ජ්‍ය හා පෞද්ගලික අංශය තුළ රැකියාවක නිරතවීමට අවස්ථාව අහිමි වූ හෝ අකමැති බහුතරයක් කුමන හෝ ස්වයං රැකියාවක නිරතවීම අපේක්‍ෂා කරති. ස්වයං රැකියා සඳහා අද අන් කවරදාකටවත් වඩා හොද ආකර්ෂණීය ඉඩ ප්‍රස්ථා බිහිවී ඇත. එදා ලෑලිකඩ, පෙට්ටි කඩ හා පා පැදි වෙනුවට කුඩා ලොරි හෝ දර්ශනීය ලෙස සකසාගත් ත්‍රී රෝද රථ ඇසුරෙන් විවිධ තරා තිරමේ අය අලෙවි කටයුතු වල නිරතවන ආකාරය අපට දැකගත හැකිය.
මේ හේතුව මත ඔවුන් අරඹයා කෘෂි බෝග ඇසුරෙන් නිපදවන ආහාර සැපයීමට සැපයුම්කරුවන්ද බිහිවෙමින් සිටිති. මොවූහු බොහෝවිට සුළු පරිමාණ (Small-Scale) නිෂ්පාදකයෝ වෙති. කෘෂි බෝග ඇසුරුකරගත් බහුවිධි ආහාර නිෂ්පාදන ව්‍යවසායකයින් (Agri-Base Food Product Entrepreneurs) හට වෙළදපොළට අවතීර්ණවීමේදී නිරතුරුවම විවිධ ගැටලු වලට මුහුණ පෑමට සිදූවේ. සාමාන්‍යයෙන් බහුතරයක් වූ මෙම පිරිස ස්වකීය ව්‍යාපාරය පවත්වාගෙන යාමේදී සාපේක්‍ෂ වශයෙන් මූල්‍යමය ගැටලු මත අසරණභාවයට පත්වීම දැකිය හැකිය. එහෙයින් නිෂ්පාදන කාර්යයන් සඳහා ආයෝජනය කරනුයේ සුළු මුදලකි. එහි අවසාන ප්‍රතිඵලය වන්නේ පහළ මට්ටමේ නිෂ්පාදකත්වයක් (Low productivity) සමඟ වූ අඩු නිෂ්පාදන (Low production) යයි.
කෘෂි බෝග ඇසුරුකරගත් විවිධ ආහාර නිෂ්පාදනයේ නිරත වන සුළු පරිමාණ ව්‍යවසායකයින් බහුතරයක් ස්ථාපනයවී ඇත්තේ නාගරික ප්‍රදේශ වලින් බැහැර වූව ද ඔවුන්ගේ අභිලාශය නාගරික වෙළදපොළ වෙත ප්‍රවිශ්ඨවීම තුළින් සිය නිෂ්පාදන අලෙවිකර . ඇතැම් සුළු පිරිසක් ප්‍රසිද්ධ සිද්ධස්ථාන හෝ කාලීනව සංචාරකයින් සැරිසරන ප්‍රදේශ සිය අලෙවි කලාප ලෙස තෝරා ගෙන ඇති ආකාරය ද හඳුනාගත හැකිය. එයට ප්‍රබල හේතු කාරකය වී ඇත්තේ සිය කර්මාන්තය උදෙසා පහසුවෙන් කෘෂි බෝග අස්වනු මිලදී ගැනීමට ඇති හැකියාවයි. එයම පාදක කරගෙන ගූණාත්මය පසෙකලා ප්‍රමාණාත්මකව අපිරිසිදු අස්වනු ඔවුන් වෙත සැපයීම සඳහා ගොවීන් පෙළඹෙන අතර ඒ උදෙසා අඩු ලන්සු වටිනාකමක් තීරණය කිරීමට ගැණුම් ව්‍යවසායකයින් යොමුවන හෙයින් කණගාටුදායක චක්‍රිය ක්‍රියාදාමක් ඔවුන් වටා ගොඩනැගීම නොවැළැක්විය හැකි වේ.
එසේම කෘෂි යෙදවුම් ණය පදනම මත සපයා බෝග නිෂ්පාදන ප්‍රතිරැස්කිරීමේ දී ඒ සඳහා පහළ අගයන් තීරණය කර මිලදී ගැනීම මත කෘෂි බෝග නිෂ්පාදකයින්, සීමාකාරී සාධක තුළ රඳවා තබා ගැනීම නිසා බාහිර ගැණුම්කරුවන් හට එකී නිෂ්පාදන මිල දී ගැනීමට ඇති ඉඩකඩ අහුරා තිබීමද මේ සඳහා බලපා ඇත. මෙයට හේතු කාරකව ඇත්තේ තවමත් ඈත ගම්දනව් වල කෘෂි බෝග නිෂ්පාදකයින් වෙත වෙළඳපොළ විභවය හෝ පාරිභෝගික ඉල්ලීම් විචල්‍යවන ආකාරය පිළිබද වැටහීමක් හෝ ඒ පිළිබඳව අදාළ තොරතුරු සබෑ ලෙස සන්නිවේදනය වීම දූර්වල මට්ටමක පැවතීම යි. ඒ උදෙසා බලපා ඇති අනෙක් ප්‍රබල හේතු සාධකයක් වී ඇත්තේ නිෂ්පාදනයන් හඳූනාගත් එක් පුද්ගලයෙකුට පමණක් තොග වශයෙන් අලෙවි කිරීමට ගොවීන් කටයුතු කිරීම වේ. මෙකී හේතුකාරක මත සුළු පරිමාණ ආහාර සැකසුම්කරුවන් තම නිෂ්පාදන සඳහා අවශ්‍ය යෙදවුමි ම්ලදී සපයා ගැනීමට විශාල වියපැහැදමක් දැරිය යුතු වේ.
අනෙක් අතට කෘෂි බෝග නිෂ්පාදකයින් මේ උදෙසා පෙළඹී ඇත්තේ මක්නිසා ද යන්න විමසා බැලීම අපගේ යුතුකම විය යුතුය. ඈත ගම්දනව් වල පහළ මට්ටමේ යටිතල පහසුකම් මත වූ දූර්වල ප්‍රවාහන පද්ධති (Poor Transport Infrastructure) යටතේ නිෂ්පාදනය කරනු ලබන කෘෂි අස්වනු සඳහා ආර්ථික වටිනාකමක් නො ලැබෙනු ඇත. බහුතරයක් වූ නිෂ්පාදන ප්‍රදේශ සෘජුව ම ප්‍රසිද්ධ වෙළඳපොළ හෝ අලෙවි මධ්‍යස්ථාන සමග සෘජු ලෙස සම්බන්ධ නොවන හෙයින් මෙම තත්ත්වය තවත් තීව්‍රර වී ඇත.
දේශගුණ විපර්යාස (Climate change) සුළු පරිමාණ කෘෂි නිෂ්පාදකයන් කෙරෙහි දැඩි බලපෑමක් එල්ල කිරීම හේතුවෙන් ඔවුන්ගේ නිෂ්පාදකත්වය අවම හෝ ශූන්‍ය කිරීම කෙරෙහි මෙන්ම හා ස්වකීය ආත්ම අභිලාශයන් පහත හෙළීමට ද හේතුකාරක වනු ඇත. විශේෂයෙන්ම වර්ෂාපතනය මත ක්‍ෂේත්‍ර කටයුතු වල නිරතවීම හා වැව් හා ජලාශයන්හි ජල පරිමාවන් නොසලකා වගා වපසරිය නිගමනය කිරීම මෙම තත්වයන් තව තවත් තීව්‍රර කිරීමට සමත්වී ඇත.
කෘෂි බෝග මත ආහාර ද්‍රව්‍ය නිෂ්පාදන සැකසීමේ කර්මාන්තයන්හි නිරත බහුතරයක් වූ සුළු පරිමාණ ව්‍යවසායකයින් සෘජුව ම සුළු පරිමාණ සැපයුම්කරුවන් කෙරෙහි වූ බලාපොරොත්තු ඉවතලන්නේ ඔවුන්ගේ සැපයුම් ක්‍රමවේදය වරින්වර අසාර්ථකවන හෙයිනි. එහෙයින් මේ සඳහා වඩා සාර්ථක පිළියම වන්නේ සුළු පරිමාණ බෝග නිෂ්පාදක ගොවීන්ගේ අස්වනු එක්රැස්කර අඛණ්ඩව හඳූනාගත් ව්‍යවසායකයින් වෙත සැපයීම සඳහා හොඳ සංවිධානාත්මක සැපයුම් ක්‍රමවේදයක් (විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන වලින් බැහැරවූ) ගොවීන් විසින්ම පිහිටුවා ගැනීම යි. එසේම ඒ සඳහා දිගු කාලීන අනෝන්‍ය අවබෝධතා ගිවිසුම් ඇතිකර ගැනීම දෙපාර්ශ්වය අතර හොඳ ශක්තිමත් බැඳීමක් ගොඩනඟා ගැනීමට හේතුකාරක වනු ඇත.
කෘෂි තාක්ක්‍ෂණික තොරතුරු (Information of Agro-technology), අලෙවිකිරීමේ විනිවිදභාවය (Transparency of Sales) හා ගණනය කිරීමට ඇති හැකියාව (Accountability) මෙම ක්‍රමවේදයේ ප්‍රධාන සාධක වනු ඇත. ගැනුම්කරුවන්. අලෙවිකරුවන්. සැකසුම්කරුවන් හා නිපැයුම්කරුවන් අතර පුළුල් වේදිකාවක් ජාතික මට්ටමිින් ගොඩනැඟීම සුළු පරිමාණ කෘෂි ව්‍යාපාර සංවර්ධනය කිරීමෙහිලා විශාල පිටුබලයක් වනු ඇත. අනෙක් අතට ආහාර සැකසුම් කර්මාන්ත සඳහා අවශ්‍ය තරම් කෘෂි නිෂ්පාදන මෙරට තුළ නිෂ්පාදනය නොකිරීම ද එම ක්‍ෂේත්‍රයේ සංවර්ධනයට බාධා පැමිණවීමට එක් හේතු සාධකයකි. සුළු පරිමාණ කෘෂි නිෂ්පාදකයින් විසිරී සිටීම හා ඔවුන්ගේ නිෂ්පාදනයන් ද පහළ පරිමාවක පැවතීම මෙම තත්ත්වය වඩාත් බැරූරුම් කිරීමට හේතු සාධක වී ඇත. ප්‍රාදේශීය විශේෂතා පදනම් කර ගෙන ඉතා හොඳින් සංවිධානාත්මකව වාණිජ මට්ටමින් ගොවිතැන් කිරීමට ගොවීන් යොමු වන්නේ නම් දෙපාර්ශ්චයේම ආර්ථිකය පුළුළ් පරාසයකට විහිදී ශක්තිමත් වීමට එයම හේතු කාරක වනු ඇත. ඒ තුළින් ඉහත දූෂ්කරතා යම්තරමකට හෝ ජයගත හැකි වේ.
එසේ නොවුනහොත් වෙළදපොළ අවශ්‍යතාවයන් හා පාරිභෝගික ඉල්ලුම පිළිබදව අනවබෝධය හේතුවෙන් බොහෝ කෘෂි නිෂ්පාදන අලෙවිකර ගත නො හැකි වන අතරම අතිරික්ත නිෂ්පාදනයන් අකමැත්තෙන් හා අවේගශීලීව විනාශ කර දැමීම කෙරෙහි යොමු වීමට ගොවීනට සිදූවනු ඇත. මෙම ප්‍රවණතාවයන් අවම කර ගැනීම සඳහා දේශපාලන ගැත්තන් නොවී ගොවීන් සංවිධානශීලී නිර්මාපකයින් බවට පත්විය යුතු වේ. සුළු පරිමාණ සැකසුම්කරුවන් තම ආසන්නත ම කෘෂි බෝග නිෂ්පාදකයින්ගේම නිපැයුම් මිල දී ගැනීම කෙරෙහි උත්සුකවිය යුතු අතර ඒ සඳහා ඔවුන් තුළ විශ්වාශයක් ද ජනිත කළ යුතුවේ. ඒ උදෙසා වෙළදපොළ තුළ දැනට පවතින හා අනාගත ප්‍රවණතා පිළිබඳව අනෝන්‍ය අවබොධයක් ගොඩනඟා ගැනීමට හා තොරතුරු හුවමාරු කර ගැනීම කෙරෙහි ඔවුන් යොමුවිය යුතුම ය.
රාජ්‍ය අංශයේ විවිධ ආයතන රැසක් කෘෂිකර්මාන්තය, කෘෂි නිෂ්පාදන සැකසීම හා නව ව්‍යවසායකත්ව හඳුන්වාදීම සදහා ස්ථාපිත කර තිබුණ ද නාගරික ප්‍රදේශවලින් බැහැර වූ පුද්ගලයින් හට එවැනි ආයතන වෙතම පැමිණ අදාළ පුහුණුවීම් සදහා ඇති හැකියාව සීමා සහිත වේ. එහෙයින් මේ සඳහා දැනටමත් වෙළදපොළ වෙත අවතීර්ණවී ඇති පෞද්ගලික අංශයේ ව්‍යවසායකයින් හා පුළුල් පදනමක පිහිටා නව ව්‍යවසායකයින් හට මාර්ගෝපදේශකත්වය ලබාදීම සදහා ඉඩ ප්‍රස්ථා විවර කරදීමට කාලය එළඹ ඇත. සැබෑ ජාතික හැඟීමකින් කටයුතු කිරීමට බොහෝ නිලධාරීන් නොපෙළඹීමට යල්පීනූ විවිධ රෙගුලාසි හා අණ පනත් බලපා ඇතැයි අනුමාන කළ හැකිය.
බොහෝ අවස්ථාවන්හි දී කෘෂි බෝග මත පදනම්වූ සුළු පරිමාණ සැකසුම් කර්මාන්ත ස්ථාපනය සඳහා අදාළ දැනුම තිබුණ ද ඒ උදෙසා අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර මෙරට තුළින් සපයා ගැනීමට නො හැකි අවස්ථා විරල නොවේ. එවන් අවස්ථාවන්හි දී ආසන්නතම විදේශ වෙළඳ පොළ වෙත ප්‍රවිශ්ඨව මිල දී ගත හැකි වුව ද ආනයන බදු වර්ග හා ප්‍රවාහන වියපැහැදම ඉහළ මට්ටමක පැවතීම නව ව්‍යවසායකයින් අධෛර්යමත් කිරීමට බලපා ඇත. එමෙන්ම සුළු පරිමාණ කෘෂි ආහාර සැකසුම් ඒකක ස්ථාපනයකර ගැනීමට අදාළ වූ පහසුකම් සම්පාදනය සඳහා අරමුදල් සපයා ගැනීමට අසීරුවීම ඒ සඳහා උනන්දූවක් ඇති පුද්ගලයින්ගේ අභිලාශයන් හීන කිරීමට ඉවහල්ව න ප්‍රබල සාධකයකි. එහෙයින් කෘෂි බෝග ආශ්‍රීත ආහාර නිෂ්පාදන සැකසීමේ කර්මාන්ත ස්ථාපනය කර ගැනීම උදෙසා ම අරමුදල් සම්පාදනය කරනු ලබන මූල්‍ය ආයතන (වාණිජ බැංකු නොවන) රජය විසින් පිහිටුවීමට කටයුතු කිරීම මෙම ක්‍ෂේත්‍රයේ ප්‍රගමනයකට හේතුකාරක වනු ඇත.
යම් යම් වකවානු වලදී රජයයන් විසින් සහනාධාර ක්‍රියාත්මක කරනුයේ තෝරාගත් බෝග සඳහා වුව ද එය සෑම බෝගයකට ම අදාළ වන පරිදි එහි වගා වපසරිය පිළිබඳව සලකා බලා ඒ සඳහා සමානුපාතික සහනාධාර ක්‍රමයක් (ඉතා උසස් රෝපණ ද්‍රව්‍ය සපයාදීම, පොහොර සම්පාදනය හෝ නිෂ්පාදන මිලදී ගැනීම) ක්‍රියාත්මක කිරීම කාලෝචිත වේ. එසේ ම කාලීනව කෘෂි බෝග නිෂ්පාදන පිළිබඳව සත්‍යවාදී වූ ද නිරවද්‍යවූ ද ඇස්තමේන්තු සකසා එළිදරව් කිරීම විශ්වාසවන්ත නිෂ්පාදනයක් කෙරෙහි වූ හොඳ විභවයක් ගොඩනැඟීමට හේතු සාධක වන අතර එය කෘෂි ආර්ථිකය සැලසුම්කරණය ඉහළ ම ක්‍ෂේත්‍රයන්හි නිරත රාජ්‍ය නිලධාරීන්ට වඩාත් යෝග්‍ය කාලීන වූ කෘෂිකාර්මික ප්‍රතිපත්ති සැලසුම්කිරීමට මෙන්ම නිෂ්පාදන කටයුතුවල නිරතවන ගොවීන්ට ඒ අනුව නිෂ්පාදන ඉලක්ක තෝරා ගැනීම සදහා ද ඉතා වැදගත් හේතු සාධකයක් වනු ඇත.
මෙම ලිපිය හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පර්යේෂණ හා පුහුණුකිරීමේ ආයතනය / HARTI විසින් DevPro Guarantee Limited හි මූල්‍ය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක කරනු ලබන ‘ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ කාන්තා ව්‍යවසායකයින් අතර ධාරිතාව ගොඩනැගීම සහ ජාලකරණය හරහා ව්‍යාපාරික අවස්ථා සහ කර්මාන්ත සම්බන්ධතා ප්‍රවර්ධනය කිරීම’ නම් වැඩසටහන මඟින් ‘ ලබා දෙන ලද ලිපියකි.
එම්. එම්. පාලිත මහින්ද මුණසිංහ
ලේඛකයා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යටතේ වසර 30ක් ගොවිපල් යාන්ත්‍රික උපදේශකවරයෙකු ලෙස ද සේවයකර තිබේ. එසේම පෞද්ගලික අංශයේ ආහාර සැකසුම් නිෂ්පාදන ආයතනයක තත්ත්ව පාලන කළමණාකරුවකු වශයෙන්ද සේවය කර ඇත. වසර 2005 සිට 2020 දක්වා ජාතික අධ්‍යාපන ආයතනයේ තාක්ෂණ දෙපාර්තමේන්තුවේ (කෘෂිකර්ම) හා වසර 2000 සිට 2021 දක්වා ඇක්වයිනාස් විශ්ව විද්‍යාල ආයතනයේ වැවිලි කළමණාකරන පීඨයේ සම්පත්දායකයෙකු ලෙස ද කටයුතු කර ඇත. වසර 2016 සිට මේ දක්වා අධ්‍යාපන අමාත්‍යාංශයේ කෘෂිකර්ම හා පරිසර ඒකකයේ සම්පත්දායකයෙකු ලෙස කටයුතු කරනු ලැබේ. චින මහජන සමූහාණ්ඩුවේ ආධාර මත අවස්ථා දෙකකදී ද ජපාන තාක්ෂණික ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ අවස්ථා දෙකකදී ද වැඩිදුර අධ්‍යාපනය ලබා ගෙන ඇත.