මෙරට හදන්න පුළුවන් පක්ෂ දෙකකට පමණක් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතා පවසයි.
එම පක්ෂ දෙක වන්නේ එක්සත් ජාතික පක්ෂයත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පමණක් යැයිද ඔහු සඳහන් කළේය.
වෙනත් බොහෝ දෙනා නොදන්නා දේවල් තමන් දන්නා බව ද ඔහු කියා සිටියේ මාධ්‍ය හමුවක් කැඳවමිනි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට වුවමනා වී ඇත්තේ පරම්පරාවක් රැකගෙන ඉදිරියට යාම පමණක් බවද කී ඔහු පොදුජන පෙරමුණේ වීරයන් සේ සිටින බොහෝ දෙනෙකුගේ ඇත්ත කතාව තමන් දන්නා බව ද ඉදිරියේදී ඒ සියල්ල හෙළි කිරීමට සූදානම් බවද කියා සිටියේය.
සජින් වාස් ගුණවර්ධන මහතා පසුගිය ආණ්ඩු සමයේදී එවකට හිටපු බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්ට කණට ගැසූවෙ යයි චෝදනා එල්ල විය.