අද පාර්ලිමේන්තුවේදී මුදල් පනතක් පරාජය වීමට තිබූ පූර්ව අවස්ථාවක් කතානායක කරු ජයසූරිය මහතා විසින් මැදිහත් වී වලක්වා ගත්තේය.
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතට අදාල වූ නියෝගයක් ගැන පැවති විවාදයේදී ඊට ඡුන්ද විමසීමක් විපක්‍ෂය විසින් ඉල්ලා සිටියද සභානායකවරයා එය ප්‍රතික්ෂේප කලේය. පසුව ඇති වූ උණුසුම් තත්වයේදී කතානායකවරයා විසින් පක්‍ෂ නායක හමුවක් කැදවා ඡුන්දයක් පැවැත්වීම කල් දැමීමට කටයුතු කලේය.
ආණ්ඩු පක්‍ෂය නියෝජනය කරමින් ඒ අවස්ථාවේ පාර්ලිමේන්තුවේ සිටියේ ඉතා සුළු පිරිසක් වන අතර විපක්‍ෂයේ වැඩි පිරිසක් රැදී සිටියහ. මුදල් පනතක් පරාජය වුවහොත් ආණ්ඩුවට දෙවැනි වරටද එය ඉදිරිප්ත කර සම්මක කර ගැනීමේ හැකියාව ඇති අතර දෙවැනි වරද පරාජය පත් වුවහොත් ආණ්ඩුව විසුරුනා සේ සලකා ජනාදීපතිවරයාට නව ආණ්ඩුවක් පාර්ලිමේන්තුවේ පත් කිරීමේ බලය ඇත.
අද දිනයේ කතානායකවරයාගේ මැදිහත්වීමෙන් වැළැක්වී ගියේ එම අවස්තාවයි.
එජාප මැති ඇමතිවරුන් අද දිනයේ වැඩි පිරිසක් ජනාධිපති අපේක්‍ෂකත්වය සජිත් පේ‍්‍රමදාස මහතාට ලබා දෙන ලෙස බල කරමින් කුරුණෑගල පැවැති ජනහමුවකට සහභාගී වී සිටියහ.