සිලෝන් මෝටර් ස්පෝර්ට්ස් ක්ලබ්, ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරයේ සාමාජික සමාගමක් වන ඩේවිඩ් පීරිස් රේසිං ඇන්ඩ් ලෙෂර් (පුද්.) සමාගම එක්ව සංවිධානය කරන ‘X-30 Asia Cup’ ගෝ-කාර්ට් තරගාවලිය 2018 ජනවාරි මස 13 හා 14 යන දෙදින තුළ බණ්ඩාරගම ශ්‍රී ලංකා කාර්ටින් සර්කිට් හිදී පැවැත්වේ.
‘X-30 ගෝ-කාර්ට් තරගාවලියක් අග්නිදිග ආසියාවෙන් පිටත පැවැත්වෙන ප්‍රථම අවස්ථාව මෙය වන අතර මෙම ජාත්‍යන්තර තරග කාණ්ඩය තුළ ආසියාව සහ යුරෝපය නියෝජනය කරන ධාවන ශූරයන් ‘X-30’ ගෝ-කාර්ට් තරගාවලිය සඳහා එක් වෙති.
වයස අවුරුදු 8 සිට ඉහළට විහිදෙන ධාවන පන්ති ක්‍රමයක්, එන්ජින් මාදිලි 6ක්, ජාත්‍යන්තර ඉසව් 2ක් සහ මහද්වීප මට්ටමේ තරග ඉසව් කිහිපයක් සහිත මෙම තරගාවලිය ලොව වඩාත්ම සාර්ථක සහ විවිධත්වයෙන් සපිරි තරගාවලියක් ලෙස සැලකේ. ඒ අනුව කැඩෙට් පන්තිය (වයස අවුරුදු 8 සිට 12 දක්වා), කනිෂ්ඨ පන්තිය (අවුරුදු 12 සිට 15 දක්වා), ජේයෂ්ඨ පන්තිය (අවුරුදු 14 සිට 30 දක්වා), ප්‍රවීණ පන්තිය (අවුරුදු 30 සිට ඉහළට) සහ සුපර් ෂිෆ්ටර් ලෙස ‘X-30 Asia Cup’ ගෝ-කාර්ට් තරගාවලිය තරග කාණ්ඩ 5 කින් සමන්විත වේ.
ගෝ-කාර්ට් එන්ජින් නිෂ්පාදනය කරන ප්‍රධානතම ජාත්‍යන්තර සමාගම වන සහ කාර්ටින් තරග ප්‍රවර්ධනය කිරීමේ පුරෝගාමීන් වන ධ්ඒර්ඡ් හි සංකල්පයක් මත ආරම්භ වූ ‘X-30’ තරගාවලිය මේ වන විට පරිපූර්ණ ධාවන තරගාවලියක් බවට විකාශනය වී ඇති අතර ඒ සඳහා රටවල් 25 කට අධික සංඛ්‍යාවක් නියෝජනය කරමින් ධාවකයෝ තරග වදිති.

