Blog

  • දීපව්‍යාප්ත ඩෙංගු මදුරු මර්දන සතියක් හෙට සිට – සියළු කටයුතු සුදානම්..

    දීපව්‍යාප්ත ඩෙංගු මදුරු මර්දන සතියක් හෙට සිට ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කරන අතර ඒ අනුව හෙට සිට අප්‍රේල් මස 04 වන දා දක්වා එම මදුරු මර්දන සතිය ක්‍රියාත්මක බව සදහන්. ජනාධිපති කාර්ය සාධක බලකාය සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්ගෙන් සැඳුම්ලත් කණ්ඩායම් 3000ක් පමණ ඩෙංගු මදුරු මර්දන සතියේ ක්‍රියාත්මක වැඩසටහන් සඳහා  සහභාගී වීමට නියමිතව තිබේ.
    කීට විද්‍ය සමීක්ෂණවලට අනුව ආයතන, පාසල්,ඉඳිකිරීම් පරිශ්‍ර හා ආගමික ස්ථාන ඩෙංගු මදුරුවන් බෝවන අවධානම් ස්ථාන බවට හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය. මෙම වර්ෂයේ ගතවූ කාලය තුළ ඩෙංගු රෝගීන් 24,562ක් වාර්තා වී ඇති අතර ඉන් පුද්ගලයින් 40 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
    කොළඹ, ගම්පහ, කළුතර , මාතර, ගාල්ල, හම්බන්තොට, මඩකලපුව, ත්‍රීකුණාමලය, යාපනය, කල්මුණේ, රත්නපුර සහ කෑගල්ල යන දිස්ත්‍රීක්ක ඩෙංගු අවදානම් දිස්ත්‍රීක්ක බවට හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය   අමාත්‍යාංශය සඳහන් කළේය. 
  • සංදර්ශණ දමන අය වැඩක් කරලා නෑ – වැඩක් කරන අපිට සංදර්ශණ වැඩක් නෑ – සෝලංගආරච්චිගෙන් සැර කථාවක්..

    කොලොන්නාව කසල ගැටළුව හා සම්බන්ධ ගැටළු වලදි කොලොන්නාවේ උපන් කොලොන්නාවේ හැදුණු වැඩුණු තමන් ඉතා සංවේදිව ක්‍රියාකරන බවත් ජනාධිපතිතුමාගේ නායකත්වය යටතේ එම ගැටළුව විසදිම සදහා මේ වනවිටත් අවශ්‍ය පියවර ගෙන ඇති බව කොලොන්නාව නිදහස් පක්ෂ සංවිධායක ජනාධිපති විශේෂ ව්‍යාපෘති අධ්‍යක්ෂ ප්‍රසන්න සෝලංගආරච්චි පවසයි.. මාධ්‍ය සංදර්ශණ වල නිරත අයවලුන් මේ වනවිට මෙම ගැටළුව විසදිමට ගෙන ඇති පියවර මොනවාදැයි ඔහු විමසයි. තමන්ට සංදර්ශණ කිරිමේ කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවත් කොලොන්නාව ජනතාව වෙනුවෙන් කසල ගැටළුව විසදිමේ වගකිම තමා භාරගන්නා බවත් ඒ මහතා වැඩිදුරටත් සදහන් කර ඇත.

  • ෆේස්බුක් නිසා විදුහල්පති පහර දුන් ශිෂ්‍යා රෝහලේ..

    දිඹුලාගල  අධ්‍යාපන කලාපයට අයත් අරනගන්විල ප්‍රදේශයට අයත් පාසලක 9 ශ්‍රේණියේ ඉගෙනුම ලබන මෙම සිසුවා තමා මුහුනුපොතේ පළකරන ලද පොස්ට් එකක් සම්බන්දව එම විදුහලේ විදුහල්පතිතුමා මෙලෙස පහර දී ඇත. පහර දීමෙන් අනතුරුව මෙම සිසුවා නේවාසික ප්‍රතිකාර සඳහා  පොලොන්නරුව මුලික රෝහලට ඇතුලත් කිර ඇති අතර ඊයේ (27) දිනයේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කිරීමට නියමිත තිබු බව එම සිසුවාගේ පියා කේ.ආර්.සුගත් ප්‍රියන්ත මහතා පැවසිය.

    දිඹුලාගල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා එම.සංජිවනි මහත්මියගෙන් මේ පිළිබඳව විමසා සිටි අවස්ථාවේ ඇය කියා සිටියේ එවැනි පහරදීමක් සම්බන්දව තමන් නොදන්නා බවයි. අදාල විදුහල්පතිවරයාගෙන් මේ පිළිබඳව විමසන බවද ඇය කියා සිටියාය.

  • මෙවර ශ්‍රීල.නි.ප මැයි දින රැළිය ගැටඹේදී – කමිටුව අද රැස්වෙයි..

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි දින කමිටුව අද(28) පක්ෂ මූලස්ථානයේ දී  රැස්වීමට නියමිතව තිබෙන බව බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය  ඉසුර  දේවප්‍රිය මහතා සඳහන් කළේය.
    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෙවර මැයි දින රැළිය මහනුවර ගැටඹේ ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට කටයුතු යොදා තිබෙන බව සදහන්.
  • ඖෂධ සංස්ථාවේ වරදින් රජයේ කෝටි 11 ක බේත් වතුරේ යන ලකුණු…

    රාජ්‍ය ඖෂධ සංස්ථාවට අයත් ගබඩාවල රුපියල් කෝටි 11 ක පමණ වටිනාකමකින් යුත් ඖෂධ තොගයක් කල් ඉකුත්වෙමින් තිබෙන බව සෞඛ්‍ය අංශ ආරංචි මාර්ග සඳහන් කරයි. රාජ්‍ය ඖෂධ සංස්ථාවට (එස්.පී.සී.) අයත් ගබඩා කිහිපයක ගබඩා කර තිබෙන විවිධ වර්ගවලට අයත් එම ඖෂධ තොගය කල් ඉකුත්වෙමින් තිබෙන බවට දැනටමත් ගණන් බලා තිබෙන බව ද සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

    ඖෂධ වර්ග 53ක් මාර්තු මාසය, අපේ‍්‍රල් මාසය, මැයි මාසය, ජුනි මාසය, ජුලි මාස සහ සැප්තැම්බර් මාසය යන කාලවලදී කල් ඉකුත්වීමට නියමිත බවට ගණන් බලා ඇතැයි ද රාජ්‍ය ඖෂධ සංස්ථාවේ නිසි කළමනාකරණයක් නොමැතිකම හේතුවෙන් මෙලෙස කෝටි ගණන් වටිනා ඖෂධ නිකරුණේ විනාශ වෙන බවද පැවසේ.

  • ආණ්‌ඩුවට එරෙහිව අලුත් බෞද්ධ සංවිධානයක්‌! කවුරුන් වෙනුවෙන්ද..?

    පසුගිය කාලය පුරාවට දේශපාලන අවශ්‍යතා සඳහා විවිධ ජාතික සහ ආගමික සංවිධාන බිහි විය. ඒ අතර බොදු බල සේනා, සිංහලේ, සිංහල රාවය වැනි සංවිධාන ප්‍රධාන විය. එහෙත් හතු පිපෙන්නාක් මෙන් පැමිණි එම සියලු සංවිධානය කාලයත් සමඟ වියැකී ගියේය. මේ අළුත්ම ප්‍රවෘත්තියෙන් වාර්තාවන්නේ එසේ කාලයත් සමඟ සමතලා වූ එම සංවිධානය සියල්ල යළි එක් සංවිධානයක් ලෙස කරළියට පැමිණෙන බවයි.

    ජාතික බලවේග නියෝජනය කරමින් වෙන් වෙන්ව කටයුතු කරන සියලු බෞද්ධ ආගමික සංවිධාන එක්‌කර වත්මන් ආණ්‌ඩුවට එරෙහි එක්‌ ප්‍රබල බෞද්ධ සංවිධානයක්‌ ස්‌ථාපිත කිරීමට තීරණය කළ බව පැවිදි හඬ සංවිධානයේ සභාපති මුරුත්තෙට්‌ටුවේ ආනන්ද හිමියෝ ඊයේ නාරාහේන්පිට අභයාරාමයේ පැවැති මාධ්‍ය හමුවකදී (27 වැනිදා) පැවසූහ.

    මෙය බෞද්ධ සංවිධාන දහයක්‌ පහළොවක්‌ අතර සංවිධාන රැසක එකමුතුවක්‌ බවත් එය උත්සව සමයෙන් පසු එළිදක්‌වන බවත් පැවසූ උන්වහන්සේ මහානායක හිමිවරුන්ගේ ආශිර්වාදය ඇතිව මෙහි කටයුතු සිදුකරන බවත් භික්‍ෂුන් වහන්සේලා පන්දහසක්‌ පමණ එක්‌ ස්‌ථානයකට වැඩම කර තීන්දු රැසක්‌ ගන්නා බවත් කියා සිටියහ.

    වත්මන් රජයේ රටේ සම්පත් පුද්ගලික අංශයට ලබාදීම, බුද්ධි අංශ දඩයම් කිරීම, රටට එරෙහි ව්‍යවස්‌ථාව ආදියට එරෙහිව එක්‌ බලයක්‌ ගොඩනගන බවත් උන්වහන්සේ කීහ.

    මේ රටේ බෞද්ධ අබෞද්ධ සියලු දෙනා වෙනුවෙන් අපට ඇසීමට ඇත්තේ, අවසර..! ඇත්තටම මේ අලුත් Project එක කවුරුන් වෙනුවෙන් ද? ලොකු ගාණකින් ගොඩ යන එකක්ද..? කියාය.

  • වරදට අසුවු සිසුහු දෙදෙනෙක් වාර විභාගයට පොලිසියේදී උත්තර දෙයි

    සොරකමක් සම්බන්ධයෙන් හා මත්දුම්කොල විශේෂයක් භාවිත කර සිටියදී පොලිස් භාරයට ගත් බව කියන පාසැල් සිසුන් දෙදෙනෙකුට ගල්කිරියාගම පොලිස් ස්ථානයේ සකස් කරන ලද විභාග ශාලාවක් තුළ දී පාසැල් වාර විභාගයට පෙනී සිටීමට අවස්ථාව ලබා දුන් බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

    සිසුන් දෙදෙනාගේ විභාග කටයුතු අධීක්ෂණය සදහා නියෝජ්‍ය විදුහල්පතිවරයකු ද යෙදවීමට පොලිසිය පියවර ගෙන තිබේ.

  • ඇමති මහින්ද බලය අතහරියි – වගකීම් රැසක් රාජ්‍ය ඇමතිට පවරයි

    ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා විෂය සහ කාර්යය රැසක වගකීම විශේෂ ගැසට් පත්‍රයකින් ධීවර රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතාට පවරා ඇති බව අපට වාර්තා වේ. පසුගිය මාර්තු 02 වැනිදා ගැසට් පත්‍රය මගින් පෙබරවාරි මස 22 වැනි දින සිට  ක්‍රියාත්මක වන පරිදි එම වගකීම් පවරා ඇතැයි එම අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින්  සඳහන් කළේය.  

    මේ අතර මීළඟ අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී පරිසර අමාත්‍යාංශය යටතේ පවතින වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවත් නිපුණතා හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශය යටතේ පවතින ජාතික ධීවර සහ නාවික ඉංජිනේරු ආයතනයත් (සාගර විශ්ව විද්‍යාලය) ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය යටතට පැවරෙනු ඇතැයි ද පසුගිය සතියේදී වාර්තා විය.

  • සොරකමක් නිසාවෙන් කරලියට පැමිණි කදුළු කතාවක සුලමුල මෙන්න…

    මඩකළපුව නගරයේ පිහිටි සවර්ණාභරණ වෙළඳසැලකට කාන්තාවක් පැමිණ තිබුණේ අවුරුදු 1 1/2ක පමණ වයසේ පසුවන දැරියක්ද වඩාගෙන වන අතර අවුරුදු 17ක තරුණියක්, අවුරුදු 06ක දැරියක හා අවුරුදු 65ක තරම් වයසේ පසුවන පිරිමි අයෙකුද කාන්තාව සමඟ පැමිණ තිබුණි.

    දරුවෝ දෙන්නාට මාල දෙකක් ගන්නයි ආවේ. කාන්තාව රත්රන් බඩු කඬේ සේවකයා සමඟ කීවාය. ඇය සේවකයා සමඟ කතා බහට ගියේ වඩාගෙන සිටි අත දරුවා දියණියගේ අතට පත් කිරීමෙන් පසුවය.

    නෝනාට මොනවගේ මාල දෙකක්ද ඕනෑ ඕනෑම පැටන් එකක් අපි ළඟ තියනවා. දෙකක්ම ගන්න හින්දා ගාණ අඩුකරලා දෙන්නම්. සේවකයා කාන්තාව සමඟ කියා වීදුරු කබඞ් එකක දමා තිබූ රන්මාල පෙන්වන්නට පටන් ගෙන ඇත.

    ටික වෙලාවක් රන්මාල පරීක්ෂා කර බලමින් සේවකයා සමඟ ගණන් හිලව් කතා කරමින් සිටි කාන්තාව සල්ලිවල පොඩි මදි පාඩුවක් තියනවා. අපි ආයෙත් වෙන දවසක එන්නම් කියා කාන්තාව හා ඇයත් සමඟ පැමිණි අය රන්බඩු සාප්පුවෙන් පිටව ගොස් ඇත.

    වීදුරු කඩබ් එකක බහා තිබූ රන් බිස්කට එකක් නොමැති බව සේවකයා දැන ඇත්තේ හවස් කාලයේ රන් බඩු සාප්පුව වැසීමට පෙර කබඞ්වල ඇති රන් භාණ්ඩ සේප්පුවල දැමීමට ගිය අවස්ථාවේදීය. නැතිව තිබූ රන් බිස්කට් එකේ වටිනාකම රුපියල් 4,16,250කි.

    නැතිව තිබුණේ රන් බඩු සෑදීමට ගත් රන් බිස්කට්වලින් එකකි. රන් බඩු සාප්පුවේ සවිකර තිබූ සී.සී.ටී.වී. කැමරාව පරීක්ෂා කර බැලීමේදී සොරකම සිදුවූ ආකාරය ගැන සාක්කි ඕනෑතරම් තිබු නිසා මේ සොරකම ගැන මඩකළපුව පොලිසියට ගොස් පැමිණිලි කර ඇත.

    රන් බිස්කට් එක සොරාගෙන තිබුණේ පෙරකී කාන්තාව සමඟ පැමිණි 17 හැවිරිදි තරුණිය විසින් බව පෙනී ගොස් තිබේ. පොලිසියද පැමිණ සී.සී.ටී.වී. කැමරාවේ පටගතවී තිබූ දර්ශන පරීක්ෂාකර බලා අවශ්‍ය රූපරාමු ලබාගත්තේ ඉදිරි පරීක්ෂණ සඳහාය.

    මඩකළපුව කොට්ඨාසය භාර පොලිස් අධිකාරී කේ.පී. කීර්තිරත්න මහතාගේ උපදෙස් මත මෙම රන් බඩු සොරකම් සම්බන්ධව වැඩිදුර පරීක්ෂණ ආරම්භ කෙරුණේ මඩකළපුව කොට්ඨාස නොවිසිඳුණු අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක අමිල වීරසේකර මහතා ප්‍රධාන එම ඒකකයේ පොලිස් කණ්ඩායමක් විසිනි.

    පොලිස් අධිකාරී කීර්තිරත්න මහතාට ලැබුණු හෝඩුවාවක් ඔස්සේ කරන ලද සොයා බැලීම්වලදී රන් බඩු සොරකම්වලට පැමිණි කාන්තාවගේ පුතුන් දෙදෙනෙක් පොළොන්නරුව ප්‍රදේශයේ ගමක ජීවත්වෙන බව පොලිසියට දැනගැනීමට ලැබී ඇත. පොළොන්නරුව ප්‍රදේශය බලාගිය පොලිස් කණ්ඩායම කාන්තාවගේ පුත්තු දෙදෙනාගෙන් මව ගැන විස්තර විමසූ අවස්ථාවේ අම්මා නංගිලාත් එක්ක මඩකළපුවට ගොස් පැමිණි බව පවසා තිබේ.

    18-Page-4-S2-03

    මඩකළපුවට ගොස් පොළොන්නරුවටද පැමිණ නැවත වත්තල එඬ්රමුල්ල ප්‍රදේශයේ ඔවුන් නවාතැන් ගෙන සිටින කාමරයට ගිය බවද පුත්තු දෙන්නා පොලිස් නිලධාරීන් සමග පවසා ඇත. පුත්තු දෙන්නාගෙන් මව පදිංචිව ඉන්නා ඉසව්ව හරියටම දැනගත් පොලිස් කණ්ඩායම ඒ නිවස සොයා ගොස් ඇය මුලින්ම අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කර ඊට පසුව ඇයගේ 17 හැවිරිදි දියණිය හා අවුරුදු 65ක් පමණ වයසේ පසුවන පුද්ගලයාද අත්අඩංගුවට ගනු ලැබූහ.

    ඔවුන් තිදෙනා පදිංචිව සිටි නිවසේ සඟවා තබා තිබියදී සොයා ගැනීමටද පොලිස් කණ්ඩායමට හැකිවිණි. අත්අඩංගුවට පත් කාන්තාව අවුරුදු 45ක පමණ වයසේ පසුවන දරුවන් 11 දෙනෙකු සිටින මවක් වන අතර 65 හැවිරිදි පුද්ගලයා ඇයගේ අනියම් සැමියා බව පොලිසියට දැන ගැනීමට ලැබී ඇත. මේ පුද්ගලයා කතරගම ප්‍රදේශයේ පදිංචි අයෙකි.

    සැකකාර කාන්තාව මීට පෙරද මෙවැනි සොරකම් සම්බන්ධයෙන් පොලිසියට කොටුවී වසර 1 1/2ක පමණ කාලයක් සිට දඬුවම් ලබා පැමිණි තැනැත්තියක් බව පොලිසිය කියයි.

    මම සාමාන්‍ය පෙළ විභාගයටත් ලියලා මේ ළඟදී තමා ඉස්කෝලේ ගමන නැවැත්තුවේ. අම්මා තමා මට මේ විදිහට සොරකම් කරන්න පුරුදු කළේ. මුලින් හිතට බයක් ඇතිවුණත් ටික කාලයක් යනකොට ඒ බය නැතිව ගියා. මම සොරකම් කරන්න කැමති වුණේ නැහැ. අම්මාගේ බලකිරීමට තමා මේවා කළේ යැයි පොලිසියට කොටුවූ තරුණිය පවසා ඇත්තේ ඉකිගසා හඬමිනි.

    පාසලේ ඉගෙන ගන්නා කාලයේ එම පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායිකාව තමා බවද ඇය පොලිස් නිලධාරීන් සමඟ පවසා ඇත්තේද අම්මා මගේ මුළු ජීවිතයම කාලකන්නි කළා යැයි කියාය.

    මහත්තයෝ මම විවාහ වුණේ අවුරුදු 15ක තරම් වයසේ ඉද්දී කඳුරුවෙල පැත්තේ තරුණයෙක් එක්ක. එයා මාව දාලා ගියා. ඊට පස්සේ කොස්ගම ප්‍රදේශයේ කෙනෙක් එක්ක විවාහ වුණා. ඒ මිනිහත් මට හරියට කරදර හිරිහැර කළා. ජීවත් වෙන්න නොවිඳිනා දුක් වින්දා. ඒ වෙනකොට මට පිරිමි දරුවෝ හත් දෙනෙක් හා දියණියන් හත් දෙනෙක් හිටියා. මේ වෙනකොට පුත්තු තුන්දෙනෙක් විවාහ වෙලා. මේ දුව (සැකකාර 17 හැවිරිදි තරුණිය) විතරයි විවාහ වෙලා නැත්තේ. රත්රන් බඩු හොරකමේ යද්දී වඩාගෙන ගිය අත දරුවා මගේ එක් දියණියගේ දරුවෙක්. පිරිමි පුද්ගලයා මගේ දැන් ඉන්න අනියම් සැමියා. ඔහුවත් මම මේ හොරකම්වලට යද්දී එක්කගෙන යනවා. අපේ සහයට තමා ඔහුව එක්කරගෙන යන්නේ යැයි සැකකාර කාන්තාව පොලිස් නිලධාරීන් හමුවේ පවසා ඇත.

    මේ විදිහට සොරකමේ යන්නේ ඇයිද කියා පොලිස් නිලධාරීන් විමසූ අවස්ථාවේ ඇය පවසා ඇත්තේ මෙවැනි කතාවකි.

    මම දරුවන්ට හරිම ආදරෙයි. දරුවෝ ජීවත් කරන්න තමා හොරකමේ ගියේ. දරුවෝ ලොකු මහත් කළේ රත්රන් බඩු උස්සලා. මට වෙන කරන්න දෙයක් ඉතිරි වෙලා තිබුණේ නැහැ. දරුවන්ට පාන් කෑල්ලක් කන්න දීලා තේ කහට කෝප්පයක් බොන්න දීලා මම ඇල්වතුර වීදුරුවක් බීලා කුසගින්න නිවාගත්තු දවස් ඕනෑ තරම් තිබුණා. මම මේ දරුවාට කළේ ලොකු වරදක් බව නොදන්නවා නොවේ. ගෙවල් කුලී ගෙවන්නත් සල්ලි ඕනෑ. විවාහ වෙලා වෙනම පදිංචි වෙලා ඉන්න දරුවන්ට අදටත් මම සලකනවා.

    රත්රන් බඩු සොරකම් කරලා හම්බකරගත්තු සල්ලිවලින් මම පොඩි ගෙයක් කොස්ගම ප්‍රදේශයේ හැදුවා. ගේ හදපු ඉඩම මගේ දෙවැනි මිනිහාට අයිති එකක්. ඒ මිනිහා මාව ගහලා එලවා ගත්තාට පස්සේ ඉන්න හිටින්න තැනක් නැතිව ගියා. ඊට පස්සේ තමා මම මේ ගෙදර කුලියට අරගෙන පදිංචියට ආවේ යැයි සැකකාර කාන්තාව පවසා ඇත්තේ පොලිස් නිලධාරීන්ගේ ප්‍රශ්න කිරීම්වල දීය. සැකකාර කාන්තාව, ඇයගේ අනියම් සැමියා බව කියන පුද්ගලයා සහ ඇයගේ 17 හැවිරිදි දියණිය ද මඩකළපුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු තිදෙනාම රිමාන්ඞ් බාරයට පත් කරනු ලැබ සිටිති.

  • මැතිවරණ කල් දැමීමට මම සූදානම් නෑ – ජනපති මෛත්‍රි අවධාරණය කරයි

    ජනාධිපති නිල නිවසේදී ඊයේ(27) රාත්‍රී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන පළාත් ප්‍රධාන අමාත්‍යවරුන් සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙන අතර එහිදි  වර්තමාන දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා වී තිබේ.
     
    ඉදිරියේ දී පැවැත්වීමට නියමිත පළාත් පාලන සහ පළාත් සභා මැතිවරණ පිළිබඳව ද මෙම සාකච්ඡාවේ දී අවධානය යොමු ව ඇති අතර  ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙස කිසිවිටකත් මැතිවරණ කල් දැමීමට සූදානම් නොමැති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එම සාකච්ඡාවේ ප්‍රකාශ කර තිබේ.
  • සාමාන්‍යපෙළ විශිෂ්ඨයන් මෙන්න…

    2016 සාමාන්‍යපෙළ විභාග ප්‍රථිපල මේ වන විට පිටවී අවසන්. එම ප්‍රථිපල අනුව  දිවයිනේ විශිෂ්ඨතම දරුවන් කවුරුන්ද යන වග මේ වන විටත් හදුනාගෙන ඇත.

    විශිෂ්ට ප්‍රතිඵල ලබාගනිමින් දිවයිනේ ප්‍රථම ස්ථානයට පත්ව ඇත්තේ කොළඹ විශාඛා මහා විද්‍යාලයේ අනුකි චමත්කා පැස්කුවල් ශිෂ්‍යාවයි. දෙවන ස්ථානය හිමිකරගෙන ඇත්තේ  මහනුවර මහමායා බාලිකා විද්‍යාලයේ එස්.එම් මුණසිංහ ශිෂ්‍යාවයි. 

    තෙවන ස්ථානය සඳහා දරුවන් දෙදෙනෙක් ද පස්වන ස්ථානය සඳහාය දරුවන් තුන් දෙනෙක්ද හය වන ස්ථානය සඳහා දරුවන් දෙදෙනෙක්ද තේරී පත්ව ඇත. 

    1 .Anuki Chamathka Pasqual(Vishaka colombo.)
    2 .S M Munasinghe( Mahamaya Kandy)
    3 .R M Sugath Ravindu(Ananda Colombo)
    3. Dimuth Oshadi Mirissage ( Rahula Matara)
    4. Pabasara Herath ( Ratnawalee BMV Gampaha )
    5 .Ranumi Nanayakkara (Devi Balika Colombo )
    5 .Damsara Medavi (Sangamitta BMV Galle)
    5.A Abinanthan (Hindu College Jaffna)
    6. K G G E Randini de Silva ( Southland Galle)
    6.E A Yasara Umashi ( Sujatha Vidyalaya Matara) …..(I.S.A)

  • දික්වැල්ල නොමැතිව තිරණාත්මක තරගයකට අද සිංහයන් තරගබිමට…

    සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ‍්‍රි ලංකාව සමග පැවැත්වෙන එක් දින ක‍්‍රිකට් තරගාවලියේ දෙවන තරගය අද (28) පැවැත්වෙන අතර තරග තුනකින් යුත් මෙම තරගාවලියේ පළමු තරගය ජය ගත්තේ බංග්ලාදේශයයි. 

    ඒ අනුව තරගාවලියේ ජයග‍්‍රහණය පිළිබඳ  තවදුරටත් බලාපොරොත්තු තබා ගැනිමට නම් ශ‍්‍රී ලංකාව අද පැවැත්වෙන තරගය ජයගත යුතු වන අතර රන්ගිරි දඹුල්ල අන්තර්ජාතික ක‍්‍රිකට් ක‍්‍රිඩාංගණයේදී දහවල් දෙකයි තිහට මෙම තරගය අරම්භ කිරිමට නියමිතයි. 

    මේ අතර, මෙම තරගයට  දිල්රුවන් පෙරේරා ශ‍්‍රී ලංකා සංචිතයට කැඳවා තිබෙන්නේ ඒ, පුහුණු වීම් අතරතුර ඇඟිල්ලේ ආබාධයකට ලක් වූ ආරම්භක පිතිකරු නිරෝෂන් දික්වැල්ල වෙනුවටයි. 

    මීට අමතරව නුවන් කුලසේකර සහ නුවන් ප‍්‍රදීප් ද ශ‍්‍රී ලංකා එක්දින සංචිතයට කැඳවා තිබෙනවා

  • දේවි ආධිපත්‍යය බිදදමමින් මෙවර සා/පෙළ ප්‍රථමයා විශාඛාවෙන්…..

    අධ්‍යයන පොදු සහතික පත‍්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ 2016 හොඳම ප‍්‍රතිඵල ලාභින්ගේ නාම ලේඛනය විභාග දෙපාර්තමේන්තුව මීට නොබෝ වේලාවකට පෙර නිකුත් කළ අතර ඊට අනුව හොඳම ප‍්‍රතිඵලලාභීන් දස දෙනාගෙන් හත් දෙනෙකුම කාන්තා පාසල්වල ඉගෙනුම ලබන්නන්. මෙම ප‍්‍රතිඵල ලාභින් දස දෙනාම නගරයේ පාසල්වල ඉගෙනුම ලබන්නන් වීම ද විශේෂත්වයත් වනවා.

    පළමු ස්ථානය ලබා ගෙන ඇත්තේ කොළඹ විශාඛා  බාලිකා විද්‍යාලයේ අනුකි චමත්කා  පැසකුවෙල්. 

    මහනුවර මහාමායා බාලිකා විද්‍යාලයේ එස්. එම්. මුණසිංහ දෙවන ස්ථානය ලබා ගෙන තිබෙනවා. 

    තුන්වන ස්ථාන ලබා ගෙන ඇත්තේ කොළඹ ආනන්ද විද්‍යාලයේ ආර් එම් සුගත් රවිඳු  සහ මාතර රාහුල විද්‍යාලයේ දිමුත්  ඕෂධි මිරිස්සගේ. 

    හතරවන ස්ථානය ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ එච් බී පබසරා මලිති කුමාරි හිමිකර ගෙන තිබෙනවා.

     කොළඹ දේවි බාලිකා විද්‍යාලයේ ඩි. එම්. රනුමි දිසරණි නානායක්කාර, ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ ඒ. දම්සරා මේධාවි සහ යාපනය හින්දු විද්‍යාලයේ ඒ. අභිනන්දන් පස්වන ස්ථාන ලබා ගෙන තිබෙනවා. 

    හය වන ස්ථාන ලබා ගෙන ඇත්තේ ගාල්ල  සවුත්ලන්ඞ් විද්‍යාලයේ රන්දිණි  ද සිල්වා සහ මාතර සුජාතා විද්‍යාලයේ ඊ ඒ යසාරා උමාෂියි.

  • අනුර කුමාර හොට බිම ඇනගත් කථාවක්! (Video)

    ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මලිත් ජයතිලක මහතා නොමැති අවස්ථාවක ඒ මහතාට දරුණු කුමන්ත්‍රණ චෝදනාවක් එල්ල කරන ලදී. එහිදී ඔහු සුපුරුදු දැඩි විලාශයෙන් යුතුව ගෙන හැර දැක්වීමට උත්සහ කරන ලද්දේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සමීප මන්ත්‍රීවරයෙකු වන මලිත් ජයතිලක මහතා තම බලය යොදාගනිමින් අපරාධ කරුවකු බේරාගැනීමට උත්සහගන්නා බවත්, සිදුකෙරෙමින් පවතින පරීක්ෂණ වෙනතකට යොමුකිරීමට බලපෑම් කරන බවත්ය.

    එහෙත් සිදුව ඇත්තේ අපුරු සිදුවීමකි. එනම් අරලිය ගහ මන්දිරයේ ශානි පුමුඛ කල්ලියක උවමනාව මත ගිලින ලද ඇමයක ප්‍රතිථලයක් ලෙස ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහා කුමන්ත්‍රණයක් විලාසයෙන් ලෙස එලිදක්වන ලද කථා වස්තුව පැය 24ක් ගතවීමටත් මත්තෙන් පාළු ගෙයි වළං බින්ද ගොනා සේ ශ්‍රීලනිප මන්ත්‍රී මලිත් ජයතිලකගේ පිළිතුරු කථාවත් සමඟ නිහඬව නෑ සුනා සේ සිටීමටයි.

    පොට පටලවා ගත් අනුර කියූ අන්දරය

    පසුගිය රාජපක්ෂ පාලන සමයේ නාවික හමුදාපතිවරයා වූ වසන්ත කරන්නාගොඩගේ පුද්ගලික ආරක්ෂකයෙකු වූ සම්පත් මුණසිංහ හෙවත් නේවි සම්පත් විසින් කප්පම් ගැනීම සඳහා පැහැරගෙන ගොස් ඝාතනය කළ තරුණයින් පස්දෙනාගේ පරීක්ෂණ යටපත් කිරීම සඳහා ශ්‍රීලනිප මන්ත්‍රී මලිත් ජයතිලක විසින් පොලිස්පතිවරයාටත් එම පරීක්ෂණ භාරව කටයුතු කරන නිලධාරීයාටත් බලපෑම් කළ බවයි.

    පැය 24ක් යෑමටත් මත්තෙන් අනුරගේ අන්දරය අතේ රෝලක් වුණු හැටි

    තමා පාර්ලිමේන්තුවේ නොමැති අවස්ථාවකදී ආචාරධර්ම පයියකටත් මායිම් නොකරමින් අනුර කුමාර දිසානායක සිදුකළ කථාවට ඊට පසුදාම පිළිතුරු දීමට ශ්‍රීලනිප මන්ත්‍රී මලිත් ජයතිලක පැමිණියේය.

    ඔහු ජවිපෙ නායක අනුර කුමාර පොට පටලවමින් ගැසූ අන්දරයේ නියම කථා වස්තුව නම් ගම් සහිතව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී. එහිදී පා.ම. මලිත් ජයතිලක විසින් එවක නාවික හමුදාපතිගේ පුද්ගලික ආරක්ෂකයා වූ නේවි සම්පත්ගේ මෙහෙයවීමෙන් කප්පම් ගැනීම සඳහා ඝාතනය කරන ලද තරුණයින්ගේ පරීක්ෂණවලින් කුප්‍රකට මිනීමරුවකු වන නේවි සම්පත්ව මුදාගැනීම සඳහා ඔහුට එල්ල වී ඇති එම ඝාතන චෝදනා නාවික බුද්ධි අංශ නිලධාරීයෙකු වන ලුතිනන් කමාන්ඩර් ධම්මික අනිල් මාපාගේ පිට පැටවීමට යන සැලැස්ම පිටුපස වූ බිහිසුණු කුමන්ත්‍රණය පිළිබඳව සාක්ෂි සහිතව පාර්ලිමේන්තුව හමුවේ කරුණු ඉදිරිපත් කරන ලදී. (වීඩියෝ පටය බලන්න )

    ඒත් සමඟම අතේ පත්තු වුණු අනුරගේ අන්දරය හමුවේ අනුර කුමාර ‘හ්ම්..’ ශබ්දයක් පිට කිරීමට ගියේ නැත. ඔහුට ඉතිරි වූයේ පා.ම. මලිත් ජයතිලකගේ හැන්සාඩ් එක දෙස බලා කෙකර ගෑමටය.

    ජනපති මෛත්‍රීට එරෙහි අරලියමන්දිරයේ කුමන්ත්‍රණය

    මේ වන විට එජාපයට අරක්ගත් අරලිය ගහ මන්දිරයේ කල්ලියට ඇති ප්‍රධානම හිසරදය සහ බාධාව ජනපති මෛත්‍රීට අතිශයින් හිතවත්, ඔහුට අවංකවම ආදරය කරන පිරිස්ය. ඒ ඔහුන්ට අවශ්‍ය පරිදි කුප්‍රකට කොල්ලකෑම්(මහ බැංකු බැඳුම්කරය වැනි), ජාතික සම්පත් කුණුකොල්ලයට හොරෙන් විකුණාගැනීම් (හම්බන්තොට වරාය වැනි )දේ සඳහා මෙම පිරිස් නිසාවෙන් ඉල්ලවන පීඩනයත්, දේශපාලන බුද්ධි අංශයක් ලෙස ක්‍රියාත්මක වෙමින් සියලු දේ ජනාධිපතිවරයාට වාර්තා කිරීමත් නිසාවෙනි. මේ නිසාවෙන්ම අරලිය ගහ මන්දිරයේ කල්ලියේ ප්‍රධානම කර්තෘවය වී ඇත්තේ ජනාධිපතිවරයා වටා සිටින මෙම ප්‍රධාන කණ්ඩායමේ චරිත ඝාතනයත් ඔවුන්ට එහිදී කුමන්ත්‍රණ නිර්මාණය කොට ඒවා විවිධ පැතිකඩ ඔස්සේ විකාශනය කිරීමත්ය.

    එහෙත් සැබැවින්ම බොහෝ දෙනෙකුට එකවර විශ්වාස කළ නොහැකි ඒත් අවාසනාවට ඇත්ත කථාව නම් මෙම කොන්ත්‍රාත්තුවට කරගසා සිටින්නේ ජ.වි.පෙ. නායක අනුර කුමාර දිසානායක වන බව ඔහු විසින්ම දිනෙන් දින ඔප්පු කරමින් සිටීමයි.

  • ඇමතිවරුන්ට ඇත්තේ රථ ගායක් නොවේ නම් මෙන්න විසඳුමක්!

    ඇමතිවරුන්ට ඇත්තේ රථ ගායක් නොවේ නම් මෙන්න විසඳුමක්!

    ඔබ දන්නවාද? ඕනෑම රළු පාරක, කන්දක, මඩ ගොහොරුවක හෝ කැලයක ඉතාමත් සැප පහසුව ගමන් කළ හැකි එන්ජිත් ධාරිතාව 3000ක් පමණ වන ඩීසල් පෙට්‍රල් ඛාණ්ඩ දෙක යටතේම නිෂ්පාදනය කර ඇති ටොයෝටා ෆෝර්චූනර් නම් (SUV) මෙම රථය ශ්‍රී ලංකාවේ මුදලින් බදු සහිතව රු. කෝටි 1යි ලක්ෂ 50ත් 90ත් (15000000-19000000) අතර මිලකට ලබාගත හැකි බව?

    නමුත් ලංකාවේ ඇමතිවරුන්ට අවශ්‍ය වී ඇත්තේ සැප පහසුව පමණක්ම නොවන අතර තම ඇමතීත්වය හා බලය පෙන්වීමය. ඒ සඳහා කෝටි එකහාමාරකින් සෑහීමකට පත්වීමට ඔවුන්ට හැකියාවක් නැත. එබැවින් ඔවුන් සොයන්නේ ටොයෝටා නම් එහි මිල අධිකම ජීප් රථය වන ලෑන්ඩ්කෲෂර් VX V8 රථයයි. BMW නම් කෝටි 2කට පමණ ගත හැකි 5 Series රථය ඔවුන්ට ප්‍රමාණවත් නැත. ඔවුන්ට අවශ්‍ය වන්නේ කෝටි 4ක් පමණ වන BMW 7 Series රථයයි. Audi නම් කෝටි 4ක් පමණ වන Audi A8 රථයයි.

    කෝටි 4ක් ඇමතිවරයෙකුට වෙන් කර ඇති බැවින් අපරාදේ නිසා ඔන්න ඔහේ V8 එකක් ගන්නවා යැයි ඇමතියෙකු කියන්නේ නම් ඔහු තක්කඩියෙකි. එම ගණන වෙන්කරවා ගන්නේ ඔවුන් විසින්මය. එයද වෙන්කරවා ගන්නේ රථය කුමක්ද යන්න හා මිල කලින්ම තීරණය කර ඒ රථයට අදාළ මුදලයි.

    උපුටා ගැනීම අරුනළු සදාහරිතගේ ෆේස්බුක් පිටුව ඇසුරෙන් 

  • අරක්කු බොන්න දුන්නේ නැති නිසා උපවාසයක…

    අද සමාජයේ එක එක අය තම තමන්ට වෙන අසාධාරණ හේතුකොටගෙන නොයෙක් නොයෙක් ආකාරයේ උද්ගෝෂණය කරනවා.. නමුත් එම උපවාසය කෙතරම් සාධාරණද කියලා මේ ලිපිය කියවන ඔයාලම තමයි තීරණය කරන්න වෙන්නේ.

    කුරුවිට, එනසල්දොල ගම්මානයේ පුද්ගලයකු ලයිට් කණුවක් මතට නැග අද උපවාසයක් පවත්වා ඇත. උපවාසය පවත්වා  ඇත්තේ බිරිඳ තමාට මත්පැන් පානය කිරිමට ඉඩ නොදෙන නිසා බව ඔහු පවසනවා.

    මේ  පිළිබඳව පොලිසිය දැනගැනීමෙන් පසුව ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරින් පිරිසක් එම ස්ථානයට ගොස් ඔහුට කරුණු පහදා දි ඇති අතර එම පුද්ගලයාගේ බිරිඳද එම ස්ථානයට පැමිණ “ඕනතරමක් බීපන්“ යයි පවසා ඇත.

    පසුව බිමට බැස්ස පුද්ගලයා යම් මානසික රෝගයකින් පෙලෙන බවට පෙනියාමත් නිසා ඔහු රෝහල් ගතකිරිමට කටයුතුකර තිබේ.