මම හෙට නොවෙයි අද වුනත් ගෙදර යන්න ලෑස්තියි… මට බලයේ ඉන්න ඕනකමක් නැහැ

එක්සත් ජනතා නිදහස්  සන්ධානයේ මෙවර පළාත් පාලන මැතිවරණ අපේක්ෂකයින්ගේ  ජයග්‍රහණය වෙනුවෙන්  ඊයේ (12 ) අකුරැස්ස පැරණි බස් නැවතුම්පොළ භූමියේදී පැවැත්වු මාතර දිස්ත්‍රික් ප්‍රථම ජනරැලියේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සාක්ෂිකයින් අමතමින් මෙසේ ප්‍රකාශ කරන ලදී, “මම හෙට නොවෙයි අද වුනත් ගෙදර යන්න ලෑස්තියි…
පුද්ගලික රෝහල් වල සැත්කම් සඳහා උපරිම මිලක්

එකම වර්ගයේ සැත්කමක් සඳහා එක් එක් පෞද්ගලික රෝහල්වල විවිධ මිල ගණන් අය කරන බවට ජාතික ඖෂධ නියාමන කොමිසමට මහජන පැමිණිලි ලැබී ඇති බැවින් පෞද්ගලික රෝහල් නියාමන පනතේ ප්‍රතිපාදන යටතේ එක් එක් සැත්කම් සඳහා උපරිම මිල සීමාවක් නියම කිරීමට අමාත්‍යංශය සැලසුම්…
රට පුරා මත්පැන් ව්‍යාප්ත කිරීමට මංගල දරණ වෑයම හෙලා දකිනවා

මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා රට පුරා මත්පැන් ව්‍යාප්ත කිරීමට දරණ වෑයම තමන් තරයේ හෙළා දකින බවත් ඊට එරෙහිව ඉදිරියේ දී ක්‍රියාමාර්ග වලට එළබෙන බවත් ආචාර්ය ඕමල්පේ ‍සෝභිත හිමියෝ පසුගිය දා ඕමල්පේ ප්‍රදේශයේ පැවැති රැස්වීමක් අමතමින් ප්‍රකාශ කලේය.  
70 වැනි නිදහස සමරන්න රැජිනගේ නියෝජිතයා ලෙස එඩ්වඩ් කුමරු ලංකාවට

70 වැන නිදහස් සැමරුම වෙනුවෙන් පැවැත්වෙන උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස එලිසබෙත් මහරැජිනගේ නියෝජිතයා ලෙස වෙසෙක්ස් හි අර්ල්වරයා වන දෙවෙනි එලිසබෙත් රැජිනගේ හා පිලිප් කුමාරයාගේ බාලපුතණුවන් ද වන එඩ්වඩ් කුමරු රැජින නියෝජනය කරමින් මෙම උත්සවයට සහභාගි වීමට නියමිතව ඇත. ස්වදේශ කටයුතු අමාත්‍යාංශය…
අධිකරන තීරණය මොක වුනත් ඉන්නෙ පහද හයද කියල තීරණය කරන්න හවුල් පක්ෂ ජනපති හමුවෙන්න ඉල්ලයි

ජනාධිපති ධුර කාලය ගැන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීම හේතුවෙන් ඇතිවී තිබෙන දේශපාලන අර්බුදය හේතුවෙන් ජනාධිපති ධුර කාලය ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ලබන 17 දා ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමඟ විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට අගමැති ප්‍රමුඛ යහපාලන ජාතික රජයේ හවුල්කාර…
නිධානයක් ගන්න ගිය 7කට වැඩ වරදී

නිධානයක් ගොඩ ගැනීමේ අරමුණින් පොළව හාරමින් සිටි පුද්ගලයින් 7 දෙනෙක්ව ආණමඩුව පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත.ආණමඩුව – මහඋස්වැව ප්‍රදේශයේ ඉඩමක  කැණීම් කරමින් සිටියදී මෙසේ අත් අඩංගුවට ගත් මොවනු සතුව තිබූ විදුලි මෝටරයක්,කැණීම් උපකරණ සහ යාතිකා කටයුතු සඳහා යොදා ගන්නා භාණ්ඩ කීපයක්ද පොලිස්…
ඌව පළාත් සභාවේ ඝන පූර්ණය නොමැති නිසා සභාව කල් තබයි

ඊයේ(11) රැස් වුන ඌව පළාත් සභාවේ මාසික සභා රැස්වීම නියමිත ඝණ පූර්ණය නොමැතිවීම නිසා ලබන 25වැනිදා තෙක් කල් තැබීමට සභාපති ඒ.එච්.බුද්ධදාස මහතාට  සිදුවී ඇත.සභාව ආරම්භයේදීම ජනතා විමුක්ති පෙරමුණු මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න හා ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක යන…
මහියංගණය පොළොන්නරුව මාර්ගය අවහිර කර උත්ඝෝෂණයක්….පැය 4ක් ගමනාගමනයට ඇනහිටී

  වසර තිහක් තිස්සේ අලුත්වැඩියා නොකිරීම හේතුවෙන්  අබලන්වී  ඇති සඳුන්පුර -බඹරවාන මාර්ගය අළුත් වැඩියාකර දෙන ලෙස රජයට බල කරමින්  මෙම මාර්ගය භාවිතා කරන ජනතාව ඊයේ (11) මහියංගණය පොළොන්නරුව ප්‍රධාන මාර්ගය සඳුන්පුර ප්‍රදේශයෙන් අවහිර කරමින් උත්ඝෝෂණයක නිරත වූහ. විරෝධතාවය හේතුවෙන්  මහියංගණ පොළොන්නරුව…
මැතිවරණ නීති රීති උල්ලංඝනය කල පොහොට්ටුවේ මඩුල්ල නාම යෝජනා පත්‍රයට එරෙහිව රීට් පෙත්සමක්

පළාත් පාලන මැතිවරණයේදී  මොණරාගල මඩුල්ල ප‍්‍රදේශීය සභාවට තරඟ වැදීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන්  ඉදිරිපත් කළ නාමයෝජනා ලැයිස්තුවේ විදුහල්පතිවරයෙක් නම් ලබා දීම මගින් මැතිවරණ නීති රීති උල්ලංඝනය කර ඇති බැවින් එම පක්ෂයේ නාමයෝජනා පත‍්‍රය අහෝසි කර එම ප‍්‍රාදේශීය සභාව සඳහා මැතිවරණය…
රැකියාව අතරතුර ඡන්ද වැඩ කරපු තැපැල් සහයිකාවගේ වැඩ තහනම් කරයි

 රැකියාව කරන අතරතුර, තම ප‍්‍රධානියා වන උප තැපැල් ස්ථානාධිපතිවරයාට ඡන්දය දෙන්නැයි පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා ඇති බවට ලැබුණු පැමිණිල්ලක් මත  මැතිවරණ කොමිෂන් සභාවෙන් කළ නියෝගයක් අනුව ඉඳුරුව ගෝනගල්පුර තැපැල් ස්ථානයේ සේවය කරන තැපැල් සහායිකාවගේ වැඩ තහනමට ලක් කළ බව තැපැල් දෙපාර්තමේන්තුවේ ජේෂ්ඨ නිලධාරියෙක්…
බසිසිකලයකට ගැසූ ලොකුම දඩය, රු.68000 යි

අධික ශබ්දයක් පිටවන සයිලන්සරයක් සවි කීරිම , සංගීත නාද පිටවන නලාවක් සවි කර තිබිම , ආදායම් බලපත්‍රය රක්ෂණ සහතිකය නොමැති වීම , අපරික්ෂාකාරීව පොලිස්  අණ නොතකා ධාවනය කීරිම යන  චෝදනාවන් රැසක් සම්බන්ධයෙන් යතුරු පැදිකරුවෙකුට ගම්පහ අධිකරණයෙන් රුපියල් හැටඅටදහසක දඬ මුදලක්…
ජනාධිපති ධූර කාලය ගැන ශ්‍රේෂ්ඨාධිකරන නීතීඥයෝ මත දෙකක

2021 වසර දක්වා තමන්ට  ජනාධිපතිධුරය දැරීමට බාධාවක් ඇද්ද යන්න පිළිබඳව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ශ්‍රේෂ්‍ඨාධිකරණයේ මතය විමසීමට කළ ඇයැදුම පංච පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ සලකා බැලූ අවස්ථාවේදී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට වසර 06ක කාලයක් සියධුරයේ කටයුතු කිරීමට හැකියාව ඇතැයි නීතීපතිවරයා වෙනුවෙන්…
දෙවෙනි ඉනිමේ දෙව්මිගේ අම්මා චරිතයට පණ දෙන අංජලී ලියනගේ ගැන ඇය කිව්වෙ මෙහෙමයි…

අංජලී ලියනගේ  එහෙම කියනවට වඩා දෙවෙනි ඉනිමෙ දෙවුමිගෙ අම්ම එහෙමත් නැත්තම් ආනන්දගෙ ප්‍රිය බිරින්ඳෑ කිව්වම තමා හැමෝටම එක පාරටම මතක් වෙන්නෙ.ඉතිං සුපිරි ගොසිප් අපි හිතුවා අද අංජලීට කතා කරන්න. මේ දවස් වල අංජලී මොනවද කරන්නෙ කියල බලන්න අපි මුලින්ම අංජලීගෙ…
අහිංසක මුව පොව්වාගේ චරිතය රඟපාන මනෝ ගනේෂන්ගේ පැටිකිරිය

මේ කතාව ටිකක් අමුතුම ආකාරයේ පුද්ගලයෙක් ගැන. ඒ තමයි තමන්ගේ වාසියට ජාතිවාදය විකුණා කමින් ඡන්ද එක්රැස් කරමින්, භීෂණය පතුරවමින්, දමිල ජනතාව මුලාවේ දමමින්, පාතාලය සමග ගනුදෙනු කරමින්, තහනම් මත්ද්‍රව්‍ය කොළඹ පුරා පතුරවමින් අද වන විට තමන්ට පාතාල තර්ජන ඇතැයි කිඹුල්…
බැඳුම්කර කොමිසමේ සාමාජිකයින්ට ඒ පිළිබඳ විශේෂඥ දැනුමක් නෑ

බැඳුම්කර වංචාව සෙවීමට පත්කළ ජනාධිපති කොමිසමේ සාමාජිකයින්ට බැඳුම්කර ගනුදෙනු පිළිබඳ විශේෂඥ දැනුමක් නොතිබූ බවත් එහිදී මේ පිළිබඳ දැනුම ඇති විදේශීය විශේෂඥයින්ගේ මතය කොමිසම විසින් විමසිය යුතුව අතර මෙහිදී මූලිකත්වය දිය යුත්තේ එක් එක් අය ගත් දුරකථන ඇමතුම්, ගෙවල් සම්බන්ධයෙන් සෙවීමට නොව රටට…