“බිග් බෑඩ් වුල්ෆ්” නිල ෆේස්බුක් පිටුවේ දැක්වෙන පරිදි මෙම ප්‍රදර්ශනය ජුනි 28 දා සිට ආරම්භ වීමට නියමිතය.
Tag: featured
-

එවරස්ට් තරණය කළ මෙරට ඉතිහාසයට එක්වූ දෙවැන්නා – යොහාන් පීරිස්
එවරස්ට් තරණය කළ දෙවන ශ්‍රී ලාංකිකයා ලෙස යොහාන් පීරිස් මෙරට ඉතිහාසයට එක්වෙයි.නේපාල වේලාවෙන් අද උදෑසන 5.55ට පමණ ඔහු මෙලෙස සාර්ථකව එවරස්ට් තරණය කර ඇති අතර එවරස්ට් තරණය කළ ප්‍රථම ලාංකිකයා වන්නේ 2016 වසරේදී එවරස්ට් තරණය කළ ජයන්ති කුරුඋතුම්පාල යි.යොහාන් පීරිස් 2016 වසරේ එවරස්ට් තරණය කිරීමට ගත් උත්සහය අසාර්ථක වූයේ ඔහු රැගෙන ගිය ඔක්සිජන් ටැංකියේ දෝෂයක් හේතුවෙන් වුවත් මේවර සාර්ථකව එවරස්ට් තරණය කළ ඔහු මේ වන විට කඳු මුදුනේ සිට පහතට බසිමින් සිටියි. -

ඩිලන්ත මාලගමුව අනතුරකට ලක්වෙයි
ඩිලන්ත මාලගමුව කියන්නේ ලංකාවේ නාමය ලෝකය ඉදිරියේ බබලවන කවුරුත් ආදරය කරන කෙනෙක්.ඩිලන්තට හැමෝම ආදරය කරන්නේ ඔහුගේ දක්ෂකම්වලට විතරක්ම නෙවෙයි. ඔහුට තියෙන නිහතමානී ගුණයට.කෙසේවෙතත් ඩිලන්ත එංගලන්තයේ තරඟයකට සහභාගී වී සිටින අතරතුර නොසිතූ අනතුරකට ලක්වෙලා තියෙනවා.ඒ එංගලන්තයේ lamborghini Super Trofeo 2018 තරගයේදීයි.අනතුරින් ඩිලන්තයට කිසිදු හානියක් සිදුව නැහැ.සිදු වූ අනතුර ගැන කණාගාටුවෙන් ඩිලන්ත සිය ෆේස්බුක් ගිණුමට සටහක් ද එක් කර තිබුණා.ඒ සියලූම ලාංකිකයන්ගෙන් සමාව ඉල්ලා සිටින බවයි.මේ එම සටහනයි.(under the courtesy of adaderana news web)

-

ඒකාබද්ධ විපක්ෂ අද කථානායකගෙන් විශේෂ විවාදයක් ඉල්ලයි
පවතින ආපදා තත්ත්වය පිළිබඳව සහ ජීවන වියදම ඉහළ යාම සම්බන්ධයෙන් අද(22) දිනයේ පාර්ලිමේන්තුවේ විශේෂ විවාදයක් පවත්වන ලෙස ඒකාබද්ධ විපක්ෂය කථානායකවරයාගෙන් ඉල්ලීමක් කර ඇත.ඊයේ(21) කථානායකවරයාගෙන් ලිඛිතව අදාළ ඉල්ලීම සිදුකළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කළ අතර අද පස්වරුවේ පාර්ලිමේන්තුව රැස්වීම ආරම්භයේ දී එම විවාදය සඳහා අවස්ථාව ලබාදෙන ලෙසෙ ඒකාබද්ධ විපක්ෂ ඉල්ලීමක් කර ඇත.කෙසේවෙතත් ඒ පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අද දහවල් විශේෂ පක්ෂ නායක රැස්වීමක් කැඳවා ඇති බව ද පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කළේය. -

යෝජිත බස් ගාස්තු සංශෝධනය අද කැබිනෙට්ටුවට
යෝජිත බස් ගාස්තු සංශෝධනය අද(22) දිනයේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.ඉන්ධන මිල ඉහළ දැමීමත් සමඟ සියයට හයයි දශම පහක බස් ගාස්තු වැඩිවීමක් ලබාදීමට පසුගියදා කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී තිබූ නමුත් අදාළ බස් ගාස්තු වැඩි වීම ප්‍රමාණවත් නොවන බව පවසමින් බස් සංගම් විරෝධය පල කළ බැවින් 12.5% ක බස් ගාස්තු වැඩිවීමක් ලබාදීමට ප්‍රවාහන අමාත්‍යාංශය එකඟතාව පල කර ඇත.මෙහිදී රුපියල් 10ක්ව පවතින අවම බස් ගාස්තුව රුපියල් 12 දක්වා වැඩි කිරීමට ද තීරණය කෙරුණු අතර අදාළ සංශෝධනයන් අද දිනයේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර අනුමැතිය ලබාගැනීමට බලාපොරොත්තු වන බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ මහතා සඳහන් කළේය. -

ඩෙංගු රකුසා නැවතත් හිස ඔසවයි
දිවයින පුරා ඩෙංගු රෝගීන් 18586 ක් මේ වන විට වාර්තා වී ඇති අතර නිරිත දිග මෝසම් සක්‍රිය වීමත් සමග ඩෙංගු මදුරු ග්‍රහණය ඉහළ යා හැකි බැවින් මහජනතාව ඒ පිළිබඳ විශේෂ අවධානයක් යොමු කළ යුතු බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.
මේ වන විට වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් අතරින් වැඩිම සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති බවත් ගම්පහ, කළුතර, මඩකලපුව, කල්මුණේ, කෑගල්ල, රත්නපුර, පුත්තලම, කුරුණෑගල දිස්ත්‍රික්කවල ඩෙංගු රෝගය පැතිර යාමේ වැඩි අවධානමක් පවතින බවත් ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍ය සුසිලා සමරවීර මහත්මිය ප්‍රකාශ කර සිටියේය.
මේ නිසා තද උණ සමග හිසරදය, මස්පිඬු වේදනාව, වමනය ආදී රෝග ලක්ෂණ පවතී නම් හැකි ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවන ලෙස ඇය ජනතාවට දන්වයි.
-

දකුණේ හඳුනා නොගත් උණෙන් 600ක් රෝහල්වල 13ක් මරුට
දකුණු පළාතේ පැතිර යන වෛරසයට ගොදුරු වූ රෝගීන් 600 දෙනෙකු මේ වන විට පළාත් රෝහල්වල ප්‍රතිකාර ලබන බව දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සඳහන් කරයි.
ඒ අනුව ගාල්ල කරාපිටිය, මාතර මහ රෝහල, ඇල්පිටිය, කඹුරුපිටිය, තංගල්ල සහ වලස්මුල්ල යන රෝහල්වලින් මෙම රෝගීන් වැඩිවශයෙන් වාර්තා වේ.දකුණු පළාතේ පැතිර යන මෙම ඉන්ෆ්ලුවෙන්සා වෛරසය පාලනයට අවශ්‍ය උපරිම පියවර මේ වන විට ගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවැසීය.
පසුගිය මාසයක කාලය තුළ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල බොහෝ දරුවන්ට නිව්මෝනියා රෝග ලක්ෂණ පෙන්නුම් කළ අතර එම දරුවන්ට උණ සහ ශ්වසනාබාධ ලක්ෂණද දක්නට ලැබුණි. මෙහිදී කරන ලද රසායනාගාර පරීක්ෂණ අනුව ඉන්ෆ්ලුවෙන්සා වෛරසයක් හේතුවෙන් මෙම රෝගී තත්ත්වය ව්‍යාප්ත වන බව දැනට සොයාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කළේය. මෙම රෝගයට ගොදුරු වූ කුඩා දරුවන් සහ වැඩිහිටියන් කිහිපදෙනා මේ වන විට මියගොස් ඇත.පවතින තත්ත්වය අවම කර ගැනීමට සෞඛ්‍ය බලධාරීන් මේ වන විට පියවර රැසක් ගෙන තිබේ.රෝගීන් කළමනාකාරණය කිරීමට අවශ්‍ය පහසුකම් ලබාදී ඇති අතර පැතිර යාම වැළැක්වීමටද ක්‍රියාමාර්ග රැසක් ගෙන තිබේ. ඒ අනුව රෝහල්වල නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන් බැලීමට පැමිණෙන පිරිස අවම කර ඇති අතර ශ්වසනාබාධ සහිත රොගීන් වෙනත් ස්ථානවල රඳවා ප්‍රතිකාර කරනු ලබයි.
එමෙන්ම මුඛය සහ නාසය වැසෙන පරිදි ආවරණයක් යොදා සිටින ලෙසත් දෑත් සබන් දා සෝදා පිරිසිදුව තබාගන්නා ලෙස ජනාකිර්ණ ප්‍රදේශවල ගැවසීම අවම කරන ලෙසත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ජනතාවට දැනුම් දෙයි. තවද අවදානම් සහිත ලක්ෂණ පෙන්නුම් කරන්නේ නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබාගත යුතු බවද හෙතෙම අවධාරණය කරයි. වයස අවුරුදු 2ට අඩු දරුවන් ගර්භණී මව්වරු, කිරිදෙන මව්වරු ශ්වසන ආබාධ සහිත පුද්ගලයින් හා වැඩිහිටියන් ඉහළ අවධානමක් සහිත පිරිස් ලෙස මේ වන විට හඳුනාගෙන ඇත.
-

නිල්වලා, ගිං, කළු, කැලණි යන ප්‍රධාන ගංඟා සහ අත්තනගලුඔය සහ මාඔය පිටාර ගලන බැවින් ඒ අවට ජනයාට අවධානයෙන් සිටින ලෙස දැණුම් දෙයි
පවතින අධික වර්ෂාපතනය හමුවේ ප්‍රධාන ගංඟා වල ජල මට්ටම් ඇතැම් ස්ථාන වල ගංවතුර මට්ටමට ළඟා වී ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
නිල්වලා, ගිං, කළු, කැලණි යන ප්‍රධාන ගංඟා සහ අත්තනගලුඔය සහ මාඔය ස්ථාන කිහිපයකින් පිටාර ගොස් ඇති බව ඔවුන් පෙන්වා දෙන අතර ඒ හේතුවෙන් ගංඟා ආශ්‍රිත පහත් බිම් වල ජීවත් වන ජනතාව හදිසි ගංවතුර තත්වයකින් ආරක්ෂා වීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග ගන්නා ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කරයි.
ඒ අනුව නිල්වලා ගඟ පිටබැද්දර, හා ඌරව ප්‍රදේශ වල සුළු ගංවතුර මට්ටමක් පවතින අතර අකුරැස්ස, පානදුගම පහල ජල මට්ටම මහ ගංවතුරක් දක්වා වර්ධනය වෙමින් පවතින බවත් ගිං ගඟ ඉහළ ගංඟා ධාරා ප්‍රදේශයේ එනම්තවලම ප්‍රදේශයෙන් ජල මට්ටම අඩුවෙමින් පැවතිය ද බද්දේගම ආශ්‍රිත පහල ගංගා ධාරා ප්‍රදේශයේ ජල මට්ටම තවදුරටත් ඉහළ යමින් පවතින බවත් කළු ගඟේ රත්නපුර ආශ්‍රිතව පවතින සුළු ගංවතුර මට්ටම තවදුරටත් ඉහළ යමින් පවතින අතර කැලණි ගගේ කොළඹ, කැලණිය, කොලොන්නාව, බියගම, කඩුවෙල, හංවැල්ල, දොම්පේ, රුවන්වැල්ල, දෙහිඕවිට සහ දැරණියගල යන ප්‍රදේශීය ලේකම් කොට්ඨාස වලට ගංවතුර අවධානමක් මතුව ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
මේ අතර පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් දිස්ත්‍රික්ක 04ක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් නායයෑමේ අවදානම් නිවේදනයක් නිකුත් කර තිබේ.
ඉදිරි පැය කිහිපය තුළ මිලි මීටර 150කට අධික වර්ෂාපතනයක් ඇතිවුවහොත් රත්නපුර, නුවරඑළිය, කළුතර, කෑගල්ල, මහනුවර සහ ගාල්ල යන දිස්ත්‍රික්ක වල නායයෑමේ අවදානම් සහ පස් කඳු කඩාවැටීම් ඇතිවිය හැකි බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය සඳහන් කළේය.
මේ අතර පවතින අයහපත් කාලගුණික තත්වය හෙතුවෙන් ප්‍රදේශ රැසක ජනතාව එම ස්ථාන වලින් ඉවත් කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.
-

“බිග් බෑඩ් වුල්ෆ්” පොත් ප්‍රදර්ශනය ජුනි 28දා සිට
ශ්‍රී ලංකිකයන් අතර අතිජනප්‍රියත්වයට පත්වූ “බිග් බෑඩ් වුල්ෆ්” ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය පැවැත්වෙන දිනය මේ වන විට නිවේදනය කර තිබේ.
-

සතොස තොග ගබඩාවක් තුළින් මිනිස් ඇටසැකිළි
මන්නාරමේ සතොස තොග ගබඩාවේ ස්ථානයකින් පසුගිය 16 වැනිදා මිනිස් ඇටසැකිළිවල කොටස් කීපයක් හමුවීමෙන් පසුව පොලීසිය කළ කැණීම්වලදී තවත් ඇටසැකිළි කොටස් හමුවීම නිසා මන්නාරමේ සතොස තොග ගබඩාව තුළ සමූහ මිනීවළක් ඇති බවට ආරක්ෂක අංශවලට සැකයක් පහල වී ඇත.
මේ පිළිබඳව මන්නාරම දිසා විනිසුරු එම්.එම්. ඇලෙක්ස් රාජා වෙත පොලීසිය විසින් කරුණු ඉදිරිපත් කිරීමෙන් පසුව අදාළ ස්ථානයට පැමිණ පරීක්ෂ කළ දිසා විනිසුරුවරයා එම ස්ථානය බැකෝ යන්ත්‍රයක් යොදාගෙන කැණීම් කරණ ලෙස පොලීසියට නියෝග කළ අතර මේ සඳහා පුරාවිද්‍යා නිලධාරීන්ගේද සහය ලබා ගන්නා ලෙස නියෝග කොට ඇත. දිසා විනිසුරුවරයා කැණීම් සිදු කරණ ස්ථානයට අධිකරණ නිලධාරීන්ද යොදවා ඇත.
යම් හෙයකින් මෙම ස්ථානයෙන් තවදුරටත් මිනිස් ඇටසැකිළි කොටස් හමු වුවහොත් සතොස තොග ගබඩාවෙන් කොටසක්ද ඉවත් කිරීමට සිදුවන තත්ත්වයක් උද්ගත වී ඇත.
-

මිලේච්ඡ කොටි ත්‍රස්තවාදීන් පරදවා අදට වසර 9යි
රටේ සැබෑ නිදහස සුරක්ෂිත කරමින් වීරෝදාර රණවිරුවන් කුරිරු එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරදවා වසර 09 ක් අද(18) දිනට සපිරෙන බැවින් ජාතික රණවිරු අනුස්මරණ දින සැමරුම් උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට පාර්ලිමේන්තු ක්‍රීඩාංගනයේ රණවිරු ස්මාරකය අභියසදී කටයුතු සූදානම් කොට ඇත.ඊට සමගාමීව දිවි පිදූ රණවිරුවන් සිහිපත් කරමින් ශ්‍රී ලංකා යුද හමුදාව පවත්වන ආලෝක පූජාව කැලණිය රජමහා විහාරස්ථානයේදී පැවැත්වීමට නියමිත අතර ඊට නාවික හමුදාව, ගුවන් හමුදාව, පොලිසිය සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සහය ලබාදෙනු ඇත.රට වෙනුවෙන් ජීවිතය පූජා කළ 28,619 ක් වූ රණවිරුවන් සමරා පහන් දැල්වීම මෙහිදී සිදුවන්නේද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙනි.ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, ත්‍රිවිධ හමුදාපතිවරුන්, පොලිස්පතිවරයා සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙන්ම මියගිය රණවිරුවන්ගේ පවුල්වල ඥාතීන්ද ඊට එක්වන බව යුද හමුදා මූලස්ථානය සඳහන් කළ අතර දිවයින පුරා පිහිටි ආරක්ෂක සේනා මූලස්ථාන, බල සේනා, යුද හමුදා පුහුණු පාසල්, රෙජිමේන්තු මධ්‍යස්ථාන මෙන්ම ක්ෂේත්‍ර මූලස්ථානවලද අද පෙරවරු 9.30 ට රණවිරු සැමරුම් පැවැත්වීමට නියමිත බව වැඩිදුරටත් සඳහන් වේ.මෙවර රණවිරු සැමරුමට සමගාමීව ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් 50 දෙනෙකුට විශිෂ්ඨ සේවා විභූෂණ පදක්කම් පිරිනැමීම විෂේශත්වයකි. -

කෝට්ටේ නාගරික මන්ත්‍රී නීතිවේදී විරාජ් වික්‍රමනායක අනතුරකට ලක්වේ
නීතිවේදියෙකු සහ කෝට්ටේ නාගරික මන්ත්‍රීවරයෙකු වන විරාජ් වික්‍රමනායක අනතුරකට ලක්ව ඇත.
ඔහු පැමිණි කාර් රථය මංසන්දියකදී ලොරියක ගැටී ඇති අතර ජනප්‍රිය ව්‍යාපාරිකයෙකු ද වන ඔහු Mr කොත්තු සහ Colombo fresh fruits pvt ltd යන ආයතනවල හිමිකරුවා ද වේ.
මෙම අනතුර සිදුව ඇත්තේ ශාන්ත සොයිසා අධ්‍යක්ෂණයට අනුව මිතූ ටෙලිනාට්‍යයේ ඔහු විසින් රඟපානු ලබන දර්ශනයක් සඳහා වන අතර එම අවස්ථාවේ දර්ශන පහතින්……
-

ගැටළු විසදමින් නව ජාතික විදුලිබල පද්ධති පාලන මධ්‍යස්ථානය ජනපති අතින් ජනතා අයිතියට…
දිවයින පුරා ඇති සියලුම විදුලි බලාගාර සහ විදුලි උප පොළවල ඇති දත්ත පාලනය කළ හැකි ශ‍්‍රී ජයවර්ධනපුර නව ජාතික විදුලිබල පද්ධති පාලන මධ්‍යස්ථානය ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අතින් අද (16) පස්වරුවේ විවෘත කෙරිණි.
ශ‍්‍රී ලංකාවේ විදුලි බල පද්ධති මෙහෙයුම් කිරීම සඳහා නවීන තාක්ෂණයෙන් යුතු ප‍්‍රධාන මෙහෙයුම් මධ්‍යස්ථානයක අවශ්‍යතාවය සපුරාලමින් ශක්තිමත් විදුලිබල කළමනාකරණයක් තුළින් ජනතාවට කාර්යක්ෂම විදුලි සේවාවක් ලබාදීමේ අරමුණෙන් ආසියානු සංවර්ධන බැංකු ණය ආධාර යටතේ රුපියල් බිලියන 03 ක වියදමින් මෙම මධ්‍යස්ථානය ඉදිකර තිබේ.
මෙම නව පද්ධති පාලන මැදිරියට මෙරට විදුලි බලාගාර 25ම සහ විදුලි ගී‍්‍රඞ් උප පොළවල් 63ම දත්ත එම මොහොතේම සජීවීව බලා ගැනීමේ හැකියාව පවතී.
කලින් පැවති පද්ධති පාලන මැදිරියෙන් එම පහසුකම පැවතියේ විදුලි බලාගාර 15ක් හා විදුලි ගී‍්‍රඞ් උප පොළවල් 35ක පමණි.
සෑම සම්පේ‍්‍රෂණ රැහැනකම ගලායන ධාරාව, විදුලි බලාගාරවල ජනනය කරන ප‍්‍රමාණයන් සහ විදුලි බලාගාරවල ජලාශවල ජල මට්ටම පිළිබඳව, පද්ධති පාලන ඉංජිනේරුවරයාට මෙමගින් ඉතා හොඳ දැනුමක් ලබා ගැනීමට හැකියාව ලැබේ.
එමෙන්ම දෛනිකව ජනන යන්ත‍්‍ර කි‍්‍රයාත්මක කිරීමේදී වැයවන පිරිවැය අවම වන අයුරින් ජනන සැලසුම සැකසීමට පද්ධති පාලන ඉංජිනේරුවරයාට මෙය උපකාරි වෙයි. එමගින් විදුලි ජනනයට යන වියදම අවම කර ගැනීමට හැකියාව පවතී.
සම්පේ‍්‍රෂණ පද්ධතිය කළමනාකරණය හා පාලනය කිරීම වඩා විශ්වාසනීය හා කාර්යක්ෂම අයුරින් ඉටුකිරීමට ද මෙමගින් හැකියාව පවතී.
සමරු ඵලකය නිරාවරණය කර නව මෙහෙයුම් මධ්‍යස්ථානය විවෘත කළ ජනාධිපතිතුමා එහි පාලන මැදිරියේ කටයුතු ද නිරික්ෂණය කළේය.
විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය, රාජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා, විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් සුරේන් බටගොඩ, විදුලිබල මණ්ඩලයේ සභාපති ඩබ්ලිව්.බී. ගනේගල යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
-

අතට හම්බවෙන ගාණ නිසා හැමෝගෙම සුරතලියක් වුනු අහිංසකාවියකගේ ඇත්ත කතාව මෙන්න…
වැරදි පාරේ ගියොත් ජීවිතේ කවදාමහරි දවසක වරදිනවා.
සමහර වැරදි අපිට කවදාවත් හදාගන්න බැරිවෙන්නත් පුළුවන්. ඒ වගේම ඒ වැරදවලින් නැතිවුණු ජීවිතේ ආයෙමත් ලබාගන්නත් බැරිවෙන්න පුළුවන්.
මේ ජීවිතේ වැරදි පාරේ ගිහින් ජීවිතය වරද්දගත්තු තරුණියකගේ ජීවිත කතාවයි.“”තව දවස් පහයි.. ඊට පස්සේ මම ගෙදර යනවා.”
ඇය එසේ කියන්නේ දෑසේ කඳුලක් පුරවාගෙන. අමායා හැඩකාරියක්. ඇගේ වයස අවුරුදු 25 යි.කොයි තරම් කාලයක් හිරේ හිටියද..?
අවුරුදු 4 යි.. හිරගෙදර එන්නට හේතුව කියන්න මුලදී ඇය අකමැතිවූවාය.
නමුදු අපි බොහෝ දේ කතා කළෙමු. ඇය ඇගේ කතාව කියන්නට එකඟ වූවාය.
මම ඉගෙනගත්තේ ගමේ ඉස්කෝලේ. අපේ පවුලේ ඔක්කොම අටදෙනයි.
අම්මා විවාහ වෙලා තියෙන්නේ අඩුවයසෙන්. මම පවුලේ හය වැනියා.
අයියලා දෙන්නයි අනිත් ඔක්කොම ගැහැණු ළමයි.
තාත්තයි අම්මයි හේන් වැඩ කරන්නේ. අපි පුංචි කාලේ ඉස්කෝලේ නිවාඩු දුන්නම හේනේ වැඩට යනවා. අපේ ලොකු අයියා වහ බීලා මැරුණා.ඒ මොකද..?
ලොකු අයියා තමයි ඉස්සෙල්ලම විවාහ වුණේ. එයා පදිංචි වෙලා හිටියේ අපේ මහගෙදරට ටිකක් එහායින් ගෙයක් හදාගෙන.
අයියා කුලී වැඩ කළේ. අයියලා දෙන්නා නිවුන්නු.
කොහොමහරි ලොකු අයියා නැතිවෙලාවක පොඩි අයියා නෑනට කරදර කරලා තිබුණා.
මුලින් මුලින් නෑනා අකමැති වුණත් පස්සේ එයා නිහඬවම හිටියා.
ඒත් මාස ගාණකට පස්සේ ලොකු අයියට මේක දැනගන්න ලැබුණා.
එයා පොඩි අයියයි නෑනයි එක්ක රණ්ඩු කළා.
පොඩි අයියා ලැජ්ජාවට වහ බිව්වා. පොඩි අයියා මැරිලා සුමානෙකට විතර පස්සේ ලොකු අයියා වහබිව්වා.
ඒත් එයාව බේරගන්න පුළුවන් වුණා. අයියා හොඳ වෙලාවට ගෙදර ආවට පස්සේ නෑනගෙන් අයින් වුණා.
ඒදෙන්නා දික්කසාද වුණා. අම්මයි තාත්තයි තවමත් පොඩි අයියා මැරුණු දුකෙන් ඉන්නේ. ලොකු අයියට පොඩ්ඩක් කල්පනාව අඩුයි වගේ.
ඉන් පස්සේ අපේ පවුලට තිබුණ හයිය නැතිවෙලා ගියා.
අක්කලත් වැඩිදුර ඉගෙන ගත්තේ නැහැ. එයාලත් අඩුවයසින් විවාහ වුණා. අක්කලා දෙන්නා විවාහ වෙලා ගමෙන් පිට ගියා.
නංගිලා දෙන්නයි අම්මයි තාත්තයි මමයි විතරයි ඉතිරි වුණේ.කීයට යනකම් ඉස්කෝලේ ඉගෙන ගත්තද..?
මම සාමාන්‍යෙපළ දක්වා ඉගෙන ගත්තා. ඊට පස්සේ ඉගෙන ගන්න උනන්දු වුණේ නැහැ.ඊට පස්සේ මොකද වුණේ..?
අම්මයි තාත්තයි හැමදාම හේනේ වැඩ. නංගිලා දෙන්නා ඉගෙන ගන්නවා. හේන් කළාට හුගක් සල්ලි හොයන්න බැහැනේ.
මම හිතුවා මම රස්සාවකට යන්න ඕන කියලා. මම රස්සාවල් හෙව්වා.
නමුත් ඉගෙනගෙන නැති නිසා ලොකු රස්සාවල්වලට යන්නත් බැහැ. ඒත් මම රස්සාවකට කොළඹ ආවා.ඒ කොහෙද..?
පත්තරේ දැන්වීමක් තිබුණා. රූපලාවන්‍යාගාරයකට පුහුණුවෙන්න ළමයි ගන්නවා කියලා. මම ඒක දැක්කා.
ගමේ අයියා කෙනෙක් ඒ කියන්නේ බාප්පගේ පුතා එක්ක මම කොළඹ ආවා. එදා එතැනට ගොඩක් ගෑණු ළමයි ඇවිත් හිටියා.
මාව තේරුණා. පහුවදා ඉදන්ම එන්න කිව්වා.
අපි හොඳ වෙලාවට ඇදුම් අරගෙන ආවේ. අලුතින් ආපු ගෑණු ළමයින්ට බෝඩිමක් ලැබුණා. මාත් හිටියේ ඒකේ. ගමෙන් ආව අපේ ඇදුම් ඒ ගොල්ලන්ට හොඳ වුණේ නැහැ. හැම වෙලාවෙම මැඩම් කිව්වේ ලස්සනට ඉන්න කියලා. අපිට ලස්සනට ඉන්න මැඩම් හොඳට වියදම් කළා.
දවල් දවසේ සැලුන් එකේ වැඩ කරපු අපට නිල ඇඳුමක් ලැබුණා. ඒ ඇඳුම් ඇදන් ඉන්නවා දැක්කමනම් අම්මා මට බනිනවා. ගවුම තිබුණේ දණහිසෙන් උඩට. කර හොඳට කපලා. කොටින්ම කිව්වොත් බොහොම සුළු කොටසයි වැහිලා තිබුණේ.රූපලාවන්‍ය විතරමද කළේ..?
මුලින් මුලින් අපිත් හිතුවේ රූපලාවන්‍ය විතරයි කියලා.
ටික දවසක් ගියාට පස්සේ තමයි දැනගත්තේ රූපලාවන්‍යාගාරය පිටිපස්සේ මසාජ් ක්ලින්ක් එකකුත් තියනවා කියලා. ඒකේ වැඩ කරන්න හම්බවුණේ ලස්සන සුදු කෙල්ලන්ට.
මමත් සුදු නිසා මටත් ඒකේ වැඩ කරන්න ලැබුණා.
මං වැඩ කළේ කැමැත්තකින් නෙවෙයි. ඒත් සතියක් දෙකක් යද්දි මට ඒක හුරුවුණා. එක එක ජාතියේ පිරිමි එතැනට ආවා.
ගොඩක්ම ආවේ අවුරුදු හතලිහ පැනපු අය. හිතට මහා අමුත්තක් දැනුනත් අතට හම්බවෙන ගාණ ගැන හිතලා මම රස්සාව කරගෙන ගියා.වෙන කරදර තිබුණේ නැද්ද..?
ඇයි නැත්තේ..? අපේ මැඩම් වැඩිය කැමති ගැහැණු ළමයින්ට. අපිට එයා වෙනුවෙන් ඉන්නත් වුණා. එයාගේ මහත්තයත් අපිව එයාගේ කාමරයට ගෙන්න ගත්තා. මේ කිසිම දේකට මම මුලදි කැමතිවුණේ නැහැ. ඒත් අම්මා අංශභාග රෝගියෙක් වුණා.
නංගිලා අම්මට අසනීපයි කියලා දන්නලා එව්වම මං හොඳටම ඇඩුවා.
එදාම රෑ නෝනයි මහත්තයයි මාව ගමට එක්කගෙන ගියා.
අම්මට බෙහෙත් ගන්න සල්ලි දුන්නා. මම දවස් පහක් විතර ගෙදර හිිටියා.
අතේ සල්ලි ඉවරවෙනකොට මට ආයේ කොළඹ එන්න සිද්ධ වුණා..වෙන රස්සාවක් හෙව්වේ නැද්ද..?
නැහැ.. මම ආයෙත් නෝනා ළඟටමයි ගියේ. මම හිතාගත්තා අපිට එතනින් තොර ලෝකයක් නැහැ කියලා.
මම අම්මට බෙහෙත් කළේ ඒ ලැබුණු පඩියෙන්.
නංගිලාට වියදම් කළේ එතැනින් ලැබුණු සල්ලිවලින්.ගෙදර අය දන්නවද කොහෙද රස්සාව කළේ කියලා..?
කවුරුවත් දන්නේ නැහැ. හැමෝම දන්නේ මම කොළඹ ගාමන්ට් එකක රස්සාව කරනවා කියලා..හිරේ එන්න වුණේ ඇයි..?
ඇත්තටම ඒක වුණේ මගේ වරදින්. මම කොල්ලෙක් එක්ක යාළුවුණා.
එයාගේ නම සමන්ත. සමන්තලට සල්ලි තිබුණා. එයා අපේ නෝනා හම්බවෙන්නත් එනවා.
සමන්ත ආව හුගක් දවස්වල මට තමයි එයාව බාර වෙන්නේ.
එහෙම තමයි අපි යාළුවුණේ. සමන්ත කුඩු බිස්නස් කරන බව මම දැනගෙන හිටියේ නැහැ. සමන්ත මා එක්ක යාළුවුණේ එයාට මගෙන් වාසි ගන්න කියලා මම දැනගෙන හිටියේ නැහැ.
සමහර දවස්වලට සමන්ත මැඩම්ට කියලා මාව එළියට එක්කගෙන යනවා. එයා එහෙම ගිය දවසට මාව චිත්‍රපටය්‍රක් බලන්න කෑමකට ඒක්ක යනවා.
සමහර දවස්වල මම ඒයත් ඒක්ක ක්ලබ්වලටත් යනවා. දවසක් ඒයා මට බෑග් ඒකක් දුන්නා. බබී ඔයා මේක අර පාරේ එහා පැත්තේ ඉන්න කෙනාට දෙන්න කියලා. මට සමන්තව විශ්වාස නිසා මම ඒ බෑග් එක දුන්නා. එදා බෝඩිමට යද්දි සමන්ත මට රුපියල් විසිදාහක් දුන්නා. මම එයාගෙන් ඇහුවා ඇයි මේ තරම් සල්ලි දෙන්නේ කියලා. එයා මට කිව්වා ආදරේට කියලා. මම ඒක විශ්වාස කළා.
කාලය ගෙවිලා ගියා. මගේ නංගිලා විශ්ව විද්‍යාලයට තේරුණා. ඒ ගොල්ලෝ හොඳට ඉගෙන ගත්තා. අම්මා මැරුණා. තාත්තා ගමේ හිටියේ. මම මගේ අක්කලව නංගිලව හැමෝම බැලුවා. ඒත් කවුරුත් මගෙන් ඇහුවේ නැහැ සල්ලි ලැබෙන විදිහ.
දවසක් අපේ තැනට පොලිසියෙන් පැන්නා. එදා අපිට බේරෙන්න ක්‍රමයක් තිබුණෙම නැහැ. ඊට කළිනුත් පොලිසියෙන් පැන්නා. ඒ හැම පාරම නෝනා අපිව බේරගත්තා. අපිව අල්ලන්න ආව පොලිස්කාරයෙක් එක්ක මම රණ්ඩු වුණා. හේතු තමයි ඒ පොලිස්කාරයා අපි ඉන්න තැනට නිතර යන එන කෙනෙක්. ඒත් එයා එදා අපිට සමාවක් දුන්නේ නැහැ. ඒකට හේතුව එයා නෝනගෙන් ලොකු ගාණක් ඉල්ලලා. ඒක දෙන්න අකමැතිවුණු නිසා තමයි අපිව පොලිසියෙන් ඇල්ලුවේ.දැන් හිරෙන් නිදහස් වෙලා කොහෙද යන්නේ..?
ගෙදර යනවා.. මම හිරේ හිටපු කාලේ නෝනයි මහත්තයයි දෙන්නම මාව බලන්න ආවා.
ඒ ගොල්ලෝ මට කියන්නේ ආයෙත් එයාලා ගාවට එන්න කියලා. ඒත් ඒ කාලකන්ණි ජීවිතයට මම කැමති නැහැ. මම හිතාගත්තා ගෙදර යන්න.
තාත්තා වයසයි.. නංගිලාට ඒ ගොල්ලන්ගේ කියලා ජීවිතයක් තියෙන්න ඕනේ. මම ඉතිරි කරගත්ත සල්ලි ටිකක් තියෙනවා. පුංචි කඩයක් පටන් ගත්තම ජීවත් වෙන්න පුළුවන්.. නංගිලා මාව අහකදාන එකක් නැහැ. -

යතුරුපැදිය උඩ නිදා සිටින නාමල්ගේ Photo Shoot එකේ ලීක් වෙච්ච පට්ට Photo එක මෙන්න…
නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා යතුරුපැදියක් උඩ නිදා සිටින ඡායාරූපයක් අන්තර්ජාලය පුරා පැතිරෙමින් තිබෙනවා.
බුකිය පුරා පැතිරෙන මෙම ඡායාරූපයේ ඇත්ත කතාව හොයද්දි අපිට මරු ෆෝටෝ එකක් සෙට් උනා…

-

වැසිකිලි පහසුකම් නැතුව ඉන්න බැරි නිසා ලක්ෂ 57ක මුදල් වැසිකිළියට දමා රෝසි වැඩ අරඹයි
කොළඹ නගරාධිපති නිල නිවසේ වැසිකිළි පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමට රුපියල් ලක්ෂ 57ක් ලබාදීමට සභාවේ අනුමැතිය අද (16) ලැබුණි.
මීට වසර හතරකට පෙර නවීන උපකරණ සහිතව ඉදි කළ මෙම වැසිකිළි පද්ධතිය යළි සකස් කිරීමට මෙතරම් මුදලක් ලබාදීම සම්බන්ධව මන්ත්‍රීවරු සිය විරෝධය දැක්වූහ.
පිටකොටුව ඇතුළු කොළඹ නගරය තුළ පොදු වැසිකිළි නඩත්තු කරන ලෙසට ජනතාවගෙන් ඉල්ලීම් ඉදිරිපත් වී තිබෙන බවද එහිදී ඔවුහු පෙන්වා දුන්හ.
මෙහිදී අදහස් දැක් වූ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී සුමිත් පස්සපෙරුම මහතා සඳහන් කළේ හිටපු නගරාධිපති ඒ.ජේ.එම්. මුසම්මිල් මහතාගේ පාලන සමයේදී නවීකරණය කළ නගරාධිපති නිල නිවසේ වැසිකිළි පද්ධතිය අවස්ථා කිහිපයකදී පමණක් භාවිත කර තිබුණු බවයි.
මේ සම්බන්ධව අදහස් දැක්වූ කොළඹ නගරාධිපතිනී රෝසි සේනානායක මහත්මිය සඳහන් කළේ තමන් නගරාධිපති නිල නිවසේ වැසිකිළි පද්ධතිය පමණක් නවීකරණය කරන ලෙස ඉල්ලා ඇති බවත්, එම නවීකරණ කටයුතු අවසන් කරන තුරු තමන්ට එහි පදිංචියට යෑමට නොහැකි වී ඇති බවත්ය.
-

ළමයින් නැති කාන්තාවන්ට ළමයින් දීලා ලක්ෂ ගණන් උපයන කොල්ලන්ගේ කතාව මෙන්න….
මේ වන විට ජිවිතේ ගොඩදාගන්න කීයක් හරි හොයාගන්න සමාජයේ මිනිස්සු විවිධ දේවල් කරනවා, විවිධ ව්‍යාපාර කරනවා.
ඒ අස්සේ සල්ලි නිසා ඇතැම් අය සංස්කෘතියට නොගැලපෙන දේවලුත් කරනවා.
අපිට එහෙම දෙයක් කරන කොල්ලෝ සෙට් එකක් ගැන කොළඹ ප්‍රදේශයෙන් අසන්නට ලැබුණා
මෙම තරුණියන් සාමාන්‍ය ජිවිතයේ සිය රැකියාව කරන ගමන් මේ දේ කරගෙන යන්නේ පාට් ටයිම් විදියටයි. මෙයාල කියන්නේ මින් පෙර ලංකාවේ ඇය අහපු නැති ඇමුතුම වැඩක්. දොස්තරලා බෙහෙත් වලින් කරන වැඩක් මෙයාලත් කරන්නේ නමුත් පහත් විදිහටයි ඒ පිළිබඳව සම්පූර්ණ විස්තරාත්මක වීඩියෝව පහළින් නරඹන්න ඒ වගේම මිතුරන්ටත් බලන්න ශෙයාර් කරන්න