Tag: featured

  • මහබැංකු කොල්ලකරු අර්ජුන් මහේන්‍ද්‍රන් සිංගප්පූරුවෙන් ලංකාවට ආනයනය කරන්න සූදානම්!

    මහබැංකු කොල්ලකරු අර්ජුන් මහේන්‍ද්‍රන් සිංගප්පූරුවෙන් ලංකාවට ආනයනය කරන්න සූදානම්!

    මහබැංකු බැඳුම්කර නඩුවේ පළමු විත්තිකාර හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා උදර්පන නීතිය යටතේ ශ‍්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය ලිපි ලේඛන සිංගප්පූරුවේ ශ‍්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය විසින් ඊයේ (12) එරට විදේශ කටයුතු අමාත්‍යාංශයට බාරදී ඇත.
     
    සිංගප්පූරුවේ ශ‍්‍රී ලංකා මහකොමසාරිස් ශෂිකලා පේ‍්‍රමවර්ධන මහත්මිය වෙත අදාළ ලිපි ලේඛන ශ‍්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය මගින් පෙරේදා (11) භාරදුන් බවත් එම ලිපි ලේඛන ඊයේ (12) තානාපති කාර්යාලය මගින් එරට විදේශ කටයුතු අමාත්‍යාංශයට භාරදුන් බවත් විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.
     
     මෙලෙස අර්ජුන මහේන්ද්‍රන් මහතා ලංකාවට ගෙන්වා ගැනීම සඳහා පිටු 21,000 කට අධික ලිපි ලේඛන ගොනුවට ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා පසුගිය 06 වැනිදා අත්සන් තැබීය.

  • රනිල් ළඟ අලි මන්ත්‍රයක් (වීඩියෝ)

    රනිල් ළඟ අලි මන්ත්‍රයක් (වීඩියෝ)

    එක්සත් ජාතික පක්ෂ ජනාධිපතිවරණ අපේක්ෂකයා බවට පත්වෙමින් ඉදිරි ජනාධිපතිවරණයේදී හම්බන්තොට දිස්ත්‍රික්කය ජයග්‍රහණය කර පෙන්වන ලෙස තමන් සජිත් ප්‍රේමදාස මහතාට අභියෝග කරන බව පාර්ලිමෙන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන පවසයි.

    ඊයේ(13) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රිවරයා මේ බව සඳහන් කළේය.

    පාර්ලිමෙන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මෙහිදී වැඩිදුරටත් පවසා සිටියේ ලංකාවේ අලි හීලෑ කිරීමට හැකි හොඳම නායකයා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා බවත් අග්‍රාමත්‍යවරයා සතුව අලි මන්ත්‍රයක් ඇති බවයි.

    මේ අතර එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ බහුතර බලය මේවනවිට සජිත් ප්‍රේමදාස මහතාට හිමිව ඇති බව කැබිනට් නොවන අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා පවසයි.

    අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රිවරයා සඳහන් කළේ සන්ධානගතව සිටින පක්ෂවල සහයද සජිත් ප්‍රේමදාස මන්ත්‍රිවරයාට හිමිව ඇති බවයි.

    මේ අතර අග්‍රාමාත්‍යවරයා සහ සජිත් ප්‍රේමදාස මහතා සාකච්ඡා කර ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් ස්ථාවරයකට පැමිණ ඇති බව දිලිප් වෙදආරච්චි රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය. මේ අතර සන්ධානයක් ලෙස දැක්මක් සහිත පුද්ගලයෙකු සමඟ ඉදිරි ජනාධිපතිවරණයේදී කටයුතු කළ යුතු බව ජාඇල ප්‍රදේශයේදී අර්ජුන රණතුංග අමාත්‍යවරයා කියා සියේය.

    https://youtu.be/QKTKrp2LD-g
  • රනිල් සජිත් සාකච්ඡා ධනාත්මක වෙද්දී සජිත්ට කඩේ ගිය උන් අනාත වෙයි (වීඩියෝ)

    රනිල් සජිත් සාකච්ඡා ධනාත්මක වෙද්දී සජිත්ට කඩේ ගිය උන් අනාත වෙයි (වීඩියෝ)

    අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සමඟ කිසිඳු ප්‍රශ්නයක් හෝ ගැටුමක් නොමැති බවත්, එක්සත් ජාතික පක්ෂයේ පාර්ශව නොමැති බවටත්, බුදුන් බුදුවීම සඳහා පෙරුම් පුරාගෙන ගියාක් මෙන් තමාද තවදුරටත් ඉවසීමෙන් පෙරුම් පුරාගෙන යන බවත් එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (10) පැවති සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසීය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ එජාප නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා,

    බොහෝ කරුණු ගැන සාකච්ඡා කළ බවත් සාකච්ඡා තව දුරටත් ඉදිරියටත් කරගෙන යන බවත්, බුදු වීමට ද ‌පෙරුම් පිරිය යුතු බව කී සජිත් තමාට තව ‌පෙරුම් පිරිය හැකි බව කීවේ ය. පක්ෂය තුල ‌බෙදීමක් ‌නොමැති බවද සජිත් පැවසීය. පවුලක ප්‍රශ්නයක් නම් එක සාකච්ඡාවකින් එකඟතාවයකට පැමිණිය හැකි නමුත් ‌දේශපාලන පක්ෂයක එසේ ‌නොවන බව කී සජිත් ‌ප්‍රේමදාස තමා සුබවාදී බලාපොරොත්තුවක සිටින බවද කීවේ ය. සාකච්ඡාවන්ට කබීර්, මලික්, මද්දුම බණ්ඩාර, රාජිත, සජිත් සහ අගමැති රනිල් සහභාගී වූ බවත් සජිත් සහ රනිල් තනිවම සාකච්ඡා කළ බවත් ප්‍රකාශ ‌කෙරිණ. ‌‌කෙසේ ‌වෙතත් සජිත්ගේ ප්‍රකාශ අනුව කිලී මහාරාජාගේ බලාපොරොත්තු ඉටුවීමට නම් තව කල් ගත ‌වෙනු ඇති අතර සජිත් ‌ප්‍රේමදාස මහතාගේ ශාරීරික භාෂාව අනුව සාකච්ඡා වල තත්ත්වය නිගමනය කිරීම ‌ප්‍රේක්ෂක ඔබට බාර ය.

  • සියල්ලන්ට වඩා කරූ ඉදිරියෙන්..

    සියල්ලන්ට වඩා කරූ ඉදිරියෙන්..

    මේ ජනාධිපතිවරණය ඇතැම්හු කියන ආකාරයට තවම දිනා අවසන් නොමැති බවත් එක්සත් ජාතික පක්ෂයේ කරු ජයසුරිය මහතාත් පොදු ජන පෙරමුණෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාත් මේ අවස්ථාවේ ඉහළින්ම තරඟ කරමින් සිටින බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය සිසිර පින්නවල මහතා පවසයි.

    ඔහු මේ බව ප්‍රකාශ කර සිටියේ අන්තර් විශ්ව විද්‍යාල විද්වතුන්ගේ සංසදය මඟින් “ඉදිරි ජනාධිපතිවරණය පිලිබඳ කරන සමීක්ෂණ වාර්තාව” පැහැදිලි කිරිම සඳහා පවත්වනු ලැබු මාධ්‍ය හමුවකදීය. මෙය ඊයේ (10) රාජගිරිය පිහිටි සාධාරණ සමාජයක් සඳහා වු ජාතික ව්‍යාපාර කාර්යාලයේදි පැවැතිවිණි.

    එහිදි වැඩිදුරටත් අදහස් දැක් වු මහාචාර්ය සිසිර පින්නවල මහතා සඳහන් කර සිටියේ කරු ජයසුරිය මහතා සජිත් ප්‍රේමදාස මහතා ඉදිරියේදි ප්‍රබල බවත්ය. සජිත් ප්‍රේමදාස මහතා සිටින්නේ තෙවැනි ස්ථානයට බවත් මැතිවරණය තවම තීන්දු වී අවසන් නොමැති බවත් මෙය තාම සටනක් බවත් පැවසීය.

    “මේ සමීක්ෂණයේ ප්‍රධානතම අරමුණ වුයේ දැන් ඇති ප්‍රවණතාවය හඳුනා ගැනිමයි. එකක් කියනවා අපි කොහොමත් දැන් අපේ පක්ෂය දිනලා තියෙන්නේ. ඒත් දිනපු ප්‍රතිශතය තමා දන්නේ නැත්තේ කියන එක. මේක තමා මට මේ සමීක්ෂණය කරන්න ප්‍රධාන හේතු වුණේ මේ කථාව කොච්චර දුරට ඇත්තද කියලා බලන්න.

    මේ සඳහා මම 2015 සහ ඊට පෙර තිබු මැතිවරණයන් වල ප්‍රතිඵළ විශ්ලේෂණය කළා. ඒක එක්තරා විදිහකින් මගේ විනෝදාංශය. 2015 ඡන්ද ප්‍රතිඵළ අධ්‍යනය කරද්දි පෙනී ගියේ අපි හිතන තරම් පැහැදිලි හිතන තරම් ජයග්‍රහණයක් ඒ පක්ෂයට නැහැ කියලා. ඒක වෙන්න බැරි දෙයක්. ඒ නිසා කළ යුතු දෙයක් තමා මේ ගැන සමීක්ෂණයකුත් කරලා බලන එක කියලා මට හිතුනා. ඒ වෙනකොටත් පක්ෂ දෙකකින් ජනාධිපති අපේක්ෂකයෝ ප්‍රසිද්ධ කරලා තිබුණා. ශ්‍රි ලංකා නිදහස් පක්ෂයෙන් වගේම එක්සත් ජාතික පක්ෂයෙන් නම් කරලා තිබුණේ නැහැ.

    නමුත් එක්සත් ජාතික පක්ෂයෙන් නම් දෙකක් කථා වුණා. ඒ කරු ජයසුරිය මහතා හා සජිත් ප්‍රේමදාස මහත්තයා ගැන. ඉතිං අපිට මෙහිදි උපකල්පනයන් වලට යමින් මේ සමීක්ෂණයට යන්න වුණා” යැයිද ඔහු වැඩිදුරටත් පැවසුවේය.


  • ගෝඨාට කූට ලේඛණ හැදු බවට චෝදනා..

    ගෝඨාට කූට ලේඛණ හැදු බවට චෝදනා..

    ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ පුරවැසියකුව නොසිටි බව කියන අවස්ථාවක ඔහුගේ නම ඡන්දහිමි නාමලේඛනයට ඇතුළත් කිරීම පිළිබඳව සඳහන්වන සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්‍ෂ මහතාට කරුණු දක්වන ලෙස මැතිවරණ කොමිෂන් සභාව දැනුම්දී තිබේ.

    එමෙන්ම, මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින්ද චමල් රාජපක්‍ෂ මහතාගෙන් ප්‍රකාශයක ලබාගැනීමටද නියමිතව ඇතැයි වාර්තා වේ.

    ශ්‍රී ලංකාවේ ඡන්ද අයිතිය ශ්‍රී ලංකා පුරවැසියන්ට පමණක් හිමවන අතර, ශ්‍රී ලංකාවේ පුරවැසියන් නොවන පුද්ගලයන් ඡන්දහිමි නාමලේඛනයට ඇතුළත් කිරීමට කූඨලේඛන සකසා ඇතිද යන්න පිළිබඳ මෙහිදී පරීක්‍ෂණ කරමින් පවතියි.

    ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු නොවූ අවස්ථාවක ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ නම 2004/2005 ඡන්ද නාමලේඛනයට ඇතුළත් කර ඇති බවට සඳහන් සිද්ධිය සම්බන්ධයෙන් කූඨලේඛන සැකසීම යටතේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් පරීක්‍ෂණයක් ආරම්භ කර ඇති බව පොලිස් ආරංචිමාර්ග සඳහන් කළේය.

    මේ සම්බන්ධයෙන් සොයාබලන ලෙස මැතිවරණ කොමිෂන් සභාව විසින් වැඩ බලන පොලිස්පතිවරයාට දැනුම්දී තිබූ අතර, වැඩ බලන පොලිස්පතිවරයාට ලැබුණු පැමිණිල්ල මෙලෙස අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට යොමුකර තිබේ.

    ගෝඨාභය රාජපක්‍ෂ මහතා ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය ඉවත් කරගත් කාලය හා එය යළි ලැබූ ආකාරය පිළිබඳ මෙන්ම ශ්‍රී ලංකා පුරවැසියෙකු නොවන අවස්ථාවේදී ඒ මහතා 2005 ජනාධිපතිවරණයේදී පුරවැසියෙකු ලෙස ලියාපදිංචි වී ඡන්දය ප්‍රකාශ කළේද යන්න සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මෙලෙස පරීක්‍ෂණ කිරීමට නියමිතය.

    එසේම මේ සම්බන්ධයෙන් අවශ්‍ය තොරතුරු ලබාදෙන ලෙස අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව, ආගමන හා විගමන කාර්යාලයෙන් විමසීමක් කර ඇති බවද වාර්තා වේ.

    ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ නම ඡන්දහිමි නාමලේඛනයට ඇතුළත් කර ඇත්තේ නිවසේ ගෘහමුලිකයා ලෙස සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්‍ෂ මහතාට මේ සම්බන්ධයෙක් කරුණු දක්වන ලෙස මැතිවරණ කොමිෂන් සභාවද ඒ මහතාට දැනුම්දී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.

  • සජියා වෙනුවෙන් සැළලිහිණියා සිරිසේනගේ අතේ.. සුළං කිරීල්ලී සිරිසේනගේ සරම අස්සේ.. හිටන් ගිය එකා හු…. යයි

    සජියා වෙනුවෙන් සැළලිහිණියා සිරිසේනගේ අතේ.. සුළං කිරීල්ලී සිරිසේනගේ සරම අස්සේ.. හිටන් ගිය එකා හු…. යයි

    පල්ලේවත්ත රාලලාගේ ජනාධිපති සිරිසේන මේ වන විට ගෙවමින් සිටින්නේ තම දේශපාලන ගමනේ වල පයත්, ගොඩ පයත් අතර ගසන අවසන් කාලය සීමාවයි. එම නිසාම සිරිසේන තම වැළලෙන දේශපාලන සිරුර ගොඩ දමා ගැනීම වෙනුවෙන් මේ මොහොතේ යලිත් ව්‍යවස්ථා විරෝධීව මහින්දව අගමැති කොට සිදුකළ පිස්සුවට එහා ගිය කුමන්ත්‍රණ, සිකුරාදා ආතල් (Friday Surprise) සිදුකළ හැකි වන අතර සිරිසේන වැනි ගමරාලයෙකුගෙන් එවැනි දෑ තවදුරටත් බලාපොරොත්තු වීමට හැක.

    ඉනෝකා සැළලිහිණියා බදු අරන් සිටි බව ඇත්තය. නමුත් මෛත්‍රී සැළලිහිණියාව ඉනෝකාට සින්නක්කර ලියා දෙන්න තරම් අනුකම්පා සහගත වූයේ මන්දැ යි අපට ඇත්තේ දැවෙන ප්‍රශ්නයකි.

    කෙසේ වුවත් මෛත්‍රී කාන්තාවන් වෙනුවෙන් පෙනී සීටීමට උපන් හපනෙක් බව විජයකලා වැනි අතීත සිද්ධි දාමයන් තුළින් මොනවට ඔප්පු වී හමාරය.

    සැළලිහිණියා කඩා වැටී හමාරය. ඉතුරු තටු ටිකටත් කෙල වෙන්න නොදී අප ආදේශක සැපයූවත් මෛත්‍රී ඉනෝකාවම ආදේශකය වශයෙන් ම තෝරගන්නේ ඇය මෛත්‍රී ට උත්තේජකයක් වන නිසා නොවේ ද?

  • ආවා..ආවා..!! සජියාගේ කසියා බඩුවේ අලුත්ම ලීක් එක ආවා.. (වීඩියෝ)

    ආවා..ආවා..!! සජියාගේ කසියා බඩුවේ අලුත්ම ලීක් එක ආවා.. (වීඩියෝ)

    ගම්මට්ටමින්, බිම්මට්ටමින්, ළිංමට්ටමින් තම්මැට්ටම් ගසමින් යමින් මෙරට කීර්තිමත් දේශපාලන පක්ෂයක් වන එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වය යදිමින් යන ආර්.ප්‍රේමදාසගේ අතිජාත පුත් සජිත් ප්‍රේමදාසගේ කුප්ප නියෝජිතවරියක් වන දිල් රුක්ෂි ප්‍රනාන්දු නම් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරියක් විසින් පසුගියදා පොලිසියට කුණු හරුපයෙන් බැන වැදිමින් රාජකාරියට බාධාකරමින් තර්ජනය කළ අතර ඇයගේ සුපුරුදු ප්‍රේමදාස ශෛලයේ වාග් විලාශය රැගත් අලුත්ම වීඩියෝව දැන් නිකුත් වී තිබේ.

    ගම්මට්ටමින්, බිම්මට්ටමින්, ළිංමට්ටමින් කසියා පෙරීමට සජියාට සවියක් වන්නේ මැය වැනි අයවලියන්ද යන්න මේ වන විට ජනතාව ප්‍රශ්න කරමින් සිටී.

  • ටොමියා, සුජියා සමඟ සජියා කපෝතියි..! ජනපති සටනට අගමැති රනිල් එන බව කියයි..!

    ටොමියා, සුජියා සමඟ සජියා කපෝතියි..! ජනපති සටනට අගමැති රනිල් එන බව කියයි..!

    ඉදිරි ජනාධිපතිවරණයට තමා ඉදිරිපත් වන බවත් තමා සමග එක්‌වීමට අකමැති අයට දේශපාලන තීන්දුවක්‌ ගත හැකි බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (06) අරලියගහ මන්දිරයේදී පැවැති පක්‌ෂයේ ජ්‍යෙෂ්ඨයන්ගේ හමුවේදී පැවසුවේ යෑයි ලක්‌ෂ්මන් කිරිඇල්ල මහතා කීවේය.

    මෙම හමුවට අගමැතිවරයා සමඟ ලක්‌ෂ්මන් කිරිඇල්ල, කබීර් හෂීම්, අකිල විරාඡ් කාරියවසම්, ගාමිණී ජයවික්‍රම පෙරේරා, ජෝන් අමරතුංග, දයා ගමගේ, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා යන මහත්වරු සහභාගි වූහ.

    එ. ජා. ප. නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මෙම සාකච්ඡාවට සහභාගි වී නොමැති අතර ඔහු නියෝජනය කරමින් ඇමැතිවරුන් වන කබීර් හෂීම්, මලික්‌ සමරවික්‍රම සහ රංජිත් මද්දුමබණ්‌ඩාර යන මහත්වරුන් සහභාගි වී ඇත. සාකච්ඡාව ආරම්භයේදීම අගමැතිවරයා සඳහන් කර ඇත්තේ තමාට බිම්මට්‌ටමේ මෙන්ම පක්‍ෂයේ සෑම තරාතිරමකම සහයෝගය ඇති බැවින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට කැමැත්තක්‌ ඇති බවය.

    එක්‌සත් ජාතික පක්‍ෂයේ මෙන්ම එක්‌සත් ජාතික පෙරමුණේ ද සුළු පක්‍ෂවල ද සහයෝගය තමාට ලැබී ඇති බැවින් පක්‍ෂ නායකයා ලෙස තමා ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට බලාපොරොත්තු වන බව සඳහන් කර ඇති අගමැතිවරයා මේ සම්බන්ධ යෝජනාව පක්‍ෂයේ කෘත්‍යාධිකාරී මණ්‌ඩලයට ඉදිරිපත් කළ පසු ඕනෑම අයකුට ඒ සම්බන්ධව තීරණයක්‌ ගත හැකි බව ද කියා ඇත.

    මෙම සාකච්ඡාව අවසානයේදී දෙපාර්ශ්වයම තීරණය කර ඇත්තේ පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ සහ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස යන මහත්වරු පමණක්‌ හමුවී යම් එකඟතාවකට පැමිණිය යුතු බවය.

    ඒ අනුව හෙට (08) සවස ඔවුන් දෙදෙනාගේ හමුවක්‌ කොළඹදී පැවැත්වීමට නියමිතය.

  • ජනාධිපති කීවේ බොරු.. මීලග ජනාධිපතිට බලයක් නැතැයි කීම කෙප්පයක්..

    ජනාධිපති කීවේ බොරු.. මීලග ජනාධිපතිට බලයක් නැතැයි කීම කෙප්පයක්..

    අනාගත ජනාධිපතිවරයා විලියම් ගොපල්ලව මැතිතුමා වගේ නාමමාත්‍ර ජනාධිපතිවරයෙකු පමණයි ඔහුට කිසිම බලයක් නෑ කියලා පසුගිය මාස තුනේ මාධ්‍ය හරහා විවිධ අය මත පල කළා. ජනාධිපතිවරයාට කිසිම අමාත්‍යාංශයක් රඳවා ගන්න බෑ කියලාත් මේ අය කියලා ලියලා තිබුණා. අපි ඒක එතරම් ගණන් ගත්තේ නෑ. නමුත් පසුගිය දා මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමාත් ඒ ප්‍රකාශයම කර තිබුණා. ඒ නිසා මේ පිළිබඳ ඇත්ත රටට හෙලි කළ යුතුයි.

    ජනාධිපතිවරයාට තමන් කැමැති අමාත්‍යාංශ ගණනක් රඳවා ගන්න පුළුවන් බවටත් වෙනත් කිසිම අමාත්‍යාංශයකට පවරා නැති විෂයන් සහ ආයතන ජනාධිපතිට අයිති බවටත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44 වන වගන්තියේ සඳහන් වුණා. 19 වන සංශෝධනයෙන් එම සඳහන ඉවත් කළා. ඔන්න ඔය නිසා තමයි අනාගත ජනාධිපතිට බලතල නෑ කියා කියන්නේ. ඇත්තෙන්ම ඒක වැරදියි.

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4(ආ) වගන්තිය අපි දැන් කියවමු. “රටේ ආරක්ෂාව ඇතුළුව ජනතාවගේ විධායක බලය ජනතාව විසින් තෝරා පත් කර ගනු ලබන ජනරජයේ ජනාධිපතිවරයා විසින් ක්‍රියාත්මක කළ යුත්තේය”. මේ වගන්තිය ජනතාවගේ පරමාධිපත්‍ය සමග සෘජුවම ගැට ගැහිලා තිබෙන නිසා මේක වෙනස් කරන්න පුළුවන් ජනමත විචාරණයක දී ජනතාව අනුමැතිය දුන්නොත් පමණයි කියලා ශ්‍රේෂ්ඨාධිකරණය අවස්ථා ගණනාවක දී තීරණය කර තිබෙනවා.

    මේ වගන්තිය අනුව ජනතාව තමන්ගේ විධායක බලය සම්පූරණයෙන් භාර දෙන්නේ ජනාධිපතිටයි. ජනාධිපතිට ඒක ඇමතිවරුන්ට පවරන්න පුළුවන්. කාට හරි පැවරුවේ නැතිනම් ඒ බලය තිබෙන්නේ ජනාධිපතිටයි. ඒ නිසා ජනාධිපති විසින් වෙනත් ඇමතිවරයෙකුට පවරන්නේ නැති සියළුම විෂයන් අයිති වන්නේ ජනාධිපතිටයි. ජනාධිපතිට මේ බලය ලැබුණේ 4 වගන්තියෙන්. 44 වගන්තියෙන් කලේ ඒ බලය විස්තර කිරීමක් පමණයි. 19 වන සංශෝධනයේ පියවරු 44 වගන්තිය වෙනස් කළත් 4 වගන්තියට අත තිබ්බේ නෑ. ඒ නිසා ජනාධිපතිට අමාත්‍යාංශ තබා ගැනීමේ හැකියාව අංශුමාත්‍රයකින් වත් වෙනස් වුණේ නෑ.

    අනාගත ජනාධිපතිට ආරක්ෂක අමාත්‍යාංශය වත් තබා ගන්න බෑ කියලා සිරිසේන ජනාධිපතිතුමා පක්ෂ සම්මේලනයේ දී ප්‍රකාශ කළා. කවුරු හරි එතුමන්ව නොමග යවලා. 4 වන වගන්තියේ විධිවිධාන නිසා වෙනත් කිසිම ඇමතිවරයෙකුට ආරක්ෂක අමාත්‍යාංශය පවරන්න ජනාධිපතිට බෑ හෙම කළොත් එය ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් කියලා 2003 දී ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළා. ඒ අනුව තමයි 2003 වසරේදී චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිතුමිය එවකට තිලක් මාරපන අමාත්‍යවරයාට භාරදී තිබූ ආරක්ෂක අමාත්‍යාංශය නැවත තමන්ට පවරා ගැනීමට කටයුතු කළේ. ඒ තීන්දුව අදටත් වලංගුයි.

    ඒ නිසා අනාගත ජනාධිපතිතුමා ආරක්ෂක අමාත්‍යාංශය අනිවාර්යෙන් තමන් ළඟ තබා ගත යුතුයි. වෙන කෙනෙකුට දෙන්න ගියොත් එයම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් වෙනවා. දෝෂාභියෝගයක් ගෙන ඒමට පදනම් කාරණයක් බවට පත්වෙනවා. ඊට අමතරව තමන් කැමති අමාත්‍යංශ ගනණක් තමන්ට රඳවා ගැනීමේ බලය තිබෙනවා. මොකද ජනතාව බලය දෙන්නේ ජනාධිපතිට මිසක් වෙනත් කිසිවෙකුට නොවෙයි.

    මේ පිළිබඳව වෙනත් මත පතුරුවමින් ජනාධිපතිවරණයක් පැවැත්වීම අනවශ්‍යයයි මතය හදන්න හදන පිරිස් වලට පාළු ගෙවල් වල වළං බිඳින්නේ නැතුව මා සමග ප්‍රසිද්ධ විවාදයකට එන්න කියලා අභියෝග කරනවා. එහෙම විවාදයක් කලොත් ඇත්ත මොකද්ද කියන එක ජනතාවට දැන ගන්න පුළුවන්.

    බොරැල්ල එන්.එම්. පෙරේරා මධ්‍යස්ථානයේ පැවැති විපක්ෂයේ මාධ්‍ය හමුවේ දී පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කලේය.

  • සජිත්ගේ ඩීල් අස්සෙන් අද පාර්ලිමේන්තුවේදී වැටෙන්න ගිය එජාප ආණ්ඩුවට කරු කරගසමින් නූලෙන් බේරා ගනියි…

    සජිත්ගේ ඩීල් අස්සෙන් අද පාර්ලිමේන්තුවේදී වැටෙන්න ගිය එජාප ආණ්ඩුවට කරු කරගසමින් නූලෙන් බේරා ගනියි…

    අද පාර්ලිමේන්තුවේදී මුදල් පනතක් පරාජය වීමට තිබූ පූර්ව අවස්ථාවක් කතානායක කරු ජයසූරිය මහතා විසින් මැදිහත් වී වලක්වා ගත්තේය.

    ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතට අදාල වූ නියෝගයක් ගැන පැවති විවාදයේදී ඊට ඡුන්ද විමසීමක් විපක්‍ෂය විසින් ඉල්ලා සිටියද සභානායකවරයා එය ප්‍රතික්ෂේප කලේය. පසුව ඇති වූ උණුසුම් තත්වයේදී කතානායකවරයා විසින් පක්‍ෂ නායක හමුවක් කැදවා ඡුන්දයක් පැවැත්වීම කල් දැමීමට කටයුතු කලේය.

    ආණ්ඩු පක්‍ෂය නියෝජනය කරමින් ඒ අවස්ථාවේ පාර්ලිමේන්තුවේ සිටියේ ඉතා සුළු පිරිසක් වන අතර විපක්‍ෂයේ වැඩි පිරිසක් රැදී සිටියහ. මුදල් පනතක් පරාජය වුවහොත් ආණ්ඩුවට දෙවැනි වරටද එය ඉදිරිප්ත කර සම්මක කර ගැනීමේ හැකියාව ඇති අතර දෙවැනි වරද පරාජය පත් වුවහොත් ආණ්ඩුව විසුරුනා සේ සලකා ජනාදීපතිවරයාට නව ආණ්ඩුවක් පාර්ලිමේන්තුවේ පත් කිරීමේ බලය ඇත.

    අද දිනයේ කතානායකවරයාගේ මැදිහත්වීමෙන් වැළැක්වී ගියේ එම අවස්තාවයි.

    එජාප මැති ඇමතිවරුන් අද දිනයේ වැඩි පිරිසක් ජනාධිපති අපේක්‍ෂකත්වය සජිත් පේ‍්‍රමදාස මහතාට ලබා දෙන ලෙස බල කරමින් කුරුණෑගල පැවැති ජනහමුවකට සහභාගී වී සිටියහ.

  • රට ඉදිරියට ගෙනයන වැඩපිළිවෙලේ 40% වගකීම තිබෙන්නේ විදුලිබල ක්ෂේත්‍රය මතයි; ඒ නිසා අපි කිසිසේත් පෞද්ගලීකරණය කරන්නේ නැහැ..

    රට ඉදිරියට ගෙනයන වැඩපිළිවෙලේ 40% වගකීම තිබෙන්නේ විදුලිබල ක්ෂේත්‍රය මතයි; ඒ නිසා අපි කිසිසේත් පෞද්ගලීකරණය කරන්නේ නැහැ..

    “අපි තවමත් ගල් යුගයේ ඉන්නේ. ඒ තත්ත්වය වෙනස් කල යුතුයි. අශ්වයා ගියාට පස්සේ ඉස්තාලය වහලා වැඩක් නැහැ. ඒ නිසා තවත් කල් බලන් ඉන්නේ නැතිව අපි සිතන ආකාරය නවීකරණය වියයුතුයි. හැම දෙයක්ම සියයට සියයක් නිවැරදිව කළ නොහැකියි. නමුත් ගන්න තීන්දුව තුළින් වැඩි යහපතක් සිදුවෙනවා නම්, එය කළ යුතුයි. එකම තැන හිරවෙලා ඉන්න එක තමයි අපේ රටේ තිබෙන වරද. අපි එක ශත පහක් වියදම් කරන්න හරි බයයි. නමුත් වසරකට කෝටි 100 ක් ලංවිම ණය වෙන එක ගැන කව්රුත් හිතන්නේ නැහැ. ඒ ගැන බිය වන්නේ නැහැ. ඒ වගකීම තිබෙන්නේ අපේ හිස මත පමණයි. නමුත් පාරිභෝගික ජනතාව වෙනුවෙන්, අපි මේ තත්ත්වය ගැන සිතා කටයුතු කළ යුතුයි. විදුලි පාරිභෝගිකයා නිසා තමයි ලංවිම රැකෙන්නේ. ඒ නිසා අපි ඔවුන් ගැන සිතා කටයුතු කළ යුතුයි. අපෙන් රටට වියයුතු යුතුකම් රාශියක් තිබෙනවා. ඒවා හදුනාගෙන, කල්නොයවා ඉටුකල යුතුයි. එසේ නොකිරීම අපි ඉදිරි අනාගතයට කරන අපරාදයක්. මේක එක්කෙනෙක්ගේ දෙන්නෙක්ගේ ගමනක් නොවෙයි. ඒ වගේම එක ආයතනයක ගමනක් නොවෙයි. මේක සමස්ත රටේම යටිතල පහසුකම් ඇති කරන ආයතනයක්. වසර 50 ක් තිස්සේ ලංකා විදුලිබල මණ්ඩලය විසින්  ඒ විශේෂ ගරුත්වය හිමිකරගෙන තිබෙනවා. ඒ තත්ත්වය තවත් වර්ධනය කිරීමයි අප විසින් කළ යුත්තේ “යැයි විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

    අමාත්‍යවරයා මෙම අදහස් පළකළේ, පසුගියදා ලංකා විදුලිබල මණ්ඩලයේ බෙදාහැරීම් අංශ  04 මූලාස්ථාන සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගි වෙමිනි.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය කරුණානායක මහතා..,

    “අපට අවශ්‍ය වන්නේ මූල්‍ය විනයක් ඇතිව කටයුතු කිරීමයි. ලං.වි.ම. ජනතාවට විශාල සේවයක් කරනවා වගේම ඒ සදහා ගිය වියදමත් අපි සලකා බැලිය යුතුයි. ඒ අනුව එකම තැන හිරවෙලා සිටිනවාද, නැතිනම් ඉදිරියට ගමන් කරනවාද කියලා අපි සිතා බලන්න ඕන. වසර 50ක කීර්ති නාමයක් ඇතිකළ ලංවිම, තව දුරටත් එය වර්ධනය කළ යුතුයි. අපි චක්‍රලේඛ වලට යටවෙලා, ඒවාට කොටුවෙලා සිටිය යුතු නැහැ. ඒ දේවල් මත්තෙන් අපි සංවර්ධනය වෙනුවෙන් කටයුතු කළ යුතුයි. ලංකා විදුලිබල මණ්ඩලය කියන්නේ මේ රටේ ජනතාවට විශාල අත්‍යාවශ්‍ය සේවාවක් සපයන ආයතනයක්. අද මෙම කාර්යාල පරිශ්‍රය විවෘත කිරීමට හැකිවිම සම්බන්ධයෙන් මා අතිශය සතුටට පත්වෙනවා. මෙම ගොඩනැගිල්ල ඉදි කිරීමට මූලාරම්භය සපයලා තිබෙන්නේ, අපේ හිටපු විදුලිබල අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මැතිතුමා. අපි එතුමාටත් මේ අවස්ථාවේ ස්තුතිවන්ත වියයුතුයි. ඒ වගේම විදුලිබල මණ්ඩල‍යේ ප්‍රධාන කාර්යාලයත් හැකි ඉක්මණින් නව ගොඩනැගිල්ලක් වෙත ගෙනියන්න හැකිවේවා කියලා මම ප්‍රාර්ථනය කරනවා.

    මට පේනවා පාරිභෝගිකයාට විශාල පීඩනයක් වෙලා තිබෙනවා විදුලි බිල. එය අඩු කිරීමට අපි පියවර ගතයුතුයි. ඒ සදහා යෝග්‍යතම මාර්ගය තමයි විදුලි නිෂ්පාදන වියදම අවම කිරීම. ඒ සදහා යෝග්‍ය නිෂ්පාදන මූලයන් අපි තෝරාගත යුතුයි. ගල් අගුරු, එල්.එන්.ජී. තුළිනුත් මේ සදහා විශාල පිටිවහලක් ලැබෙනු ඇති. මේවා සම්බන්ධයෙන් අපි නිරන්තරයෙන් කතා කරනවා. නමුත් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. බාධාවීම් ඇතිවුනත්, ඒවා මැඩපවත්වාගෙන අපි මෙම කාර්යයන්ට යොමුවිය යුතුයි. මේ රට ඉදිරියට ගෙනියන්න පුළුවන් වෙනසක් ඇතිකරන්න පුලුවන් හොදම ආයතනය තමයි ලං.වි.ම. ලෝකය වෙනස්වන ආකාරයට අපි වෙනස් වුණේ නැතිනම් අපි හිරවෙනවා. රට ඉදිරියට ගෙනියන වැඩපිළිවෙළේ 40% ක් පමණ තිබෙන්නේ විදුලිබල ක්ෂේත්‍රය මතයි. දිනකට දෙකකට විදුලිය ඇනහිටිනවා කියන්නේ රටකට විශාල ප්‍රශ්නයක්.  විදුලිබල මණ්ඩලයේ අඛණ්ඩ සේවයක් තිබෙනවාද. නැහැ. දෛනිකව බැලුවම දිවයිනේ කොතැනක හෝ විදුලිය ඇනහිටීම් විශාල සංඛ්‍යාවක් තිබෙනවා.  අපි සෑම විටම සිටින්නේ බියෙන්. එක් උත්පාදන යන්ත්‍රයක් කැඩුනොත් විදුලිය ඇනහිටිනවා කියලා අපි බයෙන් සිටින්නේ. මේ වගේ බයෙන් ඉන්නේ ඇයි. ගිවිසුම් ඇතිකරගත්ත නිසා කියලා වසර 25, 30 පරණ යන්ත්‍ර වලින් අපි තවමත් විදුලිය ජනනය කරනවා. ඒ තුළින් ඒක ඒකකයක් නිෂ්පාදනය කරන්න විශාල වියදමක් වැය වෙනවා. ඇයි අපි මේවා වෙනස් නොකරන්නේ. ඒකයි මම කියන්නේ අපි සිතන ආකාරයේ වෙනසක් ඇතිකළ යුතුයි කියලා. තරගකාරීත්වයක් ඇති කිරීම තුළින් රටක් සංවර්ධනය කළ හැකියි. සෑම දෙයක්ම නිකන් දෙන සංකල්පය කිසිම දේශපාලන පක්ෂයකට ප්‍රායෝගික නැහැ. අපි නිරන්තරයෙන් නිෂ්පාදන වියදම අවම කරගත යුතුයි. ඒ වෙනුවෙන් විදුලිය මිල අවම කිරීම අත්‍යාවශ්‍යයි. ඒ තුළින් රටේ සීග්‍ර වර්ධනයක් ඇතිවේවි.

    ලංකා විදුලිබල මණ්ඩලයේ සැලසුම් වල සදහන් වෙලා තිබෙනවා 2018, 2019 දී එල්.එන්.ජී. තාක්ෂණය යොදාගත යුතුයි කියලා විදුලිය උත්පාදනය කිරීම වෙනුවෙන්. මහජන උපයෝගීතා කොමිසමේ අනුමැතියත් ලැබිලා තිබෙනවා. ඇයි එහෙනම් අපට තවමත් මේ කාර්යය කරගන්න බැරි වුණේ. යම් බාධාවන් ඇති වෙනවා. නමුත් අනිවාර්යයෙන්ම කළ යුතුයි. එහෙමනම් ඇයි අපි මේක නොකරන්නේ. ඇයි ප්‍රමාද කරන්නේ. යම් අය බලාගෙන ඉන්නවා මොනවද වෙන්නේ. මොකක්ද කරන්න පුලුවන් කියලා. නමුත් බහුතරයක් බලන් ඉන්නේ මොනවද කළේ කියලා. වැඩ කරන අයට තමයි ප්‍රශ්න ඇති වෙන්නේ. නමුත් අපි නිර්භයව ඉදිරියට යා යුතුයි.  

    යම් පිරිස් අපට දොස් පවරනවා, තෙල් මාෆිවක් ගැන. අපි මේ ගැටළු පිළිබදව දීර්ඝ වශයෙන් සිතිය යුතුයි. පුනර්ජනනීය බලශක්තිය වෙත යොමුවීම තමයි මේකට තිබෙන සුදුසුම පියවර. හැකි සෑම අවස්ථාවකම අපි පුනර්ජනනීය බලශක්තිය එක් කළ යුතුයි. ලබන සතියේ අපි කැබිනට් පත්‍රයක් අනුමැතිය සදහා නිකුත් කරනවා. නව ගෘහස්ත මෙන්ම ව්‍යාපාරික ගොඩනැගිලි සම්බන්ධයෙන්. ගෘහයක් නම් වර්ග අඩි 7500ට වැඩිනම් 20% ක් හෝ 25% ක්, ඒ වගේම ව්‍යාපාරික ස්ථානයක් නම් වර්ග අඩි 1000ට වැඩිනම් අනිවාර්යයෙන්  සූර්ය බලශක්තිය උත්පාදනය කිරීම සදහා යොමු කළ යුතුයි. ලං.වි.ම. අලාභය නැති කිරීමටනම්, අනිවාර්යයෙන් මෙය කළ යුතුයි. අද බිලියන 22ක පමණ විදුලි ඉල්ලුමක් තිබෙනවා. නමුත් මේ ඉල්ලුමට සරිලන සැපයුමක් ඇති කිරීමට අපට නොහැකි වෙලා තිබෙනවා. මේක රටේ සංවර්ධනයට බාධාවක්. කව්ද මේවාට වගකියන්නේ.

    අපට හැකිනම්, අවම මිලකට විදුලි ඒකකයක් නිපදවන්නට, ඒක තමයි අපි ලබන උපරිම ලාභය. මේ වෙනස තමයි අප ඇතිකළ යුත්තේ. දළ වශයෙන් රු. 23.00 තිබෙන විදුලි ඒකකයක්, රු. 16.00ට රු.17.00ට ගේන්න පුලුවන්නම්, වසරකට බිලියන 100ක් පමණ ඉතිරි කළ හැකියි. මේක තමයි අපි කල යුතුම කාර්යය වන්නේ” යැයි පැවසීය.

  • ඕලෙවල් ෆේල් එකා කොහොමද රටට ආර්ථික විද්‍යාව කියාදෙන්නේ.. ගම්මැටි සජියගේ ගොන්මැටි කතාවලට විද්‍යාත්මක පිළිතුරු මෙන්න..

    ඕලෙවල් ෆේල් එකා කොහොමද රටට ආර්ථික විද්‍යාව කියාදෙන්නේ.. ගම්මැටි සජියගේ ගොන්මැටි කතාවලට විද්‍යාත්මක පිළිතුරු මෙන්න..

    “මගේ ලඟ බොරුව නෑ” කියා සජිත් ප්‍රේමදාස මැතිතුමා කිව්වා. තමන් බොරු කරන්නේ නැති නම් එතුමා කරන බව කියන දේ කරන හැටිත් කියන්න ඕනෑ.

    තමන් ජනාධිපති වුණු පසුව සෑම රණවිරුවෙකුගේ ම දෙපා මුලට යන බවට සජිත් මැතිතුමා කිව්වා. විශ්‍රාමික වගේම සක්‍රිය සේවයේ සිටින ලංකාවේ ලක්ෂ පහක් රණවිරුවන් ඉන්නවා. ජනාධිපතිවරයෙකුගේ නිල කාලය දින 1,825යි. ඒ අනුව එක දිනකට රණවිරුවන් 274දෙනෙකුගේ නිවෙස් වලට යන්න ඕනෑ. ජනාධිපතිතුමා වෙන කිසිම රාජකාරියක් නොකර කන්නේ බොන්නේ නිදා ගන්නේ නැතුව අඩුම ගණනේ නාන්නේ වත් නැතුව රණවිරු නිවෙස් වලට යෑම විතරක් කළත් අවුරුදු පහ මදි සෑම රණවිරුවෙකුගේ දෙපා මුලට යන්න.

    සෑම කාන්තාවක්ම කෝටිපතිනියක කරනවා කියලාත් සජිත් මැතිතුමා කියනවා. ලංකාවේ ලක්ෂ 114ක් කාන්තාවන් ඉන්නවා. ඒ හැමදෙනාම කෝටිපතිනියක් වෙන්න ඒ අයගේ වාරෂික ආදායම ට්‍රිලියන 114ක් වෙන්න ඕනෑ. ඒ සඳහා ජාතික ආදායම ට්‍රිලියන 220ක් වෙන්න ඕනෑ. 2018 වසරේ දී ලංකාවේ ජාතික ආදායම ට්‍රිලියන 14යි. එහෙම නම් සජිත් මැතිතුමාගේ සිහිනය සැබෑ වෙන්න නම් ජාතික ආදායම 16 ගුණයකින් වැඩි වෙන්න ඕනෑ. පසුගිය වසරේ ජාතික ආදායම යන්තමින් 3.5%කින් වැඩි කළ ආණ්ඩුවේ දෙවැනියා තමයි ජාතික ආදායම 1,100%කින් වැඩි කරන බවට පම්පෝරි ගහන්නේ.

    එතුමා තව රස කතා ගොඩක් කිව්වා. මම ජනාධිපති වෙලා ලංකාවේ සෑම ගමකටම එනවා කියලා කිව්වා. ලංකාවේ ග්‍රාම නිලධාරී කොට්ඨාස 14 022 තිබෙනවා. ඒ තුළ ගම්මාන 38 259 ක් පමණ තියෙනවා. ගම හරහා දිවීමේ තරගයක් විදිහට ගියත් දින 1,825 දි එනම් ජනාධිපති ධූර කාලය තුළදී එතුමාට ඒක කරන්නට බැරි වෙනවා.

    ඒ නිසා සජිත් ප්‍රේමදාස මැතිතුමනි බොරු කියන්නේ නෑ යැයි ඔබ කියූ එක තමයි ඔබ මෙතෙක් කියූ ලොකුම බොරුව කියලා මට කියන්නට වෙනවා. අදින් පසු පන්සිල් ගනිද්දි මුසාවාදා වේරමණී සික්ඛා පදං සමාදියාමි කියන සිල් පදය ගැනීමෙන් වැළකී සිටින්න කියල මා මිත්‍ර සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ ඉතාමත්ම ආදරයෙන් ඉල්ලා සිටිනවා.

    සජිත් ප්‍රේමදාස මේ වන ජනාධිපතිධුර අපේක්ෂකත්වය හිමිකර ගැනීමේ අරමුණින් රට වටේ කියමින් යන ගොන්මැටි කතාවලට පිවිතුරු හෙල උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රි උදය ගම්මන්පිල මහතා එම පක්‍ෂ මූලස්ථානයේදි පැවති මාධ්‍ය හමුවකදී පිළිතුරු ලෙස මෙම අදහස් පල කලේය.

  • සුරූපි තෙරපිවරියන් බෙදා ගන්න බැරිව ගිය සුපිරි වලියක්..

    සුරූපි තෙරපිවරියන් බෙදා ගන්න බැරිව ගිය සුපිරි වලියක්..

    මීගමුව ඒත්තුකාල සංචාරක පුරයේ පිහිටි සම්භාහන මධ්‍යස්‌ථානයක සේවය කරන සුරූපි තරුණියන් (තෙරපිවරියන්) බෙදා ගැනීම සඳහා එම මධ්‍යස්‌ථාන හිමියා සහ එහි කළමනාකරු අතර වූ ගැටුමක ප්‍රතිඵලයක්‌ වශයෙන් කොන්ත්‍රාත්තුවක්‌ මත එම මධ්‍යස්‌ථාන හිමියා කපා කොටා ඝාතනය කිරීමට තැත් කිරීමේ සිද්ධියක්‌ මීගමුව සංචාරකපුරයෙන් වාර්තා වේ.

    මෙම සිද්ධිය පිළිබඳව මීගමුව මූලස්‌ථාන ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක උදය කුමාර වුඩ්ලර් මහතාගේ අධීක්‌ෂණය මත එහි අපරාධ විමර්ශන අංශයේ ස්‌ථානාධිපති උප පොලිස්‌ පරීක්‌ෂක ජයනන්ද මහතා සිදුකළ මූලික විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ තොරතුරු අනුව එම ස්‌ථානයේ සේවය කරන තරුණියන් (තෙරපිවරියන්) පිළිබඳ ප්‍රශ්නය එහි හිමිකරු සහ එහි කළමනාකරු අතර කලක පටන් තිබී ඇති බවයි.

    එම සම්භාහන ආයතනය වෙත පසුගියදා ත්‍රිරෝද රථයකින් පැමිණි පිරිසක්‌ එම ආයතනයට අලුයම තුනට පමණ ඇතුළු වී එහි හිමිකරුට යකඩ පොලුවලින් පහරදී තියුණු අවිවලින් කපා කොටා පළාගොස්‌ ඇත. පසුව වහා පැමිණි මීගමුව පොලිසිය ඒ අසල තිබූ සී.සී.ටී.වී දර්ශන වලින් මෙම සාහසික ක්‍රියාවේ සැකකරුවන් හඳුනාගෙන ඇති අතර තුවාලකරු වහා රෝහල්ගත කර ඇත.

    එම සිද්ධිය පිළිබඳව පුළුල් විමර්ශන පවත්වා පසුව අත්අඩංගුවට ගත් සැකකරුවන් වන ත්‍රිරෝද රථ රියෑදුරු බටහිර දුම්මලදෙණිය පදිංචි 48 හැවිරිදි තැනැත්තා, වෙන්නප්පුව උල්හිටියාව පදිංචි තැනැත්තා, සහ බටහිර දුම්මලදෙණිය පදිංචි තැනැත්තා, මීගමුව වැඩ බලන මහෙස්‌ත්‍රාත් කේ.ජී. ගුණදාස මහතා හමුවට පැමිණවීමෙන් පසු ඔවුන් මේ මස 5 වැනිදා දක්‌වා රක්‌ෂිත බන්ධනාගාර ගත කර ඇත.

    මෙම කොන්ත්‍රාත්තුව ලබාදුන් බව කියන එම ආයතනයේ කළමනාකරු පලාගොස්‌ සැඟවී ඇත. ඔහු සහ තවත් සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගැනීම සඳහා වැඩිදුර පරීක්‌ෂණ පැවැත්වේ.

    මෙම වැටලීම මීගමුව අපරාධ විමර්ශන අංශයේ ස්‌ථානාධිපති උප පොලිස්‌ පරීක්‌ෂක ජයනන්ද, උප පොලිස්‌ පරීක්‌ෂක චාමර ප්‍රදීප්, කොස්‌තාපල්වරුන් වන (45148) පෙරේරා, (88256) සඳුන් සහ (5883) නවරත්න බණ්‌ඩාර යන මහත්වරු සහභාගිවූහ.

  • ජනපතිවරණයට නාම යෝජනා කැඳවීමට මැකෝ දින දෙයි

    ජනපතිවරණයට නාම යෝජනා කැඳවීමට මැකෝ දින දෙයි

    ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා කැඳවන දිනය මැතිවරණ කොමිසම රැස්වී තීරණය කරන බවත්, ඒ පිළිබඳව දිනයක් තමාට ප‍්‍රකාශ කළ නොහැකි බවත් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශපි‍්‍රය මහතා පෙරේදා(03) පැවසීය.

    නොවැම්බර් 15 වැනිදා හා දෙසැම්බර් 7 වැනිදා අතර දිනයක් නාම යෝජනා කැඳවීමට යොදා ගන්නා බව ද හෙතෙම පැවසීය.

    කළුතර දිසා ලේකම් කාර්යාලයේ පැවති මැතිවරණ කටයුතු පිළිබඳව නිලධාරීන් දැනුවත් කිරීමේ හමුවකින් පසුව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා එසේ කීය. ඡුන්දයේ වටිනාකම නිලධාරීන් වටහා ගන්න ඕනෑ. ප‍්‍රජාතන්ත‍්‍රවාදය කියන්නේ ජනතාවගේ අයිතියක්. ඡුන්දය කියන්නේ එක් කොටසකට බලය පැවරීමයි. ජනතාවගේ අයිතිය ආරක්ෂා කරමින් කළ යුතු දේ කරන්නත් නොකළ යුතු දේ නොකිරීමත් මැතිවරණ නිලධාරීන්ගේ වගකීමයි. සිය රාජකාරිය පි‍්‍රයමනාපව සතුටින් කිරීමට ඔබ කටයුතු කරන්න ඕනෑ.

    ඉදිරි මැතිවරණයේදී දිස්ති‍්‍රක් මට්ටමින් පැමිණිලි කමිටු ස්ථාපිත කරනවා. දිසාපති, නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් හා නියෝජ්‍ය පොලිස්පතිවරයා නම් කරන නිලධාරීන් තිදෙනකුගෙන් ඒ පැමිණිලි කමිටු නම් කරනවා යැයි ද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කීය.

  • චීවරදාරියෙකු සහ බුද්ධි අංශ නිලධාරියෙකු එක්ව 14 හැවිරිදි දැරියක් සමූහ දූෂණය කොට ගැබිණියක් කරලා; මේක රට ජාතිය වෙනුවෙන් කළ දෙයක් දැයි ගෝඨාගේ බයියෝ කියාවිද..?

    චීවරදාරියෙකු සහ බුද්ධි අංශ නිලධාරියෙකු එක්ව 14 හැවිරිදි දැරියක් සමූහ දූෂණය කොට ගැබිණියක් කරලා; මේක රට ජාතිය වෙනුවෙන් කළ දෙයක් දැයි ගෝඨාගේ බයියෝ කියාවිද..?

    වයස අවුරුදු 14 ක සිසුවියක්‌ සමුහ දූෂණයට ලක්‌ වී ඇය ගැබිනියක්‌ වීම සම්බන්ධයෙන් චීවරධාරියකු, යුද හමුදා බුද්ධි අංශයේ සෙබළකු සහ සිසුවියගේ පවුලේ ඥති සොහොයුරකු කුරුණෑගල මූලස්‌ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය මගින් පසුගිය 29 වැනිදා අත්අඩංගුවට ගෙන ඇත.

    සිසුවියගේ සමූහ දූෂණය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් සිසුවියගේ ඥති සොහොයුරාගේ මවට සිසුවියගේ පියා පසුගිය 29 වැනිදා පහරදීම නිසා ඇය කුරුණෑගල ශික්‌ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන අතර පහරදුන් සිසුවියගේ පියා පොලිස්‌ අත්අඩංගුවට ගෙන ඇත.

    ලිංගික අපයෝජනයට ලක්‌ වූ මෙම පාසල් සිසුවිය පොලිස්‌ පරීක්‌ෂණවලින් අනතුරුව පසුගිය 23 වැනිදා කුරුණෑගල ශික්‌ෂණ රෝහලේදී වෛද්‍ය පරීක්‌ෂණයට ලක්‌ කිරීමෙන් පසු ඇය ගැබිනියක්‌ බව තහවුරු වී ඇති බවත් ඇය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවත් ළමා හා කාන්තා කාර්යාංශය පැවසීය.

    ගැබිනියන් වී සිටින සිසුවියට ලිංගික අපයෝජන කළේ යෑයි පැවසෙන සැකපිට පොලිස්‌ අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා පසුගියදා (30 දා) කුරුණෑගල ශික්‌ෂණ රෝහලේදී අදාළ වෛද්‍ය පරීක්‌ෂණයකට යොමු කළ බවත් වෛද්‍ය පරීක්‌ෂණ ප්‍රතිඵල මත සැකකරුවන් කුරුණෑගල මහෙස්‌ත්‍රාත් අධිකරණයට යොමු කළ බවත් පොලිසිය පැවසීය.

  • සජිත් ජනාධිපති අපේක්ෂකත්වය ගන්න ගම්මට්ටමින්, බිම්මට්ටමින් මන්ත්‍රීවරුන්ට අල්ලස් දෙන අලුත්ම විදිය මෙන්න..

    සජිත් ජනාධිපති අපේක්ෂකත්වය ගන්න ගම්මට්ටමින්, බිම්මට්ටමින් මන්ත්‍රීවරුන්ට අල්ලස් දෙන අලුත්ම විදිය මෙන්න..

    එක්සත් ජාතික පක්ෂයේ නායක්ත්වය සහ අපේක්ෂක්වය හොර පාරෙන් අල්ලස් මතින් ලබාගැනීම සඳහා මේ වන එජාපයේම නියෝජ්‍ය නායකයා වන සජිත් ප්‍රේමදාස කටයුතු කරමින් සිටින බව නොරහසක් වන අතර මේ සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දුන් එතනෝල් අල්ලස් වලින් අනතුරුව ගම්මට්ටමේ, බිම්මට්ටමේ සිටින ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් කැඳවා අල්ලස් ලබාදීමේ තමා වෙත නම්මවා ගැනීමේ වැඩසටහනක් සජිත් විසින් සැප්තැම්බර් 07 වනදා කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේදී සූදානම් කොට ඇත. එක්සත් ජාතික පක්ෂය දෙකඩ කිරීමේ අවසන් මෙහෙයුම මේ වන විට සජිත් තම හාම්පුතුන් ඇතුළු ඩීල්කරුවන් වෙනුවෙන් සිදුකරමින් සිටින අතර ඊට අදාළ පිරිවැය සිය අමාත්‍යංශයෙන් සහ අදාළ හාම්පුතුන් විසින් දරමින් සිටින බවද ප්‍රසිද්ධියට පත්වෙමින් පවතී.

    එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සහ මහලේකම්වරයා ඇති පක්ෂයේ වගකිව යුත්තන්ට හොරෙන් කැඳවා ඇති මෙම “සුහද හමුව” සඳහා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන නගරාධිපතිවරුන්, උපනගරාධිපතිවරුන්, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් සහ මන්ත්‍රීධුර අපේක්ෂක, අපේක්ෂිකාවන්ටද කැඳවීම් කර තිබීම විශේෂිතය.

    මහජන මුදල් සහ රාජ්‍ය දේපල අවභාවිතා කරමින් අමාත්‍යංශයේ ලිපි ශීර්ෂ යටතේ සිදුකර ඇති මෙම දේශපාලන හමුව සඳහා වන පිරිවැය අමාත්‍යංශයෙන්ම දරන බවට තොරතුරු වාර්තාවේ. සජිත්ගේ මෙම රාජ්‍ය දේපල අවභාවිතාව සහ මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් සජිත් ප්‍රේමදාසට එරෙහිව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිසිඳු මන්ත්‍රීවරයෙකු හඬක් නොනඟන අතර එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ සමඟ සිටින මැති ඇමතිවරුන් සිදුකරන සුළු අඩුපාඩුවක් පවා කෙන්ද කන්ද කරමින් සිදුකරන ප්‍රහාර තුලින් සජිත් සිදුකිරීමට යන දේශපාලන කුමන්ත්‍රණය මනාව පැහැදිලිය.