මුදලට වෛද්‍ය උපාධිය විකුණන මාලඹේ සයිටම් ආයතනය අහෝසි කරන ලෙස ආණ්ඩුවට බලකරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු වෛද්‍ය සංගම් විසින් ලබන 07වනදා ක්‍රියාත්මක කරන වැඩවර්ජනයට තම සංගමයේ පූර්ණ සහාය ලබා දෙන බව ලංකා ගුරුසේවා සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
එම සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතාගේ අත්සනින් නිකුත් කර ඇති එම නිවේදනය සම්පූර්ණයෙන් පහතින් පලවේ.
“අප්‍රේල් 07 වනදා වැඩවර්ජනයට ලංකා ගුරු සේවා සංගමයේ පූර්ණ සහාය
මෙරට පෞද්ගලික වෛද්‍ය විද්‍යාල අරම්භ කිරීමේ අරමුනින් දැනට මාලඹේ නීති විරෝධීව පවත් වාගෙන යන SAITM හොර උපාධි කඩයට උපාධි පිරිනැමීමට අවශ්‍ය න්‍යෙතික බලය ලබාදීමට ආණ්ඩුව ගන්නා උත්සාහය පරාජය කිරීම සඳහා අපේ‍්‍රල් 07 වන දින රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) කැඳවා ඇති වැඩවර්ජනය ලංකා ගුරු සේවා සංගමය පූර්ණ සහය පලකර සිටී.
නමුත් වර්ජය යෙදී ඇති දිනය පාසල් නිවාඩු කාලයට අයත් දිනයක් බැවින් ඊට ගුරුවරුන් හා විදුහල්පතිවරුන්ට ඊට සහභාගී වීමට අවස්ථාවක් නොවන නමුත් එදින වර්ජනයට එක් වෙන වෛද්‍යවරුන් විසින් කොළඹදී පවත්වන විරෝධතා පාගමනට හා රැළියට අප සංගමයේ සමාජිකත්වය පූර්ණ සහභාගීත්වය හා අනුග‍්‍රහය දැක්විය යුතු බවට විධායක සභාව විසින් ඒකමතිකව තීරණය කර ඇත.
ඒ අනුව අපේ‍්‍රල් 07 වන දින දහවල් 11.00 ට කොළඹ ජාතික රෝහල ඉදිරිපිටින් ආරම්භවන පාගමනට හා අනතුරුව පැවැත්වෙන රැළියට සියළුම සාමාජික සාමාජිකාවන් සහභාගී වෙමින් SAITM හොර උපාධි කඩය වසා දැමීමටත් මෙරට නිදහස් අධ්‍යාපනය හා නිදහස් සෞඛ්‍ය රැකගැනීමටත් එකාවන්ව පෙළ ගැසෙන ලෙස ඉල්ලා සිටිමු.
-ලංකා ගුරුසේවා සංගමය-
[rns_reactions]