මෙතෙක් ඉන්දීය IPL ක්‍රිකට් ඉතිහාසයේ වටිනාම ක්‍රීඩකයින් පස්දෙනා(5) අතරින් පළමු තැන හිමිව ඇත්තේ අපේ ලසිත් මාලිංගට බව ඔබ දන්නවාද?
වීඩියෝව මෙන්න..
https://www.youtube.com/watch?v=ykyVC4I2aeo
[rns_reactions]
හැටන් කොළඹ ප‍්‍රධාන මාර්ගයේ ෂැනන් ප‍්‍රදේශයේදී ලංගම බස් රථයක් සහ පෞද්ගලික බස් රථයක් එකිනෙක ගැටී අද (12) දහවල් අනතුරක් සිදුවු අතර මේ අනතුරින් පසු බස් රථ දෙකේම මගීන් කුපිතවී ශ‍්‍රී ලංගම බස් රථයේ රියදුරාට පහරදී ඇති බව සදහන්.
පසුව බස් රථ දෙකේම රියදුරන් පොලිසිය විසින් අත්අඩංගුවට ගැණුනා.
ශ‍්‍රී ලංගම බස් රථය අධික වේගයෙන් පැමිණ පෞද්ගලික බස් රථය ඉස්සර කර නතර කළ බවයි සිද්ධිය දුටුවන් කියා සිටියේ.
එම අවස්ථාවේ පෞද්ගලික බස් රථය වේගය පාලනය කර ගත නොහැකිව ශ‍්‍රී ලංගම බස් රථයේ පිටුපස ගැටී අනතුර සිදුව තිබෙනවා. බස් රථ දෙකටම අලාභ සිදුව ඇතත් මගීන් කිසිවෙකුටත් තුවාල සිදුව නැහැ.
[rns_reactions]
කොළඹ අද (12) පැවැත්වූ මාධ්‍ය හමුවක දී අදහස් දැක්වමින් අන්තරේ කැඳවුම්කරු ළහිරු වීරසේකර පැවසුවේ මෙවර අලුත් අවුරුදු උදාවේ ප‍්‍රධාන චාරිත‍්‍ර යෙදී ඇති ලබන 14 වැනිදා කොළඹදී උද්ඝෝෂණයක් සිදුකිරීමට තමන් සුදානම් බවයි.
මාළඹේ සයිටම් ආයතනයට එරෙහිව සහ අධ්‍යාපන ක්ෂේත්‍රයේ තවත් ගැටළු කිහිපයකට විසදුම් ඉල්ලා මෙම උද්ඝෝෂණය සිදු කරන බව ද මෙහි දී ප‍්‍රකාශ කෙරුණා.
විශ්ව විද්‍යාල සිසුන් මේ වනවිටත් ස්ථාන හයකදී අට්ටාල ඉදිකර ගෙන සත්‍යග‍්‍රහයන්හි යෙදී සිටින බවයි ළහිරු වීරසේකර වැඩිදුරටත් පැවසුවේ.
මේ අතර මෙම උද්ගෝෂණ වලට මුහුණදීමට පොලිසිය සුදානම් වන බව අපට වාර්තා වේ. බොහෝදුරට වැඩ අල්ලන නැකතට පොලිසියට මෙම සිදුවීමට මුහුණදීමට සිදුවනු ඇති.
[rns_reactions]
සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් ග්‍රහණයේ සිටි ශ්‍රී ලාංකිකයින් මීට සුථ මොහොතකට පෙර මෙරටට පැමිණි අතර සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් විසින් ප‍්‍රාණ ඇපයට ගෙන සිට පසුව නිදහස ලද ශ‍්‍රී ලාංකික නාවිකයින් අට දෙනා අද පස්වරු 05.12 ට පමණ මෙලෙස යළි මව්බිමට පැමිණි බව සදහන්.
දෝහා සිට පැමිණි යානයකින් ඔවුන් මව්බිමට පැමිණියා.
ඔවුන් පිළිගැනීමට ඥාතීන් ගුවන් තොටුපලට පැමිණ සිටි බව ද සඳහන්.
[rns_reactions]
සුප්‍රකට නාසා ආයතනය මෙම සති අගදී දැවැන්ත හෙළිදරව්වකට සූදානම් වන බව විදෙස් වාර්තා සඳහන් කරන අතර අභ්‍යවකාශය සම්බන්ධයෙන් සිදු කරන පරීක්ෂණවල නවතම ප්‍රගතිය පිළිබඳ හෙළි කිරීම වෙනුවෙන් මෙම විශේෂ මාධ්‍ය හමුවක් පැවැත්වීමට සුදානම් බවයි වාර්තා වෙන්නේ.
එහිදී සෞරග්‍රහ මණ්ඩලයේ පවතින ග්‍රහලෝකවල මුහුදු පිළිබඳව නවතම අනාවරණයන් සිදුවිය හැකි බවටයි විශ්වාස කෙරෙන්නේ.
මෙම විශේෂ මාධ්‍ය හමුව වෙනුවෙන් විද්‍යාඥයන් රැසක් ද සහභාගී වීමට නියමිත අතර අමරිකාවේ වොෂිංටන් නුවර පිහිටි නාසා ආයතන ප්‍රධාන කාර්යාලයේදී පැවැත්වෙන මෙම මාධ්‍ය හමුව ලොව පුරා සජීවිව විකාශය කිරීමට ද නියමිතව තිබෙනවා.
කෙසේවෙතත් මෙතෙක් සිදු වූ පරීක්ෂණවලදී පිටසක්වල ජීවීන් පිළිබඳවද මෙම මාධ්‍ය හමුවේදී අනාවරණ කරන්නේද යන්න පිළිබඳව පැහැදිළිව සඳහන් කර නැහැ.
[rns_reactions]
සනුක යනු මෑත කාලිනව අතිශය ජනප්‍රියත්වයට පත්වුණු ගීත කිහිපයකම අයිතිකාරයෙක් වන අතර ඒ අතරින් සරාගයේ හා සංසාර සිහිනයේ යන ගීත සුවිශේෂයි.මීට සති කිහිපයකට පෙර නිකුත් වුණ සරාගයේ මියුසික් වීඩියෝව කා අතරත් කතා බහට ලක්වු අතර සරාගයේ වීඩියෝව පිළිබඳ සනුක පසුගිය දිනෙක පුවත්පතකට දැක්වූ අදහස් මෙසේය.
සරාගයේ සහ සංසාර සිහිනේ කියන ගීත දෙකටම හොඳ ප්‍රතිචාර ලැබෙනවා. සරාගයේ mp3 එකට යූ ටියුබ් විව්ස් ලක්ෂ පහක් විතර තිබුණා. වීඩියෝ එක දැම්මට පස්සේ යූ. ටියුබ් විව්ස් ලක්ෂ දහහතර පැනලා. සංසාර සිහිනේ ගීතයට විව්ස් ලක්ෂ හතක් පැනලා තිබ්බා. ඉතිං මේ දේවල්වලින් මට තේරෙනවා රසිකයෝ මගේ ගීතවලට ආදරෙයි කියලා.
ප්‍රසංගවලට ගියාම මම සරාගයේ ගීතය කියනකල් ගොඩක් අය බලාගෙන ඉන්නවා. ඒ ගීතය ඉල්ලනවා. මම ගීතය ගායනා කරද්දි ඒ අය මාත් එක්කම ඒ ගීතය ගායනා කරනවා. මගේ ගීතයක් රසික රසිකාවියන්ගේ හඩින් ඇහෙද්දි දැනෙන සතුට කියලා නිම කරන්න බෑ. ඔවුන් මගේ ගීතයේ වචන පවා මතක තියාගෙන ඉන්නවා.
“සරාගයේ”වීඩියෝවට ගැන කවුරුත් මගේ මූණට නම් විවේචන එල්ල කළේ නැහැ. හැබැයි ඒ වීඩියෝවේ කමෙන්ට්ස් වලට එක එක ඒවා දාලා තිබුණා. ඒ ගීතයේ තනුව මම මනු අයියට වාදනය කරලා පෙන්නුවා. ඒ වෙලාවෙම මනු අයියා ඒකට පද ලිව්වා. ඒ වචනවල තියෙන තේරුම් දුමින්ද සංජීව මියුසික් වීඩියෝවට නැඟුවා. කලාත්මකව සහ ඉතාම සංයමයකින් ඒක කරලා තියෙනවා.
අපිට රැල්ලට යන්න ඕන වුණේ නෑ. ගීතයේ අදහස් කලාත්මකව ඉදිරිපත් කරන්න තමයි අපි කළු සුදු තේමාවකට ගියෙත්. උදාර සහ ටීනා රංගනයෙන් ඊට උපරිම සාධාරණයක් කළා. වෙනස් දෙයක් කරන්න තමයි අපි උත්සාහ කළේ. ඒක සාර්ථක වුණා කියලා හිතනවා.
වීඩියෝව බලලා තාත්තා සනුකට දෙහි කැපුවා කියන්නේ ඇත්තද..?
මට මතක විදිහට තාත්තා ඒකට මුකුත් කිව්වේ නෑ. එයාගෙන් බැනුම් ඇහුවද කියලත් මතක නැහැ. සමහර විට බැනලා විව්ස් කමෙන්ට්ස් වැඩි වෙද්දි බනින එක නැවතුණාද කියලා මතකත් නැ.
[rns_reactions]
සිය සිරුරට පිටතින් හදවත පිහිටා උපත ලැබූ බිළිදියක් පිළිබදව ඉන්දියාවෙන් වාර්තා වන අතර ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයෙන් මෙම සිද්ධිය වාර්තා වී තිබෙනවා.
මෙම දරුවාගේ මව 28 හැවිරිදි වියේ පසුවන බවයි සඳහන් වෙන්නේ.
සෑම දරු උපත් මිලියනයකින් 8 දෙනෙකුටම මෙම ආකාරයේ තත්ත්වයක් ඇති විය හැකි බවයි වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ.
https://www.facebook.com/newsalbum/videos/1271466059574812/
[rns_reactions]
අයි.පී.එල්. තරඟාවලියට අදාළව පූනේ හි ඊයේ (11) පැවති තරඟයකින් ජයක් ලැබීමට දිල්ලි ඩෙයා ඩෙවිල්ස් කණ්ඩායම සමත් වු අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් ද දිල්ලි ඩෙයා ඩෙවිල්ස් කණ්ඩායම නියෝජනය කරනවා.
පුහුණුවීම්වල නිරතවෙමින් සිටි එම කණ්ඩායමේ වීඩියෝවක් මේ වන විට සමාජ ජාල මාධ්‍ය වෙත එක් වී තිබෙනවා. එහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස්ගෙන් තරගය පිළිබඳව අදහස් විමසා සිටින අතර ඇන්ජලෝ මැතිව්ස් පිටුපසින් පැමිණෙන අමිත් මිෂ්රා ඔහුට විහිලුවක් සිදු කරනවා.
(එම වීඩියෝව පහතින් දැක්වෙයි.)
https://www.facebook.com/delhidaredevils/videos/1380254651996032/
[rns_reactions]
පුජනීය අනුරාධපුර නගරයේ ආයුර්වේද සම්භාහන ආයතනවල සම්භාහනය කරන මුවාවෙන් ගණිකා වෘත්තියේ යෙදුනේ යැය සැකපිට අත් අඩංගුවට ගනු ලැබු කාන්තාවන් 23 දෙනකු අද(12) එක් අයෙකුට රුපියල් 50,000 ක් බැගින්වු ශරිර ඇප මත මුදා හරින ලෙස අනුරාධපුර අතිරේක මහේස්ත‍්‍රාත් හර්ෂන ධනුෂ්ක රත්නායක මහතා නියෝග කළේය.
කලක් තිස්සේ අනුරාධපුර නගරයේ පවත්වා ගෙන යන ආයුර්වේද මධ්‍යස්ථාන වල සේවයේ නියුතු කාන්තාවන් ගණිකා වෘත්තියේ නිරත වන බවට ලද තොරතුරු මත අනුරාධපුර පොලිසිය විසින් ඊයේ(11) මෙම ආයුර්වේද සම්භායන ආයතන වටලා තිබුණි.
උපාය දුතයන් යොදවා සිදුකළ මෙම මෙහයුමේදි සම්භාහන ආයතන හයක් වැටලූ පොලිසිය එහි සිටි කතුන් 23 දෙනෙකු අත් අඩංගුවට ගෙන මෙසේ අධිකරණයට ඉදිරිපත් කළේය.
අත් අඩංගුවට ගනු ලැබු මෙම කාන්තාවන් අනුරාධපුර කැගල්ල රත්නපුර යන ප‍්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.
[rns_reactions]
ගල්ගමුව ප්‍රදේශයේ සිය අණසක පතුරුවා ගනිමින් ජීවත් වූ හස්තියෙකුට ඉකුත් 10 වැනිදා කිසියම් පුද්ගලයෙකු විසින් වෙඩි තබා මරා දමා තිබේ.
කැලයේ සතුන් දඩයම් කරන්නට ගිය පුද්ගලයෙකු ඉතාමත් නින්දිත ආකාරයෙන් මෙම ඇතාට වෙඩි තබන්නට ඇති බවට වනජීවී නිලධාරීන් සැක පහළ කරන අතර ඇතාගේ සිරුර දින දෙකකට පසුව ඉකුත් 12 වන දා ප්‍රදේශවාසීන්ගේ දැනුම්දීමක් මත ගල්ගමුව වනජීවී නිලධාරීන් සොයාගෙන තිබේ.
මෙම හස්තියා මේ ආකාරයෙන් වෙඩි තබා මරා දමා තිබුණේ ගල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ගනේ දිවුල්වැව ප්‍රදේශයේ කැලෑවක් තුලදීය. වනජීවී නිලධාරීන් පවසා සිටියේ ඇතාගේ වයස අවුරුදු 30 ක් පමණ වන බවත් උස අඩි 08 ක් වන බවත් ය. එසේම මෙම ඇතා තරමක් විශාල දළයක් හා තරමක් කුඩා දළයක් සහිත බවද වනජීවී නිලධාරීන් අපට කියා සිටියහ.
ඇතාගේ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය අනුරාධපුර – පණ්ඩුලගම පශු වෛද්‍ය ඒකකයේ වෛද්‍යවරයා විසින් සිදු කළ අතර එහිදී ඔහු සදහන් කර සිටියේ මෙම මරණය සිදුව ඇත්තේ වෙඩි වැදීමකින් බවයි.
[rns_reactions]
2017 අයි.පී.එල් තරගාවලියට අලුත් අත්දැකීමක් එක් කරන්නට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම කටයුතු කර ඇති බව අපට වාර්තා වේ. ඒ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ක්‍රීඩකයින් යොදාගෙන මියුසික් වීඩියෝවක් නිර්මාණය කිරීම හේතුවෙන්.
ශ්‍රී ලංකා ක්‍රීඩකයින් වන ලසිත් මාලිංග සහ අසේල ගුණරත්නද මුම්බායි ඉන්දියන්ස් පිල වෙනුවෙන් එක්වී සිටින අතර එම වීඩියෝවයි මේ.
https://www.facebook.com/mumbaiindians/videos/10155098846545429/
[rns_reactions]
උදරාබාදයකට ප‍්‍රතිකාර ලබාගැනීම සදහා හලාවත මූලික රෝහලට ඇතුළත් කෙරුණු 17 හැවිරිදි දැරියක් දරුවෙකු ප‍්‍රසූත කර තිබෙනවා.
කෙසේවෙතත් දරුවා උපතේදීම මියගොස් ඇති බවයි රෝහල් ආරංචි මාර්ග පැවසුවේ.
හලාවත පොලීසියේ ළමා හා කාන්තා කාර්යාංශය මේ සම්බන්ධයෙන් විමර්ශන පවත්වා දැරියගේ සහෝදරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔහු අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
[rns_reactions]
2017 ඉන්දීය පි‍්‍රමියර් ලීග් කි‍්‍රකට් තරගාවලියේ පළමු ශතකය වාර්තා කිරීමට දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් කණ්ඩායමේ සංජු සැම්සන් සමත් වු අතර ඒ, රයිසින් පුනේ කණ්ඩායමට එරෙහිව ඊයේ පැවති තරගයේදීයි.
සංජුගේ ශතකයත් සමග පුනේ කණ්ඩායම පරාජය කරමින් ලකුණු 97 ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට දිල්ලි කණ්ඩායම සමත්විය.
තරගයේ පළමුව පන්දුවට පහරදුන් දිල්ලි කණ්ඩායම කඩුලූ 4 ක් දැවී ලකුණු 205 ක් රැස් කළා.
පිළිතුරු ඉනිම කී‍්‍රඩා කළ පුනේ කණ්ඩායමට සියලූ දෙනා දැවී ලබාගැනීමට හැකි වුණේ ලකුණු 108 ක් පමණයි.
https://www.youtube.com/watch?v=mkcLeJB3ObE
[rns_reactions]
ලංකාවේ පමණක් නොව ලෝකයේම ඉතා පහසුවෙන් අලෙවි කරගත හැකි භාණ්ඩයකි ලිංගිකත්වය. ලංකාවේ සංස්කෘතිය වනසමින් සිය බිරිඳ හෝ පෙම්වතිය තවත් පුද්ගලයෙකු සමඟ ඔහුගේ බිරිඳ හෝ පෙම්වතිය වෙනුවට හුවමාරු කරගන්නට පෙලබවන මන්දමානසිකයන් කණ්ඩායමක් පිලිබදව අපට තොරතුරු ලැබී ඇත. ෆේස්බුක් වැනි සමාජජාල මාධ්‍ය යොදාගනිමින් අවශ්‍ය පුද්ගල කණ්ඩායම් ග්‍රහණය කරගැනීම සඳහා “ජෝඩු මාරූ” යනුවෙන් හදුන්වා දෙමින් මෙම කණ්ඩායම ක්‍රියාත්මක වේ.
විවාහ වී සිටින හෝ පෙම් කරන යුවලකට තවත් යුවලක් හා සම්බන්ධ වෙමින් සිය පෙම්වතා/ පෙම්වතිය හුවමාරු කරගෙන ලිංගික ආශ්වාදය ලැබීම බටහිර රටවල බොහෝ සෙයින් සිදුවන්නක් වන අතර නිල් චිත්‍රපට හරහා ඒ සංස්කෘතිය දැන් මෙරටටද පැමිණ තිබෙන අතර මෙලෙස මානසික ආතතියෙන් පෙලෙන යුවළ සඳහා කාමර පහසුකම් සහ අවශේෂ වෙනත් සේව සැපයීම හරහා මේවා සංවිධානය කරන පිරිස ඉහළ මුදලක් උපයන බවටද වාර්තා වී තිබේ.
පුද්ගලයින්ගේ ලිංගික රුචි අරුචිකම් වලට බලපෑම් කිරීමට අපට නොහැක. නමුත් මේ ආකාරයෙන් ක්‍රියාත්මක වන යම් යම් කණ්ඩායම් පසුකාලීනව ඒවාට පැමිණ සේවාවන් ලබාගත් පාර්ශවයන්ගේ තොරතුරු පිටකරන බවට තර්ජනය කර කප්පම් ලබාගැනීම් බොහෝ ලෙස සිදුවේ. එම නිසා මෙවන් ජාවාරම් වලට සම්බන්ධ වීමට පෙර බොහෝ සේ සැලකිලිමත් වන ලෙස අප ඔබගෙන් ඉල්ලා සිටිමු. එසේම මැවින් ක්‍රියා නීතියෙන්ද තහනම්ය.
[rns_reactions]