Tag: breaking post

  • සිගප්පූරුවේ අයවැය අතිරික්තයක්… ජනතාවට බෝනස්

    සිගප්පූරුවේ අයවැය අතිරික්තයක්… ජනතාවට බෝනස්

     

    2017 අයවැය ලේඛනය සිංගප්පූරු ඩොලර් බිලියන 10ක අතිරික්තයක් වාර්තා කිරීම නිසා එරට වෙසෙන වයස අවුරුදු 21 සහ ඊට වැඩි සියලු පුරවැසියන්ට සිංගප්පූරු ඩොලර් 300ක බෝනස් මුදලක් ප්‍රදානය කිරීමට තීරණය කර ඇති බව එරට මුදල් අමාත්‍යාංශය නිවේදනය කර ඇත.

    එක්වරක් පමණක් ගෙවන බෝනසක් මුදලක් ලෙස ප්‍රදානය කෙරෙන මෙය විශේෂ අවස්ථාවන්ට ලබාදෙන මූල්‍ය ත්‍යාගයක් ලෙස මුදල් අමාත්‍ය හෙන්ග් ස්වී කෙඊට් විසින් හඳුන්වා දී තිබේ.සිංගප්පූරු සංවර්ධනයේ ඵල සිංගප්පූරුවේ වෙසෙන ජනතාව සමග බෙදාහදා ගැනීමට රජය දක්වන දීර්ඝ කාලීන කැපවීම මේ තුළින් පිළිබිඹු වන්නේ යැයි මුදල් අමාත්‍යවරයා සඳහන් කර ඇත.

    විශේෂ බෝනස් මුදල ලබාදීම සඳහා සිංගප්පූරු රජය සිංගප්පූරු ඩොලර් මිලියන 700ක මුදලක් වැය කිරීමට සූදානම් වන අතර, එය ලබාදීමේදී ඊට සුදුසුකම් ලබන සිංගප්පූරු වැසියන්ගේ තක්සේරු කළ ආදායම් තත්ත්වයට සමානුපාතිකව බෝනස් ලබාදීමටද සිංගප්පූරු රජය කටයුතු කරමින් සිටියි.

    ඒ අනුව, සිංගප්පූරු ඩොලර් 28,000ක් හෝ ඊට අඩු ආදායම් ලබන පුද්ගලයන් සි.ඩොලර් 300 සම්පූර්ණ බෝනස් මුදල ලැබීමට සුදුසුකම් ලබන අතර, සි.ඩොලර් 28,000 සිට 100,000 දක්වා ආදායම් ලබන පුද්ගලයන්ට හිමිවන්නේ සි.ඩොලර් 200ක බෝනස් මුදලකි. මේ අතර, සි.ඩොලර් 100,000 ට වඩා වැඩි ආදායම් ලබන පිරිස් සි.ඩොලර් 100ක බෝනස් මුදලකට හිමිකම් කියයි. ඒ අනුව, සමස්තයක් ලෙස මිලියන 2.7ක ජනතාවක් 2018 වසර අවසානයේදී මෙම බෝනස් මුදල්වලට හිමිකම් කියනු ඇති බව සඳහන් වෙයි.

    ජනතාවට බෝනස් ලබාදීමට අමතරව සිංගප්පූරු රජය සිය අයවැය අතිරික්තයෙන් සි.ඩොලර් බිලියන 5ක මුදලක් එරට දුම්රිය යටිතල පහසුකම් සංවර්ධන අරමුදලට බැර කරමින්, එරට ඉදිකිරීමට යන නව දුම්රිය මාර්ගය සඳහා ආයෝජනය කිරීමට බලාපොරොත්තු වෙයි.එමෙන්ම, තවත් සි.ඩොලර් බිලියන 2ක් එරට වෙසෙන වැඩිහිටි සහ බරපතළ ආබාධිත තත්ත්වයන්ට පත්වූවන් රැකබලා ගැනීම සඳහා වූ මූල්‍ය පහසුකම් වෙනුවෙන් වූ රක්ෂණ යෝජනා ක්‍රමයක් සඳහා බැර කිරීමට සිංගප්පූරු රජය කටයුතු කරමින් සිටියි.

  • උසස්පෙළ සිසුන්ගේ හා ගුරුවන්ගේ ටැබ් සිහිනයට වැට බැඳේ

    උසස්පෙළ සිසුන්ගේ හා ගුරුවන්ගේ ටැබ් සිහිනයට වැට බැඳේ

     

    උසස්පෙළ සිසුන්ට හා ගුරුවන්ට ටැබ් පරිගණක ලබාදීමේ ව්‍යාපෘතිය සඳහා රුපියල් බිලියන 4ක මුදලක් වැය කිරීමට නියමිතව තිබිණි.නමුත් ඊයේ(21)පැවති  කැබිනට් හමුවේදී ජනපතිවරයාගේ අදහස වී ඇත්තේ මෙම අවස්ථාවේදි එවැනි විශාල මුදලක් වැය කිරීම සුදුසු නොවන බවයි.එබැවින් මෙම ව්‍යාපෘතිය තාවකාලිකව නැවැත්වීමට තීරණය වී ඇත.

  • කසල ප්‍රශ්නය විසඳනකල් සියඹලාණ්ඩ්වේ හිමිනමක් මාරාන්තික උපවාසක

    කසල ප්‍රශ්නය විසඳනකල් සියඹලාණ්ඩ්වේ හිමිනමක් මාරාන්තික උපවාසක

    ප‍්‍රදේශවාසීන් සහ විවිධ පුද්ගලයින් විහාරස්ථානය ඉදිරිපිටට කසළ බැහැර කිරීමට විරෝධය පළ කරමින් සියඹලාණ්ඩුව මහකළුගොල්ල ශ‍්‍රී තල්නාලෙන් අසපුවේ හිමි නමක් ඊයේ (19) දහවල් සිට සියඹලාණ්ඩුව ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට මාරාන්තික උපවාසයක නිරත වන  බව වාර්ථා වී ඇත.
    විහාරස්ථානය ඉදිරිපිටට බැහැර කරන කසල ඉවත් කිරීමට ප‍්‍රාදේශීය සභාව කිසිදු පියවරක් නොගන්නා බව එම හිමි නම පවසන අතර මෙම ගැටලූවට නිසි විසඳුමක් ලබා දෙන තුරු උපවාසය අත්නොහරින බවත් උන්වහන්සේ වැඩිදුරටත් කියා සිටී
  • තව මාසයක් ඉවසන්න මම රැඩිකල් තින්දුවක් ගන්නවා

    තව මාසයක් ඉවසන්න මම රැඩිකල් තින්දුවක් ගන්නවා

    ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත‍්‍රී කණ්ඩායම සමග ඊයේ (19) පැවති සාකච්ඡාවේදී නියෝජ්‍ය අමාත්‍ය සුසන්ත පුංචි නිළමේ විපක්ෂයට එක්වීමට අවස්ථාව ලබා දෙන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත.
    එහිදී තමා විසින් ඉදිරි මාසයක කාලය රැඩිකල් තීන්දුවක් ගැනීමට සුදානම් බවත් ඒ නිසා  මේ ටිකේ ඉවසීමෙන් කටයුතු කරන ලෙසත් සුසන්ත පුංචි නිළමේට කියා ඇත.

     

  • ගිරාඹේ ආනන්දහිමියෝ අපවත්වෙති

    ගිරාඹේ ආනන්දහිමියෝ අපවත්වෙති

    අසනීප තත්ත්වයක් හේතුවෙන් ශ්‍රී ජයවර්ධනපුර රොහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ අනුනායක හිමියන් වන ගිරාඹේ ආනන්ද ස්වාමීන්වහන්සේ අපවත්වී ඇත.

    අපවත්වන වන විට උන්වහන්සේ 80 වැනි වියේ පසුවූ උන්වහන්සේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහාන පූජෝත්වය ඉදිරියේදී දැනුම් දීමට නියමිතය.

  • 2016 ට වඩා 2017 මත්ස්‍ය නිශ්පාදනය 2.3% කින් වැඩි වෙලා

    2016 ට වඩා 2017 මත්ස්‍ය නිශ්පාදනය 2.3% කින් වැඩි වෙලා

    මෙරට සමස්ත මත්ස්‍ය නිෂ්පාදනය මෙක්ට්‍රික් ටොන් 389,500ක් ලෙස 2017 වසරේ ජනවාරි මස සිට සැප්තැම්බර් මස දක්වා වූ කාල සීමාව තුළ වාර්තා වූ බව ධීවර අමාත්‍යාංශයේ කාර්යසාධන වාර්තාව පෙන්වා දෙන අතර එම වාර්තාවට අනුව 2016 වසරේ අදාළ කාලසීමාවට අනුව මෙය 2.3% ක වර්ධනයකි.
    මෙම වර්ධනය සඳහා මෙරට ධීවර කර්මාන්තයේ ප්‍රධාන උප අංශයක් වන කරදිය ධීවර අංශය සියයට 86.2% ක දායකත්වයක් ලබාදී ඇති අතර  මිරිදිය හා ජලජීවී වගාව ලබාදී ඇති දායකත්වය 13.8%කි.
  • දණගැස්සවූවා යයි කියන විදුහල්පතිනිය ගිය වාහනය ප්‍රපාතයකට ඇද වැටේ

    දණගැස්සවූවා යයි කියන විදුහල්පතිනිය ගිය වාහනය ප්‍රපාතයකට ඇද වැටේ

    පසු ගිය දින වල ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා විසින් දණගස්වනු ලබුයේ යැයි මහත් ආන්දෝලනයක් ඇති කළ සිද්ධියට අදාළ විදුහල්පතිනිය සහ තවත් පිරිසක් පසුගිය 15 වැනිදා සාක්ෂි දීම පිණිස පාර්ලිමේන්තුවට ගොස් නැවත ඒමේදී විදුහල්පතිනියව රාගමින් බැස ඇති අතර ඉතිරි හත්දෙනා වෑන් රථයේ ආපසු පැමිණෙමින් සිටියදී රාත්‍රි 11.30ට පමණ කොළඹ-බදුල්ල ප්‍රධාන මාර්ගයේ මරන්ගහවෙල හල්පේ ප්‍රධාන මාර්ගයෙන් ඉවතට ගොස් සුරතලී ඇල්ල පාමුල අඩි 30ක පමණ ප්‍රපාතයට පෙරළී තිබේ. 
    සමනලවැව පොලිසිය එහි යන විටත් අනතුරට ලක්වූ සිවුදෙනකු හල්දුම්මුල්ල රෝහලට ඇතුළත් කර ඇති අතර පිරිස අතර කාන්තාවන් දෙදෙනකු සිට ඇති අතර එක් අයෙක් ගුරුවරියකි.දැඩි ප්‍රපාතයකට පෙරළී ගොස් ජීවිත 7කට හානියක් සිදු නොවී තිබීම දෛවෝපගත සිද්ධික් බව ඒ පිළිබඳව අදහස් දක්වමින් ප්‍රදේශවාසීහු පවසති.
  • යම් පසුබෑමකට ලක්වුනත් ජනවාරි 8 ජන බලය වෙනස් වෙලා නෑ

    යම් පසුබෑමකට ලක්වුනත් ජනවාරි 8 ජන බලය වෙනස් වෙලා නෑ

    .මෙවර පළාත් පාලන මැතිවරණයෙන් ආණ්ඩුව යම් පසුබෑමකට ලක්ව තිබුණත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට 2015 ජනවාරි මස 08 වැනිදා ලැබුණු ජන බලයේ වෙනසක් සිදුවී නොමැති බව වටහාගත යුතුව ඇති අතර එදින ජනවරමට ගරු කරමින් ජනාධිපතිවරයා ඉදිරියට ජනතා අපේක්ෂා ඉටුකිරීමට කටයුතු කළ යුතු බව විපක්ෂනායක දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්පන්දන් මහතා පවසයි.
    ජනාධිපතිවරයාත් අග්‍රාමාත්‍යවරයාත් සහයෝගීව කටයුතු කරමින් ජනතා අපේක්ෂාවෙන් ඉටුකළ යුතුව ඇති බවට සම්පන්දන් මහතා දෙපාර්ශ්වයටම අවධාරණය කොට ඇති අතර ජනතා කාර්යයන් රැසක් ඉටු කිරීමට තිබියදී වත්මන් ආණ්ඩුව මේ අවස්ථාවේ වෙනස් නොවිය යුතු බවද ඔහු වැඩිදුරටත් පවසයි.
  • ප‍්‍රාදේශීය සභාවල කම්කරුවන්ට වඩා සභිකයො වැඩිවෙලා

    ප‍්‍රාදේශීය සභාවල කම්කරුවන්ට වඩා සභිකයො වැඩිවෙලා

    මනාප ක්‍රමය ඉවතලා කොට්ඨාෂ කරමයට පැවැත්වූ මෙවර පළාත් පාළන මැතිවරණයෙන් පසුව සමහර පළාත් පාලන ආයතනවලට පත්ව ඇති සභිකයින් සංඛ්‍යාව ඒවායේ සේවයෙහි නිරත කම්කරුවන් පිරිස ද ඉක්මවා යන බවත් පත්ව සිටින සභිකයින් සංඛ්‍යාවන් පෙරට වඩා දෙගුණයක් වන බැවින් තම රැස්වීම් පැවැත්වීම සඳහා ශාලා කුලියට ගැනීමට පළාත් පාලන ආයතන උත්සාහ දරමින් සිටින බවත් වාර්තා වෙයි.

    දෙවිනුවර ප‍්‍රාදේශීය සභාවට සභිකයින් 21 දෙනෙකු පත්ව සිටියදී, එහි සනීපාරක්ෂක කටයුතු සහ මාර්ග පිරිසිදු කිරීමට සිටින්නේ කම්කරුවන් 18 දෙනෙකු පමණක් වන අතර අකුරැස්ස ප‍්‍රාදේශීය සභාවේ කම්කරුවන් 24 සිටියදී පත්ව සිටින සභිකයින් ගණන 25කි.

  • සුමන්තිරම්ගේ බලපෑම මත එම්මානුවේල් ආනෝල්ඩ් යාපනය මහනගරාධිපති වෙයි

    සුමන්තිරම්ගේ බලපෑම මත එම්මානුවේල් ආනෝල්ඩ් යාපනය මහනගරාධිපති වෙයි

    යාපනය මහනගරාධිපති වශයෙන් දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සොලමන් සිරිල් නැමත්තා සුදුසු බවට ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂ නායක මාවෙයි සේනාධිරාජා ඇතුලු පිරිසක් නම් කළඅවස්ථාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් මහතා වසින් පවසා ඇත්තේ සොලමන් සිරිල්ට වඩා යාපනයේ ජනතාවගේ කැමත්ත ප්‍රකාශ කොට ඇත්තේ එම්මානුවෙල් ආනෝල්ට බැවින් බහුතර ජනතාවගේ කැමත්තට ඉඩදිය යුතු බැවින් එම්මානුවෙල් යාපනය මහනගරාධිපති විය යුතු බවයි.

    සමුන්තිරන් මහතා මේ බව පවසා ඇත්තේ යාපනයේ පිහිටි ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂ කාර්යාලයේදී දෙමළ ජාතික සන්ධානයේ පක්ෂ සාමාජිකයින් විසින් පලාත් පාලන මැතිවරණයෙන් පසුව පලාත් පාලන අයාතනල පාලන කටයුතු සම්බන්ධයෙන් පැවති රැස්වීමකට සහභාගී වෙමිනි.සුමන්තිරන් මන්ත්‍රීවරයාගේ එම ප්‍රකාශයෙන් පසුව අවසානයේදී එම රැස්වීමේදී යානපය මහනගරාධිපති වශයෙන් එම්මානුවේල් ආනොල්ඩ් සුදුසු බවට සෙසු සාමාජිකයින්ද කැමත්ත පලකොට ඇත.

    එම්මානුවේල් ආනොල්ඩ් උතුරු පලාත් සභාවේ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රී වරයෙකු වශයෙන් කටයුතු කළ අතර පසුව පලාත් පාලන මැතිවරණය වෙනුවෙන් ඔහු එම මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වී යාපනය මහනගරාධිපති වරණයට තරග කිරීමෙන් ජයගහනය කරනු ලැබීය.

     

  • ප්‍රධාන ජලාශ 6 යේ ජල මට්ටම සියයට 59.8 දක්වා අඩුවේ… ඉදිරියේ විදුලි අර්බුදයක ලකුණු

    ප්‍රධාන ජලාශ 6 යේ ජල මට්ටම සියයට 59.8 දක්වා අඩුවේ… ඉදිරියේ විදුලි අර්බුදයක ලකුණු

    මේ දිනවල පවතින වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් ප්‍රධාන ජලාශ 6 යේ ජල මට්ටම සියයට 59.8 දක්වා අඩුවී ඇති බව විදුලිබල හා පුනර්ජනීනය බල ශක්ති අමාත්‍යංශයේ සංවර්ධන අධ්‍යක්ෂ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා පවසයි.
    මේ අනුව කාසල්රී ජලාශයේ ජල මට්ටම සියයට 58.06ක් බවත්, මාවුස්සාකැ‍ලේ ජලාශයේ ජල මට්ටම සියයට 62.9ක්, කොත්ම‍ලේ ජලාශයේ ජල මට්ටම සියයට 34.6, වික්ටෝරියා ජලාශයේ ජල මට්ටම සියයට 71.2ක්ද, රන්දෙණිගල ජලාශයේ ජල මට්ටම සියයට 48.6ක්ද සමනල වැව ජලාශයේ ජල මට්ටම සියයට 52.01 දක්වා අඩුවී ඇති බවත් ඒ මහතා පෙන්වා දෙන අතර දෛනික ජලවිදුලි අවශ්‍යතාවය ගිගාවොට් පැය 42ක් හා 43 වැනි ඉහළ අගයක් ගන්නා අතර එයින් සියයට 15-20ත් අතර ප්‍රමාණයක්  ජලවිදුලි බලාගාරවලින් ලබාදෙන බවත් ඊට අමතරව විදුලිය නිෂ්පාදනය සඳහා මේ දිනවල තාප බලාගාර භාවිත කරන බවත් ඒ මහතා පැවැසීය. එමෙන්ම පාරිභෝගිකයා විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කළ යුතු බවද සුලක්ෂණ ජයවර්ධන මහතා වැඩිදුරටත් පැවැසීය.
  • ඓතිහාසික ‍පොළොන්නරුව රාජකීය උද්‍යානයේ පිහිටි එකම ඉපැරණි ජල බේසම කඩා බිඳ දමා විනාශ කරලා

    ඓතිහාසික ‍පොළොන්නරුව රාජකීය උද්‍යානයේ පිහිටි එකම ඉපැරණි ජල බේසම කඩා බිඳ දමා විනාශ කරලා

    රාජකීය අවශ්‍යතා සඳහා යොදාගත් මීට වසර 800කට පෙර යුගයේ ‍ශෛලමය ජල බේසම් පිළිබඳව වූ එකම සාක්ෂිය මෙසේ කිසියම් පිරිසක් විසින් කඩා බිඳදමා විනාශ කිරීම අති මහත් කණගාටුවට කරුණකි.මෙම ජල බේසම අනාරක්ෂිත තත්වයක තිබෙන බවට පසුගිය කාලය පුරාවට නොයෙක් පුවත් පත් සහ වෙබ් අඩවි වාර්ථා කර තිබුණත් මෙය විනාශ වනතුරු මධ්‍යම සංස්කෘතික අරමුද‍ලලේ නිළධාරීන් හා පුරාවිද්‍යා නිළධාරීන් නිදා සිටීම කණාටුවකි.
    රාජකීය උද්‍යානය තුළ මෙවැනි ජල බේසමක් දක්නට ලැබෙන්නේ කුමන කරුණක් නිසාද යන්නවත් තාම හෙළිදරව් කරගෙන නොමැති යුගයක මේ අපූරු නිර්මාණය විනාශවීමට ඉඩහැරීම අපේ ඉතිහාසය විනාශ කිරීමේ කුමන්ත්‍රණයක් නිසා සිදුවූවක්දැයි සැක කරන බව පොළොන්නරුවේ උරුමය පිළිබඳ උනන්දුවක් දක්වන විද්වත්හු කියා සිටී.
    ‍පොළොන්නරුව යුගයට අයත් සේ සැලකෙන මෙම ජල බේසම අඩි පහක් දිග අඩි 4ක් පළල හා අඩි 3ක් උස සියුම් ගල් කැටයමින් අලංකාර කළ ශෛලමය බේසමකි. රාජකීය උද්‍යානයේ කෙළිදෙලෙන් දුව පැන ඇවිදින කුමර කුමරියන් නැහැවීම සඳහා යොදාගන්නට ඇතැයි සැලකෙන මෙම ජල බේසම බඳු ජල බේසම් දෙකක් ඇළහැර බුදුරුවගල කුමාර ඇල්ල ප්‍රදේශයේද දැකිය හැකි අතර ඉන් එකක් සම්පූර්ණයෙන් විනාශ කර ඇත.
    මේ පිළිබඳව ලක්බිම පුවත්පත ‍පොළොන්නරුව පුරාවිද්‍යා කලාප භාර නිලධාරිනි තනුජා අමරතුංග මහත්මියගෙන් විමසීමක් කර ඇති අතර එහිදී ඓතිහාසික ‍පොළොන්නරුව වටදාගෙය සමීපයේ රාජකීය උද්‍යානයේ පිහිටි මෙම ඉපැරණි ජල බේසම කඩා දමා කියා අපට (17) වාර්තා වුණා. මෙවන් ජල බේසම් කිසිදු තැනක දකින්න නැහැ. කුමාර ඇල්‍ලේ තිබෙන ජල බේසම් හැර. ඒ තරම් වැදගත් හා වටිනා උරුමයක් තමයි මේ කුළුගෙඩියකින් හරි මොකකින් හරි ගහලා කඩලා තියෙන්නේ. අපි මේ ගැන පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්තුමාට වාර්තා කළා. ‍පොලීසියේ පැමිණිල්ලක් ඉදිරිපත් කරනවා. ‍පොළොන්නරුව පුරාවිද්‍යා ස්මාරක වලට මේ සිදුවන විනාශකාරී ක්‍රියා නවත්වන්න මැදිහත් වීමක් අවශ්‍යයි යයි පිළිතුරක් ලැබී ඇත.
    කෙසේ වෙතත් ‍පොළොන්නරුවේ ප්‍රදේශවාසීන් කියන්නේ ඊට යාර කිහිපයකට මෙපිට සංස්කෘතික අරමුද‍ලේ මුරකුටියක් පවා තිබියදී මෙසේ ජල බේසම විනාශ කර ඇති බවයි.
  • බන්දුල මුදල් ඇමතිකම එපා කියයි

    බන්දුල මුදල් ඇමතිකම එපා කියයි

    මෙවර පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵල හේතුවෙන් රටේ ආණ්ඩු වෙනසක් සිදු කිරීමට ජනාධිපතිවරයාට සිදුවී ඇති බවත් සංධානය පිහිටුවන නව ආණ්ඩුවේ මුදල් අමාත්‍ය ධුරය තමන්ට බාර ගැනීමට ආරාධනා ලැබි ඇතිමුත් තමන් හෝ ඒකාබද්ධ විපක්ෂයේ කිසිවකු කිසිම තනතුරු බාර නොගන්නා බවත් ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා ඊයේ (18) කියා සිටියේය.
    “පළාත් පාලන මැතිවරණයේ ජනතාව ‍පොහොට්ටුවට ඡන්දය දුන්නේ ජනාධිපතිවරයා එක්ක ආණ්ඩු පිහිටුවලා තනතුරු බෙදාගන්න ‍නෙවෙයි, ජනවරමට අනුව අලුත් ආණ්ඩුවේ තනතුරු බාරගන්න අපට පුළුවන්කමක් නෑ. ඒ වුණත් රට අරාජික වීම වළක්වා ගන්න ශ්‍රී ල.නි.ප.ය එ.ජා.ප.යෙන් අයින් වී අලුත් ආණ්ඩුවක් පිහිටුවා ගන්නේ නම් ඊට අපි ඒකාබද්ධ විපක්ෂය කොන්දේසි විරහිතව සහය දෙනවා. ඒ පිළිබඳව ඒකාබද්ධ විපක්ෂයේ නායකයා ලෙස දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා ලිඛිතව ජනාධිපතිවරයාට දන්වා තිබෙනවා” යැයිද එහිදී මන්ත්‍රීතුමා වැඩිදුරටත් සඳහන් කර ඇත.
  • ඒකාබද්ධයේ මන්ත්‍රීන් අද මහින්ද හමුවට

    ඒකාබද්ධයේ මන්ත්‍රීන් අද මහින්ද හමුවට

    එ.ජා.ප. අගමැති වෙනස් කර ශ්‍රීලනිප හා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සහභාගිත්වයෙන් නව ආණ්ඩුවක් පිහිටුවීමට ඒකාබද්ධ විපක්ෂය කොන්දේසි විරහිතව සහය දෙන බවත් නව ආණ්ඩුවේ කිසිදු තනතුරක් භාර නොගෙන පාර්ලිමේන්තුවේ කටයුතුවලට සහය වීමට ඒකාබද්ධය මේ වන විට තීරණය කර ඇති අතර ඒකාබද්ධ විපක්ෂයට සම්බන්ධ ඇතැම් දේශපාලන පක්ෂ නව සන්ධාන රජයේ තනතුරු බාරගැනීමට සූදානම් බවට පැතිරී යන ආරංචිය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ විශේෂ රැස්වීමක් අද (19) හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.
  • එජාප බහුතරය පෙන්වන දවස අදයි

    එජාප බහුතරය පෙන්වන දවස අදයි

    .එක්සත් ජාතික පක්ෂයේ ඇතැමුන් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් පිහිටුවීම සඳහා සහය වීමට යන බවට පළ වන කට කතා කිසිදු සත්‍යතාවයකින් තොර බවත් එක්සත් ජාතික පක්ෂය ප‍්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණට පාර්ලිමේන්තුවේ පවතින බහුතරය අද (19) පාර්ලිමේන්තුව රැස්වූ පසුව  රටට හොඳින්ම දැක බලා ගන්නට හැකිවනු ඇතැයි ඊයේ (18) පළාත් පාලන මැතිවරණයෙන් තේරී පත්වූ එක්සත් ජාතික පක්ෂ  නියෝජිතයන්ගේ සංයුතිය , කාන්තා නියෝජනය ආදිය සකස් වියයුතු ආකාරය සම්බන්ධයෙන් සිරිකොත පක්ෂත මූලස්ථානයේ පැවැති හමුවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළකරමින් එජාප මැති ඇමැතිවරු මේ බව පවසා ඇත ප‍්‍රකාශ කර තිබේ.
    .එක්සත් ජාතික පක්ෂ මහලේකම් අමාත්‍ය කබීර් හෂීම් මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වුණු මෙම රැස්වීමට එජාපය නියෝජනය කරන සියලූ‍ම මැති ඇමැතිවරුන් සහ මන්ත‍්‍රීවරුන්ද එක්සත් ජාතික පෙරමුණේ නායකයන්ද සහභාගි වූහ.
    ආණ්ඩු හදන්න පුළුවන් කවුරුන් හෝ ඉන්නවානම් ආණ්ඩු හදා පෙන්වන්නැයි, තමන් අභියෝග කරන බවත්, එක්සත් ජාතික පක්ෂ  නායක අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා දිගටම අග‍්‍රාමාත්‍ය ධුරයේ කටයුතු කරන අතර වෙන කාට හෝ අගමැති වීමට ආසාවක් තිබේනම් ඔහු පාර්ලිමේන්තුවේ බහුතර බලය පෙන්වියයුතු බවත්, එජාප ලේකම් කබීර් හෂීම් මහතා මෙහිදි ප‍්‍රකාශ කර ඇත. එක්සත් ජාතික පක්ෂයේ කිසිම මතභේදයක් නොමැති අතර එකාවන්ව එක මතයක සිටිමින් බහුතරය ආරක්ෂා කරගෙන ඉදිරියට යන අතර නීත්‍යානුකූලව සහ ජන වරම අනුව ඉදිරියේදී කටයුතු කරන බව  පක්‍ෂ මහලේකම්වරයා මෙහිදී පවසා තිබේ.
  • වියළි කාලගුණය තව දුරටත්

    වියළි කාලගුණය තව දුරටත්

    මේ දිනවල ඉන්දියානු උප මහද්වීපය හරහා වියළි සුළං හැමීම සිදුවන නිසා මේ මස 23 වැනි දින දක්වා බොහෝ ප්‍රදේශවලට වියළි කාලගුණ තත්ත්වයක් හා ඊට අමතරව එම කාලය තුළදී බොහෝ ප්‍රදේශවලට උදේ කාලයේ සහා රාත්‍රී කාලයේදී තරමක ශීත කාලගුණ තත්ත්වයක් ඇතිවිය හැකි බවත් 23 වන දිනෙන් පසු මෙම තත්ත්වය වෙනස් වී යම් තරමක වැසි ඇතිවිය හැකි බවත් කාර්යනියුක්ත කාලගුණ විද්‍යාඥ බුද්ධික බන්දුරත්න මහතා සඳහන් කරයි.