පියුමි හංසමාලිගේ තවත් ‘සුපිරි ගේමක්‘ එළියට – සම්පූර්ණ වාර්තාව මෙන්න !

පියුමි හංසමාලිගේ තවත් ‘සුපිරි ගේමක්‘ එළියට – සම්පූර්ණ වාර්තාව මෙන්න !
Spread the love

අයථා වත්කම් උපයා ගැනීම සම්බන්ධයෙන් විමර්ශනයට ලක්ව සිටින නිරූපිකාවක් වන පියුමි හංසමාලි විසින් අලෙවි කරන ලද සම පැහැපත් කරන ක්‍රීම් (Whitening cream) ඇතුළු රූපලාවන්‍ය නිෂ්පාදන ජාතික ඖෂධ නියාමන අධිකාරියේ (National Medicines Regulatory Authority NMRA) ලියාපදිංචි වී නොමැති බව Daily Mirror වෙබ් අඩවියේ අද (05) දින පළ කරන ලද වාර්තාවක සහන් වේ.

ඇය මෑතකදී කියා සිටියේ ඇගේ ක්‍රීම් පැක් එක රුපියල් 35,000ක් වටිනා බවයි.

ශ්‍රී ලංකාවේ දැනට රූපලාවණ්‍ය නිෂ්පාදන නියාමනය කිරීම සඳහා නීතිමය රාමුවක් හෝ නිශ්චිත පනතක් නොමැති අතර, ලියාපදිංචි නොකළ නිෂ්පාදනවලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට මෙම තත්ත්වය NMRA හට බාධාවක් බව මූලාශ්‍ර වැඩිදුරටත් සඳහන් කරයි. කෙසේ වෙතත්, එම රූපලාවන්‍ය නිෂ්පාදන සම්බන්ධයෙන් පනතක් කෙටුම්පත් කිරීමට සෞඛ්‍ය බලධාරීන් කටයුතු කරමින් සිටින බව ආරංචි මාර්ග අනාවරණය කළේය.

ඩේලි මිරර් වෙත අදහස් දක්වමින් NMRA ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය සවීන් සේමගේ කියා සිටියේ සම සුදු කිරීමේ ක්‍රීම් සම්බන්ධ ගැටලු සම්බන්ධයෙන් මෑත කාලයේ පැමිණිලි රාශියක් ලැබී ඇති බවයි. මෙම උත්සුකයන් මත පදනම්ව ක්‍රියාකාරී පියවර ආරම්භ කර ඇති බව ඔහු තහවුරු කළේය.

පාරිභෝගික ආරක්ෂාව සහතික කිරීම සඳහා රූපලාවන්‍ය නිෂ්පාදන ස්වේච්ඡාවෙන් ලියාපදිංචි කිරීම NMRA දිරිමත් කරන බව ආචාර්ය සේමගේ අවධාරණය කළේය.

මේ අතර, සෞඛ්‍ය විශේෂඥයින් මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ NMRA හි ලියාපදිංචි වී නොමැති නිෂ්පාදන විශේෂයෙන් සුදු කිරීමේ ක්‍රීම් භාවිතා කිරීමෙන් වළකින ලෙසයි.

චර්ම රෝග විශේෂඥ වෛද්‍ය ඉන්දිරා කහවිට පවසන පරිදි, පිළිකා රෝග පවා අභිබවා යමින් සම පැහැපත් කරන ක්‍රීම් භාවිතය හා සම්බන්ධ වකුගඩු රෝගීන්ගේ සැලකිය යුතු වර්ධනයක් දක්නට ලැබේ.

මේ අතර හංසමාලි සන්නාම තානාපතිනිය ලෙස කටයුතු කරන බව කියන Lollia Skin Care (Pvt) Ltd නම් රූපලාවන්‍ය නිෂ්පාදන නිෂ්පාදන සමාගම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.