අපි ණය ගෙවන්නෑ කිවුවොත් ජාත්‍යන්තර බැදුම්කර හිමියන් ‘හා කමක් නෑ මචන් කියනවා’…! හදුන්නෙත්ති

අපි ණය ගෙවන්නෑ කිවුවොත් ජාත්‍යන්තර බැදුම්කර හිමියන් ‘හා කමක් නෑ මචන් කියනවා’…! හදුන්නෙත්ති
Spread the love

ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර සඳහා පුද්ගලයන් මුදල් යොදවන්නේ එහි ඇති අවදානම බාරගෙන බවත් ඒ වෙනුවෙන් එම බැඳුම්කර සඳහා පොලියද ගණනය කරන්නේ අවදානමද සලකා බවත් ජාතික ජන බලවේගයේ විධායක සභික හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කරයි.

ණයකරුවන් විසින් එම බැඳුම්කරණය නොගෙවන බව පැවසුවහොත් ණය හිමියන් ‘හා කමක් නෑ මචන් කියනවා’ යයිද ඔහු පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ ගුවන් විදුලි නාලිකාවක වැඩ සටහනකට එක්වෙමිනි.

මෙරට විසින් ගත් ණය ගෙවන්නේ නම් ඒ සඳහා කාලයක් වුවමනා බවත් කොන්දේසි පැනවීමට එකඟ නැති බවත් ජාත්‍යන්තර අරමුදලට තම පාලනයක් යටතේ දැනුම් දෙන බවත් හෙතෙම තවදුරටත් පැවසීය.