Tag: breaking post

  • සංධානයේ ඇමති වෙනස් කිරීම් ඉදිරි සති දෙක ඇතුලත

    සංධානයේ ඇමති වෙනස් කිරීම් ඉදිරි සති දෙක ඇතුලත

    එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන ආණ්ඩුවේ ඇමැතිවරුන්ගේ තනතුරු ඉදිරි සති දෙක ඇතුළත වෙනස් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.නව කැබිනට් සංශෝධනය යටතේ දිවුරුම් දුන් එක්සත් ජාතික පක්ෂයේ නව ඇමැතිවරුන් අමතමින් ජනාධිපතිවරයා මෙම අදහස් පැවැසීය.
    මේ අතර නව කැබිනට් සංශෝධනය යටතේ ඇතැම් අමාත්‍යංශවල විෂය පථයන්ද ඉදිරියේදී ප්‍රතිසංවිධානයකට ලක්කරන බව ජනාධිපතිවරයා පැවැසීය. මෙහිදී අදාළ ආයතන නිවැරදිව ගැළපෙන අමාත්‍යංශ යටතට පත්කිරීමටද නියමිතය.
    රාජ්‍ය සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩලවල කටයුතු කාර්යක්ෂම කිරීම වෙනුවෙන් අවශ්‍ය වෙනස්කම්ද ඉදිරියේදී සිදුකරන බව ජනාධිපතිවරයා මෙහිදී පැවැසීය.
    රටේ ජනතාවගෙන් ලැබි ඇති පණිවුඩය අනුව රජයේ කටයුතුවල අවශ්‍ය වෙනස්කම් සහ නිවැරදි කිරීම් කරමින් රටත්, ජනතාවත් වෙනුවෙන් ක්‍රියාත්මක කළයුතු ඉදිරි වැඩ පිළිවෙළ සාර්ථකව ක්‍රියාවට නංවන බවද ජනාධිපතිවරයා මෙහිදී පැවැසීය.

     

  • බස් හිමියෝ ඩීසල් වෙනුවට භූමිතෙල් ඉල්ලති

    බස් හිමියෝ ඩීසල් වෙනුවට භූමිතෙල් ඉල්ලති

    දැනටත් රටේ බහුතරයක් හොර රහසේ බස්රථ ධාවනයට භූමිතෙල් භාවිතා කරන බවත් එවැනි බස්හිමියන් බස් කර්මාන්තයෙන් ලාභ ලබන බවත් බස් රථ ඇන්ජිමට භූමිතෙල් නිසා හානිදායක තත්ත්වයන් ඇති නොවන නමුත් තවත් අමතර කොටස් කිහිපයකට භූමිතෙල් අහිතකර විය හැකි  වුවත් භූමිතෙල් භාවිතා කිරීම නිසා දෛනිකව ලබන ලාභයෙන් එම අමතර කොටස්වලට යන වියදම පියවාගත හැකි බැවින‍් බොහෝ කාලයක සිට බස් හිමියන් හොර රහසේ කරන ලද මෙම ක්‍රියාව නීත්‍යානුකූලව ඉටුකර ගැනීමට අවසර දෙන ලෙසත් එසේ වුවහොත් මෙම වසරේ බස් ගාස්තු වැඩිවීමක්ද අවශ්‍ය නොවන බවත් ලංකා පෞද්ගලික බස් සමාගම් සමිති සම්මේලනයේ ප්‍රධාන ‍ලේකම් අංජන ප්‍රියංජිත් මහතා ඊයේ (25) කියා සිටියේය.

     

  • මේ පාරත් මහින්දගෙ හෙනේට ඉන්නෙ බැසිල්ම තමයි

    මේ පාරත් මහින්දගෙ හෙනේට ඉන්නෙ බැසිල්ම තමයි

    දේශපාලනයේ අලුයට ගිනි නැංවෙමින් ඇත. පලාත් පාලන මැතිවරණ ජයග්‍රහණයෙන් පසු හිස උදුම්මාගත් බැසිල් රාජපක්ෂ ප්‍රමුඛ බැසිල්ගේ වන්දිභට්ඨයින් විසින් ඒකාබද්ධ ජනරැල්ලට උරදුන් පක්ෂ නායකයින් හට කැපිල්ලක් ක්‍රියාත්මක කර ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග වලින් දැනගන්නට ඇත.

    එහි පළමු ප්‍රහාරය එල්ල වූයේ පිවිතුරු හෙල උරුමයේ නායක උදය ගම්මන්පිලටයි. ඊයේ (23) දින පැවති ඒකාබද්ධ පොදුජන පෙරමුණේ පක්ෂ නායක හමුව සඳහා පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිලට ආරාධනා කර නොමැති බව වාර්තා වේ. ඒ අනුව ගම්මන්පිල විසින් බැසිල් රාජපක්ෂ හට දුරකථනයෙන් අමතා සිය පක්ෂයට ආරාධනා නොකලේ ඇයි දැයි විමසා ඇත. එයින් උරණ වූ බැසිල් මෙසේ පවසා ඇත.

    ” මේකට ආරාධනා කලේ නැහැ කාටවත්, ඉල්ලීම් කරපු අයට විතරක් අවස්ථාව දුන්නා. අනික ආරාධනා කරන්න ඔයා කවුද ? ” යනුවෙන් විමසා ඇත.

    එවිට ගම්මන්පිල විසින් පෙන්වා දී ඇත්තේ තමන් එම කමිටුවේ සභිකයෙකු බවත් ඒ නිසා ආරාධනා කල යුතු නමුත් අවම වශයෙන් දැනුම් දීමට හෝ තිබුනු බවයි.  එවිට බැසිල් විසින් උස් හඬින් පවසා ඇත්තේ ..

    ” ඔයා මම කවුරු කියලද හිතාගෙන ඉන්නෙ. මම එක එකාට දෙකට නැවෙන්න යන්නෙ නැහැ. ඒ මගේ හැටි. වැඩක් බලාගෙන ඉන්න, බැරිනම් යන්න. ” යනුවෙනි.

    එවිට උදය පවසා ඇත්තේ ” ඇයි ඔයා ඔච්චර සද්දෙන් කතා කරන්නෙ. අපි මොකක්ද කරපු වරද  ” යනුවෙනි. එවිට නැවතත් බැසිල් පවසා ඇත්තේ ” ඔය සුලු පක්ෂවල අය මොනවද කලේ. මේක පොදුජන පෙරමුණේ ජන රැල්ල. අන්න ඒක තේරුම් අරගෙන වැඩ කරගෙන ඉන්නවා. ඔයාගේ නායකයටත් ඕක කියනවා ” යනුවෙනි

    එවිට නැවතත් ගම්මන්පිල පවසා ඇත්තේ ” කවුද මගේ නායකයා. මම පිවිතුරු හෙළ උරුමයේ නායකයා ” එවිට උරණ වූ බැසිල්  ” විමල් වීරවංශ ” යනුවෙන් පවසා දුරකථනය විසන්ධි කොට ඇත.

    මේ සිද්ධිය පිළිබඳව ගම්මන්පිල විසින් දැඩි කලකිරීමට පත්ව ඇති බව වාර්තා වේ. මේ සිද්ධිය හිටපු ජනපතිවරයා දැනුවත් කිරීමට ඔහු උත්සාහ කලද, එයද ව්‍යර්ථ වූ බව තතු දත් ආරංචි මාර්ග සඳහන් කරයි. මහින්ද රාජපක්ෂ මහතා ජනපතිවරණයෙන් පරාජය වූ මොහොතේ බැසිල් සිය බිරිඳද කැටුව මෙරටින් පලා ගිය අතර, මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් නැවතත් ජනරැල්ලක් ගොඩනගා ජයග්‍රාහී මාවත දක්වා ගෙන ආවේ විමල්, දිනේෂ්, වාසු, උදය වැනි සෙසු පක්ෂ නායකින්ය. මේ ආකාරයට බැසිල්ගේ ඒකාධිපති ස්වරූපය හරහා බැසිල් ගමන් කරන්නේ කොතනටද යන්න නැවතත් විමසා බැලිය යුතුය.

    http://lankaenews.me අඩවියෙන් උපුටා ගත්තකි

  • මට මාසයක්වත් නිදහසේ ඉන්න දෙන්න

    මට මාසයක්වත් නිදහසේ ඉන්න දෙන්න

    මැතිවරණ මහලේකම් කාර්යාලයේ ඊයේ (22දා) පැවති මාධ්‍ය හමුවකදී මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා කියා සිටියේ  ඔහුට අඩුම තරමේ මාසයක කාලයක් වත් විවේකයෙන් සිටීමට අවශ්‍ය බවයි. 
  • පුත්තලම දිස්ත්‍රික් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රි  ශාන්ත සිසිර කුමාර අබේසේකර අත් අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කෙරේ

    පුත්තලම දිස්ත්‍රික් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රි  ශාන්ත සිසිර කුමාර අබේසේකර අත් අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කෙරේ

    හලාවත පොලිසියේ නිලධාරින් කණ්ඩායමක් විසින් 2004 මැයි මස 30වන දින සැකකාර පුත්තලම දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි  ශාන්ත සිසිර කුමාර අබේසේකර මහතාගේ නිවසේ තිබිය දී ගිනි අවි ආඥාපනත අනුව නිසි බලපත්‍රයක් නොමැති ටී 56 ගිනි අවියක් හා ඊට යොදන උණ්ඩ 30 ක්, එම ගැබ් එකක් රිවෝල්වරයක් හා ඊට යොදන උණ්ඩ 4 ක් ද තවත් රිවෝල්වයක් හා ඊට යොදන උණ්ඩ 6ක්, එස් එමි ඩී කොළ පැහැති ජීව අත් බෝමිබයක්, ටී 70 කොළ පැහැති දුමි බෝමිබයක් සොයා ගන්නා ලදී.

    මෙම නඩුවේ විත්තිකරුවන් හය දෙනෙකු  වූ අතර ඉන් පස් දෙනෙකුම මින් පෙර තමන්ට නගා ඇති චෝදනාවන්ට වරදකරුවන් බව අධිකරණය හමුවේ පිළිගෙන දඬුවම් ලබා තිබු අතරසැකකාර මන්ත්‍රිවරයා පමණක් තමන් නිවැරදිකරු බව කියා සිටි නිසා ඔහුට එරෙහි නඩුව දිගටම විභාග වෙමින් පැවැතිණි.

    ඒ අනුව එම නඩුව ඊයේ(22) විභාග වූ අතර සැකකාර මන්ත්‍රීවරයා අධිකරණය හමුවේ පෙනි නොසිටිම මත  අත් අඩංගුවට ගැනීම පිණිස හලාවත මහාධිකරණ විනිසුරු එම්. සී. බී. එස්. මොරායෙස් මහතා විසින්  වරෙන්තුවක් නිකුත් කර ඇත.

     

  • විගණකාධිපති වෙනුවෙන් වෘත්තීය සමිති පෙරට

    විගණකාධිපති වෙනුවෙන් වෘත්තීය සමිති පෙරට

    රාජ්‍ය මුදල් රැකදීම සඳහා විගණකාධිපතිවරයා විසින් සිදුකරන ස්වාධීන ක්‍රියාවලිය නිසා වංචා, දූෂණවලට සම්බන්ධව දේශපාලනඥයන් හා විවිධ කණ්ඩායම් කලබලයට පත්වී සිටින බැවින් අසත්‍ය චෝදනා එල්ල කර විගණකාධිපතිවරයාගේ වැඩ කටයුතු අඩපණ කිරීමට හා විගණකාධිපතිවරයා අපකීර්තියට පත් කිරීම සඳහා එම පිරිස් වැඩ කටයුතු සිදුකරමින් තිබෙන බව විගණකාධිපති දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිති සඳහන් කරයි.

    මේ නිසා විගණකාධිපති දෙපාර්තමේන්තුවේ සියලුම වෘත්තීය සමිති එක්ව අද (23දා) පාර්ලිමේන්තු වටරවුමේදී විරෝධතා ව්‍යාපාරයක් පවත්වනබවත්, එම ක්‍රියාමාර්ගයටද ප්‍රතිචාර නොලැබුණහොත් ඉදිරි වෘත්තීය ක්‍රියාමාර්ග දියත් කිරීමට කටයුතු කරන බවත් ඔවුන් වැඩිදුරටත් පවසා සිටී.

  • දැන හෝ නොදැන කරන මහනායක හිමිවරුන්ගේ ප්‍රකාශ බෙදුම්වාදයට උඩගෙඩි දීමක්

    දැන හෝ නොදැන කරන මහනායක හිමිවරුන්ගේ ප්‍රකාශ බෙදුම්වාදයට උඩගෙඩි දීමක්

    .

    විදේශීය බලවේගවල රූකඩයක් වී නැටවෙන වත්මන් ආණ්ඩුව අස්ථාවර කළයුතුයැයි පසුගිය මැතිවරණයේදී ජනතාව ප්‍රකාශ කර තිබෙන බවත්,එය පිළිගැනීමට භික්ෂූන් වහන්සේලා සූදානම් විය යුතු බවත් වත්මන් ආණ්ඩුව අස්ථාවර නොකළයුතුයැයි  මහනායක හිමිවරුන් ඇතුළු භික්ෂූන් වහන්සේලා පිරිසක් ප්‍රකාශ කර ඇත්තේ විදේශ බලවේගවල හා දෙමළ බෙදුම්වාදීන්ගේ අවශ්‍යතාව ඉෂ්ට කිරීම සඳහා බවත් ජාතික සංවිධාන එකමුතුව විසින් කොළඹදී පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් දේශප්‍රේමී භික්ෂු පෙරමුණේ ලේකම් බෙංගමුවේ නාලක හිමියෝ ඊයේ(22දා) ප්‍රකාශ කලේය.

    වැඩිදුරටත් අදහස් දැක්වූ බෙංගමුවේ නාලක හිමියෝ,

    “මේ දවස්වල මහනායක හිමිවරු ඇතුළු සංඝයා වහන්සේලා,ජනතා විමුක්ති පෙරමුණ වගේ දේශපාලන පක්ෂ මේ ආණ්ඩුව අස්ථාවර කරන්න එපා කියාගෙන යනවා.ප්‍රාදේශිය සභා මැතිවරණයෙන් ජනතාව දීපු උත්තරය වුණේ ආණ්ඩුව අස්ථාවර කළ යුතුයි කියලා.බොහෝ දෙනා නොදන්නවාට මේ ආණ්ඩුව අස්ථාවර නොකර ස්ථාවරව තියාගැනීමේ ප්‍රබලම අවශ්‍යතාව තියෙන්නේ විදේශ බලවේගවලට හා දෙමළ බෙදුම්වාදීන්ට.මහනායක හාමුදුරුවෝ වුණත්,අනෙක් සංඝයා වහන්සේලා වුණත්,මේ ආණ්ඩුව අස්ථාවර නොකළයුතුයි කියන්නේ විදේශ බලවේගවල හා දෙමළ බෙදුම්වාදීන්ගේ අවශ්‍යතාව ඉෂ්ට කිරීම සඳහා.ඒක දැන කරනවද, නොදැන කරනවද කියලා අපි දන්නෙ නෑ.නමුත් මේ රටේ හාමුදුරුවරු හැටියට යමක් කියනවා නම් වගකීමක් ඇතිව කියන්න ඕන.අපි දැක්කා මාධ්‍ය සාකච්ඡාවක් කරලා එක ස්වාමීන් වහන්සේ නමක් කිව්වා රනිල් වික්‍රමසිංහ හොරෙක් කියලා ඔප්පු කළොත් ගෝල්ෆේස් එකේ බෙල්ල කපාගන්නවා කියලා.මේක විලිලැජ්ජ නැති කතාවක්.මේ සංඝයාවහන්සේලාද සිවුරු දරාගෙන ඉන්නේ කියන සැකය තියෙනවා.අඩුගාණේ මම සිවුරු අරිනවා කියලා කිව්වනම් ඒක කමක් නැහැ.රනිල් වික්‍රමසිංහ මහතා හොරෙක් කියලා ඔප්පු වෙලා ඉවරයි.බැඳුම්කර වංචාවේ මූලික විත්තිකාරයා රනිල් වික්‍රමසිංහ.අර්ජුන් මහේන්ද්‍රන් ගෙනාවේ රනිල් වික්‍රමසිංහ.අර්ජුන් මහේන්ද්‍රන්ගේ මූලිකත්වයෙන් කමයි බැඳුම්කර මහහොරකම සිදුවුණේ.ඒ නිසා ඒ හොරකම කරන්න මූලිකයා වුණේ රනිල් වික්‍රමසිංහ.දැන් අපි ඒ උන්නාන්සේට කියනවා බෙල්ල කපාගන්න කියලා.මේ ගොල්ලෝ හදන්නේ ආණ්ඩුවෙන් සල්ලි දීලා හරි කමක්නැහැ මොනවාහරි කරලා මාධ්‍ය සාකච්ඡා පවත්වලා ආණ්ඩුවට පක්ෂව කරුණු කියන්න.ප්‍රාදේශිය සභා මැතිවරණයෙන් පැහැදිලිව ආණ්ඩුවට විරුද්ධව වැඩි ඡන්ද ප්‍රමාණයක්  මහජනතාව ප්‍රකාශ කළා.නමුත් දැන් ආණ්ඩුව කරන්නේ ජනමතයට ඇහුම්කන් දෙන එක නෙමෙයි.මේක රූකඩ ආණ්ඩුවක් නිසා මේ අයට ජනමතයට ඇහුම්කන් දෙන්න බැහැ.සාමාන්‍යයෙන් රඟපෑමක් කරනවා නම් නළුවෝ නිළියෝ වේදිකාවට ඇවිත් රඟපෑම් කරන්නේ.දැන් මේ සිරිසේන රනිල් රඟපෑමක් නෙමෙයි කරන්නේ.ඒගොල්ලො රූකඩයෝ.සී.අයි.ඒ. එකයි රෝ එකයි, දෙමළ බෙදුම්වාදීන්,ඩයස්පෝරාව පිටුපස්සෙන් ඉඳගෙන මේ රූකඩ ටික නටවනවා.ඒ නිසා මේ ආණ්ඩුවට රඟපෑම් කරන්නවත් බැහැ.ඒ රූකඩ ආණ්ඩුව ස්ථාවර කරන්න කියලා කියන්න පුළුවන් මොන මෝඩයටද?ඒ නිසා භික්ෂූන් වහන්සේලා හැටියට යමක් ප්‍රකාශ කරනකොට කරුණු දැනගෙන හරියට ප්‍රකාශ කරන්න කියලා බොහොම කාරුණිකව ඉල්ලා සිටිනවා.බලයට රැවටිලා පන්දම් අල්ලන්න එපා කියලා මහනායක හිමිවරු ඇතුළුව  භික්ෂූන් වහන්සේලාට මතක් කරනවා.මහානායකකමත් එක්ක නුවණ ලැබෙන්නැහැ.ඒක අපි තේරුම් ගන්න ඕන.තනතුරක් ලැබුණට නුවණ ලබෙන් නැහැ” යනුවෙන් පවසා සිටියහ.

  • විජයකලාගේ මැරයෝ කොළඹ රඟයි

    විජයකලාගේ මැරයෝ කොළඹ රඟයි

    කොල්ලුපිටිය ඇල්ෆ්‍රඩ් ඇවනිවු හි සුවිසල් මන්දාරයක වසර 28ක කාලයක් කුලී පදනම මත පදිංචිව සිටි කෝටිපති ව්‍යාපාරිකයකු සහ එහි සිටි නිවැසියන් එළියට ඇද දමා මැරයන් පිරිසක් විසින් එම නිවස අල්ලාගෙන ඇතැයිඑම ව්‍යාපාරිකයා කොල්ලුපිටිය පොලිසියට පැමිණිලි කර තිබේ.

    පෙරේදා (20) දා මෙම සිදුවීම සිදුව ඇති අතර මේ මැර පිරිස විජයකලා මහේෂ්වරන් මන්ත්‍රීවරියගේ ආධාරකරුවන් බවද ඉතා විශ්වාසකටයුතු ආරංචි මාර්ගයකින් වාර්තා වී ඇත.

    මෙම මැර පිරිස් මීට පෙර මේ ව්‍යාපාරිකයාට මේ නිවසින් ඉවත්වන ලෙස කිහිප අවස්ථාවකදී තර්ජනය කර ඇති අතරව්‍යාපාරිකයා ඇතුළු පිරිස නිවසින් ඉවත් නොවූ නිසා මෙලෙස පැමිණ එහි නිවාසියන්ට පහරදී එම මන්දිරය අත්පත්කර ගෙන තිබේ.මැර පිරිසේ පහර කෑමට ලක්වූ කාන්තාවක් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබාගන්නා බවද පැවසේ.

  • SARICC ශ්‍රී ලංකාවේ ස්ථාපනය කිරීමේ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරයි

    SARICC ශ්‍රී ලංකාවේ ස්ථාපනය කිරීමේ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරයි

    දකුණු ආසියානු කලාපයේ සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය උවදුර මැඬ පැවැත්වීමේ අරමුණින්, එම කලාපයේ රටවල් අතර බුද්ධි තොරතුරු හුවමාරු කිරීමේ හා සම්බන්ධීකරණය කිරීමේ කලාපීය මධ්‍යස්ථානය (South Asian Regional Intelligence and Coordination Centre – SARICC) ශ්‍රී ලංකාවේ ස්ථාපනය කිරීමට යෝජනා වීමත් සමඟ අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩල පරිශ්‍රය තුළ එය තාවකාලික වශයෙන් ස්ථාපිත කිරීමටත් නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත. 

  • ජනපති හරි ට්‍රැක් එකට, සයිටම් අහෝසි කරන්න GMOA සමග එකඟ වෙයි – Exclusive

    ජනපති හරි ට්‍රැක් එකට, සයිටම් අහෝසි කරන්න GMOA සමග එකඟ වෙයි – Exclusive

    මාලඹේ සයිටම් පෞද්ගලික විශ්ව විද්‍යාලය අහෝසි කර එහිඉගනුම ලබන සිසුන් 1000 ක් පමණ සුදුසුකම් පරීක්ෂා කර බලා කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය වෙත ඇතුලත් කර ගැනීමට නියෝග කිරීමට ජනපතිවරයා තීන්දුවක් ගෙන ඇත.

    පසුගිය කාල වකවානුව පුරාම සයිටම් අර්බුදයට නිසි විසඳුමක් ලබා නොදීම සහ ලබාදීමට අපොහොසත්වීම නිසාම රජය දැඩි අසීරුතාවකට මුහුණ දෙන්නට විය. නිගමනයක් නොවූ තීන්දු කිහිපයක් නිසාම සයිටම් වලට එරෙහි සහ පක්ෂ බලවේග දෙකෙහිම උද්ඝෝෂණ රට පුරා ක්‍රියාත්මක වෙත්දී එම දෙපාර්ශවය නිසාම රජය බලවත් අපහසුතාවන්ට මුහුණ පා තිබුනි.

    එම කරුණු සලකා බලා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ඉදිරිපත් කර තිබූ යෝජනාවන්ට එකඟවන්නට සහ සයිටම් නිසා සිදු වූ අපහසුතාවන් මැඩපවත්වන්නටත්, වෛද්‍ය අධ්‍යාපන ක්‍රමවේදය නිසි මගට ගැනීමටත් ජනපතිවරයා ගත් තීන්දුව පැසසුමට ලක්කල යුතුය. ඒ අනුව ඉදිරියේදී සයිටම් අර්බුධය නිසි පරිදි පාලනය වනු ඇති බව ජනපති කාර්යාලය නිවේදනය කරයි.

    මේ ආකාරයටම විල්පත්තු වන විනාශය පිළිබඳ ගැටලුවට ජනපතිවරයාගේ මැදිහත්වීම බලාපොරොත්තු වන බව ස්වාධීන පරිසරවේදීන් අප කල විමසුමකදී පවසා සිටියේය. ඒ අනුව පරිසරවේදීන්ගේ සංගමය ඉදිරියේදී ජනපතිවරයා වෙත සංදේශයක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවද එහිදී සඳහන් කරන ලදී.

    සයිටම් අහෝසි කිරීම පිලිබඳව ජනපතිවරයාගේ තීන්දුව අගය කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඔවුන්ගේ ෆේස්බුක් පිටුව තුල පලකල ලිපිය පහත දැක්වේ

    https://www.facebook.com/gmoasl/posts/2053071974961606

  • ටැබ් වලට වෙන් කළ මුදලින් කොටසක් ගුරුවරුන්ගේ සංවර්ධනය වෙනුවෙන්

    ටැබ් වලට වෙන් කළ මුදලින් කොටසක් ගුරුවරුන්ගේ සංවර්ධනය වෙනුවෙන්

    උසස් පෙළ සිසුන් එක් ලක්‍ෂ හැත්තෑ දහසකට සහ ගුරුවරුන් තිස් දහසකට ටැබ් පරිගණක ලබදීමට 2017 අයවැයෙන් රුපියල් බිලියන 5 ක් වෙන් කෙරුණු අතර එම ව්‍යාපෘතිය පසුගිය අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා විසින් අත්හිටවනු ලබුවේ එම මුදල් පාසල් සංවර්ධනය සඳහා යෙදවීම යෝග්‍ය බව පවසමිනි.

    එබැවින් එම මුදලින් කොටසක් ගුරුවරුන්ගේ සංවර්ධනය වෙනුවෙන් යෙදවිය යුතු බව අධ්‍යාපනඥයින් පවසයි.

  • සයිටම් සිසුන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයට

    සයිටම් සිසුන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයට

    ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් නීතිපතිවරයා, කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ උප කුලපතිවරයා, කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨාධිපතිවරයා සහ විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුලු පිරිසක් ඊයේ (21) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවැති සාකච්ඡාවේදී  මාලඹේ සයිටම් ආයතනයේ වෛද්‍ය විද්‍යාව හදාරන සිසුන් කොතලාවල ආක්ෂක විෂ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයට ඇතුළත් කිරීම තීරණය කර ඇත.

     සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ දැනට ඉගෙනුම ලබන දහසක් පමණ වූ සිසුන්ගේ මූලික සුදුසුකම් පරික්ෂා කර බලා ඒ අනුව මෙම ඇතුළත් කරගැනීම සිදු කිරීමට මේ සාකච්ඡාවේදී වැඩිදුරටත් තීරණය කර ඇති අතර ජනාධිපති මාධ්‍ය අංශය විසින් මේ පිළිබඳව නිවේදනයක් නිකුත් කර ඇත.

  • ඒකාබද්ධය ඇමති පට්ටම් 5 යි කථානායක පට්ටමයි එපා කියයි

    ඒකාබද්ධය ඇමති පට්ටම් 5 යි කථානායක පට්ටමයි එපා කියයි

    නව කැබිනට් සංශෝධනය සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය එ්කාබද්ධ විපක්ෂයට ආරාධනයක් සිදුකර ඇති අතර එහිදී අග්‍රාමාත්‍ය ධුරය හැර අමාත්‍ය ධූර 5ක් සහ කථානායක ධුරය භාර ගන්නා ඒකබද්ධයට යෝජනා කර ඇත.

    නමුත් ඒකාබද්ධය කියා සිටින්නේ මෙම ධූරයන් භාර ගැනීමට ඔවුන් සූදානම් නැති බවය.

  • ලංකාවෙ පවුල් 52 ලක්ෂයකට වාහන 71 ලක්ෂයක්

    ලංකාවෙ පවුල් 52 ලක්ෂයකට වාහන 71 ලක්ෂයක්

    මෝටර් වාහන පනත යටතේ වන නියෝග පාර්ලිමේන්තුවේදී ඊයේ (21) විවාදයට ගැනුන අතර එහිදී අදහස් දැක්වූ ප‍්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ කියා සිටියේ රට තුළ ලියාපදිංචි මෝටර් වාහන හැත්තෑ එක් ලක්ෂයක් පමණ ඇති මුත්  දැනට මෙරට සිටින පවුල් ප‍්‍රමාණය පනස් දෙලක්ෂයක් පමණ වන බවයි .

  • ජගත් මානව හිමිකම් කවුන්සිලයේ 37 වන සැසිවාරය ශ්‍රී ලංකා රජයට තවත් බලපෑම් එල්ලකරනු ඇතැයි විචාරකයෝ කියා සිටී

    ජගත් මානව හිමිකම් කවුන්සිලයේ 37 වන සැසිවාරය ශ්‍රී ලංකා රජයට තවත් බලපෑම් එල්ලකරනු ඇතැයි විචාරකයෝ කියා සිටී

    ජිනිවාහිදී ආරම්භ වීමට නියමිත මානව හිමිකම් සැසියේ දී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වැදගත් කරුණු 2ක් සම්බන්ධයෙන් අවදානය යොමු කිරිමට නියමිත බවත්  එම කරුණු සම්බන්ධයෙන් විවාදයක් පැවැත්වීමට ද නියමිත බවත් ජගත් මානව හිමිකම් කවුන්සිලය පනවසා ඇත.

    ලබන 26 වනදා 37 වන සැසිවාරය  ජිනිවාහිදී ආරම්භ වීමට නියමිත බැවින් අදාළ විවාදය ලබන මාර්තු 16 වනදා සිට 21 වනදා දක්වා යෙදී ඇති අතර ගෝලීය වශයෙන් ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන වෙනස් කම් හා වත්මන් තත්ත්වයන් පිළිබඳව 16 වනදා විවාදයට ගැනීමට නියමිත ඇති  බව සඳහන් වේ.

    එමෙන්ම 21 වනදා පැවැත්වෙන විවාදයේ දී මානව හිමිකම් කවුන්සිලය විසින් ලබාදුන් තීරණ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව කටයුතු කර ඇති ආකාර හා එහි ප්‍රගතිය සම්බන්ධයෙන් අවදානය යොමු කිරිමටත් ජගත් මානව හිමිකම් කොමසාරිස් සෙයිද් රාද් අල් හුසෙයින් විසින් ඒ පිළිබඳව වාචික පිළිතුරු ලබාදීමට කටයුතු කරන බවත්  ජගත් මානව හිමිකම් කවුන්සිලය විසන් ශ්‍රී ලංකාවේ සංහිඳියාව වර්ධනය කිරිම හා සිදුවූ බවට කියන මානව හිමිකම් කඩවීම් නිවැරදි කර ගැනීම සඳහා මෙන්ම වගවීමේ ක්‍රියාවලීය ශක්තිමත් කිරිම වෙනුවෙන් වසර 2ක කාලයක් ලබාදී තිබු අතර මේ වන විට ඉන් වසරක් ගතවී ඇති බැවින් මෙම ප්‍රගති සමාලෝචනය සිදුකිරිමටත්  නියමිත බව වැඩිදුරටත් සඳහන් වේ.

    කෙසේ වෙතත් ශ්‍රී ලංකා රජය පොරොන්දු වූ පරිදි සංහිඳියාව හා වගවීමේ ක්‍රියාවලිය සාර්ථකව ඉටුකර නොමැති බවටයි චෝදනා එල්ල වී ඇති අති අතර මෙම  ජගත් මානව හිමිකම් කවුන්සිලයේ 37 වන සැසිවාරය ශ්‍රී ලංකා රජයට තවත් බලපෑම් එල්ලකරනු ඇති බව විශ්ලේෂකයින් පෙනවා දී ඇත. 

  • තුන්රෝදයත් බදු වලින් මිරිකිලා… බදු අඩු නොකලොත් ගාස්තු ඉහල දානවා

    තුන්රෝදයත් බදු වලින් මිරිකිලා… බදු අඩු නොකලොත් ගාස්තු ඉහල දානවා

    ගෙවීගිය කාලය බදු ඉහළ දැමීම හේතුවෙන්  ත්‍රිරෝද රථ සහ අමතර කොටස් මිල 150% ඉහළගොස් තිබෙන බවත්, මාසයක කාලයක් තුළ බදු සහන ලබා දී අමතර කොටස් සහ ත්‍රිරෝද රථ මිල අඩු නොකළහොත් මාර්තු 26 වැනිදා සිට ගාස්තු ඉහළ දමන බවත් ලංකා ස්වයං රැකියා නියුක්තිකයන්ගේ ත්‍රිරෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මහතා ප්‍රකාශ කරයි.

    මේ අනුව මාර්තු 26 වැනිදා සිට දැනට දෙවැනි කිලෝමීටරයේ සිට අයකරන රුපියල් 40ක මුදල රුපියල් 50ක් බවට පත් කරීමට සිදුවන බවත් ඒ අනුව ත්‍රිරෝද රථ මගීන්ට ලැබී තිබූ එකම සහනය අහෝසි වී යන බවත්, එදින සිට පළමු කිලෝමීටරයේ සිට ගමනාන්තය දක්වා වූ සියලුම කිලෝමීටර්වලට රුපියල් 50 බැගින් අයකරන බවත් සභාපතිවරයා සඳහන් කළේය.