Tag: breaking post

  • කුඩු ජාවාරම් කරුවන් එල්ලන්න කැබිනට්‌ අනුමැතිය…ජනපති ලැයිස්‌තුව ඉල්ලයි

    කුඩු ජාවාරම් කරුවන් එල්ලන්න කැබිනට්‌ අනුමැතිය…ජනපති ලැයිස්‌තුව ඉල්ලයි

    දැනට මරණ දඬුවම නියමව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව එම දඬුවම ක්‍රියාත්මක කිරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ (10) කැබිනට්‌ මණ්‌ඩලයට ඉදිරිපත් කළ යෝජනාවට අනුමැතිය ලැබී ඇත.
     
     මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධව මරණ දඬුවම ලබා සිටින සිරකරුවන් පිළිබඳ විස්‌තර ලබාදෙන ලෙස එහිදී ජනපතිවරයා අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්‌කරණ ඇමැතිනී තලතා අතුකෝරාළ මහත්මියට උපදෙස්‌ දුන් බව ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයෙක්‌ පැවසූ අතර
    මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ පිරිස්‌ පිටුපස මත්ද්‍රව්‍ය වැරදිවලට මරණ දඬුවම හිමිවූ ජාවාරම්කරුවන්ද සිටින බවත් ඔවුන්ට එරෙහිව මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට සිදුව ඇති බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කළ අවස්‌ථාවේදී ඇමැතිවරුන් අත් ඔසවමින් ඊට සහාය පළ කර ඇත.
     
     මත්ද්‍රව්‍ය ජාවාරමෙන් සමාජය බේරා ගැනීම සඳහා තමාට අකමැත්තෙන් වුවද මෙම තීරණය ගැනීමට සිදුවන බව ජනපතිවරයා කැබිනට්‌ මණ්‌ඩලයේදී ප්‍රකාශ කර ඇත.
     

  • රථ වාහන වැරදි 33 ක්‌ සඳහා දඩ මුදල් ඉහළට

    රථ වාහන වැරදි 33 ක්‌ සඳහා දඩ මුදල් ඉහළට

    රථවාහන වැරදි 33 ක්‌ සඳහා වන දඩ මුදල් මෙම මස 15 වැනිදා සිට වැඩි කෙරේ. 306

    ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාලද සිsල්වා මහතා විසින් නිකුත් කරන ලද අති විශේෂ ගැසට්‌ පත්‍රය අනුව මෙම දඩ මුදල් වැඩි කෙරෙන අතර වැරදි කිහිපයක්‌ සඳහා දඩ නියම නොකර නඩු පැවරේ.

    ඒ අනුව වේග සීමා විධිවිධාන උල්ලංඝනය කිරීමේ වරදට මෙතෙක්‌ නියම කරන ලද රුපියල් දහසේ ස්‌ථානීය දඩය රුපියල් තුන්දහස දක්‌වා වැඩිකර ඇති අතර මාර්ග නීති වලට අවනත නොවීමේ වරදට මෙතෙක්‌ නියම කරන ලද රුපියල් පන්සියයේ ස්‌ථානීය දඩය රුපියල් දෙදහස දක්‌වා වැඩි කර තිබේ.

    අංක තහඩු සම්බන්ධ වැරදි, ආදායම් බලපත්‍රයේ විධිවිධාන උල්ලංඝනය කිරීම සම්බන්ධ වැරදි, මෝටර් රථය පාලනය කර ගැනීමට බාධාවක්‌ නොවෙනසේ ධාවනය කිරීම, ආරésත හිස්‌ වැසුම් පැළඳීම පැහැර හැරීමේ වැරදි, ආදිය සම්බන්ධයෙන් මෙතෙක්‌ නියම කරන ලද ස්‌ථානීය දඩ මුදල වූ රුපියල් පන්සියය රුපියල් දහස දක්‌වා වැඩි කර තිබේ.

    වාහනය පැදවීමේදී සහ අනෙකුත් අවස්‌ථාවන්හිදී නුසුදුසු සංඥ භාවිත කිරීමේ වරදට මෙතෙක්‌ පැවැති රුපියල් සියයේ ස්‌ථානීය දඩය රුපියල් දහස දක්‌වා වැඩිකර ඇත.

    මෝටර් වාහන පාපුවරුවේ ගමන් කිරීම හෝ ගමන් කිරීමට ඉඩ ලබාදීමේ වරදට නියම කරන ලද රුපියල් එකසිය පනහේ දඩය රුපියල් පන්සීය දක්‌වා ද, මෝටර් වාහනවල ඉදිරිපස අසුන්වල සිටිය හැකි තැනැත්තන් සංඛ්‍යාව ඉක්‌මවා ගෙන යැමේ වරදට මෙතෙක්‌ පැවැති රුපියල් එකසිය පනහේ ස්‌ථානීය දඩය රුපියල් දහස දක්‌වා වැඩි කර ඇත.

    පොලිස්‌ නිලධාරීන්ගේ විධාන සහ සංඥවලට අවනතවීම පැහැර හැරීමේ වරදට මෙතෙක්‌ නියම කරන ලද රුපියල් දහසේ ස්‌ථානීය දඩය රුපියල් දෙදහස දක්‌වා වැඩිකර තිබේ.

    නව ගැසට්‌ පත්‍රය අනුව ධාවනය කරන විට රියෑදුරු බලපත්‍රය රැගෙන යැමට අසමත්වීම, උපදේශක බලපත්‍රයක්‌ නොමැතිව උපදේශක කටයුතුවල යෙදීම, අනතුරු ඇඟවීමේ උපකරණ අනිසි ලෙස භාවිත කිරීම, අධික දුම් පිට කිරීම, ආසන පටි පැළැඳ නොසිටීම, ධාවනය වෙමින් පවතින මෝටර් වාහනයකින් දැන්වීම් බෙදාහැරීම, වාහනයෙන් අධික ශබ්ද නිකුත් කිරීම, මාර්ග සංඥවලට අවනත නොවීම, ටැංකියට ඉන්ධන පිරවීමේදී ගතයුතු පූර්ව ආරක්‌ෂණ ක්‍රියා මාර්ග ගැනීමට අසමත්වීම, ආදිය ඇතුළු තවත් වැරදි කිහිපයක්‌ සම්බන්ධයෙන් ස්‌ථානීය දඩ නියම නොකෙරන අතර එම වැරදි සඳහා අධිකරණයේ නඩු පැවරිය යුතුවේ.

  • හිමිනමක් පොලිස් සැරයන්වරයෙකුගේ ගෙල මිරිකා මරයි

    හිමිනමක් පොලිස් සැරයන්වරයෙකුගේ ගෙල මිරිකා මරයි

    රත්නපුර ගල්ඇන්ද විහාරස්ථානයකදී පොලිස් සැරයන්වරයෙකුගේ ගෙල මිරිකා මාරාදැමීමක් සම්බන්ධයෙන් එම විහාරයේ හිමිනමක් පොලිස් අත්අඩංගුවට පත්ව ඇත. අධිකරණයේ විභාග වන නඩුවකට පෙනී නොසිටීම නිසා වරෙන්තු ලැබ සිටින හිමි නමක් සොයා රත්නපුර පොලීසියේ සැරයන්වරයෙකු අද (10) පෙරවරුවේ එම විහාරස්ථානයට ගොස් තිබේ.

    එම හිමි නම විහාරස්ථානය තුළදී සැරයන්වරයාගේ ගෙල සිර කර ඇත්තේ එම අවස්ථාවේය. මෙහිදී  පොලිස් නිලධාරියාගේ කෑගැසීම් හඬට අනුව අසල් වැසියන් පොලිස් හදිසි ඇමතුම් අංශයට ඇමතුමක් දී තිබේ. වහා ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් එහි යන විට එම පොලිස් නිලධාරියාගේ මළ සිරුර හමුවී ඇති අතර හිමි නමද එහි සිට ඇත.

    එහිදී ඔහු පොලිස් නිලධාරීන්ට අත්බෝම්බයකින් දමා ගැසීමට උත්සහ කර ඇති අතර රත්නපුර මූලස්ථාන පොලිස් ස්ථානාධිපතිවරයා හිමිනමගේ අතට පොල්ලකින් පහරදී ඒ උත්සාහය ව්‍යවර්ථ කර ඇත. රත්නපුර පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි

  • පෙට්‍රල් ඩීසල් යලි ඉහළ නගී

    පෙට්‍රල් ඩීසල් යලි ඉහළ නගී

    අද (10) මධ්‍යම රාත්‍රියේ සිට ඛනිජතෙල් සංස්ථා ඉන්ධන පිරවුම්හල් වල  අලෙවි කරන  පෙට්‍රල් හා ඩීසල් මිල ඉහළ නංවා ඇත.

    ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රු 145 දක්වා රුපියල් 8කින්ද ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රු 155 දක්වා රුපියල් 7කින්ද මිල වැඩිකර ඇති අතර සාමාන්‍ය ඩීසල් රු 118 දක්වා රුපියල් 9කින්ද සුපිරි ඩීසල් රු 129 දක්වා රුපියල් 10කින්ද ඉහළ නංවා තිබේ. භුමිතෙල් මිලෙහි වෙනසක් කර නැත.

    මේ අතර කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කොට ඇත්තේ ඛණිජ තෙල් සඳහා කැබිනට් මණ්ඩලය විසින් අනුමත කොට අැති මිල සූත්‍රයට අනුව මින් පසු සෑම මසක 10 වන දින ජාත්‍යන්තර තෙල් මිලට සාපෙක්ෂව මෙරට ඛණිජ තෙල් මිල ඉහළ පහළ දැමෙන අතර එය අතිශය විනිවිද භාවයෙන් යුතු ක්‍රියාදාමයක් වනු ඇති බවය.

  • දරුණු කොටි 125 ක්‌ මුදාහැරීමේ ඉල්ලීම ජිනීවා කවුන්සිලයෙන් ඉවතට

    දරුණු කොටි 125 ක්‌ මුදාහැරීමේ ඉල්ලීම ජිනීවා කවුන්සිලයෙන් ඉවතට

    බිහිසුණු ත්‍රස්‌ත ක්‍රියා සිදු කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවේ පසුවන හිටපු කොටි ක්‍රියාකාරීන් 125 ක්‌ නිදහස්‌ කරන ලෙසට ශ්‍රී ලංකා රජයට නියෝග කරන ලෙස එම කොටි ක්‍රියාකාරීන් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයෙන් කළ ඉල්ලීම ප්‍රතික්‍ෂේප කර ඇත.
     
     ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතියට නියෝග කිරීමට තමන්ට පිටුවට
     බලයක්‌ නැතැයි මානව හිමිකම් කවුන්සිලය දන්වා ඇති අතර ගුවන් යානාවලට මිසයිල ප්‍රහාර එල්ල කිරීම් සහ බස්‌රථවලට බෝම්බ ගැසීම් ඇතුළු ත්‍රස්‌ත ක්‍රියා ගැන මෙම හිටපු කොටි ක්‍රියාකාරීහු අත්අඩංගුවේ පසු වෙති.
     
     මොවුන් නිදහස්‌ කරන ලෙස ද්‍රවිඩ සන්ධානයද රජයෙන් ඉල්ලා තිබිණි

  • වල් අලි මඩින්න ෆොන්සේකාගෙන් චීන තුවක්කු

    වල් අලි මඩින්න ෆොන්සේකාගෙන් චීන තුවක්කු

    ඉදිරි වසර එක හමාරක කාලය ඇතුළත අලි මිනිස් ගැටුම 95% කින් අවසන් කිරීමට තමා බලාපොරොත්තු වනත් බවත්, ඒ සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කරන බව නාඋල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී ඊයේ (08) පැවැති රැස්වීමකදී  වනජීවී අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා කියා සිටියේය.
    එම වැඩපිළිවෙල යටතේ  වනජීවී දෙපාර්තමේන්තුවට පිරිස් බලය පන්දහසක් බඳවා ගැනීමටත්,වනජීවී නිලධාරීන්ට සුදුසු   නිල ඇඳුමක් ලබාදීමටත්, එමෙන්ම දැනට පාවිච්චි කරන ගිනි අවිය වෙනුවට චීනයෙන් ගෙන් වූ ටී 56 ගිනි අවියට සමාන ගිනි අවියක් ලබාදීමටත් කටයුතු කරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
    “වනජීවී දෙපාර්තමේන්තුවට වසර හැත්තෑවක් පමණ පැරණි වෙනවා. අලි මිනිස් ගැටුමට වසර 35ක් පමණ වෙනවා. යුද්ධය මට බාර දුන්නෙත් වසර තිස් දෙකක්  පමණ පරණ වූවායින් පසුවයි. වසර එකහමාරක පමණ කාලයකින් මාහට ගෙදර යන්නට සිදුවන නිසා වසරක් ඇතුළත අලි මිනිස් ගැටුම 95 %ක් අවසන් කිරීමට මා ක්‍රියා කරනවා.
    අලි මිනිස් ගැටුමට එකම විසඳුම බවට පත්ව ඇත්තේ ප්‍රමිතියෙන් යුතුව අලිවැට සවි කිරීමයි. මේව න විට රට වටේ කිලෝමීටර් 4500ක් විදුලිවැට පැවතියද ඒ සියලු විදුලි වැටවල් ප්‍රමිතියකින් තොර ඒවායි. තවත් කිලෝමීටර් දෙදහස් පන්සීයක් දුරකට විදුලිවැට අවශ්‍යයි. තවත් කිලෝමීටර් 2500 ඉදිකොට ඒවා නඩත්තු කිරීමට වනජීවී දෙපාර්තමේන්තුවට පිරිස් බලය පන්දහසක් බඳවා ගැනීමට අනුමැතිය ලැබී තිබෙනවා.
    වනජීවී දෙපාර්තමේන්තුව මුදල් බිලියන 50ක් පමණ ඇති කෝටිපති ආයතනයක් මා එම මුදල් ප්‍රයෝජනයට ගෙන මේ වසර එකහමාර තුළ අලි මිනිස් ගැටුම අවසන් කිරීමට බලාපොරොත්තු වනවා.
    වනජීවී නිලධාරීන්ට සුදුසු   නිල ඇඳුමක් ලබාදීමටත් එමෙන්ම දැනට පාවිච්චි කරන ගිනි අවිය වෙනුවට චීනයෙන් ගෙන් වූ ටී56 ගිනි අවියට සමාන ගිනි අවියක් ලබාදීමට මේ වන විට ජනාධිපතිවරයාගේ අවසරය ලැබී තිබෙන අතර එම ගිනි අවියෙන් අලින්ට වෙඩි තැබීම නොව තමන්ගේ ආත්ම ආරක්ෂාවට පාවිච්චි කළ යුතුයි.“යැයි ද කියා සිටියේය.
  • ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ වැඩබලන අධ්‍යක්‍ෂවරයාගේ ක‍්‍රියා කලාපයට විරෝධය

    ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ වැඩබලන අධ්‍යක්‍ෂවරයාගේ ක‍්‍රියා කලාපයට විරෝධය

    ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානය තුළ අද (09) දිනයේ වැඩ වර්ජනයක් සිදු කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර ඇත.
    රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය කමිටු සාමාජික, වෛද්‍ය ප‍්‍රසාද් කොළඹගේ සඳහන් කළේ ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ වැඩබලන අධ්‍යක්‍ෂවරයාගේ ක‍්‍රියා කලාපයට විරෝධය පළ කරමින් මෙය ක්‍රියාත්මක බවයි. 
    ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ කටයුතු සිදු කරන්නේ වෛද්‍යවරුන් බවත් ඔවුන් වර්ජනයේ නිරත වන්නේ නම් එහි සියලු කටයුතු අඩපන විය හැකි බවත් ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානය සඳහා නව අධ්‍යක්‍ෂවරයෙකු පත් කරන ලෙසත්, එසේ නොකළහොත් වැඩ වර්ජනය ඉදිරියේදී තවදුරටත් දැඩි කරන බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩිදුරටත් ප‍්‍රකාශ කරයි.
    ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ වැඩබල අධ්‍යක්‍ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන පැවසුවේ තමන්ට එල්ල වන චෝදනා ප‍්‍රතික්ෂේප කරන බවයි. 
  • කොළඹ ස්වාධීන නාගරික මන්ත‍්‍රී ක‍්‍රිෂ්නාට පිටකොටුවේදී වෙඩි

    කොළඹ ස්වාධීන නාගරික මන්ත‍්‍රී ක‍්‍රිෂ්නාට පිටකොටුවේදී වෙඩි

    කොළඹ නගර සභාවේ නාගරික මන්ත‍්‍රිවරයෙකු අද අලුයම් කාලයේදී වෙඩි තබා ඝාතනය කර ඇත.

    පිටකොටුම හෙට්ටි වීදියේදී  40 හැවිරිදි ක්‍රිෂ්ණ පිල්ලේ ගිරුබානන්දන් නොහොත් ක‍්‍රිෂ්නා නම් කොළඹ නගර සභාවේ ස්වාධීන මන්ත‍්‍රිවරයෙකු ලෙස කටයුතු කල අය මෙසේ ඝාතනය වී ඇත.  

    හෙට්ටි වීදියේ පිහිටි තම පලතුරු අලෙවිසැලට අද අලුයම පැමිණෙමින් සිටියදී මෝටර් බයිසිතලයකින් පැමිණි පුද්ගලයෙකු විසින් මෙම වෙඩි තැබීම සිදු කර ඇත.

    මන්ත‍්‍රීවරයා මිය ගොස් ඇත්තේ වෙඩි වැදීමෙන් තුවලා ලබා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කිරීමනේ පසුවයි.

     

  • රජයේ සංහිඳියා වැඩපිළිවෙළ විවේචනය කරමින් හා ත්‍රස්‌තවාදීන්ගේ ක්‍රියා අගය කරමින් ප්‍රකාශ සිදු කරන්ට එරෙහි වෙමු

    රජයේ සංහිඳියා වැඩපිළිවෙළ විවේචනය කරමින් හා ත්‍රස්‌තවාදීන්ගේ ක්‍රියා අගය කරමින් ප්‍රකාශ සිදු කරන්ට එරෙහි වෙමු

    රජයේ සංහිඳියා වැඩපිළිවෙළ විවේචනය කරමින් හා ත්‍රස්‌තවාදීන්ගේ ක්‍රියා අගය කරමින් ප්‍රකාශ සිදු කරන අවස්‌ථාවාදී දේශපාලනඥයන්ට ඇතැම් විශ්‍රාමික හමුදා නිලධාරීන්ට හා සිවිල් සංවිධාන ක්‍රියාකාරීත්ව යුද හමුදා කඳවුරුවලට ඇතුළු වීමට අවසර නොදෙන ලෙස දන්වා යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක විසින් සියලුම හමුදා කඳවුරු වෙත ලිපියක්‌ යවා තිබේ.

    එවන් පුද්ගලයන් සහභාගි වන කිසිදු උත්සවයකට සහභාගි වීමෙන් හෝ ආධාර අනුබල දීමෙන් වැළකී සිටින ලෙසද යුද හමුදාපතිවරයා එමගින් සියලුම හමුදා නිලධාරීන්ට දැනුම් දී ඇත.

    තිස්‌වසරක යුද්ධය නිමා කරමින් රටට පූර්ණ නිදහස දිනා දීමට යුද හමුදාව මහත් පරිශ්‍රමයක්‌ දැරූ අතර එහිදී යුද හමුදාවේ විශාල ජීවිත සංඛ්‍යාවක්‌ අහිමි වී තවත් විශාල පිරිසක්‌ තුවාල ලබා පූර්ණ කාලීනව ආබාධිත තත්ත්වයට පත්වූ බව යුද හමුදාපතිවරයා යවා තිබෙන එම ලිපියේ සඳහන් වේ.

    යුද්ධය නිමා වීමෙන් පසු රජයේ සංහිඳියා යාන්ත්‍රණය පණගැන්වීමට යුද හමුදාව විශාල දායකත්වයක්‌ දෙමින් කැපවීමෙන් කටයුතු කළ බවද එමඟින් උතුරු නැගෙනහිර ජනතාවගේ හොඳහිත දිනා ගනිමින් ඔවුන්ගේ දැවෙන ප්‍රශ්න රැසකට විසඳුම් ලබාදීමට සමත් වූ බවද හමුදාපතිවරයාගේ ලිපියේ සඳහන් වේ.

    ඇතැම් අවස්‌ථාවාදීන්ගේ ප්‍රකාශ නිසා සාමයට ලැදි උතුරු නැගෙනහිර ජනතාව තුළ රජය හා යුදහමුදාව පිළිබඳව තිබෙන විශ්වාසය පළුදු වී ඔවුන්ගේ සිත් තුළ යළිත් ත්‍රස්‌තවාදයේ විෂබීජ වපුරමින් තිබෙන බවද ඔවුන් කවුරුන්දැයි මේ වනවිටත් හෙළිවී ඇතැයිද යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සිය ලිපිය මගින් යුද හමුදා සාමාජිකයන්ට පෙන්වා දී ඇත.

  • ගායන ශිල්පිනී ප්‍රියානි ජයසිංහ සැමියාගේ පිහි පහරින් මරුට

    ගායන ශිල්පිනී ප්‍රියානි ජයසිංහ සැමියාගේ පිහි පහරින් මරුට

    පානදුර අරුක්‌ගොඩ ප්‍රදේශයේ පිහිටි නිවසේදී ගායන ශිල්පිනි ප්‍රියානි ජයසිංහ මහත්මිය ඇයගේ සැමියා විසින් ඊයේ (08 වැනිදා) රාත්‍රි පිහියෙන් ඇන ඝාතනය කර ඇත.

    මෙම ඝාතනය ඊයේ රාත්‍රි 8.50 ට පමණ සිදුව  ඇති අතර පවුල් ආරවුලක්‌ මෙම ඝාතනයට හේතුවී ඇති බව මූලික පොලිස්‌ විමර්ශනවලින් හෙළිවී ඇත. ප්‍රියානි ජයසිංහ මහත්මිය ඝාතනයට ලක්‌වන විට 53 වැනි වියෙහි පසුවූ අතර ජනප්‍රිය ගීත රැසක්‌ ගායනා කර ඇත.

    කඳුළ නිවන්නම් සිත නොරිදනවා නම් යන ගීතය ඇය ගායනා කළ ජනප්‍රිය ගීතයකි.

    දෙදරු මවක වූ ඇය ඝාතනයට ලක්‌වන විට සිය දියණියද සමඟ පානදුර අරුක්‌ගොඩ නිවසේ පදිංචිව සිට ඇත.

    පානදුර ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි සේනානායක මහතාගේ උපදෙස්‌ මත වැඩිදුර පරීක්‍ෂණ පැවැත්වේ.

  • ලං.ග.ම යට අලුතින් බස් 2000ක් ගේන්න අනුමැතිය

    ලං.ග.ම යට අලුතින් බස් 2000ක් ගේන්න අනුමැතිය

    ලංකා ගමනාගමන මණ්ඩලය සඳහා ඉදිරියේදී නව බස් රථ 2000ක් මෙරටට ගෙන්වන බව ප‍්‍රවාහන අමාත්‍යාංශය පවසයි.
    ඒ සඳහා කැබිනට් අනුමැතියද හිමිවූ බව නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ මහතා කියා සිටි අතර හංගේරියාවෙන් ගෙන්වන බස් රථ පිළිබඳ කැබිනට් පති‍්‍රකාවක් එළඹෙන කැබිනට් මණ්ඩල රැස්විම සඳහා ඉදිරිපත් කරන බව ප්‍රකාශ කරන ලදී.
    මෙලෙස එරටින් ගෙන්වීමට සැලසුම් කර ඇත්තේ ඉලෙක්ටි‍්‍රක් සහ හයිබි‍්‍රඞ් වර්ගයේ බස් රථයි. 
  • පාර්ලිමේන්තුවේ අශෝභන ලෙස හැසිරුනාට විමල්ට දඩුවම් ලැබෙයිද ?

    පාර්ලිමේන්තුවේ අශෝභන ලෙස හැසිරුනාට විමල්ට දඩුවම් ලැබෙයිද ?

    විජයකලා මහේෂ්වරන් මන්ත්‍රීවරියගේ ප්‍රකාශය සම්බන්ධයෙන් පසුගිය 03 වෙනිදා පාර්ලිමේන්තුවේ දැඩි උණුසුම්කාරී තත්වයක් ඇති අවස්ථාවේ දී ඒකාබද්ධයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මන්ත්‍රීවරුන් වන විමල් වීරවංශ මහතාගේ හා ප්‍රසන්න රණවිර මහතාගේ අශිලාචාර හැසිරීම සම්බන්ධයෙන් නීත්‍යානුකූල ක්‍රියාමාර්ග ගැනීම සදහා ලබන 11 වන දින පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කමිටුව රැස්වී ඒ සම්බන්දයෙන් සාකච්ඡා කිරීමට නියමිතය.

    යම් හෙයකින් මෙම මන්ත්‍රීවරුන් දෙදෙනා වැරදිකරුවන් ලෙස නම් කළහොත් ඒ සඳහා දඩුවම් නියම කිරීමට නියමිත බවද වාර්තාවේ.ඒ අනුව දෝෂාරෝපණය, තරවටු කිරීම මෙන්ම නිශ්චිත කාල සීමාවක් දක්වා පාර්ලිමේන්තුව තහනම් කිරීමටද සිදුකළ හැකි බවත් පැවසේ. කතානායකවරයා මිට පෙර ද විමල් වීරවංශ මන්ත්‍රීවරයාට දැඩි අවවාද කර ඇති අතර එම නිසාම මෙවර ඔහුට යම් දඩුවමක් නියමවනු ඇතැයි ප්‍රකාශවේ.

    පසුගිය 03දා ඒකාබද්ධයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් සභා ගර්භය මැදට පැමිණ සටන් පාඨ කියමින් විරෝධතාවයක නිරතවු අතර එහිදී අශෝභන වචන භාවිත කළ බවටත් සෙංකෝලය ගැනීමට උත්සාහ බවටත් චෝදනා එල්ලවිය.එහිදී කතානායකවරයා විසින් විමල් වීරවංශ සහ ප්‍රසන්න රණවීර යන මන්ත්‍රීවරු හට දැඩි ලෙස අවවාද කරනු ලැබීය.

  • පක්ෂෙන් එළෙව්වත් කමක් නෑ සීමා නිර්ණයට විරුද්ධයි

    පක්ෂෙන් එළෙව්වත් කමක් නෑ සීමා නිර්ණයට විරුද්ධයි

    තමා පක්ෂයෙන් ඉවත් කළත් පළාත් සීමා නිර්ණයට පක්ෂව කිසිවිටෙකත් ඡන්දය දෙන්නේ නැතැයි පොළොන්නරුව දිසිත්‍රික් (එජාප) මන්ත්‍රී සිඩ්නි ජයරත්න මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (6) පැවසීය.
     
    ජයරත්න මහතා මේ බව පැවසුවේ පළාත් සභා මැතිවරණය පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ විවාදයේදී වන අතර සිඩ්නි ජයරත්න මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේද කීය.
     
    ‘‘සීමා නිර්ණ කමිටුවේ අය පිස්සුවක් නටලා. තැන් තැන්වල කුකුල්ලු  කපලා අරක්කු බීලා සීමා නීර්ණය කරනවා. අපේ ප්‍රදේශවල සීමා නිර්ණය අද ලොකු අවුලක් වෙලා. මම අලුත් ඡන්ද ක්‍රමයට විරුද්ධයි. පරණ ක්‍රමයට ඡන්දය තියන්න ඕනැ. අප අද කාගේත් ලණු කන්න අවශ්‍ය නැහැ.‘‘

  • බස් , ත්‍රී රෝධ හා පාසල් වෑන් ගාස්තු ඉහලට

    බස් , ත්‍රී රෝධ හා පාසල් වෑන් ගාස්තු ඉහලට

    රජය විසින් ඉන්ධන මිල නැවත වැඩි කළ නිසා බස් ගාස්තු ඉහළ දැමීමට සියලු බස් සංගම් සමග සාකච්ඡා ආරම්භ කරන බව සමස්ත ලංකා පෞද්ගලික බස් සංගම් සම්මේලනයේ ප්‍රධාන ‍ලේකම් අංජන ප්‍රියංජිත් පවසයි.රජය විසින් නිතර නිතර ඉන්ධන මිල ගණන් මෙලෙස වැඩි කිරීම බස් කර්මාන්තකරුවා දැඩි අපහසුතාවට පත් වන බව හෙතෙම පවසයි.

    මේ අතර ත්‍රිරෝද රථ හිමියන් මෙවර වැඩි වූ පෙට්‍රල් මිලට සාපේක්ෂව ත්‍රිරෝද රථ ගාස්තු ඉහළ නොදමන බව සමස්ත    ත්‍රිරෝද රථ රියැදුරන්ගේ සහ හිමිකරුවන්ගේ සංගමයේ සභාපති සුදිල් ජයරුක් පවසයි. කෙසේ වෙතත් රජය පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 150 ඉක්ම වුවහොත් ත්‍රි රෝද රථවල දෙවන කිලෝමීටරය සඳහා අය කරන රුපියල් 40.00රුපියල් 5.00කින් වැඩි කරන බවද ඔහු කීය.

    පාසල් වෑන් රථ හිමියන් ගාස්තු වැඩි කිරීම පිළිබඳව තවමත් තීරණයක් ගෙන නැත.

  • උතුරේ මහ ඇමතිවරයාට එරෙහිව නිතිය ක්‍රියාත්මක කරන්න – ජාතික හෙළ උරුමය

    උතුරේ මහ ඇමතිවරයාට එරෙහිව නිතිය ක්‍රියාත්මක කරන්න – ජාතික හෙළ උරුමය

    හිටපු රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන්ගේ ආන්දෝලනාත්මක ප‍්‍රකාශය අනුමත කළ උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සී වී විග්නේෂ්වරන්ට එරෙහිවද නීතිය කි‍්‍රයාත්මක කළ යුතු බව ජාතික හෙළ උරුමය පවසනවා. එහි ජාතික සංවිධායක බස්නාහිර පළාත් සභා මන්තී‍්‍ර නිශාන්ත ශී‍්‍ර වර්ණසිංහ පැවසුවේ උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍යවරයාගේ ප‍්‍රකාශය විජයකලා මහේෂ්වරන් සිදුකළ ප‍්‍රකාශයට දෙවැනි නොවන බවයි. 

    රටේ ව්‍යවස්ථාවට හා නීතියට අනුව මේ පිළිබදව පියවර නොගතහොත් අනාගතයේදී භයානක ප‍්‍රතිවිපාකවලට මුහුණදීමට සිදුවනු ඇති බවද ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නා. 
    දඩුවම් ලැබිය යුතු බෙදුම්වාදි මත පළ කරන දෙමළ ජාතික සන්ධානයේ බොහෝ පිරිසක් සිටින බව ඒකාබද්ධ විපක්‍ෂයද පෙන්වා දෙනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකදි ඒ පිළිබද අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්තී‍්‍ර රංජිත් සොයිසා.

    (under the courtesy of nethnews.lk news 

  • කොටි වෙනුවෙන් විජේකලා නැවතත් පෙරට… මහත්තයා මැරුවෙ කොටි නෙමේලු

    කොටි වෙනුවෙන් විජේකලා නැවතත් පෙරට… මහත්තයා මැරුවෙ කොටි නෙමේලු

    එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීනි විජයකලා මහේෂ්වරන් මේ දිනවල ආන්දෝලනයට තුඩු දී තිබෙනා චරිතයක්. ඒ ඇය පසුගියදා සිදු කළ කොටි ත්‍රස්තවාදී සංවිධානය නැවතත් ඇති කළ යුතු බවට වන ප්‍රකාශයක් නිසා. කෙසේ වෙතත් මන්ත්‍රීවරිය විසින් සිදු කළ තවත් එවැනිම ප්‍රකාශයක් පිළිබදව වාර්තා වෙනවා. එනම් දේශපාලන සාකච්ඡාවකට එක්වන මන්ත්‍රීවරිය සිය සැමියා වන ත්‍යාගරාජා මහේෂ්වරන්ගේ මරණය පිළිබදව සිදු කරන ප්‍රකාශයකි.
    ත්‍යාගරාජා මහේෂ්වරන් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස කටයුතු කළ අතර 2008 වසරේ ජනවාරි පළමු වැනිදා කොටි ත්‍රස්තවාදීන් විසින් එල්ල කළ ප්‍රහාරයකින් ඔහු කොළඹදි මරණයට පත් වූවා. 
    මේ අතර දේශපාලන සංවාදයකට එක්වන විජයකලා මහෙෂ්වරන් මන්ත්‍රීවරිය පවසන්නේ සිය සැමියා ඝාතනය කළේ කොටි ත්‍රස්තවාදීන් යැයි කීම කටකතාවක් පමණක් වන බවයි. එම සංවාදයේදී වැඩි දුරටත් අදහස් දක්වන මන්ත්‍රීවරිය
    “කොටි සංවිධානය ඔහු ඝාතනය කළා යැයි කීම කටකතාවක්. පාර්ලිමේන්තුව තුලත්, ඉන් පිටතත් මහජනතාව වෙනුවෙන් ඔහු හඬ නැගූ නිසා කොටි සංවිධානය ඔහුව ඝාතනය කළ බව කියන කතාව බොරුවක්, කොටි සංවිධානය ඔහුව මරා දැම්මා නම් ඇයි පහුගිය ආණ්ඩුව ඉක්මණින්ම මේ ඝාතනය ගැන පරීක්ෂණය කරලා අවසන් කළේ. ඒක නීතිය ඉදිරියට ගෙනියන්න තිබුණා. නමුත් මේ ඝාතනය වහන්න උවමනාවක් තිබුනා කටහරි,
    දෙමළ ජනතාවට සිදුවුනු හිරිහැර ගැන ඔහු පාර්ලිමේන්තුවේදි දැඩිව ප්‍රශ්න කළා. ඒ තිබෙන වීඩියෝ සහ හැන්සාර්ඩ් වාර්තා වලින් ඔබලාට ඒ ගැන දැන ගන්න පුලුවන්. මහේෂ්වරන්ගේ මරණයට කොටි සංවිධානයේ කිසිම සම්බන්ධයක් නෑ, එයට හොදම උදාහරණය තමයි පසුගිය කාලයේදී පාර්ලිමෙන්තුවේ හිටපු මන්ත්‍රීවරුන් වන රවිරාජ්, ජෝශෆ් පරරාජසිංහම් යන අයත් කොටි සංවිධානය විසින් ඝාතනයට ලක් කළා කියලා කතාවක් ප්‍රචාරය වුනා,
    දැන් සිදු කරගෙන යන පරීක්ෂණ වලින් හෙළිවෙලා තියෙනවා රවිරාජ්ගේ මරණයට රජයට සම්බන්ධ පුද්ගලයන් සම්බන්ධයි කියලා, ඔවුන් අත්අඩංගුවට ගත්තා. ඒ වගේමයි මහේෂ්වරන්ටත්”
    මන්ත්‍රීවරිය ප්‍රකාශ කරන අන්දමට ඇයගේ සැමියා වන ත්‍යාගරාජා මහේෂ්වරන්ගේ ඝාතනයට කොටි සංවිධානය සම්බන්ධ නැත. 
    පසුගිය දින නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක, විජයකලා මහේෂ්වරන් මන්ත්‍රීවරියට දුරකතනයෙන් ඇමතු අවස්තාවේ නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් කොටි ත්‍රස්තවාදීන් විසින් ඝාතනය කළ ත්‍යාගරාජා මහේෂ්වරන් මන්ත්‍රීවරයා පිළිබදව ප්‍රශ්න කර සිටියා. එහිදි පෙරලා රංජන් රාමනායක නියෝජ්‍ය ඇමතිවරයාගෙන් ප්‍රශ්න කරන විජයකලා මහේෂ්වරන් මන්ත්‍රීවරිය ඇසුවේ ” රංජන් ඔයා ඒ වෙලාවේ එතන හිටියද?” යනුවෙන් වීම විශේෂත්වයකි.