Tag: featured

  • අනේ ඡන්දය කල්දාන්න එපා… මැකෝ කථානායකගෙන් ඉල්ලයි

    අනේ ඡන්දය කල්දාන්න එපා… මැකෝ කථානායකගෙන් ඉල්ලයි

    පළාත් සභා මැතිවරණය තවදුරටත් කල් නොදමන ලෙසත් එම මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය නීතිමය පදනම හැකි ඉක්මනින් පාර්ලිමේන්තුවෙන් සකසා දෙන ලෙසත් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා කතානායක කරු ජයසුරිය මහතාගෙන් මේ පිළිබදව සාකච්ඡා කිරීම සඳහා පාර්ලිමේන්තුවේදී අද(28) උදේ කතානායකවරයා හමුවු අවස්ථාවේදී විශේෂ ඉල්ලිමක් කර ඇත.

     

  • විදුහල්පතිට ලක්ෂ දෙකහමාරක් වන්දි ගෙවන්න උතුරුමැද මහ ඇමැතිට නියෝග

    විදුහල්පතිට ලක්ෂ දෙකහමාරක් වන්දි ගෙවන්න උතුරුමැද මහ ඇමැතිට නියෝග

    උතුරු මැද පළාත් මහ ඇමති පේෂල ජයරත්න මහතා විසින් අනුරාධපුර නිවන්තකචේතිය මහා විද්‍යාලයේ පැවති උත්සවයකදී තමන්ව බුලත් අතක් දී නොපිළිගැනීම නිසා එම විදුහල්පතිවරයාට බැන වැදී , තර්ජනය කර ස්ථාන මාරු කිරීමෙන් එම විදුහල්පතිවරයා ගේ මූලික අයිතිවාසිකම් කඩවී ඇති බවට තීරණය කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඊට වන්දි ලෙස රුපියල් ලක්ෂ දෙකහමාරක් එම විදුහල්පතිවරයාට ගෙවන ලෙසද අධිකරණය උතුරුමැද පළාත් මහ ඇමතිවරයාට අද (28) නියෝග කළේය.

    රජයේ මුදලින් තවත් රුපියල් 50000 ක මුදලක් එම විදුහල්පතිවරයාට ගෙවන ලෙසද ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග කළේය.

    උතුරුමැද පළාත් මහ ඇමතිවරයා ගේ එම කක්‍රියාකලාපයට එරෙහිව නිවන්තකචේතිය විදුහලේ විදුහල්පතිවරයා ලෙස කටයුතු කළ කරැණාරත්න බණ්ඩාර මහතා විසින් ගොනු කළ පෙත්සම් විභාගය අවසන් කරමින් අධිකරණය මෙම තීන්දුව ලබා දෙන ලදී.

    එසේම මාරු කර යැවු නිවන්තකචේතිය විදුහලේ විදුහල්පතිවරයා මාස දෙකක් ඇතුළත යළි එම තනතුරේම පිහිටුවන ලෙසටද ශ්‍රේෂ්ඨාධිකරණය අදාල බලධාරීන්ට නියෝග කරන ලදී.

    ඊවා වනසුන්දර , සිසිර ද ආබෘ සහ නලින් පෙරේරා යන ත්‍රී පුද්ගල විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ලබා දෙන ලදී.

  • තෙල් මිල පාලනයට නව මිල සූත්‍රයක්

    තෙල් මිල පාලනයට නව මිල සූත්‍රයක්

    සෑම මාස තුනකට වරක් එළඹෙන පස්වන දිනයේ මෙරට වෙළෙඳ ‍පොළේ පැට්‍රල් සහ ඩීසල් මිල යාවත්කාලීන කිරීම සඳහා හඳුන්වා දෙන මිල සූත්‍රයට කැබිනට් අනුමැතිය හිමිවී ඇත.

    ලෝක වෙළෙඳ ‍පොළේ තෙල් මිලෙහි සිදුවන මිල උච්ඡාවචනයන් සැලකිල්ලට ගෙන මෙරට වෙළෙඳ ‍පොළේ තෙල් මිල සෑම මාස තුනකට වරක් මේ අනුව සංශෝධනය වීමට හෝ නොවීමට ඉඩ ඇති අතර ඉන්ධන මිල ගණන් සඳහා පිරිවැය පාදක කරගත් මිල සූත්‍රයක් හඳුන්වා දීමටත් එය 2018 මැයි මස 11 දින සිට බලපැවැත්වෙන පරිදි ක්‍රියාත්මක කිරීමටත් අමාත්‍ය මණ්ඩලය මීට පෙර අවසර දී තිබුණි. අවසන් වරට මෙරට ඉන්ධන මිල සූත්‍රයක් ක්‍රියාත්මක වූයේ 2001-2004 වසර කාලය අතරතුරය.

    ඉන්පසු එම මිල සූත්‍රය අක්‍රිය වූ අතර පසුව රජය මෙරට වෙළෙඳ ‍පොළේ ඉන්ධන මිල ගණන් ඉහළ දමනු ලැබුවේ ලෝක වෙළෙඳ ‍පොළේ තෙල් මිලෙහි සිදුවන මිල වෙනස්වීම් මතය. එහිදී ඉන්ධන මිලෙහි වැඩිවීමේ ප්‍රමාණය රජය තීන්දු කළේය.

    වත්මන් රජය මේ වන විට එක් අවස්ථාවකදී ඉන්ධන මිල ගණන් පහත දමා ඇති අතර එක් අවස්ථාවකදී ඉන්ධන මිල වැඩි කළේය. පසුගියදා රජය ඉන්ධන මිල වැඩිකරනු ලැබුවේ ලෝක වෙළෙඳ ‍පොළේ ඉහළ ගිය ඉන්ධන මිලට සාපේක්ෂව සහ ඛනිජ තෙල් සංස්ථාවේ අධික අලාභය පියවා ගැනීමටය.කෙසේ වෙතත් ඉන්ධන මිල ගණන් සංශෝධනය සඳහා මිල සූත්‍රයක් හඳුන්වා දෙන බවට රජය විසින් ‍පොරොන්දු වූ අතර ඒ අනුව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් එකී මිල සූත්‍රය මෙලෙස සකස් කර ඇත. මෙම මිල සූත්‍ර ක්‍රමවේදය වඩාත් විනිවිදභාවයකින් යුතුව ක්‍රියාත්මක කිරීම සඳහා භාණ්ඩාගාරයේ සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරීන්ගෙන් සමන්විත මිල කමිටුවක් ස්ථාපනය කිරීමටත්, එම කමිටුව සෑම මාස 3 කට වරක් එළඹෙන 5 වන දිනයේ මෙලෙස ඉන්ධන මිල ගණන් යාවත්කාලීන කිරීමටත් කැබිනට් අනුමැතිය ලබාදී ඇත. ඒ අනුව එළඹෙන අගෝස්තු 11 දා සිට මෙම මිල සූත්‍රය ක්‍රියාත්මක වනු ඇත.මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා එම අදාළ යෝජනාව කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබේ.  

  • මෙරට ආර්ථික වර්ධනය නැංවීමට ජාත්‍යන්තර වෙළෙඳපොළට යොමුවිය යුතුයි

    මෙරට ආර්ථික වර්ධනය නැංවීමට ජාත්‍යන්තර වෙළෙඳපොළට යොමුවිය යුතුයි

    ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය වේගවත් කර ගැනීමට නම් අප ජාත්‍යන්තර වෙළෙඳ පොළට යොමුවිය යුතු අතරම ජාත්‍යන්තර ආයෝජකයන්ද සෘජුවම අප රටට කැඳවාගත යුතු බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.
     
     ආර්ථික වර්ධනය යනු රැකියා නිර්මාණය කිරීම සහ ආදායම් උපදවාගැනීම බවත් අද වනවිට ආර්ථික වර්ධනයේ වගකීම සහ මූලික කාර්ය භාරය පැවරී ඇත්තේ පෞද්ගලික අංශයට බවත් අගමැතිවරයා සඳහන් කළේය.
     
     ශ්‍රී ලංකාවේ පවතින්නේ මිලියන 22 ක කුඩා වෙළෙඳපොළක්‌ බවත් එම වෙළෙඳපොළ තුළ පමණක්‌ ආයෝජනය කිරීමෙන් වේගවත් ආර්ථික සංවර්ධනයක්‌ ලබාගත නොහැකි බවත් සඳහන් කළ අගමැතිවරයා අසල්වැසි වෙළෙඳපොළ වලින් ආරම්භ කරමින් කලාපීය සහ ඉන් අනතුරුව ජාත්‍යන්තර වෙළෙඳ පොළ වෙත යොමුවීමට පෞද්ගලික අංශයේ ව්‍යාපාරිකයන් අවධානය යොමු කළයුතු බවත් එවිට අපට වේගවත් ආර්ථික සංවර්ධනයක්‌ ලබාගත හැකි බවත් ප්‍රකාශ කළේය.
     
     අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මේ බැව් පැවසුවේ කොළඹ කිංග්ස්‌බරි හෝටලයේ පැවැති ශ්‍රී ලංකා අධ්‍යක්‍ෂවරුන්ගේ ආයතනයේ 06 වැනි සමුළුවේදීය.

  • 16 කණ්ඩායම කල යුත්තේ පක්ෂ නායකයන් හමුවීම පමණක් නෙවේ… මීට වඩා ව්‍යෘප්ත වැඩපිලිවෙලකට යා යුතුයි

    16 කණ්ඩායම කල යුත්තේ පක්ෂ නායකයන් හමුවීම පමණක් නෙවේ… මීට වඩා ව්‍යෘප්ත වැඩපිලිවෙලකට යා යුතුයි

    ආණ්ඩුවේ තනතුරු අතහරින ලද තමන්ද ඇතුළු ‘16 කණ්ඩායම’ සිදුකරමින් ඇති වැඩපිලිවෙල ගැන සෑහීමකට පත් විය නොහැනි බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩබ්.ඩී.ජේ. සෙනෙවිරත්න මහතා පවසයි.

    මන්ත‍්‍රීවරයා පෙන්වා දෙන්නේ 16 කණ්ඩායම කල යුත්තේ පක්ෂ නායකයන් හමුවී සාකච්ඡා කිරිම පමණක් නොව මීට වඩා ව්‍යෘප්ත වැඩපිලිවෙලකට යා යුතු බවත්ය.තම කණ්ඩායමට අනන්‍ය දේශපාලනයක් තිබිය යුතු බවත් එසේ නැතිනම් වෙනත් පක්‍ෂයකට බැදී එය සමග දේශපාලනය කල යුතු බවත් ඔහු කියයි.

    දැනට ඒකාබද්ධ විපක්‍ෂය සමග සෘජුව සම්බන්ධ වීමට තීරණය කර ඇති බවත් ඉදිරියේදී ඔවුන් සමග වැඩ කිරිමට බලාපොරොත්තු වන බවත් ඔහු වැඩි දුරටත් කියා සිටී.

  • ප්‍රබල ජර්මනිය ග‌ෙදර යවමින් දකුණු කොරියාව ඉතිහාසගත ජයග්‍රහණය ලැබු අයුරු ම‌ෙන්න….(VIDEO)

    ප්‍රබල ජර්මනිය ග‌ෙදර යවමින් දකුණු කොරියාව ඉතිහාසගත ජයග්‍රහණය ලැබු අයුරු ම‌ෙන්න….(VIDEO)

    ලොව පුරා පාපන්දු පේ‍්‍රක්ෂකයින්ගේ සිත් මොහොතකට සලිත කරමින් වත්මන් ලෝක ශූර ජර්මනියට මෙවර පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ මූලික වටයෙන්ම ඉවත් වීමට සිදු වුණා.

    ඒ, දකුණු කොරියාව සමග පැවති තීරණාත්මක තරගයෙන් පරාජයට පත්වීම හේතුවෙන්. ලෝක පාපන්දු ඉතිහාසයේ ශූරතාවයට හිමිකම් කියන කණ්ඩායමක් මෙලෙස මූලික වටයෙන්ම ලෝක කුසලාන තරගාවලියකින් ඉවතට විසිවූ 06 වන අවස්ථාව මෙයයි.

    මීට පෙර ප‍්‍රංශය, බ‍්‍රසීලය, ඉතාලිය සහ ස්පාඤ්ඤයට ද මෙම ඉරණම අත්වි තිබෙනවා. ජර්මනිය ලෝක පාපන්දු ඉතිහාසයේ ලෝක කුසලාන තරගාවලියක මූලික වටයෙන්ම ඉවතට විසිවී ඇත්තේ 1938 වසරෙන් පසු පළමු වරටවීම ද විශේෂත්වයක්. 

    ඊයේ (28) රාත‍්‍රියේ පැවති තීරණාත්මක තරගයෙන් දකුණු කොරියාව හමුවේ ජර්මනිය පරාජයට පත්වූයේ ගෝල දෙකට බිංදුවක් ලෙසයි. ජාත්‍යන්තර තරගයකදී ලෝක ශූර කණ්ඩායමක් පරාජයට පත් කළ පළමු ආසියානු රට ලෙසට ද දකුණු කොරියාව මෙහිදී ඉතිහාසයට එක්වුණා.

    එමෙන්ම මෙවර තරගාවලියේ ඔවුන් ලැබූ එකම ජය වන්නේ ද ලෝක ශූරීන් පරදා ලැබූ මෙම ජයග‍්‍රහණයයි. මුලසිට උණුසුම් මුහුණවරක් ගත් තරගයේ පළමු මිනිත්තු 90දී කිසිඳු කණ්ඩායමකට ගෝල රැස් කිරීමට හැකි වූයේ නැහැ. 

    අතිරේක කාලය ආරම්භ වී ගත වූ තුන්වන මිනිත්තුවේදී දකුණු කොරියාව පළමු ගෝලය රැස් කළා. පීඩනය ජර්මනිය කෙරෙහි දැඩි ලෙස එල්ල වීමත් සමග ඔවුන්ගේ දැල් රකින ක‍්‍රීඩකයා ද ක‍්‍රීඩකයෙකු ලෙස පිටියට පිවිසීම එහිදී සිදු වූ විශේෂත්වයක්. එහි වාසිය හිමිකර ගත් දකුණු කොරියාව තවත් මිනිත්තු 03ක් ගතවද්දී දෙවන ගෝලය ද වාර්තා කර ගනිමින් මෙම ඉතිහාසගත ජයග‍්‍රහණය වාර්තා කළා. 

    මෙම කාණ්ඩයේ ඊයේ රාත‍්‍රියේ පැවති තවත් තරගයකින් ගෝල තුනට බිංදුවක් ලෙස මෙක්සිකෝව පරාජය කළ ස්වීඩනය ද දහසයේ වටයට සුදුසුකම් ලබාගත්තා. 

    මේ අතර ඊයේ රාත‍්‍රියේ පැවති තවත් තීරණාත්මක තරගයකින් සර්බියාව පරදා ගෝල දෙකට බිංදුවක් ලෙස ජය අත්කර ගැනීමට බ‍්‍රසීලය සමත් වුණා. මෙම තරගය ජයගැනීමත් සමග ඔවුන්ද ඊ කාණ්ඩයෙන් පෙරමුණ ගනිමින් අවසන් දහසයේ වටයට සුදුසුකම් ලබා ගත්තා. 

    ගෝල දෙකට දෙකක් ලෙස කොස්ටරිකාව සමග පැවති තරගය සමවීමත් සමග ස්විස්ටර්ලන්තය ද දහසය දෙනාගේ වටයට ඊයේ රාත‍්‍රියේ සුදුසුකම් ලබාගත්තා. මේ අතර ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ මූලික වටයේ තවත් තරග 04ක් අද (28) පැවැත්වීමට නියමිතයි. 

  • රාජපක්ෂවරයෙක්ද ඇතුළු දිවයින‌ේ ප්‍රසිද්ධ රගර් ක්‍රීඩකයින් 07කට දරුණු සමාජ රෝගයක්…..

    රාජපක්ෂවරයෙක්ද ඇතුළු දිවයින‌ේ ප්‍රසිද්ධ රගර් ක්‍රීඩකයින් 07කට දරුණු සමාජ රෝගයක්…..

    රාජපක්ෂවරයෙක්ද ඇතුළුව දිවයිනේ ජනප්‍රිය රගර් ක්‍රීඩකයින් 07 දෙනෙකුට දරුණු ගණයේ සමාජ රෝගයක් වැළදී ඇතැයි සමාජ රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු අනාවරණය කළේය.

    මෙම ක්‍රීකඩයි 07 දෙනාගෙන් සිව් දෙනෙක්ම එකම පළාත් රගර් කණ්ඩායමක් නියෝජනය කරන ක්‍රීඩකයින් වන අතර ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයින් දෙදෙනෙකුද ඒ අතර වන බව සදහන්. මෙම ක්‍රීඩකයින් සියළු දෙනාටම HPV (Human papillomavirus) හා ක්ලැමිඩියා ආසදනය, Chlamydia trachomatis නැමති රෝගකාරක වැළදී ඇති බවයි වෛද්‍ය නිගමණය වන්නේ.

    මොවුන් සියළු දෙනාම ‌ද‌ේශපාලණ ප්‍රබල‌‌ය‌ෙකුග‌ේ සමීතම හිතවතුන් බව වෛද්‍ය පරීක්ෂණ හමුවේ අනාවරණවූ බව සදහන් කල අදාල වෛද්‍යවරයා ඒ අනුව ඉදිරි දින කිහිපයේදී වෛද්‍ය පරීක්ෂණයක් සදහා ඔවුන් පැවසූ දේශපලඥයාවද සහභාගී කරවා ගැනීමට අපේක්ෂා කරන බව ප්‍රකාශ කලේය.
    සමලිංගික ඇසුරේ යෙදෙනවා නම් ඒ සදහා ආරක්ෂිත ක්‍රම භාවිතා කරන ඉල්ලා සිටි වෛද්‍යවරයා මෙලෙස අනාරක්ෂිත ලිංගික එක්වීම් මගින් සිදුවන්නේ නිකරුනේ තරුණ ජීවිත විනාශවීම පමණක් බවද අවධාරණය කලේය.
  • දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ අභිනව ගොඩනැගිලි සංකීර්ණය සහ සංඝාවාසය ජනපති අතින් සග සතු කෙරේ….

    දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ අභිනව ගොඩනැගිලි සංකීර්ණය සහ සංඝාවාසය ජනපති අතින් සග සතු කෙරේ….

    ඓතිහාසිික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ අභිනවයෙන් ඉදිකළ පිරිවෙන් ශාලා ගොඩනැගිලි සංකීර්ණය සහ සංඝාවාසය සග සතු කොට පූජා කිරීමේ සහ අභිනව වාහල්කඩ විවෘත කිරීමේ පුණ්‍යෝත්සවය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (27) පෙරවරුවේ සිදුකෙරිණි.

    ”පිබිදෙමු පොළොන්නරුව” දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන යටතේ ඉදිකෙරුණු මෙම නව පිරිවෙන් ශාලා ගොඩනැගිලි සංකීර්ණය සහ සංඝාවාසය සදහා වැය කර ඇති මුදල රුපියල් ලක්ෂ 400 කි.

    අමාත්‍ය විජයදාස රාජපක්ෂ, උතුරු මැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න, පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් රංජිත් ආරියරත්න, නාවික හමුදාපති වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ යන මහත්වරුන් සහ පළාතේ මහජන නියෝජිතයින් රැසක් මෙන්ම ප්‍රදේශවාසී සැදැහැවතුන් විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

  • ප්‍රබලයන් අභිබවමින්  2018 ලෝක සාම දර්ශකයේ ශ්‍රී ලංකාව ‌දෙවන ස්ථානයට….

    ප්‍රබලයන් අභිබවමින් 2018 ලෝක සාම දර්ශකයේ ශ්‍රී ලංකාව ‌දෙවන ස්ථානයට….

    2018 ලෝක සාම දර්ශකයේ ශ්‍රී ලංකාව ඉදිරියට පැමිණ තිබේ.

    පසුගිය වසරේ දී 72 වැනි ස්ථානයේ පසු වූ ශ්‍රී ලංකාව මෙවර 67 වැනි ස්ථානයට පත් ව ඇති අතර, 2018 ලෝක සාම දර්ශකයට අනුව දකුණු ආසියාවේ සාමය අතින් දෙවැනි ස්ථානයට පත් රට ශ්‍රි ලංකාව වන අතර පළමු ස්ථානය භූතානයට හිමි වී තිබේ. ලොව වඩා සාමකාමී රට බවට පත්ව ඇත්තේ 2008 වසරේ සිට එම ස්ථානය රැකගෙන සිටින අයිස්ලන්තයයි.

    නවසීලන්තය, ඔස්ට්‍රියාව, පෘතුගාලය, ඩෙන්මාර්කය, පිළිවෙලින් දර්ශකයේ මුල් ස්ථානවලට පැමිණ තිබේ.

    සාමකාමී බවින් අඩුම රට බවට පත් ව ඇත්තේ සිරියාවයි.

    ආර්ථික සහ සාමය පිළිබඳ ආයතන විසින් රටවල් 163ක් පාදක කරගෙන ලෝක සාම දර්ශකය වාර්ෂිකව ප්‍රකාශයට පත් කරන අතර, 2018 සාම දර්ශකයට අනුව ලෝකයේ සාමකාමීත්වය 0.27කින් පහළ බැස තිබීම විශේෂත්වයක්.

  • රාජපක්ෂවරුන්ගේ උවමනාවට සුප්‍රසිද්ධ හිමිනමක‌ගෙන් සන්ධ්‍යා ඒක්නැලිගොඩට යලිත් මරණීය තර්ජන…..

    රාජපක්ෂවරුන්ගේ උවමනාවට සුප්‍රසිද්ධ හිමිනමක‌ගෙන් සන්ධ්‍යා ඒක්නැලිගොඩට යලිත් මරණීය තර්ජන…..

    රාජපක්ෂ වරුන්ගේ උවමනාව ඉටු කිරීම සඳහා තමන්ට මරණීය තර්ජන කරන බවට චෝදනා කරන ජගත් සම්මානලාභී මානව හිමිකම් ක්‍රියාධාරිනී සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය, තමන්ගේත් තම දරුවන්ගේත් ජීවිත ආරක්ෂා කරන ලෙස ජනපති අගමැති දෙපළගෙන් ඉල්ලා සිටී.

    යුද්ධයේදී සමූහඝාතන සඳහා රසායනික අවි යොදාගත් බව හෙළිදරව් කිරීම පසුගිය පාලන සමයේ ප්‍රගීත් එක්නැලිගොඩ මහතා පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීමට හේතුවූ වග පවසන ඇය, තම සැමියා සොයා ගැනීම වැළක්වීමේ දේශපාලන අවශ්‍යතාව ඇත්තේ රාජපක්ෂවාදී බලවේග වලට බව අවධාරණය කරන්නීය.

    ඔහු අතුරුදහන් කිරීම යුක්ති සහගත කිරීමේ අවශ්‍යතාවයෙන් පෙලෙන එකී බලවේග ප්‍රගීත් ට එරෙහිව එල්ටීටීඊ චෝදනා මතු කළත්, එහි ඇති අසත්‍යතාව ආරක්ෂක බලධාරීන් විසින් අධිකරණය හමුවේ තහවුරු කොට ඇති බව සන්ධ්‍යා මහත්මිය පෙන්වා දෙයි.

    මහින්ද රාජපක්ෂ දෙවැනි වතාවට ජනාධිපති ධුරයට පත් මැතිවරණය පැවති 2010 ජනවාරියේ පැහැරගෙන යන ලද මාධ්‍යවේදී ප්‍රදීප් එක්නැලිගොඩ මහතාට අත්වූ ඉරණම හෙළිකර ගැනීමට නීතියේ පිළිසරණ සොයා යාමේදී ඔහුගේ බිරිඳට බැන වැදී අඩන්තේට්ටම් කිරීමේ වරදට සිරගත කරන ලද බොදු බල සේනානායක ගලගොඩඅත්තේ ඥාණසාර හිමි දැනට ඇප ලබා නිදහස්ව සිටී.

    උන්වහන්සේ සිරගත කිරීම සම්බන්ධයෙන් කෝපයට පත් පිරිස් මෙහෙයවමින් ජනාධිපති උපදේශක උලපනේ සුමංගල හිමි සමාජ මාධ්‍ය ජාල ඔස්සේ තමන්ට සහ දරු දෙදෙනාට මරණීය තර්ජන එල්ල කරන බව සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය කොළඹදී මාධ්‍යවේදීන් හමුවේ ප්‍රකාශ කර සිටියාය.

     තර්ජනයේ සැබෑ අරමුණ :

     එම තර්ජනයේ සැබෑ අරමුණ යුද හමුදා සාමාජිකයන් විසින් පැහැරගෙන ගිරිතලේ හමුදා කඳවුරට ගෙනයන ලද බව දැනට අනාවරණය වී ඇති ප්‍රගීත් එක්නැලිගොඩට අත්වූ ඉරණම හෙලිදරව් වීම වැලැක්වීම බව සන්ධ්‍යා මහත්මිය පැවසුවාය.

    ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයකු විදේශ සංචාරයකදී ස්වකීය දූත මණ්ඩලයට එක් කරගත් පළමු භික්ෂුව නාරාහේන්පිට ධර්මායතනයේ විහාරාධිපති උලපනේ සුමංගල හිමි ය. ඒ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ 2018 මාර්තු ජපන් සංචාරයටය.

    ටෝකියෝ නුවරදී ජනාධිපතිවරයා සහභාගිවූ නිල හමුවකට ගලගොඩඅත්තේ ඥාණසාර හිමි ද සහභාගිවී සිටියේය.

    බොදු බල සේනානායකයා විසින් 2016 දී හෝමාගම අධිකරණයේදී තමන්ට අඩන්තේට්ටම් කිරීම සම්බන්ධයෙන් ඔහු අයත් සියම් නිකායේ කෝට්ටේ පාර්ශවයේ ඉත්තෑපානේ ධම්මාලංකාර මහනාහිමියන්ට කළ පැමිනිල්ලද සංඝ සභාව විසින් නොතකා හැරීම සන්ධ්‍යා එක්නලිගොඩ මහත්මියගේ මහත් කම්පාවට හේතුවී තිබුනි.

    “පටාචාරාවක් වන මගේ ඉල්ලීම පයේ පෑගෙන දුවිල්ලක් තරම් වත් ගණන් අරගන්නේ නැතිව ඒක විසික් කරලා දැම්මා,” යි කී ඇය අධිකරණයේ සරණ පතා යාමට සිදුවූයේ ඉන් අනතුරුව බව පැවසුවාය.

    අතුරුදහන් කරන ලද සැමියා වෙනුවෙන් යුක්තිය ඉල්ලා සටන් වැදීම නිසා තමන් පීඩාවට පත් කරන බලවේග වෙනුවෙන් පෙනී ඉන්නා බවට එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් කණ්ඩායමක් ද සන්ධ්‍යා එක්නැළිගොඩ මහත්මියගේ දෝෂ දර්ශනයට ලක්විය.

    (radiogagana)

  • 2015 ඡන්දය කරන්න මහින්ද රාජපක්ෂට චීනෙන් ඩොලර් මිලියන 7.6ක් – හිලව්වට හම්බන්තොට වරාය චීනයට!

    2015 ඡන්දය කරන්න මහින්ද රාජපක්ෂට චීනෙන් ඩොලර් මිලියන 7.6ක් – හිලව්වට හම්බන්තොට වරාය චීනයට!

    2015 ජනාධිපතිවරණයේ මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වෙත චීනය විසින් අමෙරිකානු ඩොලර් මිලියන 7.6ක් ලබා දී ඇති බව  New York Times පුවත්පත පසුගිය 25 වෙනිදා අනාවරණය කළා.

    හම්බන්තොට වරායේ ඉදිකිරීම සිදු කළ China Harbour සමාගමට අයත් ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ්  (Standard Chartered) බැංකු ගිණුමකින් මැතිවරණයට දින 10 ක පෙර ඩොලර් මිලියන 3.7 චෙක් පත් මහින්ද රාජපක්ෂගේ සමීපතමයන්ට බෙදා ඇති බවත් එම වාර්තාව දක්වනවා.

    එම පුවත් පතේ දකුණු ආසියානු වාර්තාකාරියක වන Maria Abi-Habib විසින් කළ ගවේෂණාත්මක වාර්තාවක් ලෙස ඉදිරිපත් වන මෙහි සඳහන් වන්නේ දියුණු වෙමින් පවතින ලංකාව වැනි රටවල් ණය උගුල් වලට හිර කරමින් ලෝකය පුරා සිය ආධිපත්‍ය පැතිරවීමට සමත්ව ඇති චීනය දකුණු චීන මුහුදම පාලනය කළ හැකි හම්බන්තොට වරාය 99 අවුරුදු බද්දට ගැනීමේ උපායක් ලෙස මහින්ද රාජපක්ෂව උපයෝගී කර ගත් බවයි.

    හම්බන්තොට වරාය ව්‍යාපෘතිය සදහා ලබාදුන් පලමු ණය මුදල වු ඩොලර් මිලියන 307ක මුදල චීනයේ එක්සීම් බැංකුව (Exim Bank of China)හරහා වන අතර එම ණය මුදල ලබා ගැනිම සදහා චීන රජය ඉදිරිපත් කල ප්‍රබලම කොන්දේසියටද රාජපක්ෂල අවනත වි තිබේන බව එම වාර්තාව පෙන්ව දෙන අතර ඒ අනුව අදාළ ණය මුදල නිදහස් කිරිම සදහා චයිනා හාබර් සමාගමට (China Harbour Engineering Compan) කොන්ත්‍රාත්තුව ලබාදිමට රාජපක්ෂ රජය කටයුතු කර තිබේන බවයි එම වාර්තාව සඳහන් කරන්නේ.

    මැතිවරණ කාලය තුළ එම කාලය තුල ඩොලර් 678,000 ක් ප්‍රචාරණ ටී-ෂර්ට් සහ වෙනත් ප්‍රවර්ධන ද්‍රවය මුද්‍රණය කිරීම සඳහා සහ ඩොලර් 297,000 ක මුදලක් ආධාර වෙනුවෙන් බෙදා දිමටත්, කාන්තා සාරි ඇතුළු විවිධ දෑ ජනතාවට බෙදාදිමටත් ලබා දී ඇති අතර බෞද්ධ භික්ෂුවකට ඩොලර් 38,000 ක මුදලක් ගෙවා ඇති බවත් සඳහන් වේ.  මිලියන 1.7 ක මුදලක් ස්වේච්ඡා සේවකයන් හට බෙදා දිම සදහා අරලියගහ මන්දිරයට භාර දිමටද  චීන රජය කටයුතු කළ බවයි එම වාර්තාවේ සඳහන් වන්නේ.

  • මාතර වෙඩි හුවමාරුවේදී සැමියාට වෙඩි වදිද්දී බිරිඳ නිවුන් දරු ප්‍රසූතියක් සිදු කරයි…! ඔබ නොදත් සංවේදී කතාව..!

    මාතර වෙඩි හුවමාරුවේදී සැමියාට වෙඩි වදිද්දී බිරිඳ නිවුන් දරු ප්‍රසූතියක් සිදු කරයි…! ඔබ නොදත් සංවේදී කතාව..!

    පසුගියදා මාතර ස්වර්ණාභරන ආයතය කොල්ලකෑමට පැමිණි අවස්ථාවේදී මියගිය පොලිස් නිළධාරියා සහ තුවාල ලැබූ පොලිස් නිළධාරීන් රෝහල් ගත කිරීමට කටයුතු කල පුද්ගලයින් පිළිබඳව සමාජයේ පුළුල් කතා බහක් ඇති වුනා. කෙසේ වෙතත් එම අවස්ථාවේදී මාතර කඹුරුපිටය ප්‍රධාන මාර්ගයේ ගමන්ගත් බස් රථයක රිය සහයකයෙකුගේද හිස ප්‍රදේශයටද වෙඩි වැදී වෙඩි වැදී මාතර රෝහලට ඇතුලත් කර තිබුණා.

    මෙලෙස වෙඩි වැදුනු  මාතර, දම්පැල්ල, බොකුටුගහහේන ජන උදාගම්මානයේ පදිංචි ඉන්දික ලසන්ත මානගේ නම් 40 හැවිරිදි පුද්ගලයාගේ බිරිඳත් එදින දරු ප්‍රසූතියක් සඳහා මාතර මහ රෝහලට ඇතුලත් කර තිබූ අතර  ඔහුට වෙඩි වැදීම සිදුවූ වේලාවට ඉතා ආසන්න මොහොතකදී ඔහුගේ බිරිඳ මාතර රෝහලේදී නිවුන් දරු ප්‍රසූතියක් සිදුකර තිබෙනවා.

    කෙසේ වෙතත් සිය සැමියා මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබා ගන්නා බැවින් ඔහුගේ බිරිඳ,මව සහ  දරුවන් සිව්දෙනා වන විට දැඩි දුෂ්කරතාවට මුහුණ පා තිබෙනවා. මේ නිසා නොසිතූ මොහොතක වෙඩි ප්‍රහාරයට ලක්වුනු ඔහු වෙනුවෙන්ද යුතුකම සහ වගකීම ඉටුවන්නේ නම් එය යහපත් ක්‍රියාවකි.

  • ණය ගෙවාගන්න බැරිව මස් කඩයට විකිණු ගැබ්බර එළදෙනක් සමඟ පැටවුන් බේරගත් තරුණයෝ මෙන්න..

    ණය ගෙවාගන්න බැරිව මස් කඩයට විකිණු ගැබ්බර එළදෙනක් සමඟ පැටවුන් බේරගත් තරුණයෝ මෙන්න..

    මිහිඳු හිමියන් ලක්දිවට වැඩම කිරීම මගින් ශ්‍රී ලංකාවේ බුදු දහම ස්ථාපිත කල පොසොන් පුර පසළොස්වක දිනය නිමිති කරගනිමින් ලංකාව පුරා බෞද්ධ විහාරස්ථාන කේන්ද්‍ර කරගනිමින් අද දවස පුරා ආමිස හා ප්‍රතිපත්ති පූජා පැවැත් වෙනවා. ඒ අතරම රට වටා විවිධ ස්ථාවල දන්සැල්, තොරණ් ඉදිවෙද්දී ඉතාමත්ම අගය කල යුතු ක්‍රියාවක් සිදුකල තරුණයින් පිරිසකගේ තොරතුරු මාතර අකුරැස්ස ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.

    මෙලෙස වාර්තා වන්නේ අකුරැස්ස හොරගොඩ,ගොඩපිටිය වැනි ස්ථාන කිහිපයක පවත්වාගෙන යන ගව ඝාතකාගාර වල සිටි සියළු සතුන් බේරා ගැනීමේ උතුම් ක්‍රියාවක්. අමල් දිලීප නමැති තරුණයෙකු විසින් 2018.02.04 වන දින වසු පැටියෙකු මරණයෙන් බේරා මෙවර පොසොන් පොහොය නිමිත්තෙන්ද වසු පැටියෙකු බේරා ගැනීමට අදහස් කර තිබුණා. ඒ සඳහා  ඔහුට බොහෝ පරිත්‍යාගශීලීන්ගෙන් රුපියල් 226,000.00 පමණ පමණ මුදලක් ලැබීම නිසා අද පොසොන් පුරපසළොස්වක පොහොය දිනයේදී ගවඝාතකාගාර කිහිපයකම සිටි ගවයින් නිදහස් කර ගැනීමට මෙම තරුණයින් කටයුතු කර තිබෙනවා.

    අද උදෑසන කාලයේදී  අකුරැස්ස හොරගොඩ ප්‍රදේශයේ පවත්වාගෙන යන ගව ඝාතකාගාරයක් වෙත  මරන්නට රැගෙන ආ ගැබ්බර  එළදෙනක් සහ පැටවුන් දෙදෙනකු බේරාගත් අතර එම සත්වයින් වාහනයක ලීසින් වාරිකය ගෙවා ගැනීමට නොහැකිව විකුණා දමා ඇති බවයි වාරතා වන්නේ.


     

     

     

     

    උදව් කිරීමට සහ වෙනත් තොරතුරු දැනගැනීමට අවශ්‍ය අයෙක් වෙතොත් 0776466690 / 0719906690 අංකයන්ගෙන් මා අමතන්න.

  • පොසොන් පසළොස්වක පෝය

    පොසොන් පසළොස්වක පෝය

    හුදෙක් ස්වයං විනෝදය පිණිස මුව දඩයමේ යෙදී සිටි තිස්ස රජ හට “මිස්සක පව්ව” අසලදී හුදෙක් මුළු ශ්‍රී ලංකා වාසී ජනයා පිළිබදව අව්‍යාජ අනුකම්පාවකින් ජම්බුද්දී(වී)පයේ සිට වැඩි “මිහිදු” මහ රහතන් වහන්සේ ඇතුලු පිරිස(ඉට්ඨිය,උත්තිය,සම්බල,බද්දසාල යන රහතන් වහන්සේලාත්,ෂඩ් අභිඥාලාභී සුමන සාමනේරයන්ද,භණ්ඩුක නම් අනාගාමී උපාසකවරයා) මුණ ගැසුනේ මෙම පොහොය දිනයේ දීය. රජතුමා ඇතුළු පිරිස පංච සීලයේ පිහිටුවා ඔවුන් හට “චුල්ල හත්ථි පදෝපම” සූත්‍රය දේශනා කලේය. මෙඟි ඇති තවත් විශේෂයක් වනුයේ මෙම චුල්ල හත්ථි පදෝපම සූත්‍රය මිහිදු හිමියන් විසින් ප්‍රථම වරට දේශනා කරන ලද බණ වීමයි.ඉන් අවසානයේදී මේයට සහභාගී වී සිටි අනෙකුත් දෙවි දේවතා සමූහයට “සචිත්ත පරියාය” සූත්‍රය දේශනා කළහ.

    චූල හත්ථි පදෝපම සූත්‍රය පිළිබදව ස්වල්ප විග්‍රහයක් කළහොත්, මෙම සූත්‍රයෙන් අප ලොව්තුරා බුදු පියාණන් වහන්සේගේ සම්‍යක් සම්බුද්ධ භාවයත්, ධර්මයෙහි ඇති සත්‍ය භාවයත්, සංඝයා වහන්සේලා සතු අප්‍රමාණ ගුණ මහිමයත් හා ත්‍රිවිද රත්නයේම ඇති අති ශ්‍රේෂ්ඨත්වයත් පෙන්වා දෙයි. මිහිදු මාහිමියන්ගේ වැඩමවීම පිළිබද්ව තවදුරටත් සාකච්ඡා කරන කළ උන් වහන්සේ මෙරටට වැඩම කොට ඉන් පසු දින අනුරාධපුරයට වැඩම කොට රජගෙදර විශේෂ මණ්ඩපයක සිටි බිසෝවරුන් ඇතුලු 500ක් කාන්තාවන් පිරිසකට “විමානවත්ථු, පේතවත්ථු හා සච්ච සංයුක්ත” යන ධර්ම දේශනා කළහ. ඉන් අවසන “අනුලා” දේවිය ඇතුළු 500ක් කාන්තාවෝ සෝවාන් වෝ අනාගාමී විය. ඉන් දෙවන දිනයේදී රජුගේ ඇත් හලේදී රට වැසියා වෙනුවෙන් “දේව දූත” සූත්‍රය දේශනා කළහ. ඉන් අනතුරුව 1000ක් දෙනා සෝවාන් ඵලයෙහි පිහිටියහ. ඉන් පසු රාජ උයනේදී “බාල පණ්ඩිත” සූත්‍රය දේශනා කිරීමෙන් 1000ක් කාන්තාවන් සෝවාන් විය. මේ වන විට 2500කට අධික පිරිසක් මාර්ගඵල ලබා සිටියහ. තුන්වන දිනයේ දී මිහිදු හිමියන් රජමාළිගයෙන් දන් වළඳා “නන්දන” වනයෙහි වැඩ සිට “ආසීවසෝපම” සූත්‍රයද හතර වන දිනයේදී “අනමතග්ගිය සංයුක්තිය” දේශනා කළ අතර ඉන් අනතුරුව 1000ක් දෙනා ධර්ම අවබෝධය ලැබීය. පස්වන දින “ධම්ම චක්ක පවත්තන” සූත්‍රය දේශනා කළේය. එසේ දින හතක් තුළදී 8500කට අධික ප්‍රමාණයක් මාර්ග ඵල අවබෝධය ලැබීය. මෙසේ මිහිදු හිමියන්ගේ ලංකා ගමනය නිසා අනුරාධපුර මහා විහාරය ඇතිවිය. මිහිදු හිමියන් වැඩවිසූ උයන “ජෝතිය” උයන ලෙසින් හැදින් විනි. තවද පොසොන් පුන් පොහොය දිනයේ දී සිදුවූ සුවිශේෂීවු සිදු වීම් කිහිපයකි. ඉන් එකක් නම් අප මහ ලොව්තුරා බුදු පියාණන් වහන්සේ බුදු වී සිව්වන සතියේ “රුවන්ගෙයි” වැඩහිඳිමින් ධර්මය මෙනෙහි කරන බුදු පියාණන්ගේ ශරීරයෙන් ප්‍රථම වරට සවනක් ඝණ බුදුරැස් විහිදීමද, ලක්දිව ප්‍රථම මහණ උප සම්පදාව වන “භණ්ඩුක” උපාසක මහණ උප සම්පදාවද මෙම උතුම් පොහොය දිනදී සිදු විය.

  • ඉස්සර ගැහැණු 7-8 තියාගත්තු සිංහල අපි අද උසාවියේ..! අපේ ක්‍රමය අරන්ගිය සුද්දෝ අද Living Together…!

    ඉස්සර ගැහැණු 7-8 තියාගත්තු සිංහල අපි අද උසාවියේ..! අපේ ක්‍රමය අරන්ගිය සුද්දෝ අද Living Together…!

    ඉස්සර රජවරු නම් ගැහැණු 
    හත් අට සීයයක් තබා ගත්හ.

    එවා අන්තඃපුර නම් විය….

    නිළමේවරුද දෙවෙනි නොවූහ. 
    ඉදින් ගම්මුලාදෑනීන් ද

    බිරින්දෑවරු දෙතුන් දෙනෙක්ගේ 
    පහස ලැබූහ.

    සැණ – කෙළිය යන සිංහල වචනය 
    නිර්මාණය වූයේද….

    විවිධ ගම් වලින් පැමිණි 
    ගැහැණු හා පිරිමින්ට එක තැනදී 
    එක් වී දැන හදුනාගෙන……

    ප්‍රේම+ආලිංගනයේ යෙදීමට 
    අවස්ථාව සලසා දුන්

    උත්සවය හැදින්වීමට ය…..

    “සැණෙකින් කෙලීම” පසු කාලයේදී 
    සැණකෙළිය විය.

    බොහෝ සුදු ජාතික 
    සිවිල් නිලධාරීන් ලියා ඇති පරිදි

    ශ්‍රී ලාංකිකයන් ලිංගික වශයෙන් 
    වඩාත්ම ලිබරල් මත දැරූහ.

    කොටින්ම ලිංගිකත්වය 
    මැජික් එකක් නොවුණු ජාතියක් විය.

    කලාපයක් ලෙස ගත් විට 
    ආරක්ෂිතව වඩා වැඩි තෘප්තියක්

    ලැබෙන ලෙස ලිංගිකත්වය 
    භාවිත කරන අයුරු ලොවටම කියා දුන්නේ

    අපේ අල්ලපු රටේ ‘කජුරාවෝ’ ය….

    ‘කාම සූත්‍ර’ වැනි කෘති 
    රාජ්‍ය අනුග්‍රහය ලබමින්

    පරම්පාරවෙන් පරම්පරාවට 
    ලිංගිකත්වය සදහා අත්පොත් බවට පත් විය.

    යුරෝපීයන්…..
    කාන්තාවයන් මෙවලමක් ලෙස සැළකූ 
    අභාග්‍යසම්පන්න යුගයක,

    Woman on top ආදී ලිංගික ක්‍රියාකාරකම් වලදී

    කාන්තාවන්ට වැඩිම තෘප්තියක් ලබා දෙන 
    අයරු එවයේ දීර්ඝ ලෙස ලේබනාරූඪ කළේය.

    ඇතැම් ප්‍රදේශීය පාලකයින් 
    ඒවා පිළිම ලෙස නෙලීය.

    ගණිකා වෘත්තිය අපට හමු වන්නේ 
    බුදු රජුන්ගේ සමයටත් පෙරය.

    දැන් බැංකොක් ගොස්……

    බලන්නට සිදු වී ඇති ‘Bar Dance’ දැක 
    සිදුහත් කුමාරයා කලකිරුණේයෙ.

    ආශ්වාද ජනක ලිංගිකත්වය ආරම්භ වූයේ 
    මීට වසර දහස් ගණනකට පෙරය.

    ඒ දකුණු ආසියාවේ ය!

    එහෙනම් අපිට අද…………..,

    මෙහෙව් කරුමෙකට අත ගහන්නට 
    සිදු වී ඇත්තේ ඇයි……..?

    මට දැනෙන විදියට 
    යුරෝපීයන් ලිංගිකත්වයේ

    ආශ්වාදය ඉගෙන ගත්තේ අපෙනි!

    පල්ලිය හරහා තැලී පොඩිවී සිටි 
    මේ මහත්වරුන් සේද මාවත හරහා

    අපේ ඇල්ම බැල්ම ලැබීය….. 
    අද අපට ලිංගිකත්වයේ…..

    නිදහස, 
    කාන්තා අයිතිවාසිකම්, 
    ආරක්ෂිත ප්‍රජනක සෞඛ්‍ය ගැන කියා දෙන යුරෝපීය මිතුරන්ගේ සීයලා…..

    කාම සූත්‍ර දුටු විට….. 
    සිහි විකල් වී අන්ද මන්ද වී යන්නට ඇත.

    ඔවුහු ඔවුන් ළග තිබූ 
    හැම කුණු ගොඩක්ම

    පල්ලියේ දේශනාත් සමග 
    යටත් විජිත කාලයේදී අපේ රටට ගෙනත් දැමූහ.

    වසර සිය ගණනක් තිස්සේ

    නපුංසකයන්ට රාජ්‍ය අනුග්‍රහය දැක්වූ ඉන්දියානුවන්ට යටත් විජිත යුගයෙන් පසුව

    “සම ලිංගිකත්වය” අපරාධයක් නොවේ යැ’යි කියා උසාවි තීරණයක් ලබා ගන්නට

    අඩ සිය වසක් පමණ ගත විය!

    ලංකාවේ ද එක ගෙයි කාගෙන හිටපු 
    කිරි අම්මලා සුදු රෙදි උස්සාගෙන….

    කන්‍යා පටලයෙන් එන ලේ බින්දුව 
    සොයන තරමට නීච වූයේ මේ නිසා ය….

    දැන් ලංකාවේ කාටවත් මතක නෑ,

    “අපිව කසාද බැන්දුවෙ”
    සුද්දො කියල.!

    සුද්දො එන්ට කළින් මේ රටේ
    ඉතා නිදහස්, විවෘත, සරල,

    ලිංගික ජීවිතයක් තිබුනා!

    උන් උන්ගෙ රටේ තිවුන 
    එක අපිට දීල,
    අපේ එක අරං ගියා!

    අපි උසාවිවල 
    දික්කසාද නඩු කියනවා!
    ඇසිඩ් ගහගන්නවා!
    පිහියෙන් අනිනවා!

    උන් අපේ එක 
    “ලිවින් ටුගෙදර්” කියල 
    නමක් දාගෙන

    අපූරුවට පාවිච්චි කරනවා…!

  • කුපාම මහින්ද සුදු රෙද්ද පිටින්ම චීනෙට රට විකුනල සල්ලි ගත්ත හැටි නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත හෙළි කරයි

    කුපාම මහින්ද සුදු රෙද්ද පිටින්ම චීනෙට රට විකුනල සල්ලි ගත්ත හැටි නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත හෙළි කරයි

    හම්බන්තොට වරායට මුවාවී මහින්ද ගහපු හොර සල්ලි ගැහිල්ල නිව්යෝර්ක් ටයිම්ස් හෙළි කරපු හැටි

    ස්ටැන්ඩඩ් චාටඩ් බැංකුව සමග චයිනා හාබර් සමාගම පවත්වාගෙන ගිය ගිණුම තුළින් ඩොලර් මිලියන 7.6 ක මුදලක් හිටපු ජනාධිපති රාජපක්ෂගේ මැතිවරණ ව්‍යාපාරය සඳහා වියදම් කිරීමට ඔහුගේ හිතවතුන්ට ගෙවා ඇත.

    මැතිවරණ දිනයට දින 10 කට පෙර චෙක්පත් තුළින් ඩොලර් මිලියන 3. 7 ක මුදලක් ගෙවා ඇති අතර ඉන් ප්‍රචාරක තොරතුරු ඇතුළත් බැනියම් මිලදී ගැනීම සඳහා ඩොලර් හයලක්ෂ හැත්තෑ අටදහසක්ද සාරි සහ වෙනත් ත්‍යාග සඳහා තව ත් ඩොලර් දෙලක්ෂ අනුහත්දහසක් ද ගෙවා තිබේ.

    එමෙන්ම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ ව්‍යාපාරයට සහාය දැක් වූ ප්‍රසිද්ධ බෞද්ධ භික්ෂුන් වහන්සේ නමකට තව ත් ඩොලර් 38000 ක ගෙවීමක් කර ඇති බව ද එම වාර්තාවේ සඳහන් වේ.

    එමෙන්ම ඩොලර් මිලියන 1. 7 ක් වටිනා චෙක්පත් දෙකක් අරලියගහ මන්දිරයට යවා ඇති බව ද එම වාර්තාවේ දැක්වෙනු ඇත.

    සම්පුර්ණ වාර්තාව: https://www.nytimes.com/2018/06/25/world/asia/china-sri-lanka-port.html