Blog

  • ජා.නි.පෙ. ඉහළ පුටු වීරවංශට අමු කුණුහරපෙන් බනි. පක්ෂය දෙකඩ වෙයි!

    තමන්ට අප ලබා දෙන  ලෙස විරවංශ කල උපවාසය හේතුවෙන් ජා.නි.පෙ.  ඉහල පුටු අතර මේ වනවිට අර්බුදකාරී තත්වයක් පවතිනවා.

    එම පක්ෂයේ ඉහලම පුටු දරන 17 දෙනෙකු අතරින් 5ස් දෙනෙක් පමණක් විරවංශට පක්ෂපාති වන අතර අනෙකුත් සියලු දෙනා වීරවංශට කුණුහරපෙන් බනින තරමටම ප්‍රශ්නය දුර දිග ගොස් තිබෙනවා.

    වීරවංශ තමාට ඇප හිමි වූ දිනයේම පක්‍ෂයේ ප‍්‍රධාන ලේකම්වරයා වන ප‍්‍රියන්ත විතාරණ නමැත්තාට දුරකථනයෙන් අමතා දේශපාලන මණ්ඩලය රැස් කරන්නැයි දන්වා ඇති නමුත් ප‍්‍රධාන ලේකම්වරයා එය ප‍්‍රතික්ෂේප කරමින් ඔහුට පංච නින්දාවෙන් බැන වැදී ඇත. දේශපාලන පොන්නයන් සමග දේශපාලනය කිරීමට තමන්ට තව දුරටත් අවශ්‍යතාවයක් නැතැයි ප්‍රියන්ත විතාරණ වීරවංශගේ දුරකථනයට පිළිතුරු දෙමින් කියා ඇත. 

    මේ තත්වයෙන් පසුව කෙසේ හෝ වීරවංශගේ මැදිහත්වීමෙන් ලබන 19 වෙනිදාට සිය දේශපාලන මණ්ඩලය කැඳවා තිබේ. අප අභ්‍යන්තර තොරතුරු කරුවන් පවසන්නේ වීරවංශගේ නායකත්වයෙන් පවත්වන ජාතික නිදහස් පෙරමුණේ අවසන් දේශපාලන මණ්ඩල හමුව එය වීමට බොහෝ දුරට ඉඩ ඇති බවයි.

    සාමාජිකයන් 17 ක් පමණ සිටින දේශපාලන මණ්ඩලයේ සභිකයින් පහකට අඩු ප‍්‍රමාණයක් හැර අන් සියළු දෙනා වීරවංශට අමු හිංගලෙන් තැන තැන අමතමින් සිටිති. තව දුරටත් විමල් හා ගමනක් නැති බවත් ඔහු උද්දච්ච හීනමානකාරයෙකු මිස පංති නායකත්වයකට සුදුසු නැති පිස්සෙක් බවත් ඇතැමෙක් පිටකෝට්ටේ සතොස බිල්ඩිමේ හතරවෙනි තට්ටුවේ පිහිටි ඔවුන්ගේ පක්‍ෂ මූලස්ථානයේදීම ප්‍රකාශ කර තිබේ.

    මෙතෙක් වීරවංශගේ පක්ෂයේ මාධ්‍ය ප‍්‍රකාශකවරයා ලෙස කටයුතු කළ මොහොමඩ් මුසම්මිල්ද වීරවංශව ප‍්‍රසිද්ධියේ විවේචනය කරමින් සිටින අතර ඔහු චෝදනා කරන්නේ වීරවංශගේ බිරිඳ හා දරුවන් පක්‍ෂයේ දේශපාලන මණ්ඩල සාමාජිකයන් වහලුන්, දාසයින් සේ සලකා බැණ වදින බවයි. 

    ඇමති ධූරය දැරූ සමයේ වීරවංශ විසින් වංචා කරන ලද රාජ්‍ය මුදල් කෝටි 500 කට වැඩි මුදල්, වංචා කළ ආකාරය, සඟවන ලද ස්ථාන, මිලට ගන්නා ලද මෙරට හා පිටරට දේපොල සම්බන්ධයෙන් බොහෝ තොරතුරු සහ සාක්‍ෂි මේ වන විටත් දේශපාලන මණ්ඩලයේ බහුතර සාමාජිකයින් අතර හුවමාරු වෙමින් ඇත.
     
    තම බිරිඳ ශෂී වීරවංශට හෝකන්දර ගෙදර කොල්ලන් බල්ලන් සමග සිත් සේ නිදිවදින්නට අතහැර දමා බම්බලපිටියේ වෙනම නිවසක ජීවත්වන විමල් වීරවංශ විසින් සිදු කරමින් සිටින අමු තිරිසන් ක‍්‍රියාවක් ගැන තොරතුරුද ප‍්‍රධාන ලේකම්වරයාගේ පාර්ශවය සතුවන බව පැවසෙන අතර තම නායකයාගේ පාපතර නීච අසම්මත ලිංගික සබඳතා ගැනද දේශපාලන මණ්ඩලය දැඩි පිළිකුලින් පෙළෙති.

    පක්‍ෂයේ ලේකම් ප‍්‍රියන්ත විතාරණ ඇතුළු පිරිසක් මේ වන විටත් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා මුණ ගැසී සාකච්ඡා කර ඇති අතර 19 වැනිදා පැවැත්වෙන දේශපාලන මණ්ඩල හමුවේදී වීරවංශ විසින් තමන් සිදුකළ දේශපාලන වැරදි සහ පවුලේ අය විසින් පක්ෂ නායකයන්ට එරෙහිව සිදුකරන අත්තනෝමතික ක්‍රියා පිළිගන්නේ නැතිනම්  වීරවංශ විරෝධී බහුතර දේශපාලන මණ්ඩල නායක පිරිස ජනාධිපතිවරයා හා එක් වනු ඇතැයිද ඒ ජාතික නිදහස් පෙරමුණේ අයිතියද සමග බවද පැවසේ. ඉන්පසු එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පක්‍ෂයක් ලෙස වීරවංශ නොමැති ජාතික නිදහස් පෙරමුණ කටයුතු කරනු ඇතැයි එම පක්ෂ අභ්‍යන්තර තොරතුරු කරුවෝ වැඩිදුරටත් පවසති.

    [rns_reactions]

  • ගින්දරත් සමග බුලත්විට කන්නේ මෙහෙමයි.(video)

    ඉන්දියාවෙත් ඉන්නේ හරිම අපුරු මිනිස්සු. සාමාන්‍යයෙන් බුලත්විට කනවට වඩා  ගින්දරත් සමග බුලත්විට කනකොට කොහොම රසට තියෙයිද?
    [rns_reactions]

  • කුණු කන්දෙන් අසරණ මිනිස්සුන්ට මේ වන විට අත්‍යාවශ්‍යම ද්‍රව්‍ය මෙන්න.

    මීතොටමුල්ල කුණු කන්දෙන් මේ වන විට අහිමි වූ මිනිස් ජිවිත ගණන 25 බව වාර්තා වෙනවා.

    අසරණ වූ මිනිසුන් හට මේ වන විට පහත සඳහන් ද්‍රව්‍ය කඩිනමින් අවශ්‍ය වී තිබෙනවා. ඔබත් හැකි පමණින් උපරිම උදව් ලබා දීමට කාරුණික වන්න.

    මදුරු දැල්
    පිරිමි ඇඳුම්
    කාන්තා ඇඳුම්
    ළමා ඇඳුම්
    පිරිමි හා කාන්තා යට ඇඳුම්
    කාන්තා සනීපාරක්ෂක ද්‍රව්‍යය
    වතුර බෝතල්
    බෙහෙත්

    ඔබේ ආදාර කොලොන්නාව ටෙරන්ස් විදුහලට ගෙනැවිත් බාර දෙන්න

    විදුහල්පති රුවනි පතිරණ මිය – 071-4484213
    නියෝජ්‍ය විදුහල්පති – 0727397902

    [rns_reactions]

  • කුරුදු පොලු කල්ලියෙන් පසු එජාපයෙන් ඉගුරු කල්ලියක්

    පාර්ලිමේන්තුවේදී විපක්‍ෂයේ අසුන් ගැනීමට යන එක්සත් ජාතික පක්‍ෂයේ පසුපෙළ මන්ත්‍රි කණ්ඩායමේ නායකත්වට සම්බන්ධ සුදුසු මන්ත්‍රිවරයකු තෝරාගැනීම සඳහා සාකච්ඡා පැවැත්වෙමින් තිබෙන බව දැනගන්නට ඇත.

    මෙම මන්ත්‍රි කණ්ඩායමට මන්ත්‍රිවරු විසිදෙනකු පමණ අයත් වන බවට තොරතුරු වාර්තා වේ.
    ඩඩ්ලි සේනානායක මහතාගේ 1965 ආණ්ඩුව කාලයේ එ.ජා.ප. මන්ත්‍රිවරුන් අතර ට්ඪදඨඥප ට්පධභන (ඉඟුරු කල්ලිය) නමින් කණ්ඩායමක් සංවිධානය වී තිබූ අතර එදා එහි නායකයා ලෙස පෙනී සිටියේ පෙස්ටස් පෙරේරා මන්ත්‍රිවරයායි.

    දැනට මාස කිහිපයක් තිස්සේ පැවැති සාකච්ඡා අවසාන කඩඉමට පැමිණ ඇතැයි ද කණ්ඩායම සඳහා නායකත්වය ලබා දීමට සුදුසු මන්ත්‍රිවරයකු තෝරාගත් වහාම එම කණඩායමේ ක්‍රියාකාරිත්වය සිදු කෙරෙන ආකාරය පිළිබඳ සැලසුම් සකස් කෙරෙන බවද පැවසේ.
    කණ්ඩායමේ නායකත්වයට මන්ත්‍රිවරු සිවුදනකුගේ නම් යෝජනා වී ඇති බවද දැනගන්නට ඇත.
    මේ අතර රාජ්‍ය ඇමැතිවරයකුගේ නමක්ද සාකච්ඡාවට භාජන වී ඇති අතර ඔහු මෙම මන්ත්‍රි කණ්ඩායමේ නායකත්වය භාර ගැනීමට ඉදිරිපත් වුවහොත් සිය ඇමැති තනතුර අත්හැරීමට සිදුවන බැවින් එසේ කිරීමට ඉඩ නොහැරිය යුතු බවට අදහස් පළ වී තිබේ.

    තම ඇමැතිවරයා සමඟ අමාත්‍යාංශයේ කටයුතු කිරීමට අපහසුකම් නිසා එම රාජ්‍ය ඇමැතිවරයා දැඩි කලකිරීමට පත්ව සිටින බවට පසුගියදා ප්‍රසිද්ධියේ අදහස් පළ කර තිබිණි.
    විපක්‍ෂයේ අසුන් ගැනීමට අපේක්‍ෂා කරන මන්ත්‍රි කණ්ඩායමේ නායකත්වයට අතුරලියේ රතන හිමි, නලීන් බණ්ඩාර ජයමහ, රංජිත් අලුවිහාරේ සහ අජිත්
    මාන්නප්පෙරුම යන මන්ත්‍රිවරුන්ගේ නම් යෝජනා වූ බවද දැනගන්නට ඇත.
    මෙම කණ්ඩායම එ.ජා.ප. විකල්ප කණ්ඩායම වශයෙන් හැඳින්විය යුතු බවටද යෝජනා වී ඇති
    බව ද දැනගන්නට තිබේ.

    [rns_reactions]

  • ඉරාජ්ගේ මියුසික් වීඩියෝව සඳහා අරහත් සමන්තබද්‍ර හිමිද රංගනයෙන් දායක වේ.(photos)

    ඉරාජ් වීරරත්න විසින් නිර්මාණය කරනු ලැබූ “වස්සානේ හීනේ” සංගීත රූප රචනය නුදුරේදීම නිකුහ් වීමට නියමිතව තිබේ.
    මෙම වීඩියෝව සඳහා අරහත් සමන්තබද්‍ර හිමිද රංගනයෙන් දායක වීම විශේෂත්වයකි. උන් වහන්සේ සමඟ සිරි සඳහම් ආශ්‍රමයේ භික්ෂූන් වහන්සේලා කිහිප නමක්ම මෙම වීඩියෝවට එක්ව තිබේ.
    අඩ නිරුවත් දර්ශණ සහ ප්‍රේම ජවනිකා වලින් සමන්විත ගීත ඉදිරිපත් කළ ඉරාජ්ගේ මෙම ගිතය ද? ඊට සමාන වනු ඈතෑයි සමාජ ජාල ඔස්සේ මත පළවේ.
    [rns_reactions]
  • අනියම් බිරිඳ මින්නේරියේ කොස්‌තාපල්ගේ රහසඟ කපලා

    සිය අනියම් බිරිඳ විසින් පසුගිය දවසක  (10 දා) පොලොන්නරුව, මින්නේරිය පොලිස්‌ ස්‌ථානයට අනුයුක්‌තව සේවයෙහි නියුතු අවිවාහක පොලිස්‌ කොස්‌තාපල්වරයකුගේ රහසඟ තියුණු ආයුධයකින් කපා දමා ඇත.

    මෙම සිද්ධියෙන් බරපතළ තුවාල ලැබූ කොස්‌තාපල්වරයා ප්‍රතිකාර සඳහා හිඟුරක්‌ගොඩ ප්‍රාදේශීය රෝහලට සහ පොලොන්නරුව මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර ලබාදීමට කොළඹ ජාතික රෝහලට මාරු කොට යවා ඇත.

    එදින  (10 දා) සවස 2.30 ට පමණ හිඟුරක්‌ගොඩ, පාලුවැව, ජන උදානගම ප්‍රදේශයේ පිහිටි අනියම් බිරිඳගේ නිවසේදී මෙලෙස ඇය විසින් රහසඟ කපා ඇති බව හිඟුරක්‌ගොඩ පොලිසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

    සිය පළමු විවාහයේ සැමියා මියගිය වැන්දඹු කාන්තාව විවාහ කර ගැනීමේ පොරොන්දුව මත කොස්‌තාපල්වරයා දැනට වසරක පමණ කාලයක සිට ඇය සමඟ අනියම් ප්‍රේම සම්බන්ධතාවක්‌ පවත්වාගෙන ගොස්‌ ඇත.

    මේ අතර මීට දින කිහිපයකට ඉහතදී එම කොස්‌තාපල්වරයා වෙනත් කාන්තාවක්‌ සමඟ ද ප්‍රේම සම්බන්ධතාවක්‌ පවත්වාගෙන යන බව ලද තොරතුරක්‌ මත ඊට උරණවූ අනියම් බිරිඳ සහ කොස්‌තාපල්වරයා අතර අවස්‌ථා ගණනාවකදී බහින් බස්‌ වීමක්‌ ද සිදුවී ඇත.

    ඉන් දැඩි ලෙස කෝපයට පත්ව සිටි අනියම් බිරිඳ  (10 දා) සවස්‌ කාලයේ තම නිවසට පැමිණි කොස්‌තාපල්වරයා සමඟ ලිංගික ඇසුරකට සූදානම් වූ අවස්‌ථාවේ ඔහුගේ රහසඟ කපා ඇති බව පොලිස්‌ පරීක්‌ෂණවලදී අනාවරණය වී තිබේ.

    අනතුරුව මේ සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව කොස්‌තාපල්වරයාගේ අනියම් බිරිඳ හිඟුරක්‌ගොඩ පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඇය  (11 දා) හිඟුරක්‌ගොඩ මහෙස්‌ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

    [rns_reactions]
  • අවුරුදු සැමරුවානම් මේ ටිකත් ඔබ දැනගන්නම ඕනේ….

    “හෙළයේ බක් මහ උළෙල සමරන්නට සැරසෙමි” යනුවෙන් ශ්‍රී නිමල් පද්මකුමාර මහතා අපුරු සටහනක් තම ෆේස්බුක් පිටුව මත ලියා තිබෙනවා.

    [rns_reactions]
  • අද සුදනා වෙන්න හදන දුමින්දලා/ගොටභයාලා මීතොටමුල්ලේ මිනිස්සුන්ට ගහපු විදිය මෙන්න…

    එදා විසදුම් ඉල්ලපු මිනිස්සුන්ට අද සුදනන් වෙන්න හදන මහින්දලා ගොටභයලා දුමින්දලා පොලිසිය දම්මල්ලා ගහපු විදිය මෙන්න…

    https://www.facebook.com/LankaTrueNews.LTN/videos/1444445722274687/

    [rns_reactions]

     

  • මීතොටමුල්ල ඛේදවාචකයේ ඔබ නොදුටු දසුන් මෙන්න – (Exclusive)

    මීතොටමුල්ල ඛේදවාචකයේ ඔබ නොදුටු දසුන් මෙන්න – (Exclusive)

     

     


    [rns_reactions]

  • 12 හැවිරිදි දියණිය දුෂණය කිරීමට පිරිමි දරුවාට පහර දී නිවසෙන් එළවලා

    අවුරුදු නැකතට සිය දොළොස් හැවිරිදි දියණිය දුෂණය කරන ලද පියෙකු හලාවත පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

    හලාවත නගරයේ වඩේ වෙළදාමේ නිරත මෙම පුද්ගලයාට දැරියන් දෙදෙනෙකු සහ දරුවන් දෙදෙනෙකු සිටින බවයි පොලිසිය පවසන්නේ.

    මීට පෙර අවස්ථාවකදී ද මොහු වැඩිමහල් දැරියව අපයෝජනය කර ඇති අතර පසුව අධිකරණයේදී වරද පිළිගැනීමෙන් අනතුරුව වසරක සිර දඬුවමක් ලබා දී ඇති අතර එය වසර පහකට අත්හිටුවා තිබෙනවා.

    දරුවන්ගේ මව විදේශගතව සේවය කරන අතර මව මීට පෙර අවස්ථාවක මෙරටට පැමිණි පසු දරුවන්ගේ අනාරක්ෂිත බව පිළිබඳව පොලිසිය දැනුවත් කිරීමටද කටයුතු කර තිබෙනවා.

    අවුරුදු උදාවත් සමග සිය නැගණිය ගේ විලාපයට අවදි වී ඇති සහෝදරයා මෙම සිද්ධිය දැක ඇති අතර එහිදී පියා විසින් මෙම තම වැඩිමහල් පිරිමි දරුවාට පහර දී නිවසෙන් එලවා තිබෙනවා.

    පියාගෙන් බේරී පළාගොස් ඇති මොහු පොලිසිය හමුවේ සිද්ධිය අනාවරණය කර තිබෙනවා. ඒ අනුව හලාවත පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය මේ පිලිබඳව විමර්ශන ආරම්භ කර තිබෙනවා.

    [rns_reactions]

  • කොලොන්නාව ටෙරන්ස් විදුහලේ අවතැන්ව සිටින අපේම මිනිසුන්ට සවියක් වෙමු.. අවශ්‍ය ද්‍රව්‍ය මෙන්න…

    අසරණ මිනිසුන්  පැදුරක් කොට්ටයක් ගන්න සිය ගණන් පෝලිම් වල පැයගණන් පොරකති..
    මීතොටමුල්ල ව්‍යසනයෙන් දැනට 1080 ක් පමණ පිරිසක් අවතැන්ව ඇති අතර මේ වන විට කොලොන්නාව ටෙරන්ස් විදුහලේ තාවකාලිකව නවාතැන් ගෙන සිටින අතර ඔවුන්ට දැනට පහත ද්‍රව්‍යය අවශ්‍යයව ඇති බව එම විදුහලේ විදුහල්පතිනී රුවනි පතිරණ දනුම් දෙයි..


    ඇඳුම් ( පාවිච්චි කරන ලද ඇඳුම් ලබා දීමෙන් වැලකී සිටින්න)
    දත් බුරුසු
    ටූත් පේස්ට්
    කොට්ට
    පැදුරු
    සබන්
    කාන්තා සනීපාරක්ශක ද්‍රව්‍යය
    විශබීජ නාසක
    පිරිසිදු කාරක
    පැනඩෝල්
    කිරිපිටි (ළදරු කිරිපිටි)
    සීනි
    තේකොල..


    දැනට අවශ්‍යය කරන ආහාර පොලිසිය හමුදාව හා ප්‍රාදේශීය ලේඛම් කාර්‍යයාලය මගින් ලබාදෙනු ලබයි..
    මේ පිලිබඳව වැඩි දුර විස්තර විදුහල්පතිනිය හෝ පහත අංක අමතා ලබාගත හැක..


    (විදුහල්පතිනිය සහ නියෝජ්‍ය විදුහල්පතිනිය මේ කඳවුරේ වගකිවයුතු නිලධාරීන් බැවින් ඔබේ ආධාර මේ අංක අමතා පමණක් සම්බන්ධ කරන්න)

    විදුහල්පති රුවනි පතිරණ මිය – 071-4484213
    නියෝජ්‍ය විදුහල්පති ගීතිකා මිය – 0727397902

  • මාස දෙකින් කුණු කන්ද අයින් කරනවා.. 2016.08.30 මාධ්‍ය ඉදිරියේ මරික්කාර් වහසි බස් කියූ වීඩියෝව මෙන්න…

    තමන් මාස දෙකෙන් කසල කන්දේ ගැටලුව විසදන බවට එස්.එම් මරික්කාර් පුරසාරම් කියවන අපුරු වීඩියෝවක් අපට ලැබී ඇත.

    ඔහු කියූ ලෙසට මාස දෙක අවසන් වන්නේ 2016.10.30 දිනය… එදින එම ගැටලුව අවසන් වුයේ නම් අද මෙලෙස ව්‍යසනයක් සිදුවන්නේද නැත.

    කොලොන්නාව කසල කන්දේ ගැටලුව කටට එන නිමක් නොමැති වචන රසකර  කියමින් පුරසාරම් දොඩමින් මාධ්‍ය සංදර්ශන වල නිරත වන ඇතැම් දේශපාලකයන්ට මල් වත්තක් වී ඇති බව නම් සැබෑවකි..

    https://www.facebook.com/SriLankanTVnews/videos/1452194061504810/

     

  • ලකුණු දාගන්න ගිය මරික්කාර්ට/සාගලට එජාප නියෝජිතයන්ට ගල් වලින් හූ හඩින් ප්‍රතිචාර..

    මීතොටමුල්ල කුණු කන්ද කඩාවැටීමෙන් විපතට පත් වූවන්ගේ සුවදුක් බැලීමට ඇමති සාගල  හා මරික්කාර් ගිය අවස්ථාවේ එහි සිටි ජනතාව ‘හූ’ කියමින් ගල් දමාගසමින් විරෝදය පල කලහ.
    ජනතාවට ඇමතිවරයාට සහ මරික්කාර්ට  කියා සිටියේ මැරුනට පස්සෙ බලන්න ඒමෙන් වැඩක් නැති බවයි.
    මෙම ගමන සදහා නීතිය හා සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් සහ පොලිස්පති පූජිත ජයසුන්දර සහභාගී වූ අතර ජනතාවට උත්තර දීමට ගිය මරික්කාර්ට ජනතාවගෙන් අම්මා අප්පා මතක් කරන දැඩි ප්‍රතිචාර හිමිවිය.

    [rns_reactions]

  • මීතොටමුල්ලේ නිවාසවල භාණ්ඩ සොරා කන්න ගිය 18ක් අල්ලයි..

    මීතොටමුල්ල කුණු කන්ද කඩා වැටීමෙන් මේ වන විට පුද්ගලයින් 19 දෙනෙකු මියගොස් ඇති බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රොෂාන් සෙනෙවිරත්න මහතා පවසයි.

    ත්‍රිවිද හමුදාව තවදුරටත් අඛණ්ඩ මෙහෙයුම්වල නිරතව සිටින බවද  යුද හමුදා මාධ්‍ය  ප්‍රකාශකවරයා  ප්‍රකාශ කළේය.

    මේ අතර මීතොටමුල්ල කුණු කන්ද කඩා වැටීමෙන් මියගිය පුද්ගලයින්ගේ දේහයන් පිළිබඳ අවසන් කටයුතු රජයේ වියදමින් සිදු කිරීමට තීරණය කර තිබේ.

    අද (15) පෙරවරුවේ ආපදා කළමනාකරණ අමාත්‍යංශයේදී රැස්වූ කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී මෙම තීරණය ගත් බව අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ප්‍රකාශ කළේය.

    මේ අතර සිද්ධියෙන් තුවාල ලැබූවන් 13 දෙනෙකුද කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බව  පොලීසිය සඳහන් ක‍ළේය.

    ඊයේ පස්වරුවේ මීතොටමුල්ලේ කුණු කන්දේ කොටසක් කඩා වැටීමෙන් නිවාස 145කට පමණ හානි සිදුව ඇති බව පොලීසිය පවසයි.

    පවුල් 180ට අයත් පුද්ගලයින් 625 දෙනෙකු අවතැන්වී ඇති අතර ඔවුන් කොලොන්නාව ටෙරන්ස් ද සිල්වා  පාසලේ සහ අවට ප්‍රජාශාලාවල රැදී සිටින බව පොලීසිය පවසයි.

    [rns_reactions]

  • IPL සටනේ මහේලගේ මුම්බායි ඉන්දියන්ස් පෙරමුණට…

    අයි පී එල් කි‍්‍රකට් තරගාවලියේ මේ දක්වා පැවති තරගවලින් ප‍්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත් වී සිටින අතර ඒ, තරග හතරකට සහභාගි වී ඒවායින් තුනක් ජය ගනිමින්.

    ශී‍්‍ර ලංකාවේ හිටපු කි‍්‍රකට් නායකයෙකු වන මහේල ජයවර්ධන මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පුහුණුකරුවා ලෙස කටයුතු කරයි.

    කොල්කටා නයිට්රයිඩර්ස්, සන්රයිසස් හයිද්‍රාබාද් සහ කිංස්ලෙවන් පන්ජාබ් යන කණ්ඩායම් මේ දක්වා තරග දෙක බැගින් ජයගෙන තිබෙනවා. 

    මේ අතර මෙම තරගාවලියේ තවත් තරග දෙකක් අද (15) පැවැත්වීමට නියමිතයි.

    පළමු තරගය කොල්කටා නයිට්රයිඩර්ස් සහ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම අතර පැවැත්වෙනවා.

    අනෙක් තරගය පැවැත්වෙන්නේ දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් සහ කිංග්ස් ලෙවන් පන්ජාබ් යන කණ්ඩායම් අතරයි.

    [rns_reactions]

     

  • ඔබ ආදරය කරන කලා ලොවේ තරු අවුරුදු සැමරූ හැටි මෙන්න..

    අලුත් අවුරුද්ද ලංකාවාසී හැමදෙනාම සැමැරුවේ සතුටු සිතින්. අවුරුද්දේ මතක සැමැරුම්,සුන්දරත්වය, උණුහුම තවමත් අපේ සිත්වලින් මැකී ගිහින් නැහැ. හැමදෙනාගේම සිත් අලුත් සිතුම් පැතුම් ,බලාපොරොත්තුවලින් පිරී ගිහින්. අදහස් ,සිතුවිලි හැමදේම අලුත්වන අලුත් අවුරුද්දේ අපි කවුරුත් ප්‍රිය කරන කලාකරුවන් අවුරුදු සැමරූ හැටි සොයා බලන්න අපි හිතුවා.

    අලුත් අවුරුදු සමරන්න ලංකාවට ආවා

    බියංකා ෆොන්සේකා කලාලොවේ සිටින සූරූපී නිළියක්. ඇය පසුගිය දවස්වල නිර්මාණයකින් නොදුටුව තරම්. අලුත් අවුරුද්දේ බියංකා ගැන අපිට අලුත් ආරංචියක් දැන ගන්නට ලැබුණා. ඒ ගැන අපි ඇගෙන්ම විමසා බැලුවා.

    ‘මම මෙච්චර කාලයක් විදෙස් ගතවෙලයි හිටියේ. ඒ පෞද්ගලික ජීවිතයේ වැඩකටයුතු කිහිපයක් වෙනුවෙන්. පසුගිය දිනෙක අලුත් අවුරුදු සමරන්නත් බලාගෙන නැවත ලංකාවට ආවා. උලත් එකයි පිලත් එකයි‘චිත්‍රපටයට දායක වුණාට පසුව මට අලුත් නිර්මාණයකට දායක වෙන්න නොලැබුණ තරම්. ඉතින් මේ දවස්වල වැඩි වශයෙන් රූපවාහිනී නාළිකාවල අවුරුදු උළෙල සහ වැඩසටහන් වෙනුවෙන් සහභාගි වුණා. පවුලේ අයත් එක්ක අලුත් අවුරුදු සැමැරුවා. හුඟක් සතුටින් කාලය ගෙවී යනවා.

    කුරුඳු හැලප කරපු දෙයක්

    සාමාන්‍යයෙන් අලුත් අවුරුදු සමයේ විවිධ රූපවාහිනී නාළිකාවල විවිධ වැඩසටහන් දියත් වෙනවා. ඒ අතර අවුරුදු උත්සව වගේම විවිධ පුණ්‍ය කටයුතුත් සිදු වෙනවා. එවැනි පුණ්‍ය කටයුත්තකට ප්‍රවීණ කලාකරු කුමාර රණපුර පසුගිය අවුරුදු සමයේ දායක වුණා. මෙතනදී අපූරු සිදු වීමක් කුමාරට දැක ගන්න ලැබිලා.

    ‘පසුගිය දවසක එක්තරා රූපවාහිනී නාළිකාවක් සංවිධානය කරපු අවුරුදු වැඩසටහනකට සහභාගි වෙන්න මටත් ඇරියුම් ලැබුණා. එයට නව පරපුරේ නළු නිළියනුත් අැවිත් හිටියා. අපි ගියේ වැඩිහිටි නිවාසෙකට දානයක් දෙන්නයි. ඉතින් වැඩිහිටි මව්පියන් සමඟ හුඟක් විනෝද වු‍ණා. මේ අතර තේපානයට අපිට අපූරු හැලප වර්ගයක් කන්න ලැබුණා. සාමාන්‍ය‍ෙයන් අපි මෙච්චර දවසක් කාලා තිබෙන්නේ කැන්ද කොළේ ඔතපු හැලපනෙ. එදා අපිට ලැබුණේ කුරුඳු කොළේ ඔතපු හැලප. ඒ හැලප හරිම රසයි. ඉතින් අපි හැමදෙනාම බොහොම ආසාවෙන් මේ හැලප කෑවා. තේ බිව්වා. ඉතින් හවස් වෙනකොට අපි වැඩිහිටි නිවාසයෙන් පිටත් වෙන්න වාහනයට ගොඩවෙන්න ආවා. මෙන්න බොලේ නවක නිළියකගේ සාක්කුවේ පිරී තිබුණු කුරුඳු හැලප ගොඩක් බිමට වැටුණා. හැමෝටම හිනා. කුරුඳු හැලපවල රස වැඩි කමට ගෙදර ගෙනිහිල්ලා කන්නත් මෙයා හැලප අරගෙන. පස්සේ ඉතින් මේ නවක නිළියට අපේ විහිළු තහළු මැද තමයි ගෙදරට යන්න වුණේ.

    රිතූ අන්ධයකුට කිරි කවලා

    රිතූ ආකර්ෂා මෙදා අලුත් අවුරුද්ද ගත කළේ හරිම අපූරු විදිහට. ඒ ගැන රිතූ කිව්වේ මේ විදිහට.‘මම හැමදාමත් අලුත් අවුරුද්දට හුඟක් බීසී වෙනවා. නමුත් මෙදා සැරේ අවුරුද්දට නම් එහෙම බිසී එකක් වුණේ නැහැ. සුපුරුදු විදිහට අවුරුදු වැඩසටහන්වලට සහභාගි වුණා. ගෙදර ඉඳන් අවුරුදු සැමැරුවා. පසුගිය මාස කිහිපයේම එක දිගට නිර්මාණ කටයුතුවල නියැළුණු නිසා අවුරුදු දිනවල කිසිම නිර්මාණයක් මම බාර ගත්තේ නැහැ. රූපවාහිනී අවුරුදු වැඩසටහන් කිහිපයකටම මමත් සහභාගි වුණා. ඒ අතර දෙරණ අවුරුදු උත්සවය නම් විශේෂයි. මොකද මම අන්ධයකුට කිරි කැවුවා. ඒ තමයි දෙනුවන්. දෙනුවන්ගේ මුළු මුණෙම කිරි. කොහොම වුණත් අවුරුදු නම් හරිම සතුටින් සැමැරුවා.

    අවුරුද්දේ තුන්දෙනාම එකට

    සුන්දර රංගන ශිල්පිනියන් අතර තරුෂි පෙරේරා අමතක කරන්න බැහැ. තරුෂි නිතරම විදෙස් ගත වෙනවා. ඒ ඇගේ සැමියා විදෙස් රටක සේවය කරන නිසයි. එනිසාම තරුෂිට බෙහෝ වසරවල අලුත් අවුරුද්ද සමරන්න විදේශගත වෙන්න සිදු වුණා. ඒත් මෙවර නම් තරුෂිට ලංකාවේ ඉඳගෙනම අලුත් අවුරුද්ද සමරන්න හැකි වෙලා. ඇය ඒ ගැන අපිත් එක්ක කිව්වේ මේ විදිහට.

    ‘මෙවර අලුත් අවුරුද්ද මමත් මගේ මහත්තයත් පුංචි පුතත් එකට එකතුවෙලා අවුරුදු සමැරුවා. මෙවර සුමේධ ලංකාවට ආවේ දිගු නිවාඩුවකට. එනිසා අවුරුද්ද වෙනදට වැඩිය සතුටින් වගේම චාරිත්‍ර සමඟ ඉටුකරන්න අපි දෙන්නට හැකි වුණා. මගේ අතින්ම සුමේධ වෙනුවෙන් විවිධ කෑම වර්ග කැවිලි සැකසුණා. පුතාට දැන් අවුරුදු 2ක් වෙන නිසා එයාටත් දැන් පොඩිපොඩි දේවල් තේරෙනවා. ඒ හින්දා අවුරුද්ද හරිම විශේෂව මෙවර සැමැරුවා.

    අලුත් අවුරුද්දට අලුත් ගීත

    ඉන්දිකා උපමාලි ගැන අටුවාටිකා අවශ්‍ය නැහැ. ඇය කලා ලොවේ සිටින දක්ෂතම ප්‍රවීණ ගායිකාවක් වගේම රංගන ශිල්පිනියක්. මෙදා සැරේ අවුරුද්දට ඉන්දිකාගෙන් අලුත්ම ගීත එකතුවක් නිර්මාණය වී ඇති බව අපිට දැන ගන්නට ලැබුණා. ‘අලුත් අවුරුද්ද සැමැරුවේ මගේ අලුත් ගීත කිහිපයක්ම නිර්මාණය කරමින්. එනිසා මෙවර අලුත් අවුරුද්ද මට වගේම මගේ රසිකයන්ටත් විශේෂ වුණා. ඉදිරියේ දී මේ ගීත ඇතුළත් කරලා සංයුක්ත තැටියක් එළිදක්වන්න මම සූදානම්. ඒ වගේම දැන් මගේ පුංචි පුතාට අවුරුදු 2ක්. එයත් එක්ක අවුරුදු චාරිත්‍ර ඉටුකරමින් අවුරුදු සමරන්න මට හැකි වුණා. ‘

    අවුරුදු දවසේ ගෙදර තනි කළේ නැහැ

    ප්‍රවීණ රංගන ශිල්පිනියක වන අනූෂා දමයන්ති අවුරුද්දට කතරගම වන්දනාවේ ගියා කියල අපිට දැන ගන්නට ලැබුණා. බුදුන්, දෙවියන් සිහිකරමින් අවුරුදු සමරන්න ලැබුණු එක ගැන අනූෂා අපිත් එක්ක කතා කළා. ‘පසුගිය දවස්වල කලා කටයුතු නිසා බොහොම කාර්ය බහුලව තමයි කාලය ගත කළේ. කොහොමත් අවුරුද්දකට වතාවක් කතරගම යන්න මම අමතක කරන්නේ නැහැ. එනිසා පරණ අවුරුද්දේ කතරගම ගිහින් කිරිවෙහෙර වැඳලා, කතරගම දෙවියන් වැඳලා ආවා. ඒ වගේම අවරුදු දිනයේ ගෙදරම ඉඳගෙන චාරිත්‍ර වාරිත්‍ර ඒ ආකාරයෙන්ම ඉටුකළා. මොකද මම විශ්වාස කරන දෙයක් තමයි අලුත් අවුරුදු දිනයේ තමන් ජීවත් වෙන නිවෙස හිස් කරන්න හොඳ නැහැ කියන එක. එදාට ගෙදර කිරි උතුරුවලා, කිරිබතක් පිළියෙල කළ යුතුමයි. එනිසා ඒ දේවල් අකුරටම ඉටුකළා. ඊට පසුවදා මම නුවර එළි ගියා. ඒ මගේ පවුලේ හැමදෙනාම සමඟ.

    රොෂානාට මේ අලුත් අවුරුද්ද විශේෂයි.

    රොෂානා මේ දවස්වල කතාබහට ලක්වෙන රංගන ශිල්පිනියක්. රොෂානාට මෙවර අලුත් අවුරුද්ද හරිම විශේෂයි. ඒ ගැන අපි ඇගෙන්ම විමසුවා. ‘මෙවර අවුරුද්ද මගේ ජීවිතයට හුඟක් විශේෂයි. මොකද පසුගිය අලුත් අවුරුදු මම සැමැරුවේ තනිවම. එත් මෙවර මගේ අලුත් පවුලේ හැම දෙනා එක්කම සමරන්න මට අවස්ථාව ලැබුණා. මගේ පෙම්වතා සමඟ මෙවර අලුත් අවුරුද්ද සමරන්න ලැබුණු එක ගැන විශාල සතුටක් හිතේ තිබෙනවා.

    අලුත් අවුරුදු සැමරුවේ නුවරඑළියේ

    ලැබූ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද පූජා උමාශංකර්ට නම් විශේෂ අවුරුද්දක් වුණා. ඒ ඇය විවාහයෙන් පසුව සමරන පළමු අලුත් අවුරුද්ද මෙය වීමයි. කොහොම වුණත් පූජා අලුත් අවුරුද්ද සමරන්න නුවරඑළි ගියා කියලා අපිට දැන ගන්නට ලැබුණා. ‘අලුත් අවුරුද්දට මගේ පවුලේ හැමදෙනාමත් මගේ සැමියාගේ පවුලේ හැමදෙනාමත් එකතු වුණා. විශේෂයෙන්ම මගේ මල්ලී එයාගේ බිරියත් දරුවනුත් සමඟ ලංකාවට ආවා. ඉතින් අපි කට්ටියම නුවරඑළි ගියා. පුංචි පැටව් දෙන්න එක්ක ගත කරපු ඒ කාලය නම් හරිම අපූරුයි. නුවරඑළියේ සුන්දර තැන් නරඹමින් හරිම සතුටින් තමයි කාලය ගත කළේ

    [rns_reactions]