Blog

  • මීතොටමුල්ල ගැන අදහස් කියන විශේෂ පාර්ලිමේන්තු විවාදය අද…

    කසල ඉවත් කිරීම අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කිරීමේ ගැසට් නිවේදනය අනුමත කර ගැනීම සදහා විශේෂ පාර්ලිමේන්තු රැස්වීමක් අද පැවැත්වෙනවා. 

    කසල බැහැර කිරීමට බාධා එල්ල කරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට බලය ලබා දෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඉකුත්දා එම ගැසට් පත්‍රය නිකුත් කරනු ලැබුවා. 

    ඒ අනුව පාර්ලිමේන්තුව හදිසියේ කැදවීමට තීරණය කෙරුණේ  එම ගැසට් නිවේදනය අනුමත කර ගැනීම සදහායි.  

    මේ අතර අද පස්වරුව දක්වා පැවැත්වෙන මෙම විශේෂ පාර්ලිමේන්තු රැස්වීමේ දී මීතොටමුල්ල කසල කන්ද නායයාමේ සිද්ධිය පිළිබද කල් තැබීමේ විවාදයක් පැවැත්වීමට නියමිතයි. 

    විපක්ෂ නායක ආර්. සම්බන්ධන් එම යෝජනාව සභාවට ඉදිරිපත් කිරීමට නියමිතව තිඛෙනවා.

    [rns_reactions]

  • ලංකාවේ පියුමි නිසා ඉන්දියානුවෝ වස බොන්න ඉල්ලති.

    පියුමි හංසමාලි කියන්නේ කාලෙන් කාලෙට විවිධ පුවත් මවන්නියක්.

    පියුමි මේ සැරේ ලංකාවේ විතරක් නෙවෙයි අසල්වැසි ඉන්දියාවෙත් කතාබහට ලක්වෙන චරිතයක් වෙලා.

    ඒ පියුමිගේ ඡායාරූපයක් අතිශය ජනප්‍රිය ඉන්දියානු ෆේස්බුක් පිටුවක් වන Laughing Colours ෆේස්බුක් පිටුවේ පලවෙලා තිබුණා.

    මිලියන 27කටත් අධික ලයික්ස් ප්‍රමාණයක් මෙම පිටුවට හිමි වෙලා තිබෙනවා.

    පියුමි හංසමාලි, විශ්ව පෙරේරා කියන රූපලාවන්‍ය ශිල්පියෙක් එක්ක ඉන්න පින්තූරයක් තමයි මේ විදියට එම ෆේස්බුක් පිටුවේ පලවෙලා තිබුණේ.

    ඒ ඡායාරූපයට යටින් ‘සහෙර් හේ කිසි සේ පාස්‘ යැයි හින්දි භාෂාවෙන් යම් වැකියක්ද සටහන් කරලා තිබුණා..

    ඒකේ සිංහල තේරුම තමයි ‘‘කවුරු හරි ළඟ වස තියනවද‘‘ කියන එකයි.

    ඉන්දියාවේ බොහෝ දෙනා හිතලා තියෙන්නේ මෙයාලා පෙම්වතුන් කියලයි.

    [rns_reactions]

  • ගෙවල් තන්හාවෙන් කාල්- පික මරාගනි – ජනපති බලය නිදහස් පක්ෂයට පවරයි….

    කොළඹ නිවාස පිළිබදව මරික්කාර්  සහ චම්මපික රණවක අතර විශාල යුද්ධයක් ආරම්භ වි ඇති බව ප්‍රසිද්ධ රහසකි. රජයේ මුදල් වලින් නිමකළ මෙම නිවාස මිතොටමුල්ල අසරණ ජනතාව වෙත ලබාදිමේදි ඉහත දෙපළගේ කඹ ඇදිම හේතුවෙන් එම කටයුතු වලට බාධා පැමිණ ඇත…

    මාධ්‍ය ඉදිරියේ දෙපිරිසම ලකුණු දාගැනිමට යද්දි ජනාධිපතිතුමා විසින් එම නිවාස වයාපෘතියේ ඉදිරි කටයුතු කොලොන්නාව නිදහස් පක්ෂ බලමණ්ඩලය වෙත පවරා දි ඇති බව සදහන්. ඒ අනුව පක්ෂ බේදයකින් තොරව නිලධාරින්ගේ සහ පක්ෂ විපක්ෂ නියෝජිතයන්ගේ අධික්ෂණය යටතේ ඉදිරි කටයුතු සිදුවනු ඇති.

    සියලුම දේශපාලඥයින් නාගරික සංවර්ධන අධිකාරියට ස්තුති කරන්න ඕන වෙලාවක ඇතැමුන් ජනප්‍රිය වෙන්න කරන මාධ්‍ය විගඩම් ගැන කනගාටු වන බව දේශපාලණ විශ්ලේෂකයන්ගේ මතවාදය වි ඇත.

    [rns_reactions]

  • අගමැති රනිල් මැයි දිනයට කොළඹ කුණු වැඩිකරමින් ලයිට් කණු සරසයි..

    එළඹෙන මැයි දිනය වෙනුවෙන් සෑම විදුලි කනුවකම එල්ලා ඇති අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ රුව රැගත් “දිනන ජනතාවගේ මැයි රැළිය” යන වැකිය සටහන් දැන්වීම් පුවරු කොළඹ කුණුගොඩ වැඩිකරන ව්‍යාපෘතියක් බව පරිසර වේදීහු කියති.

    මේ දැන්වීම් පුවරු සැකසීමට යොදාගෙන ඇත්තේ නොදිරන ප්ලාස්ටික් රෙදි බවද පැවසේ.

    කෙසේවුවද, කොළඹ පුරාම එල්ලා ඇති මේ දැන්වීම් පුවරු එල්ලීමට කොළඹ නගර සභාවේ අවසර අවශ්‍යවුවද මේ සඳහා එහි අනුමැතියද ලබාගෙන නොමැති බව පැවසේ.

    [rns_reactions]

  • පොලිස්පති පුජිත දේශපාලණයට… එජාපයෙන් වයඹ මහ ඇමති තරගයට එක්වන ලකුණු…

    ඉදිරියේදී පැවැත්වෙන වයඹ පළාත් සභා මැතිවරණයේදී එක්සත් ජාතික පක්‍ෂයේ මහ ඇමති අපේක්‍ෂක ලෙස පොලිස්පති පුජිත ජයසුන්දර මහතා ඉදිරිපත් වීමේ සුදානමක් ඇති බව අන්තර්ජාල මාධ්‍ය වාර්තා කරයි.

    ඒ, තම පොලිස්පති ධුරයෙන් ඉල්ලා අස්වෙමින්ය.

    කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් අප සිදුකල සොයා බැලීමක දී වාර්තා වුයේ එක්සත් ජාතික පක්ෂය විසින් පුජිත ජයසුන්දර මහතා වෙත වයඹ මහ ඇමති අපේක්ෂකත්වය ලබා දීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් ඇතිව නොමැති බවයි.

    මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රකාශකයෙක් පැවසුවේ පුජිත ජයසුන්දර වයඹ මැතිවරණයට තරඟ කිරීම සඳහා අපේක්ෂකත්වය ඉල්ලා නොමැති බවත් ඔහු විසින් තමන් දරන තනතුරින් ඉවත්ව අපේක්ෂකත්වය ඉල්ලා සිටියහොත් පක්ෂයේ නාම යෝජනා මණ්ඩල විසින් ඒ සම්බන්ධව තීරණයක් ගනු ඇති බවයි.

    [rns_reactions]

  • හෝකන්දර නිවසේ තරුණයා නිදාසිටි මෙට්ටය නැවත විමල්ට භාරදෙයි….

    පසුගිය කාලයේ ආන්දෝලනයක් ඇති කරමින් හෝකන්දර මංගල මාවතේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ නිවසේදී ව්‍යාඝ්‍රා අධිමාත්‍රාවක් ලබාගැනීම නිසා මියගිය ළහිරු ජනිත් දිසානායක තරුණයා ඒ ආකාරයට මියයන අවස්ථාවේ නිදා සිටි මෙට්ටය මේ දක්වා අධිකරණයේ නඩු භාණ්ඩයක් වශයෙන් පැවති අතර අද 26 ඒ සම්බන්ධයෙන් නඩු විභාගය කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ පැවැත්වූ අවස්ථාවේ තවදුරටත් එම මෙට්ටය පරීක්ෂණ සඳහා උවමනා නැති බව විනිසුරු තීරණය කර එය නැවත හිමිකරුවන්ට භාර දුණි.

    කඩුවෙල මහේස්ත්‍රාත් දිසා විනිසුරු ප්‍රසන්න අල්විස් මහතා ඉදිරියේ මේ නඩුව විමසූ අවස්ථාවේ මෙම තරුණයාගේ මරණය සම්බන්ධ වෛද්‍ය වාර්තා තවමත් පමා බව අනාවරණය විය.

    පමාවට හේතු විමසීමේදී සිරුරේ කොටස් පිළිබඳ රස පරීක්ෂණ වාර්තාවෙන් පසුව තවත් විශේෂ පරීක්ෂණයක් සඳහා එම කොටස් යොමු කර ඇති බවත් ඒ පරීක්ෂණයේ ප්‍රතිඵල පමාවී ඇති බවත් හෙළි විය.

    තවදුරටත් තරුණයා නිදාසිටි මෙට්ටය අධිකරණයේ තැබීම අවශ්‍ය නැති බව දන්වා සිටි විනිසුරු ඒවා අයිතිකාර විමල් වීරවංශට රැගෙන යන ලෙස දන්වා සිටි අතර එම මෙට්ටය තමා ලබාගෙන අයිතිකරුවන් වෙත යොමු කරන බව වීරවංශ පාර්ශ්වයේ නීතීඥ ප්‍රේමනාත් දොළවත්ත දන්වා සිටියේය.

    ලබන ජුනි 28 දක්වා නඩුව කල් ගියේය.

    [rns_reactions]

  • පුටු පෙරලියකින් කිංස්ලි යයි චාමික එයි – මැර බුද්ධිකට යන්න කියයි.

    සිරස FM නාලීකා⁣ ප්‍රධානී තනතුරින් ඉවත්වූ කිංස්ලි රත්නායක මහතා මහරාජා ආයතනයේ විශේෂ ව්‍යාපෘති ප්‍රධානී තනතුර සඳහා පත්කර තිබෙන අතර සිරස FM නාලිකාවේ ප්‍රධානී ධූරය චාමික රොෂාන්ට ලබා දී ඇතැයි වාර්තා වේ. 

    එසේම කැපිටල් මහරාජා ආයතනය MTV, MBC මාධ්‍ය ජාලයේ නවතම රූපවාහිනි නාලිකාව වන TV 1 නාලිකා ප්‍රධානි බුද්ධික වික්‍රමාදර එම ධූරයෙන් ඉවත්කර ඇතැයි ද එසේ ඉවත් නිරීමට හෙතුවී ඇත්තේ එම කාර්ය මණ්ඩලයේ තවත් පුද්ගයකුට පහරදීමක් හේතුවෙන් බවද  වැඩිදුරටත් වාර්තාවේ.

    [rns_reactions]

  • එන්න ලංකාවට ආයෝජනය කරන්න – ජනපති මෛත්‍රිගෙන් මැලේසියානු ආයෝජකයන්ට ආරාධනයක්

    ශ‍්‍රී ලංකාවේ ආයෝජන සහ වාණිජ කටයුතු පුළුල් කිරීමේ හැකියාව සොයා බලන ලෙස ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා මැලේසියානු ආයෝජකයින්ට ආරාධනා කළේය.

    මැලේසියාවේ සුප‍්‍රකට පෙට්‍රෝලියම් සමාගමක් වන PETRONAS සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී Datuk Wan Zulkiflee Wan Ariffin මහතා ඇතුළු නියෝජිත පිරිසක් අද(27) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ හමුවූ අවස්ථාවේදී ජනාධිපතිතුමා මෙම ආරාධනය සිදුකළේය.

    තම සමාගම විසින් ශ‍්‍රී ලංකාවට ගෑස් සහ පෙට්‍රෝලියම් නිෂ්පාදන සපයා ඇති නමුත් ශ‍්‍රී ලංකාව සමග දීර්ඝකාලීන ව්‍යාපෘතියකට සම්බන්ධ වී නොමැති බැවින් ශ‍්‍රී ලංකාව සමග දීර්ඝ කාලීන සබඳතා ඇතිකර ගැනීමේ හැකියාව සොයා බැලීමේ අරමුණින් මෙරට සංචාරයක නිරත වීමට පැමිණි බව මෙහිදී Datuk Wan Zulkiflee Wan Ariffin මහතා කියා සිටියේය.

    ලොව සුප‍්‍රකට සමාගම් ලේඛනයක් වන Fortune 500 ලැයිස්තුවට ඇතුළත් එකම මැලේසියානු සමාගම වන PETRONAS සමාගම දැනට ලෝකයේ රටවල් 30 ක නව ව්‍යාපෘතීන්වලට සම්බන්ධ වී ඇති බව ද ඒ මහතා සඳහන් කළේය.

    ශ‍්‍රී ලංකාවේ වත්මන් දේශපාලන ස්ථාවරත්වය සහ සාමකාමී පරිසරය විදේශ ආයෝජන සඳහා සුදුසු වාතාවරණයක් බැවින්, PETRONAS වැනි ලොව පිළිගත් සමාගමක් මෙරටේ ආයෝජනයක් සිදුකරන්නේ නම්, එය දෙරට අතර වාණිජ සබඳතා වලට මහත් රුකුලක් වනු ඇතැයි ද ජනාධිපතිතුමා තම විශ්වාසය පළ කළේය.

    ජනාධිපතිතුමා හමුවීමට තමන් ඇතුළු නියෝජිත පිරිසට අවස්ථාව ලබාදීම පිළිබඳව ස්තුතිය පළ කළ Datuk Wan Zulkiflee Wan Ariffin මහතා, තම සංචාරය අතරතුරදී මෙරට ඛනිජ තෙල් සහ බලශක්ති අමාත්‍යවරුන් ද හමුවී ව්‍යාපාරික සබඳතා පිළිබඳව සාකච්ඡා පැවැත්වීමට අපේක්ෂා කරන බව ද සඳහන් කළේය.

    මේ අවස්ථාවට ශ‍්‍රී ලංකාවේ මැලේසියානු මහකොමසාරිස් Wan Zaidi Wan Abdullah මහතා ද එක්ව සිටියේය.

    [rns_reactions]

  • ලෝක ගැටලුවලට විසඳුම් සෙවීමේදී ආධ්‍යාත්මික නායකයින් විසින් කළ මගපෙන්වීම් ඉතා වැදගත් – ජනපති මෛත්‍රි

    අද ලෝකයේ තිබෙන ප‍්‍රශ්න හා ගැටලු සඳහා විසඳුම් සෙවීමේදී ආධ්‍යාත්මික නායකයින් විසින් කරනු ලැබූ මගපෙන්වීම් ඉතා වැදගත් බව ජනාධිපතිතුමා පවසයි.

    ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ ශී‍්‍ර ලංකා ඉස්ලාමීය මධ්‍යස්ථානය විසින් සංවිධානය කරනු ලැබූ ජාත්‍යන්තර සමුළුවේ සමාරම්භක උත්සවයට  (27) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ දී එක් වෙමිනි.

    “ඉස්ලාමීය යථාර්ථය සහ කාලීන අභියෝග” යන තේමාව යටතේ දෙදිනක් පුරා කොළඹදී පැවැත්වෙන මෙම සමුළුව සඳහා මැදපෙරදිග මුස්ලිම් රටවල සහ ආසියානු රටවල නියෝජිතයෝ සහභාගී වී සිටිති.

    සියලු ජාතීන් හා ආගම් සමග එක්ව, සියලු මානව අයිතිවාසිකම්වලට ගරු කරමින් සුහදත්වයෙන් ලෝක ප‍්‍රජාව සමග කටයුතු කිරීමේ පණිවිඩය ලොවට ලබාදෙමින් ශී‍්‍ර ලංකා ඉස්ලාමීය මධ්‍යස්ථානය විසින් මෙම සමුළුව සංවිධානය කරනු ලබයි.

    සමුළුවේ සමාරම්භක අවස්ථාව ඇමතූ ජනාධිපතිතුමා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ අප සෑම කෙනෙක්ම එකම රටක එකම ශී‍්‍ර ලාංකිකයින් ලෙස ජීවත්වීමට අධිෂ්ඨාන කරගන්නේ නම් අප අපේක්ෂා කරන සාමකාමී සමාජය ගොඩනැගීම අපහසු නොවන බවයි.

    අද කථාකරන සංහිඳියාව යථාර්ථයක් බවට පත්කරගත හැක්කේ, තමන්ගේ මෙන්ම අන් අයගේ ද අයිතිවාසිකම් සහ වරප‍්‍රසාදවලට ගරු කිරීම තුළින් බව මෙහිදී පෙන්වාදුන් ජනාධිපතිතුමා රට තුළ ස්ථීරසාර සාමයක් අතිකරගනිමින් සියලු ජාතින් අතර සහෝදරත්වය සහ සංහිඳියාව ශක්තිමත් වූ එකම රටක් ගොඩනැගීමට අප කැප විය යුතු බව ද කියා සිටියේය.

    මිනිසා බලය සහ ධනය සඳහා සටන් කිරීමේ අවසන් ප‍්‍රතිඵලය වන්නේ මිනිසෙක් විසින් තවත් මිනිසෙක් විනාශ කිරීම බව ද ජනාධිපතිතුමා මෙහිදී සඳහන් කළේය.

    ලෝකයේ යුද ගැටුම් වැළැක්වීමට අප සාකච්ඡා කළ යුත්තේ යුද්ධය කරන පිරිස් සමග නොව, යුද්ධයට අවශ්‍ය අවි ආයුධ නිෂ්පාදනය කරන්නන් සමග බව තමා විශ්වාස කරන බව මෙහිදී පැවසූ ජනාධිපතිතුමා තමන්ගේ රට තුළ අවි ආයුධ නිෂ්පාදනය වැළැක්වීමට සෑම රාජ්‍යයකටම හැකිනම් ලෝක සාමය ඇතිකිරීම සඳහා ගනු ලබන වැදගත්ම පියවර වන්නේ එය බව ද කියා සිටියේය.

    කථානායක කරූ ජයසූරිය, අමාත්‍ය එම්.එච්. අබ්දුල් හලීම්, රාජ්‍ය අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි, ශී‍්‍ර ලංකා ඉස්ලාමීය මධ්‍යස්ථානයේ සභාපති හුසේන් මොහොමඩ් යන මහත්වරුන් ඇතුළු ආරාධිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

     
    ඉස්ලාමීය යථාර්ථය සහ කාලීන අභියෝග මැයෙන් පැවැති ජාත්‍යන්තර ඉස්ලාමීය සමුළුව අමතා ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා කළ කතා (2017-04-27)

    ශ‍්‍රී ලංකා ඉස්ලාමීය මධ්‍යස්ථාන විසින් පවත්වනු ලබන ජාත්‍යන්තර ඉස්ලාමීය සමුළුවට සහභාගිවීමට ලැබීම පිළිබඳව මා ඉතාමත් සතුටු වෙනවා. මෙම වැදගත් අවස්ථාවට මා වෙත ආරාධනා කිරීම පිළිබඳව ශ‍්‍රී ලංකා ඉස්ලාමීය මධ්‍යස්ථානයේ සභාපතිතුමා ඇතුළු එහි විධායක මණ්ඩලයට මගේ ස්තූතිය පුදකරනවා.

    තමුන්නාන්සේලාගේ ඉස්ලාමීය මධ්‍යස්ථානය, පසුගිය දශක කිහිපය තුළම අපේ රටේ ඉස්ලාමීය ජාත්‍යන්තර සමුළු පවත්වමින් අන්තර්ජාතික වශයෙන් මෙන්ම ජාතික වශයෙන් ද වැදගත් අරමුණු ඉලක්ක කරගනිමින් කටයුතු කර තිබෙනවා. මෙම සමුළුවේ ආරම්භක අවස්ථාවේත් අවසානය දක්වාත් සාකච්ඡා වන්නේ ඉස්ලාමීය ධර්මය සහ අද සමාජයේ තිබෙන්නාවූ අභියෝග සහ ගැටලු පිළිබඳවයි.

    අපේ රටේ මෙන්ම ලෝකයේ ජීවත්වන මිනිසුන්ට සෑම ක්ෂේත‍්‍රයකම ගැටලු, ප‍්‍රශ්න, අභියෝග රාශියක් තිබෙනවා. සමාජමය වශයෙන් මිනිසුන් ජීවත්වීමේ දී ඇති වන අභියෝග. ව්‍යාපාරික ක්ෂේත‍්‍ර තුළ ඇති වන අභියෝග. සංස්කෘතික වශයෙන් මිනිසුන් අතර තිබෙන වෙනස්කම් නිසා ඇති වන අභියෝග.රාජ්‍ය පාලනය තුළ ඇති වන අභියෝග. ආගමික වශයෙන් ඇති වෙන්නාවූ අභියෝග. භාෂාමය වශයෙන් ඇති වන්නාවූ අභියෝග. ඒ සෑම ක්ෂේත‍්‍රයක් තුළම අභියෝග සහ ගැටලූ තිබෙනවා. ඒ සියල්ල තුළ මිනිසා බලාපොරොත්තු වෙන්නේ යහපත් මිනිසෙකු ලෙස ඉදිරියට යාමයි. ඉස්ලාමීය ධර්මතාවය තුළ සමාජයක තිබිය යුතු යහපත්කම, ශිලාචාරකම, හැදිච්චකම, ගැටුම් නොමැතිව ජීවත්වීම, සමගියෙන් කටයුතු කිරීම දෛනික ජීවිත පැවැත්ම මේ සියල්ල නබිනායකතුමාගේ දේශනවල සඳහන් වෙනවා. ලෝකයේ තිබෙන්නාවූ ප‍්‍රශ්න විසඳා ගැනීමේදී වැදගත් වන්නේ ආධ්‍යාත්මික නායකයින්ගේ මග පෙන්වීම් සහ විසඳුම් බවයි මා විශ්වාස කරන්නේ.

    ඉස්ලාමීය ධර්මයේදී උතුම් කුරානය තුළ ක‍්‍රිස්තු ධර්මයේදී බයිබලය තුළ බෞද්ධ දර්ශනයයේදී ත‍්‍රිපිටකය තුළ හින්දු ආගමේ භගවත් ගීතාව තුළ මේ සෑම ධර්මතාවයක් තුළම යහපත් මිනිසෙක් ගොඩනැගීම පිළිබඳව පෙන්වන්නාවූ ආධ්‍යාත්මික මගපෙන්වීම් නව තාක්ෂණයත් සමග පිරිහෙන ලෝකයේ මිනිසාගේ යහපැවැත්ම, සාමය, සංහිඳියාව සහ ගුණගරුක සමාජයක් සඳහා වැදගත් වෙනවා. මට පෙර කතා කළ සෑම කෙනෙක්ම සමාජය තුළ ඇතිවන ගැටුම් විවිධ විෂමතාවයන් සහ නොයෙකුත් ප‍්‍රශ්න ගැන සඳහන් කළා.

    මිනිසා බලය සහ ධනය සඳහා සටන් කරනවා. බලය සහ ධනය සඳහා සටන් කිරීමේ අවසාන ප‍්‍රතිඵලය වන්නේ එක් මිනිසෙක් විසින් තවත් මිනිසෙකු විනාශ කිරීමය. බෝම්බය කවුරුන්ද සෑදුවේ කියන ප‍්‍රශ්නය නොවේ තිබෙන්නේ. බෝම්බයක් වැටුණු විට මිනිසුන් මිය යාම පිළිබඳවයි. එසේ මියයන මිනිසුන් සිංහල ද දමිළ ද මුස්ලිම් ද ඉංග‍්‍රීසින් ද චීන ද ජපන් ද කියන ප‍්‍රශ්නයක් නොවේ තිබෙන්නේ. කුමන ආගමේ ද යන ප‍්‍රශ්නය නොවේ තිබෙන්නේ.

    තුවක්කුවකින් පිටවන උණ්ඩයෙන් මියයන මිනිසුන් පිළිබඳවයි ප‍්‍රශ්නය තිබෙන්නේ.
    යුද ගැටුම් අවසන් කරන්න ලෝකයේ රටවල් රාජ්‍ය නායකයින් විද්වතුන් සාකච්ඡුා කරනවා. නමුත් සාකච්ඡුා කළ යුත්තේ යුද ගැටුම් වැළැක්වීමට යුද්ධ කරන්නන් අතර නොව යුද්ධයට අවශ්‍ය ආයුධ නිෂ්පාදනය කරන ආයුධ නිෂ්පාදකයින් සමග බවයි මම දැඩි ලෙස විශ්වාස කරන්නේ. ආයුධ නිෂ්පාදකයින් ආයධ නිෂ්පාදන නොකර ඔවුන්ගේ ආර්ථිකය ධනය ඉපයීමේ වෙනත් ව්‍යාපාරික කටයුත්තක ඔවුන් නියැලෙනවා නම් ලෝකයේ යුද්ධයක් ඇතිවෙන්නේ නැහැයි කියලයි ඔබ අප විශ්වාස කරන්නේ.

    බොහෝ කෙනෙක් සාකච්ඡුා කරන්නේ යුද ගැටුම් ඇති වූ දෙපාර්ශ්වය සමගයි. සෑම රාජ්‍යයකටම සෑම රාජ්‍ය නායකයෙකුටම පු`එවන්නම් තමාගේ රටේ අවි ආයුධ නිෂ්පාදනය කිරීම නැවතීමට, වැළැක්වීමට, තහනම් කිරීමට ලෝකයේ සාමය ඇති කරන්න ඒ තමයි ගත හැකි වැදගත්ම පියවර. කෙනෙක් කියනවානම් එය බැහැ කියලා එසේ වන්නේ කුමක් නිසාද කියන එකයි ප‍්‍රශ්නය. ගැටුම් නොමැතිව සාමකාමී ලෙස යහපත් ජීවිතයක් ගත කිරීම සඳහා සෑම මිනිසෙකුටම තිබෙන උවමනාව සහ අවශ්‍යතාවය ඉටුකර ගැනීමට සෑම මිනිිසෙකුම කටයුතු කිරීම ඉතාමත් අවශ්‍යයි.

    අපේ රටට එදා තිබුණු ප‍්‍රශ්න සහ අද තිබෙන ප‍්‍රශ්නත් අද තිබෙන ප‍්‍රශ්න අපි විසඳාගන්නේ කෙසේද කියලා අපි කල්පනා කළ යුතුයි. අපේ රට බි‍්‍රතාන්‍ය පාලනය පැවති කාලයේදී සිංහල, දමිල, මුස්ලිම් සියලු දෙනා සහෝදරත්වයෙන් ජීවත්වෙමින් බි‍්‍රතාන්‍ය පාලනයෙන් මේ රට නිදහස් කර ගන්න සටන් කළා.

    එක්දහස් නවසිය හතළිස් ගණන්වල මේ නායකයින් අතර මොනතරම් සමගියක් තිබුණද. ඒ සමගිය තුළිනුයි එදා සිටි නායකයින්ට පුළුවන්කම ලැබුණේ මේ රට බි‍්‍රතාන්‍ය පාලනයෙන් නිදහස් කර ගන්න. නිදහසෙන් පසු දේශපාලන බලයෙන් අපි බෙදෙන්න පටන් ගත්තා.

    සිංහල වේවා මුස්ලිම් වේවා දමිළ වේවා බෙදීම් වෙන්වීම් බලය සඳහායි සිදුවුණේ. අපි සහෝදරත්වයෙන් එක රටක එක පවුලක් විදියට ජීවන්වෙන්න අධිෂ්ඨාන කර ගන්නවා නම් අපි බලාපොරාත්තුවන සාමකාමී සමාජයක් බිහිකර ගැනීමට හැකිවෙනවා.

    අපි කතාකරන සංහිඳියාව සැබෑ යථාර්ථයක් වන්නේ සෑම කෙනෙකුගේම හෘද සාක්ෂිය තුළ තමා ගැන සිතනවාට වඩා අනුන් ගැන සිතමින් අනුන් ගැන මෙනෙහි කරමින් අන් අයගේ අයිතිය සහ වරප‍්‍රසාදවලට තමාගේ කැමැත්ත සහ එකඟතාවය ලබාදෙමින් සමගියෙන් ජීවත්වීමට අවශ්‍ය පරිසරය ගොඩනැගෙන වානම් පමණයි.

    ඒ නිසා මේ ශ‍්‍රී ලංකා ඉස්ලාමීය මධ්‍යස්ථානය වාර්ෂිකව සංවිධානය කරනු ලබන ජාත්‍යන්තර සමුළුවට සහභාගී වන විදේශ රටවල සිට පැමිණි ඉස්ලාම් නායකයින් නියෝජිතයින්, ඒ සෑම කෙනෙකුටම රජය සහ ජනතාව වෙනුවෙන් මගේ ස්තූතිය පිරිනමනවා. ඔබ මගේ රටට පැමිණීමෙන් ඔබ අපට කරන ගෞරවය පිළිබඳව ද මා ස්තූතිවන්ත වෙනවා. අපේ රටේ ස්ථීරසාර සාමයක් ඇති කරන්න සිංහල, දමිල, මුස්ලිම් සියලූ ජනකොටස්වල සමගිය සහෝදරත්වය තුළ එකම රටක බෙදීමකින් තොරව ජීවත්වීමට අපි රජයක් විදියට ගෙන යන වැඩපිළිවෙළට පැමිණ සිටින ඉස්ලාමීය නායකයින්ගේ සහ නියෝජිතයන්ගේ ආශිර්වාදය සහ සහයෝගය මා බලාපොරොත්තු වෙනවා.

    මේ කටයුතු සංවිධානය කළ ශ‍්‍රී ලංකා ඉස්ලාමීය මධ්‍යස්ථානයටත්, අවශ්‍ය සහය දුන් මැති ඇමතිවරුන්ටත්, සහභාගී වන ඔබ සියලු දෙනාටත් මගේ ස්තූතිය පුද කරමින් ඔබෙන් සමුගන්නවා.

    ස්තූතියි.

    [rns_reactions]

  • සුපිරි කෝලි අසාර්ථකයි… රයිනාගේ ගුජරාට් පිල ප්‍රබලයින් පරදමින් ජය මාවතට…

    දහවැනි වරටත් පැවැත්වෙන අයි.පී.එල් ක්‍රිකට් තරගාවලියේ බැංගලෝර් හිදී පැවැති 31 වන තරගයේදී රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් පිලට එරෙහිව කඩුලු 7 ක ජයක් හිමිකර ගැනිමට ගුජරාට් ලයන්ස් පිල  (27 වැනිදා) සමත්විය.
    ජයග්‍රහණය සදහා ලකුණු 135 ක ඉලක්කයක් හඹාගිය ගුජරාට් ලයන්ස් පිල ඕවර 13.5 කදී කඩුලු 3 ක් දැවී එම ඉලක්කය පහසුවෙන් ජයගැනීමට සමත්විය.
    විශිෂ්ට පිතිහරඹයක නිරතවූ ඒරන් ෆින්ච් පන්දු 34 කදී හයේ පහර හයක් සහ හතරේ පහර පහක් සමගින් ලකුණු 72 ක් රැස්කරමින් පිත්තෙන් දස්කම් දැක්වූ අතර තෙවැනි කඩුල්ල සදහා සුරේෂ් රයිනා සමගින් එක්ව පන්දු 48 කදී ලකුණු 92 ක සම්බන්ධතාවයක් ගොඩනැගීමටද සමත්විය.
    පළමුව පන්දුවට පහරදුන් රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් පිලට ඕවර 20 අවසානයේදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 134 ක් පමණි. ගුජරාට් ලයන්ස් පිලේ පන්දු යවන්නෝ රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් පිලේ පිතිකරුවන්ට සාර්ථක විමට අවස්ථාවක් ලබානොදුන්නද තරමක් දුරට සාර්ථක පිතිහරඹයක නිරතවීමට කේදර් ජාදව් සහ පවන් නෙග සමත්වූහ.
    කේදර් ජාදව් පන්දු 18 කදී හයේ පහරක් සහ හතරේ පහර හතරක් සමගින් ලකුණු 31 ක් සහ පවන් නෙගි පන්දු 19 කදී හයේ පහර දෙකක් සහ හතරේ පහර තුනක් සමගින් ලකුණු 32 ක් රැස්කිරීමට සමත්වූහ.
    විශිෂ්ට පන්දු යැවීමක නිරතවූ ඇන්ඞ්්‍රව් ටේ ඕවර හතරක් යවමින් ලකුණු 12 කට කඩුලු තුනක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.
    කාසියේ වාසිය ලැබූ ගුජරාට් ලයන්ස් පිලේ නායක සුරේෂ් රයිනා පළමුව පන්දු රැකීමට තීරණය කළේය. 

    රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් – ඕවර 20 කදී සියලුදෙනා දැවී ලකුණු 134
    (කේදර් ජාදව් 31, පවන් නෙගී 32, ඇන්ඞ්්‍රව් ටේ 12/3, රවින්ද්‍ර ජදේජා 28/2)

    ගුජරාට් ලයන්ස් – ඕවර 13.5 කදී කඩුලු 3 ක් දැවී ලකුණු 135
    (සුරේෂ් රයිනා නොදැවී 34, ඒරන් ෆින්ච් 72, සැමුවෙල් බද්‍රි 29/2)

    [rns_reactions]

  • සධීරගේ ශතකයෙන් දඹුල්ල පරදා ගාල්ලට ලකුණු 221 ක දැවැන්ත ජයක්..

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන නගරාන්තර සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති තරගයකදී දඹුල්ල කණ්ඩායමට එරෙහිව ලකුණු 221 ජයක් හිමිකරගත් ගාල්ල කණ්ඩායම අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට අද (27 වැනිදා) සමත්විය.
    ජයග්‍රහණය සදහා ලකුණු 363 ක ඉලක්කයක් හඹාගිය දඹුල්ල කණ්ඩායමට ඕවර 31.3 කදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 141 ක් පමණි. ගාල්ල කණ්ඩායමේ පන්දු යවන්නන් හමුවේ දැඩි පීඩනයකට දඹුල්ල පිලේ පිතිකරුවන් ලක්වුවද තරමක් දුරට සාර්ථක වන්නට අශාන් ප්‍රියංජන්ට හැකිවිය. පන්දු 67 කට මුහුණදී හයේ පහර දෙකක් සහ හතරේ පහර හතරක් සමගින් නොදැවී ලකුණු 50 ක් රැස්කිරීමට අශාන් ප්‍රියංජන් සමත්විය.
    චතුරංග ද සිල්වා ලකුණු 20 කට කඩුලු තුනක්ද අකිල ධනංජය ලකුණු 23 කට කඩුලු දෙකක් සහ දසුන් ශානක ලකුණු 24 කට කඩුලු දෙකක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.
    කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ගාල්ල කණ්ඩායම ඕවර 50 අවසානයේදී කඩුලු 7 ක් දැවී ලකුණු 362 ක් රැස්කිරීමට සමත්විය. විශිෂ්ට පිතිහරඹයක නිරතවූ සධීර සමරවික්‍රම පන්දු 104 කදී ලකුණු 120 ක් රැස්කිරීමට සමත්වූ අතර ඔහුගේ ඉනිම හයේ පහර දෙකකින් සහ හතරේ පහර 10 කින් අලංකාර විය.
    සම්මු අශාන් පන්දු 48 කදි හයේ පහර තුනක් සහ හතරේ පහර දෙකක් සමගින් ලකුණු 52 ක් රැස්කළ අතර වේගවත් පිතිහරඹයක නිරතවූ දසුන් ශානක පන්දු 27 කදී හයේ පහර තුනක් සහ හතරේ පහර පහක් සමගින් නොදැවී ලකුණු 49 ක් සහ සීකුගේ ප්‍රසන්න පන්දු 17 කදී හයේ පහර තුනක් සහ හතරේ පහර තුනක් සමගින් ලකුණු 36 ක් රැස්කරමින් ගාල්ල කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීමට සමත්වූහ.
    අසිත ප්‍රනාන්දු ලකුණු 62 කට කඩුලු 4 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වුද ගාල්ල කණ්ඩායමේ පිතිකරුවන් මෙල්ල කරමින් අඩු ලකුණු සංඛ්‍යාවකට ඔවුන් සීමා කිරීමට අපොහොසත් විය. 

    ගාල්ල කණ්ඩායම – ඕවර 50 කදී කඩුලු 7 ක් දැවී ලකුණු 362
    (සධීර සමරවික්‍රම 120, දිමුත් කරුණාරත්න 22, මිනෝද් භානුක 25, සම්මු අශාන් 52, දසුන් ශානක නොදැවී 49, සීකුගේ ප්‍රසන්න 36, අසිත ප්‍රනාන්දු 62/4)

    දඹුල්ල කණ්ඩායම – ඕවර 31.3 කදී සියලුදෙනා දැවී ලකුණු 141    
    (කුසල් මෙන්ඩිස් 23, අශාන් ප්‍රියංජන් නොදැවී 50, චතුරංග ද සිල්වා 20/3, අකිල ධනංජය 23/2, දසුන් ශානක 24/2)

    [rns_reactions]

  • මියගිය නැන්දම්මා භූතයෙක් වෙලා ගෙදර ඇවිත්……

    මාතලේ ප්‍රදේශයේ නිවසක අද්භූත සිදුවීම් මාලාවක් මාස දෙකක පමණ කාලයක් තිස්සේ සිදුවන බවට ලැබුණු තොරතුරක් මත අප එම නිවස සොයා ගියේ ඒ ගැන සොයා බැලීමටය.
    මේ තොරතුරු ලැබී තිබුණේ මාතලේ මහ රෝහලේ වෛද්‍ය සමින්ද ජයරත්න මහතාටය.
    මෙම නිවසේ සිදුවනවා යැයි පැවැසෙන මෙම අද්භූත සිදුවීම් ගැන සොයා බැලීමට ගිය ගමනට වෛද්‍ය ජයරත්න, වෛද්‍ය සෙනරත් වේරගම, විශ්‍රාමික මේජර් බර්ටි පෙරේරා සහ මාතලේ නිදහස් චින්තකයින්ගේ සංගමයේ සාමාජික ධම්මික විජේසූරිය යන මහත්වරු සහභාගි වූහ.

    වෛද්‍ය වේරගම සහ වෛද්‍ය ජයරත්න යන මහත්වරුන් අද්භූත යැයි සමහරු පවසන මෙවැනි සිදුවීම් ගැන කාලයක් තිස්සේ සිට පර්යේෂණ කර එහි සත්‍යතාවය පහදාදීමේ නිරතව සිටින විද්වතුන් දෙදෙනෙකි. 
    අල්මාරියේ දමා ඇති ඇඳුම් වැටේ එල්ලා ඇති ඇඳුම් පැළඳුම් ගිනිගෙන පිළිස්සීම, පිඟන් වීදුරු පාවී යාම, බත් මුට්ටියට කෑම බෙදා ඇති පිඟන්වලට වැලි වැටීම, නිවසේ සවිකර තිබෙන විදුලි බුබුළු හිටි හැටියේ ගැලවී බිම පතිතවීම, පත්තුකර ඇති පොල්තෙල් පහන් එක්වරම පාවීයාම සහ නිවසට ගල් මුල් ගැසීම වැනි එකවර අදහාගත නොහැකි අද්භූත සිදුවීම් මාස දෙකක පමණ කාලයක් පටන් සිදුවන බව අපට කිව්වේ එම නිවසේ අයිතිකරු ය.
    අද්භූත සිදුවීම් ඇතිවන බව කියන මේ නිවස පිහිටා ඇත්තේ මාතලේ අලුත් පාරේය.
    නිවෙස් හිමියා ඔහුගේ බිරිඳ හා බාලවයස්කාර ඔවුන්ගේ දියණිය මේ නිවසේ පදිංචිව සිටිති.
    “මම කුලී වැඩ කරල කීයක් හරි හොයාගෙන තමා බිරිඳ හා දරුවා ජීවත් කරන්නේ. දුව ඉස්කෝලේ යනවා. ගෙදර තිබුණ ඇඳුම් පැළඳුම් සේරම පිච්චිලා. දැන් අපට තියෙන්නේ මේ ඇඳගෙන ඉන්න ඇඳුම් විතරයි. අනිත් ඒවා සේරම පිච්චිලා. ගෙදර තියන පුටු පවා ගිනිගෙන පිළිස්සෙනවා. ගෙදර බත් උයන්න බැහැ. බත් මුට්ටියට වැලි වැටෙනවා. භූමිතෙල් පවා බත් මුට්ටියට දාලා තිබුණ වෙලාවල් තිබුණා. තේ ටිකක් ගෙදර හදාගෙන බොන්න ක්‍රමයක් නැහැ. වතුර උණු කරන කේතලය ලිපේ තියෙද්දි පෙරළෙනවා. සමහරදාකට කේතලය ළිපේ තියලා වතුර උණු කරද්දි කේතලයට මිරිස් කුඩු හරි කහ කුඩු හරි දාලා. මාස 2ක් විතර තිස්සේ ඉඳලා ගෙදර උයන්නේ නැහැ. තේ හදාගෙන බොන්නේ නැහැ. අහළ පහළ ඉන්න මහත්තුරු නෝනලා තමා අපි තුන් දෙනාට කන්න බොන්න දෙන්නේ. ඒ ගොල්ලෝ නොහිටින්න අපි කන්න බොන්න නැතිව මැරිලා මහත්තයෝ”
    අප ගෙට ගොඩවුණ ගමන්ම ගෙදර අයිතිකාරයා කියාගෙන ගියේය.
    භූතයා සමහර දවස්වලට ගේ ඇතුළේ මුත්‍රාකර යන බවද ඔහු කීය. ඇඳුමක් පැළඳුමක් නැහැ. ඇඳිවත විතරයි ඉතිරිවෙලා තියෙන්නේ. ගෙදර තිබුණ බඩු මුට්ටු පොළොවේ ගහලා. පිඟන් ටික පොළවේ ගහලා. මම බොරු නෙවේ කියන්නේ. මේ බලන්න කැබිනට් එකේ වීදුරු පිඟන් ගොඩක් තිබුණා. නමුත් ඒවා එකක්වත් නැහැ. බිඳිලා ගිහින් යැයි කියමින් නිවෙස් හිමියා අපව කැබිනට් එක ළඟට කැඳවාගෙන ගොස් පෙන්නුවේය. මේ ප්‍රශ්නය නිසා අපි හොඳටම අසරණ වෙලා යැයි ද ඔහු අප සමඟ කීය.


    මේ වගේ දේවල් අද්භූත අදහාගත නොහැකි දේවල් සිද්ධවෙන්නේ ඇයිද කියන එක ගැනද ඔහු අප සමග පැහැදිලි කළේය.
    මුලින්ම රෑට ගල් දෙක තුන ගෙට වැටෙන්න පටන් ගත්තා. ගහන කෙනෙක් හොයා ගන්න බැහැ. ඊට පස්සේ තමා අනෙක් දේවල් සිද්ධ වෙන්න පටන් ගත්තේ. අපි දේවාල කිහිපයකට ගියා. කපුවන් කිව්වේ භූත දෝෂයක් නිසා මේවා වෙනවා කියා. මගේ අම්මා මීට අවුරුදු 4 1/2කට විතර කලින් මියගියා අම්මාගේ භූත අවතාරය මේ වගේ දේවල් කරනවා කියා සමහර කපුවන් කිව්වා. තවත් කපුවෙක් කිව්වේ භූත බලපෑමක් නිසා නෙවේ කවුරු හරි ගෙදරට බන්ධනයක් කරලා ඒකෙ බලපෑමට වෙනවා කියා කිව්වා. තවත් කෙනෙක් ගෙදරට ඇවිත් පරීක්ෂා කර බැලුවා. එයා කිව්වේ ගෙදර හදද්දි දෝෂ තියනවා. ඒ නිසා තමා මේ සේරම කරදර කියා. දොර ජනෙල් හා උළුවහු කිහිපයක් ගලවා ඉවත් කරලා දැම්මාම මේ සේරම ප්‍රශ්න ඉවරයි කියා. ගෙදරට ලොකු ආරක්ෂාවක් දාන්න ඕනෑ කියාත් ඔහු කිව්වා.
    දැන් මහත්තයෝ එක එක්කෙනා එක එක දේවල් කියනවා. මට තේරෙන්නේ නැහැ මොනවා කරන්නද කියලා. මට ඕවට වියදම් කරන්න සල්ලිත් නැහැ. මම කුලී වැඩ කරලා ජීවත්වෙන කෙනෙක්. කොහොම වුණත් මේ ප්‍රශ්නෙ හින්දා අපි හොඳටම අසරණවෙලා. මහත්තයලා අපේ ගෙදරට ආපු එක හොඳයි. කොහොම හරි මේ ප්‍රශ්නෙ විසඳලා දෙන්න. පිං සිද්ධවෙයි කියා නිවසේ හිමිකරු අපත් සමග කියා සිටියේ බලාපොරොත්තු සහගතවය. 
    වෛද්‍යවරුන් දෙදෙනෙක් භූතයෙක් සැරිසරන බව කියන නිවසට ඒ ගැන සොයා බැලීමට ආ බව ආරංචි වී අසල්වාසින් පිරිසක්ද පැමිණියේ ඇත්තෙන්ම සිද්ධවෙන්නේ මොකක්ද කියන එක ගැන දැන ගැනීමටය.
    නිවසේ සිදුවනවා යැයි කියන අද්භූත සිදුවීම් නිසා තමන්ද ඉමහත් සේ බියට පත්ව සිටින බව අසල්වාසින් වෛද්‍යවරුන් දෙදෙනා සමග කියා සිටියේ මොකක් හරි කරලා මේ ප්‍රශ්නයට විසඳුමක් ලබාදෙන ලෙස ඉල්ලමිනි.
    “ඇත්තටම කියනවා නම් මේ මොකද වෙන්නේ කියා අපිට හිතාගන්නවත් බැහැ. උන්නු ගමන් පිඟන් කෝප්ප පාවෙලා යනවා. පුටු ගිනි ගන්නවා. පොල් තෙල් පහනක් පත්තු කරලා තිබ්බොත් ඒක පාවෙලා ගිහින් බිම වැටෙනවා. මේ හින්දා අපිත් හොඳටම බයවෙලා ඉන්නේ” යැයි එම පිරිස වෛද්‍යවරුන් දෙදෙනා සමග පැවැසූහ.
    නිවසේ අයිතිකරු වෛද්‍යවරුන් දෙදෙනා සමග තව දුරටත් මේ ගැන කරුණු කාරණා හෙළි කරමින් මෙසේ පැවැසීය. 
    “මම දවසක් පහළ ගෙදර මහත්තයලාගේ වත්ත සුද්ධ කර කර සිටියේ. බිරිඳ එක පාරටම ඉක්මනට දුවලා එන්න ගෙයි ඇතුළේ මොකක්දෝ ගිනි ගන්නවා කියා කෑ ගැසුවා. එතකොට දුව ඉස්කෝලේ ගිහින් හිටියේ. මම කර කර හිටිය වැඬේ නවත්තලා ගෙදරට දිව්වා. මම ගිහින් බලද්දි සාලයේ තිබුණ ප්ලාස්ටික් පුටුවක් පිළිස්සෙනවා. මම ඉක්මනට වතුර ගහලා ගින්න නිවා දැමුවා”
    පිළිස්සී ගිය පුටුවක්ද ඔහු අපට පෙන්වීය. 


    ඇඳුම් පැළඳුම් එල්ලා තිබූ ස්ථාන ද ඔහු අපට පෙන්වා සිටි අතර ඇඳුම් එල්ලා තැබූ ඒ තැන්වල බිත්ති කළු පැහැ ගැන්වී තිබෙන අයුරු අපට දැක ගැනීමට ලැබිණි.
    බිත්තියේ ඇඳුම් එල්ලීමට ඇණ ගසා සවිකර ඒවා එල්ලා තිබූ ඇඳුම් පැළඳුම්වලටද භූතයා ගිනි තබා ඇති බව ගෙදර අයිතිකාරයා අපත් සමග කියා සිටියේ බියමුසු හැඟීමෙනි.
    “ඇඳුම් ඇඳගෙන ඉද්දි එහෙම කවමදාවත් ඒ ඇඳුම් එක පාරටම ගිනි අරන් පිච්චිලා නැත්ද?” ඒ වෛද්‍යවරුන් දෙදෙනා නැගූ ප්‍රශ්නයකි.
    “නැහැ, කවමදාවත් මේ වෙනකම් මමයි බිරිඳයි දුවයි ඇඳගෙන හිටිය ඇඳුම් භූතයා පිළිස්සුවේ නැහැ. ගලවලා දාලා තියන ඇඳුම් තමා භූතයා පුච්චන්නේ” 
    වෛද්‍යවරුන් ඇසූ ප්‍රශ්නයට නිවෙස් හිමියා දුන්නේ එහෙම පිළිතුරකි.
    “බිරිඳ ගෙයි ඇතුළේ තනියම ඉන්නකොට තමා මේ හැම දෙයක්ම වෙන්නේ. එයා ගෙයින් පිට ඉන්නකොටත් මේවා වෙන්නේ නැහැ. ඒ විතරක් නෙවේ බිරිඳ මාත් එක්ක ගෙයි ඇතුළේ ඉන්නකොටත් මේ වගේ දේවල් වෙන්නේ නැහැ” යැයි නිවෙස් හිමියා කියා සිටියේ වෛද්‍යවරුන් දෙදෙනා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්ය.
    මාස දෙකක් තිස්සේ මේ ගෙදර අද්භූත දේවල් කරන භූතයා කවුරුන්ද කියන එකට අපිට කදිම හෝඩුවාවක් අපට ගෙදර අයිතිකාරයාගෙන් දැන ගැනීමට ලැබුණා යැයි වෛද්‍යවරු දෙදෙනා පැවැසූහ.
    “ඔව් මටත් හිතාගන්න පුළුවන් භූතයා කවුද කියන එක” යැයි අපිත් සමග මේ ගවේෂණයට එක්ව සිටි විශ්‍රාමික මේජර් බර්ටි පෙරේරා මහතා ද කියා සිටියේය.
    අසල්වැසි කාන්තාවක් අප සමග මෙසේ කීවාය.
    ඇය රජයේ රැකියාවක නිරතව සිටින තැනැත්තියක් වන්නීය.
    “මේ ගෙදර අයට බත් උයන්න බැරි නිසා මම බත් උයලා මේ ගොල්ලන්ට දෙන්න අරගෙන ආවා. ඒ ගෙදර ඉන්න අක්කා එයාගේ දුවට පිඟානකට බත් බෙදලා දුන්නා. දරුවා බත් කටක් කටට දාගන්නවත් එක්කම කිව්වා බත් කන්න බැහැ වැලි තියනවා කියා. මට අදහාගන්න බැරිව ගියා. බත් එකේ වැලි. මමත් හොඳටම බය වුණා. අන්න ඒ නිසා තමා මම මේ භූත කතාව විශ්වාස කරන්නේ”
    අප එහි ගිය පසු භූත කරදරයක් තිබෙන බව කියන නිවසට රොක්වූ පිරිස් කියා සිටියේ මේවා සිදුවන්නේ මිය ගිය කෙනෙකුගේ බලපෑමක් නිසා බව ය.
    මේ පවුලේ අයගේ ඥාති සහෝදරයෙක්ද පුන පුනා කියා සිටියේ මේවා සියල්ල භූතයකුගේ ක්‍රියා යැයි කියාය.
    “ගෙදරට ගල් වැදුන නිසා මමයි තව යහළුවෙකුයි වහලයට නැගලා එළිවෙනකම් හිටියා. වෙන කවුරු හරි කෙනෙක් කරන දෙයක්ද කියා බලන්න. අපි දෙන්නා වහලයට නැගලා ඉද්දිත් මහ රෑ ගල් දෙක තුනක් වහලයට වැදුණා. අන්න ඒ නිසා තමා මේක භූතයකුගේ වැඩක් කියා මම විශ්වාස කරන්නේ”
    ඒ තරුණයා අප සමග කියාගෙන ගියේ බිය මුසු හැඟීමෙනි. 
    වෛද්‍ය සමින්ද මහතා මීට කලින් වතාවකද නිවසට විස්තර සොයා බැලීමට ගොස් තිබිණි.
    “මහත්තයා එන්න ටික වෙලාවකට කලින් අපේ නෝනට භූතයා ගලකින් ගසා තිබුණා. එයා කොන්ද අල්ලාගෙන ගල් පාරක් මගේ කොන්දට වැදුණා ඉවසන්න බැහැ වේදනාව කියා ඇය හැඬුවා. ගල් පාර වදිනවා අපි කවුරුත් දැක්කේ නැහැ” කියමින් නිවසේ හිමිකරු භූතයා දමා ගැසුවා යැයි කියන තරමක ලොකු ගල් කැටයක් පෙන්වා සිටියේය.
    වෛද්‍ය සමින්ද ජයරත්න මහතා ඇයට ගල වැදුනා යැයි පැවැසුනු ස්ථානය සියුම් ලෙස පරීක්ෂාකර බැලීමේදී එවැනි ගල් පහරක් ඇයගේ කොන්ද ප්‍රදේශයට වැදී නොමැති බව පෙනී ගොස් ඇත.
    ඒ බව පසුව වෛද්‍යවරයා අප සමග කියා සිටියේය. 
    වෛද්‍යවරුන් දෙදෙනා යළිත් වරක් නිවසේ අයිතිකරු සමග කතා බහ කළේ වැඩි විස්තර දැන ගැනීමේ අපේක්ෂාවෙනි.
    “බිරිඳ මේ ගෙදර ඉන්න කැමැති නැහැ. දැන් ටික කාලයක ඉඳලා මේවා විකුණා දමා එයාලාගේ මහගෙදරට යමු කියා මට නිතරම ඇවිටිලි කරනවා. එයාගේ අක්කා කෙනෙක් දවසක් අපේ ගෙදර ආපු වේලාවේ බිරිඳ එක්ක නංගියේ මේ ගෙදරයි ඉඩමයි කාටහරි විකුණලා දාලා අපේ මහ ගෙදර වරෙන් කියා කියනවා මටත් ඇසුණා” යැයි නිවෙස් හිමියා වෛද්‍යවරුන් සමග පැවැසීය.
    නිවසේ අයිතිකරුගේ බිරිඳ සමගද වෛද්‍යවරු කතාබස් කර විස්තර විමසා සිටීමට අමතක නොකළහ.
    “මගේ නැන්දම්මා මීට අවුරුදු 4 1/2කට විතර කලින් මියගියා. මම නම් හරියට කියන්න දන්නේ නැහැ. දේවාලවලට ගියාම සමහර කපු මහත්වරුන් තමා කිව්වේ මගේ මියගිය නැන්දම්මා භූතයෙක් වෙලා ඇවිත් මේ වගේ දේවල් කරනවා කියා” ඇය වෛද්‍යවරුන් සමග කියා සිටියාය.
    මේ කාන්තාව සමග වෛද්‍යවරු සෑහෙන වේලාවක් කතා බස් කරමින් විස්තර විමසා සිටියහ.
    මේ සියලුම දේවල් අනිවාර්යයෙන්ම මිනිස් ක්‍රියාකාරිත්වයක ප්‍රතිඵලයක් බව අවධාරණය කරන්න කැමැතියි. මේවා මාස දෙකක කාලයක් තිස්සේ සිදුකරන්නේ කවුද කියන එක අපි පැහැදිලිවම සොයා ගත්තා. මෙය මියගිය කෙනෙක් භූතයෙක් වෙලා ඇවිත් කරන දෙයක් නෙමේ. මියගිය කිසිම කෙනෙක් භූතයෝ වෙලා එන්නේ නැහැ.
    වෛද්‍යවරුන් දෙදෙනා රැස්ව සිටි පිරිසට පැහැදිලි කර දුන්නේ ඔවුන්ගේ සිත්සතන්වල පැවැති සැක සංකා සහ බිය තුරන් කිරීමේ අරමුණු ඇතිවය.
    මෙම නිවසේ ඇතිවන සිදුවීම් මාලාව අද්භූත බලවේගයක් හෝ භූත බලවේගයක් හෝ නිසා සිදුවන්නක් නොවන බව අප කළ සොයා බැලීම්වලදී සාධක සහිතව සොයා ගත්තා. මේ සියල්ලක්ම මෙතෙක් කල් සිදුකර ඇත්තේ මේ ගෙදර සිටින කාන්තාවයි.
    යම් අයෙක් මෙවැනි දේවල් සිදුකරන්නේ ඇයි දැයි කියන එක විමසා බැලීමේදී හේතු දෙකක් තිබෙනවා. එක් හේතුවක් නම් පවුලේ සාමාජිකයන්ගේ සහ අසල්වාසීන්ගේ අවධානය ලබාගැනීමට සචේතනිකව සිදු කරන දේවල්ය. අනෙක් සාධකය වනුයේ ගෘහ ජීවිතයේ සහ සමාජයේ තමන්ට සිදුවන ගැටලුකාරි තත්ත්වයන්වලින් මිදීමට මෙවැනි දේවල් සිදුකරන බවය. මේ නිවසේ සිටින කාන්තාවට ඇතිවී ඇති කිසියම් මානසික ගැටළුවක් මත මෙවැනි දේවල් සචේතනිකව සිදු කරනවා. ඇය මෙවැනි දේවල් කරන්නේ කාවත් අනතුරට දමන්න හෝ රවටන්න නොවේ. ඔවුන් දැනට පදිංචිව සිටින ප්‍රදේශයෙන් ඉවත්ව යාමට දරන අහිංසක ප්‍රයත්නයක්. කවුරුත් ඇයට අනුකම්පා කළ යුතුයි. කිසිම කෙනෙක් ඇයගේ හිතට වැරැදි අදහස් දමන්න කිසිසේත්ම හොඳ නැහැ යැයි ගවේෂණය අවසානයේ වෛද්‍ය සමින්ද ජයරත්න මහතා කියා සිටියේය.
    මෙම කාන්තාවට අවශ්‍ය උපදේශනයක් ලබාදීමට මාතලේ මහ රෝහලේ මානසික උපදේශන සේවයට කැඳවාගෙන එන ලෙස වෛද්‍යවරයා ඇයගේ සැමියාට උපදෙස් දුන්නේය.
    මෙවැනි අද්භූත සිදුවීම් ගැන දැනුම් දුන්නොත් ඒවායේ ඇති සත්‍ය අසත්‍යතාවය ගැන සොයා බැලීමට පැමිණීමට සූදානම් බව වෛද්‍යවරු දෙදෙනා පවසති.
    මේ කටයුත්ත සඳහා කිසිදු මුදලක් අය නොකරන බවද වෛද්‍යවරු දෙදෙනා පෙන්වා දුන්හ.

    උපුටා ගැනිම – ලංකාදිප පුවත්පත

    [rns_reactions]

  • ජනපති නිර්දේශයෙන් ජ්‍යේෂ්ඨ නීතීඥවරුන් 25කට ජනාධිපති නීතීඥ පත්වීම්…

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයා සතු බලතල වලට අනුව අද(27) දින ජ්‍යේෂ්ඨ නීතීඥවරුන් 25 දෙනෙකු ජනාධිපති නීතීඥවරුන් ලෙස පත් කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සිදුකරන ලද බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

    එම මාධ්‍ය අංශය සඳහන් කරන්නේ නීතීඥ වෘත්තීයේ විශිෂ්ටත්වයට පත්ව ඇති හා වෘත්තීය කටයුතු පිළිබඳ අවංකභාවයෙන් හා උත්කෘෂ්ට පැවැත්මෙන් යුතු නීතීඥවරුන් 25 දෙනෙකු මෙලෙස ජනාධිපති නීතීඥවරුන් ලෙස පත් කර ඇති බවයි.

    මෙම නව පත්වීම් ලද ජනාධිපති නීතීඥවරුන් අතර උපුල් ජයසූරිය,දයා පැල්පොල, ආරිය බී.රැකව, නෙවිල් අබේරත්න,එම්.ඒ.සුමන්තිරන්, ජේ.සී.වැලිඅමුණ, මොහොමඩ් නිසාම් කාරියප්පර් යන මහත්වරුන් ද වෙයි.

    ජනාධිපති නීතීඥවරුන් ලෙස පත් කොට ඇති නීතිඥවරු

    1.         දයා පැල්පොල

    2.         ආරිය බී. රැකවල

    3.        අනුර මැද්දේගොඩ

    4.        නිශ්ශංක නානායක්කාර

    5.        නෙවිල් අබේරත්න

    6.        අනුජ ප්‍රේරමරත්න

    7.        ඒගඑල්ගඑම්ග හෙදයාතුල්ලා

    8.        සමන්ත රත්වත්තේ

    9.        විජේරත්න ධර්මසේන

    10.      උපාලි සේනාරත්න

    11.     පද්ම බණ්ඩාර

    12.     මාක් පීරීස්

    13.      කරුණාරත්න පීරීස්

    14.     මහේන්ද්‍ර සුවඳරත්න

    15.      ඒගපීගසීගඑම්ග ජයසේකර

    16.      මොහාන් වීරකෝන්

    17.     පීගආර්ගඑස්ගපීග සමරනායක

    18.      උපුල් ජයසුරිය

    19.     ආනන්ද වික‍්‍රමසේකර

    20.      ජේගසීග වැලිඅමුණ

    21.      එම්.ඒ.සුමන්තිරන්

    22.      නිරන්ජන් පෙරේරා

    23.      කරුණාදේවගේ විමලදාස

    24.     නිසාම් කාරියප්පර්

    25.      විවේකානන්දන් පුවිදරන්

    [rns_reactions]

  • අර්බුදය නිමාකරමින් ක්ලැරන්ස්ගේ නිර්මාණ අයිතිය දියණිය අමිලාට

    සිංහල කණ්ඩායම් සංගීතයේ පෙරැළියක් කළ සංගීත අධ්‍යක්‍ෂ සහ ප‍්‍රවීණ ගායන ශිල්පී ක්ලැරන්ස් විජේවර්ධනයන්ගේ ගී පද රචන, ගී තනු ඇතුලූ ගීතවල බලයලත් හිමිකම ඔහුගේ දියණිය වන අමිලා ප‍්‍රියදර්ශනී විජේවර්ධනට පවරා තිබේ.

    කැලැරන්ස් විජේවර්ධනයන්ගේ බිරිය වන  ඕස්ටේ‍්‍රලියාවේ පදිංචි ශීලා විජේවර්ධන මහත්මිය විසින් ඔස්ටේ‍්‍රලියාවේ වික්ටෝරියා ශ්‍රේෂ්ඨාධිකරණයේ බැරිස්ටර් සහ සොලිස්ටර්වරයකු වන දොන් කටුගම්පල මහතා සහ කොළඹ ප‍්‍රසිද්ධ නොතාරිස් වයි.වී.ආර්. බාලසූරිය මහත්මිය යන නොතාරිස්වරුන් විසින් සහතික කර බලයලත් හිමිකම මීට පෙර සිරි හෙට්ටිආරච්චි නැමැත්තකුට පවරා තිබිණි.

    1943 වසරේ අගොස්තු මස 3 වැනිදා හපුතලේදී උපත ලැබූ ක්ලැරැන්ස් විජේවර්ධනයන්  1964 වසරේ සිට 1970 දක්වා ‘ද මූන්ස්ටොන්’ නැමැති සංගීත කණ්ඩායමත් සමඟ ජනප‍්‍රියත්වයට පත්විය. ‘සිහින ලොවක්, මලට බඹරකු සේ, කිමද නාවේ, දිලීප පොඩිපුතු, දුව මා වගේ, සැන්දෑ වළාවන්, ආදරේට කියන කතා,  රෑ තාරකාවෝ, රන් සමනලියන්, කඳු

    සුරිඳුනි, සඳක් බැසගියා’ ඇතුලූ ජනප‍්‍රිය ගීත රැසක් ක්ලැරැන්ස්ගේ නිර්මාණ වේ.1996 වසරේ දෙසැම්බර් මස 13 වැනිදා ජීවිත වේදිකාවෙන් බැසගියත් අද වනතුරුත් ක්ලැරැන්ස් විජේවර්ධනයන්ගේ ගීත රසික හදවත් තුළ කිඳා බැස ඇත.ක්ලැරැන්ස්ගේ දියණිය අමිලා විජේවර්ධන කීවේ මෙවන් කතාවකි.

    ‘‘මගේ පියා නිර්මාණය කළ ගීතවල තනු නිර්මාණ සහ පද රචනවලට හානියක් නොකර, ගීත විකෘති නොකර ගායනා කිරීමට කැමැති  ඕනෑම අයකුට අපිව ඒ සම්බන්ධයෙන් දැනුම්වත් කර අපෙන් අවසර ලබාගෙන ගායනා කිරීමට අවස්ථාව  දෙනවා. අවසර නොමැතිව ගායනා කරන  ඕනෑම අයකුට විරුද්ධව දැඩි නීතිමය ක‍්‍රියාමාර්ග ගන්න වෙනමම නීතිඥ මණ්ඩලයක් පත්කර තිබෙනවා. පියාගේ ගීත අනවසරයෙන් ගායනා කරන පුද්ගලයන් පිළිබඳව සොයා බැලීමට නියෝජිතයකු ඉදිරියේදී පත්කරනවා.

    ඒ වගේම දැනට පවතින නඩු සම්බන්ධයෙන් අපේ නීතීඥ මණ්ඩලය දැනුවත් කර තිබෙනවා.

    ඉදිරියේදී ක්ලැරන්ස් විජේවර්ධනගේ නිර්මාණ සම්බන්ධ  කරගෙන පවත්වන ප‍්‍රසංග වැඩසටහන් හා සියලූම දේවල් පිළිබඳව අප දැනුම්වත් කළ යුතු වෙනවා. මොකද එය අප සිතන්නේ පියාට කරන යුතුකමක් කියලයි.

    මගේ පියාගේ ගීත ගායනා කරලා ප‍්‍රසිද්ධිය ලබාගෙන මුදල් හම්බකරගෙන අපට දොස් කියන පිරිසකුත් ඉන්නවා. එය අපි දකින්නේ මෙවැනි කලාකරුවකුට කරන අගෞරවයක් හැටියටයි. මගේ පියා නැතිවෙලා වසර ගණනක් ගියත් ඔහුගේ ගීත තවමත් ජනප‍්‍රියත්වයට පත්වෙලා තියෙන්නේ ඒ ගීතවල තිබුණු අලංකාරය සහ සුවිශේෂී නිර්මාණ ගුණය නිසයි. අප සිතනවා තවත් වසර ගණනාවක් ඔහුගේ ගීත රසික හදවත් තුළ රැඳී තිබේවි කියලා. මගේ පියාගේ ගීත විකෘති නොකර වෙනස් නොකර ගායනා කිරීමට කැමැති අයකුට clarenceslegacy@gmail.com ලිපිනය ඔස්සේ අප සමඟ සම්බන්ධ වෙන්න පුළුවන්.’

    (ශීලා විජේවර්ධන සහ දියණිය අමිලා විජේවර්ධන)

    [rns_reactions]

  • "මහවැලි ප‍්‍රතිභා’ කලා මංගල්‍යය 2017" ජනපති ප‍්‍රධානත්වයෙන්..

    මහවැලි කලාපවල ඳූ පුතුන්ගේ කලා හා සංස්කෘතික නිර්මාණ පෙළ ගැසුණු, මහවැලි ප‍්‍රතිභා අන්තර් කලාපීය කලා මංගල්‍යය, ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන්  (27) පස්වරුවේ කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.

    මහවැලි ගම්මානවල පිහිටි පාසල්වල අධ්‍යාපනය හදාරන දරුදැරියන්ගේ කලා හා සංස්කෘතික හැකියාවන් ඔප මට්ටම් කිරීමේ අරමුණින් ජනාධිපති ගරු මෛති‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ සංකල්පයකට අනුව, මහවැලි සංස්කෘතික බළකාය හා මහවැලි කේන්ද්‍රය එක්ව, මහවැලි ප‍්‍රතිභා, සංස්කෘතික මංගල්‍යය සංවිධානය කර තිබුණි.

    මහවැලි ගම්මානවල වෙසෙන දරු දැරියන්ගේ කලා කුසලතා හඳුනා ගැනීම, කලා කුසලතා වැඩි දියුණු කර ගැනීමට මග පෙන්වීම, ශී‍්‍ර ලාංකික අනන්‍යතාව ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් සංස්කෘතිකාංග ප‍්‍රචලිත කිරීමට කටයුතු යෙදීම, මහවැලි කලාපීය දරු දැරියන් සඳහා දේශීයව මෙන්ම අන්තර්ජාතිකව ද තම දක්ෂතා ඉදිරිපත් කිරීමට හැකි වේදිකාවක් නිර්මාණය කිරීම මෙම වැඩසටහනේ අරමුණයි.

    මහවැලි දරු දැරියන් 850 ගේ පමණ සහභාගිත්වයෙන් පැවති මෙවර මහවැලි ප‍්‍රතිභා අන්තර් කලාපීය සංස්කෘතික මංගල්‍ය මහවැලි ඳූ පුතුන්ගේම ගායන, වාදන, නර්තන හැකියා රැුසකින් විචිත‍්‍රවත් කෙරිණි.

    සුවිශේෂි දක්ෂතා දැක්වූ දරු දැරියන්ට සහතික පත් සහ තිළිණ ප‍්‍රදානය කිරීම ජනාධිපතිතුමා අතින් සිදු විය.

    අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, විජිත් විජයමුණි ද සොයිසා, නියෝජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න, මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ලේකම් උදය ආර්. සෙනෙවිරත්න, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි, මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් අනුර දිසානායක, මහවැලි කේන්ද්‍රයේ අධ්‍යක්ෂ අරුණ ප‍්‍රසාද් ලේකම්ගේ යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද, තානාපතිවරුන්, කලාකරුවන්, ඇතු`ථ සම්භාවනීය ආරාධිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

     [rns_reactions]
  • ෆොන්සේකාට බලතල දෙන බවට ජනාධිපති කීවේ විහිළුවකට?

    රටේ විනය රැකීමට ආරක්‍ෂක අංශවල බලතල ඇමැති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාට ලබා දිය යුතු බවට ජනාධිපතිවරයා ඇමැති මණ්‌ඩල රැස්‌වීමේදී ප්‍රකාශ කළේ විහිළුවට මෙන් බව සමාජ සවිබල ගැන්වීම හා සුබ සාධන ඇමැති එස්‌. බී. දිසානායක  සඳහන් කර තිබෙනවා.

    මෙම ඇමැති මණ්‌ඩල රැස්‌වීමට තමාද සහභාගීවු බවත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මේ ප්‍රකාශය කිරීමෙන් පසුව එහි සිටි ඇමැතිවරුන්ට සිනහ ගිය බවත් ඊයේ (27) ශ්‍රී ලංකා  නිදහස්‌ පක්‍ෂ මූලස්‌ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී ඇමැතිවරයා සඳහන් කළා.

    ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාට විනය රැකීමට භාරදීම පිළිබඳ ප්‍රකාශයෙහි විහිළුවකට එහා ගිය දෙයක්‌ නොමැති බවද ඒ ගැන ගණන් ගත යුතු නොමැති බවද එස්‌. බී. දිසානායක ඇමැතිවරයා එහිදී සඳහන් කර තිබෙනවා.

    [rns_reactions]