Blog

  • ජනපති මෛත්‍රි ජයගනිද්දි පා.ම මහින්ද පරාජය වෙයි – කොල්ලකෑ සෝමාලියා නෙෘකාව මුදාගනි

    සෝමාලියානු මුහුදු කොල්ලකරුවන්ගේ ග‍්‍රහණයට ගෙන තිබූ ඒරීස් 13 නෞකාව සහ එහි කාර්ය මණ්ඩලය මුදාහැර තිබෙන බව අපට වාර්තා වේ. නෞකාවේ කාර්ය මණ්ඩල නිලධාරී දිලීප නිශාන් රණවීර සදහන් කළේ තමන් ඇතුළු කණ්ඩායම නිරුපද්‍රිතව මුදාගැනීමට ජනාධිපතිතුමා ප්‍රමුඛ රජය ගත් උත්සාහ සම්බන්ධයෙන් ස්තුතිවන්ත වන බවයි.

    මේ අතර මුහුදු කොල්ලකරුවන් සහ සෝමාලියානු ආරක්‍ෂක අංශ අතර ඊයේ පස්වරුවේ අවස්ථා කිහිපයකදී වෙඩි හුවමාරු සිදුවු අතර නෞකාව වෙත වෙඩි ප‍්‍රහාර එල්ල කිරීමෙන් වළකින්නැයි ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාද සෝමාලියානු රජය හරහා එරට ආරක්‍ෂක අංශ වෙත දැනුම්දීමක් සිදුකර තිබුණා.

    ජනාධිපතිවරයාගේ දැනුම්දීමෙන් පසු සෝමාලියානු ආරක්‍ෂක අංශ තමන් රැදී සිටි නෞකාව වෙත වෙඩි ප‍්‍රහාර එල්ල කිරීම නතර කළ බවයි කාර්ය මණ්ඩල නිලධාරී දිලීප නිශාන් රණවීර සදහන් කළේ. මේ අතර තම පාලන කාලයේ මෙවැනි සිදුවිම් වලදි කිසිවක් නොකර ප්‍රරසාරම් දොඩමින් සිටිමින් අවසානයේ මාධ්‍ය මගින් එකල විපක්ෂයට එහි චෝදනාවද යොමුකල මහින්ද රාජපක්ෂගේ දේශපාලණ පරාජයක් ලෙස මෙම සිදුවිම දැක්විය හැකි බව දේශපාලණ විශ්ලේෂකයෝ පවසයි..

  • ගැටුමට හේතුව ලපයක් ගැන කතාවක් – ගැටුමින් පසු පියුමිගේ රහසක් කරලියට

    කිරිබත්ගොඩ හෝටලයකදී ඊයේ රාත්‍රීයේ මාධ්‍ය ආයතන කිහිපයක සේවක පිරිසකට පහර දීමට මූලිකත්වය ගත් පුද්ගලයාගෙ හැඩ රුව හඳුනාගත් පහර කෑමට ලක්වූවකු Facebook හි පලකොට ඇති ඔහුගේ ඡායාරූප කිහිපයකින් අදාල පුද්ගලයා හඳුනාගෙන අප වෙත ලබා දුන්නා.මෙම තැනැත්තා පියුමි හංසමාලිගේ වත්මන් පෙම්වතා බවයි පසුගිය දිනවල පලවූ පුවත් සහ ඡායාරූපයන්ට අනුව තහවුරු වන්නේ. මේ වසර තුළ ඔහු හා විවාහ වන බවට, ඔහුගේ උපන්දිනය සමරමින් පියුමි හංසමාලි පවසා තිබුණා.

    මේ අතරම පියුමිගේ සිද්ධියට හේතුව ලපයක් පිළිබදව කතාවක් බවත් එහිදි ඇතිවු ගැටුම සමථවකට පත්කිරිමට නොහැකිවුයේ පියිමිගේ ලප කතාව ඇසු සැනින් ඇයගේ පෙම්වතා යැයි කියාගන්නා මර්වින්ගේ ගෝලයාට ‍තරහව පාලනය කරගැනිමට නොහැකිවිම නිසා බන තතුදත්තෝ පවසති. කෙසේවෙතත් තාජුඩින්ටද මරණය කැදවිමට හේතුවුයේ ලපයක් පිළිබදව කතාවක් බවද මෙහිදි සදහන් කල යුතුය…

  • පියුමි හංසමාලිගේ මැරයන් පහරදුන් අවස්ථාවේ cctv දර්ශන මෙන්න(video)

    රාජ්‍ය ආයතනයක ප්‍ර‍ධානියකු පැවැත්වූ සාදයකට සහභාගී වූ මාධ්‍ය ආයතන කිහිපයක සාමාජිකයින් පිරිසකට පියුමි හංසමාලි සමග සිටි තරුණයින් පිරිසක් පහරදී තිබෙනවා. කිරිබත්ගොඩ පිහිටි හෝටලයක ඊයේ (15) රාත්‍රී පැවති සාදයක් අවසානයේ මෙම පහරදීම සිදුවූ බවයි පහරකෑමට ලක්වූවකු අප සමග පැවසුවේ.

    එහි cctv දර්ශණ මේ වනවිට මාධ්‍යට මුදා හැර  තිබෙනවා . පහරදුන් පුද්ගලයන් මේ වනවිට හදුනාගෙන ඇති අතර ඔවුන්ව අත්අඩංගුවට ගැනීමට නියමිතයි…

  • ලේස් ගැට ගහපු පොලිස් ලොක්කට වෙන්න යන දේ මෙන්න…..

    පොඩ්ඩන්ගේ ආත්ම ගරුත්වය නැතිවන ලෙස හැසිරෙන ලොක්කන් ගැන අප අසා නැතුවා නොවේ. ඇතැම් ලොක්කන් ගෙදර බල්ලා නාවා ගන්නේද, ඇතැම් විට රෙදි සෝදා ගන්නේද පොඩ්ඩන්ට කියාය.

    එහෙත් ඒවා ප්‍ර‍සිද්ධ වන්නේ නැති තරම්ය. මේ අතර පොලිස් දෙපාර්තමේන්තුවේ ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී තනතුරේ පසුවන නිලධාරියෙක්, කොස්තාපල්වරයකුට කියා තම සපත්තුවේ ලේස් පටියක් ගැට ගසා ගන්නා අයුරුය.කෙසේවෙතත් මේ වනවිට අදාල පොලිස් නිලධාරියාට ඒරෙහිව විනය පියවර ගැනිමට සියළු කටයුතු සුදානම් වෙමින් පවතින බව නිල නොලත් වාර්තා සනාථ කර අැත.

  • ඝාතකයා රජ කුමරෙක් – අනුර රහසේ දිපු සාක්ෂිය මෙන්න…

    රගර් ක්‍රීඩක වසීම් තාජුදීන් ඝාතනය කිරිමට ආධාර දීම සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඩ් බාරයේ සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා විත්ති කුඩුවේ සිට මහේස්ත්‍රාත්වරයා අමතමින් විශේෂ ප්‍රකාශයක් කරමින් තාජුදීන් ඝාතනය කළ සැබෑ මිනීමරුවා රජ කුමරෙක් බව ප්‍රකාශ කර අැති බව අපට වාර්තා වේ..

    දෙවැනි සැකකරු වන අනුර සේනානායක මහතා මාර්තු 30 වැනි දා දක්වා යළි රිමාන්ඩ් කිරිමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ජෙයරාම් ටොස්කි මහතා නියෝග කළ අතර හිටපු ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරි ආනන්ද සමරසේකර මහතා අත්අඩංගුවට ගැනීමට ප්‍රමාණවත් සාක්කි අධිකරණය තුළ තිබිය දී එසේ නොකරන්නේ මන්දැයි අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා ප්‍රශ්න කළේය.

  • හෂිනිට වික්ටර් රත්නායක ආදරේ කියපු තැන මෙන්න….

    ආචාර්ය වික්ටර් රත්නායකගේ සහ හෂිනිගේ විවාහය සම්බන්ධයෙන් බොහෝ දෙනෙකු විවිධ අදහස් දක්වනවා. කෙසේවෙතත් මේවනවිට මේ විවාහය ගැන ඔවුන් දෙදෙනාම තමන්ගේ අදහස් ප්‍රකාශ කරලා තියෙනවා.
    ඉතින් වික්ටර් රත්නායකයන්ගේ ආදරය දිනූ හෂිනි අමේන්ද්‍රාට වික්ටර් ආදරය ප්‍රකාශ කරලා තියෙන විදිහ ඇය කියලා තියෙන්නේ මේ විදියට.
    “එදා වික්ටර් මගේ ගෙදර ඇවිත් හිටියා. මගේ නිවසේ අය ඥාති නිවසක විවාහ මංගල උත්සවයකට ගිහින් හිටියා. අපි හිටියේ මගේ අක්කගේ ගෙදර. රෑ කෑම අරන් යන්නයි නැවතුණේ. එදා කුස්සියේදි තමයි මුලින්ම මට අදරෙයි කියලා මුවින් ප්‍රකාශ කළේ. නමුත් ඒ වන විට අපි පුදුම තරමින් සිත්වලින් බැඳිලා හිටියේ. ආදරය කියන වචනය මුවින් පිටවෙලා නොතිබුණාට අපේ සිත්වලින් සිය දහස්වරක් හුවමාරු වෙලා තිබුණේ..

    ඇත්තටම එයා මට වරෙක පියෙක්, මිතුරෙක් සොයුරෙක්. දැන් සැමියා විදිහටත්, ගුරවරයෙක් ලෙසටත් මගේ ජීවිතය ආදරයෙන් සෙනෙහසින් පුරවනවා. දහසක් වචන භාවිතා නොකර මගේ හැඟීම්, ඉරියව්, සිතුම් පැතුම් අවබෝධ කර ගැනිමේ හොඳ ඉවක් එයාට තියෙනවා.

    අපි ආදරෙන් බැඳුණාට පස්සේ මම කොළඹ පන්තියකට ගියා. ඒ කාලෙදි අපි ආදරෙන් හමු වුණා. අපේ කතාබහ, ඉරියව්, හැඟීම් ගැන ගෙදරට ඉව වැටුණාම අම්මයි තාත්තයි, අක්කලයි තදින්ම විරුද්ධ වුණා. එයාලා උත්සාහ කළෙත් මාව වික්ටර්ගෙන් ඈත් කරලා වෙන කාට හරි බන්දලා දෙන්න.
    විවාහ නොවී වුණත් අපි එක වහලක් යට අවුරුදු 2 ක් විතර ජීවත් වුණේ හරිම අවබෝධයෙන්. අපේ බැඳීම විවාහයටත් වඩා එහා ගිය එකක්. ඒ නිසා කඩදාසියක අත්සන් කරලා එක් කරන බැඳීමට වඩා එහා ගිය පුදුමාකාර බන්ධනයකින් අපි වෙලිලා ඉන්නේ. විවාහ වෙන එක අපට එච්චර ගැටලුවක් වුනේ නැති වුණත් වික්ටර්ගේ දරුවන්ගේ ගැටලු නිසා තමයි විවාහ වෙන්න හිතුවේ. විවාහ වූ බව දැනගත්තා මාගේ දෙමාපියොත් කැලඹීමට පත් වුණා.

  • සෙංකෝලය නිමවූ නිර්මාණකරු අඩ සියවසකට පසු තම නිර්මාණය ස්පර්ශකරයි…

    ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු සම්ප්‍රදාය දශක 07 සම්පූර්ණ වීමට ඇත්තේ තවත් මාස කිහිපයකි.
    පාර්ලිමේන්තු ඉතිහාසයේ නම රැන්දූ පුද්ගල චරිත විශාල ප්‍රමාණයක් මෙන්ම පාර්ලිමේන්තු ක්‍රමයේ අභිමානය සංකේතවත් කළ සුවිශේෂ නිර්මාණ කිහිපයක් ද වෙති. ඒ අතර, පාර්ලිමේන්තුවේ බලය සංකේතවත් කරනුයේ සෙන්කෝලයයි.
    1972 ජනරජ ව්‍යවස්ථාවට පෙර උත්තර මන්‍ත්‍රී මණ්ඩලය (සෙනෙට් සභාව) සහ නියෝජිත මන්ත්‍රී මණ්ඩලය ලෙස ද්වී මණ්ඩල ක්‍රමයක් ක්‍රියාත්මක වූ පාර්ලිමේන්තුවේ සෙනෙට් සභා සෙංකෝලය වර්තමානයේ භාවිතයට නොගැනුනද මේ ඓතිහාසික සංකේතය පාර්ලිමේන්තුවේ සුවිශේෂ කෞතුක භාණ්ඩයක් ලෙස ඉතා සුරක්ෂිතව තැන්පත් කර ඇත.
    1949 දී බ්‍රිතාන්‍ය රජය විසින් පරිත්‍යාගයක් ලෙස ලබා දුන් එදා නියෝජිත මන්ත්‍රී මණ්ඩල සැසිවාරවලදී භාවිතා කළ සෙන්කෝලය වත්මන් පාර්ලිමේන්තුවේ භාවිතා වන අතර, ශ්‍රී ලංකාවේ කලාකරුවන් විසින් නිර්මිත එකම සෙන්කෝලය සෙනෙට් සභා සෙන්කෝලයයි. 1956 දී තමන්ට ලබා දුන් සැලැස්ම අනුව අගල් 52 කින් දිගින් යුතුව ඇත් දලයකට කැරට් 20 රන් පවුම් 45 කින් හා රිදී රාත්තල් 3 ½ කින් කැටයම් දමා පච්චවඩම්, නිල් මැණික් සහ නවවරම් මාණික්‍යයන් ඔබ්බවා නිර්මාණය කරන ලද්දේ එවකට සුප්‍රසිද්ධ විශිෂ්ඨ රන්කරුවෙකු ලෙස ප්‍රසිද්ධියක් ඉසිලූ රඹුක්කන දොඹේමඩ ගම්මානයේ පදිංචි ඇස්වෙද නයිදෙලාගේ පියතිලක මහතා විසිනි. මෙම විශිෂ්ඨ කලාකරුවා අද 88 වියැතිය. අඩ සියවසකටත් පෙර නිමවා භාර දුන් මෙම අතිශය සම්භාවනීය සංකේතය අසලටවත් සමීප වීමට එදා මෙදා තුර ඔහුට වරම් හිමි නොවීය. දෑත, දෙපය හොදින් වාරු තිබුණු සමයේ තමා විසින් කළ නිර්මාණය ස්වකීය දරු මුණුබුරන් කැටුව විත් යළි ස්පර්ශ කර බැලීමට දැඩි කැමැත්තක් ඔහු තුළ ඇති බව දැනගත් කථානායක කරු ජයසූරිය මහතා අද (2017-03-16) පෙරවරුවෙහි ඔහු පාර්ලිමේන්තුවට කැඳවා එම අවස්ථාව සැලැස්වූයේ විශේෂ භෝජන සංග්‍රහයක් සහ තුඩු පඬුරුද පිරිනමමිනි.
    මෙම සෙන්කෝලයේ උඩ කොටස පෙති අටකින් සමන්විත පත්මයක් මත පිහිටි උල් හැඩයට ඇති පච්චපඩියම් මාණික්‍යයකින් සෑදු ඔටුන්නකින් ගෝලය පුන්කලසක හැඩරුවින් සමන්විත වේ. ගෝලය වටා ඇති රැලිවලින් අනුරාධපුරයේ සඳකඩ පහණ මූර්තිමත් කෙරේ. එයට පහළින් ලංකාවේ රක්ත හා නීල මාණික්‍යයන් ඔබ්බවා තිබේ. සෞරග්‍රහ මණ්ඩලයේ නව ග්‍රහයන් පිළිබිඹු වන සේ පහත කවයෙහි නවරත්න මාණික්‍යයන් සවි කර ඇත. සෙන්කෝලය කොටස් 45 කට ගැලවිය හැකි පරිදි එක් රහස් ඇණයකින් සවි කර ඇති බවත් එම රහස් ඇණය ගැන දන්නේ තමා පමණක් බවත් පියතිලක මහතා පවසයි. එහි මුළු බර රාත්තල් හතර හමාරක් වන අතර, එහි යෂ්ටිය වටේට එවකට සෙනෙට් සභාවේ ලාංජනයෙහි “සංතින්ද්‍රියෝච නිපකෝච” යන පාලි පාඨය සඳහන්ව තිබූ බව ඔහු පැවසීය.
    ජපානයේ මිසාකා කුමරියට, ඉන්දීය හිටපු අගමැති ශ්‍රී නේරුතුමාට, එවකට ලංකාවට පැමිණි පාකිස්තානයේ රාජ්‍ය නායකයෙකුට පවා පියතිලක මහතා විසින් නිර්මාණය කළ භාණ්ඩ රජය විසින් තිළිණ කර තිබේ.

     

  • පිටිය මැද්දෙ පත්තු වෙච්ච ගින්නට අාපු සදකැන් කියපු දේ මෙන්න..

    ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන දෙවන එක්දින ක්‍රිකට් තරගය මේ වන විට කොළඹ පී සරා ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර ඒහිදි
    තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රි ලංකා කණ්ඩායම 338 ක් ලබා ගත්තා. පළමු ඉනිෙම්දි පන්දුවට පහරෙදමින් සිටියදි සුරංග ලක්මාල් සහ සකීබ් අල් හසන් අතර එහිදි උණුසුම් වචන හුවමාරුවක්ද ඇතිවුණු අතර එම අවස්ථාව පහතින්…

    https://www.youtube.com/watch?time_continue=55&v=9MxMupkWrLI

  • තමාගේ මැරයන් යොදා පියුමි හංසමාලි ඩෙගා නටයි…

    රාජ්‍ය ආයතනයක ප්‍ර‍ධානියකු පැවැත්වූ සාදයකට සහභාගී වූ මාධ්‍ය ආයතන කිහිපයක සාමාජිකයින් පිරිසකට පියුමි හංසමාලි සමග සිටි තරුණයින් පිරිසක් පහරදී තිබෙනවා. කිරිබත්ගොඩ පිහිටි හෝටලයක ඊයේ (15) රාත්‍රී පැවති සාදයක් අවසානයේ මෙම පහරදීම සිදුවූ බවයි පහරකෑමට ලක්වූවකු අප සමග පැවසුවේ.

    පියුමි හංසමාලී හා ඇය සමග සිටි පිරිස මෙම සාදයට සහභාගීවූවන් නොවන අතර පහර කෑමට ලක්වූ පිරිස කිරිබත්ගොඩ පොලිසියේ පැමිණිල්ලක් සටහන්කර තිබෙනවා. පහරකෑමට ලක්වූ එක් තැනැත්තකු රෝහල්ගතකර තිබෙනවා.

     

  • ගීතා‍ග‍ේ ල‍ොතරැයිය ගමග‍ේට අැද‍ෙන ලකුණු

    වි‍ද‍ේශ රටක පුරවැසිභාවය හිමි සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහට පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය දැරිය නොහැකි බව නීතිපති අභියාචනාධිකරණය දන්වා ඇති බව වාර්තා වෙයි. මේ හේතුව නිසා ගීතා කුමාරසිංහ මහත්මියට පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහිමි වුවහොත් මීළඟට ගාල්ල දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන ලැයිස්තුවේ සිටින හිටපු අමාත්‍ය පියසේන ගමගේ මහතාට පාර්ලිමේන්තු වරම් හිමිවනු ඇත..ඒ, ඇය ද්විත්ව පුරවැසිභාවය හොබවන බැවින් පාර්ලිමේන්තු මන්තී‍්‍රවරියක් ලෙස කටයුතු කිරීමට නොහැකි බවට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොණුකළ රීට් පෙත්සම කැඳවූ අවස්ථාවේදීයි.

    අභියාචනාධිකරණ සභාපති විනිසුරු විජිත් මලල්ගොඩ ඇතුළු ති‍්‍රපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ නඩුව කැදවනු ලැබුවා.

    එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක් ද සිල්වා පැවසුවේ ද්විත්ව පුරවැසිභාවය හොබවන යම් තැනැත්තෙකු පාර්ලිමේන්තු මන්තී‍්‍ර ධුරය සඳහා නුසුදුසු බව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති බවයි. ගීතා කුමාරසිංහ මන්තී‍්‍රවරිය මේ වනවිට ශී‍්‍ර ලංකාවේ සහ ස්විට්සර්ලන්තයේ පුරවැසිභාවය හොබවන බැවින් පාර්ලිමේන්තු මන්තී‍්‍ර ධුරය සඳහා නුසුදුසු බවයි ඔහු කියාසිටියේ.
    ගීතා කුමාරසිංහ මන්තී‍්‍රවරිය ස්විට්සර්ලන්තයේ පුරවැසිභාවය අවලංගු කර ගෙන ඇති බවට කිසිඳු සාක්‍ෂියක් නොමැති බවද අධිකරණයේදී අද ප‍්‍රකාශ කෙරුණා.
    අදාළ රීට් පෙත්සම ගොණුකරනු ලැබ තිබුණේ ගාල්ල ප‍්‍රදේශයේ පදිංචිකරුවන් පස් දෙනෙකු විසින්

  • නාමල්ගෙන් චන්ද්‍රිකාට ගැලවිල්ලක් ඇත්තෙම නෑ…

    චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියට  විරුද්ධව දිසා අධිකරණයේ නඩු පැවැරීමට නාමල් රාජපක්ෂ මහතා  තීරණය කොට ඇත.

    හේතුව නම් ඩුබායි රටේ ඩොලර් මිලියන 1000ක් තැනගේ නමින්  බැංකුවක ඇති බවටත් හොංකොං ඇතුළු රටවල තවත් බැංකු ගිණුම් ඇති බවටත් හිටපු ජනාධිපතිනිය කරන ලද ප්‍රකාශයක් මඟින් තමන්ගේ කීර්තිනාමයට දැඩි  හානියක් සිදුවූ බව නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි. එමනිසා  පසුගිය පෙබරවාරි 8දා රුපියල් මිලියන 250ක වන්දියක් ඉල්ලා නාමල් රාජපක්ෂ මන්ත්‍රිවරයා විසින් හිටපු ජනාධිපතිනියට එන්තරවාසියක් යවා තිබිණි.

    සති 2ක් ඇතුළත එම මුදල ගෙවන ලෙස එම එන්තරවාසිය මඟින් දැනුම්දී තිබුණද හිටපු ජනපතිනිය එම මුදල ගෙවා නොතිබිම හේතුවෙන්  ඉදිරි දෙසතිය ඇතුළත දිසා අධිකරණයේ නඩු පැවැරීමට නාමල් රාජපක්ෂ මහතා කටයුතු කරමින් සිටියි.

     

  • රාජපක්ෂ පවුලේ ගැටුමක් ගැන පුවතක් එලියට – ඇත්ත මෙන්න

    මහින්දගේ පරාජයට සෘජුවම වගකිම භාරගත් බැසිල් රාජපක්ෂගේ පෞද්ගලික උවමනාවට ආරම්භ කල පොදු ජන පෙරමුණේ අභ්‍යන්තර ගැටුම් මේ වනවිට එළිපිටට පැමිණෙමින් තිබෙන බව අපට වාර්තා වේ. එයට ආසන්නතම උදාහරණයක් ලෙස බැසිල් රාජපක්ෂ හා ගෝඨාභය රාජපක්ෂ මහත්වරුන් අතර පවතින බල අරගලය නිසා බැසිල් රාජපක්ෂගේ පොදුජන පෙරමුණේ ෆේස්බුක් පිටුව මගින් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ෆේස්බුක් පිටුව විවේචනය කරමින් පුවතක් පළකර තිබීම දැක්වීමට හැකියි. එය පහත දැක්වෙන පරිදි වනවා…

  • මහින්ද අදත් කට්ටි පනී….

    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (16) බරපතළ වංචා විමර්ශන ජනාධිපති කොමිසම වෙත කැඳවීමට නියමිතව තිබුණා.ඒ  රූපවාහිනි සංස්ථාවට සිදුකළ බව කියන මූල්‍ය  හානියක් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාළව  ප්‍රකාශයක් ලබාගැනීම සඳහා  බව බරපතළ වංචා විමර්ශන ජනාධිපති කොමිසම සඳහන් කළේය.

    2015 වසරේ ජනාධිපතිවරණය සමයේදී ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව හරහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ දැන්වීම් විකාශනයේ දී  රූපවාහිනි සංස්ථාවට සිදුවු බව කියන මුල්‍ය හානියට අදාළව එම ප්‍රකාශය ලබාගැනීමට නියමිත වූ  අතර ඒ අනුව අද  පෙරවරු 10.00ට බරපතළ වංචා විමර්ශන ජනාධිපති කොමිසම වෙත පැමිණෙන ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට දැනුම්දී තිබේ

    නමුත් අද දිනයේ මහින්ද රාජපක්ෂ මහතා  නීතිඥයකු මාර්ගයෙන් දන්වා ඒවා තිබුනේ මහින්ද මහතා හට නොවැලැක්විය හැකි හේතුවක් නිසා කොමිසම හමුවේ පෙනී නොසිටිමට නොහැකි බවයි. ඒ අනුව අදාල නඩුව ලබන 24 දින  නැවත කැදවීමට නියමිතයි

  • බලය උදෙසා අනුරව වැනසූ මහින්ද අද බලය පතා දේශපාලන රංගනයක

    හිටපු ජනාධිපතිනිගේ සොහොයුරා මෙන්ම නිදහස් පක්ෂයේ නිර්මාතෘ බණ්ඩාරනායක මහතාගේ සහ එම  මැතිනියගේ  පුත් අනුර බණ්ඩාරනායකගේ  09 වන ගුණ සැමරුම වෙනුවෙන් ලංකා ඉතිහාසයේ පළමු වරට ඔහුව දේශපාලන වශයෙන් විනාශ කල මහින්ද රාජපක්ෂ පාර්ශවය විසින් බෝධි  පුජාවක්  සංවිධානය කර ඇති බව අපට වාර්තා වේ

    අනුර ජීවත්ව සිටින තාක්කල් ඔහුව තැබෑරුම් වලට ඇදගෙන ගොස් මතට ඇබ්බැහි කරමින් අනුරව විනාශ මුඛයට ඇද දමා බලය ලැබුණු පසුව සැලකුවේ තමන්ගේ පයට පෑගෙන දුවිල්ලක් මෙනි. මහින්දලාට අමතක වුවාට රටේ ජනතාවට නම් තාමත් මේ බව අමතක වි නැත.

    වරෙක අනුර බණ්ඩාරනායක දැඩි ලෙස අසනීපව වූ නිසාවෙන්  සිංගප්පුරුවේ පිහිටි රෝහලට රැගෙන යාමට එලියට බහින මොහොතේම ජනාධිපති ලේකම් කාර්යාලය හරහා ලියුම පැමිණියේ වහාම විසුම්පායේ පිහිටි තම නිළ නිවාසයේ  හැකි ඉක්මනින් ඉවත්වන ලෙස දැනුවත් කරමිනි.

    තවද අනුර ඇමති දුරය දැරූ සංචාරක අමාත්‍යාංශයෙන් ඉවත්කොට ඒ වෙනුවට ජාතික උරුමයන් අමාත්‍යංශයට මාරු කර යවා  අය වැයෙන් කිසිම ප්‍රතිපාදනයක් එම අමාත්‍යංශයට වෙන් නොකරයි. එම හේතුව නිසා අනුරට තම කාර්ය මණ්ඩලයට පඩි නඩි වත් ගෙවා ගැනීමට අපොහොසත් වි තිබෙනවා..

    රාජපක්ෂවරුන්ගේෙ පීඩනය මැද  දැඩි පීඩාවකින් අනුර  තම අවසන් කාලය ගෙවා ඇති බව මුළු රටම දන්නා කරුණකි.

    චන්ද්‍රිකා හොරගොල්ලේදී  තම සොහොයුරාගේ ගුණ සමරන විට එයට ගල් ගැසීමට  තම කේවට්ටයන් යොමුකළ මහින්දලා  අද විලි ලැජ්ජාවක් නැතුව ඔහු වෙනුවෙන් බෝධිපුජාවක් පැවැත්වීම ද  රටට විහිලු සපයන මහින්දගේ තවත් එක්  කුජිත වැඩක් ලෙස අපට සඳහන් කල හැක.

  • චන්ද්‍රිකාට හූ කියූ හිගන්නට වෙච්ච දේ මෙන්න ..(video)

    නව ව්‍යවස්ථාවක් සදහා ජාතික ව්‍යාපාරයේ පළමු සැසිය අද ශ්‍රීලංකා පදනම් ආයතනයේ පැවැත්වුනා..එම උත්සවය සඳහා හිටපු ජනාධිපතිනිය චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පැමිණි මොහොතේ හිගන්නෙක් එතුමියට හු කියමින් වැඩසටහන කඩා කප්පල් කිරීමට උත්සහගෙන තිබෙනවා.

    මෙම හිගන්නා කාගේ අනුදැනුම මත මෙහි පැමිණ ඇතිද යන්න මේ වනවිට සොයාගෙන ඇති අතර  ඔහු එකා බද්ද විපක්ෂයේ ප්‍රබල මන්ත්‍රී කෙනෙකුගේ ලගම හිතවතෙක් බවත් ඔහු මෙම හිගන්නාට රු.2000ක මුදලකට මෙම අසමජ්ජාති ක්‍රියාව සිදු කරන ලෙස උපදෙස් ලබා දී තිබෙන බව අප වාර්තාකරුට දැනගන්නට ලැබී තිබෙනවා.

    දිගින් දිගටම බාධා එල්ල කල මෙම හිගන්නා  අවසානයේදී සංවිධායකයන් විසින්  සභාවෙන් එලියට ඇද දමා තිබෙනවා

     

  • හැකි උපරිම සතුටකින් ජීවිතය ගෙවන්න මේ ක්‍රම 30ට මුදල් පරිහරණය කරන්න

    එදිනෙදා ජීවිතයේදී වැඩිහිටියන් වශයෙන්  අප කවුරුත් මුදල් උපයයන අතර  උපයන මුදල් පරිහරණය කර තම  ජීවිතය පුළුවන් උපරිම සතුටකින් පවත්වාගෙන යාමට ඉතා වෙහෙසක් දරයි. ඔබ උපයන මුදලෙන් ජිවිතයේ උපරිම සතුටක් විදිනවාද? එසේත් නැතිනම් අනවශ්‍ය වියදම් කරමින් තමන්ගේ සතුට සිමා කර ගන්නවාද?.. 

    කෙටි වෙලාවක් ගෙන මෙම  කරුණු 30 සිහිබුද්ධියෙන් කියවන්න 

    1. උපයන මූදලට වඩා වියදම් නොකරන්න. ඒ සඳහා සූදුසූම දෙය වන්නේ වියදම් ලැයිස්තුවක් සකස් කර ගැනීම හා එයට අනූව සියලූ‍ දේ කිරීමය.

    2. තේරුම් නැති දේ මිළදී නොගන්න. ඒ සඳහා යම් දෙයක් මිළදි ගැනීමට අවශ්‍ය වූ විටදී කිහිප වරක්ම සිතා බලන්න.

    3. දකින දකින දේ මිළදී ගැනීමේ පූරුද්දක් වෙයි නම් මිළදී ගැනීම් ලැයිස්තුවකට අනූව කටයූතු කරන්න. ˜‍සේල්˜‍ යැයි සඳහන් ස්ථානයන්ට යෑමෙන් වළකින්න.

    4. මිළ අධික දේ වෙනූවට එයට සමාන වූ විකල්ප භාණ්ඩ මිළදී ගෙන එහි ගුණාත්මක බව හා මූදල් ඉතිරිය අධ්‍යනය කරන්න.

    5. පිටතින් ආහාර ගැනීම හැකි තරමින්ම අඩූ කර පවූලේ සැමට ආහාර නිවසේදීම සකස් කරන්න.

    6. කඩපිළට හෝ කඩ මණ්ඩියට යද්දී කුසගිනි සහිතව නොයන්න. එවිට අනවශ්‍ය රසකැවිලි සඳහා මූදල් වැය වේ.

    7. ගෘහනියක නම් හැකි තරමින් නිවසේම රැඳී සිටීමට උත්සාහ කරන්න. එවිට අනවශ්‍ය වියදම් මඟ හැරේ. සාප්පූ සවාරි යෑම සීමා කරන්න. සැමවිටම අනවශ්‍ය ලෙසින් මූදල් වැය වන්නේ නිවසින් පිටතට ගිය විටදීය.

    8. සැමවිටම රැකියාවක් තෝරා ගනිද්දි වැටූප වැඩිම ස්ථානය තෝරාගන්න.

    9. ක්‍රෙඩිටි කාඩ් භාවිතය හැකි තරමින් සීමා කරන්න. ඒ සමගම මාසික බිල්පත් සම්පූර්ණයෙන්ම ගෙවන්න. හැකිතරමින් ක්‍රෙඩිටි කාඩ්වල මූදල් ගෙවා නිමා කරන්න. නොමැතිනම් ඔබට අනවශ්‍ය ලෙසින් පොලිය ගෙවීමට සිදු වේ.

    10. සැමවිටම මූදල් වියදම් කිරීමට පෙර සැලසූමක් සකස් කරගන්න. ඒ තුළින් යම් ප්‍රමාණයක් ඉතිරි කළ හැකි මාර්ග අධ්‍යයනය කරන්න.

    11. අවම වශයෙන් මසකට රුපියල් 1000 ක්වත් ඉතිරි කිරීමට සැලසූමක් යොදන්න. ඒ සඳහා උපයෝගි කරගත හැකි මාර්ගය වන්නේ නිතර භාවිත නොකරන ගිණූමක යම් මූදලක් තැන්පත් කිරීමය.

    12. මේ සඳහා ඔබ මඳක් දුරින් පිහිටි බැංකුවක අලූ‍ත් ගිණූූමක් අරඹා එයින් නිකුත් කරන ්ඔඵ හෝ ක්‍රෙඩිටි කාඩ් මිළදී නොගන්න. එවිට පහසූවෙන් මූදල් ගැනීමට නොහැකි වීමෙන් මූදල් ඉතිරි වේ.

    තවද නිශ්චිත දිනයකදී වැටූපෙන් සියයට පහක් හෝ ඉතිරි කිරීමට උත්සාහයක් දරන්න. එම මූදල් නිශ්චිත දිනයකදී බැංකුවට බැර කළ යූතු වීමෙන් එය අනිවාර්යෙන්ම සිදු වේ.

    13. වැඩිපූර මූදල් ළඟ තබා නොගන්න. අවශ්‍ය මූදල් පමණක් බැංකුවෙන් ලබා ගන්න.

    14. මූදල් යළි ලැබීමට හැකි ආයෝජනයකට මූදල් යොදවන්න. එය සූළු ව්‍යාපාරයක් හෝ ස්වයං රැකියාවක් වූවද කම් නැත.

    15. මිතුරන් හා නෑයින්ගේ සමග තරග කිරීමට නොයන්න. මිතුරන් හා නෑයින් ජීවන විලාසිතා සමග ඔබේ ජීවිතය සසඳා නොබලන්න.

    16. මූදල් ඇති විටදී මූදල් කළ හැකි යම් යම් සහතික පත් මිළදී ගන්න. එවිට පොලියත් සමගම එය නිශ්චිත කාලයකින් පසූව මූදල් කළ හැකි වේ.

    17. ජංගම දුරකතන බිල හැකි තරම් අවම කරගන්න. සැමවිටම කාර්ය බහූල නොවන වේලාවන්හිදි පමණක් නිවසේ දුරකතනය භාවිත කරන්න.

    18. තමාගේම මෝටර් රියෙන් හෝ පාසල් වෑන් රථවලින් දරුවන්ව පාසල් යැවීම වෙනූවට ඔවූන් බස් රථ හා දුම්රියෙන් යෑම පූරුදු කර වාර ප්‍රවේශ පත්‍රයක් ලබා දෙන්න. එවිට විශාල මූදල් ඉතිිරියකි.

    19. පූවත්පත් සඟරා මිළදී ගැනීම සීමා කරන්න. සැමවිටම නිවසේ අය එයින් ප්‍රයෝජනයක් ලබන්නේදෑයි විමසා බැලීම වටී. උදාහරණයක් ලෙසින් ඇතැම් නිවෙස්වලට පූරුද්දක් ලෙසින් ඉරිදා ඉංගී්‍රසි පූවත්පත් මිළදි ගත්තද එය කිසිවෙකු නොකියවයි.

    20. යම් යම් මිළදී ගැනීම්වලින් ඔබට ලැඛෙන මාරු කාසි වෙනම භාවිතයකට රැස් කරන්න. සෑම මසකට වරක් එම මූදලට තවත් මූදලක් එක් කර එය බැංකුවක තැන්පත් කරන්න. ඒ සඳහා ග්‍රාමීය බැංකුවක් වඩාත් සූදුසූ වේ.

    21. කඩපිළට යද්දී බෑගයක් ගෙන යන්න. එවිට අලූ‍තින් බෑග් මිලදී ගැනීමට සිදු නොවේ.

    22. ගෘහනියක් ලෙසින් ඔබේ පාවිච්චියට මෝටර් රථයක් මිළදී ගන්නේ නම් ඒ සඳහා ඉන්ධන අඩූවෙන් වැය වන වාහනයක් තෝරාගන්න.

    23. වේගයෙන් රිය පැදවීම අනවශ්‍ය ලෙසින් තිරිංග තද කිරීම හා අනවශ්‍ය ගමන්බිමන් වලින් වළකින්න. සැලකිය යූතු මූදලක් ඉන් ඔබට ඉතිරි වේ.

    24. මෝටර් රියෙන් යම් ගමනක් යෑමට පෙර එය සැලසූම් කරන්න. ගමන් කළයූතු මාර්ගය එම ගමනේදී ඉටූ කළ හැකි දේ ඒ සඳහා ගත වන කාලය කල්තියා සැලසූම් කිරීමෙන් සියලූ‍ කටයූතු මඟ හැරීමකින් තොරව ඉටූ කර ගත හැකි වේ. එමගින් ඉන්ධන සඳහා වැය වන මූදල් ඉතිරි කර ගැනීමට හැකිවේ.

    25. මිළ අධික භාණ්ඩයක් මිළදී ගැනීමට පෙර ඒ පිළිබඳව දන්නා අයගෙන් විමසා බලන්න. එවිට ඉතා කදිම වර්ගයක් අඩූ මූදලකට ගැනීමට හැකි වේ.

    26. සූබ පැතුම් පත් මිළදී නොගෙන ඒවා නිවසේ සකස් කර ගන්න. දරුවන්ගේ ඇඳුම් සාරි ආදිය ද එසේ සකස් කර ගැනීමෙන් මූදල් ඉතිරිය සේම වැඩි අලංකාරයක්ද ලැබීමට හැකි වේ.

    27. විදුලි පරිභෝජනය සීමා කිරීම නිවසකට බොහෝ මූදල් ඉතිරි කර දෙන්නකි. නිවසේ විදුලි පහන් නිවා දෑමීමෙන් එක්වර ඇඳුම් මැදීමෙන් දිනකට එක්වරක් පමණක් ජල ටැංකිය පිරවීමෙන් හොටි ප්ලේටි භාවිත නොකිරීමෙන් ඔබට විදුලිබිල ඛෙහෙවින්ම අවම කරගත හැකිය. නිබඳවම විදුලි පහන් දල්වන ස්ථානයන්ට කතඛ බල්බ් යොදන්න. එමගින් ඔබට විදුලි බිල 10 ඃ 20 % ප්‍රමාණයකින් ඉතිරි කර ගත හැකිය.

    28. නිවසේ සැමට එකවර තේ පිළියෙල කරන්න.

    29. නිතරම ඉවසීමෙන් කටයූතු කරන්න. මූදල් වැය කිරීමට පෙර එය අධ්‍යනය කරන්න.

    30. ආහාර ද්‍රව්‍ය, මූදල් හැකි තරමින් අවම කිරීමට උත්සාහ කරන්න.