Blog

  • ඉන්දියාවෙන් පාකිස්ථානයට දැඩි අවවාද

    ඉන්දියාවෙන් පාකිස්ථානයට දැඩි අවවාද

    ඉන්දියාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් ඉල්ලා සිටියේ පාකිස්ථානයේ රාජ්‍ය අනුග්‍රහය ලබන ත්‍රස්තවාදය අවසන් කිරීමට සහ සිය පාලනය යටතේ පවතින සියළු ප්‍රදේශයන්හි ත්‍රස්තවාදී යටිතල පහසුකම් බිඳ දැමීමට විශ්වාසදායක හා ආපසු හැරවිය නොහැකි පියවර ගන්නා ලෙස පකිස්ථානයෙන් ඉල්ලා සිටින ලෙසයි.

    ජිනීවාහි පැවති මානව හිමිකම් කවුන්සිලයේ 48 වන සැසිවාරයේදී නවදිල්ලියට එරෙහිව පදනම් විරහිත චෝදනා කිරීමට පාකිස්ථානය ගත් උත්සාහයට, සිය පිළිතුරු දීමේ අයිතිය ක්‍රියාත්මක කරමින් “ජම්මු සහ කාශ්මීරයට එරෙහිව ඉස්ලාමාබාද් කළ කෑගැසීම එහි බලාපොරොත්තු සුන්වීම හා ව්‍යාකූල මානසික තත්වය පිළිබිඹු කිරීමක්” යැයි ඉන්දියාව පැවසීය.

    “පාකිස්තානය විසින් අත්පත් කරගෙන ඇති භූමි ප්‍රදේශ ඇතුළුව මුළු ජම්මු සහ කාශ්මීරයේ භූමි භාගය තවමත් ඉන්දියාවේ අනිවාර්ය අංගයක් වී ඇත,” යනුවෙන් ජිනීවාහි එක්සත් ජාතීන්ගේ ඉන්දියාවේ නිත්‍ය නියෝජිත කාර්යාලයේ පළමු ලේකම් එස් සෙන්තිල් කුමාර් පැවසීය.

    ප්‍රජාතන්ත්‍රවාදයේ සාරධර්ම හා සංස්කෘතිය කුමක් වුවත් පාකිස්තානය වැනි රැඩිකලීකරනය වූ සහ අසාර්ථක රාජ්‍යයක් ඉන්දියාව වැනි විශාල හා ශක්තිමත් රාජ්‍යයකට ප්‍රජාතන්ත්‍රවාදය දේශනා කිරීමට එඩිතර වීම හාස්‍ය ජනක ය, ” යනුවෙන් ඉන්දීය නියෝජිත එස් සෙන්තිල් කුමාර් පැවසීය.

    පාකිස්ථානයට රාජ්‍ය අනුග්‍රහය දක්වන ත්‍රස්තවාදයට දැඩි ලෙස පහර දෙමින් ඉන්දියාවේ නියෝජිතයා පැවසුවේ, “ලෝකයේ ත්‍රස්තවාදයේ කෙන්ද්‍රය සහ ත්‍රස්තවාදය සහ ප්‍රචණ්ඩත්වය ප්‍රචලිත කරන අපනයනකරු ලෙස පකිස්ථානය සිය ස්ථානය අඛණ්ඩව පවත්වා ගෙන යන” බවයි.

    ත්‍රස්තවාදය සම්බන්ධයෙන් ඉස්ලාමාබාද් මතය තවදුරටත් බිඳ හෙළමින් ඉන්දීය නියෝජිත එස් සෙන්තිල් කුමාර් පැවසුවේ “පාකිස්ථානය යනු හිටපු ජනාධිපතිවරුන් සහ අගමැතිවරුන් විසින් පාකිස්ථානයේ රාජ්‍ය යාන්ත්‍රණය සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් තහනම් ත්‍රස්තවාදී සංවිධාන අතර සහයෝගය සහ අන්තර්-මෙහෙයුම් සබඳතා විවෘතව පිළිගත් රටක්” බවයි.

    බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම්, නීති විරෝධී මිනීමැරුම් සහ අත්තනෝමතික ලෙස රඳවා තබා ගැනීම්, රජයේ ආරක්ෂක ආයතන විසින් සිදු කරන ලද, සංස්ථාපිතයට එරෙහිව කථා කිරීමට උත්සාහ කරන අයව බලහත්කාරයෙන් අත් අඩංගුවට ගැනීම වැනි දඬුවම් පමුණුවමින් ක්‍රියාකරන රාජ්‍යයක් බවයි. පාකිස්තානයේ මානව හිමිකම් වාර්තාවට ඉන්දියාව දැඩි ලෙස හෙළා දැක ඇත.

    පසුගිය සතියේ බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම් පිළිබඳ කාරක සභාව අමතමින් ඇමීනා මැසෝඩ්(Amina Massod) පාකිස්තාන බලධාරීන් විසින් තමාට සහ තවත් පවුල් කිහිපයකට සිදු වූ ශෝකය හා වේදනාව බෙදා ගත්තා යැයි පකිස්ථානයේ මානව අයිතිය පිළිබඳ සැබෑ තත්ත්‍වය ලෝකයට ඉදිරිපත් කළාය.

    ඇය පැවසුවේ වසර 16 ක් ගත වී ඇති අතර 2005 දී පකිස්ථානු හමුදාව විසින් අල්ලා ගත් තම සැමියා ඇය තවමත් සොයන බවයි.

    “පාකිස්තානය,මානව හිමිකම් කවුන්සිලයේ කාලය නාස්ති කරනවා වෙනුවට පාකිස්ථානයේ බරපතල මානව හිමිකම් තත්ත්වය කෙරෙහි අවධානය යොමු කළ යුතුයි” යනුවෙන් ඉන්දීය පළමු ලේකම් එස් සෙන්තිල් කුමාර් පැවසීය.

  • ඉන්දියානු විදේශ ලේකම්වරයා ශ්‍රී ලංකාවේ සංචාරයක

    ඉන්දියානු විදේශ ලේකම්වරයා ශ්‍රී ලංකාවේ සංචාරයක

    ඉන්දියානු විදේශ ලේකම් ශ්‍රී හර්ෂ් වර්ධන් ෂ්‍රිංග්ලා මහතා, විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතාගේ ආරාධනයෙන් 2021 ඔක්තෝබර් 2-5 දිනවල නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙයි.

    මෙම සංචාරය දෙරට අතර පවතිනා දීර්ඝ කාලීන බහුවිධ සබඳතා තහවුරු කර ගැනීමට සහ ද්විපාර්ශ්වික සබඳතා වැඩිදියුණු කිරීමට දායක වනු ඇත. ශ්‍රී ලංකා විදේශ ලේකම්වරයා සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡාවට අමතරව, විදේශ ලේකම් ෂ්‍රින්ග්ලා මහතාගේ වැඩ සටහනට ජනාධිපතිතුමා, අග්‍රාමාත්‍යතුමා, මුදල් අමාත්‍යතුමා සහ විදේශ අමාත්‍යතුමා ද හමුවීමට නියමිතය.

    මෙහි පැමිණෙන විදේශ ලේකම්වරයා ශ්‍රී ලංකාවේ රැඳී සිටින කාලය තුළ දී, මහනුවර, ත්‍රිකුණාමලයේ සහ යාපනයේ ද සංචාරය කිරීමට අපේක්ෂා කරයි.

    ඉන්දියානු විදේශ ලේකම්වරයා ලෙස වැඩ භාර ගැනීමෙන් අනතුරුව, ඔහු නිරත වන පළමු ශ්‍රී ලංකා සංචාරය මෙය වනු ඇත.

  • මාධ්‍ය උපමාන කඩකරන ජනමාධ්‍ය සම්බන්ධයෙන් කටයුතු කිරීමේ බලය මැ.කොට

    මාධ්‍ය උපමාන කඩකරන ජනමාධ්‍ය සම්බන්ධයෙන් කටයුතු කිරීමේ බලය මැ.කොට

    මැතිවරණ කොමිෂන් සභාව විසින් සකසා ඇති මාධ්‍ය උපමාන කඩකරන ජනමාධ්‍ය සම්බන්ධයෙන් කටයුතු කිරීමේ බලය එම කොමිෂන් සභාවටම ලබාදෙන ලෙස එහි සභාපති නිමල් පුංචිහේවා මහතා මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ හා නීති රීතිවල ප්‍රතිසංස්කරණ හඳුනාගැනීමටත්, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ දෙවන දිනටත් සාක්ෂි ලබාදෙමින් ඊයේ (30) පැවසීය.

    එම මාධ්‍ය උපමාන පාර්ලිමේන්තුවට යොමුකර අනුමත කර ගැනීම අත්‍යාවශ්‍ය බවද හෙතෙම එහිදී කීවේය.

    මැතිවරණ සමයේ ජනමාධ්‍ය සහ සමාජ මාධ්‍ය නියාමනය සඳහා ක්‍රමවත් වැඩපිළිවලක් පැවතිය යුතු බවද ඔහු අවධාරණය කළේය.

    එමෙන්ම, විවිධ හේතු මත දිගින් දිගටම ප්‍රමාද වන පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීම සඳහා සහය දක්වන ලෙස පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සභාපති, සභානායක, අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මෙහිදී මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලා සිටියේය.

    වර්තමානයේ ක්‍රියාත්මක පළාත් පාලන ජන්ද විමසීමේ පනත යටතේ පවතින අපේක්ෂකයන්ගේ ඇප අවලංගු කිරීමේ ක්‍රමවේදයේ පුළුල් සංශෝධනයක් සිදුවිය යුතු බවද මැතිවරණ කොමිෂන් සභාව කාරක සභාවේදී සඳහන් කළේය.

    ආබාධිත අයට ජන්දය භාවිත කිරීම සඳහා ජංගම ජන්ද භාවිත කිරීමේ ක්‍රමවේදයක් සැකසිය යුතු බවටද එම කොමිෂන් සභාව මෙහිදී යෝජනා කළේය. දෑස් නොපෙනෙන පුද්ගලයින්ට බේල් ක්‍රමය ඔස්සේ ජන්දය භාවිත කිරීමට අවස්ථාව ලබා දීමට හැකි වන පරිදි නව සංශෝධන සිදුකළ යුතු බවද මැතිවරණ කොමිෂන් සභාවේ මතය විය.

    විදෙස්ගත ශ්‍රමිකයන්ගේ ජන්දබලය ආරක්ෂා වන පරිදි නව වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතු බවද ඔවුහු පෙන්වා  දුන්හ.

    නාම යෝජනා භාර දෙන අවස්ථාවේදීම වත්කම් බැරකම් ප්‍රකාශ ලබා දීමේ යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කළ යුතු බවත්, මැතිවරණ ආචාර ධර්ම නීතිගත කිරීමට කටයුතු කළ යුතු බවත් මැතිවරණ කොමිෂන් සභාව කාරක සභාව හමුවේ කීවේය.

    විද්‍යුත් ජන්ද ගණනය කිරීමේ ක්‍රමවේදයක් අනුගමනය කළ යුතු බව කොමිෂන් සභාවේ මතය වු අතර, ජන්දපොළ තුලදීම ජන්දය ගණන් කිරීම වඩාත් ප්‍රායෝගික බව කාරක සභාවේ සභාපතිවරයා එහිදී පෙන්වා දුන්නේය.

    එමෙන්ම එකම පුද්ගලයෙකුට ස්ථාන 02 කදී ජන්දහිමි නාම ලේඛනයේ ලියාපදිංචිය ලබා දී ඇති අවස්ථා වාර්තා වන බව කාරක සභා සාමාජිකයෝ මැතිවරණ කොමිෂන් සභාවට පෙන්වා දුන්හ.

    මැතිවරණ කාල සීමාව තුළ සිදුවන වැඩවර්ජන සහ උද්ඝෝෂණ නිදහස් හා සාධාරණ මැතිවරණයකට විශාල බාධාවක් බව කොමිෂන් සභාව කාරක සභාවේදී අවධාරණය කළේය.

    යම් මන්ත්‍රී ධූරයක් පුරප්පාඩු වූ විට අතුරු මැතිවරණයක් පවත්වා එම පුරප්පාඩුව සම්පූර්ණ කිරීමට ක්‍රියා කිරීමේ අවශ්‍යතාවද කාරක සභාවේදී සාකච්ජා විය.

    මෙම කාරක සභා රැස්වීමට අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා,  පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවුෆ් හකීම්,රංජිත් මද්දුම බණ්ඩාර, මනෝ ගනේෂන්, මධුර විතානගේ, සාගර කාරියවසම් යන මහත්වරුද සභභාගි වූහ.

    පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ මීළඟ රැස්වීම්  ලබන 07 වැනිදා පැවැත්වෙන බව එහි ලේකම්, පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල ප්‍රධානි හා නියෝජ්‍ය මහ ලේකම්  කුෂානි රෝහණදීර මහත්මිය පවසන්නීය.

  • ‘ආණ්ඩුව ඩොලර් දෙන්නෑ – වරායේ සිරවී ඇති කිරිපිටි තොග වෙන රටකට විකුණනවා‘

    ‘ආණ්ඩුව ඩොලර් දෙන්නෑ – වරායේ සිරවී ඇති කිරිපිටි තොග වෙන රටකට විකුණනවා‘

    කොළඹ වරායේ සිරවී ඇති කිරිපිටි කිලෝ 360,000ක් නිදහස්කර ගැනීමට දේශීය බැංකු ඩොලර් නිකුත් නොකිරීම නිසා අදාළ කිරිපිටි තොග ඉන්දුනීසියාව හා බංග්ලාදේශය ප්‍රති අපනයනය කිරීමට අපේක්ෂා කරන බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමයේ ප්‍රකාශක ලක්‍ෂ්මන් වීරසූරිය පවසයි.

    කිරිපිටි තොගය නරක් වීමේ අවදානයමක් ඇති වී තිබීම නිසා එසේ ළඟම රටකට ලබාදීමට සාකච්ඡා කළ බවත් එසේ වුවහොත් රටේ තවදුරටත් කිරිපිටි හිඟයක් ඇති වන බවත් ලක්‍ෂ්මන් වීරසූරිය මහතා සඳහන් කළේය.

    වරායේ සිරවී ඇති අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහිත බහාලුම් නිදහස්කර ගැනීම සඳහා මහ බැංකුව විසින් ඩොලර් මිලියන 50ක මුදලක් රාජ්‍ය බැංකු දෙකක් වෙත ඊයේ (29) නිදහස් කළ බව ප්‍රකාශ කළ නමුත් ආනයනකරුවන් හා වරාය අමාත්‍යවරයා අතර ඊයේ පස්වරුවේ පැවති සාකච්ඡාවේදී ද අනාවරණය වුයේ පෞද්ගලික බැංකු මගින් ඩොලර් නිකුත්වීම ප්‍රමාදවන බවය.

    වාණිජ බැංකු සමඟ අද (30) පස්වරුවේ සාකච්ඡා කළ අවස්ථාවේ ද කිරිපිටි නිදහස් කිරීම සඳහා ඩොලර් ලැබී නොමැති බව බැංකු පැවසූ බව කී ලක්‍ෂ්මන් වීරසූරිය මහතා බැංකුවල මුදල් තැම්පත් කර ඩොලර් ලැබෙන තෙක් බලාසිටීමට සිදුව ඇති බව වීරසූරිය මහතා පැවසුවේය.

    ඩොලරයක් රුපියල් 238 බැගින් ලබාදීමට ඇතැම් අපනයනකරුවන් යෝජනා කරන බවත් එසේ ඩොලර් රුපියල් 35ක් වැඩියෙන් ලබාගෙන කිරිපිටි තොගය නිදහස් කරගත හොත් කිලෝවක් සඳහා ඩොලර් 4.10 ක අමතර වැයක් වීමෙන් වරායේදීම කිරිපිටි කිලෝවකට රුපියල් 144ක අමතර මුදලක් එකතු වන බවත් කිරිපිටි ආනයනකරුවන්ගේ ප්‍රකාශක ලක්‍ෂ්මන් වීරසූරිය මහතා වැඩි දුරටත් පැවසුවේය

    මාස 3කට ආසන්න කාලයක සිට පවතින මෙම කිරිපිටි හිඟයට මෙතෙක් විසඳුමක් නොලැබීම හේතුවෙන්  ජනතාවට පසුගිය දින කිහිපය පුඑාම කිරිපිටි මිලදීගැනීම සඳහා දිගු පෝලිම්වල රැඳී සිටින අයුරු දක්නය ලැබුණි.

  • ගිවිසුමට අත්සන් තබයි: කොළඹ වරායේ බටහිර පර්යන්තයෙන් 51%ක් අදානි සමාගමට

    ගිවිසුමට අත්සන් තබයි: කොළඹ වරායේ බටහිර පර්යන්තයෙන් 51%ක් අදානි සමාගමට

    ඉන්දියාවේ අදානි සමූහය විසින් කොළඹ වරායේ බටහිර බහාලුම් පර්යන්තය (WCT) ඒකාබද්ධව සංවර්ධනය කිරීම සඳහා එහි දේශීය හවුල්කරු ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් (JKH) සහ ශ්‍රී ලංකා වරාය අධිකාරිය (SLPA) සමඟ ඉදිකිරීම, මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම හා අයිතිය පැවරීම (BOT) ගිවිසුමකට අද (30) දින අත්සන් තබා ඇත. මෙම ගිවිසුම ඇමරිකානු ඩොලර් මිලියන 700 ඉක්මවන ආයෝජනයකි.

    මේ අනුව කොළඹ වරාය බටහිර පර්යන්තයේ කොටස් හිමිකාරීත්වයෙන් 51% ක් අදානි සමාගමටත්, මෙරට නියෝජිත ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් වෙත 34% ක් සහ වරාය අධිකාරිය 15% ක් ගිවිසුම අනුව හිමිවනු ඇත.

  • රට විවෘත කිරීම සඳහා වන මාර්ගෝපදේශ නිකුත් කෙරේ

    රට විවෘත කිරීම සඳහා වන මාර්ගෝපදේශ නිකුත් කෙරේ

    සීමාවන් සහිතව හෙට (01) අලුයම 4.00 සිට රට විවෘත කිරීම සඳහා වන සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් නිතුත් කරනු ලැබීය.

    ඒ සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් අද එම අමාත්‍යාංශයේදී  පැවති මාධ්‍ය හමුවකදීය. ඒ සඳහා වන මාර්ගෝපදේශ මාලාව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතාගේ අත්සනින් යුතුව නිකුත් කෙරිණි.

    එය 2021.10.01 සිට 2021.10.31 දක්වා අවසරලත් පොදු ක්‍රියාකාරකම් කළ යුතු ආකාරය ලෙසින් දැක්වේ. ඒ අනුව ඔක්තෝම්බර් 01 දා සිට 15 වනදා දක්වාද ඔක්තෝම්බර් 16  සිට 31 වනදා දක්වාද එම මාර්ගෝපදේශ දැක්වේ.

    මෙම මාර්ගෝපදේශ මාලාව සම්පූර්ණයෙන් පහත පළ වේ.[googlepdf url=”http://supirigossip.com/wp-content/uploads/2021/09/රට-විවෘත-කිරීම-සඳහා-වන-මාර්ගෝපදේශ-මාලාව.pdf” ]

  • නවසීලන්ත මහ කොමසාරිස්වරයා සහ විදේශ ඇමති අතර හදිසි හමුවක්

    නවසීලන්ත මහ කොමසාරිස්වරයා සහ විදේශ ඇමති අතර හදිසි හමුවක්

    ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහකොමසාරිස් මයිකල් ඇපල්ටන් ඊයේ (29) විදේශ අමාත්‍යාංශයේ දී විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් හමුවිය.

    මහාචාර්ය පීරිස් විදේශ අමාත්‍යවරයා ලෙස පත්වීම පිළිබඳව සුබපැතුම් පිරිනැමූ මහ කොමසාරිස් ඇපල්ටන්, දෙරට අතර හවුල්කාරිත්වය තවත් ඉහළ තලයකට ගෙන ඒම සඳහා අනාගතයේ දී එතුමා සමඟ සමීපව කටයුතු කිරීම සඳහා කැපවන බව ප්‍රකාශ කළේය. විශේෂයෙන් කිරි නිෂ්පාදන සහ කෘෂිකාර්මික අංශ ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක දී නවසීලන්තය ශ්‍රී ලංකාව සමඟ හවුල් වී ඇති බවත්, මිත්‍රත්වයේ හැඟීමෙන් යුතුව සහයෝගිතාවයේ නව අංශ හඳුනා ගැනීම සඳහා දෙරටටම දැන් කාලය එළඹ ඇති බවත් සඳහන් කළේය.

    ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පවතින අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක හවුල්කාරිත්වය සිහිපත් කරමින්, මහාචාර්ය පීරිස් කොළඹ නේවාසික නවසීලන්ත මහ කොමසාරිස් කාර්යාලය විවෘත කිරීම තුළින් දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ඉහළ නැංවීම සඳහා අතිමහත් දායකත්වයක් ලැබෙනු ඇතැයි විශ්වාසය පළ කළේය.

    ශ්‍රී ලංකාව වැඩිහිටි සර්වජන ඡන්ද බලය භුක්ති විඳින පැරණිතම රටක් ලෙස සඳහන් කළ මහාචාර්ය පීරිස්  පාර්ලිමේන්තුවේ සහ අනෙකුත් ව්‍යවස්ථාදායක සභාවල ප්‍රජාතන්ත්‍රවාදී නියෝජනය පුළුල් කිරීමේ අරමුණින් යුතුව ශ්‍රී ලංකාවේ දැනට සිදුකෙරෙමින් පවතින මැතිවරණ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය පිළිබඳව පැහැදිලි කළේය.

    නවසීලන්තයේ වත්මන් මැතිවරණ ක්‍රමයේ ධනාත්මක ස්වභාවය පිළිබඳව අවධාරණය කරමින්, නවසීලන්තයේ මැතිවරණ ක්‍රමය තුළින් ඉගෙන ගැනීමට සහ දේශීය ක්‍රමය සඳහා යොදා ගැනීමට හැකියාව ඇති අංග උපුටා ගැනීමට ශ්‍රී ලංකාව කැමති බව අමාත්‍යවරයා දැනුම් දුන්නේය.

    රටේ ගොවි ජනතාව සහ පාරිභෝගිකයින් සඳහා එහි පවතින පුළුල් බලපෑම සැලකිල්ලට ගෙන, දේශීය කිරි නිෂ්පාදන කර්මාන්තය පුනර්ජීවනය කිරීම සඳහා රජය දැඩි උනන්දුවක් දක්වන බවත්, මේ සඳහා නවසීලන්ත පාර්ශ්වය සමඟ හවුල්කාරිත්වය අඛණ්ඩව පවත්වා ගැනීමට අපේක්ෂා කරන බවත් මහාචාර්ය පීරිස් වැඩිදුරටත් පැවසීය. ත්‍රස්තවාදයට විරුද්ධව සටන් කිරීම, වෙළඳාම, ආයෝජනය සහ සංචාරක ව්‍යාපාරය ඇතුළු තවත් බොහෝ ක්ෂේත්‍රවල සහයෝගිතාව පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.

    නේවාසික දූත මණ්ඩල පිහිටුවීම සඳහා දෙරට අතර ඇති කරගත් එකඟතාවයෙන් අනතුරුව, නවසීලන්තය ශ්‍රී ලංකාවේ සිය නේවාසික රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩලය 2021 අගෝස්තු මාසයේ දී විවෘත කළ අතර, මයිකල් ඇපල්ටන් මැතිතුමා ශ්‍රී ලංකාවේ සිටින ප්‍රථම නේවාසික නවසීලන්ත මහකොමසාරිස්වරයා ලෙස කටයුතු කරයි.

  • 2022 අයවැය පනත් කෙටුම්පත ලබන සතියේ පාර්ලිමේන්තුවට

    2022 අයවැය පනත් කෙටුම්පත ලබන සතියේ පාර්ලිමේන්තුවට

    පාර්ලිමේන්තුව  ලබන සතියේ දින 05ක් රැස්වෙයි

    ලබන සදුදා සම්පූර්ණ දිනයම වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා වෙන්කෙරේ

    2022 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත  ලබන සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව සභානායක අමාත්‍ය  දිනේෂ් ගුණවර්ධන මහතා අද (30) පෙරවරුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවට දැනුම්දුන් බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.

    මේ අතර පාර්ලිමේන්තුව ලබන ඔක්තෝබර් 04 වැනි සඳුදා සිට 08  වන සිකුරාදා දක්වා දින 05 ක් රැස්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වූ බව ද මහලේකම්වරයා පැවසීය.

    මේ අනුව ඔක්තෝබර් 04 වැනි සඳුදා  සම්පූර්ණ දිනය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා විශේෂ පාර්ලිමේන්තු රැස්වීම් දිනයක් ලෙස වෙන් කර ඇත. විවිධ හේතු මත මෙතෙක් පාර්ලිමේන්තුවේදී ඇසීමට නොහැකිවූ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න 40ක්  සදහා එදින පෙ.ව 10.00 සිට  ප.ව 4.30 දක්වා කාලය වෙන්කර ඇති බව ද මහලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.

    ඔක්තෝබර් 05 වැනි අඟහරුවාදා පාර්ලිමේන්තුව පෙ.ව 10.00 ට රැස්වන අතර පෙ.ව 11.00 සිට ප.ව 4.30 දක්වා එකතු කළ අගය මත බදු පනත යටතේ නියෝග, දේශීය ආදායම් පනත යටතේ නියෝග සහ  මුදල් පනත යටතේ නියෝගයක් විවාද කිරීමෙන් අනතුරුව අනුමත කර ගැනීමට නියමිතය.

    ඔක්තෝබර් 06 වැනි බදාදා පෙ.ව 11.00 සිට ප.ව 4.30 දක්වා ඛනිජ තෙල් සම්පත් පනත් කෙටුම්පත (දෙවැනිවර කියැවීම) විවාදයට ගැනීමේන් අනතුරුව සම්මත කර ගැනීමට නියමිතය.

    ඔක්තෝබර් 07 වැනි බ්‍රහස්පතින්දා පෙ.ව 11.00 සිට ප.ව 4.30 දක්වා  ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීමේ (සංශෝධන) පනත් කෙටුම්පත (දෙවැනිවර කියැවීම), සේවක අර්ථසාධක අරමුදල් (සංශෝධන) පනත් කෙටුම්පත (දෙවැනිවර කියැවීම) සහ සේවක අර්ථසාධක අරමුදල් පනත යටතේ නියෝගයක් ද  විවාදයට ගැනීමට නියමිතය.

    ඔක්තෝබර් 08 වැනි සිකුරාදා පෙ.ව 11.00 සිට ප.ව 4.30 දක්වා 2021 වසර සදහා වසර මැද මූල්‍ය තත්ත්වය පිළිබද වාර්තාව විවාදයට ගැනේ.

    මේ අතර අගහරුවාදා සිට සිකුරාදා දක්වා සෑම දිනකම පෙ.ව 10.00 සිට පෙ.ව 11.00 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා වෙන් කර ඇත.

    තවද අගහරුවාදා සිට බ්‍රහස්පතින්දා දක්වා සෑම දිනකම ප.ව 4.30 සිට ප.ව 4.50 දක්වා සභාව කල්තබන අවස්ථාවේ ප්‍රශ්න සදහා කාලය වෙන්කොට ඇති අතර ප.ව 4.50 සිට 5.30 දක්වා අගහරුවාදා සහ බ්‍රහස්පතින්දා දිනවල ආණ්ඩු පක්ෂය ද බදාදා විපක්ෂය ද ගෙන එන යෝජනාව අනුව  සභාව කල් තබන අවස්ථාවේ විවාදය පැවැත්වීමට නියමිතය.

  • චීන අසූචි කාබනික පොහොර ගැන සුපිරි කතාවක්

    චීන අසූචි කාබනික පොහොර ගැන සුපිරි කතාවක්

    චීන අසූචි කාබනික පොහොර රටට ගෙන ඒමේ උත්සහය පරාජය වී ඇත. නිවේදනයට අනුව පොහොර තොගය රටට ගේන්නේ නැත. කතාව ඇත්තනම් නැව ආපහු හරවා යැවිය යුතුය. 

    ලංකාව ‘අර්විනියා උවදුරෙන් බේරාගත් රහංගල කෘෂිකර්ම පර්යේෂණ මධ්‍යස්ථානයේ ‘ඇලිස්නෝනා‘ නම් කාන්තාවයි. ඒ මෙයට වසර  57 පෙරය. අද එය නැවත කෘෂිකර්ම අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් සිදු කර ඇත. ඇලිස්නෝනා – රස්සාවට වඩා රටට ආදරය කළ ගැහැණිය ගේ කතාව ලෝකයම කියවිය යුතුය.

    1963-64 ආසන්නයේ ආචාර්ය ඩඩ්ලි සීසර් නම් ජර්මන් (හෝ නෙදර්ලන්ත) කෘෂි විද්‍යාඥයා ලංකාවේ අඩි 5000 ට අඩු කලාපයේ (එනම් වැලිමඩ, ඌවපරණගම, බණ්ඩාරවෙල, හපුතලේ අල (අර්තාපල්) හදන්නට බැරි බව රජයට වාර්තා කළේය. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ විෂයානුබද්ධ නිලධාරි (Subject matter officer – SMO)  නෝමන් ගුණතිලක (අල මහත්තයා) ලංකාවේ අඩි 5000ට අඩු ප්‍රදේශවලත් අල හැදිය හැකි යැයි ස්ථීර මතයක විය.  අල මහත්තයා ගමේ මිනිස්සුත් එක්ක වගාව කරගෙන ගියේය. (කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිල ධූරාවලියේ විෂයානුබද්ධ නිලධාරි යනු කෘෂිකර්ම නිලධාරි (AI මහත්තයාට) උඩ තනතුරයි.  ගැටුම කෘෂි විද්‍යාඥයායෙකු සමඟය.

    Lanka NewsWeek - සී පී ද සිල්වා වූ සිය දෙවැනි නායකයාගේ නම මකා දැමු  ශ්‍රීලනිපයේ ගුණමකුකම
    සී.පී ද සිල්වා

    1964 හෝ ඒ ආසන්නයේ දිනක සී.පී. ද සිල්වා කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරි පිරිවරා රහංගල අල වගාව බලන්නට ආවේය.  (එදා කෘෂිකර්ම අධ්‍යක්ෂ ජෙනරාල් ප්‍රනාන්දු හෝ ජිනේන්ද්‍රදාස වැනි නමක් තිබූ අයෙකි)

    නිලධාරි කියන්නේ අඩි 5000 ට අඩු රහංගල අල හදන්නට බෑ කියාය. ගොවිපල කම්කරුවෝ, ගොවි සංවිධාන නියෝජිතයෝ කියන්නේ අල හැදෙන බව ය.

    ඇලිස්නෝනා ගොවිපලේ කම්කරු කාන්තාවකි.

    ‘සර්.. එන්න මේ පැත්තත් බලන්න. ඇලිස්නෝනා කියයි.

    ඇලිස්නෝනා ඇමතිතුමා ලිඳක් ලඟට කැදවා ගෙන යයි. ගොවිපල කළමනාකරු එක වලක්වන්නට හදයි.

    ඇලිස්නෝනා සී.පී. ද සිල්වා ඇමතිතුමාට ලිඳ ත්, එහි පාවෙන කුණු අර්තාපල් ද පෙන්නයි.

    සර්………  මේ කුණු වෙච්ච අල තියෙන වතුර අරගෙන හිටවන්න තියෙන බීජ අලවලට (බීජ අර්තාපල්) ගහන්න (ස්ප්‍රේ කරන්න) කියලා මේ සර් අපිට කිව්වා.

    සර් ……….. ඒ වතුර ගහන අල තමයි ගොවීන්ට වගා කරන්න දෙන්නේ.  ඒවා හැදෙන්නේ නෑ. මැරිලා යනවා.

    සර්………. මේ කුණු වෙච්ච අල වල තියෙන විෂ නිසා අල ගස් කුණු වෙනවා.

    කම්කරු ගැහැණිය ඇමතිට සිද්ධිය විස්තර කර දෙයි.

    සී.පී.ද සිල්වා ට අර්තාපල් ආනයනයෙන් කොමිස් ගන්නට අදහසක් තියෙන්නට නැත.  ගජ මිතුරන් අර්තාපල් බිස්නස් කරන්නට ද නැතිව ඇත.  ඇමති සී.පී. ද සිල්වා එදා කොළඹ ඇවිත් පළමුවෙන්ම කළේ රහංගල ගොවිපළේ කලමනාකරු ඇතුළු පිරිසකගේ වැඩ තහනම් කිරීමය.  අල හදන්න බෑ කියූ රොත්තක්ම ඒ අතර විය.  ආචාර්ය ඩඩ්ලි සීසර් ගේ අර්වීනියා වසංගතයෙන් එදා ලංකාව බේරාගත්තේ කම්කරු ගැහැණිය යි.

    ඇලිස්නෝනා ගේ ස්වාමියා බොරලන්ද කිරියාදෝවේ  වීරසේකර මාමා ය.  මේ කතාව, හොඩියේ නැත්තම් දෙකේ දී, උදේ රැස්වීමේ මම මුලින්ම ඇසුවෙමි.  දවස, ලංකාදීප ඇතුළු පත්තර තුනක් මේ කතාව පල කර තිබුණි.

    අල වගාවේ සියළු වගකීම කෘෂිකර්මයේ කණිෂ්ඨ නිලධාරියෙකු වූ නෝමන් ගුණතිලක ට පැවරුනේය.  එදා පටන් රහංගල අල වගාව, සංස්කෘතියකි.  කටු මැටි ගැසූ ගෙවල්වල මිනිස්සු ගොවි මහත්වරු වූහ.  මිනිස්සු ‘අල මහත්තයාගේ ‘ ගල් පිළිරුවක් හීන්නාරංගොල්ල පන්සලේ පිහිටුවීය.  බුදුන්ට පුදන මල් සුවඳ, දෙවියන්ට පුදන දුම් සුවඳ විදිමින් අල මහත්තයා නිවන් දකිනා තුරු සැනසෙන්නේය.

    1965 එජාපය ආණ්ඩු පිහිටවූ පසුව කෘෂිකර් ඇමතිවරයා වූවේ එම්.ඩී. බණ්ඩා ය.  අගමැති ඩඩ්ලි සේනානායක ය.  වැලිමඩ මන්ත්‍රී පර්සි සමරවීය ය.  මගේ සීයා, ටී.ඇම්.මැණික්රාල, උඩුකිඳ ගම්සභාවේ සභාපති හෝ උපසභාපති ය.   ඩඩ්ලිත්, කෘෂිකර්ම ඇමති එම්.ඩී.බණ්ඩාත් අල ගලවන කාලයක උඩුකිඳ අල වගාව බලන්නට රහංගල ආවේය.

    Laying of the foundation stone for the construction of the bridge and  embankment of the Achchuveli Udavikkulam Pillayar Kovil in Jaffna - Nation  Online

    රහංගල දී මල් මාලයක් දමා අගමැති පිළිගත්තේ ගොවි සමිතියේ සභාපති ඇලිස්නෝනා ය.  අල වගාව ඇගේ පවුලට ඉසුරු ගෙනවිත් තිබුණි.  වාහනයක යා නොහැකි ගොවිබිම්වල අගමැති-ඇමති පයින් ගියේය. වගා කරන්න ගොවියෝ පාරක් ඉල්ලුවේය.  අගමැති තම්බපු අල සහ එළවළු කන ගමන්  ‘ඔව් ඔව් පාරක් ඕනි. මට හිතාගන්න බෑ ඔහෙලා බර උස්සාගෙන කොහොම යනවා ද කියලා.  මට මගේ ඇඟ උස්සාගෙනවත් එන්න බැරි වුනා‘ ඩඩ්ලි කියූ බව එදා එහි සිටි තරුණයෙක් කිවේය.

    හැම තැනම ඇවිදලා ඩඩ්ලි කන්දේපුහුල්පල ගමේ KMS ලොරි ව්‍යාපාරයේ  ගරාජය ලඟ කුඹුරකට සරුසාර අල වගාවට ලගාවූවේය.  ගොවියා අප්පුහාමි ය. ශූර කැරට් ගොවියෙකු වූ අප්පුහාමි ට ගමේ මිනිස්සු කිව්වේ ‘කැරට් අප්පුහාමි‘ කියා ය.  මේ කතාව මට කිව්වේ ඒ කැරට් අප්පුහාමි ම ය.

    අගමැතිතුමා  අල ගහක් පෙන්නලා මගෙන් ඇහුවා මේකේ ගෙඩි කීයක් ඇද්ද? කියලා.  මම කිව්වා මේකේ හැටියට නම් අල ගෙඩි 26 ක් වත් තියෙන්න ඕනි කියලා.  අගමැතිතුමා කැමරාව අරගෙන කුඹුරට බැහැලි ඡායාරූප ගත්තා.   මම අල පදුර ගැලෙව්වා.  ඒකේ ගෙඩි 27 ක් තිබ්බා.  අගමැතිතුමා අලත්, අපිත් එතුමාගේ කැමරාවෙන් පොටෝ ගත්තා.

    අගමැතිතුමා හයියෙන් හිනාවෙලා කිව්වා, තමුසේ හරියටම ගාන කිව්වේ මට හොරෙන් ගලවලා බලලා නේද කියලා.‘‘ කැරට් අප්පුහාමි ගේ හිනාව මට තවමත් මතකය.

    චීන අශුචි ආනයන කතාවට කෘෂිකර්ම ලේකම් මහාචාර්ය ජයසිංහ මගේ දේශපාලනය ඈදා තිබුණි.  ගොවියාගේ දේශපාලනය තමන්ගේ දරු පවුල රැකීමය.  කැරට් අප්පුහාමි කවදාවත් එජාපයට ඡන්දය නොදුන් ගමේ හිටි හොඳම ශ්‍රී ලංකා කාරයා ය. සී.පී. නවත්තපු තැනින් ඇම්.ඩී. බණ්ඩා ද, ඩඩ්ලි ද, වැලිමඩ රාජරත්න ද අල වගාව ඉස්සරහට ගෙන ගියා මිස කොමිස් පිටුපස යන්නට ගියේ නැත. එජාපයට විරුද්ධව රාජරත්නගේ ඡන්දපොල නියෝජිතයා වුනේ ඇලිස්නෝනා ගේ ස්වාමියා ය.

    A potato farmer in Meepitima, Nuwara Eliya collecting the potato harvest (Susantha Wijegunasekera; Sunday Observer)

    මේ සිද්ධිය ලංකාවේ අල වගාවේ සුවිශේෂතම කඩඉම ය.  කොළඹ ගිය අගමැති ඩඩ්ලි-කෘෂි ඇමති බණ්ඩා ලංකාවට කෑම අල ගෙනඒම තහනම් කළේය.  ලංකාව අර්තාපල්වලින් ස්වයං පෝෂිත වූවේය. කැරට් අප්පුහාමි ලා – ඇලිස්නෝන ලා ධනවත් ගොවියෝ වූහ.

    ගොවිතැන නගන්නට එදා දේශපාලනඥයින්ට උනන්දුවක් පමණක් නොව දැක්මක් ද තිබුණි. එදා ආණ්ඩුව ගොවියාට බීජ අල  හොන්ඩරයක්  රු. 28 ට දුන්නේය.  අද නම් අදහන්නටත් බැරිය. ආණ්ඩුව ගොවියාගේ අල අස්වැන්න (කන අල) හොන්ඩරය රු. 32 ගානේ මිලදී ගත්තේය. බීජ අල හොන්ඩරයකින් එක හොන්ඩරයක අස්වැන්නක් තිබුණත් රු. 4 ක් ගොවියාට ලාබය ය.  උඩුකිඳ අල ගොවියා ලංකාවේ වැඩිම ආදායම ලබන ගොවියා බවට පත්වූවේ එහෙමය.

    අද බීජ අල හොන්ඩරයක් රු. 20,000 කි. අස්වැන්න (කන අල) හොන්ඩරයක් රු. 6000 කි.  මේ ආණ්ඩුව ඔක්තෝබර් කඳු කන්නට පොහොර නොදී, දිලීර, කෘමිනාශක නොදී විනාශ කරන්නට හදන්නේ මෙහෙම ගොඩ නැගු අල වගාවයි.

    අද එයින් වසර 57 කට පසුව, දෙවරක් නොව තුන්වරක් පර්යේෂනාගාර පරීක්ෂණ අසමත් වූ නිසා අද චීන අශුචි ගෙන්වීම නතර විය.

    ආචාර්ය ඩඩ්ලි සීසර් ලා අදත් එක එක වේශයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශයේ සිටී.  2021 මැයි 10 දින පෙ.ව. 9.30 ට කොළඹ කච්චේරියේ නිල මැදුර ශ්‍රවණාගාරයේ රැස්වූ සීසර් ලා ගේ පළමු නාඩගම අද අවසන් විය.  වාසනාවකට ඇලිස්නෝන ලා ද තවමත් අඩු නැතුව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ත්, කෘෂිකර්ම කේෂ්ත්‍රෙය්ත් ඇත. මේ සටහන එදා – මෙදා ලංකාවේ කෘෂිකර්මාන්තය සීසර් ලාගෙන් රැකගත් ඒ උතුම් මිනිසුන් වෙනුවෙනි.

    රජිත් කීර්ති තෙන්නකෝන්

  • ආනයන සීමා අවම වන පරිදි සහන දෙන්නැයි අගමැතිගෙන් මහ බැංකු අධිපතිට උපදෙස්

    ආනයන සීමා අවම වන පරිදි සහන දෙන්නැයි අගමැතිගෙන් මහ බැංකු අධිපතිට උපදෙස්

    අත්‍යවශ්‍ය නොවන ද්‍රව්‍ය සහ  උපකරණ සඳහා දැනට පනවා ඇති ආනයන සීමා හැකිතාක් දුරට අවම වන පරිදි සහන ලබා දෙන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (29) දින මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට උපදෙස් දුන්නේය.

    අත්‍යවශ්‍ය නොවන ද්‍රව්‍ය සහ උපකරණ වලට දැනට පනවා තිබෙන ආනයන සීමා හේතුවෙන් ව්‍යාපාරිකයන් සහ ජනතාව පත්ව ඇති අපහසුතා සැළකිල්ලට ගනිමින් අග්‍රාමාත්‍යතුමා මෙම උපදෙස් දුන්නේය. මේ අනුව මහ බංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඊට අදාළ විසඳුම් ඉදිරිපත් කිරීමට නියමිතව ඇත

  • යොහානිගේ ‘‘මැණිකේ මගේ‘‘ හෙට නවදිල්ලියේ දී

    යොහානිගේ ‘‘මැණිකේ මගේ‘‘ හෙට නවදිල්ලියේ දී

    කෝටි 12 කට අධික ලොව පුරා සංගීත ශ්‍රාවකයන් උන්මාදයෙන් නැටවඋ යොවුන් පුර හඳ අද (30) නවදිල්ලි නුවර ආසන්නයේ පිහිටි ධනකුවේරයන් වෙසෙන ගුරුග්‍රෑම් අහසේ බැබලෙනු ඇත.

    ඒ ‘මැණිකේ මගේ හිතේ’ ගීතය ගායනා කොට සයිබර් අවකාශය හරහා දැනටමත් කෝටි 12 කට අධික සංගීත ශ්‍රාවකයන් පිරිසක් උන්මාදයට පත් කළ යොවුන් ගායිකා යොහානි ද සිල්වා මෙනෙවියගේ ප්‍රථම ඉන්දීය සංගීත සංදර්ශනය ආරම්භවීම හේතුවෙනි.

    ශ්‍රී ලාංකික ගායිකාවක් ඉන්දීය ප්‍රේක්ෂකයන් ඉදිරියේ සංගීත සංදර්ශනයක් පවත්වන ප්‍රථම අවස්ථාව ලෙස ඉතිහාසයට එක්වෙයි.

    ශ්‍රී ලාංකික සංගීත ක්ෂේත්‍රයේ අති දැවැන්තයන් එක රැයකින් අති ක්‍රමණය කොට ජාත්‍යන්තර වේදිකාවක සංගීත රසිකයන්ට ආමන්ත්‍රණය කිරීම සඳහා ඇයට කිසිම වෙහෙසක් දරන්නට සිදු නොවීම ආශ්චර්යයක් ලෙසට විචාරකයෝ හඳුන්වති.

    ඇගේ සංගීත කණ්ඩායම නවදෙනකුගෙන් යුත් තාරුණ්‍යයේ සුපිපි තරු නව දෙනෙක් අයත් වෙති.

    සංගීත අධ්‍යක්ෂණය චමත් සංගිත්, ගේය පද රචනා දුලාන් ඒ.ආර්.එස්. සහ රැප් ගායක සතිශාන් රත්නායක සහ යොහානි ඇතුළු තවත් 5 දෙනෙකි.

    යොහානි දිලෝකා ද සිල්වා සංගීත සංදර්ශනය පවත්වන ගුරුග්‍රෑම් නගරයට පැමිණෙන සංගීත රසිකයන් පිරිස අති විශාල වනු ඇති බවට සංවිධායකයෝ විශ්වාස කරති.

    දැනටමත් ඉන්දීය සංගීත ක්ෂේත්‍රයේ අති දැවැන්තයෙකු ඒ.ආර්. රහුමාන්ගේ ගීතයක් අභිබවා යූටියුබ් නාලිකාවේ 6 වැනි ස්ථානයට යොහානි සිල්වාගේ ‘මැණිකේ මගේ හිතේ’ ගීතය පැමිණ තිබේ.

    මෙම සංගීත ප්‍රසංගය හෙට (30) දින සවස 6 ට පැවැත්වීමට නියමිත අතර මේ සඳහා අවශ්‍යවන ප්‍රචාරක කටයුතු රූපවාහිනී, පුවත්පත් දැන්වීම්, ටිකට්පත් අලෙවිය වැනි කටයුතු භාරදී තිබෙන්නේ එම කටයුතු පිළිබඳ හසල දැනුමක් ඇති ඉන්දියාවේ ප්‍රමුඛ පෙළේ සමාගමක් වූ බුක්මයි ෂෝ නමැති සමාගමය. බොලිවුඩ්හි තරු ඇතුළු ඉන්දීය සිනමාවේ දැවැන්තයන් සංගීත ශිල්පීන් ඇතුළු විද්වතුන් විශාල පිරිසක් මෙම සංගීත සංදර්ශනය නැරඹීම සඳහා පැමිණෙනු ඇතැයි සංවිධායකන් අදහස් පළකරති.

    ඉන්දියාවේ ප්‍රධාන නගරයට කිට්ටුවෙන් පිහිටි හයිද්‍රාබාද්හිදී ඔක්තෝබර් 3 සවස 6 ට ඊළඟ සංගීත සංදර්ශනය පැවැත්වෙනු ඇත. මෙම සංගීත සංදර්ශනවලින් පසුව යොහානි ගේ අනාගතය කුමන අතකට පෙරළේද යන්න විශ්වාස කළ නොහැකි තරමට භාරතයේ සංගීත ශ්‍රාවකයෝ උන්මාදයට පත්වී සිටිති. විශාල සමාගම් ඇය වෙනුවෙන් ඉදිරියට පැමිණ ඇති අතර දැනටමත් ලෝකයේ රටවලින් ඇයට ඉල්ලීම් ගලා එන අතර වැඩි වශයෙන්ම ඒවා කළමනාකරණය කර හොඳ ප්‍රමිතියෙන් යුතුව සඳහා ඇය ඒවා කළමනාකරණය කිරීම ඉන්දියාවේ තවත් ප්‍රකට සමාගමකට පවරා තිබේ.

    ඇයගේ සංගීත ප්‍රසංගය වෙනුවෙන් ආකර්ශනීය පෝස්ටරයක් නිර්මාණය කර ඇත. යොහානි පසුගිය මානුෂික මෙහෙයුමේදී 55 වන සේනාංකයට අණදුන් මේජර් ජනරාල් ප්‍රසන්න සිල්වාගේ වැඩිමහල් දියණිය වේ. ඇය කොළඹ විශාඛා විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක් වන අතර කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨයේ උපාධිධාරිණියකි. ඕස්ට්‍රේලියානු සරසවියක ශාස්ත්‍රපති උපාධියද හිමිකරගෙන සිටින්නීය.

    රත්නපාල ගමගේ – ස්විස්ටර්ලන්තයේ සිට – ලංකාදීප ඊ පුවත්පත ඇසුරිනි

  • දුම්වැටි සඳහා නව බදු ප්‍රතිපත්තියක්

    දුම්වැටි සඳහා නව බදු ප්‍රතිපත්තියක්

    දුම්වැටි සඳහා නව බදු ප්‍රතිපත්තියක් හඳුන්වා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගැනේ. ඒ සඳහා වන කැබිනට් පත්‍රිකාව ඉතා කඩිනමින් අමාත්‍ය මණ්ඩලය වෙත යොමු කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

    දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය සමඟ සෞඛ්‍ය අමාත්‍යාංශයේදී අද (29) පැවති සාකච්ඡාවකදී මේ බව කීය. එම අධිකාරියේ සභාපති ආචාර්ය වෛද්‍ය සමාධි රාජපක්ෂ මහතා ඇතුළු එහි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් මේ සඳහා එක්ව සිටියහ.

    නව බදු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම තුළින් දුම්වැටි භාවිතයද අවම කිරීමට හැකිවනු ඇත. මෙම බදු ප්‍රතිපත්තියට අදාළ කෙටුම්පත මේ වන විට සකස් කර ඇතැයි දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපතිවරයා පෙන්වා දෙයි. ලොව අනෙකුත් රටවල ක්‍රියාත්මක බදු ප්‍රතිපත්තීන් පිළිබඳවද අධ්‍යයනය කරමින් නව ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට මෙහිදී සාකච්ඡා කෙරිණි. එමෙන්ම 2006 අංක 27 දරණ දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරි පනත වර්තමානයට ගැලපෙන අයුරින් සංශෝධනය කිරීමටද පියවර ගැනේ.

    ඒ අනුව දුම්වැටි සිල්ලරට අලෙවිය, පොදු ස්ථාන වල දුම් පානය, ආදී කරුණු රැසක් සම්බන්ධයෙන් අදාළ පනත සංශෝධනය ඔස්සේ දැඩි නීති රීති ගෙන ඒමට අපේක්ෂා කෙරේ.

    මේ අතර දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳව සිදු කළ මහජන මත විමසීමේ සමීක්ෂණ වාර්තාව එම අධිකාරිය මගින් අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාට මෙහිදී  භාරදෙනු ලැබීය. මේ අතර දුම්වැටි ඇසුරුම් තුළ යොදා ඇති රූපමය අවවාද යාවත්කාලීන කිරීම කෙරෙහිද සාකච්ඡා විය.

    දුම්වැටි හා මධ්‍යසාර භාවිතය අවම කිරීම සඳහා වන පුළුල් ප්‍රචාරණයක් ක්‍රියාත්මක විය යුතු බවත් එ් සඳහා අදාළ වැඩපිළිවෙල සකස් කරන ලෙසත් දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියට අමාත්‍යවරයා මෙහිදී උපදෙස් ලබා දුන්නේය.

  • ලබන 01වැනිදා රට යළි විවෘත කරනවා – යුද හමුදාපති

    ලබන 01වැනිදා රට යළි විවෘත කරනවා – යුද හමුදාපති

    කොවිඩ් -19 වෛරසය පැතිරීම පාලනය කිරීම සඳහා පසුගිය අගෝස්තු 20 වැනි දින සිට රටපුරා පනවනු  ලැබූ ඇති  නිරෝධායන ඇඳිරි නීතිය ඔක්තෝබර් මස 01 වැනි දින අලුයම 4.00ට  ඉවත් කිරීමට ජනාධිපතිවරයා උපදෙස් දුන් බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරයි.

    රට යළි විවෘත කිරීමට අදාළ නව සෞඛ්‍ය මාර්ගෝපදේශ  හෙට නිකුත් කරන බවද යුද හමුදාපතිවරයා සදහන් කළේය.

    නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක දින 43ක් අඛණ්ඩව ක්‍රියාත්මක වූ අතර රට සම්පූර්ණයෙන් ම විවෘත කරන ලෙස මේ වන විට දැඩිව ඉල්ලීම් ඉදිරිපත්ව තිබේ.

  • පාකිස්තානය විදේශ ත්‍රස්තවාදීන් පෝෂණය කරන අයුරු ගැන සුපිරි හෙළිදරව්වක්

    පාකිස්තානය විදේශ ත්‍රස්තවාදීන් පෝෂණය කරන අයුරු ගැන සුපිරි හෙළිදරව්වක්

    පාකිස්තානය ‘සමහර කලාපීය වශයෙන් අවධානය යොමු වූ ත්‍රස්තවාදී කණ්ඩායම් සඳහා ආරක්‍ෂිත තෝතැන්නක් ලෙස අඛණ්ඩව කටයුතු කර ඇත’ යනුවෙන් එක්සත් ජනපද කොංග්‍රස් පර්යේෂණ සේවා වාර්තාව සඳහන් කරයි. ත්‍රස්තවාදය පිළිබඳ පර්යේෂණ සේවා වාර්තාව පවසන පරිදි පකිස්ථානය ‘විදේශීය ත්‍රස්තවාදී සංවිධාන’ 12 ක මෙහෙයුම් කඳවුරක් වන අතර පහක් ඉන්දියාව කේන්ද්‍ර කර ගෙන ඇත.

    කලාපීය වශයෙන් අවධානය යොමු වූ සමහර ත්‍රස්තවාදී කණ්ඩායම් සඳහා ආරක්ෂිත ස්ථානයක් ලෙස ඉස්ලාමාබාද් ‘ දිගටම කටයුතු කර ඇති අතර’ ‘ඇෆ්ගනිස්ථානය ඉලක්ක කරගත් ත්‍රස්ත කණ්ඩායම් වලට මෙන්ම ඉන්දියාව ඉලක්ක කරගත් ත්‍රස්ත කණ්ඩායම් වලට තම භූමියේ සිට ක්‍රියාත්මක වීමට’ පාකිස්තානය ඉඩ සලසා දී ඇති බව එම වාර්තාව සඳහන් කර ඇතැයි ඉන්දියා නිවුස් නෙට්වර්ක් වාර්තා කරයි.

    “එක්සත් ජනපද නිලධාරීන් පාකිස්තානය මෙහෙයුම් මූලස්ථානයක් ලෙස හඳුනාගෙන ඇති අතර/හෝ සන්නද්ධ, රාජ්ය නොවන සටන්කාමී කණ්ඩායම් ගණනාවක් ඉලක්ක කර ඇති අතර සමහර ඒවා 1980 ගණන් වල සිට පැවතුනි” යනුවෙන් සඳහන් කොට ඇත. “පාකිස්තානයේ ත්‍රස්තවාදී සහ වෙනත් සටන්කාමී කණ්ඩායම්” යනුවෙන් සැප්තැම්බර් 23 දා ක්වාඩ් සමුළුවට පෙර.

    වාර්තාව ප්‍රකාශයට පත් කරන ලදී.

    පාකිස්තානය තුළ පුළුල් නමුත් සුවිශේෂී නොවන ත්‍රස්තවාදී කණ්ඩායම් පහක් ක්‍රියාත්මක වන බව එහි වැඩිදුරටත් සඳහන් වේ. ගෝලීය වශයෙන් නැඹුරු; ඇෆ්ගනිස්ථානය ඉලක්ක කරගත්; ඉන්දියාව සහ කාශ්මීරය මූලික කරගත්; ගෘහස්ථව නැඹුරු; සහ නිකායවාදී (ෂියා විරෝධී).

    කාණ්ඩ පහ යටතේ වර්ගීකරණය කර ඇති කණ්ඩායම් පහළොවෙන් දොළොස් දෙනෙක්ම ඇමරිකානු නීතිය යටතේ විදේශීය ත්‍රස්තවාදී සංවිධාන ලෙස නම් කර ඇති අතර බොහෝ ඒවා ඉස්ලාමීය අන්තවාදී මතවාද මඟින් සජීවිකරණය කර ඇති බව එක්සත් ජනපද කොංග්‍රස් වාර්තාවේ ද්විපාර්ශ්වික පර්යේෂණ අංශය වැඩිදුරටත් පැවසීය.

    විශාල ප්‍රහාර සඳහා වගකිව යුතු කණ්ඩායම්:

    ඉන්දියාව සහ කාශ්මීරය මුල් කරගත් සටන්කාමී කාණ්ඩය යටතේ ඇති කණ්ඩායම් අතර පළමුවැන්න 1980 දශකයේ අග භාගයේදී පාකිස්ථානයේදී පිහිටුවන ලද ලස්කාර්-ඊ-තායිබා ය.

    හෆීස් සයීඩ්ගේ නායකත්වයෙන් සහ පාකිස්ථානයේ පන්ජාබ් පළාත සහ අසාද් කාශ්මීරය පදනම් කරගත් එය වඩාත් මෑතකදී පෙනෙන්නේ පුණ්‍යායතනය වන ජමාත්-උද්-දවාක් ලෙස බව වාර්තා වේ.

    2008 වසරේදී ඉන්දියාවේ මුම්බායි හි සිදු වූ ප්‍රධාන ප්‍රහාර මෙන්ම තවත් ඉහළ පෙළේ ප්‍රහාර ගණනාවකට ලස්කාර්-ඊ-තායිබා වගකිව යුතු බව එහි සඳහන් විය.

    වාර්තාවට අනුව, මෙම කාණ්ඩය යටතේ ඇති දෙවන කණ්ඩායම වන්නේ ජෙයිෂ්-ඊ-මොහොමඩ්(JEM) 2000 දී කාශ්මීර සටන්කාමී නායක මසූද් අසාර් විසින් ආරම්භ කරන ලද අතර එය 2001 දී විදේශීය ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම් කරන ලදී.

    2001 දී ඉන්දියානු පාර්ලිමේන්තුවට එල්ල වූ ප්‍රහාරය සඳහා ලස්කාර්-ඊ-තායිබා සමඟ ජයිෂ්-ඊ-මොහොමඩ් ද වගකිව යුතු බව ද එහි සඳහන් ය.

    ඉන්දියාව සහ කාශ්මීරය කේන්ද්‍ර කරගත් සටන්කාමී කාණ්ඩය යටතේ තෙවැන්න නම් 1980 දී සෝවියට් හමුදාවට එරෙහිව සටන් කිරීම සඳහා ඇෆ්ගනිස්ථානයේදී පිහිටුවන ලද හරාකට්-උල් ජිහාඩ් ඉස්ලාමි (HUJI) වන අතර 1989 න් පසු එය ඇෆ්ගන් තලේබාන් සංවිධානයට සටන්කරුවන් සැපයූවත් ඉන්දියාව දෙසට සිය උත්සාහය යොමු කළේය. ,

    වාර්තාවේ සඳහන් කර ඇත්තේ මෙම කාණ්ඩය යටතේ හතරවන සංවිධානය වන හාරකට් උල් මුජාහදීන් (එච්එම්එම්) 1997 දී විදේශීය ත්‍රස්තවාදී සංවිධාන ලෙස නම් කරන ලද අතර එය ප්‍රධාන වශයෙන් ක්‍රියාත්මක වන්නේ අසාද් කාශ්මීරයේ සහ සමහර පකිස්ථානු නගර වල ය.

    1999 දී ඉන්දියානු ගුවන් යානයක් පැහැර ගැනීම සඳහා එය වගකිව යුතු විය. බොහෝ HUM සාමාජිකයින් පසුව එම කණ්ඩායමට මාරු විය.

    පාකිස්ථානයේ විශාලතම ඉස්ලාමීය දේශපාලන පක්ෂයේ සටන්කාමී අංශය ලෙස වාර්තා වන 1989 දී පිහිටුවන ලද හිස්බුල් මුජාහිදීන් (එච්එම්) යනු ඉන්දියාව සහ කාශ්මීරය ඉලක්ක කරගත් සටන්කාමීන්ගේ ගණය යටතේ පස්වන සහ අවසාන සංවිධානයයි. කාශ්මීරය කේන්ද්‍ර කර ගත්තද, පාකිස්තානයේ ප්‍රධාන අරමුදල් මූලාශ්‍ර එච්එම් සතුව ඇතැයි වාර්තා වේ.

    එම වාර්තාවේ සඳහන් වූයේ පාකිස්තානය තුළ ඇති අනෙකුත් ත්‍රස්තවාදී කණ්ඩායම් වන්නේ ඉන්දීය උපමහාද්වීපයේ අල් කයිඩා (AQIS), ඉස්ලාමීය රාජ්‍ය-ඛෝරාසන් පළාත (ISKP හෝ IS-K); ඇෆ්ගන් තලේබාන්, හකානි ජාලය, ටෙරික්-ඊ-තලේබාන් පකිස්ථානය (ටීටීපී), බලුකිස්තාන් විමුක්ති හමුදාව (බීඑල්ඒ), ජුන්ඩාල්ලා (ජේෂ් අල්-අඩ්ල්), සිපා-ඊ-සහබා පකිස්ථානය (එස්එස්පී) සහ ලෂ්කාර්-ඊ-ජංග්වි (LEJ). ත්‍රස්තවාදී කණ්ඩායම් සඳහා පකිස්ථානය ‘ආරක්ෂිත තෝතැන්නක්’ වේ යන්නයි.

    ත්‍රස්තවාදය පිළිබඳ එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ 2019 වාර්‍තා උපුටා දක්වමින් (2020 ජූනි මාසයේදී නිකුත් කරන ලද) ත්‍රස්තවාදය පිළිබඳ පර්යේෂණ සේවා වාර්තාව පැවසුවේ පාකිස්තානය ‘කලාපීය වශයෙන් අවධානය යොමු වූ ඇතැම් ත්‍රස්ත කණ්ඩායම් සඳහා ආරක්ෂිත තෝතැන්නක් ලෙස අඛණ්ඩව සේවය කර ඇති අතර’ ඇෆ්ගනිස්ථානය ඉලක්ක කරගත් කණ්ඩායම් වලට ඉඩ දී ඇති බවයි. ඉන්දියාව ඉලක්ක කරගත් කණ්ඩායම්, එහි භූමියේ සිට ක්‍රියාත්මක වී ඇත.

    ඉන්දියාව විසින් පාලනය කරන ලද කාශ්මීරයට 2019 මුල් භාගයේදී එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව, පාකිස්තාන රජය විසින් ත්‍රස්තවාදයට මුදල් සැපයීම වැළැක්වීමට සහ ඉන්දියාව කේන්ද්‍ර කරගත් සමහර සටන්කාමී කණ්ඩායම් වලක්වා ගැනීමට ‘නිහතමානී පියවර’ ගත් බව දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

    ‘ත්‍රස්තවාදීන්ගේ ආරක්‍ෂිත තෝතැන්නක්’ යන මාතෘකාව මත දෙපාර්තමේන්තුව නිගමනය කළේ පාකිස්තාන රජය සහ හමුදාව ‘රට පුරා ත්‍රස්තවාදීන්ගේ ආරක්‍ෂිත ස්ථාන සම්බන්ධයෙන් නොගැලපෙන ලෙස කටයුතු කළ’ බවයි.

    indianewsnetwork

  • ලෝක හදවත් දිනය අදයි !

    ලෝක හදවත් දිනය අදයි !

    හදවත මිනිසාට නැතිවම බැරි අවයවයක්… ඒ නිසාම වටිනා දේවල් වල වටිනාකම විදහාපෑම සදහා හදවතට සමාන කරනවා. සංවේදීත්වය සදහා හදවත ඈදා ගන්නා සේම අතීතයේ සිට අප සාහිත්‍ය තුළද හදවතට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයක්.. ඉතින් මෙලෙස සැමට නිරන්තරයෙන් අවශ්‍ය වන හදවත පිළිබදව වැඩි අවධානයක් යොමුවන වැඩි වශයෙන් කතාබහට ලක්වන දිනය අදයි… එනම් අද ලෝක හදවත් දිනයයි.

    මිනිසාගේ උරස් කුහරයේ වම්පසට වන්නට පිහිටා ඇති පේෂීමය අවයවයක් වන හදවතෙහි ප්‍රධානතම කර්තව්‍යය වෙන්නේ මිනිස් සිරුරෙහි සංසරණය විය යුතු රුධිරය සිරුර පුරා පොම්ප කිරීමයි. මේ සඳහා උපන් දා සිට නොනැවතී යන්ත්‍රයක් මෙන් හදවත ක්‍රියාත්මක වෙනවා.

    ලොව පුරා පුද්ගලගන්ගේ මරණ හා ආබාධිත වීම් වලට ප්‍රධාන හේතුව හෘද රෝගයන්. ශ්‍රී ලංකාවේ මරණ වලින් 34% ක් පමණ හෘද රෝග වලින් සිදුවන අතර ඊට අමතරව රෝහල් ගත වීම් සහ බාහිර රෝගී සත්කාර සඳහාද එය ප්‍රධාන හේතුවක් වනවා. සෑම වසරකම විශාල පිරිසක් හෘද හා හෘද වාහිනී රෝග වලින් පෙළෙනබවට හඳුනාගන්නා අතර ඔවුන්ට ජීවිත කාලය පුරාම ප්‍රතිකාර ලබාගැනීමට පවා සිදු වෙනවා. හෘද රෝග වැළඳී තිබීම හා පාලනය නොවීම කොවිඩ් -19 නිසා සිදුවන මරණවලටද වැඩි අවධානමක් ඇති කරනවා. එනමුත්, මෙම තත්වයන් බොහෝමයක් වළක්වා ගත හැකියි.

    ලොව පුරා සෑම වසරකම සැප්තැම්බර් 29 වන දින “ලෝක හදවත් දිනය” සමරනු ලබන අතර එය ලෝක හෘද සංගමය විසින් ප්‍රකාශයට පත් කර තියෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකය, හෘද රෝග විශේෂඥයන්ගේ විද්‍යායතනය සමඟ එක්ව ශ්‍රී ලංකාවේදීද එය සමරනු ලබනවා. 2021 වර්ෂය සඳහා තේමාව “Use heart to connect” – “සබැඳී දිවියක් – සුවැති හදවතක්” යන්නයි.
    සම්බන්ධතාවයන් පවත්වාගැනීම, දැනුවත්බව වැඩි කිරීම සහ මහජනතාව අතර හෘද හා රුධිර වාහිනී රෝග වැළැක්වීම සහ කළමනාකරණය සඳහා සහාය වීම ආදී විවිධ කාරණා සඳහා ඩිජිටල් තාක්‍ෂණයේ දියුණුව සහ භාවිතය ප්‍රවර්‍ධනය කිරීම මෙම තේමාව තෝරා ගැනීමේ අරමුණයි.
    වර්තමාන ගෝලීය කොවිඩ් -19 වසංගතය තුළ, සමාජීය හා පුද්ගල සම්බන්ධතා සීමා වීම නිසා, රෝගීන්, ඔවුන්ගේ පවුල් සහ සෞඛ්‍ය අංශ සමඟ සම්බන්ධ කිරීම සඳහා නවීන තාක්‍ෂණය භාවිතා කිරීම මෙන්ම හෘද රෝගී පුද්ගලයින්ගේ ප්‍රතිකාර පිළිබඳ අධීක්ෂණය, උපදෙස් ලබාදීම හා අඛණ්ඩ සත්කාර සැපයුම සහතික කිරීම සඳහා ද මෙම ක්‍රමවේද භාවිතා කිරීම ආරක්‍ෂිත මෙන්ම පහසු විසඳුමක්.

    වඩාත් පහසුවෙන් භාවිතා කළහැකි ඩිජිටල් උපාංග සහ ජංගම දුරකථන යෙදවුම්, රෝගියාගේ දැනුවත්භාවය ප්‍රවර්‍ධනය කිරීම, අවදානම් සාධක සහ සංකූලතා වැළැක්වීම සඳහා ද බහුලව භාවිතා කරනවා. හෘද රෝග සඳහා ප්‍රධාන අවදානම් සාධක වන මධ්‍යසාර භාවිතය සහ දුම්කොළ භාවිතය නැවැත්වීමට අමතරව, ශරීර බර නියමිත ලෙස පවත්වා ගැනීම සඳහා යෝග්‍ය ආහාර වේලක් සහ ශාරීරික ක්‍රියාකාරකම් ප්‍රවර්‍ධනය කිරීමට මෙම ක්‍රමයන්ම පහසුවෙන් යොදාගත හැක.
    ස්මාර්ට් දුරකථන යෙදුම්, දුරකථන උපකාරක සේවා, ටෙලි මෙඩිසින්සේවා, අන්තර්ජාලය හරහා සම්බන්ධ වන දුරස්ථ අධීක්ෂණ හා සන්නිවේදන උපකරණ, ඊ මේල් ඇතුළු සන්නිවේදන ක්‍රම සහ සමාජ මාධ්‍ය ඇතුළු සියලු මාධ්‍ය ද මේ සඳහා ඵලදායී ලෙස භාවිතා කළ හැකි ඩිජිටල් තාක්‍ෂණයේ විවිධ අංශ වනවා.
    හෘද රෝග සහ වෙනත් බෝ නොවන රෝග ඇති අයට සෞඛ්‍ය සේවා ලබාදීමේදී මෙන්ම රෝග වැළඳීම වැළැක්වීම සඳහාද සෞඛ්‍ය අමාත්‍යාංශය දැනටමත් ඩිජිටල් තාක්‍ෂණය භාවිතා කරනවා.මෙසේ සිදුකරන සමහරක් සේවා අතර

    1. ජාතික තැපැල් සේවය සමඟ එක්ව හෘද රෝග සහ අනෙකුත් බෝ නොවන රෝග සායනවල රෝගීන්ගේ සායන ඖෂධ අදාළ රෝහල් වලින් නිවසටම ලබා දීම හා එම සේවා සම්බන්ධීකරණය 0720720720 /0720606060 යන ක්‍ෂණික දුරකථන ඇමතුම් මගින් ලබා දෙනු ලබනවා.
    2. මහජනතාවගේ සෞඛ්‍ය ගැටලු වලට අදාලව 1999 ක්ෂණික ඇමතුම ඔස්සේ වෛද්‍ය උපදෙස් ලබා දීම සිදුකරනවා.
    3. ආපදා කාලය තුළ සෞඛ්‍ය ගැටළු සඳහා ආපදා කළමනාකරණ හා පෙරසුදානම් ඒකකය- 0117966366 අදාළ දැනුවත් කිරීම හා උපකාරක සේවාවන් ලබාදෙනු ඇත.
    4. 1926 ක්ෂණික ඇමතුම් අංකය හරහා යහපත් මානසික සෞඛ්‍ය සඳහා උපදෙස් ලබා දෙනු ලබනවා.
    5. සමාජ මාධ්‍ය භාවිතයෙන් හෘදය ආශ්‍රිත හා වෙනත් බෝ නොවන රෝග සඳහා අවදානම් සාධක අඩු කිරීම පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම.
    6. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය හා බෝ නොවන රෝග ඒකකය මඟින් සමාජ මාධ්‍ය හරහා හෘද රෝග හා බෝ නොවන රෝග හේතුවෙන් ඇති වන සෞඛ්‍ය අවදානම වැළැක්වීම සහ පාලනය කිරීම පිළිබඳ යාවත්කාලීන තොරතුරු ලබා දීම.

    මීට අමතරව, කොවිඩ් – 19 කාලය තුළ සෞඛ්‍ය රෝග ඇතුළු සෞඛ්‍ය ප්‍රවර්ධනය කිරීම ඇතුළු සෞඛ්‍ය උපදෙස් ලබා දීම සඳහා ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ඇතුළු විවිධ සෞඛ්‍ය ආයතනද ක්‍ෂණික දුරකථන ඇමතුම් අංක හඳුන්වා දී තියෙනවා.

    එවැනි උපකාරක සේවා අතරට 1904, 247, 1390 ක්ෂණික ඇමතුම් අංක ද ඇතුළත් වන අතරම
    එනිසා මෙම කොවිඩ් වසංගත කාලය තුළ සහ ඉන් පසුවත්
    1. නියමකර ඇති ඖෂධ නිසිලෙස ලබාගමු
    2. දුම් පානය, දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදන හා මධ්‍යසාර භාවිතයෙන් වළකීමු.
    3. සෞඛ්‍යයට හිතකර ආහාර අනුභවකරමු..
    4. ශාරීරික ක්‍රියාකාරිත්වය පවත්වාගැනීම හා දිනපතා සුදුසු ව්‍යායාමවල නිරතවෙමු.
    5. මානසික ආතතිය අවමකර ගනිමු..
    6. අපගේ සමීපතමයන් සමඟ සම්බන්ධතාවයන් පවත්වා ගනිමු.
    මෙම සෑම අවස්ථාවකදීම හැකි පරිදි ඩිජිටල් තාක්‍ෂණය භාවිතා කරමු.
    “Use heart to connect” – “සබැඳී දිවියක් – සුවැති හදවතක්”

    හදවතේ වටිනාකම සිහියට නංවා ගනිමින් හදවත නිරෝගීව පවත්වාගැනීමට කටයුතු කරමු. හදපිරි වටිනාකමින් සුරකිමු හදවත…

    සටහන – පූර්ණා පුණ්‍යමලී නානායක්කාර. by – news.lk

  • CID නිලධාරීන් ගැන පොලිස් ඇමැතිගේ නියෝගයෙන් විමර්ශනයක්

    CID නිලධාරීන් ගැන පොලිස් ඇමැතිගේ නියෝගයෙන් විමර්ශනයක්

    පුවත්පත් කතුවරුන් ඇතුළු මාධ්‍යෙවේදීන්ගෙන් ප්‍රශ්න නොකරන ලෙස දැනුම්දීමක් කර තිබියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඊට අදාළව ක්‍රියා නොකිරීම සම්බන්ධව වහාම විමර්ශනයක් සිදුකරන ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා විසින් පොලිස්පතිවරයාට උපදෙස් දී ඇත.

    තවද සුඳුලූණු සිද්ධිය සම්බන්ධව පෑලියගොඩ විශේෂ අපරාධ විමර්ශන ඒකකය මඟින් සිදුකෙරෙමින් පවතින පරීක්‍ෂණ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත පවරා පුළුල් පරීක්‍ෂණයක් සිදු කරන මෙන් අමාත්‍යවරයා විසින් පොලිස්පති වරයාට උපදෙස් ලබා දී ඇත.