Blog

  • චිත්‍රපටියකට එහා ගිය මහනාම පාසලේ මද කිපුණු දරුවෝ..(video)

    මහානාම විදුහල හා ඞී.එස්. සේනානායක විදුහල අතර පැවැත්වීමට නියමිත මහා ක‍්‍රිකට් තරගයට සමගාමීව විදුහල්පතිතුමාගේ අවසරයකින් තොරව පවත්වන ලද රිය පෙරහරක් අතරතුරු  සිසුන් පිරිස යශෝදරා බාලිකා විදුහලට කඩා පැන ඇති අතර  මේ නිසා  එහි ඉතා උණුසුම් තත්වයක් හට ගත්තේය.

    අදාල සිසුන් පිරිස මත් ගතියකින් සිටිනු දුටු බවයි එම විදුහලේ ගුරුවරුන් හා දෙමාපියන් පවසන්නේ.

    සිදුවීම සම්බන්ධයෙන් මහානාම විදුහලේ එක් සිසුවෙකු පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

     

     

  • පොලිසියෙන් ගැසූ රු.30000ක ලොකු දඩයට ප්‍රයිවට් බස් නොසන්සුන්

    පුත්තලම අනුරාධපුර මාර්ගයේ ගමන් කළ යාපනය කොළඹ , මන්නාරම කොළඹ , අනුරාධපුර කොළඹ යන දුර ගමන් සේවා බස් රථ වලට  ආසන ගණනට වඩා සෙනග පැටවූ බස් රථ සඳහා දඩ කොළ නිකුත් කර තිබුණා. එයට විරුද්ධව  බස් රියදුරන් හා කොන්දස්තරවරුන් උද්ගෝෂණයක නිරත වූ නිසා එම මාර්ගය තුල පැය 4ක පමණ මාර්ග අවහිටර්හාවක් සිදු උනා..

    අද (21) උදේ 8.30 ට පමන ආරම්භ වු මෙම විරෝධතාවය දහවල් 10 .30 දක්වා පැවතුන අතර මෙහිදි දුර ගමන් සේවා බස් රථවල රියදුරන් පවසා සිටියේ මෙසේ වැඩි පුර බස් රථවල රැගෙන එම සිදුවුයේ කළාඔය සිට පුත්තලම දක්වා පමනක් ගමන් කරන මගින් බවත් වෙනත් ප්‍රවාහන සේවයක් නොමැති නිසා දෛනිකව මෙසේ මෙම මගින් රැගෙන එම සිදුකරන බවයි.

    එසේම රියදුරන් වැඩිදුරටත් පවසා සිටියේ මෙම මගින් රැගෙන එම නවතා දැමුවහොත් තම බස් රථ එම ප්‍රදේශ පසු කරමින් ගමන් කරන විටදි විවිධ ගැටළු කාරි තත්වයන්ට මුහුණ දිමට සිදුව ඇති නිසා ඉතා අඩු මුදලකට මෙම මගින් රැගෙන එම සිදුවන බවයි.

    එසේ තිබියදි රථවාහන පොලිස් නිළධාරින් මේ ආකාරයට අසාධාරණ ලෙස රුපියල් 20000, 30000 , අධික දඩ මුදලක් සහිත දඩ කොළ නිකුත් කිරිමේන් තම රැකියා කරගෙන යාමට නොහැකි වි තිබේන බවයි. එම නිසා මෙයට විරෝධය පා අද උදෑසන වු සිද්දියට මෙසේ විරෝධය පෑමට සිදුවු බවද ඔවුන් පවසයි.

    මෙහිදි බස්රථ වල ගමන් කල මගින් දැඩි හඩින් පවසා සිටියේ තමන්ට මෙම මාර්ගයේ ගමන් කිරිමට වෙනත් පොදු ප්‍රවාහන ක්‍රමයක් නොතිබිම නිසා මෙම බස්රථවල ගමන් කිරිමට සිදුව තිබියදි ඒ කිසිවක් සොයා නොබලා රථවාහන පොලිස් නිළධාරින් දඩ නිකුත් කිරිම අසාධාරණ බවයි.

    කෙසේ නමුත් පුත්තලම මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක අනුර ගුනවර්ධන මහතා ඇතුළු 30 කට ආසන්න නිළධාරින් පිරිසක් පැමින සිද්දිය සමතයකට පත් කිරිමට විශාල උත්සහයක් ගන්නා අයුරු දැක ගත හැකි විනි.

    එහිදි රියදුරන් හා මගින් එක හඩින් පවසා සිටියේ අද දවසේ නිකුත් කල දඩ මුදල් අවලංගු කර රියදුරු බලපත්‍ර නැවත ලබා දෙන්නේනම් විරෝධතාවයෙන් ඉවත් වන බවයි.

    ඒ සදහා යම් එකගතාවයක් දැක්වු පුත්තලම ප්‍රධාන පොලිස් පරික්ෂකවරයා සියලුම රියදුරන්ට පුත්තලම පොලිස් අධිකාරි කාර්යාලයට පැමිනෙන ලෙස ට දැන්වු අතර ඉන් පසුව විරෝධතාවයෙන් ඉවත් විමට සියලු දෙනා එකගතාවය පල කර තිබුණි.

  • 2017 වසරේ ආසියා පැසිපික් කලාපයේ හොඳම මුදල් අමාත්‍යවරයා "රවී කරුණානායක"

    මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා 2017 වසරේ ආසියා පැසිපික් කලාපයේ හොඳම මුදල් අමාත්‍යවරයා ලෙස බ්‍රිතාන්‍යයේ ‘ද බෑන්කර්’ සඟරාව විසින් නම් කිරීමට අදාළ සම්මානය පිරිනැමීම ලබන බ්‍රහස්පතින්දා (23) බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවරදී සිදු වන බව මුදල් අමාත්‍යාංශය පවසනවා.

    නව ආර්ථික ප්‍රතිසංස්කරණ යුගයක් කරා ශ්‍රී ලංකාව රැගෙන යාම හා ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා සමාජය මානසික වශයෙන් සූදානම් කිරීමට ගත් උත්සාහය ඇගයීමට ලක් කරමින් බ්‍රිතාන්‍යයේ සුප්‍රසිද්ධ මූල්‍ය සඟරාවක් වන ‘ද බෑන්කර්’ සඟරාව මෙම නම් කිරීම සිදු කළේ.

    ඒ අනුව, බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර පිහිටි ද බෑන්කර් සඟරාවේ ප්‍රධාන මූලස්ථානයේ සිදු කරන මෙම සම්මාන ප්‍රදානය සඳහා මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා හෙට (22) දිවයිනෙන් පිටත්ව යාමට නියමත බවද මුදල් අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරනවා.

  • ලිපිය කියවා දැනුම වැඩි කරගන්න.. "ශ්‍රීමත් ආතර් සී ක්ලාක්" මහතා

    ආතර් සී ක්ලාක් උපත ලැබුවේ එංගලන්තයේ සමර්සෙට් මයින්හෙඩ් හිදීය. ද්විතියික අධ්‍යාපනයෙන් අනතුරුව ඔහු අධ්‍යාපන මණ්ඩලයේ විශ්‍රාම වැටුප් අංශයේ විගණක වරයකු ලෙස රැකියාව කලේය.
    දෙවන ලෝක යුද්ධය සමයේදී ඔහු රාජකීය ගුවන් හමුදාවේ රේඩාර් විශේෂඥවරයකු ලෙස කටයුතු කලේය. ක්ලාක් ඔහුගේ යුධකාල සේවයෙන් වැඩිපුර කාලයක් භූමි පාලක පිවිසුම (ground controlled approach) රේඩාර් විෂය සම්බන්ධ වකටයුතු කල බව ඔහුගේ ගලයිඩ් පාත් (Glide path) නම් ජීවිත කථා පොතේ ඇතුලත් වේ.
    යුද්ධයෙන් පසු අවධියේදී, ක්ලාක්, බ්‍රිතාන්‍යය ග්‍රහලෝක අතර සමිතියේ සභාපති ලෙස 1947 සිට 1950 දක්වා කටයුතු කලේය. ක්ලාක් භූස්ථාපිත (Geostationary) සැටලයිට් පිළිබද අදහස වර්ධනය කිරීමට කටයුතු කල අයගෙන් පුරෝගාමියෙකි. රොකට් හා අභ්‍යවකාශ තරණය පිළිබද පොත් පලකිරීමටද ඔහු උනන්දු වූයේය. හොද උදාරහණ ලෙස අභ්‍යවකාශයේ විමර්ශණය” (exploration of the space) හා අභ්‍යවකාශයේ පොරොන්දුව (The promise of the space) දැක්විය හැක.

    1953 දී ඔහු 22 හැවිරිදි මැරිලීන් මේජීල්ඩ් නම් ඇමරිකානු කාන්තාව සමග විවාහ විය.

    ගත් කතුවරයකු ලෙස ඔහු ලුප්හෝල” (1946), රෙස්කියු පාටි” (1946, මැයි මස), ද සෙන්ටිනල්” (1948), ද සිටි ඇන්ඩ් ද ස්ටාර්ස්”, චයිල්ඩ්හුඩ්ස් එන්ඩ්”, 2001″ කථා පෙල නම් පොත් පල‍කලේය. ක්ලාක් 1956 දී ලංකාවට පදිංචියට ගියේය. ඔහු ලංකාවේදී ද ෆවුන්ටන්ස් ඔෆ් පැරඩයිස්” නම් කෘතිය පලකලේය.
    ඔහුගේ ජීවිතයේ මුල් කාලයේදී ඔහුට සම්මතයෙන් පරිභාවිහරවු දේ පිළිබද ආශාවක් තිබී ඇත.

    1980 දී ක්ලාක් ඔහුගේ රූපවාහිනි වැඩසටහන් වන ආතර් සී ක්ලාක්ගේ අභිරහස් ලෝකය, ආතර් සී ක්ලාක් ගේ අත්භූත බල ලෝකය හා ආතර් සී ක්ලාක්ගේ අත්භූත විශ්වය ප්‍රසිද්ධ විය.
    1986 දී සයන්ස් ජික්ගේ “රයිටර්ස් ඔෆ් ඇමරිකා” ” මගින් ක්ලාක්ව ග්‍රෑන්ඩ් මාස්ටර්” ලෙස නම් කෙරිණ.
    1988 දී ක්ලාක් පසු පෝලි‍යෝ සහලක්ණෙය නම් රෝගයෙන් පීඩාවට පත්විය. එනිසා ඉන් අනතුරුව ඔහුට රෝද පුටුවක් භාවිතා කිරීමට සිදුවිය.

    1994 දී ඔහු විතව්‍රථ මොහින්” නම් මනඃකල්පිත විද්‍යා චිත්‍රපටයේ පෙනී සිටියේය. 2008 මාර්තු 19 දින ක්ලාක් ලංකාවේදී ශ්වසන අපහසුතාවකින් මිය ගියේය. ඔහුගේ සහෝදර ෆ්‍රේඩ් ක්ලාක් සහ බොහෝ පිරිසකගේ සහභාගීත්වයෙන් කොළඹදී සම්ප්‍රදායික ශ්‍රි ලාංකික ක්‍රමයට ඔහුගේ භූමදානය කරන ලදී.
  • උඩුවේ හිමියන්ට වැඩ වරදී…

    මහජනතාව  පිඩාවට පත්වන අන්දමින් ශබ්දවිකාශන යන්ත්‍ර භාවිතා කිරීම සම්බන්දයෙන් ගොනුකොට ඇති නඩුවකට පෙනී නොසිටීම නිසා උඩුවේ ධම්මාලෝක හිමියන් වහාම අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් දුලානි අමරසිංහ මෙනවිය ඊයේ(20) උන්වහන්සේට විරුද්ධව  වරෙන්තු නිකුත් කලා…

    පොල්හේන්ගොඩ ඇලන් මැතිනියාරාම විහාරස්ථානය අවට පිරිසක් විසින් කරන ලද පැමිණිල්ලක් අනුව මෙම නඩුව විභාග වේ. නඩු තීන්දුව අවසන් වනතුරු උන් වහන්සේට නියෝග කර ඇත්තේ අවට ජනතාවට හිරි හැර නොවන පරිදි උදේ 5ත් 6ත් අතර කාලය තුල ශබ්දවිකාශන යන්ත්‍ර භාවිතා කරන ලෙසයි.

    අදාල නියෝගය උන්වහන්සේ විසින් නිසිආකාරව ඉටු කරනවාද යන්න  සොයා බැලී සඳහා කිරුලපන ස්ථානාධිපතිවරයාට අතිරේක මහේස්ත්‍රාත්තුමිය නියෝග කර තිබෙනවා..

  • පැමිණ සිටි පිරිස පුදුමයට පත්කළ ප්‍රියංකා චොප්රාගේ අමුතු ඇදුම…

    බොලිවුඩ් නිළි ප්‍රියංකා චොප්රා සාදයකට සහබාගි වි තිබෙනවා. එම සාදය සඳහා ඇය විශේෂ ඇඳුමකින් සැරසී පැමිණ තිබෙනවා. පැමිණ සිටි අමුත්තන් පුදුමයට පත්කළ ඒ සුවිශේෂී ඇඳුම් මෝස්තරය ඇඳගත් චොප්රාගේ  ඡායාරූප කිහිපයක්  අප වෙත ලැබී තිබෙනවා..

    කොහොමද මේ ඇඳුම ????

  • තවත් මිනිස් ජිවිතයක් කිඹුලෙක්ට ගොදුරු වෙයි.

    හබරාදුව, වැලිකන්ද පාලම අසලදී කිඹුලකු විසින් 20දා පුද්ගලයකු ඩැහැගෙන ගොස් තිබේ.

    කාලයක් තිස්සේ හබරාදුව කොග්ගල ඔයේ සිටින කිඹුලන් ජනතාවට තර්ජනයක් වී තිබෙන අතර මෙසේ කිඹුලා විසින් ඩැහැගෙන ගොස් ඇත්තේ හබරාදුව, හරුමල්ගොඩ බටහිර හමෝගේවත්තේ පදිංචි හැත්තෑපස් හැවිරිදි අවිවාහක පුද්ගලයෙකි.

    ඉකුත්දා (20දා) පෙරවරුවේ බෝගහගොඩ මහජන පොළට ගොස් එළවළු රැගෙන විත් එහි තිබූ කැරට් සේදීම සඳහා ඔයට බැස ඇති මේ පුද්ගලයා දහවල් 12.30ට පමණ කිඹුලකු විසින් ඩැහැගෙන ගොස් ඇතැයි පැවැසේ.

    හබරාදුව පොලිසිය සහ කිමිඳුම්කරුවන් විසින් මේ පුද්ගලයාගේ සිරුර සෙවීම සඳහා මෙහෙයුමක් ආරම්භ කර ඇති බව හබරාදුව පොලිසිය පවසයි.

  • සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ඩිල්ෂාන්ගෙන් සුපිරි වැඩක් (video)

    අගහිගකම් මැද ජිවිත ගෙවන බොහෝ ජනතාවක් ලංකාව තුල සිටිනවා. සමහරක් සත්‍ය ලෙසම අගහිගකමින් උපරිම පීඩනයකට පත්ව සිටින අතර තවත් සමහරක් අගහිගකම් පෙන්වා ජිවත් වීම තම ජීවනෝපාය ද කරගෙන තියෙනවා

    නමුත් එසේ පිඩනයට පත් ජනතාව හට ඇති අය හැකි පමණින් උදව් දීම කෙතරම් භාගයක්ද?

    මේ විදිහට නැතිබැරිකම් තියාගෙන මාතලේ අගලවත්ත ප්‍රදේශයේ පදිංචි නිර්මාලා පද්මකුමාරි මැණිකේ ජීවත් වුනේ පියාගේ පිහිටෙන්.ඒත් 2016 වසරේ නිර්මලාගේ පියා විදුලිසැර වැදීමකින් ජීවිතයෙන් සමුගත්තා.ඊට පස්සේ නිර්මලා තමන්ගේ දරුවන් දෙන්නත් එක්ක තනි වුණා. ඇගේ වැඩිමහල් දරුවාගේ වයස අවුරුදු 11ක් සහ අනෙක් දරුවාගේ වයස අවුරුදු 7තයි.

    අගහිගකම් මැද ජීවත් වුන නිර්මණාලට ඉදිරියට ජීවිතය ගැටගහගන්න ඕන නිසා තමන්ට තියෙන එකම වටිනාම වස්තුව වන ඉඩම බැංකුවකට උකස් තියන්න සිද්ධ වුණා. රුපියල් ලක්ෂ පහමාරක් වැනි මුදලකට තමයි ඉඩම උකස් තිබ්බේ.

    ඇගේ මේ දුක ගැන මාතලේ ප්‍රදේශයේ අප වාර්තාකරු වාර්තා කිරීමත් සමග නිර්මලාගේ උකස් කරපු ඉඩම බේරාගෙන දීමට හසිත විදානාරච්චි නමැති ව්‍යාපාරිකයෙකු ඉදිපත් වුණා.

    ඒ පුවතත් අප වාර්තාකරු වාර්තා කිරීමත් සමග ඊට සංවේදී වුන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන ටී.එම්. ඩිල්ෂාන් නිර්මලාට නිවසක් තනා දීමට පොරොන්දු වුණා.

    එම පොරොන්දුව කියූ පරිදි ඉටු කරමින් රුපියල් ලක්ෂ 24කට අධික මුදලක් වැය කර ටී.එම්. ඩිල්ෂාන් මාතලේ ප්‍රදේශයේ පදිංචි නිර්මලාට සහ ඇගේ දරුදෙදෙනාට ඊයේ (19) දිනට යෙදී තිබුණු සුබ මොහොතින් නව නිවසේ යතුරු කැරැල්ල භාරදුන්නා.

  • යෝශිතගේ හිටපු පෙම්වතිය මව් පදවියට

    csn නාළිකාව නිසා මෙන්ම යෝෂිත රාජපක්ෂගේ හිටපු පෙම්වතිය වූ නිසාවෙන් යසාරා අබේනායක පිළිබඳව පහුගිය කාලය පුරාම කතාබහක් ඇතිවුණා.

    කෙසේ නමුත් ඇය යෝෂිත සමඟින් තිබූ සම්බන්ධය අවසන් කර ප්‍රසිද්ධ රගර් ක්‍රීඩකයෙකු වූ ෆසීල් මරීජා සමඟින් යුගදිවියට එළැඹුණා.

    ෆසීල්ද යෝෂිත රාපක්ෂගේ හොඳම මිතුරෙක් වන අතර මේ වන විට යසාරා මව්පදවියට ලබන්නට සුදානමින් සිටින බව දැනගන්නට ලැබෙනවා.

  • මහේන්ද්‍රන් බෑනාගේ අරක්කු කොම්පැනියට 2017 අයවැයෙන් 100%ක ප්‍රාග්ධන දීමනාවක්…

    කුප්‍රකට බැදුම්කර මංකොල්ලයට නමගිය අර්ජුන් මහේන්ද්‍රන් මහතාගේ බෑණනුවන් වන අර්ජුන් ඇලෝසියස් ට අයත් W.M.මෙන්ඩිස් මත්පැන් නිෂ්පාදනාගාරය සඳහා 2017  වසරේ අය වැය තුලින් 100%ක ප්‍රාග්ධන දීමනාවක් හිමි වි තිබෙනවා. කල්කුඩා ප්‍රදේශයේ ඉදිවෙම්න් පවතින නව මත්පැන් නිෂ්පාදනාගාරයෙහි වටිනාකම රුපියල් කෝටි 400ක් බවත් ඉහත සඳහන් කල  100%ක ප්‍රාග්ධන දීමනාව ලබා දී ඇත්තේ මෙම මත්පැන් නිෂ්පාදනාගාරයේ ආයෝජනයට සඳහායි.   ENA වර්ගට අයත් මෙම මත්පැන්  නිෂ්පාදනාගාරය  සඳහා අනුමැතිය ලැබී ඇත්තේ 2017 අයවැයට කලින් බව වැඩිදුර ආරංචිමාර්ග සඳහන් කරනවා.

    2015 මැයි  13න් වන දින රාජ්‍ය මුල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව විසින් සුරාබදු දෙපාර්තමේන්තුවට දන්වා මෙම මත්පැන් නිෂ්පාදනාගාරය නියම ව්‍යාපෘතියක් ලෙස අනුමැතිය ලබාගෙන ඇති බවයි. ඊට දින දෙකකට පසුව සුරාබදු දෙපතමේන්තුව විසින් ද  මෙම මත්පැන් නිෂ්පාදනාගාරය සඳහා අනුමැතිය ලබා දී ඇත.

    මෙම අනුමැතිය ලබා දී ඇති දෙපාර්තමේන්තු  දෙකම  මුදල් ඇමති රවී කරුණානායක මහතා යටතේ පැවතීම ද විශේෂ කාරනාවකි.

     

    මේ අතර ඉකුත් මාර්තු 16 වැනි දින මඩකලපුව එරාවුර් ප්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීමේදී පළවූ අදහසයි මේ..

    “ලංකාවේ වැඩිම මත්පැන් අලවිසැල් තිබෙන්නේ මඩකලපුවේ. මත්පැන් අලවිසැල් යලි අරබන්න එපා කියලා ජනතාවගෙන් ලොකු ඉල්ලීමක් තිබෙනවා. එහෙම තිබියදීත්  මත්පැන් අලවිසැල් පමණක් නොව ඇලෝසියස් මහතාගේ මත්පැන් නිෂ්පාදනාගාරයක් ද මේ ප්‍රදේශයේ ඉදිවෙමින් පවතිනවා. එකේ වියදම කෝටි 450ක්. දිස්ත්‍රික් ලේකම්, ප්‍රාදේශීය ලේකම්, වාලච්චේන ප්‍රාදේශීය සභාව, වාලච්චේන ප්‍රාදේශීය සභාවේ ලේකම් උත්සහා  ගත්තා මෙය නවත්වන්න. නමුත් ප්‍රාදේශීය සභාවේ අනුමැතියකින් තොරව මෙය කරගෙන යනවා..”  යනුවෙනි 

    වාලච්චේන කල්කුඩා ප්‍රදේශයට ගියහොත් මේ වනවිටත් බැදුම්කර මුදල් වලින් අරක්කු නිෂ්පාදනාගාරය ඉදිවන හැටි ඔබට සියැසින් දැකගත හැකියි.

  • ලසන්ත ඝාතනය පිටුපස රාජ්‍ය ත්‍රස්තවාදීන් කණ්ඩායමක්!

    සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු කර්තෘ, ප්‍රවීණ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කර ඇත්තේ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, මේජර් ජෙනරාල් කපිල හෙන්ද්‍රවිතාරණ යටතේ ක්‍රියාත්මක වූ විශේෂ කණ්ඩායමක් විසින් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (20) අධිකරණයට දැනුම් දී තිබේ.

    මෙම විශේෂ කණ්ඩායම විසින් ලසන්ත වික්‍රමතුංග ඝාතනය මෙන්ම මාධ්‍යවේදීන් වන උපාලි තෙන්නකෝන්, කීත් නොයාර් යන අයට පහරදීම ආදියද සිදුකර ඇති බවත්, එවක මධ්‍යවේදීන්ට සිදුකළ පහරදීම් ඇතුළු හිරිහැර බොහොමයක් එකිනෙකට සම්බන්ධ බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු දක්වමින් පෙන්වා දී ඇත.

    මේජර් ජෙනරාල් හෙන්දාවිතාරණ යටතේ ක්‍රියාත්මක වූ මෙම කණ්ඩායම විසින් ජංගම දුරකථන සිම් කාඩ් පත් 5ක් භාවිතා කර ඇති බවත්, මෙම සිදුවීම් හා සම්බන්ධ සියලු ඇමතුම් ලබාගෙන ඇත්තේ එම සිම් කාඩ් යෙදූ දුරකථනවලින් බවත් සඳහන්ය.

    මෙම සිද්ධියට අදාළව හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතාගෙන්ද ප්‍රකාශයක් ලබාගත් බවත්, එවක කොළඹ හා තදාසන්න ප්‍රදේශ බාරව සිටියේ මේවන විට විශ්‍රාමික සුවයෙන් පසුවන මේජර් ජෙනරාල් අජිත් පෙරේරා බවත්, ඔහු නිසි ලෙස රාජකාරි නොකළ බවත් ෆොන්සේකා මහතා ලබාදුන් ප්‍රකාශයේ සඳහන් වන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම්දී ඇත.

    කෙසේ වෙතත් ලසන්ත වික්‍රමතුංග ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන දැනට ඇප ලබා සිටින බුද්ධි අංශ නිලධාරියාට සෑම මසකම අවසන් ඉරිදා පෙ.ව 9.00-12.00 දක්වා වන කාලය තුළ අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ගල්කිස්ස ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඩ් මිහායිම් විසින් නියෝග කර තිබේ.

    අධිකරණ නියෝග මත ලසන්ත වික්‍රමතුංග මහතාගේ මෘත දේහය ගොඩ ගෙන වෙනම වෛද්‍යවරුන් කණ්ඩායමක් විසින් පරීක්ෂා කර ඇති බවත්, එම වෛද්‍ය වාර්තාව මේ වන අධිකරණයට ලැබී ඇති බවත්, එම වාර්තාව අනුව මෙම මරණය විශේෂිත වු උල් ආයුධයකින් පහරදීමෙන් හිසට ඇති වු දැඩි තුවාලයක් හේතුවෙන් සිදුවු මරණයක් බව තහවුරු වී ඇති බවත්, වෙඩි තැබීමක් සිදුව නැති බවත් අධිකරණය හමුවේ කරුණු දක්වමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පෙන්වා දී තිබේ.

    මෙම නඩුව නැවත ජූනි මස 19 වන දා විභාගයට ගැනීමට නියමිතයි.

  • විමල් ආයෙත් ඇතුලේ..

    රජයේ වාහන අවභාවිත කිරීමේ චෝදනා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශ මහතා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

    රජයේ වාහන අවභාවිත කිරීමේ චෝදනා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි මන්ත්‍රීවරයා අද(20) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණි.

    එහිදී කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග කළේ විමල් වීරවංශ මන්ත්‍රීවරයා ලබන මස 03 වන දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි.

    විමල් වීරවංශ ඇමතිවරයෙකුව සිටියදී රජයේ වාහන ඔහුගේ පවුලේ ඥාතීන්ගේ පරිහණයට ලබාදී රුපියල් කෝටි 10ක පමණ මහජන මුදල් අවභාවිතා කොට ඇත.

  • "හැම තිස්සෙම අතින් අල්ලන්න ඕන. ඔළුව අතගාන්න ඕන. කොටින්ම ආදරේ ඇතුළේ ආදරේ කරන්න ඕන" සමන්මලී සමග සොදුරු පිළිසඳරක

    නව පරපුරේ රංගන හැකියාව සහ ගයන හැකියාව විශිෂ්ට ලෙස පිහිටි සමන්මලී සමග ආදරණිය සොදුරු   පිළිසදරක යෙදුනා…

    සමනලී පුනරුත්පත්තිය විශ්වාස කරන කෙනෙක්ද..?

    මම පුනරුත්පත්තිය විශ්වාස කරන්නේ නෑ.  ඒ නිසා ආරෙන් ආපු හැකියාවක් හෝ පෙර භවයේ හැකියාවක් නිසා රඟපානවා කියලා කවදාවත් මම හිතන්නේ නැහැ.

    කලාව පිහිටන්නේ සරස්වතියගේ බැල්මෙන් ‍නෙවෙයිද?

    ඒක විහිළුවක් විදිහටයි මට පේන්නේ. ජීවිත අත්දැකීම් සහ හැදෑරීම්වලින් තමයි දක්ෂයෙක් වෙන්න පුළුවන් වෙන්නේ.

    ආගමට තියෙන නැඹුරුව මොන වගේද?

    මම නිරාගමිකයි. ආගම කියන දේ ගැන මට තියෙන්නේ වෙනමම කියැවීමක්.

     

    සමනලී ගායිකාවක් හැටියට ජනප්‍රිය වෙන්න පටන් අරගෙන?

    ගායිකාවක් වෙන්න මට කිසිම අවශ්‍යතාවක් නැහැ. මම ආස රංගනයට. මම කවදාවත් ගායනය හදාරලා නැහැ. ඒ නිසා ඉවෙන් වගේ තමයි ඔහොම ගායනා කරන්නේ. කොහොමත් ට්‍රිප් ගියාම, කන බොන වෙලාවට අපි සින්දු කියනවා. ඒත් වෘත්තීයමය ගායිකාවක් වෙන්න මට ලොකු පරාසයක් නැහැ.

    මේ කාලයේ ජනප්‍රිය නිළිය සමනලී කියලා කවුරුහරි කිව්වොත්?

    මට ඒකෙන් වැඩක් නෑ. රංගනය කියන්නේ මගේ රැකියාව. ජනප්‍රියත්වය කියන්නේ ඒකේ අතුරු ඵලයක්. ඔයා කියන විදිහට මිනිස්සු මගේ දිහා බලනවා නම් මම ඒ ජනප්‍රියකම යොදවන්න ඕන ‘මනුෂ්‍යත්වය’ වෙනුවෙන් වැඩ කරන්නයි.

     

    නිළියක් ලස්සන වෙන්න ඕනද?

    හොඳ ප්‍රශ්නයක්. ඕක තියෙන්නේ පිරිමින්ගේ ඔළුවේ. නිළියෝ විතරක් ‍නෙවෙයි, ‍පොදුවේ ගැහැනු හැමෝම සුරතල් සහ සුකුමාල වෙන්න ඕන කියලා මතයක් තියෙනවානේ. පිරිමි විතරක් ‍නෙවෙයි ගැහැනුත් එහෙම හිතනවානේ. ඒ ෆැන්ටසියට අනුව බැලුවාම ගැහැනුන්ට බුද්ධිමය සංවාද අකැපයි.

    ඒ කියන්නේ සමනලී ‘නිළියක්’ කියන ෆැන්ටසිය නඩත්තු කරන්නේ නැති කෙනෙක්?

    අනිවාර්යයෙන්ම මම ඒක යම්කිසි දුරකට නඩත්තු කරනවා. හැබැයි සවිංඥානිකව. මට ඕන ඒ ෆැන්ටසිය පිරිමින්ට දීල ආයෙත් කඩන්න. ඒ ෆැන්ටසිය කඩා වැටෙනකොට පිරිමි බයවෙනවා. ඔවුන්ට අනුව ලස්සන ගෑනු බුද්ධිමය සංවාදවලට එනකොට පිරිමි මඩ ගහනවා. විවේචනය කරනවා. මට ඒ ගැන අත්දැකීම් තියෙනවා.

     

    ‘වෙනසක්’ වෙනුවෙන් දේශපාලනය කළා. ඇයි දැන් නිහඬ වෙලා?

    දේශපාලනය කියන්නේ කඩේ යෑම ‍නෙවෙයි. ඡන්දය ඉල්ලන්න එන එකත් ‍නෙවෙයි. අපි ඉන්නේ මතවාදයක් තුළ. ඒ මතවාදය යම් මට්ටමකට අපි දිනුවා. නිහඬ නැහැ. හැම වෙලාවෙම අපි සක්‍රීයයි.

    පෞද්ගලික ජීවිතේ අලුත් වුණා. ඔබේ සැමියා ඉන්ද්‍රචාප ලියනගේ කොහොම කෙනෙක්ද?

    එයා විවෘත මනසක් තියෙන කෙනෙක්. දේශපාලනය, ස්ත්‍රී-පුරුෂ සමාජ භාවය, කලාව වගේ හැම දෙයක් ගැනම අපි දැන් ගේ ඇතුළේ කතා කරනවා. එකට කෑම උයන එකේ ඉඳලා බොහෝ දේවල් හවුලෙ කරනවා. ඒ සංවාදයට මම හරිම ආසයි. ඒක හරි සුන්දරයි.

    ඉන්ද්‍රචාප සැමියා කරගන්න සුදුසුයි කියලා හිතුණේ ඇයි?

    අපි එකම ෆීල්ඩ් එකක ඉන්නේ. ඒක තමයි අපි දෙන්නටම අපිව දැනුණේ. එහෙමයි කියලා වෙනස් අදහස් නැතුවාම ‍නෙවෙයි. අපි ඒවා තේරුම් ගන්නවා. මේක හරිම ලොකු අවබෝධයකින් ගත්තු තීරණයක්.

     

    මේක වෙනස් ආදර කතාවක්ද?

    එහෙම වෙන්නත් පුළුවන්. මිනිස්සු ආදර සම්බන්ධතා පටන් ගන්නකොට භෞතික පැත්තට යනවා වැඩියි. ඒ කියන්නේ පිට පෙනුම, ගෙවල් දොරවල්, සල්ලි, යානවාහන වගේ දේවල්වලින් ගැළපීම මනිනවා. ඒ ගොල්ලන්ට ස්පර්ෂය අමතකයි. මට තේරෙන්නේ නෑ ඒ ස්පර්ෂය කියන කෑල්ල අමතක කරලා දෙන්නෙක් එකතු වෙන්නේ, ආදරය කරන්නේ කොහොමද කියලා.

    මේ ආදරේ පරණ වෙන එකක් නැද්ද?

    නැහැ. ආදරේ ඇතුළේ අලුතෙන් දෙයක් ගොඩනගන්න ඕන. හැම තිස්සෙම අතින් අල්ලන්න ඕන. ඔළුව අතගාන්න ඕන. කොටින්ම ආදරේ ඇතුළේ ආදරේ කරන්න ඕන. ඒත් හුඟක් අය කාලයත් එක්ක එකිනෙකාගෙන් දුරස් වෙනවා. අර මුලින් තිබුණු බැඳීම නැතිවෙලා සමීප බව නැතිවෙලා යනවා. ඒක නැති තැන සම්බන්ධතාවක් තියෙන්නේ මොකටද කියලා මට හිතෙනවා.

    ඉදිරියට මොකද වෙන්නේ?

    ලොකු බලා‍පොරොත්තු නැතුව ජීවිතේ ගෙවනවා. සමාජය වෙනුවෙන් මට කරන්න ගොඩක් වැඩ තියෙනවා. ඉදිරිය ගැන ඉතින් ඉදිරියෙදි බලාගනිමු.
  • ජනපති අගමැති හදිසි හමුවක්!

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අතර 17 වැනි දින පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී හදිසියේම හමු වි  තිබෙනවා. ඒ අමාත්‍යමණ්ඩල  සංශෝදනය පිළිබඳව සාකච්චා කිරීම සඳහා..

    මෙම හමුව සඳහා  මලික් සමරවික්ක්‍රම, මහින්ද සමරසිංහ,ලක්ෂ්මන් යාපා අබේවර්ධන හා සුසිල් ප්‍රේමජයන්ත යන අමාත්‍යවරුන් සහභාගී වි තිබෙන අතර   මංගල සමරවීර මහතාට හදිසි කැඳවීමක් කර තිබුනද එතුමන් නොපැමිණි බව සඳහන් කලා..

    එමෙන්ම මහා මාර්ග, කනිජ තෙල්, මුදල්, වරාය, ධිවර සහ ඉඩම් යන විෂයන්ට අදාලව අමාත්‍යමණ්ඩල සංශෝදනය වන බව දේශපාලන මණ්ඩලයේ උණුසුම් කතා බහක් ඇති වි තිබෙනවා.. ඒ අනුව එම විෂය පථයට අදාල ඇමතිවරුන් වන ලක්ෂ්මන් කිරිඇල්ල, චන්දිම වීරක්කොඩි, රවී කරුණානායක, අර්ජුන රණතුංග, මහින්ද අමරවීර හා ජෝන් අමරතුංග මහත්වරුන්ගේ අමාත්‍යධුර සංශෝදනය විය හැකි බව ආරංචි මාර්ග සඳහන් කරනවා..

    එමෙන්ම දැනට රාජ්‍ය අමාත්‍යධුර දරන ලක්ෂ්මන් යාපා අබේවර්ධන හා ඩිලාන් පෙරේරා යන  මහත්වරුන් හට කැබිනට් අමාත්‍යධුර ලැබෙන බවට ආරංචියක් පවතිනවා..

    මුදල් ඇමතිකම අගමැතිවරයා යටතට පවරා ගෙන අදාල විෂය සම්බන්දයෙන් නියෝජ්‍ය ඇමතිවරයෙකු පත්කිරීමටද යෝජනා වි තිබෙනවා.

    කෙසේ වෙතත් පවතින දේශපාලන වාතාවරණය තුල එම අමාත්‍යමණ්ඩල සංශෝදනය දින නියමයක් නොමැතිව  කල් ගිය බවට වැඩිදුර ආරංචිමාර්ග හදහන් කරනවා..

  • සමයං මරන්න ඔත්තු බලා රැකවරණය දුන්නේ කවුද?

    සමයං ඇතුළු හත්දෙනකු ඝාතනය කිරීම සඳහා ඔත්තු බැලූ තරුණයා, ප්‍රහාරය එල්ල කළ පසු පලාගිය පාතාල කල්ලියට රැකවරණය දුන් කාන්තාව සහ එම පාතාල කල්ලිය සමග සමීප සබඳතා පැවැත්වූ හිටපු නාගරික මන්ත්‍රීවරයකු කොළඹ අපරාධ කොට්‌ඨාසය මගින් 17 දා අලුයම අත්අඩංගුවට ගෙන ඇත.

    මෙහිදී අත්අඩංගුවට ගත් කඩුවෙල නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයා එම ප්‍රහාරය එල්ල කළ අංගොඩ ලොක්‌කා සමඟ සමීප සබඳතා පැවැත්වූ පුද්ගලයෙකි. එහෙත් මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් එම නාගරික මන්ත්‍රීවරයාගේ සම්බන්ධතාවක්‌ නොමැති බව පසුව කළ පරීක්‌ෂණවලින් හෙළිව ඇති අතර ඔහු පොලිස්‌ ඇපමත මුදාහැරීමට කොළඹ අපරාධ කොට්‌ඨාසය කටයුතු කර ඇත.

    මෙම ප්‍රහාරය සඳහා ඔත්තු බැලූ බව කියන තරුණයා පානදුර, කෙසෙල්වත්ත ප්‍රදේශයේ පදිංචි ත්‍රිරෝද රථ රියෑදුරෙකි. ඝාතනයට ලක්‌වූ සමයං ඇතුළු පිරිස බන්ධනාගාර බස්‌ රථයෙන් රැගෙන යන වේලාවන් පිළිබඳ ඔත්තු බලා අංගොඩ ලොක්‌කාගේ කල්ලියට තොරතුරු ලබාදී ඇත්තේ මොහු බව පොලිසිය කළ විමර්ශනවලදී හෙළිවී ඇත.

    මෙම ප්‍රහාරයෙන් පසු අංගොඩ ලොක්‌කා ඇතුළු පාතාල කල්ලිය ගාල්ල, වලහන්දුව ප්‍රදේශයේ තම ඥති නිවසක්‌ වෙත ආරක්‌ෂිතව රැගෙන ගොස්‌ ඇත්තේ ද සැකකාර තරුණයා විසින් බව අනාවරණය වී තිබේ.

    එම නිවෙස්‌ හිමි කාන්තාව ප්‍රහාරය එල්ල කළ පාතාල කල්ලියේ සාමාජිකයන් පිරිසට දින කිහිපයක්‌ රැකවරණය ලබාදී ඇති බව හෙළිවී ඇත.

    මේ වන විට එම කාන්තාව ද අත්අඩංගුවට ගෙන තිබේ. කොළඹ අපරාධ කොට්‌ඨාසය සහ පොලිස්‌ විශේෂ කාර්ය බළකාය දින කිහිපයක්‌ තිස්‌සේ කළ මෙහෙයුමකින් පසු මෙම සැකකරුවන් කොටුවී ඇත්තේ 17 දා අලුයම් කාලයේදීය.

    අත්අඩංගුවට ගෙන සිටින සැකකරු සහ සැකකාරියගෙන් රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරගෙන යයි.

  • එදා රෑ මොකද උනේ..පියුමි හංසමාලි කියූ කථාව….

    පියුමි හංසමාලි, ඇයගේ හිතවතුන් සහ වෙනත් පිරිසක් සමග ඇතිකරගත් ගැටුම මේ දිනවල කාගේත් කතා බහට ලක් වි තිබෙනවා. මේ වන විටත්  cctv දර්ශණ මාධ්‍යට මුදා හැර තිබෙන්නේ.

    ඇය කියා සිටියේ ” ඊයේ රෑ මං යාලුවෝ පස් දෙනෙක් එක්ක කිරිබත්ගොඩ හෝටලට ගියා.එතන පිරිසක් ගීත ගයමින් සාදයක් පවත්වමින් සිටියා. එක මේසයක හිටපු කෙනෙක් මගේ දිහා බලලා නරක වචනයක් කිව්වා. ඒක අපට ඇහුනා. මගේ හොදම යාළුවා වෙනුරට හොදටම තරහා ගියා.  ගැටුම  ඇතිවුනේ එකයි. මම ගහන්න ගියේ නෑ. මම එහෙ මෙහෙ දුව දුව ගැටුම බේරන්නයි මහන්සි උනේ. පොලිසිය අපට සාධාරණයක් කරයි”  යනුවෙනි.