Blog

  • ගම්මන්පිලට විසඳුමක් දිය නොහැකි ඔහුගේ නෝනගේ කුණු වෙන් කිරීම. (video)

    ඊයේ(28) දිඅ පාර්ලිමේන්තුවේදී කොලොන්නාව කසල ප්‍රශ්නය පිළිබඳව සාකච්චාවට ලක් කළා.

    එහිදී උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කල සිටියේ ඔහුගේ නෝනට ගෙදර  කසල වෙන් කරන එක ප්‍රශ්නයක් බවයි. නෝනා අසන ප්‍රශ්න වලට තමන්ට  විසදුම් නැති බවත් ඔහු පැවසිය..

    මේ කතාවේ ඇත්ත නැත්ත නම් දන්නේ ගම්මන්පිල සහ ඔහුගේ නෝනා පමණි.

    [rns_reactions]

  • රාජිත ඇමතිතුමාට මල්ටිබැරල් ප්‍රහාරයක්…(video)

    ඇමති රාජිත සේනාරත්න මහතාගේ  ප‍්‍රකාශයන් නිසා ආණ්ඩුව අගාධයට යන බව ඇමති ජොන් සෙනෙවිරත්න මහතා පවසයි.

    කොලඹ ශ‍්‍රිලනිප මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඇමතිවරයා මෙසේ කීය.

    ඇමති සරත් ෆොන්සේකා මහතා යොදවා වැඩ වර්ජන උද්ඝෝෂන මර්දනය කිරීම කිසිම අදහසක් ජනාධිපතිවරයා නොදරන බව තමන් සමග පැහැදිලිව කී බවත්, සාමාන්‍යයෙන් කැබිනට් ප‍්‍රකාශකයෙකු ප‍්‍රකාශ කල යුත්තේ රජයේ මතය මිස ඔහුගේ පුද්ගලික මතය නොවන බවද ඇමතිවරයා කීය.
    [rns_reactions]

  • හිරේ ඉදන් වොයිස් කට් එකක් අතර්ජාලයට එක්කල SF ලොකුගේ ආන්දෝලනාත්මක වීඩියෝව මෙන්න.

    වාහනයක් කොල්ලකෑමේ සිද්ධියකට රක්ෂිත බන්ධනාගාරගතකළ ඉරෝන් රණසිංහ හෙවත් එස්.එෆ් ලොක්කා විසින් සිරමදිරියක් තුළදී ජංගම දුරකථනයකින් පටිගත කරන ලද දර්ශන පෙළක් සමාජ මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා.
    අනුරාධපුර සමාජශාලා හිමිකරුවෙකු වූ කරාතේ ශූර වසන්ත සොයිසා ඝාතනයේ ප්‍රධාන සැකකරු වන ඉරෝන් රණසිංහ හෙවත් එස්.එෆ් ලොක්කා මැයි මස 9 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළා.

    [rns_reactions]

  • දියේ ගිලී අතුරුදහන් දැරිය කිඹුලාගේ බඩේ…

    ගල්නෑව – බුලන්කඩුව වැවේ දිය නාමින් සිටිය දී වයස අවුරුදු 13ක දැරිය රැගෙන ගිය කිඹුලා වෙඩි තබා මැරීමෙන් පසු දැරියගේ සිරුර කිඹුලාගේ බඩේ තිබියදී සොයා ගැනුණා. 

    කිඹුලා දැරිය රැගෙන යාමෙන් පසු ඇගේ සිරුර සොයා ගැනීම සදහා ඊයේ දිනය තුල මෙහෙයුම් ක්‍රියාත්මක කෙරුණා.  මෙම කිඹුලන් සිටින ස්ථානයන් බැකෝ යන්ත්‍ර මගින් හාරා පරීක්ෂා කළ ද ඊයේ පස්වරු වන විටත් සොයා ගැනීමට නොහැකි වුණා.  එහෙත් තවදුරටත් ප්‍රදේශවාසීන් කිඹුලා සොයා මෙහෙයුම් ක්‍රියාත්මක  කළ අතර එම උත්සාහයන් අසාර්ථක වීමෙන් පසු ප්‍ර දේශවාසීන් කිඹුලා සෙවීම අතහැර දමා තිබෙනවා.

      ඉන් පසු දැරියගේ බාප්පා විසින් අද අළුයම  කිඹුලා සොයාගැනුණු අතර එහිදී මෙම විසින් කිඹුලාව වෙඩි තබා මාරූ බවයි වාර්තා වන්නේ.  වෙඩි තැබීමෙන් පසු කිඹුලා පරීක්ෂා කිරීමේ දී දැරියගේ සිරුර කිඹුලාගේ බඩ තුළ තිබී සොයා ගැනුණා. 

     ඊයේ සවස 6.30ට පමණ දැරිය දිය නෑමට ගොස් ඇත්තේ මව, පියා සහ වැඩිමහල් සහෝදරයා සමගයි.  එක්වරම දැරිය අතුරුදන්ව තිබෙනවා.  ඇගේ පාවහන් යුගල දිය මත පාවෙමින් තිබූ බවයි පසුව නිරීක්ෂණය වී ඇත්තේ.

      දිය නෑමට පෙර එහි කිඹුලෙකු සිටි බවට ඔවුන් දැක තිබෙනවා.  ප්‍රදේශවාසීන් පවසන්නේ එහි කිඹුලන් කිහිප දෙනෙකු සිටින බවයි.  ගල්නෑව පොලිස් නිලධාරීන් යුද හමුදාව සමග එක්ව දැරිය සොයා මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා.  ගල්නෑව විදුහලේ 07 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන ඇය පවුලේ එකම ගැහැණු දරුවායි.  
    [rns_reactions]

  • ගෙවල් 300 ක්‌ කැඩූ 'කබරයා' අල්ලයි

    නිවාස තුන්සියයකට අධික ප්‍රමාණයක්‌ කඩා කිහිප විටක්‌ම විදුලි වැට කඩා දමමින් ගම්මාන රැසක ජනතාව භීතියට පත්කළ බකිනිගස්‌දෝවේ ‘කන් කබරයා’ දින පහක මෙහෙයුමකින් පසු වනජීවී ග්‍රහනයට ගැනීමෙන් පසු පෙරේදා (27 දා) සවස අනුරාධපුර හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්‌ථානයට පිටත් කළ බව මාදුරුඔය වනෝද්‍යාන භාරකාර ඩී. එස්‌. ජයසෝම රත්නායක මහතා පැවසීය.

    බකිනිගස්‌දෝව, වීරාණගම, පදවල, මඩුපොත, විලතලාව, ළිඳගල, ගල්ඕඩේ, නාවින්න ආදී ගම්මාන රැසකට කඩාවැද නිවාස, වගාබිම් රැසක්‌ වැනසූ මෙම අලියා කිහිප විටක්‌ම විදුලි වැටටද හානිකර ඇත. අවසාන වශයෙන් පසුගිය 26 වැනිදා මෙම අලියා නිර්වින්දනය කළ අවස්‌ථාවේද අලි වැට කඩාදමමින් වනෝද්‍යානයට පැනගොස්‌ තිබේ.

    නැගෙනහිර පළාත් භාර පශු වෛද්‍ය නිලධාරි ඩී. බී. එන්. පුෂ්පකුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් පශු වෛද්‍ය කණ්‌ඩායමක්‌ මෙම මෙහෙයුමට එක්‌ව සිටියහ.

    හොරොව්පොතානට රැගෙන යැමට අලියා වාහනයට පැටවීමට පැය තුනකට අධික දැඩි වෙහෙසකර උත්සාහයක්‌ දැරීමට වනජීවී නිලධාරීන්ට සිදුවිණි.

    [rns_reactions]

  • 70 දශකයේ ශිෂ්‍ය ව්‍යාපාරයේ යුග පුරුෂයා සිසුන්ගේ කලිසම් ගැලවූ හැටි ! (Video)

    70 දශකයේ ශිෂ්‍ය ව්‍යාපාරයේ යුග පුරුෂයා සිසුන්ගේ කලිසම් ගැලවූ හැටි !!!

    [rns_reactions]

  • ලෝක කම්කරු දිනයේ ලංකාවේ මැයි රැළි 16ක්….

    අන්තර්ජාතික කම්කරු දිනය නිමිත්තෙන් මැයි 01 වැනි දා කොළඹ සහ මහනුවර රැළි 16ක් පැවැත්වීමට නියමිත ය.

    මැයි දිනය තුළ නීතිය හා සාමය ක්‍රියාත්මක කිරීම සඳහා පොලිස් නිලධාරීන් 2600ක් අනුයුක්ත කර ඇති බවත් රැළි හැසිරවීම සඳහා රථවාහන පොලිස් නිලධාරීන් 1500ක් අනුයුක්ත කළ බවත් පොලිසිය පවසයි.

    මැයි දින රැළි පහත ස්ථානවලදී පැවැත්වීම නියමිත ය.

    එක්සත් ජාතික පක්ෂය (එජාප)

    කැම්බල් පිටිය

    ***********

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂය(එජනිස)

    මහනුවර ගැටඹේ ක්‍රීඩාංගනය

    ************

    වෘත්තීය හා කාර්මික ප්‍රගතශීලි සේවක සංගමය

    ගාලු මුවදොර පිටිය

    **************

    ලංකා සමසමාජ පක්ෂය

    ගාලු මුවදොර පිටිය

    ***************

    ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ

    ගාලු මුවදොර පිටිය

    **************

    මහජන එක්සත් පෙරමුණ

    ගාලු මුවදොර පිටිය

    ****************

    ජාතික නිදහස් පක්ෂය

    ගාලු මුවදොර පිටිය

    *****************

    ජනතා විමුක්ති පෙරමුණ

    බීආර්සී ක්‍රීඩාංගනය

    *****************

    ලංකා බැංකු සේවක සංගමය

    ස්ටැන්ලි ජෑන්ස් පිටිය

    *****************

    ලංකා වෙළඳ කාර්මික හා පොදු කම්කරු සංගමය

    ස්ටැන්ලි ජෑන්ස් පිටිය

    *****************

    නිදහස් වෙළඳ කලාප පොදු සේවක සංගමය

    ස්ටැන්ලි ජෑන්ස් පිටිය

    ****************

    එක්සත් කම්කරු සම්මේලනය

    ස්ටැන්ලි ජෑන්ස් පිටිය

    ****************

    එක්සත් සමාජවාදී පක්ෂය

    ග්‍රෑන්ඩ්පාස් කොස්ගස් හන්දිය

    ****************

    ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය

    විහාරමහා දේවී එළිමහන් රංග පීඨය

    ******************

    ග්‍රාම නිලධාරී සංගමය

    මහජන පුස්තකාල ශ්‍රවණාගාරය

    ******************

    සමාජවාදී සමානතා පක්ෂය

    නව පුරහල

    *****************

    ක්‍රිස්තියානි කම්කරු සහෝදරත්වය

    ශාන්ත මයිකල් දේවස්ථානය, පොල්වත්ත

    ****************

    ජාතික හෙළ උරුමය

    බොධිරාජ මාවත පදික වෙළෙඳ මධ්‍යස්ථානය

    ******************

    නව සමසමාජ පක්ෂය

    ගුණසිංහපුර ක්‍රීඩාංගනය

    **********************

    හිටපු ජනාධිපති ආර්යා හේමා ප්‍රේමදාස සහ එක්සත් ජාතික පක්ෂය

    කෙසෙල්වත්ත ප්‍රේමදාස පිළිරුව අසල

    *********************

    පෙරටුගාමී සමාජවාදී පක්ෂය

    නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය ඉදිරිපිට

    *****************

    සමාජවාදී පක්ෂය

    ජයන්ත වීරසේකර ප්‍රජා මධ්‍යස්ථාන ශාලාව, මරදාන

    *********************

    පොදුජන මෙත්සිත් පෙරමුණ

    පරණ පුරහල,පිටකොටුව

     [rns_reactions]
  • පච ඇල්ලක් වූ කිරි ඇල්ල ආණ්ඩුවම පච කරයි

    වත්මන් රජයේ උසස් අධ්‍යාපන සහ මහා මාර්ග අමාත්‍යවරයා කට මැත දොඩවන වගකීම් රහිත පුද්ගලයෙකු බවට මේ රටේ පොදු මහජනතාවට ඔප්පු කර හමාරය.

    ‘ඕනි ගොනෙකු යුද්ධ කළ හැකියැයි’ කියූ එම පච ඇල්ලක් වූ කිරි ඇල්ලගේ තවත් පචයක් මේ වන විට සමාජජාල වල හුවමාරුවෙමින් තිබේ.

    රජයේ වගකිව යුතු අමාත්‍යවරයෙකුගේ මෙම හැසිරීම මුළු මහත් රජයටම කැළලක් වී හමාරය.

    [rns_reactions]

  • මැයි රැලියට ගෝල්ෆේස් යන උදවිය මේ අභ්‍යාසයේ අනිවාර්යෙන් යෙදෙන්න…..සුනිල් ජයසේකර

    රාජ්‍ය දේපළ විකිණීමට එරෙහිව ගෝල්ෆේස් පිටියේ කළයුතු අභ්‍යාසය…
    ලෝක කම්කරු දිනය හෙවත් පොදු ව්‍යවහාරයේදී බොහෝ දෙනෙකු විසින් හ`දුන්වන මැයි දිනය අත ළ`ගටම පැමිණ තිබේ. ශ‍්‍රී ලංකාවේ වෘත්තීය සමිති ව්‍යාපාරයට අයත් මේ රටේ සැබෑ කම්කරුවන්ගේ සිට දේශපාලන ප‍්‍රවාහයට අයත් සියලූ දේශපාලන පක්ෂයන් ද සෑම වසරකදීම මැයි දිනය සමරනු ලබන්නේ මහත් ඉහළිනි. ලෝක කම්කරු දිනයේ ඉතිහාසය 1888 තරම් ඈතට දිවයන්නකි. එහි ඇරඹුම සටහන් වන්නේ තම වැඩකරන සේවා මුරයන් පැය අටකට සීමා කරන ලෙසට ඉල්ලා සිදුකරන ලද අරගලයකි. 1888 මැයි මස පළමු වනදා ඇමරිකාවේ චිකාගෝ නගරයට එක්රැුස් වූ හැටපන්දහසකට අධික කම්කරු ජනතාවක් සිය සේවා මුරය පැය අටකට සීමා කරන ලෙසට ඉල්ලමින් ගෙනගිය උද්ඝෝෂණයට එදා සිටි ඇමරිකානු පාලකයන් පිළිතුරු දී ඇත්තේ තුවක්කුවෙනි. ප‍්‍රථිඵලය වූයේ කම්කරුවන් හතරදෙනෙකු ජීවිතක්ෂයට පත්වීමය.
    එදා ඇමරිකාවේ චිකාගෝ නගරයේදී වෙඩි වැදුණ කම්කරුවන්ගේ සිරුරින් ගැලූ රුධිරයෙන් තෙත් වූ ඇ`දුම්වල රතු පැහැය සංකේතවත් කරමින් රතු ධජය කම්කරු දිනයේ සළකුණ බවට පත්විය. එදා සිට අද දක්වාම සමස්ත ලෝකවාසී ජනතාව සිය වෘත්තීය අයිතිවාසිකම් උදෙසා මෙන්ම සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් උදෙසා කරන අරගල මුවහත් කරගැනීමට මැයි දිනය මනා පිටුවහලක් කරගනු ලැබීය. ඒ අනුව තවත් දින කිහිපයකින් එළැඹෙන මැයි දිනය ශ‍්‍රී ලාංකීය කම්කරු ප‍්‍රජාවට ද සුවිශේෂි වූ තවත් එක් අනුස්මරණීය දිනයක් වනවාට කිසිදු සැකයක් නැත.
    එහෙත් මෙහිදී අවධාරණය කළයුතු, මේ රටේ සමස්ත ජනතාවම තේරුම්ගත යුතු ඉතා වැදගත් කරුණක් තිබේ. එනම් විශේෂයෙන්ම අප රටට අදාළව සැලකීමේදී දේශීය ආර්ථිකයට මෙන්ම ශ‍්‍රී ලංකා ජනසමාජයේ ප‍්‍රගමනයට ද සුවිශාල දායකත්වයක් ලබාදෙන ශ‍්‍රී ලංකාවේ සැබෑ කම්කරුවන් අතරින් එක් කොටසක් අමතක කර දමා ඇති බවය. එනම් මැද පෙරදිග ද ඇතු`එ විදේශගතව සිටින ශ‍්‍රී ලාංකීය කම්කරු ප‍්‍රජාවය. ඔවුන් විසින් ශ‍්‍රී ලංකාවට ලබාදෙන ඉහළම දායකත්වය නොවන්නට වර්තමාන ශ‍්‍රී ලංකාවේ සැබෑ තත්වය මීට වඩා බොහෝ සේ වෙනස්වීමට ඉඩ තිබේ. ඉතා සරළව පැහැදිළි කළහොත් අද ශ‍්‍රී ලංකාවේ සමස්ත ආර්ථිකයම ර`දා පවතින්නේ විදේශගත ශ‍්‍රමිකයන් වෙතින් රටට උපයා දෙන විදේශ විනිමය මුල් කරගනිමිනි. එහෙත් මේ රටේ දේශපාලකයන් මෙන්ම වැඩකරන ජනතාව පෙරටු කරගත් ශ‍්‍රී ලාංකීය වමේ ව්‍යාපාරය මෙන්ම වෘත්තීය සමිති ව්‍යාපාරයද ඒ පිළිබ`දව දක්වන අඩු සැලකිල්ල තේරුම්ගැනීමට ද අසීරුය.
    ඒ සමගම ගැඹුරින් විමසා බැලියයුතු ප‍්‍රශ්නයක් ද තිබේ. එනම් කම්කරු දිනයේ අරමුණ හා අපේක්ෂා සහ දේශපාලන උපායමාර්ග අතර දක්නට ඇති බරපතළ පරස්පරයයි. ශ‍්‍රී ලංකාවට අදාළව සැලකීමේදී නම් එය සියලූ දේශපාලන ව්‍යාපාරයන්ට හා බොහෝ වෘත්තීය සමිති මෙන්ම සංවිධාන වලට ද අදාළය.
    ඒ ස`දහා දැක්විය හැකි හො`දම උදාහරණය මැයි මස පළමුවනදා ගෝල්ෆේස් පිටියේදී අත්දැකිය හැකිය. මෙවර සිය මැයි දින රැුළිය ස`දහා ගෝල්ෆේස් පිටිය තෝරාගෙන ඇත්තේ ඒකාබද්ධ විපක්ෂය විසින්ය. එහිදී ප‍්‍රතිවාදී බොහෝ දේශපාලන කණ්ඩායම් ඒකාබද්ධ විපක්ෂය දෙස ඇස් යොමා බලා සිටින්නේ ගෝල්ෆේස් පිටිය පිරවීම ස`දහා ඒකාබද්ධ විපක්ෂය කටයුතු කරන ආකාරය ගැනය. එහෙත් සත්‍යවශයෙන්ම විමසා බැලියයුත්තේ ඒ ගැන නොවේ. ඒකාබද්ධ විපක්ෂය ස`දහන් කරන ආකාරයට ඔවුන් මේ වනවිට සමාජගත කරන්නට උත්සාහ කරන බලවත් සටන් පාඨයක් තිබේ. එනම් රාජ්‍ය දේපල විදේශිකයන්ට විකිණිමට එරෙහිවීමය. එය මේ රටේ ජනතාව ගැඹුරින් අවබෝධ කරගතයුතු ඉතා වැදගත් සටන් පාඨයකි. නිසි සමාජ සංවාදයක් මේ වනතෙක්ම ඇතිවී නැතත් එය සමාජයේ සංවාදයට ලක්විය යුතු වැදගත් මාතෘකාවකි.

    ඒ අනුව ඒකාබද්ධ විපක්ෂයේ මෙවර මැයි රැුළියට සහභාගී වීමට අපේක්ෂා කරන සියලූම පාක්ෂිකයන්ට සිදුකළ හැකි වැදගත් අභ්‍යාසයක් තිබේ. නිසැක වශයෙන්ම එය ඔවුන්ගේ දේශපාලන අවබෝධයට ද ඉතා වැදගත්විය හැකිය.

    එහිදී ගෝල්ෆේස් පිටියට පැමිණ ඔවුන් මුලින්ම කළයුතුව ඇත්තේ හො`දින් නෙත් හැර උතුරු දිශාව නිරීක්ෂණය කිරීමය. එවිට දිස්වනු ඇත්තේ ඉදිකරමින් පවතින පෝර්ට් සිටි වැඩබිමය. මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන කාලයේදී එම භූමිභාගය චීන සමාගමකට පවරා දී තිබුණේ කෙසේද යන්න එවිට ඔවුන්ට මෙනෙහිවනවා නිසැකය. කෝට්ටේ යුගයේදී රජකළ දොන් ජුවන් ධර්මපාලගෙන් පසු මේ රටේ කිසිදු පාලකයෙක් සිදුකර නැති අන්දමේ ශ‍්‍රී ලංකා භූමියේ කොටසක් විදේශීය සමාගමකට සින්නක්කරවම ලියාදුන්නේ කවුරුන්දැයි ඔවුන්ට එහිදී ප‍්‍රශ්න කළ හැකිය. 

     

    එපමණක් ද නොවේ. ගෝල් ෆේස් පිටියේ සිට නැගෙනහිර දෙසට නෙත් යොමුකළ විට එස්.ඩබ්.ආර්.ඞී බණ්ඩාරනායක පිළිරුව පුංචි කුහුඹුවකු කරමින් අහස්කුස කරා යොමුවූ දැවැන්ත ගොඩනැගිලි දෙකක් ඔවුන්ට දැකගත හැකිය.

    ඒ ඉදිවෙමින් පවත්නා ෂැංග‍්‍රිලා හෝටලයයි. එය ඉදිවන බිම චීන සමාගමකට පවරා දුන්නේ කවුරුන්දැයි ඔවුනට එහිදී ප‍්‍රශ්න කළහැකිය. එපමණක්ද නොව නූතන වෙළෙ`දපොළ වටිනාකම අනුව රුපියල් කෝටි ගණනාවකට වඩා වටිනා එම ඉඩමේ පර්චසයක් රුපියල් ලක්ෂ අටක් තරම් අඩු මුදලකට විකිණීමේ රහස ද එහිදී ඔවුනට තේරුම්ගත හැකිය.

     

    අභ්‍යාසය එතැනින්ද නතර කළයුතු නැත. ගෝල්ෆේස් පිටියට මදක් නුදුරින් කොටුවේ ට‍්‍රාන්ස්වර්ක් හවුස් අසළ පිහිටි ඉඩමට ද ඔවුන් පැමිණිය යුතුමය. එම ඉඩමේ වර්තමාන අයිතිය හිමිව ඇත්තේ කවුරුන් වෙත දැයි හො`දින් විමසා බැලිය හැකිය. එම ඉඩම විකිණීමෙන් ලබාගෙන ඇති රුපියල් දසලක්ෂ හයසිය පනහක කොමිස් මුදල තැන්පත්ව තිබුණේ කාගේ බැංකු ගිණුමේද යන්න ඒ සමගම විමසා බැලිය හැකිය.

    දේශීය සම්පත් විදේශිකයන්ට විකිණීම ගැන තවදුරටත් කරුණු ප‍්‍රත්‍යක්ෂ කරගැනීමට අවශ්‍ය වන්නේ නම් මරදානේ ටෙක්නිකල් වටරවුමට ගොස් එහි ඇති අක්කර 29යි රූඞ් දෙකක ඉඩම ද හො`දින් දැකබලාගත හැකිය. ඉහත ස`දහන් කළේ ගෝල්ෆේස් පිටිය හා ඒ අවට ඇති ස්ථාන තුනක් පමණය.

    ඒ අනුව ඒකාබද්ධ විපක්ෂයේ මැයි රැුළියට එන සෑම කෙනෙකුටම එතැන් සිටම තම විරෝධය ඇරඹිය හැකිය. ඒ විරෝධය අවංක එකක් වේ නම් අවබෝධයෙන් යුතුව සිදුකරන්නේ නම් ඊට වගකිවයුත්තන් පහසුවෙන්ම සොයාගැනීමට ඔවුනට හැකිවන ඇත.

    එය අවබෝධ කරගතහොත්, මැනවින් හ`දුනාගතහොත් මේ රටේ දේශීය සම්පත් විදේශිකයන්ට විකිණීම කෙරෙහි සැබෑ සටන ඇරඹෙනු ඇත්තේ එතැනදී ය.

    සුනිල් ජයසේකර

    [rns_reactions]

  • ඇමරිකාව හෙළු යෝධ බොම්බයෙන් ඇෆ්ගනිස්‌ථානයේ දර්ශනීය පළාතක්‌ වැනසෙයි….

    ඇමරිකාව විසින් අයිසිස්‌ ත්‍රස්‌තයන්ගේ බංකර් සහ කේන්ද්‍රස්‌ථාන වැනසීම සඳහා යොදාගත් පුපුරණ ද්‍රව්‍ය ටොන් 11 ක්‌ සහිත යෝධ බෝම්බය නිසා නැගෙනහිර ඇෆ්ගනිස්‌ථානයේ විශාල කඳුකර ප්‍රදේශයක්‌ මුළුමනින්ම වැනසී ඇත.

    මෙම බෝම්බය හෙලූ ස්‌ථානය වෙත මුල්වරට බටහිර මාධ්‍ය පිවිස තිබේ.

    එම බෝම්බ ප්‍රහාරයෙන් දර්ශනීය ප්‍රදේශයක්‌ වැනසී ඇත. එම ප්‍රහාරයෙන් අයිසිස්‌ ත්‍රස්‌තයන් 96 ක්‌ මරුමුවට පත් වූ බව ඇමරිකානු බලධාරීන් හෙළිකර තිබේ.

    [rns_reactions]

  • ඕස්‌ට්‍රේ‍ලියාවට සහ නවසීලන්තයට ප්‍රහාර එල්ල කරනවා – උතුරු කොරියාව

    ඕස්‌ට්‍රේ‍ලියාවට සහ නවසීලන්තය යන රටවලට ප්‍රහාර එල්ල කරන බව උතුරු කොරියාව තර්ජනය කර ඇත. මෙයට පෙර උතුරු කොරියාව විසින් ඇමරිකානු කාල්වින්සන් නෞකාව විනාශ කරන බවට තර්ජනය කර තිබුණි.

    ඕස්‌ටේ්‍රලියාව සහ නවසීලන්තය යන රටවල් ඇමරිකාවට සහය දැක්‌වීමෙන් වැළකී සිටිය යුතු බවද උතුරු කොරියානු නායකත්වය තවදුරටත් දන්වා ඇත. මේ අතර ඕස්‌ටේ්‍රලියානු අගමැති මැල්කම් ටර්න්බුල් පැවසූවේ උතුරු කොරියාවේ අනතුරුදායක ක්‍රියාවන් නතර කිරීමට චීනය මැදිහත් විය යුතු බවයි.

    [rns_reactions]

  • ජිවිත බිලිගන්නා අම්බලන්ගොඩ මාරක දුම්රිය මාර්ග කපොල්ල…

    අම්බලන්ගොඩ නගරයේ පිහිටා ඇති ප්‍රධාන බාලිකා පාසලක් වු ප්‍රජාපතී බාලිකා විදුහලේ ශිෂ්‍යාවන් විශාල සංඛ්‍යාවක් අම්බලන්ගොඩ බස්රිය පොළට එමින් පවතින්නේ දුම්රිය හරස් පාර මැදිනි.

    දුම්රිය ස්ථානයට ආසන්න දුම්රිය මාර්ගය ඉතාමත් අනතුරුදායක වුවත් දුම්රිය බලධාරීන් එම ස්ථානය් ක්‍රමවත් ආරක්ෂිත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර නැත.

    දහස් ගණනක් ශිෂ්‍යාවන් සහ වෙනත් නගරවාසීන් නගරයට පැමිණීමට කෙටි මාර්ගයක් ලෙස දුම්රිය මාර්ගය භාවිතා කරති.

    මෙම දුම්රිය ස්ථානයේ අනෙක් දිශාවේ දුම්රිය මාර්ගයට උඩින් පාලමක් ඉදිකර ඇතත්, එය කැඩී බිදී ඇති නිසා කිසිවෙකුත් එම පාලම භාවිතා නොකරයි.

    මේවන විටත් ජීවිත කිහිපයක් දුම්රියේ ගැටීමෙන් නැති වී ඇති අතර කුඩා පාසල් සිසුන් එම දුම්රිය මාර්ගය හරහා එනවිට දුම්රියක් එනවාද නැද්ද යන්න ගැන කල්පනාවකින් තොරව දුම්රිය මාර්ගය හරහා එනහැටි දැකගත හැක.

    දුම්රියේ බලධාරීන් ඒ සම්බන්ධව මෙතෙක් කිසිම පියවරක් ගෙන නැත.

    ආරක්ෂිත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක නොකළ හොත් ජීවිත ගණනාවක් එකවර අහිමි වීමට සිදුවන බැව් නගරවැසියන් පවසති.

    [rns_reactions]

  • අමෙරිකාව – උතුරු කොරියාවට අනතුරු අගවයි

    “දින කීපයක් ඇතුළත” දකුණු කොරියාව තුළ මිසයිල ආරක්ෂණ පද්ධතිය සක්‍රිය කිරීමට සැලසුම් කරන බව ඇමරිකාව පවසයි.

    එමෙන්ම උතුරු කොරියාවට එරෙහිව පනවා ඇති ආර්ථික සම්බාධක තවදුරටත් තර කරන බවටත් ඇමරිකාව අනතුරු අඟවයි.

    තාඩ් මිසයිල ආරක්ෂණ පද්ධතිය 2017 වසරේ අග භාගයවන තෙක් භාවිතයට නොගන්නා බව මුලින් ප්‍රකාශයට පත් විය.
    තමන් උතුරු කොරියාවේ ඉලක්කයට ලක් විය හැකි බවට බිය පළ කරන බොහෝ දකුණු කොරියානු වැසියෝ තාඩ් මිසයිල ආරක්ෂණ පද්ධතිය සම්බන්ධයෙන් විරෝධය පළ කරති.
    තවදුරටත් මිසයිල සහ න්‍යෂ්ටික අත්හදාබැලීම් සිදු කරන බවට උතුරු කොරියාව ප්‍රතිඥා දී තිබේ.

     

    [rns_reactions]

  • ලොව විශාලතම "හාවා" ගුවනේදී මියයයි

    ලොව විශාලතම “හාවා” වූ සයිමන් ඇමරිකාවේ යුනයිටඩ් ගුවන් සේවා යානාවකින් ප්‍රවාහනය කරන අවස්‌ථාවේ හදිසියේම මියගොස්‌ ඇත. දසමස්‌ වියෑති සයිමන්ගේ දිග අඩි 3 කි සයිමන් මියගියේ කුමන හේතුවක්‌ නිසාදැයි මෙතෙක්‌ හෙළි වී නැත.

    බ්‍රිතාන්‍යයේ හීත්රෝ ගුවන් තොටුපලේ සිට චිකාගෝ නුවරට ප්‍රවාහනය කරමින් සිටි සයිමන් යානාවේ බඩු කාමරයේ කූඩුවක රඳවා තිබුණි. මෙම ගුවන් සේවාවට එරෙහිව ජනතාවගෙන් චෝදනා රැසක්‌ එල්ල වී තිබුණි.

    [rns_reactions]

  • දරුවෙකුගේ ජීවත්වීමේ අයිතිය ගැන දුක හිතෙන කතාවක්..

    මාස හයක කාලයක් පුරා, ලන්ඩනයේ ඔර්මොන්ඩ් වීදියේ රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන චාලි ගාර්ඩ් ළදරුවා පිළිබඳව දැන් ලොවම කතා කරන්නට පටන් ගෙන ඇත. ඒ, චාලි වෙත ලබා දී තිබූ ජීවිතාධාරක උපකරණ ගැලවිය යුතු බවට එරට අධිකරණය සහ රෝහල් බලධාරීන් ඉකුත් සතියේ දී තීරණය කිරීමත් සමගිනි.
    චාලි ගාර්ඩ් ළදරුවා ඉකුත් 2016 අගෝස්තු මස 4 දා ලන්ඩනයේ දී උපත ලබන්නේ, සාමාන්‍ය නිරෝගී දරුවෙකු ලෙසිනි. එහෙත් නිරෝගී සාමාන්‍ය දරුවෙකු ලෙසින් වැඩෙන්නට ෙදෙවය ඔහුට ඉඩ දෙන්නේ මාස දෙකක් පමණ කෙටි කාලයක් පමණි. උපත ලබා ඉතා කෙටි කලකින්, ශරීර බර සහ ශක්තිය සීඝ්‍රයෙන් හීන වීමත් සමග ඔහුගේ වර්ධන වේගය ඉතා පහළ වැටෙන්නට පටන් ගෙන තිබේ. තවමත් මාස අටක් පමණක් වයසැති සිය ජීවිතයෙන් මාස හයක කාලයක් ම රෝහලක දැඩි සත්කාර ඒකකයක් තුළ, පැය විසිහතරක් පුරා ජීවිතාධාරකයකින් පණ නල රැකගන්නට ඔහුට සිදු වී ඇත්තේ ඒ අනුවය.

    චාලි ගාර්ඩ් ගොදුරු වී සිටියේ ශරීරයේ මයිටොකොන්ඩ්රියා ක්ෂය වීමේ තත්ත්වයකටය. මයිටොකොන්ඩ්රියා යනු, ශරීරයේ ඉන්ද්‍රියයන්ගේ කාර්යයන් හා ශරීර ශක්තිය වර්ධනය කිරීමට බලපාන සෛල වේ. ඒවා ක්ෂය වීමත් සමග ක්‍රමයෙන් ශරීර ඉන්ද්‍රිය ක්‍රියාකාරීත්වය හීන වන්නට පටන් ගනී. මේ හේතුවෙන් චාලිගේ මාංශ පේශිවලට හා මොළයට ද හානිදායක තත්ත්වයක් ඇති වී තිබේ.

    එහෙත් සිය ආදරණීය ළදරුවා පිළිබඳව පුංචි හෝ බලා‍පොරොත්තුවක් තිබුණේ නම්, එය ද සුන් කර ගන්නට චාලිගේ දෙමව්පියන්ට සිදු වූයේ, චාලිගේ ජීවිතාධාරක උපකරණ තවදුරටත් ඔහුට ලබා දීමෙන් ඵලක් නොවන බව රෝහල් බලධාරීන් සහ අධිකරණය තීරණය කිරීමත් සමගිනි. එහෙත් ඔවුන් සිය උත්සාහය අත්හැරපු බවක් නම් පෙනෙන්නට නැත. දරුවාගේ දෙමාපියන් වන කොනී යේට්ස් සහ ක්‍රිස් ගාර්ඩ් පවසන්නේ, තම දරුවා වැඩිදුර ප්‍රතිකාර සඳහා ඇමරිකා එක්සත් ජනපදය වෙත ගෙන යාම අවශ්‍ය බවය. එමෙන්ම මහාධිකරණය ගත් තීන්දුව සම්බන්ධයෙන් අභියාචනයක් ද ඉදිරිපත් කිරීමට ඔවුහු සූදානම් වෙති. ඔවුන් බටහිර ලන්ඩනයේ ඉහළ අධිකරණයට පවසා ඇත්තේ, තම දරුවාගේ ජීවිතය රැක ගන්නට තවත් එක් අවස්ථාවක් ලබා දෙන ලෙසය.

    කෙසේ වෙතත් මේ සම්බන්ධ අභියාචනය ඉදිරිපත් කිරීමට තවත් සති දෙකක කාලයක් ඉතිරිව ඇත. රෝහල් බලධාරීන් පවසන්නේ, අභියාචනා තීන්දුව දෙන තෙක් දරුවාට නොකඩවා ම ජීවිතාධාරක ප්‍රතිකාර ලබා දීමට පියවර ගන්නා බවයි. එය චාලිගේ දෙමාපියන්ට සුබ ආරංචියක් වනවාට සැකයක් නැත.

    මේ අතර දරුවාගේ ජීවිතය බේරා ගැනීමට වෙනත් රටකට ගෙන යාමට අවශ්‍ය නම්, ඒ සඳහා වැය වන මුදල් සොයා දීම සඳහා අරමුදලක් පිහිටුවීමට ද එරට ජනතාව කටයුතු කරමින් සිටින්නේ චාලි ගාර්ඩ් ළදරුවාගේ ගැටලුව මුළු රටේම ගැටලුවක් බව ලෝකයාට පසක් කරවමිනි.

    [rns_reactions]

  • ටෙලර් යන්ත්‍රයට රිංගු මීයා කරපු වැඩේ මෙන්න…

    සෞදි අරාබියේ පිහිටි බැංකුවක ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රයකට මියෙකු රිංගා සෞදි රියාල් 500, 100, 50 මුදල් නොට්ටු විශාල සංඛ්‍යාවක් කා දමා ඇති බව අක්බාර්24 ප්‍රවෘත්ති සේවය වාර්තා කල බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය.

    මියා කා දමන ලද මුදල් නොට්ටු වල ඡායාරූප සහ ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රය තුල සිටින මියාගේ ඡායාරූප සමාජජාල වෙබ් අඩවි තුල පළ වීමත් සමඟ සමාජජාල භාවිතා කරන්නන් ගෙන් විශාල ප්‍රතිචාරයක් ලැබුණු බව වාර්තා වේ.

    කුමන නගරයක පිහිටි බැංකුවක මෙම සිද්ධිය සිදුවුවාද යන්න වාර්තා වී නොමැත.

    [rns_reactions]