Whatsapp නව කොන්දේසි ඊයේ සිට ක්‍රියාත්මකයි

Whatsapp නව කොන්දේසි ඊයේ සිට ක්‍රියාත්මකයි
Spread the love

වට්සැප් සමාජ මාධ්‍ය යෙදුමෙහි කොන්දේසි සහ පෞද්ගලික ප්‍රතිපත්ති මාලාව ඊයේ (15) දින සිට යාවත්කාලීන කරලීමට වට්සැප් සමාගම කටයුතු කර ඇත. යාවත්කාලීන කරන ලද කොන්දේසි සහ පෞද්ගලික ප්‍රතිපත්ති මාලාව නොපිළිගන්නා වට්සැප් පරිශීලකයන්ට ඉදිරි සතිවලදී වට්සැප් සමාගම විසින් සම්බාධක පැනවීමක් සිදුකෙරෙනු ඇති බවක් අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයට වාර්තා වේ.

මෙම සම්බාධක පැනවීම හරහා පරිශීලකයන් හට තම චැට් ලැයිස්තුවට පිවිසීම සීමා වනු ඇති අතර අවසානයේදී පරිශීලකයන්ට වට්සැප් යෙදුම හරහා පැමිණෙන ඇමතුම් වලට පිළිතුරු දීමටද නොහැකි වනු ඇති බව අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ලෙස පෙන්වා දෙමු.