Blog

  • අනුන්ට ඊර්ෂ්‍යා කරන කාන්තාවන් හට වටිනා කියන උපදෙස් 8ක්

    කා අතරත් ප්‍රසිද්ධ කියමනක් තියෙනවා. ඒතමයි “ගෑනුන්ට වැඩි වෙලාවක් එකට ඉන්න බෑ” කියලා. ඉතිං ඇයි මෙහෙම වෙලා තියෙන්නේ. මෙම කරුණු 8 පිළිබඳව නිවැරදිව අවබෝධයක් ගෙන යම් කිසි තැනක ඔබේ ජිවිතයේ අඩුපාඩුවක් ඇත්නම් එය  නිවැරදි කර ගන්න.

    1) ගොඩක් බුද්ධිමත් අය අදහස් පිලිබඳ සාකච්චා කරති, සාමාන්‍ය තරමින් බුද්ධිමත් අය අවස්ථා පිලිබඳ සාකච්ඡා කරති, මෝඩ අය මිනිසුන් පිලිබඳ සාකච්ඡා කරති.

    2) අනෙක් අයව වට්ටන්න උත්සහ කරන එකෙන් ඔබ ලෝකයට පෙන්වන්නේ ඔබ ඔබේ සාර්ථකත්වය ගැන සිතනවාට වඩා අනෙක් අයට රිදවීමට උත්සහ ගන්න බවයි.

    3) තමන්ගේ වටිනාකම දන්නා ගැහැනියක් කිසිදා තමාව අනෙකකා හා සංසන්දනය නොකරයි. ඇය නිතර ශක්තිමත්ව ආත්ම විශ්වාසයෙන් යුතුව කටයුතු කරයි.

    4) තවත් කෙනෙක්ව පහත හෙලීමෙන් ඔබ කිසිදාක උසස් තත්ත්වයට යන්නේ නැත. හැමෝටම වැදගත් වන කෙනෙකු වීමට උත්සහ ගන්න.

    5) සැබවින්ම සමාජ පන්තිය තීරණය වන්නේ ඔබ අවස්ථාවට, වෙලාවට අනුව කථා කිරීමටත් නිසි තැනදී කතාව නතර කිරීමටත් දැනගනීමෙනුයි.

    6) ඔබ ඉතා ප්‍රියමනාප දක්ෂ කෙනෙක් වෙන්න පුළුවන්. ඒත් ඔබ නපුරු නම් කවුරුත් ඔබව මතක තබා ගන්න එකක් නැහැ.

    7) ඔබට හැකි හැමවිටම අන් අයට කාරුණික වෙන්න.

    8) අනෙක් කාන්තාවන් යනු ඔබගේ තරඟකරුවන් නොවේ. ඔවුන්ට විරිද්ධව නොව ඔවුන් සමගම නැගී සිටින්න.

  • බලා සිටියාක් මෙන් සමහරු සාස්තර කියන්නේ මෙහෙමයි…

    ගතවූ වසර විසිඅටක කාලය තුළ මම වරින්වර ‘බලා සිටියාක් මෙන් සත්‍ය පවසෙතැ’යි බොහෝ දෙනකු කී ශාස්ත්‍ර ‍පොළවල් සිය ගණනක් විමසුමට ලක්කොට ඇත්තෙමි. ඒ අනුව එම ශාස්ත්‍රකරුවන් තම ශාස්ත්‍ර මගින් එලෙස සත්‍ය ප්‍රකාශ කරන ආකාරය පිළිබඳව මනා වැටහීමක් ලබාගැනීමට මට හැකිව තිබේ. මෙම ලිපිය මගින් මා ඔබ වෙත ඉදිරිපත් කිරීමට අදහස් කරනුයේ ම’විසින් එසේ උකහාගන්නා ලද කරුණුවලින් සුළු ප්‍රමාණයකි.

    මෙම ශාස්ත්‍රවලට අමතරව නිමිති, පේන සහ අංජනම් ආදිය මගින් ද අප සිත් තුළ ඇති කරුණු සහ අපගේ අතීත, වර්තමාන සහ අනාගත තත්ත්වයන් සේම අප මුහුණ පා හිඳින යම් යම් ප්‍රශ්න, ගැටලු, අර්බුද සඳහා බලපාන ගුප්ත හේතූන්ද අනාවරණය කරගත හැකියැයි බොහෝ දෙනෙක් සිතති. නමුත් මෙම අනාවරණය හැකිතාක් කෙටි හා සරල කිරීම පිණිස මා දෙවනුව කී නිමිති, පේන සහ අංජනම් පසෙක තබා ශාස්ත්‍ර කීම් පමණක් මෙම ලිපියට ආදේශ කරගතිමි.

    අප ජන සංස්කෘතියට අනුව සැමවිටම මෙවැනි ශාස්ත්‍ර කියැවෙනුයේ මෙම විශ්වයේ ඇතැයි සිතන මිනිස් බුද්ධියට වඩා අතිශයින් ප්‍රබල බුද්ධි ප්‍රභාවක ආලෝකයෙනි. දේව වරමින් සහ දේවාරූඪයෙන් වංශයෙන් දෙයාකාරයකින් හඳුන්වනු ලබනුයේ ද එම විශ්වීය බුද්ධියයි. මේ අතර දේවවරම, දේවාරූඪය යන පැරණි හැඳින්වීම් වෙනුවට මෙම බලය ‘විශ්ව ශක්තිය’ ලෙසම හඳුන්වමින් මෙලෙස ශාස්ත්‍ර කියන්නෝ දැන් අප සමාජයේ සිටිති.


    කෙසේ හෝ මෙම ශාස්ත්‍ර කීම ක්‍රම දෙකකින් සිදුවේ. ඒ ප්‍රකෘති මනැසින් හා මවා ගන්නා ආරූඪයකිනි. මෙහිදී සැබැවින්ම සිදුවනුයේ ස්වාභාවික ආරූඪයකට (Possession) වඩා තමන් විසින් මවාගන්නා ලද සමාරෝපණ තත්ත්වයක් (Impersonation) බව   පසුගිය කාලය තුළ මට නොයෙක් වර නිරීක්ෂණය වී තිබේ.  

    අප කවුරුත් දන්නා පරිදි මෙම ශාස්ත්‍ර කීම සම්බන්ධ පාර්ශ්වයන් දෙකකි. එනම් ශාස්ත්‍රය කියන්නා සහ අසන්නා වශයෙනි. යම් ශාස්ත්‍රයක් මගින් සත්‍ය හා නිවැරදි කරුණු පැවැසීමට නම් මෙම දෙපාර්ශ්වයේ සමවායක් ඒකාබද්ධතාවක් තිබිය යුතුමය. එසේ නොමැති වුවහොත් ‘වැඩේ හබක්’ වෙයි.

    ‍පොදු පිළිගැනීම අනුව මෙලෙස ගුප්ත බලයෙන් ශාස්ත්‍ර කීම ප්‍රකෘතිය ඉක්මවන කටයුත්තකි. එනිසා ඒ සඳහා සතියේ දිනවල වැඩකරන වේලාවන් තුළ වැනි සම්මතයක් භාවිතා නොකිරීම මෙම ශාස්ත්‍රකරුවන් අනුගමනය කරන ‍පොදු පිළිවෙතකි. එහිදී ඇතැම් ශාස්ත්‍රකරුවන් ඒ සඳහා බදාදා, සෙනසුරාදා වැනි කෙම්මුර දිනයන් යොදාගන්නා අතර තවත් පිරිසක් සතියට දින දෙකක් පමණක් තම ජීවිකාව සඳහා යොදාගැනීමෙන් ලැබෙන ආදායම මඳවීම නිසා දෝ සතියේ තවත් දිනයක් හෝ දෙකක් ඊට ඈඳා ගනිති. නමුදු මෙම ශාස්ත්‍ර කීමේ සංස්කෘතිය මගින් ඉන් සාමාන්‍ය ජනතාවට සියුම් ලෙස ඒත්තු ගන්වන කරුණක් තිබේ. එනම් එම විශ්වීය ශක්තිය ස්වාභාවික ලෙස ජනනය වන අවස්ථාවලදී හැර හිතු හිතූ වේලාවන්හිදී අපට මෙම ශාස්ත්‍ර ඇසීම කළ නොහැකිය යන්නය. එමෙන්ම මෙම ශාස්ත්‍ර ඇසීම් සඳහා වැය කළ යුතු ගාස්තුවේ ද කිසියම් අසාමාන්‍ය බවක් ඇති බව ද දනියි. ශාස්ත්‍රයක් ඇසීමට රුපියල් දෙසීයක් වැයකළ යුතු බව නොදන්වා ඒ සඳහා රුපියල් දෙසීය දොළහක් වැය වන බව ඇඟවීම සාමාන්‍ය තත්ත්වයකි. එමගින් එහි ද කිසියම් අසාමාන්‍යතාවක් ඇති බවට ශාස්ත්‍ර අසන්නවුන් තුළ සියුම් මානසික ඇනවුමක් ඇතිකෙරේ. මෙයද එම ශාස්ත්‍රකරුවන්ගේ සාමූහික උපාය ඥානය මනාව පිළිබිඹු කරන්නකි.

    එමෙන්ම මෙම ශාස්ත්‍ර කියන ස්ථාන සම්බන්ධ පරිසරයන්හිදී තද රතු, තද නිල්, තද කහ වැනි තද පැහැති තිරපට විවිධ පැහැයන් ගෙන් යුතු මල් ආදී වර්ණ විෂමතා තුළින් ද ශාස්ත්‍ර අසන්නවුන්ගේ මනැස් තුළ තීව්‍ර මානසික ඇනවුම් පිබිදුවීම සිදුවෙයි. මීට අමතරව තම ආගමික සංස්කෘතික පදනම අනුව මනැසට තීව්‍ර බලපෑම් ඇතිකරන ධූපමය ආඝ්‍රාණයන් ද මෙම ස්ථානවල නොඅඩුවම භාවිත කෙරෙන බව ඔබද අත්දැක තිබෙන්නට පුළුවන. ඊට අමතරව මෙම ශාස්ත්‍රය කීමට පෙර අසන්නාට තබා කියන්නාට වත් එකම වදනක්වත් නොවැටහෙන දේව භාෂාව නම් වන අමුතුම ශබ්ද මාලාවක් මුවින් පිටකරන ශාස්ත්‍රකරුවෝ බොහෝ විට ඒ සමග තියුණු නාද නිකුත්වන සීනු සහ බෙර ද හඬවති. මෙම සියලු තත්ත්වයන් යටතේ ඒ වන විට ශාස්ත්‍ර පිළිබඳ විශ්වාසයකින් යුතු තැනැත්තාගේ මනැස හොඳහැටි ‘හිරිවැටී’ ඇතිබව රහසක් නොවේ.

    බොහෝ ශාස්ත්‍ර ‍පොළවල දේව වරමින් හෝ දේවාරූඪයෙන් ශාස්ත්‍ර කීම ඇරඹෙනුයේ ඉන්පසුවය.
    දැන් අපි මඳකට එවන් තැනකින් ශාස්ත්‍රයක් ඇසීමට යන තැනැත්තා පිළිබඳව විමසා බලමු. යමකු මෙවන් ගුප්ත ශාස්ත්‍රයක පිහිට පතනුයේ තම ජීවිතය සම්බන්ධ කුමක් හෝ නිරාකරණය කරගත නොහැකි ප්‍රශ්නයක්, ගැටලුවක්, අර්බුදයක් හමුවේ පමණි. එසේම ඒ තැනැත්තා ඒ ශාස්ත්‍රය ඇසීමට යනවිට ඒ ගැටලුව මනැසේ මස්තකප්‍රාප්ත කරගනියි. එමෙන්ම ඒ වනවිට තරමක හෝ මානසික ආතතියකට විඩාවකට පත්ව හිඳින එම තැනැත්තා තුළ ශාස්ත්‍රයේ පිහිටෙන්වත් තම ප්‍රශ්නයට, ගැටලුවට, අර්බුදයට කිනම් හෝ විසඳුමක්, පිහිටක්, හව්හරණක් ලැබේය යන විශ්වාසය තදින්ම තහවුරු වෙයි. ඒ අනුව මෙවන් ශාස්ත්‍ර කීම්වලදී පැවැසෙන තම ගැටලුවට අදාළ නොවන කරුණු නොසලකාහරිමින් හා මනැසින් බැහැර කරමින් ඉන් පැවැසෙන තම ගැටලුවට අදාළ කරුණු පමණක් දැඩිව මනැසින් ග්‍රහණය කරගැනීම අතිශය සාමාන්‍ය තත්ත්වයකි. සංජානන විනිතිය (Perseptual Set) නම් වන මනෝවිද්‍යාත්මක න්‍යාය ද මීට යම් තරමකින් සම්බන්ධය.

    මෙවන් ශාස්ත්‍ර කීම්වලදී බොහෝ දෙනකු නොතකාහරින තවත් වැදගත්ම දෙයක් තිබේ. එනම් ශාස්ත්‍ර වශයෙන් එලෙස පැවැසෙන කරුණු සෘජුවම එක එල්‍ලේම නොපවසා ඒවායේ සත්‍ය අසත්‍යතාව පිළිබඳව ශාස්ත්‍රකරු ශාස්ත්‍ර අසන්නාගෙන්ම විමසා සිටීමය. ‘හරි නම් හරි කියපන් දරුවා නැත්නම් නෑ කියපන්’ දේවරූඪයෙන් ශාස්ත්‍ර කියන බව පවසන මෑණිවරුන් ශාස්ත්‍රය වශයෙන් කරුණින් කරුණ පවසන අතරේ මගෙන් එසේ යළි විමසා ඇති අවස්ථා සිය ගණනකි. ඒ අනුව ශාස්ත්‍ර කීමක් ලෙස සමාජයේ බොහෝදෙනකු හඳුන්වන මෙම තත්ත්වය වඩාත් නිවැරදි ලෙස අර්ථකථනය කළ හැක්කේ ශාස්ත්‍ර කීමක් ලෙස නොවේ. ශාස්ත්‍රකරු විසින් ශාස්ත්‍රය අසන්නා ගෙන් කරනු ලබන ප්‍රතිවිමසීමක් ලෙසිනි.

    එමෙන්ම ඔවුන්ගේ මේ මෙම ප්‍රශ්න කිරීම්වල ද පහසුවෙන් හඳුනාගත හැකි ‘මාදිලියක්’ තිබේ. එනම් ඔවුන් අසන එක් ප්‍රශ්නයක් තුළ වර්තමාන සමාජයේ බොහෝ දෙනකුත් මුහුණ දෙන ‍පොදු ප්‍රශ්න කට්ටලයක්ම මනාසේ ගොනුවී තිබිමය.

    ප්‍රාණයක්, භූමියක්, සිත්වේදනාවක්, ලෙඩක් – දුකක් පෙන්නුම් කරනවා දරුවා. ඔව් නම් ඔව් කියාපන් නෑ නම් නෑ කියාපන් ශාස්ත්‍රකරුවෙකු හෝ කාරියක ශාස්ත්‍ර අසන්නකුගෙන් එසේ අසන විට ශාස්ත්‍ර අසන්නවුන්ගෙන් සියයට හැත්තෑ පහක්ම ‘ඔව්’ කීම අතිශය ස්වාභාවිකය. මන්දයත් එවැනි ප්‍රශ්න මෙම සමාජය පුරා කොතෙකුත් දක්නට ලැබෙන බැවිනි. ‘තවම ඔය ප්‍රශ්නෙ කෙළවරක් නෑ නේද දරුවා’ ශාස්ත්‍රකරු හෝ කාරිය ඉන්පසුව අසයි.

    ‘දැන් ඉතින්, මොකද කරන්න හිතාගෙන ඉන්නේ?’ ශාස්ත්‍ර ඇසීමට යන තැනැත්තා ‘නෑ’ කී සැණින් ශාස්ත්‍රකරු අසා සිටියි.  
    ‘ආයිමත් ඉස්පිරිතා‍ලේ ඇඩ්මිට් කරන්න තමයි හිතාගෙන ඉන්නේ නම්’
    ශාස්ත්‍ර අසන්නා එසේ කී සැණින් ඔහුගේ මෙම ශාස්ත්‍ර විමසුම රෝගියෙකු පිළිබඳව බව ශාස්ත්‍ර කියන්නා සැනින් වටහා ගනී. එලෙස ශාස්ත්‍ර කීමේ පළමු වටය නිමාකරන ඔහුට ඉන්පසු දෙවනි වටයට පැමිණීමට පුළුවන. මෙලෙස ශාස්ත්‍ර කීමේ මුවාවෙන් ශාස්ත්‍ර අසන්නාගෙන් ඉතා සූක්ෂම අයුරින් දැනගන්නා කරුණු මතින් කමෛන් තමන් පවසන ශාස්ත්‍රය ගොඩනගා ගන්නා මෙම උපාය අනුයාත බැහැරලීමේ ක්‍රමෝපාය (Process of elimination) නම් වන විද්‍යාත්මක සිද්ධාන්තය මත පදනම් වෙයි.
    මේතාක් නිරීක්ෂණය කළ මෙවැනි ශාස්ත්‍ර ‍පොළවලදී මම මනඃකල්පිත ගැටලුවක් සහ ඊට අදාළ මනඃකල්පිත සිදුවීම් සහ චරිත මුල්කොට ශාස්ත්‍රකරු නගන ප්‍රශ්නවලට සාවද්‍ය පිළිතුරු සපයා ඇත්තෙමි. එවිට මගේ ප්‍රකාශ සත්‍ය වශයෙන් පිළිගත් ශාස්ත්‍රකරුවන් මා ඉදිරිපත් කළ සාවද්‍ය දත්තයන් සියුම් ලෙස කළමනාකරණය කොට මා හමුවේ ගල් පැලෙන ශාස්ත්‍ර කියා ඇත්තේ ජීවිතයේ අහඹු ලෙස අත්විඳීමට හැකි විශිෂ්ට ගණයේ හාස්‍ය රසයක් රුපියල් දෙතුන් සීයකට සීමාවන මුදලකට මා වෙත ලබාදෙමිනි.

    තිලක් සේනාසිංහ
    -ලක්බිම-

  • එක් අනතුරක් – චෝදනා 46ක් – පොලිසියෙන් අමුතු පුවතක්…

    පසුගිය වසරේ සිදුවු සිදුවිමකට අදාලව පුද්ගලයකුට එක්‌ සිද්ධියක්‌ හා සම්බන්ධව චෝදනා 46 ක්‌ යටතේ නඩුවක්‌ නොබෝදා පවරා තිබෙන අතර මෙම පුද්ගලයා ඉකුත් 2016 ජුලි මස 12 වැනිදා කුඩා ලොරියක මගීන් විසි දෙදෙනකු පටවා ගෙන විත් රිය අනතුරක්‌ සිදු කොට පලා ගොස්‌ සිට දින දෙකකට පසුව පොලිස්‌ අත්අඩංගුවට පත්වූ අයෙකි.

    මෙම අනතුරෙන් පුද්ගලයන් 10 දෙනකුට බරපතළ තුවාල ද තවත් 11 දෙනකුට සුළු තුවාලද සිදුව තිබෙන අතර අනතුර සිදුව ඇත්තේ කුඩා ලොරියක මගින් විසි දෙදෙනෙකු ප්‍රවාහනය කරමින් සිටියදී තඹුත්තේගම පොලිස්‌ වසම කලා ඔය පාලම අසලදීය.

    අනතුරක්‌ වලක්‌වා ගැනීමට අපොහොසත්වීම අපරික්‍ෂා, කාරි ලෙස රිය පැදවීම, වැඩිපුර මගින් රැගෙන යැම, අනතුර වාර්තා නොකිරීම, තුවාලකරුවන් රෝහලට ඇතුළත් නොකිරීම, බරපතළ තුවාල සිදුකිරීම සහ සුළු තුවාල සිදුකිරීම ආදී චෝදනා 46 ක්‌ රියදුරුට එරෙහිව එල්ල වී ඇත. නීතිපති උපදෙස්‌ අනුව මෙම නඩුව පවරා ඇත. මෙම නඩුව එළඹෙන ජුනි 11 දා විභාගයට ගැනීමට අධිකරණය නියෝග කර තිබෙනවා.

  • ආන්දෝලනාත්මක දළදා මාළිගය ඉදිරිපිට පාරට වෙන්න යන දේ ඇමතිගේ කටින් පණි..

    මහනුවර ශ්‍රී දළදා මාලිගාව ඉදිරිපිට මාර්ගය යහපාලන ආණ්‌ඩුව පවතින තෙක්‌ විවෘත කිරීමට ඉඩ නොදෙන බව මහාමාර්ග හා උසස්‌ අධ්‍යාපන ඇමැති ලක්‍ෂ්මන් කිරිඇල්ල මහනුවර ප්‍රදේශයේ පැවැති උත්සවයකට සහභාගි වෙමින් අවධාරණය කර ඇත.

    කෙසේ වෙතත් මහනුවර නගරයේ පවතින දැඩි රථ වාහන තදබදයට විසඳුම මෙම මාර්ගය විවෘත කිරීම බව විද්වතුන් ඇතුළු බොහෝ පිරිසගේ අදහසයි. රථ වාහන තදබදය අවම කිරීමට උමං මාර්ගයක්‌ මේ වනවිටත් ඉදිකිරීමට පියවර ගෙන ඇතැයි ද අමාත්‍යවරයා මෙහිදී පැවසුවා.

  • නව වෙනසක් සමගින් බි‍්‍රතාන්‍ය රැකියාවලින් සියයට 30ක් රොබෝවරුන්ට

    බි‍්‍රතාන්‍යයේ රැකියාවලින් සියයට 30ක ප‍්‍රමාණයක් වසර 2030 වනවිට රොබෝවරුන් සහ පරිගණක බුද්ධිය යොදා ගෙන ස්වයංකී‍්‍රයකරණය වනු ඇතැයි නවතම අධ්‍යයනයකින් අනාවරණ වී තිබෙන අතර එහි දැක්වෙන්නේ රැකියාවන්හි ස්වභාවය වෙනස් වුව ද රැකියා සම්පූර්ණයෙන්ම අහෝසි වීමක් සිදු නොවනු ඇති බවයි.

    නව තාක්ෂණය භාවිතයට පැමිණීමෙන් වඩාත් අවදානමකට ලක්ව ඇත්තේ නිෂ්පාදන සහ වෙළඳ ක්ෂේත‍්‍රය වන අතර මීට අමතරව තොග හා සිල්ලර වෙළඳාම, පරිපාලන හා සහයක සේවා මෙන්ම මූල්‍ය හා රක්ෂණ ක්ෂේත‍්‍රයේද රැකියා මෙහිදී අවධානමට ලක්වනු ඇති.

    මේ අයුරින්ම රැකියා ස්වයංක‍්‍රීයකරණය කිරීම හේතුවෙන් අමෙරිකාවේ සියයට 38ක්, ජර්මනියේ සියයට 35ක් සහ ජපානයේ සියයට 21ක් දැනටමත් අවදානමට ලක්ව ඇති බවද එහි සඳහන්.

  • ලොව වේගවත්ම ක්‍රිකට් ක්‍රීඩකයා ක්‍රිකට් පිටියෙන් සමුගනී

    ලෝක එක්දින පිටියේ වේගවත්ම පන්දු යවන්නෙකු ලෙස සැලකෙන ඕස්ටේ‍්‍රලියාවේ ශෝන් ටේට් සියලූ ක‍්‍රිකට් තරගවලින් සමුගැනීමට තීරණය කර තිබෙන අතර වේගවත්ම පන්දු යවන්නන්ගේ ලැයිස්තුවේ ඔහුට හිමිව ඇත්තේ 03 වන ස්ථානයයි.

    පැයට කිලෝමීටර් 161 යි දශම එකක වේගයකින් පන්දුවක් යවමින් ශෝන් ටේට් විසින් 2010 දී මෙම වාර්තාව පිහිටවනු ලැබු අතර එක්දින තරග 35ක දී කඩුලූ 62ක් සහ පන්දුවාර විස්ස තරග 21ක දී කඩුලූ 28ක් බිඳ හෙළා ඇති ඔහු 2011 වසරෙන් පසුව කිසිදු එක්දින තරගයකට ඕස්ටේ‍්‍රලියාව වෙනුවෙන් ක‍්‍රීඩා කර නොතිබිමද සුවිශේෂි සිදුවිමකි.
    ශෝන් ටේට් මේ වනවිට තිස්හතර වන වියේ පසුවනවා.

  • බලපිටිය මහාධිකරණයට හොරු පනී – අපරාධ රැසක ලිපි ගොනු අතුරුදන්

    බලපිටිය මහාධිකරණයේ ලේඛණගාරයට කිසියම් පිරිසක් නීති විරෝධීව ඇතුළු වී එහි තිබූ ලිපි ලේඛන සොරාගෙන ගොස් තිබෙන බව අපට වාර්තා වේ. අප වාර්තාකරු පැවසුවේ ලේඛනාගාරයේ මිනී මැරුම් සහ අපරාධ රැසකට සම්බන්ධ වැදගත් ලිපි ගොනු රැසක් තිබූ බවයි. ඒවායින් කොටසක් සොරා ගෙන ගොස් ඇති බවටයි වාර්තා වන්නේ. එහෙත් එම ලිපි ලේඛන සම්බන්ධ නිවරැදි තොරතුරක් මෙතෙක් අනාවරණ වී නැහැ.

    සොරා ගෙන ගොස් ඇති ලිපි ලේඛන සම්බන්ධයෙන් මේ වනවිට අම්බලන්ගොඩ පොලිසිය විශේෂ පරීක්ෂණයක් ද ආරම්භ කර තිබෙන අතර ඒ සඳහා පොලිස් සුනඛයින්ගේද සහය ලබා ගැනීමටයි පියවර ගැණුනේ.

    මහාධිකරණය පිටුපස පිහිටි තාප්පයෙන් පැන ලේඛනාගාරයේ ජනේලයකින් ඊට ඇතුළු වී මෙම ලිපිගොනු පැහැර ගෙන ඇති බවටයි මේ දක්වා සිදු කර ඇති මූලික පරීක්ෂණවල දී අනාවරණ වී ඇත්තේ.

  • කොළඹට ජලය නෑ – සැපයුම අත්හිටුවන වේලාව මෙන්න

    අනිද්දා (29) පෙරවරු නවයේ සිට මධ්‍යම රාත‍්‍රී 12 දක්වා පැය 15ක කාලයක් කොළඹ ප‍්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවන බව අපට වාර්තා වන අතර ඒ අනුව කොළඹ, දෙහිවල – ගල්කිස්ස, කෝට්ටේ, කඩුවෙල යන මහ නගර සභා බල ප‍්‍රදේශවලට ජල සැපයුම අත්හිටවනු ඇති.

    මහරගම, බොරලැස්ගමුව හා කොලොන්නාව යන නගර සභා බල ප‍්‍රදේශ ද මෙන්ම කොටිකාවත්ත මුල්ලේරියාව ප‍්‍රදේශීය සභා බල ප‍්‍රදේශය මෙන්ම රත්මලාන ප‍්‍රදේශයද ජල සැපයුම අත්හිටුවන ප‍්‍රදේශ අතරට අයත්. අත්‍යවශ්‍ය නඩත්තු කටයුතක් මීට හේතුව බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේ.

  • පොලිසි‍යේ වැඩ නැති 300කට මාරුවීම්

    නිසි රාජකාරියකින් තොරව ඇමැති ආරක්ෂක අංශ සංචිතයේ (එම්.එස්.ඩී) සේවයේ නියුතු නිලධාරීන් 500 කින් 200 දෙනෙක් අප්‍රේල් 1වැනිදා සිට විවිධ පොලිස් ස්ථානවලට මාරු කිරීමට පොලිස් මූලස්ථානය කටයුතු යොදා ඇත.

    එලෙසම පැවරුණු රාජකාරීවලින් තොර තවත් නිලධාරීන් 100 කට පමණ ඉදිරියේ දී ස්ථාන මාරුවීම් දීමට කටයුතු සිදුවෙමින් පවතින බවද පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග සඳහන් කරයි. මේ වනවිට ඇමැති ආරක්ෂක අංශයට අනුයුක්තව පොලිස් නිලධාරීහු 1300ක් පමණ සේවයේ නිරතව සිටීන අතර මෙසේ ස්ථානමාරුවීම් ලබන පොලිස් නිලධාරීන් අතර ඇතැමුන් වසර 25 කට අධික කාලයක් ඇමැති ආරක්ෂක අංශයේම සේවය කරමින් සිටින බවත්, පොලිස් කොස්තාපල් නිලයේ සිට ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා දක්වාවූ නිලයන්වල අය සිටින බවත් වාර්තාවේ.

  • මාමයි බෑනයි නිසා ඊපීඑෆ් පාඩුව කොටි 950යි.

    සේවක අර්ථසාධක අරමුදලේ ප්‍රශ්නගත භාණ්‌ඩාගාර බැඳුම්කර ගනුදෙනුවලින් සේවක අර්ථසාධක අරමුදලට රු. කෝටි 950 ක පමණ අතිවිශාල අලාභයක්‌ සිදුව ඇතැයි මහ බැංකුව විසින් සිදුකළ අභ්‍යන්තර පරීක්‍ෂණයක්‌ මගින් හෙළිදරව් කරගෙන ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්‌ඩල ආරංචි මාර්ග පවසයි.

    ඉකුත් මාර්තු 23 දින පැවැති මුදල් මණ්‌ඩල රැස්‌වීමට අදාළ අභ්‍යන්තර පරීක්‍ෂණ වාර්තාව ඉදිරිපත්ව ඇති අතර එම වාර්තාව මගින් එම අර්ථසාධක අරමුදලේ බැඳුම්කර ගනුදෙනුවලින් රු. කෝටි 950 ක පමණ අලාභයක්‌ සිදුව ඇතැයි මුදල් මණ්‌ඩලයට නිල වශයෙන් දැනුම් දී ඇතැයි ද වාර්තා වේ.

    මහ බැංකුවේ සහකාර අධිපති කුමුදුනී සරවනමුත්තු මහත්මියගේ නායකත්වයෙන් යුතුව මෙම විශේෂ අභ්‍යන්තර පරීක්‍ෂණය සිදුකෙරුණු අතර එමගින් 2015 සහ 2016 යන වසර දෙකේ රජයේ සුරැකුම්පත්වල අර්ථසාධක අරමුදල විසින් සිදුකළ ගනුදෙනු පිළිබඳව පරීක්‍ෂණ සිදුකරන ලදී.

    මෙම අභ්‍යන්තර පරීක්‍ෂණයේදී මෙම ගනුදෙනුවලට මහ බැංකුවේ ප්‍රධාන නිලධාරීන් දෙදෙනකු සම්බන්ධ වී ඇති බව හඳුනාගෙන ඇති අතර ඔවුන් දෙදෙනොගේ නම් ද අදාළ අභ්‍යන්තර පරීක්‍ෂණ වාර්තාව මගින් මුදල් මණ්‌ඩලය වෙත වාර්තා කර තිබේ. එම නිලධාරීන් දෙදෙනාගෙන් එක්‌ අයකු මහ බැංකුවේ සහකාර අධිපතිවරයකු වන අතර අනිත් නිලධාරියා මහ බැංකුවේ අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකි.

    මේ නිලධාරීන් දෙදෙනා එක්‌තරා ප්‍රාථමික නියෝජිත ආයතනයක්‌ සමඟ අර්ථසාධක අරමුදලේ බැඳුම්කර ගනුදෙනු සිදුකිරීමට සෘජුවම සම්බන්ධ වී ඇති බවත් එම ගනුදෙනුවලින් සේවක අර්ථ සාධක අරමුදලට විශාල අලාභ සිදුව ඇති බවත් මහ බැංකුවේ අභ්‍යන්තර පරීක්‍ෂණ වාර්තාව මගින් මහ බැංකුවේ මුදල් මණ්‌ඩලයට දැනුම් දී තිබෙන බව ද දැනගන්නට ඇත.

    මෙම වාර්තාව මගින් හෙළිකර ඇති අර්ථසාධක අරමුදලේ දැවැන්ත අලාභයට සෘජුවම වගකිවයුතු බවට නිලධාරීන් දෙදෙනකු හඳුනාගෙන ඇති බැවින් වහාම එම නිලධාරීන් දෙදෙනාගේ වැඩ තහනම් කොට විනය ක්‍රියාමාර්ග ගත යුතු බවට ඉකුත් බ්‍රහස්‌පතින්දා (23 දා) මුදල් මණ්‌ඩල රැස්‌වීමේදී නිහාල් ෆොන්සේකා සහ ක්‍රිෂාන්ත පෙරේරා යන මුදල් මණ්‌ඩල සාමාජිකයන් ඉල්ලීම් කර තිබුණත් මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය ආර්. එච්. එස්‌. සමරතුංග මහතා සහ එම්. රාමනාදන් මහත්මිය මේ සම්බන්ධයෙන් නිහඬ පිළිවෙතක්‌ අනුගමනය කර ඇති බව ද මුදල් මණ්‌ඩල ආරංචි මාර්ගවලින් පැවසේ. අවසානයේ රටේ සේවක ප්‍රජාවගේ විශාලතම අරමුදලට සිදුකළ දැවැන්ත අලාභයක්‌ හමුවේ පවා මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්‌වාමි මහතා අදාළ නිලධාරීන් සම්බන්ධයෙන් සැහැල්ලු පිළිවෙතක්‌ අනුගමනය කිරීමට තීරණය කර ඇතැයි ද ඒ අනුව අදාළ සහකාර අධිපතිවරයාගේ සහ අර්ථසාධක අරමුදලේ නිලධාරියාගේ වැඩ තහනම් නොකර ඔවුන් එම තනතුරුවලම තබාගෙන ඔවුන්ගෙන් නිදහසට කරුණු විමසීමට තීරණය කර ඇතැයි ද වාර්තා වේ.

    මෙතරම් විශාල මූල්‍ය අක්‍රමිකතාවකට සම්බන්ධ බවට මහ බැංකුවේම අභ්‍යන්තර පරීක්‍ෂණ වාර්තාවකින් පැහැදිලිව චෝදනා එල්ල වී තිබියදීත් වත්මන් මහ බැංකු අධිපතිවරයා මෙවැනි පිළිවෙතක්‌ අනුගමනය කිරීම මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ ඉමහත් විමතියට හේතු වී ඇති බව ද මහ බැංකුවේ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් ‘දිවයින’ ට වාර්තා වේ.

  • ලොව පළමුවරට වයසට යාම වළක්වන ඖෂධයක් සොයාගැනේ..

    වයස්ගත වීම වැළැක්වීම සඳහා නව පෙරළිකාර සොයාගැනීමක් කිරීමට විද්‍යාඥයෝ සමත්ව සිටිති. නව ඖෂධය මඟින් හානි වූ ඩී.එන්.ඒ අණු ආශ්චර්යමත් ලෙස නැවත ප්‍රකෘතිමත් කෙරෙන අතර අඟහරු ග්‍රහයා වෙත යන නාසා අභ්‍යවකාශගාමීන් සූර්ය විකිරණවලින් ආරක්ෂා ගැනීමටත් මෙම නව ඖෂධයට හැකියාව ඇතැයි පැවැසේ.

    ඩී.එන්.ඒ ප්‍රකෘතිමත් කිරීම සහ සෛල වයස්ගත වීම තුළ තිබෙන සංඥා ක්‍රියාවලියක් අනාවරණය කරගැනීමෙන් අනතුරුව මෙම නව ඖෂධය සංවර්ධනය කිරීමට පර්යේෂක කණ්ඩායමක් සමත්වී තිබේ. පර්යේෂණාගාර මීයන් යොදාගනිමින් මෙම නව ඖෂධය අත්හදා බලා ඇති අතර එහිදි නව ඖෂධය වයස් ගතවීම නිසා හෝ විකිරණවලට නිරාවරණය වීම නිසා හෝ හානිවන ඩී.එන්.ඒ අණුව සෘජුවම ප්‍රකෘතිමත් (නැවත පිළිසකර) කරන බව අනාවරණය වී ඇත.

    ‘සතියක ප්‍රතිකාරවලින් පසු තරුණ මීයන්ගේත් වයස්ගත මීයන්ගේත් සෛල හඳුනාගත නොහැකි’ යැයි ප්‍රධාන කර්තෘ මහාචාර්ය ඩේවිඩ් සින්ක්ලෙයාර් ප්‍රකාශ කර ඇත. මාස හයකට මෙම නව ඖෂධය මිනිසුන්ට ලබා දී පර්යේෂණ සිදුකිරීමට නියමිතය. ‘වයස්ගත වීම වළක්වන ආරක්ෂාකාරී ඖෂධයක් සොයාගත් ආසන්නම අවස්ථාව මෙයයි. ඉදිරි පර්යේෂණ සහ අත්හදා බැලීම් සාර්ථකව වුවහොත් තවත් වසර තුනත් හතරත් අතර කාලයකදී මෙම නව ඖෂධය වෙළෙඳපොළට ලබාදිය හැකියි’ යැයි මහාචාර්ය සින්ක්ලෙයාර් පැවැසීය.

    මෙම නව සොයාගැනීම නාසා ආයතනයේ අවධානයට ද යොමු ව ඇත. අඟහරු මත කෙරෙන සිවු අවුරුදු මෙහෙයුමදී අභ්‍යාවකාශගාමීන්ගේ සෞඛ්‍ය සම්පන්න බව රැකගැනීමේ අභියෝගයට සාර්ථකව මුහුණදීම සඳහා නාසා ආයතනය මෙම නව ඖෂධය සලකා බැලීමට නියමිතය. අභ්‍යාවකාශ විකිරණ (කොස්මික් විකිරණ) හේතුවෙන් ඉතා කෙටි මෙහෙයුම්වලදී පවා අභ්‍යාවකාශගාමීන්ගේ වයස්ගතවීමේ වේගය ඉක්මන් වන අතර එම විකිරණවලට නිරාවරණය වීම නිසා මාංශපේශී දුර්වල වීම, මතකය අහිමි වීම සහ අනෙකුත් රෝගාබාධවලට ඔවුහු ගොදුරුවෙති. අඟහරු ග්‍රහයාට ගිය අවස්ථාවකදී එය වෙනස්වීමට ඉඩ ඇත. අභ්‍යවාකාශගාමීන්ගේ සෛලවලින් සියයට පහක් විනාශ වන අතර ඔවුන්ට පිළිකා ඇතිවීමේ අවදානම සියයට සියයකි.

    ඉකුත් දෙසැම්බර් මාසයේදී නාසා ආයතනය සංවිධානය කළ ‘නාසා අයිටෙක්’ තරගයේ ජයග්‍රහකයන් වූයේ ද මහාචාර්ය සින්ක්ලෙයාර් සහ ඔහුගේ මිතුරා වන ආචාර්ය ලින්ඩ්සේ වූ ‘ජීව විද්‍යාත්මක ගැටලුවකට අපි පිළියම් සොයාගත්තා. ඒ නිසා 300ක් අතරින් අපට ජයග්‍රහණය හිමිවුණා’ යැයි ආචාර්ය වූ පැවැසීය.

    අභ්‍යාවකාශ විකිරණ (කොස්මික් විකිරණ) ගගනගාමීන් මුහුණ දෙන ගැටලුවක් පමණක් නොවේ. ගුවන් ගමන්වලදී විකිරණවලට නිරාවරණය වන අතර ලන්ඩන් – සිංගප්පූරුව – මෙල්බන් යන ගුවන් ගමනකදී අපි සියලු දෙනා පපුවට ගමන් කරන එක්ස් කිරණ විකිරණයකට මුහුණ දුන්නා හා සමානය.

    න්‍යායාත්මකව නව වයස්ගත වීම වළක්වාලන ඖෂධය නිතර ගුවන් ගමනවල යෙදීමෙන් ඩී.එන්.ඒ අණුවලට බලපෑම් එල්ල වූ මඟීන්ට ද ප්‍රතිකාර කිරීමට භාවිත කළ හැකිය. ළමා වියේදී පිළිකාවලින් බේරෙන පිරිස මෙම නව ඖෂධයෙන් ප්‍රතිලාභ ලැබිය හැකි තවත් කොට්ඨාසයකි.

    ළමා වියේදී පිළිකාවලින් බේරෙන පිරිස්වලින් සියයට 96කට ආසන්න පිරිසකට වයස අවුරුදු 45 පමණ වන විට නිදන්ගත රෝගවලින් පීඩා විඳින බව ආචාර්ය වූ පැවැසීය. ඔවුන්ගෙන් බොහෝ දෙනා හදවත් රෝග, දෙවැනි වර්ගයේ දියවැඩියා රෝගී තත්ත්වය, ඇල්ෂයිමර් රෝගී තත්ත්වය, මුල් තත්ත්වයට වඩා වෙනස් පිළිකා රෝග තත්ත්වලට ගොදුරු වෙති. ‘ඔවුන්ගේ වයස්ගත වීමේ වේගය ද ඉක්මන් වනවා. එය ඉතා බරපතළ තත්ත්වයක්’ යැයි ආචාර්ය වූ පැවැසීය. ‘අපට ඒ වෙනුවෙන් යමක් කරන්න පුළුවන් නම් එය විශිෂ්ටයි. මේ අණුවලින් අපට යමක් කරන්න පුළුවන්. අපට එය විශ්වාසයි. මීයන් යොදාගනිමින් නිව් සවුත් වේල්ස් විශ්වවිද්‍යාලයේදී කරන ලද පර්යේෂණ සාර්ථකයි. නව ඖෂධය ඔස්සේ කලින් කී රෝගවලටත් ප්‍රතිකාර කිරීමේ හැකියාවක් තිබෙනවා’ ආචාර්ය වූ සඳහන් කළේය.

    ස්වභාවිකවම අපගේ සෛලවල සූර්ය නිසාත් විවිධ හේතු නිසාත් හානිවන ඩී.එන්.ඒ අණු නැවත ප්‍රකෘතිමත් තත්ත්වයට පත් කරගත හැකි වුවත් වයස් ගත වීමත් සමඟ එම හැකියාව නැති වී යනවා. සිරුරේ තිබෙන සෑම සෛලයකම ස්වභාවිකම තිබෙන සෛල සංඥා සපයන NAD+ අණුව ඩී.එන්.ඒ අණු ප්‍රකෘති තත්ත්යට පත් කරන ප්‍රෝටීන අන්තර් ක්‍රියාවලියේදී ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරන බව සොයාගැනීමට විද්‍යාඥයන් සමත්ව තිබේ. මීයන්ට NAD+ අණුව , වර්ධකයක් (එන්.එම්.එන්, තමන්ගේ සෛල වර්ධනයක්) යොදා ගනිමින් ප්‍රතිකාර කර ඇති අතර එහිදි වයස්ගත වීම නිසා හෝ විකිරණවලට නිරාවරණය වීම නිසා හෝ හානි වූ ඩී.එන්.ඒ අණු ප්‍රකෘතිමත් කිරීමේ හැකියාව ඇති බව සොයාගෙන ඇත.

    මේ වසරේදීම බ්‍රිගහම් සහ බොස්ටන් හි පිහිටි කාන්තා රෝහලේදී මිනිසුන් යොදාගෙන මෙම නව සොයාගැනීම අත්හදා බැලීමට නියමිතය.

  • ජනාධිපතිවරණ සමයේ රත්නපුර වේදිකා මිනීමැරුම් නඩුවේ සාක්කි විභාගය හෙට සිට

    2015 ජනපතිවරණ සමයේ මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රචාරක රැළියකට කඩාවැද සැරසිලි කඩා දමා වෙඩි තබා පුදගලයෙකු ඝාතනය කිරීම සම්බන්ධව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ වත්මන් රත්නපුර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ප්‍රේමලාල් ජයසේකර, සබරගමු පළාත් සභාවේ වත්මන් මන්ත‍්‍රී අරුණ නිලන්ත ජයසිංහ ඇතුළු විත්තිකරුවන් හත් දෙනෙකුට එරෙහි මීනීමැරුම් නඩුවේ සාක්කි විභාගය හෙට (27 වැනිදා) සිට ඉදිරියට රත්නපුර මහාධිකරණයේ දී පැවැත්වීමට නියමිතය.

    ඒ අනුව මාර්තු 27, 28 සහ 29 යන දින තුනේදී නඩු විභාගය පැවැත්වීමට නියමිතය.

  • ජනපති හදිසියේම මහඇමතිවරු කොළඹට කැඳවයි.

    එක්සත් ජනතා නිදහස් සන්දානයට බලය හිමි පළාත් සභා 7හි මහඇමතිවරුන් හදිසියේම කොළඹට කැදවීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කර ඇත.

    ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ජනාධිපති නිල නිවසේදී අද රාත්‍රී 7 ට පැවැත්වෙන විශේෂ සාකච්ජාවක් සඳහා මෙම මහ ඇමතිවරුන් කැඳවා ඇතැයි වාර්තා වේ.

    ඉදිරි මැතිවරණ කටයුතු සහ පලාත් සංවර්ධන කටයුතු පිළිබඳ විශේෂ කරුණු කිහිපයක් මෙහිදි සාකච්ජා කිරීමට නියමිතව ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත.

  • වායු සමන තාක්ෂණයෙන් තේ දළු වියළන ක්‍රමවේදයක් කරලියට…..

    අධික උෂ්ණත්වය භාවිත කර තේ වියළීම වෙනුවට වායු සමීකරණ තාක්ෂණය යටතේ තේ දළු වියළීමේ අලූත් යන්ත‍්‍රයක් නිපදවීමට පාදුක්ක වටරැක නව නිර්මාණකරුවෙක් සමත්වී සිටී.

    මොරටුව විශ්ව විද්‍යාලයේ ජාතික තාක්ෂණික ඩිප්ලෝමාධාරියකු වන ඔහු නමින් සෙනරත් සමන්තිලක ය. දැනට සිදුකෙරන්නේ සෙල්සියස් අංශක 100 ත් 120 ත් අතර අධි උෂ්ණත්වයක් යටතේ තේ දළු වියළා ගැනීමය. එහිදී තේ දළුවල ඇති රසය, ගුණය මෙන්ම නියමිත වර්ණයද වෙනස් වෙන අතර මෙම නව වායු සමීකරණ තාක්ෂණය යටතේ නිපදවූ යන්ත‍්‍රයෙන් තේවල ඇති ගුණාංග නිසි පරිදි ආරක්ෂා කරගැනීමට හැකියාව ලැබේ.

    ලොව කිසිම නිෂ්පාදයකයකුට සොයාගැනීමට නොහැකිවූ මෙම තාක්ෂණය තමාට සොයාගැනීමට හැකිවූයේ වසර 10 ක් පමණ සිට තේ කර්මාන්තයේ නියැළීමත් ඒ හා බැඳුණු නව පර්යේෂණ සොයායෑම බවත් සෙනරත් පවසයි.

    ‘අපනයන බෝගයක් වන තේ වලින් අපට විශාල විදේශ විනිමයක් රටට ගෙන්න පුළුවන්. එහෙත් එහි නියමිත රසය සහ ගුණාංග නොමැති විට විදේශ වෙළෙඳපොළ එය ප‍්‍රතික්ෂේප කරන තත්ත්වයට පවා පත්වෙන්න පුළුවන්. දැනට සිදුකරන්නේ සෙල්සියස් අංශක 100 ත් 120 අතර ඉහළ උෂ්ණත්වය පරාසයකින් තේ දළු වියළා ගැනීමයි. එහිදී ස්වාභාවිකව නැවුම් ගුණාංගවල ගැබ් වෙලා තියෙන අතිශය සංවේදී සහ සංකීර්ණ රසායනික ලිනලෝල්, ජෙරනියල්, ෆීනයිල් වැනි සංයෝග විනාශයට පත්වෙනවා. මේ ස`දහා විසඳුමක් ලෙස වායු සමීකරණ තාක්ෂණය උපයෝගීකරගෙන තේවල සැඟවුණ රසය හා ගුණාංග එලෙසින්ම ආරක්ෂා කරගැනීමට හැකිවන යන්ත‍්‍රයක් නිපදවීමට මට හැකිවුණා‘

    ‘මෙම සුවිශේෂී යන්ත‍්‍රය ලංකාවේ නිෂ්පාදනය කළත්, බොහෝ තාක්ෂණික හා ඉලෙක්ට්‍රෝනික උපාංග විදේශ රටවලින් ගෙන්වා ගැනීමට සිදුවුණා. මෙම යන්ත‍්‍රයෙන් කෙරෙන්නේ ශීත සහ මද උණුසුම් වායු සම්මිශ‍්‍රණක් මගින් තේ ද`ඵවල ඇති ජලය ඉවත් කිරීම හෙවත් තේ දළු ‘විජලනය’ කිරීමයි. සෙල්සියස් අංශක 55 ට අඩු උෂ්ණත්වයක් යටතේ තේ දළු විජලනය කිරීම මෙම යන්ත‍්‍රයේ ඇති විශේෂත්වයි. මෙම යන්ත‍්‍රයෙන් පැයකට තේ දළු කිලෝ 25 ක් පමණ වියළා ගැනීමට හැකිවෙනවා. එමගින් තේවල ඇති රසය නොඅඩුව ලබාගන්න පුළුවන්. එය අප හඳුන්වන්නේ ‘වර්ජින් ටී’ ලෙසයි. පිළිකා නැසීම, දියවැඩියාව පාලනය, ආතතිය අඩුකිරීම, ප‍්‍රතිශක්තීකරණ පද්ධතියේ මනා ක‍්‍රියාකාරීත්වයට වගේම ආහාර රුචිය වැඩිකිරීමටත් මෙම වර්ජින් ටී ඉවහල් වෙනවා.’’

    ‘මෙවැනි උසස් තාක්ෂණයක් තුළින් අපේ තේ නිෂ්පාදනවල ගුණාත්මකභාවය වැඩිකිරීම මගින් ජාත්‍යන්තර වෙළෙඳපොළේ පවතින ආදායමට වඩා ඉහළ ආදායමක් ඉපැයීමට අපට හැකිවෙනවා. එමෙන්ම දැනට තේ දළු වියළීමට භාවිත කරන විශාල උදුන්වලට දර සපයාගැනීමට ඇති අපහසුතාවද ම`ග හැරෙනවා. දැව පිළිස්සීම තුළින් සිදුවන පාරිසරික විනාශයද අවම කරගැනීමට හැකිවෙනවා‘
    ‘මෙම නිර්මාණය අත්හදා බැලීමේදී තලවාකැලේ තේ පර්යේෂණ ආයතනය විශාල සහයෝගයක් ලබාදුන්නා. තායිවානය සහ ඉන්දියාව මේවන විට මෙවැනි යන්ත‍්‍රයක් නිපදවා දෙන ලෙස ඉල්ලීමක් කර තිබෙනවා. එමෙන්ම වායු සමීකරණ තාක්ෂණයෙන් සහ වායු සම්පීඩක තාක්ෂණයෙන් දැව පදම් කිරීමේ යන්ත‍්‍රයක් සහ නැවුම් පිරිසුදු පොල්තෙල් නිෂ්පාදනය කිරීම සඳහා යන්ත්‍රෝපකරණද මා නිර්මාණය කර තිබෙනවා. දැනටමත් මා නිර්මාණය කළ සමහර යන්ත්‍රෝපකරණ කර්මාන්තකරුවන් භාවිත කරනවා‘ යැයි සෙනරත් මහතා පැවැසීය.

  • තම පක්ෂය පිළිබඳව මර්වින් මොනවද කිව්වේ..(video)

    නව පෙනුමකින් පැමිණි මර්වින් සිල්වා මහතා තමා ගොඩනැගීමට බලාපොරොත්තු වන නව පක්ෂය පිළිබඳව අදහස් දැක්වුවා. එහිදී ඔහු සඳහන් කලේ බැසිල් රාජපක්ෂ තම දේශපාලන ජීවිතය විනාස කල බවත්, එක්සත් ජාතික පක්ෂය හැරයාම පිළිබඳව තමා කණගාටු වන බවත්ය

  • සැමියන්ට හා දරුවන්ට කොලේ වසා මව්වරු සූදු කෙලියේ…

    මිගමුව මුන්නක්කරය ප්‍රදේශයේ කරවල වෙළදාම කරන මව්වරු 5ස් දෙනෙක්  තම ස්වාමිපුරුෂයන්ට හා දරුවන්ට බොරු කියා මුදල් ඔට්ටුවට සුදු කෙලිමට ගොස් ඇත. කාලයක් තිස්සේ කරගෙන යන මෙම ක්‍රියාව කරවල වෙළදාමෙන් හොදට  අතමිට සරු වූ විට මෙසේ ඔවුන් රහසිගත නිවසක සුදු කෙලිමට පුරුදුව ඇත.

    පොලිසිය වටලන අවස්ථාව වන විටත් මොවුන් ලග දහස් ගණන් මුදල් තිබී ඇති අතර එම අවස්ථාවේදී මෙම කාන්තාවන් ඉතා සුක්ෂමව පොලිසියෙන් බේරී යාමට උත්සහ ගෙන ඇති නමුත්  පොලිසියෙන් ඊට ඉඩ නොලැබී ඇත.

    අත්අඩංගුවටගත් මෙම කාන්තාවන් 5ස් දෙනා හට දඩුවම් ලෙස පැය  50 බැගින් ප්‍රජා සේවයේ යෙදෙන ලෙස මිගමුව අතිරේක මහේස්ත්‍රාත් දුෂ්මන්ත එපිටවල මහතා නියෝග කර ඇත.