Tag: featured

  • කුපාම මහින්ද ගොට්ලර්ට එරෙහි වෙයි – බැසිල් ශිරන්ති ජනපති සටනට…. පොහොට්ටුව දෙකඩවන ලකුණු……

    කුපාම මහින්ද ගොට්ලර්ට එරෙහි වෙයි – බැසිල් ශිරන්ති ජනපති සටනට…. පොහොට්ටුව දෙකඩවන ලකුණු……

    ගෝඨාභය රාජපක්ෂ මහතාට 2020 ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් විය නොහැකි බැවින් වෙනත් විකල්පයක් පිළිබඳව සලකා බලන ලෙස් ඇමරිකානු තානාපති අතුල් කෙෂප් මහතා හිටපු ජනාධිපතිවරයා වෙත ප්‍රකාශ කර තිබේ. මීට දින කිහිපයකට පෙර කොළඹ විජේරාම මාවතේදී මහින්ද රාජපක්ෂ මහතා හමු වූ ඇමරිකානු තානාපතිවරයා, ගෝඨාභය සම්බන්ධයෙන් සහ ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ඇමරිකානු රජයේ ස්ථාවරය පැහැදිලි කරමින් මේ බව පවසා තිබේ.
    අතුල් කෙෂප් මහතා තව දින කිහපයකින් තානාපති තනතුරෙන් සමුගෙන යාමට නියමිත අතර ඔහු රාජපක්ෂ මහතා හමුවී ඇත්තේ ඒ බව දැනුම් දී ඔහුට සමුදීම සඳහායි.
    ගෝඨාභය රාජපක්ෂ තවමත් ඇමරිකානු පුරවැසියෙකි. ඔහු සම්බන්ධයෙන් ඇමරිකානු ස්වදේශ කටයුතු අමාත්‍යංශය මුල්‍ය අපරාධයක් සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති අතර මේ නිසා ගෝඨාභයට කෙතරම් අවශ්‍ය වුවද ඇමරිකානු පුරවැසිභාවය අත්හැරීමට ඔහුට නොහැකිය. ඔහු ඒ බව හොඳින්ම දන්නා නමුත් මාස දෙකක් තුළ ඇමරිකානු පුරවැසිභාවය අහෝසි කළහැකි බව පවසමින් ජනතාව මුළා කරමින් සිටී.
    ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම වැලැක්වීම සඳහා, මහින්ද රාජපක්ෂ තුරුම්පු සොයමින් සිටි අතර දැන් ඇමරිකාව ඔහුට ප්‍රබල තුරුම්පුවක් ලබා දී තිබේ. මේ හරහා ජයගත හැකි අපේක්ෂකයෙකු සොයා ගැනීමට නොහැකි නම්, නාමල් රාජපක්ෂට සුදුසු කාලය එළඹෙන තෙක් කල්මැරීම ඔහුගේ ඒකායන බලාපොරොත්තුවයි.
    බැසිල්-ගෝටා පලහිලව්වෙන් මහින්දට රජ මගුල්
    මේ අතර බැසිල් රාජපක්ෂ මහතා ද ගෝඨාවිරෝධී අරගලය ආරම්භ කර තිබෙන අතර බැසිල්වාදීන් මේ දිනවල ඒ සම්බන්ධයෙන් ප්‍රසිද්ධ ප්‍රකාශ නිකුත් කරමින් සිටී. බැසිල්වාදී කණ්ඩායමේ මන්ත්‍රීවරයෙකු වන විමලවීර දිසානායක මන්ත්‍රීවරයා පෙරේදා (24) අම්පාරේදී ප්‍රකාශ කර ඇත්තේ ජනාධිපති අපේක්ෂකත්වය සඳහා බැසිල් රාජපක්ෂට සහයෝගය දක්වන බවයි. මීට පෙර කුමාර වෙල්ගම මහතා මෙන්ම වාසුදේව නානායක්කාර මහතා ද ගෝඨාභයට එරෙහිව ප්‍රසිද්ධියේ ප්‍රකාශ නිකුත් කළ අතර අස්ගිරි අනු නාහිමි සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් ද දැඩි විරෝධය එල්ල් කළේය.
    බැසිල්-ගෝටා බල අරගලය මහින්ද රාජපක්ෂ සිය වාසියට හරවාගෙන ඇති අතර ඔහු සිය අනුගාමිකයන් හරහා ඔවුන් දෙදෙනාටම උපක්‍රමික ලෙස පහර දෙමින් සිටී. අප මීට කලින් ද ප්‍රකාශ කළ පරිදි රාජපක්ෂ තුන්බෑයන් හේතුවෙන් ඒකාබද්ධ විපක්ෂය හා පොදුජන පෙරමුණ කොටස් තුන හතරකට කැඩී ඇති අතර ඒ නිසා මහින්ද රාජපක්ෂ සතුව තිබූ තීරණාත්මක බලය මේ වනවිට ගිලිහෙමින් තිබේ.
    මේ වනවිට ශ්‍රීලනිප 16 කණ්ඩායම මහින්ද රාජපක්ෂ සමග එක්ව ඇති අතර ඔවුන් රිසි සේ බැසිල් කණ්ඩායමට ප්‍රහාර එල්ල කරමින් සිටී.
    උදයංග වීරතුංග තුරුම්පුව
    හිටපු ජනාධිපතිවරයා පසුගියදා ප්‍රකාශ කළේ රතු වරෙන්තු නිකුත් කර තිබෙන උදයංග වීරතුංග ගෙන්වා ගැනීමට රජය අපොහොසත් වී ඇතත් ඔහු ගෙන්වා ගැනීමට තමන්ට හැකියාව තිබෙන බවයි. උදයංග වීරතුංගට ලංකාවට පැමිණෙන ලෙසට දැනුම් දී ඇති බව ද වාර්තා වේ. ශූර දේශපාලන කපටියෙකු වන මහින්ද රාජපක්ෂ මෙය කටට ආ පාලියට කළ ප්‍රකාශයක් විය නොහැකිය. උදයංග වීරතුංගට එල්ල වී ඇති චෝදනා හරහා සෘජුවම ගෝඨාභය රාජපක්ෂ කොටුකළ හැකි අතර මහින්ද මේ සූදානම් වන්නේ ඒ සඳහායි.
    ඒ අනුව මහින්ද රාජපක්ෂ මේ දිනවල ගෝඨාභයට එරෙහිව සියලු තුරුම්පු එකතු කර ගනිමින් සිටින අතර ඔහු ඒවා ඔහුට අවශ්‍ය මොහොතේදී එළියට දැමීමට සූදානමින් සිටී.
    ගෝටා හුදෙකලා වෙයිද ?
    බැසිල්-මහින්ද දෙබෑයන් එක්ව හා වෙන වෙනම සිදුකරන දේශපාලන ගේම් හේතුවෙන් මේ වනවිට ගෝඨාභය රාජපක්ෂගේ කඳවුර ක්‍රමයෙන් හීනවෙමින් යන අතර ඒකාබද්ධ විපක්ෂය තුළ සෘජුවම ගෝඨාභය හිතවාදී ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නේ විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල පමණි. එහෙත් මහින්ද සහ බැසිල් නොමැතිව ඔවුන් දෙදෙනාටම පැවැත්මක් නොමැත. ඒ අනුව තීරණාත්මක මොහොතකදී ඔවුන් දෙදෙනා ද බැසිල්ට හෝ මහින්දට එක්වනු ඇත.
    අනෙක් පැත්තෙන් වියත් මග සංවිධානයේ ක්‍රියාකාරීන් බහුතරයක් ෂැන්ග්‍රි-ලා සම්මන්ත්‍රණයෙන් පසුව ගෝඨාභය සමග විරසකව සිටින අතර මේ දිනවල පවතින දේශපාලන වාතාවරණය සහ මහින්දගේ කුමන්ත්‍රණ හේතුවෙන් තවදුරටත් ගෝඨාභයගෙන් විතැන් වෙමින් සිටී.
  • බටහිර ඉන්දීය කොදෙවු කණ්ඩායම පරදා ලංකාව කඩුලු 06කින් තරගය ජයගනී… කුසල් යලිත් පිටියට…..

    බටහිර ඉන්දීය කොදෙවු කණ්ඩායම පරදා ලංකාව කඩුලු 06කින් තරගය ජයගනී… කුසල් යලිත් පිටියට…..

    බටහිර ඉන්දීය කොදෙවු කණ්ඩායම පරදා ලංකාව කඩුලු 06කින් තරගය ජයගනී… කුසල් යලිත් පිටියට…..

    https://www.youtube.com/watch?v=9mK1QawINjA

  • මාධ්‍ය සංදර්ශන නැතිව වැඩ කරන, ජනතාවග‌ේ පිනට පහළ වු දුප්පතාගේ නායකයා ජනපති ‌ම‌ෛත්‍රි….

    මාධ්‍ය සංදර්ශන නැතිව වැඩ කරන, ජනතාවග‌ේ පිනට පහළ වු දුප්පතාගේ නායකයා ජනපති ‌ම‌ෛත්‍රි….

    මා එක්ක අමනාපයක් තියෙනවා නම්, මට වෙඩි තියලා මාව ඝාතනය කළාට කමක් නෑ. ඒත් මම පුංචි කාලේ ඉඳලා ආරක්ෂා කරගෙන ආව මගේ චරිතය ඝාතනය කරන්න එපා’

    එහෙම කීවේ රණසිංහ ප්‍රේමදාස ය. කෙළවරක් නොවන විවේචන, නින්දා, අපහාස, උපහාස සහ ගැරහුම් ඉවසාගෙන, දරාගෙන බැරිම තැන ඔහු එහෙම කීවේය. ‘මගේ චරිතය ඝාතනය කරන්න එපා’ කියන කතාව අදටත් එදා වගේම ජනප්‍රිය ය. නිදහසින් පසු මෙරට බිහිවූ ජනාධිපතිවරුන් අතරින් පොඩි මිනිහාට වඩාත් ම සමීප වෙමින් පොඩි මිනිහා නියෝජනය කළ ජනතා නායකයකු ලෙස ජනපති ප්‍රේමදාස ප්‍රකට ය. අන්ත දරිද්‍රතාවයේ පතුලෙහි සිටි මිනිසුන් ඉන් ඔසවාලීමට රෑ දවල් තිස්සේ කැපවූ නායකයකු ලෙස ප්‍රේමදාස ප්‍රකටය.

    නොවිය යුතු යම් යම් දෑ ඔහුගේ කාලයේ සිදුවිණිද, ඒවාට කිසියම් ඓතිහාසික වටපිටාවක් තිබිණි. නමුත්, පොදුජන හදවත් වලට සමීපව, නැති බැරි අය ඇති හැකි අය කිරීම උදෙසා අවංක උත්සාහයක් ගත් වෙනත් නායකයකු ඉන් පෙර සිටියා නම් එය අතිශය දුර්ලභ තත්ත්වයකි. සමාජ දේහයේ පතුල හොඳ හැටි හැඳින මෙරට ඉහළ පුටුවට ගිය නායකයන් අතර ප්‍රේමදාස ජනපතිට පසු හමු වන්නේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ය. එදා ප්‍රේමදාස ජනපතිට කියන්නට සිදු වූ දේම ඊට සමාන අර්ථයකින් අද සිරිසේන ජනාධිපතිවරයාට කියන්නට සිදුව තිබේ.

    “සමහර අය මට එළිපිට ගහනවා. සමහරු රහසේ ගහනවා. සමහරු විවෘතව ගහනවා. සමහරු අභ්‍යන්තරව විවෘත නොවන විදියට ගහනවා. මම ඒ හැමෝගෙන්ම අහනවා මම පුංචි මිනිහෙක් නිසාද එහෙම කරන්නේ?”

    මේ මෛත්‍රීට කියන්නට සිදුවී තිබෙන කතාවය. ප්‍රේමදාසගේ කතාවේත්, මෛත්‍රීගේ කතාවෙත් ලොකු වෙනසක් නැත. දෙදෙනා තෝරාගත් දේශපාලන කඳවුරු දෙක දෙකකි. දෙදෙනා ගියේ දෙදෙනාට අනන්‍ය සහ දෙදෙනා වෙන්ව විශ්වාස කළ දේශපාලන ගමනක් ය. එහෙත් දෙදෙනාටම සතු වූ පොදු ගති ස්වභාවයන් ‘රැසක්’ම තිබිණි.

    ප්‍රේමදාස ජනාධිපතිවරයා රදල වාදයට කුඩු වෙන්න ගැහුවේය. ඒ එක්කම අන්ත අසරණ ජනතාව අබියසට ගොස් ප්‍රශ්න වලට උත්තර හෙව්වේය. ජනපති මෛත්‍රීද රදලවාදය එක්ක හැප්පුණේය. ඔහු පෙරළා දැමුවේ රදලවාදය ඉක්මවා ගිය ‘නූතන මිලිටරි’ පන්නයේ රෙජිමයක් ය. එය නිදහසින් පසු කිසිදු ආණ්ඩුවකට වඩා ප්‍රබල අනුහස් සහිත ආණ්ඩුවක් පෙරළා දැමූ විරලම අවස්ථාව විය. ‘මාත් එක්ක හැප්පෙන්න ජගතෙක් ආසියාවෙවත් නෑ’ කියා පුරසාරම් දෙඩූ රාජපක්ෂ ආණ්ඩුව පෙරළා දමනු තබා ඔහුට එදිරිව ඡන්දෙට එන්න ප්‍රතිවාදියෙක් සොයා ගැනීම පවා බිහිසුණු අභියෝගයක් විය. ඊට වසර 5ට පෙර ඔහුට එදිරිව පෙරට ආ ‘යුද්දය මෙහෙයවූ රණ ශූරයා’ වූ සරත් ෆොන්සේකාට අත් වූ ඉරණම ඇසූ කිසිවෙක්, මහින්දලාගේ ‘බොකාසා පන්නයේ’ ආණ්ඩුවට එරෙහිව පෙරට ආවේ නැත. ‘කවුරු දැම්මත් එදා දිනනවා’ කියා ප්‍රලාප දොඩවන කිසිවකු පැරදුණා නම් එහෙම කියන්නේ නැත. එ හෙම පුරසාරම් දොඩන්නන් ‘කවුද මම එක්ක එන්නේ?’ කියා මහින්ද අභියෝග කරද්දී සිටියේ ‘මොකද කරන්නේ?’ කියමින් දස අතේ කල්පනා කරමිනි.

    ප්‍රේමදාස ‘නිවාස වැඩපිළිවෙළ’ කරගෙන ගියේ අනේකවිධ පීඩා මැදය. අයවැයෙන් සත පහක් මේ වැඩේට වෙන් නොකරන විට ප්‍රේමදාස ලෝකේ පුරා ගොස් මේ වැඩේට උදව් ඉල්ලුවේය. කවුරුවත් උපකාර කළේ නැත. අන්තිමට ඔහු ‘සෙවණ’ කියා ලොතරැයියක් පවා නිකුත් කළේය. ‘ලොතරැයි විකුණලා ගෙවල් හදන්න පුළුවන්ද?’ සමහරු උපහාසයෙන් ඇසීය. හැබැයි ප්‍රේමදාස වැඩේ කළේය. ඔහුගේ කකුලෙන් ඇද්ද, ඔහුට සිනාසුණ සමහරු ඒවා විවෘත කරද්දී නම් මූණු දාගන්න පැමිණියහ. මෛත්‍රීටත් වුණේ ඒකමය.

    ‘අපි වවමු රට නඟමු’ කියන නිර්මාණශීලී වැඩේ මෛත්‍රීගේ ය. එය ගමින් ගම ව්‍යාප්තව ප්‍රචලිත වන විට ඒ ආණ්ඩුවේ ‘බලධාරී පවුල’ට ඊරිසියා හිතිණි. පවුල් කල්ලිය පිස්සු නටන විට මෛත්‍රීගේ වැඩේ සාර්ථකත්වය ඔවුන්ගේ වලට කටු අනින්නක් විය. අන්තිමට ‘අපි වවමු රට නඟමු’ මෛත්‍රීගෙන් ගලවා ‘ආර්ථික කටයුතු’ අමාත්‍යාංශයට ගත්තා පමණක් නොව කෘෂිකර්මයද ගලවා ගත්තේය. ‘අපි වවමු රට නඟමු’ ඉන් පසු ‘පුස් ඇට’ බෙදිල්ලක් බවට පත් කොට වනසා දැම්මේය.

    මෛත්‍රී ස්වකීය දේශපාලන ජීවිතය තුළ දුටුවේ ‘ජනතා වන්දනාවකි’. මහින්ද දුටුවේ ‘ස්වයං පුද්ගල වන්දනාවකි. අසූ රියන් බුදු පිළිම නෙළන රටේ එකසිය හැට රියන් ‘කටවුට්’ මහින්ද වෙනුවෙන් අහස අල්ලන්නට සැරසෙමින් තිබිණි. විමල් වීරවංශ වැන්නන් මහින්ද නැමැති බැලුමට, සුළං පිබිමින් උන්හ. ‘ආයු රක්ඛන්තු ආවඩා’ කියා මහරජෙක් ‘ අන්දවා තිබිණි. රට පුරා ඉදි වන වැසිකිළි පවා මහරජුගේ නමින් ඉදිවිය. ‘මහින්ද’ නම කොතැන හෝ පැටැලෙන ලෙස ඒවා නම් කළ යුතු විය. අන්තිමට දරුවන්ට ඉදි කළ තාක්ෂණික ගොඩනැගිල්ල පවා ‘මහින්දෝදය’ විය. සියලු අමාත්‍යවරුන් සිය අමාත්‍යාංශය ‘බැබළෙන’ තැනට ගෙනාවොත්, එය එකී අමාත්‍යාංශය ඔහුට ‘අහිමි වීමට’ හේතුවක් විය. ජනවාරි අට ඒ බැලුම පුපුරා ගියේ ‘අනුහාස­ාත්මක’ නායකත්වය දෙදරා යමින් ය.

    මෛත්‍රී එකී ‘රෙජිම් කතුරට’ හසු වූ අමාත්‍යවරයෙක් විය. කෙසේ වෙතත් සොබාදහම ඓතිහාසික කාර්යභාරයක් ලබා දෙයි. එය මීට දෙවසරකට පෙර මෛත්‍රීට හිමි විය. ස්වකීය දේශපාලන ජීවිතයේ දුටු ‘මානවවාදී සිහින’ ඉටු කරන්නට සොබා දහම ඔහුට ඉඩ විවර කොට දී තිබේ. ඔහු මුලින්ම කළේ තමා පත් කළ ජනතා අපේක්ෂා වෙනුවෙන් මැදිහත් වීමය. මොන තරම් විවේචන, ගැරහුම් අපවාද තිබුණද ඔහු ‘පක්ෂ දෙක එකට ‘යන ගමනට වැට බැඳ නැත.

    මෛත්‍රිෙග් දේශපාලන දිවියේ ලොකුම සිහිනයක් වූයේ ‘මොරගහකන්ද’ ව්‍යාපෘතිය ය. නිදහසින් පසු මෙරට සිදු කළ ‘ප්‍රකටම ‘වාරි සහ සංවර්ධන ව්‍යාපෘතිය ‘මහවැලි සංවර්ධන’ව්‍යාපෘතිය ය. එය තාමත් කීරිතිමත් ඉතිහාසයක් ලෙස බැබළෙමින් තිබේ. මොරගහකන්ද එහි කූටප්‍රාප්තිය ය. එහෙත් එය රටේ ‘මුල් පුවතක්’ බවටවත් පත් වූයේ නැත. අද නීල දිය කඳක්ව ශෝබමානව දිදුලන්නේ දශක හතරකටත් වැඩි කාලයක්‌ තිස්‌සේ සැලසුම්වලට පමණක් සීමවී තිබූ සිහිනයක් ය. විවිධ ආණ්‌ඩු යටතේ කතාවට ලඝූ වී ඉහළ-පහළ ගිය “මොරගහකන්ද” ජලාශය දෙවැනි වන්නේ ගාමිණී දිසානායක පණ දුන් ‘මහවැලියට’ පමණි. වස්සානයේ මහා වර්ෂාවෙන් ඉතිරි කෑ ගසාගෙන මුහුදට ගලා යන අඹන් ගඟේ ජලකඳ ලක‍්ෂ සංඛ්‍යාත ජනයාට ‘හුස්ම ගෙනෙන’ පින්කමක් බවට පත් කිරීමට මෛත්‍රීට අවශ්‍ය විය.

    නියං සායේ වියරු සර්පයා කුරිරු ලෙස දෂ්ට කළේ රජරටට ය. එකී විසෙන් නිරන්තර හෙම්බත්වන්නෝ, රජරට ගොවියෝය. ජාතියට බත සපයන ගොවියෝ නියන් සර්පයාගෙන් බැට කන විට ඉන් ජාතියම රෝගී වීම අරුමයක්ද…? මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා දකින්නේ ඒ රෝගී ජාතිය නිරෝගී කිරීමේ ප්‍රතිකර්මය ය.

    තම දේශපාලන ජීවිතය තුළ මෛත්‍රී නොසන්සිඳන සිහිනයක් දුටුවා නම් ඒ මොරගහකන්ද බහුකාර්යය යෝජනා ක්‍රමය ය. උතුරු මැද, උතුර සහ නැගෙනහිර පළාත්වල ලක‍ෂ සංඛ්‍යාත ජනතාවගේ පානීය ජල අවශ්‍යතාව සපුරාලීම සඳහා මෙන්ම රටේ ජලවිදුලිබල නිෂ්පාදනය ශක්තිමත් කිරීමටත් මොරගහකන්ද ජලාශය ඉදිකිරීම මෛත්‍රී තුරුණු වියේ සිට ම හදවතින් දුටු සිහිනයකි. 2007 ජනවාරි මස 25 වෙනි දින මෛත්‍රී ඒ සිහිනයට මුල්ගල තැබුවේ ය.

    අනුරාධපුර, පොලොන්නරුව දිසා මුල්කරගෙන රජරට ජල හිඟය දුරැලීම සඳහා ඇති සාර්ථකම විසඳුම මොරගහකන්ද ව්‍යාපාරය කඩිනමින් ආරම්භ කිරීම බව ඔහු කාලාන්තරයක සිට විශ්වාස කළේ ය. වගා පාළුවෙන් ජල හිඟයෙන් අප්‍රමාණ දුක් විඳින රජරට ගොවි ජනතාවට අප්‍රමාණ අස්වැසිල්ලක් උදෙසා මේ ව්‍යාපෘතිය සිදු කළ යුතුම බවට ඔහු දැඩිව අදිටන් කරගත්තේ ය. කුප්පි ලාම්පු එළියෙන් ජීවිතය ගෙවන දුගී දුප්පත් ජනතාවගේ ගෙපැලට ආලෝකයක් රැගෙන ආ යුතු යැයි ඔහු විශ්වාස කළේ ය.

    මහවැලි ව්‍යාපාරයේ සංවර්ධන සැලැස්මේ සුවිශේෂි ස්ථානයක් හිමි අඹන් ගඟ හරස්කොට ජලාශ දෙකක් ඉදි කිරීමට නියම වූ අතර, එහි පළමුවැන්න බෝවතැන්න ජලාශයයි. දෙවැන්න මොරගහකන්ද ජලාශයයි. මොරගහකන්ද ජලාශයේ ඉදිකිරීම් කටයුතු සඳහා සමගි පෙරමුණු රජයේ වාර්මාර්ග විදුලිබල හා මහාමාර්ග අමාත්‍ය ධූරය දැරූ මෛත්‍රීපාල සේනානායක මහතා විසින් සැලසුම් කළේ ය. එහෙත් 1977 සමගි පෙරමුණ ආණ්ඩුව පරාජය වීම නිසාවෙන් එම සැලසුම් සේදී ගියේ ය. කෙසේ නමුත් මෛත්‍රී ‘මොරගහකන්ද සිහිනය’ අත්හැරියේ නැත. අඹන් ගඟ ඔස්සේ කිසිදු ප්‍රයෝජනයක් නොමැතිව මුහුදට ගලා ගිය මහා ජලකඳ උතුරු මැද, නැගෙනහිර ගොවි ජනතාවගේ වියළි බිම් සරු කරන්නට යොදා ගතහැකි බවත්, පිපාසාව සංසිඳුවාලන්නට යොදා ගත හැකි බවත් මෛත්‍රී තරයේ විශ්වාස කළේ ය.

    ගමේ නායකයා, රට ගැන හිතන නායකයා, යනාදී ලෙස වයිවාරණ සැරසිලිවලින් පුද ලබන රාජපක්ෂලා මේ මහා පින්කමට ‘එරෙහි වූ’ හැටි එදා මෛත්‍රී වේදනාවෙන් කීවේය. ‘2007 ජනවාරි 25 වෙනිදා මේ ව්‍යාපාරයට මුල් ගල් තියලා උත්සවයක් තියලා මහා බලාපොරොත්තු ඇතිව පටන් ගත්ත මේ යෝධ ව්‍යාපෘතිය රජරට ජනතාවගේ කදුළු පිසදමන්න, ඒ අවට අනෙක් ප්‍රදේශවල ජනතාවගේ දෛනික ජීවිතය ශක්තිමත් කරන්න, ජාතික ආර්ථීකය පුළුල් කරන්න. මේ රටේ ශක්තිමත් යෝධ ව්‍යාපෘතියක් විදිහට පටන් ගත්තේ ජනවාරි 25 වෙනිදා, එතකොට මම මහවැලිය භාර ඇමැති. ඊට දවස් දෙකකට පස්සේ ඇමැති මණ්ඩල සංශෝධනයක් ආවා. ඒ ඇමැති මණ්ඩල සංශෝධනයට කලින් දවසේ මට කිව්වා මහවැලි විෂය ඔබෙන් අයින් කරනවා කියලා.

    මම කිව්වා දැන් දවස් දෙකකට කලින් මේ යෝධ ව්‍යාපෘතියේ වැඩ පටන් අරගෙන, මහවැලිය මගෙන් අයින් කරනවා නම් පටන් ගත්ත වැඩට මොකද වෙන්නේ කියලා. මේක රජරට ජනතාවගේ බලාපොරොත්තුව, මේ ව්‍යාපෘතිය මා කෙසේ හෝ කළ යුතුයි කියලා. මගේ දැඩි ඉල්ලීම මත මගෙන් ඉවත් කළ අමාත්‍යංශය පැය 48කට පස්සේ නැවත ලැබුණා. ළඟ හිටපු බැසිල් රාජපක‍ෂට කිව්වා ඔන්න ඒක දීලා දානවා කියලා. ජනවාරි 28 වැනිදා නැවත ගැසට් කළා. මට මහවැලිය, නමුත් අවුරුදු 05 ක් යනකන් සල්ලි දුන්නේ නැහැ මේ ව්‍යාපෘතිය කරන්න.

    මම 2007 මෙතැන වැඩ පටන් අරගෙන මට අමාත්‍යංශය ආපහු ගැසට් කළාට පස්සේ මම ජපන් ජයිකා සමාගමත් එක්ක කතා කළා. ජයිකා ආයතනය කැමති වුණා සල්ලි දෙන්න. එය ප්‍රතික්ෂේප කළා ඉහළින්. ඊට පස්සේ චීන රජය සමඟ මම කතා කළා. ඒ ආයතනවලින් එකඟතාව පළ කළා. නමුත් විදේශ සම්පත් දෙපාර්තමේන්තුවත්, කැබිනට් මණ්ඩලයත් මේ යෝජනා පිළිගත්තේ නැහැ, ප්‍රතික්ෂේප කළා. අවුරුදු 05 ක් මේ ව්‍යාපෘතිය කෙරුණේ නැහැ. 2007 ජනවාරි 25 වැඩ පටන් ගත්ත මේ ව්‍යාපෘතියේ වැඩ අවසන් වෙන්න තිබුණේ 2012 වසරේ.’

    මොරගහකන්ද ස්‌ථිරව හදනවාද, නැද්ද යන “වැටඋඩ” තීන්දුවට තිත තබමින් “හදනවා” යන තීන්දුව ගත් මෛත්‍රී මෙරට ඉතිහාසයේ ‘සද්දන්තම’ සංවර්ධන ව්‍යාපෘතිය ‘ලොකු හාහූවක්’ නැතිවම හමාර කළේය. බස් නැවතුම්පළක් හදන්නට මුල් ගල තියද්දීත් සද්දෙට ‘ඇඩ්වර්ටයිසින්’ කළ ඉතිහාසයක් ඇති රටක යහපාලන ආණ්ඩුව රටින් අඩක් සශ්‍රීක කළ දියවර උදානය සිදු කළේ ‘සද්ද’ නැතිවමය. මෛත්‍රී ‘වැඩ’ කරන හැටි වටහා ගන්නට එයම ප්‍රමාණවත් ය.’සද්ද නැතිව වැඩ’ කිරීමේ කලාව ඔහු මොනවට පසක් කළේය. මෛත්‍රී ‘ගමින් ගමට’යන කටයුත්ත ආරම්භ කළේත් සද්ද නැතිවය. එය ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ ‘ජනපති ජංගම සේවය’ඉක්මවා ගිය මට්ටමේ ‘ජනතා සමීප’ කටයුත්තක් විය.

    ඉකුත් වකවානුවේ ස්වකීය අවසන් සමයේ ‘රාජපක්ෂලා’ ගෙන ගිය මට්ටමේ ‘පුරාජේරු සහගත ආඩම්බර බවක්’ එහි නොවීය. ග්‍රාම ශක්තියෙන් ගම හදන ගමන වැඩසටහන ඔහුගේ අලුත්ම ව්‍යාපෘතිය ය. හුදෙක් එය මානවීය කටයුත්තක්ය. අරුමෝසම් වලින් සහ ව්‍යාජ කෘතිම බවකින් මිදුණු ළෙන්ගතු වැඩක් ය. වැවේ, පාරේ, ගමේ, පාසලේ සිට තමන්ගේ ජීවනෝපායන්ට අදාළව මෙතෙක් විසදුම් ලබාගැනීමට නොහැකි වූ බොහෝ ප්‍රශ්න කෙරෙහි රටේ නායකයා ලෙස ඉදිරිපත් වීම අපූරුය. එවක පාලකයා සේනාව පිරිවරා එනවිට ,ඊට පෙර ‘සූදානම් කරන ලද සිඟිත්තන් ‘ඔහුට වඩා ගන්නට දීම ‘සිරිතක්’ විය. දින ගණං සොයා බලා, පස් මහ බැලුම්ද බලා තෝරා ගන්නා දරුවා දෝතට ගත් විට හෙතෙම ‘අප්පච්චී’ බවට අබිසෙස් නැංවීය. ව්‍යාජත්වය මොන තරම් ‘ක්‍රියේටිව්’ විදිහට එකල ‘මාර්කට්’ කළේද?

    එහෙත් මෛත්‍රීගේ ගමන එකී ව්‍යාජත්වයෙන් තොරය. වටින්නේ අන්න ඒකය. ඔහු ඔහුට ලැබුණු කටයුත්ත මනාව මතු කළේය; ඉටු කරමින් සිටින්නේය. සෙස්සෝ සිහින දකින්නේ 2020 මොකද කරන්නේ කියාය; ඔහු සිහින දකින්නේ ‘මේ මොහොතේ’ රටට ඉටු කළ යුත්තේ කුමක්ද කියාය. වෙනස ඒකය. ඔහු බොහෝ දෙනෙක් බෑ කී දේ සැහැල්ලුවෙන් සේම පහසුවෙන් කළේය. බලවත් රෙජිමය ගෙදර හැරියේය; විධායක බලය අත් හැරියේය; මොරගහතැන්න නිම කළේය; දුම් වැටියට වැට බැන්දේය. පක්ෂ දෙක එකට එක් කරගෙන ගමන ගියේය. අද ගමින් ගමට ගොස් ජනතා ගැටලු විසඳන්නේය. එහෙත් ඔහුට ගහන මඩ වල ඉවරයක් නැත. තමන්ට එරෙහිව පහර දෙන ප්‍රතිගාමීන්ගෙන් මෙහෙම අසන්නට මෛත්‍රිට සිදුවී තිබෙන්නේ ඒකය. ‘මම ඒ හැම කෙනෙකුගෙන්ම අහනවා, ඇයි මට ගහන්නේ මම පුංචි මිනිහෙක් නිසාද, මේ රටේ ජනාධිපති ධූරයට පත් වූ හය දෙනාගෙන් මම තමයි මේ රටේ පැල්පතින් ආපු, කුඹුරෙන් ආපු ජනාධිපතිවරයා කියන එක මම පැහැදිලිව කියනවා.

    මට ගහන්නේ මම ප්‍රභූ පන්තියේ නොවන නිසාද, මට ගහන්නේ මම ධනපති පන්තියේ නොවන නිසාද, මට ගහන්නේ මගේ තාත්තා දුප්පත් ගොවියෙක් නිසාද, මට ගහන්නේ මගේ තාත්තා දෙවන ලෝක යුද්ධයේ සටන් කළ රණවිරුවකු නිසාද, මට ගහන්නේ මගේ තාත්තාගේ අක්කර පහෙන් යැපිලා පාර්ලිමේන්තුවට ආපු එතැන් සිට ජනතාවගේ සියලු වගකීම් සමඟ ඉදිරියට ආ පුංචි මිනිසෙක් නිසාද’ඔහු විමසන ඒ පැනය සැබවින්ම අතිශයින්ම සාධාරණය.

  • පොසොන් කාලයට අනුරපුර පුජා නගරය වෙළාගන්නා අමුතු සල්ලාල ලෝකය ගැන ඇත්ත ම‌ෙන්න……

    පොසොන් කාලයට අනුරපුර පුජා නගරය වෙළාගන්නා අමුතු සල්ලාල ලෝකය ගැන ඇත්ත ම‌ෙන්න……

    නිරිතදිග මෝසමෙන් ‘රැගෙන එන‍ෙහිරිකඩ වැස්ස නගර කලාපය සැරෙන් සැරේ දියබත් කරයි. අහස් වියනට යටින්, කඩ පේළි අතර හරස්වට ඉහළ නැඟුණු ෂඩ් වර්ණ පාලම් කොඩි හිටිගමන් එන පොසොන් සුළඟින් සලිත වෙයි.

    මේ සියල්ල අතරේ ප්‍රකටම පුද්ගලයා අන් කිසිවෙක් නොව,’බෙග් මාස්ටර්’ය.’වෙසක් පොසොන් සමයේ වැඩියෙන්ම කාර්‍යබහුල වන්නේ ඔහුගේ පිරුණු, බරසාර ස්වරය ය.අනුරාධපුරයේ දැන් ඉඳලාම ඒ ස්වරය උස්ව නැගෙමින් තිබේ.

    ඔබෙ රාගී මන කැලඹේ හා
    පිවිතුරු හදවත පෑරේදෝ….
    එම විට පවසනු මුවින් ඔබේ
    බුද්ධං සරණං ගච්ඡාමී
    ධම්මං සරණං ගච්ඡාමී….!!!

    මාස්ටර්ගේ ‘බර හඬ’ අතීත චමත්කාරයත්, වර්තමාන කම්පනයත් කැටුව නින්නාද දෙයි. අනුරාධපුරය පොසොන් පෝයට සූදානම්ය. තැන තැන නැගෙමින් ඇති තොරණ, පහන් කූඩු, දන්සල් පොසොන් උළෙල සඳහා සැරසෙමින්ය. සැදැහැවත් බැතිමත්හූ සැලකිය යුතු පිරිසක් දැන්ම තියාම නගරාශ්‍රිතව සැරිසරති.

    පොසොන් සමයට ‘ඇහැරුණු නගරයක් වන්නේ’ අනුරාධපුරයය. ඒ නිසාම අනුරාධපුර කාර්යබහුල වෙලාය. දශ ලක්ෂාධික සැදැහැවතුන් වන්දනාවට ද, වින්දනයට ද පැමිණෙන්නට සූදානම් බව දන්නා උදවිය ‘රැල්ල බලා රුවල’දමමින් සිටී.

    පිටතින් බොදු බැති සිරියෙන් ආතුරව මේ මහාර්ඝ දින කිහිපය සමරන සේම, එකී තිරපටට මුවාවී බොහෝ ‘කළුපාට’ දේවල්ද සිදුවන අයුරු විමසුම් ඇසකට සොයා ගන්නට මේ වකවානුවේදී අපහසු නැත.

    මේ වෑයම් කරන්නේ හෙට අනිද්දා සිට එළිදැකීමට සැලසුම් වී ඇති ඒ කළුපාට කතා කිහිපයක් කියන්නටය.

    උත්සව සමය එත්ම වඩාත්ම කාර්යබහුල වන්නේ අනුරාධපුර නගර සභාවය.බැතිමතුන්ට අවැසි පහසුකම් සැපිරීම සේම පූජා නගරය අලංකාර කිරීමද ඔවුන්ගේ රාජකාරිය වෙයි.

    වන්දනාවේ යන එන්නන්ට මල් විකිණීම හරහා ජීවත් වෙන මිනිස්සු අනුරාධපුරයේ බොහෝය. ඔවුන්ගේ කතා සියල්ලම පාහේ ‘අලුත් අත්දැකීම්’ එකතු කරන ඒවාය.

    ‘මම කරන්නේ මල් විකුණන එක. අවුරුදු 30ක් තිස්සේ මම මේක කරනවා. මගේ අම්මාත් කළේ මේක. මගේ මහත්තයාට දියවැඩියාව හින්දා කකුල කපලා තියෙන්නේ. හැබැයි එයත් පාන්දර පහට ඔරුවෙන් බසවක්කුලම වැවට ගිහින් මල් කඩාගෙන එනවා. අපිම ගිහින් කඩාගෙන ඇවිත් වික්කොත් තමා පොඩි ලාභයක් තියෙන්නේ.’

    එහෙම කියන්නේ අනුලාවතීය. ඒක ප්‍රසිද්ධ කතාවක්ය. ‘මල්’ පිට තබා ‘මල්’ විකුණන එක කලක සිට සමහරු කරන වැඩක්ය.

    “මලක් විකුණලා ජීවත් වෙන්න බෑ. අනික දැන් ගොඩක් අය මල් අරන් යනවට වඩා, නිකන් ගිහින් වැඳලා එනවා. ගොඩක් තියෙන්නේ ෂෝ එකනේ. ඉතින් මෙහෙම දෙයක් කරලා තමයි ජීවත් වෙන්නේ.

    ‘මල්’ පිට තබා ‘මල්’ විකුණන කෙනකුගේ කතාව ඕකය.

    “පැන් ඕනද?” කියලා මල් විකුණන තැනක ගැවසෙන කෙනෙක් ඇසුවොත් ඒ අසන්නේ “මල්වලට පැන් ඉසින්නද කියා” අසනවා යැයි වරද්දා ගතයුතු නැත. ඔහු විමසන්නේ ‘මත් වෙන්න දෙන්න පුළුවන් පැන්’ ගැනය. ඔබ එකඟ නම් යාබදින් ඒවා ලබා ගත හැකිය. ගංජා, අබිං, කේජී, විතරක් නොව ඕන නම් ඊට එහා ගිය ‘කුඩු’ වුණත් ඔය අතරේ ලබාගත හැකිය.

    ‘පොසොන් සීසන් එකට මෙහෙ මත් ද්‍රව්‍ය තහනම්.හැබැයි මම කැට තියලා කියනවා, වැඩියෙන්ම අරක්කු විකිණෙන්නේ ඒ දවස් ටිකේ’

    ඔහු අනුරාධපුර කඩ පණහ ‘ලයිසන් බාර්’එකක් කරගෙන යන්නේ දශකයකට එහා සිටය.

    ‘සතියක ඉඳලා බාර් වහනවා. ඒත් ඒ වෙනකොට බඩු ඕන තැන් වලට ගිහින් ඉවරයි. බඩු ගන්න පෝලිමේ ඉන්නේ මේ දවස්වල ඉඳලා.’

    ඔහු කියන්නේ ඇත්ත ය. මේ දිනවල, දන්සල් පරදන පෝලිම් දුටුවොත් නොරැවටෙන්න. ඒ ‘බාර් පෝලිමක්’විනා දන්සැල් පෝලිමක් නොවේ.

    ‘බඩු අරගෙන ගිහින් ස්ටොක් කරගෙන, උත්සව කාලෙට පොඩි බිස්නස් එකක් කරන අය තමයි ගොඩක් ඉන්නේ. විශ්වාස කරනවද සමහරු දාහේ බෝතලේ පන්දහට විකුණනවා.’

    ඔහු කියයි.එහෙම ගෙවා ‘බඩු’ගන්නට පැකිලීමක් නැතිව සමහරු කැමැතිය.

    මේ සියල්ල කෙරෙන්නේ වැටලීම් අස්සේය.

    පූජා සථාන ආශ්‍රිතව ‘පාර්කින්’හෙවත් වාහන නැවතුම්පලවල් ඉදිවන්නේ උත්සව සමයට සතියකට පෙර සිටමය.තමා සතු කුඩා ඉඩක් වෙත්නම් ඒ කුඩා ඉඩ පවා කිසියම් ‘සම්තින්’එකක් සොයා ගැනීමේ තැනක් බවට පත් කරගන්නට නගර සහ ආසන්න වාසීන් නොපැකිලෙති.

    ‘එන අයගේ රටාව බලලා තව දේවල් සෙට් වෙන අවස්ථා තියෙනවා. ඒ කියන්නේ වාහන පාක් කරන ගමන් වෙන අඩුමකුඩුම සප්ලයි කරගන්නත් සමහර තැන්වල ඉඩ තියෙනවා’

    පැමිණ සිටින්නේ වන්දනාවටද, වින්දනයටද කියා එන කල්ලියේ මුහුණ බලා කීමට බොහෝ දෙනාට ‘ඉවක්’තිබේ. ඒ අනුව අදාළ කල්ලිය වෙත කිට්ටු වී, අවැසි දෑ විමසයි. මධු විතක්,හෝ කතක් වුව ‘සප්ලයි’කරන්න සමහරුන්ට ‘කන්ටෑක්’ තිබේ.

    උත්සව සමයේ අනුරාධපුර පූජා නගරය ආශ්‍රිතව පවත්වාගෙන යන ගණිකා ව්‍යාපාරයේ තිප්පොළවල් වැහිවැහැලාය. ජීවිතය ආපසු හරවාගත නොහැකි තැනක සිරවූ මිනිස්සු ජීවිතය අල්ලාගත යුත්තේ ද ‘පුරුදු තැනිනි.’

    ගැනුම්කරුවකුට අපහසුවකින් තොරව ‘කොක්ක ගසා ගත හැකි’ කෙනෙක් සොයා ගැනීම හරිම ‘සිම්පල්’ වැඩක්ය. වුවමනා වන්නේ ‘ඕනෑකම’ විතරය. රෑ කඩයක් අසලදීද, තැඹිලි කරත්තයක් ගාවදීද, බස් නැවතුමක් අද්දරදීද, කවුරුත් සැක නොකරන මල් කඩයක් ගාවදීද ‘ඉඟිමරන දෑසක්’ සොයා ගැනීම අපහසු නැත.

    කිව යුතුම දෙයක් තිබේ. ඒ යටකී වෙළෙඳාම් කරන හැමෝම එහෙම නොවන බවය. අනුරාධපුර නගරයේ විනය ක්‍රමවත් කිරීමට අදාළ අංශ වෙත උපරිම සහාය දෙන බොහෝ දෙනා සිටින බව ඇත්තය. අනුරාධපුරයේ විනය මෙතරම්වත් රැකී තිබෙන්නේ එහෙම මිනිස්සු හින්දාය. ඒ ඇත්ත මැද අහම්බෙන් තිත්ත කතාද තිබෙන බව දැක ගත හැකිය.

    “සමහරු දිහා බැලුවම තේරෙනවා, ඕන මොනවද කියලා. එහෙම කෙනෙක් ගාවට කිට්ටු වෙලා ‘අල්ල ගන්න’ අපිට තේරෙනවා.

    එහෙම කියන්නේ පෙනෙන්න ජංගම වෙළෙඳාමත් නොපෙනෙන්න ‘ඩීල්’ වැඩෙත් කරන මිනිසෙක්ය. සීරුවට ගනුදෙනුකරු වෙත කිට්ටු වී වුවමනාව විමසා එය සැපිරීමට ඔහු සමත්ය.

    “සීසන් එකට මෙහේ ඔය බිස්නස් එක නැගලා යනවා. හැබැයි වටලන එකේ කෙළවරක් නෑ. වැටලුවා කියලා නවතින්නෙත් නෑ. මදුරුවෝ වගේ ආයේ ආයේ එනවා.”

    අනුරාධපුරේ හතර කොනම දන්නා මිතුරෙක් එහෙම කීවේය. ඕනම තැනක ඉන්න වෛශ්‍යාවක් හඳුනා ගන්න එක ඔහුට ‘සිම්පල්’ වැඩක්ය.

    “වන්දනාවේ එන අයගෙන් මේ අයට වැඩක් නෑ. වඳින්න එන මිනිස්සු අතරේ මේවා පස්සේ දුවන අය නෑ. හැබැයි නිවාඩුවේ ආතල් එකක් ගන්න එන අය මෙයාලට වටිනවා. පොසොන් සීසන් එක මෙයාලට වටින්නේ මේක ට්‍රිප් එකක් කරගෙන එන අය නිසා.”

    “ටීම් එකක් විදිහට ට්‍රිප් එකක් වගේ මෙහෙට එන ඉහළ පැලැන්තියේ ගණිකාවොත් මෙහේ ඉන්නවා. එයාලා එන්නේ පිටින් කොල්ලො අරගෙන. මෙහේ ඇවිත් ෆන් එකක් අරන් යනවා.”

    නිරන්තරයෙන් කෙරෙන වැටලීම්වලින් අත්අඩංගුවට පත්වන කතුන් බොහෝය. ළමා ගණිකා වෘත්තිය හා සමලිංගික ගණිකා වෘත්තිය මෑත ඉතිහාසයේ සමාජ ඛේදාන්තයක් වී ඇති අතර අනුරාධපුර ආශ්‍රිතව ළාබාල යුවතියන් පවා මීට යොමු වී තිබෙන අවස්ථා දැකිය හැකිය. ළාබාල විවාහ වීම් සහ ගැබ් ගැනීම් මේ ප්‍රදේශයේ බහුල තත්ත්වයක් වී තිබේ.

    ආර්ථික අහේනියේ සංවේගදායක, ඛේදවාචකය කුටුම්භවලට කඩා වැදී කරන පීඩනය ඔරොත්තු නොදෙන තැන මිනිස්සු ජීවත්වීමට විවිධ මංමාවත් තෝරා ගනී. එය හිතා මතා කරන තෝරා ගැනීමකට වඩා අහම්බයන්ය.

    ‘පන්සීයකට වවුලෙක් ගන්න පුළුවන්.’

    වවුලෙක් යනු නිරන්තර වීදි සරණ කාන්තාවකට කියන නමකි. එහෙම අය පවා ලබාදීමට තැරැව්කරුවන් අරගලයකය. මේ දිනවල අනුරාධපුර ලැගුම්හල් සියල්ලම පාහේ ‘හවුස් ෆුල්’ය. ඒ විතරක් නොව මිල ගණන්ද අධිකය. හෝරා දෙකකින් කාමරය නිදහස් කරන්නේ නම් ලැගුම්හල් හිමියෝ කැමැතිය.

    ස්පා හෙවත් සම්බාහන මධ්‍යස්ථානවලටද මේ දිනවල ‘හුස්මක් ගන්න බැරි තරම්’ වැඩය. අනුරාධපුර පූජා භූමියේ හතු පිපෙන්නා මෙන් විවෘත වන පංච කර්ම මධ්‍යස්ථාන (සම්බාහන මධ්‍යස්ථාන) වල පංචකර්ම ක්‍රියාවලියට අමතරව එහි සේවය කරන කාන්තාවන් ගණිකා වෘත්තියේ යෙදෙන බව අත්දැකිය හැකි ඇත්තය. දැන් දැන් අනුරාධපුර සම්බාහන මධ්‍යස්ථාන වැහිවැහැලා තිබෙන අතර ගනුදෙනුකරුවන් ‘බා ගන්නට’ ඔවුන් ලබාදෙන සේවයද පුළුල් කොට තිබේ. ‘සම්බාහනයෙන් පස්සේ ගොඩක් අය අහනවා, වෙන මොනාද වෙන්න ඕනෑ කියලා. ඒක වෙන්නේ සීමාවෙන් එහා ගිහින්. කොහොමත් අපිට ස්පා එකෙන් දවසට රුපියල් දෙදාහක් ගෙවනවා. ජීවත් වෙන්නයි ගෙවල් ගැන බලන්නයි ඒක මදි. ඉතින් අපි සීමාවෙන් එහාට යනවා. එතකොට කස්ටමර් දෙන ටිප් එක අපිට ස්පා එකෙන් දවසටම ගෙවන ගාණට වඩා වැඩියි.’

    ඈ කොළඹ පිහිටි සම්බාහන ආයතනයෙන් අනුරාධපුර ශාඛාවට සීසන් එක සඳහාම එවූ තරුණියකි. කොළඹ ප්‍රකට පාසලක උගත් ඈ මුලින් මියුසික් වීඩියෝවකට අහම්බෙන් සම්බන්ධ වී අනතුරුව නිරූපණ ශිල්පය තෝරාගෙන එහි මඳ දුරක් ගොස් නැවතී මේ වෘත්තිය තෝරා ගත් තරුණියකි. ඈ කියන්නේ තමන්ගේ වයස තාමත් අවුරුදු 19ක් බවය. පොලිසිය උපාය දූතයන් යොදවා සිදුකරන මෙහෙයුමකදී ඈ දෙවරක් අත්අඩංගුවට පත්ව ඇත. රුපියල් 1200ත් 1500ත් අතර මුදලකට සම්බාහන කාර්යය කර ගැනීමට හැකි අතර ඉන් ඔබ්බට රුපියල් 500 – 1000ක් වැනි මුදලක් සම්බාහනය සිදුකරන කාන්තාවට ලබා දුන් විට ලිංගික ක්‍රියාවලියට පෙලඹෙන බව ප්‍රකට කරුණකි.

    ‘ටෙලි කෑල්ලක හරි මියුසික් වීඩියෝවක හරි පෙනී ඉඳලා “නිළි”ලේබල් එක ගහගත්ත කෙල්ලෝ කොළඹින් පිටවෙලා මෙහේ එන අවස්ථා තියෙනවා. එයාලගේ ෆේස්බුක්වල ස්ටේටස් වැටෙනවා, ඉන්නේ අනුරාධපුරේ කියලා. එහෙම එන්නේ මොකටද කියලා දන්නෝ දන්නවා.’

    තරුණ පහේ පොලිස් නිළධාරියකු එහෙම කීවේය.

    පල ඇති තැනට අත් යොමුවීම අරුමයක් නොවේ.

    ‘උතසව කාලේ සීමා පනින අයට තෑගිත් ලැබෙනවා.සමාජ රෝග හැදෙන සහ හදා ගන්න සෑහෙන පිරිසක් මේ කාලෙට බිහිවෙනවා.’

    සීමාවන් ඉක්මවා යන කල්හි ඊට අවැසි අවම ආරක්ෂාවවත් නොසිතන අනාරක්ෂිතයන් එහි ගොදුරු බවට පත්වීම අරුමයක් නොවේ. මෙවැනි කාරණා වලදී විය යුතු ආරක්ෂාවීම් සම්බන්ධව වත් එතරම් දැනුම්වත් කිරීමක් සිදු වන්නේ නැත. එක්කෝ, ඒ ගැන තැකීමක් නැත. එවැනි විටෙක වින්දනය සොයා එන සමහරු ‘විඳවීම’ඉතිරිකරගෙන උත්සව සමය නිමා කරති.

    ඒ අතර මුදල් පසුම්බිය සුරක්ෂිත කරගැනීමත් තම තමන්ගේ වගකීම ය. ගැට කපන්නන් ‘භික්ෂූන් වේශයෙන්’පවා සිටිය හැකිය. ආහාර පාන මිලදී ගනිද්දී සැලකිලිමත් වීම අනිවාර්‍ය වන්නේ දින ගාණක පිළිණු වූ හෝ අපිරිසිදු ආහාර ‘සරසා’ලබාදිය හැකි නිසා ය.

    මේ සමයේ සිඟමන් යැදීමට පැමිණෙන සංවිධානාත්මක යාචක බළඇණි අනුරාධපුර නගර ආක්‍රමණය කරන එක චිරාත් කාලයක සිට එන සිරිතක් ය. බෙදාහදාගෙන කරන මේ වැඩෙන් පසු පූජා භූමි වටා යාචකයන් අරක් ගනී. මේ යාචකයන් එම වෘත්තියේ යොදවනු ලබන්නේ යම් බලවත් පුද්ගලයන් හෝ සංවිධානාත්මක පිරිස් විසින් බව සමාජයට රහසක් නොවේ.

    ගැට කපන්නන්ගේ අතමිට සරු වෙන්නේත්, කසිප්පුකරුවන් යහමින් ගොඩ යන්නේත්, අච්චාරු, කඩචෝරුකරුවන් ජීවිතේ ගැටගසා ගන්නේත්, අරුමෝසම් සෙල්ලම් බඩුකරුවන් යාන්තමින් හිස උස්සන්නේත්, සාරවිට, බුලත්විට කරුවන් ‘අතුරු බිස්නස්’ එකක් කරගන්නේත් මේ දවස්වලය. කිසිවෙක් කිසිවක් අතහැර නැත. අතහරින්නේත් නැත.

    තිස්ස දුණු හී අතැර නැවතුණ බව සැබැවි. එහෙත් මිනිසුන් තවමත් දුණු හී රැගෙන දුවමිනි.

  • නිසංසලා මට කතා කළා – ඇගේ පළල් ‌ද‌ොරින් මම ඇතුලු වුනා…. Fill T‌ග‌ේ අලුත්ම  ගීත කුණුහරුපය ම‌ෙන්න…

    නිසංසලා මට කතා කළා – ඇගේ පළල් ‌ද‌ොරින් මම ඇතුලු වුනා…. Fill T‌ග‌ේ අලුත්ම ගීත කුණුහරුපය ම‌ෙන්න…

    ලාංකීය සදාචාරය කෙළෙසන මෙවැනි ගීත ඔබ අනුමත කරනවාද?

    එලවටවටත් නැති මෙලවටත් නැති ගොබ්බ බඩු දෙකක් අප් කරගෙන…තනෙයි පුකයි හෙලුවැල්ලයි තමයි මේ ලෝකෙ තියෙන හොඳම රසාස්වාදෙ කියලා හිතාගෙන… පොඩි එකෙක් කුමාරෝදෙ කියවනවා වගෙ සිංදුවක් කියලා එකකුත් හදාගෙන…රටේ තියෙන මේ පුංචි හරි හැදියාවත් නැති කරන මේ අවලං යක්කු අතුගාලා දාන්න ඕන..

     මුං හිතාගෙන ඇත්තෙ රිහානා ගෙ පිට්බුල් ගෙ වගේ පට්ට වීව්ස් ටිකක් කමෙන්ට්ස් ටිකක් එයි කියලා හෙලුවැල්ල මාකට් කරහම… යකෝ අඩුමගානේ උංගෙ සිංදුව හරි ලස්සනයි. තොපේ නිධං වදුල වගේ නෙමෙයි… මේ වගේ වල් බඩු තමයි සුපිරිම ෆ්ලේවර් එක, ගෑනියෙක්ගෙ ඇඟක් දැක්කම ඔටෝ චූන්වෙන, මෙලෝ කෙල්ලෙක්ගෙං ඩිමාන්ඩ් එකක් නැති මේ වගේ ගොබ්බයංගෙ හිඟන වැඩ වලිං වෙන්නෙ ඉස්සරහට රටේ වැඩිහිටි ජනගහනෙට එකතුවෙන්න ඉන්න නොදරුවගෙ ඉඳං ඔලු වල් මානසිකත්වෙං පිරෙන එක… ලෙස්බියන්, ගේ , අස්භ්‍ය සිද්දි සරල සාමාන්‍ය දේවල්වෙන එක. මේ වගේ ගොබ්බයංගෙ වැඩ නිසා ඔලු කුරුවල් වෙන එවුං නිසා අවසානෙ විඳවන්නෙ කොහෙහරි ඉන්න හයක් හතරක් නොතේරෙන පුංචි ගෑනු ළමයෙක්.. නැත්තං අහිංසක කෙල්ලෙක්…

    අද අපට අහන්න වෙලා තියෙන මේ ලපටි සිපාලගෙ ගීතයේ පදවැල්…

    අත් ට්‍රැක්ටරේ නංගි මගේ වෙලා යනවා බඩු බාන්න
    සුදු ආප්ප පුච්ච පුච්ච මල්ලිට ලුණු මිරිස් දෙන්න
    ගෝනගලේ නංගිගේ මේ බාත්රූම් වැල
    මල්ලි නැතිව ඇගිළි සොමිය කොහොමද ඒ සැප

    හැපී කව් කිරි මණ්ඩලේ මෙච්චර නෑ කිරි
    කිරි ප්‍රශ්නෙට විසඳුම අපේ පියුමි හංස මලි
    බියන්කාගේ බයංකාර පොල් කොම්බ වල
    කම්ප්ලිමෙන්ට්‍රි නතාශාගේ අක්කර පහ පුක
    නිසංසලා මට කතා කරා ඇගේ පලල් දොරින් මම ඇතුල් වුනා…

    මේ අපි ඉස්සර අහපු ගීතයක පදවැල්…

    බැබලීම වගෙම බැසයාම අයිති සඳටයි
    පිබිදීම වගෙම පරවීම අයිති මලටයි
    හැමදාම වගෙම මම තාම අයිති නුඹටයි

    රැවටෙන්න වගෙම රවටන්න හිතක් නැතී
    හංඟන්න වගෙම පෙන්වන්න කිසිත් නැතී
    නුඹ දන්න තරම් මගෙ හිත
    වෙන දන්න කෙනෙකු ලොව මට හමුවෙලා නැතී

    හිමිවන්න කියා හමුවන්න හිතක් නැතී
    පිංවන්ත හිතේ විඳවන්න දුකක් නැතී
    අදහන්න නමුත් හැකි වෙද
    නුඹ දුන්නෙ නැතත් නුඹෙ හිත මගෙ ළඟම ඇතී

    ඉතින් කියන්න තියන්නේ අතීතය සිහිනයක් පමණයි කියලා විතරමයි.

    ප:ලි : මෙවැනි වල්බල්ලන් ෆෝම් කිරීම. ඊළඟ වලත්ත වැඩේ කිරීම නැවැත්වීම කලහැක්කේ ඔබට මට ඒවා නොබලාම ප්‍රතික්ශේප කිරීමෙන් පමණයි. විව්ස් වැඩි වුනාට ඒ වැඩිවෙන්නෙ නෙගටිව් විව්ස් කියලා හිතන්න තරං ඔය Fill T ද මොකාද හිපාටුවගෙ මොළේ ඇඩ්වාම්ස් මදි 🙏🙏

  • මැතිවරණ කල් දැමූ හැම ආණ්‌ඩුවකටම ජනතාව මතක හිටින පාඩම් ඉගැන්නුවා

    මැතිවරණ කල් දැමූ හැම ආණ්‌ඩුවකටම ජනතාව මතක හිටින පාඩම් ඉගැන්නුවා

    මේ රටේ මැතිවරණ කල්දැමූ කිසිම ආණ්‌ඩුවකට වාසියක්‌ වී නැහැ. මැතිවරණ කල්දැමූ හැම ආණ්‌ඩුවකටම මේ රටේ ජනතාව මතක හිටින පාඩමක්‌ උගන්වා ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී. එල්. පීරිස්‌ මහතා පැවසීය.
     
     බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්‌ෂ මූලස්‌ථානයේදී ඊයේ (25දා) පැවැති මාධ්‍ය හමුවේදී මහාචාර්යවරයා ඒ බව සඳහන් කළේය.
     
     එහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ මහාචාර්ය ජී. එල්. පීරිස්‌ මහතා මෙසේද කීය. 
     
     උතුරු පළාත් සභා මැතිවරණය කල්දැමුවාට තමන්ගේ කිසිම විරෝධයක්‌ නැහැ. නමුත් මැතිවරණය කල්දමා එය පවත්වන තුරු ඔහුට දිගටම මහ ඇමැති ධුරයේ සිටිය යුතු බවට උතුරු පළාත් මහ ඇමැති විග්නේෂ්වරන් මහතා ප්‍රකාශ කරනවා. ජනතාවට ස්‌වර්ජන ඡන්දය පාවිච්චි කිරීමට අවසර නැහැ. පළාත් සභාවේ නිල කාලය අවසන් වූ පසුවත් විග්නේෂ්වරන් මහ ඇමැතිවරයාට එම ධුරයේ වැඩ කරන්න අවශ්‍යයි කීම සදාචාර විරෝධී පමණක්‌ නොව නීති විරෝධී වැඩපිළිවෙළක්‌. පළාත් සභාවේ නිල කාලය අවසන්වූ පසු මහ ඇමැති ධුරයේ සිටීමට කිසිදු අයිතියක්‌ නැහැ.
     
     පළාත් සභා නවයෙන් තුනක නිල කාලය අවසන්වී තිබෙනවා. උතුරුමැද, සබරගමුව සහ නැගෙනහිර පළාත් සභා තුනේ නිල කාලය අවසන්ව මැතිවරණය නොපවත්වා දැනට මාස 10 ක්‌ පමණ ගත වෙලා. ඒ වගේම මේ වසරේ සැප්තැම්බර් මාසය වනවිට මධ්‍යම, වයඹ හා උතුරු පළාත් සභා තුනෙත් නිල කාලය අවසන් වෙනවා. 
     
     දැන් රජයට අවශ්‍ය වී තියෙන්නේ පළාත් සභා මැතිවරණය දිගින් දිගට කල් දැමීමටයි. එන වසරේ ජනාධිපතිවරණය පවත්වන කාලය වනවිට නිල කාලය අවසන් වූ පළාත් සභා හයට මැතිවරණය නොපවත්වා අවුරුදු දෙකක්‌ වෙනවා. 
     
     මේ අනුව අවුරුදු දෙකකට මේ රටේ පළාත් සභා හයක්‌ නැතිව රට පාලනය කිරීමට පුළුවන් නම් පළාත් සභා රටට අවශ්‍ය ඇයි?
     
     සිsරිසේන වික්‍රමසිංහ රජය මෙලෙස පළාත් සභා මැතිවරණ අහෝසි වන්නට ඉඩ දෙන්නේ නම් ඉන්පසු එන අලුත් ආණ්‌ඩුවකට පළාත් සභා මැතිවරණය පැවැත්වීමට ඇති වන ප්‍රායෝගික අවශ්‍යතාවය කුමක්‌ද කියා ජනතාව අහයි. මනෝ ගනේෂන් ඇමැතිවරයා ප්‍රකාශ කළා සම්බන්ධන් මහතා රජයේ ඇමැති ධුරයක්‌ ගත්තා නම් හොඳයි කියලා. එය ඉතා වැදගත් ප්‍රකාශයක්‌. ඇත්ත, සම්බන්ධන් විපක්‌ෂ නායකවරයා කටයුතු කරන්නේ විපක්‌ෂ නායකවරයකු ලෙස නොව රජයේ ඇමැතිවරයකුගේ කාර්යභාරයක්‌.
     
     සම්බන්ධන් මහතා හා දෙමළ සන්ධානය ඒ ජනතාවට දුන් ප්‍රතිඥාව මොකද්ද? අද මොකද්ද වී තියෙන්නේ. ඔවුන් කිසිම හඬක නඟන්නේ නෑ. පළාත් සභා මැතිවරණය තියන්න කියලා. නැගෙනහිර පළාත් සභාවට අත්වූ ඉරණමට තව මාස දෙකකින් උතුරු පළාත් සභාවටත් මුහුණ දීමට සිදුවෙනවා. 
     
     සම්බන්ධන්ගේ හා දමිළ සන්ධානයේ භූමිකාව වී තියෙන්නේ මේ රජය කෙසේ හෝ පවත්වා ගෙන යැමටයි. ඒ නිසා කළ හැකි හැම දේම කරනවා. ඔවුන්ගේ අභිලාෂය වී ඇත්තේ තවදුරටත් මේ රජය පවත්වාගෙන යැමයි. මෙය හරි අභූත තත්ත්වයක්‌. නිසි කාලයේ මැතිවරණ පවත්වන්නේ නෑ. පළාත් පාලන මැතිවරණය අවුරුදු 2 1/2 ක්‌ කල්දැමුවා. දැන් පළාත් සභාත් එහෙමයි. මැතිවරණ ක්‍රමයේ දොaෂ තිබෙනවා කියලා දිගින් දිගට මැතිවරණ කල් දමනවා. මේ විදියට මැතිවරණ ක්‍රමය සංශෝධනය කරන මුවාවෙන් මැතිවරණය කල්දැමීම ලොව කිසිදු ප්‍රජාතන්ත්‍රවාදී රටක සිදුව නැහැ.
     
     පළාත් සභා මැතිවරණය එක දිනක්‌වත් කල්දැමිය නොහැකි බවට ශේ්‍රෂ්ඨාධිකරණය තීන්දුවක්‌ ලබාදුන් පසුව ශේ්‍රෂ්ඨාධිකරණයේ තීන්දුව ක්‍රියාත්මක කිරීම වැළැක්‌වීම සඳහා අලුත් වැඩපිළිවෙළක්‌ නිර්මාණය කළා.
     
     මේ රටේ මැතිවරණ කල්දැමීමෙන් කිසිම ආණ්‌ඩුවකට වාසියක්‌ වෙලා නැහැ. මැතිවරණ කල්දැමූ හැම රජයකටම රටේ ජනතාව හොඳ පාඩමක්‌ උගන්වා තිබෙනවා. 70 මැතිවරණයේදී මැතිනියට 2/3 ක බහුතරයක්‌ ලැබුණා. රජයේ නිල කාලය වුණේ 1970 සිට 1975 දක්‌වා අවුරුදු පහක කාලයයි. නමුත් 75 මැතිවරණය නොපවත්වා වැඩිපුර අවුරුදු දෙකක්‌ පාලනය කර මැතිවරණය පැවැත්වූ පසු බලයේ සිටි ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂ ප්‍රමුඛ ආණ්‌ඩුව ආසන අටට බැස්‌සා. එසේ සිදුවුණේ මැතිවරණය අවුරුදු දෙකක්‌ කල්දැමීමේ ප්‍රතිඵලය නිසයි. 
     
     මැතිවරණය කල්දැමීමට එරෙහිව දීප ව්‍යාප්ත මට්‌ටමින් උද්ඝෝෂණ මාලාවක්‌ පවත්වනවා. පළාත් සභා මැතිවරණය නියම වෙලාවට පැවැත්විය යුතුයි. 
     
     ජාත්‍යන්තර මානව හිමිකම් කවුන්සිලයෙන් ඇමරිකා එක්‌සත් ජනපදය ඉවත් වුණේ මානව හිමිකම් කවුන්සිලය දැඩි ලෙස විවේචනය කරමිනුයි. 
     
     එක්‌සත් ජාතීන්ගේ සංවිධානයට ඇමරිකාව එවා සිටි තානාපති විකී හේලි මහත්මිය කියා සිටියා ජාත්‍යන්තර මානව හිමිකම් කවුන්සිලය අසුචි වළක්‌ ගඳ ගසනවා කියලා. මෙය සම්පූර්ණයෙන් පක්‌ෂපාතියි. මෙමගින් කිසිවක්‌ සිදුවන්නේ නෑ, එය පරාර්ථකාමී ආයතනයක්‌ කියලා.
     
     මානව හිමිකම් කවුන්සිලය පිළිබඳ මහින්ද රාජපක්‌ෂ රජය දිගටම කියා සිටියේ මෙයයි. එදා අප කියපු දේමයි අද ඇමරිකා එක්‌සත් ජනපදය කියන්නේ. අපි එදා ගෙන ගිය ප්‍රතිපත්තිය උඩු යටිකුරු නොකර කරගෙන ගියා නම් අද අපේ රටේ අභිමානයට, රණවිරුවන්ට කිසිදු අභියෝගයක්‌ එල්ල වන්නේ නෑ.
     
     එදා සිටම අපි කියා සිටියේ ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව කිසිම වරදක්‌ කරලා නෑ. ඔවුන් නිර්දොaෂියි. ඒ පිළිබඳ ඔප්පු කරන්න පුළුවන් සාක්‌ෂි ඇති බවයි මහින්ද රාජපක්‌ෂ රජය කියා සිටියේ. එදා අපි සුරක්‌ෂිත කළ අපේ ත්‍රිවිධ හමුදාව මේ රජය විසින් ඇමරිකා එක්‌සත් ජනපදය ගෙනා යෝජනාව ශ්‍රී ලංකාවේම යෝජනාවක්‌ ලෙස පිළිගෙන සෙසු රටවලින් එම යෝජනාවට සහයෝගය ඉල්ලා සිටියා. 
     
     පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා, 
     
     මේ රජය සම්පූර්ණ අසාර්ථක රජයක්‌ බවට ජාතික හා ජාත්‍යන්තර වශයෙන් ප්‍රසිද්ධියක්‌ ලබා තියෙනවා. අද වනවිට මේ යහපාලන ආණ්‌ඩුවේ කැබිනට්‌ ඇමැති ධුර සංඛ්‍යාව 41 ක්‌, රාජ්‍ය ඇමැතිවරු 22 ක්‌ සහ නියෝජ්‍ය ඇමැතිවරු 23 ක්‌ සිටිනවා. තව සතියක්‌ දෙකක්‌ යන විට මේ ප්‍රමාණය තවත් වැඩිවිය හැකියි. මේ වනවිට 86 දෙනෙක්‌ ඇමැති ධුර දරනවා. ආණ්‌ඩුවේ සිටින අනෙක්‌ මන්ත්‍රීවරුන්ට වෙනම වරදාන ලැබෙනවා. 
     
     මෙතරම් ඇමැතිවරු රාශියක්‌ ඉන්නේ ආණ්‌ඩුව රුවිතෙට යන නිසයි. ඉදිරියේදී පාර්ලිමේන්තුවේ 113 හදා ගැනීමට මන්ත්‍රීවරු 27 ටත් තවත් ඇමැති ධුර හදලා දෙයි. මේවාට වියදම් කරන්නේ මේ රටේ ජනතාවගෙන් අයකරන බදු මුදල් මේ සඳහා අති විශාල මුදලක්‌ වැය කෙරෙනවා. 
     
     අස්‌ගිරි අනුනායක හිමියන් වහන්සේ කළ ප්‍රකාශයක්‌ ගැන අද කතා කරනවා. උන්වහන්සේ මේ රටේ ගෞරවනීය ස්‌වාමීන් වහන්සේ නමක්‌. උන්වහන්සේලා යමක්‌ ප්‍රකාශ කරන්නේ දුරදිග බලලා රටේ අනාගතය ගැන හා වර්තමාන තත්ත්වය දෙස බලා. රට වර්තමානයේ පත්ව තිබෙන ඉරණම දෙස බලන විට මේ රට පාලනය කළ රජවරුන්ටත් අවවාද අනුශාසනා කළේ අති ගෞරවනීය මහා සංඝරත්නයයි. රටේ නායකයා ශුභවාදී නොවේ නම් මහා සංඝරත්නය දැඩි ලෙස අවවාද අනුශාසනා කළා. ඒ වගේ අද මේ රටේ සිදුවන සිදුවීම් දැකලා අනුශාසනාවක්‌ කළා. දැන් මේ බය වෙලා තියෙන්නේ මොකටද? ගෝඨාභය භීතිකාවක්‌. 
     
     අගමැතිවරයා බොහොම ආඩම්බරයෙන් උජාරුවට කියනවා මත්තල ගුවන් තොටුපළත් ඉන්දියාවට විකුණනවා කියලා. මේවා කියන්නේ බේබදු තාත්තා කෙනෙක්‌ ගෙදර බඩු විකුණලා සතුටු වෙනවා වගේ. රටේ අගමැතිවරයෙක්‌ දෙන පණිවිඩය මොකද්ද රටේ සම්පත් විකුණගෙන කාපල්ලා කියලයි. තවත් කීයක්‌ විකුණයිද? දන්නේ නෑ. 

  • ආණ්‌ඩුවේ නව බදු පනතින් ඊ.පී.එෆ්. පොලිය බහිනවා

    ආණ්‌ඩුවේ නව බදු පනතින් ඊ.පී.එෆ්. පොලිය බහිනවා

    ආණ්‌ඩුව විසින් ක්‍රියාත්මක කර තිබෙන නව ආදායම් බදු පතන මගින් සේවක අර්ථ සාධක අරමුදලේ ප්‍රතිලාභ හිමි පෞද්ගලික අංශයේ සේවකයන්ට ලැබෙන පොලියේ අඩුවීමක්‌ සිදුවන බව අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ මහතා ඊයේ (25) පැවසීය.

    ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය මුදල් අධිපති කේ. ඩී. රණසිංහ මහතා විසින් මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය ආර්. එච්. එස්‌. සමරතුංග මහතා වෙත 2018 මැයි 18 වන දින මේ බව දැනුම් දී ඇතැයි වසන්ත සමරසිංහ මහතා ඊයේ මරදාන සමාජීය හා සාමයික කේන්ද්‍රයේ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.

    වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ සමරසිංහ මහතා මෙසේද කීය.

    පෞද්ගලික අංශයේ ලක්‍ෂ 26 ක ප්‍රමාණයක්‌ සේවක අර්ථසාධක අරමුදලට සක්‍රිය දායකත්වයක්‌ දක්‌වනවා. මේ වනවිට සේවක අර්ථසාධක අරමුදලේ මුදල් මහා භාණ්‌ඩාගාර බිල්පත් සහ මහ බැංකු බැඳුම්කරවල ආයෝජනය කිරීමෙන් ලැබෙන පොලිය මත එහි ප්‍රතිලාභීන්ට සියයට දහයයි දශම පහ (10.5) බැගින් වූ පොලියක්‌ ගෙවනවා.

    නමුත් මේ නව බදු පනත ක්‍රියාත්මක වීම හරහා සේවක අර්ථසාධක අරමුදලේ දායකත්වය ලබන ප්‍රතිලාභීන්ට මේ වන විට ගෙවන සියයට 10.5 ක පොලිය සියයට නමය (09) දක්‌වා අඩුකිරීමට සිදුවන බව නියෝජ්‍ය මුදල් අධිපතිවරයා මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා වෙත යොමුකළ ලිපියෙන් සඳහන් කර තිබෙනවා.

    ඒ නිසා අපි ජනාධිපති, අගමැති, මුදල් ඇමැති ඇතුළු බලධාරීන්ගෙන් සේවක අර්ථසාධක අරමුදලේ ප්‍රතිලාභීන්ට හිමි පොලිය මත බදු අය නොකරන ලෙස ඉල්ලා සිටිනවා. එසේ වුවහොත් සියලුම පෞද්ගලික අංශයේ සේවකයන් දැනුවත් කර දීප ව්‍යාප්තව දැවැන්ත විරෝධතාවය දියත් කරනවා. ලබන ජූලි මස මුල් සතියේ පෞද්ගලික අංශයේ සේවකයන් දැනුවත් කිරීමට අත්පත්‍රිකා බෙදීම සහ දැනුවත් කිරිමේ වැඩසටහනක්‌ ක්‍රියාවට නංවනවා.

    පුවත්පත්වල දැන්වීම් දමමින් සේවක අර්ථසාධක අරමුදලෙන් සේවකයන්ට ලබාදෙන පොලිය අඩුකිරීමක්‌ සිදුනොකරන බවට පුනපුනා කීවත් එය අසත්‍යයක්‌ බව නියෝජ්‍ය මුදල් අධිපතිවරයා ඉදිරිපත් කළ ලිපිය අනුව පෙනී යනවා. මෙම නව බදු පනත හේතුවෙන් සේවක අර්ථ සාධක අරමුදලට අහිමි වන මුදල රුපියල් බිලියන 30 ක්‌ පමණ වන බවට ගණන් බලා තිබෙනවා.

  • නගර සෝභනියන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නේ නම් ඔවුන් සමග යහන්ගත වන සැකකරුවනුත් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කල යුතුයි…

    නගර සෝභනියන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නේ නම් ඔවුන් සමග යහන්ගත වන සැකකරුවනුත් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කල යුතුයි…

    නගර සෝභනියන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නේ නම් ඔවුන් සමග යහන්ගත වන සැකකරුවනුත් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්න යැයි සැකකාරියන් වෙනුවෙන් පෙනි සිටි නීතිඥවරයා අධිකරණයට ප්‍රකාශ කිරීමත් සමග සැකකාරියන් අධිකරණයට ඉදිරිපත් කළ අනුරාධපුර මූලස්ථාන ‍පොලීසියේ නඩු මෙහෙයුම් අංශයේ නිලධාරීන් හා නීතිඥවරයා අතර විවෘත අධිකරණයේද උණුසුම් සංවාදයක් ඇතිවිය.

    ‍පොසොන් උත්සවය ආරම්භ වීමට පෙර අනුරාධපුර නගරය ආක්‍රමණය කරමින් ස්ථානගත වන නගර සෝබනියන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමකදී අත්අඩංගුවට ගත් සැකකාරියන් දෙදෙනකු අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ ඔවුන්ට ඇප ලබා නොදෙන ලෙස දූෂණ මර්දන නඩු මෙහෙයුම් අංශය අධිකරණයෙන් ඉල්ලා සිටීමත් සමග දෙපාර්ශ්වය අතර උණුසුම් සංවාදය ඇතිවිය.
    අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ සැකකාරියන් දෙදෙනා ලබන  මස (04) වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු කේ.පී. ශානක හර්ෂණ මහතා නියෝග කළ අතර ඔවුන් අනුරාධපුර ශික්ෂණ රෝහ‍ලේ සමාජ රෝග සායනය වෙත ඉදිරිපත් කර වාර්තාවක් කැඳවන ලෙස විනිසුරුවරයා අනුරාධපුර බන්ධනාගාර අධිකාරියට තවදුරටත් නියෝග කළේය.
    සැකකාරියන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කළ දූෂණ මර්දන අංශයේ ‍පොලිස් කොස්තාපල් (47687) සරත් මහතා කියා සිටියේ සැකකාරියන් ‍පොසොන් උත්සවය ඉලක්ක කර අනුරාධපුර නගරයේ ස්ථානාගත වී ප්‍රසිද්ධ ස්ථානවල ගැවසෙමින් සිටියදී අත්අඩංගුවට ගැනීම සිදුකළ බවයි.
    සැකකාරියන් මැදවච්චියේ පදිංචිව සිටියත් අනුරාධපුර නගරයේ ගැවසෙමින් සිටි බවත් ඔවුන්ට ඇප ලබාදීම සිදුනොකර ඔවුන් දෙදෙනා සමාජ රෝග වාර්ථාවක් කැඳවීම සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහ‍ලේ සමාජ රෝග සායනයට ඉදිරිපත් කරන ලෙසත් ‍පොලිස් කොස්තාපල් සරත් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
    සැකකාරියන් වෙනුවෙන් අධිකරණයට කරුණු දැක්වූ නීතිඥ නලින් දිමුතු බණ්ඩාර මහතා කියා සිටියේ ප්‍රජාතන්ත්‍රවාදී රටක ඕනෑම අයකුට ඕනෑම තැනක යෑමට ඒමට අවස්ථාව තිබෙන බවයි. හැමදාම අයා‍ලේ යන කාන්තාවන් කියලා සැකකාරියෝ අධිකරණයට ඉදිරිපත් කරනවා. නමුත් කවදාවත් ඔවුන් එක්ක යහන්ගත වන පිරිමි අධිකරණයට ඉදිරිපත් කරන්නේ නෑ. ‍පොලීසිය ඒ අයවත් අධිකරණය ඉදිරිපත් කරන්න. බොරුවට කාන්තාවන් විතරක් අධිකරණයට ගේන්න එපා.
    අපි බොරුවට සැකකාරියන් අධිකරණයට ගේන්නෑ. මැදවච්චිය පැත්තට ගියා නම් මේ අයගේ තත්ත්වය දැන ගන්න පුළුවන්. උගත් නීතිඥතුමා කියන විදියට පිරිමි අධිකරණයට ගේන්න ගියොත් කී දෙනෙක් මතෛන්ට ගේන්නද? හැබැයි අවශ්‍ය වේලාවට අපි ඒ අයවත් ඉදිරිපත් කරන්නම් යනුවෙන් ‍පොලිස් කොස්තාපල් සරත් අධිකරණයට දැන්වූයේය.
    දෙපාර්ශ්වයේ කරුණු පිළිබඳව අවධානය  යොමු කළ විනිසුරුවරයා සැකකාරියන් දෙදෙනා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය.
    අනුරාධපුර මූලස්ථාන ‍පොලීසියේ දූෂණ මර්දන ස්ථානාධිපති උප ‍පොලිස් පරීක්ෂක ඩී.බි.අයි. ප්‍රේමරත්න මහතාගේ උපදෙස් මත නඩු මෙහෙයුම් අංශයේ සැරයන් (48319) අජිත්, හේරත් හා ‍පොලිස් කොස්තාපල් (47687) සරත් යන නිලධාරීන් සැකකාරියන් අධිකරණයට ඉදිරිපත් කරමින් කරුණු කීහ.

  • “කුඩු සෙල්විගේ සැමියාට “සිදු කළ වෙඩි තැබිම සම්බන්ධයෙන් එල්.ටී.ටී.ඊ සංවිධානයේ චාලස් ඇන්තනි බලකායේ සිටි බුම්බා ඇතුළු සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පුළුල් විමර්ශනයක්

    “කුඩු සෙල්විගේ සැමියාට “සිදු කළ වෙඩි තැබිම සම්බන්ධයෙන් එල්.ටී.ටී.ඊ සංවිධානයේ චාලස් ඇන්තනි බලකායේ සිටි බුම්බා ඇතුළු සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පුළුල් විමර්ශනයක්

    කොටහේන, ජම්පටාවිදිය ,137 වත්ත අසලදී “කුඩු සෙල්විගේ සැමියාට “සිදු කළ වෙඩි තැබිම සම්බන්ධයෙන් එල්.ටී.ටී.ඊ සංවිධානයේ චාලස් ඇන්තනි බලකායේ සිටි බුම්බා ඇතුළු සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බව වෙරළබඩ ‍පොලීසිය පවසයි.

    කොටහේන, ජම්පටාවීදිය, 137 වත්ත අසල වෙළෙඳසලක් පවත්වාගෙන යමින් සිටි ගනේෂ් නමැත්තාට යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් පෙරේදා (24) රාත්‍රී 9.45 ට පමණ වෙඩි තබා පළා ගොස් තිබුණි. එහදී බරපතළ තුවාල ලැබූ ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරනු ලැබිණි.ගෙල පෙදෙසට මෙම වෙඩි තැබිම සිදුව තිබූ අතර ඔහුට ශල්‍ය කර්මයක්ද කළ බව ‍පොලීසියේ උසස් නිලධාරියෙකු පැවැසීය.
    තුවාලකරුගේ ප්‍රකාශය අනුව මෙම වෙඩි තැබිම සිදු කර ඇත්තේ පාතාල සාමාජිකයෙකු වන ස්ටැන්ලි කෙනඩි හෙවත් බුම්බා විසිනි.

    බුම්බා යනු එල්.ටී.ටී.ඊ සංවිධානයේ චාල්ස් ඇන්තනි බලකායේ සේවය කළ අයෙකි.පසුව ඔහු දකුණේ පාතාලය හා සම්බන්ධව විවිධ අපරාධ සඳහා යොමුව තිබේ. මොහු විසින් ගනේෂ්ගේ බිරිඳ වූ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියක් වූ සෙල්වි නමැති කාන්තාව 2015 වර්ෂයේ සැප්තැම්බර් මසදී ඝාතනය කර තිබුණි.පසුව 2016 වර්ෂයේ බුම්බා ඒ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු අතර බන්ධනාගාර ගතව සිට ඔහු නිදහස්ව පැමිණ ඇත්තේ මීට මාස දෙකකට පමණ ඉහතදී බව ‍පොලීසිය පවසයි.එසේ නිදහස්ව පැමිණ වත්තල, ඇලකන්ද ප්‍රදේශයේ සැඟ වී සිට ඇත.පැරණි ආරවුල යළි මතුව ඔහු විසින් මෙම වෙඩි තැබිම සිදු කළ බව තුවාල ලැබූ පුද්ගලයා ප්‍රකාශ කර තිබේ.

    මේ සම්බන්ධයෙන් සිද්ධිය වූ ස්ථානයේ අවට තිබූ සී.සී.ටී.වී දර්ශනද උපයෝගී කරගෙන කොළඹ උතුර භාර ‍‍‍ජ්‍යෙෂ්ඨ ‍පොලිස් අධිකාරි ලයනල් ගුණතිලක මහතාගේ අධීක්ෂණයෙන් වෙරළබඩ ‍පොලීසිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ පවත්වයි.

  • මහින්දගේ මාධ්‍ය ලේකම් සිංගප්පූරුවේදී අත්අඩංගුවට

    මහින්දගේ මාධ්‍ය ලේකම් සිංගප්පූරුවේදී අත්අඩංගුවට

    හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ මාධ්‍ය ලේකම් වරයා වන රොහාන් වැලිවිට මහතා සිංගප්පූරුවේ ගුවන්තොටුපළේදී ඊයේ දිනයේ අත්අඩංගුවට ගෙන ඇත.

    පුද්ගලික සංචාරයක් සඳහා සිංගප්පූරුව බලා ගොස් ඇති වැලිවිට මහතාගෙන් ගුවන් තොටුපල නිලධාරීන් විසින් මුල්‍ය විශුද්ධිකරණය හා විදේශ ගමන් බලපත‍්‍රය ගැන පැය තුනක පමණ කාලයක් ප‍්‍රශ්න කර මුදා හැර ඇතැයිද වාර්තා වෙයි.

  • ඉතිහාසයේ කුණුු බක්කියට විසිවූ චෝරනාගලා සහ ගෝඨාබභයලා‌ග‌ේ එත‌ෙක් ම‌ෙත‌ෙක් අතීත කතාව ම‌ෙන්න…..

    ඉතිහාසයේ කුණුු බක්කියට විසිවූ චෝරනාගලා සහ ගෝඨාබභයලා‌ග‌ේ එත‌ෙක් ම‌ෙත‌ෙක් අතීත කතාව ම‌ෙන්න…..

    ඉතිහාසයේ කුනුබක්කියට විසිවූ චෝරනාගලා සහ ගෝටාබයලා

    මැදමුලන ගම ගෙදර තෙවැනි ගෝටාබය උපන්නේ 1949 ජූනි මස 20 දිනය. උසස් පෙලට පාඩම් කිරීම නිෂ්පල යයි සිතු ගෝටාබය 3 වන කැඩෙට් පාඨමාලවට අයදුම් කලේය. එය සිදුවූයේ 1970 වසරේදීය . නමුත් එම පාඨමාලවට බදවා ගත්තේ නිලධාරීන් දොලොස් දෙනෙකු වැනි සීමිත පිරිසකි , ගෝටා වැනි ලොසෙකුට කිසිම අවස්ථාවක් එහි නොවිනි. ඉගෙනීම හෝ ක්‍රීඩාව යන දෙකෙන් එකක්වත් හරියට නොකල ගෝටාබය නිකන්ම කැපී ගියේය .

    ගෝටාබයගේ උපන්දිනයදා පැවැත්වූ ‘හිට්ලර්’ උපමා අනුශාසනාව නොසිතූ විරූ අලකලංචියකින් කෙලවර විය . දේශපාලන කෝන වලින් බලන්නේ යයි සිංහළ ජනයා වෙත යම් චෝදනාවක් එල්ල කල හැකි නමුදු යලි ප්‍රතිෂ්ඨාපනය කිරීමට අපහසු බරපතල සිත් බිදීමක් සුලු ජනයා කෙරේ සිදුව ඇත . ගෝටාබය රාමාලාන් මාසය පුරා නෝම්බි අරිමින් අමාරුවෙන් හදා ගත් මල් පාත්තිය එක් ‍රැයකින් සුනු විසුනු වී ඇත .‘හිට්ලර්’ කථාවට ප්‍රතිචාර දැක්වූ මහින්ද කියාසිටියේ, ගෝටාබය ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙතැයි බිය වූ පිරිස් මේ ආකාරයෙන් කටයුතු කරන බවය. නමුත් මහින්දගේ තර්කය ආපිට කැරකවෙන කථාවක් ගම්මන්පිල කීවේය. ඔහු චම්පික රණවක පොල්පොට්ට සමාන කලේය. ගම්මන්පිල වැනි ගෝටාගේ අගසව්වන් චම්පිකව මඩේ දමන්නේ ඉදිරි මැතිවරණයෙදී ඔහුගේ භූමිකාවට ඇති බිය නිසා මිස අන් යමකට නොවේ.

    ලක් ඉතිහාසයේ පලවෙනි ගෝටාබය

    ලියුම්කරුගේ මෙම වෑයම ඉතිහාසයේ කුනු බක්කියට විසිවූ හිට්ලර්ලා පොල්පොට්ලා ගැන ලිවීම නොවේ. ලක් ඉතිහාසයේ රජකමට කුරුමානම් ඇල්ලූ ගෝටාබයලා ගැන සටහනක් තැබීමය. ලක් ඉතිහාසයේ පලමු ගෝටාබය කරලියට එන්නේ (ක්‍රි. පූ. 290-250) කාලයේදීය. දේවානම්පියතිස්ස රජු තමාගේ මලණුවෙකු වූ මහානාග යුවරජ තනතුරට පත්කර ගෙන රට පාලනය කලේය. රජුගේ ඇවෑමෙන් ඔ‍ටුන්න තම පුත්‍රයාට නොදී මහානාග විසින් අත්පත් කර ගනීවි යයි සැක සිතූ රජුගේ බිසවක වූ අනුලා මහානාග මැරීමට සැලසුම් කලාය. අනුරපුරයේ ‘වලස්වැව‘ඉදිකිරීම් කටයුතු සිදුවන විටෙක විෂ යෙදූ අඹ පැසක් මහානාග වෙත එවී ය. නමුත් කූඩයේ උඩම තිබූ විෂ අඹ ගෙඩිය අනුභව කලේ අනුලා බිසවගේ පුත් කුමාරයාය . එම සිදුවීමෙන් පසු තමා ඝාතනය කිරීමට රජ වාසල තුල කුමන්ත්‍රණයක් ඇති බව තේරුම් ගත් මහානාග රුහුනට පලා ගියේය.

    පලාගිය මහානාග රුහුනේ රජ විය . ඔහු ගොඩනැගූ රෝහණ උප රාජධානිය යථාලතිස්ස, අභය සහ ගෝටාබය වෙත පිලිවෙලින් මාරු විය. රුහුනේ එකල්හි තවත් උප රාජධානිනි කිහිපයක් විය. දසබෑ රජවරුන්ගේ ශ්‍රී විභූතිමත් කාජරගාම (කතරගම) උප රාජධානිය මේඅතර ප්‍රධාන විය. අම්පාර දිස්ත්රික්කයේ මොට්ටයාකල්ලු ශිලා ලිපියේ දසබෑ රජවරුන් අතර “නාවික උපරජ” කෙනකු පිලිබදව දක්වා ඇත. දකුනුලක කේන්ද්‍රකර ගනිමින් ස්ථාපනය කරතිබූ විශාලතම වෙළද නැව් සමූහය දස බෑ රජවරුන් සතු වූ බව එහි විස්තර කරයි. . (Incriptions of Ceylon Vol.i, senarath paranvithana 1970 Introduction. p.lvi. and p.37 no 487.) වස්තු තන්හාව සහ බලකාමය හේතුවෙන් ගෝටාබය විසින් දසබෑ රජවරුන් කෲර ලෙස ඝාතනය කල ආකාරය 14 වන සියව සට අයත් කකුසඳ හිමිගේ ධාතුවංශයේ සඳහන් කර ඇත. එම පාපී ක්‍රියාව හිලව් කරගනුවස්, අනතුරුව ගෝටාබය මල්වට්ටි අතින් ගෙන පන්සල් සරණ ගිය ආකාරය (ධාතුවංශය 49-50 පිටු) විස්තර කර සිටියි.

    ලක් ඉතිහාසයේ දෙවැනි ගෝටාබය

    දෙවන ගෝටාබය කරලියට එන්නේ ක්‍රි.ව ක්‍රි.ව.242 දී රජ පැමිණි විජයිදු රජුගේ කාලයේදීය . රුහුනේ වාසය කළ සංඝතිස්ස, සංඝබෝධි (සිරිසඟබෝ) , ගෝඨාභය යන ලම්බකර්ණ වංශිකයන් තිදෙනා රාජ සේවයට යම්න් සිටියදී අඩි ශබ්දය ඇසුණු තිසාවැව පාමුල සිටි අන්ධ අනාවැකි කියන්නෙක් ” “ලක් පොළවට ස්වාමී වූ මේ තිදෙනා ව පොළව දරා සිටින්නේ ය.” (මේ ගිය තිදෙනාම ලංකාවේ රජ වන්නේය) “කී බව මහා වංශයේ දැක්වෙයි. එය අසා බල කාමයෙන් මත් වූ ගෝටාබය අන්ධ අනාවැකි කියන්නා වෙත යලි හැරී ගොස් වැඩි විස්තර ඇසූ බව සදහන්ය. එහිදී, අවසානයේ රජ වන්නා වැඩි කාලයක් පාලනය ගෙන යන බව කියා තිබුනි. අනාවැකිය දැඩිව සිතට ගත් ගෝටාබය මුලින්ම විජයිදු ඝාතනය කරන අයුරුත් පසුව සංගතිස්ස සහ සංගබෝධි කුමාරවරුන්ට රජවීමට දී ඔවුන් ඝාතනය කරන අයුරුත් සැලසුම් කලේය.

    අනුරපුර රජවාසලට සැපත් වූ ගෝටාබය විජ්යදු රජුගේ කපටි ආරක්ෂකයා බවට පත් විය. ගෝඨාභය වසරක් යාමටත් මත්තෙන් විජයිදු රජු මරා සංඝතිස්සට රජකම ලබා දුන්නේය. වසර 4 ක් රජ කළ සංඝතිස්ස ජම්බු වලට වස දමා මරණයට පත් කලේය. මීලගට රජකම සංඝබෝධි හෙවත් සිරිසඟබෝ කුමාරයාගේ ඇගේ ගැහුවේය. දැහැමි පාලනය නිසා රටවැසියන් ඔහුට මහත් සේ ඇළුම් කළ අතර ගෝඨාභය කුමන්ත්‍රනකාරීව සිරිසඟබෝ රජුට එරෙහිව ජනයා කුපිත කරමින් කැරලි ගැසීමට උල්පන්දම් දුන්නේය. කැරලි නිසා සිදුවන ලේ වැගිරීම් පිලිබදව කම්පාවුනු සිරිසඟබෝ රජකම අතහැර තපස් ‍රැකීමට වනේ වන ගත වූයේය.

    සිරිසඟබෝ රජකම අතහැරීම හේතුවෙන් ගෝටාබයට රජකම ලැබිනි. සිය සැලසුම පරිදිම අවසානයේ රජ වුවද ඔහු ඉන් සෑහීමකට පත් නොවිනි. සිරිසඟබෝගේ හිස රැගෙන එන්නෙකුට වටිනා ත්‍යාගයක් පිරිනමන බව දන්වා රට පුරා අණ බෙර කරුවන් යැව්වේය. වස්තුවට කෑදර පිරිස් සිරිසගබෝගේ මුහුනට සමාන වූවන් මරා දමමින් හිස් ‍රැගෙන ආවෝය. මේ අතර මෙම ඛේදවාචකය මගියෙකු හරහා සිරිසඟබෝගේ කන වැ‍ටුනේය .තමා නිසා සිදුවන ලේ වැගිරීමෙන් කම්පා වූ සිරිසඟබෝ මගියාට හිස දන් දුන්නේය. ගෝටාබය පිලිබද හොදින් දන්නා සිරිසඟබෝ යම් හෙයකින් මේ හිස පිලිගැනීමට ඔහු අකමැති වුව හොත් හිස අහසට විසි කරන ලෙසත් එවිට හිස අහසේ ‍රැදෙනු ඇති බවත් මගියාට කියා සිටියේය. විසි කල හිස අහසේ ‍රැදුනා හෝ නො‍රැදුනා වන්නට පිලිවන, නමුත් මහාවංශ කතුවරයා මෙවැන්නක් ලියා තිබෙන්නේ ගෝටාබයගේ කපටි කෲර වෘතාන්තය වර නැගීමට බව නිසැකය.

    ලක් ඉතිහාසයේ තෙවැනි ගෝටාබය

    මැදමුලන ගම ගෙදර තෙවැනි ගෝටාබය උපන්නේ 1949 ජූනි මස 20 දිනය. උසස් පෙලට පාඩම් කිරීම නිෂ්පල යයි සිතු ගෝටාබය 3 වන කැඩෙට් පාඨමාලවට අයදුම් කලේය. එය සිදුවූයේ 1970 වසරේදීය . නමුත් එම පාඨමාලවට බදවා ගත්තේ නිලධාරීන් දොලොස් දෙනෙකු වැනි සීමිත පිරිසකි , ගෝටා වැනි ලොසෙකුට කිසිම අවස්ථාවක් එහි නොවිනි. ඉගෙනීම හෝ ක්‍රීඩාව යන දෙකෙන් එකක්වත් හරියට නොකල ගෝටාබය නිකන්ම කැපී ගියේය . 1971 වසරේ ඇතිවූ ජ.වි.පෙ කැ‍රැල්ල හේතුවෙන් හමුදාවේ පිරිස් බලය දෙගුනයකින් වැඩි කිරීමට රජය තීන්දු කලේය. ඒ අනුව 1972 වසරේ සිදුවූ 4 වැනි කැඩෙට් නිලධාරී පාඨමාලාවට නවකයන් 6o දෙනෙකු බදවා ගැනීමට තීන්දු වූයේය . එවක පැවති සිරිමාවෝගේ ආන්ඩුවේ නිලධාරීන්ට කන් කෙදිරිගා ගෝටාබය කෙසේ හෝ 4 වැනි කැඩෙට් පාඨමාලාවට රිංගා ගත්තේය.හමුදා පුහුනුව යාන්තමින් ගැටගහ ගත් ගෝටාබය රජරට රයිපල් බලකායට අනුයුක්ත වූයේය. එල්.ටී.ටී.ඊ සාමාජිකයන් දාහක් දෙදාහක් සිටි කාලයේදී පවා උතුර දකුන මාරු වී සිටි ගෝටාබය 1992 වසරේදී මොලේ අමාරුවක් ඇතැයි කියා විශ්‍රාම ගත්තේය . ඒ සමගම ඇමෙරිකාවට ගිය ඔහු 2005 වසර වන තෙක් මෙහි පස් පෑගුවේ නැත.

    2005 වසරේ මහින්ද ජනපති වීම නිසා ගෝටාබයට ආරක්ෂක ලේඛම් තනතුර ලැබිනි. ගෝටාබය හමුදාවට අවි ආයුධ සපයන අතර තුර මිලියන ගනනින් ගාන කැපුවේ කැබිනට් මන්ඩලයද ගොනාට අන්දවමිනි. තමාගේ හොර මැරකම් පිලිබද කතා කරන උන් අප්‍රමාදව නිවන් යැව්වේය. මාධ්‍යවේදින් සිවිල් ක්‍රියාධරයන් ඇතුලු බර ගනනකට නිවන් සැප ලැබුනි. ආයතන සංග්‍රහයේ අකුරක්වත් නොදන්නා ගෝටාබය රටේ හොදම අමත්‍යශ 7ක් පවරාගෙන සිවිල් සේවයටද අත ගැසුවේය. සිවිල් සේවයේ තරම කොතෙක්දයත් විමලේ සහ ඇඹේනියට කල ගමන් බලපත්‍ර නිකුතුව හොද උදාහරණයකි .ගෝටාබය යටතේ වූ ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් ඔවුන්ට ගමන් බලපත්‍ර දෙක බැගින් දුන්නේ බස් ටිකට් කඩනවා මෙනි. යුද හමුදා මූලස්ථානය චීන හෝටලයකට සින්නක්කරව විකුන්නේය. චීනාගෙන් ලද මුදල නව හමුදා සංකීර්ණය සෑදීමට තියා කුලී ගෙවීමටත් මදි වී ඇත.හමුදාවට අද ගෙදරත් නැත, සල්ලිත් නැත, ඉඩමත් නැත. කෙසේ වුවද හමුදා සංකීරණය කුඩු කර චීනා සැදූ හෝටලෙයේ ‍රැස්වීමක් තියා ඊලග ජනපතිවරණයට ඉදිරිපත් වීමට කැමති බව ගෝටාබය කීවේය.

    චෝරනාගගේ අඩි පාරේ යන ගෝටාබය

    තමන්ට මොන තනතුරු තාන්න මාන්න හිමි වුවද සසර පුරුද්දට හොරකම් කළ, මිනී මැරූ , මං පැහැරූ දාමරිකයන්ගේ කතා අතීත රාජාවලියේද හමු වෙයි. මහාවංශයට අනුව ක්‍රි. පූර්ව 77 සිට 63 දක්වා වසර 14ක් ලංකාවේ කිරුල දැරුවේ චෝරනාග නම් රජෙකි . වලගම්බා රජුගේ පුත්‍රයෙකු වන මොහුගේ සැබෑ නම චෝරනාග නොව මහානාගය. මොහු හොරුන්ගෙත් හොරෙකි .කුමාර කාලයේ සිටම මහානාග මං පහරන අග්‍රගණ්‍ය සොරෙකු වූයේය. ඔහුගේ නම ඇසූ පමණකින්ම රටවැසියන් බියපත්ව හිස් ලූලූ අත දිව ගියේය . මහානාග රජ වුවද ඔහුගේ කලකිරියාව වෙනස් නොවින. රජ වූ පසුත් ඔහු හැසුරුනේ මහා චෞරයෙකු ලෙසය. රටවැසියන් මහානාග නමින් මුලින් ආමන්ත්‍රණය කළද පසුව ඔහුට ‘චෝරනාග’ නම පට බැදීය. මහාවංශයේ ඔහුගේ නම ලියවුනේද චෝරනාග ලෙසිනි. ගෝටාබයටද කොතරම් තනතුරු තාන්න මාන්න හිමි වුවද ඔහු හැසිරෙන්නේ දාමරිකයෙකු ලෙසිනි. චෝර නාග මෙන්ම ගෝටාබයගේ නමද ඉතිහාසයට එක්වනු ඇත්තේ රටවැසියන් පටබදින විශේෂණ පද සහිතවය.

    ලියුම්කරු කීර්ති රත්නායක

  • කොල්ලෝ ආසාවෙන් යන “ස්පා” ලෝක‌ෙයේ ඇතුලාන්තය ගැන අක්කා ක‌ෙන‌ෙක් කියන අමුතු කතාව ම‌ෙන්න…

    කොල්ලෝ ආසාවෙන් යන “ස්පා” ලෝක‌ෙයේ ඇතුලාන්තය ගැන අක්කා ක‌ෙන‌ෙක් කියන අමුතු කතාව ම‌ෙන්න…

    ආයුර්වේද වෙදකමේදි සම්භාහනය ඉතා වැදගත් ක්‍රමවේදයක් බව මේ වනවිට ලෝකයේ වෛද්‍ය විද්‍යාව ප්‍රබලම රටවල් පිළිගෙන තිබේ.
    ඒ කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය වැඩි වශයෙන් පවතින නගර ආශ්‍රිතව ආයුර්වේද සම්භාහන මධ්‍යස්ථාන පවත්වාගෙන යනු දකින්නට ලැබෙයි.
    තෙල් වෙදකම පත්තු ආදිය ඇතුළත්ව තිබෙන මෙම ස්ථානවලට වාර්ෂිකව පැමිණෙන විදේශීය සංචාරකයින් පිළිබඳව අප අසා ඇත්තෙමු.
    ඒත් අපට දැන් කියන්නට වන්නේ ඊට එහා ගිය සම්පූර්ණ වෙනස් කතාවකි. මෙම ආයුර්වේද සම්භාහන මධ්‍යස්ථානවලට ද තර්ජනයක් වී ඇති හතු පිපෙන්නාවාගේ කොළඹ නගරය සහ ලංකාවේ ප්‍රධාන නගර ආශ්‍රිතව ඉතා වේගයෙන් ව්‍යාප්ත වන සම්භාහන මධ්‍යස්ථාන පිළිබඳවයි.
    ඒවායින් බොහොමයක කිසිදු ආයුර්වේද වෙදකමකට සම්බන්ධ සම්භාහන ක්‍රියාවලින් සිදු නොවන අතර ගණිකා වෘත්තිය සහ වෙනත් කාම ආශාවන් සංසිඳවන මධ්‍යස්ථාන බවට පත්ව තිබේ. කොළඹ සහ තදාසන්න නගර ආසන්නව දිනෙන් දින දැඩි ලෙස මෙය වර්ධනය වන අතර ඒ පිළිබඳව සොයා බැලූ අපට එයින් මතුකරගත් කරුණු රැසක් ඔබ වෙත ඉදිරිපත් කරන්නෙමු.
    කොළඹ දිස්ත්‍රික්කය තුළ ඇති මෙම සම්භාහන මධ්‍යස්ථානයකින් කිසිදු ගැටලුවක් නොමැතිව දිනකට ලොකු ලාභයක් ලබා ගැනීමට හැකිව තිබේ.
    තලවතුගොඩ, නුගේගොඩ, පිළියන්දල, කඩවත, මහරගම, හෝමාගම, අතුරුගිරිය ඇතුළු තවත් ප්‍රදේශ ආශ්‍රිතව බහුල වශයෙන් මෙම මධ්‍යස්ථාන විවෘතවෙමින් තිබේ. මෙම ව්‍යාපාරය හුදෙක් ලිංගික ආස්වාදය සඳහා පමණක්ම වෙන්වූවක් බව අප ලද තොරතුරුවලින් අනාවරණය විය.
    මෙම ස්ථානවලට ඉංග්‍රීසි භාෂාවෙන් ‘ස්පා’ සහ චීන නාමය සඳහන් කරමින් සම්භාහන මධ්‍යස්ථාන පවත්වාගෙන යනු ලබයි.
    වයස අවුරුදු 16-80 පමණ දක්වා කාණ්ඩවල පුද්ගලයින් මෙම ස්ථානවලට පැමිණෙන අතර ලිංගික අවශ්‍යතාවන් මත මෙහි ගනුදෙනු වෙනස්වේ.
    මෙම මධ්‍යස්ථානවලට ප්‍රථම වතාවට හෝ දෙවන වතාවට ඇතුළුවන පුද්ගලයින්ට තරුණියන් ලැබෙන්නේ ගණිකාවන් හැටියට නොවෙයි. එම තරුණියන්ගේ ඇඟපත අතගෑම සහ තරුණියන් ලවා වෙනත් විවිධාකාර වින්දනයන් කර ගැනීමේ අවස්ථාව පමණක් ලබා ගනී. එහිදී ඇතැම් පුද්ගලයින් එම තරුණියන්ගේ ඇඳුම් ඉල්ලාගෙන යෑම හා ඒවා ස්පර්ශ කිරීම, පුරුද්දක් වී තිබේ.
    මේ අවස්ථාව ලබා ගැනීම සඳහා පැයකට රුපියල් 1500-2500 දක්වා ගෙවීමක් සිදුකළ යුතුය. කාමරයට කාන්තාව සමග ඇතුළුවන හිමිකරු පවසන්නේ පැයක කාලයක් බොඩි මසාජ් (සම්භාහනය) කර ගතහැකි බවයි.
    එහෙත් කාමරය තුළට යාමෙන් පසුව තරුණිය හෝ කාන්තාව ප්‍රකාශ කර සිටින්නේ ‘සර්’ වොෂ් එකක්දාගෙන මේ තුවාය ඇඳගෙන එන ලෙසය.
    පසුව තරුණිය ඇඟපත ස්පර්ශ කිරීම ආරම්භ කරන අතර ශරීරය සිප ගැනීමද ආරම්භ කරයි. ඒ අතර තරුණයාගේ හෝ පැමිණි පුද්ගලයාගේ හැඟීම් උද්දීපනය වීමෙන් පසු ඇය කියා සිටින්නේ, ‘සර්’ වෙන මොනවහරි ඕනනම් ‘ටිප්’ එකක් දෙන ලෙසයි. ‘ටිප්’ එක බොහෝ විට රුපියල් 500 සිට 5000 හෝ වෙනත් මුදලක් දක්වා වැඩිවේ.
    මෙම ස්ථානයට දිගින් දිගටම අවස්ථා කිහිපයකදී එන පුද්ගලයකුට එහි සිටින තරුණියක් ගණිකාවක් ලෙස ලබා ගත හැකිය. එහිදී මුදල රුපියල් 5000 සිට 10000 දක්වා හෝ ඊට ඉහළ මුදලක් දක්වා වැඩි වෙයි.
    මෙම ආයතන මෙලෙස පවත්වාගෙන ගියද ආයුර්වේද දෙපාර්තමේන්තුවේ නියමිත නීතිරීති අනුව සම්භාහන මධ්‍යස්ථානයක් ඇරඹීමට සහතිකයක් ලත් ආයුර්වේදවරයකු සිටිය යුතු අතර ඒ සඳහා ප්‍රමිතියෙන් යුතු උපකරණ තිබිය යුතුය. එහෙත් මෙම ස්ථානවල එවැනි කිසිවක් දැකගත නොහැකිය. එහි ඇත්තේ ඇතුළුවෙන ස්ථානයේ මොනයම් හෝ ආගමික ප්‍රතිමාවක් තබා මල් පූජාකර නොයෙක් තෙල්වර්ග සහිත බෝතල් රඳවා කුරුඳු තෙල් සුවඳ හමන ලෙස සකස් කර ඇති පහන් කිහිපයකි.
    මෙහි පැමිණෙන තවත් පිරිසක් පිළිබඳව පුදුම සහගත කරුණු රාශියක් අප හට සොයා ගැනීමට හැකිවූයේ මෙම ස්ථාන කිහිපයකටම ගොස් තරුණියන් සමග කතාබස් කිරීමෙන් පසුවය.
    මට අවුරුදු 22යි. මම කුරුණෑගල පදිංචිකාරියක් දැන් අවුරුදු එකහමාරක් තිස්සේ මේ රැකියාව කරනවා. මට නොයෙක් කරදර හිරිහැර සිදුවෙනවා. මා ඒවා ගණන් ගන්නේ නැහැ.
    කිසි ගැටලුවක් නැතිව මාසයකට රුපියල් අසූදහසයි ලක්ෂයයි අතර මුදලක් හොයාගන්නවා. සෙව්වන්දි නමැති තරුණිය අප සමග කීවාය.
    මෙතනට බෝඩින් ගාස්තු නැහැ. අප ඉන්නේ මේක ඇතුළෙමයි. වියදම් අඩුයි. හැබැයි දවස් හයේම වැඩ
    මා ළඟට ගොඩක් වයසක අය එනවා. ඔවුන් ඇත්තටම කරදර කරන්නේ නැහැ. සමහර අය වැඩි දෙනෙක්ම සල්ලි දීලා මාව බදාගෙන ඉන්නවා. ඊට පස්සේ මට ආදරෙයි කියලා යන්න යනවා. සමහර අය ආපසු එන්නේ නැහැ.
    ඒත් මාසයකට වරක් මාව බලන්න එන පුද්ගලයන් ඉන්නවා. ඒ අය මට යනකොට රුපියල් 2000-3000 දීලා යනවාමයි සෙව්වන්දි අප සමග කීවාය. ඇය තවදුරටත් ඇගේ අත්දැකීම් කිහිපයක්ම සඳහන් කළාය.
    තව සමහර අය මට උඩ ඇඳුම් ගලවන්න කියලා මුළු පැයම මගේ දිහා බලාගෙන ඉඳලා යන්න යනවා.
    තවත් සමහරු මාව බදාගෙන ගෙදර නෝනාගේ ප්‍රශ්න ළමයින්ගේ දුක්ගැනවිලි කියලා අඬනවා. ඔයා හොයාගෙන ආවේ මගේ දුක කියන්න කියලත් ඇතැමුන් කියනවා.

     

    ඇතැම් අවස්ථාවල තරුණ පිරිස් ඇවිල්ලා මට එයාලගේ ශරීරය ස්පර්ශ කරන්න කියලා වෙන කාන්තාවන්ට දුරකථන ඇමතුමක් අරන් කතා කරනවා. ඔයවගේ එකකට එකක් විරුද්ධ නොයෙක් අත්දැකීම් තියනවා.
    සමහර අය හොඳටම බිලා එනවා. අපිට නොයෙක් කරදර කරනවා. එතකොට අපි එළියට දුවනවා. අපේ ආරක්ෂක අංශ විසින් ඒ අයව එළියට ඇදලා දානවා
    මෙවැනි සිද්ධීන් රාශියක් අප සතුව ඇතත් සමහර සිද්ධීන් පුවත්පතක පළකිරීමට පවා නීරසය. මෙම ස්ථානවලට පැමිණෙන තවත්් පුද්ගලයින් එහි සිටින සුරූපී තරුණියන්ගේ යට ඇඳුම් මිලට ගෙන රැගෙන යන බවද එක්තරුණියක් අප සමග කීවාය.
    බොහෝ මානසික ආතතින්ගෙන් පෙළෙන පිරිස් මෙම ස්ථානවලට පැමිණ තමන්ගේ මානසික ආතතිය අඩු කරගැනීමට හෝ මානසික සහනයක් ලබාගැනීමට කටයුතු කරන ආකාරයක් පෙනීයන්නේය.
    එලෙසම බත්තරමුල්ල, කඩුවෙල ආශ්‍රිතව තිබෙන ‘ස්පා’ වෙත ප්‍රබල දේශපාලනඥයින්, ඇමැතිවරුන්, මන්ත්‍රීවරුන් සහ කෝටිපති ව්‍යාපාරිකයන් පැමිණෙන බව කියවේ. ඉන්බොහෝ දෙනකු සම්භාහන කර ගැනීමට පමණක් පැමිණෙන බව අපට අනාවරණය කර ගැනීමට හැකිවිය.
    මෙම මධ්‍යස්ථානවලට ගණිකා වෘත්තිය සඳහා නොවන තරුණියන්ද මව්වරුන්ද සේවයට පැමිණෙන බව අපට තහවුරු විය.
    විශේෂයෙන්ම එක් දරු මව්වරු, තරුණ මව්වරු මෙම ස්ථානවල සේවයට පැමිණෙන අතර ඔවුන්ගේ දූ දරුවන් ජාත්‍යන්තර පාසල්වල අධ්‍යාපන කටයුතු හදාරන බවද පැවසේ.
    එම මව්වරු මේ තත්ත්වයට පත්ව ඇත්තේ ඔවුන්ගේ ස්වාමිපුරුෂයන් ඔවුන් හැර යාම සහ දික්කසාද වීම බව එවැනි තරුණ මව්වරු කිහිපදෙනෙකු සමග කතා බහ කිරීමෙන් පසු අපට සොයා ගැනීමට හැකිවිය.
    මෙම සම්භාහන ආයතන උදෑසන 9 සිට රාත්‍රී 12 දක්වා විවෘතව තබන අතර තවත් ප්‍රමාණයක් පැය විසිහතරේම විවෘතව තබන ඒවා ද ඇත.
    ජාතික පුවත්පත්වල වෙළෙඳ දැන්වීම් පළකිරීමෙන් සහ ජංගම දුරකථන මගින් මුහුණු ‍පොත මගින් මේ සඳහා තරුණියන් බඳවා ගැනේ.
    මෙම රැකියාව සඳහා අත්දැකීම් ඇති තරුණියන් පැමිණෙන විට තවත් තරුණියක් රවටා ගෙන පැමිණීමට පුරුදුව සිටිති. එහිදී අත්දැකීම් ඇති තරුණියන්ට සම්භාහන හිමිකරු විසින් විශේෂ තෑගි මුදලක් ලබා දෙනු ලබයි. මේ ආකාරයෙන්ම මේ ස්ථානවලට පැමිනෙන නව තරුණියන් සිය නිවෙස් වෙත දෙමව්පියන්, ඥාතීන් වෙත වෙනත් රැකියාවල නිරතවන බව පැවසීමට වගබලා ගනී.
    මෙහි භයානක තත්ත්වයන් රැසක් පිළිබඳව අපට හැඟී යයි විශේෂයෙන්ම තරුණ කාන්තාවන් සම්භාහන රක්ෂාව ආරම්භ කර සල්ලි රසය දැනීමත් සමග ගණිකා වෘත්තියට පිවිසීමයි. එයින් පසුව ඔවුන් මත්ද්‍රව්‍ය, මත් පෙතිවලට පුරුදු වෙති. තවත් සමහරුන්ට සමාජ රෝගවලට මුහුණදීමට සිදුවෙයි. එහිදී මුළු ජීවිතයම විනාශ වන බව පෙන්වා දිය හැකියි.
    මෙහිදී අපට පෙනීගිය කරුණක් වන්නේ යම් යම් මානසික ආතතින්ගෙන් පෙලෙන පුද්ගලයින් වැඩිවීම සමාජයේ දකින්නට ලැබෙන අතර අදාළ ආයතන මේ පිළිබඳව සොයා බලා ඒවාට ප්‍රතිකර්ම සෙවිය යුතු බවයි. එසේ නොවන්නේ නම් සමාජගත මෙම ගැටලු වැඩි වශයෙන් වර්ධනය වී සමාජයට මහත් පිළිලයක් වන බවයි.
    විශේෂයෙන්ම බම්බලපිටිය ප්‍රදේශයේ පිහිටි විදේශ කාන්තාවන් (තායි, පිලිපීන්) යොදා ගනිමින් පවත්වාගෙන ගිය සම්භාහන මධ්‍යස්ථානයක් වැටලූ අවස්ථාවේ ‍පොලිසියට සොයා ගැනීමට හැකිවූයේ එහි ගණිකා වෘත්තිය සිදු කෙරෙන බවයි.
    තවදුරටත් ‍පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක කිරීමේදී අනාවරණය වූයේ එම තරුණියන්ට (ඩ්) ඒඩ්ස් රෝගය වැලඳී තිබූ බවත් ඔවුන් සමග සංවාසයේ යෙදුණු කිහිප දෙනකුටම මෙම රෝග පැතිරී යන්නට ඇති බවයි.
    මේ කාරණා පිළිබඳව අප විශේෂයෙන්ම සොයා බැලිය යුතු අතර වැඩි අවධානයක් යොමු කළ යුතුය. මෙවැනි සිද්ධීන් එකක් අනාවරණය වන නමුත් සිද්ධීන් කොතරම් සැඟවී යනු ඇත්දැයි අපි නොදනිමු. එලෙස සිද්ධීන් සැඟවී යාමේදී සැඟවෙන්නේ ඉතාමත් සමාජ ගත ප්‍රශ්නයකි. ගැටලුවකි. එයට විසඳුම් සෙවීමද පහසු කාරණයක් නොවනු ඇත.
    උපුටාගැනීම – භක්ති ධර්මප්‍රිය මෙන්ඩිස්
  • කැලි කසලින් වැනසී යන පැරකුම් සමුදුර සුරකින්න පුලතිසිපුර ජනතා නායකයාගෙන් කඩිනම් පියවර රැසක්….

    කැලි කසලින් වැනසී යන පැරකුම් සමුදුර සුරකින්න පුලතිසිපුර ජනතා නායකයාගෙන් කඩිනම් පියවර රැසක්….

    ඓතිහාසික පොළොන්නරුව පුරවරයේ දිදුලන ආභරණය පරාක‍්‍රම සමුද්‍රයයි.

    වෙහෙසකර ගමනාගමනයක් අතරතුර ජනතාව පරාක‍්‍රම සමුද්‍රයේ වැව් බැම්ම අසලට පැමිණෙන්නේ රටාවට දියරැළි නංවන එම මනරම් දසුන නැරඹීමට මෙන්ම එම දියරැළි සමග හමා එන සිසිල් මඳනලෙන් ගතේ මෙන්ම සිතේ විඩාව ද නිවා ගන්නටය.

    එහෙත් පරාක‍්‍රම සමුද්‍රයේ වැව් බැම්ම අසල කළක සිට පවතින කැළි කසළ ගැටලුව එහි සුන්දරත්වය වනසා දමමින් තිබේ.

    අවිධිමත් ලෙස මෙම ස්ථානයට කසළ බැහැර කිරීම හේතුවෙන් කැළි කසළ ගොඩගැසී ඇති අන්දම දක්නට ලැබේ.

    ඊයේ පොළොන්නරුවේ පැවති උත්සව සහ වැඩසටහන් කිහිපයකට සහභාගීවීමට එහි ගිය ජනාධිපතිතුමා අද (25) උදෑසන සිය ශාරිරික සුවතාවල යෙදෙන අතරතුර පරාක‍්‍රම සමුද්‍රය අසල මෙම කනගාටුදායක තත්ත්වය සියැසින් දැක බලා ගත්තේ ය.

    අනතුරුව වහාම එම ස්ථානයට අදාළ සියලු නිලධාරින් කැඳවූ ජනාධිපතිතුමා නිලධාරින්ට දැඩි ලෙස උපදෙස් දුන්නේ මෙම කැළිකසළ ගැටලුව විසඳිම සඳහා කඩිනම් පියවර ගන්නා ලෙසයි.

    එම ස්ථානය තුළ සුදුසු පරිදි කසළ බඳුන් සවි කිරීමට සහ අවිධිමත් ලෙස කසළ බැහැර කරන පුද්ගලයන්ට එරෙහිව නීතිමය කි‍්‍රයාමාර්ග ගැනීමට ද ජනාධිපතිතුමා නිලධාරින්ට නියෝග කළේය.

    එම කටයුතු පිළිබඳ නිරන්තර පසුවිපරමක් සිදුකරන බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.

    ඓතිහාසික උරුමයක් වූ පරාක‍්‍රම සමුද්‍රයේ වටිනාකම ආරක්ෂා කර ගැනීම මෙන්ම ජනතාවට නිදහසේ සහ සුවදායක පරිසරයක් තුළ එහි අසිරිය විඳ ගැනීමට අවස්ථාව සලසාදීමේ වැදගත්කම ජනාධිපතිතුමා මෙහිදී වැඩිදුරටත් නිලධාරින්ට පෙන්වා දුන්නේය.

    එමෙන්ම මෙම පොසොන් උදාව නිමිත්තෙන්, දිවයිනේ නන් දෙසින් ඓතිහාසික පොළොන්නරුව පුරවරයට පැමිණෙන ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන්ගේ නෙත් සිත් පහන්වන අයුරින් එහි පරිසරය පවත්වාගෙන යාම සහ ඔවුන්ට අවශ්‍ය පහසුකම් සලසාදීම පිළිබඳව ද ජනාධිපතිතුමා නිලධාරින් දැනුවත් කළේය.

     

  • තෙවෙනි තරගයේ අපේ සිංහයන්ට ජයග්‍රාහි ඉලක්කය ලකුණු 144ක්….. මැච් එක සජීවීව බලන්න ලින්කුව මෙන්න….

    තෙවෙනි තරගයේ අපේ සිංහයන්ට ජයග්‍රාහි ඉලක්කය ලකුණු 144ක්….. මැච් එක සජීවීව බලන්න ලින්කුව මෙන්න….

    තෙවෙනි තරගයේ අපේ සිංහයන්ට ජයග්‍රාහි ඉලක්කය ලකුණු 144ක්….. මැච් එක සජීවීව බලන්න ලින්කුව මෙන්න….

    https://www.youtube.com/watch?v=JJXh_O18cMU

  • ශාන්තිට පසුව Fill – T කෞශි පෙරේරා සහ ඉරූශායි එක්ක කරලියට එන මල්ලී ගීතයේ ලීක්වු විඩියෝව ම‌ෙන්න..

    ශාන්තිට පසුව Fill – T කෞශි පෙරේරා සහ ඉරූශායි එක්ක කරලියට එන මල්ලී ගීතයේ ලීක්වු විඩියෝව ම‌ෙන්න..

    Fill – T කියන්නෙ තරුණ පරපුර අතර ඉතා ජනප්‍රිය රැප් ගායකයෙක්.

    පහු ගිය කාලයේ ඔහුගේ “ශාන්තී” ගීතය ගොඩක් ආන්දෝලනයට ලක් වූ ගීතයක්. ඒ එහි Music Videoවේ ලිංගික දර්ශන නිසාවෙන්.

    ඉදිරියේදී නිකුත් වීමට නියමිත Fill – T ගේ අලුත්ම ගීතයත් “ශාන්තී”ට නොදෙවෙනි ලෙස ලිංගික දර්ශන ඇතුළත් ආන්දෝලනයට තුඩු දෙන Videoවක් බව අපිට දැනගන්න ලැබුණා.

    මෙම ගීතයේ නම “මල්ලී” වන අතර මේ Videoවේ ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ Fill – T සමග කෞශි පෙරේරා සහ ඉරූශායි. කෞශි හා ඉරූශා පහු ගිය දිනවල ඉතාමත් කතා බහට ලක් වුණු චරිත දෙකක්. ඉතින් අපි බලමු Fill – T ගේ අලුත් ගීතය රිලීස් උණාම එයට ලැබෙන ප්‍රතිචාර.ගොසිප් මචන් අපි Fill – T ට සුබ පතනවා ඔහුගේ කලා ජීවිතේ සාර්ථක වෙන්න.

    https://www.youtube.com/watch?v=CfEnSRgaxoE

  • පොලිස් විරුවෙක් දිවිපිදු මාතර පාතාල ගේම් එකට ප්‍රභූ ආරක්ෂක ගිනිඅවිය ආපු හැටි මෙන්න…

    පොලිස් විරුවෙක් දිවිපිදු මාතර පාතාල ගේම් එකට ප්‍රභූ ආරක්ෂක ගිනිඅවිය ආපු හැටි මෙන්න…

    මාතර නගරයේ පිහිටි ප්‍රසිද්ධ ස්වර්ණාභරණ අලෙවිසලක් කොල්ලකෑමට පැමිණි පාතාල කල්ලිය වෙඩි තැබීමට භාවිත කර ඇත්තේ ඉහළ පෙළේ ප්‍රභූන්ගේ ආරක්‍ෂාව සඳහා යොදා ගන්නා මිනිඋෟෂි වර්ගයේ ස්වයංක්‍රිය ගිනිඅවියක් බවට මූලික පොලිස් පරීක්‍ෂණවලදී තොරතුරු අනාවරණය වී තිබේ.

    ඉහළ පෙළේ ප්‍රභූන්ට ආරක්‍ෂාව සලසන පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් සහ ප්‍රභූ ආරක්‍ෂක අංශයේ නිලධාරීන් සීමිත සංඛ්‍යාවකට සහ ශ්‍රී ලංකා යුද හමුදාවේ කමාන්ඩෝ හා විශේෂ බළකා සෙබළුන් මෙම විශේෂිත ගිනි අවිය භාවිත කරන බවද ආරක්‍ෂක අංශ ඉහළ පෙළේ නිලධාරියෙක් ‘මව්බිම’ කළ විමසීමකදී පැවැසීය.

    මෙරට ආරක්‍ෂක අංශය සඳහා ඉතා සීමිත සංඛ්‍යාවක් නිකුත් කර ඇති මෙම විශේෂිත ගිනි අවිය පාතාල කල්ලි අතට පත්වූයේ කෙසේද යන්න සෙවීමට විශේෂ පොලිස් පරීක්‍ෂණයක්ද මේ වන විට මාතර කොට්ඨාස භාර පොලිස් අධිකාරි ජී. එච්. මාරපන මහතාගේ අධීක්‍ෂණය සහ උපදෙස් මත මේ වන විට ආරම්භ කොට තිබේ.

    ස්වර්ණාභරණ අලෙවිසල තුළ මෙම ගිනි අවිය භාවිත කර ඇත්තේ පොලිස් වෙඩි පහරින් මියගිය චාමර ඉන්ද්‍රජිත් ජයසුන්දර විසින් බවද විමර්ශනවලදී හෙළිවී තිබේ.

    දැනට අත්අඩංගුවේ පසුවන කොස්ගොඩ තාරකගේ නායකත්වය මත කොල්ලය සැලසුම් කර ඇති අතර එය ව්‍යර්ථ කිරීමට පැමිණි පොලිස් නිලධාරීන්ට වෙඩි තැබීම සඳහා භාවිත කර ඇත්තේද මිනිඋෟෂි වර්ගයේ මෙම ස්වංක්‍රිය ගිනි අවිය බවද පොලිසිය පවසයි.

    මිනිඋෟෂි වර්ගයේ ස්වංක්‍රිය ගිනි අවිය සමඟ මිලීමීටර් 9 වර්ගයේ සජීව පතරොම් 18ක් සහිත මැගසින් එකක්ද පොලිස් භාරයට ගැනුණි.

    මෙම ගිනි අවිය ශ්‍රී ලංකා පොලිසියේ ගිනිඅවි පිළිබඳ විශේෂඥවරුන් විසින් පෙරේදා (23දා) පරීක්‍ෂා කර ඇති අතර එහි වාර්තාව මේ සතිය තුළ ලැබීමට නියමිතව ඇතැයිද උසස් පොලිස් නිලධාරියකු සඳහන් කෙළේය.

    විදෙස් රටක නිෂ්පාදනය කොට ඇති මෙම ගිනි අවිය පිළිබඳ ඉදිරියේදී අධිකරණ නියෝග මත රජයේ රස පරීක්‍ෂක වෙත ඉදිරිපත් කොට වාර්තාවක් ලබා ගන්නා බවද එම නිලධාරියා පැවසීය.

    ඊයේ (24දා) පස්වරුව වන විටත් කොල්ලයට පැමිණි පාතාල සාමාජිකයන්ට මෙම ගිනි අවිය කෙසේ ලැබුණේද යන්න සොයා ගැනීමට නොහැකිවූ බවද එම උසස් නිලධාරියා සඳහන් කළේය.

    මෙවැනි ගිනි අවි ඊශ්‍රායලය නිෂ්පාදනය කරන අතර යුද්ධය පැවැති සමයේ එල්.ටී.ටී.ඊ. නායකයන්ද මෙවැනි ගිනි අවි භාවිත කර ඇතැයි වාර්තාවේ.

    එසේම මෙවැනි නවීන ගිනි අවි පාතාල කල්ලි අතට පත්වීම මෙරට ජාතික ආරක්‍ෂාවට දැඩි තර්ජනයක් බවද ආරක්‍ෂක අංශ පවසයි.

    මේ අතර අපරාධකරුවන් සම්බන්ධයෙන් ද නීතිය හා සාධාරණත්වය ඉෂ්ට විය යුතු බව මුදල් හා ජනමාධ්‍ය  අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

    අපරාධ කල්ලි සාමාජිකයෙකු පොලිස් වෙඩි පහරින් ඝාතනය වීම සම්බන්ධයෙන් සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර තිබේ.

    පසුගියදා මාතර නගරයේ ස්වර්ණාභරණ අලෙවිසැලක් කොල්ලකෑමට පැමිණි පිරිසක් සහ පොලිස් නිලධාරීන් අතර ඇති වූ වෙඩි හුවමාරුවකදි පොලිස් නිලධාරියෙකු මියගිය අතර කොල්ලකරුවන් පොලිස් අත්අඩංගුවට පත් විය.

    එලෙස අත්අඩංගුවට පත් වූ එක් අදාළ කොල්ල කණ්ඩායමේ ප්‍රධානියා පෙරේදා රාත්‍රියේ පොලීසියට අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට උත්සාහ දැරීමේදී පොලීසිය එල්ල කළ වෙඩි ප්ර්හාරයකින් මියගියේය.