Blog

  • එදා ලොව ලොකුම නත්තල් ගහ… අද ලොව පළමු ලේසර් වෙසක් තොරණ.

    ලොව ප්‍ර‍ථම ලේසර් තාක්ෂණික වෙසක් තොරණ මහජන ප්‍ර‍දර්ශනය සඳහා විවෘත කිරීම (10) එනම් වෙසක් පුන්පොහෝ දින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍ර‍ධානත්වයෙන් සිදු කෙරේ.

    කොළඹ ගාලු මුවදොර පිටියේ ඉඳි කෙරෙන මෙම තොරණ විවෘත කෙරෙන්නේ එදින සවස 7ටය. එම තොරණ 14වැනිදා දක්වා මහජන ප්‍ර‍දර්ශනයට විවෘතව පවතී. ඒ කොළොම්තොට වෙසක් කලාපයට සමගාමීව වේ.

    කොළොම්තොට වෙසක් කලාපය, වරාය සහ නාවික අමාත්‍යාංශය, ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ වරාය බෞද්ධ සංගමය එක්ව සංවිධානය කරයි. මෙවර එය පැවැත්වෙන්නේ සිව්වැනි වරටය. කොළඹ ගාලු මුවදොර පිටිය සහ වරාය පරිශ්‍ර‍ය කේන්ද්‍ර කරගනිමින් එම කලාපය විහිද පවතී. එහි ප්‍ර‍ධානතම අංගය වන්නේ ගාලු මුවදොර පිටියේ ඉදිවෙන ලොව ප්‍රථම ලේසර් තාක්ෂණික වෙසක් තොරණ වේ. එහි උස අඩි 60 කි. පළල අඩි 40ක් වේ. දීපංකර බුදුන්ගෙන් නියත විවරණ ,ලබා ගැනීමේ සිට බුද්ධ පරිනිර්වාණය දක්වා වූ බුද්ධ චරිතය මෙම ලේසර් කිරණ තොරණේ කථා වස්තුවට පාදක වේ. ජර්මන් තාක්ෂණය උපයෝගී කරගනිමින් නිර්මාණය කෙරෙන එම තොරණේ නිර්මාතෘ ආචාර්ය ප්‍ර‍භාත් චන්දිම උක්වත්ත මහතාය. පසුබිම් සංගීතය විමලජීව දොඹවත්ත මහතාද, කතා වස්තුව දිමුතු චින්තක මහතාද ඉදිරිපත් කරයි. රාත්‍රී කාලයේ අහසේ සිතුවම් වන මෙම තොරණ දෙස් විදෙස් බැතිමතුන්ගේ සුවිශේෂී අවධානයට යොමු වනු ඇතැයි ආචාර්ය ආචාර්ය ප්‍ර‍භාත් චන්දිම උක්වත්ත මහතා පවසයි.

    “ලේසර්වල තියෙනවා විවිධ තාක්ෂණ ක්‍ර‍ම. වෛද්‍ය විද්‍යාවේ ලේසර් භාවිත කරනවා. ඒ වගේම යුධ කටයුතු සඳහාත්, මැනීම් කටයුතු හා ඉංජිනේරු විද්‍යාවටත් ලේසර් තාක්ෂණය පාවිච්චි කරනවා. ඒවගේම විශාල වශයෙන් විනෝදාස්වාදය සඳහාත් යොදාගන්නවා. එහිදී අපි භාවිත කරන්නේ විනෝදාත්මකව යොදාගන්නා ලේසර් කිරණ වර්ගයක්. එහි කිසිම ශරීර හානියක් නැහැ. මේ නිර්මාණය කරන්න අපිට තිබුණ ලොකුම අභියෝගය තමයි විනෝදාස්වාදය සඳහා යොදාගන්න ලේසර් කිරණ නැතහොත් ලේසර් කලාව බුද්ධ චරිතය සම්බන්ධ කරමින් ශ්‍ර‍ද්ධාව ඇතිකිරීම සඳහා යොදාගැනීම. නමුත් අපි ඒ අභියෝගය ජයගත්තා කියලා මම හිතනවා…..” යැයිද ආචාර්ය ප්‍ර‍භාත් චන්දිම උක්වත්ත මහතා කියා සිටී.

    [rns_reactions]

     

  • ලොව උණුසුම් කළ දකුණු කොරියා ජනපතිවරණය ඇරඹෙයි

    ජනාධිපතිනී පාක් ගුවෙන් හයි දෝෂාභියෝගයකින් ඉවත් කිරීමෙන් පසු පැවැත්වෙන දකුණු කොරියානු  ජනාධිපතිවරණය මේ වන විට ආරම්භ වී තිබෙනවා.

    උතුරු කොරියාව සමඟ උණුසුම් වාතාවරණයක් පැණ නැගී ඇති මොහොතක පැවැත්වෙන මෙම ජනාධිපතිවරණය පිළිබදව විශේෂ අවධානයක් යොමු වී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.

    උතුරු කොරියාව සමඟ නම්‍යශීලී අන්දමින් කටයුතු කළ යුතු බව විශ්වාස කරන වාමාංශික අදහස් සහිත මූන් ජේ – ඉන් මෙවර ජනපතිවරණයේදී ඉදිරියෙන් සිටින අතර, ඔහුට ප්‍රධාන අභියෝගය එල්ල වන්නේ මධ්‍යස්ථ මතධාරී අන් චියොල් සූ ගෙන්.

    [rns_reactions]

  • ගීතාගේ මන්ත්‍රී ධුරය අහෝසියි. ඉදිරි ක්‍රියාමාර්ග ගන්නවා!

    ගීතා කුමාරසිංහගේ මන්ත්‍රි ධූරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව කළ දැනුම්දීම අනුව ඉදිරි අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පවසනවා.

    ගීතා කුමාරසිංහගේ මන්ත්‍රී ධුරය අහෝසි වී ඇති බව පාර්ලිමේන්තු මහ ලේකම්වරයා විසින් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය වෙත දැනුම් දී තිබෙන අතර ඒ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් ඔහු මේ බව සඳහන් කළා.

    [rns_reactions]

  • සමයං ඝාතනයට ආ තවත් 02ක් අත්අඩංගුවට!

    කළුතර බන්ධනාගාර බස් රථයට ප්‍රහාර එල්ල කිරීම සඳහා ආධාර අනුබල දුන් බව කියන තවත් පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

    ඒ කොළඹ අපරාධ කොට්ඨාසය විසින්.

    ඊයේ සවස 5.30 ත් 07.30 අතර කාලයේදී අතුරුගිරිය පොලිස් වසමේ ස්ථාන දෙකකදී කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

    අත්අඩංගුවට ගත් සැකකරුවන්ගේ වයස අවුරුදු 27 ක් පමණ වන අතර ඔවුන් අතුරුගිරිය ප්‍රදේශවල පදිංචිකරුවන් බව ද සදහන්.

    කළුතර උතුරු පොලිස් වසමේ එතනමඩල ප්‍රදේශයේදී බන්ධනාගාර රැඳවියන් ප්‍රවාහනය කරමින් තිබූ බස් රථ දෙකකට ප්‍රහාරයක් එල්ල වුණේ ඉකුත් පෙබරවාරි 27 වැනිදායි.

    එම ප්‍රහාරයෙන් පාතාල ක්‍රියාකාරිකයෙකු වූ සමයං නැමැත්තා ඇතුළු බන්ධනාගාර රැඳවියන් 05 දෙනෙකු සහ බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු ඝාතනයට ලක් විය.

    [rns_reactions]

  • රුධිරය ලබාගෙන එච්.අයි.වී වෛරසය ව්‍යාප්ත කරන්න නිවසට පැමිණෙන පිරිසගේ සත්‍ය කතාව මෙන්න..

    රාත‍්‍රී කාලයේ රුධිරය ලබා ගැනීමට පැමිණෙන නිලධාරීන්ගේ මුවාවෙන් යම් පිරිසක් එච්.අයි.වී වෛරසය ව්‍යාප්ත කරන බවට ඇතැම් සමාජ වෙබ් අඩවි මගින් පතුරවන අසත්‍ය තොරතුර සම්බන්ධයෙන් විමර්ශනයක් ආරමිභ කර තිබේ.

    ඒ සෞඛ්‍ය අමාත්‍යංශය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් කල ඉල්ලීමකට අනුවයි.

    අදාළ ඉල්ලීම සිදු කර ඇත්තේ බරවා රෝග මර්දන වැඩසටහන විසින්. 

    බරවා රෝගය නැවත හිස එසවීම වැළැක්වීම සඳහා රුධිර සාම්පල පරීක්ෂා කිරීමේ කටයුතු ඇතැම් ප‍්‍රදේශවල ක‍්‍රියාත්මක කෙරෙයි.

    ඒ සදහා මහජන සෞඛ්‍ය කේෂ්ත‍්‍ර නිලධාරීන් විසින් රුධිර සාම්පල ලබා ගැණෙන්නේ රාත‍්‍රී කාලයේදීයි. 

    නිවැසියන්ගේ ආරක්ෂාව සඳහා මෙම නිලධාරීන් සිය නිල ඇඳුමින් සැරසී හැදුනුම්පත ද පැළඳ සිටින බවයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසන්නේ. 

    කිසියම් පිරිසක් මෙම සිද්ධිය පාදක කර ගනිමින් සමාජ මාධ්‍ය හරහා අසත්‍ය ප‍්‍රචාර පතුරවා හරින බැවින් ඒ පිළිබඳ විමර්ශනයක් කරන ලෙසයි සෞඛ්‍ය අමාත්‍යංශය ඉල්ලා සිටින්නේ. 

    [rns_reactions]

  • ආහාර හෝ වෙනත් ද්‍රව්‍යයන් ළමයින්ගේ උගුරේ සිරවීමේදී කලබල නොවී මෙම ක්‍රම අනුගමනය කරන්න.

    ආහාර හෝ වෙනත් ද්‍රව්‍යයන් ළමයින්ගේ උගුරේ සිරවීමේ දී දෙමව්පියන් කලබලවීමෙන් තොරව කටයුතු කළ යුතු බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසනවා.
    පසුගිය කාලයේ දී වාර්තා වූ එවැනි සිදුවීම් පිළිබඳ අදහස් දක්වමින් හෙතෙම ඒ බව කියා සිටියා.

    ඊයේ දිනයේ දී ද බනි`ස් කැබැල්ලක් උගුරේ සිරවීමෙන් හලාවත ප්‍රදේශයේ තුන් හැවිරිදි දැරියක් මිය ගියා.

    එවැනි සිදුවීම් සම්බන්ධයෙන් නිව්ස්24 කළ විමසීමක දී ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා දැක්වූයේ මෙවන් අදහසක්.

    පුංචි දරුවන් ඕනම දෙයක් හිර කරගන්න පුළුවන්. සමහර වෙලාවට ගිලින්න ගිහින් උගුරේ හිර කර ගන්නවා. සමහර වෙලාවට ශ්වසන මාර්ගයේ හිර කර ගන්නවා. අපි ඒ වගේ වේලාවකදී ඒ ළමයාගේ ඔළුව පහළට හරවලා පිටට පහරක් ගහලා ඒ හිරවෙච්චි එක අයින් කර ගැනීමට බලන්න ඕනි. පොඩි අයට තේරෙන්නේ නැහැ. කලබල වෙලා දරුවාගේ ඔළුව උස්සලා අපි දඟලන්න ගත්තොත් ඒ ළමයාට හුස්ම ගන්න බැරි වෙන්න පුළුවන්. ඒ කෑල්ල තව තවත් පෙනහැල්ල පැත්තට යන්න පුළුවන්. එම නිසා අපි කල්පනාකාරී විය යුතුයි. එය ප්‍රථමාධාරයක් විදිහට දැනගන්න ඕනි. එහෙම නැත්තම් හුස්ම ගන්න අපහසු වෙලා ඒ දරුවන්ට ජීවිත හානි පවා ඇති වෙන්න පුළුවන්.


    මේ අතර දරුවන් ට ආරක්ෂිතව ආහාර ලබා දීමේදී අවධානය යොමු කළ යුතු කරුණු සම්බන්ධයෙන්, ජාතික රෝහලේ හෙද පුහුණු නිළධාරීනි පුෂ්පා රම්‍යානි සොයිසා මෙනවිය ඇයගේ facebook ගිණුමේ දක්වා තිබුණේ මෙලෙසින්….

    දරුවාට ආරක්ෂිතව ආහාර ලබා දීමේදී අවධානය යොමු කළ යුතු කරුණූ

    – දරුවා වෙනත් ක්රියාකාරකමක යෙදෙන විට එනම්, සෙල්ලම්කිරීම, හිනා හෝ අඬන අවස්ථාවලදී ආහාර ලබා දෙන්න එපා
    – ආහාර ලබා දීමේදී සෑම විටම දරුවන් වාඩි කරවා ලබා දෙන්න.
    – ආහාර ගන්නා මොහොතේදී ඉතා කිට්ටුවෙන් අධීක්ෂණය කරන්න.
    – ආහාර ලබා දීමේදී බලහත්කාරයෙන් කන්න දරුවන්ට බල කරන්න එපා.
    ඝන ආහාර සදහා ක්‍රමක්‍රමයෙන් දරුවා හුරු කරවිය යුතුය ඒ සදහා ඉපදී මාස 4ක් වත් ගත වනු ඇත
    – දැඩි අවදානම් සහිත ආහාර ලබා නොදෙන්න
    බිළිඳුන් හෝ කුඩාම දරුවන් වෙත, මස් හෝ චීස් කුට්ටි, මිදි, අමු එළවළු හෝ පලතුරු කුට්ටි දෙන්න එපා.
    ඒ වගේම බීජ, ඇට වර්ග, පොරි සහ දුෂ්කර රසකැවිලි දුෂ්කර ආහාර, දෙන්න එපා. වෙනත් දැඩි අවදානම් සහිත ආහාර, රටකජු බටර්, චුවිංගම් මාස්මලො වැනි කටේ ඇලෙන දෑ දෙන්න එපා

    -වයසින් වැඩේත්ම දුව පැන ඇවිදිමින් ආහාර ගැනීමට දරැවා පුරැදු වනු ඇත .එනමුත් ආහාර වර්ග ඉහළට විසිකර මුඛයට ගන්නා අවස්ථාවන් වළක්වාලන්න

    -දරුවාගේ සෙල්ලම් උපකරණ පිළිබද අවධානය යොමු කරන්න .එහි ඇති කුඩා කොටස් මුඛයට දමාගත හැකි බැව්න් අධීක්ෂණය කරන්න
    – අනතුරුදායක වස්තු වලට ලගා නොවන පරිදි තබා ගන්න. හිර උපද්රවයන් විය හැකි පොදු ගෘහ භාණ්ඩ කාසි, බොත්තම බැටරි, දාදු කැටය හා පෑන කැප් ආදී දරුවාට හසු නොවන්නට වග බලා ගන්න
    -කුඩා කල සිටම හොදින් හපමින් සෙමින් කන්න උනන්දුකරවන්න.
    -තමන්වම පෝෂණය කිරීමට දරුවන් උනන්දු කරන්න.


      දරුවාගේ ශරීරය තම නුපුරැදු අතට ගන්න (රූපයේ ඇති පරිදි)
    මෙහිදී හිස සහ ගෙළ අත්ලෙහි ආරක්ෂිතව රදවාගන්න.
    -ඉන්පසු තම සුපුරුදු අතෙහි අත්ලෙහි අඩියෙන් පිට පහර 5 ක් අඛන්ඩව ලබා දෙන්න (මෙම පහරදීම් ලබා දිය යුත්තේ පිටිපස උරපතු දෙක අතරටය (in between 2 Scapula)
    මෙම පහරදීම් දීමේදී ගැස්මක් ඇතිව සිදුකළ යුතුය
    -සිරවී ඇති දෙය ඉවත්වුනිදැයි බලන්න

     


    -සිරවී ඇති දෙය ඉවත් නොවුනේනම් පපුව මැදට තෙරපීම් 5 ක් දෙන්න. මෙය මාරුවෙන් මාරුවට අඛන්ඩව සිදු කරන්න.

     

     


    තම කම්බුල දරවාගේ නාසය සහ මුඛය අසල තබාගෙන හුස්ම වැටෙනවාදැයි බලන අතර ඇස්දෙකෙන් පපු
    ප්‍රදේශය උස්පහත් වේදැයි තත්පර 5 – 10 ක් පමණ බලන්න.

     

     

     


    දරුවා හුස්ම ගන්නේ නැතිනම් වහාම දරුවාගේ කට සහ නාසය දෙකම තම මුඛය තුළට රදවා හුස්ම වාර 5 ක් ලබා දෙන්න . එක් හුස්මක් ලබා දීමට එක තත්පරයක් ගන්න.

     

     

     


    පපු තෙරපුම් වාර 15 ක් ලබා දෙන්න..
    ඇගිළි 2 ක් පපුව මධ්‍යයේ තබා සෙන්ටි මීටර් 4 ක් ගැඹුරට යනසේ තෙරපුම් ලබා දෙමින් ඉහිල් කරමින් පපු තෙරපුම් ලබා දෙන්න.
    ඉන්පසු හුස්ම වාර 2 කට පපු තෙරපුම් වාර 15 ක් අඛන්ඩව ක්‍රියාත්මක කරන්න.

     

     

     


     

     

     

    +

  • බල්ලෙක් මනාලයා කරගත් යුවතිය..(video)

    මෙම සිදුවීම සිදුවන්නේ අපරදිග ඉන්දියානු ගමක..

    මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණ දෙන්නේ මන්ග්ලි මුන්ඩා යන 13 හැවිරිදි බාල වයස්කාරියක්..මෙය එම ගමේ වැඩිහිටියන්ගේ අනුදැනුම හා කැමැත්ත මත නොයෙක් හේතූන් මුල් කරගෙන සිදු කරන විවාහයක්..එසේ මෙසේ විවාහයක් නොවෙයි. ඇයට විවාහා විමට සිදුවන්නේ බල්ලෙකු සමඟ..මෙම මනමාල බල්ලාගේ නම ශේරු. මෙම විවාහා උත්සවයට අමුත්තන් 70 දෙනෙකු සහභාගි වි තිබෙනවා.මෙය එහි සිටි පූජකවරයෙක්ගේ කියමනකට අනුව සිදුවුවක්..ඇයගේ ඉරණම අවාසනාවන්ත බැවින් එය අනාගත සැමියාට හා ඇගේ පවුලට අයහපතක් බැවින් බල්ලෙකු සරණ පාවා ගෙන ඇගේ අවාසනාවන්ත කාලය අවසන් කිරීම සිදු කිරීම යෝග්‍ය යැයි පවසා තිබිම නිසා මෙසේ ඇයට බල්ලෙකුගේ මනාලියක් වීමට සිදු වුනා.කෙසේ වුවත් ඇයද මෙය විශ්වාස කිරීම මෙහි ඇති පුදුමයට කරුණයි.

    [rns_reactions]

  • සජිත් හරීන් විජේදාස ඇතුළු 20ක් ස්වාධින වෙයි!

    එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම අද (08)  පස්වරු 05ට සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පක්ෂ නායක අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙයි

    අද පැවැත්වෙන රැස්වීමේ දී නව නියෝජ්‍ය නායකවරුන් තිදෙනෙකු පත් කරනු ඇති බවට වාර්තා වන අතර එක් තනතුරක් අමාත්‍ය ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකාට ලබාදෙනු ඇති බවට ද මාධ්‍ය වාර්තා පල කර තිබුණා.

    කෙසේ වෙතත් සරත් ෆොන්සේකා අමාත්‍යවරයාට එක්සත් ජාතික පක්ෂයේ ඉහළ තනතුරක් ලබාදීම සම්බන්ධයෙන් ඇතැම් පාර්ශව විරෝධය පල කර ඇති බවටද වාර්තා වනවා.

    අපට වාර්තා වන පරිදි මෙසේ නියෝජ්‍ය නායකකමක් සරත් ෆොන්සේකා මහතාට ලබා දුනහොත් අමාත්‍ය  සජිත් ප්‍රේමදාස මහතා, අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා ඇතුළු 20 දෙනකු එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වී පාර්ලිමේන්තුවේ ස්වාධීන වීමට තීරණය කර තිබේ.  ඔවුන් ඒකාබද්ධ විපක්ෂයට එක්වීම සඳහා කිසිදු අරමුණක් නැති බවද එම  කණ්ඩායමේ සාමාජිකයෙක් ප්‍රකාශ කොට තිබේ.

    මීට පෙර අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාද ෆොන්සේකා මහතාට තනතුරක් ලබා දුනහොත් තමාද තීරණයක් ගන්නා බව ප්‍රකාශ කර තිබුනා.

    මේ අනුව අද සවස රැස්වීමෙන් පසුව තනතුරු වෙනසක් සිදුවුවහොත් එජාපය දෙකඩවීමේ අවධානමක් මතුව තිබේ…

    [rns_reactions]

  • අවසාන මොහොතේ ICC ශුරයින්ගේ කුසලාණය ගැන ඉන්දියාව ගත් තීරණය මෙන්න…

    ක්‍රිකට් ලෝකයම බලාසිටි ආන්දෝලනාත්මක සිද්දියක් වූ ඉන්දියාව චැම්පියන්ස් කුසලානයට ක්‍රීඩා කරනවාද නැද්ද යන සිද්දිය දැන් විසදී ඇත.

    ඒ අනුව ජුනි මස 1 වනදා සිට එංගලන්තයේ පැවැත්වෙන ICC චැම්පියන්ස් කුසලානය සඳහා සහභාගී වීමට ඉන්දියාව තීරණය කර ඇත.

    ICC නියෝග නොතකමින් නියම දිනට කණ්ඩායම නම් නොකළ ඉන්දියාව එසේ කිරීමට හේතුවක් ලෙස ක්‍රීඩා විචාරකයන් පෙන්වා දුන්නේ ඉදිරි වසරේ සිට ක්‍රිකට් ලෝකයේ සුපිරි බලවතුන් වෙනුවෙන් icc යෙන් හිමිවන වරප්‍රසාද කපා හැරීමට විරෝදය දැක්වීමයි.

    කෙසේ හෝ ICC නියෝගයද නොතැකු ඉන්දීය ක්‍රිකට් පරිපාලනයේ ඊළඟ තීරණය වුයේ ICC චැම්පියන්ස් කුසලානය වර්ජනය කිරීමය.වරදත් තමන්ගේ අතේම තබාගෙන ICC යේ තීරණයට අභියෝග කිරීමට තරම් ප්‍රබල වූ ඉන්දියාව අවසානයේ චැම්පියන්ස් කුසලානයට සහභාගී වන බවත් කණ්ඩායම හෙට (8) නම් කරන බවත් සනාත කර ඇත.

    [rns_reactions]

  • වසර 06ක් කොටින්ගේ බිම්බෝම්බ සෙවූ 'ශීරා' යළි ඇමරිකාවට යයි…

    පුරා වසර 06 ක කාලයක්‌ ශ්‍රී ලංකා ඉංජිනේරු රෙජිමේන්තුවේ බිම් බෝම්බ හඳුනාගැනීමේ කණ්‌ඩායම සමඟ එක්‌ව කටයුතු කළ “ශීරා-යෑන්කි” නමැති ජර්මන් ෂෙපර්ඩ් වර්ගයේ සුනඛයා සොඳුරු සමුගැනීමකින් පසුව පසුගියදා යළි ඇමරිකා එක්‌සත් ජනපදය බලා පිටත්ව ගිය ගියේය.

    මෙරට ගත කළ කාලය තුළ ශීරා උතුරු ප්‍රදේශයේ අධික ලෙස බිම් බෝම්බ අතුරා තිබු වර්ග මිටර් 62,680 ක භුමි ප්‍රදේශයක්‌ ආරක්‍ෂිත තත්ත්වයට පත්කිරීමට දායකත්වය ලබාදෙනු ලැබීය.

    “ශීරා-යෑන්කි” සහ එම සුනඛයාගේ හසුරවන්නා වු ඉංජිනේරු රෙජිමේන්තුවේ කෝප්‍රල් ටී.කේ.ඩී. රාජපක්‌ෂ විසින් මන්විල්, අනන්තපුරම්, වෙල්ලමුල්ලිවයික්‌කාල්, මහාමිල්ලම්කුලම්, කුඹුරුමුල්ල සහ කොමන්තුරෙයි යන ප්‍රදේශයන්හි බිම් බෝම්බ සෙවීමේ රජකාරීන්හි නිරත වු අතර එහිදී පුද්ගල නාශක බෝම්බ 16 ක්‌, අත් බෝම්බයක්‌, පුපුරා නොගිය වෙඩි ද්‍රව්‍ය 01 ක්‌ සහ ආර්පීජී බෝම්බ 03 ක්‌ සොයාගෙන ඇත.

    මත්තේගොඩ පිහිටි ප්‍රධාන ක්‌ෂේත්‍ර ඉංජිනේරු කාර්යාලයේ පැවති හමුවකදී ශ්‍රී්‍ර ලංකා ඉංජිනේරු රෙජිමේන්තුවේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ විසින් මෙම සුනඛයා ඇමරිකා එක්‌සත් ජනපදයේ ස්‌ථානගත මාර්ෂල් ලිගර්සි ආයතනයේ කිම්බර්ලි මැක්‌කස්‌ලන්ඩ් මහත්මිය වෙත නිල වශයෙන් භාරදුන් අතර එම අවස්‌ථාව සඳහා සුනඛයාගේ හසුරවන්නා වූ කෝප්‍රල් රාජපක්‌ෂ ද එක්‌විය.

    2009 ජුනි මස 05 වන දා උපත ලද මෙම සුනඛයා 2011 ජුනි මස 24 වන දින ශ්‍රී ලංකාවට රැගෙන ආ අතර 2011 දෙසැම්බර් 12 දින තෙක්‌ පැවති පුහුණුවකින් අනතුරුව යුද්ධ හමුදා බෝම්බ නිෂ්ක්‍රීය අංශය වෙත අනුයුක්‌ත කරන ලැබීය.

    මෙහිදී මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ විසින් මාර්ෂල් ලිගර්සි ආයතනය විසින් බෝම්බ නිෂ්ක්‍රීය කාර්යන් සඳහා ඉතා උසස්‌ මට්‌ටමේ සුනඛයන් ශ්‍රී ලංකාව වෙත ලබාදීම සැබැඳිව එම ආයතනය වෙත සිය ප්‍රසංශාව පළ කළ අතර මෙම අවස්‌ථාවට එක්‌වු ප්‍රධාන ක්‌ෂේත්‍ර ඉංජිනේරු මේජර් ජෙනරාල් ධනංජිත් කරුණාරත්න සහ ඉංජිනේරු බළසේනාවේ බළසේනාධිපති බ්‍රිගේඩියර් එස්‌.ඡේ.එම්.ඒ.ආර්. සෙනවිරත්න විසින් මෙම සුනඛයා ශ්‍රී ලංකා යුද හමුදාවට ලබාදුන් දායකත්වය ඇගයීමට ද ලක්‌ කළේය.

    [rns_reactions]

  • රෑට එන්නේ බරවා තියෙනවාද බලන්න – සැක නම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියාගෙන් අහන්න

    බරවා රෝගය හඳුනාගැනීම සඳහා රුධිර පටල ලබාගැනීමට රාත්‍රි කාලයේ නිවෙස්වලට පැමිණෙන නිල ඇඳුමෙන් සැරසුණු සෞඛ්‍ය නිලධාරීන් ගැන සැක නම් ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගෙන් තොරතුරු විමසා දැනගන්නැයි සෞඛ්‍ය සේවා අමාත්‍ය ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර පවසයි.

    රාත්‍රි කාලයේ රුධිරය ලබාගැනීමට පැමිණෙන නිලධාරීන්ගේ මුවාවෙන් යම් පිරිසක් එච්.අයි.වී. ඒඩ්ස් ආසාදනය කරවන බවට සමහර වෙබ් අඩවි සාවද්‍ය තොරතුරු පතුරුවන බැවින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා එසේ ජනතාව දැනුවත් කරයි.

    ශ්‍රී ලංකාවෙන් බරවා රෝගය අවම කර ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය සහතික කර ඇතත් එම රෝගය නැවත හිස එසවීම වැළැක්වීම හා සහමුලින්ම තුරන් කිරීමේ අරමුණින් දුෂ්කර තත්ත්ව යටතේ රාත්‍රි කාලයේ නිවෙස්වලට පැමිණෙන්නේ මහජන සෞඛ්‍ය ක්‍ෂේත්‍ර නිලධාරීන් බව හෙතෙම පවසයි.

    බරවා ක්ෂුද්‍ර පණුවා රුධිරය තුළට පැමිණෙන්නේ රාත්‍රි කාලයට බැවින් රුධිර පරීක්ෂාවද රාත්‍රියේ සිදු කිරීමට අවශ්‍ය බවද හෙතෙම පෙන්වා දෙයි.

    ඒ සඳහා පැමිණෙන නිලධාරීන් නිවැසියන්ගේ මෙන්ම තමන්ගේද ආරක්ෂාව සඳහා නිල ඇඳුමෙන් සැරසී හැඳුනුම්පත පැලඳ සිටින බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා කියයි.

    රසායනාගාරයේදී රුධිර පටල පරීක්ෂා කර හඳුනා ගන්නා රෝගීන්ට නිවෙසටම පැමිණ ප්‍රතිකාරද ලබා දෙනු ඇතැයි පැවැසූ වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර සාවද්‍ය තොරතුරුවලට නොරැවටී එම සෞඛ්‍ය ක්‍ෂේත්‍ර නිලධාරීන් නොමිලේ සපයන සේවාවෙන් උපරිම ප්‍රයෝජනය ලබා ගැනීමට සහයෝගය දෙන්නැයි හෙතෙම මහජනතාවගෙන් ඉල්ලයි.

    සාවද්‍ය තොරතුරු පළ කළ වෙබ් අඩවි ගැන සයිබර් අපරාධ පිළිබඳ මධ්‍යස්ථානයට පැමිණිලි කර ඇතැයිද සෞඛ්‍ය අමාත්‍යාංශය කියයි. මෙය හිතාමතා කරන කඩාකප්පල්කාරී ක්‍රියාවකැයි ද සෞඛ්‍ය අමාත්‍යාංශය තවදුරටත් පවසයි.

    [rns_reactions]

  • ගණිකා වෘත්තියටත් රෝබෝවරියන්… මිල ඇහුවොත් ඔබ පුදුමවේවි….

    ලෝකයේ පැරැණිම රස්සාවත් දැන් හිමිවන්නට යන්නේ රොබෝවන්ටය. සහමුලින්ම වාගේ පණ ඇති කාන්තාවකට සමාන රොබෝ විලාසිනියන් හෙවත් ලිංගික සේවිකාවන් නිපදවීමට දැන් ලෝකය පුරා සමාගම් රැසක්ම පියවර ගෙන තිබේ. Sexbot ලෙස හඳුන්වන මේ රොබෝ කතුන් කෘත්‍රිම බුද්ධිය මගින් මෙහෙයවෙන අතර ලජ්ජාශීලී, කරුණාවන්ත, අවනතවන සුළු, කාමුක, සුරූපී ලාලිනියන් ලෙස කටයුතු කරති.

    ඒ ඒ අයට ආවේණික ගුණාංගවලින් යුතු මේ අය තම සේවා දායකයාට අවශ්‍ය ගැලපෙන ආකාරයට සකස්කරගත හැකි හැසිරීම් රටා වලින් මෙන්ම අවයවවලින්ද සමන්විතය. නිදසුනකට හාර්මොනි නම් ලද රොබෝ කත හොඳ සංවාදශීලී තැනැත්තියකි. උපරිම සුරතාන්තය ලබාදෙන G Spot ලෙස හැඳින්වෙන කාන්තාවන් සතු උත්තේජන ස්ථානයට සමාන ස්ථානයක්ද සතුය. ඒ වගේම තම සේවාදායකයාගේ රුචි අරුචිකම් තේරුම්ගෙන ඒ අනුව තමන් හැඩගැසීමටද මේ රොබෝ විලාසිනියන්ට හැකියාව තිබේලු.

    අනාගත ලෝකයේ තවත් සිහින පැතුමක්ව තිබූ හොඳ ආයෝජනයක් වන මේ රොබෝ විලාසිනියන් තැනීමේ වැඩට මුලින්ම අතගසා තිබුණේ ජපානයයි. 1980 පමණ ඈත කාලයක ඔවුන් නිපදවූ මේ විලාසිනියන්හට ඇත්තේ ප්ලාස්ටික් ඇඟපතය. නමුත් දැන් මේ අලුතෙන් නිපදවෙන රොබෝ විලාසිනියන් සතුව ඇත්තේ සැබෑ කාන්තාවකගේ ඇඟපතට සමාන සමේ වර්ණය උණුසුම සහිත සැලෙන ලෙලෙන සිලිකන් ඇඟකි.

    මේ වැඩේට අතගසා ඇති Abyss Creation සමාගම කියන්නේ මේ රොබෝ විලාසිනියන් රුපියල් ලක්ෂ 6 සිට 15 අතර මුදලකට ලබාගත හැකි බවටය. වඩාත්ම අපූරු කාරණාව වන්නේ තමන් කැමැති ආකාරයේ රූප සුන්දරියන්, නිළියන්, අහිමි පෙම්වතියන් ආදීන්ගේ රුවට සමානව මේ අය නිපදවා ගත හැකි වීමය. එසේම ගණන ටිකක් අඩු හාර්මොනි නමැති විලාසිනියට පමණක් ඉපැරුණි කාම සූත්‍රය පරදවමින් විවිධ කාම ඉරියව් 20ක යෙදීමේ දක්ෂතාවය තිබේලු. එපමණක්ද? මේ අය කන් කෙඳිරි නොගා දවසේ පැය 24ම සේවයට සැදී පැහැදී සිටිත්ලු!


    [rns_reactions]

  • සසර කලකිරුණු නව පරපුරේ යොවුන් ගායකයා පැවිදි දිවියට….

    තරුණ ගායකයකු වූ මොහාන් විකුමසුරිය ඉතා සුන්දර ගීත බොහොමයකම හිමිකරැවෙක් විය. ඔහු සේවය කළේ Srilankan Airline හි සේවය කළ මොහාන් අ‍ප හැමදෙනාගේම සිත් දිනාගත් නිරහංකාර හිතක් ඇත්තෙක් විය. මේ කඩවසම් තරුණයා ලෞකික ජීවිතයෙන් ඈත්වීමට ගත් තීරණය අනුව රත්නපුරේ චිත්තසති හිමියන් නමින් උතුම් පැවිදි ජීවිතයට ඇතුල්විය….

     

     

    [rns_reactions]

  • ජනාපතිට අපහාසකළ අන්තරේ සටහනක් වෛද්‍ය නිලධාරීන්ගේ ෆේස්බුක් පිටුවෙන් ඉවත් කරලා….

    රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ( GMOA) නිළ ෆේස්බුක් පිටුව  ජනාධිපතිවරයාගේ ගරුත්වයට හානි වන ලෙස පළ කර තිබූ  වීඩියෝවක් සහ සටහනක් පිළිබඳව නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක සිය  විරෝධය පළ කර තිබුණා.

    නියෝජ්‍ය අමාත්‍යවරයාගේ විරෝධයත් සමග එම  සංගමයේ  ෆේස්බුක් පිටුවෙන් එය මේවන විට ඉවත් කර තිබෙන බවයි වාර්තා වන්නේ.

    ඉවත් කරන ලද එම සටහන සහ පසුව ඉවත් කර තිබූ අයුරු පහතින් දැක්වෙනවා.

    [rns_reactions]

  • නාලන්දාවේ ජයත් සමගින් කොළඹ පාසල් රැසක විදුහල්පතිට එරෙහි සටන් කරලියට….

    කොළඹ නාලන්දා විදුහලේ විද්‍යාලාධිපතිවරයාව ධුරයෙන් ඉවත්කිරිමට ආදිශිෂ්‍ය සංගම් සහ දෙමාපියන් සමත්විමත් සමගින් එය මේ වනවිට කොළඹ සියලුම පාසල්වලට පැතිරගොස් ඇති බව අපට වාර්තා වේ.. කොළඹ සුප්‍රසිද්ධ පාසල් රැසකම මෙම සටන් දිගින් දිගටම ක්‍රියාත්මක වන එහි ආසන්නතම සිදුවිම වාර්තා වන්නේ බොරැල්ල කන්නන්ගර විදුහලෙනි.. පාසල අගාධයට ඇදදැමු හිටපු විදුහල්පතිවරයා පාසලින් නෙරපා දමමින් පාසලේම ආදි සිසුවෙක් එහි විදුහල්පති පුටුවට ගෙන ඒමට එහි ආදි සිසු සංගමය සහ ආදි දෙමව්පිය සංගමය සමත්කම් දක්වා ඇත…

    ඒ අතරවාරයේ බිදවැටුනු පාසල නගාසිටුවන්නට පැමිණි විදුහල්පතිවරයා නිසාවෙන් පාසලේ පරිපාලනය පවා බිදවැටිමකට ලක්ව ඇති බව පවසමින් ලිපි රැසක් අප මාධ්‍ය අංශයට ලැබි ඇත. ජනාධිපතිතුමාගේ සිට අධ්‍යාපණ ස්ථරයේ පහළම නිලධාරියා දක්වා යොමුකර ඇති මෙම ලිපි වලින් ඔවුන් ඉල්ලා සිටින්නේ බිද වැටි ඇති පරිපාලනය යලිත් ස්ථාපිත කිරිමට උපකාර ලබාදෙන ලෙසයි. කෙසේවෙතත් විදුහල්පතිවරයා මේ වනවිට ආදි සිසු සංගමයට අවශ්‍ය ආකාරයට පාසල පාලනය කරමින් සිටින බවද එම ලිපිවල සදහන්. 

    මේ තත්වය නිසාවෙන් පාසලේ විනය සහ පරිපාලන කටයුතු බිද වැටි ඇති අතර පාසලට ළමුන් පැමිණිම පවා අඩුවි ඇති අතර පාසල් දැරියන් එක්තරා අන්දමක අපචාර ක්‍රියාවන්ට ලක්විමේ ඉඩකඩක්ද නිර්මාණය වි ඇති නිසාවෙන් මේ තත්වය වැළැක්විමට පියවරක් ගන්නා ලෙස ඔවුන් බලධාරින්ගෙන් ඉල්ලා සිටියි.

    පාසලේ දැරියන් දෙදෙනෙක් සිටින අසභ්‍ය දර්ශණ ඇතුලත් විඩියෝවක් මේ වනවිට අන්තර්ජාලය පුරාවට ප්‍රචාරය වන බවත් ඒ පිළිබදව ආචාර්ය මණ්ඩලය කෙතරම් පැමිණිලි කලද විදුහල්පතිවරයා මේ පිළිබදව කිසිදු පියවරක් නොගන්නා බවද සදහන්…

    ප්‍රධාන ශිෂ්‍ය නායිකාව පත්කිරිමේ වැඩසටහනටද මේ වනවිට ආදි සිසුන්ගේ දැඩි බලපෑම් එල්ලවි ඇති බව එම ලිපියේ සදහන්.. දක්ෂතාවයට නොව තම පුද්ගලික උවමනාවන් ඉටුකරගැනිමේ අරමුණින් එක්තරා ශිෂ්‍යාවකට ප්‍රධාන ශිෂ්‍ය නායිකා තනතුර ලබාදිමේ සුදානමක් තිබෙන අතර චරිතය පිළිබදව විශාල ගැටළුවක් ඇති එම ශිෂ්‍යාවට එම තනතුර ලබාදුනහොත් එය පාසලේ විනය පද්ධතියට එල්ල වු විශාල තර්ජනයක් බව ඔවුනගේ අදහසයි…

    කෙසේවෙතත් එම ලිපිය යොමුකර ඇත්තේ කනන්න්ගර විදුහල මවමෙන් සුරකිමු එකමුතුව යනුවෙන් පිහිටුවාගත් සංවිධානයකින් වන අතර මෙහිදි අප මේ තත්වය පිළිබදව විමසිමට කන්නන්ගර විදුහලේ විදුහල්පතිවරයා සම්බන්ධකරගැනිමට උත්සහ කළද එයද ව්‍යර්ථ විය.

    [rns_reactions]

  • 2019 ලෝක කුසලානය ලංකාවට අහිමිවන ලකුණු – අවධානම මෙන්න..

    අයිසීසී ජගත් ක්‍රිකට් පාලක මණ්ඩලය ප්‍රකාශයට පත් කළ එක්දින ක්‍රිකට් ක්ෂේත්‍රයේ නවතම ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාවට හිමි වී තිබෙන්නේ හය වෙනි ස්ථානයයි..
    2017 සැප්තැම්බර් 30 වෙනි දින වනවිට ඉදිරියෙන් සිටින රටවල් හත සහ සත්කාරක එංගලන්තය 2019 ලෝක කුසලානයට සහභාගි වීමට නිතරගයෙන් සුදුසුකම් ලබන බැවින් මෙම ශ්‍රේණිගත කිරීම ශ්‍රී ලංකාවට තීරණාත්මක තත්වයකි.

    එලෙස සුදුසුකම් නොලබන කණ්ඩායම්වලට 2018 අප්‍රේල් මාසයේ පැවැත්වීමට නියමිත ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ තරගාවලියකට සහභාගි වීමට සිදුවේ.

    එයට තරග වදින කණ්ඩායම් දහයක් අතරින් එහිදී 2019 ලෝක කුසලානයට සුදුසුකම් ලබන්නේ කණ්ඩායම් දෙකක් පමණි.

    දැනට නිකුත් කර තිබෙන එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම් අනුව බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ලකුණු 79 ක් ලබාගෙන නම වෙනි ස්ථානයේ පසුවේ.
    ශ්‍රී ලංකාව, බංග්ලාදේශය හා පාකිස්ථානය පිළිවෙලින් 6, 7, 8 යන ස්ථානවල සිටින අතර එම කණ්ඩායම් තුන අතර පරතරය ලකුණු පහකට වඩා අඩුය.
    බටහිර ඉන්දීය කොදෙවු කණ්ඩායම ලෝක කුසලානයට නිතරගයෙන් සුදුසුකම් නොලබනු ඇතැයි යන්න බොහෝ ක්‍රිකට් විචාරකයන්ගේ මතයය.
    එසේ වුවද පාකිස්ථානය, බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව ඉදිරි තරග ජයනොගතහොත් අවදානමකට මුහුණදිය හැකි බවත් ඔවුහු පවසති.
    ශ්‍රී ලංකා කණ්ඩායම සැප්තැම්බර් 30 වෙනි දිනට පෙර එක්දින තරග 11 ක් පමණ ක්‍රීඩා කිරීමට නියමිත අතර 2019 ලෝක කුසලානයට සුදුසුකම් ලැබීම සඳහා එම තරගවල ප්‍රතිඵල ශ්‍රී ලංකාවට ඉතා වැදගත් වේ.
    එම තරගවලින් බහුතරයක් පරාජය වී ශ්‍රේණිගත කිරීම්වල පහළට වැටුණහොත් ශ්‍රී ලංකාව ලෝක කුසලානයට නිතරගයෙන් සුදුසුකම් නොලැබීමේ අවදානමක මතුවීමේ ඉඩකඩක් පවතී.

    [rns_reactions]