Blog

  • සේවක ගැටළු විසදන්න ඇමැති රාජිතගෙන් සේවක දිනයක්

    සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය සංවිධානය කළ සේවක දිනය 2017 වැඩසටහන අද (24) සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී ආරම්භ කෙරිනි. 

    සෞඛ්‍ය සේවකයින්ගේ ගැටලු විසදීම මෙහි අරමුණ වෙයි. මෙම සේවක දින වැඩසටහනට සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුලු සියලුම නිලධාරීන් එක්ව සේවක ගැටලු විසදීමට කටයුතු කරන ලදි.

    මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ බදාදා දින ඇතිවන තදබදය අවම කර ගැනීම සදහා මෙම පියවර ගත් බවයි. 

    සියලුම සේවකයින්ගේ ප්‍රශ්ණ හැකි අයුරින් විසදීමට පියවර ගන්නා බව සදහන් කළ අමාත්‍යවරයා නීතිය හා සාධාරණත්වය පිළිබද අවධානය යොමු කරමින් ගැටලු විසදන ලෙස නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය. 

    ගැටලු විසදීමෙන් පසු එම සේවකයින් මහජනතාවට අවශ්‍ය සේවාව නිසි පරිදි ලබාදිය යුතු බවද අමාත්‍යවරයා සදහන් කළේය. 

    [rns_reactions]

  • "මීතොටමුල්ල පරයන මාධ්‍ය කුණු කන්ද"

    මීතොටමුල්ල පරයන මාධ්‍ය කුණු කන්ද

    ශී‍්‍ර ලංකාව තුළ කසළ කඳු පමණක් නොව කුණු කඳු ද බොහෝ ඇති බව වෙනදාටත් වඩා හොඳින් පෙනෙන්නේ දැන්ය. ඒ මීතොටමුල්ල කුණු කන්ද සිදුකළ විනාශයෙන් පසුවය. මීතොටමුල්ල කසළ කන්ද මගින් ඇතිකළ ඛේදවාචකයට අදට දින 09 ක් ගත වී ඇතත් අඛණ්ඩව කුණු ප‍්‍රශ්නය පිළිබ`දව අවධානය යොමු කර ගෙනම සිටින්නට සමාජයට සිදුව ඇත්තේ ඒ නිසාය.

    අප එසේ කියන්නේ කුණු කසළ බැහැර කිරීමට අදාළව ගනු ලබන කි‍්‍රයාමාර්ගයන්ට එරෙහිව රටේ ඇතැම් තැන්වල සිදුවන විරෝධතා හේතුවක් කරගෙනම නොවේ. ඉතා පැහැදිළිවම එම විරෝධතාවයන්ට නොදැනුවත්භාවය ද, ඒ හේතුව නිසාම ජනතාව තුළ ඇතිවිය හැකි බිය හා සැක සංකා ද ඊටත් වඩා අදේශපාලනික දේශපාලකයින්ගේ සහ දේශපාලන කල්ලි කිහිපයක කුමන්ත‍්‍රණ ද හේතු වී ඇති බවට සැකයක් නැත. ඒ සමගම අප රටේ මාධ්‍ය කර්මාන්තය තුළින් ප‍්‍රදර්ශනය වන සමාජ වගකීමක් නැති මාධ්‍ය භාවිතය ද ඒ ස`දහා රුකුල් ලබාදෙන බව පැහැදිළි කරුණකි.

    එය එසේ වුවත් අන් බොහෝ ප‍්‍රශ්නවලදී මෙන්ම මේ කුණු ප‍්‍රශ්නයේදී ද රටක් ලෙස අප කරකැවෙමින් සිටින්නේ එකම රවුමකය. ජනතාවගේ ප‍්‍රශ්න හා දුක්ගැනවිලි එකම තැන පල්වීමටත්, විස`දුම් ලබා ගැනීමට ඇති හැකියාවන් පමා කිරීමටත් බොහෝ සේ හේතුවන්නේ එවැනි තත්වයන්ය. පසුගිය දින 09 ක කාලය තුළ මේ රටේ දේශපාලකයන්ගේ හැසිරීම තුළද, එම හැසිරීම් පදනම් කර ගනිමින් මේ රටේ ජනමාධ්‍ය සිදු කරමින් සිටින වාර්තාකරණය තුළින් ද ඒ බව තේරුම්ගත හැකිය. එක් අතකින් සළකා බැලීමේදී මීතොටමුල්ල කුණු කන්ද ආශ‍්‍රයෙන් මතුව ඇති සමාජ සංවාදය තුළ ද මේ රටේ ඇතැම් දේශපාලනඥයන්ගේ හැසිරීම් තුළ ද බොහෝ ජනමාධ්‍ය ඒ පිළිබ`ද දක්වා ඇති මැදිහත්වීම තුළින් ද ගැඹුරින් ප‍්‍රදර්ශනය කරන්නේ සමාජයක් ලෙස අප වෙළාගෙන සිටින චින්තනයේ දුප්පත්කමයි. ඕනෑම රටකට අදාළව සළකා බැලීමේදී ආර්ථික දුගී භාවයෙන් රටක් හෝ සමාජයක් මුදා ගැනීම එතරම් අපහසු නැත.

    ඒ ස`දහා අත්‍යාවශ්‍ය වන්නේ නිසි දැක්මක්, සැළසුමක් හා සංවිධිත කි‍්‍රයාකාරිත්වයකි. එහෙත් සමාජයකට මානසික දුප්පත්කමින් නැතහොත් සමාජය තුළ මුල් බැසගෙන ඇති චින්තන දරිද්‍රතාවයෙන් ගලවා ගැනීම එතරම් පහසු නැත. මක්නිසාද යත් එවැනි මුදා ගැනීමකදී අන් සියල්ලටම පෙර ඒ සමාජයට නිසි දැක්මක් තිබීම අත්‍යාවශ්‍ය වන නිසාය. එහෙත් චින්තන දුගී භාවයක් තුළ සිදු කළ හැකි අපහුම කාර්ය භාරය වන්නේ සමාජයකට නිසි දැක්මක් ලබාදිමය.

    මාධ්‍ය නිදහස රටකට අතිශයින්ම වැදගත් වන්නේ එතැනදීය. එහෙත් අවාසනාවකට අප රටේ බොහෝ මාධ්‍යවේදින් මෙන්ම දැනුවත් යැයි සිතන සමාජ කොට්ඨාශ පවා කල්පනා කරන්නේ මරණ බියකින් තොරව ජනමාධ්‍යවේදින්ට කටයුතු කිරීමට ඇති හැකියාව ජනමාධ්‍ය නිදහස බවය.
    සමාජ වගකීමකින් යුතුව මාධ්‍ය හැසිරවීම ස`දහා මාධ්‍යවේදින්ට ඇති හැකියාව හා මාධ්‍ය කර්මාන්තය තුළ ඒ පිළිබ`දව ඇති පිළිගැනීම එහිදී ඉතා තීරණාත්මකය. එහෙත් අවාසනාවකට අද නැත්තේ ද එයයි. ඒ අනුව අද මාධ්‍යවේදියාට මාධ්‍ය නිදහස ස`දහා ආණ්ඩුව සමග සිදු කළ යුතු සටනක් නැත.

    අද මාධ්‍යවේදියාට සටන් කිරීමට සිදුව ඇත්තේ තමන්ගේම වූ ප‍්‍රජාව සමගය. තම කර්මාන්තය ඇතුළතය.
    ඒ බවට ඇති හොදම නිදසුන මීතොටමුල්ල ඛේදවාචකය පදනම් කරගෙන මේ රටේ මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය සිදුකළ හා සිදුකරමින් සිටින මාධ්‍ය භාවිතයයි. ඒ තුළ අද පවා වැඩි ඉඩක් වෙන් කර ඇත්තේ එක් එක් දේශපාලකයන් එකිනෙකාට එරෙහිව සිදුකරන විවේචනයන්ට. නැත්නම් ඇතැමුන් තමන් පදනම් කර ගනිමින් සිදුකරන කයිවරුවලටය. එසේත් නැත්නම් පටු දේශපාලන අරමුණු මත දේශපාලන කල්ලි කණ්ඩායම් විසින් මෙහෙයවන උදේඝෝෂණ වලටය.

    දිනපතා රටතුළින් බැහර කරන කුණු කසළ පිළිබ`දව ගත හැකි හා ගත යුතු ස්ථීරසාර පියවරයන් පිළිබ`දව එම ජනමාධ්‍ය බොහෝමයක්ම දක්වා ඇත්තේ ඉතාමත් අඩු අවධානයකි. අද දිනයේ පළවු සති අන්ත පුවත්පත් කියවා බැලීමෙන්ම ඒ බව මැනවින් අවබෝධත කරගත හැකිය.
    ඉතා පැහැදිළි ලෙසම රටේ නාගරික ප‍්‍රදේශ තුළින් දිනපතා බැහැර කරන කුණු කසළ ප‍්‍රමාණය අතිවිශාලය. කොළඹ නගර සභාව තුළින් පමණක් එම ප‍්‍රමාණයට දිනකට ටොන් 750 ත් 850 ත් අතර ප‍්‍රමාණයක් වේ. කඩුවෙල, බියගම, දෙහිවල, ගල්කිස්ස වැනි ඒ අවට නාගරික ප‍්‍රදේශවලින් ඊට එකතුවන කසළ ප‍්‍රමාණය අනුව ප‍්‍රශ්ණය තවදුරටත් බැරූරුම් කරවයි. ඒ අනුව එම තත්ත්වයට සාර්ථක ලෙස මුහුණදීම ස`දහා සැළසුම් සකස් කිරීමේ වගකීම ඇත්තේ රජයට වුවත් ඒ පිිළිබ`දව වගකීමකින් යුත් සමාජ සංවාදයක් ඇති කළයුතුව ඇත්තේ ජනමාධ්‍ය විසින්ය.

    එහෙත් ඒ සමාජ වගකීම මේ රටේ බොහෝ ජනමාධ්‍ය වෙතින් ඉටුවන බවක් පෙනෙන්නට නැත. රට හමුවේ ප‍්‍රමුඛ අභියෝගයක් වී ඇති කුණු කසළ ප‍්‍රශ්නයට විස`දුමක් ස`දහා එම කුණු කසළ ප‍්‍රතිචක‍්‍රීකරණය ද ඇතු`ථ ගතයුතු ක‍්‍රමවේදයන් පිළිබ`ද විධිමත් සමාජ සංවාදයක් ගොඩනගනු වෙනුවට දේශපාලකයන්ගේ වාචාල කතා සහ දේශපාලන කල්ලි කණ්ඩායම් විසින් මෙහෙයවන ඊනියා මහජන විරෝධතාවලට ප‍්‍රමුඛතාවය දීමෙන් මේ ප‍්‍රශ්නයට විසඳුමක් ලබා ගත නොහැකිය.

    සුනිල් ජයසේකර

    [rns_reactions]

  • ඉන්දික බණ්ඩාරනායක නිකවැරටිය ශ‍්‍රීලනිප ආසන සංවිධායකවරයා ලෙස ජනපති අතින් පත්වීම් ලබයි

    නියෝජ්‍ය අමාත්‍ය ඉන්දික බණ්ඩාරනායක මහතා නිකවැරටිය ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායකවරයා ලෙස ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තේය.

    අද (24) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී පත්වීම් ප‍්‍රදානය සිදුවිය.

    මේ අවස්ථාවට අමාත්‍යවරුන් වන මහින්ද අමරවීර, අනුර ප‍්‍රියදර්ශන යාපා, මහත්වරුන් ද ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන් මහතා ද එක්ව සිටියහ.

    [rns_reactions]

  • ලංකා ක්‍රිකට් වනසමින් මසකට ලක්ෂ ගණනක් බිලිගන්න කවුද බොලේ මේ විල්ස්..

    ශ්‍රී ලංකාවේ නිකමුන්ට ඉතා ඉහළ වැටුප් සමග රැකියා ලබා දෙන ස්ථාන අතර ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයට ඉහළ තැනක් හිමි වන්නේ ය.

    කලක් ක්‍රිකට් ක්ෂේත්‍රයෙන් අතු ගා සිට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට පිං සිදුවන්නට යළි ක්‍රිකට් මුල් පුටුවට පත් වූ තිලංග සුමතිපාල (සත්‍ය වශයෙන්ම ක්‍රිකට් ක්ෂේත්‍රයෙන් පමණක් නොව දේශපාලනයෙන්ද ජනතාව අතු ගා දැමූ තිලංගට නියෝජ්‍ය කථානායක ධූරය හිමිවුනේද මෛත්‍රීපාල සිරිසේනට පිං සිදු වන්නට ය.) දැන් කරන්නේ කාලයක් වළ ඉහ ගන්නට නොහැකි වූ තම සගයන්ට රිසි සේ ක්‍රිකට් ආයතනයේ මුදල් කොල්ල කෑමට ඉඩ ලබා දීමයි.

    අව්ව තිබියදී වේලා ගැනීමට රුසියන් වන ෂම්මි සිල්වා, අරුණ ද සිල්වා, අනුර වීරසිංහ, සුජීව ගොඩලියැද්ද, ගොඩ්ෆ්‍රි දාබරේරා, රවින් වික්‍රමරත්න, ප්‍රියන්ත ද සොයිසා, රායි රේමන්ඩ් තිලංගගේ පිහිටෙන් වැඩි දිනක් යෑමට පෙර කෝටිපතියන් බවට පත් වනු ඇතැයි ක්‍රිකට් ආයතනයේ සේවකයෝම කියති.

    තිලංග බලයට ගෙන ඒමට මුල් වූ ජයන්ත ධර්මදාසලා, මතිවානන්ලා අද කැලේ ය. ක්‍රිකට් ආයතනට රන් කරන්නේ තිලංග සමග ඉහත සඳහන් කළ හොර නඩය යි.

    බස්නාහිර ක්‍රිකට් සංගමය මේ වන විට අනුර වීරසිංහගේ හා අරුණ ද සිල්වා ගේ අණසකට යටත් වූ භාණ්ඩාගාරයක් බවට පත්ව තිබේ. එහි සභාපති ද තිලංග ය. ක්‍රිකට් ආයතනයෙන් අනවසර ලෙස වියදම් කරනා මුදල් සියල්ල වියදම් කෙරෙනුයේ බස්නාහිර ක්‍රිකට් සංගමය හරහා ය. මෙහි මුදල් ගණුදෙනු සිදුකරන ආකාරය පිළිබඳව දැනටමත් මූල්‍ය අපරාධ කොට්ඨාශයේ පැමිණිලි රැසක් ගොනු කර ඇත. ( මේ පිළිබඳව සවිස්තරාත්මක සටහන් මීළඟ ලිපියෙන් බලාපොරොත්තු වන්න )

    මේ අතර තිලංග විසින් සේවයට බඳවා ගත් එංගලන්ත ජාතිකයෙකුද මේ වන විට මේ හොරුන්ගෙන් ඉගෙන ගෙන අලුත්ම හොරකමක් පටන් ගෙන තිබේ.

    අධි තාක්ෂණික පුහුණු අංශයක් ඇති කිරීමේ අදහසින් පුහුණු කරුවෙකු බඳවා ගැනීමට ක්‍රිකට් ආයතනයට වුවමනා වුවද අරවින්ද සිල්වා සමග කෙන්ට් ප්‍රාන්තයේ කටයුතු කර ඇති පසු කලෙක කාර්යාල සේවයකයෙකු වූ සයිමන් විලීස් නමැත්තා පමණක් සම්මුඛ පරීක්ෂණයකට කැඳවා පසුව පුහුණුකරුවෙකු නොව කළමණාකරුවෙකු ලෙස සේවයට බඳවා ගෙන ඇත්තේ මසකට ඇ.ඩො. 12000 ක වැටුපකට ය. අනෙකුත් වරප්‍රසාද සමග මොහුගේ මාසික වැටුප රුපියල් ලක්ෂ 20 ක් පමණ වේ. 

    ක්‍රිකට් ආයතනයේ පුහුණු අංශය මොහු යටතට පත් කර ඇතත් ටෙස්ට් ක්‍රිකට් ගැන මොහු දන්නා කෙං ගෙඩියක් නැත. ඒ බවට ආයතනයේ පුහුණුකරුවන්ම සාක්ෂි දරයි. ඇත්තටම සයිමන් විලීස් යනු ජීවිතයට ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා නොකළ අයෙකි. අරවින්දලා ලෝඩ්ස් ක්‍රීඩාංගනයේ සුද්දන් මවිතයට පත් කරමින් ක්‍රිකට් පලද්දී මේ කියන සයිමා එංගලන්තයේ ජාතික කණ්ඩායමට වතුර අදින්නවත් තෝරාගෙන සිටියෙක් නොවේ. ඔහු යාන්තම් ක්‍රිකට් ක්‍රීඩා කර ඇත්තේ කෙන්ට් ප්‍රාන්ත පිලට පමණි. ඒද ප්‍රාන්ත තරඟ 16 කට පමණි. ප්‍රාන්ත තරඟයකදී වුව ජීවිතයට ලකුණු 100 ක් ලබාගෙන නැත. ලබා ගත් වැඩිම ලකුණු ගණන 82 කි. ජීවිතයට එකදු බෝලයක් දමා නැත. විකට් රකින්නෙකු වූ ඔහු තරඟ 16 ටම ස්ටම්ප් කිරීම් ලබා ගෙන ඇත්තේ 3 ක් පමණි. පසු කලෙක මොහු කෙන්ට් ප්‍රාන්තයේ ක්‍රිකට් ඇකඩමියේ අධ්‍යක්ෂ වරයෙකු ලෙස තෝරා ගෙන තිබිණ. එහිදී වැඩ බාර ගනිමින් මොහු අපූරු කතාවක් කරයි. ඔහුගේ පරමාර්ථය වන්නේ කෙන්ට් පාසැල් ක්‍රිකට් ක්‍රීඩකයන්  ප්‍රාන්ත මට්ටමේ ක්‍රීඩකයන් දක්වා පුහුණු කිරීම යැයි සයිමන් එහිදී කියයි. එනම් පාසැල් ක්‍රිකට් ක්‍රීඩකයන් ජාතික මට්ටමේ ටෙස්ට් ක්‍රීඩකයන් දක්වා පුහුණු කිරීමට හෝ ඔහුට අදහසක් තිබී නැත. ලෝක කුසලාන දෙකක් දිනූ රටක ක්‍රිකට් ක්‍රීඩකයන් පුහුණු කිරීමේ අංශයක් දැවැන්ත මුදලක්ද ගෙවමින් තිලංගලා බාර දෙන්නේ මෙවැනි වැඩ බැරි සයිමෙකුට ය.

    කෙසේ නමුත් කටින් තම අඩුව වසා ගෙන සිටින සයිමන් එංගලන්තයේ තම හිතවතුන් ද සමග අලුත් බිස්නස් එකක් පටන් ගෙන ඇත. ඒ ක්‍රිකට් පාලක මණ්ඩලයද අන්දවාගෙන එහි කණ්ඩායම් මෙරටට ගෙන්වා ගැනීමයි.

    මේ වන විට මොහුගේ මැදිහත් වීමෙන් එංගලන්තයේ සිට කණ්ඩායම් 3 ක් ශ්‍රී ලංකාවට පැමිණ තිබේ. ක්‍රිකට් ආයතනය මගින් එහි ක්‍රීඩාංගණ තුට්ටු දෙකට වෙන් කරවා ගන්නා සයිමන් මේ මගින් හොඳ මුදලක් උපයයි.

    ලේකම් මොහාන් ද සිල්වා වැනි මැදිහත් අය මේ ගැන දන්නා නමුත් සයිමන් තිලංගගේ මෑන් බැවින් මුවින් නොබැන සිටිති.

    ශ්‍රී ලංකාවේ බොහෝ මෝඩයන් සුද්දෙක් කී පමණින් ඉහ මුදුණින් පිළි ගන්නා බව දන්නා තිලංග සයිමන්ගෙන් උපරිම ප්‍රයෝජන ගනිමින් සෑම පුවත් පත් සාකච්ඡාවකටමත් දිවයින පුරා ක්‍රිකට් බඩු බෙදා දීමට යාමේදීත් සයිමන් රැගෙන ගොස් ඔහුට කතාවක් ද වෙන් කර දෙයි.

    ඇන්දීමේ කලාවත් රැඳී සිටීමේ කලාවත් මේ වන විට හොඳින්ම ඉගෙන ගෙන සිටින සයිමන් විලීස් තිලංග ඇතුළු පරිපාලනය මෙලොව හොඳම ක්‍රිකට් පරිපාලනය සේ හුවා දක්වන අයුරු අසා සිටින්නට ලැජ්ජා ය.

    මේ අතර ක්‍රිකට් තරඟ විස්තර විචාරයටද මොහු එක් වෙයි. එංගලන්තයේදී දික්කසාද වී පැමිණ සිටින සයිමන් කෙටි කලකදී ලංකාවෙන් පෙම්වතියක් ද සොයාගෙන ඇත. හෙට අනිද්දා ඇයව කසාද බැඳ සයිමන් මෙහි බින්න බැසීමට ද සූදානම් වේ.

    තමන්ට සියළු රැකවරණය තිබෙන තාක් මෙම “නිකමා“ තව බොහෝ දේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් වෙනුවෙන් කරනු ඇත. ඒ එහි අභිවෘද්ධියට නොව තමාගේ අභිවෘද්ධිය වෙනුවෙනි. තිලංග ගේ හොර නඩය ආරක්ෂා වී සිටින තාක් සයිමන් ද ආරක්ෂා වනු ඇතැයි සේවකයෝ කියති.

    දයාසිරි ජයසේකර ක්‍රීඩා ඇමැතිවරයාද මේ කිසිදු දෙයක් නොදැක්කා මෙන් ඇස් පියාගෙන සිටියදී ශ්‍රී ලංකාවේ ක්‍රිකට් බංග්ලාදේශයටද පරාජය වෙමින් තව තවත් වළ පල්ලට යනු නොඅනුමානය.

    [rns_reactions]

  • මහනුවර කුණු කන්දත් අවධානම්? පදිංචිකරුවන් ඉවතට! මහවැලියත් අනතුරේ

    මහනුවර තේක්ක වත්ත කුණු කන්ද ආශ්‍රීතවද මීතොටමුල්ල කුණු කන්ද මෙන් අවධානම් තත්ත්වයක් පවතින්නේද යන්න සොයා බැලීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නිලධාරීන් කණ්ඩායමක් (23) මහනුවරට පැමිණියා.

    ඒ ආශ්‍රිතවද නිවාස ගණනවක් පවතින අතර ඒවාට කුණු කන්දෙන් ඇතිවිය හැකි හානිය පිළිබඳව මෙහිදී සොයා බලා වාර්තාවක් සකස් කිරීමට අදාළ නිලධාරීන්ගේ අවධානය යොමුව තිබෙනවා. මහනුවර,ගම්පොළ හා හාරිස්පත්තුව ආදී ප්‍රදේශ වල කුණු ටොන් ගණනාවක් දෛනිකව තේක්ක වත්තට බැහැර කෙරෙන අතර ඒ ආසන්නයේ ඇති නිවාස ඉවත් කිරීමට මහනුවර මහනගර සභාව මේවන විට පියවර ගනිමින් සිටින බවයි වාර්තා වන්නේ.

    ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නිලධාරීන් අදාළ ස්ථානය පරීක්ෂා කර තිබෙන බවත් අවධානම් තත්ත්වයක් පිළිබඳව කිසිදු දැනුම් දීමක් නොකළ බවත් නාගරික කොමසාරිවරයා පවසනවා. මහවැලි ගඟ ආසන්නයේ පිහිටා ඇති ගොහාගොඩ තේක්ක වත්ත කුණු කන්ද හේතුවෙන් මහවැලි ගඟේ ජල මූලීශ්‍ර අපවිත්‍ර වීමේ අවධානමක් පවතින බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහචාර්ය අතුල සේනාරත්න මහතා පවසයි.

    [rns_reactions]

  • අදටත් හෙළි නොවූ විසිහතර වසරක් පිරුණු ලලිත් ඝාතනය…

    ඒ මීට වසර 24 කට පෙර දිනයකි. හරියටම කිවහොත් 1993 අප්‍රේල් 21 වැනිදාය. ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණේ නායක ලලිත් විලියම් ඇතුලත්මුදලි විසින් ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවා තිබුණේ තමන්ටත් තම පක්ෂයටත් එරෙහිව ඇති මරණ තර්ජන ගැන දැනුවත් කිරීමටය. ඊළඟ ප්‍රවෘත්ති සාකච්ඡාව! අප්‍රේල් 27 වැනිදා පැවැත්වෙන බව ලලිත් තම දිනපොත දහ පහළොස් වතාවක් පෙරළා වේලාවක් වෙන් කළේ මහත් අපහසුවෙනි.

    “මොකද කරන්නේ. වෙන දවසකුත් නැහැ. දිගටම වැඩ. එහෙම නම් 27 දා 9.30 හොඳයි නේද?” ලලිත් අසන්නට විය.

    “සර් අපිට උදේ තේ දෙනවා නේද?”
    ඔව්. ඔව්. අපි තේ දෙනවා. තමුන්නාන්සේලාට අදත් තේ දෙනවා. තව මුකුත් අහන්න තියෙනවා නම් අහන්න. ප්‍රශ්න මුකුත් නැත්නම් අපි දැන් තේ බොන්නට යමු. එහෙම නම් හරි නේද? අපි නැවත හමුවන්නේ 27 දා 9.30 ටයි.

    ගත වූයේ දින දෙකකි. ලලිත්ගේ ෆලවර් ටෙරස් ගෙදරට සවස 4.00 ට නිර්නාමික දුරකථන ඇමැතුමක් ලැබුණි. ඇමතුම ගත්තේ ගෙදර මෙහෙකාරිය වූ ලෙච්චමීය.

    “ඒයි ලෙච්චමී, ශ්‍රීමතී නෝනට කියන්න හොඳට සබන් ගාලා නාගන්න කියලා. හවසට ඇතුළත්මුදලි මහත්තයගේ අවමඟුලට සහභාගි වෙන්න තියෙනවානේ.”

    රැස්වීම් කීපයක් අවිවේකීව අමතා ලලිත් එදින ආවේ මැදියම් රැයේය. දුරකථන ඇමතුම ගැන ලලිත්ගේ ප්‍රිය බිරිඳ ශ්‍රීමනී ලලිත්ට
    දැන්වූයේ චකිතයෙන් යුතුවය.

    “පාර්ලිමේන්තුවට බෝම්බ ගහපු වෙලාවේ මම සුසානයේ දොරටුවට ගිහින් ආපු කෙනෙක්. මරණයට මම බය නැහැ. මම ආරක්ෂක ඇමැති කාලේ යාපනයට යන්න හෙලිකොප්ටරයට නගින හැම වෙලේම කිව්වේ “මම යන්නේ මරණයටයි” කියලා. ලලිත් කීවේ තමන්ට ඇති මරණ තර්ජන ගැන තුට්ටුවකට නොතකාය.

    පසුදින එළඹුණේ දේශපාලන ඉතිහාසය වෙනස් කළ ඒ ඓතිහාසික දිනයයි. පොළවට එළිය වැටෙන්නටත් පෙර ලලිත් තම දියණිය වූ “සරලා”ට සමුදුන්නේ හලාවත මුන්නේස්වරම් දේවාලයට යන්නටයි. එහිදී උදෑසනින්ම සංවිධානය කර තිබූ
    පූජාවකට සහභාගි වීම ලලිත්ගේ අරමුණ විය. එය සංවිධානය කොට තිබුණේ ලලිත්ගේ දෙමළ මිතුරෙකු විසිනි.

    ලලිත්ගේ දිනපොතේ පැයෙන් පැය කතා පැවැත්විය යුතු ස්ථාන එකින් එක කැපෙන්නට වූයේ හවස් යාමය වනවිටය. අන්තිමට ඉතුරුවුණේ අලුත්කඬේ මිරානියා වීදියේ රැස්වීම සහ අවසන් රැස්වීම වූ කිරුළපන රැලියත් පමණි.

    ලලිත් ඇතුලත්මුදලි මහතා අලුත්කඬේ මංසන්දියේ මිරානියා හන්දියට එන්නේ රාත්‍රී 7.30 ට පමණය. ලලිත් එනතුරු දසදහසකට අධික පිරිසක් පොදිකකා බලා සිටියහ. ලලිත් එම රැස්වීම විනාඩි 30 කට වඩා වැඩි කාලයක් ඇමතුවේය.

    “ලලිත් ඇතුළත්මුදලි මැතිතුමනි, ඔබ ඇති තැන නැත බිය සැක“ බැනර්” අල්ලාගත් පාක්ෂිකයන්ට තම හස්ත
    මුද්‍රාවෙන් උපහාරය දැක්වූ ලලිත් තම රථයට ගොඩවූයේ කිසිදු විශේෂත්වයක් නැතිවය.

    වේලාව රාත්‍රී 8.45 බවට ඔරලෝසුවේ සටහන් වෙන්නට විය. ස්ථානය කොළඹ කිරුළපන පොදු ක්‍රීඩාංගණයේ පැවැත්වෙමින් පැවැති ප්‍රජාතන්ත්‍රවාදි එක්සත් ජාතික පෙරමුණේ රැස්වීමකි. සියල්ලන් බලා සිටියේ තම සදාදරණීය නායක “ලලිත්” එනතුරුය. වේදිකාව අමතමින් සිටි පළාත් සභා අපේක්ෂක උපුල් ධම්මික මහතා තම කතාව හමාර කළේ තම නායක ලලිත් ඇතුළත්මුදලි මහතා එන බව දුටු නිසාය.

    ලලිත් ඇතුලත්මුදලි මහතාගේ කතා වාරය එළැඹිනි. ලලිත්ගේ කතාව ආරම්භයත් සමග පළාතම දෙවනත් කරමින් ඇහෙන්නට වූයේ රතිඤ්ඤා හඬකි. රතිඤ්ඤා පිපිරවීම නවත්වන්නැයි සංවිධායකයින් යකඩ කටින් ඉල්ලා සිටින්නට විය.

    ලලිත්ගේ කතාවත් සමඟම ඇතිවූයේ විශාල වැස්සකි. වැස්සෙන් බේරීමට පාක්ෂිකයන් එකා දෙන්නා වේදිකාව යටට පැමිණෙන්නට විය. ලලිත්ගේ කතාව ඇරඹිනි. විනාඩි 10 ක් පමණ යන විට තොප්පියක් දමාගත් අවුරුදු 30 ක පමණ පුද්ගලයකුද වැස්සෙන් බේරීමට වේදිකාව අසලට සේන්දු විය. තොප්පියක් හිසේ දමාගත් ඔහුගේ කොණ්ඩය
    කොටටම කපා තිබුණි. ඔහු ලා කොළපාට ෂර්ට් එකක් සහ නිල්පාට ඩෙනිම් කලිසමක් ඇඳ සිටියේය. රැස්වීමට ලවුඞ්ස්කීපර් ඇදීමේ කොන්තරාත්තුව බාරගෙන තිබුණේ විදුලි කාර්මිකයකු වූ රජගල්ගොඩ විමල් කවින්ද්‍රය. මහේස්ත්‍රාත් පරික්ෂණයේදී ඔහුදී ඇත්තේ මෙවැනි සාක්ෂියකි.

    “වැස්සට ආවරණය වීමට මිනිස්සු වේදිකාව යටට ආවා. එක් පුද්ගලයෙකු පැමිණ මා සිටි පුටුවේ ඇන්දේ වාඩිවුණා. මිනිහා ඇම්ප්ලිෆයර් එක දිහා බලල සෙට් එක තෙමෙනවා නේද” කියල සිංහලෙන් ඇහුවා. වැස්ස පෑව්වම මිනිහා වේදිකාව දකුණු පැත්තට ගියා. එතකොට ලලිත් මහත්තය කතාව පටන් අරන් විනාඩි 10 ක් විතර ඇති. එකපාරටම සාක්කුවෙන් පිස්තෝලයක් අරන් වෙඩි තියන්න ගත්තා. පැනල යන මිනිහ ලලිත් මහත්තයාගේ ආරක්ෂකයින්ටත් වෙඩි තිබ්බා. ආරක්ෂකයෝ මිනිහට වෙඩි තිබ්බම ඇදන් වැටුණා. ඒත් මිනිහා හඹා යනකොට විදුලි වේගයෙන් පැන ගියා.”

    වෙඩි වැදුන ලලිත් ඇතුළත්මුදලි මහතා අන්තිම වචන කීපය කතා කළේ තම ආරක්ෂක නිලධාරි ශාලිල මුණසිංහ මහතා සමගය. මීට විසි හතර වසරකට පෙර ලංකාදීපයට ඔහු මේ ගැන විස්තර කර ඇත්තේ මෙසේය.

    “ඉස්පිරිතාලෙට ගෙනියද්දි මහත්තය බොහොම වේදනාවෙන් කෙඳිරි ගෑවා. එක වරක් ඇස් ඇරල බලල “ටේක් මී සූන්” කියා කිව්වා. ඒ මහත්තය කතා කළ අන්තිම වචන ටිකයි. ඉන්පස්සේ කතා කරන්න තරම් ශක්තියක් මහත්තයට තිබුණේ නැහැ. ඒත් මේ වගේ දෙයක් අපේ මහත්තයට වෙයි කියා දෙයියනේ අපි හීනෙකින්වත් හිතුවෙ නැහැ.”

    මහත්තයට වෙඩි වැදුණු ගමන් අපි එකතුවෙලා ඉක්මනින් මහත්තයා කාර් එකට දාගත්තා. මුතුබණ්ඩා මහත්තයයි, සුබසිංහ මහත්තයයි උස්සාගෙන කාර් එකේ පිටිපස්සෙන් වාඩි වුණා. මහත්තයාගේ ඔළුව තිබුණේ මගෙ ඔඩොක්කුවේ. කාර් එක වේගයෙන් කොළඹ මහ රෝහලේ හදිසි අනතුරු අංශයට ධාවනය වුණා. රීඞ් මාවත හරියේදී කාර් එකේ එක පැත්තක් පේමන්ට් එකට පැන්නා. එතකොට මහත්තයගෙ ලේ මගෙ අත පුරා බේරෙන්න ගත්තා. එච්චර ලේ යන බව මං දනගත්තෙ එතකොටයි කියූ ඔහු
    වේදනාවෙන් දෙනෙත බිමට බර කළේය.

    “මහත්තයට අමාරු විත්තිය අපට තේරුණා. ඒත් දෙයියනේ මේ වගේ දෙයක් වෙයි කියලා අපි හීනෙකින්වත් බලාපොරොත්තු වුණේ නැහැ.” යි ඔහු දිගු සුසුමක් හෙළමින් පැවසීය.

    කාර් එක විනාඩි අටෙන් ඉස්පිරිතාලෙට ගියා. ඒ යන අතරමගදී මහත්තයා “ටේක් මී සූන්” කියා කිව්වා. ඒ අන්තිම වචන ටිකයි. ඊට පස්සේ කතා කරන්න ශක්තියක් මහත්තයාට තිබුණේ නෑ. බොහොම වේදනාවෙන් කෙඳිරි ගෑවා. අපේ ඇස්වල කඳුළු පාර්ලිමේන්තු බෝම්බ සිද්ධියෙන් පස්සෙ මහත්තයා කිව්වේ “දැන් මගේ ජීවිතය අයිති මට නොවේ. මහජනතාවට කියාය. ඒ වෙලාවේ මහජනතාව පවත්වපු බෝධි පූජා ඇතුළු නොයෙකුත් ආගමික වතාවත් තමන් සුව වීමට බලපෑ බවට මහත්තයා තුළ ලොකු විශ්වාසයක් තිබුණා. ඒ නිසා එතැන ඉඳන් ජීවිතය තමන්ට අයිති දෙයක් නොවේ කියායි එතුමා හිතුවේ.

    ලලිත් ඇතුලත්මුදලි මහතාගේ කිට්ටු හිතවතකු වූයේ කුමාරවේල් මහතාය. එදා ඔහු මේ සිදුවීම විස්තර කොට ඇත්තේ මෙසේය.
    “බිම වැටෙන කොටම මම ලලිත් මහත්තයව අල්ල ගත්තා. ආරක්ෂක අංශයේ තිලක් ශාන්තටත් වෙඩි වැදුණා. විනාඩි දහයක් යනකොට අපි හදිසි අනතුරු අංශයට ආවා.” දැඩි සත්කාරයට ඇතුළු කරල විනාඩි දහයකින් විතර ශල්‍ය වෛද්‍යවරයකු තියටර් එකෙන් එළියට ඇවිල්ල ශ්‍රීමනි මැතිනියගේ සොහොයුරියට කිව්වා අන්න ඔයාට ලලිත් මහත්තයා කතා කරනවා කියලා. කාටත් පුදුමයි.”

    ඉන්පසු සිදුවූ දේ පුදුම සහගතය. ශ්‍රීමනිගේ සොහොයුරිය දැඩිසත්කාර ඒකකයට යද්දී ලලිත්ගේ ආරක්ෂකයකු උස්හඬින් කෑගසන්නට විය.

    “මොකටද බොරු
    කියන්නේ” ලලිත් මහත්තයා මැරිලා දැන් පැයකටත් වැඩියි. අපි ඇත්ත කතා කරන්න ඕනෑ. ඒකයි ලලිත් මහත්තයා කිව්වේ.” ඔහුගේ කතාවත් සමඟම රෝහල දෙවනත් විය. ජනතාව පොලිස් අණ නොතකා රෝහල කරා ඇදී එන්නට විය. රෝහල ලලිත්ගේ මරණය ප්‍රකාශයට පත් නොකළේ වියරු වූ ජනතාව රෝහලට අලාභහානි කරනු ඇතැයි සිතාය. නමුත් ඒ වන විටත් දෙස් විදෙස්
    ජනසංනිවේදන මාධ්‍ය “ලලිත්ගේ” මරණය වාර්තා කොට හමාරය.

    ලලිත්ගේ මරණය ගැන බොහෝ දෙනා ඇඟිල්ල දිගු කළේ එවකට ජනපති රණසිංහ ප්‍රේමදාසටය. රජයේ පුවත්පතක් පසුදිනම ජනපතිතුමා කම්පා වෙයි යනුවෙන් ප්‍රවෘත්තියක් පළකොට ඇත.

    ඇතුලත්මුදලි මහතාගේ මරණය ගැන අසා තමන් ඉමහත් කම්පනයට හා ශෝකයට පත්වූ බව රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා ඊයේ රාත්‍රී ශෝක ප්‍රකාශ පණිවිඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.

    එම පණිවිඩය සම්පූර්ණයෙන් මෙසේය.

    කිරුළපනේ රැස්වීමට සහභාගි වෙමින් සිටියදී ලලිත් ඇතුලත්මුදලි මහතාට වෙඩි තබා ඇති බව දැනගන්නට ලැබීමෙනුත් වෙඩි තැබීමෙන් ලත් තුවාල වලින් ඔහු මරුමුවට පත්වූ බව දැනගන්නට ලැබීමෙනුත් මම ඉමහත් කම්පාවටත්, ශෝකයටත් පත්වීමි.
    මේ ඝාතනය සාධාරණව සිතන හැම කෙනෙකු විසින්ම හෙළා දැකිය යුතු බියගුලු බිහිසුණු ක්‍රියාවකි. මේ ඝාතනය සිදුවූ ආකාරය ගැන පූර්ණ පරික්ෂණයක් පවත්වන ලෙස මම අදාළ අංශවලට නියෝග කළෙමි. ඝාතකයන් අල්ලා ගන්නට රජය තමන් සතු සියලු බලතල උපයෝගී කරගනු ඇත.

    ප්‍රජාතන්ත්‍රවාදී ජීවන ක්‍රමය ආරක්ෂා කරන අතර සාමය හා විනය යළි ස්ථාපනය කිරීම පසුගිය වසර හතර තුළදී රජයේ පරිශ්‍රමය විය. අපේ රට මෙවැනි අමිහිරි අත්දැකීම් නොමඳව විඳ දරා ඇත.

    මෙවැනි නිවට හා නීච ක්‍රියා මුලිනුපුටා දැමීමට සියලු ප්‍රජාතන්ත්‍රවාදී බලවේග එක්වීමට දැන් කාලයයි. ඇතුළත්මුදලි මහත්මියටත් ශෝකයට පත් පවුලේ සියලු දෙනාටත් හේමා ප්‍රේමදාස ආර්යාවත් මමත් අපගේ සාතිශය සංවේගය පළකර සිටිමු.
    එයින් නොනැවතුණු එවක රජය 25 වැනි ඉරිදා රජයේ පුවත්පතක ශීර්ෂ පාඨයෙන් ලලිත් ඝාතනය ඛඔඔ ගිණුමට බැර කළේ මෙසේය.

    “ඝාතකයා යාපනේ සිට ආ අප්පායි බාලක්‍රිෂ්ණන්. ලලිත්ට මරු කැඳවූ ඝාතකයා හඳුනා ගනී. මිනීමරුවා කොටි
    වෙඩික්කරුවෙක්” යනුවෙන් එහි සඳහන්ය.

    රජයේ මේ ප්‍රකාශය රට තුළ මහත් කලබැගෑනියක් ඇතිකරන්නට සමත් විය. මේ ප්‍රකාශය ගැන මුලින්ම තම විරෝධතාව පළකොට ඇත්තේ ගාමිණී දිසානායක මහතාය. එදා එම සිද්ධිය පුවත්පත් වාර්තා කළේ මෙසේය.

    “ලලිත් ඇතුලත්මුදලි මහතා ඝාතනය කිරීමේ සිද්ධිය පිළිබඳව මහේස්ත්‍රාත් පරික්ෂණය අවසන් වීමට පෙරම මුගලන් පාරේ හමුවූ මළසිරුර හිමි පුද්ගලයා ඝාතකයා යැයි ජනාධිපති ප්‍රේමදාස මහතා විසින් නම්කර ඇත.

    ඒ මහතාට එසේ කළ හැක්කේ සිද්ධිය පිළිබඳ අභ්‍යන්තර තොරතුරු ඒ මහතා දන්නේ නම් පමණි. නැත්නම් පොලිසිය දන්නා තොරතුරුවලට වඩා වැඩි තොරතුරු ඒ මහතා දන්නේ නම් පමණි. යනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ගාමිණී දිසානායක මහතා නිකුත් කර ඇති නිවේදනයක සඳහන් වේ.

    එම නිවේදනය මෙසේය.

    “ඔවුනට ඝාතකයා සොයා ගැනීමට උනන්දුවක් තිබුණේ නම් අපරාධය සිදුවූ වහාම ඔවුන් ප්‍රදේශය පරික්ෂා කර බැලිය යුතුව තිබිණි. එසේ කළා නම් සිද්ධිය සිදුවූ ස්ථානයට නුදුරු ස්ථානයක වැටී සිටි තරුණ ඝාතකයාගේ මළසිරුර ඉක්මනින්ම සොයාගත හැකිව තිබිණි.” යනුවෙන් ජනාධිපතිවරයා ප්‍රකාශ කළ බවට අප්‍රේල් 27 වැනිදා ඬේලිනිව්ස් පත්‍රය වාර්තාකොට ඇත.

    මහේස්ත්‍රාත් පරික්ෂණය තවදුරටත් පැවැත්වෙමින් තිබියදී වෛද්‍ය සාක්ෂි තවමත් ඉදිරිපත් කොට නැතිව තිබියදී මිනීමරුවා සොයාගත් බවට නිගමනය කිරීමට ජනාධිපති ප්‍රේමදාස මහතා ඉක්මන් වී ඇත.

    මෙම ඝාතනය ගැන ජනාධිපතිවරයා මෙසේ කරුණු දැක්වීම කනගාටුදායකය. මෙසේ කළ හැක්කේ ජනාධිපතිවරයා ඝාතනය ගැන අභ්‍යන්තර තොරතුරු දන්නේ නම් පමණී. නැතහොත් පොලිසිය දන්නා තොරතුරුවලට වඩා තොරතුරු ඒ මහතා දන්නේ නම් පමණි.
    මිනීමැරුමක් සිදුවූ විට සාමාන්‍ය පුද්ගලයන් අපරාධය සිදුවූ ස්ථානයෙන් ඈත්වී සිටිය යුතුය යන්න මූලික සිද්ධාන්තයකි. එසේ කිරීම සාපරාධි ක්‍රියාවකි. මෙම අපරාධය සිදුවූ ස්ථානයට (පොලිස්පති, නියොජ්‍ය පොලිස්පති වැනි) කිසිදු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු පැමිණියේද නැත.

    ලලිත් ඇතුලත්මුදලි මහතාගේ ඝාතනය නිසා ඔහුට ජාත්‍යන්තරව කොච්චර පිළිගැනීමක් ඇත්දැයි පෙන්වන කරුණක්ද එදා පුවත්පත් වාර්තාකොට ඇත. ලලිත් ඝාතනය රජයේ වැඩක් නම් ඇමෙරිකන් ආධාර නවත්වන තරමට ඇමෙරිකාවෙන් ශ්‍රී ලංකා රජයට තරවටුවක්ද කෙරුණි. ඒ නිවේදනයේ මෙසේ ඇතුළත්ය.

    ලලිත් ඇතුලත්මුදලි මහතාගේ ඝාතනයට රජය වගකිව යුතු යැයි සොයාගනු ලැබුවොත් එවැනි හැසිරීමක් මත අපගේ විදේශ ආධාර ඩොලර් ශ්‍රී ලංකාවට ප්‍රදානය නොකරන බවට එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට පණිවුඩයක් යැවිය යුතු යැයි ඇමෙරිකානු කොංග්‍රස් සභික රොබට් ජී. ටෝර් රිසෙලි මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

    ලලිත් ඇතුලත්මුදලි මහතාගේ මරණය සම්බන්ධයෙන් එක්සත් ජනපදය හා ශ්‍රී ලංකාව අතර පවතින ද්විපාක්ෂික සම්බන්ධතා පිළිබඳවද ප්‍රශ්න මතුවනු ඇත. රජය මෙම ඝාතනයට වගකිවයුතු යැයි අනාවරණය වූවොත් එවැනි හැසිරීමක් මත අපගේ විදේශ ආධාර ඩොලර් ශ්‍රී ලංකාවට ප්‍රදානය නොකරන බවත් එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට පණිවුඩයක් යැවිය යුතුය” යනුවෙනි.
    අවසානයේ සිදුවුණේ ජනපති ප්‍රේමදාසගේ නියෝගයෙන් ස්කොට්ලන්ඞ් පොලිසිය ගෙන්වීමයි.

    ලලිත්ගේ අවමඟුලට පැමිණීමට ආ ප්‍රේමදාස මහතාගේ හිතවාදීන්ට එල්ලවූයේ දැඩි විරෝධයකි. ජනපති ප්‍රේමදාස ලලිත්ගේ අවමඟුලට සහභාගි වීමට අවසර පැතූ පුවතක් ගැන අවසානයේ ප්‍රවෘත්ති ප්‍රකාශයක් නිකුත් කරන්නට පවා සිදුවී ඇත්තේ මෙසේය.
    ජනාධිපති ප්‍රේමදාස මහතා අභාවප්‍රාප්ත ඇතුලත්මුදලි මහතාගේ නිවසට යාමට කිසිවකු විසින් ඇතුලත්මුදලි මහතාගේ පවුලේ අයගෙන් කිසිම ඉල්ලීමක් නොකළ බව ජනාධිපති ලේකම් කාර්යාලය ප්‍රකාශ කරයි.

    පසුගිය 27 දා ඔබ්සර්වර් පත්‍රයේ පළවූ පුවතක් සම්බන්ධයෙන් මෙම ප්‍රකාශය නිකුත් කර ඇත.

    ජනාධිපති ලේකම් කාර්යාලයෙන් නිකුත් කළ ප්‍රකාශය මෙසේය.

    1991 දී ජනාධිපති ප්‍රේමදාස මහතා දෝෂාභියෝගයකට ලක් කිරීමේ අසාර්ථක ප්‍රයන්තයකට නායකත්වය දුන් අභාවප්‍රාප්ත ඇතුත්මුදලි මහතාට අවසන් ගෞරවය දැක්වීමට පැමිණීමට අවසරය පතා ප්‍රේමදාස මහතා විසින් කරන ලද ඉල්ලීමක් ඇතුළත්මුදලි මහතාගේ පවුලේ සාමාජිකයන් විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

    තමාට ප්‍රේමදාස මහතා එක්කොට ගෙන පැමිණිය හැකිදැයි ඇතුලත්මුදලි මහතාගේ නෑයකු වන හිටපු ජනාධිපති ජූනියස් ජයවර්ධන මහතා විසින විමසන ලද නමුත් එය අතුලත්මුදලි මහතාගේ දේශපාලන හිතවතුන්ගෙන් කෝපාවිෂ්ට ප්‍රතික්‍රියාවක් ඇතිවීමටම හේතු වේ යැයි බියෙන් එම ඉල්ලීමද ප්‍රතික්ෂේප කරන ලදයි පවුලේ සාමාජිකයෙක් කීය.” යනුවෙන් එම වාර්තාවේ ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා හා හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා සම්බන්ධයෙන් කර ඇති ඉහත සඳහන් ප්‍රකාශ ගොතා පළකරන ලද සම්පූර්ණයන්ම අසත්‍ය ප්‍රකාශයන්ය. අභාවප්‍රාප්ත ඇතුලත්මුදලි මහතාට අවසන් ගෞරව දැක්වීම සඳහා ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාට එම නිවසට යෑමට අවසර පතා ජනාධිපති ප්‍රේමදාස මහතා හෝ හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා හෝ ඔවුන් වෙනුවෙන් වෙනත් පුද්ගලයකු විසින් හෝ ඇතුලත්මුදලි මහතාගේ පවුලේ අයට හෝ ඔවුන්ගේ නියෝජිතයන්ට කිසිවකුට හෝ කිසිත් අවස්ථාවක ඉල්ලීමක් නොකරන ලද බව ස්ථීරවම ප්‍රකාශ කිරීමට ජනාධිපති ලේකම් කාර්යාලය කැමැත්තේය.

    තවද ඒ.එෆ්.පී. ප්‍රවෘත්ති උපුටා දැක්වූ “ඔබ්සවර්” ප්‍රවෘත්ති වාර්තාව සම්පූර්ණ අසත්‍යයක් බවද ජයවර්ධන මහතා විසින් ද ප්‍රකාශ කරන ලදී.

    කෙසේ වුවද ඇතුලත්මුදලි මහතාගේ ඝාතනය ගැන ඇසු වහාම ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා එම බියගුලු ක්‍රියාව හෙළා දකිමින් හා ඇතුලත්මුදලි මහතාගේ පවුලේ සාමාජිකයන්ට තමාගේ හා ප්‍රේමදාස මහත්මියගේ බලවත් ශෝකය පළකරමින් ප්‍රකාශයක්ද නිකුත් කළේය.

    කෙසේ නමුත් ලලිත් ඇතුලත්මුදලි මහතා ඝාතනය කොට දැන් කාලයක් ගතවී තිබේ. එය කාගේ ගිණුමට බැර කළ යුතු දැයි ස්කොට්ලන්ඞ්යාඞ් වාර්තාවත් නැත. ලලිත් මියගිය මොහොතේ ඔහුගේ චරිතාපදානය කළා වූ රංජිත් අමරකීර්ති ලලිත් ගැන තබා ඇත්තේ මෙවැනි සටහනකි.

    මං මැරුණ දවසක මගේ සොහොනේ මේ දේ ලියවුණොත් මට එයම ඇති.

    “මෙහි නිදන මිනිසා මිනිසුනට අසීමිත ලෙස ආදරය කළේය. මිනිස්සු ඔහුට බෙහෙවින් ආදරය කළහ.”

    ඔහුගේ ස්මාරකයේ මේ වදන් කොටා ඇත්තේ ඔහුට ආදරය කළ මිනිසුන් ඔහුගේ ඝාතන අභිරහස එළිකරගනු ඇතැයි සිතා විය යුතුය.

    මගේ උපදෙස් පිළිපැද්දනම් එතුමා අදත් අප අතර

    ලලිත්ගේ ලේකම්වරිය
    ෂර්මිලා පෙරේරා කියන කතාව

    මම අවුරුදු 18ක් ලලිත් ඇතුලත්මුදලි මහතා සමග වැඩ කළා. එතුමා රාජකීය විද්‍යාලයේ ඉගෙන ගෙන ඔක්ස්ෆර්ඞ් විශ්වවිද්‍යාලයට ගියා. එතැනින් හාවඞ් විශ්වවිද්‍යාලයට. ශිෂ්‍ය සංගමේ සභාපති වෙච්ච ප්‍රථම ආසියාතිකයා එතුමා තමයි. ආපහු ලංකාවට ආවේ 1968. ඩඞ්ලි සේනානායක මැතිතුමා අවසන් වශයෙන් පත්කළ සංවිධායකවරයා තමයි ලලිත් ඇතුලත්මුදලි මැතිතුමා. පත්වීම දෙන්න කලින් ඩඞ්ලි මළා. ඊට පස්සේ නායකයා වුණේ ජේ.ආර්. ජයවර්ධන.

    සංවිධායක ධුරය ජේ.ආර්. අතින් ගන්න යනකොට නැකතක් එහෙම බලන්නැත්ද කියල හැමෝම ඇහුවා. සමහරු කිව්වා නැකැත් විශ්වාස නැතත් රාහු කාලය පන්නන්න කියලා. එතුමා ජ්‍යොතිෂය එච්චර විශ්වාස කළේ නෑ. හැබැයි රංජන් විජේරත්න රාහු කාලය, ජ්‍යොතිෂය විශ්වාස කළා. රන්ජන් මළා කියල ආරංචි වුණාම එකපාරටම කිව්වා ඔච්චර රාහු කාල පන්නලත් රංජන්ට වෙච්ච දේ කියලා.

    දුව උපන්න වෙලාවේ “සරලා” කියා නම තිබ්බෙ ක්‍ය්රකි ක්‍්රඑැර ෘසජඑදබැරහය බලල. ඝන බැලුවේ නැහැ. එතුමා වෙලාවට වැඩ කළේ. මගුලකට අත්සන් කරන්න කිව්වොත් ඔයාගේ නැකත මගේ වෙලාව වෙන්න ඕනැ කියනවා. අත්සන් කරන්න තියෙන්නේ උදේ 8.31ට නම් හරියට 8.30 එතැන ඇති.

    එතුමා වෙළෙඳ ඇමැති කාලේ උදේ 6ට කාර්යාලයට එනවා. දුක් ගැනවිලි කියන්න එන පාක්ෂිකයින්ට වෙන වෙනම කැටගරි තියෙනවා. රැකියා, ගෙවල්, පාසල්, ස්ථානමාරු වගේ. ගෙයක් ගන්න නම් අනිවාර්යයෙන් 3 වතාවක් එන්න ඕනෑ. එතුමා රත්මලානේ රැකියා බැංකුවක් හැදුවා. මුළු රත්මලානටම රැකියා දුන්නා.

    සමාගම් පනත, වෙළෙඳ සලකුණ, බුද්ධිමය දේපළ පනත් ගෙනාවේ එතුමා. වෙළෙඳ හා නාවුක ඇමැති විදිහට පනත් 18ක් ගෙනාවා. අපනයන ගම්මාන සංකල්පයේ නිර්මාතෘවරයා එතුමා. අලුත් අමාත්‍ය ධුරයක් කවදාවත් ප්‍රතික්ෂේප කරන්නේ නෑ. ඊට අදාළ ඔක්කොම අණ පනත් අරගෙන ගිරිඋල්ල වත්තට යනවා. දවස් දෙකක් ඔක්කොම කියවනවා.

    හැත්තෑහත ඡන්දයට පෙර නායකත්වයේ දෙවෙනි පෙළ බලන්න රහස් ඡන්දයක් තිබ්බා. එක ප්‍රේමදාස, දෙක ගාමිණි, තුන ලලිත් හා හතර ඊ.එල්. සේනානායක. ඔය කියන කාලේ ලලිත් ප්‍රේමදාස විරසකයක් නම් තිබුණේ නැහැ.

    මහපොළ ආරම්භ කරනකොට කිව්වා මේකේ ඉඳිකට්ටේ ඉඳන් ට්‍රැක්ටරයක් දක්වා පාරිභෝගිකයින්ට අවශ්‍ය දේවල් තියෙන්න ඕනෑ කියලා. එතුමා මත්පැන් නැතිව කානිවල් එකක් කරන හැටි පෙන්නුවා.

    හැමෝම හිතන් ඉන්නේ 89 මැතිවරණේ අංක එක ගන්න වාසගම වෙනස් කළා කියලා. ඒක අමූලික බොරු. එතුමා ඉංග්‍රීසියෙන් නම ලියන්නේ එහෙම තමයි. එතුමා ආරක්ෂක ඇමැති වෙනකොට හිටපු 14000ක භට පිරිස 74,000 දක්වා වැඩිකළා.

    ජනාධිපතිවරණ අපේක්ෂකත්වයට රහස් ඡන්දයක් තියනකොට ගාමිණිත් ඉල්ලන්න සූදානම් වුණා. එතකොට රංජන් විජේරත්න කිව්වා මාත් ඉල්ලනවා කියලා. නමුත් අන්තිමට ලලිත්-ගාමිණි එකතුවෙලා ප්‍රේමදාස මහත්තයගේ නම යෝජනා කරල ස්ථිර කළා. ඔය මොනවා කිව්වත් ප්‍රේමදාසගේ ජයග්‍රහණයට ලලිත්-ගාමිණි බැහැලා වැඩ කළේ. සමහර රැස්වීම් තියෙන තැන්වල මිනිස්සු මරල එල්ලල තිබ්බා බය කරන්න.

    රැස්වීම්වල සිටියේ පොලිසියෙන් විතරයි. අපි ලේක්හවුස් පත්තර හෙලිකොප්ටර්වලින් ගිහින් බෙදුවේ.

    ප්‍රේමදාස ජනාධිපතිවරණයට ඉල්ලනකොට මුල්ම පෝස්ටරය ගහල දුන්නේ ලලිත් සතොස ප්‍රින්ටර්ස් එකේ. මරණ බයට ප්‍රෙස්කාරයෝ හැංඟුණා.

    මහ මැතිවරණයේදි වැඩිම ඡන්ද ප්‍රතිශතයකින් ඡන්ද 250,000/=ක් ගත් බව ජනපති ප්‍රේමදාසට දුරකථනයෙන් දන්වනකොට මාත් හිටියා.

    ප්‍රේමදාස ජනාධිපතිතුමා ඇහුවේ ඇත්තද? කියල විතරයි. එතුමාට හම්බවුණේ කෘෂිකර්ම, ආහාර හා සමුපකාර ඇමැතිකම. එතුමා කෘෂිකර්මයට පුදුම ආදරයක් තිබුණේ. ගිරිඋල්ල වත්තේ මිශ්‍ර වගාවන් කළා. කවුරුත් දන්නැතුව ඇති ලලිත් ඇතුලත්මුදලි කියන්නේ හොඳ ගොවියෙක්.

    ප්‍රේමදාස ජනාධිපතිතුමාට වැඩිම ඡන්ද උඩරටින් අරන් දුන්නේ ගාමිණි දිසානායක. පළමු කැබිනට් සංශෝධනයෙන් ගාමිණි දොට්ට දැම්මා. ලලිත් මේ කෙනෙහිලිකමට විරුද්ධ වුණා.

    මේ කලකිරීම නිසාම ලලිත්-ගාමිණී හිතවත්කමක් ඇතිවුණා. මේ අවස්ථාවේ එම්.එච්. මොහොමඞ් මහත්මයාම තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ “දෝෂාභියෝගය” ගැන පෙන්නුවේ. දෝෂාභියෝගයට මන්ත්‍රීවරු 47ක් අත්සන් කළා. අන්තිමට ඉතුරු වුණේ 10යි.
    මුලින්ම ගත්තේ මොහොමඞ්ව, ලලිත් ගාමිණී පක්ෂයෙන් නෙරපා හැරියා. නඩුමගට බැස්සම ප්‍රේමදාස ජනපති අධිකරණයටත් බලපෑම් කළා. නඩුව අහන්න හිටපු නඩුකාරයත් ගෙදර යැව්වා. ප්‍රජාතන්ත්‍රවාදි එක්සත් ජාතික පෙරමුණ බිහිවෙන්න හේතු පාදක වුණේ මේ කරුණු තමයි.

    පක්ෂ ලාංඡනේ රාජාලියා තේරුවේ ප්‍රේමචන්ද්‍ර, පක්ෂයට නම තිබ්බේ සමරවීර වීරවන්නි. 1991 සැප්තැබ්මර් ඉඳන් 1993 අප්‍රේල් 23 වෙනකම් රැස්වීම් 1640ක ලලිත් කතා කළා. අයහපත් සෞඛ්‍ය තත්ත්වය වත් සැලකුවේ නැහැ. එතුමා පත්තරවල අයත් එක්ක පුදුම මිතුරුකමක් තිබුණේ. එතුමට උදේ 5ට වුණත් කතා කරන්න පත්‍ර කලාවේදීන්ට අවසර දීල තිබුණා. වෙඩි වැදුන දවසෙ උදේ 3ට ගෙදරින් ගියේ. මුන්නේස්වරම් ගිහිල්ල ගිරිඋල්ල වත්තේදී උදේ ආහාර ගත්තා. කුරුණෑගල උසාවියේ සංවිධායකයකු අත්අඩංගුවට ගත් නඩුවකට එදා පෙනී සිටියා. දවල් ආහාර ගත්තේ කුරුණෑගල රෙස්ට්හවුස් එකේ. ඊට පස්සේ හලාවත රැස්වීම් 2ක කතා කළා. අලුත්කඬේ රැස්වීම අමතන්න තිබුණේ රාත්‍රී 7.30ට.

    මම එතකොට ෆ්ලවර් ටෙරස් ගෙදර. අපිට පොලිස් ආරක්ෂාවක් වත් ගිනි අවිවත් දුන්නේ නැහැ. ලලිත්ගේ ආරක්ෂාව භාරව හිටියේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මුතු බණ්ඩා. හැම අතින්ම මරණ තර්ජන. එදා ශ්‍රීමනී හම්බවෙන්න අමුත්තෙක් ආවා. ශ්‍රීමනී නැති නිසා මට කතා කළා. එතකොට හවස හතරට විතර ඇති. ආපු අමුත්තා කිව්වා අලුත්කඬේදී ලලිත්ට වෙඩි තියන්න නියමිතව ඉන්නවා ආරක්ෂා කරගන්න කියලා. මම එවෙලේම ආරක්ෂකයෝ එක්ක අලුත්කඬේ මිරානියා වීදියේ රැස්වීමට ගියා. වහල උඩ ඉඳන් සෙනඟ එතුමට පුදුම පිළිගැනීමක් තිබුණේ. 7.30ට ලලිත් කතා කරන්න පටන් ගත්තේ. මරණ තර්ජන ගැන එතුමා දැන සිටියා. ඒත් ඝාතකයා සුක්ෂම විදියට තර්ජනය වෙන පැත්තකට යොමු කළා.

    එතුමා ආරක්ෂාව ගැන හිතුව නම් අදත් අප අතර ජීවත්වෙනවා. පිටරට හිටපු යාලුවෝ තුන් දෙනෙක් වෙඩි නොවදින ජැකට් එවල තිබුණා. කිරුළපන රැස්වීමේ කතා කරන්න වාහනෙන් බහිනකොට ඒක ගලවල වාහනෙන් තියල බැස්සේ. ඒක සෙරමික් ගාඞ් එකක්. ටිකක් බරයි. ඒක ඇඳන් හිටිය නම් වෙඩි වදින්නේ නැහැ. හදවත ගාවට ගිය උණ්ඩය එහෙනම් වදින්නේ නැහැ.

    අපි ඔය රැස්වීම තියන්න ඉල්ලුවේ කිරුළපන මාර්කට් එක ළඟ. ඒක දුන්නේ නෑ. ඉල්ලපු පොලිස් ආරක්ෂාව දුන්නේ නැහැ. ලලිත් කතා කරන්න විනාඩි 5 කට කලින් ලයිට් කැපුවා. අපේ රැස්වීම ඒ ග්‍රවුන්ඞ් එකේ තියපු මුල්ම හා එකම රැස්වීම. එතුමා අභියෝගවලට බයවුණේ නැහැ. ඊට කලින් දෙහිවල රැස්වීමේ ස්පීකර් පර්මිට් නැවත්තුවාම මෙගා ෆෝන් එකක් අරන් වේදිකාවේ කතා කළා.
    ලලිත් මැරුවේ කියල අදටත් තීන්දුවක් නැහැ. නඩුවක් පවරපු කෙනෙකුත් නැහැ. මාව මැරුවොත් ප්‍රේමදාස තමයි කියල නිතරම කිව්වා. මේ හින්දම තමයි ලලිත් ඝාතනයෙන් පස්සේ ප්‍රේමදාස මහත්තයා කිරුළපන රැස්වීමේදී කිව්වේ මාව මරා දැම්මත් මගේ චරිතය ඝාතනය කරන්න එපා කියලා.

    1993 සිංහල අවුරුද්ද දවසේ ලලිත් ශ්‍රීමනියි සරලයි එක්ක ගෙදර හිටියේ. කොහේවත් ගියේ නැහැ. ඒක තමයි සමරපු අන්තිම අලුත් අවුරුද්ද. අප්‍රේල් 16 වැනිදා මහරගම රැස්වීමක් තිබ්බා. මම එදා එතුමට කිව්වා ආරක්ෂාව ගැන හිතන්න. හවස හයෙන් හතෙන් පස්සේ අඳුර වැටුනම රැස්වීම්වල කතා කරන්න එපා කියලා. මම ෆල්වර් ටෙරස් ගෙදරට එන ගමන් රණ්ඩු වුණා. රෑට රැස්වීම්වල කතා කරන්න එපා කියල. අපේ පක්ෂය පිබිදීගෙන ආවේ. පළාත් සභා ඡන්දෙ අපි මුහුණදීපු ප්‍රථම ඡන්දේ. ඒකෙදි අපිට මන්ත්‍රී ධුර 54ක් ලැබුණා. ලලිත් එක්ක ඊළඟ මහ මැතිවරණයට ගියා නම් ශ්‍රී ලංකා එකත් එක්ක එකතුවෙලා අනිවාර්යයෙන් හවුල් ආණ්ඩුවක් හදන්න තිබුණා.

    එතුමා මිය ගිහින් ලබන 23 වැනිදාට අවුරුදු 24ක්. අපි අවුරුදු 24ක් නොකඩවා අප්‍රේල් 23 එතුමා ඝාතනය කළ දිනේත් නොවැම්බර් 26 වැනිදා එතුමාගේ උපන් දිනයදිත් ලේ දන්දීමක් සංවිධානය කරල සාංඝික දානයක් දෙනවා. එතුමා නැති අඩුව එදාට වැඩිය දැනෙන්නේ අද. එතුමා ආරක්ෂාව ගැන කියනකොට හිතුවේ රටේ ආරක්ෂාව. එතුමා තමන්ගේ ආරක්ෂාව ගැන හිතුවා නම් අද මේ රටේ ගමන් මග මීට වැඩිය වෙනස් මඟකට ගිහින් ලංකාව ජාත්‍යන්තරව උසස්ම තැනකට ගෙන එන්නට එතුමාට හැකියාව තිබුණ බව ඒකාන්ත සත්‍යයක් බව මගේ මතයයි.

    [rns_reactions]

  • කටවරද්දගත් එතනෝල් ජොනිගේ මහා පරිමාණ හොරකම් යලිත් කරලියට…

    මහින්ද රාජපක්ෂ පරාජය විමට ප්‍රධානතම හේතුව වුයේ ඔහුට එල්ල වු දුෂණ චොදනා බව නොරහසකි.මහින්ද ඉලක්ක කර එවකට විපක්ෂය දුෂණ,වංචා සම්බන්ධයෙන් ගල් වලින් දමා ගසද්දි එවා වැදුනේ එම හොරකම් වලට සම්බන්ධ වුවන්ට වුවද රටේ ජනතාව දැක්කේ මහින්ද පමණි.දැන් මහින්ද පරාද වි හමාරය පරාද වු මහින්දටද දැන් හොරු නැතුවම බරිය.මහින්දට ඇයි හොරු නැතුවම බැරි කියා මේ අවුරුදු දෙකක කාලය තුල අහපු පුද්ගලයන් ගණන හරියටම මතක නැත.අහපු කිසිවෙකුටත් හරි උත්තරයක් නොලැබුන බව නම් අමුතුවෙන් කියන්නට අවශය නැත…. එක්කෝ මහින්දට හොරු නැතුව බැරිය…නැත්නම් හොරුන්ට මහින්ද නැතුව බැරිය….දෙකෙන් මොක උනත් අන්තිමට තනියම හොරා යැයි කර ගහන්නට වන්නේ මහින්දට පමණී.

    හිටපු වෙළද අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු.. යහපාලනයට අනුව නම් ඔහු සිටින්නට සුදුසුම තැන බන්ධනාගාරයයි.නමුත් මුදල් අමාත්‍ය රවි කරුණානායකගේ පුද්ගලික සහායිකා සැන්ඩ්‍රා පෙරේරා,අග්‍රාමාත්‍ය පෞද්ගලික ලේකම් සුදත් චන්ද්‍රසේකර,තලතා අතුකෝරළ අමාත්‍යවරිය,සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම, සහ එජාපයේ තවත් කිහිප දෙනෙකු සමග ඇති ඩීල් නිසාම ජොන්ස්ටන්ට බන්ධනාගාරවල දොරටු වැසි ඇති බව රටේ ජනතාව දැනගත යුතුම කරුණකි.

    ජොන්ස්ටන්ගේ අනිත් අනියම් ප්‍රේමය නම් වු රූකී

    ජොන්ස්ටන් -සමිතා ආදර අන්දරය ගැන රටේ මිනිසුන්ට අමුතුවෙන් කියාදියයුතු නැත.සමිතාගේ පුතා දැක්ක ගමන් ඒ කතාව ටක්කෙටම තේරුම් ගත හැක.ඒ සමිතාය සමිතාට අමතරව ජොන්ස්ටන්ගේ බිරිඳට අමතර අනිත් ප්‍රේමය නම් රූකීය.මේ ලගදී දවසක ජොන්ස්ටන් රූකී සමග පවසා ඇත්තේ …තමන් හැම මාසයකම මහින්ද මහත්තයාට රුපියල් කෝටි 10ක මුදලක් ලබාදෙන බවත් ඒම මුදල් වලින් මහින්ද මහත්තයා ජිවත් වන් බවත්‍ ය.මහින්දට කෝටි 10ක් දෙනවාද? නැද්ද යන්න දන්නේ මහින්දම පමණි.ඇතැම් විට එහි ඇත්තෙ නැත්ත ඉදිරියේදි අපට දැන ගැනිමට හැකිවනු ඇත.

    ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට අයත් වයඹ ඩිස්ටලරිස් සමාගමේ ව්‍යාපර කටයුතු සිදුකරමින් පවතින්නේ ජොන්ස්ටන්ගේ සම්බන්ධීකරණ ලේකම්වරයකුව සිටී ක්‍රිෂාන්ත කපුවත්ත නැමැත්තා වන අතර ක්‍රිෂාන්ත කපුවා අද ඉනේ මුදල් අමාත්‍ය රවි සමග බව දන්නෝ දනිති. ක්‍රිෂාන්ත ගානට මිම්මට ජොන්ස්ටන්ගේ අරක්කු ටික ආරක්ෂා කරදිමට කටයුතු කරමින් සිටි.කපුවාට අයත් නරිතා ට්‍රේඩින් කොම්පැණි නම් වාහන අමතර කොටස් ගබඩා කරන ආයතනය ජොනීගේ අරක්කු වලට ආරක්ෂාව දෙන සහ එම ව්‍යාපාර සාර්ථක කරන මධ්‍යස්ථානය යැයි කිවත් වරදක් නැත.

    සතයක් අතේ නොතිබුනි ජොනී “ජොනී පනී” කියා නමක්ද හදාගෙන ජොන්ස්ටන් එජනිසයට පැන්න තර එවකට ජොනිට පනින්න වාහානයක් පවා නොතිබුන අවස්ථාවක වාහනයක් සපයා දුන්නේ පහුගිය කාලයේ වැඩිපුරම නම කියවුන ඇවන්ගාඩ් අයිතිකරු වු නිශ්ශංක සේනාධිපතිය.ඒ වනවිටත් ජොන්ස්ටන්ගේ පුතා මහින්දගේ පුත් නාමල්ගේ හොදම මිතුරෙකි.ඒ මිතුරුකම ගානට පාවිච්චියට ගත් ජොනී මහින්දට ලංවුයේ ඉතාමත් ලේසියෙන්මය.

    ජොනීගේ නමට නැති.. නමුත් ජොනීගේ වත්කම්

    >වයඹ ඩිස්ටලරිස් සමාගම කෝටි 300

    >ඇලහැර අක්කර 50ක මැණික් ඉඩම දෛනිකව මැණික් හැරිමේ කටයුතු වෙමින් තිබේ. වටිනාකම කෝටි 50ක් පමණ
    නුවරඑළියේ තේ ඉඩම වටිනාකම කෝටි 50 ඉක්මවයි

    >කොල්ලුපිටියේ අමරාවතී රෙස්ටුරන්ට් වටිනකම කෝටි 100ක් වන අතර එහී පරිපාලනය ජොනීගේ අනියම් බිරිදක් වන රූකී නැමත්තිය මෙහෙයවනු ලබයි.

    >කොළඹ කොටුවට ආසන්නයේම පිහිටි Sea Fish Restaurant වටිනාකම් කෝටි 100ක් ඉක්මවයි.

    >කවුරුත් දන්නා V fm නාලිකාව කෝටි 30ක් පමණ

    >Havelock City නිවාස 4ක අයිතිය වටිනාකම කෝටි 16ක් පමණ

    >කොම්පඤ්ඤවිදියේ නවලෝක රෝහල අසල ලිලී මාවතේ ඉදිවෙන විශාල හෝටලය වටිනාකම කෝටි 100ද ඉක්මවා තිබේ.

    සමිතාට නාවලින් දුන් කෝටි ගණනක් නිවස,අදටත් සමිතා ඇතුලු පවුලේ අය භාවිතා කරන වාහන 7 පමණක් නොව සමිතාගේ පුතාට ජොනී පියා දි තිබේන ආරක්ෂකයින් ඒ සියල්ලම ජොනීගේ සල්ලිය.ඒ හා සමාන ප්‍රමාණයක් රූකිටද දි තිබේන අතර මේ ලගදි දවසක කොළඹ පැවැති ප්‍රිය සම්භාහනයකදි ජොනී තමන්ගේ කසාද බිරිද,සමිතා,රූකී එකම මෙසයක ඉදගෙන සිටින්නට තරම් ජොනී වාසනාවත්ත වුයේ සල්ලි වල ඇති බලය නිසාමය…එම උත්සවයට පැමිණි සිටි ශ්‍රීලනිපයේම ජ්‍යෙෂ්ඨයෙකු තවත් මන්ත්‍රීවරයෙකුට ජොන්ස්ටන් පෙන්වා පවසා ඇත්තේ “ජොනී පනී ” කිව්වාට ගැණුන්ව දාලා නම් ජොනීට පැනලා යන්න හම්බ වෙන්නේ නෑ යැයි කියා ..කොක් හඩලා සිනාසී තිබේ.

     

    ජොනීගේ බාර් සංග්‍රාමය……….

    ජොනීගේ බාර් ගණන ජොනී හැරෙන්නට වෙනත් අයෙකු නොදන්නවා විය හැක මන්ද ඒ තරමට ජොනී බාර් වලට හිමිකම් කියන නිසාය.දන්නා ප්‍රමාණයට ඔහුට අයත් බාර්ගණන 16කි සමාන්‍යයෙන් එක් බාර් එකක වටිනාකම කෝටි 15ක් පමණ වන අතර ඒ වාගේ 16ක මිල සදා ගැනිම අපහසු නොවනු ඇත.

    කඩුවෙල,කුරුණෑගල,හැටන්,කොළඹ ප්‍රදේශ කිහිපයක මේ බාර් පවත්වාගෙන යන අතර කොළඹ ප්‍රසිද්ධ තරු හොටල් වලට රට බිම අදටත් බෙදාහැරීම සිදු කරනුයේ ජොන්ස්ටන් හරහාය. මිට අමතරව රටපුරා අරක්කු විකුණන ස්ථාන 100කට වඩා ජොනී පවත්වාගෙන යන බව දන්නෝ දනිති.

    ජොන්ස්ටන් සල්ලි හොයාගත් අකාර රැසක්ම තිබේ එයින් පලමු වැනි ක්‍රමය නම් වෙළද අමාත්‍යවරයා වි සිටින සමයේ සිමෙන්ති මෙන්ම කිරිපිටි මිළ වැඩිකිරිම් සම්බන්ධයෙන් වු මෙහෙයුම් වලදි එම ආයතන වලින් මිලියන ගණනින් කප්පම් ලබා ගැනිමයි.ඇතැම් විට එම කප්පම් මුදල මිලියන 50ත් -100ත් වන අතර වන අතර කප්පමේ හැටියට මිළ වෙනස් කිරිමට එදා ඇමතිවරයාට බලය තිබුන අතර ඒ සදහා විවිධ උපක්‍රම භාවිතාකර තිබේ.

    හිටපු අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහිව අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසම විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු 05ක් ගොනු කර තිබේන අතර 2010 වසරේ සිට 2014 වසර දක්වා වත්කම් බැරකම් ප්‍රකාශ ලබා නොදීමේ චෝදනා යටතේ ඔහුට එරෙහිව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩුවක්ද ගොනු කිරිමට කොමිසම කටයුතු කර තිබේ.එම නඩුවට අනුව ජොනීට සිය මන්ත්‍රී ධුරයද අහිමිවීමට ඉඩ පැදුන අතර යහාපාලන ඩීල් නිසාම තවමත් මන්ත්‍රීධුරය ඔහු සතුවම පවතී.කොමිසම නඩු පවරා ඇත්තේ වත්කම් ප්‍රකාශ නොකිරීම සම්බන්ධයෙනි නමුත් පරීක්ෂණ සිදුවෙමින් ඇත්තේ වෙනත් දුෂණ චෝදනා පිළිබදවය ඒ හරහා ජොනී ගොඩගියේය.

    රාජිත සේනාරත්න මහතා 1995දි මන්ත්‍රී ධුරය අහිමි වුයේ මන්ත්‍රීවරයකුව සිටියදී රජය සමග ව්‍යාපාරික කටයුතුවල යෙදීමේ චෝදනවකටය . ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එල්ලවන චෝදනා වඩා බරපතළ වුවත් ඩිල් ඊට වඩා බලවත් නිසා වැඩේ ගොඩ ගියේය.
    අමාත්‍යවරයාව සිටි කාලයේ දී සතොසෙන් රුපියල් ලක්ෂ පනහක පමණ වටිනාකමක් ඇති භාණ්ඩ තොගයක් ගෙන ඊට අදාළ ගෙවීම් පැහැර හැරීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගැනීමට මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට කැඳවා පැය පහක පමණ ප්‍රකාශයක් ලබා ගැනීමෙන් පසු ජොනීව අත් අඩංගුවට ගත් අතර දින කිහිපයක් බන්ධනාගාරයේ සිටි ඔහු සිය පවු යහපාලනට කියා සොදා ගත්තේ කාගෙ කාගෙත් හිත් නොරිදෙන ලෙසය.

    සමූපකාර හා අභ්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍ය ජොන්ස්ටන් අධ්‍යපන සේව නියුක්තිකයන්ගේ සමූපකාර සකසුරුවම්කම සහ ණය දෙන සමිතිය හෙවත් ගුර ගෙදර ට සිදු කරන තිබෙන කෝටි ගණනක වංචා, දුෂන සහ මුදල් අක‍්‍රිමිකතාවයන පිළිබඳව සාක්ෂි සහිතව පැමිණිලි තිබේ. නීතිවිරෝධී අතුරුපාලක මණ්ඩලයක් පත් කර ඒ හරහ ජොනස්ටන් ප‍්‍රනාන්දු ඇමතිවරයා විසින් මෙම ආයතන පාලනය ඔහු අතට ගෙන විශාල වශයෙන් වංචා දුෂණ සිදු කර ඇති අතර ගුරුවරු ඇතුළු 1 40 000 වැඩිය සමාජිකත්වයක් ඇති මෙම ආයතනය නමින් කෝටි ගණනක් වටිනා ඉඩම් මිලදී ගනිමින් සිදු කර ඇති බර පතල මූල්‍ය වංචා ද, කෝටියකට වැඩි වටිනා වාහන ද මිල දී ගනිමින් විශාල ලෙස මුදල් කාබාසිනියා කර තිබේ.

    [rns_reactions]

  • මීතොටමුල්ල ඛේදවාචකය පිළිබඳ ජපාන විශේෂඥ කණ්ඩායමේ වාර්තාව ජනපතිට භාරදෙයි ….

    මීතොටමුල්ල කසළ කන්ද ඛේදවාචකයට හේතු වූ කරුණු සහ එවැන්නක් යළිත් සිදුවීම වැළැක්විමට ගත හැකි පියවර නිර්දේශ කිරීම සඳහා පැමිණි ජපාන විශේෂඥ කණ්ඩායම සිය වාර්තාව අද (24) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේ දී ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා වෙත භාරදුන්නේ ය.

    නියෝජිත පිරිසේ ප‍්‍රධානියා වන Mitsutake Numahata මහතා විසින් එම වාර්තාව ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීමෙන් පසු සිය නිර්දේශ පිළිබඳ පැහැදිළි කිරීමක් ද සිදු කළේය.

    මෙම ගැටලුව විසඳීම සඳහා කෙටිකාලීන පියවර වශයෙන් කසළ කන්දේ පදනම සවිමත් කර පොලිතින්වලින් වසා දැමීම සහ ඉදිරි වාර්ෂා කාලයට පෙර කසළ කන්දේ පිහිටීම කන්දක හැඩයට නිර්මාණය කර ගුරුත්වාකර්ෂණයට අනුකූල ලෙස සම්පාදනය කිරීම පෙන්වා දෙන ලදී.

    කසළ කන්දේ ප‍්‍රමාණය ක‍්‍රමයෙන් අවම කර ප‍්‍රතිචකී‍්‍රකරණය, බලශක්ති උත්පාදනය සහ කාබනික පොහොර නිෂ්පාදනය සඳහා උපයෝගි කර ගැනීම දීර්ඝකාලීන නිර්දේශ ලෙස ඉදිරිපත් කරනු ලැබීය.

    මෙම ඛේදවාචකය සිදුවී ඉතා කෙටි කාලයක් තුළ මෙරටට පැමිණ පුළුල් අධ්‍යයනයක් සිදුකර වාර්තාවක් භාරදීම පිළිබඳ මෙහිදී ජනාධිපතිතුමා නියෝජිත පිරිස වෙතත්, ජපාන රජය වෙතත් සිය ස්තූතිය පිරිනැමීය.

    මෙහිදී අදහස් දැක්වූ ජපාන නියෝජිත පිරිසේ ප‍්‍රධානිය පෙන්වා දුන්නේ 1960 දී ජපන් ජනතාවද කසළ කඳු පිළිබද විරෝධය පළකිරීමත් සමග එම ගැටලුව නිරාකරණය කර ගැනීමට ගත් පියවර සම්බන්ධයෙන් ජපානය සතු මහඟු අත්දැකීම් ශී‍්‍ර ලංකාවට ද වැදගත් වනු ඇති බවයි.

    මානූෂිය ඛේදවාචකයක් වූ මීතොටමුල්ල සිදුවීම දේශපාලන ප‍්‍රශ්නයක් බවට පත් කරගෙන තිබෙන බව ද ජනාධිපතිතුමා මෙහිදී සඳහන් කළේය.

    ශී‍්‍ර ලංකාවේ කසළ ගැටලුව විසඳීමට ජපන් රජයේ සහය අපේක්ෂා කරන බව ද ජනාධිපතිතුමා පැවසීය.

    [rns_reactions]

  • ජාතිය ගොඩනගනවා කියු එස්.එෆ් ලොක්කා හොරකමකට මාට්ටු – පොලිසියෙන් සොයයි..

    අනුරාධපුර නගරයේ රාත්‍රී සමාජ ශාලා හිමිකරුවකු ඝාතනය කිරීම ඇතුළු චෝදනා කිහිපයක සැකකරුවකු වන ඉරෝන් රණසිංහ නොහොත් එස්.එෆ් ලොක්කා නමැත්තා පසුගියදා වීඩියෝවක් ප්‍ර‍සිද්ධ කරමින් පැවසුවේ රට සහ සිංහල ජාතිය වෙනුවෙන් පෙනී සිටිනා බවය.

    එම ජාති මාමකයා ලීසින් සමාගමක් විසින් වාරික ගෙවීම පැහැර හැර තීබූ වාහනයක් රැගෙන යම්න් සිටියදී එය පැහැරගෙන ගොස් සඟවා තිබියදී හසුව තිබෙනවා.

    ලීසින් සමාගමක් විසින් අත්පත්කර ගෙන කොළඹ පිහිටි මූල්‍ය ආයතනයට ගෙන යමින් තිබියදී ටියුෂන් ගුරුවරයෙකුගේ කොන්ත්‍රාත්තුවක්මත බලහත්කාරයෙන් පැහැරගත් සුඛෝපොභෝගී ජීප් රථය මිහින්තලය පොලිස් වසමේ කුරුන්දන්කුළමේ පිහිටි නිවසක සගවා තිබියදී අනුරාධපුර මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිළධාරීන් විසින් ඊයේ (23) රාත්‍රීයේ මෙසේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    පසුගිය (21) වනදා සවස අනුරාධපුර පැරණි පූජා නගරයේදී මල්අතු පටුමග ප්‍රදේශයේදී සුදුවෑන් රථයකින් පැමිණි එස්.එෆ්. ලොක්කා ඇතුළු මැරයන් තිදෙනෙකු ලිසිං සමාගමේ අත්පත්කර ගැනීමේ නිලධාරීන් විසින් අත්පත් කරගැනීමෙන් අනතුරුව කොළඹට ගෙනයමින් තිබූ රුපියල් කෝටී එකහමාරක් පමණ වටිනා ජීප් රථය පැහැරගෙන තිබෙන අතර රථය පැහැර ගැනීමෙන් අනතුරුව එස් .එෆ් ලොක්කා විසින් රථය ටියුෂන් ගුරුවරයා වෙත බාරදී තිබෙනවා.

    ටියුෂන් ගුරුවරයා විසින් එස්.එෆ්. ලොක්කාට ලබාදුන් රුපියල් ලක්ෂයක කොන්ත්‍රාත්තුවක්මත රථය පැහැර ගැනිම සිදුව තිබෙන බව පොලිසිය අනාවරණය කරගෙන තිබෙන අතර පොලිස් භාරයට ගත් සැකකාර ටියුෂන් ගුරුවරයා පොලිසියට පවසා ඇත්තේ ලීසින් සමාගම රැගෙන ගිය රථය පැහැර ගැනීම සදහා කිසිදු කොන්ත්‍රාත්තුවක් ලබා නොදුන් බවය.

    රථය පැහැර ගැනීමෙන් අනතුරුව පොලිසියට බියෙන් පළාගොස් සැගව සිටින එස්.එෆ්.ලොක්කා ඇතුළු පිරිස අත්අඩංගුවට ගැනීම සදහා අනුරාධපුර මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශය වැඩිදුර පරික්ෂණ සිදුකරයි.

    [rns_reactions]

  • රට ගිණිතියන්න පච හලන තුම්මුල්ලේ විමලෙට තවත් චෝදනාවක්…

    මහජනයාට හිරිහැර වන පරිදි කොළඹ බෞද්ධාලෝක මාවතේ උද්ඝෝෂණයක් සංවිධාන කළ බවට චෝදනා එල්ල වූ  විමල් වීරවංශ ඇතුළු හත් දෙනෙකුට අධි චෝදනා ගොනු කෙරුණා. 

    ඒ, කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත්වරයා කුරුඳුවත්ත පොලිසියට අද කළ නියෝගයකට අනුවයි. 

    ඒ අනුව සිද්ධියට අදාළ නඩුව සැප්තැම්බර් මස 18 වනදා කැඳවීමට නියමිතයි. 

    එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් සෙයිඞ් අල් හුසේන් කුමරුගේ ශ‍්‍රී ලංකා සංචාරයට එරෙහිව විමල් වීරවංශ ඇතුළු පිරිස මෙම උද්ඝෝෂණය සංවිධාන කර තිබුණා. 

    [rns_reactions]

  • කොරියාවෙන් නිකං දෙන්න හදපු මැෂිමටත් කොමිස් ඉල්ලුවා – සෝලංගආරච්චි සියල්ල හෙලිකරයි…

    කොලොන්නාව කුණු කන්ද සමගින් තමන්ට එල්ල වු චෝදනා වලට ප්‍රසන්න සෝලංගආරච්චි ආන්දෝලනාත්මක හෙලිදරවුවක් සිදුකර ඇත. එහිදි ඔහු පවසා ඇත්තේ කුණු කන්ද පවතින්නේ කොලොන්නාව නගර සභා සිමාව තුල බවත් එයට තමන් සභාපති ලෙස කටයුතු කල කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශිය සභාවටද එහි සැලකිය යුතු බලපෑමක් තිබු බවයි.

    තමන් මහින්ද රජය පැවැති සමයේ එනම් 2005දි තමන්ට පරිත්‍යාගයක් ලෙස ලැබුණු කුනු දහණය කරන යන්ත්‍රයක් ලංකාවට ගෙන ඒමට කටයුතු සංවිධානය කල බවත් එවක රජයට සම්බන්ධ එක්තරා පුද්ගලයෙක් අදාල සමාගමට මේල් පණිවිඩයක් යොමුකර කොමිස් ඉල්ලා ඇති අතර අවසන එම ක්‍රියාවේ ප්‍රතිඵලයක් ලෙස එම යන්ත්‍රය වෙනත් රටකට හිමිවු බවද සෝලංගආරච්චි පවසයි.

    2013 වසරේදි නැවතත් තමනට නොමිලේ ලැබුණු කුණු දහනය කිරිමේ මැෂිම එවකට නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරින් විසින් යම් ප්‍රබලයෙකුගේ නියෝගය පරිදි දිගින් දිගටම ඉඩම් ලබානොදි ප්‍රමාද කල අතර අවසානයේ ජපානයෙන් නියෝජිත පිරිසක් ලංකාවට ගෙන්වාගෙන මෙම ගැටලුව පිළිබදව ව්‍යාපෘතියක් ජනාධිපතිතුමාට ලබාදුන්නද එයද මේ වනවිට ඇනහිටි ඇති බව ඔහු පවසයි..

    මෙම තත්වය පිළිබදව තමන් ඉතා කණස්සල්ලට පත්ව සිටින අතර සමහරක්ට අවශ්‍ය මෙම ප්‍රශ්ණය විසදනවාට වඩා මෙය විකුණගෙන කෑම පමණයි. කොළඹ කුණු එපා කියලා සමහරක් දැගලුවට කොළඹ තියෙන්නේ කොළඹ කුණු වලට වඩා කොළඹින් පිට කුණු. අපි ඒ තත්වය වටහාගන්න අවශ්‍යයි. මාධ්‍ය සංදර්ශණ අවශ්‍ය නෑ. කෙසේ හෝ මෙම ගැටළුව විසදිමයි මගේ ඉලක්කය.

    සමහරක් කියනවා මම මිතොටමුල්ලේ හිටියේ නෑලු.. පොඩ්ඩක් හොයලා බලන්න.. මම එතන හිටියා මිනිස්සු එක්ක.. මට කැමරාව වැඩක් නෑ. මිනිස්සුන්ට වැඩකරන්න මාධ්‍ය සංදර්ශණ අවශ්‍ය නෑ.. අසරණ ජනතාවට පිහිටක් වෙන්න සෝලංගආරච්චි සුදානම්.

    [rns_reactions]

  • තෙල් ඇමති වැඩ වර්ජකයින් හමුවන සාකච්ඡාව අද සවස…

    ඛණිජ තෙල් වෘත්තීය සමිති එකමුතව සහ විෂයභාර අමාත්‍ය චන්දිම වීරක්කොඩි අතර අද (24) පෙරවරුවේ පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡාව දෙපාර්ශවයේම එකඟතාව මත පස්වරුව දක්වා කල් දමා තිබෙන බව අපට වාර්තා වේ…

     [rns_reactions]

  • දන්න දේවල් කියන්න කෝප් කමිටු හිටපු ලොක්කා අද මාධ්‍ය ඇමතිමට සුදානම්..

    බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත් කෙරුණු ජනාධිපති කොමිසම හමුවේ තමන් අද (24) දිනයේ පෙනී සිටින්නේ කිසිදු කැමැත්තකින් නොවන බව හිටපු කෝප් කමිටු සභාපති ඞ්ව් ගුණසේකර පවසනවා. 

    අප කළ විමසීමක දී ඔහු සඳහන් කළේ කොමිසම හමුවට පැමිණ සාක්ෂි ලබාදෙන ලෙසට ලැබුණු දැනුම් දීමකට අනුව තමන් ඊට සහභාගී වන බවයි. 

    සාක්ෂි ලබාදීමෙන් පසු මාධ්‍ය හමුවේ විශේෂ ප‍්‍රකාශයක් සිදු කරන බවද හිටපු කෝප් කමිටු සභාපතිවරයා සඳහන් කළා. 

    මහ බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කෙරුණු ජනාධිපති විමර්ශන කොමිසන් සභාව අද සිය කටයුතු යළි ආරම්භ කරනවා. 

    ඒ, අලූත් අවුරුදු නිවාඩු සමය අවසන් වීමෙන් පසුවයි. ඒ අනුව අද දිනයේ දී හිටපු කෝප් කමිටු සභාපති ඩිව් ගුණසේකර සාක්ෂි ලබාදෙනු ඇති. 

    හෙට දිනයේ දී වත්මන් කෝප් කමිටු සභාපති සුනිල් හඳුන්නෙත්ති සහ අනිද්දා දිනයේ දී කෝප් කමිටු සාමාජික නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා කොමිසම හමුවේ සාක්ෂි ලබාදීමට නියමිතයි. 

    [rns_reactions]

  • රට පුරාවට එජාප පාක්ෂිකයින් මැයි දින වර්ජනයක – අළු යට ගිණි කරලියට…

    එක්සත් ජාතික පක්ෂය විසින් පාක්ෂිකයන් අසරණ කර ඇති බවත් එම පාක්ෂිකයන් වෙනුවෙන් මෙවර මැයි දිනය වර්ජනය කරන මෙන් සියළුම පාක්ෂිකයන්ගෙන් ඉල්ලමින් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල චරිත රැසක් මෙවර මැයි දිනය වර්ජනය කිරිමේ සුදානමක සිටින බව අපට වාර්තා වේ…

    පළාත් සභා නියෝජිතයින් මෙන්ම පලාත් පාලන නියෝජිතයින් රැසක්ද පක්ෂ නායක රනිල් වික්‍රමසිංහයන්ට එරෙහිව මෙම ක්‍රියාමාර්ගයට එලැඹි බව අපට වාර්තා වේ. කොළඹ දිස්ත්‍රික් එජාප ප්‍රබලයෙක් මහනුවර පැවැත්වෙන නිදහස් පක්ෂ මැයි දින රැලියට එක්වෙන ලෙස තම පාක්ෂිකයන්ට පත්‍රිකා බෙදා ඇතියිද සදහන්..

    [rns_reactions]

  • අවුරුද්දක දරුවාට බෙන්ස් කාර් එකක් දුන්න අපේ කාලේ දේශපාලනඥයා..(video.photos)

    හිටපු අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතාගේ දියණියගේ කුඩා දියණිය වන ජොවීන්‍යා (Jovinya) මාරසිංහ පසුගිය දා ඇගේ පළමු උපන්දිනය සමරනු ලැබූවා.

    ඒ වෙනුවෙන් ඇගේ දෙම්පියන් බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටලයේ සූදානම් කල උපන්දින සාදයේ ජායාරූප මේ වන විට සමාජජාල වෙත නිකුත් වී තිබේ.

    පුංචි ජොවීන්‍යාගේ උපන්දින තෑග්ග උනේ රුපියල් කෝටි 4 පමණ වටිනා නවතම නිල් පැහැති බෙන්ස් කාර් රථයක්!

    එසේම සුරංගනා කතා තේමාවකට අනුව සකස් කල මෙම සාදය වෙනුවෙන් ඉතා විශාල මුදලක් වැය කර තිබෙනවා.

    මෙම අවස්ථාවට කුඩා නොවීන්‍යාගේ සීයා වන හිටපු අමාත්‍ය ප්‍රියංකර ජයරත්න සහ පවුලේ හිතවතුන් රැසක් සහභාගී වී සිටියා.

    කෙසේ නමුත් රටේ එක් කොටසක මිනිසුන් කසල කන්දකට යටවී මියයද්දී සහ එදා වෙලා හරි අමාරුවෙන් හොයා ගනිද්දී තවත් පසෙක දේශපාලකයන් මෙසේ සුරංගනා ලෝකවල ජිවත් වීම කොතරම් සාධාරණද?

    කෙසේ වෙතත් දේශපාලකයන් මෙම තත්වයට පත් කරන්නට මහන්සි වෙන්නෙත් අහිංසක ජනතාවම බවද මතක තබා ගතයුතු වැදගත්ම කරුණකි…!

    [rns_reactions]

  • පියුමි හංසමාලි ඇලේ කොල්ලෙක් එක්ක නාන වීඩියෝවෙන් බුකිය රත්වෙයි…

    සමාජජාල තුළපුවත් මවන පියුමි හංසමාලි තම මිතුරු මිතුරියන් සමග ඇලක බැස සතුටුවන වීඩියෝවක්  ෆේස්බුක් එකට එක්කර තිබෙනවා.

    මේ ගැන පියුමිගේ ෆේස්බුක් ගිණුමට විවිධ අදහස් පළ කර තිබූ අතර වැඩිපුරම එහි දැක්වුනේ පියුමි සහ එම මිතුරියන් සමග සිටින අනෙක් පිරිමි යහළුවා ගැනයි.

    එම වීඩියෝවයි මේ.

    https://www.facebook.com/piumi.hansamali.3/videos/1163409537120311/

    [rns_reactions]