‘Prone දැන්වීම් පළ කරන‘ වෙබ් අඩවි 05ක් හෙළිවෙයි

‘Prone දැන්වීම් පළ කරන‘ වෙබ් අඩවි 05ක් හෙළිවෙයි
Spread the love

ලිංගික කර්තව්‍යයන් සදහා දැන්වීම් පළ කරන වෙබ් අඩවි පහක් පිළිබදව කරුණු අනාවරණය වී ඇති බවත් ඒ සම්බන්ධයෙන් මේ වන විට පරීක්ෂණ ආරම්භ කර ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (08) කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණයට දැනුම් දුන්නා.

අන්තර්ජාලය ඔස්සේ අලෙවි වූ 15 දැරිය විකිණීම පිළිබදව දැන්වීම් පළ කළ තවත් වෙබ් අඩවියක හිමිකරුවකු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (08) බත්තරමුල්ල ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බවයි ඔවුන් වැඩිදුරටත් අධිකරණයට දන්වා සිටියේ.

15 හැවිරිදි දැරිය ලිංගික කටයුතු වෙනුවෙන් අලෙවි කළ වෙබ් අඩවි සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඩිජිටල් වෝහාරික විද්‍යාගාරයෙන් සිදුකළ විමර්ශනයේදී මෙම සැකකරුගේ වෙබ් අඩවිය පිළිබදව අනාවරණය වී තිබෙනවා.

මෙම සිද්ධියට අදාළ බාලවයස්කාර දැරිය ලිංගික කටයුතු සදහා විකිණීමට දැන්වීම් පළ කරන ලද  ‘ලංකා ඇඞ් ඩොට් කොම්’ නමැති වෙබ් අඩවියේ හිමිකරු වන පානදුර ප‍්‍රදේශයේ පදිංචි රණසිංහ ආරච්චිගේ දුමින්ද සම්පත් පෙරේරා සහ එම වෙබ් අඩවියේ මූල්‍ය කළමණාකරු වන බණ්ඩාරගම ප‍්‍රදේශයේ පදිංචි මාකේවෙලගෙදර ධනුක කෞෂල්‍යය යන අයවලූන් මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කොට තිබෙනවා.