කථානායක කරූ ජයසූරිය මහතා සහ එජාප නියෝජ්‍ය නායක ඇමැති සජිත් ප්‍රේමදාස මහතා අතර රහස් හමුවක් අගහරුවාදා රාත්‍රියේ කථානායකවරයාගේ නිවසේදී සිදුව තිබෙන අතර එවැනිම තවත් හමුවක් ගෙවී ගිය පැය 72ක කාලය තුල යළිත් සිදුව තිබේ. පළමු හමුව සම්බන්ධයෙන් සජිත් කල්ලිය දැන සිටියද දෙවන හමුව සම්බන්ධයෙන් ඔවුන් දැන සිට නැත.
කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂය තුල ජනාධිපති ධූර අපේක්ෂකත්වය ගැන ඇතිව තිබෙන වාතාවරණය සමනය කර ගැනීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කර ඇති අතර මෙම සාකච්ඡා සුහද මට්ටමින් පැවති ඇති බවද දැනගන්නට ඇත.
එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා සමඟ පැවති හමුවකින් පසුව මෙම හමුව සිදුව ඇතැයි වාර්තාවේ.
මෙම සාකච්ඡාව සඳහා සජිත් ප්‍රේමදාස මහතාගේ වෙන්ට ආර්යාව වන ජලනි පේ‍්‍රමදාස මැතිනියද සම්බන්ධ වී ඇතැයි වාර්තා වෙයි.
තමන් මතු ජනාධිපති වන සජිත් පේ‍්‍රමදාස මහතාගේ ආර්යාව යයි හැටන් ප්‍රදේශයේ පැවති රැස්වීමකදී ප්‍රකාශ කරමින් සජිත්ට නියත විවරණ දුන්නේ මැයයි.