Blog

  • චීනයේ නිපදවන මෙම ආහාර වර්ග 7 කිසිදා අනුභව කරන්න එපා..(video)

    අද කාලේ මිනිස්සු ගොඩක් වෙලාවට පිට රටින් ගෙන්වන දෑ පමණක් ආහාරයට ගන්නට පුරුදු වෙලා.

    දේශීය දේවල් වලට වඩා මිලෙන් අඩු වීමත් රසෙන් වැඩි වීමත් මෙයට ප්‍රධානම හේතු ලෙස පෙන්වා දෙන්න පුළුවන්. නමුත් මේ විදේශීය ආහාර පාන වර්ග සෞඛ්‍යය ආරක්‍ෂිතද යන වග දෙසැරයක් සිතා බලා පරිභෝජනය කරනවා නම් තමයි වඩාත් වැදගත් වන්නේ

    [rns_reactions]

  • සමනලී පොටෝඑක share කලාට හෙළඋරුමය පොලීසි යයි…

    ඵෙතිහාසික ජේතවන දාගැබ් වහන්සේට කළ අවමානයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කල යුතු යයි ජාතික හෙල උරුමය පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටී.

    රංගන ශිල්පිනී සමනලී ෆොන්සේකාගේ ෆේස්බුක් ගිණුමද උපුටා දක්වමින් එම පක්‍සය විසින් පොලිස්පතිවරයා වෙත යොමු කර ඇති ලිපිය මෙසේය.

    පොලිස්පතිතුමා,
    ශ්‍රී ලංකා පොලිස් මූලස්ථානය,
    කොළඹ 01.

    පොලිස්පතිතුමනි,

    ඵෙතිහාසික ජේතවන දාගැබ් වහන්සේට කළ අවමානයට
    එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම.

    අන්තර්ජාලයෙහි සමාජ වෙබ් අඩවියේ ගිණුමක බෞද්ධයන්ගේ ඓතිහාසික පූජනීය වස්තුවක් වන මහසෙන් රජතුමා (ක්‍රි.ව.276–303) විසින් නිර්මාණය කරන ලද අනුරාධපුර ජේතවන දාගැබ් වහන්සේ විකෘති කර ඒ තුළට කුණු පුරවා ඇති ඡායාරූපයක් පළකර ඇත. මෙය බෞද්ධයන්ගේ සිත් වේදනාවට පත් කරන බුදු සසුනට නිගා දෙන ඡායාරූපයක් බව අවිවාදිතය. එසේම මෙය සමස්ත ලෝක බෞද්ධ ජනතාවට කරන ලද අපහාසයක් ලෙස අපි සළකමු.

    මෙම ඡායාරූපය අන්තර්ජාලයේ (මුහුණු පොතේ) දැක්වෙන පරිදි මුවිදු බිනෝයි නම් අයෙකුගේ ය. එසේම ප්‍රකට නිළියක වන සමනලී ෆොන්සේකා ද මෙම ඡායාරූපය ප්‍රචාරණයට අනුග්‍රහය දක්වා ඇත. (Share කර ඇත.) වසර දහස් ගණනක් මුලුල්ලේ බෞද්ධයන්ගේ වන්දනාවට හා නොමද ගෞරවයට ලක්ව ඇති බෞද්ධ පූජනීය වස්තුවක් වන ජේතවන දාගැබ් වහන්සේට කරන ලද මෙම අපහාසයට එරෙහිව ඊට වගකිව යුතු චූදිතයන් සොයා නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඔබතුමාගෙන් ඉල්ලා සිටිමු.

    සිත් රිදීමට ලක් වූ බෞද්ධයන් නීතියට පිටතින් ගොස් අදාළ චූදිතයන් සොයා ඔවුන්ට එරෙහිව ක්‍රියාත්මක වීම වැළැක්විය හැක්කේ පොලීසීය මේ සදහා කඩිනම් ක්‍රියාමාර්ග ගැනීමෙන් පමණක් බවද අවධාරණය කිරීමට කැමැත්තෙමි.

    01-මෙම තොරතුරට අදාළ මුහුණු පොතෙහි සම්බන්ධතාවය (Link)
    02-සමනලී ෆොන්සේකාගේ ෆෙස්බුක් ගිණුම සම්බන්ධතාවය (Link)

    තෙරුවන් සරණයි!
    මෙයට

    දර්ශනපති හැඩිගල්ලේ විමලසාර හිමි
    සම සභාපති

    පිටපත් – අතිගරු ජනාධිපතිතුමා/ගරු අග්‍රාමාත්‍යතුමා/බුද්ධශාසන අමාත්‍යතුමා

    [rns_reactions]

     

  • සමන්තබද්‍ර හිමි රැස්වළල්ල සඳහා පේටන් බලපත්‍රය ඉල්ලයි!

    අන්තර්ජාලය තුල ඉතා ජනප්‍රියතාවයකට පත්ව සිටින සමන්තබද්‍ර හිමියන් ඉරාජ්ගේ නවතම මියුසික් වීඩියෝව සඳහා තම දායකත්වය ලබා දී තිබෙනවා. හිමියන් පවසන්නේ එම නිර්මාණය ඉතා උසස් මට්ටමක පවතින බවයි.

    මෙම මියුසික් වීඩියෝව සඳහා ඉරාජ් රැස්වළල්ලක් යොදාගෙන තිබෙන අතර  මේ නිසාද එම වීඩියෝව සෑම දෙනා අතරම බොහෝ කතාබහට ලක් වී තිබෙනවා.

    කෙටි කලක් තුල  ලංකාව තුල පමණක් නොව ලෝකයේ  වෙනත් රටවල් වලත්  ඉතා ජනප්‍රිය වූ මෙම මියුසික් වීඩියෝව නිසා සමන්තබද්‍ර හිමියන් අතිශය සතුටට පත්ව සිටින බවත් මේ නිසාම  තම රැස්වළල්ල වෙනුවෙන් වහාම  පේටන් බලපත්‍රය ලබා ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින බවට ඉරාජ්ගේ හිතවතුන්ගෙන් අපට දැනගන්න ලැබුනා.

    [rns_reactions]

  • ඉරාජ් ලඟ ඉන්න නිසා රැස්වළල්ල ඕෆ් කලා..සමන්තබද්‍ර හිමියන් කියූ කථාව…

    ඉරාජ් වීරරත්න විසින් පසුගිය දා ඔහුගේ  නවතම මියුසික් වීඩියෝව නිකුත් කළා.

    මේ ගීතයේ වීඩියෝව ගැන මේ දවස්වල ගොඩක් කතාබහට ලක්වෙන මාතෘකාවක් වෙලා.

    ඊට ගොඩක්ම බලපෑවේ සමන්තබද්‍ර හිමියන් මේ වීඩියෝව සඳහා පෙනී සිටීමත් සමගයි.

    කොහොමවුනත් සමාජජාල තුලින් මතුවෙන ප්‍රශ්න සම්බන්ධයෙන් ඉරාජ් සමන්තබද්‍ර හිමියන් සමග කරන ලද සංවාදයක් අපට දැකගන්නට ලැබුණා.

    මේ එම සංවාදයයි මේ … සිහියෙන් සවන් දෙන්න…

    [rns_reactions]

  • ගැටළු රැසකට පිළිතුරක් ලෙස ප්ලාස්ටික් කන දළඹුවෙක් කරලියට…

    ප්ලාස්ටික් සම්බන්ධ පරිසර දූෂණ ගැටළුවට විද්‍යාඥයන් විසින් නව පිළිතුරක් සොයාගෙන ඇතැයි වාර්තා වේ.

    කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් පෙන්වා දෙන්නේ Galleria mellonella සලබ විශේෂයට අයත් දළඹුවා, මී වද වල මී ඉටි අනුභව කර දිරවන ආකාරයටම ප්ලාස්ටික් ද දිරාපත් කරන බවයි.

    මෙම සතුන්ට පැයකට ආසන්න කාලයක් තුළදී පොලිතින් බෑගයක හිල් සෑදිය බව ඔවුන් සඳහන් කරයි.

    ලොවපුරා වාර්ෂිකව ප්ලාස්ටික් පොලිතීන් ටොන් මිලියන 80ක් පමණ නිෂ්පාදනය කෙරේ.

     

    [rns_reactions]

  • කුණු කන්දෙන් අවතැන් වූ ජනතාවට ජනපති නියමයෙන් තවත් සහනයක්

    මීතොටමුල්ල කසළ කන්ද නාය යෑමෙන් විපතට පත් පවුල් සඳහා තාවකාලික නිවාස ලබාගැනීම වෙනුවෙන් මසකට රුපියල් 50,000 බැගින් මාස තුනක කාලයක් ගෙවීමට නියමිත මුදල, එකවර එම පවුල් වෙත ලබා දෙන ලෙස ජනාධිපතිතුමා අදාළ නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා.

    තාවකාලික නිවාස ලබා ගැනීමේදී ගෙවිය යුතු අත්තිකාරම් මුදල් ගැටලු මඟහරවා ගැනීම මෙමගින් අපේක්ෂා කෙරෙනවා.

    ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා මෙම උපදෙස් ලබා දුන්නේ කොළඹ සහ තදාසන්න ප‍්‍රදේශවල කසළ කළමනාකරණය විධිමත් කිරීම පිළිබඳ අද (25) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී යි.

    කුණු කසළ කළමනාකරණය සඳහා පළාත් පාලන ආයතන සකස් කර ඇති සැලසුම් ඉදිරිපත් කරන ලෙස ද මෙහිදී නිලධාරීන් දැනුවත් කළ ජනාධිපතිතුමා, සියලු පළාත් සහකාර කොමසාරිස්වරුන්ට තමා හමුවීමට කැඳවීමක් කරන ලෙස ද නිලධාරීන්ට උපදෙස් දුන්නා.

    තවද කැළි කසළ කළමනාකරණය වෙනුවෙන් පුහුණු සහ නිරීක්ෂණ කටයුතු සඳහා පසුගිය වසර 05 ක කාලය තුළ විදේශ ගතවූ නිලධාරීන් පිළිබඳ වාර්තාවක් ලබා දෙන ලෙසට ද ජනාධිපතිතුමා පරිසර අධිකාරියට නියෝග කළා.

    මෙහිදී අදහස් දක්වමින් නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන් සඳහන් කර සිටියේ  මීතොටමුල්ල කසළ කන්දේ අවදානම මේ වනවිට පාලනයට යටත් කර තිබෙන බවත් ඉදිරි මාස දෙකක කාලය තුළ ඒ සඳහා අවසන් තීරණයකට එළැඹෙන බවත් පැහැදිළි කළා.

    කසළ කළමනාකරණය වෙනුවෙන් කොළඹ නගර සභාව ඉදිරි කාලයේදී අනුගමනය කිරීමට අපේක්ෂා කරන ක‍්‍රියාමාර්ග පිළිබඳව ද මෙහිදී අදහස් ඉදිරිපත් වූ අතර ඒ අනුව ඉදිරියේදී කසළ කඳු නිර්මාණය වීමට කිසිඳු ඉඩක් නොතබන බව ද නිලධාරීන් ජනාධිපතිතුමාට සහතික වුණා.

    [rns_reactions]

     

  • කොරියා ඇමරිකා යුධ ගිනි මැද ලෝක යුද්ධයක පෙර නිමිති කරලියට

    තමන්ගේ යුද ශක්තිය තහවුරු කිරීමට අවශ්‍ය නම් ඇමරිකා එක්සත් ජනපදයේ යුද ගුවන් යානා ප්‍රවාහන නෞකාවක් වන යූ.එස්.එස්. කාල් වින්සන් නෞකාව මුහුදුබත් කිරීමට සූදානමින් සිටි බව උතුරු කොරියාව කියයි. උතුරු පැසිපික් සාගරයේ කෙරෙන යුද අභ්‍යාස සඳහා යූ.එස්.එස්. කාල් වින්සන් නෞකාවට තවත් ජපන් නාවික යාත්‍රා දෙකක් එක්වීමෙන් පසුව උතුරු කොරියාව මේ බව කියා සිටියේය.

    මේ අතර කොරියානු අර්ධද්වීපය දෙසට ගමන් කරන්නයි යූ.එස්.එස්. කාල් වින්සන් නෞකාවේ ප්‍රහාරක කණ්ඩායම් වලට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අණ දී තිබේ. උතුරු කොරියාව දිගින් දිගටම න්‍යෂ්ඨික අවි සහ මිසයිල අත්හදා බැලීම නිසා උතුරු කොරියාව අවට තත්ත්වය උණුසුම් විය.

    යූ.එස්.එස්. කාල් වින්සන් නෞකාවේ ප්‍රහාරක කණ්ඩායම් මේ වන විට රැඳී සිටින ඉසව්ව පිළිබඳ කිසිවක් ප්‍රකාශ නොකළ නමුත් ඇමරිකානු උප ජනාධිපති මයික් පෙන්ස් මහතා කීවේ ඔවුන් ඉතාම ඉක්මනින් එහි ළඟා වනු ඇති බවයි. උතුරු කොරියාව මේ සම්බන්ධයෙන් කිසිවක් ප්‍රකාශ නොකළේය.

    “අපේ විමුක්ති හමුදාවන් සටනට සූදානම්. අවශ්‍ය වුණොත් යූ.එස්.එස්. කාල් වින්සන් නෞකාව එක ප්‍රහාරයකින් ගිල්වා දමන්න අපි සූදානම්“ යයි උතුරු කොරියානු පාලක පක්ෂයේ පුවත් පතක් කියා තිබිණ.

    [rns_reactions]

  • නඩත්තු නොගෙවා කට්ටි පැණපු ඩිල්ෂාන් අවසානයේ අධිකරණයට බාර වෙයි

    කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවකට පෙනී නොසිටීම හේතුවෙන් ඊයේ වරෙන්තු ලැබූ හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක තිලකරත්න ඩිල්ෂාන් මෝසමක් ඉදිරිපත් කරමින් අද (25දා) අධිකරණයට බාර විය.

    නීතිඥවරයෙකු හරහා ඩිල්ෂාන් අධිකරණයට බාර වී ඇති අතර ඩිල්ෂාන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වමින් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා විසින් ඊයේ (24) වරෙන්තු නිකුත් කළේය.

    කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවන නඩත්තු නඩුවකට පෙනි නොසිටිම හේතුවෙන් මහෙස්ත්‍රාත්වරයා මෙසේ වගඋත්තරකාර ක්‍රිකට් ක්‍රිඩක තිලකරත්න ඩිල්ෂාන් මහතාට වරෙන්තු නිකුත් කළේය.

    නඩත්තු නඩුව කැඳවු අවස්ථාවේ දි වගඋත්තරුකරු අධිකරණය හමුවේ පෙනි නොසිටි අතර ඔහු වෙනුවෙන් ඇපකරු හෝ පෙනි නොසිටි අතර අදාල නඩත්තු මුදල් ගෙවිම් ද පැහැර හැර ඇති බවට අධිකරණයෙන් කරුණු අනාවරණය විය.

    වගඋත්තරකාර තිලකරත්න ඩිල්ෂාන්ට වරෙන්තු නිකුත් කළ මහෙස්ත්‍රාත්වරයා ඇපකරුට නොතිසි නිකුත් කරමින් නඩුව යළි කැඳවීම මැයි මස 24 වන දිනට කල් තැබිණ.

    [rns_reactions]

  • වැරැද්ද මදිවට චණ්ඩිකමත්- පියමග යන පුතු – රංගේ බණ්ඩාර පුතුගේ රිය අනතුරේ කතාව මෙන්න..

    රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බංඩාර මහතාගේ පුතා ඇතුළු පිරිසක් ගමන් ගත් කැබ් රථයක ගැටුන යතුරු පැදියක ගමන් ගත් එකම පවුලේ මව පියා සහ දරුවන් දෙදෙනා බරපතල ලෙස තුවාල ලබා තිබේ.

    සිද්ධිය වී තිබුණේ ඊයේ පස්වරුවේය.

    සිද්ධියෙන් බරපතල තුවාල ලැබූ ඔවුන් ආණමඩුව දිසා රෝහලට ඇතුලත් කිරිමේන් පසුව කුරුණෑගල ශික්ෂණ රෝහලට මාරු කර තිබේ.

    අනතුරින් සිවි දෙනාගේම පාද වල අස්ථි බිදි ගොස් දරුණු ලෙස තුවාල ලබා තිබෙන බවත්,ඒ අතර සිව් මස් ගැබිනියකද සිටින බව වාර්තාවෙයි.

    ආණමඩුව මහඋස්වැව වැව ආසන්නයේ කිලෝ මිටරයකට ආසන්න දුරකින් වු ඉගිනිමිටිය පලුගොල්ල මාර්ගයේ දි මෙම අනතුර සිදුව තිබු අතර අනතුරින් එකම පවුලේ මව ඩබ්ලියු .එම් . නන්දා මාලනි, පියා වන එච් .එම් .අනුර සෙනරත් සහ හත් හැවිරිදි දියණීය වන හිරුණී සත්සරණිකා , සහ සිව් හැවිරිදි ගයන්ත ඉදුනිල් , යන අය බරපතල ලෙස තුවාල ලබා කුරුණැගල ශික්ෂණ රෝහලට ඇතුලත් කර තිබු බව ආණමඩුව පොලිසිය පවසයි.

    මෙම අනතුර සිදුවන අවස්ථාවේ තුවාල ලැබු සිව් දෙනා යතුරු පැදියකින් ගමන් කරමින් සිටි බව කියයි. අධික වේගයෙන් පැමිනි කැබ් රථය එකවර යතුරු පැදියේ හැපි ඇති අතර ඉන් පසුව යතුරු පැදිය මාර්ගයෙන් ඉවතට පැන ඇති බව කියයි.

    සිද්දිය පිළිබදව අදහස් දැක්වු අනතුරින් බරපතල ලෙස ලබා ඇති පුද්ගලයෙකුගේ සොහොයුරෙක් මෙසේ පැවසීය.

    “ අනතුර එක්කම මම එතැන්ට ආවා එතකොට රංගේ බංඩාර මහත්තයගේ පුතා ( යසෝධ රංගේ බංඩාර) ලගට ගිහින් මම ඇහුවා ඔයා කවුද මහත්තයා ට ඇයි මේ විදිහට අනතුරක් කලේ කියලා .එතකොට එයා හොදටම බිලා හිටියේ වාහනේ හිටිය අනිත් අයත් හොදටම බිලා තව අරක්කු බෝතල් වගයක් ප්ලාස්ටික් කප් තිබුනා .රංගේ බංඩාර මහත්තයාගේ පුතා මගේ ඇගට කඩා පැනලා කියුවා ඇයි තමුසේ අහන්නේ වාහනය මගේ පුලුවන් දෙයක් කරන්න කියලා .මම කිවුවා මහත්තයා කථා කරන්න ඉගෙන ගන්න කියලා එවිට ආයේ කියුවා පුලුවන් දෙයක් කරලා පෙන්වනවා ආණමඩුවට එනවාකෝ බලා ගමු කියලත් කියුවා . මම කියුවා මහත්තයා මට කොහෙත් එකයි කියලා මේ මිනිස්සු අනතුරත් කරලා අර අහිංසකයින්ව යටකරලත් අපිට ගනන් පාට් දාන්න එනවා යැයි ඔහු පැවසිය.

    අනතුර සම්බන්ධයෙන් හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රි වරයකු වන අනුෂ්ක ප්‍රියදර්ශන නැමති අයෙකු පොලිසියට භාර වි තිබුනී .

    එසේම අනතුරට සම්බන්ධ කැබ් රථය රාජ්‍ය ඇමති රංගේ බංඩාර මහතාගේ අමාත්‍යංශකට අයත් කැබ් රථයක් බව පොලිසිය පවසයි.

    [rns_reactions]

  • පුවත් මවන වන් ෂොට්ගේ පක‍්ෂ කාර්යාලයට මැරයෙකුගෙන් පහරදීමක්….

    සමාජ සුභසාධන හා සමාජ සවිබල ගැන්වීමේ නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතාගේ මරදගහමුල පිහිටි පක්ෂ කාර්යාලයට ඊයේ 24 පස්වරු 4.00 ට පමණ කඩා වැදුනු ප‍්‍රාදේශිය දේශපාලඥයකු කළ පහරදීමකින් එහි දේපල රැසකට හානි සිදුවී ඇතැයි දිවුලපිටිය පොලිසිය කියයි.

    පිරිසක් පක්ෂ කාර්යාලයේ රැදී සිටියදී කඩා වැදුනු මෙම ප‍්‍රබල පාක්ෂිකයා එිහි සිටියවුනට පහරදී ඇතැයිද ප‍්‍රහාරයට ලක්වූ කිහිප දෙනෙකු බේරි පලාගොස් ඇතැයිද පිරිස පලා යද්දී සිදුකළ ප‍්‍රහාරයෙන් පරිගණක දෙකක්, විදුලි පංකා දෙකක්, පුටු තුනක් ඇතුලූ දේපල රැුසකට හානි සිදුව ඇතැයි මේ සම්බන්ධව දිවුලපිටිය පොලිසියට කළ පැමිනිල්ලේ සදහන්ය.

    පහරකෑමට ලක්වූ එක් පුද්ගලයකු දිවුලපිටිය දිසා රෝහලට ඇතුලත් කර ඇත. නියෝජ්‍ය ඇමතිවරයා මරදගහමුල මෙම කාර්යාල ආරම්භ කරනු ලද්දේ දින කිහිපයකට පෙරදීය.

    ඊට පෙර කාර්යාලය පවත්වාගෙන ගියේ දූනගහ නගරයේ වන අතර එහිදී පිරිසක් පාක්ෂිකයකුට පහරදීමේ සිද්ධියකින් පසු ඇතිවූ තත්ත්වය මත කාර්යාලය දූනගහ නගරයෙන් ඉවත් කරනු ලැබීය.

    ඊයේ 24 පහරදීමට පැමිණ ඇති දේශපාලනඥයා කලක් තිස්සේ ප‍්‍රාදේශීය සභාව නියෝජනය කල මන්තී‍්‍රවරයකු හා විපක්ෂ නායකවරයකු ලෙස කටයුතු කර ඇති බව මූලික පොලිස් පරීක්ෂනවලදී අනාවරණය වී ඇතැයි පොලිසිය සදහන් කරයි.

    සිද්ධිය වන අවස්ථාිවේ නියෝජ්‍ය ඇමතිවරයා කාර්යාලයේ සිට නැති අතර සිදුවූ දේපල හානිය ගනනය කර නොමැත.

    අයුතු ඇතුල්වීම, අනර්ථය සිදු කිරීම හා පහරදීම යන චෝදනා යටතේ හිටපු මන්ති‍්‍රවරයා අත්අඩංගුවට ගැනීමට නියමිතය.

    දිවුලපිටිය වැඩ බලන පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුමිත් පේ‍්‍රමකුමාර මහතාගේ මෙහෙයවීම යටතේ පරීක්ෂණ පැවැත්වේ.

    [rns_reactions]

  • කුණු විකුණගෙන කන මරික්කාර්ට එරෙහිව ජනතාව මහ පාරට…

    නිසි පරිදි කැළි කසල එකතු කිරීමට බාධා කරන එජාප මන්ත්‍රි මරික්කාර්ට විරෝධය පළ කරමින් ඔරුගොඩවත්ත මංසන්ධිය අසල ඊයේ (24) රාත‍්‍රීයේ විරෝධතාවක් පැවැත්වුණා.අප වාර්තාකරු පැවසුවේ මරික්කාර්ගේ නොමනා ක්‍රියා නිසා එලෙස එකතු නොකළ කැළි කසල ප‍්‍රධාන මාර්ගයට ගෙනවිත් දමා ප‍්‍රදේශවාසීන් මෙලෙස උද්ඝෝෂණයේ නිරත වූ බවයි.

    මේ හේතුවෙන් කොළඹ අවිස්සාවේල්ල පරණ පාරේ රථ වාහන ධාවනයට ද බාධා එල්ල වු අතර එම ස්ථානයට පැමිණි මරික්කාර්ගේ හිතවාදින්ට හු හඩකින් සංග්‍රහ ලැබුණු බවද සදහන්.

    කැලි කසල නිසි පරිදි එක් රැස් නොකිරීම හේතුවෙන් ප‍්‍රදේශය පුරා ඩෙංගු රෝගය ව්‍යාප්ත වන බවයි උද්ඝෝෂනයට එක්ව සිටි පිරිස් කියා සිටියේ. 

    [rns_reactions]

  • රටම කතාවෙන කුණුවලට ජවිපෙන් අමුතු විරෝධතාවක්… (Photos)

    කොටුව දුම්රියපොළ ඉදිරිපිට, බොරැල්ල උමං මගී පාලම හා බම්බලපිටිය MC ගොඩනැගිල්ල ඉදිරිපිට යන ස්ථානවල දී මිතොටමුල්ල කුණු කන්ද නාය යාමා තේමා කරගනිමින් තරමක් වෙනස් වැඩසටහනක් සිදු කෙරුණා.

    පරිසර හිතකාමී තරුණ තරුණියන්, සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ සොයුරු සොයුරියන් සහ සමාජවාදී තරුණ සංගමය එක්ව සංවිධානය කල සජීවී අනුරූ ඉදිරිපත් කිරීමේදී කසල ගැටලුව සහ ලාංකික දේශපාලනය පිළිබඳ ජනතාවට යලි සිතා බැලීමට උත්තේජනයක් සැපයීමට ගත් උත්සහයක් ලෙසයි මෙය හඳුන්වා දී තිබුණේ.

    [rns_reactions]

     

  • පුවත් මවන ටි.එම් දිල්ෂාන්ට වරෙන්තු – හේතුව මෙන්න

    නඩත්තු නඩුවක් සම්බන්ධයෙන් අධිකරණයේ පෙනී නොසිටි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රිකට් නායක තිලකරත්න ඩිල්ෂාන් අත්අඩංගුවට ගන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් බණ්ඩාර විසින් වරෙන්තු නිකුත් කර තිබෙනවා.

    ඩිල්ෂාන් සම්බන්ධ නඩත්තු නඩුව ඊයේ (24) විභාගයට ගැනුනද ඩිල්ෂාන් හෝ ඔහුගේ ඇපකරු අධිකරණයේ පෙනී සිටියේ නැහැ.

    එමනිසා මෙම වරෙන්තු නිකුත් කිරීම සිදු කෙරුණා. නඩුව ලබන මැයි මස 24 වැනිදා යළි කැඳවීමට නියමිතයි.

    [rns_reactions]

     

  • අයි.පි.එල් Hot කරපු ඉන්දියන් කෙල්ලගේ ඔබ නොදුටු දසුන් මෙන්න…

    මේ දිනවල ඉන්දියාවේ පැවැත්වෙන IPL තරඟාවලිය ලොව බොහෝ ක්‍රිකට් ලෝලීන්ගේ සාමාන්‍ය ජීවිතයේ කොටසක් වී තිබේ ,මෙම තරඟාවලියේ දක්ෂතා දක්වන ක්‍රීඩකයන්ට අමතරව තරඟාවලියේ නිවේදිකාවක් ලෙස ජනප්‍රිය වී ඇති චරිතයක් ගැනද බොහෝ දෙනා කථා වේ.

    එම නිවේදිකාව වන්නේ ශිබනි දෙන්දෙකාර්ය. ඇය නිවේදිකාවක් ලෙස තම ඉදිරිපත් කිරීම කරන අතරම තම ජනප්‍රියත්වය සමඟ  මේ වනවිට අන්තර්ජාලයට එකතුකර ඇති ඇයගේ අඩනිරුවත් සරාගී ඡායාරූප පෙළක් හේතුවෙන් ලොව පුරා මෙම නිවේදිකාව පිළිබඳව අවධානයක් යොමුව තිබෙන බවද සඳහන්.

    මේ අයගේ ජායාරුප කීපයකි.

    [rns_reactions]

  • නිල බලු කායේ නාමල් තම උතුරු නවාතැනේ වැව් බැම්මටත් කෙළියි..

    අක්කරායන් වැව, කිලිනොච්චියේ අක්කරායන්කුලම් ගම්මානයේ පිහිටා තිබෙන දැවැන්ත ජලාශයකි.

    මේ වැව ”පෙර රජ සමයේ” නාමල් රාජපක්ෂ කුමරුගේ ජනප්‍රිය නිවාඩු නිකේතනයක්ව පැවති බවට සාක්ෂි බොහෝ ය. එකල වැව අසල කලින් කලට නාමල්ගේ කූඩාරමක් අටවා තිබෙන ආකාරය දක්නට ලැබුණු අතර, නාමල් සමග එහි බොහෝ විට පැමිණ තිබෙන්නේ ප්‍රාදේශීය දේශපාලනඥයෙක් වන ශ්‍රී රංගා ය. 

    හැටේ දශකයේ ඉදි කළ අක්කරායන් වැව සුන්දර පරිසර නිකේතනයක් සහ නිකැළැල් පරිසර පද්ධතියක් වශයෙන් ප්‍රකටව තිබූ ස්ථානයකි. මෙම ස්ථානය පිළිබඳ දැනගැනීමෙන් අනතුරුව නාමල් රාජපක්ෂ එහි වැව් බැම්මක් ඉදිකිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කර තිබේ. අද වන විට ඔබ අක්කරායන් වැව් බැම්ම දිගේ ගමන් කළහොත්, මේ වැව් බැම්ම සහ වැව ආශ්‍රිතව සිදුකර තිබෙන ඉදිකිරීම් හරහා කොපමණ මුදල් සම්භාරයක් නාස්ති කර ඇත්දැයි සිතාගැනීමට පවා නොහැකි වනු ඇත. මෙම වැව් බැම්ම හරහා වාහන දෙකකට පවා එකවර මාරු විය නොහැක. එය එතරම් පටු ය. කිසිදු ආරක්ෂක ගල්වැටියක් නොමැතිව අගලක් වෙත පස් බැම්ම එකවරම බෑවුම් වේ. තවද වැවේ අතිරික්ත ජලය බැසයාමට යැයි කියා ඉදිකර තිබෙන, අක්කරායන් වැවේ දකුණු පසින් පිහිටා තිබෙන වේල්ල, වැඩ නිම නොකර අතහැර දමා ඇති ආකාරය ද අපගේ නිරීක්ෂණයට හසුවිය. 

    මහජන මුදල් කාබාසීනියා කරමින් සංවර්ධන ව්‍යාපෘති කරන බව කියමින් ඩොලර් මිලියන ගණනින් කොමිස් ගසමින් රාජපක්ෂලා නැටූ නාඩගම් තවදුරටත් හෙළිවෙමින් තිබේ. අක්කරායන් වැව එයට හොඳ උදාහරණයකි. යුද්ධය දිනූ උජාරුව පිට දමමින් ලංකාවේ උතුරුනැගෙනහිර දැඩි හමුදාකරණයකට ලක්කරමින් ඔවුන් ප්‍රදේශයේ ස්වභාවික සම්පත් පවා සල්ලි බවට පත් කරන්නට දැරූ කැත උත්සාහයට අක්කරායන් වැව නිහඬ සාක්ෂියකි.    

    එකල ශ්‍රී රංගා සහ රාජපක්ෂ පවුල අතර පැවති සමීප සම්බන්ධය ලොවට රහසක් නොවේ. ඩග්ලස් දේවානන්ද, බැසිල් රාජපක්ෂ, නාමල් සහ ශ්‍රී රංගා අතර පැවති සම්බන්ධතා පිළිබඳ විකිලීක්ස් ඔස්සේ  විශාල කරුණු සම්භාරයක් මීට පෙර හෙළිදරව් වී තිබේ. 2010 මහමැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂයෙන් පාර්ලිමේන්තුවට තේරීපත්වූ ශ්‍රී රංගා එම්ටීවී ශක්ති ටීවී රූපවාහිනියේ තනතුරු ගණනාවක් හෙබවීය. පසුව ගෝඨාභය රාජපක්ෂ හරහා උතුරු නැගෙනහිර ක්‍රියාත්මක වූ ඊපීඩීපී සහ කරුණාගේ කල්ලිය වැනි පැරාමිලිටරි කණ්ඩායම්වලට ව්‍යාපාරිකයන්ගෙන් කප්පම් මුදල් ලබාගැනීමට පහසුකම් සැපයූ අතර ශ්‍රී රංගා ක්‍රමයෙන් රාජපක්ෂ පවුලේ සමීපතම හිතවතෙක් බවට පත්විය. රාජපක්ෂ පවුල ශ්‍රී රංගා පිළිබඳ කේබල් පණිවුඩවලින් සඳහන් කර තිබුණේ ‘අතිශයින්ම ආරක්ෂා කළ යුතු අයෙක්’ ලෙස ය.

    [rns_reactions]

  • මාස 3 ක් ඇතුළතදී යාචකයන්, සුනඛයන්, ගවයන් කොළඹින් ඉවතට.

    කොළඹ නගරය සංවර්ධනය කර නඟා සිටුවිමේදි එහි වෙසෙන යාචකයන්, ගවයන් හා සුනඛයන් ලබන මාස 3 ඇතුළතදි ඉවත් කිරීමට රජයේ අවධානය යොමුවී ඇත.

    ගවයන් ඉවත් කිරිමේ දි යම් නීති ප්‍රශ්නයක් පැන නැගුන බවත් එම නිසා ගවයින් ඉවත් කරගන්නා ලෙස දැන්විම් මගින් ප්‍රදර්ශනය කර ඇති බවත් දි ඇති නිශ්චිත කාලය තුලදි ගවයින් හිමිකරුවන් විසින් ඉවත් කර නොගන්නේනම් නිත්‍යනුකූල ලෙස ගවයින් අල්ලා ගව බිම් වලට මුදා හරිනු  ලැබීමට නියමිතය.

    “කොළඹ පුරා යාචකයන් වර්ග දෙකක් ඉන්නවා. ස්ථිරසාරව නගරය තුළ බොහෝ සේ දුක්ඛිතව ගෙවන යාචකයන් 600 ක් පමණ හා අනිත් යාචකයන් වන පිටතින් පැමිණ උදේ සිට සවස දක්වා සිටින යාචකයන්“

    “මුල් යාචකයන් මෙන් පස් ගුණයක් ඔවුන් සිටිනවා. නගරය තුළ ඡිවත් වන යාචකයන් ආබාධිත හා පුර්ණකාලින ශාරීරික ආබාධිත තත්වයෙන් හා මානසික ආබාධ තත්වයේ යාචකයන් ඉන්නවා පූර්ණ කාලීන යාචකයන් මේ වසර තුළ ඉවත් කරනවා. එලෙසම අර්ධකාලීන රැකියාවක් ලෙස සිටින යාචකයන් පුනරුත්ථාපනය කිරිමට කටයුතු කිරීමට නියමිතය.

    [rns_reactions]