












මත්ද්‍රව්‍ය ජාවාරම මැඬපැවැත්වීමට “ඊෂි කෑෂ්” ක්‍රමයට සිදුකරන මුදල් ගනුදෙනුවලට වැට බැඳීමට රජය කටයුතු ආරම්භ කර ඇතැයි රාජ්‍ය පරිපාලන, නීතිය හා සාමය පිළිබඳ ඇමැති රංජිත් මද්දුම බණ්‌ඩාර මහතා පැවසීය.
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් “ඊෂි කෑෂ්” හරහා වැඩිපුර ගනුදෙනු කරන බවට හෙළිකර ගැනීම නිසා එම ආයතන සමඟ මේවා මැඬපැවැත්වීමට විශේෂ වැඩසටහනක් දියත් කර ඇතැයිද අමාත්‍යවරයා කියා සිටියේ ඊයේ (05 දා) රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවැති මාධ්‍ය හමුවකට එක්‌වෙමිනි.
වැඩිදුරටත් අදහස් දැක්‌වූ අමාත්‍යවරයා මෙසේද කීය. මේ දිනවල අපරාධ රැල්ලක් රට තුළ ක්‍රියාත්මක වන බවට පුවත්පත්වල සටහන් වනවා. එහෙම රැල්ලක් නැහැ. රජයක් විදියට පාතාල ක්‍රියාකාරකම් මර්දනය කිරීමට උපරිම ක්‍රියාමාර්ග ගෙන ඉදිරියටත් එය ගෙනියනවා.
2018 මුල් මාස පහ තුළ හෙරොයින් මත්ද්‍රව්‍ය සම්බන්ධ වැටලීම් 16630 ක් සිදුකර සැකකරුවන් 16633 ක් සමඟ හෙරොයින් කිලෝ 36 ක්, කේරළ ගංජා සම්බන්ධ වැටලීම් 24598 ක් සිදුකර සැකකරුවන් 24581 ක් සමඟ ගංජා කිලෝ 2721 ක්, කොකේන් සම්බන්ධ වැටලීම් 07 ක් සිදුකර සැකකරුවන් 07 ක් සමඟ කොකේන් කිලෝ 11 ක්, හෂීස් සම්බන්ධ වැටලීම් 13 ක් සිදුකර සැකකරුවන් 13 ක් සමඟ හෂීස් කිලෝ දෙකකට ආසන්න ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එමෙන්ම මේ වසරේ ගෙවීගිය මාස කිහිපය තුළදී මාතර රන්බඩු සාප්පු මංකොල්ලයේ දී යාපනය මහාධිකරණ විනිසුරු ඉලන්ෙච්තිය මහතා ආරක්‌ෂා කර ගැනීමට යැමේදී සහ මාදම්පේ ප්‍රදේශයේ ගංවතුරෙන් පිරිසක් බේරා ගැනීමට යැමේදී පොලිස් නිලධාරීන් තිදෙනෙක් මියගොස් තිබෙනවා.
ඒ වගේම පසුගිය රජය සමයේ සිදුවූ මනුෂ්‍ය ඝාතන සහ පහරදීම් සම්බන්ධයෙන් පොලිස් විමර්ශන සිදු කරනවා. ඒ වගේම පසුගියදා ළමා කටයුතු රාජ්‍ය ඇමැති එල්.ටී.ටී.ඊ. සම්බන්ධ කර සිදුකළ ප්‍රකාශ සම්බන්ධයෙන් පොලිසියට ලැබුණු පැමිණිලි අනුව විමර්ශන කටයුතු සිදු කරනවා. මීට අමතරව චෝදනා එල්ලව තිබෙන අර්ජුන මහේන්ද්‍රන් සහ උදයංග වීරතුංග යන අය ලංකාවට ගෙන්වා ගැනීමටත් පොලිසිය කටයුතු කරමින් ඉන්නවා.
නීතිය හා සාමය පිළිබඳ නියෝජ්‍ය ඇමැති ශාන්ත බණ්‌ඩාර – පොලිසිය පාතාල මර්දනය කිරීමට කටයුතු කරනවා. පසුගිය රජය සමයේ දේශපාලනඥයන් පාතාලය පෝෂණය කළත් මේ රජයේ කිසිම දේශපාලනඥයෙක් පාතාලයට සහායට කතා කරන්නේ නැහැ. පොලිසියට බලපෑම් කරන්නේ නැහැ. ඒ වගේම මාධ්‍යවලින් ඉල්ලා සිටිනවා පාතාල සාමාජිකයන් සම්බන්ධයෙන් ඔවුන්ගේ ඡායාරූප ප්‍රදර්ශනය කරන විට වීරයන් ලෙස හැඟවෙන ඡායාරූප පළකරන්න එපා.
අපිට ඕන නම් දකුණේ ප්‍රබල දේශපාලනඥයන් පාතාල නායකයන් සමඟ සිටින වීඩියෝ වුණත් පෙන්වන්න පුළුවන්.
මෙම මාධ්‍ය හමුව සඳහා නීතිය හා සාමය අමාත්‍යාංශ ලේකම් පද්මසිරි ජයමාන්න මහතාද සහභාගි වී සිටියහ.

අග්නිදිග සරසවියේ තාක්ෂණ පීඨයේ වසරක් තිස්සේ ඇති අර්බුදය සම්බන්ධයෙන් අද (07) එහි නිසි බලධාරිනිය මහාචාර්ය උමා කුමාරස්වාමි මහත්මිය සහ ශිෂ්‍ය නියෝජිතයන් අතර පැවැති සාකච්ඡා අසාර්ථක වූ බව එම විශ්ව විද්‍යාලයයේ ආරංචි මාර්ග කියයි.
පන්ති තහනම් කළ සහ ශිෂ්‍ය භාවය අහෝසි කළ සිසුන්ට එරෙහි දඩුවම් ඉවත් කිරීම, පරිපාලන අර්බුදය නිසා මහ හැරුණු සෙමෙස්තර විභාග දෙක යළිත් වරක් පැවැත්වීම, විභාගවල පෙනී සිටිද්දී දිවුරුම් ප්‍රකාශ අනිවාර්ය කර තිබීමේ නීතිය ඉවත් කිරීම ආදී ඉල්ලීම් හයක් ශිෂ්‍ය නියෝජිතයෝ අද (07) නිසි බලධාරිනියට ඉදිරිපත් කළහ.
සිසුන් විභාගවලට පෙනී සිටීම නම් උද්ඝෝෂණවලට සහභාගී නොවන බවට මීට පෙර දිවුරුම් ප්‍රකාශ ඉල්ලා තිබිණි. එය අසාධාරණ තීන්දුවක් බැවින් එලෙස දිවුරුම් ප්‍රකාශ අවශ්‍ය නොවන බව නිසි බලධාරිනිය සිසුනට ප්‍රකාශ කළ බව ආරංචි මාර්ග සදහන් කරයි.
විනය ක්‍රියාමාර්ග ගත් සිසුන් සම්බන්ධයෙන් යහපත් ප්‍රතිචාරයක් නොලැබුණු බවත්, පසුගිය වසරේ විභාග දෙක යළි පැවැත්වීම ගැන තීන්දුවක් නොලැබුණු බවත්, මේ වසරේ ජනවාරි සිට ඇති ගැටලුවලට පමණක් විසදුම් ලබා දීමට හැකි බව පාලනාධිකාරිය පැවසූ බවත් සිසුහු කියති.
ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාලයක මුලින්ම තාක්ෂණ පිඨයක් ආරම්භ වූයේ අග්නිදිග සරසවියේය. එසේ වුවත් පසුගිය අප්‍රේල් මාසයේ සිට පරිපාලනය සහ සිසුන් අතර ඇතිවූ ආරවුල්වලින් පසු අවස්ථා කිහිපයකදී පීඨය තාවකාලිකව වසා දැමිණි. සිසුන්ට විභාගවලට පෙනී සිටීමේ අවස්ථාව ඇහුරා අතැයි කියමින් තාක්ෂණ පීඨ සිසුහු පසුගිය වසරේ අගෝස්තු මාසයේ සිට අඛණ්ඩ පන්ති වර්ජනයක නිරතව සිටිති.
අග්නිදිග සරසවියේ හිටපු උපකුලපති මහාචාර්ය එම් එම් එම් නජීම් මහතාගේ කාලය අවසන්වීමෙන් පසු එහි පරිපාලන අර්බුදය විසඳීම සඳහා උසස් අධ්‍යාපන ඇමැතිවරයා විසින් පසුගියදා නිසි බලධාරිනියක ලෙස මහාචාර්ය උමා කුමාරස්වාමි මහත්මිය පත් කරනු ලැබුවාය.
මේ සම්බන්ධයෙන් විශ්ව විද්‍යාලයේ ලේඛකාධිකාරී එච් අබ්දුල් සත්තාර් මහතාගෙන් කළ විමසීමේදී ඒ මහතා පැවසුවේ මාධ්‍යයට අදහස් දැක්විය නොහැකි බවයි. අග්නිදිග සරසවියේ නිසි බලධාරිනිය මහාචාර්ය උමා කුමාරස්වාමි මහත්මිය සමඟ අද පැවැති සාකච්ඡා ගැන විමසීමට ඒ මහත්මිය සම්බන්ධ කර ගැනීමට කිහිප අවස්ථාවකම උත්සාහ කළත් එය අසාර්ථක විය.

තහනම් කළ එල්.ටී.ටී.ඊ සංවිධානය යළිත් ඇති කරන්න ඉඩ නොදෙන අතර රටේ ඒකීය භාවය හා බුද්ධාගමේ ප්‍රමුඛතාවය ආරක්ෂා කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පෙරේදා (04) ප්‍රකාශ කළේය.
ළමා හා කාන්තා කටයුතු රාජ්‍ය ඇමැතිනි විජයකලා මහේෂ්වරන් මහත්මිය එල්.ටී.ටී.ඊ ය යළි ඇතිවිය යුතු බවට කළ ප්‍රකාශය සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරමින් අගමැතිවරයා මේ බව කීවේය. අගමැතිවරයා එහිදී තවදුරටත් මෙසේද කීය.
අපි හැම වෙලාවෙම මේ රටේ ඒකීයභාවය ආරක්ෂා කරනවා. එල්.ටී.ටී.ඊ සංවිධානය තහනම් කරලා තියෙනවා. ඒ තහනම් කරපු එල්.ටී.ටී.ඊ සංවිධානය අපට යළි ඇති කරන්න වුවමනා නැහැ. ඒ පදනම ඒ රාමුව උඩ අපි ඉදිරියටත් ක්‍රියාකරනවා.
මේ රටේ ඒකීය භාවය බුද්ධාගමේ ප්‍රමුඛතාව ආරක්ෂා කරමින් මේ රටට අවශ්‍ය සිංහල දෙමළ මුස්ලිම් ජනතාව බලාපොරොත්තු වන දේශපාලන විසඳුමකින් ඒ මූලික අයිතිවාසිකම් ප්‍රශ්නත් බලය බෙදීම පිළිබඳ ප්‍රශ්නත් විසඳන්න තියෙනවා. ඉඩම් ආපසු දීම ගැනත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ප්‍රමුඛ ආණ්ඩුව කටයුතු කරගෙන යනවා.
උතුරු නැගෙනහිරට සංවර්ධනය වුවමනායි. ඒ සංවර්ධනය නැතිව දියුණු වෙන්න බැහැ.
මහේෂ්වරන් ඇමැතිතුමියගේ කතාව දැනගත් අවස්ථාවේදීම මමත් කථානායකතුමාත් සාකච්ඡා කළා. ඒ ගැන හොයලා බැලුවා. අපේ දේශපාලන කමිටුව ඊයේ (03) රැස්වුණා. මෙහේෂ්වරන් ඇමැතිනිය සම්බන්ධයෙන් කතා කළා. ඇය අසනීපව යාපනයේ සිටින බව දැනගන්නට ලැබුණා. අද කොළඹට ආවාම මා මුණගැහෙන්න කියලා දැනුම් දුන්නා.
අප ඒ ගැන ගත යුතු ක්‍රියාමාර්ග පරීක්ෂණ තීරණය කරලා තියෙන්නේ. එතුමිය මුණ ගැසුනට පස්සේ ඒ අදාළ පියවර ගන්න කැමතියි. අපි හැම වෙලාවෙම ඒ ස්ථාවරයේ ඉන්නවා.
යුද්ධය වෙනුවෙන් ත්‍රිවිධ හමුදාව, සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජනතාව කැපකිරීමක් කළා. රට නොබෙදී තියාගන්න කැපවීම් කළා. ත්‍රස්තවාදීන් ද්‍රවිඩ පක්ෂත් අනෙක් පක්ෂවල නායකයන්, අපේ පක්ෂයේ නායකයන් මරා දැම්මා. රටේ මූලධර්මවලට පටහැනිව ක්‍රියාකළොත් ඊට එරෙහිව කටයුතු කරනවා.
එල්.ටී.ටී.ඊය රට බෙදන්න විතරක් නොවෙයි පාර්ලිමේන්තුව ක්‍රියාවිරහිත කරන්නත් කටයුතු කළා. පොලීිසියේ 600 ක් මරපු කරුණා තමන්ගේ පක්ෂයේ උපසභාපති කරන්නත් ප්‍රභාකරන්ට මුදල් දීලා ජනාධිපතිවරණය දින්නා නම් එල්.ටී.ටී.ඊය පරාද කරපු හමුදාපති හිරේ දැම්මා නම් අද කොහොමද ඇවිල්ලා මේ ගැන කියන්නේ.
(විපක්ෂයේ මන්ත්‍රීවරුන් බාධා කරමින් කෑ කෝ ගසයි)
කථානායකතුමා තදින් ක්‍රියාකරන්න ඕනා මෙන්න මෙහෙම අයටයි. සරත් ෆොන්සේකාට කරපු දේශපාලන පළිගැනීම් ගැන අද ඔබතුමාට ලිපියක් දීලා තියෙනවා. එහෙම නම් අපි ඔක්කොම එකතු වෙලා ඒක අනුමත කරමු.
ඇයි මෙතුමා හිරේට යැව්වේ. අපි දන්නවා ඊයේ මෙතැන කෑ ගැහුවේ නිව්යෝර්ක් ටයිම්ස් කතාව නවත්තන්නනේ. ඕකනේ ඕනා වුණේ. පොලීිසියේ 600 ක් මරපු මිනිහා උපසභාපති කරලා ප්‍රභාකරන් මරපු මිනිහා හිරේ දැම්මා. විපක්ෂයේ මන්ත්‍රීවරු කෑ කෝ ගසද්දී අගමැතිවරයා අසුන් ගත්තේය.




ශ්‍රී ලංකා ‘E’ (ඉලෙක්ට්‍රොනික්) විදේශ ගමන් බලපත්‍ර (පාස්පෝට්) සැපයුම් කොන්ත්‍රාත්තුව විනිවිදභාවයකින් සහ ප්‍රසම්පාදන නීතිරීති උල්ලංඝනය කරමින් බ්‍රිතාන්‍යය සමාගමකට පැවැරීමට අමාත්‍ය මණ්ඩලය ගෙන ඇති තීරණය නිසා වාර්ෂිකව රුපියල් දෙසිය දාහතර කෝටියකට (214,000,000) ආසන්න මහජන මුදල් කන්දරාවක් විනාශ වෙන ලකුණු පහළ වී තිබේ.
කොන්ත්‍රාත්තුව දීර්ඝ කාලීනව බල පැවැත්වෙන කොන්ත්‍රාත් ක්‍රමය යටතේ (PERPETUAL EFFECT) අවම වශයෙන් වසර විස්සකට හෝ විසි පහකට හෝ පිරිනැමෙන බැවින් ඒ අනුව විනාශ වෙන මහජන මුදල් ප්‍රමාණය අවම වශයෙන් රුපියල් පන්දහස් තුන්සිය පනස්අට කෝටියක් (2,140,000,000ය 25-53,500,000,000) පමණ වෙතැයි ගිණුම් ආරංචිවලින් කියැවේ.
ආගමන සහ විගමන දෙපාර්තමේන්තුවට 2003 වර්ෂයේ සිට විදේශ ගමන් බලපත්‍ර (පාස්පෝට්) සපයන දේශීය සැපයුම්කාර සමාගමක් ඉදිරිපත් කර ඇති අඩු ලංසුව කුණු කූඩයට දමා ඊට තුන් ගුණයකට වැඩි ඉල්ලුමකට කොන්ත්‍රාත්තුව බ්‍රිතාන්‍යය සමාගමට පිරිනැමීමෙන් මේසා මහජන මුදල් කන්දරාවක් විනාශ වෙන බව අභ්‍යන්තර කටයුතු වයඹ සංවර්ධන සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ගිණුම් ආරංචිවලින් පැවැසේ.
විනිවිද භාවයකින් යුතු ටෙන්ඩර් පටිපාටියකින් තොරව කවර සමාගමකට වුවද විදේශ ගමන් බලපත්‍ර සැපයුම් කොන්ත්‍රාත්තුව නොපවරන ලෙසට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා දී ඇති නියෝග ද පයිසෙකට හෝ මායිම් නොකොට බ්‍රිතාන්‍යය සමාගමට කොන්ත්‍රාත්තුව පවරා තිබේ.
තම අමත්‍යාංශය යටතේ පවත්නා රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවට සහ රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවට විදේශ ගමන් බලපත්‍ර සැපයීමේ කාර්යය ඉටුකළ හැකි සම්පත් ඇති බැවින් කොන්ත්‍රාත්තුව තම අමාත්‍යාංශයට දෙන ලෙසට අයැද සිටි රාජ්‍ය පරිපාලන සහ කළමනාකරණ අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතාවද අමාත්‍ය මණ්ඩලයද, මුළා කර සියලු නීතිරීති උල්ලංඝනය කර කොන්ත්‍රාත්තුව බ්‍රිතාන්‍යය සමාගමට පැවැරීමට අවශ්‍ය වූයේ කාගේ අවශ්‍යතාවකටද යන්න ප්‍රශ්නයකි.
අපට ලැබුණු තොරතුරු අනුව මහජනතාවගේ දැනගැනීම සඳහා සිද්ධිය ඉදිරිපත් කරන්නෙමු.
ආගමන විගමන දෙපාර්තමේන්තුව දැනටත් නිකුත් කරමින් පවත්නා විදේශ ගමන් බලපත්‍ර (පොත) වෙනුවට ඉලෙක්ට්‍රොනික් විදේශ ගමන් බලපත්‍රයක් (‘E’ විදේශ ගමන් බලපත්‍රයක්) හඳුන්වා දීමේදී යෝජනාව ගෙන ආවේ 2015 වර්ෂයේදීය. ඒ අනුව අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ඇතිව මොරටුව විශ්වවිද්‍යාලයේ තාක්‍ෂණික විශේෂඥයන් පිරිසක් විසින් ‘E’ විදේශ ගමන් බලපත්‍රය හඳුන්වා දීමේ ක්‍රමවේදයත් ඊට අවශ්‍ය තාක්‍ෂණික රාමුවත් හඳුන්වා දෙනු ලැබීය.
එහෙත් මොරටුව විශ්වවිද්‍යාලීය තාක්‍ෂණික විශේෂඥයන් පිරිස ඉදිරිපත් කළ වාර්තාව වෙනුවට විදුලි සන්දේශ ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යාංශය සහ තොරතුරු සහ විදුලි සන්දේශ තාක්‍ෂණය ආයතනය ( Information and Communication Technology Agency ) විසින් නව තාක්‍ෂණික වාර්තාවක් පිළියෙල කරන ලද අතර එසේ සකස් කෙරුණු වාර්තාවෙන් නිර්දේශිත ක්‍රමවේදයට අනුව නව ‘E’ විදේශ ගමන් බලපත්‍රය සැපයුමට තීරණය කෙරිණි.
එම තීරණයට අනුව සැකසෙන නව ‘E’ විදේශ ගමන් බලපත්‍රය සැපයීමේ කටයුත්ත සාර්ථක කිරීමට අවශ්‍ය සියලු සම්පත් තම අමාත්‍යාංශය යටතේ පවත්නා රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවට සහ රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවට ඇති බැවින් කොන්ත්‍රාත්තුව තම අමාත්‍යාංශයට දෙන ලෙසට රාජ්‍ය පරිපාලන සහ කළමනාකරණ අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා 2017 අගෝස්තු 31 වැනිදා අභ්‍යන්තර කටයුතු වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයාට තම අංක MPAIAD ESTDA22 DEP.GP 01 දරන ලිපියෙන් ඉල්ලීමක් කර ඇත.
එම ඉල්ලීමට පිළිතුරු වශයෙන් අභ්‍යන්තර කටයුතු වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ඩී. ස්වර්ණපාල මහතා තම අංක IA/1/3/75/1 සහ 2017.09.11 දාතම දරන ලිපියෙන් රාජ්‍ය පරිපාලන සහ කළමනාකරණ අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජී. රත්නසිරි මහතාට දන්වන්නේ, මෙම ප්‍රසම්පාදන කටයුත්ත (‘E’ විදේශ ගමන් බලපත්‍රය සැපයීම) රාජ්‍ය-පෞද්ගලික අංශ සහභාගිත්වයෙන් කිරීමේ යෝජනාව ඒ වනවිටත් අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කරනු ලැබ ඇති බවයි. එම ප්‍රසම්පාදනය සඳහා දැන්වීම් පළ කළ පසුව යෝජනා ඉදිරිපත් කළ හැකි බවයි.
රාජ්‍ය ආයතනයක් කිසියම් සේවාවක් හෝ සැපයුමක් හෝ ලබා ගැනීමට කටයුතු කරන අවස්ථාවක ඒ අවශ්‍යතාව ඉටු කර දීම සඳහා රාජ්‍ය ආයතනයක් ඉදිරිපත් වන්නේ නම්, එම කාර්යභාරය එම රාජ්‍ය ආයතනය ලවා කරවා ගත යුතු බව රාජ්‍ය ප්‍රතිපත්තිය බව මුදල් රෙගුලාසිවලද අවධාරණය කර ඇතත්, ඊට පටහැණිව මෙම ප්‍රසම්පාදනය සඳහා කටයුතු කර ඇති බව දැනගන්නට ලැබේ.
‘E’ (ඉලෙක්ට්‍රොනික්) විදේශ ගමන් බලපත්‍ර (පාස්පෝට්) ප්‍රසම්පාදනය, ප්‍රසම්පාදන නීතිරීති සම්පූර්ණයෙන්ම උල්ලංඝනය කර විදේශීය සමාගමකට ටෙන්ඩර් නොකැඳවාම පැවරීමකට කටයුතු කෙරෙන බවට ලද තොරතුරු අනුව එපික් ලංකා පෞද්ගලික සමාගමේ ඉහළ කළමනාකරණය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමඟ ඒ පිළිබඳ සාකච්ඡා කර තිබේ.
එපික් ලංකා සමාගම සම්පූර්ණයෙන්ම දේශීය සමාගමකි. අවුරුදු පහළොවකට ආසන්න කාලයක සිට (2003 සිට) ආගමන – විගමන දෙපාර්තමේන්තුවට අවශ්‍ය විදේශ ගමන් බලපත්‍ර සපයන ආයතනයකි. ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසකට රැකියා සපයා ඇති ආයතනයේ තාක්‍ෂණික ඉන්ජිනේරුවරුන් පමණක් දෙසිය පනහකට (250) අධික වේ. ඉන්දුනීසියාවේ සහ මලයාසියාවේ ශාඛා දෙකක් පවත්වා ගෙන යනු ලබන අභිමානවත් ශ්‍රී ලාංකික ආයතනයක් බව මෙහිලා සඳහන් කළ යුතුය.
විනිවිද භාවයකින් යුතු ටෙන්ඩර් පටිපාටියකින් තොරව කිසිදු සමාගමකට හෝ විදේශ ගමන් බලපත්‍ර සැපයුම් කොන්ත්‍රාත්තුව නොපවරන බව ඒ අවස්ථාවේදී ප්‍රකාශ කර ඇති ජනාධිපතිවරයා ආර්ථික කටයුතු පිළිබඳ කැබිනට් අනුකාරක සභාවෙන් ඉදිරිපත් කර තිබූ ක්‍රමයට අනුව නොව ‘ස්විස් චැලෙන්ජ්’ ක්‍රමය මත විදේශ ගමන් බලපත් සපයා ගත යුතු බවටත් ඒ සාකච්ඡාවට සහභාගි වූ අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතාටද ඒ පිළිබඳ කටයුතු කළ යුතු අන්දම ගැනත් උපදෙස් දී තිබේ.
ජනාධිපතිවරයාගේ එම උපදෙස් සහ නියෝගයට අනුව අභ්‍යන්තර කටයුතු වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය එස්.බී. නාවින්න සහ විදුලි සන්දේශ සහ ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු යන මහත්වරුන් දෙපළගේ අස්සනින් අංක CM/16/2017 යටතේ ඉදිරිපත් කෙරුණු ඒකාබද්ධ අමාත්‍ය මණ්ඩල සන්දේශයට 2017 අගෝස්තු පළමු වැනිදා (2017.08.01) අනුමැතිය ලැබී තිබේ.
එහෙත් අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලද ‘ස්විස් චැලෙන්ජ්’ ක්‍රමය ඉවත් කර ඒ වෙනුවට ‘E’ විදේශ ගමන් බලපත්‍ර කොන්ත්‍රාත්තුව බ්‍රිතාන්‍යයේ ඩි ලා රූ ලංකා කරන්සි ඇන්ඩ් සිකියුරිටි ප්‍රින්ට් ලිමිටඩ් නමැති (De La Rue Lanka Currency and Security Print (Private ) සමාගමට සෘජු කොන්ත්‍රාත්තුවක් ලෙස ලබාදෙන ලෙස විදුලි සන්දේශ සහ ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ අස්සනින් පමණක් පසුව අමාත්‍ය මණ්ඩල සන්දේශයක් ඉදිරිපත් කෙරී තිබේ.
විදුලි සන්දේශ සහ ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විදේශ ගමන් බලපත්‍ර සපයා ගැනීම පිළිබඳ සන්දේශය අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමද හතර බීරි කතාවක් බව ගිණුම් ආරංචි කියයි. මන්ද විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ රාජකාරියේ නීත්‍යනුකූල භාරකාරත්වය හිමි ආගමන – විගමන දෙපාර්තමේන්තුව අයත් වන්නේ අභ්‍යන්තර කටයුතු වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයට බැවින් අමාත්‍ය මණ්ඩල සන්දේශය ඉදිරිපත් කළ යුතු වන්නේ එම අමාත්‍යාංශය භාර ඇමැතිවරයා වන එස්.බී. නාවින්න මහතායි. එහෙත් ඉදිරිපත් කර ඇත්තේ විදුලි සන්දේශ සහ ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාය.
ඩිජිටල් වැඩේ කොමිටල් වී ඇතැයි ගිණුම් ආරංචිවලින් ඇසෙන්නේ ඒ නිසාය.
ඒ කෙසේ වෙතත් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ඉදිරිපත් කර ඇති අංක 17/2522/749/022 දරන අමාත්‍ය මණ්ඩල සන්දේශයට 2017 නොවැම්බර් 2 වැනිදා අනුමැතිය ලැබී ඇත.
එම අමාත්‍ය මණ්ඩල සන්දේශයට අනුව බි්‍රතාන්‍යයේ ඩි ලා රූ ලංකා කරන්සි ඇන්ඩ් සිකියුරිටි ප්‍රින්ට් ලිමිටඩ් නමැති සමාගමට ‘ඉ’ විදේශ ගමන් බලපත්‍ර සැපයීමේ කොන්ත්‍රාත්තුව සෘජු කොන්ත්‍රාත්තුවක් ලෙස පිරිනැමිය යුතු බවට හේතුවක් වශයෙන් සඳහන් කර ඇත්තේ එම සමාගම රුපියල් බිලියන එකයි දශම දෙකක් (1.2) හෙවත් රුපියල් කෝටි එකසිය විස්සක් (1,200,000,000) ලංකාවේ ආයෝජනය කරන බවට දී ඇති පොරොන්දුවය.
අමාත්‍ය මණ්ඩලය සන්දේශයේ එසේ දක්වා ඇතත් එම සමාගම 2018 ජනවාරි 26 දින ආගමන – විගමන දෙපාර්තමේන්තුවට දන්වා ඇත්තේ තමන් ආයෝජනය කරන්නේ රුපියල් මිලියන පනහකට හෙවත් කෝටි පහකට (50,000,000) අඩු වටිනාකමකින් යුතු මෙවලම් කිහිපයක් බවයි. ඒ අනුව එම සමාගම විදුලි සන්දේශ සහ ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ඇතුළු අමාත්‍ය මණ්ඩලය මුළා කරන අන්දමට ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර ඇති බව ගිණුම් ආරංචිවලින් කියැවේ.
අවුරුදු පහළොවකට ආසන්න කාලයක සිට (2003) ආගමන – විගමන දෙපාර්තමේන්තුවට අවශ්‍ය විදේශ ගමන් බලපත්‍ර සපයන එපික් ලංකා පෞද්ගලික සමාගම ‘E’ විදේශ ගමන් බලපත්‍රයක් ඩොලර් අටකට හෙවත් රුපියල් එක් දහස් දෙසිය පනස් හයකට ආසන්න (1256) මුදලකට (ඩොලරයේ අද අගය රුපියල් එකසිය පනස් හතක් සේ සලකා) සපයා දිය හැකි බවට ලන්සුව ඉදිරිපත් කර ඇතැයි දැන ගන්නට තිබේ.
එහෙත් බ්‍රිතාන්‍යයේ සමාගම එක විදේශ ගමන් බලපත්‍රයක් සැපයිය හැකි බවට යෝජනා කිරීමට සූදානම් වන්නේ ඩොලර් විසි පහකට (25) හෙවත් රුපියල් තුන්දහස් නවසිය විසිපහක් (3,935) තරම් මුදලකට බව විදුලි සන්දේශ සහ ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යාංශ ආරංචිවලින් දැන ගන්නට තිබේ.
ආගමන – විගමන දෙපාර්තමේන්තුවට දැනට වාර්ෂිකව විදේශ ගමන් බලපත්‍ර අට ලක්‍ෂයකට (800,000) ආසන්න ප්‍රමාණයක් නිකුත් කරන බවද බි්‍රතාන්‍ය සමාගමට පිරිනැමෙන කොන්ත්‍රාත්තුව දීර්ඝකාලීනව බල පැවැත්වෙන කොන්ත්‍රාත් ක්‍රමය යටතේ (PERPETUAL EFFECT) අවම වශයෙන් වසර විස්සකට හෝ විසිපහකට හෝ කාලයකට පිරිනැමෙන බවද පැවැසේ.
දේශීය එපික් සමාගමත් බ්‍රිතාන්‍යය ඩි ලා රූ ලංකා කරන්සි ඇන්ඩ් සිකියුරිටි ප්‍රින්ට් ලිමිටඩ් සමාගමත් එක් ගමන් බලපත්‍රයකට ඉදිරිපත් කරන මිල ගණන් සස¼දා බලන කල එපික් සමාගම ඉදිරිපත් කරන මිල ගණන්වලට වඩා (3,925-1,256 = (2,669) රුපියල් දෙදහස් හයසිය හැට නවයක් බි්‍රතාන්‍ය සමාගමට ගෙවීමට සිදුවේ.
ඒ අනුව අපේ රටට වර්ෂයකදී සිදුවෙන අපතය (2,669ය800,000= (2,135,200,000) රුපියල් දෙසිය දහතුන් කෝටි පනස් දෙලක්‍ෂයකි. ගමන් බලපත්‍ර සැපයීමේ කොන්ත්‍රාත් කාලය වසර විසිපහක් වේ නම් මහජනයාට අහිමි වෙන ධනස්කන්ධය (2,135,200,000ය25= 53,380,000,000) රුපියල් පන්දහස් තුන්සිය තිස්අට කෝටියකි.
දැනට (2018) ආගමන – විගමන දෙපාර්තමේන්තුව වාර්ෂිකව විදේශ ගමන් බලපත්‍ර අට ලක්‍ෂයකට (800,000) ආසන්න ප්‍රමාණයක් නිකුත් කළද, තවත් වසර විසි පහක කාලයේදී එම සංඛ්‍යාව වැඩි වන ජනගහනය අනුව කෙසේ වර්ධනය වේදැයි උපකල්පය කළ යුතු ආකාරයට සමගාමීව ගමන් බලපත්‍ර වර්ධනයද උපකල්පනය කළ යුතු වේ.
රටේ සිදු වෙන කරුණු කාරණා අනුව බලන කල අනුන්ට යටි මඩි ගහගන්නට මේ රටේ මහජනතාවට නොකා නොබී පව් ගෙවන්නට සිදුවී ඇත්තේ පූරුවේ කළ කවර අකුසලයක් නිසා දැයි දන්නේ දෙවියන් පමණි.
_ Mawbima –

එල්. ටී. ටී. ඊ. යට පක්‍ෂව උතුරේදී අදහස් පළ කළ ළමා හා කාන්තා කටයුතු රාජ්‍ය ඇමැතිනි විජයකලා මහේෂ්වරන් මහත්මියගේ මන්ත්‍රී ධුරය වහා තහනම් කරන ලෙසට බල කරමින් සභා ගැබ තුළ ඝෝෂා කළ ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් සෙංකෝලය පැහැර ගැනීමට වේත්‍රධාරීවරයා සහ නියෝජ්‍ය වේත්‍රධාරීවරයා සමඟ පොරබැදීම නිසා කථානායක කරු ජයසූරිය මහතා විසින් පාර්ලිමේන්තුව අද (04) පස්‌වරුව දක්‌වා කල් තබන ලදී.
විජයකලා මහේෂ්වරන් රාජ්‍ය ඇමැතිවරියට එරෙහිව ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් සභා ගැබ මැදට පැමිණ කෑකෝ ගසමින් විරෝධය පළ කිරීම නිසා පාර්ලිමේන්තු රැස්‌වීම පැයකුත් විනාඩි විසිපහක කාලයකට සීමා විය. පස්‌වරු 1.00 ට ආරම්භ කළ පාර්ලිමේන්තු රැස්‌වීම පස්‌වරු 2.25 ට කල් තැබීමට කථානායකවරයාට සිදුවූ අතර මේ කාලය තුළදී මන්ත්‍රීවරුන්ගේ කලහකාරී හැසිරීම පාලනය කිරීම සඳහා එක්‌වරක් විනාඩි දහයක පමණ කාලයකට සභාව අත්හිටුවීමට ද කථානායකවරයා කටයුතු කළේය.
ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් සභා ගැබ මැදට වී ඝෝෂා කරන අවස්‌ථාවේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සභා ගැබෙහි සිටියේ නැත. “අගමැතිතුමාට එන්න කියාපිය මේවට උත්තර දෙන්න කියාපිය” යනුවෙන් කෑගැසූ මන්ත්‍රීවරු කලා කලා විජයකලා යූඑන්පීය ඉවර කළා…” යෑයි ශබ්දනගා කියමින් කෑගැසූහ.
විමල් වීරවංශ මහතා සහ ප්‍රසන්න රණවීර මහතා මුලසුනට බැණ වදිමින් හැසිරීම නිසා කථානායකවරයා විසින් එම මන්ත්‍රීවරුන් දෙපළට තරයේ අවවාද කළත් ඔවුහු එය නොතකා විරෝධය පළ කළහ.
එල්. ටී. ටී. ඊ. සංවිධානය යළි හිස එසවිය යුතු බවට විජයකලා මහේෂ්වරන් රාජ්‍ය ඇමැතිවරිය උතුරේ රැස්‌වීමකදී කළ ප්‍රකාශය හෙළා දකිමින් පළමුව සභා ගැබෙහිද අදහස් දැක්‌වූයේ එක්‌සත් ජාතික පක්‍ෂයේ මන්ත්‍රී එස්. එම්. මරික්‌කාර් මහතාය. ඒ මන්ත්‍රීවරුන්ගේ ප්‍රශ්නවලට අධ්‍යාපන ඇමැති සහ එක්‌සත් ජාතික පක්‍ෂයේ මහලේකම් අකිල විරාඡ් කාරියවසම් මහතා පිළිතුරු දෙන අවස්‌ථාවේදීය.
ඔබතුමා කැබිනට් සාමාජිකයෙක් වගේම එක්‌සත් ජාතික පක්‍ෂයේ මහලේකම්වරයා. විජයකලා මහේෂ්වරන් ඇමැතිවරිය ජාති ෙද්‍රdaහී, ව්‍යවස්‌ථා විරෝධී ප්‍රකාශයක් කර තිබෙනවා. අපි ඒක හෙළා දකිනවා වගේම ඊට විරුද්ධ වෙනවා. ඇය පළ කළේ රජයේ මතය ද නැත්නම් එක්‌සත් ජාතික පක්‍ෂයේ මතය දැයි එජාප මන්ත්‍රී එස්. එම්. මරික්‌කාර් මහතා අකිල විරාඡ් කාරියවසම් ඇමැතිවරයාගෙන් විමසුවේය.
මෙය එජාපය ලෙස සම්පූර්ණයෙන්ම ප්‍රතික්‍ෂේප කරනවා. මහ ලේකම් ලෙස මම මහේෂ්වරන් ඇමැතිවරියගෙන් දුරකථනය ඔස්‌සේ මේ ගැන විමසුවා. ඒ වෙලාවේ තිබුණු හිතේ අමාරුවට, දැරියක් ඝාතනය කිරීම සම්බන්ධව හිතේ අමාරුවට එවැනි ප්‍රකාශයක් කළා කියා ඇය කිව්වා. (ඝෝෂා) පක්‍ෂයක් ලෙස අපි මෙය ප්‍රතික්‍ෂේප කරනවා. පසුගිය දවසක හිට්‌ලර්ව උදාහරණයට අරගෙන නායකයන්ට සමාන කළා ඒ වගේ එකක් තමයි මේකත් (ඝෝෂා)
මේකට වාදයක් ගන්න බෑ. යෑයි ඝෝෂාව මැද කථානායකවරයා කියද්දී එයාට හිතේ අමාරුව තියෙනවා නම් අපේ කොළොන්නාව පැත්තේ තියෙනවා අංගොඩ මානසික රෝහල. ඒකට එන්න පුළුවන්. යෑයි එජාප මන්ත්‍රී මරික්‌කාර් මහතා යළි පැවසුවේය.
මේ අවස්‌ථාවේදී සභාව තුළ දැඩි ඝෝෂාකාරී තත්ත්වයක් හට ගත්තේය. ඒ අතරතුරදී රීති ප්‍රශ්නයක් මතු කරමින් නැගී සිටි විමල් වීරවංශ මන්ත්‍රීවරයා
අපි මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයකු ලෙස පත්වුණාම දිවුරුම් දෙනවා ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව, රටේ ඒකීයභාවය රැකීමට සහ ත්‍රස්‌තවාදය ප්‍රවර්ධනය නොකර සිටීමට. දැන් මේ මන්ත්‍රීවරිය රාජ්‍ය ඇමැතිවරියක්…ඇමැතිවරුන් දෙදෙනෙක් ඉන්න වේදිකාවක එල්. ටී. ටී. ඊ. ය නැවත ගොඩනඟන්න ඕනෑය කීමෙන් ත්‍රස්‌තවාදය ප්‍රවර්ධනය කිරීමක්, ව්‍යවස්‌ථාව උල්ලංඝනය කිරීමක් සිදුකර තිබෙනවා. (ඝෝෂා) තවදුරටත් එතුමියට අයිතියක් නෑ මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන්න. මේ සභාව තුළ ඉඳගෙන ත්‍රස්‌තවාදය ප්‍රවර්ධනය කරන්න දෙන්න බෑ. එතුමියගේ හිතේ අමාරුවට වෙන මොකක් හරි කරගන්න කියන්න…යෑයි විමල් වීරවංශ මහතා කීවේය.
මේ අවස්‌ථාවේදී නැඟී සිටි දයාසිරි ජයසේකර මහතා,
“පැහැදිලිව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්‍ෂණයක් කරලා ඇයට එරෙහිව තීන්දුවක් ගත යුතුයි. ඒ වගේම මේ පාර්ලිමේන්තුව එතුමියට තහනම් කළ යුතුයි…පැහැදිලිව රට බෙදන ප්‍රකාශයක් කර තිබෙන්නේ. විනාශ කරලා දාපු එල්. ටී. ටී. ඊ. ය නැවත නැගිටුවන්න පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු කතා කරනවා නම් ඔවුන්ව පාර්ලිමේන්තුවෙන් එළවා දැමිය යුතුයි”. යෑයි කීය.
“යුද්ධය ඉවරවෙලා බොහෝම අමාරුවෙන් දුක් විඳපු රටක් අපි. අපේ මතය තමයි එවන් ප්‍රකාශයක් කරලා ආණ්‌ඩුවේ ඇමැති ධුරයක් දැරීම අමාරුයි. අපි කියන්නේ ඇයට ඇමැති ධුරයෙන් ඉවත්වෙන්න කියලා…” යෑයි එජාප මන්ත්‍රී අශෝක ප්‍රියන්ත මහතා කීවේය.
මේ අවස්‌ථාවේදී පාර්ලිමේන්තුවේ කටයුතු ඉදිරියට ගෙන යැමට කථානායකවරයා කටයුතු කළේය. එහෙත් ඊට විරෝධය පළ කරමින් ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් ඝෝෂා කළේ විජයකලා මහේෂ්වරන් මන්ත්‍රීවරිය සම්බන්ධයෙන් විනය කටයුතු පවත්වන ලෙසයි.
“ඒකට ඉතින් මට කරන්න දෙයක් නෑ…පක්‍ෂය තීරණය කළ යුතුයි…” යෑයි කථානායකවරයා කීවේය. මොකක්‌ද ගන්න පියවර…” යෑයි ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් සමඟ සභාව මැදට විත් මුලසුන ඉදිරිපස සිට විමල් වීරවංශ මහතා කථානායකවරයාගෙන් ඇසුවේය.
“සාකච්ඡා කරලා තීරණයක් ගන්නම්” කථානායක කීවේය. එවිට මන්ත්‍රීවරු යළි කෑ ගසමින් කථානායකවරයාට බල කළේය.
“මම තීරණයක් ගන්නම්…මේක ඉතාම බරපතළ ප්‍රශ්නයක් බව මම දන්නවා…මෙතැන පුටුවේ ඉඳලා මට තීරණයක් ගන්න බෑ. එහෙම නම් මට පාර්ලිමේන්තුව නතර කරන්න වෙනවා. මට තර්ජනය කරලා මේක කරන්න බෑ. පක්‍ෂ නායකයෝ එක්‌ක මම කතා කරන්නම්…ඉතා බරපතළ තීරණයක්…කරුණාකරලා දැන් ගිහිං ඉඳගන්න” යෑයි කථානායකවරයා කීය.
මේ අවස්‌ථාවේදී විවිධ පාඨ කියමින් මන්ත්‍රීවරුන් මුලසුන ඉදිරිපස සිට කෑගසද්දී විමල් වීරවංශ මහතා කථානායකවරයාට යමක් කීවේය.
“වීරවංශ මන්ත්‍රීතුමා…මම ඔබතුමාට කියනවා ආපහු වාඩිවෙන්න කියලා…මේක රඟමඬලක් කරගන්න එපා…” කථානායකවරයා යළි මන්ත්‍රීවරුන්ට කීවේය.
“අගමැතියට එන්න කියාපිය…මේවට උත්තර දෙන්න කියාපිය…” යෑයි කියමින් මන්ත්‍රීවරු කෑ ගැසූහ. ජවිපෙ සහ ද්‍රවිඩ ජාතික සන්ධාන මන්ත්‍රීවරු සභාගැබෙහි දක්‌නට නොවීය. “පාර්ලිමේන්තුව තාවකාලිකව අත්හිටුවනවා” යෑයි කියමින් කථානායකවරයා මුලසුනෙන් නැගිට ගියේය.
පාර්ලිමේන්තුව අත්හිටුවූව ද මන්ත්‍රීවරු ඝෝෂා කරමින් සභාගැබ මැද රැඳී සිටියහ. එජාප මන්ත්‍රීවරු ද මේ අවස්‌ථාවේ ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් සමඟ තැන තැන සාකච්ඡා කරන අයුරු දක්‌නට ලැබිණි.
විනාඩි දහයකට පමණ පසු යළි සභාව රැස්‌වූහ. මන්ත්‍රීවරුන්ගේ ඝෝෂාව යළි වැඩිවන්නට විය.
“සුළු වේලාවකට හෝ පාර්ලිමේන්තුව අත්හිටුවීමට සිදුවීම ගැන කනගාටු වෙනවා…”යෑයි කී කථානායකවරයා “මේ සිද්ධිය කථානායකවරයාට බලපාන සිද්ධියක් නොවේ. දේශපාලන පක්‍ෂ තියෙනවා…දේශපාලන නායකයෝ ඉන්නවා…මම දැන් අගමැතිතුමාට කතා කළා. අගමැතිතුමා මේ ගැන පරීක්‍ෂණයක් කරන බව කිව්වා…” යෑයි කීය.
“මේ සම්බන්ධව ඉදිරි පියවර ගැනීමට අපි අගමැතිතුමා සමඟ සාකච්ඡා කරනවා…” යෑයි සභානායක ලක්‍ෂමන් කිරිඇල්ල මහතා කීවේය.
“හරි දැන් ඉවරයි…අපි වැඩකටයුතු කරගෙන යමු…” යෑයි කථානායකවරයා කීවේය. සභාගැබ සිටි මන්ත්‍රීවරු යළි කෑ ගැසූහ.
“විමල් වීරවංශ මන්ත්‍රීතුමා මතක තියාගන්න…මේ පාර්ලිමේන්තුවට බෝම්බ ගහන්න කියපු කට්‌ටිය ඉන්නවා. පාර්ලිමේන්තුව ගිනි තියන්න කියපු අය ඉන්නවා” යෑයි කථානායකවරයා කියද්දී මන්ත්‍රීවරු පෙරට වඩා ශබ්ද නඟා කෑගසන්නට වූහ.
එවිට එජාප මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ නැගී සිට යමක් කීමට උත්සාහ කළහ.
මේ ගැන අගමැතිතුමා ප්‍රකාශයක් කරයි. කථානායක ලෙස මට කරන්න දෙයක් නෑ. යෑයි කථානායකවරයා කීය.
මේ සිද්ධිය පාර්ලිමේන්තුවට බෝම්බ ගහනවා වගේ සිද්ධියක් නොවේ. රටේ වගකිවයුතු ඇමැති ධුරයක් දරන එජාපයෙන් ප්‍රජාතන්ත්‍රවාදීව තේරී පත්වූ මන්ත්‍රීවරියක් තවත් ඇමැතිවරු දෙදෙනෙක් ඉදිරියේ කළ ප්‍රකාශයක්. වගේම අපි දිවුරුම් දෙනවා මේ රට බෙදන්න දෙන්නේ නෑ කියා. කථානායක ලෙස ඔබතුමාට වගකීමක් තියෙනවා විනය පරීක්‍ෂණයක් කර මන්ත්‍රි ධුරය අත්හිටුවන්න………….” යෑයි රතන හිමියෝ කීහ. “ඒවා කරනවා…….” යෑයි කථානායක කීය.
විමල් වීරවංශ මන්ත්‍රීවරයා ඇතුළු ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රීවරු දිගටම ඝෝෂා කළහ.
පාර්ලිමේන්තුවේ වැඩකටයුතු කළ යුතුයි. විමල් වීරවංශ මන්ත්‍රීතුමා මෙතැන ඇවිල්ලා සෙල්ලම් කළා. මේක විහිළුවක් කරගන්න එපා. පාර්ලිමේන්තුවේ විනයක් තියෙනවා. අගමැතිතුමා පක්‍ෂ නායක ලෙස පියවරක් ගනියි. පාර්ලිමේන්තුව වෙනුවෙන් මම පියවර ගන්නවා. ඉස්‌සෙල්ලාම ඒ ඇමැතිවරිය සොයාගත යුතුයි ඒකට ඉඩදෙන්න.
මේ අවස්‌ථාවේදී ප්‍රසන්න රණවීර සහ විමල් වීරවංශ යන මන්ත්‍රීවරු කථානායකවරයා වෙත අත දිගු කරමින් කෑ ගැසූහ.
මට විමල් වීරවංශ මන්ත්‍රීතුමාව නම් කරන්න සිද්ධ වෙනවා……….. ගිහින් ඉඳගන්න….. මේක පාර්ලිමේන්තුව…… කථානායකවරයා කියද්දී “ඒකාධිපති” යෑයි ප්‍රසන්න රණවීර මහතා කීවේය.
මම ඒකාධිපතියෙක් නොවෙයි. එතුමියව මම කැඳවා පරීක්‍ෂණ කරනවා. මම විනය පරීක්‍ෂණයක් කරනවා. වීරවංශ මන්ත්‍රීතුමාගේ මුඛය පරීක්‍ෂා කර ගන්න. ඉතා කැත විදිහට කතා කරනවා. උගත් මිනිස්‌සුනේ ඉන්නෙ. මට කරන්න ඉඩ දෙන්නෙ නෑනේ” යෑයි කථානායක කීවේය.
මේ සිද්ධිය ගැන විනය පරීක්‍ෂණයක් තියමු. සියලු දෙනාටම අදහස් ප්‍රකාශ කරන්න දෙමු යෑයි කථානායක කීය.
ඔව් ඒක හොඳයි………” යෑයි කී කතානායක මෙතැන නටන්නේ නැතිව ඉඩ දෙන්න…….මම දන්නවා කළ යුතු දේ. ඔබ තුමා දැන් පාවිච්චි කළ වචන ඉතාම අශෝබනයි. විමල් වීරවංශ ගැන මම ලැඡ් වෙනවා. මේක නාඩගමක් කර ගන්න එපා යෑයි කථානායකවරයා කීවේය.
මහේෂ්වරන් මන්ත්‍රිවරියගේ මන්ත්‍රී ධුරය සති දෙකකට අත්හිටුවන්න. පරීක්‍ෂණයක් කරන්න. විමල් වීරවංශ මහතා කීවේය.
හරි ඒක කරන්න මට ඉඩදෙන්න මම ඒකාධිපතියෙක් නොවේ. කලින් ටේප් එක අහලා බලන්න ඕනේ. (ඝෝෂා) වීරවංශ මන්ත්‍රීතුමා පහත් ලෙස හැසිරුණා. ඉතා නින්දිත ලෙස හැසිරුණා යෑයි කතා නායකවරයා කියද්දී මොකද්ද කිව්වේ යෑයි විමල් වීරවංශ මහතා ඇසුවේය.
ඇහුනේ නැත්නම් කන සුද්ධ කර ගන්න. ඔබතුමාව නම් කරන්න වෙනවා. බෝම්බ ගහන කතාවකුත් කිව්වා මෙයා තමයි සුදනා යෑයි කථානායකවරයා කියද්දී ප්‍රසන්න රණවීර මහතා ද ඝෝෂා කරන්නට විය.
මේක කැලණිය නොවේ……….චණ්‌ඩියෙක් වගේ හැසිරෙන්න එපා. අත් උස්‌ස උස්‌ස කතාකරන්න එපා. යෑයි කී කතානායකවරයා ප්‍රසන්න රණවීර මන්ත්‍රීවරයාට අවවාද කළේය.
මේ අවස්‌ථාවේදී රණවීර මහතා සෙංකෝලය අසලට ආවේය. වේත්‍රධාරි අනිල් පරාක්‍රම සමරසේකර මහතා නියෝජ්‍ය වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු සහ සහකාර වේත්‍රධාරී කුෂාන් ජයරත්න යන මහත්වරු සෙංකෝලය ආරක්‍ෂා කරමින් සිටියහ. ප්‍රසන්න රණවීර මන්ත්‍රීවරයා වේත්‍රධාරිවරයාට බැණ වදින ආකාරය දක්‌නට ලැබිණි.
එය දුටු කථානායකවරයා ප්‍රසන්න රණවීර මන්ත්‍රීවරයාට තරයේ අවවාද කළේය.
ප්‍රසන්න රණවීර මන්ත්‍රී තුමාව මට අයින් කරන්න වෙනවා. දෙවැනි වතාවට කියන්නේ රණවීර මන්ත්‍රීතුමා අයින් වෙනවාද නැද්ද……….” යෑයි කථානායකවරයා කියද්දී රණවීර මහතා සෙංකෝලය පැහැර ගැනීමට තැත් කළේය. ඒ සඳහා ඔහු වේත්‍රධාරීන් සමඟ පොර බැදුවේය.
පාර්ලිමේන්තුව කල් දමනවා යෑයි කී කථානායකවනරයා මුලසුනෙන් නැඟිට යද්දී වේත්‍රධාරිවරයා සෙංකෝලය රැගෙන ගියේ පාර්ලිමේන්තුවේ කථානායකවරයාට වම්පසින් තිබෙන පැති දොරටුවකිනි. මේ අවස්‌ථාවේදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සිනාමුසුව සභාගැබට පැමිණියේය. එවිට සභාව කල්තබා අවසන්ය. ආණ්‌ඩු පක්‍ෂයේ මන්ත්‍රීවරු අගමැතිවරයා වටකරගෙන සාකච්ඡා කිරීමට පටන් ගත්හ.

අධ්‍යාපන වෘත්තීය සමිති කිහිපයක් අද දින ආරම්භ කිරීමට නියමිතව තිබූ සංකේත වැඩ වර්ජනයක් සම්බන්ධයෙන් තවත් වෘත්තීය සමිති කිහිපයක් පරස්පර විරෝධී මත දැක්වීම නිසා අද පෙරවරුවේ බත්තරමුල්ලේ ඉසුරුපාය ඉදිරිපිට උණුසුම්කාරී තත්වයක් ඇති විය. මේ හේතුවෙන් බොරැල්ල කොට්ටාව ප්‍රධාන මාර්ගය මුළුමනින් අවහිරව තිබූ අතර එම ගැටුම සංසිදුවීමට පැමිණි පොලිස් නිලධාරීන් සහ වෘත්තීය සමිති නියෝජිතයන් අතර උණුසුම් තත්වයක් ඇතිවිණි.
අධ්‍යාපන කේෂ්ත්‍රයේ අංශ කිහිපයක නිලධාරීන් ලෙඩ නිවාඩු දමමින් ඇරඹූ මෙම වැඩ වර්ජනය සාර්ථක වූ බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාර්ලීන් මහතා ප්‍රකාශ කරන අතර ජූලි 4දා සියළු පාසල් වසා දමන බව පවසමින් කණ්ඩායම් කිහිපයක් දියත් කළ මෙම වැඩ වර්ජනය මුළුමනින් අසාර්ථකව ඇති බවත් අද සියළුම පාසල් සාමාන්‍ය පරිද්දෙන් පැවැත්වෙන බවත් අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

විජයකලා මහේශ්වරන් රාජ්‍ය ඇමැතිවරිය කර ඇති ප්‍රකාශයෙන් ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව හෝ පවතින නීතිය උල්ලංඝනය වී තිබේ ද යන්න විමර්ශනය කර නීතිමය පියවර ගන්නා ලෙස නීතිපතිවරයාට දැනුම් දීමට කථානායක කරු ජයසූරිය මහතා විසින් ඊයේ (03 ) සවස තීරණය කර ඇත.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඇතිවූ උද්ඝෝෂණය නිසා සභාව කල් තැබූ පසුව කථානායකවරයා මෙම තීන්දුව ගෙන ඇත.

ඉදිරි මැතිවරණවල අපේක්ෂකයින් කවුරු වුවත් ඒ මැතිවරණ කරා යා යුත්තේ මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුත් කණ්ඩායමක් ලෙස යැයි ප‍්‍රජාතන්ත‍්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා ප‍්‍රකාශ කළේය.
ජනාධිපතිවරණයක් පැවැත්වීම නැවැත්විය යුතු බවත් ඒ සඳහා ජනමත විචාරණයක් ලබා ගැනීමට උත්සාහ කළ යුතු බවත් එය පවාසිදුවිය යුත්තේ මහින්ද රාජපක්ෂ මහතා ගේ නායකත්වයෙන් යුතුව බවත් හෙතෙම කියා සිටියේය.
ඉදිරියේ හැදෙන ආණ්ඩුවක මුලික ලක්ෂණ වියත් මඟ ඉදිරිපත් කරන වැඩ පිළිවෙලෙහි ඇතැයි ඔවුන් පවසන කතාව පරස්පර යැයි කී නානායක්කාර මහතා මහින්ද චින්තනය ජනතාවාදී බවත් මහින්ද පෙරටු කර ගත් ඔහු අගමැති කරගත් රජයකින් මැතිවරණ මෙහෙය විය යුතු බවත් ප‍්‍රකාශ කළේය.
මන්ත‍්‍රීවරයා මේ අදහස් පළ කළේ බොරැල්ල ඇන් ඇම් පෙරේරා මධ්‍යස්ථානයේ අද (02) පැවැති සමාජවාදී ජනතා පෙරමුණේ මාධ්‍ය හමුව අමතමිනි. එහි දී තව දුරටත් අදහස් දැක්වූ වාසුදේව නානායක්කාර මහතා මෙසේ ද කීය.
‘‘ මේ ආණ්ඩුව කඩලා මහින්ද මහත්තයා මේ පාර්ලිමේන්තුවේ අගමැති කරන්න අපට වුවමනයි. ඒ සඳහා වැඩ පිළිවෙළ සරල බහුතරය කඩා අපේ පැත්තට මන්ත‍්‍රීවරුන් ගැනිමයි. මහින්ද මහත්යාගේ නායකත්වයෙන් මිස වෙනත් නායකත්වයන් ආදේශ කරන්න බැහැ. මහින්ද මහත්තයාගේ නායකත්වයට මුවාවෙලා ඒ නායකත්වය යට කරගෙන එන්න දෙන්න බැහැ. තුනෙන් දෙකක බලයක් ගෙනත් විධායක ජනපතිවරණයක් අනවශ්‍ය තැනට ගෙනෙන්න.
මේ වැඩ පිළිවෙළ මොකක්ද කියලා අහනවා. අපේ වැඩ පිළිවෙළ යාවත් කාලීන කළ මහින්ද චින්තනයයි. වියත් මග නොවෙයි. ‘‘
