Blog

  • ජය සමරන්න ජෝන් සීනා – නිකි බෙල්ලා සමග අමු හෙළුවෙන් – (18+)

    ජෝන් සීනා කියලා කියන්නේ රෙස්ලින් වලල්ලේ අති දක්ෂයෙක් වන අතර පසුගිය දිනවල ඔහු දෙස් විදෙස් මාධ්‍යවල පුවත් මවන්නෙක්ද වුනා.

    ජෝන්සීනා හා ඇගේ පෙම්වතිය වන නිකී බෙලාගේ යූ ටියුබ් ගිණුමේ සාමාජිකයන් ගණන ලක්ෂ 5 සම්පූර්ණ කර තිබුනා.

    ඒ වෙනුවෙන් ඔවුන් දෙදෙනාම තම යූ ටියුබ් සාමාජිකයන් පුදුම කරේ නිරුවත් වෙලා.

    මේ එහි ජායාරූප හා වීඩියෝ දර්ශනයයි.

     

     

    [rns_reactions]

  • මැතිව්ස‍්ගේ ආගමනයත් සමග ධනංජය ,මිලින්ද චැම්පියන්ස් කුසලාන සංචිතයෙන් ඉවතට…

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් චැම්පියන්ස් කුසලානයට සහභාගී වන 15 දෙනෙකුගෙන් යුතු ශ්‍රී ලංකා සංචිතය නම් කර ඇත.පසුගිය තරඟාවලි වලට සහභාගී වූ ක්‍රීඩකයන් වන මිලින්ද සිරිවර්දන,දනංජය ද සිල්වා ලහිරු කුමාර,සජිත් පතිරණ,දනුෂ්ක ගුණතිලක  මෙම සංචිතයෙන් ඉවත් කර ඇත.

    අද නම් කල සංචිතය මෙසේය.

    ඇන්ජලෝ මැතිව්ස්,උපුල් තරංග,කුසල් ජනිත්,කුසල් මෙන්ඩිස්,චාමර කපුගෙදර,අසේල ගුණරත්න,නිරෝෂන් දික්වැල්ල,ලසිත් මාලිංග,නුවන් කුලසේකර,නුවන් ප්‍රදීප්,සුරංග ලක්මාල්,ලක්ෂාන් සඳ කැන්,දිනේශ් චන්දිමාල්,තිසර පෙරේරා,සීකුගේ ප්‍රසන්න.

    [rns_reactions]

  • කිසිදු අභියෝගයක් නෑ – මහා ජන ගංගාවක් සමගින් මෙවර දැවැන්තම මැයි රැළිය නිදහස් පක්ෂයෙන්…

     (23) රාත්‍රියේ ජනාධිපති නිල නිවසේදී ශ්‍රී  ලංකා නිදහස් පක්ෂ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මධ්‍යම කාරක සභා රැස්වූ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභික ශාන්ත බණ්ඩාර මහතා අප වෙත සඳහන් කළේය.

    ඉදිරියේ දී පැවැත්වීමට නියමිත මැයි දින රැළියට අදාළ කටයුතු සහ පක්ෂයේ ඉදිරි වැඩපිළිවෙළ සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කල අතර එහිදී එම මධ්‍යම කාරක සභා සභිකයින් ප්‍රකාශ කර සිටියේ සියලුම නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් හා පළාත් සභා මන්ත්‍රී වරුන් මැයි රැලියට සහභාගි වන බවත් නිදහස් පක්ෂයට ආදරය කරනා දැවැන්ත ජනකායක් සමඟ දැවැන්තම මැයි රැලිය නිදහස් පක්ෂය මහනුවර ගැටඹේ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

    [rns_reactions]

  • සමන්ත බඩ්ඩට මුහුණු පොතෙන් රතු එලියක්… (Video)

    මහානායක හිමිවරුන් කල යුත්තේ සමන්තබද්‍රලාගෙන් සාසනය රැකීම බවත් එසේ නොමැතිනම් උන්වහන්සේලා වැඩවසන විහාර වටලන බවත් මේ වන විට සමාජ ජාල ඔස්සේ වීඩියෝවක් ව්‍යාප්ත වෙමින් පවතිනවා.

    මෙම වීඩියෝව ඉරාජ් වීරරත්නටද ඉතාමත් ආවේගශීලි ලෙස විවේචනය කර තිබෙනවා.

    එම වීඩියෝව ඔබට නරඹන්න..

    https://www.facebook.com/794584414014500/videos/948120598660880/

     

    [rns_reactions]

  • ලංකාවේ පොලිස් ඇදුමත් ජාත්‍යන්තර ප්‍රමිතියට අනුව වෙනස්වන ලකුණු…

    ශ්‍රී ලංකා පොලිසියේ නිල ඇදුම ඉදිරියේදී තද නිල් පැහැයට වෙනස් කරන බව බදුල්ලේදී පැවැති උත්සවයකට එක්වෙමින්  පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අද ප්‍රකාශ කළා.
    ශ්‍රී ලංකා පොලිසියේ මෙන්ම ජාත්‍යන්තර පොලිසියේ වර්ණ සැලකිල්ලට ගෙන මෙම පියවර ගන්නා බවයි පොලිස්පතිවරයා කියා සිටියේ.

    [rns_reactions]

  • අයි.පි.එල් පසුබෑමත් සමගින් මාලිංග ක්‍රිකට් වලින් සමුගන්නා දවසත් කරලියට….

    ලොව සිටින විශිෂ්ටතම වේග පන්දු යවන්නන් අතර සිටින ලසිත් මාලිංග 2004 වසරේ සිට ශ්‍රීලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරනු ලබනවා.

    ලසිත් මාලිංග පසුගියදා ඔහුගේ සමුගැනීම පිළිබඳව මාධ්‍ය වෙත අදහසක් දක්වමින් ප්‍රකාශ කර ඇත්තේ “තමන් සහ නුවන් කුලසේකර එකට ජාතික පිලට පැමිණි බවත් දෙදෙනාම එකටම ක්‍රිකට් පිටියෙන් සමු ගනීවි ” යනුවෙනි.
    ආබාධයක් හේතුවෙන් පසුගිය වසරක පමණ කාලයක් ලසිත් මාලිංගට ක්‍රිකට් පිටියෙන් ඈත්ව සිටීමට සිදු වුණා.

    මාලිංග වැඩිදුරටත් මාධ්‍යට පවසා ඇත්තේ එම කාලය තුල ඔහු පෙර ක්‍රීඩා කළ තරගවල වීඩියෝ නරඹමින් ඒ පිළිබඳව වැඩිපුර අධ්‍යයනය කිරීම් කළ බවයි.

    දක්ෂතා නොමැතිව කණ්ඩායම තුල රැඳී සිටීමට අදහසක් නොමැති බවද මාලිංග මාධ්‍ය හමුවේ පවසා තිබෙනවා.
    [rns_reactions]

     

  • ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා යොවුන් තරඟාවලියේ වැඩිම ලකුණු වාර්තාව ශ්‍රී ලංකා පිතිකරුවෙකුට…

    සංචාරක ශ්‍රී ලංකා වයස 19 න් පහළ පිලට එරෙහිව පැවැති තරග පහකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය 4-1 කින් ජය ලැබීමට ඕස්ට්‍රේලියානු යොවුන් ක්‍රීඩකයෝ අද (23) සමත් වූහ.  හෝබර්ට්හි කිංග්ස්ටන් ඕවල් ක්‍රීඩාංගණයේදී  (23) පැවැති පස්වැනි සහ අවසන් තරගයෙන් ඕස්ට්‍රේලියානු යොවුන් පිල ලකුණු 23 ක ජයක් ලැබීය.

     ජයග්‍රහණය සඳහා ලකුණු 245 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා යොවුන් පිල ඕවර 48.5 කදී ලකුණු 221 කට සීමා කෙරිණ. ශ්‍රී ලංකා පිල 43 වැනි ඕවරය අවසන් වන විට කඩුලු 6 ක් දැවී ලකුණු 198 ක් රැස්කරමින් ප්‍රබල තත්ත්වයක පසුවුවද පසු පෙළ පිතිකරුවන් අසාර්ථක වීමෙන් පරාජය වැළඳ ගැනීමට සිදුවිය.

    මෙම තරගාවලිය පුරාම ශ්‍රී ලංකා යොවුන් පිලේ ගැලවුම්කරු බවට පත්වූ ජෙහාන් ඩැනියල් මෙම ඉනිමේදී පන්දු 89 කදී හතරේ පහර 4 ක් සමගින් ලකණු 75 ක් රැස් කිරීමට සමත් විය. පළමුව පන්දුවට පහර දුන් ඕස්ට්‍රේලියානු යොවුන් පිල වෙනුවෙන් මැක්ස් බ්‍රයන්ට් (67) සහ මැතිව් ස්පර්ස් (නොදැවී 65) අර්ධ ශතක රැස්කළහ. ප්‍රවීන් ජයවික්‍රම ලකුණු 47 කට කඩුලු 2 ක් දවා ගැනීමට සමත් විය.

    කෙසේ වෙතත් මෙම තරඟාවලියේ පිතිකරුවන් අතරින් වැඩිම ලකුණු ප්‍රමාණයක් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක ජෙහාන් ඩැනියල් සමත් වුනේ තරඟ 5 තුල නොදවීම් එකක් සමඟ ලකුණු 202 ලබාගනිමිනි.ඔහුගේ තරඟයක සාමන්‍යය දැක්වුණේ ලකුණු 50.50 ලෙසිනි.

    [rns_reactions]

  • බළන්ගොඩින් අලුත් දිය ඇල්ලක් කරලියට…

    බළන්ගොඩ මැතිවරණ කොට්ඨාසයට අයත් පහළ වලේබොඩ ප්‍රදේශයේ රක්ෂිතයක වන ලැහැබක මෙතෙක් දෙස් විදෙස් සංචාරකයන්ගේ ඇස නොගැටුණු ඉතාම සුන්දර අඩි සියයක් පමණ උසින් යුතු සැඟවුණු දිය ඇල්ලක් ප්‍රදේශවාසීන් විසින් සොයාගෙන තිබේ.

    සමනල රක්ෂිතයෙන් පෝෂණය වී පහළට ගලා බසින බුදුගේ ඔයේ ගල් පොත්තකින් නිර්මාණය වී ඇති මේ සොඳුරු දිය ඇලි මනාලිය පහළ ඇති කළුගල් වලින් නිර්මාණය වුණු අපූරු ජල තටාකය මතට ගලා බසී.

    මේ දිය ඇල්ල සොයාගත් ප්‍රදේශවාසීන් දැක්වූ අදහස්.

    ඉමුලපේ ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපති එස්. ඒ. රත්නපාල වලේබොඩ මහතා,

    මේ දිය ඇල්ල බළන්ගොඩ මැතිවරණ කොට්ඨාසයට අයත් උතුරු වලේබොඩ හා කට්ටඩිකන්ද ග්‍රාම සේවා වසම් දෙකට අයත් පහළ වලේබොඩ ප්‍රදේශයේ බුදුගේ ඔයෙන් නිර්මාණය වී තිබේ. දිය ඇල්ල මෙතෙක් දේශීය හෝ විදේශීය සංචාරකයන්ගේ ආකර්ෂණයට ලක්වී නැහැ. මේක අපි අලුතෙන් සොයා ගත් දිය ඇල්ලක්. මේ දිය ඇල්ල බුදුගේ ඔයෙන් ගලා බසින නිසා අපි “බුදුඔය ඇල්ල” ලෙස නමක් යෝජනා කරනවා.

    පැණි පංගුව උප තැපැල් ස්ථානාධිපති එස්. ඒ. ජයසේකර මහතා,

    මේ දිය ඇල්ල අඩි සියයක් පමණ උසින් යුක්තයි. අඩි හැටක් පමණ පළලයි. දිය ඇල්ල පිහිටා තිබෙන ප්‍රදේශයට පහසුවෙන් ගමන් කිරීමට හැකියාවක් තිබේ. සිත් ගන්නාසුලු ආකාරයේ රමණීය දිය ඇල්ලක් කියලා මේ අලුත් දිය ඇල්ල හඳුන්වන්න පුළුවන්. බළන්ගොඩ නගරයේ සිට ගුරුබැවිල හරහා පහළ වලේබොඩ මාර්ගයේ හෝ බළන්ගොඩ සිට සීතගල හරහා පහළ වලේබොඩ මාර්ගයේ කිලෝමීටර් විස්සක් පමණ ගමන් කළ විට මෙම දිය ඇල්ල නැරැඹීමට හැකියාව තිබේ.

    වලේබොඩ ධර්මදාස මුණින්කුඹුර මහතා,

    රත්නපුර දිස්ත්‍රික්කයේ ඇති අනිත් දිය ඇලි බොහෝමයක් නරඹන්න තියෙන්නේ දිය ඇල්ලේ ඉහළ ප්‍රදේශයේ සිටයි. ඒත් මේ දිය ඇල්ලේ විශේෂත්වය තමයි මේක. ඕනෑම සංචාරකයකුට මෙන්ම කුඩා දරුවකුට වුවත් පහසුවෙන් පහළ සිට නැරැඹීමේ හැකියාව තිබෙනවා. මෙතන ඉතා ආරක්ෂිත ස්ථානයක්. මේ දිය ඇල්ල පහළ ඇති කළුගල් වලින් නිර්මාණය වුණු අපූරු ජල තටාකයකට එකතු වෙයි.

    ඩබ්ලිව්. වී. ජයසේකර මහතා,

    කැන්ද, නා, හොර, රුක්අත්තන, අෑ නෙත් තුරුලතා වලින් පිරි මේ දිය ඇල්ල සමීපය පිහිටි පරිසරයද අතිශයින්ම චමත්කාරය. ගිරාමලිත්තන් කහකුරුල්ලන්, පිළිහුඬුවන්, දඬුලේනුන්, වඳුරන් වැනි වන සතුන් සහ පක්ෂීන් වෙසෙන මේ ප්‍රදේශයේ මේ දිය ඇල්ල නැරැඹීම සඳහා සංචාරකයන්ට ඉඩ පහසුකම් සලසා දෙනමෙන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා. මේ ප්‍රදේශයට සංචාරකයන් පැමිණීමත් සමඟ ප්‍රාදේශීය සභාවට ආදායමක් ලබා ගැනීමට හැකියාව තිබේ.

    [rns_reactions]

  • මහේලගේ පිළෙන් මාලිංගට කැපිල්ලක්….

    මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම හා දිල්ලි ඩෙයාඩෙවිල්ස් කණ්ඩායම අතර  (22) පැවති තරගයේ දී මුම්බායි ඉන්දියනස් කණ්ඩායමේ ලසිත් මාලිංගට කණ්ඩායමේ ස්ථානය අහිමි වු අතර ඔහු වෙනුවට මිචෙල් ජොන්සන් ඊයේ පැවැති තරගයට ක්‍රීඩා කළා.
    මෙවර තරගාවලියේදී ලසිත් මාලිංග දැඩි ප්‍රහාරයකට ලක්වෙන අයුරු දැකගත හැකි වුණා.
    කිංග්ස් ඉලවන් පංජාබ් කණ්ඩායම හා පසුගියදා පැවැති තරගයේදී මාලිංග දැඩි ප්‍රහාරයකට ලක්වූ අතර එහිදී ඔහුගෙන් ලකුණු 58ක් ප්‍රතිවාදීන් උදුරා ගත්තා.
    මුම්බායි ඉන්දියස් කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරන්නේ මහේල ජයවර්ධනයි
    [rns_reactions]
  • පාර්ලිමේන්තුව අසලටවත් කැඳවීම නුසුදුසු අප්‍රසන්නගේ කෙරුවාව..(video)

    ඒකාබද්ධ තුල ප්‍රභල කාර්යක් ඉටු කරන ප්‍රසන්න රණතුංගගේ අමන ක්‍රියාවන් ගැන මතක් කිරීමකි මේ..

    ව්‍යාපාරිකයෙකු බිය වැද්දිම ඇතුළු චෝදනා කිහිපයකට අදාළව ප්‍රසන්න රණතුංග මන්ත්‍රීවරයාට හා ඔහුගේ බිරිඳට එරෙහිව 2016 වසරේ ජුනි මාසයේදී නීති පතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කළේය.

    2010 වසරේ අප්‍රේල් මස 10 වැනිදා හෝ ඊට ආසන්න දිනවලදී සුරංජිත් ක්‍රිස්ටියන් ගිහාඩ් මෙන්ඩිස් නමැත්තා බියවද්දා, චෙක්පත් පහක් මගින් රුපියල් මිලියන 64ක් ලබාගැනීමට කුමන්ත්‍රණය කිරීම, ආධාර අනුබල දීම ඇතුළු චෝදනා 15ක් ඊට ඇතුළත් ය.

    ප්‍රසන්න රණතුංග මන්ත්‍රීවරයාත් ඔහුගේ බිරිඳවන මොරින් ස්ටෙලා රණතුංග සහ ව්‍යාපාරික නරේෂ් කුමාර් මෙහි විත්තිකරුවන් වන අතර මෙලෙස මුදල් ලබාගෙන ඇත්තේ කොළොන්නාව මීතොටමුල්ලේ පිහිටි අනවසර පවුල් 24ක් පදිංචි රජයට අයත් ඉඩම් කොටසක් එම පදිංචිකරුවන් ඉවත්කර ගිහාඩ් මෙන්ඩිස් නැමැත්තාට ලබාදෙන බවට පොරොන්දු වෙමිනි.

    මෙවැනි අක්‍රමවත් කටයුතු මොහොමයකට සම්බන්ද අප්‍රසන්න ගැන ඔබ නොදත් කරුණු තව බොහෝ ඇත.
    [rns_reactions]

  • ජනපති මෛත්‍රී ආර්ථිකය අතට ගනී – පුවත් පතක් හෙළිකරයි

    රටේ ආර්ථික කළමනාකරණය සම්බන්ධ තීන්දු තීරණ ගන්නා කැබිනට්‌ අනුකමිටුවේ නව ප්‍රධානියා ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි සහභාගි වීමට නියමිතව ඇත. මීළඟ ආර්ථික කමිටු රැස්‌වීම් වාරයේ සිටම ජනාධිපතිවරයා එහි මුලසුන හොබවන බව ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ග ඔස්‌සේ “දිවයින ඉරිදා සංග්‍රහය”ට වාර්තා වේ.

    ආර්ථික කමිටුවේ ප්‍රධානියා ලෙස මෙතෙක්‌ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කළ අතර දැනට ක්‍රියාත්මක ආර්ථික රටාව නිසි මාවතකට ගෙන ඒමේ අරමුණින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා එම කමිටුවේ මුලසුන ගන්නා බව ඉහත ආරංචි සඳහන් කරයි.

    ආර්ථික කමිටුවට සහභාගි වීම සඳහා අවස්‌ථා කිහිපයකදී ජනාධිපතිවරයා උත්සාහ කර ඇතත් ඒ සඳහා අවස්‌ථාවක්‌ මෙතෙක්‌ නොලැබුණ නිසා මීළඟ රැස්‌වීම් වාරයේ සිට ඊට සහභාගි වියයුතු බවට තීරණය ගෙන ඇතැයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.

    [rns_reactions]

  • කොලිගේ RCB කණ්ඩායම, IPL ඉතිහාසයේ වාර්තාවක් අලුත් කරයි..

    නේතන් කූල්ටර්නයිල් ඇතුළු පන්දු යවන්නන්ගේ විශිෂ්ට පන්දු යැවීම හමුවේ අයි.පී.එල් ක්‍රිකට් තරගාවලියේ කොල්කටා හිදී පැවැති 27 වන තරගයේදී රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් පිලට එරෙහිව ලකුණු 82 ක ජයක් හිමිකර ගැනීමට කොල්කටා නයිට් රයිඩර්ස් පිල (23 වැනිදා) සමත්විය.
    ජයග්‍රහණය සදහා ලකුණු 132 ක ඉලක්කයක් හඹාගිය රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් පිලට ඕවර 9.4 කදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 49 ක් පමණි. රෝයල් චැලේන්ජර්ස් පිල අයි.පී.එල්. ඉතිහාසයේ රැස්කළ අඩුම ලකුණු සංඛ්‍යාව අද වාර්තා කළ අතර දෙපිලේ කඩුලු විස්සම දැවී ගිය දෙවැනි අවස්ථාව ලෙස අද තරගය වාර්තා පොත් අතරට එක්විය.
    නේතන් කූල්ටර්නයිල් විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් පළමු ඕවරයේ තෙවැනි පන්දුවෙන් විරාත් කෝලී දවාගනිමින් ඇරඹු කඩුලු දඩයම හේතුවෙන් කොල්කටා කණ්ඩායම  පරාජය වන්නට තිබූ තරගයක් ජයග්‍රහණය භුක්ති විදිමින් නිමා කරන්නට සමත්විය.
    රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් පිලේ කිසිදු පිතිකරුවකුට ලකුණු 10 සීමාව පසුකිරීමට කොල්කටා නයිට් රයිඩර්ස් පන්දු යවන්නෝ අවස්ථාවක් ලබානොදුන්හ.
    කොලින් ඩි’ග්‍රැන්ඩොම් ලකුණු හතරකට කඩුලු 3 ක්ද ක්‍රිස් වෝක්ස් ලකුණු හයකට කඩුලු 3 ක් සහ නේතන් කූල්ටර්නයිල් ලකුණු 21 කට කඩුලු 3 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.
    පළමුව පන්දුවට පහරදුන් කොල්කටා නයිට් රයිඩර්ස් පිලට ඕවර 19.3 කදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 131 ක් පමණි. ඕවර 3.5 කදී කොල්කටා නයිට් රයිඩර්ස් පිලේ ලකුණු 50 වාර්තාවූ අතර මෙවර තරගාවලියේදී කණ්ඩායමක් ලැබූ වේගවත් ලකුණු 50 වාර්තාව සමකිරීමට සමත්විය.
    වේගවත් පිතිහරඹයක නිරතවූ සුනිල් නරේන් පන්දු 17 කදී ලකුණු 34 ක් ලැබූ අතර ඔහුගේ දැවීයාමෙන් අනතුරුව කිසිදු පිතිකරුවකුට ලකුණු අතරට පැමිණිමට රෝයල් චැලේන්ජර්ස් පන්දු යවන්නෝ අවස්ථාවක් ලබානොදුන්හ. සුනිල් නරේන්ගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර හයක් ඇතුළත්විය.
    විශිෂ්ට පන්දු යැවීමක නිරතවූ යුස්වේන්ද්‍ර චහල් ඕවර 4 ක් යවමින් ලකුණු 16 කට කඩුලු 3 ක් දවාගත් අතර පවන් නෙගී ලකුණු 15 කට කඩුලු 2 ක් සහ ටයිමල් මිල්ස් ලකුණු 31 කට කඩුලු 2 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.
    කාසියේ වාසිය ලැබූ රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් පිලේ නායක විරාට් කෝලී පළමුව පන්දු රැකීමට තීරණය කළේය.
    සකීබ් අල් හසන් වෙනුවට කොලින් ඩි’ග්‍රැන්ඩොම් කොල්කටා නයිට් රයිඩර්ස් පිලට කැඳවූ අතර ට්‍රැවිස් හෙඞ්, ඇඩම් මිල්නේ සහ ශේන් වොට්සන් වෙනුවට සැමුවෙල් බද්‍රී, ඒ.බී. ඩිවිලියර්ස් සහ ටයිමල් මිල්ස් රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් පිලට කැදවුහ.


    https://www.youtube.com/watch?v=0O57OrnfxXQ

    [rns_reactions]

  • එජාපයේ සියලු මන්ත්‍රීවරුන්‌ට වසරකට තුන්වතාවකට වඩා විදේශ ගමන් බෑ..

    වසරකට තුන්වතාවකට වඩා විදේශගත නොවන ලෙස එක්‌සත් ජාතික පක්‍ෂය නියෝජනය කරන සියලුම මන්ත්‍රීවරුන්ට සහ ඇමැතිවරුන්ට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් දැනුම්දී ඇත.

    එලෙස යම් මන්ත්‍රීවරයකු හෝ ඇමැතිවරයකු මින් ඉදිරියට විදේශගතවන්නේ නම් ඒ සඳහා තම ලිඛිත අවසරය ලබාගත යුතු බවද හෙතෙම දන්වා තිබේ.

    පක්‍ෂයේ මහජන නියෝජිතයන් හැම විටම පක්‍ෂය ශක්‌තිමත් කරමින් පාක්‍ෂිකයන්ගේ හා මහජනතාවගේ අවශ්‍යතා ඉටුකරදීම වෙනුවෙන් කැපවී ක්‍රියාකළ යුතු බවද අගමැතිවරයා මෙහිදී අවධාරණය කර ඇත.

    කමිටුවලට පත්කර ඇති ක්‍රියාකාරීන් නිසිපරිදි එම කමිටු රැස්‌වීම්වලට සහභාගි වියයුතු බවත් විශේෂයෙන් කෘත්‍යාධිකාරී මණ්‌ඩලය නියෝජනය කරන සාමාජිකයන් හැකි උපරිම ලෙස එහි රැස්‌වීම්වලට සහභාගි වියයුතු අතර යම් සාමාජිකයකු නොකඩවා තුන්වතාවක්‌ කෘත්‍යාධිකාරි මණ්‌ඩල රැස්‌වීම්වලට සහභාගි නොවුවහොත් ඔහු හෝ ඇය එහි සාමාජිකත්වයෙන් ඉවත්කරන බවත් වැඩිදුරටත් දන්වා තිබේ.

    [rns_reactions]

  • ශ්‍රීලනිප නව දිස්ත්‍රික් සංවිධායකවරු පත්කෙරේ….

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව දිස්ත්‍රික් සංවිධායකවරු හත්දෙනෙකු පසුගියදා (21) ජනාධිපති නිලනිවසේ දී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් සිය පත්වීම් ලිපි ලබාගත්හ.
     
    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරුණ සංවිධානය නියෝජනය කළ ඉදිරි පෙළ ක්‍රියාකාරී නියෝජිතයින් හත්දෙනෙකු මෙලෙස දිස්ත්‍රික් සංවිධායකවරු ලෙස තේරී පත්විය.
     
    ඒ අනුව පත්වූ දිස්ත්‍රික් සංවිධායකවරුන්ගේ නම් පහත පරිදි වේ.
     
    01. සුමුදු විජේවර්ධන – කොළඹ දිස්ත්‍රික්කය
    02. ආර්.එම්. සනත් පද්මසිරි – කුරුණෑගල දිස්ත්‍රික්කය
    03. ඒ.ඒ.ඒ ලතීෆ් – කුරුණෑගල දිස්ත්‍රික්කය
    04. කේ.පී ප්‍රියන්ත ප්‍රේමකුමාර – ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය
    05. රසික දේශප්‍රිය රත්නායක – බදුල්ල දිස්ත්‍රික්කය
    06. එම්.එස් සුබයිර් – මඩකලපුව දිස්ත්‍රික්කය
    07. එස්. කජන්තන් – යාපනය දිස්ත්‍රික්කය
    [rns_reactions]
  • රහතුන් රගපෑ, ඩිස්ට් ඩිඩිං එහෙමත් තිබුන ඉරාජ්ගේ සිංදුව කොපියක්ලු…මෙන්න සිංදු දෙක එකම තැන…

    පසුගියදා ඉරාජ් නිකුත්කළ ඔහුගේ අලුත්ම ගීතය මේ වන විට ලංකාවේම ජනප්‍රිය ගීතයක් බවට පත්වෙලා ඉවරයි. මෙහි සමන්තබ්ද්‍ර හිමිගේ ආන්දෝලනාත්මක රංගනයත් සමඟ බොහෝ දෙන මේ ගැන වැඩි කතාබහක් කළා.

    නමුත් මෙමෙ ගීතය දෙමල ගීතයක තනුවක් බවට සමාජයේ මතයක් පැතිරෙමින් පවතිනවා  සමාජයේ කතා බහට ලක්වෙන එම  දෙමළ ගීතය අප මෙහි පළ කරන්නෙමු

     

    මෙන්න ඉරාජ්ගේ සින්දුව …

    [rns_reactions]

  • එජාප මන්ත්‍රී මැයි දිනය වර්ජනය කරයි…

    අසරණවූ එ.ජා.පාක්ෂිකයින් වෙනුවෙන් මැයි දිනය වර්ජනය කරමි ! ! ! යනුවෙන් බස්නාහිර පළාත්සභාවේ එජාප මන්ත්‍රී අනුරාධ විමලරත්න මහතා තම ෆේස්බුක් පිටුව මත මෙසේ අදහස් පලකොට තිබෙනවා…

    අසරණවූ එ.ජා.පාක්ෂිකයින් වෙනුවෙන් මැයි දිනය වර්ජනය කරමි ! ! !

    කොටන් ඇදි අලින්ට තැනක් නැති මැයි පෙරහැරේ මා යන්නේ කෙසේද???

    විසිවසරකට අධික කාලයක් දර දිය ඇදි එක්සත් ජාතික පාක්ෂිකයින්ට සිදුවී ඇති අසාධාරනයට විරැද්දතාවක් ලෙස, මෙවර මැයි දින රැලිය වර්ජනය කරන අප පාක්ෂිකයින් හා එක්වීමට මම තීරණය කලෙමි.

    පුරා දෙවසරක් තුල මා පාක්ෂිකයා වෙනුවෙන් පක්ෂයෙන් කල ඉල්ලීම් සියල්ල අදටත් ඉටු වී නැත. කවදත් බැට කෑ අප පාක්ෂිකයන්ට අදටත් හවුහරනක් නැත. අද අපට සිදු වී ඇත්තෙ නිදහස් පාක්ෂිකයන් රජයේ රැකියා හා අනෙක් වරප්‍රසාද බුක්ති විදිද්දී, පුද්ගලික අංශයේ රැකියා නිර්මානය කරණ තුරැ අප පාක්ෂිකයන්ට තවත් ඉවාසා සිටින ලෙස පවසමින් ඔවුන් රැවටීමටය. නයකයින් සියලු වරප්‍රසාද විදිද්දී පාක්ෂිකයාට ඉවසීමට හා පටි තද කර ගැනීමට කීමටය.

    ගමේ දරදිය ඇදි පාක්ෂිකයන්ට උදවුවක් කෙසේ වෙතත් හමුවීමට හෝ හැක්කේ ඇමතිවරැන් අතලොස්සකි. එවන් ජනතාවාදී ඇමතිවරැන්ට ඇත්තේ නාමික ඇමතිකම් හෝ කිනම් හෝ දේශපාලන අනාතයෙකු යටතේ ඇමතිකමකි.

    අද පක්ෂයට, තම පාක්ෂිකයාට ලබා දුන් පොරොන්දු සියල්ල පමණක් නොව පාක්ෂිකයාවද අමතක වෙලාය. අදද දුප්පත් පාක්ෂිකයා මතක්වන්නේ රැලියකට හෝ රජය අපහසුතවයකට පත්වී ඇති විටක ඔලු පෙන්වීමටය. ඉන් පසුව නැවතත් ඔවුන් ගැන කිසිම තැකීමක් නැත.

    එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ අභිමානය පවා නැතිකර පාක්ෂිකයන් අද ගම්වල නිහඩවන තැනට පත් කරලාය.

    තවදුරටත් අප පාක්ෂිකයන්ට මෙලෙස සැලකීමට ඉඩදී නිහඩව සිටීම නිවට කමක් වනවා පමනක් නොව, එය මා පාක්ෂිකයා වෙනුවෙන් පෙනී සිටිමට දුන් පොරොන්දුව කඩ වීමක් වනවාය.

    මංත්‍රිකම්, ඇමතිකම්, සංවිධායකකං, පක්ෂයේ අනෙක් තනතුරැ හා නාම යෝජනා වෙනුවෙන් පාක්ෂිකයා නොමග යවමින් නායකයන් සතුටු කිරිමට පාක්ෂිකයින් භාවිතා කිරීම සුදුසු යැයි මා සිතන්නේ නැත. මැයි දිනයට සහභාගී වී පාක්ෂිකයා පෙලෙද්දී නයකයින් පිනවීමේ රංගනයේ යෙදීම මා හට තවදුරටත් කල නොහැක.

    මාගේ පක්ෂ සාමාජිකත්වය, මන්ත්‍රිධුරය, හෝ අවසානයේ නාමයෝජනා අහොසි කලත් තවදුරටත් මෙම ආසාධාරනයට නිහඩව සිටීමටවත් පාක්ෂිකයාට බොරැකීමටවත් මා හට නොහැක. බලපැමක් නොකලහොත් පාක්ෂිකයාට සධාරනයක් වනු ඇතැයි මා තවදුරටත් විශ්වාස නෙකරමි.

    විපක්ෂයේ උවද තම අභිමානය රැක ගත් එක්සත් ජාතික පාක්ෂිකයන්ට වහල්ලන් සේ සැලකීමට කිසිවෙකුට ඉඩදිය නොහැක.

    අප පක්ෂයට ලැදි ඔබ සියලු දෙනා, පක්ෂය හරි මාර්ගයට ගැනීමට අසරණ පාක්ෂිකයින් ගන්නා මෙම අහිංසක උත්සහයට එක්වෙනු ඇතැයි බලාපොරොත්තු වෙමි.

    එක්සත් ජාතික පක්ෂයට ජය වේවා.

    අනුරාධ විමලරත්න.
    කොළඹ දිස්ත්‍රික් මංත්‍රි (එ.ජා.ප)
    බස්නාහිර පළාත් සභාව.

    [rns_reactions]