Blog

  • ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණෙන් සුපිරි වැඩක්

    හැකියාවෙන් පිරිපුන් දක්ෂ අවංක පිරිසිදු දේශපාලනඥයන් බිහිකිරීම සඳහා දේපාලන ඇකඩමියක්..

    රැකියා දසලක්ෂයක් වෙනුවට විසිලක්ෂයක් …

     

                     අනාගතයේදී පිරිසිදු දේශපාලඥයෙකු බිහිකර ගැනීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් දේශපාලන ඇකඩමියක් ආරම්භ කර ඇති බවත් සඳහන් කළා. පක්ෂ විපක්ෂ ඕනෑම තරුණ තරුණියකට මෙම ඇකඩමිය තුළින් නොමිලේ පුහුණුව ලබාගැනීමට හැකියාව ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණේ සභාපති ශාන්ත බණ්ඩාර සඳහන් කළා.

                  මෙම පාඨමාලාවේ පළමු කණ්ඩායමේ පාඨමාලාව  මාර්තු  මස 19 වැනිදා පටන්ගැනීමට  නියමිත අතර ,මේ සඳහා  උනන්දුවක් දක්වන තරුණ  තරුණියන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය, ඩාර්ලි පාර, මරදාන යන ලිපිනයට අයදුම්පත් යොමු කළ හැකි අතර එදින පැමිණ ද ලියාපදිංචි විය හැක. තුන් මාසික පාඨමාලාවක් ලෙස පැවැත්වෙන  පුහුණු පාඨමාලාව අවසානයේදී ජාත්‍යන්තරව පිළිගන්නා සහතික පත්‍රයක් ලබාදීමටද සැලසුම්කර තිබෙනවා.

                     මේ අතර රැකියා දස ලක්ෂයක් වෙනුවට රැකියා විසි ලක්ෂයක් මෙරට තරුණ තරුණියන් වෙනුවෙන් නිර්මාණය කිරීමට හැකි සැළසුම් තමන් සතු බව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණ පවසනවා. එහි සභාපති හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රි ශාන්ත බණ්ඩාර පැවසුවේ එම වැඩපිළිවෙල අපේ‍්‍රල් 02 වැනිදා පැවැත්වෙන සිය ජාතික සමුළුවේදි එළි දක්වන බවයි.
        

  • ඇමරිකාවේ එහෙම වුනත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ (ට්‍රම්ප්)

    අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සම්පුර්ණ වාර්ෂික ජනාධිපති වැටුප පුණ්‍යායතනයකට පරිත්‍යාග කරනු ඇති බව ධවල මන්දිර ප්‍රකාශකයෙකු නිවේදනය කරයි.

    ධවල මන්දිර ප්‍රකාශක ශෝන් ස්පයිසර් පැවසුවේ ඒ අනුව ඩොලර් ලක්‍ෂ හතරක මුදලක් වසර අවසානයේදී පුණ්‍යායතනයකට පරිත්‍යාග කිරීමට නියමිත බවයි.

    තමා ජනාධිපතිවරයා ලෙස තේරී පත් වුවහොත් එම රාජකාරි සඳහා වෙන්වූ වැටුප ලබා නොගන්නා බව ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු පැවැත්වෙන සමයේ ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබුණි.

  • පාර්ලිමේන්තුවට වඩා පිස්සන් කොටුව හොඳයිලු

    අද වන විට පාර්ලිමේන්තුවේ උත්තරීතර භාවය මුළුමනින්ම නැති වී ගොස් පාර්ලිමේන්තුව පිස්සන් කොටුවටත් වඩා අන්ත තත්ත්වයකට පත්වී තිබෙන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය බෙල්ලන්විල විමලරතන හිමියෝ පවසති.

    උන්වහන්සේ මේ බව පැවැසුවේ ‘මාර්තු 12 ව්‍යාපාරය’ සමාරම්භක උත්සවය පසුගියදා (13දා) නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී පැවැති අවස්ථාවේදීය.

    මාර්තු 12 ව්‍යාපාරය 2015දී ආරම්භ කළේ මේ රටේ මැතිවරණවලට ශීලාචාර, ගුණයහපත්, බුද්ධිමත් පුද්ගලයන් තෝරාගෙන ඔවුන්ට නාම යෝජනා ලබාදීමට දේශපාලන පක්ෂ උනන්දු කරවීමට බවත් නමුත් මෙරට මැතිවරණ ක්‍රමයට අනුව ස්වාධීන පුද්ගලයන්ට මැතිවරණවලට තරග වැදීමට අපහසු බවත් උන්වහන්සේ පැවැසූහ.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමලරතන හිමියෝ මෙසේද පැවැසූහ.

    අද වෙනකොට මැතිවරණවලට නාමයෝජනා භාරදෙනකොට දේශපාලන පක්ෂමයි තීරණය කරන්නෙ මොකාවද මැතිවරණවලට දාන්නෙ කියලා. එහෙම තත්ත්වයක් මේ රටේ තියෙන්නෙ. පසුගිය මහ මැතිවරණයට හොඳ මිනිස්සු යවන්න තමයි 2015දී මේ මාර්තු 12 ව්‍යාපාරය පටන් ගත්තේ. නමුත් හොඳ මිනිස්සු ගියාද කියන ප්‍රශ්නය තියෙනවා.

    මේ වෙනකොට අපේ රටේ දේශපාලන පක්ෂ 60ක් ලියාපදිංචි වෙලා ඉන්නවා. ඒ වගේම තමයි තවත් පක්ෂ සියයකට අධික ප්‍රමාණයක් ලියාපදිංචි වෙන්න ඉල්ලුම් කරලා තියෙනවා. මේක මහ විහිළුවක්.

    මේ පුංචි රටේ දේශපාලන පක්ෂ මෙතරම් ප්‍රමාණයක් ලියාපදිංචි වෙන්න හදන එක ලොකු විහිළුවක්. මේ ලංකාව ලෝකෙට විහිළු සපයන තැනක් බවට පත්වෙලා. මේ දේවල් නවත්වන්න සිවිල් සමාජය ඉදිරියට එන්න ඕනි.

    අද අපේ රටේ පාර්ලිමේන්තුවට වඩා පිස්සන් කොටුව හොඳයි. පාර්ලිමේන්තුවේ තියෙන උත්තරීතරභාවය එහෙම පිටින්ම නැති වෙලා ඉවරයි. මහජන නියෝජිතයෝ ගහගන්නවා. බැනගන්නවා. කුණුහරුප කියාගන්නවා. ඔවුන් ඉතා පහත් තත්ත්වයට පත්වෙලා.

  • මෙගා පොලිස් ඇමති චම්පිකගේ රථවාහන සැලැස්ම ගැන මහේල ප්‍රශ්න කරයි

    මෙගා පොලිස් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසා තිබුණේ නව රථවාහන සැලැස්ම අත්හදාබැලීම සාර්ථක බවයි.

    කෙසේ නමුත් මේ පිළිබඳව ක්‍රිකට් ක්‍රීඩක මහේල ජයවර්ධන ඔහුගේ ට්විටර් ගිණුමේද සඳහනක් යොදමින් පවසා තිබුණේ බස් රථ සඳහා වෙනම මංතීරුවක් වෙන්කිරීමේ අරමුණ වන්නේ කුමක්දැයි ප්‍රශ්න කරමින්.

  • ගීතා කුමාරසිංහට වැඩ වරදී…

    ස්විට්සර්ලන්තයේ පුරවැසිභාවය හිමි ගාල්ල දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ මහත්මියට පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය දැරිය නොහැකි බව නීතිපති අභියාචනාධිකරණය දන්වා ඇති බව වාර්තා වෙයි. මේ හේතුව නිසා ගීතා කුමාරසිංහ මහත්මියට පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහිමි වුවහොත් මීළඟට ගාල්ල දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන ලැයිස්තුවේ සිටින හිටපු අමාත්‍ය පියසේන ගමගේ මහතාට පාර්ලිමේන්තු වරම් හිමිවනු ඇත..ඒ, ඇය ද්විත්ව පුරවැසිභාවය හොබවන බැවින් පාර්ලිමේන්තු මන්තී‍්‍රවරියක් ලෙස කටයුතු කිරීමට නොහැකි බවට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොණුකළ රීට් පෙත්සම කැඳවූ අවස්ථාවේදීයි.

    අභියාචනාධිකරණ සභාපති විනිසුරු විජිත් මලල්ගොඩ ඇතුළු ති‍්‍රපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ නඩුව අද කැදවනු ලැබුවා.

    එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක් ද සිල්වා පැවසුවේ ද්විත්ව පුරවැසිභාවය හොබවන යම් තැනැත්තෙකු පාර්ලිමේන්තු මන්තී‍්‍ර ධුරය සඳහා නුසුදුසු බව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති බවයි.

    ගීතා කුමාරසිංහ මන්තී‍්‍රවරිය මේ වනවිට ශී‍්‍ර ලංකාවේ සහ ස්විට්සර්ලන්තයේ පුරවැසිභාවය හොබවන බැවින් පාර්ලිමේන්තු මන්තී‍්‍ර ධුරය සඳහා නුසුදුසු බවයි ඔහු කියාසිටියේ.

    ගීතා කුමාරසිංහ මන්තී‍්‍රවරිය ස්විට්සර්ලන්තයේ පුරවැසිභාවය අවලංගු කර ගෙන ඇති බවට කිසිඳු සාක්‍ෂියක් නොමැති බවද අධිකරණයේදී අද ප‍්‍රකාශ කෙරුණා.

    අදාළ රීට් පෙත්සම ගොණුකරනු ලැබ තිබුණේ ගාල්ල ප‍්‍රදේශයේ පදිංචිකරුවන් පස් දෙනෙකු විසින්.

  • හොරා පැති කන්නාඩි ගැලවූ හැටි..(VIDEO)

    කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශ වල පැති කන්නාඩි සොරකම් බහුල වශයෙන් සිදුවෙනවා..මේ කොළඹ අලුත් කඩේ උසාවියේ නවතා තිබු මෝටර් රථයක පැති කන්නාඩි සොරකම් කරන ආකාරය ජංගම දුරකතනයකින් video කල අවස්තාවක්…

    මහ මග තමන්ගේ මෝටර් රථය දමා යන විට හොරුන්ගෙන් ප්‍රව්සම් වන්න…

  • ගම්පහ මහාධිකරණයෙන් බැසිල් හා තිරුකුමාර් නඩේෂන්ට විරුද්ධව අධිචෝදනා..

                          ගම්පහ මල්වානේ පිහිටි ඉඩම සම්බන්දයෙන් ලබන මැයි මස 03න් වනදා  අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට සහ තිරුකුමාර නඩේෂන් මහත්වරුන්ට සිතාසි නිකුත්කර තිබෙනවා. ඒ ගම්පහ ‍මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා විසින් . හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ තිරුකුමාර නඩේෂන් මහත්වරුන්ට විරුද්ධව පසුගිය බ්‍රහස්පතින්දා නීතිපතිවරයා විසින් ගම්පහ මහාධිකරණයේ අධිචෝදනා ගොනු කලා. ඒ රුපියල් මිලියන  250ක මුදලකට ගම්පහ මල්වානේ පිහිටි නිවසක් හා ඉඩමක් මිලදී ගැනීමේ සිද්දිය සම්බන්දවයි..

                          මිට පෙර පවතී නඩු විභාගයේදී බැසිල් රාජපක්ෂ මහතා පැවසුවේ තමාගේ නමින් මේ වනවිට ගම්පහ මල්වානේ කිසිම ඉඩමක් හා නිවසක් නොමැති බවයි..

  • ලකුණු අතර සිටියදීත් මාව කණ්ඩායමෙන් ඉවත් කලා.. උපුල් තරංග කනස්සල්ලෙන් කි කථාව මෙන්න..

    ශ්‍රී ලංකා කණ්ඩාම තුළ පසුගිය මාස 8ක කාලය තුලදී ස්ථිර ස්ථානයක් හිමිවීම තමන්ට ඉතා හොදින් ලකුණු අතරට නැවතත් පැමිණීමට ඉවහල් වූ බව ආරම්භක පිතිකරු උපුල් තරංග පවසනවා.

    පසුගිය වසර දෙක තුන තුල තමන්ට කණ්ඩාම තුළ දිගට ක්‍රීඩා කිරීමට අවස්ථාවක් නොලැබුණු බවත් එ් නිසා ක්‍රීඩකයෙකුට තම ආත්මවිශ්වාසය ගොඩනගා ගැනීමට නොහැකි වන බවත් තරංග මෙහිදී වැඩිදුරටත් කියා සිටියා. තවද එක්දින කණ්ඩායමේ නායකත්වය හිමිවීමත් මානසික වශයෙන්ද තම ආත්මවිශ්වාසය ගොඩ නගා ගැනීමට විශාල පිටුවහලක් වූ බවද තරංග කියා සිටිනවා.

    පසුගිය වසර කිහිපය තුළ තමන් එක් ටෙස්ට් ඉනිමකදී පමණක් අසාර්ථක වූ බවත් ඒ හැරුණු කොට තමන් ලකුණු අතර සිටියදීත් කණ්ඩාමමෙන් ඉවත් වීම පිළීබඳව ඔහු කනස්සල්ල පළ කළ සිටියා. ඔහු මේ පිළිබඳව ප්‍රකාශ කළ සිටියේ ESPNcricinfo වෙබ් අඩවිය සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදීය.

     

  • ටියුෂන් පන්තියේ ඩාන්ස් දාලා දුන් සුපිරි ආතල් එක(video)

     

    උපකාරක පංතියක අවසන් දිනයේදී එම පන්තියේ  ගුරුවරයා නොවන පන්තියේ   කළමනාකරු  “අමුතු” නර්තනයක් ඉදිරිපත් කර බවට දැක්වෙන වීඩියෝවක් අන්තර්ජාලයට නිකුත් වී තිබෙනවා.

    එම වීඩියෝව ඔබට පහතින් නැරඹිය හැක.

     

     

  • නැවතත් සිපිරි ගේ රස විදීමට බියෙන් ගම්මන්පිල උසාවි යයි…

     

     

    වර්තමාන දේශපාලන තුල මේ වන විට කාගේත් උපහාසයකට ලක්ව ඇති කුප්‍රකට උදය ගම්මන්පිල හෙවත් කුට්ටන්පිල  ව්‍යාජ ඇටෝර්නි බලපත්‍ර යොදාගනිමින් ඕස්ට්‍රේලියානු ජාතික ආයෝජකයකු වන බ්‍රයන් ෂෙඩික් මහතාගේ ව්‍යාපාර කටයුතු වලට මැදිහත්වී ඔහුගේ ව්‍යාපාර කොටස් අයථා ලෙස පරිහරණය කිරීම පවරා ඇති නඩුව අද (14) කොළඹ මහාධිකරණයේදී නැවත විභාගයට ගනු ලැබුවා.

    හරස් ප්‍රශ්ණ වලට මුහුණදීමට බියෙන් හදිසියේ ඇතිවූ සංකූලතාවයක් යැයි පවසමින් ඊයේ රාත්‍රියේ පෞද්ගලික රෝහලකට ඇතුලු වූ පා.ම උදය ගම්මන්පිල අද උදෑසන නඩු විභාගය සඳහා පැමිණ සිටියා.යම්හෙයකින් උදය ගම්මන්පිල නඩු විභාගයන්ට සහභාගී නොවුනහොත් ඔහුව අත් අඩංගුවට ගෙන බන්ධනාගාර රෝහලට ඇතුලු කරන ලෙසට නීතිපතිවරයා විසින් පොලීසියට උපදෙස් ලබාදීම නිසා මෙලෙස හදිසියේම උදය ගම්මන්පිල සිය අසනීප ප්‍රබන්ධය අතහැර අධිකරණයට පැමිණ තිබේ.

    නඩු විභාග අතරතුරදී දේශපාලකයින් වරින් වර විවිධ අසනීප නිසා පෞද්ගලික රෝහල් වලට ඇතුලු වීම සහ ඒ හරහා ඔවුන් නඩුවාර මඟ හැරීම ගැන අවධානය යොමුකල නීතිපතිවරයා මෙම නියෝගය පොලීසියට ලබාදී තිබෙන බව අප වාර්තාකරු සඳහන් කලා….

     

  • ආච්චිගෙයි සීයගෙයි සුපිරි ඩාන්ස් එක

    වසට ගියත් සතුටෙන් සන්තෝසයෙන් ඉන්නවා කියන්නේ මෙන්න මේකටයි…

  • බොරු පොරොන්දු දී නරුමයෙකු 14 හැවිරිදි දැරියක් රඳවාගෙන දූෂණය කර ඇති හැටි

    හැටන් වටවල රොසැල්ල මාණික්කවත්ත ප්‍රදේශයේ අවුරුදු දාහතරක් වයසැති පාසල් දැරියක් විවාහ කර ගන්නා බවට පොරොන්දු වී එම දැරිය පැහැරගෙන ගොස් මාසයකට අධික කාලයක් රඳවාගෙන ලිංගික අතවර කළ තරුණයා සහ එයට අනුබල දුන් ඔහුගේ මිතුරකු සැකපිට හැටන් පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.

    අවුරුදු 14ක මෙම කුඩා දැරිය දුරකථන සම්බන්දතාවකින් මෙම තරුණය සමග කතා බහ කොට ඇති අතර පසුව එය ප්‍රේම සම්බන්දතාවක්අ දක්වා දුර දිග ගොස්ත ඇත.  ඉකුත්දා (23දා) සිට එම පාසල් දැරිය අතුරුදන්ව ඇති බවට ඇයගේ මවුපියන් විසින් හැටන් පොලිසියට පැමිණිලි කර ඇති අතර එම පැමිණිල්ල මත පරීක්ෂණ පැවැත්වූ පොලිසිය එම පාසල් දැරිය ඔහුගේ මිතුරකුගේ නිවෙසක නවත්වා සැකකාර තරුණයා කොටගල ප්‍රදේශයේ සැඟව සිටියදී ලද තොරතුරක් මත ඊයේ (13දා) අත්අඩංගුවට ගෙන තිබේ. මෙම පාසල් දැරියව ඉකුත්දා (7දා) එම තරුණයාගේ මිතුරකුගේ නිවෙසක සිටියදී එම මිතුරා සමඟ පොලිසිය සැකපිට අත්අඩංගුවට ගෙන තිබිණි. මෙම පාසල් දැරියව නාවලපිටිය අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කර වෛද්‍ය වාර්තාවක්ද ලබාගෙන ඇත. ප්‍රධාන සැකකරු සන්තකයේ තිබූ යතුරුපැදියද සොයාගෙන ඇත. පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිරෝෂන් මහතාගේ මෙහෙයවීම යටතේ උප පොලිස් පරීක්ෂක මල්දෙණිය, පො.කො. නිශ්ශංක (62174), පො.කො. අප්සරා (2247), පො.සැ. විජේසිංහ (32163) යන නිලධාරීහු මෙම වැටලීම සිදුකළහ.

    කුඩා දරුවන් හා තරුණවියට පා තබන නව යොවුන් දරු දැරියන්  අන්තර්ජාල ජංගම දුරකථන  හා අනෙකුත් සමාජ මාධ්‍ය  හාවිතා කිරීමේදී දෙමාපියන් ඒ පිළිබඳව වැඩි සැලකිල්ලක් දැක්විය යුතුයි. දරුවන් නිසි මගට යොමුකර ඔවුන්ගේ ආරක්ෂාව සුරක්ෂිත කිරීම සෑම දෙමව්පියන්ගේම කර මත පැටවුණු අනිවාර්ය වගකීමක් හා යුතුකමකි.

  • නඩු විභාගයට මුහුණ දීමට නොහැකි බව පවසමින් ගම්මන්පිල රෝහල් ගත වේ…

    පා.ම උදය ගම්මන්පිල මහතා හදිසියේම කොළඹ ප්‍රමුඛ පෙලේ පෞද්ගලික රෝහලකට ඇතුලත් කර තිබෙන බව වාර්තා වේ.  අද සවස ඇතිවූ සංකූලතාවයක් හේතුවෙන් ඔහු මෙසේ රෝහල්ගත කර තිබේ.

    ඕස්ට්‍රේලියානු ජාතික ආයෝජකයකු වන බ්‍රයන් ෂෙඩික් මහතාගේ ව්‍යාපාර කටයුතු වලට මැදිහත්වී ඔහුගේ ව්‍යාපාර කොටස් අයථා ලෙස පරිහරණය කිරීම හා ව්‍යාජ ඇටෝර්නි බලපත්‍ර යොදාගනිමින් විකුණා දැමීම පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතාට විරුද්ධව බ්‍රයන් ෂෙඩික් මහතාගේ ලංකාවේ ඇටෝර්නි බලකරු වන ලසිත පෙරේරා විසින් පවරා ඇති නඩුව හෙට (14) කොළඹ මහාධිකරණයේදී නැවත විභාගයට ගැනීමට නියමිතය.

    හෙට දින මෙම නඩුවේ හරස් ප්‍රශ්ණ ඇසීමට නියමිතව තිබෙන නිසා එම නඩු විභාගයට මුහුණ දීමට නොහැකි බව පවසමින් ගම්මන්පිල මෙලෙස රෝහල් ගත වී තිබේ.

     

  • ආන්දෝලනාත්මක සුමන්තිරන් ඝාතන කුමන්ත්‍රණ නඩුවේ අද වෙච්ච දේ මෙන්න..

    මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන්  ඝාතනයට තැත් කිරීම යන චෝදනාව යටතේ අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කර සිටි සැකකරුවන්  යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙන අතර  එම  නඩුව අද(13) කැඳවූ අවස්ථාවේදී ඔවුන් ලබන 22 දින දක්වා බන්ධනාගාර ගත කිරීමට කිලිනොච්චිය මහේස්ත්‍රාත් නියෝග කළ බව අප  වාර්තාකරු පවසයි.

    සිද්ධියට සම්බන්ධ කන්නන් හෙවත් අනොජන් නමැති තවත් සැකරුවෙකු සිටින බවට තොරතුරු අනාවරණය වී ඇති බවත්, ඒ සම්බන්ධයෙන් අදාළ නීති පාර්ශවය විසින් මහේස්ත්‍රාත්වරයා දැනුම්වත් කර ඇති බවත් සඳහන්. මේ අතර  ඔස්ට්‍රේලියාවේ පදිංචි බවට තොරතුරු වාර්තා වී ඇති අතර ඔහු  අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලීසියේ සහය ලබා ගැනීමට ත්‍රස්ත මර්දන පොලීසිය විසින් අධිකරණයෙන් අවසර ඉල්ලා තිබෙන අතර ඒ අනුව ඔහු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීම සඳහා පොලීසිය විසින් සිදු කළ ඉල්ලීමට  කිලිනොච්චිය මහේස්ත්‍රාත්වරයා විසින් අවසර ලබා දුන් බව අප  වාර්තාකරු කියා සිටි.

    එමෙන්ම මෙම සැකකරුවන් දැනට අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටින අතර ඔවුන් වව්නියාව බන්ධනාගාරය වෙත මාරු කර යවන ලෙස සැකකරුවන්ගේ පාර්ශවයේ නීතීඥවරයා විසින් අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබෙන අතර  එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කර ඇත්තේ තවදුරටත් ඔවුන් අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා ප්‍රශ්න කිරීම් සිදුකිරීම හේතුවෙන් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බවයි.

  • බලලෝභි පරාජිතයා මාධ්‍ය නිවේදනයකින් රටම හිනස්සයි..

    දෙවතාවකට පමණක් සිමාකර තිබු ජනාධිපතිධුරය දැරිමේ සිමාව ඉවත්කරමින් ජිවිත කාලය පුරාවටම ඒකාධිපති පාලකයෙක් බවට පත්විමට උත්සහ කල මහින්ද අද නිකුත් කල මාධ්‍ය නිවේදනය මුළු රටටම විහිළුවක් වි ඇත.

    තම පාලන සමය තුල රට ජාතිය ආගම වලපල්ලට දමමින් කටයුතු කල මහින්ද රාජපක්ෂ හදිසියේම ව්‍යවස්ථාව ගැන බිල්ලන් මැවිමට කතාකිරිම හාස්‍යයට කාරණාවක් බව විද්වතුන් පවසයි. තම බලය ඒකාධිපතිකම දක්වා ප්‍රවර්ධනය කිරිමට කටයුතු කල මෙවන් බලලෝභි පාලකයන් බලය අහිමිව ගිය පසු ‍ළමයින් ලෙස ක්‍රියාකිරිමේ අරමුණ බලය ලබාගැනිම පමණක් බව විද්වත් මතවාදය වි ඇත.

    බලය අහිමිව ගිය තැන උම්මත්තකයෙක් ලෙසින් යලිත් කටට එන ඕනෑම දෙයක් ප්‍රකාශකිරිම මහින්දගේ ප්‍රයත්නය වි ඇති බව සියල්ලෝම මේ වනවිටත් වටහාගෙන ඇත.

  • ජනතාවට සේවය කරන්න කෝටි 4ක ෆෝ විල් එකක් ඕනෙමයි…

    අඩුපාඩු අගහිගකම් මැද ජිවත් වෙන රටක  දුක් විදින ජනතාව බහුල බව කවුරුත් දන්නා කරුණකි. ජනතාවට සේවය කිරීමට, ජනතාව වෙනුවෙන් ජීවිතය කැපකිරීමට  යනුවෙන් පච ටොන් ගණන් අතහරිමින් ජනතාව මුලාවට පත් කරන දේශපාලකයන් පිළිබඳව ජනතාව මේ වනවිට බොහෝ දුරට කලකිරී ඇත. ජනතාවගේ කර මතින් පාර්ලිමේන්තු ගොස් තමන්ගේ බඩ කට රිසි සේ පුරවා ගන්නා දේශපාලකයන් හට නැවත ජනතාව මතක්වන්නේ නැවතත් ඡන්දයක් ලං වූ විට පමණි.. මෙය බොහෝ දේශපාලකයන් හට පොදු සිද්ධි දාමයකි….

    මේ වනවිට පාර්ලිමේන්තු ඇමතිවරු 12 දෙනෙක් වෙනුවෙන් වාහන ගැනීම සඳහා කෝටි 54ක පරිපුරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කොට ඇත..මෙවැනි ඇස්තමේන්තුවක් කිසිදු බාධාවකින් තොරව සම්මත වන බව ජනතාව මේ වනවිට වටහාගෙන ඇත.  ඇමති කෙනෙක් වෙනුවෙන් අවම වශයෙන් ලක්ෂ 400ක් සිගා කමින් මාධ්‍ය  ඉදිරිපිටට පැමිණ ඔවුන්ම  ජනතාව ඉදිරියේ  මෙසේ කිසිදු හිරිකිතයක්  නොමැතිව රෙදි ගලවා ගැනීම පිළිබඳව  ලැජ්ජා විය යුතුයි.

    ලක්ෂ 14ට ගන්න තිබු Alto කාර් එකත් ජනතාවට උසුලා ගත නොහැකි ලක්ෂ 23කට ආසන්න මුදලකට ඉහල නංවා තමන්ගේ සැප පහසුව සඳහා ජනතාවගේ බදු මුදලින් ලක්ෂ 400ක 500ක වාහන ගැනීම පිළිබඳවයි දේශපාලකයන් ලැජ්ජා විය යුතු බව ජනතා මතවාදයයි.

    ….ජනතාවගේ ප්‍රශ්න තාමත් එසේමය….

    ….පක්ෂ විපක්ෂ  මැති ඇමැතිලාගේ  බඩ කට යහමින්  පිරි ඇත….