Blog

  • ජනපති මෛත්‍රී සුබ නැකතට නව අවුරුදු සිරිත් සිදුකල ආකාරය මෙන්න.. (Video)

    සිංහල හා දෙමළ අලූත් අවුරුද්දේ ලිප ගිනි මෙලවීමේ නැකත් චාරිත්‍රයට ගරු කරමින් ජනාධිපති ගරු මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන් සහ ජයන්ති සිරිසේන මැතිණිය ප්‍රමුඛ පවුලේ සියලු දෙනා හෙළ චාරිත්‍රයට අනුව අවුරුදු සැමරීම ජනාධිපති නිල නිවසේදි..

    https://www.facebook.com/maithripalas/videos/10155017573681327/

    සිංහල හා දෙමළ අලූත් අවුරුද්දේ යෙදී තිබෙන ආහාර අනුභවය,වැඩ ඇල්ලීම සහ ගනුදෙනු කිරීමේ නැකත් චාරිත්‍රයන්ට ගරුකරමින් ගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන් සහ ජයන්ති සිරිසේන මැතිනිය ප්‍රමුඛ පවුලේ සියලු දෙනා හෙළ චාරිත්‍රයට අනුව එම නැකත් ඉටුකිරීම.

    https://www.facebook.com/maithripalas/videos/10155017598876327/

    මුල් පුරවැසි පළමු අවුරුදු සුබ පැතුම …..

    https://www.facebook.com/srilankarupavahini/videos/1287406654628483/

    [rns_reactions]

  • නව වසරේ කුමාර් සංගක්කාරට තානාපති තනතුරක් – කියවන්න දැනගන්න බෙදාහරින්න

    ජූනි මස 01 වැනිදා ආරම්භ වන මෙවර පැවැත්වෙන ශූරයින්ගේ කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ සන්නාම තානාපතිවරයෙකු ලෙස කුමාර් සංගක්කාර පත්කර තිබෙන බව අපට වාර්තා වේ.

    අන්තර් ජාතික ක‍්‍රිකට් කවුන්සිලය විසින් ක‍්‍රීඩකයින් අට දෙනෙකු ශූරයින්ගේ කුසලාන තරගාවලියේ සන්නාම තානාපතිවරු ලෙස නම් කර තිබෙනවා. 

    ඔස්ටෙ‍්‍රලියාවේ මයික් හසී, දකුණු අප‍්‍රිකාවේ ග‍්‍රෑන්ස් ස්මිත් , පකිස්තානයේ සියිඞ් අෆ්රිඩි, ඉන්දියාවේ හර්බජාන් සිං, එංගලන්තයේ ඉයන් බෙල් සහ බංග්ලාදේශයේ හබිබුල් බෂාර් මෙලෙස සන්නාම තානාපතිවරු ලෙස නම්කර තිබෙනවා. 

    මෙම තරගාවලියට එක්වන්නේ අන්තර්ජාතික ක‍්‍රිකට් කවුන්සිලයේ එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් සටහනේ මුල් අට අතර සිටින කණ්ඩායම් වන අතර ඒ අනූව බංග්ලාදේශය මෙම තරගාවලියට සුදුසුකම් ලබා සිටින අතර බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට මෙවර ශූරයින්ගේ කුසලානයට සහභාගි වීමට අවස්ථාව හිමිව නැහැ. 

    තරගාවලියේ දී ඒ ඛාණ්ඩයෙන් ඔස්ටේ‍්‍රලියාව, බංග්ලාදේශය, එංගලන්තය සහ නවසීලන්තය තරග වදිනවා. 

    බී කාණ්ඩයෙන් තරග වදින්නේ ශ‍්‍රී ලංකාව, ඉන්දියාව, පකිස්තානය සහ දකුණු අප‍්‍රිකාවයි.

    [rns_reactions]

  • Impact Wrestling වල මේ සතියේ මොකද උනේ? වීඩියෝව මෙන්න…

    මේ පුවත රෙස්ලින් ක්‍රීඩාවට ලැදියාවක් දක්වන ඔබ වෙනුවෙනි. මේ සතියේ Impact Wrestling වැඩසටහනේ සිදුවූ දේවල් වීඩියෝවක් ලෙස ඇප ඔබ වෙත ඉදිරිපත් කරන්නෙමු.

    https://www.youtube.com/watch?v=WmzNJNElKSA

    [rns_reactions]

  • ඊයේ පැවතී KXIP vs KKR තරගයේ වෙච්ච දේ මෙන්න.. (වීඩියෝ)

    මෙවර අයි.පි.එල් තරගාවලියේ  ඊතරගයට මොකද උනේ? ක්‍රිකට් වලට ලදී ඔබ සොයන  වීඩියෝව මෙන්න..

    https://www.youtube.com/watch?v=dzfJCj5j2uM

    https://www.facebook.com/amuthumalokaya/videos/671094879741144/

    [rns_reactions]

  • අපේ නව වසරට ඇමරිකානු ජනපති ට්‍රම්ප් වැඩ අල්ලපු හැටි මෙන්න..

    මෙවර නව වසර වෙනුවෙන් ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ද සුබ නැකතට වැඩ අල්ලා ඇති බව අපට වාර්තා වේ. ඒ අයි.එස්.අයි.එස් සටන්කාමින් බහුතරයක් වෙසෙන ඇෆ්ගනිස්තානය කේන්ද්‍රකොටගෙන වීමද විශේෂත්වයකි.

    මිහිපිට න්‍යෂ්ටික බෝම්බ හැරුණු කොට විශාලම බෝම්බය ලෙස සැලකෙන කිලෝග්‍රෑම් 800 බරැති විශාල බෝම්බයක් නන්ගර්හාර් ප්‍රදේශයට දමා ඇති බව අපට වාර්තා වේ. ත්‍රස්තවාදීන්ගේ උමගක් මෙහි ඉලක්කය වී ඇති බව සදහන්.

     

    [rns_reactions]

  • අවුරුදු පණිවිඩය මහින්දට වැරදිලා. පරාජිතයා අවුරුදු පණිවිඩයෙනුත් රට හිනස්සයි..

    කු.පා.ම  මහින්ද රාජපක්ෂ  ද උදා වූ සිංහල සහ දෙමළ අලූත් අවුරුද්ද වෙනුවෙන් අරුම පුදුම  සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා. එහි සදහන් වන්නේ තමන් ශ‍්‍රී ලංකාද්වීපයේ ඒකාග‍්‍රතාව බිද දැමීමට තිස් වසරක් පුරා පැවති ත‍්‍රස්තවාදය මේ වන විට සම්පූර්ණයෙන් අවසන්කර තිබෙන බවත් තම රජය යටතේ තරුණ තරුණියන්ට රැකියා ලබාදුන් වගයි.
    එමෙන්ම දේශීය ගොවියා නගා සුටුවීමෙන් කර්මාන්ත ශක්තිමත් කිරීමට ද  මාධ්‍යවේදීන්ට නිදහසේ කටයුතු කිරීමටද තම රජය කටයුතු කර තිබුණා. 

    පුරාන රාජ පරපුරට අනුව රට පාලනය කල තාම රජයේ  සියලූ ආදර්ශයන් අතීතයට අයත් ඒවා බවත් එම කරුණු ප්‍රමුඛ කරගෙන  හෙළයේ අසිරිමත් බක් මහ මංගල්‍යය ජාතියේ උරුමය බව සමස්ථ රට වැසියන්ට සිහිපත්කර දෙන බවයි මහින්ද  සිය සුබ පැතුම් පණිවිඩය මගින් පෙන්වා දී ඇත්තේ. 

    [rns_reactions]

  • සමෘද්ධිමත් ආර්ථිකයට ජනපති මෛත්‍රීගෙන් සුබ පැතුම්..

     මෙවර සිංහල සහ දමිල නව වසරේදී සමෘද්ධිමත් ආර්ථිකයක් ගොඩනැගීම සඳහා සියලූ දෙනාට සුබාශිංසනය පල කරන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසනවා. 

    උදා වූ සිංහල සහ දෙමළ අලූත් අවුරුද්ද වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා. 

    ශ‍්‍රී ලංකාව ලොව ශ්‍රේෂඨ රටක් බවට පත් කිරීම සඳහා සියලූ දෙනා ඇප කැප විය යුතු බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේ. 

    [rns_reactions]

  • අලුත් අවුරුද්ද ඔබේ ලග්නයට කොහොමද? ඉන්දික තොටවත්ත සියල්ල හෙළිකරයි.. (Video)

    https://www.youtube.com/watch?v=b3laFSD2zpY

    https://www.youtube.com/watch?v=zw_-8h6bVnM

    https://www.youtube.com/watch?v=VrYm_Q8b2pE

    https://www.youtube.com/watch?v=5i8gf48O9KY

    https://www.youtube.com/watch?v=dIgZlDskQGM

    https://www.youtube.com/watch?v=rmauSYZ86Og

    https://www.youtube.com/watch?v=IJv5ZX_oFLU

    https://www.youtube.com/watch?v=4_hSOwxFobM

    https://www.youtube.com/watch?v=dxDpfV5vcEY

    https://www.youtube.com/watch?v=ZiMmMWBave4

    https://www.youtube.com/watch?v=5Y-z7gN0P7o

    https://www.youtube.com/watch?v=OZEuEwRehIs

    [rns_reactions]

  • ජනපති මෛත්‍රීගේ නිල රථය පිලිබදව පැතිර යන අපවාද වලට පිළිතුරු දෙමින් ඇමති රවී සියලු තතු පහදයි..

    ඇතැම් අන්තවාදී පාර්ශවයන් පවසන පරිදි  රුපියල් මිලියන 600 ක මුදලක් ජනාධිපතිවරයාගේ නිල රථය සඳහා වෙන් කර ඇති බවට සිදු කරනු ලබන. ප‍්‍රචාරයන් සම්පූර්ණයෙන්ම අසත්‍ය බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

    ඊයේ (12) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ය.

    කවුරුන් හෝ පිරිසක් විසින් මෙම සංඛ්‍යා හිතා මතා ප‍්‍රකාශ කරන බවත් මෙවැනි දෙයක් සමාජය ඉදිරියේ ප‍්‍රකාශ කිරීම නැතිනම් අත්වැරුද්දක් විය නොහැකි බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසීය.

    කෙසේ වුවද මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති වශයෙන් සිටින විට ඔහු විසින් සිදු කරනු ලැබු වියදම්වලින් වත්මන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් සිදු කරනු ලබන්නේ සියයට 2 ක් හෝ 3 ක් වැනි ඉතා අඩු ප‍්‍රමාණයක් බව ද අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේ ය.

    [rns_reactions]

  • අනතුරු වලකමු – ජීවිත සුරකිමු – ඔබේ අවධානයට..

    අවුරුදු සමය අනතුරු වැඩි වශයෙන් සිදුවන කාලයක්.

    මේ අවුරුදු සමයේදී ප්‍රධානම අනතුරු සිදුවන ආකාර සහ වළක්වා ගැනීම සඳහා ගත හැකි පියවර සම්බන්ධයෙන් පහතින් කියවිය හැකියි.

    ගිණි කෙළි අනතුරු

    1- දැල්වීමේදී බිම තබා ගිණි දල්වන්න.
    2-නියම ප්‍රමිතියට අනුව නිපදවූ ඒවා පමණක් දල්වන්න
    3- විශාල ජනතාවක් සිටින ස්ථාන සහ අනතුරුදායක ස්ථානවල දැල්වීමෙන් වළකින්න (ඉන්ධන පිරවුම්හල් අසල මෙන්ම මාර්ග අසල )
    4-කුඩා දරුවන් මේවා දැල්වීමෙන් වළකින්න
    5-කිරි ඉතිරවීමෙන් පසුව ඉතිරිවන ගිණියම්වූ කොටස් මගින් දරුවන්ට විය හැකි අනතුරු පිළිබඳව සැලකිලිමත්වන්න
    6- උන වෙඩි දැල්වීමේදී ලංවී පිඹිමේදී රත්වූ බටය පිපිරෙන නිසා වෙනත් ක්‍රමයක් භාවිතා කරන්න

    හදිසි මාර්ග අනතුරු

    1- මත්පැන් පානය කර වාහන ධාවනය කිරීම කිසිසේත්ම නොකරන්න
    2-මාර්ග නීතියට පටහැනිව වාහන ධාවනය නොකරන්න
    3-අධික වේගයෙන් රිය ධාවනය නොකරන්න
    5- ආරක්ෂක හිස් වැසුම් නොමැතිව යතුරු පැදි ධාවනයෙන් වළකින්න
    6-වාහනයේ ඉදිරිපස ආසනවල දරුවන් රැගෙන නොයායුතු අතර හැකිනම් දරුවන් රැගෙන යාම සඳහා ගැලපෙන ආසන පිටුපස සවි කරන්න

    දිය නෑමේදී ප්‍රවේශම්වන්න

    1- නෑමටසුදුසු ස්ථානවල පමණක් දිය නාන්න
    2-මත්පැන් පානය කර දිය නෑමෙන් වළකින්න
    3-හෝටල්වල පිහිණුම් තටාකාංගනවල දී හෝ දරුවන් දිය නාන විට දෙමාපියන් සැළකිල්ලෙන් සිටිය යුතුයි

    බෙහෙත් පානය

    1- අලුත් අවුරුදු දිනයේ බෙහෙත් පානය කල හොත් සෑමදිනම බෙහෙත් බීමට සිදුවන බව ඇතැමුන් සිතුවද දීර්ඝ කාලීන රෝගී තත්ත්වය නිසා බෙහෙත් බොන පුද්ගලයන් වෛද්‍ය උපදෙස් නොමැතිව බෙහෙත් නොබී සිටීමෙන් වළකින්න.එමෙන්ම නියමිත මාත්‍රාවට අනුව බෙහෙත් ලබා ගැනීමටද සැළකිලිමත් වන්න.

    අනතුරුදායක ක්‍රීඩා

    1-අනතුරුදායක ක්‍රීඩා අවුරුදු උත්සවවලින් ඉවත් කළ යුතුයි

    අනවශ්‍ය ගැටුම්

    1- අවුරුදු සමයේ මත්පැන් බී පැරණි අමනාප යළි සිහිපත්කරමින් ගැටුම් ඇති කර නොගන්න

     

    අවුරුදු සමයේ අනතුරු සිදු වුව හොත් සිදු කල යුතු දේ

    1-අනතුරක් සිදුවුව හොත් ළඟම ඇති පහසුකම් සහිත රජයේ රෝහලකට යන්න (අවුරුදු සමයේ ද ඔබේ සේවය වෙනුවෙන් ඔවුන් කැපවී සිටී )
    2- විශේෂ පුහුණුව ලත් කණ්ඩායමක හෝ ගිලන් රථ සේවයක සහාය ලබා ගන්න.

    [rns_reactions]

  • කෝටියකට අධික වටිනා හෙරොයින් සමග විදේශිකයෙක් කටුනායකදී අත්අඩංගුවට..

    පාවහන් තුළ සුක්ෂමව සඟවා ලංකාව තුලට රැගෙන එන ලද රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුතු හෙරොයින් තොගයක් කටුනායකදී සොයාගෙන තිබෙන අතර මෙලෙස හෙරොයින් කිලෝ 1 යි ග්‍රෑම්156 ක්  රැගෙන පැමිණ ඇත්තේ පාකිස්ථාන ජාතිකයෙක්.

    ඔහුව කටුනායක ගුවන් තොටුපළ පරිශ්‍රයේදී මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා

    [rns_reactions]

  • නායකයා මාරු වාඩුව ගන්න සමයං පිල වැඩ අල්ලයි – (Exclusive)

    කඩුවෙල – කොතලාවල ප‍්‍රදේශයේ අද (13) උදෑසන සිදු වූ වෙඩි තැබීම සමයං සහ අංගොඩ ලොක්කා නැමති පාතාල කල්ලි සාමාජිකයින්ගේ ආධාරකරුවන් අතර ඇති වූ ගැටුමක ප‍්‍රතිඵලයක් බව පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙනවා.

    මෙම සිදුවීම ඉදිරියේ සිදුවිය හැකි විශාල සිද්ධි දාමයක ආරම්භක සිදුවීම බව මේ පිලිබදව පරීක්ෂණ සිදුකරන පොලිස් කණ්ඩායම් වල මතවාදය වී ඇත.

    මෙම  වෙඩි තැබීම සිදුකර ඇත්තේ උර්ජුවා නැමති පාතාල කල්ලි සාමාජිකයෙක්. ඔහු සමයං නැමැත්තාගේ සමීපතමයෙකු බවයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

    තුෂාර නැමති තවත් පාතාල කල්ලි සාමාජිකයෙකු ඉලක්ක කර ගනිමින් වෙඩි තැබීම සිදුකර තිබෙන අතර ඔහු අංගොඩ ලොක්කා නැමැති පාතාල කල්ලි සාමාජිකයාගේ හිතවතෙකු බවයි විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

    මීට පෙර තුෂාර නැමැත්තාගේ නිවසට ද කිසියම් පිරිසක් විසින් ගිණි තබා ඇති බව පොලිසිය පැවසු අතර පසුගියදා බන්ධනාගාර බස් රථයකට එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් සමයං නැමැති පාතාල කල්ලි සාමාජිකයා ඝාතනයට ලක් වුණා. එම වෙඩි තැබීම සිදු කරන ලද්දේ අංගොඩ ලොක්කා විසින් බවයි පොලිස් විමර්ශනවලදී අනාවරණ වුණේ.

    [rns_reactions]

  • පුණ්‍ය කාලය උදාවෙයි – ආගමික වතාවත්වල නිරතවීම සුබයි..

    මෙවර සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ පුණ්‍ය කාලය මේ වන විට උදා වී තිබෙන අතර මෙවර නැකැත් පත‍්‍රය අනුව අපරභාර 7.40 ට පුණ්‍ය කාලය උදා වුණා.

    14 වැනි සිකුරාදා පූර්ව භාග 8.28 දක්වා පුණ්‍ය කාලය බැවින් අද දින අපරභාග 7.40 ට පළමුව ආහාර පාන ගෙන සියලු වැඩ අත්හැර ආගමික වතාවත්වල යෙදීම සුදුසු බවයි නැකැත් පත‍්‍රයේ සඳහන් වන්නේ.

    අද පස්වරු 7.40ට උදා වූ පුණ්‍ය කාලයේදී ආගමික කටයුතුවල යෙදීම සුබ පල ගෙන දෙන්නක් බව විද්වතුන්ද පවසනවා.

    හෙට (14) පූර්ව භාග 2.04ට සිංහල අලුත් අවුරුද්ද උදා වනවා.

    ආහාර පිසීමේ නැකත යෙදී ඇත්තේ පූර්ව භාග 5.41ටයි. රන්වන් පැහැති වස්ත‍්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා ලිප් බැඳ ගිණි මොලවා ගිතෙල් හා හකුරු මිශ‍්‍ර කිරි බතක් ද අග්ගලා සහ කැවිලි වර්ගයක් ද පිළියෙලකර ගැනීම සුදුසු බවයි නැකැත් පත‍්‍රයේ සඳහන් වන්නේ.

    වැඩ ඇල්ලීම, ගණු දෙනු කිරීම හා ආහාර අනුභව කිරීමේ නැකත යෙදී ඇත්තේ හෙට පූර්ව භාග 07.05ටයි. සුදු සහ නිල් පැහැති වස්ත‍්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා සියලු වැඩ අල්ලා ගණු දෙනු කොට ආහාර අනුභව කිරීම සුදුසු බව නැකත් පත‍්‍රයේ සඳහන් වනවා.

    [rns_reactions]

  • පුවත් මවන රන්ජන් රාමනායකගේ වීඩියෝවක් ලීක් වෙලා – (Exclusive)

    දිනෙන් දින පුවත් මවනා  ලංකාවම දන්නා  මන්ත්‍රී රන්ජන් රාමනායකගේ කිසිවෙක් නොදුටු  රහස්‍ය වීඩියෝවක් අපට ලැබී ඇත.

    බලන්න මෙම වීඩියෝව…

    https://www.facebook.com/SriLankanTVnews/videos/1449639108426972/

     

    https://www.facebook.com/SriLankanTVnews/videos/1449640291760187/

    [rns_reactions]

     

  • එජාපයේ වෙනස්කම් රැසක් – රගපෑ මරික්කාර්ගේ කොලොන්නාව හිරුණිකාට..

    එක්සත් ජාතික පක්ෂයේ නව ආසන සංවිධායකවරුන් 86ක් පත් කිරීම මෙවර මැයි දිනයෙන් පසුව සිදු කෙරෙන් බව අපට වාර්තා වේ. මෙහි විශේෂත්වය වන්නේ කොලොන්නාව ආසනයේ මරික්කාර්ගෙන් එම ආසනය හිරුනිකා ප්‍රේමචන්ද්‍ර හට ලබාදීමට යෝජනාවක් සම්මත වී තිබීමයි. දිගින් දිගටම අප්‍රසාදයට පත්ව සිටින මරික්කාර් නිසා කොලොන්නාව එජාපය පසුබෑමකට ලක්ව ඇති බව සමීක්ෂණ වාර්තා මගින් සොයාගෙන ඇත.

    එම සමීක්ෂණ වාර්තා අනුව නිදහස් පක්ෂ සංවිධායක ප්‍රසන්න සෝලංග 54% ප්‍රතිශතයක් සමගින් ඉදිරියෙන් සිටින අතර මරික්කාර්ට හිමිව ඇත්තේ 32% පමණි. මෙම ප්‍රතිපලයත් සමගින් සිරිකොත කලබල වී ඇති අතර හැකි ඉක්මනින් මෙය යථාතත්වයට පත්කිරීමට ඔවුනට උපදෙස් ලැබී ඇත.

    උතුරු, නැ‍ඟෙනහිර පළාත් ඇතුළුව දිවයිනේ සියලුම පළාත් ආවරණය වන ලෙස එක්සත් ජාතික පක්ෂයේ ආසන සංවිධායකවරුන් 116ක් තෝරා ගැනීම සම්පූර්ණයෙන් අවසන් කර තිබේ. තවත් ආසන සංවිධායකවරු 86ක් තෝරා ගැනීම අවසන් කර මැයි දිනයෙන් පසුව සියලු ආසන සංවිධායකවරුන්ට පත්වීම් ලිපි භාරදීමට නියමිතය.

    [rns_reactions]

     

  • දේශප්‍රේමිත්වයෙන් මිනීමැරුම් වසාගන්නට වෙරදරන තවත් අපරාධකරුවෙක් – එස්.එෆ්.ලොකු..

    SF ලොකූ නමැති පාතාල කල්ලි නායකයා සහ චීවරධාරියෙකු එක්ව අනුරාධපුර ජයශ්‍රී මහා බෝධිය අභියස සිට අන්තර්ජාලයට මුදාහරින ලද වීඩියෝවක් මේ වන ව්‍යාප්ත වෙමින් පවතිනවා.

    SF ලොකූ නමැති පුද්ගලයා මිනීමැරුම් චෝදනා මත ඇප මත නිදහස්වී සිටින පුද්ගලයෙකි.

    https://www.facebook.com/1287113354687229/videos/1313773385354559/

    [rns_reactions]