Blog

  • දැන ගියොත් කොරියාව ගොඩ, නොදන ගියොත් අනාථයි…

    කොරියාවට ගිහින් මාරියාවට අහු නොවී
    ජිවීතේ ගොඩ දාගන්නේ මෙහෙමයි…

    සමහර කොල්ලො රෑට පටන් ගන්න පාටිය
    ඉවර කරන්නේ ඊළඟ දවසේ දවල්ට…

    අන්තිමට ලංකාවට එන්න විතරයි
    සල්ලි ඉතුරු වෙන්නේ…

    කොරියාව දැන ගියොත් ගොඩ,
    නොදන ගියොත් අනාථයි…

    මිනිසුන්ට සිහින තිබේ. ඒ බොහෝ සිහිනවල සැබෑ යථාර්ථය නිදහසේ සතුටින් ජීවත්වීමය. මෑත කාලයේ තරුණ පිරිස්‌ තම සිහින සැබෑ කරගැනීමට මාර්ගය බවට පත් කරගෙන ඇත්තේ විදෙස්‌ රටකට ගොස්‌ රැකියාවක නියුතු වෙමින් යහමින් මුදල් හරි හබ්බ කිරීමය. එහෙත් යහමින් මුදල් සෙවීමට නම් යුරෝපීය රටකට යා යුතුය. සිතැඟි පරිදි සෑම දෙනාටම යුරෝපීය රටකට යැමට අසීරුය. ඒ සඳහා විශේෂ සුදුසුකම් සහ යහමින් වියදම් කිරීමට මුදල් තිබිය යුතුය. එහෙයින් සාමාන්‍ය කෙනෙකුට යුරෝපීය රටකට යැමත් සිහිනයකි. එසේ සිහින බොඳ කරගන්නා තරුණයන් අවසානයේ කොරියාවට යැමට උත්සාහ දරති. එසේ කොරියා සිහිනය සැබෑ කරගත් තරුණ, තරුණියන් මෙරට ගම්දනව්වල බොහෝය. එහෙත් ඒ සියලු දෙනා ජීවිතය ජයග්‍රහණය කර නැත. ඇතැම්හු කොරියාවට යැමට පෙර සිටියාටත් වඩා පහළට වැටී සිටිති. සුළුතරයක්‌ කොරියාවේ සිට මෙරට පැමිණ සුපිරි ජීවිත ගත කරති. දැන් අප ඉදිරියේ සිටින්නේ කොරියාවේ දුක්‌ මහන්සියෙන් රැකියා කර මෙරටදී ජීවිතය සතුටින් ගත කරන තරුණයෙකි. ඔහු පී. ජී. චමින්දය. මේ අපේ තරුණයන් කොරියාවේ ගත කරන ජීවිත ගැන මෙන්ම ඔහු ජීවිතය ජයගත් හැටි කියන කතාවය.

    මගේ ගම පොළොන්නරුවේ බැඳිවැව. තාත්තා වැඩ කළේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ. මට සහෝදරයෝ දෙන්නයි, එක සහෝදරියක්‌ හිටියා. තාත්තට ලැබුණු පුංචි වැටුපෙන් පවුල නඩත්තු කරලා අපිටත් හොඳ අධ්‍යාපනයක්‌ ලබා දුන්නා. මම 1993 අවුරුද්දේදී සාමාන්‍ය පෙළ විභාගයට පෙනී ඉඳලා විශිෂ්ට විදිහට සමත් වුණා. මම උසස්‌ පෙළ පන්තියේ ඉගෙනගන්න කාලේදී තමයි ලොකු මල්ලි වකුගඩු රෝගයට ගොදුරු වුණේ. මල්ලිට බෙහෙත් කරන්නයි අපිට ජීවත් වෙන්නයි තාත්තා ගන්න වැටුප මදි වුණා. පස්‌සෙ මම උසස්‌ පෙළ අතහැරලා කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේ වැඩට ගියා. අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කරගෙන ගියේ කොරියන් සමාගමක්‌. ඒ සමාගමේ කොරියන් ජාතිකයන් මම වැඩ කරනවා දැකලා සතුටු වුණා. මගේ වැඩ ගැන පැහැදුණා.

    මම උදේ පාන්දරින් වැඩට වාර්තා කරනවා. පවරන වැඩ කොටස හරියටම කරලා අමතර වැඩත් කරනවා. අනිත් අයත් එක්‌ක වල් පල් දොඩවන්න කාලය ගත්තේ නෑ. අවංකව මහන්සි වෙලා වැඩ කළා. කොරියන් ජාතිකයොත් එහෙමයි. ආපු වෙලාවේ ඉඳලා වැඩම තමයි. ඒ අයත් එක්‌ක වැඩ කරනකොට මට කොරියාවට යන්න ආසා හිතුණා. ඔය කාලේ වෙනකොට අපේ ශ්‍රමිකයන්ව කොරියාවට යවන්න ආණ්‌ඩුව පටන් ගෙන තිබුණා. කොරියාවේ රැකියාවකට යන්න මමත් ඉල්ලුම් කළා. වාසනාවකට විදේශ සේවා නියුක්‌ති කාර්යාංශයෙන් පවත්වන සම්මුඛ පරීක්‍ෂණයට මාව තෝරගෙන තිබුණා. සම්මුඛ පරීක්‍ෂණයෙනුත් මම පාස්‌ වුණා. ඊට පස්‌සේ වෛද්‍ය පරීක්‍ෂණය. ඒ වෙනකොට මට අවුරුදු 19 යි. අවුරුද්ද 1996. වෛද්‍ය පරීක්‍ෂණයෙන් සමත් වෙන්න නම් අවමය කිලෝ 55 ක්‌ බර තියෙන්න ඕනා. මගේ බර තිබුණේ පනහයි. පස්‌සේ මම ඩෙනිම් කලිසම් තුනක්‌ ඇඳලා, තැඹිලිගෙඩි පහක වතුර බීලා වෛද්‍ය පරීක්‍ෂණයට ඉදිරිපත් වෙලා කිලෝ 55 බර පෙන්නුවා.

    වෛද්‍ය පරීක්‍ෂණය කරලා ඉවර වෙලා එනකොට කෙනෙක්‌ මාව ලොකු මහත්තයෙක්‌ ළඟට එක්‌කගෙන ගියා. ඒ මහත්තයා මට කිව්වා රුපියල් ලක්‍ෂයක්‌ දුන්නොත් ඉක්‌මනින් කොරියාවට යවන්න පුළුවන් කියලා. ඒ වෙනකොට මම රුපියල් පන්දාහක සීට්‌ටුවක්‌ දාලා ලක්‍ෂයක්‌ විතර එකතු කරගෙන හිටියේ. ඊට පහුවදාම මම ඒ කියපු මහත්තයට රුපියල් ලක්‍ෂයක්‌ ගෙනිහින් දුන්නා. ඊට දවස්‌ දෙකකට පස්‌සේ ඒ මහත්තයාව අල්ලස්‌ එකට කොටු වුණා. මගේ රුපියල් ලක්‍ෂය නැතුව ගියා. ඒත් කොරියාවට යන උත්සාහය අතහැරියේ නෑ. ඊට පස්‌සෙ මම තනියෙන්ම කොරියාවට යන්න උත්සාහ කළා.

    ඒ සිද්ධිය වුණේ 1996 අවුරුද්දේ. එතකොටත් මම කටුනායක අධිවේගී මාර්ගයේ වැඩ කරගෙන යනවා. මගේ වැඩ ගැන පැහැදුණු කොරියන් සමාගමේ නිලධාරීන් මාව කොරියාවට අරගෙන යන්න කැමැති වුණා. 2002 අවුරුද්දේ තමයි මට ඒ වාසනාව උදා වුණේ. ඒත් ඒ ගමනත් ලේසි වුණේ නෑ. සියලුම දේවල් ලකලෑස්‌ති කරගෙන කොරියාවට යන්න ගුවන් තොටුපළට ගියාට පස්‌සෙත් වීසා ඉවරයි කියලා යන්න දෙන්න බැහැ කිව්වා. ඒ වෙනකොට මම වීසා කතාන්දර දන්නේ නෑ. මට කෑගැස්‌සිලා ඇඬුණා. කරන්න කිසිම දෙයක්‌ ඉතිරි වෙලා තිබුණෙත් නෑ. මම අඬ, අඬා ගුවන්තොටුපළෙන් පිටත් වෙලා ආවා. කොළඹට එනකොට රෑ 12 යි.

    ඒ වේලාවේම මම කොරියාවට යන්න ටිකට්‌ එක හදලා දුන්න කොරියන් ජාතිකයාට කතා කරලා වෙච්ච දේ කිව්වා. ඒ මහත්තයා ඒ මොහොතේම පිටකොටුවට ඇවිත් මාව මුණගැහුණා. ඊට පහුවෙනිදාම ඒ මහත්තයා ටිකට්‌ එක ගත්තු ආයතනයට මාව එක්‌කගෙන ගිහිල්ලා හෙට රෑ 12 ට කලින් මේ ළමය සෝල්වලට බස්‌සන්න ඕනෑ කියලා ඒජන්සියේ නිලධාරීන්ට කිව්වා. ඊට පස්‌සේ ඒ නිලධාරීන් මැදිහත් වෙලා පාන්දර සිංගප්පූරු යන ප්ලයිට්‌ එකකින් මට යන්න අවස්‌ථාව හදලා දුන්නා. දෙයිහාමුදුරුවන්ගේ පිහිටෙන් මම සෝල්වලට ගියා. ඒ ගුවන් තොටුපලේදීත් මාව චෙක්‌ කරලා ලියකියවිලි බලලා සැකයි කියලා කාමරයකට දාලා මට ප්‍රශ්න පත්තරයක්‌ දුන්නා. ඒ වෙනකොට මම වැඩ කරපු තැන කොරියන්කාරයොත් එක්‌ක කතා බහ කරලා කොරියන් භාෂාව ටිකක්‌ දැනගෙන හිටියේ. ඒත් මගේ වේලාවට එහෙන් ගන්න පොරොන්දු වෙලා හිටියා මහත්තයා ඇවිත් මාව සෝල් ගුවන් තොටුපළෙන් අරගෙන ගියා. ඒ මහත්තයා මාව දුම්රිය නැවතුම්පොළට ගෙනිහින් දුම්රියට දැම්මා. එයත් එක ස්‌ටේෂමකට ආවා. මට යන්න ඕනා තැන කිව්වා. ‘උඹව ගන්න එතනට කෙනෙක්‌ එයි… බය නැතුව එයත් එක්‌ක පලයං’ කියලා ඒ මහත්තයා ගියා. මට බයත් හිතුණා. එන විදිහකට මූණ දෙනවා කියලා හිතාගෙන හිතට ධෛර්ය ගත්තා. මම දුම්රිය නැවතුම්පොළෙන් බහිනකොටම අර කියපු කෙනා මාව ගන්න ඇවිත් හිටියා.

    මට මුලින්ම වැඩ කරන්න වුණේ රෙදි වියන කර්මාන්තශාලාවක. රටට ඇතුළු වෙන්න විතරයි මට වීසා තිබුණේ. මම එතැන වැඩේ කළේ වීසා නැතුව. ඔය අතරේ ලෝක කුසලාන පාපන්දු තරගයක්‌ කොරියාවේ පැවැත්තුණා. ඒ තරගයට පෙර රටේ නීති විරෝධීව ඉන්න හැමෝටම වීසා දීලා සංගණනයක්‌ කළා. මටත් වීසා හම්බ වුණා. මම කොම්පැණිය වෙනස්‌ කළේ නෑ. පළවෙනි කොම්පැණියේම වැඩ කළා. වැඩ ලේසි නෑ. මට කරන්න තිබුණේ මැෂින්වල හැදිලා එන රෙදි රෝල් මීටර් 100 විතර දුරට ගෙනිහිං අහුරන්න. ඒ රෙදි රෝලක්‌ දාලා එනකොට තව එකක්‌ ඇවිත්. ඉවරයක්‌ නෑ. රෑ එළිවෙනකොට ටොන් 14 ක රෙදි රෝල් ඇද්දා. එක රෙදි රෝලක්‌ කිලෝ 22 ක්‌ බරයි. මාත් එක්‌ක ලංකාවේ හතර දෙනෙක්‌ ඒ කොම්පැණියේ වැඩ කළා. නොසෑහෙන්න මහන්සි වුණා. සමහර දවස්‌වල රෑට උෂ්ණත්වය සෙන්ටිග්‍රේට්‌ අංශක සෘණ 15 වගේ වෙනවා. ඒත් මම වැඩ කරන හැම වේලාවේම, රෙදි රෝලක්‌ උස්‌සගෙන ගිහිල්ලා දාලා එන අතරේ කොරියන් භාෂාව කොලයක ලියාගෙන පාඩම් කළා. ඒ කොම්පැණියේ අවුරුදු තුනක්‌ වැඩ කරලා 2005 අවුරුද්දේ නීත්‍යනුකූලව මම ලංකාවට ආවා. ඒ ඇවිත් මම දුක්‌මහන්සි වෙලා හම්බ කරපු සේරම සල්ලි මල්ලිගේ ජීවිතේ බේරගන්න වියදම් කළා.

    මගේ නෝනගේ අයියයි, මමයි කොරියාවේ වැඩ කළේ එක කොම්පැණියේ. ඒ හැඳුනුම්කමට තමයි මගේ බිරිඳව මට මුණගැහෙන්නේ. අපි කසාද බැඳලා නුවරින් කුලියට ගෙයක්‌ අරගෙන පදිංචියට ගියා. නුවර කුලියට ඉඳගෙන තමයි මල්ලිට ප්‍රතිකාර කළේ. මල්ලිට ඔපරේෂන් එක කරලා ඉවර වෙනකොට අතේ සතේ නැති වුණා. ඊට පස්‌සේ ආයෙමත් පොළොන්නරුවට ආවා. තාත්තාගේ උදව්වෙන් නිල නිවාසයක්‌ ඉල්ලගෙන ජීවත් වුණා. ටික කාලයක්‌ යනකොට මල්ලිත් නැති වුණා. අන්තිමේ අපිට ජීවත් වෙන්න ක්‍රමයක්‌ නැති වුණහම පොළොන්නරුවේ ටවුන් එකේ සෙල්ලම් බඩු කඩයක්‌ දැම්මා. ඒ බිස්‌නස්‌ එක පටන් ගත්තේ 2015 අවුරුද්දේ දෙසැම්බර් මාසේ. නොහිතපු විදිහට ඒ ව්‍යාපාරය දියුණු වුණා. සමහර දවස්‌වලට තිස්‌, හතළිස්‌දාහ බිස්‌නස්‌ වුණා.

    ඒත් මගේ හිත කිව්වේ ආයෙමත් කොරියාවට යන්න කියලා. අන්තිමේ බිස්‌නස්‌ කරලා ඉතුරු කරගත්ත මුදල්, බිරිඳගේ රත්‍රං බඩු උගස්‌ කරලා ගත්ත සල්ලි වියදම් කරලා ආයෙමත් මම 2007 අවුරුද්දේ කොරියාවට ගියා. මම ගියේ වානේ දොරවල් හදන කර්මාන්ත ශාලාවකට. කොරියන් භාෂාව හොඳට කතා කරන්න පුළුවන්කමත්, කලින් වතාවේ අවංකව වැඩ කරලා නියම කාලයට ලංකාවට ආපු නිසා ඒ වානේ කර්මාන්තශාලාවෙන් මාව හොඳට පිළිගත්තා. ඒ වගේම මට හොඳ වැටුපක්‌ ගෙවන්නත් පොරොන්දු වුණා. මමත් කැපවීමෙන් වැඩ කළා. සමහර දවස්‌වලට පැය 17 වැඩ කළා. නිවාඩු දවස්‌වලටත් වැඩ කළා. මම හොඳට වැඩ කරන නිසා කම්පැණිය මට නවාතැන්, තුන්වේලටම ආහාර, දුරකථන පහසුකම් හැම දේම දුන්නා. රුපියල් ලක්‍ෂ දෙකහමාරක විතර පඩියක්‌ ගෙව්වා. මට මාසෙකට වියදම් වුණේ රුපියල් පන්දාහක්‌ විතර. ඒ කොම්පැණියේ වැඩ කරපු අවුරුදු තුනටම මම නිවාඩු අරගෙන තිබුණේ දවස්‌ එකහමාරයි.

    ආයතනයේ ප්‍රධානියා මට සැලකුවේ එයාගේ දරුවකුට වගේ. කොරියාවේ සිරිතකට අනුව අම්මා, තාත්තා හැර කිසිම කෙනෙක්‌ව ගෙදරක කෑම වේලකට සම්බන්ධ කරගන්නේ නෑ. ඒත් මගේ බොස්‌ හැමදාම උදේ කෑමට මාව එයාගේ ගෙදරට එක්‌කගෙන යනවා. ගෙදර හෑමෝමත් එක්‌ක එකට වාඩි වෙලා කලා බීලා බොස්‌ගේ කාර් එකේම තමයි මම වැඩට ආවේ. 2010 අවුරුද්දේ මාගේ සේවා කාලය අවසාන වෙනකොට මගේ මාසික පඩිය රුපියල් ලක්‍ෂ පහයි. කොම්පැණියේ හැමෝම කිව්වේ මට තව වැඩ කරන්න කියලා. 2011 අවුරුද්ද වෙනකොට මම සැලකිය යුතු මුදලක්‌ ඉතිරි කරගෙන තිබුණා. එහෙම ඉතිරි කරගත්ත මුදල්වලට සේවක අර්ථසාධක අරමුදලත් දාලා වානේ දොරවල් ටැංකියක්‌ අරගෙන මම ලංකාවට ආවා. මාත් එක්‌ක වැඩකරපු කොම්පැණියේ ලොක්‌කත් ආවා.

    අවුරුදු එකහමාරක්‌ යනකම් ගෙනාපු එක දොරක්‌වත් විකුණගන්න බැරිව ගියා. ඒත් මම මානසිකව වැටුණේ නෑ. මගේ බිරිඳ නිතරම මාව දිරිමත් කළා. 2013 අවුරුද්දේ ඇමැති කෙනෙක්‌ මුqණගැහිලා එතුමාට මම වානේ දොරේ වටිනාකම පැහැදිළි කරලා දුන්නා. ඒ මහත්තයා මම කියපු කතාව පිළිගත්තා. මට උදව් කරන්නත් පොරොන්දු වුණා. එතුමාගේ උදව් ඇතිව ගෙනාපු දොරවල්වලින් පහළොවක්‌ විකුණ ගත්තා. ඊට පස්‌සේ රජයේ ඉංජිනේරු මහත්වරු සහ තාක්‍ෂණ නිලධාරීන් වානේ දොරේ වටිනාකම අවබෝධ කර ගත්තා. ප්‍රථමයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ඇති ආයතන කිහිපයකට වානේ දොරවල් සවි කළා. ඊට පස්‌සේ අධ්‍යාපන අමාත්‍යාංශයෙන් දොරවල් ඇණවුමක්‌ ලැබුණා. ඒ එක්‌කම මහින්දෝදය තාක්‍ෂණික විද්‍යාගාර සියල්ලටම දොරවල් සැපයීමට මට අවස්‌ථාව ලැබුණා.

    එක පාරටම හිතාගන්න බැරි විදිහට වානේ දොරවල්වලට ඉල්ලුම වැඩි වුණා. පස්‌සේ මම වානේ දොරවල් නිෂ්පාදනය කරන්න කර්මාන්තශාලාවක්‌ පටන් ගත්තා. හබරණ මොරගස්‌වැව පොළොන්නරුව මාර්ගයේ තමයි මගේ කර්මාන්තශාලාව තියෙන්නේ. දැන් අපේම ආයතනයේ වානේ දොරවල් නිෂ්පාදනය කරන නිසා ඉතාම සාධාරණ මිලකට ගුණාත්මක භාණ්‌ඩයක්‌ වෙළෙඳපොළට නිකුත් කරන්න පුළුවන්. පරිසරයට දශමයක්‌වත් හානියක්‌ නොවන විදිහට කොරියාවේ ප්‍රමිතියටම ලංකාවේ අපි දොරවල් නිෂ්පාදනය කරනවා. මගේ කර්මාන්තශාලාව ආරම්භ කරන්න සහ පවත්වාගෙන යන්න උදව් කරන්නේ මම වැඩ කරපු කොරියන් සමාගමයි.

    ලංකාවේ ආරම්භ කරපු පළමු වානේ දොරවල් නිෂ්පාදන ආයතනය. දැන් මට ඒ ගෞරවය හිමි වෙලා තියෙනවා. ඒ වගේම දැන් මම කොරියාවේ සේවය කරන අපේ රටේ අයට දේශන පවත්වන්න වරින්, වර කොරියාවට යනවා. කොරියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් තමයි මාව ඒ සඳහා තෝරාගෙන තියෙන්නේ. මම වැඩ කරපු ආයතනයෙනුත් දැනුවත් කිරීමේ වැඩමුළු පවත්වනවා. ඒවටත් මම සහභාගි වෙනවා. ඒ නිසා දැන් මම මාසෙකට දෙවතාවක්‌ විතර කොරියාවට යනවා. දැන් මට කොරියාවට යනවා, එනවා කියන්නේ පොළොන්නරුවේ ඉඳලා කොළඹ ඇවිත් යනවා වගේ වැඩක්‌…”

    අද මම මෙතැනට ඇවිත් තියෙන්නේ විශාල වෙහෙසක්‌ දරලා. කොරියාවේ රැකියා කරනවා කියන්නේ ලේසි නෑ. මහන්සි වුණොත් හොඳට හම්බ කරන්න පුළුවන්. අපේ රටෙන් යන කොල්ලො හොඳට මහන්සි වෙලා වැඩ කරනවා. ඒ වගේම අවංකයි. ඒ නිසාම කොරියන් ජාතිකයෝ අපේ කොල්ලන්ට හරිම කැමැතියි. සමහර කොම්පැණිකාරයෝ අපේ රටේ අය ගන්න පොර කනවා. ඒත් අපේ කොල්ලො හම්බ කරන මුදලටත් වඩා වියදම් කරනවා. කන්න බොන්න පුදුම විදිහට වියදම් කරනවා. සතුටටත් පාටි. දුකටත් පාටි. සමහර කොල්ලො රෑට පටන් ගන්න පාටිය ඉවර කරන්නේa ඊළඟ දවසේ දවාලට. එක පැත්තකින් සල්ලි වියදම් වෙනවා. අනිත් පැත්තෙන් ලෙඩ්ඩු වෙනවා. මම කොරියාවේ හිටිය කාලය තුළ කිසිම පාටියකට සම්බන්ධ වෙලා නෑ. අපි කොරියාවට යන්න මහන්සි වෙලා කීයක්‌ හරි හම්බ කරගෙන එන්න මිසක්‌ ආතල් ගන්න නෙමෙයි. µන් එකට බර වුණොත් කොරියාවෙන් සල්ලි ගේන්න බෑ. කොරියාවේ ආර්ථිකය හැඩ ගැහිලා තියෙන්නෙ හම්බ කරන මුදලම වියදම් වෙන විදිහට. ඒක අපි තේරුම් අරගෙන ජීවත් වෙන්න ඕනා. ඒ දේවල් තේරුම් නොගත්ත අපේ සමහර කොල්ලො අවුරුදු පහ රස්‌සාව කරලා ඉතුරුවක්‌ නැති වුණහම වීසා නැතිවත් රස්‌සාව කරනවා. ඊට පස්‌සේ පොලිසියට කොටු වෙලා හිරෙත් ඉඳලා අත පිහදාගෙන ලංකාවට එනව. ලංකාවෙන් කොරියාවට යන ගොඩක්‌ම අය ඔය ඉරණමට මුහුණ දෙනවා. පැහැදිළිව කියනවා නම් කොරියාව කියන්නේ දැන ගියොත් ගොඩ. නොදැන හිටියොත් අනාථයි…”

    “මම මත්පැන්, දුම්වැටි භාවිත කරන්නේ නෑ. පන්සිල් ආරක්‍ෂා කරනවා. මිනිස්‌සුන්ට වගේම ගහකොළ, සතා සිව්පාවටත් ආදරය කරනවා. මගේ දියුණුවේ රහස එයයි. මමත් කොරියාවේ හම්බ කරපු මුදල් පාටි දාලා ආතල් ගත්තා නම් අද මට මෙහෙම ඉන්න බෑ. කොරියාවේ රැකියා කරන අයට මම කියන්නේ උපයන මුදල් ලංකාවේ ආයෝජනය කරලා මොනවාහරි නිෂ්පාදනයක්‌ පටන් ගන්න කියලා…”

    චමින්දගේ ජීවිත කතාව කොරියාවේ සේවය කරන ශ්‍රී ලාංකිකයන්ට පමණක්‌ නොව රටේ සියලුම පුරවැසියන්ට පාඩමකි. තව, තවත් රටට ඇවැසි චමින්දලා වැනි තරුණයන්ය. එහෙත් අපේ රටේ අවාසනාවකට චමින්ද වැනි දිරිය තරුණයන් හමුවන්නේ කලාතුරකිනි. එමෙන්ම චමින්දව රටේ ආර්ථිකයට සම්පතක්‌ කරගැනීම රජයේ වගකීමකි.

    [rns_reactions]

  • බොරුව පතුරවමින් නිරුවත සොයන සයිබර් අවකාසයේ සැරිසරන වංචනිකයෝ..

    මානව සබඳතා වලින් දුරස්වී සැරිසරන සයිබර් අවකාශය අද අත්‍යවශ්‍ය මෙවලමක් වී ඇත. සිය පෞද්ගලික වුවමනාවන් සපුරාගැනීම සඳහා විශ්වාසය තබා ඇති සමාජජාල වෙබ් අඩවි මිනිසාගේ මිතුරා බවට පත්වී ඇත. එහෙත් අවබෝධ කරගත යුතු සත්‍යය වන්නේ එහි ඇති විශ්වසනීය භාවයයි. එනම් ව්‍යාජ ගිණුම් හිමියෝ රාශියක් අන්තර්ජාලයේ සැරිසරති. ඔවුනගේ අරමුණු අයහපත්ය.

    කාට හෝ කුමන හෝ ආකාරයකින් හානිකර වින්දනයක් ලැබීම ඔවුනගේ අපේක්ෂාවයි. නොදැනුවත්කමින් හෝ එවැන්නෙක් සිය ගිණුමට එකතු වුවහොත් ඔහු හෝ ඇය පිළිබඳව ඔබ අවධානයෙන් සිටිය යුතුය. විශේෂයෙන්ම කිසි විටෙකත් දැකනැති නොදන්නා පුද්ගලයන් සමඟ ප්‍රේම සබඳතා ඇතිකරගැනීම පිළිබඳව ඔබ දෙවරක් සිතිය යුතුය.

    මක්නිසාද යත් එවැනි ව්‍යාජ පුද්ගලයෝ පෙම් සබඳතා ඇතිකර ගනිමින් එය වීඩියෝ කෝල් ඔස්සේ නිරුවත් පින්තූර හෝ වීඩියෝ පට ලබාගැනීම දක්වා වර්ධනය කර ඔබව විවිධ අපහසුතාවයන්ට පත්කරන බැවිනි. විශේෂයෙන්ම තරුණියන් අපයෝජනය කිරීම, දූෂණය කර ලිංගික වෙළඳාමට තල්ලුකිරීම, සමාජ රෝග ව්‍යාප්ත කිරීම හෝ මුදල් කොල්ලකෑම යන අපරාධ සඳහා ඔවුහු කටයුතු කරති.

    එම නිසාම ඔබ දැනගත යුතු හෝ හඳුනා ගත යුතු වංචනකයන් විසින් සිදුකරන ලද සමාජ අපරාධ කීපයක් මෙසේ පෙළගස්වමු.
    ෆේස්බුක් පෙම්වතා විසින් ගණිකා වෘත්තියට ඇද දැමූ තිවංකාගේ කතාව.

    “හායි”

    “හෙලෝ”

    “ඔයා මාව දන්නවද?”

    “නෑ ඔයා කවුද?”

    “මම මිහිරිගෙ යාළුවෙක්”

    “මම එහෙම කෙනෙක් දන්නෙ නෑනෙ”

    “ඔයාට මතක නැතිව ඇති. අපි එකට සිංහල පංති ගියේ”

    “මට මතකයක් නෑ”

    “හරි කමක් නෑ දැන් අපි අඳුර ගමුකෝ… මම ෂෙහාන්…. ඔයා තිවංකානේ….”

    මුහුණු පොතින් ආමන්ත්‍රණය කළ නන්නාඳුනන මිතුරා තිවංකාගේ සිත දිනාගත්තේ එසේය. කාගේ කවුද? ඉන්නේ කොහේද? මොනවා කරන කෙනෙක්ද? යන කිසිදු තොරතුරක් නොදත් තිවංකා ෂෙහාන් හා දොඩමළු වූයේ කුඩා කල සිට දන්නා හඳුනන්නෙකු ආකාරයෙනි. ඔහු හා ඇගේ සියලු පෞද්ගලික තතු පැවසූ අතර ඔහුව දැකබලා ගැනීමට ආශාවෙන් පසුවන බවද කියා සිටියාය.

    “ඉබ්බා දියට දැම්මම ඇන්නෑවේ කිව්වලු” යන්න පැරණි කියමනකි. මුහුණු පොතින් හඳුනාගත් මිතුරිය වූ තිවංකාගේ ධනාත්මක පිළිතුරුම ෂෙහාන් උද්යෝගයට පත් කළේය. සිය මිතුරිය තමාගේ වචන වලට වශීකෘත වී ඇති බව දැනගත් ඔහු ඇයට ආදරය කරන බවද පැවසුවේය. පින්තූරයෙන් පමණක් දැක සිටි ෂෙහාන් රූමත් තරුණයෙක් ලෙසින් සිතින් මවාගත් තිවංකා ඔහුගේ පෞද්ගලික වතගොත නොසොයාම සිය කැමැත්ත පළකළාය.

    දිනපතාම මුහුණුපොත හරහා දොඩමළු වූ ඔවුහු විවාහය ලිංගිකත්වය ගැන පවා නොබියව කතාබහ කළහ. නොබෝ දිනකින්ම තෑගි බෝගත් රැගෙන තිවංකා බැලීමට එන බවට පොරොන්දු වූ ෂෙහාන් ඇයට අමුතු යෝජනාවක් කළේය.

    “තිවා…. මට ඔයාව බලන්න ආසයි. මම වැඩකරන තැන හොඳ රෙදිකඩයක් තියෙනවා. ඒකෙන් ඔයාට ගැළපෙන ඇඳුම් තෝරගන්න මට ඔයාගේ ෆිගර් එක බලන්න ඕනෑ, ඔයාට පුළුවන් නේද මට ඔයාගේ බියුටි එක පෙන්නන්න. මම වීඩියෝ කෝල් එකක් ගන්නම් ඔයාට.”

    ෂෙහාන්ගේ යෝජනාවෙන් තිවංකා කම්පනයට පත්වූවාය. එහෙත් කිසිදිනක හමුනොවී සිටි පෙම්වතාව සජීවීව දැකබලා ගැනීමට ඇය මැළි නොවූවාය. කවදා හරි මාව විවාහ කරගන්නේ ෂෙහාන්නේ. ඉතිං මම මගේ රූපය පෙන්නන්නේ එයාටනේ” ඇය සිතුවාය.
    ඒ නිසාම ඇය ෂෙහාන්ගේ ඉල්ලීම පිළිගත්තාය. දෙදෙනාම කතිකා කරගත් පරිදි වීඩියෝ කෝල් එකකට සම්බන්ධ වූ අතර තිවංකාට ෂෙහාන්ගේ රුව බොඳවී දිස්වෙන්නට විය. ඇය ඔහුව පැහැදිලිව දැක ගැනීම සඳහා වෙහෙසුන අතර ෂෙහාන් ඇගේ නිරුවත් කය රහසිගතව වීඩියෝ කරගත්තේය.

    එක වරම වීඩියෝ කෝල්එක නතරවූවේය. තිවංකා යළි යළිත් ෂෙහාන්ව සම්බන්ධ කරගැනීමට වෙහෙසුනාය. ඇගේ ප්‍රයත්නය සඵල විය.

    ෂෙහාන් යළිත් ඇය හා සජීවීව සම්බන්ධ වූයේය. වයස අවුරුදු 23ක තරුණියක වූ තිවංකාගේ හිස ගිනිගත්තාය.

    “දෙවියනේ මෙච්චර කල් මම ආදරය කරලා තියෙන්නේ මේ නාකියාටද?” ඇය සිය හිස බදා ගත්තාය. විරුද්ධ පසින් ඇසුණේ සමච්චල් සහගත සිනහවකි.

    “උඹ මාව රැවට්ටුවා.” තිවංකා වියරුවෙන් මෙන් කෑගැසුවාය.

    “කෑගහන්න එපා. මම ළඟ උඹේ නිරුවත් වීඩියෝ තියෙනවා. මම ඒවා උඹේ අම්මා තාත්තට එවනවා… අන්තර්ජාලයටත් දානවා… අද ඉඳලා උඹ මම කියනව විදියට වැඩකරන්න ඕනෑ.”

    තිවංකාගේ හිස ගිනිගත්තාය. ඇය මේ ගැටලුවෙන් මිදෙන්නේ කෙසේදැයි කල්පනා කළාය. මව්පියන්ට හොර රහසේ පෙම්කළ නන්නාඳුනන පෙම්වතාගේ ව්‍යාජ ප්‍රේමය ඇය කම්පාවට පත්කරවූවාය.

    කිසිවෙකුට කිසිවක් නොපැවසූ ඇය අවසානයේ තීරණයකට එළඹියාය. ඒ කෙසේ හෝ වයසක පෙම්වතා හමුවී වීඩියෝ පට ඉල්ලා ගැනීමය. ගෙදරට හොර රහසේ තනිව පිටවූ ඇය ඔහු මුණගැසී දෙපා නැමද ඇගේ ජීවිතය විනාශ නොකරන ලෙස ඉල්ලා සිටියාය. එදිනද ඔහු පෙර පරිදිම වියරු සිනහවක් නැගුවේය.

    “උඹ සල්ලි ආකරයක්නෙ කෙල්ලේ… අද මම කියන එකා එක්ක හිටපන්.. මම උඹේ වීඩියෝ ටික දෙන්නම්.”

    තිවංකාට කිසිවක් සිතාගත නොහැකිවිය. ගණිකාවන් සපයන තැරැව්කාරයෙකු වූ සමරසේන ඇයව දිනෙන් දින අලෙවි කළේය. වීඩියෝ පට ලබාගැනීමේ අවශ්‍යතාවයෙන් පසුවූ තිවංකා නොදැනුවත්වම ගණිකා වෘත්තියට ඇද වැටුණාය. ගිනිගොඩක දැවෙමින් වේදනා විඳින ඇය ඔබට මෙවැනි පණිවිඩයක් තිබුවාය.

    “මම රැවටුණා. කවදාවත් නොදන්න අයව මුහුණුපොතට එකතු කරගන්න එපා. දන්නා නොදන්නා කාට වුනත් තමන්ගේ නිරුවත් පින්තූර යවන්න එපා. වීඩියෝ කෝල් ඉදිරියේ නිරුවත් වෙන්න එපා. අපිට ඇත්තටම ආදරේ කරන අය අපිව නිරුවත් කරන්නෙ නෑ. අපේ ගෞරවය ආරක්ෂා කරනවා. ඒ නිසා මගේ කතාව ආදර්ශයට අරගෙන ඔයාලා හැදෙන්න. ඒ වගේම තමන්ගේ මව්පියෝ විශ්වාස කරන්න. තමන්ට මොන ගැටලුවක් ආවත් ඒ අයට කියන්න. තනියම විසඳුම් හොයන්න යන්න එපා. අපිට ආරක්ෂාව සපයන එකම ඉටුදේවතාවෝ එයාලා විතරයි.”

    තාරුණ්‍යයේ පසුවන සමාජජාල භාවිතයට ගන්නා සියලු තරුණ තරුණියන්ට තිවංකා වැදගත් පණිවිඩයක් තැබුවාය.

    තිවංකා කාන්තාවකි. ඇය සේම වීඩියෝ කෝල් ඉදිරියේ නිරුවත් වී අමාරුවේ වැටුණ පිරිමිහුද වෙති.

    ගැහැනු ගැටයකට හසුවී කප්පම් ගෙවූ තිලකසිරිගේ කතාව

    පිටරටක සේවය කළ තිලකසිරි එවැන්නෙකි. බිරිඳගෙන් දරුවන්ගෙන් වෙන්වී මැදපෙරදිග රටක රැකියාවක් කළ ඔහු මුලාවූයේ කාන්තා වෙසින් සිටි පිරිමියෙකුටය. තමා පැමිණි කාරණය අමතක කළ ඔහු පීතෘත්වයට හානිවෙන පරිදි හැසුරුණේය. සිය බිරිඳටත් වංචාකාරයෙකු වූ ඔහු තවත් රටක සේවය කළ රූමත් කාන්තාවක් හා ඇසුරේ බැඳුණේය. එයත් නිරුවත් වීඩියෝ කෝල් එකක් දක්වා වර්ධනය වූ අතර එහි අවසානයද මුලාව විය.

    එනම් තිලකසිරිගේ නිරුවත් පින්තූර ලබාගත් කාන්තා වෙසින් සිටි පිරිමියා ඔහුගෙන් මුදල් ඉල්ලා තර්ජනය කළේය. වංචාකරු බිරිඳට සහ අන්තර්ජාලයට ඔහුගේ නිරුවත් පින්තූර යවන බව පවසමින් තර්ජනය කළ අතර තිලකසිරිට තමා මහන්සිවී උපයන මුදලින් කොටසක් ඔහුට යැවීමට සිදුවිය. ඒ ඔහු ඔහුගේ නිරුවත පෙන්නුවා සේම සියලු පෞද්ගලික තතු වංචාකරුට පවසා තැබූ නිසාවෙනි.
    මෙවැනි හේතු නිසා ඔබ කවුරුන්ද, කුමක් සඳහා පැමිණියේද, අන්තර්ජාලය භාවිතයට ගතයුතු සීමාව කුමක්ද යන්න පිළිබඳව අවබෝධයෙන් සිටිය යුතුය.

    මීළඟට සයිබර් අවකාශයේ සැරිසරන බාලිකාවන් දැනගත යුතු තවත් කරුණක් සම්බන්ධ පුවතක් පිළිබඳව සටහන් තබමු.
    ව්‍යාජ පින්තූර පෙන්වා කප්පමකට කොටුකරගත් සෙව්වන්දි.

    සෙව්වන්දි උසස්පෙළ නිමකළ ශිෂ්‍යාවකි. මව්පියන් රැකියාවට ගිය පසු ඈ නිවසේ හුදකලා වූවාය. පාළු හිතුණු හැම මොහොතකම පාසල් මිතුරු මිතුරියන් හා මුහුණුපොතින් හමුවූ ඇය ඉන් වින්දනයක් ලැබුවාය.

    ඇගේ මුහුණුපොතේ සිටි යහළුවන්ගේ යහළුවෙකු ලෙසින් තාරක පෙනී සිටියේය. ඔහුගේ මිතුරු ඇමතුම සෙව්වන්දීටද ලැබිණි. තමන්ගේ යහළුවන්ගේ මුහුණුපොතේ සිටින මිතුරෙකු හෙයින් ඇය ඔහුව දෙවරක් නොසිතාම සිය ගිණුමට එකතු කර ගත්තාය.
    ටික දිනකින් තාරක ඇයට මෙවැනි යෝජනාවක් කළේය.

    “සෙව්වන්දි… ඔයාගේ නිරුවත් පින්තූර වගයක් මට අන්තර්ජාලයේ තිබිලා හම්බ වුණා. ඒ ඔයාමද කියලා වීඩියෝ කෝල් එකකින් බලන්න ඕනෑ.”

    තාරක සෙව්වන්දීට පින්තූර කීපයක් එව්වේය. ෆොටෝ ෂොප් වලින් පින්තූර වෙනස්කර සෑදිය හැකි බව නොදැන සිටි සෙව්වන්දි බියට පත්වූවාය. කිසිදිනක තමා එවැනි පින්තූර නොගත් බව දැනගත්තද සිදුවී ඇති දෙය ඇයට අදහාගත නොහැකි වූවාය. තමාට පණසේ ආදරය කරන මව්පියන් අමතා ඇගේ ගැටලුව ඉදිරිපත් නොකළ අතර කිසිවිටක දැක නැති නන්නාඳුනන තාරකව විශ්වාස කරන්නට වූවාය.

    “අනේ තාරක. මම මොකද දැන් කරන්නේ.” ඇය බියපත්ව ඇසුවාය.

    පින්තූර ගෙන්වා ගැනීමට වඩා මුදල් ලබා ගැනීම යෙහෙකැයි සිතූ තාරක පින්තූර අයින් කිරීම සඳහා වරින් වර මුදල් ඉල්ලන්නට වූවේය. මව්පියන්ගේ පොකට් වල මිල මුදල් අඩුවෙත්ම ඒ පිළිබඳව ඔවුහු විමසිලිමත් වූහ. ඒ අනුව සෙව්වන්දිගේ මූල්‍යමය වංචාව හසුවිය. කරුණු විමසූ පසු ඇය සියලු තතු පැවසුවාය. ඇයට එවා ඇති සියලු පින්තූර නිරික්ෂණය කළ මව්පියෝ ඒවා කෘතිමව වෙනස්කර සෑදූ ඒවා බව පසක් කර ගත්හ. ඊට පසු තාරක පිළිබඳව තතු විමසා බැලූ අතර ඔහු ව්‍යාජ ගිණුම් හිමියෙක් බව තහවුරු විය. සෙව්වන්දි වැටීමට ගිය වළෙන් ගොඩ ආවේ මව්පියන්ගේ විමසිලිමත් බව නිසාවෙනි.

    “දැන ගියොත් කතරගම, නොදැන ගියොත් අතරමඟ” යනුවෙන් කියමනකි. සයිබර් අවකාශයේ ගැවසෙන තාරුණ්‍යයට එය යථාර්තවාදී අවවාදයකි.

    නම් ගම් මනඃකල්පිතයි.

    සයිබර් වංචනිකයන් හඳුනාගැනීමට උපදෙස්

    මේ ආකාරයට ව්‍යාජ ගිණුම් සාදා ගනිමින් තරුණ තරුණියන් මුලාවට පත්කරන වංචනික ගිණුම් හිමියන් හඳුනා ගන්නේ කෙසේද යන්න පිළිබඳව ශ්‍රී ලංකා හදිසි ප්‍රතිචාර සංසදයේ ජ්‍යේෂ්ඨ පරිගණක ඉංජිනේරු රොෂාන් චන්ද්‍රගුප්ත මහතා පැවසුවේ මෙවැන්නකි.
    සමාජජාල ගිණුමක සිටින පුද්ගලයෙක් ව්‍යාජ පින්තූරයකින් පෙනීසිටිමින් ඔහුගේ හෝ ඇයගේ අනන්‍යතාව හෙළිවෙන තොරතුරු සඟවා සිටිනවා නම් එය ව්‍යාජ ගිණුමක් විය හැකියි. එවැනි අය අනවශ්‍ය පින්තූර, අනවශ්‍ය වීඩියෝ පට අන්තර්ජාලය හරහා බෙදාහරිනු ලබනවා. එවැනි අයෙක් යම් සමාජජාල ගිණුම් හිමියෙකුට ෆ්‍රෙන්ඞ් රික්වෙස්ට් එකක් දමා තිබුණොත් ඔහුගේ ප්‍රොෆයිල් එකට ගොස් තොරතුරු වල සත්‍ය අසත්‍යතාව සොයා බැලිය හැකියි. ඒ වගේම තමන්ගේ ගිණුමට සම්බන්ධවී ඇති යහළු යෙහෙළියන්ගෙන්ද ඔහු හෝ ඇය දන්න අයෙක්ද යන්න විමසා සිටිය හැකියි.

    කිසිවෙකුත් නොදන්න අනන්‍යතාවය තහවුරු නොවන එවැනි අය සිය ගිණුමට එකතු නොකරගැනීමයි කළ යුත්තේ. හේතුව එවැන්නෝ ව්‍යාජ ගිණුම්වලින් පෙනීසිට නොයෙකුත් අක්‍රමිකතා සිදුකිරීමයි. විශේෂයෙන්ම මූල්‍යමය වංචා, දත්ත හොරකම හෝ විනාශ කිරීම, ලිංගික වෙළඳාම ව්‍යාප්ත කිරීම හෝ නොයෙකුත් අපයෝජන සිදුකිරීම එවැන්නන්ගේ අරමුණ වන නිසා.

    මීළඟට ඔබ අඳුනන පුද්ගලයන්ගේ ජනප්‍රිය පුද්ගලයන්ගේ පින්තූර වලිනුත් ඇතැම් පිරිස් පෙනීසිටින බව අවබෝධ කරගත යුතුයි. ජනප්‍රිය පුද්ගලයෙකුගේ ගිණුමක නම් ඔහු හෝ ඇයගේ යහළුවන්, එකතු කරන පින්තූර, ඒවාට දමන කමෙන්ට් ආදියෙන් ඔහු හෝ ඇය සැබෑ පුද්ගලයාද යන්න තහවුරු කළ හැකියි. දුරකථන අංකයක් තිබෙනවා නම් එය තව තවත් තහවුරු කරගැනීම පහසුවෙනවා. ඔබ දන්නා වෙනත් පුද්ගලයෙකුගේ පින්තූරයකින් ගිණුමක් තිබෙනවා නම් ඔහු හෝ ඇය ඔබට ෆ්‍රෙන්ඞ් රික්වෙස්ට් එකක් දමා ඇතිනම් දුරකථන මාර්ගයෙන් හෝ අමතා එය ඔවුනගේම ගිණුමද යන්න තහවුරු කරගත හැකියි.

    ඒ වගේම ඇතැම් අවස්ථාවල යාළුවන්ගේ ෆ්‍රෙන්ඞ් ලිස්ට් වල සිටිනා ඇතැම් අයගේ ෆ්‍රෙන්ඞ් රික්වෙස්ට්ද ඔබට ලැබිය හැකියි. එවැනි අවස්ථාවලදීත් අදාළ පුද්ගලයාගේ ප්‍රොෆයිල් එකට ගොස් එහි අන්තර්ගත දත්තයන් පරික්ෂා කිරීම කළ හැකි අතර යාළුවන්ගෙන්ද ඔහු හෝ ඇය දන්නා කෙනෙක්ද යන වඟ දැනගත හැකියි.

    තමන්ගේ මිත්‍රත්වයට නුසුදුසු තමන් නොදන්නා ගිණුම් හිමියෙක් ෆ්‍රෙන්ඞ් රික්වෙස්ට් එකක් දමා ඇතිවිට ඔහු හෝ ඇය “අන් ෆ්‍රෙන්ඞ්” කිරීම හෝ බ්ලොක් කිරීම ඔබට සිදු කළ හැකියි.

    මීට අමතරව යම් අයෙක් නිතර නිතර ගිණුමේ නම වෙනස් කරනවා නම්, නොදන්නා අයගේ පින්තූරවලින් පෙනීසිටිනවා නම් එයත් ව්‍යාජ ගිණුමක් වියහැකි බව අවධානයට ගත යුතුයි.

    මෙවැනි කරුණු පිළිබඳව අවබෝධයෙන් සිටියොත් ව්‍යාජ ගිණුම් හඳුනා ගැනීමට පහසුවෙනවා.

    ඒ වගේම වීඩියෝ කෝල් ගැනීමේදී දන්නා හෝ නොදන්නා කිසිවෙක් ඉදිරියේ නිරුවත්ව පෙනීසිටීම නොකළ යුතු අතර වෙනත් අයගේ රූපවලින් පෙනීසිටින නොදන්නා අය හමුවේ තමන්ගේ අනන්‍යතාව සහිත තොරතුරුද හෙළි නොකළ යුතුයි. එයින්ද සමාජයේ සිටින කුමන මට්ටමක හෝ අපයෝජකයෙකුගේ ගොදුරක් බවට ඔබ පත්විය හැකියි. විශේෂයෙන්ම කප්පම් ලබාගැනීමට, ලිංගික අල්ලස් ඉල්ලීමට එවැනි අපයෝජකයෝ ඔබගේ පින්තූර හෝ වීඩියෝ භාවිත කරන බව දැනගත යුතුයි.

    සමාජජාල ගිණුම්වල හිමිකරුවන් වන ඔබ නිතරම සයිබර් අවකාශයේ සැරිසරනවා. එහිදී ඔබගේ ආරක්ෂාව, ඔබගේ අනන්‍යතාව ඔබගේ ගෞරවය රැකගැනීම සඳහා ඉහත කී උපදෙස් පිළිපැදීම අත්‍යවශ්‍ය බව අවධානයට ගන්න.

    [rns_reactions]

  • පොලීසියට සිගරට්‌ ඇද්ද, පොලිස්‌ විශේෂ කාර්ය බලකාය බිහිකළ ජනාධිපති පුතා..

    ඒ 1978 වර්ෂයයි. කොළඹ වෝඩ් පෙදෙසේ පිහිටි එක්‌තරා සුවිසල් නිවසකි. මේ ප්‍රභූ නිවසේ ආරක්‍ෂාවට විශේෂ පොලිස්‌ කණ්‌ඩායමක්‌ ද යොදවා තිබුණේය. නිවසේ ආරක්‍ෂක කටයුතු සඳහා අලුතින් පැමිණි පොලිස්‌ නිලධාරියකු දිනක්‌ පෙරවරු රාජකාරියේ නිරතව සිටියේය.

    දුම් පානයට තදින් ඇබ්බැහි වී සිටි මේ නිලධාරියා ඒ මොහොතේ සිටියේ දුම්වැටියක්‌ පානය කිරීමේ තදබල අවශ්‍යතාවකින් ය. එහෙත් දුම්වැටියක්‌ ගෙන ඒම සඳහා වෙළෙඳසලකට යෑවීමට තරම් කෙනෙකු සිටියේ නැත.

    සිය මීමිත්තණිය, හෙළේනා විජයවර්ධන ඇකයේ සිටින සිඟිති රවී ජයවර්ධන දෙපසින් සිටින්නේ ඡේ. ආර්. ජයවර්ධන හා එළීනා ජයවර්ධන

    ප්‍රභූ නිවසේ සිට මෝටර් රථයක්‌ පිටතට යැමට පැමිණියේ මේ අතරතුරදී ය. නිවසේ ගේට්‌ටු රාජකාරියේ නිරතව සිටි පොලිස්‌ කොස්‌තාපල්වරයා විසිල්පාරක්‌ ගසමින් මෝටර් රථය නතර කළේය. මෝටර් රථයේ රියෑදුරු අසුනේ සිටි පුද්ගලයා වීදුරුව පහත් කර පොලිස්‌ කොස්‌තාපල්වරයා දෙස බලා සිනාසුණේය.

    “ඇයි රාළහාමි මොකක්‌ද වුවමනාව” මෝටර් රථයේ සිටි පුද්ගලයා බොහොම කාරුණික ලෙස පොලිස්‌ නිලධාරියාගෙන් විමසුවේය.

    “මට සිගරැට්‌ පැකට්‌ එකක්‌ ගෙනත් දෙනවද? මෙන්න සල්ලි”

    පොලිස්‌ කොස්‌තාපල්වරයා රුපියල් 50 නෝට්‌ටුවක්‌ මෝටර් රථයේ සිටි පුද්ගලයා අත තැබුවේය. ඒ කාලයේ සිගරැට්‌ පැකට්‌ටුවක මිල රුපියල් 20 කි. පොලිස්‌ නිලධාරියා මෝටර් රථයේ සිටි පුද්ගලයා අතට මුදල් දී සිගරැට්‌ ගෙන එන ලෙස කීවේ තරමක නියෝගාත්මක ස්‌වරයකිනි.

    “රාළහාමි මම හදිස්‌සි වැඩකට යන්නේ. එන්න ටිකක්‌ ප්‍රමාද වෙයි. ප්‍රමාද වෙලා සිගරැට්‌ ගෙනාවට කමක්‌ නැද්ද?”

    මෝටර් රථයේ සිටි පුද්ගලයා බොහොම කාරුණික හඬින් කීවේය.

    “ඒකට කමක්‌ නැහැ. ඔයා එන වෙලාවක සිගරැට්‌ පැකට්‌ එක අරගෙන එන්න” කොස්‌තාපල්වරයා කීවේය. මෝටර් රථය ප්‍රභූ නිවසින් නික්‌ම ගියේය. පැය කීපයකට පසු මේ මෝටර් රථය වෝඩ් පෙදෙසේ පිහිටි ප්‍රභූ නිවසට ඇතුළු වුණේය. ඒ වන විට පොලිස්‌ කොස්‌තාපල්වරයා ගේට්‌ටු රාජකාරියේ සිටියේ නැත. ඔහු තම සේවා කාලවේලාව නිම කර විවේක ගැනීම සඳහා භට නිවහනට ගොස්‌ සිටියේය.

    මෝටර් රථයෙන් පැමිණි පුද්ගලයා ගේට්‌ටු රාජකාරියේ යෙදී සිටි පොලිස්‌ කොස්‌තාපල්වරයා සොයන්නට පටන් ගත්තේ සිගරැට්‌ පැකට්‌ටුව සහ ඉතිරි මුදල් ද තම දකුණු අතේ රඳවාගෙනය.

    ඒ වන විට ප්‍රභූ නිවසේ ආරක්‍ෂාවට සිටි නිලධාරීන් කලබලයට පත්ව සිටියහ.

    “ඇයි සර්….. මොකුත් ප්‍රශ්නයක්‌ ද?”

    ප්‍රභූ ආරක්‍ෂක ඒකකය භාරව සිටි නියෝජ්‍ය පොලිස්‌පතිවරයා විමසුවේය.

    “කිසිම ප්‍රශ්නයක්‌ නැහැ. ගේට්‌ටුවේ ඩියුටි හිටපු රාළහාමි මට සිගරැට්‌ පැකට්‌ එකක්‌ ගේන්න කියලා සල්ලි දුන්නා. මම ඒක අරගෙන ආවා. කෝ ඒ රාළහාමි. මට මේක එයාට භාර දෙන්න ඕනෙ.”

    මෝටර් රථයෙන් ආ පුද්ගලයා කිසිදු කලබලයකින් තොරව කීවේය. සිද්ධිය ඇසීමෙන් ජ්‍යෙෂ්ඨ පොලිස්‌ නිලධාරීන් තුෂ්නිම්භූත වූහ. ඔවුන් එකිනෙකාගේ මුහුණ බලා ගත්හ.

    ගේට්‌ටුවේ රාජකාරි කළ පොලිස්‌ කොස්‌තාපල්වරයාගේ නියෝගමත සිගරැට්‌ පැකට්‌ටුව රැගෙන ආවේ වෙන කවරකුවත් නොව ශ්‍රී ලංකාවේ 5/6 ක ජන බලයක්‌ ලබාගෙන තේරී පත් වූ ප්‍රථම විධායක ජනාධිපති ඡේ. ආර්. ජයවර්ධනගේ එකම පුත්‍රයා වූ රවී ජයවර්ධන ය.

    “සර්….. අපට සමාවෙන්න. මේ නිලධාරියා කරලා තියෙන්නේ බොහොම බරපතළ වැරැද්දක්‌. අපි එයාගෙ වැඩ තහනම් කරලා අත්අඩංගුවට ගන්න කටයුතු කරනවා.”

    ජනාධිපතිවරයාගේ නිවසේ ආරක්‍ෂාව භාරව සිටි නියෝජ්‍ය පොලිස්‌පතිවරයා රවී ජයවර්ධනගෙන් සමාව අයෑද සිටියේය. එපමණක්‌ නොව මේ නිලධාරියාට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනීමට ද පොරොන්දු වූවේය.

    “නෑ නෑ ඒ මනුස්‌සයාට කරදර කරන්න එපා. එයාගෙ වැඩ තහනම් කරන්නත් එපා. ඒ නිලධාරියා මම කවුද කියලා අඳුනන්නෙ නැතිව වෙන්න ඇති එහෙම කළේ.”

    රවී ජයවර්ධන බොහොම සැහැල්ලුවෙන් කීවේය. රවී ජයවර්ධන සිගරැට්‌ ගෙන ඒමට කඩයට යෑවූ පොලිස්‌ කොස්‌තාපල්වරයාගේ වැඩ තහනම් කළේ නැත. ඔහු අත්අඩංගුවට ගත්තේ ද නැත. ඒ නිලධාරියා දීර්ඝ කාලයක්‌ තිස්‌සේ ජනාධිපති නිවසේ රාජකාරි කළේය.

    රවී ජයවර්ධන නමැති චරිතය මොන තරම් නිහතමානී නිහඬ චරිතයක්‌ ද යන්න තේරුම් ගැනීමට මේ සිද්ධිය හොඳම උදාහරණයකි.

    තම පියා සතුව තිබූ අසීමිත බලතලවලින් කිසි විටෙකත් ඔළුව උදුම්මා නොගත් ඒ නිහතමානී මිනිසා අද ජීවතුන් අතර නැත. පොලිස්‌ විශේෂ කාර්ය බළකාය නිර්මාණය කරමින් කොටි ත්‍රස්‌තවාදීන්ට එරෙහි සටනේ පුරෝගාමියකු ලෙස කටයුතු කළ මේ නිහඬ චරිතය අද සිය ජීවිතය අතහැර ගොසින්ය.

    අවුරුදු 82 ක්‌ වූ සිය ජීවිත කාලය පුරාවට රවී ජයවර්ධන විසින් රටට කළ නිහඬ සේවය සුළුපටු එකක්‌ නොවේ. රවී ජයවර්ධන නමැති මේ සුවිශේෂී මිනිසා රටට කළ සේවය බොහෝ දෙනෙකු දන්නේ නැත.

    ඒ මන්ද යත් රවී ජයවර්ධන තමන් කළ කී දෑ වලින් කිසිවිටෙක ප්‍රසිද්ධියක්‌ ලබා නොගැනීමය. රවී ජයවර්ධන කිසි විටෙකත් මාධ්‍ය හමුවේ පෙනී සිටියේ නැත. තම පියා රටේ විධායක ජනාධිපතිවරයා ලෙස කටයුතු කරන සමයේදී පවා රවී ජයවර්ධන කිසිදු රාජ්‍ය උත්සවයකට සහභාගි වුණේ නැත.

    තම පියාගේ ආරක්‍ෂක උපදේශකයකු ලෙස කටයුතු කළ ද රවී ජයවර්ධන ගත කළ සරල ජීවිතය රාජ්‍ය නායකයන්ට මහඟු ආදර්ශයක්‌ ගෙන දුන්නේය.

    කොටි ත්‍රස්‌තවාදීන් පරාජය කිරීමේලා අනුපමේය සේවයක්‌ කළ පොලිස්‌ විශේෂ කාර්ය බළකාය බිහිකිරීමේ අදහස රවී ජයවර්ධනගේ සිතට එන්නේ 80 දශකය මුල් කාල සීමාවේදී ය.

    1980 වර්ෂය වන විට උතුරේ යුද්ධය දරුණු අතට හැරෙමින් තිබුණේ ය. කොටි සංවිධානය මෙන්ම තවත් සන්නද්ධ දෙමළ කණ්‌ඩායම් කීපයක්‌ උතුරේ ක්‍රියාත්මක විය. මේ දෙමළ සන්නද්ධ කණ්‌ඩායම් උතුරේÊපොලිස්‌ ස්‌ථාන කීපයකට ප්‍රහාර එල්ල කර බරපතළ හානි කරන්නට පටන් ගත්තේ එවකට රජය පවා අන්දමන්ද කරමින් ය.

    උතුරේ පොලිස්‌ ස්‌ථානවලට එල්ල වන ප්‍රහාර නතර කිරීමේ දැඩි අවශ්‍යතාවක්‌ රජයට මතුව තිබුණේය. ඊට පිළියමක්‌ ලෙස ආරක්‍ෂක අමාත්‍යංශය පොලිස්‌ නිලධාරීන්ගෙන් සමන්විත විශේෂ බළකායක්‌ නිර්මාණය කළේය.

    එස්‌. එෆ්. ස්‌කොඩ් නමින් හැඳින්වූ මෙම බළකාය දක්‍ෂ එඩිතර පොලිස්‌ නිලධාරීන්ගෙන් සැදුම්ලත් විශේෂ කණ්‌ඩායමක්‌ විය. එවකට යුද හමුදාවේ මේජර්වරයකු වූ ආනන්ද වීරසේකර එස්‌. එෆ්. ස්‌කොඩ් බළකායට පුහුණුව ලබා දුන්නේය.

    එස්‌. එෆ්. ස්‌කොඩ් බළකායේ මුල්ම අණදෙන නිලධාරියා ලෙස කටයුතු කළේ එවකට පොලිස්‌ අධිකාරිවරයකු වූ බෝධි ලියනගේ ය.

    මෙම විශේෂ බළකාය ත්‍රස්‌තවාදීන්ගෙන් එල්ල වූ ප්‍රහාර මැඬ පවත්වමින් උතුරේ පොලිස්‌ ස්‌ථාන

    රැක ගැනීමේ භාරදූර කාර්යයට එක්‌ව සිටියහ. එම බළකායේ දක්‍ෂතාව නිසාම උතුරේ පොලිස්‌ ස්‌ථාන වෙත දෙමළ සන්නද්ධ කණ්‌ඩායම් වෙතින් ප්‍රහාර එල්ල වීම සම්පූර්ණයෙන් ම පාහේ නතර විය.

    1983 වර්ෂය වන විට දකුණේ සිංහල දෙමළ කෝලහල ආරම්භ වී තිබුණේය. මේ තත්ත්වය තදින්ම බලපා තිබුණේ කොළඹ නගරයටය. එයිනුත් වැල්ලවත්ත ප්‍රදේශයේ තත්ත්වය ඉතාම බරපතළ විය.

    සිංහල – දෙමළ කෝලාහලයට මැදි වූ වැල්ලවත්තේ දෙමළ ජනතාව බේරා ගැනීම සඳහා ආරක්‍ෂක අමාත්‍යාංශය එස්‌. එෆ්. ස්‌කොඩ් බළකාය යෙදවීමට පියවර ගත්තේය.

    බෝධි ලියනගේගේ ප්‍රධානත්වයෙන් යුත් එස්‌. එෆ්. ස්‌කොඩ් බළකාය වැල්ලවත්ත ඇතුළු ප්‍රදේශ ගණනාවක පදිංචි දෙමළ ජනතාව ආරක්‍ෂා කර ගැනීමේ භාරදූර කටයුත්තට අත ගැසුවෝය.

    ඒ වන විට එවකට ජනාධිපති ඡේ. ආර්. ජයවර්ධනගේ ආරක්‍ෂාව ද බරපතළ අන්දමින් පිරිහී ගොස්‌ තිබිණි. කොළඹ වෝඩ් පෙදෙසේ පිහිටි ජනාධිපතිවරයාගේ නිවස ද ත්‍රස්‌ත ප්‍රහාරවලට ලක්‌වීමේ අවදානමකට ලක්‌ව තිබුණේය.

    ආරක්‍ෂක අමාත්‍යාංශය එස්‌. එෆ්. ස්‌කොඩ් බළකායේ නිලධාරීන් වෝඩ් පෙදෙසේ පිහිටි ජනාධිපතිවරයාගේ නිවසේ ආරක්‍ෂාවට යොදවනු ලැබුවේය. එවකට ජනාධිපති ආරක්‍ෂක අංශයේ නිලධාරීන්ට අමතරව එස්‌. එෆ්. ස්‌කොඩ් නිලධාරීන් ද ජනාධිපතිවරයාගේ ආරක්‍ෂාවට සම්බන්ධ වන්නේ ඒ ආකාරයට ය.

    එස්‌. එෆ්. ස්‌කොඩ් බළකායේ ක්‍රියාකාරකම් දෙස හොඳින් නිරීක්‍ෂණය කරගෙන සිටි පුද්ගලයකු විය. ඒ වෙන කවරකුවත් නොව ජනාධිපතිවරයාගේ එකම පුත්‍රයා වූ රවී ජයවර්ධන ය.

    තම පියාට මෙන් තියුණු දුරදක්‌නා නුවණක්‌ හිමි තරුණ රවී ජයවර්ධන එස්‌. එෆ්. ස්‌කොඩ් බළකාය වැඩි දියුණු කර සුවිශේෂී හමුදාවක්‌ ගොඩනැඟීමේ කාර්ය පිළිබඳ මෙනෙහි කළේය.

    පොලිස්‌ විශේෂ කාර්ය බළකාය බිහිවන්නේ රවී ජයවර්ධනගේ ඒ යුද ඥානයත් සමඟය.

    රවී ජයවර්ධන අධ්‍යාපනය ලැබුවේ කොළඹ රාජකීය විද්‍යාලයෙන් ය. පාසල් යන කාල සීමාවේ සිට ඔහු වෙඩි තැබීමේ ක්‍රීඩාවට ඇලුම් කළේය. ඒ නිසාම රවී ජයවර්ධන අති දක්‍ෂ වෙඩික්‌කරුවකු බවට පත් වුණේය. පිස්‌තෝලවලින් එකවර අත් දෙකෙන්ම ඉලක්‌කයට වෙඩි තැබීමේ හැකියාව ඔහු සතු විය.

    මේ දක්‍ෂතා නිසාම රවී ජයවර්ධනට 1964 වර්ෂයේ ටෝකියෝ නගරයේ පැවැති ඔලිම්පික්‌ තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කිරීමේ වාසනාව ලැබිණ. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් වෙඩි තැබීමේ තරගාවලියට ඉදිරිපත් වුණේ රවී ජයවර්ධනය.

    තම පියා ජනාධිපති ධුරයට පත් වීමෙන් පසු ඔහුගේ ප්‍රධාන ආරක්‍ෂක උපදේශකවරයා වීමේ අවස්‌ථාව රවී ජයවර්ධනට හිමි විය. කළුතර පොලිස්‌ අභ්‍යාස විද්‍යාලයේ වෙඩි පිටිය වෙත නිතරම යැමට පුරුදුව සිටි රවී ජයවර්ධන වෙඩි පුහුණුව ලැබීම පුරුද්දක්‌ ලෙස කරගෙන ගියේය.

    රවී ජයවර්ධන තුළ තිබූ වෙඩි තැබීමේ විනෝදාංශය නිසාම ඒ වෙනුවෙන් සංගමයක්‌ බිහිකර ගැනීමට ද හැකි විය. එම සංගමය හැඳින්වූයේ ජනාධිපති කුසලාන වෙඩි තැබීමේ සංගමය ලෙසය. 1978 වර්ෂයේදී බිහි වූ මේ සංගමය වාර්ෂිකව තරගාවලියක්‌ ද පැවැත්වීය.

    මෙම සංගමය විසින් පැවැත්වූ තරගාවලියේ මුල්ම ශූරයා වූයේ එවකට රාජ්‍ය ඔත්තු සේවාවේ ප්‍රධානියා වූ පොලිස්‌ අධිකාරි ෂර්නි විඡේසූරියයි. මෙම තරගාවලිය වාර්ෂිකව පැවැත්වූ අතර පසු කලෙක පොලිස්‌ අධිකාරි වික්‌ටර් අධිකාරි, මේජර් රිටිගම්පොල, මේජර්විඡේJද්‍ර, ගුවන් හමුදාවේ ශාන්ති බාසා, ලකී නඩරාජසිංහම් වැනි නිලධාරීන් ශූරතාව දිනා ගත්හ.

    එහෙත් මේ කිසිම නිලධාරියකුට රවි ජයවර්ධන සමඟ තරග කර ජය ගන්නට හැකි වුණේ නැත. රවී ජයවර්ධන තරම් ඉලක්‌කයට වෙඩි තැබිය හැකි කිසිදු ශූරයකු එවකට නොවීය.

    සෑම සති අන්තයකම රවී ජයවර්ධන කළුතර පොලිස්‌ අභ්‍යාස විද්‍යාලයේ වෙඩි පිටියට ගියේ තම හිතවත් නිලධාරීන් ද සමගය. වෙඩි පුහුණු සඳහා සහභාගි වන පොලිස්‌ නිලධාරීන් කොළඹ සිට කළුතර පොලිස්‌ අභ්‍යාස විද්‍යාලය වෙත ගියේ ජර්නි බස්‌ රථයකින් ය.

    තමන් රටේ ජනාධිපතිවරයාගේ පුත්‍රයා මෙන්ම ප්‍රධාන ආරක්‍ෂක උපදේශකයා බව අමතක කළ රවී ජයවර්ධන කළුතර පොලිස්‌ අභ්‍යාස විද්‍යාලය වෙත ගියේ අනෙකුත් නිලධාරීන් ද සමඟÊමේ ජර්නි බස්‌ රථයෙන් ය. කළුතර යන අතරමඟදී කළුතර පලාතොට ප්‍රදේශයේ මාර්ගය අසල ඇති කුඩා තේ කඩයකින් බනිස්‌ කා ප්ලේන්ටි බීම ද රවී ජයවර්ධනගේ පුරුද්දක්‌ විය. ඒ තරමටම ඔහු සරල සාමාන්‍ය පුද්ගලයකු වුණේය.

    කිසිම නිලධාරියකු සර්    යනුවෙන් තමන්ට ආමන්ත්‍රණය කරනවාට රවී ජයවර්ධන කැමැති වුණේ නැත. ඔහු හැම විටම තමන් සමඟ සිටි පොලිසියේ මෙන්ම යුද හමුදාවේ නිලධාරීන්ට කීවේ රවී  යනුවෙන් තමා අමතන ලෙස ය.

    කළුතර වෙඩි පිටියේ පුහුණුවීම් ලබන අතරතුර රවී ජයවර්ධන තම සිතේ ගොඩගැසී තිබූ සැලසුම තම මිතුරු නිලධාරීන් හමුවේ කියා සිටියේය. පොලිස්‌ විශේෂ කාර්ය බළකාය නමැති පොලිස්‌ ඒකකය පිහිටුවීමේ අවශ්‍යතාව පිළිබඳව රවී ජයවර්ධන පොලිසියේ උසස්‌ නිලධාරින් දැනුවත් කළේය.

    සතුරා අතරට ගොස්‌ සතුරාට පහර දීම සඳහා හමුදාවක්‌ ඒ වන විට රජයේ හමුදා සතුව තිබුණේ නැත.

    zzසතුරා බොහෝ විට ඒ අයගේ ආරක්‍ෂාවට සාමාන්‍ය මිනිස්‌සු පලිහක්‌ විදිහට යොදා ගන්නවා. ඒ වෙලාවේදී ඒ සාමාන්‍ය මිනිස්‌සු අතරට ගිහින් සතුරා හඳුනාගෙන සාමාන්‍ය මිනිසුන්ට අනතුරක්‌ නොවන විදිහට සතුරා විනාශ කිරීමට පාබල හමුදාවක්‌ අවශ්‍යයි. එස්‌. ටී. එෆ්. කියන අලුත්ම හමුදාව ටේ්‍රනින් කරන්න ඕනෙ මෙන්න මේ ක්‍රමයට ගිහින් සතුරාව විනාශ කරන්න.”

    රවී ජයවර්ධන තම මිතුරු හමුදා නිලධාරීන් සමඟ කීවේය. ඒ අනුව එස්‌. එෆ්. ස්‌කොඩ් නමැති පොලිස්‌ බළකාය එස්‌. ටී. එෆ්. බළකාය ලෙස වැඩිදියුණු කිරීමට රවී ජයවර්ධන කටයුතු කරන්නේ ඉන් පසුවය.

    එවකට ඕමානයේ පොලිස්‌පති අයි. පී. සිල්වා රවී ජයවර්ධනගේ සමීප මිතුරෙකි. ඕමාන් රජයේ ආරක්‍ෂකයන්ට පුහුණුව ලබා දී තිබුණේ එංගලන්තයේ එස්‌. ඒ. එස්‌. නමැති යුද පුහුණු ආයතනය විසින් ය.

    ඕමාන් පොලිස්‌පතිවරයාගේ සහාය මත එස්‌. ඒ. එස්‌. යුද පුහුණු ආයතනය සම්බන්ධ කර ගත් රවී ජයවර්ධන පොලිස්‌ විශේෂ කාර්ය බළකායට පුහුණු වීම සඳහා ඔවුන්ගේ සහාය ලබාගැනීමට කැමැති කරවා ගත්තේය.

    එංගලන්තයේ එස්‌. ඒ. එස්‌. යුද පුහුණු ආයතනයේ යුද විශේෂඥයන්ගෙන් සැදුම්ලත් පහළොස්‌ දෙනෙකුගෙන් යුත් කණ්‌ඩායමක්‌ ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට රවී ජයවර්ධනට හැකිවිය. කිනි මිනි සිකියුරිටි සර්විස්‌ නමින් හැඳින්වූ මෙම යුද විශේෂඥ කණ්‌ඩායම කටුකුරුන්ද පොලිස්‌ විශේෂ කාර්ය බළකා පුහුණු කඳවුර පිහිටුවීමට කටයුතු කරන්නේ රවී ජයවර්ධන ගේ උපදෙස්‌ සහ සහාය ඇතිවය. පොලිස්‌ විශේෂ කාර්ය බළකා කඳවුර කටුකුරුන්දේ පිහිටුවීම සඳහා එවකට රජයේ උපරිම සහාය ලබා ගැනීමට රවී ජයවර්ධන කටයුතු කළේය.

    හමුදා පුහුණු කඳවුරකට අවශ්‍ය කරන සියලු අංගෝපාංගයන්ගෙන් සමන්විත වූ කටුකුරුන්ද කඳවුර 1983 වර්ෂය මුල්භාගය වනවිට ඉදිකිරීම් කටයුතු නිම කෙරිණි. රැක සිට ප්‍රහාර එල්ල කරන ආකාරය සාමාන්‍ය ජනයා අතර සිටින සතුරන් හඳුනා ගෙන ඔවුන් විනාශ කරන ආකාරය පුහුණු කිරීම, හෙලිකොප්ටර්වලින් පහළට බැස සතුරාට ප්‍රහාර එල්ල කිරීම ඇතුළු නවීන සටන් ක්‍රම රැසක්‌ පුහුණු කිරීමේ කටයුතු සඳහා අවශ්‍ය කරන පහසුකම් කටුකුරුන්ද කඳවුර වෙත ලබා දෙන්න රවී ජයවර්ධනට හැකි විය.

    එමෙන්ම කටුකුරුන්ද කඳවුරේ වෙඩි පිටි 3 ක්‌ ස්‌ථාපිත කෙරිණි. දක්‍ෂ වෙඩික්‌කරුවන් බිහි කිරීම රවී ජයවර්ධනගේ මූලික අරමුණ වී තිබුණේය. කටුකුරුන්ද විශේෂ කාර්ය බළකා කඳවුර ඉදිකර අවසන් වනතුරු රවී ජයවර්ධනට විවේකයක්‌ තිබුණේ නැත. ඔහු දෛනිකව කඳවුර ඉදිකිරීම් කටයුතු පිරික්‌සීමට කළුතරට ආවේය. බ්‍රිතාන්‍ය යුද විශේෂඥයන් සමඟ නිතර සාකච්ඡා කරමින් අඩුපාඩු සකස්‌ කරගනිමින් තම සිහිනය සැබෑ කර ගන්නට මේ නියම මිනිසා නොගත් උත්සාහයක්‌ නැත.

    පොලිස්‌ විශේෂ කාර්ය බළකාය වෙත විශේෂිත අවි කිහිපයක්‌ ලබා දිය යුතු බව රවී ජයවර්ධනගේ නිගමනය විය.1983 වර්ෂය වනවිට ඇමරිකාවේ ජනප්‍රියම ගිනි අවියක්‌ බවට පත්ව තිබුණේ එම්. 16 ගිනි අවියයි. මෙම ගිනි අවිය පාබල හමුදාවන්ට ඉතාම යෝග්‍ය අවියක්‌විය. ඒ මන්ද යත් අනෙක්‌ ගිනි අවි මෙන් නොව එම්. 16 ගිනි අවිය ඉතාම සැහැල්ලු එකක්‌ වුණේය. ඒ නිසා පාබල සටන් වලදී එම අවිය රැගෙන යැම පහසු විය. අවි ආයුධ පරිහරණයේ මනා දැනුමක්‌ ඇති රවී ජයවර්ධන මෙම අවිය විශේෂ කාර්ය බළකාය වෙත ලබා දීමට සුදුසු බවට තීරණය කළේය. උසස්‌ පොලිස්‌ නිලධාරීන් සමඟÊමෙන්ම ආරක්‍ෂක අමාත්‍යාංශයේ ප්‍රධානීන් සමඟ ද සාකච්ඡා කළ රවී ජයවර්ධන මෙම අවිය ඇමරිකාවෙන් ආනයනය කර පොලිස්‌ විශේෂ කාර්ය බළකායට ලබා දීමට කටයුතු කළේය.

    එමෙන්ම ජර්මනියේ නිෂ්පාදිත මැෂින් තුවක්‌කුවක්‌ ද විශේෂ කාර්ය බළකාය වෙත ලබා දීමට කටයුතු කර තිබුණේ සතුරා සමඟ සටන්කර ඔවුනට බරපතළ හානි සිදු කිරීමට මෙම නවීන අවි යොදා ගැනීමට අවශ්‍යතාව දැඩිව මතුව තිබූ නිසා ය. 1983 වර්ෂය වන විට කොටි ත්‍රස්‌තවාදීන් නැගෙනහිර පළාත පුරා තම අණසක පතුරුවා හරිමින් දරුණු සටන් ක්‍රියාත්මක කරමින් සිටියහ.

    ඒ වන විට නැගෙනහිර පළාතේ පොලිස්‌ ස්‌ථාන රැසක්‌ කොටි ත්‍රස්‌තයන්ගේ ප්‍රහාරවලට ලක්‌ව තිබූ අතර ආරක්‍ෂක අංශ සාමාජිකයන් අමිහිරි අත්දැකීම් වලට මුහුණ දෙමින් සිටියහ. අලුතින් බිහිවන පොලිස්‌ විශේෂ කාර්ය බළකාය නැඟෙනහිර පළාතට යෑවිය යුතු බවට රවී ජයවර්ධනගේ තීරණය විය. එම තීරණය ඉතාම කාලෝචිත එකක්‌ බව ආරක්‍ෂක අංශ ප්‍රධානීන්ගේ ද මතය වී තිබිණි.

    පොලිස්‌ විශේෂ කාර්ය බළකාය වෙත පොලිස්‌ දෙපාර්තමේන්තුවෙන්ම නිර්භීත දක්‍ෂ නිලධාරීන් පිරිසක්‌ තෝරා ගැනිණි. ඔවුන් කටුකුරුන්දේ ඉදිකළ පොලිස්‌ විශේෂ කාර්ය බළකා කඳවුරේ පුහුණුවීම් සඳහා සම්බන්ධ කර ගත්හ.

    මේ සියලු ක්‍රියාවන් පිටුපස ඉJද්‍ර‚ලයක්‌ ලෙස සිටියේ රවී ජයවර්ධනය. තම සිහිනය දිනෙන් දින සැබෑ වනු දැකීමෙන් රවී ජයවර්ධන සතුටු වුණේය. නැඟෙනහිර පළාතේ කල්අඩි සහ කලවංචිකුඩි ප්‍රදේශවල අලුතින් විශේෂ කාර්ය බළකා කඳවුරු දෙකක්‌ පිහිටු වීමට තීරණය විය.

    කල්අඩි කඳවුරේ අණදෙන නිලධාරියා ලෙස පත් කිරීමට දක්‍ෂ තරුණ නිලධාරියකු නම්කර තිබිණි. ඒ වෙන කවරකුවත් නොව හිටපු පොලිස්‌පති එන්. කේ. ඉලංගකෝන් ය. ඒ වන විට ඉලංගකෝන් සහකාර පොලිස්‌ අධිකාරිවරයකු විය.

    එහෙත් කලවංචිකුඩි කඳවුරේ ප්‍රධානියා ලෙස පත් කිරීමට සුදුසු නිලධාරියකු නොවීය. රවී ජයවර්ධන සහ ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි ෂර්නි විඡේසූරිය කලවංචිකුඩි කඳවුරේ අණදෙන නිලධාරියා ලෙස පත්කිරීමට දක්‍ෂ නිලධාරියකු හොයමින් සිsටියේය.

    දිනක්‌ ෂර්නි විඡේසූරිය කළුතර පොලිස්‌ අභ්‍යාස විද්‍යාලයේ වෙඩි පිටියේ පුහුණුවීම්වල නිරත වෙමින් සිටියේය. ඒ අසල රවී ජයවර්ධන ද විය. ඒ මොහොතේ තරුණ පොලිස්‌ පරීක්‍ෂකවරයකු ද වෙඩි තැබීමේ පුහුණුවීම් සඳහා පැමිණ සිටියේය.

    ඒ වෙන කවරකුවත් නොව පසු කලෙක පොලිස්‌ විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරියා වූ නිමල් ලෙව්කේ ය. මාස හයක කාලයක්‌ එංගලන්තයේ විශේෂ පුහුණුවකට ගොස්‌ සිටි නිමල් ලෙව්කේ නැවත ශ්‍රී ලංකාවට පැමිණ තිබුණේ ඊට දින කීපයකට උඩදීය.

    කලවංචිකුඩි කඳවුරේ අණදෙන නිලධාරියා ලෙස නිමල් ලෙව්කේ පත් කළ යුතු බවට රවී ජයවර්ධන මෙන්ම ෂර්නි විඡේසූරිය ද ඒකමතිකව තීරණය කර තිබිණි.

    ෂර්නි විඡේසූරිය නිමල් ලෙව්කේට ඒ බව කීවේ කළුතර පොලිස්‌ අභ්‍යාස විද්‍යාල වෙඩි පිටියේ දී ය. කලවංචිකුඩි විශේෂ කාර්ය බළකා කඳවුරට අණදෙන නිලධාරියා ලෙස නිමල් ලෙව්කේ පත් කරන්නේ ඒ අනුවය.

    නැගෙනහිර පළාතේ කොටි ත්‍රස්‌තවාදීන්ගේ ක්‍රියාකාරකම් මෙන්ම ඔවුන්ගේ කඳවුරු පිළිබඳව රවී ජයවර්ධන පූර්ණ අධීක්‍ෂණයක්‌ කර තිබිණි. ඒ අනුව නැඟෙනහිර පළාත කොටි ත්‍රස්‌ත ග්‍රහණයෙන් මුදා ගැනීමේ මහා භාරදූර කාර්ය සඳහා පොලිස්‌ විශේෂ කාර්ය බළකාය යෙදවීමේ සියලු කටයුතු රවී ජයවර්ධනගේ ප්‍රධානත්වයෙන් ඒ වනවිට සකස්‌ වී තිබුණේය.

    1983 වර්ෂයේ අප්‍රේල් මාසය වන විට විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් පුහුණු කිරීම ආරම්භ කෙරිණි. එංගලන්තයේ යුද විශේෂඥයන්ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූ පුහුණුවීම් කටයුතු සියල්ල අධීක්‍ෂණය කරනු ලැබුවේ රවී ජයවර්ධන විසින් ය.

    ඒ වන විට පොලිස්‌ විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරියා ලෙස පත් කර සිටියේ ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි ධර්මසිරි වීරකෝන් ය.

    [rns_reactions]

  • මැණික් ඉල්ලමක් ලක්ෂ 63 කට විකුණයි

    කහවත්ත, ඇන්දාන ගබ්බෙල පාලමේ ඉදිකිරීම් සිදුකරන අතරතුර මතුවූ මැණික්‌ ඉල්ලම් තොගය ප්‍රසිද්ධ වෙන්දේසියේ විකිණීමෙන් රුපියල් හැටතුන් ලක්‌ෂහැටදහසක මුදලක්‌ රජයට ලැබුණු බව ජාතික මැණික්‌ හා ස්‌වර්ණාභරණ අධිකාරියේ රත්නපුර ප්‍රදේශීය කාර්යාලය පවසයි. පළාත් පාලන අමත්‍යාංශයේ ග්‍රාමීය පාලම් ව්‍යාපෘතිය යටතේ මෙම පාලමේ වැඩ ආරම්භ කළ අතර ගං ඉවුර කැපීමේදී වටිනා මැණික්‌ ඉල්ලමක්‌ මතුව ඇත.

    ගං ඉවුරේ අයිතිය පිළිබඳව ඉඩම්හිමියන් සමඟ ගැටලු මතුවීමත් සමඟ මෙම ඉල්ලම් තොගය ජාතික මැණික්‌ හා ස්‌වර්ණාභරණ අධිකාරිය භාරයට පත්කරගෙන මෙම ඉල්ලම් තොගය විධිමත් ක්‍රමවේදයන්ට අනුව ඉකුත්දා ප්‍රසිද්ධ වෙන්දේසියේ විකිණීමට පියවර ගත් බව ජාතික මැණික්‌ හා ස්‌වර්ණාභරණ අධිකාරියේ රත්නපුර ප්‍රාදේශීය කළමනාකරු කනිශ්ක අබේනායක මහතා පවසයි.

    මෙම ඉල්ලම මතුවීම හේතුවෙන් මෙම ස්‌ථානයට විශේෂ පොලිස්‌ ආරක්‌ෂාවක්‌ ද යෙදවීමට සිදුවූ බව රක්‌වාන පොලිසිය පවසයි.

    [rns_reactions]

  • රවීගේ සම්මානීය මොළයෙන් තවත් බද්දක්!

    “රවී නම් බදු, බදු නම් රවී; අපේ පොකට්ටුවට බඩුම හරී…” මේ අද වන විට රටේ පොදු මහජනතාවගෙන් බහුතරයක් වත්මන් යහපාලන රජයේ මුදල් අමාත්‍යවරයා රවී ගැන කියන කතාවක සරල විග්‍රහයකි.

    මේ අනාවරණය අපේ රටේ සම්මානීය උගත් මුදල් අමාත්‍යවරයා, අපි සේවකයින් ලෙස වැඩ කොට වඟුරන දහඩිය මහන්සියේ ඉතුරුම් එකතුවෙන් අපිට හොරා හොරකම් කරන්න ගහන්න යන අලුත්ම බද්දක් ගැනයි.

    සේවක අර්ථසාධක අරමුදලින් (EPF) ආයෝජනය කරන මුදල හරහා ලැබෙන ආදායමට සියයට 14ක නව බද්දක් පනවා ඇති බව අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති ජවිපෙ මධ්‍යම කාරක සභික වසන්ත සමරසිංහ හෙළි කරයි.

    එම අරමුදලෙන් ආයෝජනය කරන මුදල් හරහා ලැබෙන ආදායමට දැනටමත් සියයට 10ක බදු මුදලක් නාමිකව පනවා ඇතත් එය මෙතෙක් අය නොකළ බවත් මේ සියයට 14 නව බද්දට එම සියයට 10ද එක් කළහොත් සියයට 24 තෙක් බද්ද ඉහළ යනු ඇති බවත් සමරසිංහ මහතා පෙන්වා දෙයි. කුප්‍රකට මහ බැංකු බැඳුම්කර වංචාව හරහා රුපියල් කෝටි 1,500ක් පාඩු කිරීමට අමතරව මේ සියයට 14ක නව බද්දක් පැනවීම මඟින් සේවක අර්ථසාධක අරමුදල් හිමියන්ට සියයට 50ක ප්‍රතිලාභයක් අහිමි වන බව සමරසිංහ මහතා කියයි. ඒ මහතා පවසන පරිදි පසුගිය අප්‍රේල් 1දා සිට මේ බද්ද ක්‍රියාත්මක වෙමින් පවතී.

    සේවක අර්ථ සාධක අරමුදල හරහා මහ බැංකුවට වාර්ෂිකව ලැබෙන බදු ආදායම රුපියල් කෝටි 13,000ක් බවත් අදාළ බද්ද පැනවීම මඟින් එම ආදායම තවත් රුපියල් කෝටි 2,000කින් පමණ වැඩි වන බවත් ඔහු පැවැසීය.

    හෙතෙම අවධාරණය කෙළේ මේ අත්තනෝමතික බදු පැනවීමට එරෙහිව දැවැන්ත විරෝධතාවක් ආරම්භ කිරීමට තම වෘත්තීය සමිති සූදානම් වන බවයි. රටේ සේවක අර්ථසාධක අරමුදලට හිමිකම් කියන 24,70,000ක් වූ සේවක සාමාජිකයන්ට මෙමඟින් සිදුවන මහා අසාධාරණයට කිසිසේත් ඉඩ නොදෙන බවද ඔහු වැඩිදුරටත් පැවැසීය.

    [rns_reactions]

  • මැතිව්ස් එපා.. අපි දිනනවා.. ක්‍රීඩකයන්ගේ ඉල්ලීම මත කළමණාකරු තීරණය කරයි..

    එංගලන්තයේදී පැවැත්වෙන ‘ශූරයන්ගේ කුසලාන’ එක්දින ක්‍රිකට් තරගාවලියේදී වර්තමාන ක්‍රීඩකයන්ගේ දැඩි ඉල්ලීම මත හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් නොමැතිව ක්‍රීඩා කිරීමට සැළසුම්කර තිබෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමණාකරු (ක්‍රිකට්) අසංක ගුරුසිංහ මහතා පැවසීය. .

    “ඇන්ජලෝ වගේ ක්‍රීඩකයෙක් ඉන්න එක කණ්ඩායමට ලොකු හයියක්. නමුත් අපි අලුත් ක්‍රීඩකයන්ගේ ඉල්ලීම මත සැලසුම්කරගෙන තියෙනවා ඇන්ජලෝ නැතුව ක්‍රීඩා කරන්න.  ඇන්ජලෝ වගේ කෙනෙක් පොඩ්ඩක් එළියේ ඉන්න ඕනේ..

    අසංක ගුරුසිංහගේ සමකාලීනයකු වන බංග්ලාදේශ පිලේ පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා පිළිබඳව කළ විමසුමේදී ගුරුසිංහ මහතා මෙසේ අදහස් දැක්වීය.

    “චන්දික හතුරුසිංහව මම පළමුවෙන්ම හඳුනාගත්තේ 1986 වසරේ. වයස 19 න් පහළ කණ්ඩායමේ මම නායකයා ලෙස කටයුතු කරන කාළේ සිට මම ඔහුගේ ක්‍රිකට් දැනුම අවබෝධකරගත්තා”

    “ඔහු බංග්ලාදේශ කණ්ඩායම සමඟ කරලා තියෙන දේ ගැන මට කිසිම පුදුමයක් නෑ. ලාංකිකයෙක් ඒ වගේම යාළුවෙක් හැටියට මම සතුටු වෙනවා හතුරුසිංහ අවුරුදු තුනක් හතරක් ඇතුළත බංග්ලාදේශ කණ්ඩායම ගෙනත් තියෙන තත්ත්වය ගැන. ඔහු සාර්ථකව කාර්යය කරනවා”

    “ඔහුගේ සහ අපේ පුහුණුකරුවොත් 2019 දක්වා ගිවිසුම්වලට බැදිලයි ඉන්නේ. කවදා හරි දවසක එයා ලංකාවට ආවොත් හොඳ වෙයි”

    ශ්‍රී ලංකා පිලේ වර්තමාන පරාජ වැළට හේතුව ගුරුසිංහ මහතා මෙසේ පැහැදිළි කළේය.

    “අපි තුන්වැනි එක්දින තරගය සහ පළමු විස්සයි20 තරගය හොඳට කරලා. මේ තරගය හොඳට කළේ නෑ. අපේ පළමු පිතිකරුවන් පස් දෙනාගෙන් ගොඩක් ලකුණු ලබාගන්න ඕනේ. එතනින් ලකුණු ආවේ නැත්තන් ඕවර 50 ක් ක්‍රීඩා කරන්න ආමාරු වෙනවා. ඒක තමයි අපේ ප්‍රශ්නේ”

    “අපි ජය ලබන තරග බැලුවම උඩ පස් දෙනාගෙන් දෙන්නෙක් විතර ලකුණු අතරට එනවා. ඒ නිසා ඕවර 50 යනවා. ශූරයන්ගේ කුසලාන තරගාවලියේ හොඳට කරනවා නම් පළමු පිතිකරුවන් පස් දෙනා ලකුණු අතරට එන්න ඕනේ”

    ලසිත් මාලිංග නැවතත් එක්දින පිටියට පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටිනවාද? යන ප්‍රශ්නයට ගුරුසිංහ මහතා මෙසේ පිළිතුරු සැපයීය.

    “ලසිත් මාලිංග අපිත් එක්ක හොඳ අබබෝධයකින් ඉන්නවා. ඔහු හොඳ මානසික තත්ත්වයකත් ඉන්නවා. ඇත්තටම ඔහුට එංගලන්තයට යන්න අවශ්‍යතාවක් තියෙනවා. ඔහු මට කිව්වා අයි.පී.එල්. එකේ මුල කාළේ ක්‍රීඩා කරන විට එක්දින තරගවලට ක්‍රීඩා කරන්න හැකියාව තිබෙනවාද කියලා දැනෙන්න පුළුවන් කියලා”

    “මොකද එක්දින තරගයකදී ඕවර 10 ක් පන්දු යවන්නත් ඕනේ, ඕවර 50 ක් පන්දු රකින්නත් ඕනේ. ඒකයි එයාට තිබෙන බය. වෙන ප්‍රශ්නයක් නෑ. අප්‍රේල් අන්තිම වගේ වන විට අපිට හොඳ ආරංචියක් එයි කියලා අපි බලාගෙන ඉන්නවා”

    [rns_reactions]

  • කුරුණෑගල මහින්ද ගෙදර යයි. නායකත්වය අනුරට..

    ජනපති මහින්ද රාජපක්ෂ මහතා ද පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයට තරග කල  කුරුණෑගල දිස්ත්‍රික්කයට  නිදහස් පක්ෂයේ සභාපති ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින්  නව සංවිධායකවරු පත්කර තිබෙනවා..

    ජනාධිපතිවරයා ආසන හතක් සඳහා නව ආසන සංවිධායකවරුන් 7 දෙනෙකු හා දිස්ත්‍රික් සංවිධායකවරු 4 දෙනෙක් පත්කොට තිබෙන අතර දිස්ත්‍රික් නායක ලෙස අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා පත්කොට ඇති අතර ඔහු කටුගම්පල ආසන සංවිධායකවරයායි.

    යාපහුව ආසනයේ සංවිධායක ලෙස ටී.බී. ඒකානයක, දඹදෙණි ආසනයේ සංවිධායක ලෙස ශාන්ත බණ්ඩාර ,කුලියාපිටිය ආසනයේ සංවිධායක ලෙස අතුල විජේසිංහ ,ගල්ගමුව ආසනයේ සංවිධායක ලෙස තාරානාත් බස්නායක දොඩම්ගස්ලන්ද ආසනයේ සංවිධායක ලෙස නිමල් විජේසිංහ
    සහ මාවතගම ආසනයේ සංවිධායක ලෙස ඩබ්ලිව්. උපුල් ප්‍රියන්ත පත්කර තිබෙනවා.

    [rns_reactions]

  • කුමාර සංගක්කාරගේ නිවසත් හොඳම නිවාස 10ය අතරට. (photos)

    ලොව සියලු ක්‍රිකට් ක්‍රීඩකයන් අතුරින් හොඳම නිවාස 10 හිමි ක්‍රිකට් තරු අතර කුමාර සංගක්කාර ද සිටිනවා. Cricketer සඟරාවට අනුව හොඳම නිවාස 10 හිමි ක්‍රිකට් තරු සහ ඔවුන්ගේ නිවාස පිළිබඳ තොරතුරු පහතින් දැක්වෙනවා.  එම නිවාස පතතින් නරඹන්න

    ක්‍රිස් ගේල්

    මොහුගේ නිවස පිහිටා ඇත්තේ ජැමෙයිකාවේ කඳු ගැටයක් මතයි. ඇමෙරිකානු ඩොලර් මිලියනයක් වටිනා මහල් 3කින් සමන්විත වන මෙම නිවස තුළ නාන තටාකයක්, කිංග්ස්ටන් නගරය දිස්වන සේ සැකසූ තට්ටුවක්, රංග ශාලාවක්, නර්තනයන් සඳහා වෙන්වූ කොටසක් සහ බිලියඩ් ක්‍රීඩා කිරීම සඳහා සැකසූ කාමරයක්ද තිබෙනවා.

    ශේන් වෝන්

    බ්‍රයිටන් හි මෙම සුපිරි මන්දිරය පිහිටා තිබෙනවා. නිදන කාමර 4ක් සහිත මෙම නිවස සතුව ටෙනිස් ක්‍රීඩා කිරීම සඳහා ඉඩකඩ මෙන්ම නාන තටාකයක්ද, වාහන 10ක් නවතා තැබිය හැකි භූගත ගරාජයක් ද ඇති බවයි පැවසෙන්නේ.ඔහුගේ නාන තටාකයේ අංක 23 දිස්වන සේ සකසා ඇත්තේ ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ඔහුගේ අංකය 23 වන නිසායි.

    සචින් ටෙන්ඩුල්කාර්

    මුම්බායි හි පිහිටා ඇති සචින් ටෙන්ඩුල්කාර් ගේ සුපිරි නිවස මහල් පහකින් සමන්විතයි. එයින් පහළම මහල ටෙන්ඩුල්කාර් ගේ වාහන සඳහා වෙන්වී ඇති අතර අනෙක් මහල ඔහුගේ කුසලාන හා දක්ෂතා ප්‍රදර්ශනය කිරීම සඳහා භාවිතයට ගැනෙනවා.

    බ්‍රෙට් ලී

    බ්‍රෙට් ලී ඇමෙරිකානු ඩොලර් මිලියන 2ක් වටිනා නිවස අතහැර සිඩ්නි වරාය අසල මිලියන 4ක් වටිනා නිවසක් මිලදී ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

    මෙම සුපිරි නිවෙස සතුව නාන තටාකයක්, සම්භාහන මධ්‍යස්ථානයක් හා කායවර්ධන මධ්‍යස්ථානයක්ද පවතිනවා.

    ඩේවිඩ් වෝනර්

    තම දියණිය හා බිරිය සමඟ ඇ.ඩො. මිලියන 6.25ක් වටිනා නිවෙසක ජීවත් වන ඕස්ට්‍රේලියානු සුපිරි පිතිකරු ඩේවිඩ් වෝනර්ගේ නිවස පිහිටා ඇත්තේ ඕස්ට්‍රේලියාවේ ගෝර්ඩ්න් බොක්ක අසලයි.තට්ටු හතරකින් සමන්විත මෙම නිවසේ නිදන කාමර 5ක් හා නාන කාමර 5ක් තිබෙනවා.

      
     
     
    කුමාර් සංගක්කාර

    සංගාගේ නිවස හොඳම නිවාස කිහිපය අතරට එක්වී තිබීම ශ්‍රී ලාංකික අපට ඉමහත් ආඩම්බරයක්. Engeltine Cottage යනු සංගක්කාරගේ බංගලාවේ මුල් අයිතිකරුවන් එයට යොදා ඇති නාමයයි.

    මීට වසර 81ට පෙර සංගක්කාරලා විසින් මෙම නිවෙස මිලදී ගෙන තිබෙනවා. ඉපැරැණි වලව්වක් වන මෙම නිවස අදටත් එදා මෙන්ම සුදු හුණු වලින් පිරියම් වී තිබෙනවා.

    හොඳින් නඩත්තු වන මල් හා පලතුරු වලින් සපිරි වත්ත හා වාහන ගමන් කිරීමට සකසා ඇති මාර්ගය මෙම නිවසට අලංකාරය ගෙන දෙනවා.

    කලා නිර්මාණ හා පැරැණි ලී බඩු වලින් සපිරි මෙම නිවස තුළින් සංගක්කාරගේ වැදගත් මහත්මා පෞරුෂය මැනවින් විදහාපාන බවයි පැවසෙන්නේ.

    සංගක්කාර ඉපදුණු දිනයේ පටන් අදටත් තම පවුලේ සාමාජිකයන් සමඟ ජීවත් වන මෙම නිවෙස පිහිටා ඇත්තේ මහනුවර දිස්ත්‍රික්කය තුළයි.

    මයිකල් ක්ලාක්

    ඕස්ට්‍රේලියාවේ නැගෙනහිරට වන්නට පිහිටා ඇති හිටපු ඕස්ට්‍රේලියානු නායක මයිකල් ක්ලාක් ගේ නිවස ඇ.ඩො. මිලියන 8.5ක් තරම් මිලෙන් අධිකයි. නිදන කාමර 5කින් සමන්විත මෙම නිවසෙහි පිටුපස කොටස ක්‍රිකට් ක්‍රීඩා කිරීමට තරම් ඉඩ පහසුකම් වලින් යුක්ත වනවා.

    සෞරව් ගංගුලි

    කල්කටාවේ කුමාරයා ලෙස සැලකෙන ගංගුලිගේ නිවෙසේ ඇති කාමර ගණන 48ක් වන අතර ගෙදර මැද ක්‍රිකට් ක්‍රීඩා කළ හැකි තණතීරුවක්ද තිබෙනවා.

    නිවෙස වටේටම ඇති විවිධ මල් වර්ග හා වැල් වර්ග මෙම නිවෙසට ලස්සනක් එක් කරනවා. නිවසේ ඇති තේජාන්විත බව වැඩි කරන තවත් ප්‍රබල සාධකයක් වන්නේ එම නිවසේ ඇති පැරැණි ලී බඩු ය.

    පෞරාණික වටිනාකමින් යුත් ගෘහභාණ්ඩ රාශියක් මෙම සුවිසල් නිවෙස තුළ දක්නට ලැබෙන බව පැවසෙනවා. ගංගුලිගේ පවුල කල්කටාවේ පොහොසත්ම පවුල් වලින් එකක් වීම මෙසේ විශාල නිවසකට හිමිකම් කීමට එක් හේතුවක්.

    රිකී පොන්ටින්

    ඇ.ඩො. මිලියන 10 වටිනා අති සුඛෝපභෝගි නිවෙසක් ඕස්ට්‍රේලියානු හිටපු නායක පොන්ටින් සතුව ඇති අතර එම නිවෙසේ නිදන කාමර 7ක් ඇති බවයි පැවසෙන්නේ.

    එහි බිලියඩ් ක්‍රීඩා කිරීම සඳහා වෙනම කාමරයක් ඇති අතර පුස්තකාලයක්, නාට්‍ය ශාලාවක්, නාන තටාකයක් හා මුහුදු වෙරළට ගමන් කළ හැකි පෞද්ගලික පාරකින්ද මෙම සුපිරි නිවෙස සමන්විත වනවා.

    [rns_reactions]

  • ලොරියක් කහ ඉර මතදී සිසුවියන් දෙදෙනෙක් යට කරයි.(cctv දර්ශන සහිතයි.)

    බලන්ගොඩ ප්‍රදේශයේ පාසල් සිසුවියන් දෙදෙනෙකු උපකාරක පන්තියට සහභාගී වීම සඳහා යමින් සිටියදී ලොරි රථයක ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

    අනතුරට ලක්වූ දෙදෙනා උසස් පෙළ සිසුවියන් දෙදෙනෙකු වන අතර මෙම අනතුර සිදුව ඇත්තේ අද (08) පෙරවරු 10.40 ට පමණ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

    එම අනතුරින් පසු සිසුවියන් දෙදෙනා බලන්ගොඩ මූලික රෝහලට ඇතුලත් කර ඇති අතර සිසුවියන් දෙදෙනාගන් එක් අයෙකුගේ පාදයක සහ අනෙක් සිසුවියගේ උරහිසේ අස්ථි බිඳීමක් සිදුව ඇති බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කලේ.

    කහ ඉරෙන් පාර මාරු වන අවස්ථාවේ කහ ඉඩ උඩදී මෙම ලොරි රථයේ ගැටී ඇත.

    ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර බලන්ගොඩ පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරයි.
    [rns_reactions]

  • පොලිස්පති පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කන පැලෙන්න ගහයි!

    පාර්ලිමේන්තුවේදී බන්දුල ගුණවර්ධන මහතා පොලිස්පතිතුමා  පිළිබඳව අපුරු කතාවක් කළා.

    ඒ පොලිස් රජයක් යටතේ පොලිස්පති අනාගතයේ දවසක පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන්ගේ කනට පවා ගැසීමට ඉඩ තිබෙන බවයි.

    නමුත් බන්දුල ගුණවර්ධන මහතාගේ කතා පිළිබඳව ඔබ අපට කෙතරම් දුරකට විස්වාස තැබිය හැකිද යන්න නම් ගැටළු සහගත තත්වයකි. මොකද ඔහු ජනතාවට විහිලු සහගත දේශපාලනඥකු ලෙස  මෑත ඉතිහාසයේ පාර්ලිමේන්තුව තුල සහ ඉන් පරිභාහිරවත් කරන කියන ලද අමුලික බොරු එලි පිටම හෙළි වීමයි.

    ඔහු කරන ලද  ප්‍රකාශය පහතින්…..
    [rns_reactions]

  • මාලිංග තම පළමු විකට්ටුව ගත්තේ මෙහෙමයි.(video)

    ලෝක ප්‍රසිද්ධ  ලසිත් මාලිංග පිළිබඳව අපට අමුතුවෙන් හදුන්වාදීමක් කරන්න  අවශ්‍ය වෙන්නේ නෑ. මොකද මේ වන විටත්  ඔබ ඕනෑ තරම් තොරතුරු ඔහු පිළිබඳව දන්නා නිසා.

    නමුත් ලසිත් මාලිංග ශ්‍රී ලංකා පිල වෙනුවෙන්  තම පළමු විකට්ටුව දවා ගන්නා ආකාරය නම්  ඔබ මෙතෙක් නරඹා නැතිවෙන්නට පුළුවන්.

    මේ ඔහු තම  පළමු විකට්ටුව දවා ගන්නා ආකාරයයි.

     

    [rns_reactions]
  • කැන්ටිම තුල නවකවදය දුන් සිසුන් වටලයි.(video)

    අග්නිදිග විශ්වවිද්‍යාලයේ විවාහරික පිඨයේ ආපනෂලාවක් තුල දෙවන වසරේ සිසුන් පිරිසක් පළමුවසරේ සිසුන් පිරිසකට නවකවදය ලබා දී තිබෙනවා.

    ලද තොරතුරක් අනුව පාලන අධිකාරිය මෙම නවකවදය දුන් ස්ථානය වටලනු ලැබුවා.

    විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා සඳහන් කලේ නවක වාදය ලෙස කොහොඹ කොළ සහ කොච්චි මිරිස් කෑමට ලබා දී ඇති බවයි.

     

     

     
    [rns_reactions]

  • අගමැතිට රතු එළියක්!

    යහපාලන ආණ්ඩුව නිවැරදි මාවතට ගෙන යාම සඳහා ජනාධිපතිවරයා දැඩි තීරණ ගත යුතු බව රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පවසනවා.

    එහිදී අග‍්‍රාමාත්‍යවරයා සම්බන්ධයෙන් වුවද ජනාධීපතිවරයා ඍජුව කටයුතු කළ යුතුව ඇති බවයි බදුල්ලේ පැවති උත්සවයකට එක්වෙමින් ඔහු කියා සිටියේ.

    අමාත්‍යවරයා සඳහන් කළේ අගමැතිවරයාට වුවද රෙඩ් කාඩ් පෙන්විය යුතු බවයි.

    වංචාකරුවන් ආරක්ෂා කිරීමට ජනාධිපතිවරයා ඉඩ නොතැබිය යුතු බවද රාජ්‍ය අමාත්‍යවරයා මෙහිිදී සඳහන් කළා.

    [rns_reactions]

  • ට්‍රම්ප් සිරියාවට මිසයිල 59කින් සලකයි.

    ඊයේ (7) සිකුරාදා ග්‍රීනීච් වේලාවෙන් පෙරවරු 1.40 ට ඇමරිකානු නාවික හමුදා නැව් දෙකක් මගින් සිරියාව වෙත විශාල ප්‍රහාරයක් දියත් කර තිබේ. ට්‍රම්ප් ජනපති පදවියට පත්වීමෙන් පසු ඇමරිකාව සිරියාවට එරෙහිව යුද්ධය ප්‍රකාශ කිරීමක් ලෙස මෙම ප්‍රහාරය හැඳින්වෙන අතර ටොමහෝක් කෲස් මිසයිල පනස් නවයක් සිරියාවේ ගිනිකොණ දිග හා ඊසානදිග ප්‍රදේශවලට එල්ල කර ඇත්තේ ගුවන් යානා පඝ සන්නිවේදන කුළුණු  ආදිය ඉලක්ක කරගෙනයි.

    මෙම ප්‍රහාරයෙන් හයදෙනෙකු මියගිය බව තහවුරුවී ඇතැයි සිරියානු හමුදාව දන්වා ඇත.ප්‍රහාරය එල්ල කරන්නට හේතුවූ කරුණු පැහැදිලි කරමින් ඇමරිකානු ජනපතිවරයාද ප්‍රකාශයක් නිකුත් කර ඇත.
    මෙම ප්‍රහාරයට ආසන්න හේතුව වන්නේ සිරියානු කැරලි කරුවන්ට එරෙහිව එරට හමුදාව පසුගිය අඟහරුවාදා එල්ල කරන ලදැයි කියන රසායනික අවි ප්‍රහාරයකි. ලෝක අනුමත නොකරන යුද්ධයේ රීතිවලට පටහැණි මානව හිමිකම් කඩකරන ප්‍රහාරයක් ලෙස එම අවි ප්‍රහාරය ට්‍රම්ප් ඇතුළු ලෝක නායකයින් හෙළාදැක තිබුණි. එම ප්‍රහාරය නිසා 58 දෙනෙකු ජීවිතක්ෂයට පත් විය. ඔවුන් මියගියේ රසායනික අවි නිසා බව පසුව හෙලිදරව් විය. ට්‍රම්ප් ප්‍රතිප්‍රහාර සිදුකරන ලද්දේ එහෙයිනි.

    [rns_reactions]

  • විමල්, මහින්දගේ දිනේෂ්ගේ සහ වාසුගේ රෙදි ගලවයි.

    පසු ගිය දිනක මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ඒකාබද්ද විපක්ෂයේ ඇතැම් සාමාජිකයන් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා හමුවී විමල් විරවංශ මහතා පිළිබඳව කතා කල බව ඒකාබද්ද විපක්ෂය විසින් කියා සිටියා. 

    නමුත් විරවංශ මහතා  ඒකාබද්ද සාමාජිකයන්ගේ හැසිරීම පිළිබඳව  නොසතුටකින් සිටි බවට ඊයේ(07) ඇප ලැබීමෙන් පසුව ඔහු  මාධ්‍යට අදහස් දැක්වීමේදී පෙනී ගියා.

    විරවංශ මහතා කියා සිටියේ “අධිකරණයෙන් ලැබුණු ඇප, ඒකේ ලකුණු දාගන්න කවුරු හරි බොරු ෂෝ දානවනම් මං හිතන්නේ ඒක පහත පෙලේ උත්සහයක්  බවයි” යනුවෙනි.
    [rns_reactions]

  • ඔබට අවශ්‍ය ලස්සන දුවෙක්ද? නැණවත් පුතෙක්ද? එසේනම් සංසර්ගයේදී මෙම ක්‍රියා අනුගමනය කරන්න.

    සමහර අය දූවරුන්ට කැමතියි. සමහර අය පුතුන්ට කැමතියි. තවත් සමහර අය දෙගොල්ලටම කැමතියි. ඉතින් තමන් කැමති කෙනා ඉපදුනේ නැති වුනාම සමහර අයට දුකකුත්, තරහකුත් ඇතිවෙනව. අපිට ඕනි විදිහට පුතෙක් හරි දුවෙක් හරි හදාගන්න ක්‍රමය දන්නවනම් කොච්චර හොඳද නේද?. ඉතින් ඒ ක්‍රම තමයි මේ කියාදෙන්න හදන්නෙ. මේවා අපේ පැරණි ඉසිවරු ආදී උගතුන් පෙන්න්වා දීපු සාර්ථක ක්‍රම තමයි. එහෙනම් කරලම කොහොමද කියල බලන්නකෝ.

    දරුවන් පිහිටන ක්‍රම

    මාස් ශුද්ධිය ඇතිවූ මොහොතේ පටන් පැය 24ක් එක දිනයක් ලෙස ගනන් ගත යුතුයි. ඒ ආකාරයට 4 වන දිනයේ පටන් 6,8,10, යන ඉරට්ටේ දිනවල බිරිඳ සමග සංසර්ගයේ යෙදීමෙන් පුතුන්ද, 5,7,9,11 යන ඔත්තේ දිනවල බිරිඳ සමග සංසර්ගයේ යෙදීමෙන් දූවරුන්ද උපදිනු ඇත.

    ඒ වගේම පුරුෂයාගේ දකුණු නාස් පුඩුවෙන්ද ස්ත්‍රියගේ වම් නාස් පුඩුවෙන්ද ආස්වාස කරන අවස්ථාවේදී සංසර්ගයේ යෙදී සුක්‍රාණු මෝචනය කිරීමෙන් හා සංසර්ගයෙන් පසු බිරිඳගේ සිරුර මත සිටින සැමියා දකුණු ඇලයෙන් බැස දකුණු ඇලයෙන්ම වැතිර නිදාගැනීමෙන් ණැනවත් පුතුන් ලැබීමට ස්ථිර මග බව සඳහන් වෙනව. ඉතින් දූවරුන් ලබන්න නම් එහි ප්‍රති විරුද්ධ පැත්ත කළ යුතුයි.
    ඒවගේම සංසර්ගයේදී පුරුෂ ධාතු පහව යන අවස්ථාවේදී ශිෂ්ණය යෝනියෙහි වඩාත් ගැඹුරට තදකර ධාතු මෝචනය කර වැඩි වේලාවක් නොසෙල්වී සිට පිටතට ගැනීමද දරු ගැබක් හට ගැනීමට මාර්ගයක් වෙයි

    ලස්සන දරුවන් ලැබීමට

    රසතැල්ල කොළ එළ කිරෙන් අඹරා පානය කරන්න. මෙය කළ යුත්තේමාස් ශුද්ධිය ඇති දින කීපය තුළය. එවිට රූමත් පුතුන් ලබනබව ඉසිවරු පවසති.
    එමෙන්ම නෙල්ලි මුල් රසතැල්ල මුල් එළ කිරෙන් අඹරාකිරෙහි කලතා මාස් ශුද්ධිය ඇති දින කීපය තුළ පානය කිරීමත්හොඳයි.
    මේ කියාදීපු ක්‍රමවල වටිනාකම ඉතාම මහත් බව සිහි තබාගන්න.

    පහතින් දක්වන්නෙ මේ සම්බන්ඳව අන්තර්ජාලයෙන් හොයාගත්තතොරතුරු ටිකක්. මේ ටිකත් කියවල බලන්න.

    Time of Intercourse– වැඩේට සෙට් වෙන කාලය,

    මේ කියන්නේ තමන්ගෙ බිරිදගේ ඩිම්බානුහරණය වෙන දවස. සිංහලෙන්ම කියනවනං ලඩේට්ල එක දවස. පිරිමි ළමෙක් අවුට්පුට් එක විදිහට ගන්න නං මේ ඩිම්බානුහරණයද මොකද්ද එක වෙන්න දවසකට කලින් හෝ ඒක වෙලා පැය 12 කට පසු වෙන්න කලින් ගේම දෙන්නම වෙනවා. මේ වගකීම තියෙන්නෙ බිරිදගේ අතේ.

    Sexual position– අවශ්‍ය ඉරියව්ව,

    කොලු බඛෙක් ඕනැම නං ඉතින් වැඩේ ටිකක් ආතල්. මොකද මේකට ෘැැච ඡැබැඑර්එසදබ එකක් දෙන්න ඕනැලු. ඒ කියන්නෙ බොක්කටම බස්සන්න වෙනවා. මේකට සුදුසුම ඉරියව්ව ෘදටටහ ීඑහකැ ලු. ( XXX බලලා නැති අයට, සරලවම කියනවනං අර බල්ලෝ ගහනවා වගේ) එතකොට තමයි අර ශුක්‍රාණු වඩාත් ආවේගශීලීව හා වේගවත්ව ගිහින් ඩිම්බ සමග ඩෝං ගාලා එකතුවීම සිද්ධ වෙන්නෙ.

    අන්න එතකොට කොලු බඛෙක් එලියට ඒමේ සම්භාවිතාව වැඩියිලු. කට්ටියට ඕනා ගෑනු ලමෙක්නං ඉතින් මෙච්චර අමාරු නෑ…පොඩ්ඩක් පෙන්නුවනං ඇති.

    Orgasms– සුරතාන්තය/මෙවුන්දමෙහි අවසානය

    දැන් මේ බබා හදන්න ට්‍රයි කරන වෙලාවෙ තමන්ගෙ ස්ත්‍රීරත්නයට හොද ධරට්ිප එකක් දෙන්නම වෙනවා. අන්න එතකොට තමයි අර රජමකුණගේ ඒරියා (ණසබට ඊමට) එක ක්ෂාරීය මාධ්‍යයක් වෙලා කොලු පැට්ටෙක් හදා ගැනීමේ ආශාව ඉෂ්ඨ වෙන්නෙ.

    ස්වාමියාගේ අවධානයට,

    හැකි පමණ ලිහිල් යට ඇදුම් අදින්නලු. තද යට ඇදුම් ඇන්දහම ඇතිවෙන අධික රස්නය හින්දා පිටවන ශුක්‍රාණු ප්‍රමාණය අඩු වෙනවලු. හැකි පමණ කූල් එකේ තියාගන්නලු.
    ගේමට බැසීමට පෙර ක‍්ෙෙැසබ්එැා ඊැඩැර්ටැ එකක් බොන්න. ( තේ,කෝපි, ශක්තිජනක පාන) එතකොට කොලු බබා හැදෙන්න ඕන ශ ශුක්‍රාණු සක්‍රීය වෙනවලු. අරක්කු එහෙම ගහන්න එපා හොදේ….මොන මොනවා සක්‍රීය වෙයිද දන්නෙ නෑ.

      Natural Methods– ස්වභාවික ක්‍රම

    ආහාර වට්ටෝරැව –
    බබා කොල්ලෙක් වීමට අම්මා, සෝඩියම් හා පොටෑසියම් බහුල ආහාර ගන්න ඕනා. අහලා තියෙනවද ඉස්සර කට්ටිය බබාලා හම්ඛෙන්න ඉන්න අයට කියනවා කෙසෙල් කන්න කියලා. ඒක බොරු නෙමේ…සමීක්ෂණයකින් ඔප්පු කරලා තියෙන්නෙ. හේතුව කෙසෙල් වල පොටෑසියම් බහුල වීම. පුළුවන් තරම් නේත්‍රාපලම්, ආනමාළු ම කන්න දෙන්න.

    හදාගන්න ඕනි දුවෙක්ද පුතෙක්ද

    සමහරුන්ට එක අනිත් පැත්ත ගොඩක් දෙනෙක් නම් හිතන්නේ අඩුම පවුලේ නම ගෙනියන්න කොල්ලෙක් ඉන්න ඕනිම කියලා ගොඩක් දෙනක් හිතනවා
    ඕක ඉතින් කියලා කරගන්න පුළුවන් දෙයක්යැයි ඒ හින්දා ගොඩක් දෙනෙක් ඒක දෙවියන් කැමැත්ත කියලා හිත හදාගන්නවා.

    හැබැයි ඉස්සරනම් මේවට රහස් ක්‍රම තිබිලා තියෙනවා අපේ රටේ ඔය කොයි රටටත් වඩා හොද පැරණි ක්‍රම තිබිලා තියෙනවා ඒ අපේ සිංහල වෙදකම …..එකේ මෙන්න මෙහෙම කියනවා ගෑනු කෙනෙක් මාස් ඔසප් වීම තියෙනවනේ ඒ ඔසප් වීමෙන් පස්සේ අට වැනි දවස ,දහය,දාහතර,දාසය,කියන දවස් වල එකතු වෙලා බිහි වෙන්නේ බුද්ධිමත් පිරිමි දරුවන් ඒ වගේම නවය.එකොළහ ,දහතුන,පහළොව කියන දවස් වල එකතු වීමෙන් ගැහැණු දරුවන් බිහිවෙනවා .ඊට මෙහා හය හත වගේ දවස් වල එකතු වීමෙන් ඇති වෙන්නේ මදාවි අකීකරු ළමයි කියන එක හදුන්වනවා ……ඒ අපේ ලංකාවේ ක්‍රමේ ……හැබැයි අද ගොඩක් දෙනෙක් අපේ දේවල පිළිගන්න කැමති නැනේ නේද අපේ රටට දෙයක් හරියන්නම් පිට රටින්ම ගොඩ බාන්න ඕනි …මෙන්න චිනේ තියනවා එහෙම ක්‍රමයක් වගුව බලලා තේරුම් ගන්න පුළුවන්

    [rns_reactions]