්ස්ටන් ඔබ්ස්බ්‍රෙන් සහ ග්‍රෙග් හෝල් එක්ක එකතු වෙලා භානුක අපේ කණ්ඩායම උඩට ගනී කියල.භානුක කියන්නේ දක්ෂ වමත් ප්‍රහරකයෙක් වගේම දක්ෂ මදවේග පන්දු යවන්නෙක් නිසා ඔහු ගොඩක් ප්‍රයෝජනවත් වෙයි අපිට.”

    භානුක රාජපක්‍ෂ මීට පෙර ශ්‍රී ලංකා A කණ්ඩායම සමඟ එංගලන්තයේ සංචාරය කරමින් කැපීපෙනෙන දක්ෂතා දක්වා ඇත.

    [rns_reactions]

  • අහිමි වූ GSP+ ගන්න ශ්‍රී ලංකාව අවසන් කඩුල්ලත් පනී…

    යුරෝපා විදේශ සහ වෙළඳ අමාත්‍යවරුන්ගේ කවුන්සිලය විසින් ශ්‍රී ලංකාවට GSP+ සහනය ලබා දීමට අනුමැතිය ලබා දී ඇති බව වාර්තා වෙනවා.

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ඍජු විදෙස් ප්‍රතිපත්ති මෙන්ම ජනපතිවරයා ජර්මනියේ සිදුකළ නිල සංචාරයේදී ජර්මන් චාන්සලර් ඇන්ජලා මර්කල් මහත්මියගෙන් මෙන්ම අනෙකුත් යුරෝපා හවුලේ රාජය්‍ය නායකයන්ගෙන් සිදුකළ ප‍්‍රධානම ඉල්ලීම වූයේ GSP+ සහනය නැවත ශී‍්‍ර ලංකාවට ලබාදීමට සහය වන ලෙසයි  ඒ අනුව එම බදු සහනය  මෙලෙස ලබාදීමට හේතු වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වැඩි දුරටත් පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාවට GSP+ සහනය ලබා ගැනීමේ අවසන් කඩුල්ල ලෙස මෙම අනුමැතිය සැළකිය හැකි බවයි

    GSP+ සහනය හරහා යුරෝපා සංගමයේ වෙළෙඳපොල වෙත යැවෙන සිය අපනයන ඉහළ නංවාගැනීම තුළින් ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයට සැළකිය යුතු දායකත්වයක් සැපයෙන අතරම ශ්‍රී ලංකාවේ මානව හිමිකම්, නීතියේ ආධිපත්‍යය මෙන්ම යහපාලනයට අදාළ ප්‍රතිසංස්කරණ වෙනුවෙන් තමන්ට සහය විය හැකි ආකාරය ද මෙයින් පෙන්නුම් කෙරෙන බව යුරෝපා කොමිසමේ වෙළෙඳ කොමසාරිස් සිසිලියා මැල්ම්ස්ට්‍රොම් පවසන්නීය.

    [rns_reactions]

  • අගමැති මෝදිට ජනපති මෛත්‍රීගෙන් විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයක්…

    ජාත්‍යන්තර වෙසක් දින උළෙලෙහි සමාරම්භක උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගීවීමට දිවයිනට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී   නරේන්ද්‍ර මෝදි මහතා වෙනුවෙන් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් පිරිනමන  විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහය අද (11) රාත්‍රීයේ කොටුව ජනාධිපති මන්දිරයේ දී සංවිධානය කර තිබුණි.

    ජනාධිපති මන්දිරය වෙත පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍යතුමා, ජනාධිපතිතුමා විසින් ඉතා උණුසුම් ලෙස පිළිගනු ලැබීය. 

    [rns_reactions]

     

  • වාචාල ගීතා පාර්ලිමේන්තුවේ තබා ගැනීමට බැසිල්/සරත් එන්. කුමන්ත්‍රණයක..!

    අභියාචනාධිකරණ නඩු තීන්දුව අනුව මන්ත්‍රීධූරය අහිමි වූ ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රීනි ගීතා කුමාරසිංහ අධිකරණ වෙට්ටුවක් හරහා තව දුරටත් මන්ත්‍රී ධූරයේ තබා ගැනීමට බැසිල් රාජපක්ෂ සහ හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා විසින් කරන ලද කුමන්ත්‍රණයක තොරතුරු අප වෙත අනාවරණය වේ.

    ඒ අනුව අභියාචනාධිකරණ තීන්දුවට එරෙහිව ගීතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර ඇති ඇපෑල විභාගයට ගැනීමට පෙර හෙට දිනයේ දී මන්ත්‍රීධූරය අහෝසි කිරීමට එරෙහිව වාරණ නියෝගයක් ලබා ගැනීමට බැසිල් සහ සරත් එන් සිල්වා කුමන්ත්‍රණය කර ඇත. රාජපක්ෂලා වෙනුවෙන් නිතර ඉදිරිපත් වන නීතිඥයෙකු ගීතා වෙනුවෙන් ඉදිරිපත් වන අතර ඔහු විසින් අදාල වාරණ නියෝගය ඉල්ලා සිටිනු ඇත. ඉන්පසුව “ශ්‍රේෂ්ඨාධිකරණයේ සිටින ‘අපේ මිනිසුන්‘ ඉතිරි හරිය බලා ගනීවි“ යැයි බැසිල් සහ සරත් එන් පාරම්බා තිබේ.

    9 වෙනිදා ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ ගීතාගේ ඇපෑල 12 වෙනිදාම විභාගයට ගැනීම සිදුකර ඇත්තේ ද සාමාන්‍යයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ පිළිවෙතට පටහැනිව ය. 10 සහ 11 අධිකරණ නිවාඩු දින වූ අතර 9 වෙනිදා ඉදිරිපත් කරන පෙත්සමක් පසු වැඩ දිනයේම විභාගයට ගැනීමක් සාමාන්‍යයෙන් සිදුවන්නේ නැති නමුත් ශ්‍රේෂ්ඨාධිකරණයේ රෙජිස්ට්‍රාර් වරයා ‘දැපනේ‘ දමා ගැනීමෙන් රාජපක්ෂලා මේ ‘සෙල්ලම‘ සිදුකර තිබේ. 

    ගීතා ඉවත් කිරීමට එරෙහි වාරණ නියෝගය ලබා ගැනීමෙන් පසු ඉදිරි වසර 2 හමාර තුල නඩුව දිග් ගස්සමින් වත්මන් පාර්ලිමේන්තුවේ කාලය අහවර වන තුරු ගීතා පාර්ලිමේන්තුවේ තබා ගැනීමට රාජපක්ෂලා සැලසුම් කර ඇතැයි දැන ගන්නට තිබේ.  

     

    කෙසේ වෙතත් වත්මන් අධිකරණය බොහෝ දුරට ස්වාධීනව කටයුතු කරන බැවින් බැසිල්ගේ සහ සරත් එන් සිල්වාගේ කුමන්ත්‍රණය සාර්ථක වේදැයි සැක සහිත ය.

    හෙට (12) ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු ඇසෙන්නේ පහත විනිසුරුවරුන් යටතේ ය. 

    අංක 502 : බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, අනිල් ගුණරත්න

    අංක 403 : සිසිර ද ආබෘෘ, උපුල් අබේරත්න, නලින් පෙරේරා   

    [rns_reactions]

  • ගංගාරාම වෙසක් කලාපය මෝදි අතින් විවෘත කෙරේ.

    ගංගාරාම වෙසක් කලාපය අද (11) පස්වරුවේ ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී  නරේන්ද්‍ර මෝදි මැතිතුමා අතින් විවෘත කෙරිණි.

    වෙසක් කලාපය වෙත පැමිණි ශ්‍රී නරේන්ද්‍ර මෝදි මැතිතුමා, විහාරාධිපති  පූජ්‍ය ගලබොඩ ඥානීස්සර නාහිමිපාණන් සහ  ගංගාරාම දායක සභාවේ සභාපති රංජිත් විජේවර්ධන මහතා විසින් හරසරින් යුතුව පිළිගනු ලැබිණි.

    ගංගාරාම සීමා මාලකයේදී විදුලි පහන් ආලෝකය දල්වා වෙසක් කලාපය විවෘත කළ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා එය නැරඹිමට ද එක් විය.

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සමග මෙම වෙසත් සැමරුමට සහභාගීවිය.

    [rns_reactions]

     

     

  • පුවත් මවන රංජන් දරු සුරතල් බලයි

    නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා සිය ෆේස්බුක් ගිණුමෙහි දරු සුරතල් බලන ඡායාරූප කිහිපයක් එක් කර තිබෙනවා.

    කලක් තම ආරක්‍ෂක අංශයේ සේවය කළ සාමාජිකයෙකුගේ අලුත උපන් පුතණුවන් සමග ගත් ඡායාරූප කිහිපයකුයි මෙලෙස එක්කර ඇත්තේ.

    [rns_reactions]

  • විමල් ඉන්නේ රනිල්ගේ ඔඩොක්කුවේ – ලගදීම මහින්දට ටටා බායි! කඩුවෙලින් හෙළිදරවුවක්

    විමල් වීරවංශ මහත්තයා දැන් පිස්‌සු උන්මාදයෙන් මත්වෙලා. බුදුන් ඉපදුන රටේ නායකයා මෙරට වෙසක්‌ උත්සවයට සහභාගී වෙන්න එන වෙසක්‌ පෝය දිනයේ කළු කොඩි දමන්න කියා ජනතාවට උපදෙස්‌ ලබා දෙනවා. හිටපු නායකයා හොරු රැළත් සමග පිටුපසට වී මේවාට අත්පුඩි ගසනවා. උදේ හවා පන්සල් ගානේ යමින් ක්‍රියා කරන රටේ හිටපු ජනපතිවරයාගේ පහත් ක්‍රියාව තරයේ හෙළා දකින බව කඩුවෙල හිටපු නගරාධිපති ජී. එච්. බුද්ධදාස පැවැසීය. කඩුවෙල ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ කාර්යාලයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගි වෙමින් තවදුරටත් අදහස්‌ දැක්‌වූ ඒ හිටපු නගරාධිපතිවරයා…

    ඔය විමල් වීරවංශ මහත්මයා මේ වන විටත් තම පක්‍ෂය දෙකට කඩාගෙන ගිහින් ඉන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ඔඩොක්‌කුවේ. මහින්ද මහත්තයාට ටටා බායි කියා රනිල් මහත්තයාගේ උකුලට යන දවස වැඩි ඈතක නොවන බව මම පවසනවා.

    ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය මෙවර අතිසාර්ථක මැයි රැලියක්‌ පැවැත්වූවා. ඉතිහාසයේ පළමු වරට අති විශාල ජනකායක්‌ සහභාගි වුණා. අපි පැවැත්වූයේ මැයි රැලියක්‌ එහෙම නොමැතිව ගෝල්පේස් පිට්‌ටනිය තිබුණ වගේ මැයි රැස්‌වීමක්‌ නොවේ. ගම්වලින් පැමිණි ජනතාව පිට්‌ටනියේ රැඳී සිටියේ නෑ. එනිසා මේ අය ගැටඹේ රැස්‌වීමට සෙනඟ සිටියේ නෑ කියනවා. මුළු ගැටඹේම හිස්‌ ගොඩක්‌ බවට පත් වුණා. ගෝල්පේස්‌ එකට වඩා හතර ගුණයක්‌ පමණ අපිට සෙනඟ හිටියා.

    මෙයාලා ගෝල්පේස්‌ එක පිරවූවා කියා බොරු චූන් ගන්නවා. එහි තිබුණේ කම්කරු රැලියක්‌ නොවේ. ඒක වෛරී රැළියක්‌ නියම රැලිය තිබුණේ ගැටඹෙයි. මේ රටේ ගොවියාගේ පුතෙකු රාජ්‍ය නායකයා වී කම්කරුවාගේ දිනය සැමරුවා. එතුමා අපේම කෙනෙක්‌ නිසා අපිට ආඩම්බරයි. මහින්ද මහත්තයා හරි උජාරුවෙන් කියවන්නේ පිට්‌ටනිය පිරෙව්වා කියා. මහින්ද මහත්තයා කවදත් පිට්‌ටනි පුරවන්න හරි දක්‍ෂයි. නුගේගොඩත්, රත්නපුරයත් අනුරාධපුරයත් මීට පෙර පිරෙව්වා. එහෙත් ඡන්දය තිබ්බාම මොකද වුණේ. ඡන්දය ගනින විට පරාදයි. මේක නිකම් ඔය කණ්‌ඩායමේ බොරු චූන් එකක්‌. මේක ඒ කාලේ හම්බ කළ මුදල් තිබෙනවා. ඔය හොර නඩේ තමයි ඉදිරි පේළියේ වාඩිවෙලා හිටියේ එකතුවෙන්න කියා. මමත් කාරුණිකව ඔබ සැමගෙන් එම ඉල්ලීම කරනවා. ඕනෑම වෙලාවක පැමිණ අප සමග එකතු වන්න.

    [rns_reactions]

  • පාදෙනිය පිලේ අයිටම් විරෝධී වෙසක් සැරසිල්ලට හතර දෙසින් දැඩි ප්‍රහාර…

    රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජිකයෙකු වන වෛද්‍ය රුවන් සමරරත්න නම් තැනැත්තා විසින් වෙසක් පහන් කූඩුවක No PMC – Abolish SAITM  යනුවෙන් සටහන් කර එය සිය ෆේස්බුක් ගිණුමේ පළකර තිබේ.

    වෙසක් සැරසිලි යනු බුදුරජානන් වහන්සේගේ තෙමඟුල සමරමින් සිදුකරනු ලබන ආමිස පූජාවක් වන අතර එය කිසිසේත්ම දේශපාලනික කාර්යයක් නොවේ.

    එවන් තත්වයක් යටතේ වෙසක් සැරසිල්ලක් සිය ප්ටු දේශපාලනික අරමුණු වෙනුවෙන් විරෝධතා දැක්විය හැකි මාධ්‍යක් ලෙස භාවිත කිරීම පිළිබඳව බෞද්ධයන්ගේ දැඩි විරෝධයක් එල්ල වී තිබේ.

    එම වෛද්‍යවරයා විසින් පළ කර තිබූ ජායාරූපය පහතින් දැක්වේ.

    [rns_reactions]

  • ඩොනල්ඩ්ගේ ලංකාගමනයෙන් ලැබුන දේ මෙන්න – මැතිව්ස් සියල්ල හෙළි කරයි…

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට නව වේගපන්දු පුහුණුකරුවෙකු ලෙස ඇලන් ඩොනල්ඩ් පත්කර ගෙන දැන් දින කිහිපයක් ගත වුනාද ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පුහුණු වීම් ඇරඹුවේ ඊයේ දිනයේ සිට නිසා මැතිව්ස්ට ඩොනල්ඩ් සමඟ එකතු වීම අලුත් අත්දැකීමකි.ඔහු ඒ සම්බන්දයෙන් අදහස් දක්වා ඇත.

    “ඇත්තටම ඒක හොඳ අත්දැකීමක්,ඩොනල්ඩ් කියන්නේ ලෝකයේ රටවල් කිහිපයකම කණ්ඩායම් පුහුණු කරලා ලොකු අත්දැකීම් තියන දක්ෂ පුහුණු කරුවෙක්”

    ඩොනල්ඩ්ගේ ලංකාවට පැමිණීමෙන් ලැබුන ලොකුම දේ ගැනත් මැතිව්ස් අදහස් දක්වා ඇත.

    “ඇත්තටම ඩොනල්ඩ් කියන්නේ ගොඩක් අත්දැකීම් තියන පන්දු යවන්නෙක්,ඔහු පන්දු යැවීමේදී අනුගමනය කරපු උපක්‍රම ගොඩක් වැදගත් අපේ පන්දු යවන්නන්ට,ඩොනල්ඩ් අපි එක්ක එකතු වුන එකෙන් ලැබුන ලොකුම දේ තමයි ඩොනල්ඩ් කාලයක් තිස්සේ එංගලන්තේ පුහුණුකරුවෙක් විදියට ඉදල එහෙ ක්‍රීඩා කරන්න ඕන විදිය ගැන ලොකු වැටහීමක් තියනවා,ඒ හැම දේම අපේ කණ්ඩායමට ලැබෙනවා ඒක ලොකු වාසියක්.”

    චැම්පියන්ස් කුසලානයට පෙර පුහුණුවීම් ගැනද මැතිව්ස් අදහස් දක්වා ඇත.

    “ඇත්තටම අපේ කණ්ඩායමේ ලොකු සුදානමක් තියනවා,ඩොනල්ඩ්ගේ පැමිණීමත් එකට ලොකු වාසියක් වෙලා තියනවා,අපි මේ දවස් වල පුහුණුවීම් වලට නුවර තෝරා ගැනීමේදී වැස්සෙන් වෙන්න පුළුවන් බදාවන් අපිට ගැටළුවක් වෙන්නෙත් නෑ,මොකදඅපිට හොඳ ගෘහස්ත ක්‍රීඩා ගාරයක් ලැබිල තියනවා,

    අපි තරඟාවලිට ටිකක් කලින් එංගලන්තයට යනවා එහෙ පරිසරයට හුරු වෙන්න.ඒක අපිට ගොඩක් වැදගත් වෙනවා,එහෙදි අපි මුහුණ දෙන පුහුණු තරඟ අපිට වැදගත් වෙයි කණ්ඩායමේ අන්තිම 11 තොරගන්නත්,ඒ නිසා ඒ තරඟ වල ප්‍රථිපලය ගැන හිතන්නේ නැතුව අපි කාටත් අවස්ථාවක් දෙනවා පුහුණු තරඟ වලදී.’

    [rns_reactions]

  • ජීවන් මෙන්ඩිස් සුපිරි පිතිහරඹයක… ඩර්බිශයර් පිලට තියුණු ජයක්…

    ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක ජීවන් මෙන්ඩිස් දියත් කල වේගවත් පිතිහරඹය නිසා රෝයල් ලන්ඩන් කුසලාන තරඟාවලියේ ඊයේ පැවති වර්වික්ෂයර් කණ්ඩායම සමඟ තරඟයෙදී කඩුලු 4 ක විශිෂ්ට ජයක් ලැබීමට ඩර්බිශයර් කණ්ඩායම සමත් විය.

    තරඟයේ පළමුව පන්දුවට පහර දුන් වර්වික්ෂයර් කණ්ඩායම වෙනුවෙන් සුපිරි ඉනිමක් ක්‍රීඩා කල සම් හෙයින් ලබාගත් ශතකය සමග ඔවුන් ලකුණු 292 ලබාගැනීමට සමත් විය.

    පන්දු යැවීමේදී මෙන්ඩිස් තම පන්දුවාර් 10 යවමින් ලකුණු 55 ලබාදී කඩුල්ලක් ලබා ගැනීමට සමත් විය.

    ලකුණු 292 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පැමිණි ඩර්බිශයර් පිතිකරුවන් සියල්ල හොඳ ආරම්බයක් ලබාගත්තද තරඟයේ කැපීපෙනෙන ඉනිම දියත් කලේ ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක ජීවන් මෙන්ඩිස් විසිනි.ඔහු පන්දු 23 තුල ලකුණු 44 ලබාගත්තේ හතරේ පහර 6 සහ හයේ පහරක්ද සමඟිනි.

    [rns_reactions]

  • මැතිව්ස් නොමැතිව අසරණ වූ දිල්ලියට අයියර්ගේ පිත්ත ජය ගෙනෙයි ….

    ඇන්ජලෝ මැතිව්ස්,රබාඩා සහ ක්‍රිස් මොරිස්ගේ සමු ගැනීමෙන් පසුව දිල්ලි කණ්ඩායම මුහුණ දුන් පළමු තරඟය වූ ගුජරාට් ලයන්ස් කණ්ඩායමට එරෙහිව කාන්පූර්හිදී ඊයේ (10 වැනිදා) පැවැති තරගයෙන් කඩුලු 2 ක ජයක් අත්කරගැනීමට දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් කණ්ඩායම සමත් විය.

    ජයග්‍රහණය සඳහා ලකුණු 196 ක ඉලක්කයක් හඹාගිය දිල්ලි ක්‍රීඩකයෝ පන්දු 2 ක් ඉතිරිව තිබියදී කඩුලු 8 ක් දැවී එම ඉලක්කය පසුකර ගියහ.

    වේගවත් පිතිහරඹයක නිතර වෙමින් පන්දු 57 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 15 ක් සමග ලකුණු 96 ක් රැස්කළ ශ්‍රෙයාස් අයියර් දිල්ල කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියේය.මෙය අයර් IPL තරඟාවලියක් වාර්තා කල හොඳම ඉනිම ලෙස සටහන් වූ අතර මීට පෙර ඔහුගේ හොඳම ඉනිම ලෙස වාර්තා වුයේ මුම්බායි කණ්ඩායමට එරෙහිව ලබාගෙන තිබු ලකුණු 86 ය.

    කරුන් නායර් (30) සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 34 කදී ලකුණු 57 ක සම්බන්ධතාවක් ගොඩනැගූ අයියර්, ඉන් නොනැවතී පැට් කමින්ස් (24) සමග එක්ව 7 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 23 කදී ලකුණු 61 ක සම්බන්ධතාවක්ද ගොඩනගමින් දිල්ලි කණ්ඩායමේ ජයග්‍රහණයට මඟ පෑදීය.

    පන්දු 15 කදී වාර්තා වූ කරුන් නායර්ගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 5 ක් ඇතුළත් වූ අතර පන්දු 13 කදී වාර්තා වූ පැට් කමින්ස්ගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 2 ක් ඇතුළත් විය.

    කාසියේ වාසිය දිනූ දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් කණ්ඩායමේ නායක සාහිර් ඛාන්ගේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් ගුජරාට් ලයන්ස් කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 195 ක් ලබාගත්තේය.

    එහිදී වේගවත් පිතිහරඹයක නිතර වූ ඒරන් ෆින්ච් ලකුණු 69 ක් රැස්කළේ පන්දු 39 කිනි. ඔහුගේ අර්ධ ශතකය හයේ පහර 4 කින් සහ හතරේ පහර 6 කින් සමන්විත විය.

    දිනේෂ් කාර්තික් (40) සමග එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 58 කදී ලකුණු 92 ක සම්බන්ධතාවක් ගොඩනගමින් ගුජරාට් කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීමටද ෆින්ච් සමත් විය. පන්දු 28 කදී වාර්තා වූ කාර්තික්ගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 4 ක් අන්තර්ගත විය.

    [rns_reactions]

  • මීළඟ ඇමෙරිකානු ජනපති ෆේස්බුක්හි සකර්බර්ග්? අමුතු පුවතක් කරලියට….

    ෆේස්බුක් සමාජ මාධ්‍ය අඩවිය ගැන අද කාලයේ නොදන්නා කෙනෙකු නැති තරම්ය. එමෙන්ම එහි නිර්මාතෘ මාක් සකර්බර්ග් ද මෙකල ලෝකයේ සිටින බලවත්ම සහ ප්‍රසිද්ධම පුද්ගලයෙකු බව රහසක් නොවේ. මේ දිනවල කිසියම් විශේෂ කාරණාවක් නිසා නැවත වතාවක් ෆේස්බුක් නිර්මාතෘවරයා සම්බන්ධයෙන් උණුසුම් කතාබහක් ජනමාධ්‍ය හරහා කරළියට එමින් ඇති ආකාරය පෙනී යයි. ඊට හේතු වී ඇත්තේ සකර්බර්ග් වසර 2020 දී හෝ 2024 දී ඇමෙරිකානු ජනාධිපතිවරණයට තරඟ කරන්නට සූදානම් වෙමින් සිටිනවාද යන්නයි.

    සකර්බර්ග් ගේ දේශපාලන උනන්දුව ගැන මෙයට පෙරද සමහර අවස්ථාවල විවිධ කසුකුසු පැතිර ගොස් ඇතත් මෙවර ඒ ගැන වෙනදාට වඩා කාගේත් අවධානයක් යොමු වී ඇති ආකාරයක් දැකිය හැකි වෙයි. මෙම කතාව පැතිරෙන්නට ප්‍රධානම හේතුවක්ව ඇත්තේ 2017 වසරේ තම ජීවිතයේ අභියෝගය ලෙස ඔහු විසින් මෙම අවුරුද්ද පටන් ගනිද්දීම ප්‍රකාශයට පත් කරන ලද කාරණාවකි. එහිදී සකර්බර්ග් පවසා ඇත්තේ ඇමෙරිකා එක්සත් ජනපදයේ සෑම ප්‍රාන්තයකම සංචාරය කරමින් ජනතාව මුණ ගැසීම මෙම වසරේ තමාගේ පෞද්ගලික ජීවිතයේ ලොකුම අභියෝගය බවයි. මෙම අරමුණ ඉටු කරගනිමින් මේ වනවිටත් ඔහු ඇමෙරිකාවේ ප්‍රාන්ත කිහිපයකම මේ ආකාරයෙන් සංචාරය කර ඇති බව වාර්තා වෙයි. මෙම සංචාරයන්හිදී ඔහු විශාල වශයෙන් එම ප්‍රාන්තවල සාමාන්‍ය ජනතාව මුණ ගැසී ඇති ආකාරයද, ඔවුන්ගේ නිවෙස්වලට, ගොවිපලවලට මෙන්ම වැඩබිම්වලට යමින් ඔවුන්ගේ ගැටලු ගැන සාකච්ඡා කර ඇති ආකාරයද, ඔවුන් සමග හිඳිමින් සෙල්ෆි ඡායාරූප සහ විඩියෝ දර්ශන ආදිය පවා ගෙන ඇති ආකාරයද ඔහුගේ ෆේස්බුක් පිටුව හරහාම ප්‍රකාශයට පත් කර තිබේ.

    සකර්බර්ග් මෙම චාරිකාවලදී වැඩිපුරම මුණ ගැසී ඇත්තේ සමාජ ආර්ථික වශයෙන් වඩාත් පීඩාවට පත්ව සිටින පිරිස් බවද සඳහන් වෙයි. තවත් විශේෂ කාරණාවක් වන්නේ කලින් ඩිමොක්‍රටික් පාක්ෂිකයින්ව සිට පසුගිය ජනාධිපතිවරණයේදී රිපබ්ලිකන් පක්ෂයේ ඩොනල්ඩ් ට්‍රම්ප්ට ඡන්දය දුන් පිරිස් හමුවීමටද ඔහු උනන්දුවක් දක්වා ඇති බව ඇතැම් මාධ්‍ය වාර්තා හරහා ප්‍රකාශයට පත්ව තිබිමයි. ඔහුගේ මෙම චාරිකා කිසියම් දේශපාලන අරමුණක් මත කෙරෙන්නක් බවට සැක පළවීමට මෙවැනි කාරණාද හේතුවන්නට ඇත.
    සකර්බර්ග් ඩිමොක්‍රටික් පාක්ෂිකයෙකුද, රිපබ්ලිකන් පාක්ෂිකයෙකුද යන්න නිශ්චිතව කිව හැකි නොවේ. නමුත් 2015 දී ඔහු ඩිමොක්‍රටික් පක්ෂයට සැලකිය යුතු මුදලක් පරිත්‍යාග කර ඇති බව සඳහන් වෙයි. එහෙත් 2016 ජනාධිපතිවරණයේදී ඔහු හිලරි ක්ලින්ටන්ට සහය දුන් බවක් දැනගන්නට ලැබුණේ නැත. වරක් ඔහු ට්‍රම්ප්ගේ ඇතැම් ප්‍රතිපත්ති විවේචනය කර තිබූ අතර ඒ නිසා බොහෝ දෙනෙකු සිතුවේ සකර්බර්ග් ඩිමොක්‍රටික් පක්ෂයට වැඩි නැඹුරුවක් දක්වන බවයි. කෙසේ වෙතත් සකර්බර්ග් පවසා ඇත්තේ ඔහු මේ කිසිදු පක්ෂයක පාක්ෂිකයෙකු නොවන බවයි.
    2017 වසරේ මුල පටන් ඇමෙරිකාව පුරා සංචාරය කරමින් සාමාන්‍ය ජනතාව හමු වීමට සකර්බර්ග් ඇති කරගෙන තිබෙන අරමුණ බොහෝ දෙනා සලකන්නේ ඉදිරියේදී ඇමෙරිකානු ජනාධිපති ධුරය ඉලක්ක කරමින් ඔහු ගෙන යන වැඩපිළිවෙළක අංගයක් වශයෙනි. ඒ අතර තමාට ආගමක් නැති බවට කලින් පවසා තිබූ ඔහු මෑතක එම ස්ථාවරයෙන් ඉවත් වෙමින් ආගම මිනිසාට ඉතා වැදගත් අංගයක් බව ප්‍රකාශ කර තිබිමද ඇතැමුන් සලකන්නේ සකර්බර්ග් ගේ අනාගත දේශපාලන අරමුණු පිළිබිඹු කරන්නක් වශයෙනි. ආගමක් නැති බව පවසන අයෙකුට ‍පොදු ජනතාව අතර යහපත් ප්‍රතිරූපයක් ගොඩ නගා ගැනීම අසීරු බව අමුතුවෙන් කිව යුතු නොවේ.

    කෙසේ වෙතත් සකර්බර්ග් නම් ඔහු සම්බන්ධයෙන් පැතිරෙන මෙම කතා පිළිගන්නා බවක් පෙනෙන්නේ නැත. තමාගේ මෙම වැඩපිළිවෙළෙහි අවසන් අරමුණ දේශපාලනයට පිවිසීමය යන කතාව ඔහු ප්‍රතික්‍ෂේප කරයි. තමාගේ එකම අරමුණ ෆේස්බුක් ආයතනය සහ සමාජ මාධ්‍ය අඩවියත්, බිරිඳ වන ප්‍රිසිලා චෑන් සමග එක්ව පවත්වාගෙන යන චෑන් සකර්බර්ග් පදනමත් වඩාත් ශක්තිමත් කිරීම බව ඔහු පවසයි.
    සකර්බර්ග් සම්බන්ධයෙන් කියැවෙන ”ජනාධිපති කතා” ගැන ප්‍රකට මාධ්‍යවේදියෙකු සහ ‍ලේඛකයෙකු වන නික් බිල්ටන් අපූරු කතාවක් පවසා තිබිණි. එනම් ඇමෙරිකාවේ ජනාධිපති වීමට යාම සකර්බර්ග් දැනට සිටින තැනින් අඩියක් පස්සට යාමක් බවයි. මසකට ග්‍රාහකයින් බිලියන 2 කට ආසන්න සංඛ්‍යාවක් පරිහරණය කරන ෆේස්බුක් හි ප්‍රධානියා වන ඔහු මේ වනවිටත් නිදහස් ලෝකයේ සැබෑ නායකයා බවට පත්ව අවසන් බව ඔහු සටහන් කර තිබේ.

    ඇතැමුන් පවසන අන්දමට සකර්බර්ග් ඇමෙරිකාව පුරා කරන සංචාරය, ඔහු කියා ඇති ආකාරයටම, ෆේස්බුක් සමාජ මාධ්‍ය අඩවිය සහ එම ආයතනය ජනතාව අතර වඩාත් තහවුරු කිරීම සඳහා ගෙනයන වැඩපිළිවෙළක් වීමටද බැරිකමක් නැත. පසුගිය කාලය තුළ ෆේස්බුක් අඩවිය විශාල වශයෙන් විවේචනවලට ඉලක්ක වූ බවද මෙහිදී අමතක කළ හැකි නොවේ. ඒ හේතුවෙන් මේ වනවිට ඒ පිළිබඳ ජනතා විශ්වාසය කිසියම් දුරකට බිඳ වැටෙන්නට පටන්ගෙන ඇති ආකාරයක්ද දැකිය හැකි වෙයි. ඒ අතර පසුගිය දිනවල ඇතැම් අපරාධකරුවන් තමුන් විසින් කරන ලද අපරාධ සජීවිව සිය ෆේස්බුක් පිටු හරහා ලෝකයටම දැක ගන්නට සැලැස්වීම පසුබිම් කරගෙනද ෆේස්බුක් කෙරෙහි යම් විරෝධයක් සහ විවේචනයක් එල්ල වන්නට විය. මෙම අපරාධ අඩංගු විඩියෝ කණ්ඩ ඉක්මනින් මෙම මාධ්‍ය අඩවියෙන් ඉවත් කිරීමට එහි කාර්යමණ්ඩලය අ‍පොහොසත් වූවාය යන්න එහිදී එල්ල වූ ප්‍රධාන චෝදනාවකි.

    කෙසේ හෝ වේවා මෑත කාලයේ ෆේස්බුක් සම්බන්ධයෙන් ජනතාවගෙන් ගිලිහෙමින් ඇති ප්‍රසාදය සහ විශ්වසනීයත්වය නැවත ගොඩ නැගීම සකර්බර්ග්ගේ මෙම අලුත් පියවරවල අරමුණ විය හැකි බවට ඇතැමුන් දරණ අදහසද මුළුමනින් බැහැර කළ හැකි නොවේ. කෙසේ වෙතත් ඇමෙරිකාවේ ඉදිරි ජනාධිපතිවරණයන් ආසන්න වෙද්දී මේ පිලිබඳ ඇත්ත නැත්ත වඩාත් පැහැදිලි ලෙස තේරුම් ගැනීමට කාටත් අවස්ථාවක් උදාවනු ඇති බව පමණක් මේ මොහොතේ සඳහන් කළ හැකිය.

    [rns_reactions]