Tag: featured

  • ඇමති රවීගෙන් රුපියල් බිලියනයක් ජනතාවට

    ඇමති රවීගෙන් රුපියල් බිලියනයක් ජනතාවට

    “විදුලි නිෂ්පාදනය වෙනුවෙන් සිදු කරනු ලබන ගල් අඟුරු මිලදී ගැනීම් තුලින් පසුගිය වාරයේ (2018/2019) සිදුකල අවසන් මිලදී ගැනීම් වලට වඩා මෙවර (2019/2020) වෙනුවෙන්වන ටෙන්ඩරය තුළින් ගල් අඟුරු මෙට්‍රික් ටොන් එකක් වෙනුවෙන්, ඩොලර් 18.42 ක ලාභයක් හිමිකර ගැනීමට හැකිවූ” බව විදුලිබල. බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා අවධාරණය කරයි.

    “ගල් අඟුරු විදුලි නිෂ්පාදනය වෙනුවෙන් අවශ්‍ය අමුද්‍රව්‍ය මෙරටට ආනයනය කිරීමේදී සිදුවී ඇතැයි පවසන මූල්‍ය වංචාවන් සහ වෙනත් අක්‍රමිකතා පිළිබදව පසුගිය වකවානුව තුලදී අසන්නට ලැබුණ බවත්, ඒ අනුව මෙම කටයුත්ත රටේ විදුලි නිෂ්පාදනය වෙනුවෙන් සිදුකළ යුතු අත්‍යාවශ්‍යය කටයුත්තක් වන බැවින්, ජාතික ධනය අපතේ නොයන ආකාරයෙන්, පූර්ණ විනිවිදභාවයක් තුළින් සිදුකිරීමට තමා දැඩි තීරණයකට පැමිණි බවත් ” විෂයභාර අමාත්‍යවරයා පවසයි.

    “ඒ අනුව මෙම ගල් අඟරු ආනයනය කිරීමේ ක්‍රියා පටිපාටිය තමාගේ පූර්ණ අධීක්ෂණය සහ උපදෙස් මත  සිදුවන බවත්, ඒ අනූව ගිය වාරයේ (2018/2019) පෙබරවාරි මස අවසාන ටෙන්ඩරයට වඩා 2019/08/16 වන දින පැවති ටෙන්ඩරය (2019/2020) මෙට්‍රික් ටොන් 1ක් සදහා ඩොලර් 18.42 ක මිල අඩුවකට ලබාදීමට හැකියාව ලැබී ඇති බවත් පවසන විෂයභාර අමාත්‍ය රවී කරුණානායක මහතා, ඒ අනූව 2019/2020 වාරයේ පලමු ටෙන්ඩරයෙන් පමණක් රුපියල් බිලියනයකට ආසන්න මුදලක් (රු. 992,966,940/=) රටට ඉතිරි කිරීමට හැකියාව ලැබී ඇති අතර සුපුරුදු පරිදි 2019/2020 වාරය සඳහා සැප්තැම්බර් මාසයේ සිට ගල් අඟුරු ගෙන ඒම සදහා අවශ්‍ය සියළු කටයුතු සැලසුම් කර ඇති බවද” වැඩිදුරටත් පවසයි.

    මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු පැහැදිළි කළ ශ්‍රී ලංකා ගල් අඟුරු සමාගමේ සභාපති උදිත දේවසුරේන්ද්‍ර මහතා,

    “රවී කරුණානායක අමාත්‍යතුමා විදුලිබල අමාත්‍ය ධූරයට පත්වීමෙන් අනතුරුව මේ වනවිට අපි දෙවරක් ගල් අඟුරු මිලදී ගැනීම් සිදු කළා. මේ වසරේ පෙබරවාරි මාසයේ අපි ගල් අඟුරු ටොන් ලක්ෂ 03 ක් මිලදී ගත්තා. මෙම මිලදී ගැනීම, ගිය වසරේ නොවැම්බර් මස සිදුකරන ලද මිලදී ගැනීමට සාපේක්ෂව ඩොලර් 10 ක පමණ අඩු මිලකට ගැනීමට හැකිවුණා. මින් පෙර එනම් අමාත්‍යතුමා විදුලිබල අමාත්‍ය ධූරයට පත්වීමට පෙර (2017 – 2018) කාර්තුවේදී මෙට්‍රික් ටොන් 1ක් සදහා ඩොලර් 100.35 කට තිබු ටෙන්ඩරය ඇමතිතුමාගේ පත්වීමෙන් පසු මෙට්‍රික් ටොන් 1ක් සදහා ඩොලර් 81.87කට මිලට ගන්නා ලදී. ඒ අනුව අපි මිලියන් 500 ක් වැනි අඩු මිලකට අපට ගල් අඟුරු  මිලදී ගැනීමට හැකි වුණා. ඒ සමඟම අපි ගල් අඟුරු  නැවක් හරවා යැවීමට කටයුතු කළා. මෙවැනි කටයුත්තක් සිදුවී ඇත්තේ ප්‍රථම වතාවටයි. ප්‍රමිතියෙන් තොර බාල තත්ත්වයේ ගල් අඟුරු තොගයක් නිසයි අපිට එවැනි පියවරක් ගැනීමට සිදුවුණේ. බිලියන් එකක් වැනි අවම මිලකට අපිට එම ගල් අඟුරු තොගය ලබාගැනීමට අවස්ථාව තිබුණත්, ප්‍රමිතියෙන් තොර නිසා අපි එම තොගය නැවත හරවා යැවීමට කටයුතු කළා. අපට අවශ්‍ය වන්නේ වඩාත් ප්‍රමිතියෙන් ඉහළ ගල් අඟුරු සාධාරණ මිලකට ලබා ගැනීමටයි.

    ඉන් අනතුරුව මේ අගෝස්තු මස අපි නැවත ගල් අඟුරු  ටොන් ලක්ෂ 03 ක් මිලදී ගත්තා. ගිය වාරයේ (2018/2019) පෙබරවාරි මස අවසාන ටෙන්ඩරයට අනුව මෙට්‍රික් ටොන් 1ක් සදහා ඩොලර් 81.87කට මිලදී ගත් මිලට වඩා (2019/2020) පැවති ටෙන්ඩරය මෙට්‍රික් ටොන් 1ක් සදහා ඩොලර් 63.45 ක මිල අඩුවකට ලබාගැනීමට හැකිවුණා.  එමගින් මෙට්‍රික් ටොන් 1ක් සදහා ඩොලර් 18.42ක මුල්‍ය වාසියක් ලබා ගැනීමට හැකියාව ලැබුණා .ඒ අනුව පසුගිය වසරේ නොවැම්බර් මස සිදුකළ මිලදී ගැනීම් වලට සාපේක්ෂව, මේ වසරේ ගල් අඟුරු මිලදී ගැනීම  තුලින්  බිලියන් 02 ක් වැනි මුදලක් ඉතිරි කරගැනීමට හැකි වී තිබෙනවා. එය විශාල මූල්‍ය වාසියක්.

    මුහුදේ පවතින රළු ස්වභාවය නිසා අපි සාමාන්‍යයෙන් ගල් අගුරු ආනයනය කරනු ලබන්නේ සැප්තැම්බර් මාසයේ සිට අප්‍රේල් දක්වා කාලය තුළ පමණයි. සැප්තැම්බර් මාසයේ 20 පමණ ගල්  අඟුරු ටොන් 60,000 ක පමණ නැවක් අපි බලාපොරොත්තුවෙන් සිටිනවා. එය නියමිත දිනට වඩා දින 03 කට කළින් ලංකාවට පැමි‍ණෙන බව අපට විශ්වාසයි. ඒ අනුව මේ දිනවල ප්‍රචාරය වන ආකාරයේ ගල් අඟුරු හිඟයක් ඇති වීමට කිසිම හේතුවක් නැහැ” යැයි පැවසීය.


  • අරලිය ගහ මන්දිරයට කැඳවූ සජිත් යළි රනිල් ඉදිරියේ දණ ගසමින් පරාජය භාර ගනී.. ටොමී, බනානා සුජී ඇතුළු කඩේ ගිය උන් බිලිපූජාවට භාරදෙයි

    අරලිය ගහ මන්දිරයට කැඳවූ සජිත් යළි රනිල් ඉදිරියේ දණ ගසමින් පරාජය භාර ගනී.. ටොමී, බනානා සුජී ඇතුළු කඩේ ගිය උන් බිලිපූජාවට භාරදෙයි

    මිලඟ ජනාධිපති තමා බවත්, ජනාධිපති ආර්යාව තමා බවත් පවසමින් ගම්මට්ටමින්, බිම්මට්ටමින්, ළිංමට්ටමින් තම්මැට්ටන් ගසමින් ගිය සජිත් ප්‍රේමදාස සහ සජිත්ගේ වෙන්ට ආර්යාව තමා වෙනුවෙන් කඩේ ගිය උන් බිලිදෙමින් එජාප නායක රනිල් ඉදිරියේ දණගසා සමාව ගෙන ඇති බවට එජාපයේ සජිත්ගේම අභ්‍යන්තර තොරතුරු සේවා වාර්තා කරයි.

    මේ වන විට හන්දි, බෝක්කු ගානේ සජිත් පවත්වන රැස්වීම් විශාල ලෙස අවලංගු කරමින් සිටින අතර “තමා මීලඟ ජනාධිපති අපේක්ෂකයා යැයි” කටමැත දොඩවමින් ගිය ප්‍රකාශයද ඉවත් කරගෙන ඇත.

    එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් පක්ෂ නියෝජ්‍ය නායක ඇමැති සජිත් ප්‍රේමදාස මහතා සහ රාජ්‍ය ඇමැති හර්ෂ ද සිල්වා අරලියගහ මන්දිරයට පෙරේදා පස්වරුවේ කැඳවා තිබිණි.

    එදින පස්වරුවේ ඇමැති සජිත් ප්‍රේමදාස මහතා ඇබිලිපිටිය ප‍්‍රදේශයේ උත්සවයක සිටියදී අරලියගහ මැදුරට ඔහු වහාම කැඳවන්නට අගමැතිවරයා කටයුතු කරන ලදී.

    මෙම අවස්ථාවට ඇමති රාජිත සේනානායක මහතාද එක්ව සිට ඇත. එලියේ රණ්ඩු කරන එක නවතා පක්ෂය ඇතුළේ ප්‍රශ්නය විසඳාගන්නැයි අගමැති විසින් ඇමැති සජිත් ප්‍රේමදාසට එහිදී දැනුම් දී තිබේ.

    රණ්ඩු වෙලා අපේක්ෂකයා වුවද ජයගත නොහැකි බවත් එවිට එක් කොටසක් කකුලෙන් අදින බවත් එහිදී ඇමති රාජිත සඳහන් කර ඇත. තමන් කකුලින් නොඅදින බවත් මන්ත්‍රී කණ්ඩායම එකට තබා ගැනීම සඳහා තමන්ට ඔවුන් සමග සිටින්නට වන බවත් ඇමති සජිත් පේ‍්‍රමදාස ඊට පිලිතුරු ලෙස පවසා තිබේ.

    එක්සත් ජාතික පක්ෂ ව්‍යවස්ථාවට අනුව ජනාධිපති අපේක්ෂකයා නම් කරන්නේ මැතිවරණය ගැසට් කලාට පසු නාමයෝජනා කමිටු කැඳවා එමගින් බවත් රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කර ඇත. වැඩිදුර ප්‍රශ්න ඇතොත් ඇමැති රාජිත සේනාරත්න මහතා සමඟ සාකච්ඡා කරන ලෙස පවසා අගමැතිවරයා සාකච්ඡාවක් අවසන් කර තිබේ.

    ආශ්‍රිත පුවත්: තම කල්ලියටත් හොරෙන් සජිත් තම වෙන්ට ආර්යාව සමඟ කරු හමුවෙන්න මහ රෑට රෑට යති

  • එජාපයේ ඉන්නේ ඇමරිකාවට වහිනකොට ලංකාවේ ඉදන් කුඩ ඉහලන නායකයෝ (වීඩියෝ)

    එජාපයේ ඉන්නේ ඇමරිකාවට වහිනකොට ලංකාවේ ඉදන් කුඩ ඉහලන නායකයෝ (වීඩියෝ)

    ඇමරිකාවට වහිද්දී ලංකාවේ සිට කුඩ ඉහලන එක්සත් ජාතික පක්ෂ නායකයින් කිසිදා රටේ ස්වෛරීභාවය, භෞමික අඛණ්ඩතාවය වෙනුවෙන් පෙනී නොසිටිය බවත්, කතා නොකළ බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කොළඹ දිස්ත්‍රික් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා පවසයි.

    සේනාධිනායකයා වශයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් හමුදාපතිධුරය සඳහා පත්කළ ශවේන්ද්‍ර සිල්වාට ඇමරිකාව ඇතුළු ජාත්‍යන්තර රටවලින් එල්ල වන බලපෑම හෙළා දැක එක්සත් ජාතික පක්ෂයට සහ එම පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂකයින්ට හැකිනම් ඊට එරෙහිව ප්‍රකාශයක් කර පෙන්වන ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කොළඹ දිස්ත්‍රික් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා අභියෝග කර සිටියේය.

    මෙහිදී වැඩි දුරටත් අදහස් දැක් වූ තිලංග සුමතිපාල මහතා,

    රටේ ජාතික ආරක්ෂක සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ගනු ලබන තීරණයකට බලපෑම් කිරීම රටේ ස්වරීත්වයට හානියක් බවත් එසේ සිදුකරනු ලබන බලපෑම් තරයේ හෙළාදකින බවයි.

    යුද අපරාධ සම්බන්ධයෙන් 2015 වසරේදී අත්සන් කළ ගිවිසුමෙන් මෙම බලපෑම සිදුවන්නේ දැයි මාධ්‍යවේදීයෙකු මෙහිදී නැඟු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් තිලංග සුමතිපාල මහතා සඳහන් කළේ, 2015 ඔක්තෝම්බර් මාසයේදී හිටපු විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා ඇතුළු පිරිස් අත්සන් කළ එම ගිවිසුමෙන් රටේ ස්වෛරීත්වයට අහිතරකර බලපෑම් එල්ල වී ඇති බවයි. එසේම පක්ෂයක් ලෙස අපේ ප්‍රතිපත්ති අනුව ගත් කළ මෙය රට පාවාදීමක් ලෙස දකින බවද සුමතිපාල මහතා මෙහිදී සඳහන් කර සිටියේය.

    එසේම ඉදිරියේදී මෙවැනි දෙයක් ක්‍රියාත්මක කිරීමේදී ගිවිසුම් ප්‍රකාරව අපේ විදේශ ප්‍රතිපත්තිත් එක්ක කොහොමද යන්න සම්බන්ධයෙන් අවධානය යොමුකළ යුතුවන බවද පැවසීය.

  • තම කල්ලියටත් හොරෙන් සජිත් තම වෙන්ට ආර්යාව සමඟ කරු හමුවෙන්න මහ රෑට රෑට යති

    තම කල්ලියටත් හොරෙන් සජිත් තම වෙන්ට ආර්යාව සමඟ කරු හමුවෙන්න මහ රෑට රෑට යති

    කථානායක කරූ ජයසූරිය මහතා සහ එජාප නියෝජ්‍ය නායක ඇමැති සජිත් ප්‍රේමදාස මහතා අතර රහස් හමුවක් අගහරුවාදා රාත්‍රියේ කථානායකවරයාගේ නිවසේදී සිදුව තිබෙන අතර එවැනිම තවත් හමුවක් ගෙවී ගිය පැය 72ක කාලය තුල යළිත් සිදුව තිබේ. පළමු හමුව සම්බන්ධයෙන් සජිත් කල්ලිය දැන සිටියද දෙවන හමුව සම්බන්ධයෙන් ඔවුන් දැන සිට නැත.

    කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂය තුල ජනාධිපති ධූර අපේක්ෂකත්වය ගැන ඇතිව තිබෙන වාතාවරණය සමනය කර ගැනීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කර ඇති අතර මෙම සාකච්ඡා සුහද මට්ටමින් පැවති ඇති බවද දැනගන්නට ඇත.

    එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා සමඟ පැවති හමුවකින් පසුව මෙම හමුව සිදුව ඇතැයි වාර්තාවේ.

    මෙම සාකච්ඡාව සඳහා සජිත් ප්‍රේමදාස මහතාගේ වෙන්ට ආර්යාව වන ජලනි පේ‍්‍රමදාස මැතිනියද සම්බන්ධ වී ඇතැයි වාර්තා වෙයි.

    තමන් මතු ජනාධිපති වන සජිත් පේ‍්‍රමදාස මහතාගේ ආර්යාව යයි හැටන් ප්‍රදේශයේ පැවති රැස්වීමකදී ප්‍රකාශ කරමින් සජිත්ට නියත විවරණ දුන්නේ මැයයි.

  • රාජපක්ෂලාගේ රෙදි ගලවන්න මං ලෑස්තියි…. – සජින් වාස් යළි හිස ඔසවයි

    රාජපක්ෂලාගේ රෙදි ගලවන්න මං ලෑස්තියි…. – සජින් වාස් යළි හිස ඔසවයි

    මෙරට හදන්න පුළුවන් පක්ෂ දෙකකට පමණක් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතා පවසයි.

    එම පක්ෂ දෙක වන්නේ එක්සත් ජාතික පක්ෂයත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පමණක් යැයිද ඔහු සඳහන් කළේය.

    වෙනත් බොහෝ දෙනා නොදන්නා දේවල් තමන් දන්නා බව ද ඔහු කියා සිටියේ මාධ්‍ය හමුවක් කැඳවමිනි.

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට වුවමනා වී ඇත්තේ පරම්පරාවක් රැකගෙන ඉදිරියට යාම පමණක් බවද කී ඔහු පොදුජන පෙරමුණේ වීරයන් සේ සිටින බොහෝ දෙනෙකුගේ ඇත්ත කතාව තමන් දන්නා බව ද ඉදිරියේදී ඒ සියල්ල හෙළි කිරීමට සූදානම් බවද කියා සිටියේය.

    සජින් වාස් ගුණවර්ධන මහතා පසුගිය ආණ්ඩු සමයේදී එවකට හිටපු බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්ට කණට ගැසූවෙ යයි චෝදනා එල්ල විය.

  • එජාප ජනපති අපේක්ෂකයා තේරීම නාම යෝජනා කැඳවීමේ නිවේදනයෙන් පසු

    එජාප ජනපති අපේක්ෂකයා තේරීම නාම යෝජනා කැඳවීමේ නිවේදනයෙන් පසු

    ජනාධිපති අපේක්ෂකයා තේරීම මැතිවරණ කොමිසමේ නාම යෝජනා කැඳවීමේ නිවේදනය නිකුත් කිරීමෙන් පසුව බව එක්සත් ජාතික පක්ෂයේ නීති ලේකම් ජනාධිපති නීතිඥ නිශ්ශංක නානායක්කාර මහතා පවසයි.

    එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා තේරීම සම්බන්ධයෙන් දැනට මතුව ඇති සාකච්ඡාව පිළිබඳව අදහස් දැක්වූ නීති ලේකම් නිශ්ශංක නානායක්කාර මහතා මේ බව සඳහන් කළේය.

    “එක්සත් ජාතික පක්ෂ ව්‍යවස්ථාව අනුව ජනාධිපති අපේක්ෂකයා තේරීම කළ හැක්කේ මැතිවරණ කොමසාරිස්වරයා විසින් ජනාධිපතිවරණයට නාම යෝජනා කැඳවීම පිළිබඳ නිවේදනය නිකුත් කිරීමෙන් අනතුරුව බවත්, ඉන් ප්‍රථම ඒ පිළිබඳව තීරණයක් ගැනීමට බලයක් නොමැති බවත්ය. 

    ජනාධිපති අපේක්ෂකයා තෝරාගැනීම සඳහා පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් නාම යෝජනා කමිටුවක් පත් කරන අතර ජනාධිපති අපේක්ෂකයා තෝරා ගනු ලබන්නේ එම නාම යෝජනා මණ්ඩලය විසිනි. 

    එසේ නාම යෝජනා කමිටුව විසින් ජනාධිපති අපේක්ෂකයා තෝරාගත් පසුව, ඒ තැනැත්තාගේ නාමය එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් අනුමත කළ යුතුය.”

  • සජිත් කල්ලියටම බාර් ලයිෂන්! පළමු වාසනාවන්තයන් – හේෂා , අප්පුහාමි , නිරෝෂන් !!

    සජිත් කල්ලියටම බාර් ලයිෂන්! පළමු වාසනාවන්තයන් – හේෂා , අප්පුහාමි , නිරෝෂන් !!

    එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සන්ධානය බිහිකිරීම අල කරමින් මිනීමෝර පවුල් පාලනයක් වෙනුවෙන් රටම මරු කටට ඇදලා දාන තුරු නින්දක් නැතුව සිටින සජිත් කල්ලියේ නියම ස්වභාවය මේ වන විට හෙළිදරව් වෙමින් තිබෙනවා.

    ඊයේ දිනයේ (27) පැවැත්වූ කැබිනට් හමුව උනුසුම් කලේ ඒ සජිත්ගේ කුහක කල්ලියේ නියම ස්වභාවය නැවතත් තහවුරු කරමින්.

    ඒ තමයි”සජිත් කල්ලියට එක්වන සෑම එජාප පසුපෙළ මන්ත්‍රීවරයකුටම බාර් ලයිෂන් දීමේ වැඩ පිළිවෙළ”.

    සජිත් කල්ලියේ පිරිස වැඩිකර ගැනීමට යොදා ගෙන තිබෙන අලුත් අල්ලස් දීමේ ක්‍රමය තමයි ඒ.

    යහපාලන ආණ්ඩුවට නිගාදෙන මේ තකතීරු වැඩේ කැබිනට් එකේදී ඇදලා ගත්තේ රවී කරුණානායක. ඒ නිකං නෙවෙයි. සජිත් කල්ලිය මේ වෙනකොට ඩීල් දාගෙන ඉන්න මෛත්‍රීපාල ජනාධිපතිගේ මූනටම ප්‍රශ්නය ඇදලා දාමින්.

    “වැඩ සිද්ධ වෙන්නේ මේ විදිහට නම් ඔබතුමා ආරම්භ කරලා තියන මතින් තොර ශ්‍රී ලංකා වැඩපිළිවෙළට මොකද වෙන්නේ ? කාටද පුලුවන් මේවා අනුමත කරන්න”

    වක්කඩ ඇරියාම වගේ රාජිත දුන්න දීමට රිදුනේ සුරාබදු දෙපාර්තමේන්තුව විෂය භාර මුදල් ඇමැති මංගල ට. ඒ වගේම ඇමතිවරුන් කිහිපදෙනකුම මේ කුජීත වැඩේ විවේචනය කරන්න ගත්තා.

    මංගලගෙන් ජනාධිපති මෛත්‍රීපාලත් ඒ ගැන ඇහුවා.ඒකට උත්තර දෙමින් මංගල කිව්වෙ “කිහිපදෙනකු ඉල්ලා තියනවා. ඒත් තවම දෙන්න අවසන් තීන්දුවක් අරගෙන නෑ ” කියලා.

    කොහොම උනත් දිගටම ඇමතිවරුන් මේ ගැන විවේචනය කළා. කැබිනට් එක එකම කාලගෝට්ටියකින් ඉවර වුනා. කැබිනට් එක කාලගෝට්ටියකින් ඉවරයි කියලා මඩකිං අනාවරණය ඉවර වෙන්නේ නෑ. වෙබ් සයිට් කිහිපයක් බැරි බැරි ගාණේ මේ නිව්ස් එක ගැහුවට ඒවායේ වැඩි විස්තර මොකුත් නෑ.

    දැනට සූදානම් කරලා තියන ආකාරයට එජාප පසුපෙළ මන්ත්‍රීවරුන් තුන් දෙනෙකුට බාර් ලයිෂන් දෙන්න නියමිතයි. ඒ මන්ත්‍රීවරුන් තුන්දෙනා වෙන්නේ හේෂා විතානගේ , හෙක්ටර් අප්පුහාමි සහ නිරෝෂන් පෙරේරා.

    සජිත්ගේ කල්ලියට මන්ත්‍රීවරුන් බිලී බා ගැනීමට මේ බාර් ලයිෂන් අල්ලස දීමේ යෝජනාව මලික්ගේ. “ඊලඟ මහ මැතිවරණය සඳහා සල්ලි ඕන නේද ? යන්න මතක් කළොත් ඒකට බාර් ලයිෂන් දෙන්න සූදානම් කිව්වොත් වැඩේ ගොඩ ” කියලා තමයි මලික් මේ යෝජනාව දෙන්නේ.

    ඒ වගේම සජිත් කල්ලියේ උපදේශකයන් ඒ යෝජනාව ඉහළින් අනුමත කරලා තියෙනවා. මුල් අවස්ථාවේ හේෂා විතානගේ , හෙක්ටර් අප්පුහාමි , නිරෝෂන් පෙරේරා මන්ත්‍රීවරුන් ට දීලා ඉතුරුවා සජිත් ජනාධිපති අපේක්ෂකත්වය ගත්තාම දෙන්න තමයි සැලසුම. ඒ වෙනකල් එජාප මන්ත්‍රීවරුන් සජිත් ජනාධිපති අපේක්ෂකයා කිරීමේ සටන එළිපිට කරන්න ඕන. අන්න ඒකයි සජිත් කල්ලිය මන්ත්‍රීවරුන්ට දාපු කොන්දේසිය.

    මේ යෝජනාව මුලින්ම ලැබුන නිසා තමයි හේෂා විතානගේ මහ සද්දෙන් සජිත් ප්‍රේමදාස ජනාධිපති අපේක්ෂකයා කරන්න ඕන කියලා මුලින්ම මාධ්‍ය හමුව තියෙන්නේ. ඒ වගේම චමින්ද විජේසිරිවත් ළඟට ගන්නේ.

    දැන් පැහැදිලියි නේද ? සජිත් ඕන , සජිත් නැතුව බෑ, එජාප පසුපෙළ මන්ත්‍රීවරුන් බහුතරය ඉල්ලන්නේ සජිත් කියන සටන් පාඨ වල තියන රහස.

    හේෂා විතානගේ මහ පොරක් වගේ පහුගියදා අධීක්ෂණ මන්ත්‍රී ධූරයෙන් ඉවත් වුනේ මේ රස ඉල්ලම ඔඩොක්කුවට වැටෙන නිසා.

    මේ තමයි අපි දිගින් දිගටම හෙළිදරව් කරපු සත්‍යය.

    සජිත් ප්‍රේමදාස කියන්නේ ආයෙත් ඉස්කෝලේ යවලා උගන්වන්න ඕන අකලට වයසට ගිය හාදයෙක් බව අමුතුවෙන් කියන්න දෙයක් නෑ. ඒ බව ඔප්පු කරන්න සජිත්ගේ එක කතාවක් හොඳටම ඇති. සජිත් ඕන කියලා ඇවිත් වැල්ලේ ජරා කරන සෙට් එකම ඒ ඇත්ත දන්නවා.

    දැන් එතකොට කිසිම නූතන දියුණු දැක්මක් නැති කට ඇරියොත් යම් හෝ දැනුවත්කමක් ඇති ඕන කෙනෙකුට අප්‍රිය හිතෙන , සජිත් වගේ මිනිහෙක් ජනාධිපති අපේක්ෂකයා කරන්න මැරීගෙන කට්ට කන්නෙ මොකටද කියන ප්‍රශ්නයට පැහැදිලි උත්තරයක් තියනවා.

    මේ සේරම පිටුපස තියෙන්නේ පෞද්ගලික ලාභ අපේක්ෂා. එහෙමත් නැත්නම් සජිත් වටා ඉන්න කල්ලියේ අගමැති සිහින , ඇමැති සිහින නිසා තමයි මේ සේරම විජ්ජා .

    දැනටමත් මුන් සජිත්ව ඕන කියන්න බාර් ලයිෂන් අරගෙන අවසන්. දැන් එතකොට ,

    • එජාප නායකත්වය සජිත්ට දෙන්න ඕන මන්ත්‍රීවරුන් කිහිපදෙනකුට බාර් ලයිෂන් ලැබෙන නිසා.
    • සජිත් ජනාධිපති අපේක්ෂකයා කරන්න ඕන මන්ත්‍රීවරුන් කිහිපදෙනකුට බාර් ලයිෂන් ලැබෙන නිසා.
    • එජාප ප්‍රමුඛ සන්ධානය අල කරන්න ඕන මන්ත්‍රීවරුන් කිහිපදෙනකුට බාර් ලයිෂන් ලැබෙන නිසා.
    • එජාප නායකත්වය දැඩි විවේචනයක් ලබන්නේ , පක්ෂය රැකගෙන ආණ්ඩුවක් හදන්න වෙහෙසෙන පක්ෂයේ ජේෂ්ඨයින්ට කුඩු වෙන්න මඩ වදින්නේ මන්ත්‍රීවරුන් කිහිපදෙනකුට බාර් ලයිෂන් ලැබෙන නිසා.

    දැන් එජාප පාක්ෂිකයන් වගේම මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය , මානව හිමිකම් , ලිබරල් නිදහස අනුමත කරන රාජපක්ෂ පවුල් වාදය සහ මිනීමෝර පාලනයක් ප්‍රතික්ෂේප කරන ජනතාවට හිතන්න දෙයක් තියනවා .

    ඒ තමයි කැහිගෑනි දීලා හොටු ගෑනි ගත්තා වගේ අපි මොකටද මෛත්‍රීපාල යවලා සජිත් ගේන්නේ යන කරුණ ගැන අවංකව සිතීම.

    උපුටනය: මඩ කිං

  • පාරක් පාරක් ගානේ ගිහින්, අරගල ඇති කරලා, ජනතාවගේ ඡන්දය බලහත්කාරයෙන් ලබාගන්න අපට අවශ්‍ය නැහැ..

    පාරක් පාරක් ගානේ ගිහින්, අරගල ඇති කරලා, ජනතාවගේ ඡන්දය බලහත්කාරයෙන් ලබාගන්න අපට අවශ්‍ය නැහැ..

    “එක්සත් ජාතික පක්ෂය මේ රටේ තිබෙන පක්ෂ අතරින් ඉතා ප්‍රභල පක්ෂයක්. අපේ පක්ෂය නියම වේලාවට, නිසි පුද්ගලයෙක් ජනාධිපති අපේක්ෂකයා හැටියට ඉදිරිපත් කරනවා. ඒ ගැන බොරුවට කලබල වෙන්න අවශ්‍ය නැහැ. ඒ නිසා අත්තනෝමතිකව යම් යම් ප්‍රකාශ නොකර, පක්ෂයක් හැටියට ඒකරාශීවෙලා කටයුතු කළොත්, ජනතා විශ්වාසය දිනාගැනීම පහසු වේවි. ඕනෑම දෙයක් කඩාකප්පල් කරන්න හරි පහසුයි. එක්සත් කරලා ආරක්ෂා කරන්න තමයි අමාරු. අපි කිසිම භේදයක් නොමැතිව, එක්සත් ආකාරයෙන් කටයුතු කරන්න තමයි උත්සාහ කරන්නේ. මම ඉතාමත් වගකීමෙන් කියන්නේ එක්සත් ජාතික පක්ෂයේවත්, කෘත්‍යාධිකාරි මණ්ඩලය තුලවත් කිසිම ප්‍රශ්නයක් නැහැ. අපි පසුගිය සමයේ යම් අපහසු කාලයක් පසුකරන් ආවා. දැන් අපි ඒ දේවල් නිවැරදි කරගෙන යනවා. කිසිම ප්‍රශ්නයක් නැහැ, අපි ජනාධිපතිවරණය අනිවාර්යයෙන් ජයගහණය කරනවා. ඒ ලබන ජයග්‍රහණය යම් විනයක්, නීතී රාමුවක්, සම්ප්‍රදායක් තුළින් තමයි අපි ලබාගන්නේ ” යැයි විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

    අමාත්‍යවරයා මෙම අදහස් පලකළේ, ඊයේ (24) පැවති රාගම දෙවාලයේ වාර්ෂික මංගල්‍යයට සහභාගි වීමෙන් අනතුරුව මාධ්‍ය විසින් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු සපයමිනි. මෙහිදී ප්‍රධාන කපු මහතා විසින් අමාත්‍යවරයාගේ දේශපාලන ගමන්මග පිළිබදව ප්‍රශංසා කරමින් ඉදිරි කටයුතු සාර්ථක කරගැනීම වෙනුවෙන් දේවාශිර්වාදය ප්‍රාර්ථනා කළේය.

    වැඩිදුරටත් මාධ්‍ය හමුවේ සිය අදහස් දැක්වූ අමාත්‍ය කරුණානායක මහතා,

    “එක්සත් ජාතික පක්ෂය තුළ කිසිම අර්බුදයක් නැහැ. යම් පුද්ගලයින් තමන්ගේ හිතුමතේට නොයෙක් දේ ප්‍රකාශ කරමින් කටයුතු කළාට, එ.ජා.ප. ය විනයක් සහිතව කටයුතු කරගෙන යනවා. පක්ෂය තුළ අර්බුදයක් ඇති කරන්න හදන්නේ, එ.ජා.ප. යේ සම්ප්‍රදාය නොදන්නා, පක්ෂය කඩාකප්පල් කරන්න උත්සාහ දරන පුද්ගලයින්. මේ පක්ෂය එක්කෙනෙක් දෙන්නෙක්ගේ බූදලයක් නොවෙයි.

    එක්සත් ජාතික පක්ෂය කියන්නේ මේ රටේ තිබෙන පැරණිතම පක්ෂය. දීර්ඝ ඉතිහාසයක්, දැඩි විනයක් සහිතව ජනතා විශ්වාසය දිනාගත් පක්ෂයක් හැටියට ඉදිරියටත් ඒ ආකාරයෙන්ම ජනතාවගේ විශ්වාසය දිනාගනිමින් කටයුතු කරන්නයි අපට අවශ්‍ය වන්නේ. එහෙම නැතිව පාරක් පාරක් ගානේ ගිහින්, අරගල ඇති කරලා, ජනතාවගේ ඡන්දය බලහත්කාරයෙන් ලබාගන්න අපට අවශ්‍ය නැහැ.

    ජනාධිපතිවරණය කියන්නේ එක්කෙනෙක්ගේ දෙන්නෙක්ගේ දෙයක් නොවෙයි. ඊටත් වඩා තවමත් ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කරලා නැහැ. ඉතින් ඇයි මේ කලබලයක්. පරිනතභාවය, වැඩකරන්න ඇති හැකියාව, ජාත්‍යන්තරය සමග ඇති සම්බන්ධතාවය යන හේතූන් ගැන සලකලා තමයි අපේ පක්ෂයෙන් අපේක්ෂයා සම්බන්ධයෙන් තීරණයක් ගන්නේ. ඉදිරියේදී පක්ෂයේ පොදු තීරණයක් මතින් විශිෂ්ට ජයක් ලබන්න හැකි ආකාරයේ අපේක්ෂකයෙක් ඉදිරිපත් කරනවා යැයි පැවසීය.

  • ඒකමතික තීන්දුවෙන් ශ්‍රීලනිපයේ උපසභාපති ධුරය තිලංගට

    ඒකමතික තීන්දුවෙන් ශ්‍රීලනිපයේ උපසභාපති ධුරය තිලංගට

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද(26) පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්විමේදී එම පක්ෂයේ උප සභාපති ධුරය සඳහා හිටපු නියෝජ්‍ය කථානායක සහ කොළඹ දිස්ත්‍රික් කණ්ඩායම් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතාව ඒකමතික ඡන්දයෙන් පත්කොට ගෙන ඇත.

    මධ්‍යම කාරක සභාවේදී තිලංග සුමතිපාල මහතා උප සභාපතිධුරය සඳහා පත්කිරීමට අදාළ යෝජනාව පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඉදිරිපත් කර ඇති අතර එය පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා විසින් ස්ථිර කොට ඒකමතිකව සම්මත වී ඇත.

    2009 වසරේ පැවති පළාත් සභා මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කොළඹ දිස්ත්‍රික්කයෙන් මනාප ඡන්ද 159,603 ක් දිනා ගනිමින් පළාත් සභාවට තේරී පත් වූ තිලංග සුමතිපාල මහතා, 2010 පාර්ලිමේන්තු මැතිවරණයේදී මනාප ඡන්ද 60,848ක් දිනා ගනිමින් පාර්ලිමේන්තුවට කොළඹ දිස්ත්‍රික්කයෙන් තේරී පත්විය. 2015 දී ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණි සුමතිපාල මහතා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායකවරයා ලෙස පත්විය.

    මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායකයා වශයෙන්ද කටයුතු කරන තිලංග සුමතිපාල මහතා පාරම්පරික ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෙකි. 1977 න් පසු බලය අහිමි වී යද්දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දේශපාලන පළිගැනීම් මත පක්ෂ මූලස්ථානය අහිමි වෙද්දී, සුමතිපාල පවුල විසින් බොරැල්ලෙන් පක්ෂ මූලස්ථානය පත්වාගෙන යෑමට අවශ්‍ය ඉඩ පහසුකම් සහ මූල්‍ය පහසුකම් සපයමින් සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියට පක්ෂය පවත්වාගෙන යෑම සඳහා අවශ්‍ය ශක්තිය සහ දායකත්වය නොමසුරුව ලබාදී ඇත.

    කොළඹ නාලන්දා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය හදාරා ඇති තිලංග සුමතිපාල මහතා, එක්සත් රාජධානියේ සන්නිවේදන විශ්ව විද්‍යාලයෙන් උසස් අධ්‍යාපනයත්, කොළඹ විශ්ව විද්‍යාලයෙන් ව්‍යාපාර කළමනාකරණය සම්බන්ධයෙන් පශ්චාත් උපාධියත් ලබා ඇති අතර, මේ වන විට චීනයේ බීජීං විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබාගැනීමට අදාළ අධ්‍යයන කටයුතු කරමින් සිටී.

    එදා සිටි අද දක්වා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යේෂ්ඨයින්ගේ ආදරය සහ විශ්වාසය දිනාගනිමින් පක්ෂයේ ප්‍රතිපත්තීන්ටත්, නායකත්වයටත් ගරු කරමින් මනා විනයක් සහ ශික්ෂණයක් තුළ දේශපාලන කටයුතුවල නිරතවෙමින් ඔහු පක්ෂයටත්, පාක්ෂිකයින්ටත් සිදුකොට ඇති නොමසුරු සේවය පක්ෂයේ සභාපති වන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම උප සභාපතිත්වය තිලංග සුමතිපාල මහතාට පිරිනැමීමට හේතු වී ඇතැයි එම පක්ෂයේ ආරංචි මාර්ග සඳහන් කරයි.


  • පාස්කු ප්‍රහාරයෙන් ලකුණු දාගන්න කිතුණුවන් ගොනාට අන්දවන්න ගිය ගෝඨාගේ රෙදි කිතුණුවෝ ගලවයි (වීඩියෝ)

    පාස්කු ප්‍රහාරයෙන් ලකුණු දාගන්න කිතුණුවන් ගොනාට අන්දවන්න ගිය ගෝඨාගේ රෙදි කිතුණුවෝ ගලවයි (වීඩියෝ)

    පාස්කු දා ත්‍රස්ත ප්‍රහාරයත් සමඟ වරින් වර මතුවන සහ ප්‍රකාශයට පත්වන දේශපාලනයට සමීප කාදිනල් හිමියන්ගේ ප්‍රකාශයන් සම්බන්ධයෙන් යළිත් ඉස්මතුව ඇත්තේ කාදිනල් හිමියන් එසේ සිදුකළ ප්‍රකාශයකට රාජපක්ෂවරුන්ගේ පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ පිළිතුරු දීමට යෑමත් සමඟය.

    පාස්කු ඉරිදා දිනයේ එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් තම පාලනයක් යටතේ ස්වාධීන කොමිසමක් පත් කරන බවට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සිදුකරන ලද ප්‍රකාශයට සමස්ත ලංකා යතුරුපැදිකරුවන්ගේ සංගමය සභාපතිවරයා විසින් දැඩි විවේචනයක් එල්ල කරයි.

    අන්තර්ජාලයට වීඩියෝවක් එක් කරමින් ඔහු පවසන්නේ කතෝලිකයන්ගේ කදුළු මතින් දේශපාලනය නොකළ යුතු බවත් එසේ කරන්නට ආවොත් රෙද්ද ගලවලා යවන බවත්ය.

    කෙසේ වෙතත් මෙම පුද්ගලයාගේ වීඩියෝවට ප්‍රතිචාර දක්වමින් සමාජ ජාල පරිශීලකයන් පවසන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රතිචාර දක්වා ඇත්තේ අගරදගුරු තුමන්ගේ පොදු ඉල්ලීමකට මිස ගෝටාභය රාජපක්‍ෂ මහතාගේ අදහසක් අනුව නොවන බවයි.

    අගරදගුරුතුමන් ද ප‍්‍රසිද්ධියේ ඉල්ලා සිටියේ පාස්කු ඉරිදා දින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ස්වාධීන කොමිසමක් පත්කරන ලෙසත් රජයෙන් මේ දක්වා කර ඇති පරීක්‍ෂණ ගැන සෑහීමකට පත් විය නොහැකි බවත්ය.

  • අපේ හමුදාපති ගැන අමෙරිකාවට තියෙන රුදාව මොකක්ද..?

    අපේ හමුදාපති ගැන අමෙරිකාවට තියෙන රුදාව මොකක්ද..?

    හදිසි නීතිය ඉවත් කර ආරක්ෂාව සඳහා ත්‍රිවිධ හමුදාව රට පුරා යෙදවීම පිළිබඳව ඥානසාර හිමි ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සිය ස්තුතිය පල කර සිටියි.

    ත්‍රස්ත ප්‍රහාරය ඇති වීමට පෙර ඒ පිළිබඳ දැනුම් දුන්න ද පසුගිය ආණ්ඩුවෙන් හෝ වත්මන් ආණ්ඩුවෙන් ඒ පිළිබඳ සැලකිල්ලක් නොදැක්වු බවට ද ඒ හිමියන් චෝදනා එල්ල කරයි.

    හදිසි නීතිය ඉවත් කර ආරක්ෂාව සඳහා ත්‍රිවිධ හමුදාව රට පුරා යෙදවීම ගැන උන්වහන්සේ ජනාධිපතිවරයාට ස්තුතිය පල කල අතර නව යුධ හමුදාපති තෝරා ගැනීමේ දී අමෙරිකාව එල්ල කළ චෝදනා පිළිබඳව සිය විරෝධය ද පල කළේය.

  • ගෝඨා යළිත් සුපුරුදු අඩි පාරේ! බලයට එන්න පෙරම මාධ්‍යයට වාරණ දමයි! (වීඩියෝ)

    ගෝඨා යළිත් සුපුරුදු අඩි පාරේ! බලයට එන්න පෙරම මාධ්‍යයට වාරණ දමයි! (වීඩියෝ)

    ගෝඨාභය රාජපක්ෂගේ තරුණ සමුළුව ආවරණය කිරීම සඳහාවත් මෙරට මාධ්‍යවේදීන්ට සහ මාධ්‍යයට ඉඩ ලබාදී නොමැති බව වාර්තා වෙයි.

    ගෝඨාභය රාජපක්ෂ යළි යළිත් ගමන් කරන්නේ ප්‍රජාත්‍රන්තවාදයට, මාධ්‍ය නිදහසට එරෙහි තම සුපුරුදු ගමනේම බව නැවත වරක් ප්‍රායෝගිකවම ඔප්පුකර සිටියේ ඊයේ(24) නෙලුම් පොකුණ රඟහලේ පැවති එම උත්සවයේදීය.

    මේ වනතුරු මුද්‍රිත මාධ්‍ය හැර විදෘත් මාධ්‍ය සමග ඔහු සජීවී වැඩසටහන් සමග එක්නොවන අතර දෙරණ, හිරු (රාජපක්ෂවරුන්ගේ මාධ්‍ය ආයතන දෙක) වැනි මාධ්‍ය ආයතන වල සජීවී වැඩසටහන් පවා ගෝඨාභය පෙනී සිටින්නේ පූර්ව පටිගත කිරීමෙන් අනතුරුවය.

    මුද්‍රිත මාධ්‍ය පවා ගෝඨාභය රාජපක්ෂ සමග සම්මුඛ සාකච්ඡා ලබාගත් විට පවා එහි මුද්‍රණය සඳහා නිකුත්කරන පිටපත ඔහු වෙත යොමුකර අවසර ලබාගැනීම අනිවාර්යකි.

    මින් පෙරද ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම්වරයාව සිටියදී කිසිඳු අවස්ථාවකදී දෙස් විදෙස් මාධ්‍යවේදීන්ට අවශ්‍ය පරිදි මාධ්‍ය ආවරණ කටයුතු සිදුකිරීමට අවස්ථාව නොදුන් අතර සම්මුඛ සාකච්ඡා සඳහාද ඊට පෙර ප්‍රශ්න යොමුකොට අවසර ලබාගත යුතුව තිබිණ.

    බීබීසී වැනි ජාත්‍යන්තර මාධ්‍ය ගෝඨාගේ එම ක්‍රමවේදය අනුගමනය කිරීම ප්‍රතික්ෂේප කළ අතර ඒ හමුවේ පිළිතුරු දීමට දුෂ්කර ප්‍රශ්න හමුවේ ඔහු ක්ෂණික කෝපයට පත්වෙයි.

    දේශපාලන විචාරකයන් සදහන් කරන්නේ ගෝඨාභය රාජපක්ෂගේ මෙම ස්වභාවය තවමත් පාලනය නොවීම හේතුවෙන් ඔහුව මාධ්‍ය වෙත විවෘත නොකිරීමට රාජපක්ෂ කඳවුර තීරණය කර ඇති බවක් නිරීක්ෂණය වන බවය.

  • වහාම විමසිලිමත්වන්න! ඔබේ ෆේස්බුක් ගිණුම් අවධානමක

    වහාම විමසිලිමත්වන්න! ඔබේ ෆේස්බුක් ගිණුම් අවධානමක

    ආරක්ෂක ක්‍රමවේද අවම ප්‍රමාණයක් අනුගමනය කර ඇති ෆේස්බුක් සමාජ මාධ්‍ය ගිණුම් යම් හදුනානොගත් පාර්ශවයකගේ ග්‍රහණයට පරිශීලකයන්ගේ නොදැනුවත්භාවය මත නතුවීමේ ප්‍රවණතාවයක් මේ දිනවල සිදුවන බව සමාජ මාධ්‍ය හරහා හෙළිදරව් වී ඇති බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය කියා සිටියි .

    ආරක්ෂක ක්‍රමවේද අවම ප්‍රමාණයක් අනුගමනය කර ඇති ෆේස්බුක් සමාජ මාධ්‍ය ගිණුම් යම් හදුනානොගත් පාර්ශවයකගේ ග්‍රහණයට පරිශීලකයන්ගේ නොදැනුවත්භාවය මත නතුවීමේ ප්‍රවණතාවයක් මේ දිනවල සිදුවන බව සමාජ මාධ්‍ය හරහා හෙළිදරව් වී තිබේ. මේ තත්වය පිලිබදව යම් ෆේස්බුක් සමාජ මාධ්‍ය පරිශීලකයන් ප්‍රමාණයක් අප තොරතුරු තාක්ෂණ සංගමය වෙත සිදුකරණ ලද දැනුම් දීම් පිලිබදව සොයාබැලීමේදී හෙළිදරව් වුයේ නාදුනන පුද්ගලයෙකු විසින් එවන ලද යොමුවක් හරහා ෆේස්බුක් අඩවිය හා සමාන ව්‍යාජ වෙබ් අඩවියක් වෙත පිවිස තමන්ගේ ෆේස්බුක් සමාජ මාධ්‍ය ගිණුමේ මුරපද මෙන්ම පරිශීලක නාමයන් ලබාදීම නිසා එම දත්ත නාදුනන පාර්ශවයකගේ ග්‍රහණයට ගොස් ඇති බවය.

    එම දත්ත උපයෝගී කරගනිමින් නාදුනන පාර්ශවය ඒ අදාළ ෆේස්බුක් ගිණුමට ඇතුලත් වී එම ගිණුමෙහි ඊමේල් ලිපිනය හා මුරපදය වෙනස් කිරීමට ලක් කිරීමක් සිදුකරනු ලබන අතර එතැන් පටන් එම ෆේස්බුක් ගිණුමේ පාලනය එම ගිණුමේ හිමිකරුගෙන් මිදීගොස් නාදුනන පාර්ශවය ග්‍රහණයේ ගිණුමේ හිමිකරුගේ නමින් පාලනය වේ. මෙසේ නාදුනන පාර්ශවය ග්‍රහණයට නතුවූ ෆේස්බුක් ගිණුම් නැවත ලබාගැනීමක් සිදුකල නොහැකි අතර හිමිකරුගේ පාලනයෙන් තොරවූ ෆේස්බුක් ගිණුම් ෆේස්බුක් අඩවිය වෙත වාර්තාකොට ඉවත්කිරීම වලක්වාලීම පිණිස මෙලෙස ගිණුම් ග්‍රහනයට නතුකරගන්නා පිරිස් ඔවුන් විසින් ග්‍රහණයට ලක්කරගන්නා ෆේස්බුක් ගිණුම් තාවකාලික ලෙස අක්‍රිය කොට තැබීමක් අනුගමනය කරයි.

    යම් කාලයක් අක්‍රීයව තබන ලද ෆේස්බුක් ගිණුම් යම් කාලසීමාවක් යනවිට නැවත සක්‍රිය කොට එම ගිණුම් යොදාගනිමින් එම ෆේස්බුක් ගිණුමේ සිටින ෆේස්බුක් පරිශීලක මිතුරන්ට ගිණුම් හිමිකරු ආකාරයෙන් යොමු බෙදාහැරීමක් හදුනානොගත් පාර්ශවය විසින් සිදුකරනු ලබයි. මෙසේ සමාජ මාධ්‍ය ගිණුම් හදුනානොගත් පාර්ශවයකගේ ග්‍රහණයට නතුකරගැනීම Phishing ලෙස හදුන්වනු ලබයි.යම් පුද්ගලයෙකුගේ අසභ්‍ය චායාරූප අඩංගු කොට ෆේස්බුක් ගිණුමක් යම් පිරිසක් විසින් සාදා ඇති බවත් එය ඉවත් කිරීමට ඔවුන් විසින් ලබාදෙන යොමුවට පිවිස ෆේස්බුක් මුරපද ලබාදී එම ෆේස්බුක් ගිණුමට පිවිසෙන ලෙසත් මෙම නාදුනන පාර්ශවය පවසන අතර තමන්ගේ ෆේස්බුක් මුරපද, පරිශීලක නාමයන් ලබාදීමේදී ඔබගේ වෙබ් බ්‍රව්සරයෙහි එම යොමුව www.facebook.com ලෙස සදහන් වනවානම් පමණක් ලබාදෙන ලෙසත් වෙබ් බ්‍රව්සරයෙහි යොමුව toddhelps.net හෝ වෙනත් නාමයකින් සදහන් වේනම් එවැනි යොමු සහිත වෙබ් අඩවි වලට ෆේස්බුක් මුරපද, පරිශීලක නාමයන් ඇතුලත් නොකරන ලෙසත් ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ලෙස අප ජනතාවට අවවාද කරමු.

    තවද ඔබගේ ෆේස්බුක් හෝ වෙනත් ඕනෑම සමාජ මාධ්‍ය පරිශීලක ගිනුමක ආරක්ෂාව ඉහල නැවීමට දෙවන සාධක සත්‍යාපනය නොහොත් 2 factor authentication වැනි ආරක්‍ෂිත ක්‍රම අනුගමනය කරන ලෙස ජනතාවට අප සංගමය දැනුම්දෙන අතර මෙවැනි ආරක්‍ෂිත ක්‍රමවේද සමාජ ජාල මාධ්‍ය අඩවි විසින් ඔවුන්ගේ පරිශීලකයන්ට ලබාදෙන බවත් ජනතාවට යම් ගැටළු ඇත්නම් ඒ සදහා අප සංගමය සම්බන්ධ කරගන්නා ලෙසත් අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ලෙස ප්‍රකාශ කරමු.

  • ගියවර මැතිවරණ ප්‍රකාශයෙන් 99%ක් ඉවර කරලා තියෙනවා..අපි අපේක්ෂකයා හරි වෙලාවට දෙන්නම් (වීඩියෝ)

    ගියවර මැතිවරණ ප්‍රකාශයෙන් 99%ක් ඉවර කරලා තියෙනවා..අපි අපේක්ෂකයා හරි වෙලාවට දෙන්නම් (වීඩියෝ)

    “බෙල්ලන්විල රජ මහා විහාරයේ විහාරාධිපති විසින් ඉල්ලීමක් කරලා තිබුණා, මේ ප්‍රදේශයේ පෙරහැර කාලයට පමණක් තාවකාලික විදුලි ආලෝකකරණයක් නැතිව ස්ථිරසාර වැඩපිළිවෙලක් කරන්න කියලා. ඒ ඉල්ලීම ලංවිම සමඟ එක් වී අපි මාස 2කට කලින් සිදු කළා. මේ අද දකින්න තියෙන්නේ එහි ප්‍රතිඵලය තමයි. ” යැයි විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා අවධාරණය කරයි.

    අමාත්‍යවරයා මේ බව සදහන් කළේ, ඊයේ (22) බෙල්ලන්විල රජ මහා විහාරයේ පැවති වාර්ෂික පෙරහැර මංගල්‍යයට සහභාගී වෙමිනි.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍ය කරුණානායක මහතා,

    අපි පළාත් සභා මැතිවරණයට කලින් ජනාධිපතිවරණය පවත්වනවා. අපේක්ෂකත්වය පිළිබඳ යම් යම් අයට ප්‍රශ්ණ තිබුණත් අපිට ප්‍රශ්ණයක් නැහැ. අපි හරි වේලාවට ජයග්‍රහණයට සුදුසු පුද්ගලයෙක් පත් කරනවා. අපි ගියවර ඉදිරිපත් කළ මැතිවරණ ප්‍රකාශයෙන් 99%ක් ඉවර කරලා තියෙනවා. අපිට කරන්න බැරි වුණේ විධායක ජනාධිපතිවරණය අහෝසි කරන එක විතරයි.

    මාධ්‍ය විසින් ‘ජනතාව ඔබලාගේ කර්තව්‍යයන් පිළිබඳ තෘප්තිමත් නැතැයි‘ යනුවෙන් විමසු අවස්ථාවේදී,

    ඒ ඔබ මාධ්‍ය විසින් ප්‍රකාශ කරන විදියට තමයි. ඔබලා ඒ කාලේ වැරදි කළොත් සුදු වෑන් වලින් ගෙනියනවා. ජීවතුන් අතරත් නැහැ. දැන් ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය දීලා තියෙන නිසා වෙලා තියෙන දේ හරියට පෙන්නනනේ නැහැ. “යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

  • බඳුර්දීන් සතොසට කර ඇති පාඩුව බිලියන 15 ඉක්මවයි; පෞද්ගලික නාලිකාවකට මාසිකව ලක්ෂ 15 බැගින් ගෙවලා – කෝප් කමිටුවේදී හෙළිවෙයි

    බඳුර්දීන් සතොසට කර ඇති පාඩුව බිලියන 15 ඉක්මවයි; පෞද්ගලික නාලිකාවකට මාසිකව ලක්ෂ 15 බැගින් ගෙවලා – කෝප් කමිටුවේදී හෙළිවෙයි

    දැනට කර්මාන්ත හා වෙළෙඳ කටයුතු අමාත්‍යාංශයේ පවතින සතොස ආයතනය සහල් ආනයනයේදි රුපියල් බිලියන 15 ක පාඩුවක් සිදුකොට ඇතයි ඊයේ(22) රැස්වු පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර කමිටුව හෙවත් කෝප් කමිටුව ඉදිරියේදී හෙලි කරන ලදි.

    සතොස තුල විශාල වශයෙන් සිදුවන අයථා ගනුදෙනු සම්බන්ධයෙන් කරුණු හෙලි වූ අතර අදාළ අමාත්‍යාංශය භාර ඉස්ලාම් අන්තවාදයට පණ පොවන කුප්‍රකට අමාත්‍ය රිෂාඩ් බඳුර්දීන් සම්බන්ධ යයි කියන UTV රූපවාහිනි නාලිකාවට වෙළෙඳ ප්‍රචාරක කටයුතු සඳහා යයි පවසමින් මාසිකව සතොස මගින් රුපියල් ලක්ෂ 15 බැගින් ලබාදී තිබූ බැව් ද එහිදි හෙලි විය.

    මෙම අමාත්‍යාංශය යටතේ පවතින ආයතන ගණනාවක්ම සම්බන්ධයෙන් විශාල දූෂණ චෝදනා එල්ල වන අතර පසුගිය දා එම අමාත්‍යාංශයට අයත් ලක්සල එනම් ශ්‍රීලංකා හස්ත කර්මාන්ත මණ්ඩලයද පසුගිය වසරේ දි පමණක් රුපියල් මිලියන 87.7 ක් බ්‍රෝකර්වරුන් වෙත ලබා දෙන ලෙස පවසමින් මහා මුදල් වංචාවක යෙදීමෙන් පවතින බැව් හෙලිදරව් විය.

  • ශවේන්‍ද්‍ර සිල්වාට එරෙහි විදෙස් බලපෑම් අපි තරයේ හෙළා දකිනවා

    ශවේන්‍ද්‍ර සිල්වාට එරෙහි විදෙස් බලපෑම් අපි තරයේ හෙළා දකිනවා

    නව හමුදාපති ලෙස ශවේන්‍ද්‍ර සිල්වා මහතා පත් කිරීම සම්බන්ධයෙන් අමෙරිකාව ඇතුළු බටහිර රටවල් ශ්‍රී ලංකාවට ඉල්ලකරන බලපෑම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙසත්, තමා පෞද්ගලිකවත් තරයේ හෙළාදකින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කොළඹ දිස්ත්‍රික් නායක සහ ප්‍රධාන සංවිධායක තිලංග සුමතිපාල මහතා පවසයි.

    ඊයේ (23) කොළඹ පරිවර්ථන කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් එතුමා මේ පැවසීය.

    එහිදී අදහස් දැක්වූ තිලංග සුමතිපාල මහතා සඳහන් කර සිටියේ, රටේ ජාතික ආරක්ෂක සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ගනු ලබන තීරණයකට බලපෑම් කිරීම රටේ ස්වරීත්වයට හානියක් බවත් එසේ සිදුකරනු ලබන බලපෑම් තරයේ හෙළාදකින බවත් පැවසීය.

    යුද අපරාධ සම්බන්ධයෙන් 2015 වසරේදී අත්සන් කළ ගිවිසුමෙන් මෙම බලපෑම සිදුවන්නේ දැයි මාධ්‍යවේදීයෙකු මෙහිදී නැඟු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් තිලංග සුමතිපාල මහතා සඳහන් කළේ, 2015 ඔක්තෝම්බර් මාසයේදී හිටපු විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා ඇතුළු පිරිස් අත්සන් කළ එම ගිවිසුමෙන් රටේ ස්වෛරීත්වයට අහිතරකර බලපෑම් එල්ල වී ඇති බවයි. එසේම පක්ෂයක් ලෙස අපේ ප්‍රතිපත්ති අනුව ගත් කළ මෙය රට පාවාදීමක් ලෙස දකින බවද සුමතිපාල මහතා මෙහිදී සඳහන් කර සිටියේය.

    එසේම ඉදිරියේදී මෙවැනි දෙයක් ක්‍රියාත්මක කිරීමේදී ගිවිසුම් ප්‍රකාරව අපේ විදේශ ප්‍රතිපත්තිත් එක්ක කොහොමද යන්න සම්බන්ධයෙන් අවධානය යොමුකළ යුතුවන බවද පැවසීය.