Blog

  • SL-VLOG මහින්දානන්දගේ රෙදි ගලවයි.(video)

    මහින්දානන්දට අයත් එංගලන්තේ පිහිටි නිවස පිළිබඳව sl vlog තුලින් සියලු කරුණු හෙළිකර තිබෙනවා.

    එංගලන්තේ පිහිටි එම නිවස 2008දි තමාගේ හා බිරිගගේ නමට  ගෙන ඇති බවත් ආණ්ඩු පෙරළියත් සමග 2015දි එය විකුණා ඇති බවත් සඳහන් වෙනවා. සම්පුර්ණ සිද්දිය හොදින් සවන් දෙන්න,

    [rns_reactions]

  • තරුණයාට ගුටි දුන් පොලිස් ලොක්කන්ට වැඩ වරදී…

    කළුතර දොඩංගොඩ ප‍්‍රදේශයේදී ජනතාව පවා බලා සිටියදී යතුරු පැදිකරුවෙකුට අමානුෂික ලෙස පහරදුන් පොලිස් නිලධාරීන් දෙදෙනාගේ වැඩ තහනම් කර තිබෙනවා. 

    ඉන් එක් නිලධාරියෙකු දොඩංගොඩ පොලීසියට අනුයුක්තව සේවය කරන සැරයන්වරයෙක්. 

    අනෙක් නිලධාරියා එම පොලීසියටම අනුයුක්තව සේවය කරන කොස්තාපල්වරයෙකු බවයි පැවසෙන්නේ. 

    ඔවුන් ඉකුත්දා දොඩංගොඩ ප‍්‍රදේශයේ යතුරුපැදිකරුවෙකුට අමානුෂික ලෙස පහරදී තිබුණා. 

    එ් රියදුරු බලපත‍්‍රයක් නොමැතිව අණ නොතකා ධාවනය කළ බව පවසමින්. 

    මෙම පහරදීමට අදාළ වීඩියෝ පටයක්ද පසුව අන්තර්ජාලයට මුදාහැර තිබුණා. 

    මෙම සිද්ධිය සම්බන්ධයෙන් නෙත් නිවුස් වෙත අදහස් දැක් වූ සමස්ත ලංකා යතුරුපැදි කරුවන්ගේ සංගමය ප‍්‍රකාශ කළේ තමන්ට පහර නොදෙන ලෙසට පොලිස් නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියදීත් දිගින් දිගටම පහර දෙන මෙම නිලධාරීන් කවුදැයි වහා හෙළි කළ යුතු බවයි.

     

    [rns_reactions]
  • තරුණ සමුළුවේදී ජනපති මෛත්‍රීගෙන් මහින්දට ටොක්කක්….

    අද පැවති තරුණ සමුළුවේදී ජනපති මෛත්‍රී පක්ෂයේ තනතුරු පිලිබදව සිදුකල විග්‍රහයේදී හිටපු ජනපතිට සහ නාමල්ට ප්‍රහාරයක් එල්ලකිරීම සුවිශේෂී සිදුවීමකි. මේ එම ප්‍රකාශයයි…..

    ආදරණීය තරුණ දරුවනේ, මගේ පුතත් මේ ශාලාව තුළ ඉදිරියේ වාඩි වී සිටිනවා. ඔහු වේදිකාවේ නැහැ. ඔහුට මම තරුණ සංවිධානයේ තනතුරු දීලා නැහැ. ඔහුට මම බලකායන් බාරදීලා නැහැ. මේ පක්ෂයේ සභාපති ධුරය මම භාර ගත්තේ, මගේ පවුලේ කිසිවෙකුටත් ඔටුනු පළඳන්නට නොව, මේ රටේ සමස්ත තරුණ පරපුර සමග මේ රටේ පොදු මහජනතවගේ අනාගත ගමන් මග ශක්තිමත් කරලා ඉදිරියේදී ජනාතාවාදී මෙහෙවරක් ඔබ වෙනුවෙන් ඉටු කිරීම සඳහායි කියන එක මා ඉතා පැහැදිලිවම සඳහන් කරන්නට ඕනෑ. 

     

  • මම තවමත් සංගීතාට ආදරෙයි – කමල්ගෙන් අමුතු කතාවක්…..

    මම පෙම් කළ රංගන ශිල්පිනියක් තමයි රමණී බර්තලමියුස්. ඇය ඉතා දක්ෂ ආදරණීය නිළියක්.

    ඇයට පෙම් බඳින්න හේතුව මොකද්ද?
    ඇයව දැක්ක ගමන් සිත බැඳුණා. වාසනාවෙ දොර ඇරුණෙ නැති එක තමයි තිබුණෙ.

    ඇය තුළ තිබුණු විශේෂතා මොනවද?
    රමණි ඉතාමත් හොඳ ධෛර්යක් තියෙන ඕනෑම තත්ත්වයකට හැඩගැහෙන්න පුළුවන් බොහොම නිහතමානී, අවංක ප්‍රතිපත්තිගරුක කෙනෙක්, මට අසීමිතව ආදරය කළා

    ඇය ජීවිතෙන් සමුගත් දවසෙ මොනවගේ හැඟීමක්ද ඇතිවුණේ?
    ඒක කියලා වැඩක් නෑ. මුළු ලෝකෙම නැතිවුනා වගේ තමයි හැඟුණෙ. මොකද ලෝකයක් කඩාගෙන වැටුණා. මගෙ ජීවිතේ අරමුණක් නැතිව හිස් බවක් එක්ක කාලයක් යනතුරුම ගෙවුණෙ.

    ඔය හදවතට තවම ඒ දුක දැනෙනවද?
    ඔව්, ඉතින් එහෙමයි කියලා දුක කියන එක කාලයක් යද්දි තමන්ට දුකක් වෙන්නෙ නෑ. ඒ දුකට පුරුදු වුණාම ඒවගේ අවස්ථාවන්වලට මුහුණදෙන්න පුළුවන්වෙනවා. ඇයගෙ පොඩි අතපසුවීමක් නිසා තමයි ඇයට ජීවිතෙන් සමුගන්න වුණේ ඇයගෙම වැරදි අනවබෝධයක් නිසා.

    ඔබ මේ ක්ෂේත්‍රයට ආවට පසුව වැඩිපුරම ආදරවන්තිය වුණේ කවුද?
    වැඩිපුරම ආදරවන්තිය වුණේ සංගීතා වීරරත්න

    ඇය සමග රඟපෑ චිත්‍රපට අතරින් කැමතිම?
    අසනි වර්ෂා චිත්‍රපටයට ගොඩක් කැමතියි. වසන්ත ඔබේසේකරගෙ.

    කමල් – සංගීතා කියලා යුගයක් පවා බිහිවුණා නේද?
    ඒ යුගය වෙන වෙන නළුවො ඇවිල්ලා කාලා දැම්මනෙ. සංගීතාව මගෙන් ඩැහැගත්තා.

    ඇයත් එක්ක රඟපාද්දි ඇයට ආදරයක් ඇතිවෙලා නැද්ද?
    මොකද නැත්තෙ, ඇයට කොයිතරම් පිරිසක් ආදරේ කළාද? මම තවමත් ආදරෙයි.

  • ගමේ රසට කෑම උයනවනම් මෙන්න ක්‍රමය, ඉගෙනගන්න.(video)

    අවුරුදු 105ක් වන ඉන්දියාවේ ගැහැණු කෙනෙක් ඉතාමත් රසට ගමේ විදියට කෑම උයන ක්‍රමය පිළිබඳව දැක්වෙන වීඩියෝ බොහොමයක් අන්තර්ජාලයට මුදා හැර තිබෙනවා. මේ වන විට ඇය  අහාර පිළියෙළ කිරීම සම්බන්දයෙන්  ලෝක ප්‍රසිද්ධ වී තිබෙනවා.

    අප්‍රේල් මස 10 වන දින වයස  අවුරුදු 106 පිරීමට නියමිතයි. ඒ සඳහා විශේෂ කෑමක් සෑදීමට ද ඇය සුදානමින් සිටින බව ආරංචියක් පවතිනවා .

    ඔබට ඕනෑම අවශ්‍ය ආහාරයක් රසට  සෑදීමට ඉගෙනගන්න.

     

     

    [rns_reactions]

  • ලංකා සිතියම වෙනස් වෙයි!

    ජාත්‍යන්තර මූල්‍ය නගරය හෙවත් කොළඹ වරාය නගරය ඉදි කිරීමත් සමඟ වසර සහ පරම්පරා ගණනාවකට පසුව ශ්‍රී ලංකා සිතියමේ වෙනසක් සිදුවීමට නියමිතය.

    ශ්‍රී ලංකාවේ නව සිතියමක් දැනට නිර්මාණය කර ඇති අතර රජයේ මිනුම්පතිවරයා නිර්මාණය කරන ලද නව සිතියම පහත වේ.

    [rns_reactions]

  • මැරුණ පුද්ගලයෙකුට නැවත පණ දෙන්න පුළුවන්…

    එක්තරා සමාගමක් විසින් මැරුන පුද්ගලයෙකුට කෘතීම බුද්ධිය උපයෝගිකොටගෙන  නැවත පණ දිය හැකි ක්‍රමයක්බ සොයාගෙන තිබෙනවා කිව්වොත් ඔබ පුදුමයට පත්වේවිද?

    පහත වීඩියෝවට හොදින් සවන් දෙන්න

  • වෙල්ගම දුටු අපූරු හීනය…

    එළැඹෙන සැප්තැම්බර් මාසය පමණ වන විට ආණ්ඩුවේ සිටින ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මැති ඇමතිවරුන් 25 දෙනෙකු විපක්‍ෂයට එක්වනු ඇතැයි බලාපොරොත්තු වන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.

    ඔහු මේ බව හෙලි කලේ කලූතරදී පැවති ජනහමුවක් අමතමිනි.

    [rns_reactions]

     

  • "ඔව් මං මේනකාව බඳිනවා"…රනිල් කී කථාව…

    රනිල් කුලසිංහ කියන්නේ දක්ෂ නළුවෙක්. මුළු රටම ඔහු හදුනා ගන්නේ සල් සපුනා ටෙලිනාට්‍ය හරහා. ඔහුගේ ආදර කතාව  මේ වනවිට උණුසුම් මාතෘකාව බවට පත්වී තිබෙනවා. වෙන කවුරුත් නෙවේ,,,ඔබ අප හොදින් හදුනන මේනක පිරිස් තමා ඔහුගේ ආදරවන්තිය. ලගදීම විවාහ වෙන්නලු හදන්නේ.අපි රනිල්ට කතා කරලා ඔහුගෙන් රනිල් මේනකා පෙම් කතාවේ අගමුල විමසුවා.

    රනිල් ඔබ මේනකා පීරිස් එක්ක ආදර සම්බන්ධයක් තියෙනවා කියන්නේ ඇත්තක් ද?

    ඔව්. ඒක ඇත්තක්.

    කැමතිද ඒ ආදර කතාව හැමෝටම කියන්න?
    කැමතියි.

    මුලින්ම රනිල්ට මේනකා හමු වූ තැනින්ම මේ කතා බහ ආරම්භ කරමු.
    මම කාලයක ඉඳන් මේනකාව දන්නවා. හැබැයි ඒ නිළයක් විදියට. මම ඇගේ කුසලතා අගය කළ කෙනෙක්. ඒ වුණත් කවමදාකවත් අපි හමුවෙලා තිබුණෙ නැහැ. අපි දෙන්නා හා හා පුරා හමුවුණේ අහම්බෙන්.

    ඒ අහඹු සිදුවීම දෛවෝපගත සිදුවීමක්
    ඔව්. මම මගේ මිතුරෙක් රක්ක ගමනක් යන අතර මේනකා අහම්බෙන් හමුවුණා. මගේ මිතුරා ඇයව හඳුනනවා. එතැනදී අපි කතා බහ කළා. මම ඇගේ රඟපෑම් අගය කළා. ඇයත් මගේ රඟපෑම් අගය කළා. ඊට පස්සේ අපි වෙන්වෙලා ගිය.

    ඊට පස්සේ දුරකථනයෙන් හමු වුණා?
    නැහැ නැහැ. එදා අපි දුරකථන අංක හුවමාරු කරගත්තේ නැහැ. එදා කතා බහ කරලා වෙන් වුණා. ඊට පස්සේ බෙල්ලන්විල පන්සලේ උත්සවයකදී අපි හමුවුණා. එදාත් අපි කළින් දවසටත් වඩා සුහදව කතා කළා. ඊට පස්සේ තමයි දුරකථන අංක හුවමාරු කරගන්න තරම් හිතවත්කමක් ඇති වුණේ.

    ඒ හිතවත්කම ප්‍රේමයක් බවට පත්වුණේ කොහොමද?
    අපි යාළුවෝ විදියට ඇසුරු කළා. කාලයත් එක්ක යාළුකම නොදැනීම ආදරයකට හැරුණා.

    මුලින්ම ආදරය ප්‍රකාශ කළේ කවු ද?
    සාමාන්‍ය සම්ප්‍රදායික පෙම්වතුන් විදියට අපි ආදරේ කළේ නැහැ. කායලක් යද්දී නොදැනීම දෙන්නා ආදරවන්තයන් වෙලා. ඒක ඉබේම සිදු වූ දෙයක්.

     

    රනිල් ඇයි මේනකාට ආදරේ කළේ?

    මම කැමති සාමාන්‍ය මිනිහෙක් විදියට ජීවත් වෙන්න. මේනකාත් එහෙමයි. ඇයත් හරිම සාමාන්‍ය ගැහැනියක්. ඒ හින්දා මට හිතුණා ජීවිත කාලයම ඇයත් එක්ක ගෙවන එක පහසුවෙයි කියලා.

    නිළියක් විවාහ වූ පසු ඒ අයගේ සැමියන් තමන්ගේ බිරිඳට රඟපෑම් තහංචි පනවනවා?
    මම නම් කිසිම දාක එහෙම කරන්නේ නැහැ. මම මේනකාගේ රංගන කුසලතා දැක්කේ ඇයව හඳුනාගන්නත් කලින්. ඒ හින්දා මම කැමතියි දිගටම ඇය රඟපෑමේ යෙදෙනවට.

    රනිල්ගෙ රඟපෑම්වලටත් මේනකාගේ තහංචියක් නැද්ද?
    මම ක්‍ෂේත්‍රයට ආපු දවස්වලත් මං ගැන පත්තර සාකච්ඡා කරදීදී මම කිව්වේ කවදාහරි අධ්‍යක්‍ෂණයට පිවිසීම මගේ හීනයක් කියලා. දැනටත් මගෙ හීනය නළුකම නෙමෙයි අධ්‍යක්‍ෂණය. මේනකා මගේ කලා දිවියට හැමවෙලාවෙම සහය දෙන කෙනෙක්.

    දෙදෙනෙකු අතර ආදරයක් ඇති වුණාම විවිධ බාධා එල්ල වීම සාමාන්‍ය දෙයක්?

    අපිට කිසිම බාධාවක් නැහැ.

    දෙපැත්තේ වැඩිහිටියේ මේ සම්බන්ධයට විරුද්ධ වුණේ නැද්ද?
    නැහැ දෙන්නගෙම දෙමාපියෝ අපි දෙන්නගේ ආදරේට ආශිර්වාද කරලයි තියෙන්නේ.

    කලින් වතාවක පුවත්පත් සාකච්ඡාවකදී රනිල් පැවසුවා පෙම්වතියක් ඉන්න බව. මේනකා හමු වූ පසු අතීත පෙම්වතියට සමු දුන්නාද?
    එදා ඒ කතාබහේදී මම කිව්වා පෙම්වතියක් ඉන්නවා ඉදිරියේ දී නම හෙළි කරන්නම් කියලා. ඒ කිව්වේ මේනකා ගැන තමයි. ඒ වෙද්දිත් අපි අතර ආදර ස්බන්ධය තිබුණා. සුදුසු අවස්ථාව එනකල් හෙළි කළේ නැහැ.

    එතකොට මේනකාගේ අතීතය?
    අතීතය අතීතයක් විතරයි.

    දැන් සියල්ල හරි. දැන් තියෙන්නේ විවාහය ?
    නුදුරු දිනකදී එය සිදුවේවි.

    ආරියවංශ කුලතිලක

    [rns_reactions

  • වික්ටර් vs චතුර – හැප්පිල්ල(video) "වස්ති"

    වසති විසින් කරන ලද සාර්ථක නිර්මාණයක්. ඔබත් නරබන්න.

    [rns_reactions]

  • චතුරිකා-ගයාන්-රොෂාන්, තුන්කොන් ආදරය පිළිබඳව චතුරිකා මුල්වරට කී කථාව.

    පසුගිය මාස කිහිපය තුල චතුරිකා-ගයාන්-රොෂාන්, තුන්කොන් ආදර කතාව පිළිබඳව නොයෙක් කටකථා පතුරවන මොහොතක එම ක්‍රියාවලිය සාධාරනයකට ලක් කරමින්  ප්‍රථම වරට චතුරිකා සති අන්ත පුවත්පතකට තම අදහස් දක්වා තිබෙනවා.

    චතුරිකා ගයාන්ව දැන හඳුනා ගන්නෙ?

    මට පළමු වතාවට ගයාන්ව හමුවෙන්නෙ 2004 අවුරුද්දෙ. ඔහු ටෙලි නාට්‍යයක ප්‍රධාන චරිතයක්‌ රඟපාන ප්‍රථම අවස්‌ථාව එයයි.

    එහි ප්‍රධාන කාන්තා චරිතය රඟපෑවෙ මම. එදා මම දැක්‌ක ගයාන් දෙමවුපිය හෙවනින් ආපු බොහොම තැන්පත් තරුණයෙක්‌ .

    ඒ අවස්‌ථාවද ප්‍රේමයේ ඇරඹුම?

    නැහැ. ඒ වෙත්දි ගයාන් කියන්නෙ මාත් එක්‌ක රඟපාපු තවත් නළුවෙක්‌ විතරයි. එකට වැඩ කළ නිසා සුහදතාවක්‌ ගොඩනැගුණා එතනින් එහාට කිසිවක්‌ වුණේ නැහැ. අපි ආයෙ මුණගැහුණෙවත් කතා කළේවත් නැහැ.

    දෙවැනි වතාවට මට ආයෙමත් ගයාන් එක්‌ක වැඩ කරන්න ලැබෙන්නෙ අවුරුදු හතකට පස්‌සෙ ඒ කියන්නෙ 2011 අවුරුද්දෙ. ඒ වෙත්දි ගයාන් ක්‌ෂේත්‍රයෙ නමක්‌ දිනාගත්ත කෙනෙක්‌. නමුත් අර මම පළමු අවස්‌ථාවෙ දුටුව සන්සුන් තරුණයා නම් ඔහු අහලකවත් හිටියෙ නැහැ. ඒ වෙත්දි ගයාන්ව ප්‍රසිද්ධ වෙලා තිබුණෙ වැඩ කරන්න අපහසු ඉවසීමක්‌ නැති කේන්ති යන දඩබ්බර චරිතයක්‌ විදිහට.

    දඩබ්බර හිත ළඟද ආදර කතාව ඇරඹෙන්නෙ

    ඇත්තටම ඒ වෙත්දි ගයාන් ළඟ හිතුවක්‌කාර කේන්ති යන ලක්‌ෂණ තිබුණා. ඒ දවස්‌වල ගයාන් මෝටර් රථය පදවාගෙන යන වේගය නිසා අපි කතාවුණේ කොයි වෙලාවක හරි අනතුරක්‌ කරගනියි කියලා. ඒ තරමට නොසන්සුන්තාවයකින් ඉන්න කෙනෙක්‌ විදිහටයි මමත් ගයාන්ව දැක්‌කෙ. නමුත් ගයාන්ව හිතවතෙක්‌ විදිහට ආශ්‍රය කරත්දි ඒ ගයාන් කියන කෙනාගෙ ආවේණික ගතිගුණ නෙමෙයි කියල මට දැනුණ. දෙමවුපිය සහෝදර හෙවනින් වෙන්වෙලා කොළඹ ආපු ගයාන්ව කොළඹදී ඔහුට ළංවූ අය නිසා වියවුල් වූ ජීවිතයක ඒ වෙත්දි ගයාන් ගත කරමින් හිටියෙ.

    ඔබ දෙදෙනා වඩාත් ළං කළ හැඟීම වන්නෙ

    දෙවෙනි වතාවට අපි හමුවුණ කාලය වෙත්දි අපි දෙන්නම අපේ පුද්ගලික ජීවිතවල විශාල අර්බුද සමඟ ගෙවූ කාල වකවානුවක්‌. එයා හිටියෙ බිඳුන විවාහයක නටබුන් එක්‌ක මමත් මගේ ප්‍රේමය බිඳී ගිහින් තනිවෙලා හිටි කාලයක්‌ මුලින්ම අපි හිතවතුන් වුණා අපේ ප්‍රශ්න ගැන කතා කළා. ඒ අවස්‌ථාවෙ අපේ ජීවිතය කලින් හිටිය අය වගේම අප වටා හිටි අය බොහොම දරුණු විදිහට අපි දෙන්නට පහර දෙන්න පටන් ගත්ත. ඒ අවස්‌ථාවේ ගයාන් නොසැලී හිටිය මමත් ඒ දේවල්වලට සැලුනෙ නැහැ. අපි මේ ප්‍රශ්න ගැන කතා කරමින් විසඳුම් හොයන්න උත්සාහ කළා. අන්තිමට අපිටත් නොදැනීම අපි දෙන්න ආදරයෙන් බැඳුණා.

    එදා ඔබ දෙදෙනාගේ ආදරයට ඇතිවුණ බාධක ද ඔබලා වඩාත් ළං කළේ.

    ඒ ගැන හිතත්දි කනගාටුයි. මිනිස්‌සු අපිට හිතාගන්න බැරි තරම් නරක විදිහට ප්‍රශ්න ඇති කළා. නමුත් මම ගයාන්ට ආදරය කරන්න පටන් ගන්නකොට එයා හුදකලාව හිටි කෙනෙක්‌ කාගෙවත් හෙවනක හිටිය කෙනෙකුට මම පෙම් කළේ නැහැ. තමන්ගෙ කලින් පෙම්වතා හා පෙම්වතිය එම ප්‍රේමයෙන් මිදුනට පස්‌සෙ තවත් කෙනකුට ආදරය කරන අවස්‌ථාවෙ ඔහුට හෝ ඇයට පෙම්වතෙක්‌ හෝ පෙම්වතියක්‌ හමු නොවුණ නිසා තමන්ගෙ පෙර කාලයෙ පෙම් කළ අයට ඊර්ෂ්‍යා කරල ප්‍රශ්න ඇතිකරන එකේ ඵලක්‌ නැහැ. නමුත් ඔවුන් එහෙම කළා.

    මම හැමදාම හිතුවෙ කවදා හරි ඇත්ත ඉදිරියට එන බවයි. අපි කාට හෝ වැරැද්දක්‌ කළාම ඒක ලෝකෙට වසන් කරගෙන හිටියට තමන්ගෙ හිතට බොරු කරන්න බැහැ. මම මේ පුද්ගලයට මේ වගේ දෙයක්‌ කළා නෙ කියල තමන්ගෙ හිත තැවෙනව.

    දැන් ආදර ලෝකය සන්සුන්ද?

    ඇත්තටම මේ හැම දෙයක්‌ම කෙළවර අපි දෙන්න අතර තිබුණ ආදරය තවත් වැඩි වුණා. හැම ප්‍රශ්නයකටම කාලය විසඳුම් දීල තියෙනව. එළඹෙන මැයි මාසෙ අපේ විවාහය සිද්ධ වෙනව.

    චතුරිකා අතීතයෙ ඔබට හමුවුණ දඩබ්බර ගයාන්මද තවමත් ඔබ ළඟ ඉන්නෙ.

    නැහැ ඒ ගති දැන් ගොඩක්‌ අඩුයි. මම හැම වෙලාවෙම එයාට කියල දෙනව මේ ඔයාගෙ විදිහ නෙවෙයි ඔයාගෙ දෙමවුපියො සහෝදර සහෝදරියො එහෙම නෑ ඔයාට අයිති ගතිගුණ මේ නෙවෙයි කියල.

    මේ ආදර කතාවෙ චතුරිකාට ලද වටිනාම තිළිණය

    එයාගෙන් ලැබෙන ආදරය විශ්වාසය තමයි මට වැඩියෙන්ම වටින්නෙ. මොකද කිසිම මොහොතක ගයාන්ට මට වඩා සමීප තවත් කෙනෙක්‌ නැහැ කියන සිතිවිල්ලෙනුයි එයා වැඩ කරන්නෙ. එයාගෙ ලෝකෙ එකම පෙම්වතියත් හිතවතියත් මම විතරයි.
    භෞතික දේවල් ගත්තොත් මීට අවුරුදු දෙකකට කලින් එයා මට අරන් දුන්න අත් ඔරලෝසුව මම අදටත් පළඳින්නෙ හරිම ආදර හැඟීමෙන්.

    ධම්මිකා සුරංජි පතිරණ (Divaina)

     

    [rns_reactions]

  • ලකුණු දාගන්න බේගල් අදින අයට සරත් චන්ද්‍රගෙන් කණ පැලෙන පිළිතුරක්..

    මහත් ආන්දෝලනයට තුඩුදුන් අවුරුදු නැකත් පිලිබදව මතුව ඇති ප්‍රශ්නයට නැකත් සංගමයේ සාමාජිකයෙක් වන සරත් චන්ද්‍ර මහතා තම මුහුණු පොත් ඔස්සේ පිළිතුරක් ලබාදී ඇත..

    මෙම නැකත් නිරවද්‍ය බවත් ඇතැමුන් චරිත වීම උදෙසා මෝඩකම ප්‍රදර්ශනය කරමින් රංගනයක යෙදෙන බවත් ඔහු සදහන්  කර ඇත.

    [rns_reactions]

  • ජනපතිට මඩ ගහන්න ගියපු ගම්මන්පිලගේ රෙදි ගැලවිලා……

    ප්‍රතිපත්තියක් නැති තමන්ට විරුද්ධවාදී ඕනෑම පුද්ගලයෙකුට ඉතා අපහාසාත්මක ලෙස කතා කිරීම ගම්මන්පිලගේ ජම්මගතියක් වී ඇත.මඩ නාමින් මෙසේ පහත් ලෙස හැසිරෙන ගම්මන්පිල, ජනාධිපතිවරයා අගවිනිසුරු වෙත යැවූ ලිපියේ සඳහන් වුයේ “හෙට සිට ශිරාණි එනු ඇත. ඔබ ආයේ නාවත් කම් නෑ ඉතිං” යනුවෙන් ගල් පැලෙන කෙබරයක් පැවසීමෙන් පසු පසුගියදා පැවතී බලය වැඩසටහන උණුසුම් තත්වයක් හට ගැනුනි.

    තමාගේ වැරැද්ද වසා ගැනීමට ඔහු එම සභාවෙන් නැගිට යාමටද උත්සහා කළේය.

    තමා  සිරගතව සිටීමේදී  කුට්ටම ඉදිමීමෙන් තමන්ට වෙච්ච ලැජ්ජාව වසා ගැනීම සඳහා  ගම්මන්පිල මෙසේ පහත් ලෙස හැසිරෙන බව දේශපාලක විචාරකයෝ පෙන්වා දෙයි.

    https://www.facebook.com/SriLankanTVnews/videos/1433952576662292/

    [rns_reactions]

  • වසර 13කට පසු ශ්‍රීලනිප “නිදහස් තරුණ ජාතික මහා සමුළුව” ජනපති ප්‍රධානත්වයෙන් අද!

    ශ්‍රී ලංකා නිදහස් තරුණ පෙරමුණේ ජාතික මහා සම්මේලනය කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් තරුණ පෙරමුණේ සභාපති ශාන්ත බණ්ඩාර මහතා සහ එහි ප්‍රධාන නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් අද (2දා) සවස 2.00ට පැවැත්වේ.

     

    “විසඳුමට ජවයක්” තේමාව කේන්ද්‍ර කරගත් මෙම ජාතික මහා සම්මේලනයෙන් අනතුරුව මෙරට තරුණ තරුණියන්ගේ ගැටලු රැසකට විසඳුම් ලබා දීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා නිදහස් තරුණ පෙරමුණේ සභාපති හිටපු නියෝජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා නිවේදනය කර සිටියා.

    මෙතෙක් කාලයක් තම ගැටළු ඉදිරිපත් කල තරුණ ප්‍රජාව මෙවර ගැටළු වලට විසඳුම් හා යෝජනා රැගෙන මෙම සමුළුව සඳහා එක්වන අතර එය මෙරට තාරුණ්‍යය හා දේශපාලනයේ නැවුම් පෙර ගමනක ඇරඹුමක් ලෙස දැකිය හැකිය.

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් අමතක කර දමා තිබු තාරුණ්‍යය වත්මන් ජනාධිපති හා පක්ෂ සභාපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ මග පෙන්වීම අනුව නැවතත් ඔප දමා රටේ අනාගතයට සුදානම් කිරීමේ අරමුණ ඇතිව පවත්වන මෙම සමුළුවේදී එදා මෙදාතුර නොදුටු සුවිශේෂි  කරුණු රැසක් මෙරට තාරුණ්‍යට උරුම කිරීමට සුදානම් බවට වාර්තා වේ.

    [rns_reactions]

  • චන්දිමාල්ට ඊයේ මොකද උනේ? රටම සොයන වීඩියෝව මෙන්න….

    ඊයේ  පැවති ශ්‍රී ලංකා – බංගලාදේශ තුන්වන එක්දින තරගය අපි ජයගත්තත් තරගය අතරතුර  සිදුවූ අවාසනාවන්ත සිදුවීමක් තමයි අපි මේ ඔයාලට නරඹන්න ගෙනාවේ. ඒ තමයි දිනේෂ් චන්දිමාල්ගේ දැවීයාම.  දුවද්දී දැවියමකට පත්වීමක් ලෙස තුන්වන විනිසුරු ලබාදුන් එම තීරණය ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන්ගේ විමතිය දනවන කරුණක් වුවා.

    ඉතින් එම අවස්ථාවේ සිදුවූ දෙය පහත විඩියෝවෙන් නරඹන්නකෝ.

    https://www.facebook.com/264545500559513/videos/431379623876099/

    [rns_reactions]

  • පුටින් ජනපතිට දුන් කඩුව පිළිබඳව ඔබ මෙතෙක් නොදත් කථාව

     මෙම කස්තානය 1906 දී ශ‍්‍රී ලංකාවෙන් එංගලන්තයට රැුගෙන යන ලද්දකි. මෙය 2006 දෙසැම්බර් 19 වනදා ලන්ඩනයේ සොන්බි වෙන්දේසි නිවසේ පැවැති රාජකීය හා ප‍්‍රභූ භාණ්ඩ වෙන්දේසියකදී රුසියාව ලබා ගත්තකි. ඉතාම දුර්ලභ ගණයේ රාජකීය ආයුධයක් වූ මෙය ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක අගයක් ඇත්තකි.

    මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමන්ගේ රුසියන් රාජ්‍ය තාන්ත‍්‍රික සංචාරය ලාංකික දේශපාලනයේත් ලෝක දේශපාලනයේත් තීරක හැරවුම් ලකුණක් මතු කරනු නිසැකය. මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමන් විවේචනයට බඳුන් කෙරුණේ ඉන්දියාව ඇතුළු බටහිර කුමන්ත‍්‍රණයක නිර්මාණයක් ලෙසිනි. ශ‍්‍රී ලංකා රාජ්‍යය මෙහෙයවනු ලබන්නේ බටහිර රාජ්‍යයන්ගේ සමාජ, දේශපාලන, ආර්ථික න්‍යාය පත‍්‍රයට අනුගතව බවට ද චෝදනා නැගී තිබිණි. බෙදුම් රේඛාවන්ට අනුගත නොවී නොබැ`දි ප‍්‍රතිපත්තිය තමාගේ රාජ්‍ය තාන්ත‍්‍රික දැක්ම බවට පත් කර ගනිමින් මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා භාවිතාවෙන් මෙම අවලාදවලට පිළිතුරු සැපයීය.

    ශ‍්‍රී ලංකාවට අයත් අපූර්ව හා අනර්ඝ පුරාවස්තුවක් වන කස්තානයක් රුසියන් ජනාධිපතිවරයා ජනපති මෛත‍්‍රීපාල සිරිසේනයන්ට මෙම සංචාරයේදී පිළිගැන්වීය. ඓතිහාසික පුරාවස්තු හා සංස්කෘතික උරුම ලෝලියකු වන රුසියන් ජනපති ව්ලැද්මිර් පුටින් මහතා නිර්ලෝභීව මෙම කස්තානය ශ‍්‍රී ලංකා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා වෙත තිළිණ කිරීම මිත‍්‍රත්වය හා ළෙන්ගතුකම ප‍්‍රකට කිරීමකි. එමෙන්ම ගැඹුරු සංඥාවක් ද පළ කිරීමකි.

    මෙම කස්තානය 1906 දී ශ‍්‍රී ලංකාවෙන් එංගලන්තයට රැුගෙන යන ලද්දකි. මෙය 2006 දෙසැම්බර් 19 වනදා ලන්ඩනයේ සොන්බි වෙන්දේසි නිවසේ පැවැති රාජකීය හා ප‍්‍රභූ භාණ්ඩ වෙන්දේසියකදී රුසියාව ලබා ගත්තකි. ඉතාම දුර්ලභ ගණයේ රාජකීය ආයුධයක් වූ මෙය ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක අගයක් ඇත්තකි. රුසියානු සමූහාණ්ඩුවේ සහ පෞරාණික වස්තූන් රැුස්කරන ධනවතුන් සහ ආයතන අතර ද මෙවැනි වස්තූන් ඉතා දුර්ලභය. රුසියානු සමූහාණ්ඩුවේ අපරාධ නීති සංග‍්‍රහයේ 243 වගන්තියේ පෞරාණික වටිනාකමකින් යුතු පුරාවස්තු හා සංස්කෘතික අගයෙන් යුතු වස්තූන්ට හානි කිරීම, විනාශ කිරීම අපරාධයකි. පුරාවස්තු ආරක්ෂා කිරීමට මෙම වගන්තියට කස්තානය ද අයත් වූවකි. මෙය රුසියාවට අනර්ඝ වස්තුවකි.

    මෙම කස්තානය 19 වැනි සියවසේදී මෙරට නිමවූවකි. පෞරාණික ආයුධ සම්බන්ධ විශේෂඥයකු වන ඊශ‍්‍රායල් ජාතික ඇලෙක්ස් ෆර්ගර් මහතාගේ මතයට අනුව මෙම කස්තානය මහනුවර රාජධානියට අයත් වූවකි. ලාංකික ප‍්‍රභූ සමාජය ආරක්ෂාවත්, ගෞරවයත් සමාජතත්ත්වය නිරූපණය කිරීමත් උදෙසා කස්ථාන පැළැන්දාහ. සාමාන්‍ය ජන සමාජයේ අයට ඒ සඳහා අවසරයක් නොවූ අතර යුද්ධයකදී මෙලෙස වාරණයක් නොවූ බව සහතිකය. මේ කස්තානය මහනුවර යුගයේ විසූ ප‍්‍රභූ නිලමේ කෙනෙකු පරිහරණය කරන ලද්දක් ලෙස සැලකේ. මෙය ලෝහ ගිනියම් කර කලාත්මක කැටයමින් නිර්මාණය වූවකි. එය රනින් ආලේපිතය. මිමි 480.05 ක් දිගින් යුක්තය.

    මි.මි. 23.5 පළලින් සමන්විතය. එය බහා ඇති කොපුව මි.මි. 535.05 න් යුක්ත වන අතර කොපුවේ පළල මි.මි. 635 ක් වේ. නවන ලද තියුණු කඩු තලයක් සහිත වූවකි.
    කඩු මිටේ පිට කොටස රත්තරන් වලින් උසස් ලෙස නිපදවා ඇත. කඩු මිට රන්පැහැ ලෝහයකින් නිමවා ඇත. කඩු මිටේ ඉහළ කොටසින් මිථ්‍යා සත්වයකු අයාගත් මුඛය දිස් වේ. එම සැලසුම් රටාව සිංහ රූපය මෙනෙහි කරවයි. සිංහයාගේ දෑස දීප්තිමත්ව තියුණු රත් පැහැයක් සහිත අර්ධ වශයෙන් විනිවිධ පෙනෙන ලෙස නිම වූවකි. එය නිර්මාණයට ගත් අමුද්‍රව්‍ය මිටේ පසුපස ඉහළ කොටස සවිමත් කිරීමට භාවිතා කර ඇත. මිට අලංකාර මල් සැරසිල්ලකින් වර්ණවත් කර ඇත. අත් ආරක්ෂණ වළල්ල කැටයමින් නිර්මාණය කර ඇත. එහි දිගම කොටස වක‍්‍රව උඩු අතට එනම් මිථ්‍යා සත්වයාගේ මුඛය දෙසට පවතී. එහි කුඩාම කොටස යාන්තමින් උඩු අතට වක‍්‍රව පවතී. කඩුවේ යටිකුරුව පිහිටා ඇති කොටස් ද කඩුව යට කැටයම් කර ඇති කොටස් ද, කඩුව දෙසට වටකුරු කර තිබෙන කොටස් ද, මිටට ඇතුළත් මෙම කඩුවේ මල් නිර්මාණ සහ මිථ්‍යා සත්ත්ව නිය ද කැටයමින් සමන්විතය.

    කඩු කොපුව පිටත ආවරණය කහ පැහැති ලෝහයකින් නිපදවා ඇත. ඇතුළත ලී තහඩුවකින් නිමවා තිබේ. කොපුව වටා මනරම් මල්වැල් කැටයමින් යුක්තය. මෙය බෞද්ධ නිර්මාණ කෞශල්‍යය මතු කරන්නකි.

    රුසියන් ජනාධිපතිතුමන්ගේ මෙම කස්තාන තිළිණය හුදෙක් සාම්ප‍්‍රදායිකව කෙරෙන තිළිණයකට එහා ගිය ජාතික හා ජාත්‍යන්තර සංඥාවක් ලෙස සැලකීම වටී.

    පසුගිය දශකය තුළ නිරන්තර සාකච්ඡුාවට බඳුන් වූයේ ජාත්‍යන්තර දේශපාලන සබඳතා ගෝලීයකරණයට යටත් බවය. නූතනයේ ජාතික ආරක්ෂණවාදී පිළිවෙතකට රාජ්‍ය ප‍්‍රතිපත්ති සැකසෙන බව සත්‍යයකි. රුසියාව, පිලිපීනය, උතුරු කොරියාව, ඔස්ටේ‍්‍රලියාව මේ මාවතේ බොහෝ දුර ගමන් කළ රාජ්‍යයන්ය. ඇමරිකානු රාජ්‍යය ඩොනල්ඞ් ට‍්‍රම්ප් විසින් අත්පත් කර ගනු ලැබීමෙන් මේ ප‍්‍රවාහය බටහිර තහවුරු වීම වේගවත් වී ඇත. මේ මාවතට ප‍්‍රංශය, ජර්මනිය, ජපානය ප‍්‍රවේශ වූ විට ලෝක යථාර්ථය වනු ඇත්තේ ජාතික ආරක්ෂණ ප‍්‍රතිපත්තියට අනුගතව හැසිරෙන විලාසය යි.

    ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් රුසියාව ඓතිහාසික මිතු දම අරුත් ගැන්වීමට රුසියන් ජනාධිපතිවරයාගේ මෙන්ම ශ‍්‍රී ලංකා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ හමුවීම දේශපාලනිකව කියවා ගත යුතුය. ශ‍්‍රී ලංකා රාජ්‍යයේ ස්ථාවරත්වයත්, ජාතික ආරක්ෂාවත් වෙනුවෙන් රුසියන් ජනාධිපතිතුමන්ගේ මැදිහත්වීමේ අභිලාෂය තහවුරු කිරීමක් ලෙස ද කස්තාන තිළිණය අරුත් ගැන්වෙන බව කල්පනා කිරීම වටී.

    තම රාජ්‍යයට පැමිණෙන විදේශීය රාජ්‍ය නායකයන් වෙත තිළිණ දීම එ් එ් රාජ්‍ය තාන්ති‍්‍රකයන්ගේ සම්ප‍්‍රදායකි. එකී තිළිණ තම රටේ ඓතිහාසික සංස්කෘතික හා පාරිසරික උරුමයන්ට අදාළව සංකේතවත් කරන දෑය. එහෙත් රුසියන් ජනාධිපතිතුමන් ශ‍්‍රී ලංකා ජනාධිපතිතුමන් වෙත කළ තිළිණය ශ‍්‍රී ලාංකික අනන්‍යතාව මතු කරන ඓතිහාසික සංකේතයකි. මෙය රුසියාව සංස්කෘතික වස්තුවක් ලෙස රැුක ගත්තකි.

    රුසියන් ජනාධිපතිතුමන් මේ පෞරාණික වස්තුව යළි ශ‍්‍රී ලංකාවට ලබාදීමේ සංඥාව මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමන්ගේ රාජ්‍යත්වය තමන් පිළිගන්නා බව ධ්වනිතවත් කිරීමක් ශ‍්‍රී ලංකාවේ ස්වෛරීභාවය, ආර්ථික සමෘද්ධිය, ජාතික ආගමික සංහිඳියාව වෙනුවෙන් අනුදත් මග අනුමත කිරීමක් ලෙස සැලකිය හැකිය. එමෙන්ම මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමන්ගේ සරල නිරහංකාර ජීවන විලාසයත්, ජාත්‍යන්තර සබැඳියාවත් අනුමත කිරීමක් ලෙස ද සැලකිය යුතුය. එමෙන්ම ලාංකික භූ දේශපාලනයෙහි මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමන්ගේ ස්ථාවරත්වය තහවුරු වී ඇති බව පිළිගැනීමකි.

    එමෙන්ම ශ‍්‍රී ලංකාවට එරෙහි වන ජාත්‍යන්තරයට බලගතු රාජ්‍යයක් ලෙස රුසියාව ශ‍්‍රී ලංකාව වෙනුවෙන් නිර්භීතව සෘජුව මැදිහත් වන බවට කෙරෙන සංඥාව ද මේ කස්ථාන තිළිණය විසින් ධ්වනිත කෙරෙන බවද කිව යුතුය.