එජාපයේ ඉන්නේ ඇමරිකාවට වහිනකොට ලංකාවේ ඉදන් කුඩ ඉහලන නායකයෝ (වීඩියෝ)

එජාපයේ ඉන්නේ ඇමරිකාවට වහිනකොට ලංකාවේ ඉදන් කුඩ ඉහලන නායකයෝ (වීඩියෝ)
Spread the love

ඇමරිකාවට වහිද්දී ලංකාවේ සිට කුඩ ඉහලන එක්සත් ජාතික පක්ෂ නායකයින් කිසිදා රටේ ස්වෛරීභාවය, භෞමික අඛණ්ඩතාවය වෙනුවෙන් පෙනී නොසිටිය බවත්, කතා නොකළ බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කොළඹ දිස්ත්‍රික් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා පවසයි.

සේනාධිනායකයා වශයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් හමුදාපතිධුරය සඳහා පත්කළ ශවේන්ද්‍ර සිල්වාට ඇමරිකාව ඇතුළු ජාත්‍යන්තර රටවලින් එල්ල වන බලපෑම හෙළා දැක එක්සත් ජාතික පක්ෂයට සහ එම පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂකයින්ට හැකිනම් ඊට එරෙහිව ප්‍රකාශයක් කර පෙන්වන ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කොළඹ දිස්ත්‍රික් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා අභියෝග කර සිටියේය.

මෙහිදී වැඩි දුරටත් අදහස් දැක් වූ තිලංග සුමතිපාල මහතා,

රටේ ජාතික ආරක්ෂක සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ගනු ලබන තීරණයකට බලපෑම් කිරීම රටේ ස්වරීත්වයට හානියක් බවත් එසේ සිදුකරනු ලබන බලපෑම් තරයේ හෙළාදකින බවයි.

යුද අපරාධ සම්බන්ධයෙන් 2015 වසරේදී අත්සන් කළ ගිවිසුමෙන් මෙම බලපෑම සිදුවන්නේ දැයි මාධ්‍යවේදීයෙකු මෙහිදී නැඟු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් තිලංග සුමතිපාල මහතා සඳහන් කළේ, 2015 ඔක්තෝම්බර් මාසයේදී හිටපු විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා ඇතුළු පිරිස් අත්සන් කළ එම ගිවිසුමෙන් රටේ ස්වෛරීත්වයට අහිතරකර බලපෑම් එල්ල වී ඇති බවයි. එසේම පක්ෂයක් ලෙස අපේ ප්‍රතිපත්ති අනුව ගත් කළ මෙය රට පාවාදීමක් ලෙස දකින බවද සුමතිපාල මහතා මෙහිදී සඳහන් කර සිටියේය.

එසේම ඉදිරියේදී මෙවැනි දෙයක් ක්‍රියාත්මක කිරීමේදී ගිවිසුම් ප්‍රකාරව අපේ විදේශ ප්‍රතිපත්තිත් එක්ක කොහොමද යන්න සම්බන්ධයෙන් අවධානය යොමුකළ යුතුවන බවද පැවසීය.