Blog

  • ඇමති තනතුර නැතිකරගන්න බෑ – අලුත් තනතුර ගැන ෆොන්සේකා වැට උඩ….

    ආරක්ෂක අංශ මෙහෙයවීමේ වගකීම තමන් භාර ගනු ලබන්නේ අමාත්‍ය ධුරයේ වගකීම්වලට අමතරව බව ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසන අතර ඔහු පෙන්වා දෙන්නේ ඒ සම්බන්ධයෙන් තවදුරටත් ජනාධිපතිවරයා සමග සාකච්ඡා කළ යුතු බවයි.

    කෙසේ වෙතත් කැබිනට් තීරණ දැනුම් දීම සඳහා කොළඹ ඊයේ (26) පැවති මාධ්‍ය හමුවේදී අමාත්‍ය රාජිත සේනාරත්න සඳහන් කළේ අමාත්‍ය සරත් ෆොන්සේකාට නව වගකීමක් භාර දෙන්නේ නම් ඔහු අමාත්‍ය ධුරයෙන් මෙන්ම පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධුරයෙන් ද ඉල්ලා අස්විය යුතු බවයි. 

    කැබිනට් මණ්ඩලයේ දී ඉදිරිපත් වූ යෝජනාව සම්බන්ධයෙන් ද අමාත්‍ය සරත් ෆොන්සේකා අදහස් දැක්වූවා.

    එහිදී ඔහු සඳහන් කළේ “අමාත්‍ය ධූරයේ ඉන්න කමන් අමතර වගකීමක් හැටියට තමයි ඒ යෝජනාව ආවේ. නමුත් මේක ගැන තාම සිදු කරන ක්‍රමවේදයක් ගැන සාකච්ඡා කලේ නැහැ. ජනාධිපතිතුමා මට තාම නිශ්චිත උපදෙස් ලබාදීලා නැහැ. ඒ ගැන තවදුරටත් සාකච්ඡා කරන්න ඕනේ. රජයේ පරිපාලනයට බාධා වන අයුරින් නොයෙක් දේශපාලඥයන්ගේ උවමනාවට කටයුතු කරන්න ඉඩ දෙන්න බැහැ.” යනුවෙනි.

    [rns_reactions]

  • මීතොටමුල්ල නිවාස අහිමිවූ තවත් පිරිසකට ජනපති අතින් නව නිවාස..

    මීතොටමුල්ල කසළ කන්ද නාය යාමෙන් නිවාස අහිමි වූවන්ට නිවාස ලබාදීමේ වැඩසටහනේ දෙවන අදියර යටතේ පූර්ණ හානියට පත් නිවාස 65 ක පදිංචිකරුවන් වෙනුවෙන් නව නිවාස ලබාදීම ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් අද (25) පස්වරුවේ ආපදා කළමනාකරණ අමාත්‍යාංශ ශ‍්‍රවණාගාරයේ දී සිදු විය.
    මෙහි මුල් අදියර යටතේ නිවාස ලබා ගැනීමට කැමැත්ත පළ කළ පවුල් 30 ක් වෙනුවෙන් නිවාස ලබාදීම පසුගියදා සිදු කෙරිණි.

    මෙම නිවාස වෙනුවෙන් රජය වැය කර ඇති මුදල රුපියල් ලක්ෂ 3920 කිි.

    එසේම එම නිවාස හිමියන්ට ගෘහ භාණ්ඩ මිලදී ගැනීම සඳහා එක් නිවාසලාභියෙකු වෙනුවෙන් රුපියල් ලක්ෂ දෙක හමාරක මුදලක් ලබාදීම ද සිදු කෙරේ.

    අහිමි වූ නිවාසවල තක්සේරු කටයුතු සිදු කිරීමෙන් අනතුරුව වැඩි වටිනාකමක් පවතින්නේ නම් නිවාසවලට අමතරව එම පවුල් වෙත මුදල් ලබාදීමට ද රජය ඉදිරියේදී කටයුතු කිරීමට නියමිතය.

    නිවාස ලබාදීමේ අවස්ථාවට සහභාගී වූ ජනාධිපතිතුමා ආපදා කළමනාකරණ අමාත්‍යාංශ ප‍්‍රවේශ දොරටුව අසලදීම රෝද පුටුවේ සිටි ආබාධිත කාන්තාවකට අදාළ නිවාසයට හිමි හිමිකම් පත‍්‍රය පිළිගැන්වීමට කටයුතු කළේය.

    [rns_reactions]

  • ධූර කාලය අවසන්ව සිය රට බලා පිටත්ව යාමට නියමිත සීෂෙල්ස් තානාපතිවරයා ජනපති හමු වෙයි

    ධූර කාලය අවසන්ව සිය රට බලා පිටත්ව යාමට නියමිත ශී‍්‍ර ලංකාවේ සීෂෙල්ස් තානාපති ඬේවිඞ් ක්ලෝඞ් පියර් මහතා අද (26) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා හමුවිය. 

    සිය ධූර කාලය අවසන්ව ශී‍්‍ර ලංකාවෙන් පිටත්ව ගිය ද ශී‍්‍ර ලංකාව සහ සීෂෙල්ස් රාජ්‍ය අතර ද්විපාර්ශවික සබඳතා ශක්තිමත් කර ගැනීමට උපරිමයෙන් කැපවන බව තානාපතිවරයා මෙහිදී ප‍්‍රකාශ කළේය.

    ශී‍්‍ර ලංකාව සහ සීෂෙල්ස් රාජ්‍ය අතර සබඳතා වැඩිදියුණු කර ගැනීමට මෙතෙක් ලබාදුන් සහය පිළිබඳ මෙහිදී ජනාධිපතිතුමා තානාපතිවරයා වෙත සිය ස්තූතිය පිිරිනැමීය.

    සේවය අගයමින් ජනාධිපතිතුමා තානාපතිවරයා වෙත සිහිවටන තිළිණයක් පිළිගැන්වූ අතර තානාපතිවරයා ද ජනාධිපතිතුමා වෙත සමරු තිළිණයක් පිළිගැන්වීය.

    [rns_reactions]

  • වාරිමාර්ග ව්‍යාපෘතිවල ප‍්‍රගතිය පිළිබඳ සාකච්ඡාවක් ජනපති ප‍්‍රධානත්වයෙන්

    මහවැලි සංවර්ධන අමාත්‍යාංශය යටතේ කි‍්‍රයාත්මක කෙරෙන වාරි ව්‍යාපෘතිවල ප‍්‍රගතිය පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් අද(26) පස්වරුවේ මහවැලි අධිකාරියේ ශ‍්‍රවණාගාරයේ දී පැවැත්විණි.

    දැනට කි‍්‍රයාත්මක සහ ඉදිරියේ කි‍්‍රයාත්මක කිරීමට නියමිත වාරි ව්‍යාපෘති පිළිබඳ මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක්විය.

    කාළගුණික විපර්යාස සහ පසුගිය වසරවල වර්ෂාපතනය ලැබීම් පිළිබඳව නිසි අධ්‍යනයක් සිදුකරමින් වාරි ව්‍යාපෘතිවල ඉදිරි සංවර්ධන කටයුතු සඳහා අදාල තීන්දු තීරණ ගන්නා ලෙස ජනාධිපතිතුමා මෙහිදී නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

    නියෝජ්‍ය අමාත්‍යවරුන් වන අනුරාධ ජයරත්න, දුෂ්මන්ත මිත‍්‍රපාල යන මහත්වරුන් ද මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතා ඇතුළු නිලධාරින් සාකච්ඡාවට එක්ව සිටියහ.

    [rns_reactions]

  • මීතොටමුල්ල ඛේදවාචකය ඇතිවීමට හේතු වූ කරුණු පිළිබඳ සොයා බලා වාර්තා කිරීමට ජනපති නියමයෙන් ජනාධිපති පරීක්ෂණ කමිටුව පත් කෙරේ

    මීතොටමුල්ල ඛේදවාචකය ඇතිවීමට හේතු වූ කරුණු පිළිබඳ සොයා බලා වාර්තා කිරීමට ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා විසින් ඒක පුද්ගල ජනාධිපති පරීක්ෂණ කමිටුවක් පත් කර තිබේ.

    ඒ සඳහා ජනාධිපතිතුමා විසින් විශ‍්‍රාමික මහාධිකරණ විනිසුරු චන්ද්‍රදාස නානායක්කාර මහතා පත් කර ඇත.

    [rns_reactions]

  • ජාතිය ගොඩනගන්න ආ SF ලොකු පොලිසියට කොටු කරගත්තේ මෙහෙමයි.

    කරාතේ ශූර වසන්ත සොයිසා ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරුවකු වන ඉරෝන් රණසිංහ නොහොත් එස්.එෆ්. ලොක්කා සුඛෝපභෝගී අවුට් ලෑන්ඩර් රථයක් …පැහැර ගැනීමේ සිද්ධියකට සම්බන්ධව විදේශීය නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් සමඟ අනුරාධපුර මූලස්ථාන පොලිසියේ නිලධාරීන් විසින් ඊයේ (26දා) අත්අඩංගුවට ගෙන තිබේ.
    ටියුෂන් ගුරුවරයකු භාවිත කළ සුඛෝපභෝගී අවුට් ලෑන්ඩර් රථයක් කල්බදු නොගෙවීම නිසා අත්පත් කර ගැනීමේ නිලධාරීන් විසින් අත්පත් කරගෙන කොළඹ ප්‍රදේශයට රැගෙන යමින් තිබියදී රුපියල් ලක්ෂයක කොන්ත්‍රාත්තුවක් මත එය පැහැරගෙන අයිතිකරුට භාරදී පොලිස් අත්අඩංගුවට පත්වේ යැයි බියෙන් දින පහක් තිස්සේ කට්ටි පනිමින් සිටියදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

    සැකකාර එස්.එෆ්. ලොක්කා ඔහුට අයත් පැති වීදුරු අඳුරු කරන ලද සුදු පැහැති වෑන් රථයෙන් දහයියාගම දෙස සිට ජයන්ති මාවත දෙසට ගමන් කරන බවට ලැබුණු තොරතුරක් මත වහාම ක්‍රියාත්මක වූ අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සංජීව මහනාම, අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එම්.එස්. කුමාරසේන යන මහත්වරු ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් ඔහුගේ වෑන් රථය පසුපස හඹාගොස් මඟ අහුරා අනුරාධපුර දහයියාගම හන්දියේ පිහිටි ආරක්ෂිත දුම්රිය ගේට්ටුව අසලදී අත්අඩංගුවට ගැනීම සිදු කරනු ලැබූහ.

    සැකකාර එස්.එෆ්. ලොක්කා පලා යෑමට උත්සාහ කළ හැකි නිසා ඒ අවස්ථාවේම ඔහුගේ දෙඅතට විලංගු දැමීමට පොලිසිය කටයුතු කළ අතර අත්අඩංගුවට ගත් වෑන් රථය දැඩි සෝදිසියට ලක් කළ අවස්ථාවේ යුද හමුදාව හා ත්‍රස්තවාදීන් යුද සමයේදී භාවිත කළ විදේශීය ජීව අත්බෝම්බයක් සූක්ෂ්මව රථයේ සඟවා තිබියදී පොලිසිය විසින් සොයා ගනු ලැබීය.

    මොහු යුද හමුදා විශේෂ කාර්ය බළකා සෙබළකු බව පැවැසුවත් ඔහු ශ්‍රී ලංකා යුද හමුදාවේ ජාතික ආරක්ෂක බළමුළුවේ සේවය කරමින් සිටියදී සේවයෙන් පලා විත් සිටින්නකු බව පොලිසිය පැවැසූ අතර මූල්‍ය සමාගම රැගෙන ගිය අවුට් ලෑන්ඩර් රථය පැහැර ගැනීමට සම්බන්ධ වී පොලිසියට බියෙන් තවත් සැකකරුවන් තිදෙනකු සැඟවී සිටින බවත් ඔවුන් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ සිදුකරන බවත් පොලිසිය පැවැසුවේය.

    පසුගියදා (21දා) එස්.එෆ්. ලොක්කා ඇතුළු පිරිස අනුරාධපුර මල්අතු පටුමඟ ප්‍රදේශයේදී අත්පත් කර ගැනීමේ නිලධාරීන් අත්පත් කරගෙන කොළඹට ගෙනයමින් තිබූ ජීප් රථය පැහැර ගෙන එහි හිමිකරු වන ටියුෂන් ගුරුවරයාට භාරදී තිබූ අතර ගුරුවරයා ජීප් රථය කුරුන්දන්කුලම ප්‍රදේශයේ නිවෙසක සඟවා තිබියදී පොලිසිය අත්අඩංගුවට ගත්තේය. සැකකාර එස්.එෆ්. ලොක්කා වසන්ත සොයිසා මහතා ඝාතනය කිරීම හා ඔහුගේ රාත්‍රි සමාජ ශාලාවට පහරදී අලාභ කිරීම සම්බන්ධයෙන් හා සමාජ ශාලාවට අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීම යන චෝදනාවන්ට මහාධිකරණයේ දැඩි ඇප කොන්දේසි මත මුදාහැර සිටින්නෙකි.
    සමාජ ජාල වෙබ් අඩවි වන ෆේස්බුක්, යූ ටියුබ් හරහා මොහු සිංහලයා වෙනුවෙන් පෙනී සිටින බවට හඟවමින් සමාජයේ ධාර්මික මුහුණුවරක් ගැනීමට කටයුතු කරමින් සිටින බවද පොලිසිය පවසයි.
    එහෙත් මොහු කප්පම් ගැනීම්, පුද්ගලයන්ට පහරදීම්, මනුෂ්‍ය ඝාතනවලට සම්බන්ධ තැනැත්තකු බවද පොලිසිය සඳහන් කරයි.

    [rns_reactions]

  • පැත්ත ගියත් ඇත්ත කියන හිරුගේ පැත්තක් ගැලවෙයි. ගම්වැසියන්ගෙන් හිරුට විරෝධය..(video)

    කුරුණෑගල දේවගිරිය මාතෘ සායන මධ්‍යස්ථානයේ පවුල් සෞඛ්‍ය නිලධාරිණිය සම්බන්ධයෙන් හිරු රූපවාහිනියේ CIA වැඩසටහනෙන් අප්‍රේල් 13 වනදා ප්‍රචාරය කළ සාවද්‍ය පුවතක් නිසා එම නිලධාරිණිය දැඩි අපහසුතාවකට සහ අසාධාරණයකට ලක් සිටින බව වාර්තා වනවා.

    මාතෘ සායන මධ්‍යස්ථානයේ අලංකරණය සදහා ගැබිණි මව්වරුන්ට මල් පෝච්චි රැගෙන ඒමට එහි පවුල් සෞඛ්‍ය නිලධාරිණිය නීතියක් පනවා තිබෙන බවත්, එම නීතිය කඩකරන මව් වරුන්ට රජයෙන් නොමිලේ ලබා දෙන ත්‍රී පෝෂ පැකට්ටුව ලබා නොදීමට ඇය කටයුතු කරන බවත් එම වැඩසටහනෙන් චෝදනා කර තිබිණි.

    නමුත් මේ පිළිබදව  මාතෘ සායනයට පැමිණෙන මව්වරුන් සහ, ප්‍රදේශවාසීන් පවසන්නේ ඊට හාත්පසින්ම වෙනස් කතාවකි. කුරුණෑගල දිස්ත්‍රිකයේ අති දුෂ්කර ප්‍රදේශයක් වූ දේවගිරිය, දඹහැර, පහළ දඹහැර, දිද්දෙනිය ඇතුළු ගම්මාන කිහිපයක්ම මාතෘ සායන වෙනුවෙන් සේවාව සැපයෙන්නේ දේවගිරිය මාතෘ සායන මධ්‍යස්ථානයෙනි. ප්‍රදේශයේ පවතින දුෂ්කරතාව නිසාම පිට ප්‍රදේශවල සෞඛ්‍ය නිලධාරීන් මෙහි පැමිණිමට මැලිකමක් දක්වන අතර, දැනට එහි සේවයේ නියුතුව සිටින එකම සෞඛ්‍ය නිලධාරිනිය ද සිය රාජකාරි කටයුතු කරනුයේ දැඩි දුෂ්කරතාවන් මධ්‍යයේයි.

    සෞඛ්‍ය අමාත්‍යංශය හෝ රජයේ වෙනක් කිසිදු වගකිව යුතු ආයතනයක් විසින් දේවගිරිය මාතෘ සායන මධ්‍යස්ථානයේ විදුලි බිල හෝ ගෙවා ගැනීමට මුදල් වෙන් කර නොමැති අතර කිසිදු නඩත්තු කටයුත්තක් හෝ සිදු නොකරන පසුබිමක වසර එක හමාරක් පමණ මධ්‍යස්ථානයේ විදුලි බිල පවා ගෙවා ඇත්තේ චෝදනාවට ලක් කරන පවුල් සෞඛ්‍ය නිලධාරිනියගේ පෞද්ගලික මුදලිනි.

    මාතෘ සායන මධ්‍යස්ථානයේ අලංකාරය සදහා මල් පෝචිචි තැබීමට සායනයට පැමිණෙන මව්වරුන් යෝජනා කර ඇති අතර, මල්පෝච්චි ගෙන එන්නැයි සෞඛ්‍ය නිලධාරිනිය විසින් අනිවාර්ය නිතීයක් පනවා නොමැති බවද එම මව්වරුන් පවසයි. හිරු CIA වැඩසටහනේ ප්‍රචාරය කළ වීඩියෝ පට සංස්කරණය කර සාවද්‍ය පුවතක් නිර්මාණය කරමින් ප්‍රචාරය කර ඇති බවද මව්වරුන් චෝදනා කරයි.

    මාතෘ සායනයට පැමිණෙන මව්වරුන්ගේ ජල අවශ්‍යතා පවා සපුරා ගැනීමට නොහැකිව තිබෙන අතර, මධ්‍යස්ථානයේ කොතෙකුත් අඩුපාඩු තිබියදී, ඒවා පෙන්වා නොදී, සාවද්‍ය තොරතුරු මත, රැකියාව සේවයක් කොට සලකමින් මහත් දුෂ්කරතා මධ්‍යයේ සේවය කරන මෙවැනි නිලධරීන්ට මඩ ප්‍රහාර එල්ල කර, ඔවුන් සහ තවත් එවැනි නිලධාරීන් අපහාසයට සහ අධෛර්යයට පත් කිරීමට වගකිය යුතු මාධ්‍ය ආයතනයක් කටයුතු කිරීම ලැජ්ජා සහගත ක්‍රියාවක් බවද එම ප්‍රදේශවාසීන් සහ මව්වරුන් පවසති.

    කෝටි ගණන් මහජන ධනය කොල්ල කන දේශපාලකයන් හා ඔවුන්ට උඩගෙඩි දෙන සමහරක් රාජ්‍ය නිලධාරීන් ගැන හෙළිදරව් කිරීමට පිටකොන්දක් නැති, තම පුද්ගලික අරමුණු වෙනුවෙන් මහා පරිමාණ ජාවාරම්කරුවන් රකින, තක්කඩි දේශපාලකයන් පුම්බන මාධ්‍ය ආයතන, රැකියාවට පමණක් සීමා නොවී ස්වෙච්ඡාවෙන්ම නිහඩව සේවය කරන සුළු නිලධාරීන්ට පහර දී, නැති ප්‍රවෘත්ති නිර්මාණය කරමින් මහ උජාරුවෙන් රටට පෙන්වීම ලැජ්ජා සහගතය. ඔබලාගේ මාධ්‍ය සදාචාරය මෙයදැයි හිරු මාධ්‍ය ජාලයේ පාලනාධිකාරියෙන් විමසිය යුතුය.

    ගාමිණි විජේසිංහ – මැල්සිරිපුර

    [rns_reactions]

  • බස්රථ මංතීරු ක්‍රමය අනුමතයි – ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි.

    මාර්ග තදබදයට මුහුණ දීම සඳහා මාර්ග කිහිපයක බස්රථ ප්‍රමුඛතා මංතීරුවක් සංකල්පය ක්‍රියාත්මක කිරීමට රජය තීරණය ගෙන තිබේ.

    පාර්ලිමේන්තු පාරේ රාජගිරිය හන්දියේ සිට ආයුර්වේද හන්දිය දක්වා බස් රථ ප්‍රමුඛතා මංතීරුවක් වෙන් කිරීමේ නියමු ව්‍යාපෘතියක් කොරියානු ජාත්‍යන්තර සහයෝගිතා ආයතනයේ සහ මෙම ක්ෂේත්‍රයේ වෘත්තීයමය ප්‍රවීණයන්ගේද සහාය ඇතිව පසුගිය මාර්තු 12 සිට 23 දක්වා වූ කාලය තුළ ක්‍රියාත්මක කරන ලද අතර එය මාර්ග තදබදය අඩු කිරීම සඳහා සාර්ථක විසඳුමක් බව එම සමීක්ෂණ ප්‍රතිඵල මඟින් තහවුරු වී ඇතැයි රජය පෙන්වා දෙයි.

    වඩාත් දියුණු පොදු ප්‍රවාහන සේවයක් සැලසීමේ අරමුණින් ක්‍රියාත්මක කිරීමට යෝජිත සැහැල්ලු දුම්රිය සංක්‍රමණ පද්ධති (LRT) සහ දුම්රිය විද්‍යුත්කරණය වැනි ව්‍යාපෘති අවසන් කිරීමට තවත් වසර කිහිපයක් ගත වන බැවින් කඩිනමින් විසඳුමක් සැපයිය යුතු මාර්ග තදබදයට මුහුණ දීම සඳහා පහත සඳහන් පරිදි ‘බස් රථ ප්‍රමුඛතා මංතීරු සංකල්පය’ තවදුරටත් ව්‍යාප්ත කිරීමටත්, පොදු ප්‍රවාහන සේවා භාවිතා කිරීමට මධ්‍යම පාන්තික පිරිස් ආකර්ෂණය කරගැනීම සඳහා පොදු ප්‍රවාහන සේවාවන්හි තත්ත්වය ඉහළ නැංවීමට අදාළ ක්‍රියාමාර්ග ගැනීමටත් මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

    ඒ අනුව කාර්යබහුල වේලාවන්හිදී පහත සඳහන් මාර්ග කොටස්වල බස් රථ ප්‍රමුඛතා මංතීරු ක්‍රියාත්මක කිරීම:

    ගාලු පාරේ, මොරටුව සිට රත්මලාන දක්වා සහ වැල්ලවත්ත පාලමේ සිට කොල්ලුපිටිය දක්වා කොළඹ දෙසට විහිදුනු බස් රථ ප්‍රමුඛතා මංතීරුව;

    පාර්ලිමේන්තු පාරේ පාර්ලිමේන්තු හංදියේ සිට රාජගිරිය, බොරැල්ල, මරදාන සහ පිටකොටුව හරහා කොළඹ කොටුව දක්වා කොළඹ දෙසට විහිදුනු බස් රථ ප්‍රමුඛතා මංතීරුව;

    කොළඹ, චිත්තප්පලම් ඒ. ගාඩිනර් මාවතේ ගුවන් හමුදා වටරවුමේ සිට පිටකොටුව දක්වා කොළඹ දෙසට විහිදුනු බස් රථ ප්‍රමුඛතා මංතීරුව;

    තුම්මුල්ල හන්දියේ සිට කෞතුකාගාර හන්දිය දක්වා කොළඹ දෙසට විහිදුනු බස් රථ ප්‍රමුඛතා මංතීරුව;

    ඇස්වාට්ටුව වටරවුමේ සිට තුම්මුල්ල හංදිය දක්වා කොළඹින් පිටතට විහිදුනු බස් රථ ප්‍රමුඛතා මංතීරුව.

    * සාම්ප්‍රදායික බස් රථ සහ ත්‍රී රෝද රථ ආනයනය කිරීම සඳහා බදු සහන දීම වෙනුවට සහනදායී ණය ක්‍රම මඟින් මිටි පත්ල සහිත (Low floor) වායු සමීකරණය කරන ලද මගී බස් රථ ආනයනය ප්‍රවර්ධනය කිරීම;

    * බස් රථවල ඉලොක්ට්‍රොනික කාඩ්පත් මඟින් ගෙවීම් පහසුකම් සහිත පොදු ප්‍රවේශ පත්‍ර පද්ධතියක් සකස් කිරීම;

    * ත්‍රීරෝද රථ/කුලී රථ නැවතුම්පොළ පහසුකම් වැඩිදියුණු කිරීම;

    [rns_reactions]

  • ආණ්ඩුවේ අය පහරද්දී; වෛද්‍ය පාදෙනිය කරුණු පහදන අපූරුව (Video)

    පසුගිය දා දෙරණ INSIGHT වැඩසටහනට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා එක්විය.

    එහිදී සයිටම් ඇතුළු ප්‍රශ්න ගණනාවක් සම්බන්ධයෙන් වෛද්‍ය පාදෙනිය මහතාගෙන් ප්‍රශ්න කළ අතර ඊට ඒ මහතා ඉතා සරල පැහැදිලි උත්තර දුන් අතර ඉදිරි දින, සති කිහිපය තුළ උද්ගත විය හැකි තත්වයන් පිළිබඳව වූ විශේෂ හෙළිදරව්වක් ද සිදුකරන ලදී.

    ඊට අදාළ සම්පූර්ණ විඩියෝ පටය පහතින්

    [rns_reactions]

  • එජාපයේ මන්ත්‍රී පාරේ පිස්සු කෙලියි..(video)

    පොලිස් නිතිය පොඩි මිනිහට පමණද?

    පුද්ගල තරාතිරම නොබලා රථ වාහන නීතිය අකුරටම ක්‍රියාත්මක කරන ලෙස පොලීසියට උපදෙස් දුන්නේ විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනය. හේ තමන්වද එම නීතියට යටත් බව පවසන්නට අමතක නොකළේය.

    රටේ නායකයා ලෙස එවන් කතාවක් කීමට කොන්ද කෙළින් වීම පැසසිය යුත්තකි. නමුත් දැන් පවතින ප්‍රශ්නය වන්නේ එය යථාර්ථයක් වී ඇත්ද යන්නයි. කොහොමත් මේ රටේ නීතිය සෑම පුරවැසියෙක්ටම අදාළව එක හා සමානව ක්‍රියාත්මක නොවීම පිළිබඳව එදත් ප්‍රශ්නයක් විය. 

    අදත් එය එලෙසම සාකච්ඡාවට බඳුන් වී තිබේ. දේශපාලන බලය සහිත පුද්ගලයන්ට නීතිය එක එක ආකාරයට නැවීම අභාග්‍ය සම්පන්න තත්ත්වයකි. ඔවුන්ට නීතිය අදාළ නොවීම ඊට වඩා බරපතල කාරණයකි.

    ඊයේ දින (25) එක්සත් ජාතික පක්ෂයේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතාගේ සුඛෝපභෝගී ජීප් රථය මාර්ග නීතිය අතට ගෙන ගමන් කළ ආකාරය අපට දැක ගන්නට ලැබුණි. මාර්ග නීති උල්ලංඝනය කරමින් වලං කඩේට පැන්න ගොනා සේ රිය පදවන්නේ දේශපාලන රැකවරණය නිසාය. මෙම ජීප් රථය ධාවනය වූයේ නුගේගොඩ සිට පිටකෝට්ටේ දක්වා වන ප්‍රධාන මාර්ගයේය. මෙම මාර්ගයද ඉතා කාර්යබහුල මාර්ගයකි. මෙවන් හැසිරීම් තුළ අනතුරු සිදු වුවත් එයද දේශපාලන හයිය නිසාම සාක්ෂිත් නැත. නීතිය යකාටය. 

    [rns_reactions]

  • උපන්දින සාද, විවාහ සැමරුම් උත්සව පවත්වන නෞකාව පාවෙන ආපනශාලාවක් ලෙස නම් කරයි.

    සයුරු නෞකාව පාවෙන ආපනශාලාවක් වශයෙන් වැඩි දියුණු කර මහජනතාවට විනෝදවීමට අවස්ථාවන් සලසා දීම සඳහා සකස් කර තිබේ.

    එම  නෞකාව පාවෙන ආපනශාලාවක් වශයෙන් නම් කර දියත් කිරීම අද දින පස්වරුවේ දික්ඕවිට වරායේ දී ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ සහභාගිත්වයෙන්  සිදු කෙරිණ.
     
    විශේෂයෙන් ම 30 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමකට සාගර චාරිකාවක නිරතවෙමින්  විනෝදවීමට අවශ්‍ය පහසුකම් මෙහි දී සැපයෙන අතර උපන්දින සාද, විවාහ සැමරුම් උත්සව මෙන්ම ආයතනවල පැවැත්වෙන විනෝද සංචාර ආදිය සඳහා මෙම නෞකාව මගින් විනෝදවීමට අවස්ථා ලබා ගත හැකිය. එමෙන්ම පොදු ජනතාවට ඉතා පහසුමිලකට මෙම නෞකාව වෙන් කරවා ගැනීමට අවස්ථාව සලසන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙහිදි මාධ්‍ය අමතමින් පැවසීය.

    රාජ්‍ය ආයතනයක් වන ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාව විසින් මෙම කටයුතු පවත්වාගෙන යන අතර, රාජ්‍ය ආයතන  ලාභ ලබන ආයතන බවට පත්කිරීම සඳහා රජය ගෙන යන වැඩ පිළිවෙල යටතේ මෙවැනි ක්‍රියාමාර්ග තුළින් රජයට බරක් නොවී ආයතන පවත්වාගෙන යාමට හොද නිදර්ශනයක් ලෙස සයුරු නෞකාව හඳුන්වා දිය හැකි බව අමාත්‍යවරයා කීය.

    එමෙන්ම මෙම නෞකාව තුළ තමන් කැමැති ඕනැම ආහාරපානයක් සකසා දීමට සුදානම් කාර්ය මණ්ඩලයක් සිටින අතර, මුහුදු ආහාර Sea Food සඳහා ප්‍රමුඛත්වය ලබාදීමත් එමගින් දේශීය හා විදේශීය සංචාරකයින් අතර සාගරය ආශ්‍රිතව සිදු  කෙරෙන විනෝද චාරිකා මෙන්ම ශ්‍රී ලංකාවේ මුහුදු ආහාර ජනප්‍රිය කරවීමත් මෙහි අභිප්‍රාය වේ. මෙම අවස්ථාවට එම සංස්ථාවේ සභාපති වරයා ඇතුලු පිරිසක් සහභාගි වූහ. 

  • නිතර නිතර මුදල් ඉල්ලා කරදර කරන ඩිල්ෂාන්ගේ පළමු බිරිය මෙන්න…

    පසුගිය දින කිහිපයේ ලංකාවේ ප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩක ටී.එම්. ඩිල්ෂාන් අත්අඩංගුවට ගැනීම නිසා පසුගිය කාලයේ බෙහෙවින් කතා බහට ලක්වුවා.

    කෙසේ වෙතත් ඩිල්ෂාන් නිතින්ඥයකු මාර්ගයෙන් මෝසමක් ඉදිරිපත් කර අධිකරණයට ඉදිරිපත් වී තිබෙනවා…

    තමා පළමු බිරිඳගෙන් නීතියෙන් වෙන් වනවිට රු. ලක්ෂ 300ක් ලබා දුන් බවත් තමන් දුක් මහන්සියෙන් හරි හම්බ කරගත් ධනය ඉල්ලන ඉල්ලන වෙලාවට දීමට නොහැකි බව දිල්ෂාන් පැවසුවා. 

    මේ ඔහු කි කතාවයි..

    පහතින් දැක්වෙන්නේ ටී.එම්. ඩිල්ෂාන්ගෙන් වෙන්වූ ඔහුගේ පළමු බිරිඳ හා ඔහුගේ පුතාගේ ඡායාරුප කිහිපයකි කව්රුත් වැඩිය දැකල නැතුව ඇති

     

    [rns_reactions]

  • "වාහනය මගේ පුලුවන් දෙයක් කරනවා, ආණමඩුවට එනවාකෝ බලා ගමු" ඇමති පුතාගේ රථ ගාය…

    රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බංඩාර මහතාගේ පුතා ඇතුළු පිරිසක් ගමන් ගත් කැබ් රථයක ගැටුන යතුරු පැදියක ගමන් ගත් එකම පවුලේ මව පියා සහ දරුවන් දෙදෙනා බරපතල ලෙස තුවාල ලබා ආණමඩුව දිසා රෝහලට ඇතුළත් කිරිමේන් පසුව කුරුණැගල ශික්ෂණ රෝහලට මාරු කර යවා තිබේ.

    ඊයේ (24) පස්වරුවේ මෙම අනතුර සිදුව ඇති අතර ආණමඩුව මහඋස්වැව වැව ආසන්නයේ කිලෝ මිටරයකට ආසන්න දුරකින් වු ඉගිනිමිටිය පලුගොල්ල මාර්ගයේ දි මෙම අනතුර සිදුව තිබේ. අනතුරින් එකම පවුලේ මව, පියා සහ හත් හැවිරිදි දියණීය, සිව් හැවිරිදි පුත්‍රයා බරපතල ලෙස තුවාල ලබාසිටිති.

    අනතුරින් තුවාල ලැබූ පිරිසේ කාන්තාව සිව් මස් ගැබිනියක් බවද පැවසේ. අනතුරින් සිවි දෙනාගේම පාද වල අස්ථි බිදි ගොස් දරුණු ලෙස තුවාල ලබා ඇති බව රෝහල ආරංචිමාර්ග සඳහන් කරයි.

    මෙම අනතුර සිදුවන අවස්ථාවේ තුවාල ලැබු සිව් දෙනා යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී අධික වේගයෙන් පැමිනි කැබ් රථය එකවර යතුරු පැදියේ හැපි ඇති අතර ඉන් පසුව යතුරු පැදිය මාර්ගයෙන් ඉවතට විසිවී ගොස් වැටී ඇති බව කියයි.

    සිද්දිය පිළිබදව අදහස් දැක්වු අනතුරින් බරපතල ලෙස ලබා ඇති අනුර සෙනරත් මහතාගේ සොහොයුරා වන එච්.එම්. හේරත් මහතා පවසා සිටියේ.

    “අනතුර එක්කම මම එතැන්ට ආවා එතකොට රංගේ බංඩාර මහත්තයගේ පුතා (යසෝධ රංගේ බංඩාර) ලගට ගිහින් මම ඇහුවා ඔයා කවුද මහත්තයාට ඇයි මේ විදිහට අනතුරක් කලේ කියලා .එතකොට එයා හොදටම බිලා හිටියේ වාහනේ හිටිය අනිත් අයත් හොදටම බිලා තව අරක්කු බෝතල් වගයක් ප්ලාස්ටික් කප් තිබුනා. රංගේ බංඩාර මහත්තයාගේ පුතා මගේ ඇගට කඩා පැනලා කියුවා ඇයි තමුසේ අහන්නේ වාහනය මගේ පුලුවන් දෙයක් කරන්න කියලා. මම කිවුවා මහත්තයා කථා කරන්න ඉගෙන ගන්න කියලා එවිට ආයේ කියුවා පුලුවන් දෙයක් කරලා පෙන්වනවා ආණමඩුවට එනවාකෝ බලා ගමු කියලත් කියුවා. මම කියුවා මහත්තයා මට කොහෙත් එකයි කියලා මේ මිනිස්සු අනතුරත් කරලා අර අහිංසකයින්ව යටකරලත් අපිට ගනන් පාට් දාන්න එනවා දැයි මම විමසුවා” යැයි ඔහු පැවසිය.

    අනතුර සම්බන්ධයෙන් හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රි වරයකු වන අනුෂ්ක ප්‍රියදර්ශන නැමති අයෙකු පොලිසියට භාර වි ඇති අතර එසේම අනතුරට සම්බන්ධ කැබ් රථය රාජ්‍ය ඇමති රංගේ බංඩාර මහතාගේ අමාත්‍යංශකට අයත් කැබ් රථයක් බව පොලිසිය පවසයි.

    එසේම මීට පෙරද කුප්‍රකට පාලිත රංගේ බණ්ඩාරගේ පුත්‍රයා විසින් මෙවැනිම රිය අනතුරක් කොට බේරීමට සමත් විය.

    unnamed (2)unnamed (3)unnamed (4)unnamed (5)unnamed (6)unnamed (7)unnamed (8)unnamed (9)unnamed (10)

    [rns_reactions]
  • ජනක දෙවනවරටත් හොටු පෙරන් කඳුළු සලයි….

    තමන් සමග දිවීමට හැකි ජොකියෙකු දඹුල්ලට පත් කරන්නැයි තමන් අභියෝග කරන බව දඹුල්ල හිටපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක, හිටපු අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි.

    ශ්‍රී.ල.නි.ප සංවිධායක ධූරයෙන් තමන් ඇතුළු පිරිස ඉවත් කිරීම පිළිබඳව දැනුවත් කිරීමට අද (26) දඹුල්ලේදී පැවති මාධ්‍ය හමුවකදී හෙතෙම මේ බව සඳහන් කළේය.

    තමන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් කළ මොහොතේ කනගාටුව පළ කිරීමට ඇමතුම් ගලා ආ බවත්, තම පුතා සිය ඇමති ධුරයෙන් ඉවත්වීම එඩිතර තීන්දුවක් බවත් ඔහු මෙහිදී කියා සිටියේය. මෙම සිද්ධිය නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනාගතය මිතොට මුල්ලේ කුණු කන්ද වගේ බවත් තෙන්නකෝන් මහතා අවධාරණය කළේය.

    නවතම පත්කිරීම් තුළින් පෙන්නේ ඒ අයට ජන පදනමක් නැති අය බවත්, තමන්ට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගැන දුකක් කනගාටුවක් පවතින බවත් කියා සිටි ඔහු පක්ෂය මේවන විට එජාප තුරුල්ලේ සිටින බව වැඩිදුරටත් කියා සිටියේය.

    [rns_reactions]

     

  • කසිප්පු බොන එක අඩු කරන්න ගල් අරක්කු මිල රු.500න් වත් අඩු කල යුතුයි…

    කසිප්පු ජාවාරම් නැවැත්වීමට කොතරම් වැටලීම් කළත් එය නැවත නැවතත් ඉස්මතු වන්නේ අරක්කුවල මිල අධිකකම නිසයි.

    ඒ නිසා ගල් අරක්කුවල මිල අඩු කරන ලෙස කම්කරු හා වෘත්තීය සමිති සම්බන්ධ අමාත්‍ය ඩබ්.ඩී.ජේ. සෙනෙවිරත්න රජයට යෝජනාවක් කරයි.

    ගල් අරක්කු මිල වැඩි වීමෙන් වතුකරයේ හා ගම්වල බීමට ඇබ්බැහි වූ බොහෝ පිරිසක් ඉතා විස සහිත අඩු වියදමකින් ලබාගත හැකි මත් ද්‍රව්‍යවලට විශාල ලෙස යොමුවෙමින් සිටිනවා. වර්තමානයේ වතු ප්‍රදේශවල පිරිමින් මෙන්ම කාන්තාවන්ද කසිප්පු පානයට දැඩි ලෙස යොමුවී සිටිනවා. කසිප්පු ජාවාරම් නැවැත්වීමට කොතරම් වැටලීම් කළත් එය නැවත නැවතත් ඉස්මතු වන්නේ අරක්කුවල මිල අධිකකම නිසයි.

    මහන්සි වී වැඩ කරන බොහෝ පිරිසක් මහන්සියට සවසට ගල් අරක්කු ටිකක් පානය කරන්න පුරුදුව සිටිනවා. කසිප්පු පානය නිසා මොවුන් ඉතා ඉක්මනින් දරුණු රෝගයන්ට ගොදුරුවීම නොවැළැක්විය හැකියි. ඒ නිසා ගල් අරක්කුවල මිල තරමක් හෝ අඩු කරන ලෙස රජයට යෝජනාවක් ඉදිරිපත් කිරීමට තමා සූදානම් බව සෙනෙවිරත්න මහතා රත්නපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ පැවැති රත්නපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී පැවැසීය.

    මෙම දිස්ත්‍රික් සමිබන්ධීකරණ කමිටු රැස්වීම පැවැත්වූයේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සම සභාපතිවරුන් වන අමාත්‍ය ඩබ්.ඩී.ජේ. සෙනවිරත්න හා එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි ඒ.ඒ.විජේතුංග හා සබරගමුව පළාත් ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත් යන මහත්වරුන්ගේ හා ලේකම් හා දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම මහත්මියගේ ප්‍රධානත්වයෙනි.

    මෙහිදී අදහස් දැක්වූ පළාත් සභා මන්ත්‍රි සිරිපාල කිරිඇල්ල මහතා පවසා සිටියේ මෙය ඉතා හොඳ යෝජනාවක් බවයි. හැකිනම් රුපියල් 500කින් පමණ මෙම මිල අඩු කළ හැකි නම් එමඟින් විස සහිත මත්ද්‍රව්‍ය කරා ඇදී යන පිරිස අඩුකරගත හැකි බවයි. සම සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි ඒ.ඒ. විජේතුංග මහතාද මෙම යෝජනාවට පක්ෂව අදහස් දැක්වීය.

    [rns_reactions]

  • නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට මුදාහැරියේ ශෘංගාර රසය වෙනුවෙන් (photos)

    ඇයගේ අඩ නිරුවත් ඡායාරූප කිහිපයක් ඉකුත් දිනවල ඇය සිය ෆේස්බුක් ගිණුමට ඇතුලත් කර තිබුණා.

    මේ ඒ සම්බන්ධයෙන් ඇය සති අන්ත පුවත්පතකට ලබාදුන් සාකච්ඡාවක්.

    අනෝමා ජිනාදරී නිරුවත පෙන්නලා සමාජයේ කතාබහට ලක්වෙන්න උත්සහ කරනවාද?

    වේදිකාවෙදි, ඉංග්‍රීසි නාට්‍යවලදි, ටෙලිනාට්‍යවලදි වගේම සිනමාවෙදි මම උසස් රංගනවලට දායක වුනා. හිට්ලර්, මාඝාත, දුන්හිද අද්දර, දියකැට පහන, තනි තටුවෙන් පියාඹන්න ඉන් කිහිපයක්. ඒ විදිහට ප්‍රතිරූපයක් ගොඩනගාගත් මාව විග්‍රහ කරන්නේ මෙහෙමද

    ඔබේ ඒ රංගනය අපි හැමදාම අගයනවා. ඒත් නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට මුදාහැරීම ගැනයි අපි විමසන්නේ?

    ශෘංගාර රසය කියන්නේ නව රසයෙන් එකක්. ශෘංගාරය තුල ලිංගිකත්වය තියෙනවා. නිළියක් විදිහට මම ඒ ඡායාරූප දැම්මේ ශෘංගාර රසය වෙනුවෙන්.

    ඔබ තරුණ දූවරු ඉන්න මවක්. මේ විදිහේ ඡායාරූපවලට එල්ලවන අවමානය ඒ දියණියන්ටත් බලපානවා නේද?

    ඇත්ත වශයෙන්ම ඒ දියණියන්ට බලපෑවේ ඔවුන්ගේ පියා විසින් අධ්‍යක්ෂණය කරපු චිත්‍රපටය වෙනුවෙන් ඔවුන්ගේ අම්මා රෙදි ගලවලා නිරුවත් වූ අවස්තාවේදි. ඉන් නොනැවතී එහි ඩී. වී. ඩී පට ලක්ෂ ගානක අම්මගේ නිරුවත එක්වුනා. ඔහු කරේ මගේ නිරුවත වෙනුවෙන් වේතනයක් නොගෙවා බඩගෝස්තරවාදී ලෙස මුදල් හම්බකිරීම.

    [rns_reactions]