Tag: featured

  • ගව ඝාතනය නවතන්න පොහොට්ටුවයි එජාපයයි එකට එකතු වෙයි…  වැල්ලවායෙන් සුපිරි වැඩක්..!

    ගව ඝාතනය නවතන්න පොහොට්ටුවයි එජාපයයි එකට එකතු වෙයි… වැල්ලවායෙන් සුපිරි වැඩක්..!

    වසර පහකට අධික කාලයක් ගව මස් අලෙවි නොකළ වැල්ලවාය ප්‍රාදේශීය සභාවට අයත් ගව මස්කඩය 2018 වර්ෂය සඳහා ටෙන්ඩර් නොකිරීමට වැල්ලවාය ප්‍රාදේශීය සභා මාසික රැස්වීමේදී ඒකමතිකව තීරණය කර තිබේ. මේ බවට වැල්ලවාය ප්‍රාදේශීය සභාවේ සභාපති ආර්.ඩී. හරමානිස් මාධ්‍යයට පැවසුවේය.

    මේ මස්කඩය සඳහා 2013 වසරේ සිට 2016 වසර දක්වා ටෙන්ඩරයෙන් ලබාගත් ගැනුම්කරුවන් එහි මස් අලෙවියක් නොකර ප්‍රදේශයේ ගව ඝාතනයට තිත තබමින් වසා දමා තිබිණි. ඒ සඳහා වැල්ලවාය ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති රෝහණ වන්නිආරච්චි  හා ප්‍රදේශයේ ව්‍යාපාරික ප්‍රජාව මූලිකත්වය ගෙන තිබු අතර අතර ප්‍රදේශයේ විහාරාධිපති හිමිවරුන් හා විශාල පිරිසකගේ දායකත්වය ලැබිණි.

    ඒ අනුව නව සභාවේ දෙවැනි රැස්වීම් වාරයේදී මේ සම්බන්ධ නව සභාපති ආර්.ඩී. හරමානිස් මහතා සභාවට ඉදිරිපත් කළ අතර මේ මස් කඩය ටෙන්ඩර් නොකිරීම සම්බන්ධයෙන් වූ යෝජනා පොදුජන නිදහස් පෙරමුණේ ප්‍රාදේශීය සභා මන්ත්‍රි ජගත් හේමන්ත මහතා විසින් සභාවට ඉදිරිපත් කළ අතර එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රි සුනිල් ඩී. ආනන්ද මහතා හා ස්වාධීන මන්ත්‍රි යූ.එස්.පී. බණ්ඩාර යන සභිකයන් විසින් ස්ථිර කරන ලදී.

    මේ අනුව එලබෙන වසරේද වැල්ලවායේ ගව මස් කඩය වසා තැබෙනු ඇත.

  • කුසේ ඉන්න දරුවා බේරගන්න තම ජිවිතයම කැපකළ මතු බුදුවන අම්මා කෙනෙකුගේ අැත්ත කතාව…

    කුසේ ඉන්න දරුවා බේරගන්න තම ජිවිතයම කැපකළ මතු බුදුවන අම්මා කෙනෙකුගේ අැත්ත කතාව…

    ආදරණීය අම්මාවරුන් ගැන වැඩිපුර කතා කරන මේ කාලයේදී අපේ රටේ ඉන්න ජේෂඨ මාධ්‍යවේදියෙකු තම මෑණියන් ගැන තැබූ සංවේදී සටහනක් අපට හමු වුනා. අපේ රටේ ඉන්න ජේෂ්ඨ මාධ්‍යෙව්දියෙකු,නිවේදකයෙකු වගේම ශ්‍රී ලාංකීම මාධ්‍ය ක්ෂේස්ත්‍රය වෙනුවෙන් අමිල මෙහෙවරක් ඉටුකල ශ්‍රි නිමල් පද්ම කුමාර මහතා තම මෑණියන් ගැන තැබූ මේ සටහන වර්තමානයේ ජීවත් වන බොහෝ මව්වරුන්ට ආදර්ශයක් සපයනවා. ඒ නිසාම මේ කතාව අපි ඔබටත් කියන්න හිතුවා.

    ” මගේ අම්මා .. මගේ අම්මාගේ නම සෝමා වික්‍රමනායක. ඇය මියයන්නේ 1961 දී.. ඒ කියන්නේ මට යන්තම් වයස 6 පිරුනා පමණි . ඇය මහජන සෞඛ්‍ය සේවිකාවක , වින්නඹු සේවිකාවක නිසා ඇගේ ස්ථාන මාරු සමග අපටත් බොහෝ තැන් වලට පදිංචියට යාමට සිදුවී ඇත. එළෙස ඇය රදාවඩුන්න ගමේ සේවය කරද්දී මීරිගම රජයේ රෝහලේ දී මා උපදින්නේත්, හත්තිනිය ගමේ සේවය කරද්දී කොස්වාඩිය සරස්වතී මහා විද්‍යාලයට මා ‘අ’ යන්න කියන්නට යන්නේත් ඒ නිසාය. මගේ කුඩා කලදීම අම්මාගේ උණුසුම නැති වුනත්, තාත්තා මාවත්, අයියාවත් හදා වඩා ගන්නට නොහැකි නිසාම නිවසට කැන්දාගෙන ආ දෙවැනි විවාහයේ අම්මා , අවුරුදු 54 ක්ම මාගේ ‘ප්‍රජාපතී ගෝතමිය’ ම වීම නිසා අපට පාළුවක් නොදැනින.

    එහෙත් ජීවිතයේ සෑම වැදගත් මොහොතකම අම්මා සිහිව කදුළු සැළුනු ආකාරය අදටත් එසේමය. ඇගේ ත් මගේත් කතාන්දරයේ අනුවේදනීය ම අවස්ථාව පසු කලෙක තාත්තාත්, ඇගේ නංගිලා වූ පුංචි අම්මලාත් මට විස්තර කළේ කදුළු පිරුනු දෑස් ඇතිවය. මා ඇගේ කුසට පැමිණි කාලයේ ඇය අධික රුධිර පීඩනය හා අධික දියවැඩියා තත්වයෙන් පෙලී ඇති නිසා ඇගේ කුස මෝරන්නට, මෝරන්නට ඇය බරපතල ලෙස රෝගාතුර වී ඇත.

    ඇය ද සෞඛ්‍ය සේවිකාවක් වූ නිසා රෝහල් වෛද්‍යවරු ඇයගේ ජීවිත අවදානම ගැන සැළකිල්ලට යොමු කොට ඇගේ කුස මෝරන්නට පෙර කුසේ ඉන්නා දරුවා ඉවත් කළ යුතු බවට යෝජනා කර ඇත. ඇය බරපතල ලෙස රෝගාතුරව රෝහල් ගත කළ අවස්ථාවේ …. ” සෝමා ඔයා ඉන්නේ හරිම අවදානමක .. ඔයාගෙ ජීවිතය ගැනයි අපි මුලින්ම බලන්න ඕනෙ .. මේ දරුවා මෝරලා .. හම්බවෙන්න යන වෙලාව වෙනකොට ඔයාගෙ ජීවිතේ ගැන විස්වාස කරන්න බැරි වෙනවා. ඒක හන්දා මේ දරුවා දැන්මම අයින් කරන්නම වෙනවා…” බරපතල ලෙස රෝගීව ජීවිතය හෝ මරණය තෝරාගන්නට සිදුවූ මොහොතේ මගේ අම්මා පවසා ඇත්තේ අපූරු කතාවකි.

    ” ඩොක්ටර් …මේ බඩේ ඉන්න දරුවා .. හම්බවෙන්න පුළුවන් වෙනකල් මෝරලා නිරෝගීව හම්බවෙනව නං ඒ වෙලාවෙ මං මළත් කමක් නෑ .. එදාට මං මළත් මේ දරුවා ලෝකෙට බිහිවෙන්න ඕනෙ ..” මගේ අම්මා ඒ මතයේ ම සිටි නිසා මගේ උපත සිදුවූවත්, ඒ මොහොතේ ඇය ඉතා බරපතල ලෙස රෝගීව ජීවිත අවදානමේ සිටි බැවින් බිළිදු පුතා දකින්නට ද අවස්ථාවක් නොලැබ වෙනම දැඩි උපස්ථාන ලබමින් දින ගණනාවක් දරුවාගෙන් ඈත්ව තැබූ බැවින් මට මගේ අම්මාගෙන් ‘මව් කිරි’ බීමට අවස්ථාවක් ලැබී නැත. වාට්ටුවේ සිටි නර්ස් නෝනා කෙනෙක් දරුවන් ලැබ තම ඇදන් වල වැතිරී ඉන්නා වෙනත් අම්මලා කිහිප දෙනෙකුගේ ඇකයන් හි මාව තබා ඔවුනගේ ඉතිරි කිරි වලින් මගේ කුස පුරවා හිස්ව ඇති අපේ ඇදෙහි තොටිල්ලේ මා තැබූ බව පසු කලෙක තාත්තා කියනු අසා ඇත.

    මගේ අම්මා දොස්තර උපදෙස් මත එදා තම ගැබ හිස් කර ගත්තා නම් අද ශ්‍රී නිමල් පද්මකුමාර නම් වූ මිනිසා ලොවට නොඉපදෙනු ඇත. අධික රුධිර සීනි මට්ටම නිසා අම්මා මිය යන්නට වසර 2 කට පමණ කලින් දෑසම අන්ධ වූවා මට මතකය. වයස 4 දී පටන් ගෙදර බඩු මුට්ටු ඒ ඒ තැන් වල පිළිවෙලට තැබීමේ පුරුද්ද මට ඇති වුනේ දෑස අන්ධ වූ අම්මා තම මතකයෙන් බිත්ති අල්ලමින් ගොස් තමන්ට ඇවැසි දේ ගන්නට පුරුදුව සිටි නිසාය. බංකුවක වාඩි වී දකුණු කකුලෙන් කුස්සි පිහියේ මිට පොළොවට පා ගා ගෙන, ඇස් දෙක කෙලින් අතට බලාගෙන අළු කෙසෙල් ගෙඩියේ පොතු ලිව්වේත්, වැටකොළු කරළේ දාර ලිවුවේත් කෙසේදැයි අදටත් මට හිතා ගන්නට බැරිය.

    එහෙත් ඇය අප දෙදෙනා වෙනුවෙන් ඉව්වාය. කාලය ගෙවී ගොස් ඇයට අසාධ්‍යව මහවැව කිරිඅම්මාගේ නිවසින් ( අම්මාගේ මහ ගෙදර) හලාවත රෝහලට රැගෙන යන්නට සූදානම්ව ඉස්තෝප්පුවේ ඇදි පුටුවක වාඩි කරවා සිටි අම්මා දෑතම ඉදිරියට දිගු කොට ” කෝ .. මගෙ කොළු පැටවු දෙන්නා..” යැයි කියද්දී මාත්, අයියාත් ඇය වෙත යන්නට හදද්දී කිරි අම්මා අප දෙදෙනාව අතින් ඇද නවතා ඇය අසලට යන්නට නොදී රදවා ගත් සැටිත්, ඒ සැනින් තාත්තා කිරි අම්මාගෙන් අප දෙදෙනාව උදුරාගෙන අම්මාගේ දෑත් මැද්දට යැවූ සැටිත්, අම්මා දෑතින්ම අප දෙදෙනාව බදාගෙන ඔඩොක්කුවේ තබා තුරුළු කරගෙන සිප ගත් සැටිත් මට අද මෙන් මතකය.

    ඒ දෑසම නොපෙනුනු අම්මා අප දෙදෙනා තුරුළු කර ගත් අවසන් මොහොත යැයි අපට දැනුනේ තවත් අවුරුදු ගණනාවක් අප ලොකු මහත් වූවාට පසුවය. ඇයට යන්තම් වයස 36 ලබද්දීම මගේ අම්මා යන්නම ගියාය. ඇගේ දෑතින් දරුවන් සිය ගණනක් මෙලොට බිහි කර ඇති බවත්, හරහර හිරවී අම්මාත්, දරුවාත් මිය යන්නට ඔන්න මෙන්න තිබූ දරු උපත් රැසත් අම්මාගේ දෑතේ දක්ෂ කමින් නිරුපද්‍රිතව සිදු කළ ඇය අම්මලා හා දරුවන් විශාල පිරිසකයේ ජීවිත බේරා ගෙන ඇති බවත් මම දනිමි.

    එබැවින් ඇය යහපත් භවයක් ලබා සිටිය හැකිය. දෙව් ලොවක සිට තවමත් මා දෙස බලා සිටිනවා ද විය හැක. ” අනේ මගේ පොඩි පුතා … මං ජීවිතය එපා කියලා පරිස්සං කර ගත්තු පොඩි එකා … අද රටක්.. ලොවක් දන්නා ලොකු මිහිහෙක් වෙලා… ” යැයි සතුටු වනු ඇත. මගේ අම්මේ … ඉපිද ඉපිද යන මේ සසර ගමනින් අපි අයින් වෙමු අම්මේ.. නිවන දුර නැතුව ඇති .. ආයෙත් හමුවෙලා .. අම්මා මට කළ හැම දේකටම මගෙනුත් යමක් කර දෙන්නට මට ඉඩ දෙන්න අම්මේ .. අපි එක දවසක.. එකම තැනක නිවෙමු..”

  • රටම හැඩවු ශිෂ්‍යත්ව පන්ති ගිහින් ගෙදර එද්දී ජල රකුසාට බිලිවූ දියණියගේ කදුළු කතාව මෙන්න..

    රටම හැඩවු ශිෂ්‍යත්ව පන්ති ගිහින් ගෙදර එද්දී ජල රකුසාට බිලිවූ දියණියගේ කදුළු කතාව මෙන්න..

    ශිෂ්‍යත්ව පරීක්‍ෂණ විභාගයේ අතිරේක පන්තියකට සහභාගිවී ආපසු තම නිවස බලා යාමට පාරේ ගමන් කරමින් සිටි පාසල් ශිෂ්‍යාවක්‌ සහ ඇගේ මව අධික වර්ෂාවත් සමඟ ඇතිවූ සැඩ පහරකට හසුවීමෙන් පාසල් ශිෂ්‍යාව මියයාමේ අවාසනාවන්ත පුවතක් වාර්තා වෙනවා. ඒ එගොඩවෙල ප්‍රදේශයෙන්.

    පස්‌සර මැදවෙලගම එගොඩවෙල ප්‍රදේශයේට ඇද හැලුනු අධික වර්ෂාවත් සමඟ ඇතිවූ සැඩ පහරකට හසුවීමෙන් මෙලෙසින් පාසල් සිසුවිය මිය ගොස් තිබේ. පසුගිය 12 වැනිදා සවස 5.00 ට පමණ පාසල් සිසුවිය සහ ඇයගේ මව අමතර පන්ති නිමවී නැවතත් නිවස බලා එමින් සිටියදි මෙලෙසින් සැඩ පහරට හසුව තිබේ.

    මෙසේ මියගොස්‌ ඇත්තේ මැදවෙලගම මහා විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටි දිනිත් තත්සරණී නමැති 10 හැවිරිදි දැරියකි. පස්‌සර නගරයේ සිට 12දා සවස බස්‌ රථයකින් මැදවෙලගම දක්‌වා ගමන් කොට ඇති සිසුවිය සහ මව බසයෙන් බැස වර්ෂාව මැද්දේම එගොඩවෙලගම තම නිවස කරා යාමට පටන්ගෙන ඇත. ඔවුන් යන පාර වැටී ඇති දියකඳුරකින් එගොඩ වීමට උත්සාහ ගන්නා අවස්‌ථාවේදී එම දියකඳුරට ඉහළින් හදිසියේ ගලා ආ සැඩ පහරකට දෙදෙනාම හසුවී ගසාගෙන ගොස්‌ ඇත.

    එහිදී පාසල් ශිෂ්‍යාව මියගොස්‌ ඇත. ඇගේ මව බරපතළ තුවාල ලබා දිවි බේරාගෙන තිබේ. මියගිය ශිෂ්‍යාවගේ මෘත දේහය දැනට පස්‌සර දිසා රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කොට තිබේ. තුවාල ලැබූ මව  පස්‌සර දිසා රෝහලේ  ප්‍රතිකාර ලබන්නීය.

  • රනිල් එලවන්න කැසිනෝ රවී එක්ක සජිත් දාන අලුත් ඩීල් එක ඩබල් බ්ලැක් එකක් නිසා එළිවෙයි

    රනිල් එලවන්න කැසිනෝ රවී එක්ක සජිත් දාන අලුත් ඩීල් එක ඩබල් බ්ලැක් එකක් නිසා එළිවෙයි

    ඊයේ (13) රාත්‍රියේ එජාප ප්‍රභල ඇමති වරු දෙදෙනෙක් සහ මෛත්‍රී වරුන් 4 දෙනෙක් සමග සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් රහසිගත හමුවක් තිබී ඇත.අගමැති රනිල් වික්‍රමසිංහව එම තනතුරින් පහ කිරීමටත් එජාප පක්ෂ නායකත්වය සජිත්ට ලබා ගැනීමේ ඊලඟ කුමන්ත්‍රනය මෙසේ ඇරඹුන බව මෙම කුමන්ත්‍රනය සැලසුම් කරන අතරතුර පාවිච්චියට ගත් ඩබල් බ්ලැක් බෝතලයේ රැස් ඒවන විටත් අැඟෙන් පිටවෙමින් තිබූ එක් පසුපෙල මන්ත්‍රී වරයෙකුගෙන් දැන ගැනීමට ලැබුණි.

    මෙම කුමන්ත්‍රණය පිටුපස රටේ නම ගිය කැසිනෝ ව්‍යාපිරිකයෙක් වන කැසිනෝ රවී හෙවත් රවී විජේරත්න සිටීමත් මේ වෙනුවෙන් ඇතිපදම් වියදම් කිරීමට ඔහු මැලි නොවීමත් සහ ඊයේ මෙම හමුව ඔහුගේ නිවසේ පැවතීමත් හේතුවෙන්
    මෙවර නම් රනිල් වික්‍රමසිංහට ජාමෙ බේරගන්න බැරි වන බව එහිදී ඔවුන් කතා වූ බව එම මන්ත්‍රීවරයාගෙන් වැඩිදුරටත් කියවූ අතර රනිල් නෙරපා සජිත් ගෙන ඒමට දැන් අපිට ඕන තරම් සල්ලි විසි කරන්න පුළුවං.. 2020 පක්ෂෙ නායකය විදිහට සජිත්ව ජනාධිපති වරණයට ඉදිරිපත් කර එජාපය දිනවීම ඔවුන්ගේ අරමුණ බවත් ඒ වෙනුවෙන් සජිත් බලේට ආවම එජාපයේ දැනට ඉන්න බලකණු ගොඩක් ගලවා දමා පසුපෙල මන්ත්‍රීවරුන් කරලියට ගෙන ඒමටත් මේ වෙනුවෙන් ඇතිපදම් සල්ලි විසිකරන රවී විජේරත්නට ලංකාවේ ලංකාවෙ කැසිනෝ එකාධිකාරය හදල දෙනන්නත් සජිත් එකඟ වූ බව ඔහු විසින් වැඩිදුරටත් කියා සිටියේය.

  • තහනම් ප්‍රශ්න පත්තරයක උත්තර හොයමින් එදා සිල් බිදගත්ත නදීෂා කරපු අළුත්ම වැඩේ මෙන්න…

    තහනම් ප්‍රශ්න පත්තරයක උත්තර හොයමින් එදා සිල් බිදගත්ත නදීෂා කරපු අළුත්ම වැඩේ මෙන්න…

    නදීෂා හේමමාලිගේ විවාහයෙන් පසුව වැඩිය ඇය ගැන කතා බහ කරන්න ලැබුණේ නැහැ. නමුත් දැන් නැවතත් ඇය ගැන බොහෝ දෙනා කතා වන්නේ සංකල්ප දසනායකගේ අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වී මේ දිනවල තිරගත කෙරෙන යම රජ සිරි චිත්‍රපටය නිසයි. එහි ධනවත් පවුලක එකම දියණිය ලෙස ඇය චරිතයකට දායකව සිටින්නීය.
    මේ කාලයකට පසුව එලෙසින් අප හමුවට එන නදීෂා කතාබහකට ලක් වූ අයුරුයි.

    නදීෂා පෙනෙන්නට නැහැ. ඒත් කාර්යබහුලයි වගේ ?
    ඔව්. ජූලියා චිත්‍රපටයෙන් පසුව තමයි යම රජ සිරි චිත්‍රපටය සමග එක් වුණේ. එහි ප්‍රවර්ධන කටයුතුවලට දායක වෙනවා. පසුගිය වසර කීපයකට පසුව එක් වූ ප්‍රථම ප්‍රහසන චිත්‍රපටය මෙයයි.

    ජූලියාගෙන් පසුව චිත්‍රපටයකට රගපෑවේ නැද්ද ?
    ඉන්දීය තෙළිගු චිත්‍රපටයක රගපෑවා. එය ඉන්දියාවේ දී තිරගත වුණා.

    එය ලංකාවේ තිරගත වුණේ නැද්ද ?
    මෙහි තිරගත කරවීමට මගේ බලාපොරොත්තුවක් තියෙනවා. ඉදිරියේදී අපි ඒ ගැන බලමු.

    කොහොම ද යම රජ සිරිට ලැබෙන ප්‍රතිචාර ?
    හොද ප්‍රතිචාර ලැබෙන්නේ. දැනට බොහෝ දෙනා එය නරඹා රස විද ඇති බව පෙනෙනවා. පවුල් පිටින් ගිහින් ආදරයෙන් රස විදින බව පෙනෙනවා. බන්දු ටෙනී විකට රජුන් දෙදෙනා සෑහෙන කාලයකට පසුවයි මෙලෙසින් චිත්‍රපටයකට එකට එක්ව සිටින්නේ.

    ඔබට පුද්ගලිකව ලැබෙන ප්‍රතිචාර මොන වගේ ද ?
    මගේ ප්‍රථම ප්‍රහසන චිත්‍රපට අත්දැකීමයි. ප්‍රහසන චිත‍්‍රපටයක් වුණත්, මගේ චරිතය එහි වෙනස්. ධනවත් පවුලක එකම ගැහැනු දරුවා ලෙස තමයි මම රගපාන්නේ. එකම දේ ටෙනිසන් බන්දු නමැති වත්මන් සිනමාවේ විකට රජුන් දෙදෙනා එක්ක එකට රගපාන්න ලැබීමම. හරි අපූරු අත්දැකීමක් වුණා. සමහර අවස්ථාවලදී හිනාව නවත්වා ගන්න බැරිව මම හරි අපහසුතාවට පත් වුණා. බන්දු ටෙනීගේ සටන් ජවනිකා එහෙම දැකලා බට පැළෙන තරමට හිනා.

    ටේක් එකේදි යම රජ සිරි නිල්නයනි චරිතය සහ සැබෑ ජීවිතයේ ඔබ අතර වෙනස ගැන කතා කළොත් ?
    එයා ධනවත් පවුලක තරුණියක ලෙස හැමෝටම උදව් කරනවා. පවුලේ එකම දරුවා. සැබෑ ජීවිතයේ මගේ චරිතය හා ඒ චරිතය වෙනස්. මම වෘත්තීය රංගන ශිල්පිනියක්. සැබෑ ජීවිතයයි ඒ චරිතයයි අතර තියෙන්නේ ලොකු වෙනසක්. චිත්‍රපට ක්‍ෂේත්‍රයේදී මේ විදියට විවිධ රසාස්වාදය ඇති චිත‍්‍රපට වගේම චරිත රගපෑමටත් ඉතින් චරිතය කුමක් වේවිද කියලා කියන්න බැහැ. හැබැයි රංගනයේදී එදා ඉදලාම මට අවශ්‍ය වුණේ චරිතාංග රංගන ශිල්පිනියක ලෙස කටයුතු කිරීමටයි.

    ටෙලිනාට්‍යවලදීත් ප්‍රහසන චරිතවලට ආරාධනා ලැබුණා ද ?
    විවිධ චරිතවලට ආරාධනා ලැබුණා. නමුත් මට තියෙන ලොකුම ප්‍රශ්නය වුණේ දුර බැහැර ප්‍රදේශවලට ගිහින් දීර්ඝ කාලයක් රුදී සිටීමේ මැලිකමයි. අදටත් ඒ මැලිකම මට තියෙනවා. නමුත් චිත්‍රපටයකදී එය වෙනස්. එය නවත්වා ගන්නේ බොහෝම අසීරුවෙන්. ඇත්තටම ඒ ප්‍රහසනය සියැසින් රූගත කිරීම්වලදී දැකලා මුලින්ම හිනා වුණේ මම. ඉතින් ප්‍රේක්ෂකයන්ට මෙය රස සාගරයක් කියලයි මට හිතෙන්නේ. මේ විනෝදාස්වාද චිත්‍රපටයේ සුරාජ් මාපා ගරු රගපෑමක් කරනවා. ඒ ගැනත් සිහිපත් කරන්න ඕනෑ.

    නදීෂා මේ ප්‍රබෝධයත් එක්ක දිගටම ප්‍රහසනවල රගපාවි ද ?
    මගේ වෘත්තීය රංගනයයි. මම හරි ආසයි. නියමාකාර ස්වයංපෝෂිත සිනමාවක් බිහි වන්නේ එවිටයි.

    නදීෂාගේ ගෙවී යන ජීවිතේ කොහොමද ?
    හොදයි, සුන්දරයි ජීවිතයේ ගෙවෙන සෑම තත්ත්පරයකදීම එය අර්ථවත් කර ගැනීමට පුළුවන් නම්. ජීවිතය අපට දැනේවි. එකාතකට ජීවිතය කියන්නේ හරිම අමුතු ප්‍රශ්න පත්තරයක්. නමුත් අදහන ආගම දහමට අනුව ජීන්‍ත් වුණොත් ජීවිතය මොකක්ද කියලා වටහා ගන්න පුළුවන් වේවි. ජීවිතය මොකක්ද කියලා වටහා ගන්න පුළුවන් එකම දේ තමයි ආගම දහම වටහා ගැනීම.




      

  • ශ්‍රීමත් ජෝන් කොතලාවල මහතාගේ අන්තිම කැමති පත‍්‍රය කුණු කූඩෙට දාල

    ශ්‍රීමත් ජෝන් කොතලාවල මහතාගේ අන්තිම කැමති පත‍්‍රය කුණු කූඩෙට දාල

    පසුගිය සිකුරාදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ජෝන් කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාල ගැසට් පත‍්‍රය මේ රටේ නිදහස් අධ්‍යාපනය වැනසීම සඳහා 1981 ඉදිරිපත් කළ ධවල පත්‍රිකාවට වඩා දරුණු එකක් බව අවධානය කරන බව ජනතා විමුක්ති පෙරමුණේ ජාතික සංවිධායක බිමල් රත්නායක මහතා ඊයේ(13) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේය.

    එහිදී අදහස් දැක්වූ ඒ මහතා,

     21වන සියවසේ ඉදිරිපත් කරන අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීමේ බරපතළම පනත් කෙටුම්පත මේකයි. සාකච්ඡාවකටවත් කිසිම ඉඩක් ඉතිරි කරන්නේ නැතිව රාජ්‍ය සරසවි පුද්ගලීකරණය කිරීමට රාජ්‍ය මුදල්වලින් පෞද්ගලික සරසවි ඇති කිරීමට මේ පනතින් ප‍්‍රතිපාදන සලසාගෙන තිබෙනවා. ඒ නිසා, ජනතා විමුක්ති පෙරමුණ හැටියටත් සමාජවාදී ශිෂ්‍ය ව්‍යාපාරය හැටියටත් අපි මෙය පරාජය කිරීම සඳහා මේ රටේ සියලූම බහුජන සංවිධානත් ශිෂ්‍ය ව්‍යාපාරය, වෛද්‍ය සංගම්, සරසවි ශිෂ්‍ය මාපිය සංගම් ආදී මේ අවස්ථාවේ නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් පෙනී සිටින සංවිධානවලට අමතරව රටේ මුළු මහත් ජනතාව මේ වෙනුවෙන් පෙළ ගැසිය යුතු බව අපි අවධාරණය කරනවා. 

    ප‍්‍රමිතියෙන් තොර වෛද්‍යවරුන් බිහි කරන්න, පවත්වාගෙන ගිය සයිටම් ආයතනය අහෝසි කරන්න විශාල උද්ඝෝෂණයක් මුළු ජනතාවගෙන්ම ඇති වී තිබෙනවා. එය අහෝසි කරන බව පසුගිය නොවැම්බර් මාසයේ ආණ්ඩුව සහතික වුණා. මේ තත්ත්වය යටතේ සයිටම් ආයතනයේ ඉගෙන ගත් ශිෂ්‍යයන් එසේ දඩුවම් විඳිය යුතු නැති බව මානුෂික හේතූන් මත සයිටම් විරෝධී අරගලයේ සිටි සියලූම දෙනා පිළිගත්තා. ඒ අනුව වෛද්‍ය සභාවේ නිර්දේශ මත සුදුසුකම් ලත් සයිටම් සිසුන් තාවකාලිකව රාජ්‍ය විශ්වවිද්‍යාලවලට ඇතුළත් කරගන්න එකඟ වුණා. මේ ක්‍රියාවලිය සඳහා කමිටුවකුත් පත් කළා. ඒ කමිටුවේ කටයුතු කෙරෙමින් තිබියදී තුට්ටුදෙකේ හොර වැඩවලට ආණ්ඩුව යොමු වී මේ පනත ගෙනත් තිබෙනවා. 

    ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය පිහිටුවන්නේ 1981 අංක 68 දරන ජෝන් කොතලාවල ආරක්ෂක විශ්විද්‍යාල පනතට අනුවයි. එය ආරක්ෂක  අංශවල උසස් අධ්‍යාපනය සඳහා පිහිටුවිය යුතු බව ජෝන් කොතලාවල මහත්මයාගේ අන්තිම කැමති පත‍්‍රයේ පවා සඳහන් කර තිබෙනවා. නමුත් ආණ්ඩුව ලෑස්තිවෙන්නේ මේ පනතට පිටින් ඉදිරිපත් කර තිබෙන කෙටුම්පත යොදාගෙන අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීම වේගවත් කිරීමටයි. මේ වෙනුවෙන් 1978 විශ්වවිද්‍යාල පනතට බාහිරව රාජ්‍ය මුදල් පවා යෙදවීමේ හැකියාව ලබාදීමට සූදානම් වෙනවා. මේ පනත ක්‍රියාත්මක කළොත් කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨයට දේශීය හෝ විදේශීය ආයතන සමග ගිවිසුම් අත්සන් කිරීමේ හැකියාවක් ලැබෙනවා. ඒ කියන්නේ මේ රටේ ටියුෂන් කඩවලට පවා ගිවිසුමක් මඟින් කොතලාවල එකට සම්බන්ධ වෙන්න පුළුවන්. මේ හරහා කිසිම අධ්‍යාපන නිර්ණායකයකින් තොරව මේ ආයතනයෙන් සල්ලි දීලා උපාධි ගන්න අවස්ථාව ලැබෙනවා. උසස් පෙළ සමත්වීම හෝ ඉසෙඞ් ඉස්කෝර් අගය වගේ මොකුත්ම නිර්ණායක අදාළ වෙන්නේ නැහැ.  ඕනෑම කෙනෙකුට ප‍්‍රමිතියෙන් තොර උපාධියක් ලබාගෙන ඉන්දියාව, ඇමෙරිකාව වගේ රටවල පවතින තත්ත්වයක් මේකෙන් ඇති කළ හැකියි. 

    මෛත්‍රීපාල සිරිසේන, රනිල් වික‍්‍රමසිංහ, ලක්ෂ්මන් කිරිඇල්ල වගේ අය සයිටම් සිසුන් ගැන කිඹුල් කඳුළු හෙළපු හැටි අපි දැක්කා. ඔවුන්ට අසාධාරණයක් සිදුවෙන්න නොදෙන බව ඔවුන් ප‍්‍රකාශ කළා. ඒ සිසුන් යොදාගෙන පෞද්ගලික විශ්වවිද්‍යාල වෙනත් ආකෘතියකින් ඇති කරන්න මේ පාලකයන් උත්සාහ කරමින් සිටිනවා. ඒ වෙනුවෙන් හමුදාව යොදවාගෙන, හමුදාවලට බලපාන අණපනත් යටතේ ආයතනයක් පිහිටුවා මේ රටේ අධ්‍යාපනය නොසිතූ විරූ ලෙස විනාශයට ගෙනියන්න මේ කෙටුම්පතින් ඉඩ සලසා තිබෙනවා. මේකට විරුද්ධව අධිකරණය ඉදිරියට යන්න නම් සභානායකවරයා පළමුවර කියවීම වශයෙන් මේ ගැන වාචිකව පාර්ලිමේන්තුවට කරුණු ඉදිරිපත් කළ යුතුයි. නමුත් සිකුරාදා කළේ මන්ත්‍රීවරුන්ගේ මේස මත මේ පනත් කෙටුම්පත තියල තිබුණු එක විතරයි. ඒ නිසා උසාවි යන්නත් බැහැ. නමුත් මේ වන විට අපිට ලැබෙන ආරංචි අනුව සයිටම් විරෝධී ජනතා පවුර, ශිෂ්‍ය ව්‍යාපාරය ඇතුළු සංවිධානවල විරෝධය හමුවේ කෙටුම්පත අයින් කරගන්න සූදානම් වන බව කියැවෙනවා. මේ ආණ්ඩුව කර තිබෙන්නේ  ජෝන් කොතලාවල මහතාගේ අන්තිම කැමති පත‍්‍රයටත් ෂොට් එකක් දීලා අධ්‍යාපනය පෞද්ගලීකරණය කරන්න පාවිච්චි කරන එකයි. සාමාන්‍යයෙන් ශිෂ්ට සම්පන්න සමාජයක කෙනෙකුගේ අන්තිම කැමති පත‍්‍රයට ගෞරවයක්, වටිනාකමක් දෙනවා. මේ ආණ්ඩුව ඒකටත් වංචා කරන තත්ත්වයක ඉන්නේ. 

    මේ පනත අනුව බලාත්මක කරන විශ්වවිද්‍යාලය පිහිටුවන්නේ ආරක්ෂක අමාත්‍යාංශය යටතේ. මේ දක්වා කොතලාවල පීඨය තිබුණේ ආරක්ෂක අංශයට උසස් අධ්‍යාපන කටයුතුවලටය. නමුත් ලෝකයේ පළමුවෙනි වරට ආරක්ෂක අමාත්‍යාංශය යටතේ පිහිටුවන ආයතනයකින් සිවිල් පුරවැසියන්ගේ දරුවන්ට උපාධි ලබාදෙන්න සූදානම් වෙනවා. කොතලාවල මහත්තයාගේ අන්තිම කැමති පත‍්‍රය උල්ලංඝනය කරලා අධ්‍යාපන කඩ දාන්න සූදානම් වෙන්නේ මේ නිසයි. මේ අනුව පිහිටුවන ආයතනයට සන්නද්ධ හමුදාවලට අයත් නොවන රාජ්‍ය සේවයේ අනිකුත් නිලධාරීන්ට ලැබී තිබෙන ආයතන සංග‍්‍රහය ඇතුළු නීති-රීතිවලට අමතරව ත්‍රිවිධ හමුදා පිහිටුවීමේ පනත්  කෙටුම්පත්වලට අදාළව නීතිත් ඇතුළත් වෙනවා. ඒ වගේම ලංකාවේ විශ්විවිද්‍යාලවලට බලපාන සියලූ තීන්දු තීරණ ගන්නා 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ කුමක් සඳහන් වුවත්, එය නොතකා ක්‍රියාකිරීමේ හැකියාව ලබාදීමට සූදානම් වෙනවා. සිසුන් බඳවා ගැනීම්, විභාග පැවැත්වීම, ප‍්‍රතිඵල නිකුත් කිරීම ආදී හැමදේම කරන්න සූදානම් වෙන්නේ විශ්වවිද්‍යාල පනතට පිටින්. ඒ අනුව බඳවා ගන්නා අයට නිශ්චිත සුදුසුකමක් නැතිවා වගේම  ඕනෑම කෙනෙකුට උපාධි, ආචාර්ය උපාධි ලබාදීමේ හැකියාවත් මේ මඟින් ඇති වෙනවා. 

    අපේ රටේ වෛද්‍ය, ඉංජිනේරු, නීතිඥ වගේ වෘත්තීයමය ක්ෂේත‍්‍රවලට ඇතුළත්වන කෙනෙකුගේ සුදුසුකම් පරීක්ෂාකර බලන්න වෘත්තීයමය සභා පිහිටුවා තිබෙනවා. උදාහරණයක් හැටියට ශ්‍රී ලංකා වෛද්‍ය සභාව මේ රටේ වෛද්‍යවරුන් සම්බන්ධ ප‍්‍රමිතීන් තීරණය කරනවා. ලංකාවේ රජය පිළිගෙන තිබෙන පිටරට විශ්වවිද්‍යාලයක වෛද්‍ය උපාධිය ලබා එන අය වගේම මේ රටේ වෛද්‍ය උපාධිය ලබාගත් අයත්, වෛද්‍ය සභාවේ නිර්ණායක සම්පූර්ණ කළ යුතුයි. නමුත් මේ පනතට අනුව කොතලාවල ඇකඩමියට එවැනි කිසිම ප‍්‍රමිතියක් අයත් නොවන විශේෂ වරප‍්‍රසාද ලබාදෙනවා. නමුත් විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසම යටතේ තිබෙන රාජ්‍ය විශ්වවිද්‍යාලවලට ඒවගේ අවස්ථාවක් නැහැ. මේ පනත කි‍්‍රයාත්මක කළොත් සිද්ධ වෙන්නේ මහජනතාවගේ බදු මුදල් යොදවා පෞද්ගලික ව්‍යාපාර ආරම්භ කිරීමට පුළුල් ඉඩකඩක් ලබාදීමයි. ඒවගේම හමුදාකරණය වූ විශ්වවිද්‍යාල බිහිකරන්නත් මේකම යොදා ගැනීමේ අනතුර තිබෙනවා. ආරක්ෂක විශ්වවිද්‍යාලයක් නම්, ආරක්ෂක හමුදාවලට අදාළ උපාධි පිරිනැමීම සාමාන්‍ය දෙයක්. නමුත් මේ වනවිටත් කොතලාවල ඇකඩමියේ පෞද්ගලික පාඨමාලා හදාරණ සිසුන් විශාල පිරිසක් ඉන්නවා. ඒ අය වෙනුවෙන් අනෙක් කිසිම විශ්වවිද්‍යාලයක සිසුන්ට වියදම් නොකරන විශාල මහජන මුදලක් ද, යොදවමින් තිබෙනවා. 

    අනික් පැත්තෙන් අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීමට ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවන් යොදාගැනීමටත් ආණ්ඩුව මේ හරහා උත්සාහ කරනවා.  මේ වනවිට සයිටම් විරෝධී ශිෂ්‍ය අරගල වගේම නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් ගෙනයන අරගලවලට ඍජුවම මුහුණ දෙන්න සිදුවෙන්නේ ආණ්ඩුවට. නමුත් මේ පනත ක්‍රියාත්මක කිරීම හරහා ඒවගේ ශිෂ්‍ය විරෝධතාවලට විරුද්ධව කෙළිින්ම ආරක්ෂක හමුදා යොදාගැනීමේ හැකියාව තිබෙනවා. ශිෂ්‍යන්ගේ විරෝධය එල්ලවෙන්නේ ආරක්ෂක හමුදාවල ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් වීම ඒකට හේතුවයි. ආණ්ඩුව මේ තක්කඩි විදිහට උත්සාහ කරන්නේ මේ දක්වා පෞද්ගලීකරණය කරන්න බැරිවූ රාජ්‍ය විශ්වවිද්‍යාල පෞද්ගලීකරණය කිරීමේ ව්‍යාපෘතියට ආරක්ෂක හමුදා යොදවා ගන්නයි. මේ නිසා ජනතා විමුක්ති පෙරමුණ ඉතා පැහැදිලිවම මෙය පරාජය කිරීමේ සියලූම සංවිධාන එකතු කරමින් මේ දක්වා අධ්‍යාපනය වෙනුවෙන් නොතිබූ තරම් මහජන බලවේග පෙළගස්වනවා. අපි ජනතාවටත් අවධාරණය කරන්නේ මේ විනාශකාරී පනත් කෙටුම්පත පරාජය කිරීමට පෙළ ගැසෙන්න කියලයි. දැනටමත් විවිධ මට්ටම්වලදී අධ්‍යාපනය වෙනුවෙන් අරගල කරන විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරු, මාපිය සංගම්, ශිෂ්‍ය ව්‍යාපාරය ඇතුළු සියලූම බලවේග එකට එකතු වී මෙය පරාජය කළ යුතුයි. ඒ සටනේ පෙරමුණේම ජනතා විමුක්ති පෙරමුණත්, සමාජවාදී ශිෂ්‍ය සංගමයත් ඉන්න බව අපි අවධාරණය කරනවා. 

  • බස් ගාස්තු සංශෝධන විද්වත් කමිටුව අද රැස්වෙයි

    බස් ගාස්තු සංශෝධන විද්වත් කමිටුව අද රැස්වෙයි

    ඉන්ධන මිල ඉහළ යාමට සාපේක්ෂව කොපමන සංඛ්‍යාවකින් බස් ගාස්තු ඉහළ නැංවිය යුතු ද යන්න සාකච්ඡා කිරීම සඳහා බස් ගාස්තු සංශෝධනය සඳහා වූ විද්වත් කමිටුව අද දිනයේ රැස්වන බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ මහතා පවසයි.
    බස් ගාස්තු සංශෝධනය සඳහා එම කමිටුව ඉදිරිපත් කරන නිර්දේශ කැබිනට් මණ්ඩලයට යොමුකර අනුමැතිය ලබාගත යුතු බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කල අතර පෞද්ගලික බස් හිමියන්ගේ සමිති සම්මේලනයේ ප්‍රධාන ලේකම් අන්ජන ප්‍රියන්ජිත් මහතා ඊයේ පැවසුවේ, 15% කින් බස් ගාස්තු ඉහළ දැමීමට රජයට පියවර නොගත හොත් 16 වනදා සිට බස් ධාවනයෙන් ඉවත් වන බවයි.
  • දෙව්මි-අවන්ත ආදර අන්දරය නැගලා යද්දී දෙවෙනි ඉනිමේ තවත් පෙරලියක්…ආනන්දත් ඉවතට..?

    දෙව්මි-අවන්ත ආදර අන්දරය නැගලා යද්දී දෙවෙනි ඉනිමේ තවත් පෙරලියක්…ආනන්දත් ඉවතට..?

    “දෙවැනි ඉනිම” ටෙලි නාට්‍යයේ රවී ප්‍රනාන්දුගේ හදිසි මරණය රට තුළ ලොකු කතා බහක් ඇති කළා. එම චරිතය රගපෑ බිමල් ජයකොඩි දෙවෙනි ඉනිමෙන් ඉවත්වීම නිසා ඔහු රගපෑ චරිතය මරා දැමූ බවත්, බිමල්ගේ ඉවත්වීමත් ගැනත් බොහෝ අය බොහෝ දේ පැවැසුවා.

    එය අතරේ එහි ආනන්දගේ චරිතය රගපාන “ධර්මප්‍රිය ඩයස්” දෙවෙනි ඉනිමෙන් ඉවත්ව යන්නට සැරසෙන බවට තවත් ආරංචියක් පැතිර යමින් පවතිනවා. අපි ධර්මප්‍රිය ඩයස්ට කතා කළේ ඒ ආරංචියේ ඇත්ත නැත්ත හරි හැටි දැන ගන්නයි.

    ඔබ “දෙවැනි ඉනිම” ටෙලි නාට්‍යයෙන් ඉවත් වන්නට යන බවට ආරංචියක් මේ දවස්වල පැතිර යනවා. මොකක්ද මේ කතාවේ ඇත්ත නැත්ත ?
    ඇත්තම කියනවා නම් මගෙනුත් හුග දෙනෙක් ඔය ගැන අහනවා. ‘කවුද ඕක කිව්වේ’ කියලා මම ඒ අයගෙන් ඇහුවාම “ඔය වෙබ් සයිට්වල තියෙන්නේ” කියනවා. කවුරු මේ කතා හදනවද කියලා නම් මම දන්නේ නැහැ.

    ඒ කියන්නේ මේ ආරංචිය බොරුවක් ?
    ඔව්. බොරුවක් මම ඔය විදියේ කිසිම තීරණයක් අරගෙන නැහැ.

    රවීගේ මරණය හා බිමල්ගේ ඉවත්වීම ගැන මොකද කියන්න තියෙන්නේ ?
    (හිනැහී) බිමල්ගේ ඉවත්වීම නිෂ්පාදන අංශයෙන් හා බිමල්ගෙන් ඇසිය යුතු ප්‍රශ්නයක්. ඒක මට අදාළ ප්‍රශ්නයක් නෙවෙයි. හැබැයි ඉතින් දෙවෙනි ඉනිම නරඹන ප්‍රේක්ෂකයෙක් වශයෙන් නම් රවිගේ මරණය මට කම්පනයක් ඇති කළා. රවී දිගටම දෙවෙනි ඉනිම තුළ හිටියා නම් කියලත් හිතුණා. එහෙම හිතුනේ නාට්‍යයට සම්බන්ධ ශිල්පියෙක් විදියට නෙවෙයි. නාට්‍ය නරඹන රසිකයෙක් විදියටයි.

    දෙවෙනි ඉනිම කොටස් 1000කට පමණ දික් කරන්නට යන බව එහි අධ්‍යක්ෂකවරයා පවසනවා ?
    සාර්ථකත්වය මත මෙගා නාට්‍ය දික්වන අවස්ථාත් තියෙනවා. අසාර්ථක වුණාම නතර කර දමන අවස්ථාත් තියෙනවා. ඒක සාමාන්‍ය දෙයක්.

    ‘දෙවෙනි ඉනිම’ කොටස් 1000කට දික් කිරීමෙන් එය සාර්ථක වෙයිද ? එක තැන පල්වෙන නාට්‍යයක් වෙයිද ?
    ඒක ඉතින් රචකයාගේ හා අධ්‍යක්ෂවරයාගේ දක්ෂතාවය මත තීරණය වන දෙයක්.

    නාට්‍යයක් හිතා මතා දිග් කරන්න ගියාම ප්‍රේක්ෂකයන්ට එපා වෙන බවයි බහුතරයකගේ අදහස ?
    මම පුංචි උදාහරණයක් කියන්නම්. “ඉතින් ඊට පස්සේ” මුලදී ගොඩක් ප්‍රේක්ෂක අවධානය දිනාගත් නාට්‍යයක් නෙවෙයි. ඒත් මැදදී එයට ප්‍රේක්ෂක ආකර්ෂණය වැඩි වුණා. ඒ හින්දම නාට්‍ය දිග් කළා. අවසානය දක්වා විශාල ප්‍රේක්ෂක අවධානයක් ඊට තිබුණා. නිල්වලා අධිපති උපුල් ජයසිංහ මහතා එක්තරා සාදයකදී පැවැසුවා. “ඉතින් ඊට පස්සේ” දික් කළේ සාර්ථක හින්දා ඒකට මගේ චරිතයත් ගොඩාක් බලපෑවා කියලා. ඒ හින්දා නාට්‍යයක් දික්වීම අසාර්ථකත්වයට හේතු වනවාමයි කියන්න බැහැ.

    හරි ඔය විදියට බැලුවොත් ඔබ කිසිම දිනක “දෙවෙනි ඉනිම” හැර යන්නේ නැහැ එහෙමද ?
    මෙහෙමයි. ඔය කාරණය තව ටිකක් පැහැදිලි කළ යුතුයි. දැනට වුණත් ටෙලි නාට්‍යයේ කිසිම දෙයක් නැති නිකම්ම නිකම් දෙබස් ටිකක් විතරක් තියෙන දර්ශන වලදී මම අධ්‍යක්ෂවරයා එක්ක කතා කරලා එය වෙනස් කර ගන්නවා. ඒ මගේ අයිතිය. මම නළුවෙක්. මගේ රාජකාරිය රගපෑමයි. කොටස් 300ද 500ද 1000ද කියන එක මට අදාළ නැහැ. හැබැයි තේරුමක් නැතුව එක තැන නාට්‍ය පල්වනවා නම් අධ්‍යක්ෂකවරයා එක්ක කතා කරලා පිටපත වෙනස් කිරීමට හෝ එහෙම නැත්නම් ඉන් ඉවත්වීමට හෝ අයිතියකුත් මට තියෙනවා.

     

  • බිරිද නිසා දහස් වාරයක් සිතෙන් දුක්විදින සුධාර සිත්තාරාගේ ඔබ නොදන්නා කතාව මෙන්න….

    බිරිද නිසා දහස් වාරයක් සිතෙන් දුක්විදින සුධාර සිත්තාරාගේ ඔබ නොදන්නා කතාව මෙන්න….

    සිතුම් සුධාර චිත්‍ර ශිල්පියෙකි. රටම පිළිගත් අති දක්‍ෂ චිත්‍ර ශිල්පියෙකි. ඔහු මෙරට ජනප්‍රිය කලාකරුවන්, ක්‍රිකට්‌ ක්‍රීඩකයන් සහ ප්‍රසිද්ධ පුද්ගලයන් රැසක්‌ සිතුවම් කර තිබිණි. ඔහුගේ නිර්මාණ දෙස වරක්‌ දෙවරක්‌ නොව දස දහස්‌ වාරයක්‌ වුවද බලා සිටිය හැකිය. ඔහුගේ ඕනෑම සිතුවමක්‌ සජීවී දසුනක්‌ ලෙස දැකිය හැකිය. එය ඔහුගේ සහජ දක්‍ෂතාවයයි.

    වේයන්ගොඩ ප්‍රදේශයේ පදිංචි මෙම චිත්‍ර ශිල්පියා යෞවන වයසේ පසුවන්නෙකි. වයස අවුරුදු විසි හතරක්‌ වුවත් ඔහු අතින් නිමවූ සිතුවම් ප්‍රමාණය කෙතෙක්‌දැයි කිව නොහැකිය. ඒ තරමටම ඔහුගේ දෑත සිතුවම් ඇඳීම සඳහා භාවිතා කර තිබිණි.

    කලාකාමී හදවතක්‌ තිබූ මොහුට සමාජයේද හොඳ පිළිගැනීමක්‌ තිබිණි. කිසිවකුටත් කරදරයක්‌ නොවන අයුරින් ජීවත් වූ මොහු නිතරම සිටියේ අහිංසක සිනහවකින් මුව සරසාගෙනය. වයස්‌ කුල, ජාති ආගම් භේදයකින් තොරව සියලු දෙනා සමඟ මොහු සුහදව ඇසුරු කළහ.

    උසට සරිලන මහතකින් යුතු කුමුදු, මාවනැල්ල ප්‍රදේශයේ පදිංචි සුන්දර යුවතියකි. නිරන්තරයෙන්ම මුහුණෙහි රැඳි සිනහව සහ දිගු වරලස ඇයගේ රුව ඔප් නැංවීමට දෙවියන්ගෙන් ලැබුණු ත්‍යාගයක්‌ බඳුය. දුටුවන් වශී කරවන සුළු රූපයකට හිමිකම් කියූ ඇයගේ ආදරය පතා බොහෝ තරුණයෝ පැමිණියහ. එහෙත් ඒ කිසිවකුටත් ඇයගේ සිත දිනා ගැනීමට නොහැකි වූහ.

    චිත්‍ර ශිල්පී සිතුම් සුධාර, කුමුදුට මුණ ගැසෙන්නේ දැනට වසර කිහිපයකට ඉහත එක්‌තරා උත්සවයකදීය. දුටු මුල් දිනයේදීම සුධාරට, කුමුදු ගැන ආදරයක්‌ පහළ වූවේය. එදින රාත්‍රිය පුරා ඔහු නොනිදා ඇය ගැන කල්පනා කළේය. පසුදිනම ඔහු ඇයගේ රුව සිතින් මවාගෙන සිතුවම් කළේය. කෙලෙස හෝ ඇය තම පෙම්වතිය කරගත යුතු යෑයි ඔහු තීරණය කළේය. ඒ අනුව ඔහු ඇයගේ ජංගම දුරකථනයට ඇමතුමක්‌ ලබාගෙන මෙලෙස පැවසුවේය.

    “හෙලෝ නංගි මාව මතකද මම සුධාර”

    “ආ… ඔව් අයියා මතකයි. චිත්‍ර අඳින අයියනේ…”

    “හරියට හරි නංගි. ඉතින් මම කතා කළේ ඔයාට තෑග්ගක්‌ දෙන්න!!!!”

    “මට මොන තෑගිද අයියේ… අපි අඳුරගත්තෙත් එදානේ…”

    “අයියෝ බය වෙන්න එපා. මේක විශේෂ තෑග්ගක්‌”

    “මොකක්‌ද ඔය විශේෂ තෑග්ග. කාගෙවත් තෑගි එපා”

    “බයවෙන්න එපා. ඔයාගේ මූණ මතක විදියට චිත්‍රයකට ඇන්දා. ඒක දෙන්න කතා කළේ…”

    “අනේ එහෙමද… මම බයවුණා වෙන මොකක්‌ හරි කියලා… ඇයි අනේ මගේ මුහුණ ඇන්දේ… ඔයාට වෙන අඳින්න මුහුණක්‌ තිබුණෙම නැද්ද…”

    “ඔයාගේ මුහුණ ගොඩක්‌ ලස්‌සනයි. ඒකයි මම ඇන්දේ…”

    “නිකන් බොරු කියන්නෙ නැතිව ඉන්න අයියේ…”

    “බොරු නොවෙයි ඇත්ත. නංගිට කොහොමද මම මේක දෙන්නෙ…”

    “අයියා පෝස්‌ට්‌ එකට දාන්න. මම ඇඩ්‍රස්‌ එක දෙන්නම්…”

    “හරි නංගි”

    එලෙස පටන්ගත් මිතුරුකම සති කිහිපයක්‌ යන්නට මත්තෙන් ආදරයක්‌ බවට පෙරළුණේය. දැන් කුමුදුගේ මුළු ලෝකයම වූයේ සුධාරයි. ඇය ඔහුගේ හදවතට මෙන්ම නිර්මාණවලටද ආදරය කළාය. සුධාරද එලෙසය. ඔහුද තම පණ දෙවැනිකොට තම පෙම්වතියට ආදරය කළේය. කුමුදු සුධාරට වඩා අවුරුදු තුනක්‌ පමණ වැඩිමහල් වූවාය. එහෙත් ඔවුන්ගේ ආදරයට එය බාධාවක්‌ නොවුණි.

    සුධාරගේ පියාද ප්‍රසිද්ධ චිත්‍ර ශිල්පි රන්ජිත්ප්‍රියය. ඔවුන්ගේ නිවස ගම්වැසියන් හැඳින්වූයේ “බතික්‌ නිවස” ලෙසින්ය. වැඩිකල් නොගොස්‌ සුධාර තම දෙමාපියන්ට කුමුදු ගැන පැවසුවේය. ඉන්පසු කුමුදු ද ඇයගේ දෙමාපියන්ට සුධාර ගැන පැවසුවේය. එහෙත් කුමුදුගේ නිවැසියෝ මෙම සම්බන්ධතාවට පළමුව අකමැති වූහ. පසුව කුමුදුගේ දැඩි පෙරැත්තය මත ඔවුහු එයට කැමැති වූහ.

    සුධාර ජනවාරි මාසයේ එක්‌ දිනකදී තම පෙම්වතිය නීත්‍යනුකූලව විවාහ කරගෙන “බතික්‌ නිවසට” එක්‌ කරගෙන ආවේය. මාස දෙක තුනක්‌ ඔවුහු සතුටින් කාලය ගත කළහ. එහෙත් කුමුදු නොසිතූ අයුරින් සුධාර වෙනස්‌ වන්නට පටන් ගත්තේය. මාස දෙක තුනක්‌ ඇතුළත සිදුවූ ඔහුගේ වෙනස්‌වීම ගැන ඇයට කිසිවක්‌ සිතා ගැනීමට නොහැකි වූවාය.

    එන්න එන්නම සුධාර වෙනස්‌ වූවේය. අවසානයේ ඔහු සුළු දෙයකට පවා කුමුදු එක්‌ක රණ්‌ඩු සරුවල් කර ගත්තේය. ඇය මාස ගණනක්‌ සුධීරගෙන් බැණුම් අසමින් ගුටිබැට කමින් සිටියේ ඔහුට තිබුණ ආදරය නිසාය. කුමුදුටද ඉවසීමේ සීමාවක්‌ තිබුණි. අවසානයේ බැරිම තැන ඇය තම දෙමාපියන් ළඟට ගියේ ඇඬූ කඳුළින් යුතුවය.

    “අනේ අම්මේ… සුධීර එක්‌ක මට තවත් ජීවත් වෙන්න බැහැ. මුලින් හිටිය මනුස්‌සයා නොවෙයි එයා දැන්. තිරිසනෙක්‌ වගේ හැසිරෙන්නෙ. නිතරම මට ගහනවා. බණිනවා. එයාගෙ දෙමාපියනුත් ඒ වගේ. කොයි වෙලාවෙත් එයාගේ පැත්තයි ගන්නේ. මට ජීවිතෙත් එක්‌ක එපා වෙලා තියෙන්නේ දැන්…”

    ” අපි කිව්වා දුවේ ඔය කසාදය කරගන්න එපා කියලා. ඒත් ඔයා ඒක ඇහුවේ නැහැනේ… දැන් ඉතින් කරන්න දෙයක්‌ නැහැ. උඹව අපිට වැඩි නැහැ. අපි ජීවත් වෙලා ඉන්නකම් උඹව බලා ගන්නවා”

    කුමුදුගේ දෙමාපියෝ එලෙස පැවසූහ. එයින් ඇයගේ සිතට සුළු සහනයක්‌ ලැබුණත් තම අනාගතය සහ ස්‌වාමි පුරුෂයා ගැන කල්පනා කරමින් ඇය දුක්‌ වූවාය. එලෙසම තවත් ප්‍රශ්න රාශියකට මුහුණ දීමට ඇයට සිදු වූවාය. සමාජයට, යහළු යෙහෙළියන්ට මුහුණ දෙන්නේ කෙසේද කියා සිතමින් ඇය තව තවත් දුක්‌ වූවාය.

    මාසයක්‌ පමණ ගිය පසු සුධාරට තම බිරිඳ ගැන යළි ආදරයක්‌ ඇති වූවේය. පරණ තරහ මරහ ඔහු අතහැර දැමුවේය. යළිත් තම බිරිඳ දෙස ආදරයෙන් යුතුව බැලුවේය.

    “මාගෙන් වුණ සෑම වරදකටම මට සමාවෙන්න. මට ඔයා නැතිව ඉන්න බැහැ. මම ඔයාට ඇත්තටම ආදරෙයි රත්තරං. මට දැන් ඔයා නැති අඩුව හොඳට දැනෙනව. තවත් මට ඔයා නැතිව ඉන්න බැහැ.”

    “මම දන්නවානෙ ඔයාගෙ හැටි. මට සලකපු විදිහ. ආයි මම කැමැති නැහැ ඔයත් එක්‌ක ඇවිත් රණ්‌ඩු වෙන්න. මට මගේ පාඩුවේ ඉන්න දෙන්න සුධාර…”

    “ඔයා එහෙම කියන්න එපා. මම වරද පිළිගත්තනෙ… ඔයාට පුළුවන්ද මාව අනාථ කරලා ඉන්න…”

    “ඔයාව මට අමතක කරන්න බැහැ. ඒත් මම කැමැති නැහැ ආයි ඒ වගේ ජීවිතයකට. මම මැරෙනකම් මෙහෙම ඉන්නම්”

    “එපා රත්තරං. මට ඔයාව ඕනා. මාව අමතක කරන්න එපා. ආයි මම ඔයාගේ හිත රිදෙන වචනයක්‌වත් කියන්නෙ නැහැ සත්තයි.”

    “මටත් ඔයා නැතිව ජීවත් වෙන්න බැහැ. ඒත් මට බයයි පහුගිය දේවල් මතක්‌ වෙනකොට”

    “ආයි කිසි දවසක එහෙම වෙන්නෙ නැහැ. මම පොරොන්දු වෙනවා රෝස මලක්‌ වගේ ඔයාව බලා ගන්නවා කියලා…”

    “ඔය ඇත්තමද?”

    “ඔව් රත්තරං සත්තයි. මාව විශ්වාස කරන්න”

    “එහෙනම් ඉක්‌මනට ඇවිත් මාව එක්‌කන් යන්න ආපහු”

    ඒ අනුව සුධාර කුමුදුගේ නිවසට ගොස්‌ නැවත කිසි දිනක රණ්‌ඩු නොවන පොරොන්දුව මත ඇයව “බතික්‌ නිවස” වෙත රැගෙන ආවේය. සති කිහිපයක්‌ දෙදෙනා සතුටින් ජීවත් වූහ.

    යළිත් නොසිතූ ලෙස සුධාර වෙනස්‌ වන්නට පටන් ගත්තේය. පුරුදු පරිදි දෙදෙනා අතර රණ්‌ඩු සරුවල් ඇතිවිය. ඒ අතර සුධාරගේ දෙමාපියෝද ඔවුන්ගේ රණ්‌ඩු සරුවල් අතරට මැදිවූහ. කවුරු කෙලෙස කීවත් දෙදෙනා අතර ඇතිවන රණ්‌ඩු සරුවල් නවතා දැමීමට කිසිවෙකුටත් නොහැකි විය.

    දිනය පසුගිය 02 වැනිදාය. එදිනද සුපුරුදු පරිදි උදෑසන සිට දෙදෙනා අතර පෞද්ගලික ප්‍රශ්නයක්‌ මත වචන හුවමාරුවක්‌ ඇති විය. දහවල් කාලය වන විට එය තව තවත් උග්‍ර විය. ඒ අනුව දෙදෙනා වෙනදාට වඩා එදින රණ්‌ඩු සරුවල් කර ගත්හ. නිතරම ඇතිවන මොවුන්ගේ අඬදබර අසල්වැසියන්ටද විශේෂයක්‌ නොවීය.

    වේලාව රාත්‍රී හත පසුවී තිබිණි. සුධාර සහ කුමුදු අතර ඇතිවූ ආරවුල තව තවත් වැඩිවිය. දෙදෙනා ඉතාමත් අශෝබන ලෙස පරුෂ වචන පවා කියමින් රණ්‌ඩු වූහ. ඔවුන්ගේ එම කෑගැසීම අවට නිවැසියන්ටද කරදරයක්‌ විය. එදින සුධාර හැසිරුණේ තිරිසනෙකු මෙන්ය.

    “අද දෙකෙන් එකක්‌ කරනවා මම. උඹත් එක්‌ක ජීවත් වුණා ඇති. උඹ මහ යක්‍ෂණියක්‌”

    “දැන්ද තේරුණේ… මම යක්‍ෂණියක්‌ කියලා. මම තමුසෙගෙ කටට දැන් බය නැහැ. පුළුවන් දෙයක්‌ කරනවා…”

    “මම හොඳින් කියන්නේ… ඔය හැකර කට වහ ගනින්. නැත්නම් දත් ඇන්ද ගැළවෙන්න ගහනවා…”

    “පුළුවන්නම් ගහනවා මම බයවෙයි කියල හිතුවද…”

    එලෙස බැණගත් දෙදෙනා අවසානයේ ගුටිබැට පවා හුවමාරු කරගත්හ. ඒ මොහොතේ සුධාර හැසිරුණේ තිරිසන් සතෙකුටත් වඩා අන්ත ලෙසින්ය. කේන්තිය පාලනය කරගත නොහැකි තැන ඔහු කායවර්ධන උපකරණයක්‌ ලෙස භාවිතා කරන ඩම්බෙල් එකක්‌ රැගෙන කුමුදුගේ හිසට වැරෙන් පහරක්‌ එල්ල කළේය. ඒ සමඟම ඇය බිම වැටුණි.

    ඇයගේ මුවින් මොනවාදො වචන වගයක්‌ පිටවිය. එහෙත් ඒවා පැහැදිලි නැත. ලේ විලක්‌ මැද ඇය ජීවිතයත් මරණයත් අතර සටනක නියෑළුණාය. ඒ සමඟම අසල්වැසියෝ පැමිණ වහාම ඇයව වතුපිටිවල රෝහල වෙත රැගෙන යැමට කටයුතු කළහ.

    සිදුකළ අපරාධයේ බරපතළකම චිත්‍ර ශිල්පියාට දැනුණේ විනාඩි කිහිපයකට පසුවය. දැන් නම් ජීවත් වීමෙන් පලක්‌ නොවන බව ඔහුට වැටහුණි. ඔහුද සියදිවි නසා ගැනීමට තීරණය කළේය. ඒ අනුව නිවස අසල තිබූ ළිඳට පැන්නේ සියදිවි නසා ගැනීමටය. එහෙත් අවට සිටි අසල්වැසියෝ එය දුටුහ. වහාම ඔවුහු පැමිණ ළිඳට පැන්න සුධාරව බේරා ගත්හ. ඉන්පසු පොලිස්‌ නිලධාරීහු ඔහුව අත්අඩංගුවට ගත්හ.

    රෝහල් ගතකළත් කුමුදුගේ ජීවිතය බේරා ගැනීමට නොහැකි විය. අවසානයේ සියල්ල අතහැර දමා ඇය මෙලොවින් සමු ගත්තාය. අධික කේන්තිය පාලනය කර ගැනීමට නොහැකිව තම බිරිඳව මරා දැමූ සුධාර තමා කළ වරදේ බරපතළකම ගැන සිතා දැන් අනිවාර්යයෙන්ම සිතින් දුක්‌ විඳිනවා ඇත.

  • මාව කොන්වෙලා..! මිතුරන්ගේ විහිලු දරාගන්න බැරිව ජිවිතයෙන් සමුගත් සිසුවා ලියූ සංවේදි ලිපිය මෙන්න .!

    මාව කොන්වෙලා..! මිතුරන්ගේ විහිලු දරාගන්න බැරිව ජිවිතයෙන් සමුගත් සිසුවා ලියූ සංවේදි ලිපිය මෙන්න .!

    සිය මිතුරන්ගෙන් පාසලේදී සිදුවන අඩතේට්ටම් දරා ගත නොහැකිව සියදිවි හානි කරගත් පාසල් සිසුවෙකු  පිළිබද අවාසනාවන්ත පුවතක් වාර්තා වෙනවා.
    ගම්පහ අරමංගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි ලසිත දිල්ශාන් නිශ්ශංක දහ අට හැවිරිදි පාසල් සිසුවෙකි. ඔහු ගම්පහ බණ්‌ඩාරනායක විදුහලේ 12 ශ්‍රේණිය ජීව විද්‍යා අංශයේ අධ්‍යාපනය හදාරමින් සිට ඇත.

    ස්වභාවයෙන්ම අහිංසක දරුවෙකු වූ ලසිතගෙන් සැමටම උදවු උපකාර විනා හිරිහැරයක් සිදුව නැත. ලසිතගේ පියා විශ්‍රාමික නාවික හමුදා සාමාජිකයෙකු වන අතර මව ගෘහණියකි. ලසිතට වැඩිමහල් සොහොයුරියක් සිටින අතර ඇය රුහුණු විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලබයි.

    දිනය පසුගිය 09 වැනිදාය. ලසිත දිල්ශාන්ගේ මව්පිය දෙපළ රාගම රෝහල වෙත යැම පිණිස නිවසින් පිටත්ව ගොස් තිබේ. නිවසෙහි සිට ඇත්තේ ලසිත දිල්ශාන් සහ ඔහුගේ ආච්චි අම්මා පමණක්‌ය. උදෑසන ආහාරය සූදානම් කර තිබූ බැවින් ලසිත දිල්ශාන්ගේ ආච්චි අම්මා ලසිතගේ කාමරය වෙත පියනඟන්නේ ඒ බව ලසිත වෙත පැවසීම පිණිසය. ලසිත එවෙලෙහි තම කාමරය තුළ යමක්‌ සටහන් කරමින් සිටින අයුරු දකින ආච්චි අම්මා ඔහුට කරදරයක්‌ නොවන අයුරින් ආපසු හැරී යන්නීය. 
     
    පැය භාගයක පමණ කාලයකින් පසු නැවතත් සිය මුණුබුරාට උදෑසන ආහරය ගැනීමට යැයි පැවසීමට ලසිතගේ මිත්තණිය ඔහුගේ කාමරය වෙත ගොස් තිබේ. එවර ඇයට දකින්නට ලැබී ඇත්තේ බියකරු දසුනකි. එනම් එයට ස්වල්ප මොහොතකට පෙර තම පොත්පත් තබා ඇති මේසය මත යමක්‌ සටහන් කරමින් සිටි තම මුණුපුරා වන ලසිත දිල්ශාන් ගෙල වැලලාගෙන සිටින අයුරුය. ඇඳ ඇතිරිල්ලක ආධාරයෙන් ගෙල වැලලා ගෙන සිටින සිය මුණුපුරා දකින ඇයට කළ හැකි වන්නේ පළාතම දෙවනත් වන අයුරින් විලාප තැබීම පමණය. ඇය නඟන විලාපය ඇසී නිවසට රැස්‌වන අසල්වැසියන්ට දකින්නට ලැබෙන්නේ අහිංසක ලසිත දිල්ශාන් තම දිවිමඟ නිමාකර ගැනීමට දැරූ මාරාන්තික වෑයමක හද කම්පා කරවන දසුනය. ඉන් අනතුරුව හැකි ඉක්‌මනින් ලසිත දිල්ශාන්ව රෝහල කරා රැගෙන ගොස්‌ ඇති අතර ඒ වනවිටත් 18 හැවිරිදි ලසිත තම දිවි ගමන වේලාසනම නිමාකොට මරු හා නික්‌ම ගොස්‌ අවසන්ව තිබී ඇත.

    දිනක වෛද්‍යවරයකු වීමේ සිහිනයෙන් අධ්‍යාපන කටයුතුවල නිරතව ඇති ලසිත එහි සුබ නිමිති පළ කරමින් අ.පො.ස. සාමාන්‍ය පෙළ A සාමාර්ථ නවයක්‌ සහිතව සමත් වන අතර ජීව විද්‍යා අංශයෙන් උසස්‌ පෙළ අධ්‍යයන කටයුතු සිදු කිරීමට තීරණය කොට ඇත්තේ එබැවින්ය.

    ගෙල වැලලා ගනිමින් මියයැමට ටික වේලාවකට පෙර ලසිත විසින් දිනපොතක තබා ඇති සටහන් කීපයක්‌ පසුව සොයාගත් අතර ලසිතගේ මරණය ගැන යම් හඳුනා ගැනීමකට එම සටහන් ඉවහල් වනු ඇත. එම සටහන් කීපය අතරින් එක්‌ සටහනක ලසිත විසින් මෙවැන්නක්‌ ලියා ඇත.
     
    “පංතියේ කවුරුවත් මට මොනවත් කියන්නෙ නෑ. ළමයෙක්‌ එක්‌ක කතා කළා කියල මොනව වෙනවද? මම බලෙන් කතා කළේ නෑ. දසුන්ලා තමා කේළම් කිය කිය මාව චාටර් කරන්නෙ. මම කිසිම වැරැද්දක්‌ කරල නෑ. දෙයියම්පල්ලා… පාඩම් කරන්න හිතෙන්නෙත් නෑ. මාව චාටර් කරලා. අනේ මං මොනවත් කළේ නැහැ. අම්ම, තාත්ත, අක්‌ක මට සමාවෙන්න…”
     
    ඉහත සඳහන් කරන ලද්දේ මියයැමට පෙර ලසිත විසින් සටහන් තබන ලද්දක්‌ය. එතැනින් නතර නොවන ලසිත දිනපොතේ වෙනත් තැනක මෙවැනි සටහන්කද තබා ඇත. 
     
    “මගේ ෆෝන් එක අක්‌කට දෙන්න. මගේ Bio Free Card එක යෙනුර ප්‍රදීප්ට (12-H) දෙන්න”
     
    තවත් තැනක ලසිත විසින් තබන්නේ මෙවැනි සටහනක්‌ය.
     
    “ඔච්චර නරකයි කියල දන්නව නම් මං උදව් කරන්නෙ නෑ. ඒත් අපි කාටවත් වරදක්‌ කරන්නෙ නෑ. අම්මයි තාත්තයි තමයි මේ ලෝකෙ ඉන්න හොඳම අම්මයි තාත්තයි. හොඳම අක්‌කා තමා මගේ අක්‌ක.. ඊළඟ ආත්මෙ ඔය තුන්දෙනා මගේම වෙලා ඉපදේවා. මට සමාවෙන්න මං කැමැති නෑ චාටර් වෙන්න…”
     
    ලසිත එලෙස විවිධ අදහස්‌ තම සටහන් පොතට එක්‌කර ඇත්තේ ජීවිතයෙන් නික්‌ම යැමට පෙරය. ඉන් පෙර ලසිත විසින් තබන ලද සටහනක මෙවැනි සටහනක්‌ද විය.

    “මගේ හෘද සාක්‍ෂිය දන්නව මං වැරැදි කළේ නැහැ කියල. මරණයට හේතුව – නොකළ වැරැදිවලට කේළම් කීම සහ පන්තිය ඉදිරියේ අපහාස කිරීම.”

    දැන් සියල්ල සිදුවී හමාරය. අවසානයේ මවුපියන්ට වසර දහ අටක් පුරා ඇති දැඩි කළ දරුවෙක් අහිමි විය. රටේ අනාගතය භාර ගැනීමට සිටි තවත් තරුණයෙක් රටට අහිමි විය. මෙවන් අවාසනාවන්ත සිදුවීම් නැවතත් සිදුවීම වලක්වා ගැනීමට පාසල් මට්ටමින්, ජාතික මට්ටමින් ක්‍රියා මාර්ග ගත යුතුය.

    ලසිත දිනපොතෙහි තැබූ සටහන් පහතින්,

  • ගංගා මෑණියන්ගේ දේවාලෙට කවුදෝ ගිනිතියලා! දුර දකින මහා බලැති මෑණියෝ පොලිසියට ඇවිත්..

    ගංගා මෑණියන්ගේ දේවාලෙට කවුදෝ ගිනිතියලා! දුර දකින මහා බලැති මෑණියෝ පොලිසියට ඇවිත්..

    රජරට පළාතෙ ඉන්න රටේ හුඟක් ප්‍රසිද්ධ අනාවැකි කියන්නියක ලෙස නමක් දිනාගත් මෑණි කෙනකුගේ දේවාලය ගිනිතබා විනාශ කල බව දේශය පුවත්පත වාර්තා කොට තිබුනා…

    නම් ගම නොකීවත් මේ කවුරුත් දන්නා ගංගා මෑණියන්ගේ දේවාලේ කියලා තමා තවදුරටත් වාර්තා පලවෙන්නේ..

    ආණ්ඩුවෙ වගේම විපක්ෂයෙ ලොකු ලොක්කො නිතර ගැවසෙන මෙම දේවාලයෙ දහස් ගණන් ජනයාට උදේ සිට සවස් වනතුරුම අනාවැකි කියනවා… එයිනුත් දේශපාලන අනාවැකි සෑහෙන තරම් ප්‍රසිද්ධයි.

    ඉතින් මේ අනාවැකි කියන්නිය රටේ දේශපාලන අනාගතේ ගැනත් පහුගියදා විවිධ අනාවැකි පළකර තිබුණා.  හිටපු ලොකු තැන වගේ අයත් මෙතන නිතර ගැවසුණා…

     

    ඒ වගේම ගංගා මෑණියෝ ගැන වැඩි දෙනෙක් දැනගත්තේ එයා ක්‍රිකට් ගැන කියපු අනාවැකි එක්ක ඒ අනාවැකි පට්ට පල බොරු බවට පත් වෙද්දී දෙවියන්ට හෝ ගංගාට බැරි උන වැඩේ ටිකක් හරි ගොඩ දාලා දුන්නේ චන්දික හතුරුසිංහ පුහුණු කරු විදියට ඇවිල්ල කියන එක තමයි ඇත්තම කාරණාව මෙහෙම බැලුවම ගංගා මෑණියන්ගේ දෙයියෝන්ට වඩා අපේ හතුරුසිංහ දෙවි කෙනෙක් කියන්නත් පුළුවන් ඉතින්…

       

    එයාගෙ මේ අනාවැකිවලින් පසුව මෑණියන්ට අඳුනන නාඳුනන පිරිස් වෙතින් නොයෙක් ආඩපාලි කීම් වගේම තර්ජන ගර්ජනත් තිබුණලු… රජරට පළාතෙම ලොකු පට්ටම්ධාරී දේශපාලන ලොක්කකුත් විරසකෙන්ලු හිටියෙ. එහෙම තියෙද්දි තමයි මේ දේවාල ගින්න හටගත්තෙ…

    දේවාල ගින්නෙන් පස්සෙ ඒ ගැන රාජකාරි කරන්න තවත් නොයෙක් දේ කරන්න බොහොම ලොකු ලොක්කො ඉදිරිපත් වුණාලු…

    ඒත් මෑණියො තමන්ගෙ අවනඩුව නීතියට වඩා දෙවියන් ලවාම විසඳගන්නලු තීන්දු කරලා තියෙන්නෙ.

    ඒත් ඉතින් ඇත්තම කාරණේ තමන්ගේ දේවාලේ ගිනිතියන්න එනකොට ඒක බේරගන්න බැරි දෙවිවරු කොහොමද තව මිනිස්සුන්ට වෙන දේ සහ වෙන්න තියෙන දේ කලින් කියන්නේ සහ ඒවා කරවලා දෙන්නේ කියලා මිත්‍යා දෘෂ්ඨික හා නමට බෞද්ධ අපේ ඇත්තොන්ට තේරුම් ගන්නනම් මේ වෙච්ච දේ හොඳ සිදුවීමක් කියලා තමයි අපිට කියන්න තියෙන්නේ…

  • ඔයාලත් බැන්නද?දැකලා නැත්නම් බලාගන්න මේක තමයි ලංකාවේ ලස්සනම රණවිරු ස්මාරකය…

    ඔයාලත් බැන්නද?දැකලා නැත්නම් බලාගන්න මේක තමයි ලංකාවේ ලස්සනම රණවිරු ස්මාරකය…

    මිට වසර 2කට පමණ ඉහතදී කුරුණෑගල – දඹුල්ල මාර්ගය සංවර්ධනය කිරීම නිසා රණවිරු ස්මාරකයක් ඉවත් කිරීම සම්බන්ධයෙන් සමාජ ජාලා තුල දැඩි විරෝධයක් එල්ල විය.බොහෝ දෙනා වත්මන් රජයට මේ පිලිබදව චෝදනා එල්ල විය.නමුත් සිදුවී තිබෙන්නේ වෙනත් දෙයකි.මේ ඒ පිළිබද පුවතයි.

    කුරුණෑගල – දඹුල්ල මාර්ගය සංවර්ධනය කිරීමේදී තාවකාලිකව ඉවත්කෙරුණු රණවිරු ස්මාරකය වෙනුවට මෙම නව රණවිරු ස්මාරකය ඉදිකර තිබෙන අතර වයඹ පළාත් සභාව, මාර්ග සංවර්ධන අධිකාරිය සහ රණවිරු සේවා අධිකාරියේ මෙහෙයවීමෙන් පෙර ස්මාරකය පැවති කුරුණෑගල, මාළිගා පිටිය කි‍්‍රඩාංගණය අසළම ඉදිකර තිබෙන මෙහි සියලූ ඉදිකිරීම් ශ‍්‍රී ලංකා යුද හමුදා ඉංජිනේරු බලකාය විසින් සිදු කර තිබේ.කුරුණෑගල – දඹුල්ල මාර්ගය සංවර්ධනය කිරීමේදී තාවකාලිකව ඉවත්කෙරුණු රණවිරු ස්මාරකය වෙනුවට මෙම නව රණවිරු ස්මාරකය ඉදිකර තිබෙන අතර වයඹ පළාත් සභාව, මාර්ග සංවර්ධන අධිකාරිය සහ රණවිරු සේවා අධිකාරියේ මෙහෙයවීමෙන් පෙර ස්මාරකය පැවති කුරුණෑගල, මාළිගා පිටිය කි‍්‍රඩාංගණය අසළම ඉදිකර තිබෙන මෙහි සියලූ ඉදිකිරීම් ශ‍්‍රී ලංකා යුද හමුදා ඉංජිනේරු බලකාය විසින් සිදු කර තිබේ.

    රණවිරු අභිමානය සුරැකෙන පරිදි පෙර පැවැති ස්මාරකයට වඩා අභිමානවත් සහ වයඹ පළාතේ දිවිදුන් සියලූ රණවිරුවන්ගේ තොරතුරු ඇතුළත් වන පූර්ණ ස්මාරකයක් ලෙස මෙය ඉදිකර තිබෙන අතර වැය කර ඇති මුදල රුපියල් මිලියන 27 කි. ඉතා පැහැදිලි ලෙසම මාර්ග සංවර්ධන කටයුතු සදහා ඉඩ ලබාගැනීමේ ප‍්‍රමුඛ අවශ්‍යතාවය මත මෙම රණවිරු ස්මාරකය තාවකාලිකව ඉවත් කිරීම සිදුවුව ද රජය විසින් රණවිරුවන් අමතක කර දමා ඔවුන්ගේ ස්මාරක බිද හෙළන්නට පටන්ගෙන ඇති බව සදහන් කරමින් එයට දේශපාලනික මුහුණුවරක් ලබාදෙන්නට යම් පිරිසක් උත්සාහ කළ අයුරු පසුගිය සමයේ දක්නට ලැබුණි. එමෙන්ම මීට විරෝධය පළ කරමින් එම ස්ථානයේ උද්ඝෝෂණ කිහිපයක් පවා පැවැත්වුණු අතර 2016 වසරේ අගෝස්තු 31 වන දින උත්සවයක් සදහා සහභාගීවීමට කුරුණෑගලට පැමිණි ජනාධිපතිතුමා මාර්ග ප‍්‍රතිසංස්කරණ කටයුතු අවසන් වූ වහාම වඩාත් නිර්මාණශීලි රණවිරු ස්මාරකයක් එම ස්ථානයේ ඉදිකරන බවට ලබාදුන් පොරොන්දුව මත මෙම රණවිරු ස්මාරකය ඉදිකිරීම සදහා 2016 නොවැම්බර් 30 වනදා මුල්ගල් තැබිණි.

    මෙම උත්සව සභාව ඇමතූ ජනාධිපතිතුමා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ රණවිරුවන්ට ජාතියේ උපහාර පුද කරමින් ඔවුන්ගේ වරප‍්‍රසාද දිනා දීමට කටයුතු කරනවා මිස කිසිදු අවස්ථාවක රණවිරුවන් අවතක්සේරුවට ලක් කිරීමට වත්මන් රජය කටයුතු නොකළ බවයි.එබැවින් රණවිරුවන් පිළිබද රජයට තිබෙන සියලූ චෝදනා දැඩිව ප‍්‍රතික්ෂේප කරන බව අවධාරණය කළ ජනාධිපතිතුමා එම සියලූ චෝදනා කුමන්ත‍්‍රණකාරී ලෙස රජය අපහසුතාවයට පත් කිරීමට සිදුකරන ප‍්‍රකාශ බව ද කියා සිටියේය.රණවිරු දඩයමක් පිළිබද ඇතැමුන් රජයට චෝදනා කළද සැබෑ ලෙසම රණවිරු දඩයම සිදුකළේ පසුගිය රජය විසින් බවත්, වත්මන් රජය විසින් අන්තර්ජාතික සහයෝගීතාවය තුළ රණවිරුවන්ගේ අභිමානය සුරැකීමට උපරිමයෙන් කටයුතු කළ බවත් සදහන් කළ ජනාධිපතිතුමා එදා දේශපාලන වේදිකාවේ කථා කළ විදුලි පුටුවෙන් මෙන්ම, අපගේ ආරක්ෂක හමුදාවන්ට එරෙහිව නඩු ඇසීමට විදේශීය විනිසුරුවරුන් ගෙන ඒම නවතා දැමුවේ වත්මන් රජය බව අමතක නොකළ යුතු බවද කියා සිටියේය. හමුදාවේ සිටි ඇතැමුන් වෙනත් යම් යම් සිදුවීම පිළිබද පරික්ෂණ පැවැත්වීම සදහා අත්අඩංගුවට ගැනීමට සිදුවුවද එය රණවිරු දඩයමක් නොවන අතර, රට ජාතිය වෙනුවෙන් යුද වැදුනු කිසිදු රණවිරුවෙකුට කිසිදු හානියක් සිදුකර නොමැති බවත්, ඔවුන්ට ලබාදිය හැකි ඉහළම ගෞරවය ලබාදීමට වත්මන් රජය කටයුතු කළ බවත් ජනාධිපතිතුමා වැඩිදුරටත් සදහන් කළේය.

    වයඹ පළාත් සමූපකාරිකයින් විසින් රණවිරු සුබසාධන අරමුදල හරහා ස්මාරකයේ ඉදිකිරීම් වෙනුවෙන් පිරනමන ලද මුල්‍ය ප‍්‍රදානයට අදාළ චෙක්පත  පළාත් සමූපකාර අමාත්‍ය පියසිරි රාමනායක මහතා විසින් ජනාධිපතිතුමා වෙත පිරිනැමීය.  ජනාධිපතිතුමා  එම චෙක්පත වයඹ පළාත්  ප‍්‍රධාන ලේකම් පී.බී.එම්. සිරිසේන මහතා වෙත පිළිගැන්වීය.

  • වයස 46 විවාහක කාන්තාවකට පංසලේදීම අතවර කල වයස 34  මන්ත්‍රී හිමිගේ කතාව මෙන්න…

    වයස 46 විවාහක කාන්තාවකට පංසලේදීම අතවර කල වයස 34 මන්ත්‍රී හිමිගේ කතාව මෙන්න…

    උදය ගම්මන්පිල මහතාගේ පිවිතුරු හෙළ උරුමය පක්ෂයෙන් දඹුල්ල ප්‍රාදේශීය සභාව නියෝජනය කළ 34 හැවිරිදි වියේ පසුවන හිටපු මන්ත්‍රී හිමිනමක් විවාහක කාන්තාවකට ලිංගික අතවරයක් කිරීමේ චෝදනාව යටතේ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන (09 ) දඹුල්ල දිසා මහේස්ත්‍රාත් කෝසල බණ්ඩාර ඉලංගසිංහ මහතා වෙතා ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 16 වෙනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබේ.

    සැකකාර හිමිනමට මිට පෙරද කාන්තාවකට ලිංගික අතවර චෝදනාවක් එල්ලවී තිබෙන අතර එම හිමිනම මෙවරද උදයගම්මන්පිල මහතාගේ පක්ෂය නියෝජනය කරමින් මහින්ද රාජපක්ෂ මහතා නායකත්වය දුන් පක්ෂයේ ප්‍රබල ක්‍රියාකාරිකයෙකු ලෙස කටයුතු කර ඇත.

    සිගිරිය – නාගල වැව ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි තිදරු මවක් වන අතවරයට පත් කාන්තාව ඉකුත් අප්‍රේල් මස 10 වෙනි දින දහවල් දානය රැගෙන තමා පදිංචි ගම්මානයේ පිහිටි විහාරස්ථානයට ගිය අවස්ථාවේ සැකකාර හිමිනම මෙම කාන්තාවට ලිංගික අතවර සිදු කර ඇත.

    තමාට ලිංගික අතවරයක් සිදුකල බවට එම කාන්තාව සිගිරිය පොලිසියට කරන ලද පැමිණිල්ලක් මත සැකකාර හිමිනම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

    අතවරයට ලක්වූ දිනම සිද්ධිය පිලිබදව තම වැඩිමල් සොයුරියට පැවසු බවත් මෙය රහසක් වශයෙන් තබා ගැනීම තම හිතට වදයක්වූ බැවින් තමාගේ සැමියාට සිද්ධිය පිලිබදව පැවසු බවත් ඔහුගේ උපදෙස් මත අදාළ පැමිණිල්ල සිදුකල බවත් පැමිණිල්ලේ සදහන්වේ.

    සිගිරිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.බුද්ධ ශාසනය විනාශ කරන මෙවැනි තක්කඩියන් සමාජයෙන් වහා අතුගා දැමිය යුතු නොවේද ?

  • රණවිරුවන්ගේ කරමතින් පක්ෂ දේශපාලනය කරන්න එපා – ජනපති මෛත්‍රිගෙන් ප්‍රකාශයක්…

    රණවිරුවන්ගේ කරමතින් පක්ෂ දේශපාලනය කරන්න එපා – ජනපති මෛත්‍රිගෙන් ප්‍රකාශයක්…

    කිසියම් දේශපාලන පක්ෂයක් සිය දේශපාලන අරමුණු මුදුන්පත් කර ගැනීම සඳහා රණවිරුවන් භාවිත කිරීම සදාචාරාත්මක නොවන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ජනාධිපතිවරයා කියා සිටියේ රණවිරුවන්ට ජාතියේ උපහාර පුද කරමින් ඔවුන්ගේ වරප‍්‍රසාද දිනා දීමට කටයුතු කරනවා මිස කිසිදු අවස්ථාවක ඔවුන් අවතක්සේරුවට ලක් කිරීමට වත්මන් රජය කටයුතු නොකළ බවයි.

    ‘‘ වයඹ රණ අභිමන්’’ රණවිරු ස්මාරකය විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ පස්වරුවේ එක්වෙමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළා. කුරුණෑගල – දඹුල්ල මාර්ගය සංවර්ධනය කිරීමේ දී තාවකාලිකව ඉවත් කෙරුණු රණවිරු ස්මාරකය වෙනුවට මෙම නව රණවිරු ස්මාරකය ඉදිකර තිබෙනවා. ඒ, කුරුණෑගල මාලිගාපිටිය ක‍්‍රීඩාංගණය අසලයි. මාර්ගය සැකසීමේ දී මීට පෙර පැවති රණවිරු ස්මාරකය ඉවත් කිරීමට එරෙහිව බොහෝ පිරිස් විරෝධතාවල ද නිරත වුණා.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා කියා සිටියේ රණවිරු දඩයමක් පිළිබඳ ඇතැමුන් රජයට චෝදනා කළද සැබෑ ලෙසම රණවිරු දඩයම සිදු කළේ පසුගිය රජය බවයි. වත්මන් රජය අන්තර්ජාතික සහයෝගීතාව තුළ රණවිරුවන්ගේ අභිමානය සුරැකීමට උපරිම අයුරින් කටයුතු කළ බවද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළා.

     

  • ඇද උඩදි ලිංගික සතුට හොදටම විදින්න කොල්ලයි කෙල්ලයි එකට කරන්න ඕනේ දේවල් මෙන්න…

    ඇද උඩදි ලිංගික සතුට හොදටම විදින්න කොල්ලයි කෙල්ලයි එකට කරන්න ඕනේ දේවල් මෙන්න…

    ඔබේ ලිංගික ජීවිතය තුළ පිබිදීමක් අවශ්‍යද? විද්‍යාත්මක අධ්‍යයන වලට අනුව සොයාගත් ඔබට අනුගමනය කල හැකි නිදන කාමරයේ රහස් කිහිපයක් මේ.

    ඔබ අලුත බැඳපු විවාහක යුවලක් වුවත්, දශක ගණනක් පුරා විවාහක යුවලක් වුවත් ඔබේ විවාහය තුල ලිංගික ජීවිතය කුල්මත් කරන්නට මේ විශේෂඥය උපදෙස් ඔබට අනුගමනය කරන්නට පුළුවන්.

    කාලයත් සමඟ ලිංගික ජීවිතය තවත් ඒකාකාරී දෛනික චර්යාවක් බවට පත් වනු ඇත. තවද ජිවිතයට රසය දෙන්නක් වෙනුවට මෙය ජිවිතයට බරක් වන්නටද පුළුවන්. සහකරුවන් අතර හීන වූ උද්යෝගය නිසා මත ගැටුම් වලට පවා තුඩු දිය හැකි බැවින් ලිංගික ජීවිතය අප්‍රසන්න වන අවස්ථාද නැතුවා නොවේ.

    විශේෂයෙන්ම දරුවන්ගේ වැඩ, ගේදොර වැඩ, වතු පිටි වල සහ අමතර වැඩ වල නියැලෙන විඩාපත් මව්වරුන්ටත්, රැකියා වල නියුතු කාර්යබහුල පියවරුන්ටත් ලිංගික ජීවිතය මානසික සැනසීමක් විනා මානසික ආතතියක් වීම අසාධාරණ නොවේද?

    විද්‍යාත්මක අධ්‍යයන වලින් සොයාගෙන ඇති පරිදි සාර්ථක ලිංගික ජිවිතයක් කෙටි කාලින තෘප්තියක් පමණක් නොව පවුල් ජිවිතයේ දිගු කාලින සුභ සිද්ධියටව බලපාන බව තහවුරු කර තිබෙනවා.

    විශේෂයෙන්ම කිව යුත්තේ සාර්ථක ප්‍රසන්න ජීවිතයක් අගනා විවාහ සබඳතාවකට බලපාන මූලික සාධකයක් වන බවයි.

    ඉතින් ඔබේ සහකරුත් සමඟ අද්විතීය ලිංගික ජීවිතයක් ගත කිරීමට මෙයම හේතුවක් වනවා නොවේද?

    ලිංගික ජීවිතය ප්‍රබෝධමත් කරගැනීම සඳහා විද්යාත්මක පිටුබලයක් දුන් නිදන කාමරයේ රහස් කිහිපයක් මෙන්න!

    ජිවන සුවඳ නැතහොත් මෘදු සුවඳ විලවුන් වර්ගයක් ආලේපනය.

    සුවඳ විලවුන් වලට වඩා සහකරුගේ ජිවන සුවඳ නැතහොත් දහදිය දුවන්ද මගින් සහකාරිය ලිංගිකව උත්තේජනය වන බව සොයාගෙන තිබෙනවා. 2007 වසරේ සිදු කල අධ්යයනයකින් පෙනී ගියේ පුරුෂයින්ගේ දහදිය සුවඳේ අඩංගු ඇන්ඩ්රොසඩිඩෝන් වැනි සංඝටක නිසා එමගින් කාන්තාවකගේ හෝමෝන මට්ටම් ප්‍රතික්‍රියා කොට කාන්තාවන්ව ලිංගිකව සක්‍රිය කරන අතර මොලයේ ක්‍රියාකාරීත්වයද කාර්යක්ෂම කරන බවයි.

    ඔබේ සහකරු උද්දීපනය කිරීම සඳහා ඔබට මෘදු මල් සුවඳක් දෙන සුවඳ විලවුන් වර්ගයක්ද අලේප කරන්නට පුළුවන්.

    මෙය අසාමාන්‍ය ක්‍රියාවලියක් ලෙස පෙනුනත් අධ්‍යයන වලට අනුව මෙමගින් රුධිරයේ පෙනයිල් ශ්‍රාවය වැඩි සහ රුධිර ප්‍රවාහය වැඩි කොට ලිංගික උත්තේජනය වැඩි කරනු ලබනවා.

    වැඩිපුර හිරු එළිය.

    වැඩිපුර හිරු එලියට නිරාවරණය වීම ඔබේ ලිංගික ජීවිතය තවත් කාර්යක්ෂම කරන බව ඔබ දැන සිටියාද?

    හිරු එළියෙන් නිකුත් කරන D විටමින් නිසා එමගින් පුරුෂයින්ගේ ශක්තිය වැඩි දියුණු කරන අතර කාන්තාවන්ගේ ටෙස්ටොස්ටරෝන් මට්ටම ඉහල යවන්නේ හොඳ ලිංගික සක්රියතවයක්ද ඇති කරමින්. ඉතින් මල් වත්තක හෝ මුහුදු වෙරළක ඇවිදින්නට ගොස් මදක් උණුසුම් වී නිදන කාමරයේ ඒ උණුසුම සමරන්නට අමතක කරන්න එපා!

    කට දැවිල්ල කෑම අහාරයට ගන්න.

    ආදරය මිහිර තුල ජ්වලිත වන්නට කලින් ටිකක් කුල්මත් වෙලා හිටියොත් හොඳ නැද්ද?

    වැඩිපුර කට දැවිල්ල අහාරයට ගන්නට කැමති පිරිමින්ගේ ටෙස්ටස්ටේරෝන් මට්ටම ඉහළ තත්වයක ඇති බව සොයාගෙන තිබෙනවා. එමෙන්ම ඔවුන් ලිංගිකව භෝ සේ සක්‍රිය වන බවත් සොයාගෙන තිබෙනවා. කුල්මත් අහාර වේලකින් පසුව එක් වී සතුට විඳීම ඔබට මහත් රසයක් ගෙනෙනවා නොඅනුමානයි.

    බියජනක චිත්‍රපටයක් නරඹන්න.

    ඔව්! බියජනක චිත්‍රපටයක් ඔබ දෙදෙනා තවත් ලං කරන බව ඇත්තයි. නමුත් එම ලංවිම නිදන කාමරය තුලටද ව්‍යාප්ත කරගත හැකියි.

    බියකරු චිත්‍රපට මගින් ශරීරයේ සානුකම්පිත ස්නායු පද්ධතිය (SNS) කෙරෙහි බලපාන අතර මෙය ලිගික අවයව වල උත්ත්ජනයක්ද ඇතිකරන බ අව සොයාගෙන තිබෙනවා.

    එක් විමකර පෙර ත්‍රාසජනක චිත්‍රපටයක් නැරඹීම දෙදෙනාගේම ප්‍රබෝධමත් එක් වීමකට මුල පුරන බව අමතක කර ලිංගික අත්දැකීමට රස මුසු කරනු ඇත.

    මේස් පළඳින්න.

    මෙය අසාමාන්‍ය ලෙස ඔබට දැනෙන්නට හැකි මුත් 2011 වසරේ නෙදර්ලන්තයෙන් කළ අධ්යයනයකට අනුව, ඔබේ පාද උණුසුම් කර තබා ගැනීම මහත් තෘප්තියක් ගෙන දෙන බව සොයාගෙන තිබෙනවා

    මේ හැම දේටම අමතරව කාමර උෂ්ණත්වයේ ඇති ප්‍රසන්න පරිසරයක් මගින් ඇයට සුරක්ෂිත මෙන්ම නිදහස් බවකුත්, සුවපහසුවත් ගෙන දෙන අතර ඔහුටද නිදහස් මානසිකත්වයක් තුළින් දෙදෙනාගේ ප්‍රබෝධමත් එක් වීමකට මුල පුරනු ඇත.

    TheAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි

  • පොහොට්ටුව සහ බැසිල් අල්ලේ නටවන මලික් සමරවික්‍රමගේ රටම කතාවෙන ඩීල් එක මෙන්න…

    පොහොට්ටුව සහ බැසිල් අල්ලේ නටවන මලික් සමරවික්‍රමගේ රටම කතාවෙන ඩීල් එක මෙන්න…

    අප පල කල ප්‍රවෘත්තියෙන් පසු  ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ සමීපතමයෙකු විසින් අපට ඉතා දිගු ඊමේල් පණිවිඩයක් එවා තිබේ. ඔබගේ දැන ගැනීම උදෙසා එම ලිපිය එලෙසම පළ කිරීමට අප කටයුතු කරමු.

    ————————————-
    කතෘතුමා වෙත,

    මචං උඹලා ඊයේ ඇත්තම ලියලා තිබ්බා අපේ මැයි රැළිය ගැන. ඒකට බොහොම ස්තුතියි. එතන ගියපු ඒවා තනිකර බැසිල් ගේ ප්ලෑන්.පොඩි දෙයක් නිවැරදි කරන්න ඕනේ. අර ඉහලින් නියෝග ඇවිත් කතා කරන්න දෙන එක නැවැත්තුවා කියන එක නම් නිවැරදි නෑ මම දන්න විදියට. ඒ වගේම චමින්ද තමයි ස්ටේජ් හැදුවේ. ඒකත් ඉතින්න් සබ් කන්ට්‍රක්ට් එකක්ද දන්නේ නෑ නේ.  ඔතන වැඩිපුරම ගොට්ට අල්ලන් ඉන්නේ රෝහිත. තව කීප දෙනෙක් මන්ත්‍රීවරු හිතින් අල්ලනවා ඇති. ඒත් හැම පාර්ලිමේන්තු මන්ත්‍රීම දැන් බැසිල් එක්ක තරහයි. මිනිහා දැන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අහකට කරලා පළාත් සභාවලට අපේක්ෂකයෝ තෝරනවා. තම තමන්ගේ දිස්ත්‍රික්වලට තමන් අකමැති, හැබැයි අන්තිම මොහොත වෙනතුරුත් මෛත්‍රී එක්ක හිටපු මිනිස්සු බැසිල් දැන් පළාත් සභා වලට ගහගෙන යනවා.

    මේක මචං අද ඊයේ පටන් ගත්ත ප්ලෑන් එකක් නෙවෙයි.. බැසිල්ට තියෙන්නෙ බට නඩුවකුයි ඔරලෝසු නඩුවකුයි.. ඒත් මචන් බැසිල්ට තියෙන්න ඕන ඒ නඩුද? අනික හිරේ ගියත් නවතින්නේ ගෙවන වාට්ටුවෙ.. එහෙම කාටද බන් හිරේ යන්න පුළුවන්.. මේ ඔක්කොම ඩීල් එකක්.. මම පිළිවෙලට ලියන්නම් මේ ප්ලෑන් එක. මේ හැම ඩීල් එකක්ම බ්සිල් දාන්නෙ මලික් සමරවික්‍රමගෙ සල්ලි වලට.මොකද හැබෑම බැඳුම්කර හොරා මලික් නිසා.

    බලවේගය හදපු උන් වළපල්ලට

    මචන්, විමල්ලා දිනේශ්ලා මේ බලවේගය හැදුවා. රනිලාගෙ සියළු ප්ලෑන් දියවෙන මට්ටමට මේක නැගගෙන ආවා. රනිලාට මේකට කරන්න දෙයක් තිබ්බෙම නෑ. රනිල් කලේ බැසිල් ගෙන්නපු එක. මොකද ඒ වෙද්දි මහින්දත් ජනතාවට යටත්. රනිල්ට ඕන වුනේ ශේප් එකේ මේ බලවේගය දිය කරන්න. හොරකමට බයේ රටින් පැනපු බැසිල් කොහොමද බන් එයාර්පෝට් එකෙන් බබා වගේ එන්නේ.

    මේ කපුකම රනිල් කරන්නෙ මලික් සමරවික්‍රම හරහා. මලික්ගේ හොඳම යාළුවෙක් තමයි බැසිල්ගේ දකුණු අත වගේ ඉන්න ආචාර්‍ය රංජිත් බණ්ඩාර. මේ දෙන්නා මූලික කරගෙන තමයි මේ ඩීල් එක ගාණට යන්නෙ. බැසිල්ගෙ පොරොන්දුව තමන් සහ තමන්ගේ ගෝලයින්ගේ වත්කම් එළියට අදින්නෙ නැති එක.

    ඊට පස්සෙ රනිල් බැසිල්‍ට කොන්දේසි විරහිත සමාවක් දෙනවා. ඔන්න බලහන් බැසිල් හැම චෝදනාවකින්ම මේ අවුරුද්දේ නිදහස් වෙනවා. මොකද බැසිල්ට තව එක මඩ පාරක්වත් ගෑවුනොත් රනිල්ට අවාසියි.

    උඹලගෙ නිව්ස් එක මුළු ඒකාබද්ධ විපක්ෂයම කියෙව්වා. ඒ ගාමිණී ලොකුගේගෙ පාටියේදි. ගල්කිස්ස හෝටලේදි. ගොඩාක් අය මේ ගැන කතා කලා ඒකයි ඊමේල් එකක් දාන්න හිතුවේ…

    අනික් කාරණය මචන් ඔය නෙළුම් මාවත ඔෆිස් එක. ඒකෙ අයිතිය රන්ජිත් බණ්ඩාරගේ. දැන් එතන තවත් අසල්වැසියෙක් ඉන්නවා. ඒ තමයි රෝහිත අබේගුණවර්ධන. සුද්දන්ට අන්නාසි විකුණපු එකෙක් කොහොමද බන් බත්තරමුල්ලෙ නෙළුම් මාවතෙන් ගෙයක් ගන්නේ. ඉතින් ඌටත් බැසිල්ගේ එකවුන්ට් එකටම බැරවෙලා රනිල්ගෙන් බේරෙන එක තමයි හොඳම.

    උඹලා දන්නවද තව නෙළුම් මාවතේම පදිංචි වෙලා ඉන්න බැසිල්ගේ කල්ලියේ නීල කාස හොරු ගැන. එකෙක් මචන් විලී ගමගේ. අනිකා මචන් ලක්ෂ්මන් හුළුගල්ල. විලී ගමගේ කියන්නෙ 2011 කෝටි දෙකක කප්පමක් ගන්න ගිහින් අතේ මාට්ටු වෙච්ච එකා. බැසිල්ගෙ කළු සල්ලි සුදු කරලා නඩුවක් තිබිලා එක දවසින් උටත් ඇප හම්බුනා. අනික කුඩු කේස් අරවට මේවට අහුවෙලා නන්නත්තාර වෙච්ච ලන්සාව ගත්තේ කව්ද ? බැසිල් තමයි. එතකොට බැසිල්ට තියන උවමනාව මොකද්ද කියල  තේරෙනවා නේ. ආණ්ඩුවේ ඉදලා බැසිල් ගාවට ආපුගමන් ලන්සා නිරුපද්‍රිතයි. එහෙම වෙන්නෙ කොහොමද? අරුන්දික එතනෝල්, ලන්සා කුඩු… ඉතින් මේ ඔක්කොම බැසිල්ගේ සාක්කුවට වැටුනු ගමන් කොහොමද නිරුපද්‍රිත වෙන්නේ. ඔන්න ඕවා ඔයාල දකින්නෙත් නෑ අපේ මිනිස්සු තේරුම් ගන්නෙත් නෑ… මේවා පලකරන්න මිනිස්සුන්ට ඇත්ත දැනගන්න.

    අනිකා ලක්ෂ්මන් හුළුගල්ල. උඹලට මතකනම් ඌ තමයි අර එස් ටී එෆ් ගාඩ් එක දාගෙන සලාකා එකේ ගෑණිට කොටු පැන්නේ. දෙපාරක් පැනඩෝල් බීලා මැරෙන්න ගියා. මුන් ඔක්කොටම ඇප එක දවසකින් හම්බෙනවා.

    ඒත් සැබෑවටම මහින්දවාදී පිල ගැන බලහන්…

    නාමල් දවස් ගාණක් ඇතුලට ගියා. ජොනී ඇතුලට ගියා. මහින්දානන්ද ඇතුලට ගියා. දැන් දිළුම්ව ගන්න හොයනවා. එක්කෙනෙකුට ඇප දෙන්නෙ නෑ. විමල්ලා, ජයන්තලා මුසම්මිල්ලා ඇතුලට ගියා. උන්ට කිසිම මානුශික හේතුවක් මත ඇප හම්බුනේ නෑ කියලා උඹලට මතක ඇති. ඔන්න ඔහොමයි මචන් සියල්ල සිදු වුනේ.

    දැන් මොකක්ද ප්ලෑන් එක එහෙනම්…

    බැසිල් හදන්නෙ මැතිවරණ දිනුම් හරහා දිනපු මිනිස්සු තමන්ගේ ගොඩට ගන්න. ඒ හරහා මිනිහට වාසි වෙන විදිහට බිමේ යම් ප්‍රමාණයක් හදන්න. ඒත් මචන් අපේ ලොක්කො ගේම අත අරින්නෙ නෑ. අනිවා ගෝඨා ගේනවා.. නැත්නම් බැසිල්ට කරගන්න කියලා ගෙදර යනවා කියලයි කියන්නෙ කට්ටිය.. අද විපක්ශෙට ආපු 16 බැසිල්ට කැමති නෑ.. ඒ නිසා අපේ ලොක්කො තවත් ශක්තිමත්.

    බැසිලා හොඳ සංවිධායකයෙක් තමයි.. ඌට ඔය තියෙන මොලේ අපිව ගොඩ දාන්න පාවිච්චි කරනවා වගේම තමයි අන්තිමේට රනිල්ව දිනවන්න පාවිච්චි කරන්නෙ.. ඒක අපේ ලොක්කො දන්නවා.. ඒකයි මැයි රැළිය පටන් ගන්න අන්තිම මොහොත වෙනකම් එක්කෙනෙක්වත් රැළිය තියෙන පැත්ත පළාතකවත් නාවේ.

    මිනිස්සු දැනුවත් කරපල්ලා බන් මේ බැසිල්ගේ දෙබිඩි ගේම ගැන.. අපිට මේ රට වැදගත්.. බැසිල්ලා වගේ උන් මේ රටින් මකබෑවිලාම යන්න ඕන.

    තෑන්ක්ස් මචන් ( නිමි )

    අපගේ සටහන :

    උක්ත ඊමේල්කරු සඳහන් කරනා පරිදි අපගේ ලිපියේ වැරද්දක් ඇතිනම් එය නිවැරදි කිරීමට අප කැමතිය. නමුත් ඉතාමත් විශ්වාසකටයුතු ආරංචිමාර්ග හරහා ලැබුණු උක්ත තොරතුරු වල නිවරද්‍යතාවය පිලිබඳ අපිට විශ්වාසයක් තිබේ. නමුත් ඒ පිලිබඳ සොයා බලා පාඨකයා දැනුවත් කිරීමට අපි කටයුතු කරන්නෙමු.

    බැසිල්, විමල්, නාමල් ජොනී හෝ කවුරු හෝ වේවා හොරකම් කළා නම් හිරේ ලැගිය යුතුය. බැසිල් හැරෙන්නට අනිත් හොරුන් හිරේ ලැග්ගේ අන්න ඒ නිසාය. රිජීමයේ නීලකාස හොරුන් තවමත් නිදැල්ලේ හැසිරෙන බව අපත් රටේ ජනතාවත් දන්නා කරුණකි. සිය ජනාධිපති හීනය වෙනුවෙන් බැසිල් වැනි වනචර දශකයේ මෘගයින්ට සැප දීම රනිල්ට කවදා හෝ විඳවන්නට ලැබෙනු ඇති බව ලියුම්කරුට විශ්වාසයක් ඇත.

    ස්තූතියි
    Lankaenews.info