Blog

  • රටටම ආදර්ශයක් – මාතලේ දිසාපති වාහනය බාරදී බස් රථයෙන් ගෙදර යයි…

    දිස්‌ත්‍රික්‌ ලේකම් කාර්යාලයේ ලිපි ලේඛන ඇතුළු සියලු රාජකාරි කටයුතු අංශ ප්‍රධානීන් වෙත භාර දෙමින් සිය නිල වාහනය ද රථ වාහන අංශය වෙත භාර දී මාතලේ දිස්‌ත්‍රික්‌ ලේකම් ඩී. පී. ජී. කුමාරසිරි වසර 33 ක රාජ්‍ය පරිපාලන සේවය නිමාකරමින් පසුගිය දා විශ්‍රාම ලබා ගත්තා.

    මේ අතර ඔහු විශ්‍රාම ගැනීමෙන් පසුව පා ගමනින් බස්‌ නැවතුම වෙත ගොස්‌ බස්‌රියක නැගී සිය නිවෙස බලා පිටත්ව ගිය බවයි වාර්තා වන්නේ.

    ඩී. පී. ජී. කුමාරසිරි අනුරාධපුර හා නුවරඑළිය දිස්‌ත්‍රික්‌ ලේකම්වරයා ලෙස ද පසුගිය කාලයේ කටයුතු කරනු ලැබුවා.

    සිය විශ්‍රාම යැම නිමිතිකොට ගෙන ලේකම් කාර්යාලයේ පැවැති සුහද හමුවකට ද එක්‌වූ ඒ මහතා එහිදී ලේකම් කාර්යාලයේ සේවක සේවිකාවන්ගේ හා නිලධාරීන් ගෙන් ලද සහාය අගේ කොට සඳහන් කරමින් ඉදිරියටත් අවංක හා නොබියව කටයුතු කරන ලෙසට ඉල්ලා සිටියේය.

    [rns_reactions]

  • ඉතිහාසය උඩු යටිකුරු කරමින් බංගලියන් පරදා සිංහයන් ජයගනී…..

    සත්කාරක  ශ්‍රී ලංකා පිල සහ  සහ බංග්ලාදේශ පිල අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (4 වැනිදා) පැවැති පළමු වැනි විස්සයි-20 තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6 ක පහසු ජයක් ලබාගත්තේය.
    පළමුවෙන් පන්දුවට පහර දුන් බංග්ලාදේශ කණ්ඩායම ඕවර 20 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 155 ක් ලබාගත් අතර ශ්‍රී ලංකා පිල ඕවර 18.5 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 158 ක් ලබාගත්තේය. ආරම්භක පිතිකරු කුසල් පෙරේරා ලකුණු  77 යි.

    [rns_reactions]

  • වෛද්‍ය විද්‍යාව උඩු යටි කරමින් ස්ත්‍රී ප්‍රජනක පද්දතිය චිප් එකක් මතට.

    මිනිසුන්ගේ හා මීයන්ගේ පටක යොදා ගනිමින් ස්ත්‍රී ප්‍රජනක පද්ධතියේ ක්‍රියාකාරී අනුරුවක් නිර්මානය කිරීමට හැකි වූ බව ඇමරිකානු විද්‍යාඥයින් පවසනවා. අත්ලක තරම් වූ ප්‍රමාණයෙන් යුතු මෙම නිර්මානයේ කිසිවක් ගර්භාෂය,පැලෝපීය නාලය හෝ ඩිම්බ කෝෂ ලෙස නොපෙනුනත් පරීක්ෂකයන් පවසන්නේ මෙම නිර්මානය මගින් ප්‍රජනක පද්ධතිය ආශ්‍රිත අවයව වල හා පටක රෝගී තත්වයන් හදුනාගැනීමට මෙමගින් හැකි වනු ඇති බවයි. එලෙසම ප්‍රතිකාරක්‍රම අත්හදාබැලීමේ නව ක්‍රමයක් වශයෙන් මෙය යොදාගතහැකි බවත් මෙහි පරීක්ෂකයන් පවසනවා.

    සම්පූර්ණ මිනිස් ශරීරයම එක් චිපයක් මත ගොඩනැගීමට ගන්නා උත්සහයේ එක් අදියරයක් වශයෙන් මෙමනිර්මාණය පරීක්ෂකයන් විසින් හදුන්වාදෙනවා. එමනිසා මෙම නිර්මාණයේ අවසන් ඉලක්කය වන්නේ සියම් පුද්ගලයෙකුගේ සෛල යොදාගනිමින් එම පුද්ගලයාටම විශේෂිතවූ අනුරුවක් නිර්මාණය කර එමගින් ප්‍රතිකාර ක්‍රම,ඖෂධ හෙ ඒවා මගින් ඇති වන අතුරුබලපෑම් සම්බන්දයෙන් පරීක්ෂණ පැවැත්වීමයි.

    ඔසප් චක්‍රය චිපයක් මත

    මෙම ත්‍රිමාන චිපය නිර්මානය වී ඇත්තේ කැට වැනි උපකරණ කිහිපයකින් වන අතර ඒ එක් එක් කැටයක් ස්ත්‍රී ප්‍රජනක පද්ධතියේ එක් එක් අවයවයන් නියෝජනය කරමින් එම අවයවයන්ගේ ජීවී සෛලද දරනවා. මෙම කැට එකිනෙක කුඩා බට වලින් සම්බන්ද වී ඇති අතර ඒ බට හරහා රුධිරයට සමාන තරලයක් ගමන් කරන බවයි පරික්ෂකයන් සදහන් කරන්නේ.
    එලෙසම සාමාන්‍යයෙන් දින 28ක් තුල සිදුවන ස්ත්‍රී ඔසප් චක්‍රයේදී සිරුරේ සිදුවන හෝමොන වෙනස්වීම්ද මෙම පද්ධතියේ සිදුවෙනවා. ඒ අනුව ස්‍ත්‍රී ශරීරයක් තුල සිදුවන හෝමෝන වෙනස්වීම් වලට මෙම චිපය සංවේදී බවයි මෙය නිර්මාණය කල විද්‍යාඥයින් පවසන්නේ. ඒ අනුව ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය ආශ්‍රිත රෝගී තත්වයන් මෙන්ම,දරුඵල අහිමි වීම,ගබ්සාවීම වැනි තත්වයන් කල්තියා හදුනාගෙන ඒවාට ප්‍රතිකාර කල හැකි බවයි ඔවුන් පවසන්නේ.
    ස්‍ත්‍රී ප්‍රජනක පද්ධතියට අදාල අවයවයන්ට අමතරව ඖෂධ වල පරිවෘතීය ක්‍රියාවලිය සිදුවන අක්මාවත් මෙම චිපයට එක්කර තිබෙනවා.

    [rns_reactions]

  • මා කියූ දේවල් බොරුනම් ඒවා ඔප්පු කර පෙන්වන්න- මහ බැංකු සහකාර අධිපතිගෙන් අභියෝගයක්

    රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් සකස්‌ කර ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට යවන තොරතුරු මා කොමිසමට ඉදිරිපත් කළා. ඒවා ටෙන්ඩර් මණ්‌ඩල සාමාජිකයන්ට යෑවූ බවත් මා කීවේ නෑ. මා කී එම කරුණ අසත්‍ය බව කියන්නේ නම් ඒ බව ඔප්පු කළ යුතු යෑයි ශ්‍රී ලංකා මහ බැංකුවේ සහකාර අධිපති සේපාල රත්නායක මහතා ඊයේ (03 දා) පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගම වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ නිහාල් ප්‍රනාන්දු මහතා අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලෙස ඊයේ (03 දා) ජනාධිපති බැඳුම්කර කොමිසමේදී කීවේය.

    මහ බැංකුවේ සහකාර අධිපති සේපාල රත්නායක මහතා ඊයේ (03 දා) දෙවැනි දිනයටත් ජනාධිපති බැඳුම්කර කොමිසම හමුවේ සාක්‌ෂි දුන්නේය.
    ජනාධිපති නීතිඥ නිහාල් ප්‍රනාන්දු මහතා.

    2015 මාර්තු 02 දින වන විට අවශ්‍යව පැවැති රු. බිලියන 13.5 ක මුදලින් රු. බිලියන 3.4 ක මුදලක්‌ සෘජු නිකුතු මඟින් උපයා ගෙන තිබුණා. එය 2015.02.27 දින ටෙන්ඩර් මණ්‌ඩල රැස්‌වීමට පෙර ඔබ දන්නවාද ?

    සාක්‌ෂිකරු – ඔව්.

    ජනාධිපති නීතිඥ – 5% ක එක්‌දින පොලිය අයින් කළානෙ. ඒ අනුව මේ රු. බිලියන 7.4 ක මුදල සෘජු නිකුතු ක්‍රමයෙන් ලබාගන්න පුළුවන් ද?

    සාක්‌ෂිකරු – එය පහසුවෙන් රැස්‌ කර ගන්න පුළුවන්. රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව ඒ ස්‌ථාවරයේ සිටියේ.

    ජනාධිපති නීතිඥ – ඔබේ ප්‍රස්‌ථාර හදන විට මුලින් කී සියයට 5 පොලිය අයින් කළ බව සැලකිල්ලට ගෙන නැහැ නේද.

    සාක්‌ෂිකරු – මම පැහැදිලිව සඳහන් කළා එය. 2015.02.27 දින තිබුණු වෙළෙඳපළ තත්ත්වයන් තමයි මම සැලකිල්ලට ගත්තේ.

    මෙහිදී 2015.02.27 දින භාණ්‌ඩාගාර බැඳුම්කර වෙන්දේසියේදී රු. බිලියන 2.608 ක ලංසු පිළිගෙන ඉතිරි ප්‍රමාණය සෘජු නිකුත් කිරීම් මඟින් උපයා ගත්තා නම් වෙන්දේසි ක්‍රමයේදී ලැබෙන පොලිsයට වඩා අඩු පොලියක්‌ සේවක අර්ථසාධක අරමුදලට ලැබෙන බවට කළ විමසුමට පිළිතුරු ලෙස සේපාල රත්නායක මහතා ප්‍රකාශ කළේ එය රජයට වාසිදායක තත්ත්වයක්‌ බවයි. මහ බැංකුව ලෙස මෙහිදී බලන්නේ ණය රැස්‌කර ගන්නා ලෙස රජයේ පැත්තෙන් පමණක්‌ බව ද රත්නායක මහතා කියා සිටියේය.

    අර්ථසාධක අරමුදලට අවාසිදායක බවට කීවත් එය රජයට වාසියක්‌. අපි මෙය බලන්නේ රජයේ පැත්තෙන්. අපි මෙහිදී එක්‌ එක්‌ ලංසු ඉදිරිපත් කරන අයගේ පැත්තෙන් බලන්නේ නැහැ. අර්ථසාධක අරමුදල මෙහිදී බාහිර පාර්ශ්වයක්‌. අපට මෙහිදී ඇත්තේ වෙනත් කාර්යයක්‌ බව ද මහ බැංකුවේ සහකාර අධිපති සේපාල රත්නායක මහතා කොමිසම හමුවේ සාක්‌ෂි දෙමින් කියා සිටියේය.

    මෙහිදී ජනාධිපති නීතිඥ නිහාල් ප්‍රනාන්දු මහතා කිසියම් ලේඛනයක්‌ ගැන සාක්‌ෂිකරුගෙන් ප්‍රශ්න කළ අවස්‌ථාවේදී එම ලේඛනය සාක්‌ෂිකරුට පෙන්වා ප්‍රශ්න කළ යුතු බව කොමිසමේ සභාපති ශේ්‍රෂ්ඨාධිකරණ විනිසුරු කේ. ටී. චිත්‍රසිරි මහතා ජනාධිපති නීතිඥ ප්‍රනාන්දු මහතාට කියා සිටියේය.. ඔබ ප්‍රශ්න ඇසීම සඳහා සූදානම්ව පැමිණිය යුතු බව ද කොමිසමේ සභාපතිවරයා ජනාධිපති නීතිඥවරයා අමතමින් කියා සිටියේය.

    ජනාධිපති නීතිඥ – ඔබ සෘජු නිකුතු ක්‍රමයට කැමැති කෙනෙක්‌ද?

    සාක්‌ෂිකරු – නෑ, මම කැමැති මිශ්‍ර ක්‍රමයටයි.

    ජනාධිපති නීතිඥ – කවර ප්‍රතිශතයන්ගෙන් යුත් මිශ්‍ර ක්‍රමයකට ද ඔබ කැමැති?

    සාක්‌ෂිකරු – එය තීරණය වන්නේ වෙළෙඳපොළ තත්ත්වයන් මතයි.

    ජනාධිපති නීතිඥ – අතුරු අයවැයෙන් රාජ්‍ය වැටුප්, වියදම් ඇතුළු රාජ්‍ය වියදම් ඉහළ ගිය බව ඔබ දන්නවා.

    සාක්‌ෂිකරු – අප සලකන්නේ මහා භාණ්‌ඩාගාරයේ මෙහෙයුම් දෙපාර්තමේන්තුව විසින් අප වෙත එවන අරමුදල් ප්‍රකාශයේ ඇති අරමුදල් අවශ්‍යතාව ගැනයි.

    ශේ්‍රෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රසන්න එස්‌. ජයවර්ධන මහතා (සාමාජික) – 2015 පෙබරවාරි සිට පොලී අනුපාතවල ඉහළ යැමක්‌ තිබුණා.

    සාක්‌ෂිකරු – ඔව්.

    විනිසුරු ජයවර්ධන – ඔබ කිව්වා 2015 පෙබරවාරි 27 දින භාණ්‌ඩාගාර බැඳුම්කර වෙන්දේසියෙන් පසු පොලී අනුපාත ඉහළ ගියා කියලා.

    සාක්‌ෂිකරු – ඔව්, එය පොලී අනුපාත ඉහළ යැමට බලපාන ලද සාධකයක්‌.

    ජනාධිපති නීතිඥ – ගෙවුම් ශේෂ අර්බුදය කුමක්‌ ද කියා ඔබට කොමිසමට පැහැදිලි කරන්න පුළුවන්ද?

    සාක්‌ෂිකරු – සිනහසෙයි.

    විනිසුරු ජයවර්ධන – ගෙවුම් ශේෂ අර්බුදයන් හේතුවෙන් වෙනම පොලී අනුපාත ඉහළ යන්න හේතු වෙන්න පුළුවන්.

    සාක්‌ෂිකරු – එය දේශීය භාණ්‌ඩාගාර බිල්පත් අනුපාත ඉහළ යන්න හේතු විය හැකියි.

    ජනාධිපති නීතිඥ – වෙන්දේසි ක්‍රමය ගොඩක්‌ විනිවිදභාවයෙන් යුක්‌ත ක්‍රමවේදයක්‌ නේද?

    සාක්‌ෂිකරු – මම එම ප්‍රකාශයට එකඟ වෙන්නේ නැහැ. ඒ සඳහා තරගකාරී බව සහ හොඳ ආයතනික ක්‍රමවේද යනාදියත් පැවතිය යුතුයි.

    ජනාධිපති නීතිඥ – මම ඔබට කියනවා ඔබගේ ආර්ථික මත සියල්ල අනිත් අර්ථ ශාස්‌ත්‍රඥයන්ගේ අදහස්‌ වලට වඩා වෙනස්‌ කියලා.

    සාක්‌ෂිකරු – ඒක ඔබේ මතය. සෘජු නිකුතු ක්‍රමයේදී සමාන වටිනාකමින් සහ සමාන පරිණත කාලයන් සඳහා වන භාණ්‌ඩාගාර බැඳුම්කර සඳහා වුවත් ඇතැම් අවස්‌ථාවලදී ප්‍රාථමික අලෙවි නියෝජිතයන්ට වෙනස්‌ පොලී අනුපාත මහ බැංකුවෙන් ඉදිරිපත් වී තිබිය හැකි බවට කොමිසමේ දී අසන ලද ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් සාක්‌ෂිකරු පිළිගත්තේය. එවැනි සුළු වෙනස්‌කම් ඇතැම් විට තිබිය හැකි වුවත් එහිදී අඩු පොලියකට ඉල්ලීම ඉදිරිපත් කර ඇති ප්‍රාථමික අලෙවි නියෝජිතයාගේ අනුපාතය වෙනස්‌ කිරීමට මහ බැංකුව ඉදිරිපත් නොවන බව ද, එය රජයට වාසිදායක බව ද එම වෙනස්‌ පොලී අනුපාත (සෘජු නිකුතු වලදී) ගැන අසන ලද ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් රත්නායක මහතා කියා සිටියේය.

    එහෙත් එවැනි වෙනස්‌ පොලී අනුපාත සෘජු නිකුතු සඳහා ලබාදී ඇති අවස්‌ථාවන් පිළිබඳව නිශ්චිතව පිළිතුරු දීමට නම් ඊට අදාළ ඩීල් ටිකට්‌ එක පරීක්‌ෂා කළ යුතු බව ද රත්නායක මහතා කීවේය.

    තමා පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර කාරක සභාව හමුවේ ප්‍රකාශ කළාට වෙනස්‌ දෙයක්‌ මේ කොමිසමේ දී ප්‍රකාශ නොකළ බව ද එහෙත් කෝප් එකේදී තිබූ සීමිත කාලයේදී සියලුම විස්‌තර එහිදී ප්‍රකාශ කිරීමට ඉඩ නොලැබුණු බව ද රත්නායක මහතා සඳහන් කළේය.

    ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිස්‌ටර් ජනරාල් ප්‍රියන්ත නාවාන මහතා – ඔබ 2015.02.27 දින බැඳුම්කර ටෙන්ඩර් මණ්‌ඩලයේ සටහන් සහ මෙමෝ එකක්‌ ගැන සඳහන් කළා.

    සාක්‌ෂිකරු – ඔව්.

    ජෙ. නි. සො. ජනරාල් – එම ටෙන්ඩර් මණ්‌ඩල සටහන් පී. සමරසිරි මහතා කෙටුම්පත් කළ ඒවා.

    සාක්‌ෂිකරු – ඔව්. හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා සමඟ සාකච්ඡා කිරීමෙන් පසුව සටහන් කළ ඒවා.

  • ජනපති ප්‍රධානත්වයෙන් ලක්ෂ 250ක පරිත්‍යාගයක්.(photos)

    ශ්‍රී ලංකා ගායක ගායිකාවන්ගේ ආරක්ෂණ අරමුදල සදහා රුපියල් ලක්ෂ 250 ක මුදලක් පරිත්‍යාග කිරීම ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (03) පස්වරුවේ කොටුව ජනාධිපති මන්දිරයේ දී සිදු විය.
     
    අදාළ චෙක්පත මෙහිදී ජනාධිපතිතුමා විසින් ශ්‍රී ලංකා ගායක ගායිකාවන්ගේ සංගමයේ සභාපති කීර්ති පැස්කුවල්, ලේකම් ජානක වික්‍රමසිංහ යන මහත්වරුන් ඇතුඑ සංගමයේ සාමාජිකයින්  වෙත භාරදෙනු ලැබීය.
     
    ප්‍රවීන ගායිකා ලතා වල්පොල, දයාරත්න රණතුංග යන මහත්ම මහත්මීන් ඇතුථ ගායක ගායිකාවන්, කලාකරුවන් විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
    [rns_reactions]
  • මස්වැද්දන්ගේ පැත්ත ගත්ත "සජිත්" වනජීවී අධ්‍යක්ෂ ජෙනරාල් ගෙදර යවයි.(video)

    සජිත් ප්‍රේමදාස යනු එජාපය තුල ප්‍රභල චරිතයකි. නිවාස හා ඉදිකිරීම් අමාත්‍යවරයා ලෙස  ඔහු ජනතාව වෙනුවෙන් විශාල සේවාවක් ඉටු කරමින් ජනතාව තුල හොද නමක් පවත්වාගෙන  තම දේශපාලන කටයුතු වල නිරත වන පුද්ගලයෙකි.

    නමුත් මේ අප හෙළිකරන්න හදන්නේ ඔහුගේ යහපත් ක්‍රියාවක් පිළිබඳව නම් නොවේ. දේශපාලකයාට හොද දේට හොදයි කියන්නත් නරක දේට නරකයි කියන්නත් අපට කොන්දක් තිබිය යුතුයි.

     යාල වනයේ දඩයමේ ගිය තමාගේ මස්වැදී  ගෝලබාලයන්ගේ  පැත්ත ගනිමින් එවකට  වනජීවී අධ්‍යක්ෂක ජෙනරාල් ධුරය දැරූ පිලපිටිය මහතා  ගෙදර යැවූ පුවතක් slvlog හෙළි කර කර තිබෙනවා.

    සම්පුර්ණ සිදුවීම පහතින් ඔබට සවන්දිය හැක.

    [rns_reactions]

  • ලේමන්පෆ් උපවාසය පිළිබඳව බුකියේ තිබූ ලස්සන වීඩියෝවක්..

    විමල් විරවංශ මහතාගේ  උපවසය පිළිබඳව බුකියේ තරුණයන් විසින් ලස්සන වීඩියෝවක් නිර්මාණය කර තිබෙනවා. 

    ඔබත් නරබන්න.

    [rns_reactions]

  • එජාපයේ පුටු මාරුවක්!

    හෙට පැවැත්වෙන එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී ආසන සංවිධායක ධුර බොහොමයක් වෙනස් කිරීමට එම පක්ෂයේ අවධානය යොමුව ඇතැයි  වාර්තා වේ.

    ඒ අනුව ඒ ඒ ආසනයන්හි සංවිධායක වරුන්ගේ පරිසාධන මට්ටම අනුව මෙම නව ආසන සංවිධායක වරුන් පත් කිරීම සිදුවනු ඇත.

    එසේම එම පක්ෂයේ නියෝජ්‍ය නායක තනතුරු 03ක් සහ උපනායක තනතුරු 03ක් ඇතිකිරීම සඳහා වන යෝජනාවක් ඉදිරිපත් කිරීමට නියමිත බව ද වැඩිදුරටත් වාර්තාවේ. 

    ඒ අනුව අමාත්‍යවරුන් වන සජිත් ප්‍රේමදාස, රවි කරුණානායක හා කබීර් හෂිම් යන මහත්වරුන් නියෝජ්‍ය නායක තනතුරු සඳහා යෝජනා කිරීමට නියමිත නාමයන් බව ප්‍රකාශවේ.

    එමෙන්ම අමාත්‍යවරුන් වන මංගල සමරවීර, රංජිත් මද්දුම බණ්ඩාර, ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා යන මහත්වරුන්ට එක්සත් ජාතික පක්ෂයේ උපනායක ධුරයන් පිරිනැමීමට අදාළ යෝජනාවක්ද ඉදිරිපත් කිරීමට නියමිත බව පක්ෂ ආරංචිමාර්ග පැවසීය. 

    මෙහි ප්‍රතිඵලයක් ලෙස එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් ලෙස අකිල විරාජ් කාරියවසම් මහතාද නියෝජ්‍ය මහලේකම් ලෙස සුජීව සේනසිංහ මහතාද පත්වීමට නියමිතය.

    මෙලෙස එක්සත් ජාතික පක්ෂයේ තනතුරු වෙනසක් සිදුවන්නේ වසර හතකට පසුවය. කෘත්‍යාධිකාරී මණ්ඩලය හෙට (05දා) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්‍ෂ මූලස්ථානයේදී පැවැත්වීමට සැලසුම් කර තිබේ.

    මේ වනවිට එක්සත් ජාතික පක්ෂයේ උපනායක ධුරය රවි කරුණානායක අමාත්‍යවරයා දරන අතර, මහලේකම් ධුරය දරන්නේ අමාත්‍ය කබීර් හෂීම් මහතාය.එක්සත් ජාතික පක්ෂයේ තරුණ සංවිධානය වන යොවුන් පෙරමුණ සහ ලක් වනිතා සංවිධානයේ සභාපති ධුර ඉදිරි වර්ෂය සඳහාද නොවෙනස්ව පවත්වාගෙන යෑමට පක්ෂය තීරණය කර ඇතැයි වාර්තා වේ.

    [rns_reactions]

  • මිල වැඩිනම් ප්‍රමිතියක් නැත්නම් පැමිණිලි කියන්න අංකය මෙන්න….

    නව අවුරුදු සමයේ වෙළෙඳපොළ ගැටළු අවම කරමින් පාරිභෝගිකයා කූට වෙළෙඳුන්ගෙන් සහ වංචනික සේවා සපයන්නන්ගෙන් ආරක්ෂා කර ගැනීමට දීප ව්‍යාප්තව විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබේ.

    කර්මාන්ත හා වාණිජ කටයුතු ඇමති විසින් පාරිභෝගික අධිකාරියේ ඒ සම්බන්ධයෙන් සියලුම නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇති බව සදහන්. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් සහ අමාත්‍යවරයා අතර පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා විසින් අදාළ උපදෙස් ලබාදී තිබේ.

    එහිදී එම අධිකාරියේ සභාපති හසිත තිලකරත්න මහතා පවසා ඇත්තේ මේ වන විටත් දිවයින පුරා ඇති සියලු වෙළෙඳසැල් වැටලීම් කටයුතු ආරම්භ කර ඇති බවයි.
    යම් සේවා සපයන ස්ථානයක පාරිභෝගික නීති උල්ලංඝණය කරන්නේ නම් ඒ පිළිබඳව තම අධිකාරියේ හදිසි ඇමතුම් අංකය වන 1977 දුරකතන අංකයට දැනුම්දීමට ද පාරිභෝගිකයින්ට හැකියාව පවතින බව සභාපතිවරයා එහිදී පවසා ඇත.

    [rns_reactions]

  • මුණේ ගාන්නේ බලාගෙනයි.. පිටකොටුවෙන් ලක්ෂ 11ක මුහුණු ආලේපන අල්ලයි…

    මුහුණ පැහැපත් වන බව පවසමින් මිල, නිෂ්පාදිත දිනය, කල්ඉකුත්වන දිනය හෝ කාණ්ඩ අංක සඳහන් කර නොතිබූ නීති විරෝධී ලෙස විකිණූ මුහුණු ආලේපන තොගයක් පිටකොටුවේ වෙළඳසැල් දෙකකින් අත්අඩංගුවට ගත් බව ශ්‍රී ලංකා පාරිභෝගික අධිකාරිය පවසයි. මෙම ආලේපන තොගය රුපියල් ලක්ෂ 11 කට වැඩි වටිනාකමකින් යුත් බවත්, ඒවායේ බවත් පාරිභෝගික අධිකාරියේ සභාපති හසිත තිලකරත්න මහතා පැවසීය.

    එම ආලේපන එකක් රුපියල් 300 බැගින් අලෙවි කර ඇති අතර එක් වෙඳසැලකින් ආලේපන සහිත බහාලූම් 2,500 ක් හා අනෙක් වෙළඳසැලෙන් 1,300 ක් සොයාගත් බව ද සදහන්.

  • මහින්ද සමයේ පැකර්ට විකිණු ඉඩම ගැන පරීක්ෂණයක්!

    පසුගිය පාලන සමයේ කොළඹ ඩී.ආර්. විජේවර්ධන මාවත හා චිත්තප්පලම් ඒ. ගාඩිනර් මාවත අතර පිහිටි නාගරික සංවර්ධන අධිකාරියට අයත් ඉඩම පෞද්ගලික සමාගමකට විකිණීමේදී කිසියම් අක්‍රමිකතාවක් සිදුව ඇත්නම් ඒ පිළිබඳ සොයාබලන ලෙස ජනාධිපතිතුමා විසින් නියෝග කල බව අපට වාර්තා වේ. මෙම ඉඩම ලබාදීමේදී අක්‍රමිකතාවක් සිදුවී ඇති බවට විගණකාධිපති වාර්තාවක් මගින් දැනුම් දී ඇති බවද එහිදී කිසියම් වරදක් සිදුවී ඇත්නම් වගකිවයුත්තන්ට තරාතිරම නොබලා දඬුවම් දෙන බව ද සඳහන්.

    ජේම්ස් පැකර්ගේ කැසිනෝ ව්‍යාපාරය ආරම්භ කිරීමට ලබාදීම නිසා පසුගිය රජය සමයේ කතාබහට ලක්වූ මෙම ඉඩම දී තිබූ සමාගමටම පැවති රජය සමයේ මෙය ලබාදී ඇත්තේ රුපියල් මිලියන 2785 කට බව සදහන්.

    මෙම ඉඩම ලබාගත් සමාගම පසුගිය රජය සමයේ එයට රුපියල් මිලියන 577 ක් ගෙවා ඇති අතර එම මුදල සහ ඊට අදළා පොළියේ එකතුව ලෙස මිලියන 700 කි.

    [rns_reactions]

  • බංගලියන්ට එරෙහිව පේ‍්‍රමදාස පිටියේදී සිංහයන් අද ඉතිහාසගත සටනකට…….

    පාකිස්තානයට එරෙහිව අවසන්වරට ශී‍්‍ර ලංකා කණ්ඩායම ආර් පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේ පන්දුවාර විස්ස කි‍්‍රකට් තරග ජයක් වාර්තා කළේ 2012 වසරේදී වන අතර ඉන්පසුව පළමු ජය සොයමින් අද සංචාරක බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව සිංහයන් කොළඹ ආර් පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේදී අද (04) තරගබිමට.

    රාතී‍්‍ර තරගයක් ලෙස පැවැත්වෙන මෙම තරගය ආරම්භ වන්නේ රාතී‍්‍ර 7ට වන අතර බංග්ලාදේශය ආර්. පේ‍්‍රමදාස පිටියේදී පන්දුවාර විස්ස තරගයකට එක්වන පළමු අවස්ථාවද මෙය වනවා.

    මේ දක්වා ආර් පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේදී පන්දුවාර විස්ස තරග 11කට එක්වූ ශී‍්‍ර ලංකාව එක් තරගයක් පමණක් ජයගෙන තිබීම කැපී පෙනෙනවා.

    මේ අතර, ශී‍්‍ර ලංකාව සහ බංග්ලාදේශය අතර මේ දක්වා පන්දුවාර විස්ස කි‍්‍රකට් තරග 5ක් පවත්වා ඇති අතර ඉන් තරග 4ක් ජයගෙන ඇත්තේ ශී‍්‍ර ලංකා කණ්ඩායමයි.

    ඉකුත් වසරේ පැවති ආසියානු කුසලාන පන්දුවාර විස්ස තරගාවලියේදී බංග්ලාදේශය ශී‍්‍ර ලංකාවට එරෙහිව විස්සයි විස්ස තරග ජයක් වාර්තා කළා.

    ශී‍්‍ර ලංකා කණ්ඩායම මේ වනවිට අන්තර් ජාතික පන්දුවාර විස්ස ශේ‍්‍රණිගත කිරීම් සටහනේ පසුවන්නේ 08වන ස්ථානයේ වන අතර බංග්ලාදේශයට එම සටහනේ දසවන ස්ථානය හිමිව තිබෙනවා.

    මේ අතර, අපවත් වී වදාළ අමරපුර මහා නිකායේ මහානායක අතිපූජ්‍ය දවුල්දෙන ඥානිස්සර හිමියන්ගේ අපවත්වීම හේතුවෙන් අද තරගය ආරම්භයට පෙර විනාඩියක නිහඬතාවක්ද සිදු කෙරෙන බවත් උන්වහන්සේට ශෝකය පළකරමින් ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයින් අද තරග බිමට පිවිසෙන්නේ කහ පටියක්ද අත පැළඳගෙනයි.

    [rns_reactions]

  • සිකුරාදා(7) සිට වෛද්‍යවරු වර්ජනයේ….(video)

    සයිටම් අර්බුදය සම්බන්දව ඒකාබද්ධ යෝජනාවක් රජයට ඉදිරිපත් කල නමුත් ඒ පිළිබඳව රජය පැත්තෙන් කිසිදු උනන්දුවක් නැති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. මේ නිසා මාර්තු මස 07(සිකුරාදා) සිට දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් අරබන බව මෙම සංගමය පවසනවා.

    එමෙන්ම මාතෘ, ළමා, වකුගඩු හා පිළිකා රෝහල් වල සාමාන්‍ය පරිදි වැඩ කටයුතු සිදුවෙන බව එම සංගමය වැඩිදුරටත් සඳහන් කළා.

    [rns_reactions]
  • එක රැයින් හිට් උණු නිදහස් තරුණ කැලක් තේමා ගීතය මෙන්න…..

    මේ වන සමාජ ජාල සහ තරුණ පරපුර කලබමින් රටම සිසාර යන ගීතයක් බවට ඊයේ පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණේ තේමා ගීතය පත්ව ඇත. එම තේමා ගීතය දැඩි ඉල්ලුම නිසාවෙන් අපි ඔබ වෙත ඉදිරිපත් කිරීමට තීරණය කළෙමු…

    රටම සොයන වීඩියෝව මෙන්න…..

    https://www.facebook.com/PrasannaSolanga/videos/753899568103418/

    [rns_reactions]

  • මේ වසරේ ආණ්ඩුව පෙරලන්න බෑ – මහින්ද පරාජය පිළිගනී…

    කුමන ක්‍රමයකින් හෝ  2017 වසරේදී ආණ්ඩුව පෙරළා බලය ලබා ගන්නා බව පසුගිය වසරේ (2016) දෙසැම්බර් 29වනදා ශ්‍රී ලංකාවේ විදේශ වර්තාකරුවන් සමග සාකච්ඡාවකට එක්වෙමින් විශ්‍රාමික ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කර තිබූ නමුත් ඔහු පසුගියදා  පැවති මහින්ද පිලේ රැස්වීමකදී ප්‍රකාශ කර ඇත්තේ මේ වසරේ ආණ්ඩුව පෙරලීමට තමන්ට නොහැකි බවයි.

    “මේ දැන් අහනවා මේ අවුරුද්දේ ආණ්ඩුව පෙරළනවද කියලා. මේ අවුරුද්දේ පෙරළන්න බෑ. මේ අවුරුද්දේ බැරි උනාට අපි ඊලඟ අවුරුද්දේ කරනවා. යයිද මහින්ද රාජපක්ෂ මහතා එහිදී ප්‍රකාශ කර ඇත.

    පැවති ජනාධිපතිවරණයේදී පරාජයට පත්වූ මහින්ද රාජපක්ෂ මහතා එතැන් පටන් අවස්ථා ගණනාවකදී තමන් නැවත බලය ලබා ගන්නා බවට දින වකවානු පවා ප්‍රසිද්ධ කර තිබිණි.

    කෙසේවෙතත්  මහින්ද සුලඟ ආරම්භ කරමින් පැවති මහ මැතිවරණයේදී තමන් රටේ අගමැති වන බවට ඔහු ප්‍රකාශ කළ නමුත් එයද මහින්ද රාජපක්ෂට අහිමිව ගියේ ය. ඉන් පසුව මහින්ද පිලේ මහජන රැලි කිහිපයක්ම සංවිධානය කළ අතර ඒ සෑම රැලියක්ම පැවැත්වූවේ එම රැලියෙන් පසු ආණ්ඩුව පෙරලන බව පවසමිනි. ආණ්ඩු පෙරලීම කෙසේ වෙතත් මහින්ද පිල පවත්වන රැලිවල ජන සහභාගිත්වය දිනෙන් දින අඩුවෙමින් පවතන අතර එහි හොඳම උදාහරණය ගාල්ලේ රැලියෙන් පෙන්නුම් කළේ ය.

    මේ වනවිට මහින්ද පිල වෙනුවෙන් ෆේස්බුක් ඇතුළු සමාජජාලවලින් ප්‍රචාරක කටයුතු සිදුකරගෙන ගිය කණ්ඩායම් අතරද මෙම තත්වය තුළ මතභේද හටගනිමින් තිබෙන අතර ඔවුන් එකිනෙකාට චෝදනා එල්ලකරගිනිමින් සිටිති. පාද චාරිකාවේ සිට පොල් ගැසීම්, දේව කන්නලව් කිරීම්, මහජන රැලි ඇතුළු කටයතු සංවිධානය කිරීමේදී ඔවුන් ප්‍රකාශ කර සිටියේ එම ක්‍රියාමාර්ගවලින් පසු ආණ්ඩුව පෙරලා බලය ගන්නා බවය.

    කෙසේ නමුත් මහින්ද රාජපක්ෂ මහතා විසින් එය දිනෙන් දින කල්දමමින් සිටයී.

    https://www.facebook.com/lankatruthofficial/videos/1146720252106812/

    [rns_reactions]

  • රු. ලක්ෂ 355ක් ඇවන්ගාඩ් අධ්‍යක්ෂගේ ගිණුමට ආ හැටි සොයා පරීක්ෂණ……

    ආන්දෝලනාත්මක  ඇවන්ගාඩ් මැරිටයිම්ස් පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂ හිටපු මේජර් ජනරාල් පාලිත පියසිරි ප්‍රනාන්දුගේ ගිණුමට මුදල් බැරකළ පුද්ගලයන්ගෙන් ප්‍රකාශ කිහිපයක් සටහන් කර ගත යුතුයැයි අල්ලස් කොමිසම අධිකරණයට අද (03) දන්වා තිබේ.

    දක්ෂිණ මුහුදු තීරයේ පාවෙන අවි ගබඩාවක් ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් කරන ලද විමර්ශනයේදී රුපියල් ලක්ෂ 355ක් අල්ලස් වශයෙන් පිරිනැමීම සහ එය ලබාගත්තැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ඔහුට චෝදනා ගොණු කර ඇත.

    ඇවන්ගාඩ් මැරිටයිම්ස් පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂ හිටපු මේජර් ජනරාල් පාලිත පියසිරි ප්‍රනාන්දු එම නඩුවේ පළමු සැකකරු ලෙසද නම් කර සිටියි.

    මේ අතර නඩු විභාගය අගෝස්තු 28 වැනිදා යළි කැඳවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නියෝග කර තිබේ.

    [rns_reactions]