එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සන්ධානය බිහිකිරීම අල කරමින් මිනීමෝර පවුල් පාලනයක් වෙනුවෙන් රටම මරු කටට ඇදලා දාන තුරු නින්දක් නැතුව සිටින සජිත් කල්ලියේ නියම ස්වභාවය මේ වන විට හෙළිදරව් වෙමින් තිබෙනවා.
ඊයේ දිනයේ (27) පැවැත්වූ කැබිනට් හමුව උනුසුම් කලේ ඒ සජිත්ගේ කුහක කල්ලියේ නියම ස්වභාවය නැවතත් තහවුරු කරමින්.
ඒ තමයි”සජිත් කල්ලියට එක්වන සෑම එජාප පසුපෙළ මන්ත්‍රීවරයකුටම බාර් ලයිෂන් දීමේ වැඩ පිළිවෙළ”.
සජිත් කල්ලියේ පිරිස වැඩිකර ගැනීමට යොදා ගෙන තිබෙන අලුත් අල්ලස් දීමේ ක්‍රමය තමයි ඒ.
යහපාලන ආණ්ඩුවට නිගාදෙන මේ තකතීරු වැඩේ කැබිනට් එකේදී ඇදලා ගත්තේ රවී කරුණානායක. ඒ නිකං නෙවෙයි. සජිත් කල්ලිය මේ වෙනකොට ඩීල් දාගෙන ඉන්න මෛත්‍රීපාල ජනාධිපතිගේ මූනටම ප්‍රශ්නය ඇදලා දාමින්.
“වැඩ සිද්ධ වෙන්නේ මේ විදිහට නම් ඔබතුමා ආරම්භ කරලා තියන මතින් තොර ශ්‍රී ලංකා වැඩපිළිවෙළට මොකද වෙන්නේ ? කාටද පුලුවන් මේවා අනුමත කරන්න”
වක්කඩ ඇරියාම වගේ රාජිත දුන්න දීමට රිදුනේ සුරාබදු දෙපාර්තමේන්තුව විෂය භාර මුදල් ඇමැති මංගල ට. ඒ වගේම ඇමතිවරුන් කිහිපදෙනකුම මේ කුජීත වැඩේ විවේචනය කරන්න ගත්තා.
මංගලගෙන් ජනාධිපති මෛත්‍රීපාලත් ඒ ගැන ඇහුවා.ඒකට උත්තර දෙමින් මංගල කිව්වෙ “කිහිපදෙනකු ඉල්ලා තියනවා. ඒත් තවම දෙන්න අවසන් තීන්දුවක් අරගෙන නෑ ” කියලා.
කොහොම උනත් දිගටම ඇමතිවරුන් මේ ගැන විවේචනය කළා. කැබිනට් එක එකම කාලගෝට්ටියකින් ඉවර වුනා. කැබිනට් එක කාලගෝට්ටියකින් ඉවරයි කියලා මඩකිං අනාවරණය ඉවර වෙන්නේ නෑ. වෙබ් සයිට් කිහිපයක් බැරි බැරි ගාණේ මේ නිව්ස් එක ගැහුවට ඒවායේ වැඩි විස්තර මොකුත් නෑ.
දැනට සූදානම් කරලා තියන ආකාරයට එජාප පසුපෙළ මන්ත්‍රීවරුන් තුන් දෙනෙකුට බාර් ලයිෂන් දෙන්න නියමිතයි. ඒ මන්ත්‍රීවරුන් තුන්දෙනා වෙන්නේ හේෂා විතානගේ , හෙක්ටර් අප්පුහාමි සහ නිරෝෂන් පෙරේරා.
සජිත්ගේ කල්ලියට මන්ත්‍රීවරුන් බිලී බා ගැනීමට මේ බාර් ලයිෂන් අල්ලස දීමේ යෝජනාව මලික්ගේ. “ඊලඟ මහ මැතිවරණය සඳහා සල්ලි ඕන නේද ? යන්න මතක් කළොත් ඒකට බාර් ලයිෂන් දෙන්න සූදානම් කිව්වොත් වැඩේ ගොඩ ” කියලා තමයි මලික් මේ යෝජනාව දෙන්නේ.
ඒ වගේම සජිත් කල්ලියේ උපදේශකයන් ඒ යෝජනාව ඉහළින් අනුමත කරලා තියෙනවා. මුල් අවස්ථාවේ හේෂා විතානගේ , හෙක්ටර් අප්පුහාමි , නිරෝෂන් පෙරේරා මන්ත්‍රීවරුන් ට දීලා ඉතුරුවා සජිත් ජනාධිපති අපේක්ෂකත්වය ගත්තාම දෙන්න තමයි සැලසුම. ඒ වෙනකල් එජාප මන්ත්‍රීවරුන් සජිත් ජනාධිපති අපේක්ෂකයා කිරීමේ සටන එළිපිට කරන්න ඕන. අන්න ඒකයි සජිත් කල්ලිය මන්ත්‍රීවරුන්ට දාපු කොන්දේසිය.
මේ යෝජනාව මුලින්ම ලැබුන නිසා තමයි හේෂා විතානගේ මහ සද්දෙන් සජිත් ප්‍රේමදාස ජනාධිපති අපේක්ෂකයා කරන්න ඕන කියලා මුලින්ම මාධ්‍ය හමුව තියෙන්නේ. ඒ වගේම චමින්ද විජේසිරිවත් ළඟට ගන්නේ.
දැන් පැහැදිලියි නේද ? සජිත් ඕන , සජිත් නැතුව බෑ, එජාප පසුපෙළ මන්ත්‍රීවරුන් බහුතරය ඉල්ලන්නේ සජිත් කියන සටන් පාඨ වල තියන රහස.
හේෂා විතානගේ මහ පොරක් වගේ පහුගියදා අධීක්ෂණ මන්ත්‍රී ධූරයෙන් ඉවත් වුනේ මේ රස ඉල්ලම ඔඩොක්කුවට වැටෙන නිසා.
මේ තමයි අපි දිගින් දිගටම හෙළිදරව් කරපු සත්‍යය.
සජිත් ප්‍රේමදාස කියන්නේ ආයෙත් ඉස්කෝලේ යවලා උගන්වන්න ඕන අකලට වයසට ගිය හාදයෙක් බව අමුතුවෙන් කියන්න දෙයක් නෑ. ඒ බව ඔප්පු කරන්න සජිත්ගේ එක කතාවක් හොඳටම ඇති. සජිත් ඕන කියලා ඇවිත් වැල්ලේ ජරා කරන සෙට් එකම ඒ ඇත්ත දන්නවා.
දැන් එතකොට කිසිම නූතන දියුණු දැක්මක් නැති කට ඇරියොත් යම් හෝ දැනුවත්කමක් ඇති ඕන කෙනෙකුට අප්‍රිය හිතෙන , සජිත් වගේ මිනිහෙක් ජනාධිපති අපේක්ෂකයා කරන්න මැරීගෙන කට්ට කන්නෙ මොකටද කියන ප්‍රශ්නයට පැහැදිලි උත්තරයක් තියනවා.
මේ සේරම පිටුපස තියෙන්නේ පෞද්ගලික ලාභ අපේක්ෂා. එහෙමත් නැත්නම් සජිත් වටා ඉන්න කල්ලියේ අගමැති සිහින , ඇමැති සිහින නිසා තමයි මේ සේරම විජ්ජා .
දැනටමත් මුන් සජිත්ව ඕන කියන්න බාර් ලයිෂන් අරගෙන අවසන්. දැන් එතකොට ,
- එජාප නායකත්වය සජිත්ට දෙන්න ඕන මන්ත්‍රීවරුන් කිහිපදෙනකුට බාර් ලයිෂන් ලැබෙන නිසා.
- සජිත් ජනාධිපති අපේක්ෂකයා කරන්න ඕන මන්ත්‍රීවරුන් කිහිපදෙනකුට බාර් ලයිෂන් ලැබෙන නිසා.
- එජාප ප්‍රමුඛ සන්ධානය අල කරන්න ඕන මන්ත්‍රීවරුන් කිහිපදෙනකුට බාර් ලයිෂන් ලැබෙන නිසා.
- එජාප නායකත්වය දැඩි විවේචනයක් ලබන්නේ , පක්ෂය රැකගෙන ආණ්ඩුවක් හදන්න වෙහෙසෙන පක්ෂයේ ජේෂ්ඨයින්ට කුඩු වෙන්න මඩ වදින්නේ මන්ත්‍රීවරුන් කිහිපදෙනකුට බාර් ලයිෂන් ලැබෙන නිසා.
දැන් එජාප පාක්ෂිකයන් වගේම මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය , මානව හිමිකම් , ලිබරල් නිදහස අනුමත කරන රාජපක්ෂ පවුල් වාදය සහ මිනීමෝර පාලනයක් ප්‍රතික්ෂේප කරන ජනතාවට හිතන්න දෙයක් තියනවා .
ඒ තමයි කැහිගෑනි දීලා හොටු ගෑනි ගත්තා වගේ අපි මොකටද මෛත්‍රීපාල යවලා සජිත් ගේන්නේ යන කරුණ ගැන අවංකව සිතීම.
උපුටනය: මඩ කිං