Tag: featured

  • අනුරුද්ධ පොල්ගම්පොල අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට

    අනුරුද්ධ පොල්ගම්පොල අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට

    උතුරු දුම්රිය මාර්ගය ඉදිකිරීමේදී රුපියල් මිලියන 8ක වංචාවක් සිදුකිරීම සම්බන්ධයෙන් රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති අනුරුද්ධ පොල්ගම්පොල අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

    අනුරුද්ධ පොල්ගම්පොලව රාජ්‍ය දැව සංස්ථාවේ සභාපති ලෙස පත්කිරීමෙන් අනතුරුව එම පත්කිරීමට දැඩි ලෙස විවේචන එල්ලවීමෙන් පසුව දින කිහිපයක් තුළ ජනපතිවරයා ඔහුව තනතුරෙන් ඉවත් කළ අතර ඔහුට පෙර රාජ්‍ය දැව සංස්ථාවේ සභාපති ලෙස කටයුතු කළ පී. දිසානායකද රුපියල් මිලියන 20 ක අල්ලසක් ගැනීමේදී අත්අඩංගුවට පත්විය.

  • මිශ්‍ර පාසලකට ගිය ශෙරිල් ඩෙකර් 8 වසරේ වෙච්චි අමුතු දෙයක් ගැන අද කියන කතාව මෙන්න…

    මිශ්‍ර පාසලකට ගිය ශෙරිල් ඩෙකර් 8 වසරේ වෙච්චි අමුතු දෙයක් ගැන අද කියන කතාව මෙන්න…

    ෂෙරිල් ..“පාරා” සඳහා එක්වූයේ සෑහෙන කාලෙකට පස්සේ..
    මා අන්තිමට රඟපෑවේ “මීදුමින් එහා” ටෙලි නාට්‍යයේ. ඒ මීට වසර 3 කට කලිනුයි.  ඉන්පසු මා එක්වන්නේ “පාරා” ටෙලි නාට්‍යයට.

    ෂෙරිල් ටෙලි නාට්‍යය සඳහා එක්වන්නේ කලාතුරකින්.. ඇයි ඒ .. ?
    එක නාලිකාවක මම රඟ පෑ ටෙලි නාට්‍යයක් ඉවරවෙලා අනිත් නාලිකාවට හරවද්දිත් මමම ඉන්න ටෙලි නාට්‍යයක් යනවා දකින්න අකැමැති හින්දයි ඉඳහිට මතක හිටින නිර්මාණයකට විතරක් එක්වන්නේ.. මා රඟ පෑ හැම ටෙලි නාට්‍යක්ම ජනප්‍රිය වුණා. මේ දිනවල මගේ සම්පූර්ණ කාලය යොදලා තියෙන්නේ “පාරා” ටෙලි නාට්‍යයට. “පාරා” අවසන්වන තුරු වෙනත් ටෙලි නාට්‍යයක් බාරගන්නේ නෑ..

    පසුගිය වසර තුන තුළ වෙනත් ටෙලි නාට්‍යය සඳහා ආරාධනා ලැබුණේ නැද්ද  ..?
    ආරාධනා රැසක් ලැබුණා.. ඒත් හිතට හරියන විදියේ පිටපතක් ඒ අතර තිබුණේ නැහැ..

    “පාරා..” තෝරාගන්නට හේතුව..?
    “පාරා” ඇත්ත සිද්ධියක් පාදක කරගෙන හැදුනු එකක්ද කියලා මට හිතුණා. ඒ තරමටම  කතාව හිතට සමීප වුණා. ටෙලි නාට්‍යයේ අධ්‍යක්ෂ ප්‍රභාත් අයියයි ( ප්‍රභාත් රෝෂන) නිමන්ති අක්කයි ( නිමන්ති ‍පෝරගේ ) හරිම හොඳයි. ඒ අයත් එක්ක වැඩ කරන එක හරිම පහසුයි.

    කොහොමද සාමාන්‍ය ජීවිතයේ තොරතුරු ..
    සාමාන්‍ය විදියට ගෙවිලා යනවා.. රුවන් (රුවන් හෙට්ටි ආරච්චි) එයාගේ සංගීත කටයුතු කරගෙන යනවා.. මම මගේ රංගන කටයුතු කරගෙන යනවා.. අපි දෙන්න අපි දෙන්නගේ වැඩවලට සහය දෙනවා.. රුවන් ප්‍රසංගවලට යද්දි මමත් අනිවාර්යයෙන්ම එයත් එක්ක යනවා.. ඒ වගේම මම ෂූටින් යද්දිත් රුවන් එනවා.. ගේ දොර කටයුතුත් බෙදා හදාගෙන කරනවා.

    උයන පිහන කටයුතුවලටත් රුවන් සහය දෙනවද  ..?
    ගෙදර අත් උදව්වට කෙනෙක් ඉන්නවා.. ඒත් මම ගෙදර ඉන්න දවසට උයන පිහන වැඩ කරන්නේ මම. රුවන් උයන්න එන්නේ නැහැ.. ඒත් ගෙදර දොර පිළිවෙළට තියාගන්න වැඩවලට නම් එයා මට වඩා දක්ෂයි.. මම ගේ පිළිවෙළට තියාගත්තේ නැත්නම් රුවන්ගෙන් බැණුම් අහන්න වෙනවා..ගේ දොර පිළිවෙළට තියාගන්න  වැඩ ටික නම් ගොඩක් වෙලාවට කෙරෙන්නේ රුවන් අතින් ..

    දෙන්නම විවේකී සුවයෙන් ඉන්න දවසට මොකද කරන්නේ ….
    මොකක් හරි කෑමක් හදනවා. හොඳ චිත්‍රපටයක් බලනවා.. ඒ වගේම ආගමික කටයුතු සඳහාත් කාලය වෙන්කරනවා..

    මොනවද ආගමික කටයුතු .. ?
    දෙන්නම එකතු වෙලා යාඥා කරනවා.. අපි දෙන්නම ආගමට ගොඩක් නැඹුරු දෙන්නෙක්. දෙවියන් වහන්සේ අපිට ගොඩක් දේවල් දීලා තියෙනවා. ඒ දෙවල් ආරක්ෂා වන්නේ වැඩි දියුණු වන්නේ දෙවියන් වහන්සේගේ ආශිර්වාදය අපිට තියෙන හින්දා.. එහෙම වෙන්නේ අපි ආගමානුකූලව ජීවත්වෙන හින්දා කියන එක අපි තදින්ම විශ්වාස කරනවා..

    රුවන්ගේ ගීත රූප රචනා බොහොමයක රඟපාන්නේ ෂෙරිල් සහ රුවන් .. දවසක ඔහුත් රංගනයට එක්වෙයිද .. ?
    මට ගී ගයන්න බැරි හින්දා මම රුවන් එක්ක සින්දු කියන්න යන්නේ නෑ.. ඒ වගේම තමයි රුවනුත් නිතරම කියන්නේ එයාට රඟපාන්න බෑ කියන එක. එයා රඟපාන්න එන එකක් නෑ ..

    දෙන්න අතර පුංචි පුංචි ගැටුම් ඇතිවන අවස්ථා ඇති  ..
    එහෙම අවස්ථා තියෙනවා. ඒත් වැඩි වෙලාවක් තරහවෙලා ඉන්න අපි දෙන්නටම බෑ..

    ෂෙරිල්ට ගොඩක් කේන්ති යනවා කියන්නේ ඇත්තද .. ?
    ඉස්සර මට ගොඩක් කේන්ති යන කෙනෙක් .. ඉස්කෝ‍ලේ යන කා‍ලේ පිරිමි ළමයි එක්කත් ගහගෙන තියෙනවා.. ඒත් දැන් මට ඉබේම වගේ ඉවසීම පුරුදුවෙලා. දැන් මට කේන්ති යන්නේ නෑ.. හැබැයි දැන් රුවන්ට නම් ඉස්සරට වඩා කේන්ති යනවා..

    ඉස්කෝ‍ලේ යන කා‍ලේ පිරිමි ළමයි එක්කත් ගහගෙන තියෙනවා කිව්වේ.. මතකද ඉන් එක අවස්ථාවක් .. ?
    මම ගියේ මිශ්‍ර පාසලකට.. මේ සිද්ධිය වුණේ මම 8 වසරේ ඉගෙන ගනිද්දි.. ඒ දවස්වල අපේ පන්තියේ කබඩ් එකක් තිබුණා . ඒකේ කැර‍පොත්තෝ පිරිලා ඉන්න හින්දා කවුරුවත් ඒ කබඩ් එක අරින්නේ නැහැ.. දවසක් පිරිමි ළමයෙක් මැරිච්ච කැර‍පොත්තෙක්ව මගේ ඇඟට දැම්මා.. මට ඒ වෙලාවේ හොඳටම කේන්ති ගියා.. මම ඒ ළමයට ගහලා එයාව අර කබඩ් එකට දාලා වැහුවා..

    ෂෙරිල් රුවන් කැදැල්ලට පුංචි අමුත්තෙක් එන්නේ කවදාද කියලා දැනගන්න ඔබලාගේ රසික පිරිස කැමති ඇති..
    අපි දෙන්නත් ආශාවෙන් බලාගෙන ඉන්නේ ඒ දවස එනකල් .. දෙවියන් වහන්සේ ඒ දවස තීරණය කරයි.

       

  • ගාසා තීරයේ ගැටුම්…. ලෝක යුද්ධයක අතිතය මතක් කරමින් ඩ්‍රෝන යාත්‍රාවලිනුත් කඳුලු ගෑස්…!

    ගාසා තීරයේ ගැටුම්…. ලෝක යුද්ධයක අතිතය මතක් කරමින් ඩ්‍රෝන යාත්‍රාවලිනුත් කඳුලු ගෑස්…!

    විශාල මිනිස් සංහාරයක් සිදු කරමින් ඇති වුනු ගාසා තීරයේ ගැටුම් තව දුරටත් එලෙසින්ම පවතිනවා. එහිදී ඊශ්‍රායල් හමුදාව විසින් එල්ල කල ප්‍රහාර හමුවේ පුද්ගලයින් 55 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 2700 කට අධික පිරිසක් තුවාල ලබා තිබුනා. මෙම ගැටුම් හටගත්තේ ඇමරිකා එක්සත් ජනපදයේ තානාපති කාර්යාලයක් ජෙරුසලමේ පිහිටුවීමට යන බවට කල ප්‍රකාශයත් සමඟයි.

    ඒ අනුව මේ සඳහා විරෝධය පලකරමින් සිටි පලස්තීනුවන්ට ඩ්‍රෝනා යත්‍රා මගින් කඳුලු ගෑස් එල්ල කිරීමටද කටයුතු කර තිබුනා. දෙවන ලෝක යුද්ධය සිහිපත් කරමින් ඇතිවුනු මෙම දරුණු තත්වයේ වීඩියෝ සහ ඡායාරූප මේ වන විට ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරමින් පවතිනවා.

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

  • ඉන්දියන් ජාතිකයෝ නිතරම උතුරු පළාතට එන නිසා ශ්‍රී ලංකාවේ ගැබිණි මවුවරුන් අවදානමක…!

    ඉන්දියන් ජාතිකයෝ නිතරම උතුරු පළාතට එන නිසා ශ්‍රී ලංකාවේ ගැබිණි මවුවරුන් අවදානමක…!

    ඉන්දීය ජාතිකයන් ශ්‍රී ලංකාවේ උතුරු පළාතට පැමිණීම ඉහල ගොස් තිබෙන නිසා ශ්‍රී ලංකාව වසංගත රෝග අවදානමක පවතින බව වාර්තා වෙනවා. මේ බව හෙළිකර තිබෙන්නේ මුලතිව් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය එස්‌. විජිතරන් මුලතිව් රෝහලේදී සිදු කළ දේශනයකදීය.
     
    මැලේරියාව සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකාවෙන් බැහැර වී ඇතත් ඉන්දීය ජාතිකයන් නිතරම උතුරු පළාතට පැමිණෙන නිසා විශේෂයෙන්ම ගර්භණී මවුවරුන් උණ රෝගය වැළඳුණු විට වඩාත් පරෙස්‌සම් විය යුතු බව එම දේශනයේදී වෛද්‍යවරයා හෙළිකර තිබේ.
     
    පවුල් සෞඛ්‍ය සේවිකාවන් පිරිසක්‌ අමතමින් දේශනයක්‌ කළ වෛද්‍යවරයා පවසා තිබෙන්නේ කෘෂිකාර්මික හා ධීවර කටයුතු සඳහා ඉන්දීය ජාතිකයන් නිතරම උතුරු පළාතට පැමිණෙන අතර ඔවුන්ගෙන් මැලේරියා රෝගය බෝවිය හැකි බවයි.
     
    මේ අවදානම පිළිබඳව ගර්භණී මවුවරුන් දැනුවත් කරන ලෙස පවුල් සෞඛ්‍ය සේවිකාවන්ගෙන් ඉල්ලීමක්‌ කොට ඇති වෛද්‍යවරයා මැලේරියා පරපෝෂිතයා ශ්‍රී ලංකාවෙන් තුරන් වී ඇතත් මැලේරියා රෝගය බෝකරන ඇනෝපිලස්‌ මදුරුවා තවමත් මේ රටින් සම්පූර්ණයෙන්ම වඳවී නොමැති බව ද ප්‍රකාශ කොට තිබේ.
     
    මේ තත්ත්වය මත ඉන්දියාවේ සිට මැලේරියා උණ රෝගය වැළඳුණු පුද්ගලයකු පැමිණියහොත් ඔහුගේ සිරුරේ සිට ප්ලැෂ්මෝඩියම් වෛවැක්‌ස්‌ නමැති මැලේරියා රෝගය බෝකරන පරපෝෂිතයා ඇනෝපීලස්‌ මදුරුවා හරහා වෙනත් අයකුගේ සිරුරට ඇතුළු විය හැකි බවද විජිතරන් වෛද්‍යවරයා පෙන්වා දෙයි.
     
    මේ පිළිබඳව මැලේරියා මර්දන ව්‍යාපාරයේ ප්‍රජා සෞඛ්‍ය කටයුතු පිළිබඳ විශේෂඥ වෛද්‍ය දේවනී රණවීර මාධ්‍යයට පවසා තිබුනේ මුලතිව් රෝහලේ වෛද්‍යවරයා කළ ප්‍රකාශය සත්‍ය බවයි.
     
     2012 වසරේ ඔක්‌තෝබර් මාසයේදී ශ්‍රී ලංකාවෙන් අවසාන මැලේරියා රෝගියා හමුවීමෙන් පසුව එම වසරේ නොවැම්බර් මාසයේ සිට ශ්‍රී ලංකාව මැලේරියා රෝගයෙන් තොර රටක්‌ බවට පත්වූ අතර, ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් ඒ පිළිබඳව 2016 වසරේදී සහතිකයක්‌ ලබාදී ඇති බවද එම විශේෂඥ වෛද්‍යවරයා ප්‍රකාශ කළාය.
     
    නමුත් තවමත් ලෝකයේ රටවල් සියයක පමණ මැලේරියා රෝගය ඇති බවත්, ජනගහනය අනුව එය 40% ක පමණ ප්‍රතිශතයක්‌ බවත් ප්‍රකාශ කරන ඇය මැලේරියාව ඇති ඉන්දියාව, පකිස්‌තානය වැනි රටවලට ගොස්‌ ආපසු පැමිණෙන පුද්ගලයන් නිසාත් එම රටවල සිට පැමිණෙන පුද්ගලයන් නිසාත් ශ්‍රී ලංකාවට මැලේරියා රෝගය පැමිණිය හැකි බව සඳහන් කර තිබේ.

  • සෙරෙප්පු දෙකකින් සහ හම්පඩ ඩෙනිමකින් සැරසුනු ගෝඨා, කරුණා එක්ක ගැසු ගේම් මෙන්න…

    සෙරෙප්පු දෙකකින් සහ හම්පඩ ඩෙනිමකින් සැරසුනු ගෝඨා, කරුණා එක්ක ගැසු ගේම් මෙන්න…

    සෙරෙප්පු දෙකකින් සහ හම්පඩ ඩෙනිමකින් සැරසී අරලිය ගහ මැදුරේ කරක් ගැසූ ගෝඨා, කරුනාගේ පිරිවර සහ දෙවන පෙල සමග ගැසු ගේම් මෙන්න

    “මචං අපි ලඟ ලක්ෂ ගණන් සල්ලි නම් නෑ, හැබැයි ඉතින් අපි ඕනේ ගේමකට එන්නම්. කරුණා ඉන්නෙත් අපි ගාවා….., දෙමු හොඳ වැඩ සටහනක්“

    2005 ජනාධිපතිවරණ සමයයි. ස්ථානය අරලියගහ මන්දිරයයි. බැසිල්, චමල්, ඩලස් ඇතුලු චරිත බොහොමයක් අතිශය කාර්ය බහුල ය. ඔවුහු දිවා රෑ මහින්ද දිනවීම වෙනුවෙන් දර දිය අදිමින් සිටිති. මේ අතර එක් පුද්ගලයෙක් ඩෙනිම් කලිසමක් ඇඳ, ටී ෂර්ට් එකක් උඩින් දමා, රබර් සෙරෙප්පු යුවලක් පැලැඳ, අරලිය ගහ මන්දිරයේ එහා මෙහා ඇවිදින්නේය. ඔහු නෝට් පොතක් බලමින් සිය ජංගම දුරකථනයෙන් එක සීරුවට ඇමතුම් ගන්නේ ය. කිසිදා දැක නොතිබූ මේ පුද්ගලයා පිළිබඳව කුතුහලයක් රාජපක්ෂ පවුලේ බාලයා වන ‘චිචී ’ හෙවත් රෝහිත් රාපක්ෂට ඇති විය. ඔහු තම අයියා ‘යෝ’ හෙවත් යෝෂිත රාපක්ෂගෙන් මෙසේ ඇසීය.

    “කවුද යෝ මේ ඩයල් එක..?“

    ‘චිචී’ගේ කථාව එම පුද්ගලයාට ඇසුනද ඔහු එය නෑසුනා සේ ඉවතට ඇවිද යමින් දුරකථන ඇමැතුම් ගැනීමේ නිරත විය.

    “ඔය අපේ තව එක බාප්පා කෙනෙක්. මෑන් ඊයෙ පෙරේදා තමයි ඇමරිකාවේ ඉඳන් ඡන්ද වැඩ වලට ඇවිත් තියෙන්නේ.“ ‘යෝ’ තම මලනුවන්ට පැවසූවේය.

    “ආ මෑන්ද අපිට චොක්ලට් එවන ඇමරිකාවේ බාප්පා ?“

    “අපෝ මෙයා එවන චොක්ලට්, ටිකක් අප්සෙට් ඩයල් එකක්ලු…බලාගෙන“

    මලනුවන්ගේ කනට කොඳුරා අනතුරු ඇඟවූ යෝෂිත යන්න ගියේය.

    ‘ගෝටා බාප්පි’ රාජපක්ෂ පුතුන් මුල්වරට දැක්කේ ඒ ආකාරයෙනි. මන්ද යත් ඔහු ඇමරිකාවට ගිය පසු ඒ දක්වා වසර 15 ක් යන තුරු ලංකාවට පය තබා නොතිබූ බැවිනි. රාජපක්ෂ පුතුන්ට පමනක් නොව ශිරන්තිට, බැසිල්ට පමනක් නොව චමල්ටද ‘ගෝටා බාප්පි‘ අප්සෙට් ඩයල් එකකි. ලක් වාසීන් බොහොමයකට ද ගෝඨා පිලිබඳ ඇත්තේ ඒ සිතුවිල්ලම ය.

    ඇමෙරිකාවේ පදිංචියට ගිය බැසිල් මහින්දගේ දේශපාලනයට යලි හේත්තු වූයේ 2004 අග භාගයේදී ය. බැසිල් හීන්සීරුවේ මහින්ද යටතේ වූ මහා මාර්ග අමත්‍යංශයට රිංගා ගත්තේ ය. මග නැගුම ව්‍යාපෘතියේ තනි අතේ ඩීල් කරුවා වූයේ බැසිල්ය.

    2005 මැතිවරණයේ මහින්ද මුහුන දුන් ලොකුම අභියෝගය මුදල් හිඟ කමය. හෙල්පින් හම්බන්තොට සුනාමි සහන අරමුදලට පවා සුද්දය දුන්නේය. කොටි හිතවාදීන්ගෙන් පවා මැතිවරණයට මුදල් ගත්තේය. බැසිල්ගේ ව්‍යාපෘතිය වූ මග නැගුම හැදූ පාරවල් කෙසේ වෙතත් මහින්දගේ මැතිවරණ ව්‍යාපෘතියට නම් එහි මුදල් අත්වැලක් විය. මහින්දගේ 2005 ජනපති සටනේ පළමු වටයේ පෝස්ටර් ටික පවා අලවා ගත්තේ ජ.වි.පෙ ට පින්සිදු වන්නට ය.

    මහින්දගේ 2005 මැතිවරණ සටන වෙනුවෙන් ප්ලේන්ටියක් හෝ වැය කිරීමට ගෝටාබයට නොහැකි විය. සෙරෙප්පු දෙකකින් සහ හම්පඩ ඩෙනිමකින් සැරසී අරලිය ගහ මැදුරු මිදුලේ ඔබමොබ ඇවිදිමින් සිටි ගෝටාබය නිකමෙකු විය. කිසිවෙක් ඔහු සමග කථා කිරීමට හෝ නොගියේය. ඔහු එක දිගට හමුදාවේ පැරණි සගයින්ට කථා කරමින් මුදල් උපකාර ඉල්ලුවේය. යුද්ධයට බියේ පලා ගොස් හමුදාවේ උන් උන්නා ද මලා ද නොබැලූ ඔහුට කිසිවෙකුගෙන් වචනයෙන් හෝ උදව්වක් නොලැබින. සරත් ෆොන්සේකාට ද කතා කළ ගෝටා ඔහුගෙන්ද මුදල් ඉල්ලා තිබුනි. මුදල් නොමැති යයි කී විට හමුදා සාමාජිකයන්ගේ ගෙවල්වල ලිපින ලැයිස්තුවක් ඉල්ලා තිබුනි.

    ඉහල හමුදා නිලධාරීගේ බොහොමයක් නිල නිවාස පිහිටා තිබුනේ බෞද්ධාලෝක මාවතේ ය. ගෝටාබය මොවුන්ට දුරකථන ඇමතුම් දුන්නා පමනක් නොව උදව් ඉල්ලීමට ඔවුන් මුන ගැසීමට ද ගියේය. ‘දෙන්නම් කාසි‘ මිස ඉන් එහා යමක් ඉහල නිලධාරීන්ගෙන් ද නොලැබිනි. ගෝටාබය සමග කථා බහට හෝ සෙට් වූයේ ඉහල නිලධාරීන්ගේ පරිවාර කටයුතු සඳහා අනුයුක්ත කර සිටි මැද පෙලේ නිලධාරීන්ය. ඔවුන් ගෝටාබයට එකල ඇමතුවේ මචං කියාය.

    “මචං අපි ලඟ ලක්ෂ ගණන් සල්ලි නම් නෑ, හැබැයි ඉතින් අපි ඕනේ ගේමකට එන්නම්. කරුණා ඉන්නෙත් අපි ගාවා….., දෙමු හොඳ වැඩ සටහනක්“

    එකෙකු ගෝටා වෙත පැවසුවේය. මේ කථාව ඇසූ ගෝටාබයට පොඩි ගැම්මක් ආවේය. සිය සමකාලීන ජ්‍යෙෂ්ඨයන් තමන් පඩයකට ගණන් නොගන්නා තත්වයක් තුල ගෝටා සිටියේ එල්ලෙන්න වැල් නැතුවය . ‘සීනියෝරිටි ගැප්‘ එක අමතක කළ ගෝටා දෙවන පෙළේ උන් සමග පෑහුනේය.

    මේ අතර තීරණාත්මක මැතිවරණයකින් එල්ටීටීඊය උතුරේ ඡන්ද වර්ජනය කළ නිසා මහින්දට ජය අත්විය.

    මතු සම්බන්ධයි..

    කීර්ති රත්නායක විසිනි
    (ගෝටා, කරුනාගේ පිරිවර සහ දෙවන පෙල උන් සමග දුන් වැඩ සටහන් මීලගට)

  • රාජපක්ෂ පවුලේ ජනපති අපේක්ෂක ගැටුම උග්‍ර අතට…. ඥානඅක්කාගේ දේවාලයටත් ගිනි තබයි…

    රාජපක්ෂ පවුලේ ජනපති අපේක්ෂක ගැටුම උග්‍ර අතට…. ඥානඅක්කාගේ දේවාලයටත් ගිනි තබයි…

    රාජපක්ෂ පවුලේ ජනපති අපේක්ෂක ගැටුම උග්‍ර අතට…. ඥානඅක්කාගේ දේවාලයටත් ගිනී තබයි…

    ඊට හේතු වි ඇත්තේ පසුගියදා හිටපු ජනාධිපති මහින්ද් රාජපක්ෂ මහතාගේ බිරිද වන ශිරන්ති රාජපක්ෂ තමන්ගෙ පුත්‍රයන් තිදෙනාගේ හදහන් රැගෙන ඥානඅක්කා හමුවි ඇති අතර එහිදි  ඥානඅක්කා පවසා ඇති අනාවැකිය හේතුවෙන් රාජපක්ෂ බල අරගලට උත්සන්න වි තිබේ.

    පක්‍ෂ විපක්‍ෂ මැති ඇමතිවරුන් බොහෝ පිරිසක් යන එන මෙරට ප‍්‍රසිද්ධ අනුරාධපුරයේ අනාවැකි කියන කාන්තාවක වන ඥානඅක්කාගේ දේවාලයට රාජපක්ෂලාගේ ජනපති බල අරගලයේ ගැටුමක් හේතුවෙන් ගිනී තබා විනාශ කර තිබේ.

    ඊට හේතු වි ඇත්තේ පසුගියදා හිටපු ජනාධිපති මහින්ද් රාජපක්ෂ මහතාගේ බිරිද වන ශිරන්ති රාජපක්ෂ තමන්ගෙ පුත්‍රයන් තිදෙනාගේ හදහන් රැගෙන ඥානඅක්කා හමුවි ඇති අතර එහිදි  ඥානඅක්කා පවසා ඇති අනාවැකිය හේතුවෙන් රාජපක්ෂ බල අරගලට උත්සන්න වි තිබේ.

    ඥානඅක්කා,ශීරන්තිට පවසා ඇත්තේ රාජපක්ෂ පවුලේ රාජ යෝග ඇත්තේ නාමල් රාජපක්ෂට සහ යෝෂිත රාජපක්ෂට පමනක් බවයි.ඒ සදහා තවත් වසර 10ක පමණ කාලයක් දුක විදිමින් කාලය ගත කලයුතු බවද පවසා තිබේ.

    පසුව මේ සම්බන්ධයෙන් ශීරන්ති මහින්ද සමග පවසා ඇති අතර කටින් කට ගොස් ඇති එම අනාවැකිය හේතුවෙන් රාජපක්ෂ පවුලේ 2020 ජනාධිපති අපේක්ෂකයන් විමේ අසාවෙන් පෙලෙන රාජපක්ෂලා සහ ඔහුන්ගේ වන්දිබට්ටයන් මරාවෙශ වි තිබේන බවයි වාර්තා වන්නේ.

    මේ අතර රාජපක්ෂවරු කිසිවෙකුටත් නැවැත රාජ්‍ය බලය ලබා ගැනීමට නොහැකි බව, මහින්ද රාජපක්ෂ ඇතුලු රාජපක්ෂ පවුලේ පස් දෙනෙකුගේ හඳහන් පරීක්ෂා කර බැලූ අති දක්ෂ ඉන්දියානු දෛවඥයෙකු විසින් රාජපක්ෂ පවුලේ උදවියට දන්වා ඇතැයි මැදමූලන වලව්වට සම්බන්ධ විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් වාර්තා වේ.

    ඉදිරි ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස රාජපක්ෂ පවුලේ වැඩිමහල් සොහොයුරු චමල් රාජපක්ෂ මහතාව යෝජනා කරන බව එම පෙරමුණේ සිටින වාසුදේව නානායක්කාර ඇතුලු කණ්ඩායම කියා සිටින අතර, විමල් වීරවංශ , උදය ගම්මංපිල ඇතුලු කණ්ඩායම උත්සාහ කරමින් සිටින්නේ ඒ සඳහා ගෝඨාභය රාජපක්ෂ ඉදිරිපත් කිරීමටය.

    ඉදිරි ජනාධිපතිවරණයේ ජනාධිපති අපේක්ෂකයා කවුරුන් වුවත්, ඔහුගේ ජයග්‍රහනයෙන් පසුව එළැඹෙන 2025 ජනපතිවරණයට තම වැඩිමහල් පුත්‍රයා වන නාමල් රාජපක්ෂව සූදානම් කිරීම මහින්ද රාජපක්ෂ මහතාගේ බලාපොරොත්තුව වී ඇති බැවින්, ඉහතකී දෛවඥයාගේ පිහිට පතා ඇත්තේ නාමල්ගේ අනාගතයට අවහිර නොකරන පුද්ගලයා කවුද යන්න සොයා ගැනීම යැයි මැදමූලන ආරංචි මාර්ග තවදුරටත් කියා සිටී.

    අදාල දෛවඥයා මැදමූලනට කැඳවා ගෙන විත් රාජපක්ෂ පවුලේ සියලු දෙනාගේ හඳහන් ඔහු වෙත ලබා දුන් බවත්, දින දෙකක් පුරා මැදමූලන රැඳී සිටි දෛවඥයා එම හඳහන් සියල්ල පරීක්ෂා කළ බවත්, ඉන් අනතුරුව එක් එක් පුද්ගලායා පිලිබඳව සවිස්තරාත්මක පලාඵල විස්තර කථනයක් ලබා දුන් බවත්, ඊට අනුව රාජපක්ෂ පවුලේ කිසිවෙකුටවත් නැවත ශ්‍රී ලංකාවේ රාජ්‍ය බලය ලබා ගැනීමට කිසිදු හැකියාවක් නොමැති බව ඔහු විසින් ප්‍රකාශ කළ බවත් මැදමූලන ආරංචි මාර්ග අනාවරණය කර සිටී.

    දෛවඥයාගේ පලාඵල කථනයෙන් අනතුරුව මේ වන විට රාජපක්ෂ පවුල තුළ මහත් අරබුදයක් හටගෙන ඇතැයි වාර්තා වේ.

    ජනාධිපති අපේක්ෂකයා ලෙස චමල් , ගෝඨාභ, බැසිල් හෝ ශෂීන්ද්‍ර යන අය අතුරින් කිසිවෙකුටවත් ජනාධිපතිවරණය ජය ගත නොහැකි තත්ත්වයක් තුළ , ඉදිරි ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කරන්නේ කවුරුන්ද යන්න පිලිබඳව මහත ව්‍යාකූල තත්ත්වයක් මේ වන විට මතු වී තිබේ.

    මේ තත්ත්වය හමුවේ බැසිල් රාජපක්ෂ මහතාගේ අදහස වී ඇත්තේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමේ ස්ථාවරයට ගමන්කොට, ඒ සඳහා දේශපාලනයට හෝ රාජපක්ෂවරුන්ට හෝ කිසිදු සම්බන්ධයක් නොමැති රටේ පිලිගත් පුද්ගලයෙකු හඳුනාගෙන ඔහුව ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කළ යුතුය යන්නය.

    ඉදිරි ජනාධිපති අපේක්ෂකයා පිලිබඳව මාධ්‍යවේදීන් විසින් මහින්ද රාජපක්ෂ මහතාගෙන් විමසූ අවස්ථාවලදී , ඔහුට ඒ සඳහා සෘජු පිලිතුරක් ලබා දීමටනොහැකි වී ඇත්තේ මෙම ව්‍යාකූල තත්ත්වය නිසා බව මැදමූලන ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටී.

  • දිනන්න බැරි මිනිමරු ලේකම් ගෝඨාගේ පුකට පයින් ගැසු මහාචාර්‍ය රොහාන්ගේ කතාව මෙන්න…

    දිනන්න බැරි මිනිමරු ලේකම් ගෝඨාගේ පුකට පයින් ගැසු මහාචාර්‍ය රොහාන්ගේ කතාව මෙන්න…

    කෙසේවෙතත් යුධ විරෝධියෙකු මෙන්ම ෆෙඩරල් වාදියෙකු වියත්මගට කැදවිමත් මහාචාර්‍ය චන්න ජයසුමන වැනි ගෝඨාවාදින් සමුළුව වර්ජනය කිරිමත් හරහ ගෝඨාබයර්ට ෂැන්ග්‍රිල්ලා මිලදී ගැනිමට එකි වුවද ගෝඨාවාදින් මිලදි ගැනිමට නොහැකි බව ගෝඨා සමුළුව අමතන අවස්ථාවේ පිටුපසින් සිටගත් lankaleaks දේශපාලන වාර්තාකරු ගත් ඡායාරූපය පහත දැක්වේ

    2020 ජනාධිපති සිහිනය දකිමින් සිටින බය ගෝඨාභයගේ මාර්කටින් කණ්ඩායමේ වියත්මග ඊයේ කොළඹ ෂැන්ග්‍රිල්ලා හෝටලයේදී පැවැති අතර එහි දේශණයක් සදහා මහාචාර්‍ය රොහාන් ගුණරත්න ගෙන්විම හේතුවෙන් අර්බුදයක් හටගෙන තිබේන බව lankaleaks දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.

    කොළඹ ෂැන්ග්‍රිල්ලා හෝටලයේ පැවැති වියත්මග සංවිධානයේ ජාතික සමුළුවේ ප්‍රධාන ආරාධිතයා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වු අතර ඔහු ඉදිරියේම යුධ සමයේදි මහින්දව දැඩි ලෙස විවේචනය කල කොටි හිතවාදියෙකු මෙන්ම ජාත්‍යන්තර කොටි ඩයස්පොරාව සමග සමීප සබඳතාවයන් පවත්වන උග්‍ර ෆෙඩරල්වාදියෙකු ගෙන්විම හේතුවෙන් මෙම අර්බුදය හටගෙන ඇත.

    උග්‍ර දෙමළ ඩයස්පොරාවේ ඉත්තෙකු වන මහාචාර්‍ය රොහාන් ගුණරත්න සම්බන්ධයෙන් ගෝඨාභය පිළේ කිහිප දෙනෙකුම රැස්විම අවසානයේ විමසා ඇති අතර එහිදි ගෝඨා සදහන් කර ඇත්තේ “ඡන්ද දිනන්න බෑ ඒ වගේ මිනිස්සු නැතුව ” යනුවෙනි.

    එදා මහින්ද රාජපක්ෂ,ගෝථාභය රාජපක්ෂ ඇතුළු හමුදාවේ ඉහළ නිළධාරින් මිනීමරු LTTE ය සමග යුද වැදී සිටින විට රොහාන් ගුණරත්න මහතා හිටියේ LTTE යට පක්ෂපාතී ස්ථාවරයකය.ඔහු එදා ප්‍රකාශ කළේ LTTE සංවිධාන යුදමය වශයෙන් පරාජය කළ නොහැකි සංවිධානයක් බවයි.ඔහු එම මතය ලොව පුරා තහවරු කිරීමට ප්‍රධාන ලෙස දායක වූ ජාත්‍යන්තර යුද විශ්ලේශකයෙකි.

    ගෝඨාභයගේ වියත් මගේ 2030 වසර දක්වා ශ්‍රි ලංකාවේ දේශපාලන හා ආරක්ෂක උපායන් සම්බන්ධව දේශනය පවත්වනු ලැබුවේ මහාචාර්‍ය රොහාන් ගුණරත්න වන අතර ඔහු ආරක්ෂක කටයුතු සම්බන්ධව විශේසඥයෙකි.එසේම දේශපාලන අපරාධ හා ත්‍රස්තවාදය සම්බන්ධ ජාත්‍යන්තර ගවේශකයෙකි.ඔහුගේ ගවේෂණ කටයුතු පසුගිය දශකයේ බටහිර ආක්‍රමණයන්ට ලක්වූ සියලු රටවල් පදනම් කරගෙන සිදුකර ඇත.ප්‍රසිද්ධ “the lost revelation”(අහිමි විප්ලවය) හා සුප්‍රසිද්ධ ” inside al qaeda global network of terror ” යන පොත් රචනා කළ අයෙකුද වේ.

    මේ අතර අප දේශපාලන වාර්තාකරු සදහන් කළේ 2020 ජනාධිපතිවරණය ජය ගැනිමට නම් දෙමළ සහ් මුස්ලිම් ඡන්ද අතිශය වැදගත් මෙන්ම තීරණාත්මකම ඡන්ද විම හේතුවෙන් දැන් තියාම ගෝඨාභය තමන් සම්බන්ධයෙන් සුළු ජන කොටස් අතර මතය වෙනස් කිරිම සදහා දැන් සිටම මෙහෙයුම දියත් කරමින් සිටින බවයි එහි එක් පියවරක් ලෙස මහාචාර්‍ය රොහාන් ගුණරත්න කැදවිම දැකිය හැකි බවද ඔහු පෙන්වා දෙනවා.

    කෙසේවෙතත් යුධ විරෝධියෙකු මෙන්ම ෆෙඩරල් වාදියෙකු වියත්මගට කැදවිමත් මහාචාර්‍ය චන්න ජයසුමන වැනි ගෝඨාවාදින් සමුළුව වර්ජනය කිරිමත් හරහ ගෝඨාබයර්ට ෂැන්ග්‍රිල්ලා මිලදී ගැනිමට එකි වුවද ගෝඨාවාදින් මිලදි ගැනිමට නොහැකි බව ගෝඨා සමුළුව අමතන අවස්ථාවේ පිටුපසින් සිටගත් lankaleaks දේශපාලන වාර්තාකරු ගත් ඡායාරූපය පහත දැක්වේ.

  • බෙල්ල ලගින් මැරෙන්න ගැටගහපු මීහරක් 7ක් දැකලා වාහනෙන් බැහැලා ජීවිතය දුන් නි.ඇමති…

    බෙල්ල ලගින් මැරෙන්න ගැටගහපු මීහරක් 7ක් දැකලා වාහනෙන් බැහැලා ජීවිතය දුන් නි.ඇමති…

    නුවරඑළිය, අඹේවල – 7 කණුව ප්‍රදේශයේ කන්දෙඇල රක්ෂිතයේ හිංසාකාරී ලෙස ගැටගසා සිටි කුලු හරක් 12 දෙනෙකු නිදහස් කිරීමට වනජීවී නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා විසින් කටයුතු කළා.

    සිද්ධියට අදාළව පුද්ගලයින් 7 දෙනෙකු හා වාහන 2 ක්ද පොලිස් බාරයට පත් කිරීමට අමාත්‍යවරයා කටයුතු කළා.

    අද දහවල් නුවරඑළිය, අඹේවෙලට පැමිණෙමින් සිටි වනජීවී නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා 7 කණුව කන්දෙඇල රක්ෂිතයේ ගැටගසා සිටි කුලු හරක් 11 දෙනෙක් දැක තිබෙනවා.

    අනතුරුව එම ස්ථානයට ගිය නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම සතුන් හිංසාකාරීව ප්‍රවාහනය කිරීමට සූදානමින් සිටි පිරිසකගෙන් ඒ ගැන විමසා තිබුණා.

    පසුව නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් පට්ටිපොල පොලීසියේ ස්ථානාධිපතිවරයා එම ස්ථානයට කැඳවුවේය.

    අනතුරුව සතුන් ප්‍රවාහණයට සූදානමින් සිටි පිරිස ලවා ලොරි රථයට පටවා සිටි තවත් කුලු හරකෙකු ලිහා දැමීමට ද නියෝජ්‍ය අමාත්‍යවරයා කටයුතු කළේය.

    පසුව නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් නුවරඑලිය සහකාර ප්‍රාදේශිය ලේකම්වරිය හා වනජීවී නිලධාරීන් ද එම ස්ථානයට කැඳවා තිබුණා.

    ඔවුන්ගෙන කළ ප්‍රශ්න කිරීමේදි සහකාර ලේකම්වරිය පවසා සිටියේ ප්‍රදේශයේ වගා හානි කරන මෙම සතුන් නුවරඑළිය සංවර්ධන කමිටු රැස්වීමේදී ගත් තීරණයකට අනූව අම්බලංගොඩ ප්‍රදේශයට ප්‍රවාහනය කිරීමට සූදානමින් පසුවූ බවයි.

    කෙසේ වෙතත් පසුව සත්ව හිංසාව යටතේ සතුන් ප්‍රවාහණයට සූදානමින් සිටි පුද්ගලයින් 7 දෙනෙකු හා රථ දෙකක් පට්ටිපොල පොලිසිය බාරයට ගත් බව වාර්තාකරු සඳහන් කළේය.

    ඔවුන් අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

    මරණයට බියෙන් ගැහි ගැහි සිටි මී හරකුන් මුදාගත් වීඩියෝව පහතින්,

    https://youtu.be/becNlI5vVGY

  • ගෝඨාගේ තනි කැමැත්තට සිදුවු රොහාන් ගුණරත්නගේ ආගමනය නිසා වියත් මගේ උග්‍ර ගැටුම්…

    ගෝඨාගේ තනි කැමැත්තට සිදුවු රොහාන් ගුණරත්නගේ ආගමනය නිසා වියත් මගේ උග්‍ර ගැටුම්…

    ගෝඨාභය රාජපක්ෂ අනාගත ජනාධිපතිවරයා ලෙස අභිෂේක කිරීමේ අරමුණින් ආරම්භ කළ වියත් මග සංවිධානය මේ වනවිට දෙකඩ වී තිබෙන බව වාර්තා වේ.
    එක්තරා පිරිසක් එම සංවිධානයේ අරමුණුවලට පටහැනි ලෙස කටයුතු කිරීම මේ සඳහා ප්‍රධාන හේතුව වී ඇති බවයි වාර්තා වන්නේ.
     
    වියත් මග සංවිධානය මෙහෙය වූ සම්මන්ත්‍රණයක් (13) කොළඹ ෂැන්ග්‍රි-ලා හෝටලයේදී පැවති අතර එහි ප්‍රධාන දේශනය සඳහා ආචාර්ය රොහාන් ගුණරත්න මහතාට ආරාධනා කර තිබිණි.
    රොහාන් ගුණරත්නට ආරාධනා කිරීම සම්බන්ධයෙන් වියත් මග සංවිධානයේ නායකයන් කිහිප දෙනෙකුගේ විරෝධය පළවී ඇති අතර විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න ඇතුළු හිටපු හමුදා සාමාජිකයන් පිරිසක් ඒ අතර වන බවයි වාර්තා වන්නේ.
     
    රොහාන් ගුණරත්න යනු පසුගිය කාලයේදී යුද්ධයට එරෙහිව සිය මතය ප්‍රකාශ කළ පුද්ගලයෙකි. එල්ටීටීඊ සංවිධානය යුදමය වශයෙන් පරාජයට පත්කළ නොහැකි බවත්, සාකච්ඡා මාර්ගයෙන් ජනවාර්ගි අර්බුදයට විසඳුම් සෙවිය හැකි බවත් ප්‍රකාශ කළ රොහාන් ගුණරත්න වැනි පුද්ලයෙකු වියත් මග සංවිධානයේ කටයුතුවලට සම්බන්ධ කරගන්නේ කෙසේද යන්න කමල් ගුණරත්නලාගේ තර්කය වී තිබේ.
    එවැනි පුද්ගලයන් සම්බන්ධ කරගැනීම වියත් මග සංවිධානයේ ප්‍රධාන අරමුණුවලට පටහැනි බව හිටපු හමුදා සාමාජිකයන් ඇතුළු යුදවාදී වියත් මග නායකයන් ප්‍රකාශ කරයි.
     
    රොහාන් ගුණරත්න මෙම සම්මන්ත්‍රණය සඳහා සම්බන්ධ කරගැනීම, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ තනි කැමැත්තට සිදුකර ඇති අතර ඊට වියත් මග සංවිධානයේ බහුතරයකගේ විරෝධය එල්ල වී තිබේ. රොහාන් ගුණරත්න ඇමරිකන් ඔත්තුකරුවෙකු ලෙසත්, බටහිර එන්ජීඕ ඒජන්තයෙකු ලෙසත් ගෝඨාභය රාජපක්ෂලා පසුගිය කාලයේදී හැඳින්වූ අතර දැන් බටහිර ඒජන්තයන් තමන් සමීපයට ගැනීමෙන් ගෝඨාභයලාගේ දේශප්‍රේමයේ නිරුවත හෙළි වී තිබේ.
     
    ගෝඨාභයගේ මෙම ක්‍රියාකලාපය හේතුවෙන් වියත් මග සංවිධානයේ සැලකිය යුතු පිරිසක් අද පැවති සම්මන්ත්‍රණය වර්ජනය කර ඇති බවයි වාර්තා වන්නේ.
    හිටපු ආරක්ෂක ලේකම්වරයා වියත් මග සංවිධානය තමන්ගේ බූදලයක් ලෙස සලකා කටයුතු කරන බවත් තවදුරටත් එවැනි කටයුතු සිදුවන්නේ නම් සංවිධානයෙන් ඉවත්ව යාම හැර වෙන විකල්පයක් නොමැති බවත් වියත් මග යුදවාදී කණ්ඩායම ප්‍රකාශ කර තිබේ.
  • වියත් මගේ නිරුවත හෙලිකල මාධ්‍ය වලට ජනපති සිහින දකින ගෝඨාගෙන් මරණීය තර්ජන…

    වියත් මගේ නිරුවත හෙලිකල මාධ්‍ය වලට ජනපති සිහින දකින ගෝඨාගෙන් මරණීය තර්ජන…

    (13) කොළඹ ෂැංග්‍රි-ලා හෝටලයේ පැවති වියත් මග විශේෂ සම්මන්ත්‍රණයෙන් පසුව වියත් මග සංවිධානය පමණක් නොව රාජපක්ෂ හිතවාදී කඳවුර දැඩි කලබලයට හා කලකිරීමට පත්ව ඇති බව වාර්තා වේ.
    ගෝඨාභය රාජපක්ෂ විසින් වියත් මග අත්තනෝමතික ලෙස භාවිතා කිරීම වියත් මග සංවිධානයේ නායකයන් බහුතරයකගේ විවේචනයට ලක්ව ඇත.
     
    ගෝඨාභයගේ සොයුරු හිටපු ජනාධිපතිවරයා ද ගෝඨාභයගේ ක්‍රියාකලාපය විවේචනය කර ඇති අතර ඒ සම්බන්ධයෙන් කනස්සල්ල පළකර තිබේ.
    වියත් මග සම්මන්ත්‍රණයේ ප්‍රධාන දේශනය සඳහා රොහාන් ගුණරත්න සම්බන්ධ කරගැනීම විවේචනය කරමින් රාජපක්ෂ හිතවාදී වෙබ් අඩවි ඊයේ පුවත් පළකළ අතර ඔවුන් බොහෝ දෙනා විමසා සිටින්නේ ඇමරිකානු ගැත්තෙකු, බටහිර කුමන්ත්‍රණකාරයෙකු, එන්ජීඕ කාරයෙකු ලෙස රාජපක්ෂලා විසින්ම හැඳින්වූ රොහාන් ගුණරත්න වැන්නන් දේශප්‍රේමීන් ලෙස භෞතීස්ම කළේ කෙසේද යන්න ඔවුන් විමසා සිටී.
     
    මෙම සම්මන්ත්‍රණය සංවිධානය කර තිබුණේ කොළඹ ෂැංග්‍රි-ලා හෝටලයේ වන අතර අදාල හෝටලය ඉදිකිරීම සඳහා රජය සතු ඉඩම් හිතුමනාපයට විකුණා දැමුවේද රාජපක්ෂලා විසිනි. ඊට කෘතගුණ සැලකීමක් ලෙස සම්මන්ත්‍රණය සඳහා හෝටලය නොමිලේ ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.
     
    යුද්ධය අවසන්වීමෙන් වසර 09 කට පසුවත් යුද ජයග්‍රහණය විකුණමින්, ජාතිවාදය වපුරමින් තම දේශපාලන අරමුණු ඉටුකර ගන්නා ගෝඨාභය ප්‍රමුඛ රාජපක්ෂලා, එදා යුද්ධයට එරෙහිව සාකච්ඡා මාර්ගයෙන් ජනවාර්ගික ගැටලුව විසඳාගත යුතුය යන මතවාදය වෙනුවෙන් පෙනී සිටි පුද්ගලයන් සිය සමීපයට ගනිමින් අලුත් නාඩගමක් සඳහා අරඅඳිමින් සිටී. ප්‍රබාකරන් පොරක් ලෙස සැලකූ පුද්ගලයන් සමීපයට ගනිමින් ගෝඨාභය රාජපක්ෂ රචනා කරන අලුත්ම නාඩගම කුමක්ද යන්න රාජපක්ෂ කඳවුරේ සිටින බහුතරයක් ප්‍රශ්න කරමින් සිටී.
     
    මාධ්‍ය දඩයම අතහැර නෑ
     
    ඊයේ රාත්‍රියේදී ගෝඨාභය රාජපක්ෂ සිහ හෙංචයියන් ලවා තමන්ව විවේචනය කරන වෙබ් හිමිකරුවන්ට බලපෑම් එල්ල කර අදාල පුවත් ගලවා තිබේ. බලයේ සිටියදී මාධ්‍යවේදීන් ඝාතනය කළ, මාධ්‍යවේදීන් පැහැරගෙන ගිය, මාධ්‍යවේදීන්ගේ ඔලු පැලූ, මාධ්‍ය ආයතනවලට මහ දවල් ප්‍රහාර එල්ල කළ රාජපක්ෂලා තවමත් අනියම් අන්දමින් මාධ්‍ය ආයතනවලට සහ හිමිකරුවන්ට බලපෑම්, තර්ජන එල්ල කරමින් සිටී.
     
    අපවෙත අදහස් දැක්වූ වෙබ් අඩවි කිහිපයක හිමිකරුවන් ප්‍රකාශ කළේ, ගෝඨාගේ තර්ජන හමුවේ අදාල පුවත් ගලවා දැමීමට සිදු වූ බවයි. ‘මොනවා හරි අවුලක් උනොත් දන්නවා නේ වෙන දේ. අපි කොච්චර උදව් කළත් වැඩක් නෑ, පොඩ්ඩක් වැරදුනොත් අපිටත් ඉතිං ලසන්තලාට, එක්නැලිගොඩලාට වෙච්ච දේම තමයි. පණට ආදරේ නිසා නිවුස් එක ගලවන්න උනා’ යනුවෙන් ඔවුන් අප හා ප්‍රකාශ කර සිටියේය.
     
     උපුටා ගැනීම – ලංකා නිවුස් වෙබ්
  • කොළඹට විදුලිය නෑ – හේතුව මෙන්න

    කොළඹට විදුලිය නෑ – හේතුව මෙන්න

    කොළඹ නගරය අවට ප්‍රදේශ රැසක විදුලිය විසන්ධි වී තිබෙනවා.

    බියගම-පන්නිපිටිය සම්ප්‍රේෂණ මාර්ගයේ දෝෂයක් හේතුවෙන් මෙම තත්ත්වය හටගෙන ඇති බවයි පැවසෙන්නේ.

    ජයවර්ධනපුර, බත්තරමුල්ල, පන්නිපිටිය, දෙහිවල, ගල්කිස්ස සහ රත්මලාන ප්‍රදේශවලට මෙලෙස විදුලිය විසන්ධි වී ඇති බවට තොරතුරු වාර්තා වෙනවා.

  • ලේකම් රාජපක්ෂගේ නියෝගයට ලසන්තව නිහඩ කල පොලිස් කුක්කන් දෙදෙනා යලි ඇතුලට….

    ලේකම් රාජපක්ෂගේ නියෝගයට ලසන්තව නිහඩ කල පොලිස් කුක්කන් දෙදෙනා යලි ඇතුලට….

    මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින පොලිස් නිළධාරීන් දෙදෙනා මේ මස 25 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

    සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානායක්කාර සහ ගල්කිස්ස පොලීසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක තිස්සසිරි සුගතපාල යන නිලධාරීන් දෙදෙනා දැනට අත්අඩංගුවේ පසුවනවා.

    සැකරුවන් ඊයේ ගල්කිස්ස මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කෙරුණු අතර, එහිදී ඔවුන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥයන් අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙනුයි නඩු විභාගය ලබන 25 වන දා දක්වා කල් දමා ඇත්තේ.

  • ඉතාලියේ සුන්දරම තරුණිය වූ ලංකාවේ කෙල්ලගේ ඔබ නොදුටු සරාගී Photo සෙට් එක මෙන්න….

    ඉතාලියේ සුන්දරම තරුණිය වූ ලංකාවේ කෙල්ලගේ ඔබ නොදුටු සරාගී Photo සෙට් එක මෙන්න….

    අපේ රටේ තරුණ තරුණියන් ලොව කොහේ ගියත් කුමක් හෝ හපන්කමක් සිදුකරලා ශ්‍රී ලංකාවේ නම ලෝකේ පුරා ගෙනි යනු ලබනවා.

    කටකතාවට ශ්‍රී ලාංකිකයින් ගැන අපේ රටේ සමහරක් පුද්ගලයින් එසේ පැවසුවත්, මේ සිදුවීම නම් ඇත්තටම විශේෂ සිදුවීමක්.

    ඊට හේතුව ශ්‍රී ලංකාවේ සුරූපිනියක් ඉතාලියේදි සුන්දරම තරුණියවීමයි.

    ඉතාලියේ පාදුවා නගරයේ ජීවත්වන ශ්‍රී ලාංකික තරුණියක් එරට මිස් ඉතාලියා තරගාවලියට සමගාමීව පැවැති මිස් වෙනෙතෝ පළාත් තරගාවලියේ පළමු ස්ථානය දිනාගෙන තිබෙනවා.

    ඉතාලි ජාතික තරුණියන් 28දෙනෙකු අභිබවා මෙම කිරුළ හිමි කරගෙන ඇත්තේ පාදුවා නගරයේ තම මාපියන් සමග ජීවත් වන සෙව්මි තාරකා ප්‍රනාන්දු නමැති තරුණියයි.

    පසුගිය 11වැනිදා පාදුවා නගරයේ කම්පෝසම්පිරියෝ ප්‍රදේශයේ මෙම තරගය පවත්වා ඇති අතර, වෙනෙතෝ පළාත නියෝජනය කරමින් මිස් ඉතාලියා තරගයට මෙම ලාංකික තරුණිය සුදුසුකම් ලබා තිබෙනවා.

      

         

  • වයස 76 ජනපති සමග යුග දිවියට යන ලෝකෙම කතාවෙන වයස 24 සෙල්ලක්කාරිය මෙන්න…

    වයස 76 ජනපති සමග යුග දිවියට යන ලෝකෙම කතාවෙන වයස 24 සෙල්ලක්කාරිය මෙන්න…

    දකුණු අප්‍රිකාවේ හිටපු ජනාධිපති ජේකබ් සූමා මේ වනවිට පසුවන්නේ 76 වෙනි වියේ ය.

    පසුගිය දිනවල ඔහු ලෝක ජනමාධ්‍ය තුළ පුවත් මවන්නෙකු බවට පත්ව සිටියේ වංචා දූෂණ චෝදනා නිසා ජනාධිපති ධුරයෙන් ඉවත් වීමට සිදුවීම නිසාය.

    නමුත් මේ දිනවල ඔහු නැවතත් පුවත් මවන්නෙකු බවට පත්ව සිටින්නේ ඊට හාත්පසින්ම වෙනස් කාරණයක් හේතුවෙනි.

    එ් ඔහු නැවතත් විවාහ වීමට යන බවට පලවෙන ආරංචියයි.

    මෙය ඔහුගේ සත්වෙනි විවාහය නිසා මේ පිලිබඳ විශාල මාධ්‍ය අවධානයක් යොමු වෙමින් ඇති ආකාරයක්ද දැකිය හැකි වෙයි.

    මෙම කතාවෙහි ඇති තවත් විශේෂත්වයක් වන්නේ ඔහුගේ සත්වෙනි බිරිඳගේ වයස අවුරුදු 24 ක් බව වාර්තා වීමයි.

    මේ අනුව ඔවුන් දෙදෙනා අතර වයස පරතරය අවුරුදු 52 කි.

    ඇය සූමාගේ ලාබාලතම බිරිඳ වනු ඇති බවද පැවසේ.

    පෙර විවාහයන් මගින් මේ වනවිට ඔහුට දරුවන් විස්සකට ආසන්න සංඛ්‍යාවක් සිටින බව වාර්තා වේ.

  • පරාජය දරාගන්න බැරිවුන කින්ග්ස්වුඩ්ලා ඉසිපතනෙට ගුටි දෙයි

    පරාජය දරාගන්න බැරිවුන කින්ග්ස්වුඩ්ලා ඉසිපතනෙට ගුටි දෙයි

    කොළඹ ඉසිපතන විද්‍යාලය හා මහනුවර කිංග්ස්වුඩ් කණ්ඩායම් අතර ඊයේ මහනුවර පැවති රගර් තරගයේදී මහනුවර කිංග්ස්වුඩ් කණ්ඩායමට සහය පල කිරීමට පැමිණි ප්‍රේක්ෂකයන්ගෙන් දැක ගත හැකි වුයේ ප්‍රචණ්ඩකාරී හැසිරීමක්. තරගය අවසානයේදී ඔවුන් ඉසිපතන ප්‍රේක්ෂකයන් වෙත පහර දීමක් සිදු කල අතර ඉසිපතන ක්‍රීඩකයින්ගේ දෙමව්පියන්, ආදී ශිෂ්‍යයින් සහ පාසල් ශිෂ්‍යයින් තුවාල ලබා සිටිනු දක්නට ලැබුණි.

    කිංග්ස්වුඩ් කණ්ඩායම ඉසිපතන කණ්ඩායම හමුවේ ලකුණු 10 – 05 ක් ලෙස පරජයට පත්වීමත් සමග මෙම සිද්ධිය ඇතිවී ඇත.

    https://www.facebook.com/supirigossip1/videos/1685299071505692/

  • දෙදින නිල සංචාරයේදී ජනපති මෛත්‍රී ඉරානයත් සමග අත්සන් කළ ගිවිසුම් ගැන අැත්ත මෙන්න…

    දෙදින නිල සංචාරයේදී ජනපති මෛත්‍රී ඉරානයත් සමග අත්සන් කළ ගිවිසුම් ගැන අැත්ත මෙන්න…

    ඉරානය සහ ශ්‍රී ලංකාව අතර අවබෝධතා ගිවිසුම් 5කට ඊයේ අත්සන් තැබුණා.

    ඒ, ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ ඉරාන ජනාධිපති හසාන් රවුහානි අතර පැවති ද්වි පාර්ශවික සාකච්ඡාවලින් අනතුරුවයි.

    ටෙහෙරාන් නුවර පිහිටි ජනාධිපති මන්දිරයේදි නායකයන් දෙදෙනා අතර නිල සාකච්ඡා පැවැත්වුණා.

    ඒ අනුව ශ්‍රී ලංකාවත් ඉරානයත් අතර මත්ද්‍රව්‍ය නිවාරණය හා මත්ද්‍රව්‍ය හුවමාරුව වැළැක්වීම, පර්යේෂණ හා ප්‍රමිති කටයුතු වැඩිදියුණු කිරීම, චිත්‍රපට හා රූපවාහිනී කර්මාන්තය ප්‍රගමනය සඳහා වන සංස්කෘතික මගපෙන්වීම, සංස්කෘතික හා අධ්‍යාපන හුවමාරුව මෙන්ම සෞඛ්‍ය, දේශීය වෛද්‍ය හා සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ ප්‍රගමනය යන කරුණුවලට අදාළවයි මෙම ගිවිසුම්වලට එළඹුණේ.

    ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ නායක දෙපළ අතර පැවති සාකච්ඡාවලදී ආර්ථික සහ වෙළඳ සබදතා නව මාර්ග ඔස්සේ ඉදිරියට ගෙන යාම පිළිබදව දීර්ඝ ලෙස සාකච්ඡා වූ බවයි.

    එමෙන්ම ඛනිජ තෙල්, තේ සහ සංචාරක ක්ෂේත්‍රයේ දැනට පවතින සහයෝගීතාව තවදුරටත් පුළුල් කර ගැනීමට ද මෙහිදී සාකච්ඡා වී තිබෙනවා.