Blog

  • මංඩලේ කචල් එලියට – තේරිම් කමිටු සභාපති අරවින්ද ඉල්ලා අස්වි ගෙදර යයි…

    ශ්‍රී ලංකා ක්‍රිකට්  ආයතනයේ ක්‍රිකට්  කමිටුවේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වන බව අරවින්ද ද සිල්වා පවසනවා. 

    සිය ඉල්ලා අස්වීමේ ලිපිය  දැනටමත් ශ්‍රී ලංකා ක්‍රිකට්  ආයතනයට භාරදී තිඛෙන බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ. 

    ඊට අදාළ වැඩිදුර හේතු දැක්වීමක් පසුව සිදුකරන බව ඔහු කියාසිටියා.

    [rns_reactions]

  • ක්‍රිකට් ලෝකයේ හොදම තාරාවුන් මෙන්න – ලාංකිකයො රැසකුත් ඒ අතරට..

    ක්‍රිකට් තරඟයක පිතිකරුවෙක් ලකුණු බින්දුවට අවුට් වෙනවා කියන්නේ කොච්චර අවාසනාවන්ත දෙයක්ද,එක්දින තරඟ වල බින්දුවට දැවී ගිය පිතිකරුවන් 1ක දිගට පෙළ ගැස්සුවොත් ශ්‍රී ලංකාව කියන නමට ලොකු තැනක් තියනවා,

    එක්දින තරඟ වල වැඩිම වතාවක් බින්දුවට out  වෙලා තියෙන්නෙත් අපේ කෙනෙක් තමයි,

    ඒ විතරක් නෙවෙයි. මේ ලිස්ට් එකේ මුල් 10 න් 6 අපේ.ඒ කියන්නේ 60% ක් ම අපිට

    අපි බලමුකෝ කවුද මේ හොදම තාරාවෝ 10 කියල.

    [rns_reactions]

     

  • ඉන්දියාව ICC ශුරයින්ගේ කුසලාණයෙන් දොට්ට – ICC හැන්ද දෙස සියල්ලෝ අවදියෙන්…

    එළඹෙන ජුනි මාසයේ එංගලන්තයේදී ආරම්බ වන ICC චැම්පියන්ස් කුසලාන එක්දින ක්‍රිකට් තරඟාවලියට සහභාගී වන කණ්ඩායම් අට සඳහා තම සංචිත ප්‍රකාශයට පත් කිරීම සඳහා ලබා දී තිබු කාලය මෙම මස 25 වන දිනෙන් අවසන් වුවද ඉන්දීය කණ්ඩායම මේ වන තුරු තම සංචිතය නම් කර නැත.

    ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම් අමිතාබ් චව්ද්රි ප්‍රකාශ කරන අන්දමට මෙම ප්‍රමාදයට හේතු වී ඇත්තේ IPL තරඟාවලිය සමඟ ඇතිවී තිබෙන කාර්ය බහුල බවයි.කණ්ඩායමේ නායක කෝලි සහ ක්‍රිකට් ප්‍රදානීන් එකට හමුවී ඉදිරි දින කිහිපයේදී කණ්ඩායම නම් කරන බවද අමිතාබ් පවසයි.මෙම තත්වය සම්බන්දයෙන් තමන් ICC වෙත දන්වා ඇති බවද BCCI ලේකම් වරයා පවසා ඇත.

    කෙසේ නමුත් මේ සම්බන්දයෙන් ICC විසින් තවමත් නිල ප්‍රකාශයක් සිදු කර නැත.අනෙකුත් රටවල්ම්  හත්ම තම කණ්ඩායම් නම් කර ඇති අතර එම සංචිතයන්ගේ වෙනස් කම් සිදු කිරීම සඳහා ලබන මස 25 දක්වා සහන කාලයක්ද ලබා දී ඇත.නමුත් මෙම වෙනස් කම් සිදු කිරීමට හැකි වන්නේ නම් කල ක්‍රීඩකයන් ආභාදයනට ලක්වූ විට පමණි.

    ඉදිරි දින කිහිපයේ  ICC ගන්නා තීරණය අනුව ඉන්දියාවට ICC ය බෙදන්නේත් සෙසු රටවලට බෙදන හැන්දෙන්මද යන්න සියලු දෙනාට බලාගත හැකි වනු ඇත.

    [rns_reactions]

  • පාදෙණිය අද පුද්ගලික අංශයේ වැඩ – ඇමති රංජන් පාදෙනියේ රෙදි ගලවයි…

    සයිටම් ජනසතු කිරීම ඇතුළු ඉල්ලීම් තුනක්‌ ඉටු කරන ලෙස රජයට බලකරමින් ගුරුවරු, දුම්රිය නියාමකවරු සහ වෛද්‍යවරු අද (05දා) දවස පුරා වැඩ වර්ජනය කරති.

    මේ නිසා රෝහල්වල සැත්කම් කටයුතු මෙන්ම දුම්රිය ධාවනය සහ පාසල්වල ඉගැන්වීම් කටයුතු සියල්ල අද දවසේ නතර වන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා  ප්‍රකාශ කළේය.

    නමුත් වෛද්‍ය සංගමයේ ලොක්කා වන අනුරැද්ධ පාදෙනිය නම් වූ මේ ජනතා සේවකයා නැතහොත් රාජ්‍ය සේවකයා අසරණ මිනිසුන් රස්තියාදු කරමින් වෛද්‍ය වරැන් ගොනාට අන්දමින් අද සවස නවලොක රෝහලේ සේවය පැමිණෙන බව දක්වා ඇත.

    රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතාගෙන් බෙහෙත් ගැනීම සඳහා නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා අද (5) දිනයේ වේලාවක් වෙන් කරගෙන තිබෙනවා.

    ඒ පුද්ගලික රෝහලකදී.

    ඒ සම්බන්ධ කරුණු ඇතුළත් රිසිට් පත පහතින් දැක්වෙනවා.

  • බලය හිගන පරාජිත මහින්දට තවත් කණේ පහරක්… කාංචන ඒකාබද්ධයෙන් ඉවත්වෙයි…

    මාතර දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා සන්ධානයෙන් තරග කර මනාප 83,278ක් ලබා පාර්ලිමේන්තුවට පත්වූ හිටපු අමාත්‍ය මහින්ද විජේසේකර මහතාගේ පුත්‍රයා වන කාංචන විජේසේකර මහතා ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තුව තුල වැඩකටයුතු කල අතර ඔහු ඒකාබද්ධ විපක්ෂයෙන් ඉවත් වන බවට ඔහුගේ ෆේස්බුක් පිටුව හරහා ප්‍රචාරය කොට තිබුනා.

    මෙම දේශපාලන තීරණය සඳහා හේතුවක් ඔහු දක්වා නොතිබුනත් එයට හේතුව නාමල් රාජපක්ෂ මහතා සමග ගෝල් ෆේස් මැයි රැලිය සම්බන්ධව සිදුවූ මත ගැටුමක් බවටද රාවයක් පැතිර යන අතර ඉදිරි කාලයේදී එය රටට අනාවරණය වනු ඇත…

    යම් හෙයකින් ඔහු ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කිරීම පාර්ලිමේන්තුව තුලත් අත් හැරියහොත් ඒකාබද්ධ විපක්ෂයේ තවත් මන්ත්‍රී ධුරයක් ඔවුන්ගේ කණ්ඩායමෙන් ගිලිහෙනු ඇත. ගීතා කුමාරසිංහ මන්ත්රිවරියද පාර්ලිමේන්තුවෙන් ඉවත් වන පසුබිමක මෙම වෙනස්වීම් දේශපාලන වෙනසක පෙරනිමිත්තක්දැයි ජනතාව කුතුහලයෙන් බලා සිටියි.

    ඔහු නිකුත්කළ ෆේස්බුක් පණිවුඩය පහතින්
    අද දින සිට ඒකාබද්ද විපක්ෂයේ කටයුතු වලින් මදක් ඉවත් වීමට තීරණය කරන ලදී. මෙය කුමන විදියකින් හෝ රජයට එකතුවීමක් හෝ ජාතික ආණ්ඩුව නියෝජනය කරන මෛත්‍රී පිල සමග එකතුවීමක් හෝ ආණ්ඩුව කරන කිසිම පාර්ශවයක් සමග එකතු වීමක් නොවන අතර මා දරන ස්ථාවරය වඩාත් නිවැරදිව කිරීමට කරන කාර්යයක් පමණි. ඉදිරියටත් මාතර දිස්ත්‍රික් ජනතාව වෙනුවෙන් කල හැකි දේ උපරිම ලෙස කිරිමටත් මට ලබා දුන් මනාපයේ ගෞරවය ආරක්ෂා කිරීමටත් කටයුතු කරමි.
    කංචන විජේසේකෙර

    [rns_reactions]

  • සියල්ලන් මවිත කරමින් සුපිරි වාස් අපේ මාලිංග ගැන කියපු කතාව මෙන්න…

    එක්දින ක්‍රිකට් පිටියේදී සුවිශේෂ වාර්තා කිහිපයක් ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරන සමයේදී තමාගේ නමට ලියාගත් ශ්‍රී ලංකාවෙන් බිහිවූ දක්ෂතම වමත් වේගපන්දු යවන්නා වන චමින්ද වාස් ,තමා ක්‍රීඩා කරන සමයේ ශ්‍රී ලංකා කණ්ඩායමට එකතු වූ පසුව තමා යටතේ වේගපන්දු යවන්නෙකු ලෙස පුහුණුව ලැබූ ලසිත් මාලිංගගේ හැකියාවන් පිළිබඳව  අදහස් දක්වා ඇත.

    “මාලිංග කියන්නේ පුදුම කැපවීමක් තියන ක්‍රීඩකයෙක්,ඒ වගේම හැම අවස්ථාවකම කඩුල්ලක් ගන්න ඕන කියන පිපාසේ තමයි මාලිංගට තියෙන්නේ.පුහුණු වෙද්දී පුදුම තරම් කැපවීමක් පෙන්වන ක්‍රීඩකයෙක්”

    “මාලිංග හැම වෙලාවකම බලන්නේ තමන්ගේ උපරිමය කණ්ඩායමට දෙන්න මම හිතන්නේ ඔහු ඉදිරියේදී තවත් හැට්‍රික් වලට යයි,ඔහුගේ ඉරියව්වත් එක්ක පෙන්වන දක්ෂතා විශිෂ්ටයි.මාලිංග කියන්නේ දැන් ලෝකයේ ඉන්න හොදම වේග පන්දු යවන්නන්ගෙන් කෙනෙක්.”

    “සීමිත පන්දුවාර තරඟ වල විශේෂිත දක්ෂතාවයක් තියන පන්දු යවන්නෙක් විදියට මාලි චැම්පියන්ස් කුසලානේදී ලොකු දෙයක් කරයි ලංකාවට,”

    “හැට්‍රික් ලබාගන්න පන්දු යවන්නෙකුට තියෙන්න ඕන එකම අරමුණක් ඉටු කර ගැනීමේ හොදම අධිෂ්ඨානය තියන කෙනෙක් තමයි මාලිංග කියන්නේ.”

    [rns_reactions]

  • රංගේ ගිය පාරේ දියණියගේ සැමියාත් – ඇත්ත කියපු මාධ්‍යවේදින්ට මරණ තර්ජන…

    ජාතික තරුණ සේවා සභාපතිවරයා විසින් මෙරට ප්‍රධානතම පුවත් වෙබ්අඩවියක් වන Gossip99 වෙබ්අඩවියේ කතුවරයා මරා දමන බවට තර්ජනය කර ඇතැයි වාර්තා වේ.

    ඒ, පසුගිය දා පැවති මැයි රැළියක් අතරතුරේ දීයි.

    ඊට හේතු වී ඇත්තේ 2015 නොවැම්බර් 29 දින එම වෙබ්අඩවියෙන් හෙළිදරව් කළ 2015 වර්ෂය සඳහා යොවුන් පාර්ලිමේන්තුවට නියෝජිතයින් තෝරා ගැනීමේ මැතිවරණයේදී සිදු වූ අක්‍රමිකතාවකි.

    කෙසේ නමුත් අදාළ කමිටුවේ වාර්තාව මාධ්‍ය වෙත නිකුත් නොවූ අතර එම කමිටුවට සිදුවුයේ කුමක්දැයි තවමත් සභාපතිවරයා විසින් හෙළිදරව් කර නොමැති පසුබිමක සභාපතිවරයා විසින්  Gossip99 වෙබ්අඩවියේ කතුවරයාට අදාළ පුවත පිළිබඳව සඳහන් කරමින් මරණ තර්ජනය කිරීම තරමක කුතුහලය දනවන්නකි.

    මාධ්‍ය නිදහස සුරකින බවට ප්‍රතිඥා දුන් යහපාලන ආණ්ඩුවේ තරුණ සේවා සභාවේ සභාපතිවරයා විසින් මාධ්‍යවේදීන්ට කරන මෙම අඩන්තේට්ටම් අපි පිළිකුලෙන් යුතුව හෙලාදකින්නෙමු.

    සභාපතිවරයා පිළිබඳව Gossip99 හෙළිදරව්වේ සම්පුර්ණ වාර්තාව පහතින්,

    • මොහු බැසිලගේ අධෝ මුඛය ලෙව කෑ කොළු ගැයටලු
    • සිරිකොත කොතනද තියෙන්න කොතනද අයියෙ
    • ජාතික තරැණ සේවා සභාවේ විගණන නිළදාරීනි
    • විශයභාර ඇමතිතුමනි වහා හෙලිකරනු
    • එ ජා ප යේ කැරැල්ලක් ලගදීම

    උප්පැන්න සහතිකයේ ඇති නමේ සිට බොරුව ගෙන යන යහපාලනයට සම්බන්ද වූ මරාවාදී බැසිල්ගේ හෙංචයියන් අගමැතිවරයාද නොමග යවමින් පසුගිය දශකයේ රග දැක්වූ නාටකය නැවතත් රගංනට පටන්ගෙන ඇත. ඒ ජාතික තරැණ සේවාවේ වර්ථමාන සභාපති වරයාය.

    ගොසිප්99 අප 2015 නොවැම්බර් 29 දින යම් හෙලිදරවුවක් කරනනට වින. ඒ යහපාලන ආණ්ඩුව විසින් 2015 වර්ෂය සඳහා යොවුන් පාර්ලිමේන්තුවට නියෝජිතයින් තෝරා ගැනීමේ මැතිවරණයේදී සිදු වූ අක්‍රමික තාවයක් හේතුවෙනි. පසුගිය දින පැවති මැයි රැලියක් අතරතුරදී ඒ පුවත පිළිබදව පවසමින් ගොසිප්99 කතුවරයාට ජනපතිවරයා සහ අගමැතිවරයා මාධ්‍යට පූර්ණ නිදහසක් ලබදී අැති බවට මැයි දිනය දා වේදිකාවල සිට පවසන අතතුරම වෙරි මතින් සිටි පිරිසක් සමග මෙම මරා වාදී සභාපතිවරයා  මරන තර්ජනය කොට අැත.

    ඒ් ”උඹ මාව පර්සනලි දන්නවද? යූත් පාර්ලිමන් ඒකේ ඒව එළියට දාන්න උබ කවුද? උබ දන් නෑ මම කවුද කියල , මැරැම් නොකා හිටපන් යනුවෙන් පවසා” ඇත. ( අප මේ ගොබිලාගේ අතීතය , වර්ථමානය පිළිබදව පහලින් සදහන් කරන්නෙමු)

    මොකද් මේ යූත් පාර්ලිමන් හුටපටේ

    මේම පාහර සභාපති වරයාට අමතක වී ඇති මරවාදී හෙංචයියෙකු ව්‍යාජ ග්‍රාමසේවක සහතික සකසමික් යොවුන්  පාර්ලිමේන්තුව තුලට  තල්ලු කිරීමට ගත් උත්සාය මෙලෙස දිගහැර දක්වන්නෙමු.

    2015 වර්ෂය සඳහා යොවුන් පාර්ලිමේන්තුවට නියෝජිතයින් තෝරා ගැනීමේ මැතිවරණය 2015 නොවැම්බර් 07 වන දින මධ්‍යස්ථාන 334 දී පැවැත්වූ අතර මේ සඳහා දිවයින පුරා අපේක්ෂකයින්  657 ක්  ඉදිරිපත් වී තිබුණි.

    මෙම මාතෘකාවට හේතු පාදක වන්නේ රත්නපුර දිස්ත්‍රික්කයේ රක්වාන මැතිවරණ කොට්ඨාසය නියෝජනය කරමින් අසත්‍ය තොරතුරු ඉදිරිපත් කරමින් තරඟ වැදුණු මෙම මරාවාදියාගේ හෙංචයියකු වන එක් අපේක්ෂයෙකු ය.. යොවුන් පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඉදිරිපත් වීමට අපේක්ෂයෙකුට තිබිය යුතු සුදුසුකම් පිළිබඳව ජාතික තරුණ සේවා සභාව විසින් නිකුත් කරන ලද චක්‍රලේඛයේ 1.3 වගන්තිය යටතේ එම අපේක්ෂකයා තමා නියෝජනය කරන මැතිවරණ කොට්ඨාසයේ ස්ථිර පදිංචිකරුවෙකු විය යුතුය.

    නමුත් ඔහු යොවුන් පාර්ලිමේනතු මැතිවරණය සඳහා ඉදිරිපත් වන්නේ රක්වාන මැතිවරණ කොට්ඨාසයෙනි.ඒ සඳහා මොහු රත්නපුර ඕපනායක 244ඊ මල්මීකන්ද වසමේ ග්‍රාම නිළධාරීවරයා හරහා තාවකාලික පදිංචිකරුවෙකු ලෙස ග්‍රාම සේවා සහතිකයක් ඉදිරිපත් කර ඇත.  (එම ව්‍යජ ග්‍රාමසේවා සහතිකය පහතින් ඉදිරිපත් කර ඇත)

    මේ පිළිබදව මෙම සභාපති වරයාට  පැවසීමෙන් තට්ටුවකට මායිම් නොකරන වට පිටාවක් තුල ගොසිප්99 අප වෙත කන වැටීමෙන් අනතුරැව රටට හෙලිකිරීමෙන් අපහසු තාවට පත්වූ මෙම සභාපතිවරයා හෙංචයියන් යොදවා අප වෙත විවිධ යෝජනාද ගෙන එන ලැබූ අතර ඒවාට නොනැමුන අපි අසාධාරණයට පත්වූ අපේක්ෂකයාට සාධාරනය ඉටුවන තුරැ හඩ නගන්නට විය.

    කවුද මේ සභාපති?

    මොහුගේ අතීතය අමතක වී ඇති මේ පාහර ගොබිලා යහපාලනය මුවාවෙන්  මරා වාදී රංගනය නැවත රගන්නට පටන්ගෙන ඇත. පසුගිය වකවානුව තුල බැසිල් රාජපක්ෂගේ අධෝ මුඛය ලෙව කමින් ”විද්වත් එකමුතුව” යනුවෙන් හැදින්වූ වැඩ සටහනේ බැසිල් රාජපක්ෂ ගේ බිරිද සහ මේරි පෙරේරා සමග කතිකයකු ලෙස නීති සිසුවකුවූ අවදියේදී සහභාගී වී ඇත. මොහු ඒ හා සම්බන්ධවන්නේ බැසිල් රාජපක්ෂගේ ලේඛම් වරයකු වන කිත්සිරි ගංගනාතගේ නියොගයෙනි.

    පසුව 2015 ජනාධිපතිවරනයේදී පිටකෝටිටේ හන්දියට පැමිණ ”සිරිකොත කොතනද තියෙන්න කොතනද අයියෙ”    යනුවෙන් අසා සිරිකොතට  පැමිණි අයෙකි ( හාස්‍යට කරැන වන්නේ සිරිකොතෙහි සේවකයකුගෙන්ම එය අසා තිබීමයි)  පසුව රබර් සෙරෙප්පු දෙකක දමාගෙන ආ මේ වර්ථමාන කෝටිපතියා එ ජා ප සමාජ ජාලා ක්‍රියාකාරීන්ගේ හමුවක පසුපස පේලියේ කොනකට වී සිට ඇති බවටද  සිරිකොත ආරංචිමාර්ග සදහන් කරයි.

    මොකද්ද මොහුට තිබෙන දේශපාල තනතුර? මොහු දේශපාලකයෙක් ද?

    2015 මැතිවරණය පිළිබදව බිය වූ  බැසිල් රාජපක්ෂ ඇතුලු මරාවාදී කල්ලියේ   රනිල් වික්‍රමසිංහ මහතාගේ කීර්තිනාමයට හානිකිරිමේ  කොන්තරාත්තුව භාර වූ මොහු  කෙමෙන් කෙමෙන් එ ජා ප ඉහල පෙල සමග සුහදත්ව ගොඩනගා ගනිමින් පක්ෂ නායකයාට දැල එලන්නට වූ බව සිරිකොත නාරටි හෙලි කරයි.

    පසුව තනතුරක් ඉල්ලා හඩා වැටුන  මොහුට එ ජා ප ජාතික යොවුන් පෙරමුණෙහි නීති ලේඛම් යැයි පට්ටමක් අළුතින් සකසා දුන් අතර නමුත් යොවුන් පෙරමුණු ඉහල පෙල සදහන් කරන්නේ එම සංවිධානයේ ව්‍යයවස්ථාව තුල එවැනි තනතුරක් නොමැති බවයි.

    පසු කාලීනව තරැණ සේවා සභාවේ සභාපති පට්ටම හිමි මොහුට අවුරැදු දෙකක් වැනි කාලයක් තුලදී අගමැතිවරයාටද කොකා පෙන්වමින් විශාල දුශන රැසකට හිමිකම් කියනුනෙකු බවට පත්වී ඇති බව තරැණ කටයුතු අමාත්‍යශයේ නිලදාරයෙකුන් විමසීමේදී අනාවරනය විය. ( මෙම ලිපිය දැනමත් දිර්ග බැවින්   ඒ සියල්ල කොටස් වශයෙන් සාක්ෂි සහිතව ඉදිරියේදී බලා පොරොත්තු වන්න)

    පසුගිය දින මෙම සභාපතිවරයා අමාත්‍යංශයට කැදවා ”එ##ද මේ ඔයා කරන දේවල් වලින් ඇමති තුමටයි අපිටයි තමයි FCID යන්න වෙන්නෙ වහාම මේව නවත්වන්න” යනුවෙන්ද ප්‍රකාශ කොට ඇත

    රබර් සෙරෙප්පු දෙකක් සහිතව හොටු හූරමින් පැමිණි මෙම කොලු ගැටයා  වසර දෙකක් වැනි කාලයකදී   විජේරාම ප්‍රදේශයේ සුකෝපභෝගී නිවසක් සහ සූකොප භෝගී රථ කිහිපයක් භාවිතා කරන බවට අප විශ්වාස කටයුතු ආරංචිමාර්ග සදහන් කරයි. තවද සමාජා ජාලා තුල තමන්ගේ ප්‍රතිරෑපය තනා දෙන්නට දහස්ගනනින් මාස්පතා වේතනයක් ලෙස ලබා දෙන බවට විශ්වාස කටයුතු ආරංචිමාර්ග සදහන් කරයි.

    තමන් රාජ්‍ය නිළදාරිකු නොදත් මේ ගෙබිබයා දේශපාලකයකු ලෙස රග දක්වමින් සිටී කැස්බෑවේ පිහිටි තම නිවස ඉදිරිපිට කොළ කොඩියක් පාරේ එසවීමට ඉඩ නොදුන් මේ ගොබිලා එ ජා පයෙන් මැතිවරනය ඉදිරිපවීමට කැස්බෑව ජනතාව ගොනාට අන්දමින් මාන බලයි. මෙරට රාජ්‍ය අංශයේ තවත් සභාපතිවරැන් සිටියදී දේශපාලකයකු ලෙස රගදක්වන්නේ මොහු පමනක් බවත් මොහුට එතරම් බලයක් අවේ කෙසේදැයි යහපාලනයට උරදුන් ප්‍රභලයෝ ප්‍රශ්නකරයි

    මාරාවාදී කණ්ඩායමෙන් දේශපාලනය පිළිබදව අවබෝධයක් නොගත් මැර කම පමණක් උගත් මොහු මරාවාදීන්ගේ මර උගුල්ක් වන  අගමැතිවරයාගේ කීර්තිනාමය විනාශකරමින් පක්ශය තුල අභ්‍යන්ත කැරැල්ලක් ගැසීමට මාරා වාදී කොන්තරක් කරැවා මොහු බවටත් අගමැති වරයාට දැනටමත් මොහු දැල එළා අවසන් බවත් අගමැති වරයා ඉදිරියේ උපාසක බලලෙකු මෙන් හැසිරෙන මොහු පිළිබදව අගමැතිවරයා කිසිදු ලෙස මොහු මෙවැනි පුද්ගලයෙකු යැයි නොසිතනු ඇති බවද අගමැතිට වසරගනනක සිට සිටින සමීපතමයෝ අප සමග ප්‍රකාශ කලහ.

    ජනපති තුමනි අගමැතිතුමනි විශය භාර ඇමකි තුමනි  විගණන නිලධාරීනි ජනතා බදු මුදලින් මිලියන 450 තරැණ කටයුතු සදහා අය වැය තුලින් වෙන් වූ වකවානුවක් තුල සංදර්ශ පෙන්වු යැයි ඒ සංතොශයට පමණක් සීමා නොවී තරැණ සේවා සභාවතුල සිදුවන්නාවු සියළු මුලළු වාර්ථා මාධ්‍යට විවෘත කල යුතුය

    යහපාලනයේ මුවාවෙන් මාරාවාදී කොන්ත්‍රාත්තු  කරන යහපාලනය විනාශකිරීමට පැමිණි මෙම සට කපට නිලදාරියා පිළිබදව වහා පියවර ගතයුතුව ඇත. නැත හොත් එ ජා  ප තුල මොහුට විරැද්ධව ගොඩ නැගෙන කැරැල්ල වැඩි ඈතක නොවන බව කිව යුතුය.

    [rns_reactions]

  • කටමැත දෙඩු ගිතා අද දෙලොවක තනිවෙලා – විවාහයද බලයද – තිරණය ලගදීම…

    තමනට තිබූ ස්විස්ටරලන්ත පුරවැසි භාවය ඉවත් කර ගැනීමට සිදුවුවහොත් තම විවාහය දෙදරුම් කා හැකි බව පාර්ලිමේන්තු මන්ත‍්‍රිනී ගීතා කුමාසිංහ පවසයි.

    මේ සම්බන්ධයෙන් පවරා ඇති නඩුව නිසා තමන් එරට පුරවැසිකම අහෝසි කර ගැනීමත් සමග එරට කෝටි ගණනක දේපලක්ද අහිමි වන බව පවසන ඇය තම සැමියාද මේ ගැන දැඩිව උරණ වී සිටින බවද කියයි.

    තමන් විවාහ වී වසර 37ක් වන බවත් මෙම ද්විත්ව පුරවැසි ප‍්‍රශ්නය මත එම විවාහයේ බැම්මද කැඞී ගිය බවද මන්ත‍්‍රීවරයා සදහන් කරයි.

    [rns_reactions]

  • පොරොන්දු ඉටුකරමින් දුප්පත්කම නැතිකිරිමේ සටන උදෙසා ජනපති මෛත්‍රි වැඩ අරඹයි..

    පිටරටින් ගෙන්වන සියලූ ආහාර ද්‍රව්‍ය සහ අනෙකුත් භාණ්ඩ පිළිබද විධිමත් සමීක්ෂණයක් සිදු කොට රටට ගෙන්වීමට සුදුසු දේ පමණක් ගෙන්වීමට අවශ්‍ය වැඩපිළිවෙළ සකස් කරන බව ජනාධිපතිතුමා පවසයි.ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ ග‍්‍රාමශක්ති ජනතා ව්‍යාපාරයේ සමාරම්භක උත්සවයට අද (04) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී එක්වෙමිනි.දුගී දුප්පත් ජනතාව එයින් මුදා ගනිමින් ඇති හැකි පිරිසක් බවට පත්කිරීම සදහා ග‍්‍රාමශක්ති ජනතා ව්‍යාපාරය ඇරඹේ.

    2017 වසරේ රට දුගී භාවයෙන් නිදහස් කර ගැනීමේ වැඩපිළිවෙළේ ප‍්‍රධාන ව්‍යාපෘතිය ලෙස මෙය ආරම්භ කෙරෙන අතර, ඒ අනුව වර්ෂ 2020 වන විට ගම් 15,000ක ජීවත්වන ජනතාවගේ මූලික අවශ්‍යතා සැපිරීමට කටයුතු කෙරේ.මෙම උත්සව සභාව ඇමතු ජනාධිපතිතුමා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ දේශීය කර්මාන්ත හා දේශිය ව්‍යවසායකයින් නැංවීම සහ රටේ ජනතාව දුගී භාවයෙන් නිදහස් කර ගැනීම සදහා පුළුල් ජාතික වැඩසටහනක අවශ්‍යතාවය සපුරාලමින් ග‍්‍රාමශක්ති ජනතා ව්‍යාපාරය ආරම්භ කෙරෙන බවයි.

    ගම් මටිටමේ සිටින සියලූ ක්ෂේත‍්‍ර නිලධාරින් මෙම වැඩසටහන සමග ඒකරාශී විය යුතු බව ප‍්‍රකාශ කළ ජනාධිපතිතුමා ලබන මාසයේ සිට සෑම දිස්ති‍්‍රක්කයකම සංචාරය කරමින් ප‍්‍රාදේශීය දේශපාලන නායකයත්වයන් සහ රාජ්‍ය නිලධාරින් සමග එක්ව මෙම වැඩසටහන සාර්ථක කර ගැනීමට අවශ්‍ය වැඩපිළිවෙළ ශක්තිමත් කිරීමට තමා අපේක්ෂා කරන බව ද කියා සිටියේය.ඇති හැකි පිරිසගේ වත්පොහොසත්කම් නැති බැරි පිරිස් අතරද බෙදී යා යුතු බව මෙහිදී ප‍්‍රකාශ කළ ජනාධිපතිතුමා සදහන් කළේ, රට පාලනය කළ යුත්තේ පොහොසතුන් නොව මධ්‍යම පාන්තිකයින් බව තම විශ්වාසය බවයි.

    නැති බැරි සියලූ ජනතාව ඇති හැකි අය බවට පත්කිරීමට ග‍්‍රාමශක්ති ජනතා ව්‍යාපාරය තුළින් හැකියාව ලැබෙනු ඇති බවට ද මෙහිදී විශ්වාසය පළ කළ ජනාධිපතිතුමා එය සාර්ථක කර ගැනීමේ ජාතික වගකීම ඉටු කිරීමට පක්ෂ, පාට භේදයකින් තොරව සියලූ දෙනා ඒකරාශි විය යුතු බව ද අවධාරණය කළේය.සමෘද්ධිමත් ආර්ථික මිනිසෙකු මෙන්ම, වගකීම් උසුලන, අයිතිවාසිකම් හදුනන සමාජයීය මිනිසෙකු බිහි කිරීම ග‍්‍රාමශක්ති ජනතා ව්‍යාපාරයේ අරමුණයි.

    වසර 2020 වන විට ග‍්‍රාමශක්ති වැඩසටහන යටතේ ප‍්‍රජා පාලිත ග‍්‍රාමසේවා වසම් පන්දහසක් ඇති කිරීමට ද නියමිතය.ග‍්‍රාමසේවා වසමක ජනගහනය අනුව රු 8000 ක් සේ ගණන් බැලෙන ඒක පුද්ගල රාජ්‍ය ආයෝජනයක් ග‍්‍රාමීය සංවර්ධන අරමුදලක් ලෙස වසර 4ක කාලයක් සදහා ග‍්‍රාම සේවා වසම් සදහා ඝෘජුව ලබාදීම මේ යටතේ සිදු කෙරේ.

    ජීවන මාර්ග දියුණු කරගැනීම, සංවර්ධන තීන්දු තීරණ ප‍්‍රජාව විසින් ගැනීමේදී ප‍්‍රතිඵල පාදක කරගත් රාජ්‍ය මූල්‍ය ආයෝජන, ප‍්‍රජාවගේ ව්‍යවසායකත්වය වර්ධනය කිරීමේදී ප‍්‍රාග්ධන පහසුකම් ලබාදීම, ග‍්‍රාමීය ව්‍යවසායකත්වය වැඩි දියුණු කිරීමට පෞද්ගලික අංශයේ සකී‍්‍රය සහභාගිත්වය ලබා ගැනීම මෙමගින් ලැබෙන ප‍්‍රතිලාභයන්ය. රාජ්‍ය හා පෞද්ගලික අංශයේ අත්වැල් බැද ගැනීම තුළ දිළිදුකම පිටුදැකීම සදහා සංවර්ධන හා පර්යේෂණ පහසුකම් ලබාදීම, නව තාක්ෂණය හා නවෝත්පාදනය පිළිබද අදහස් පදනම් කර ගනිමින් ග‍්‍රාමීය කෘෂිකාර්මික ව්‍යවසායකත්වය වැඩි දියුණු කිරීම මෙමගින් සිදු කෙරේ. සමස්තයක් වශයෙන් ජනතාවගේ මූලික අවශ්‍යතා හා ගොඩනැගෙන අවශ්‍යතා පිරිමැසීම සදහා ග‍්‍රාමනිලධාරි වසම් මට්ටමින් වැඩපිළිවෙළක් ගොඩනැගීම මේ හරහා සිදු වේ.

    පූජ්‍ය අතුරලියේ රතන ස්වාමින් වහන්සේ ද, අමාත්‍යවරුන් වන සරත් අරමුණුගම, එස්.බී. දිසානායක, සජිත් පේ‍්‍රමදාස, දකුණු පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ඔස්ටින් ප‍්‍රනාන්දු යන මහත්වරුන් ද ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන් මහතා සහ ජනාධිපති අතිරේක ලේකම් ජයන්ත විජේරත්න මහතා ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරු, දිස්ති‍්‍රක් ලේකම්වරු, ප‍්‍රාදේශීය ලේකම්වරු ඇතුළු රාජ්‍ය නිලධාරින් ද, ලෝක බැංකුවේ නියෝජිතයින් ඇතුළු දෙස් විදෙස් නියෝජිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    [rns_reactions]

  • දේශපාලණ අරමුණු වෙනුවෙන් වැඩ වර්ජන කරන වෛද්‍යවරුන්ට සාරධර්ම නෑ…

    සයිටම් ආයතනයට විරුද්ධව වැඩවර්ජන කරමින් අහිංසක රෝගීන්ට මියයෑමට ඉඩහරින්නේ වෛද්‍යවරුන්ට සාරධර්ම නැති නිසාදැයි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති මහාචාර්ය බෙල්ලන්විල විමලරතන නාහිමියෝ විමසති.

    වෛද්‍යවරුන් තවත් පිරිසක් එකතු කරගෙන සිකුරාදා (05දා) වැඩ වර්ජනයක නිරත වුවත් එදින ප්‍රතිකාර ගැනීමට පෞද්ගලික රෝහල් වෙත යෑම සඳහා රටේ බහුතර ජනතාවට මුදල් නොමැති බවද උන්වහන්සේ පැවැසූහ. සයිටම් ආයතනය තිබුණත් නැතත් තමන් වහන්සේට ප්‍රශ්නයක් නොමැති බවද උන්වහන්සේ පෙරේදා (03දා) මහවැලි කේන්ද්‍රයේදී පැවැති පලිඟු මැණිකේ තිරනාටකය පොතක් ලෙස එළිදැක්වීමේ සහ ධම්ම ජාගොඩ අනුස්මරණ උත්සවයට සහභාගි වෙමින් පැවැසූහ.

    [rns_reactions]

  • ඇමරිකාව අතහරින්න බෑ – මම ලංකාවට වඩා එහෙට කැමතියි – බැසිල් කියයි..

    ​තමන් සතු ඇමරිකානු පුරවැසිභාවය අතහැරීමට කිසිසේත්ම සුදානම් නොමැති  බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ පවසයි.

    ඔහු මේ බව කියා සිටියේ බීබීසී සිංහල සේවය ෆේස්බුක් අඩවිය ඔස්සේ සජීවීව විකාශනය කළ සංවාදයකට එක්වෙමිනි.

    ද්විත්ව පුරවැසිභාවය හේතුවෙන් ගීතා කුමාරසිංහ මන්ත්‍රීවරියගේ මන්ත්‍රීධුරය අහෝසිකරන ලෙස අභියාචනාධිකරණය නියෝගයක් ලබාදී තිබේ.

    හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ හා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපපක්ෂ යන දෙදෙනාම ඇමරිකාවේ හා ශ්‍රී ලංකාවේ ද්විත්ව පුරවැසිභාවය හිමි අය වෙති.

    ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනයට මගින් ද්විත්ව පුරවැසිභාවය හිමි පුද්ගලයෙකුට මැතිවරණයකට තරග කිරීම වළක්වා තිබේ.

    ඇමරිකානු පුරවැසිභාවය අතහරින්නට සුදානම් දැයි බීබීසීය විමසූ විට බැසිල් රාජපක්ෂ හිටපු අමාත්‍යවරයා පැවසුවේ ඒ සඳහා තමන් කිසිසේත්ම සුදානම් නැති බවය.

    [rns_reactions]

  • වෛද්‍යවරුන් ගැන මෙරට බුද්ධිමත් ජනතාවගේත් ජනාධිපතිවරයාගේත් මතය… (Video)

    ව්‍යාපාරික නෙවිල් ප්‍රනාන්දුට අයත් මාළඹේ සයිටම් වෛද්‍ය උපාධි අලෙවි ආයතනයට එරෙහි රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය සහ ඊට සහය පළකරමින් රජයේ අනෙකුත් රාජ්‍ය ආයතනය සහ වෘත්තීය සංගම් අද (05) දිනයේදී වැඩ වර්ජනයක නිරත වන අතර මේ වන විට ඊට වෘත්තීය සමිති 150 ක සහාය හිමිව තිබේ.

    මීට පෙරද වෛද්‍යවරුන් මාළඹේ සයිටම් වෛද්‍ය උපාධි අලෙවි ආයතනයට එරෙහිව අවස්ථා කිහිපයකදී වැඩ වර්ජනවල නිරත වු අතර එවැනි අවස්ථාවක මේ පිළිබඳව ජනතාව දැක්වූ අදහස් සහ වෛද්‍යවරුන් පුමුඛ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පිළිබඳව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැක්වූ අදහස්.

    [rns_reactions]

  • හොරෙන් බැන්ඳ පොලීසියේ 149 ක් යළි පොලිසියට

    ශ්‍රී ලංකා පොලිස් සේවයට ආධුනික නිලධාරීන් ලෙස බදවාගන්නා නිලධාරීන්ට වසර 03 කාලයක් යන තෙක් විවාහ වීමට අවසර ලබා නොදෙන බව සඳහන්.

    එහෙත් එම නීතිය උල්ලංඝනය කරන කරමින් ආධුනික පොලිස් සේවා කාලය තුළ විවාහවීම හේතුවෙන් රැකියාව අහිමි වූ 149 දෙනෙකු නැවත සේවයේ පිහිටුවීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.

    ආධුනික කාලය තුළ විවාහ වීම හේතුවෙන් පත්වීම් අවලංගු කල පොලිස් නිලධාරීන් 149 දෙනෙකු නැවත සේවයේ පිහිටුවීම පොලිස් කොමිෂන් සභාවේ අවසරය මත සිදුකෙරෙන බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය.

    ඒ අනුව උප පොලිස් පරීක්ෂකවරුන් තිදෙනෙකු , පොලිස් කොස්තාපල්වරුන් 132කු කාන්තා පොලිස් කොස්තාපල්වරියන් 13 දෙනෙකු සහ පොලිස් කොස්තාපල් රියදුරෙකු මෙලෙස යළි සේවයේ පිහිටුවන බව සඳහන්ය.

    [rns_reactions]

  • අද වාහනේ අරන් කොළඹ යන්නේ බලාගෙනයි!

    කොළඹ නගරයේ මංතීරු නීතිය කඩ කරන සහ මාර්ග නීති කඩකරන රියදුරන්ට නඩු පැවරීමේ විශේෂ රථවාහන මෙහෙයුමක් අද(04) දිනයේ දී සිදු කරන බව පොලිස් මූලස්ථානය සදහන් කරයි.

    සිලෝන් මෝටර් ට්‍රේඩර්ස් ආයතනය සහ කොළඹ රථවාහන මූලස්ථානයේ නිලධාරීන් එක්ව මෙම මෙහෙයුම දියත් කරනු ඇත.

    පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා කියා සිටියේ සිලෝන් මෝටර් ට්‍රේඩර්ස් ආයතනය මේ සදහා පුද්ගලික වාහන 10ක් ලබා දෙන බවත් එම වාහනවල සිවිල් ඇදුමින් සැරසුනු පොලිස් නිලධාරීන් කොළඹ නගරය පුරා සංචාරය කරන බවය.

    එම සංචාරයේ දී මාර්ග නීති සහ මංතීරු නීති කඩකරන වාහන දුටුවහොත් ගමන් කථන මගින් කොළඹ පාලකස්ථානයට සහ ඉදිරියේ රථවාහන රාජකාරියේ යෙදී සිටින නිලධාරීන්ට දැනුම් දී රථවාහන නඩු ලබා ගැනීමට සැලසුම් කර ඇත.

    එම ලබාගැන්නා රථවාහන නඩුවේ සාක්ෂිකරුවන් ලෙස රථවාහන නඩු ලබා ගත් නිලධාරියා සහ මාර්ග නීති හෝ මංතීරු නීති කඩකරන බවට දුටු සිවිල් ඇදුමින් සැරසුනු පොලිස් නිලධාරියා නම් කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා

    එසේම දඩපත් දීමට හැකි වරදවල් සදහා දඩපත් නිකුත් කිරීම සහ අනෙකුත් වැරදි සදහා අධිකරණයේ නඩු පැවරීමට කටයුතු කරනු ඇත.

    කොළඹ නගරයේ ක්‍රියාත්මක මෙම වැඩසටහන ඉදිරියේ දී දීපව්‍යාප්තව ක්‍රියාත්මක නිරීමට ද සැලසුම් කර තිබේ.

    [rns_reactions]

  • විදුහල්පති ඉදිරියේ නිරුවත පෙන්වන්න ගිය මවකට වෙච්චි දේ..

    පසුගිය සතියේ පාසලේ විදුහල්පතිවරයාගේ කාමරයට පැමිණි සිසුවකුගේ මවක්‌ ඇය ඇඳ සිටි ඇඳුමේ උඩුකයේ පිටුපස කොටස සම්පූර්ණයෙන් විවෘතව තිබීම සම්බන්ධයෙන් ඇයට දැඩි සේ අවවාද කළ විදුහල්පතිවරයා නැවත පාසලට පැමිණෙන්නේ නම් සංවරශීලී ඇඳුමින් පැමිණිය යුතු බව පැවසීය.

    තමන් අදහන ගරුකරන ආගමික ස්‌ථානයට යන සියලුම දෙනා සිතෙන් පමණක්‌ නොව ඇඳුමෙන් ද සංවරව සිටින බවත් දරුවන්ගේ දෙමාපියන් පාසලකට ඇතුළු වීමේදී ඇඳුමෙන් සංවර විය යුතු බව කුරුණෑගල ශ්‍රීමත් ජෝන් කොතලාවල මහා විද්‍යාලයේ විදුහල්පති ඩී. බී. සී. දෙනිපාගොඩ මහතා පැවසීය.

    රටට සමාජයට යහපත් පුරවැසියන්, උගතුන්, බුද්ධිමතුන් නිර්මාණය කරන පාසල සැබවින්ම පූජනීය ස්‌ථානයක්‌ බවත් පාසලේ ගරුත්වය ආරක්‌ෂාකර ගැනීම පාසලේ අධ්‍යාපනය ලබන දරුවන් පමණක්‌ නොව දෙමාපියන් නිරන්තරයෙන්ම සිතේ තබාගත යුතු බව විදුහල්පතිවරයා අවධාරණය කළේය.

    [rns_reactions]

  • දයාසිරි, සජිත්ව ඇමතිවරු ඉදිරියේ කින්ඩි කරයි (Video)

    මැයි දිනයදා එජාපයේ අමාත්‍ය සජිත් ප්‍රේමදාස වේදිකාවේදී පක්ෂය වෙනුවෙන් සිදුකළ කථාවක් ශ්‍රීලනිපයේ අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා විසින් උපහාසයට ගෙන අනෙක් අමාත්‍යවරුන් සමඟ සිදුකරන කථාවක වීඩියෝ පටයක් මාධ්‍යවෙත මුදා හැර තිබේ.

    සජිත් සහ දයාසිරි යන කලකට ඉහත අඹ යහලුවන් වූ අතර එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාව නායකත්වයෙන් නෙරපා සජිත් ප්‍රේමදාස පක්ෂයේ නායකත්වයට පත්කරගැනීමේ කුමන්ත්‍රණකාරී මෙහෙයුමේ දයාසිරිද ප්‍රධානියෙකු විය.

    [rns_reactions]