Tag: featued

  • ජනපති සහ ලෝක බැංකු විධායක අධ්‍යක්ෂවරයා අතර හමුවක්

    ජනපති සහ ලෝක බැංකු විධායක අධ්‍යක්ෂවරයා අතර හමුවක්

    රජයේ Clean Sri Lanka වැඩසටහනට ලෝක බැංකුවේ සහාය ලබා දෙන බව ලෝක බැංකුවේ විධායක අධ්‍යක්ෂ පරමේෂ්වරන් අයියර් (Parameswaran Iyer) මහතා පැවසීය.

    ලෝක බැංකුවේ විධායක අධ්‍යක්ෂවරයා මේ බව සඳහන් කළේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (04) ජනාධිපති කාර්යාලයේදී හමු වූ අවස්ථාවේදීය.

    ජනපති ප්‍රමුඛ නව රජයට සුබ පැතුම් එක් කළ ලෝක බැංකු විධායක අධ්‍යක්ෂවරයා, දැනට ලෝක බැංකුවේ සහාය ලබා දෙන සියලුම ව්‍යාපෘති ඉදිරියටත් එලෙසින්ම ක්‍රියාත්මක කරන බව ද සඳහන් කළේය.

    එසේම නව රජයේ ඉදිරි සංවර්ධන සැලසුම් මෙන්ම, ග්‍රාමීය දුප්පත්කම පිටුදැකීම සඳහා වන සැලසුම්, ආර්ථික ඩිජිටල්කරණ වැඩසටහනට සමගාමීව ක්‍රියාත්මක ඩිජිටල් හැඳුනුම්පත් ව්‍යාපෘතිය ආදී ව්‍යාපෘති හා සැලසුම් පිළිබඳව ද ජනාධිපතිවරයා මෙහිදී දීර්ඝ ලෙස කරුණු සාකච්ඡා කළේය.

    වතුකරයේ ජනතාවගේ ඉඩම් හා නිවාස ගැටලුව ඇතුළු උතුරු සහ නැගෙනහිර ජනතාව දීර්ඝ කාලයක් පුරා මුහුණ දී සිටින ගැටලුවලට විසඳුම් සෙවීම පිළිබඳව ද මෙහිදී දීර්ඝ ලෙස කතාබහට ලක් විය.

    මෙරට කෘෂිකර්මාන්තය, ධීවර, සංචාරක, අධ්‍යාපන හා සෞඛ්‍ය යන ක්ෂේත්‍රයන් සංවර්ධනය කිරීම කෙරෙහි රජයේ ප්‍රමුඛ අවධානය යොමුව තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසුවේය.

    රජයේ ඉදිරි සංවර්ධන සැලසුම් ක්‍රියාත්මක කිරීම සඳහා සහාය ලබා දෙමින් එහි ආරම්භක පියවර ලෙස මෙරට උපදේශන කණ්ඩායමක් සමඟ සාකච්ඡා පැවැත්වීමට සූදානම් බව සඳහන් කළ ලෝක බැංකු විධායක අධ්‍යක්ෂවරයා රජයේ Clean Sri Lanka වැඩසටහන ඇගයීමට ලක් කළේය.

    කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත, මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සුරියප්පෙරුම, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක යන මහත්වරු ද මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

  • ජෛව විවිධත්ව සමුළුව හා ඩිජිටල් යටත්විජිතකරණය CBD, COP16, DSI සහ AI

    ජෛව විවිධත්ව සමුළුව හා ඩිජිටල් යටත්විජිතකරණය CBD, COP16, DSI සහ AI

    ජෛව විවිධත්ව සම්මුතියට අදාළ පාර්ශවකරුවන් ගේ 16 වන සමුළුව 2024 ඔක්තොම්බර් මස 21 වන දින සිට නොවැම්බර් මස 01 වන දින දක්වා කොළොම්බියාවේ කාලි නුවර දී පැවැත්වින. මේ සඳහා සහභාගී වූ මා හට අවබෝධ වූයේ ජෛව විවිධත්ව සම්මුතිය තවදුරටත් ජෛව විවිධත්ව සංරක්ෂණය උදෙසා දායක නොවන බව ය. වර්තමානය වන විට ජාන සම්පත් හා ජනතාව සතු සාම්ප්‍රදායික දැනුම මංකොල්ලය නීත්‍යානුකූල කර ගැනීමට ජපානය ප්‍රමුඛ රටවල බහු ජාතික සමාගම් විසින් ගන්නා දැවැන්ත ජාත්‍යන්තර ක්‍රියාකාරීත්වයක් බවට ජෛව විවිධත්ව සම්මුතිය හා ජෛව විවිධත්ව සමුළුව පත් ව තිබේ.

    ජෛව විවිධත්ව සම්මුතියට අදාළ පාර්ශවකරුවන් ගේ 10 වන සමුළුවේ දී 2010 ඔක්තෝම්බර් මස 29 වන දින ජපානයේ නගෝයා නුවර දී සම්මත කරන ලද නගෝයා ප්‍රොටෝකෝලයට අනුව ජාන සම්පත් සඳහා ප්‍රවේෂය හා ප්‍රතිලාභ බෙදා ගැනීම පිළිබඳ ව මෙම සමුළුවේ දී වැඩි වශයෙන් සාකච්ඡාවට ලක් විය. මීට අමතර ව ජෛව විවිධත්ව සම්මුතියේ අටවන වගන්තිය යටතේ දැක්වෙන ස්ථානීය සංරක්ෂණයට අදාළ කොටසෙහි සඳහන් 8(j) වගන්තියට අනුව සාම්ප්‍රදායික දැනුම, නවෝත්පාදනයන් සඳහා භාවිත කිරීමට අදාළ කරුණු පදනම් කර ගනිමින් සමාගම් විසින් ජාන සම්පත් සහ ආදිවාසීන් හා ප්‍රාදේශීය ප්‍රජාව සතු සාම්ප්‍රදායික දැනුම ඉතා සූක්ෂම ව වාණිජ භාවිතයන් සඳහා අත්පත් කර ගැනීමට විශාල වෙහෙසක් ගන්නා ආකාරය මෙම සමුළුව තුළ නිරීක්ෂණය කළ හැකි විය. ඒ සඳහා ජපානය හා දකුණු අප්‍රිකාව ප්‍රමුඛ දියුණු රටවල සමාගම් ඇතුළු ව රාජ්‍ය නායකයන් විසින් වැඩි උනන්දුවක් ගන්නා ආකාරය පෙනෙන්නට තිබුණි.

    මෙහි දී කෘතිම බුද්ධිය මත පදනම් තාක්ෂණය (Artificial Intelligence – AI) හා ජානමය සම්පත් පිළිබඳ ඩිජිටල් අනුක්‍රමික තොරතුරු (Digital Sequence Information on Genetic Resources – DSI) භාවිත කර සිදු කෙරෙන නව නිෂ්පාදනයන් සඳහා අනාගත ආර්ථික ක්‍රමෝපායන් ඇති කිරීමට බහු ජාතික සමාගම් විසින් වැඩි උත්සාහයක් ගනිමින් සිටී. ඖෂධ මෙන් ම බීජ ඇතුළු කෘෂි නිෂ්පාදන හා සම්බන්ධ සමාගම් මේ පිළිබඳ ව වැඩි අවධානයක් යොමු කරනු සමුළුව පුරා දැක ගන්නට ලැබුණි.

    අනාගතයේ දී ජානමය සම්පත් පිළිබඳ ඩිජිටල් අනුක්‍රමික තොරතුරු මගින් කෘතිම බුද්ධිය භාවිත කර අලුත් ජීවීන් නිර්මාණයට ද බහු ජාතික සමාගම් කටයුතු කරනු ඇත. ඒ පිළිබඳ ව යම් ඉගියක් ලබා දීමට 16 වන සමුළුව පැවති භූමිය පුරා නිර්මාණය කර තිබූ ජගුවරයන් ගේ මූර්ති විචිත්‍රවත් ව නිර්මාණය කර තිබුණි. එය මෙම ජාන තාක්ෂණය හා කෘතිම බුද්ධිය මත අනාගතයේ ජීවීන් නිර්මාණය කරන ආකාරය පිළිබඳ ව ඉගියක් ලබා දීමක් යැයි පෙනෙන්නට තිබේ.

    ඉදිරි අනාගතයේ දී ජෛව විවිධත්වයෙන් ඉහළ අප වැනි නිවර්තන කලාපීය රටවල දැවැන්ත ජාන සම්පත් කොල්ලයක් හා සාම්ප්‍රදායික දැනුම කොල්ලයක් පේටන් බලපත්‍ර මගින් මෙම තාක්ෂණයන් මත පදනම් ව නීත්‍යානුකූල ස්වරූපයකින් සිදු විය හැකි ය. මේ සියල්ල බහු ජාතික සමාගම් සතු වීමෙන් කෘෂිකර්මාන්තය ඇතුළු ආහාර නිෂ්පාදන ක්ෂේත්‍රය, සෞඛ්‍ය ක්ෂේත්‍රය ඇතුළු බොහොමයක් වර්තමානයේ පවතින තත්ත්වයට වඩා දරුණු ලෙස වෙළෙදපොළ ග්‍රහණයට නතු කර ගැනීම මේ මගින් සිදු වනු ඇත. මෙය බහු ජාතික සමාගම්වල කෘෂි රසායනික, බීජ මෙන් ම ඖෂධ ඒකාධිකාරිය අනාගතයේ අත්පත් කර ගන්නා නව ක්‍රමවේදය බවට පත් වනු ඇත. එය අනාගත ඩිජිටල් යටත්විජිතකරණය (Digital Colonialism) යි.

    මෙය පරාජය කිරීමට නම් මේ සියල්ල නිවැරදි ව අවබෝධ කර ගැනීම මෙන් ම ජනතාව ගේ ආහාර ස්වෛරීභාවය, කෘෂි කර්මාන්තය නව මුහුණුවරකින් සමාගම් ආධිපත්‍යයට නතු කර ගැනීමට එරෙහි ව පුළුල් ගැමි ගොවි ව්‍යාපාරයක් ගොඩනැංවිය යුතු ය. මේ තුළින් කෘෂි ජෛව සම්පත් සහ ඒ හා බැදුණු සාම්ප්‍රදායික දැනුම බහු ජාතික සමාගම්වල ග්‍රහණයට නතු කර ගැනීමේ සාහසික ප්‍රයත්නය පරාජය කළ යුතු ය.

    එය පරාජය කළ යුතු වන්නේ මෙම සම්පත්වල හා සාම්ප්‍රදායික දැනුමේ අයිතිය ඇත්තේ වත්මන් පරපුරට හෝ ඒවා වැඩිදියුණු කරන සමාගම්වලට නොවන නිසා ය. ඒ සියල්ලේ අයිතිය ඇත්තේ අප රටවල මුතුන්මිත්තන්ට ය. ඔවුන් දැනපුරුද්ද, දැකපුරුද්ද, කළපුරුද්ද හා පළපුරුද්ද මත ගොඩනැංවූ සාම්ප්‍රදායික දැනුම පෝෂණය කිරීම සඳහා දහඩිය මහන්සිය වැගිරීම පමණක් නොව ජීවිත අහිමි කර ගන්නට ඇත. එසේ ගොඩනැංවූ දැනුම අයිති වන්නේ එම රටවල වත්මන් හා අනාගත පරපුරට ය. ඒ සඳහා ඇත්තේ පොදු අයිතියකි. එම අයිතිය බහු ජාතික සමාගම් සතු කිරීමට කිසිවකුට ඉඩ දිය යුතු නැත.

    එපමණක් නොව මෙතෙක් නගෝයා ප්‍රොටෝකෝලය අපරානුමත නොකළ අප රට එය අඛණ්ඩ ව පවත්වා ගෙන යාමේ ඇති වැදගත්කම බලයට පත් වන ආණ්ඩුවලට අවබෝධ කර දීමට ද මැදිහත් විය යුතු ය.

    සජීව චාමිකර – ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය

     

  • නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි: සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

    නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි: සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

    ජාතික ජන බලවේගය රජයේ නියෝජ්‍ය අමාත්‍යවරු 29 දෙනෙක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (21) ජනාධිපති ලේකම් කාර්යාලයේ දී දිවුරුම් දෙනු ලැබීය.
    නියෝජ්‍ය අමාත්‍යවරු පහත පරිදි වේ.

    01. මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා – ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය
    02. නාමල් කරුණාරත්න මහතා – කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය
    03. වසන්ත පියතිස්ස මහතා – ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීමේ නියෝජ්‍ය අමාත්‍ය
    04. නලින් හේවගේ මහතා – වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය
    05. ආර්. එම්. ජයවර්ධන මහතා – වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා
    06. ගමගෙදර දිසානායක මහතා – බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය
    07. ටී. බී සරත් මහතා – නිවාස නියෝජ්‍ය අමාත්‍ය
    08. රත්න ගමගේ මහතා – ධීවර, ජලජ සහ සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය
    09. මහින්ද ජයසිංහ මහතා – කම්කරු නියෝජ්‍ය අමාත්‍ය
    10. අරුණ ජයසේකර මහතා – ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය
    11. අරුන් හේමචන්ද්‍ර මහතා – විදේශ කටයුතු, විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය
    12. ඇන්ටන් ජයකොඩි මහතා – පරිසර නියෝජ්‍ය අමාත්‍ය
    13. මොහොමඩ් මුනීර් මහතා – ජාතික ඒකාබද්ධතා නියෝජ්‍ය අමාත්‍ය
    14. ඉංජිනේරු එරංග වීරරත්න මහතා – ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය
    15. එරංග ගුණසේකර මහතා – තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය
    16. චතුරංග අබේසිංහ මහතා – කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය
    17. ඉංජිනේරු ජනිත් රුවන් කොඩිතුවක්කු මහතා – වරාය සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය
    18. වෛද්‍ය නාමල් සුදර්ශන මහතා – කාන්තා සහ ළමා කටයුතු නියෝජ්‍ය අමාත්‍ය
    19. රුවන් සෙනරත් මහතා – පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය
    20. වෛද්‍ය ප්‍රසන්න කුමාර ගුණසේන මහතා – ප්‍රවාහන සහ මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය
    21. වෛද්‍ය හංසක විජේමුණි මහතා – සෞඛ්‍ය සහ ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය
    22. උපාලි සමරසිංහ මහතා – සමූපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය
    23. රුවන් චමින්ද රණසිංහ මහතා – සංචාරක නියෝජ්‍ය අමාත්‍ය
    24. සුගත් තිලකරත්න මහතා – ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය
    25. සුන්දරලිංගම් ප්‍රදීප් මහතා – වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් නියෝජ්‍ය අමාත්‍ය
    26. නීතිඥ සුනිල් වටගල මහතා – මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය
    27. වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා – අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය
    28. ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා – මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය
    29. වෛද්‍ය සුසිල් රණසිංහ මහතා – ඉඩම් සහ වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය

    ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා ද දිවුරුම් දීමේ අවස්ථාවට එක්ව සිටියේය.

  • මැතිවරණ කොමිසමෙන් ඡන්ද දායකයින්ට විශේෂ දැනුම්දීමක්

    මැතිවරණ කොමිසමෙන් ඡන්ද දායකයින්ට විශේෂ දැනුම්දීමක්

    ඡන්ද කාඩ්පතක් නොලැබුණත් ඡන්ද හිමි නාමලේඛනයේ ලියාපදිංචි වී ඇත්නම්, අනන්‍යතාව තහවුරු කෙරෙන පිළිගත් ලියවිල්ලක් රැගෙන ගොස් ඡන්දය භාවිත කළ හැකි බව මැතිවරණ කොමිසම ඡන්දදායකයින්ට දැනුම්දෙයි.

    ඊට අදාළ වන්නේ පහත සඳහන් ඒවාය,

    • ජාතික හැඳුනුම්පත
    • වලංගු විදේශ ගමන් බලපත්‍රය
    • වලංගු රියදුරු බලපත්‍රය
    • රාජ්‍ය සේවා විශ්‍රාමික හැඳුනුම්පත
    • වැඩිහිටි හැඳුනුම්පත
    • පූජ්‍ය / පූජක හැඳුනුම්පත
    • ජාතික හැඳුනුම්පතෙහි තොරතුරු තහවුරු කිරීමේ ලිපිය
    • ආබාධිත පුරවැසියන් සඳහා මැතිවරණ කොමිසම නිකුත් කර ඇති තාවකාලික හැඳුනුම්පත
    • මැතිවරණ කොමිසම අනෙකුත් පුද්ගලයින්ට නිකුත් කර ඇති තාවකාලික හැඳුනුම්පත
  • පාස්පෝට් ගන්න ක්‍රියාත්මක වන නව Online ක්‍රමවේදය ගැන ඔබ මේ කරුණු දැන සිටියා ද ?

    පාස්පෝට් ගන්න ක්‍රියාත්මක වන නව Online ක්‍රමවේදය ගැන ඔබ මේ කරුණු දැන සිටියා ද ?

    විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීමට දිනයක් ලබනා 06 වැනිදා සිට මාර්ගගත ලෙස (Online) වෙන් කරවා ගත හැකි බවත් ඒ අනුව නොවැම්බර් 6 වැනිදායින් පසුව දිනයක් වෙන් කරවා ගැනීමේ අපේක්ෂාවෙන් ආගමන විගමන දෙපාර්තමේන්තුවට පැමිණීමෙන් වළකින ලෙසත් ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ වැඩ බලන පාලක ජනරාල් නිලූෂා බාලසූරිය මහත්මිය පැවසුවාය.

    ඇය මේ බව පැවසුවේ අද (04) පැවැති මාධ්‍ය හමුවකදී ය.

    මේ සම්බන්ධයෙන් තව දුරටත් කරුණු පැහැදිලි කරමින් නිලූෂා බාලසූරිය මහත්මිය මෙසේ ද පැවසුවාය. ” ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සතුව මාර්ග ගතක්‍රමය හරහා දිනයක් ලබා ගැනීම සඳහා පසුගිය කාලයේ පැවති ක්‍රමවේදය විවිධ හේතූන් නිසා ක්‍රියාත්මක කළ නොහැකි තත්ත්වයට පත්වුණා. ඒ අතර වාරයේදී දෙපාර්තමේන්තුව සතු විදේශ ගමන් බලපත්‍ර තොගය සීමා වීමේ හේතුවෙන් ඉල්ලුමට සරිලන ආකාරයේ මහජනතාව වෙත ගමන් බලපත්‍ර ලබාදීමේ අපහසුතාවයක් පැන නැගුණු අතර ගුවන් ගමන් බලපත්‍රයක් ලබා ගැනීමේ අපේක්ෂාවෙන් අයදුම්කරුවන් විශාල ප්‍රමාණයක් දෙපාර්තමේන්තුව වෙත පැමිණියා. එම උද්ගත වූ තත්ත්වය තුළදී ගමන් බලපත්‍රයක් සකසා ගැනීම සඳහා දෙපාර්තමේන්තුව වෙත පැමිණ ඉදිරි දිනයක් ලබා ගැනීමට සිදුවීමෙන් මහජනතාවට අපහසුතාවයට හා පීඩාවට පත්වීමට සිදුවූ බව දෙපාර්තමේන්තුවට නිරීක්‍ෂණය වුණා. මහජනතාව වෙත වඩාත් පහසු සේවාවක් ලබාදීම සඳහා ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පසුගිය කාලය පුරා විවිධ අත්හදා බැලීම් සිදු කළ අතර එහි ප්‍රතිඵලයක් ලෙස පහත දැක්වෙන මාර්ගගත ක්‍රමය හඳුන්වාදීමට තීරණය කළා. ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ www.immigration.gov.lk වෙබ් අඩවියට පිවිස “විදේශ ගමන් බලපත්‍රය ලබාගැනීම සඳහා දිනයක් වෙන් කර ගැනීම” යන සබැඳියට පිවිසීම තුළින් ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා දිනයක් වෙන්කර ගත හැකියි.

    මෙම මාර්ගගත ක්‍රමවේදය 2024.11.06 දින සිට ආරම්භ කරනවා. ඒ හේතුවෙන් දිනයක් වෙන් කර ගැනීමේ අපේක්ෂාවෙන් මින් ඉදිරියට දෙපාර්තමේන්තුව වෙත පැමිණීමෙන් වළකින ලෙස මහජනතාව වෙත කාරුණිකව දැනුම් දෙන්න කැමතියි.

    අන්තර්ජාල පහසුකම් සහිත ඕනෑම පරිගණක යන්ත්‍රයකින් හෝ ජංගම දුරකථනයකින් ආගමන හා විගමන දෙපාර්තමේන්තු වෙබ් අඩවියට ප්‍රවේශ වීමේ හැකියාව මහජනතාව වෙත ඇති බැවින් කිසිදු වෙනත් ආයතනයක් හෝ පාර්ශවයක් වෙත මුදල් ගෙවීමෙන් වළකින ලෙස අවධාරණය කරනවා. නීත්‍යානුකූල නොවන ලෙසට මාර්ගගත ක්‍රමවේදයට ප්‍රවිෂ්ට වීමට උත්සාහ කිරීමෙන් දිනයක් වෙන් කර ගැනීමේ හැකියාව තවදුරටත් ප්‍රමාද වීමට ඒ හේතුවක් විය හැකියි. දිනයක් වෙන් කර ගැනීමේදී ඇතිවන තාක්ෂණික ගැටලුවලට රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය දුරකථනය වන 1919 හරහා පිළිතුරු ලබාගත හැකි අතර, ඉතා නුදුරු දිනකදී ආගමන හා විගමන දෙපාර්තමේන්තු තොරතුරු කේන්ද්‍රය වන 1962 හරහාද මෙම නව මාර්ගගත ක්‍රමවේදය පිළිබඳ ඇති වන ගැටලු විමසිය හැකියි“

  • පුළුවන්නම් උගන්ඩාවේ අපේ ඩොලර් බිලියන ගාන ගෙනත් දෙන්න- නාමල් ජනපතිගෙන් ඉල්ලයි

    පුළුවන්නම් උගන්ඩාවේ අපේ ඩොලර් බිලියන ගාන ගෙනත් දෙන්න- නාමල් ජනපතිගෙන් ඉල්ලයි

    රාජපක්ෂ පාලනය විසින් උගන්ඩාව ඇතුළු රටවල ඩොලර් බිලියන ගණනක මුදල් සොරකම් කර සඟවා ඇතැයි එල්ල කරන ලද චෝදනා ඔප්පු කරන්නැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා විසින් ජනාධිපති අනුර දිසානායක මහතාට අභියෝග කරයි.

    ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේදී අනුර දිසානායක මහතා කළ ප්‍රකාශයක් තම සමාජ ජාලය ගිණුමේ පලකරමින් ඔහු සඳහන් කළේ වසර ගණනාවක් තිස්සේ ජනාධිපතිවරයා ඇතුළු කණ්ඩායම් විසින් තම පවුල මහජන මුදල සොරකම් කළ බවට ප්‍රකාශ කරන බවයි.

    දැන් ඔහුට එම චෝදනා ඔප්පු කිරීමට කාලය පැමිණ ඇතැයිද හෙතෙම සඳහන් කළේය.

    උගන්ඩාවේ හංගපු ඩොලර් ගෙනත් පෙන්නන්න (වීඩියෝ)

  • ඩිජිටල් ආර්ථික ක්‍රමෝපාය 2030 වැඩසටහන ඇරඹෙයි

    ඩිජිටල් ආර්ථික ක්‍රමෝපාය 2030 වැඩසටහන ඇරඹෙයි

    මෙරට ආර්ථිකය නිවැරදි මගකට යොමු කෙරෙන ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත සම්මත කර ගැනිමට සහාය වූ පාර්ලිමේන්තුවේ සියලු දේශපාලන පක්ෂ වෙත සිය ස්තුතිය පළ කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම වැඩපිළිවෙළ අඛණ්ඩව ඉදිරියට ගෙන යාමට එක්වන ලෙස සියලු දේශපාලන පක්ෂ වෙත ආරාධනා කළේය.

    අපනයන කේන්ද්‍රීය ඩිජිටල් සහ හරිත ආර්ථිකයක් රට තුළ ගොඩනැඟිමට අවශ්‍ය පරිපාලන සහ ආයතනික ව්‍යුහය මෙම පනත් කෙටුම්පත තුළ අන්තර්ගත බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ, අධ්‍යාපන හා තාක්ෂණ අමාත්‍යාංශ එකාබද්ධව ක්‍රියාත්මක කරන “ඩිජිටල් ආර්ථික ක්‍රමෝපාය 2030” වැඩසටහන යටතේ පාසල් සහ පිරිවෙන් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබාදීම වෙනුවෙන් රඹුක්කන පරාක්‍රම මහා විද්‍යාලයේදී අද (26) පැවති උත්සවයට එක්වෙමිනි.

    ඩිජිටල්කරණය රට තුළ ව්‍යාප්ත කිරීමේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ වැඩපිළිවෙළට අනුව තාක්ෂණ අමාත්‍යාංශය විසින් “ඩිජිටල් ආර්ථික ක්‍රමෝපාය 2030” ක්‍රියාත්මක කර තිබෙන අතර, යටිතල පහසුකම්, සම්බන්ධතාවය සහ ප්‍රවේශය, නිපුණතා, සාක්ෂරතාවය, කර්මාන්ත සහ රැකියා, සයිබර් ආරක්ෂාව, ආරක්ෂාව සහ පෞදගලිකත්වය, ඩිජිටල් මූල්‍ය සේවා, සම්බන්ධිත ඩිජිටල් රජය, කර්මාන්ත අංශ සහ ඩිජිටල්කරණය යන මූලික කුලුණු 06ක් යටතේ මෙම වැඩසටහන ක්‍රියාවට නංවා තිබේ.

    මෙම කුලුණු යටතේ ඩිජිටල්කරණය බිම් මට්ටමට ගෙනයෑමේ මූලික අදියර කෑගලු දිස්ත්‍රික්කයේ ආරම්භ කෙරුණු අතර කෑගල්ල දිස්ත්‍රික්කයේ පිරිවෙන් 42කට හා පාසල් 62කට සුහුරු පන්ති කාමර උපකරණ කට්ටල බෙදාදීම ද මෙහිදී සිදු කෙරිණි.

    රඹුක්කන පරාක්‍රම විද්‍යාලයට ජනාධිපතිවරයෙක් පැමිණි පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයක් වන අතර මෙහිදී සිසු දරුවන් විසින් මහත් හරසරින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව පිළිගනු ලැබිණි.

    මේ අතර ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් මිලියනයකට අධික සංඛ්‍යාවක් සවිබල ගැන්වීමේ දීපව්‍යාප්ත වැඩසටහන යටතේ කෑගල්ල දිස්ත්‍රික්කය තුළ QR කේත ක්‍රමය හඳුන්වා දීම වෙනුවෙන් පින්නවල සත්වොද්‍යාන පරිශ්‍රයේ අද (26)පැවති උත්සවයට ද ජනාධිපතිවරයා එක් විය.

    සංචාරක හා ඉඩම් අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරන පින්නවල කිතුල්ගල සංචාරක තීරය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය යටතේ රඹුක්කන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නව ව්‍යාපෘති 07ක් සංවර්ධනය කිරීමට නියමිතය. ඒ යටතේ හිරිවඩුන්න පාලම අසල සිට පින්නවල අලි අනාතාගාරය දක්වා මං තීරුව සංවර්ධනය කිරීම, පින්නවල අලි අනාථාගාරය හා පින්නවල සත්වෝද්‍යානය අවට වීථි පහන් සවිකිරීම, පින්නවල ඉපැරණිගම සංචාරක ආකර්ෂණ ස්ථානයක් ලෙසට වැඩි දියුණු කිරීම, දැලිවල කොටවෙහෙර විහාරස්ථානය සංචාරක ආකර්ෂණ ස්ථානයක් ලෙස සංවර්ධනය කිරීම, පින්නවල අලි අනාථාගාරය අසල රථ වාහන නැවතුම්පොළ සහ යෝජිත කඩ සාප්පු සංකීර්ණය සංවර්ධන කිරීම, පින්නවල සත්වෝද්‍යාන රථගාල හා සනීපාරක්ෂක පහසුකම් වැඩිදියුණු කිරීම සහ පින්නවල අලි අනාථාගාරය ඉදිරිපිට මාර්ග සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කිරීම ද මෙහිදී සිදුකෙරිණි.

    පින්නවල සත්වෝද්‍යාන පරිශ්‍රයේ පැවති DIGIECON ප්‍රදර්ශන කුටි නැරඹීමට ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී එක් වූ අතර QR කේතය මඟින් ගෙවීම් නිල වශයෙන් ආරම්භ කිරීම ද ජනාධිපතිවරයා අතින් සිදු විය.

    පින්නවල වාගොල්ල කෘෂි පුහුණු මධ්‍යස්ථානය ඉදිකර තිබෙන කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ගොඩනැඟිලි පරිශ්‍රය නිරීක්ෂණය කිරීමට ද අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්විය.

    ව්‍යවසායකයින් ට SLS සහතික පිරිනැමීමද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

  • මහ බැංකුව ප්‍රතිපත්ති පොලී අනුපාතික තවදුරටත් අඩු කරයි

    මහ බැංකුව ප්‍රතිපත්ති පොලී අනුපාතික තවදුරටත් අඩු කරයි

    ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය 2024 ජූලි මස 23 වැනි දින පැවති රැස්වීමේ දී මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින්, සියයට 8.25 සහ සියයට 9.25 දක්වා පදනම් අංක 25කින් අඩු කිරීමට තීරණය කළේය.

    ආර්ථිකයට එහි උපරිම ධාරිතා මට්ටම කරා ළඟා වීමට සහාය වෙමින්, මැදි කාලීනව උද්ධමනය ඉලක්කගත සියයට 5ක මට්ටමේ පවත්වාගෙන යෑම සඳහා වත්මන් සහ අපේක්ෂිත සාර්ව ආර්ථික ප්‍රවණතා මෙන්ම දේශීය හා ගෝලීයව ඇතිවිය හැකි අවදානම් පිළිබඳව ද මනාව සලකා බැලීමෙන් අනතුරුව මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය මෙම තීරණයට එළැඹිණි. මෙම තීරණයට එළැඹීමේ දී, අඩු උද්ධමන ඉදිරි දැක්මක් මධ්‍යයේ, ආර්ථික ක්‍රියාකාරකම් සඳහා සහාය වීමට වෙළඳපොළ ණය පොලී අනුපාතික තවදුරටත් පහළ යෑම අවශ්‍ය බවත් ඒ සඳහා ලිහිල් මුදල් ප්‍රතිපත්තිය අඛණ්ඩව පවත්වාගෙන යෑමේ ස්ථාවරය වෙළඳපොළ වෙත දැනුම් දීමේ අවශ්‍යතාවයත් මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය විසින් සලකා බලන ලදී.

    දැනට පවතින තොරතුරු අනුව, උද්ධමනය මැදි කාලීනව ඉලක්කගත මට්ටම වෙත ළඟා වීමට පෙර ඉදිරි මාස කිහිපය තුළ දී සැලකිය යුතු ආන්තිකයකින් සියයට 5ක උද්ධමන ඉලක්කයට වඩා අඩු මට්ටමක පවතිනු ඇති බව මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය නිරීක්ෂණය කළේය.

  • ජනාධිපති යුනෙස්කෝ සහාය ගන්න යන්නේ කුමක් නවීකරණය කරන්න ද ?

    ජනාධිපති යුනෙස්කෝ සහාය ගන්න යන්නේ කුමක් නවීකරණය කරන්න ද ?

    මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයේ සිදු කිරීමට නියමිත පුළුල් නවීකරණ වැඩසටහන සඳහා යුනෙස්කෝ සංවිධානයේ අධ්‍යාපන අංශයේ සහාය ලබා ගැනීම පිළිබඳ සාකච්ඡා කරන බවත්, එසේම එම ප්‍රතිසංස්කරණ වෙනුවෙන් ලෝක බැංකුවේ සහ ආසියානු සංවර්ධන බැංකුවේ ද සහාය ලබා ගන්නා බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

    කෘත්‍රීම බුද්ධිය (AI) ඇතුළු නවීන තාක්ෂණය සමඟ බද්ධ වූ දියුණු අධ්‍යාපන ක්‍රමයක් රට තුළ නිර්මාණය කර නවීන ලෝකය සමඟ ඉදිරියට යාමට මෙරට දරුවන්ට අවස්ථාව උදා කර දෙන බවද ජනාධිතිවරයා සඳහන් කළේය.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ මොනරාගල බුදුරුවගල මහා විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරයට ඊයේ (17) ජනාධිපති කාර්යාලයේ දී එක් වෙමිනි.

    පසුගියදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මොණරාගල බුදුරුවගල මහා විද්‍යාලයට පැමිණි අවස්ථාවේ එම සිසුන් වෙත කරන ලද ආරාධනය අනුව මෙලෙස විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය ජනාධිපති කාර්යාලයේ ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

    ජනාධිපතිවරයා එම සිසුන් වෙත ලබා දී තිබු පොරොන්දුවක් ඉටු කරමින් වටිනා සංගීත භාණ්ඩ තොගයක් ද ඉතා කෙටි කලක් තුළ විද්‍යාලය වෙත ප්‍රදානය කිරීමට කටයුතු කිරීම පිළිබඳව ද මෙහිදී සිසු දරුවන් ජනාධිපතිවරයා වෙත සිය ස්තූතිය පළ කර සිටියහ.

    එම විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුව නියෝජනය කරන සභිකයින් 96 දෙනෙකු පමණ ශිෂ්‍ය පාර්ලිමේන්තුව සඳහා එක්ව සිටී අතර ඔවුන්ට සහතික පත්‍ ප්‍රදානය කිරීම ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ හා පාර්ලිමේන්තු මහ ලේකම් කුෂානි රෝහණධීර මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදු විය.

    මෙහිදී සිසු දරුවන් ඇමතු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේ රට ගොඩනඟන අනාගත නායකයන් බිහි වන්නේ මෙම ශිෂ්‍ය පාර්ලිමේන්තු තුළින් බවයි. එහිදී ලබා ගන්නා අත්දැකීම් එම කටයුතුවලට මනා පිටිවහලක් වනු ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා මේ වන විට බොහෝ පාසල්වල ශිෂ්‍ය පාර්ලිමේන්තු ක්‍රියාත්මකවීම සතුටට කරුණක් බවද පැවසීය.

    ජනාධිපති ලේකම් කාර්යාලය පිහිටි පැරණි පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ ඓතිහාසික හා පෞරාණික පසුබිම මෙහිදී සිසු දරුවන්ට පැහැදිළි කර දුන් ජනාධිපතිවරයා ඔවුන් සමඟ සුහද කථා බහක නිරත වෙමින් ව්‍යවස්ථා සභා ඇතුළු පාර්ලිමේන්තු ක්‍රමයේ විකාශය පිළිබඳවද දැනුවත් කළේය.

  • ‘Tatoo man’s’ පොච්චාරණය: පාර්ලිමේන්තුව ඇවිලෙයි

    ‘Tatoo man’s’ පොච්චාරණය: පාර්ලිමේන්තුව ඇවිලෙයි

    අතුරුගිරියේ ‘ක්ලබ් වසන්ත’ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින ‘ටැටූ ෂොප්‘ හිමියාගේ පාපොච්චාරණයට අදාළ වීඩියෝ පටය ඊයේ (10) විකාශය කිරීම සම්බන්ධයෙන් මන්ත්‍රීවරු අද (11) පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළහ.

    එහිදී ප්‍රශ්නය මතු කළ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා මුලින් කියා සිටියේ එම වීඩියෝ පටය මාධ්‍ය සංදර්ශනයක් බවයි.

    “පොලිසිය සැකකරුගෙන් මීට පෙර ප්‍රශ්න කර පසුව මාධ්‍ය සංදර්ශනයක් ද පවත්වා ඇති බව පැහැදිලියි. සැකකරුගෙන් ප්‍රශ්න කළ නියෝජ්‍ය පොලිස්පතිවරයා යම් යම් කරුණු අමතක කර සිරවූ සෑම අවස්ථාවකම ඔහුට යම් යම් කරුණු මතක් කර දෙන අයුරු අපි පැහැදිලිව දැක්කා. මේ වගේ තත්ත්වයක් පිළිගන්න බැහැ“ අනුර කුමාර දිසානායක කීවේය.

    විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ලක්‍ෂ්මන් කිරිඇල්ල පැවසුවේ මෙම වීඩියෝ පටය විකාශය කිරීම පිටුපස ඇති අරමුණ ඝාතනයට වගකිවයුත්තන් නිදහස් කිරීම විය හැකි බවයි.

    මෙම සිදුවීම සම්බන්ධයෙන් දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා දැඩි අප්‍රසාදය පළ කළ අතර මේ හරහා සමාජයට නිකුත් වන පණිවුඩය බිහිසුණු බව පැවසුවේය.

    එම වීඩියෝ පටය ප්‍රසිද්ධියේ විකාශය කිරීම විමර්ශනවලට මෙන්ම අධිකරණ කටයුතුවලට ද බලපානු ඇතැයි සභානායක සුසිල් ප්‍රේමජයන්ත ද ප්‍රකාශ කළේය.

  • ඕස්ට්‍රේලියාවේ  කිඹුලෙක් ‘12 හැවිරිදි දැරියක්‘ පණ පිටින් කාලා

    ඕස්ට්‍රේලියාවේ කිඹුලෙක් ‘12 හැවිරිදි දැරියක්‘ පණ පිටින් කාලා

    ඕස්ට්‍රේලියාවේ උතුරු ප්‍රදේශයේ කිඹුලන් ගහනය පාලනය කිරීම සඳහා අතිරේක ක්‍රියාමාර්ග ගත යුතුද යන්න පිළිබඳව පසුගිය දා එල්ල වූ ප්‍රහාරය සමග යළිත් සාකච්ඡාවට ලක්ව තිබේ. මෙම ආරක්‍ෂිත සත්ත්ව විශේෂය වඩ වඩාත් මිනිසුන් සමඟ ගැටෙමින් සිටී.

    පසුගිය සතියේ සිය පවුලේ අය සමඟ පිහිනමින් සිටියදී 12 හැවිරිදි දැරියක් මරා දැමීමෙන් පසු උතුරු ඕස්ට්‍රේලියාවේ අඩි 14ක් දිග කිඹුලෙකු රේන්ජර්වරයෙකු විසින් වෙඩි තබා මරා දමා ඇති බව පොලිසිය ප්‍රකාශ කළේය.

    මෙම දැරියගේ මරණය 2018 වසරේ උතුරු ප්‍රදේශයේ ගංඟාවක මට්ටි එකතු කරමින් සිටි ආදිවාසී කාන්තාවක් මරා දැමීමෙන් පසු උතුරු ප්‍රදේශයේ එල්ල වූ පළමු මාරාන්තික කිඹුල් ප්‍රහාරයයි. මෙම ප්‍රහාරය නිසා ආරක්‍ෂිත විශේෂයන් වැඩි වැඩියෙන් මිනිසුන් ආක්‍රමණය කර ඇති උතුරු ප්‍රදේශයේ කිඹුලන් ගහනය මැඩලීමට තවත් යමක් කළ යුතුද යන්න පිළිබඳ විවාදයක් නැවත ඇති කර තිබේ.

    උතුරු ප්‍රදේශයේ පිටස්තර ආදිවාසී ප්‍රජාවක් වන පාළුම්ප අසල මැංගෝ ක්‍රීක් ප්‍රදේශයේදී පසුගිය සතියේ දැරිය ප්‍රහාරයට ලක් වූ දා සිට වනජීවී නියාමකයින් කිඹුලා කොටු කිරීමට හෝ වෙඩි තැබීමට උත්සාහ කර ඇත. කලාපයේ සාම්ප්‍රදායික ඉඩම් හිමියන්ගෙන් අවසර ලබා ගැනීමෙන් පසු ඔවුන් පසුගිය ඉරිදා සත්වයාට වෙඩි තබා ඇත. බොහෝ ආදිවාසී ඕස්ට්‍රේලියානුවන් කරදිය කිඹුලන් ශුද්ධ වූ වස්තූන් ලෙස සලකනු ලැබේ.

    පොලිසිය පැවසුවේ දැරිය ඝාතනය කළේ සතා විසින් බව විශ්ලේෂණයෙන් තහවුරු වී ඇති බවයි. “පසුගිය සතියේ සිදුවීම් පවුලට විශාල බලපෑමක් ඇති කර ඇති අතර බලපෑමට ලක් වූ සෑම කෙනෙකුටම ප්‍රාදේශීය පොලිසිය අඛණ්ඩව සහයෝගය ලබා දෙනවා” ජ්‍යෙෂ්ඨ සාජන්ට්. එරිකා ගිබ්සන් පැවසුවාය.

    උතුරු ප්‍රදේශය පදනම් කරගත් කිඹුල් විද්‍යාඥ ග්‍රැහැම් වෙබ් පැවසුවේ ඝාතනය කරන ලද කිඹුලා පිරිමි සත්ත්වයෙක් විය යුතු අතර අවම වශයෙන් අවුරුදු 30 ක් විය යුතු බවයි. ඔවුන් ඔවුන්ගේ ජීවිත කාලය පුරාම වර්ධනය වන අතර අවුරුදු 70 ක් දක්වා ජීවත් විය හැකිය.

    ප්‍රහාර මැඩලීමේ 10 අවුරුදු සැලැස්මට රජය අනුමැතිය

    ගැහැණු ළමයාගේ මරණය සිදු වූයේ කිඹුලන් ගහණය පාලනය කිරීමේ වසර 10ක සැලැස්මක් උතුරු ප්‍රදේශය අනුමත කිරීමෙන් සති කිහිපයකට පසුවය.

    කිඹුලන්ට මිනිසුන් අභිබවා යාමට ඉඩ දිය නොහැකි බව නවතම මරණින් පසු උතුරු ප්‍රදේශ රජය ප්‍රකාශ කළේය. උතුරු ප්‍රදේශයට ප්‍රංශය සහ ස්පාඤ්ඤයට සමාන භූමි ප්‍රදේශයක් ඇති නමුත් එහි ජීවත් වන්නේ පුද්ගලයන් 250,000 ක් පමණි. නමුත් එහි වාසය කරන කිඹුලන් සංඛ්‍යාව 100,000ක් ලෙස ගණන් බලා ඇත.

    1971 දී ෆෙඩරල් නීති මගින් කිඹුලන් දඩයම් කිරීම තහනම් කිරීමට පෙර කිඹුලන් ගහනය 3,000ක් තරම් අඩු විය.

    Webb පැවසුවේ මෑත වසරවලදී ආහාර හෝ භූමිය සඳහා එකිනෙකා මරා දැමීමෙන් භූමියේ කිඹුලන් ඔවුන්ගේම ජනගහනය බොහෝ දුරට ස්ථාවර කර ඇති බවයි.

    “ඔවුන් එකිනෙකා කනවා. කරදිය කිඹුලන් ඔවුන්ගේම ජනගහනය පාලනය කර තිබෙනවා. ඇත්ත වශයෙන්ම ඔවුන්ව පාලනය කර ඇත්තේ මිනිසුන් නොවේ, ”වෙබ් පැවසීය.

    ඔස්ට්‍රේලියානු මාධ්‍ය ඇසුරිණි