අනන්ත – රාධිකා මහා මංගල්‍ය යේ සුපිරි ආරාධිතයින් අතර නාමල් සහ මහේලත්

ලෝකයේ 10 වැනි පොහොසතා ලෙස සැලකෙන මුකේෂ්  අම්බානිගේ පුත්‍රයා වන අනන්ත අම්බානිගේ විවාහ මංගල්‍යයේ ආරාධිතයන් අතර ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු නායක මහේල ජයවර්ධන සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ද සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කියයි. අනන්ට් අම්බානිගේ සහ රාධිකා මර්චන්ට්ගේ…
අධික ලෙස දුම් පිට කළොත් වෙන දේ VET අධ්‍යක්ෂ කියයි

අධික ලෙස දුම් පිටකරන වාහන අසාදු ලේඛනගත කරන බව මෝටර් රථ වාහන විමෝචන පරීක්ෂණ භාර අරමුදල (Vehicular Emission Test Trust Fund – VET) නිවේදනය කරයි. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ පැවසුවේ එවැනි වාහන පිළිබඳ පැමිණිලි 070 3500 525 WhatsApp අංකයට යොමු…
lean proteins වකුගඩු රෝගීන්ට වඩාත් හොඳ ඇයි ?

වකුගඩු සඳහා අඩු වැඩ /  Less Work for the Kidneys: ඔබේ වකුගඩු මගින් අපද්‍රව්‍ය රුධිරයෙන් ඉවත් කරනු ලැබේ. ප්‍රෝටීන් බහුල ආහාර මගින් වකුගඩුවලට වෙහෙසට පත් විය හැකිය, මන්ද ඒවා වැඩිපුර අපද්‍රව්‍ය නිපදවන බැවින් ඒවා වකුගඩු මගින් පෙරීම ද කළ යුතුය.…
Elon Musk’s ‘X‘ වෙත යුරෝපා කොමිෂම කළ ‘බරපතළ‘ චෝදනා  මෙන්න !

Elon Musk ගේ සමාජ මාධ්‍ය වේදිකාව වන X (කලින් Twitter ලෙස හැදින්විය) විසින් සමූහයේ නව සමාජ මාධ්‍ය රෙගුලාසි උල්ලංඝනය කරන බවට යුරෝපා සංගමය චෝදනා කර ඇත. යුරෝපීය කොමිසම විසින් ඩිජිටල් සේවා පනත (Digital Services Act – DSA) යටතේ X පිළිබඳ…
දීපිකා  අම්බානිගේ සහ රාධිකාගේ විවාහ මංගල්‍යයේදී ‘සීරිස් තාරකාව‘ වුණේ ඇයි ?

ප්‍රකෝටිපති අම්බානි පුත්‍රයාගේ විවාහා මංගල්‍යය ඊයේ (12) මුම්බාහි දී ආරම්භ වූ අතර එය දින හතරක් පුරා අති උත්කර්ෂවත් ලෙස පැවැත්වේ. මේ විවාහ මංගල්‍ය සඳහා ලෝ ප්‍රකට ව්‍යාපාරිකයින්, දේශපාලනඥයින් පමණක් නොව හොලිවුඩ් සහ බොලිවුඩ් තරු ද සහභාගී වන බව වාර්තා වේ.…
‘සියවසේ මහා මංගල්‍යට මුම්බායි සූදානම් වන හැටි‘

‘ෆෝබ්ස් සඟරාවට‘ අනුව ලෝකයේ 10 වැනි ධනවත්ම පුද්ගලයා වන මුකේෂ් අම්බානිගේ බාල පුත්‍රයා වන අනන්ට් අම්බානි ඔහුගේ ආදරණීය රාධිකා මර්චන්ට් සමඟ විවාහ වීමට නියමිතය. මුම්බායි හි මධ්‍යම ව්‍යාපාරික දිස්ත්‍රික්කයේ බන්ද්‍රා කුර්ලා මධ්‍යස්ථානයේ (බීකේසී) ජියෝ වර්ල්ඩ් සෙන්ටර් හිදී මහා ඉන්දීය විවාහ…
ජනපති ධූර කාලය පිළිබඳ ව්‍යවස්ථා සංශෝධනය ගැන එරාන්ට බරපතළ සැකයක්

ජනාධිපතිවරණය පිළිබඳව නීති ක්‍රියාත්මක කිරීමේදී කිසිදු අවුල් සහගත තත්ත්වයක් නොතිබියදී මේ මොහොතේ අනවශ්‍ය ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇතැම් වගන්ති සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබීම ජනාධිපති මැතිවරණය කල් තැබීමට දැයි  ජනතාව තුළ මෙන්ම නීතිශේත්‍රයේ සිටීආන අය තුළද  සාධාරණ සැකයක් හටගෙන තිබේ. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 30 (2) වගන්තිය සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය ගැනීම සම්බන්ධයෙන් බ්‍රහස්පතින්ඥා පාර්ලිමේන්තුවේ පැවති කල් තැබීමේ විවාදය අමතමින් ස.ජ.බ. පාර් ලිමේන්තු මන්ත්‍රී මෙසේ පැවසීය. එහිදී වැඩි දුරටත් කතා කළ හෙතම මෙසේ ද කීය විශේෂයෙන්ම ජනාධිපතිවරණය ළං වෙලා තියෙන මේ වෙලාවේ මේ ව්‍යාකූලත්වය ඇති කරන්නේ ඇයි කියලා මම ජනාධිපතිතුමාගෙන් අහන්න ඕන. අපි කවුරුත් දන්නා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 30 (2) වගන්තියේ ඉතා පැහැදිලිව සඳහන් වන පරිදි ජනාධිපති ධුර කාලය වසර පහක් බව…
LPL කොළඹ ප්‍රවේශපත් අළෙවිය ඇරඹෙයි

ලංකා ප්‍රිමියර් ලීග් -5 ක්‍රිකට් තරගාවලියේ කොළඹ අදියරයේ ප්‍රවේශපත්‍ර අළෙවිය මේ වන විටත් ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබෙන අතර එම ප්‍රවේශපත්‍ර පහත ප්‍රවේශපත්‍ර කවුළුවලින් ලබාගත හැකි බව නිවේදනය කර සිටියි. තරගාවලියේ දෙවැනි අදියර කොළඹ ආර්. ප්‍රේමදාස…
පුරවැසියන්ගේ ‘දුරකතන ඇමතුම් ටැප්’ කිරීමට පකිස්ථාන බුද්ධි අංශයට අවසර

ජාතික ආරක්ෂාව වෙනුවෙන් පුරවැසියන්ගේ දුරකතන ඇමතුම් සහ කෙටි පණිවිඩ ‘ග්‍රහණය කිරීමට’ පකිස්ථානයේ ෆෙඩරල් රජය අන්තර්-සේවා බුද්ධි අංශයට (ISI) අවසර දී තිබේ. මේ සම්බන්ධයෙන් විපක්ෂය නියෝජනය කරන දේශපාලන නායකයින් පමණක් නොව සමාජ ක්‍රියාකාරීන් ද කනස්සල්ල පළ කරන අතර, ඔවුන්ගේ අදහස වන්නේ,…
UNESCO අධ්‍යක්ෂ ජනරාල්  ශ්‍රී ලංකාවේ සංචාරයක

එක්සත් ජාතීන්ගේ, අධ්‍යාපනික, විද්‍යාත්මක සහ සංස්කෘතික සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ඕද්රි අසූලේ මහත්මිය, ශ්‍රී ලංකා රජයේ ආරාධනයෙන් 2024 ජූලි 16 සිට 19 වැනි දින දක්වා ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක සදහන් වේ. මෙම සංචාරය…
නව නීතිපතිවරයා පත් කරයි

නව නීතිපතිවරයා ලෙස ජනාධිපති නීතිඥ කේ. ඒ. පාරින්ද රණසිංහ මහතා අද (12) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 61 ඊ (ආ) වගන්තිය ප්‍රකාරව පැවරී ඇති බලතල අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම…
වත්මන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වල අපේක්ෂා ගැන ඇමැති හෙළිකරයි

රටේ අනාගත පරම්පරාව බිහි කරන ගෞරවාන්විත සේවයක් ලෙස ගුරුවරුන්ට විශාල වගකීමක් පැවරෙනවා – අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය අර්වින්ද් කුමාර්. වත්මන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය තුළින් මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයේ මෙතෙක් සිදු නොවූ විශාල වර්ධනයක් ඇති කර ගත හැකි බව අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය අර්වින්ද්…
දුම්රිය වැඩවර්ජනය ගැන ‘සුබ පණිවුඩයක්‘

ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය (SLRSMU) අද (11) රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන දුම්රිය වර්ජනය අත්හිටුවීමට තීරණය කර තිබේ. ඒ අනුව අද මධ්‍යම රාත්‍රිය වන විට සේවයට වාර්තා කරන නිලධාරීන්ට එරෙහිව කිසිදු…
වේග සීමා රෙගුලාසි ඇතුළත් ගැසට් පත්‍රය සූදානම්

වර්තමානයේ ආරම්භ කර තිබෙන වැඩවර්ජන සැබෑ වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් නොව දේශපාලන අවශ්‍යතා මත සිදු වන්නක් බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවසීය. එසේම මාර්ග අනතුරු අවම කර ගැනීම සඳහා වේග සීමා සම්බන්ධයෙන් අවශ්‍ය කෙරෙන රෙගුලාසි ඇතුළත් ගැසට් පත්‍රය ඉදිරි…
වාහන ආනයනයට සූදානම් ද ? – මුදල් රාජ්‍ය ඇමැති කළ හෙළිදරව්ව

එළඹෙන අගෝස්තු මාසයේ සිට මෙරටට නැවත වාහන ආනයනය කිරීම ආරම්භ කරන බව මුදල් රාජ්‍ය ඇමති රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. විශේෂ අනුපිළිවෙලක් යටතේ වාහන ආනයනය කිරීමට එහිදී කටයුතු කරන බවද ඒ පිළිබඳව වැඩපිළිවෙළක් ඇතුළත් කමිටු වාර්තාව කැබිනට් මණ්ඩලයට ලැබීමට නියමිත බවත්…
මහින්ද එක්ක බලද්දී රනිල් ‘මොන ගේම්කාරයෙක්ද ? ‘ අනුර

රනිල් වික්‍රමසිංහ මහතා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙන් ‘ගේම්කාරයෙක්‘ හෝ කපටියෙක් නොවන බවත් රනිල් වික්‍රමසිංහ මහතා මෙතෙක් කළ සියලුම ගේම් අසාර්ථක වූ බවත් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි. ඔහු පැවසුවේ ජනාධිපතිවරණය වැළැක්වීමට ඔහු කළ සැලසුම්…