ඇෆ්ගනිස්ථානයේ වත්මන් අර්බුදය ගැන චීනයේ නව සැලසුම

ඇෆ්ගනිස්ථානයේ වත්මන් අර්බුදය ගැන චීනයේ නව සැලසුම
Spread the love

චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක වැන්ග් වෙන්බින් (Wang Wenbin) ඇෆ්ගනිස්ථානයේ වත්මන් තත්වය පිළිබඳව බ්‍රික්ස් සමුළුවේ දී බොහෝ දුරට  ඉස්මතු කිරීමට ඉඩ ඇති බව ඊයේ (03) පැවැති මාධ්‍ය හමුවකදී සඳහන් කළ බැව් India News Network වාර්තා කරයි. 

චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක වැන්ග් වෙන්බින්(Wang Wenbin)

තලේබාන් පාලනය හමුවේ ඇෆ්ගනිස්ථානයේ දිගින් දිගටම සිදුවන ප්‍රචණ්ඩ ක්‍රියා මානව හිමිකම් උල්ලංඝනය කිරීම් නිසා ව්‍යාකූල සහගත අවිනිශ්චිතතාවයකට මුහුණ දෙමින් සිටී. යුද්ධයෙන් පීඩාවට පත් ඇෆ්ගනිස්ථානයේ පවතින තත්ත්වය පිළිබඳව මේ මස පැවැත්වීමට නියමිත බ්‍රික්ස් (BRICS) සමුළුවේදී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වේ.

ඇෆ්ගනිස්ථානයේ අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් බ්‍රික්ස් (BRICS) රටවල ජාතික ආරක්ෂක උපදේශකයින්ගේ හමුවේ දී සාකච්ඡා කළ බව  චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක  වැන්ග් වෙන්බින්(Wang Wenbin) ගේ ප්‍රකාශය උපුටා දක්වමින් India News Network සඳහන් කරයි.

2021 අගෝස්තු 24 වනදා ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් ඩෝවාල්ගේ ප්‍රධානත්වයෙන් පැවැති බ්‍රික්ස් (BRICS)  හි ආරක්ෂක උපදේශකයින්ගේ හමුවේ දී තලේබාන් සංවිධානය විවිධ ත්‍රස්තවාදී කණ්ඩායම් වෙත අනුග්‍රහ දැක්වීමේ හැකියාව පිළිබඳ දැඩිව අවධානය යොමු කොට ඇත. මෙහිදී බ්‍රික්ස්හි (BRICS) ආරක්ෂක උපදේශකයින් ත්‍රස්තවාදයට එරෙහි  සහයෝගීතාව ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවීමේ සැලසුමක් අනුගමනය කළ යුතු බව ද අවධාරණය කළේය

මාර්ගගත (Online) ක්‍රමයට පැවති මෙම රැස්වීමේදී ත්‍රස්තවාදයට එරෙහි ක්‍රියාකාරී සැලැස්ම ද සම්මත කරන ලදී. එමෙන්ම ලෂ්කර්-ඊ-තාලයිබා සහ ජයිෂ්-ඊ-මොහොමඩ්(Lashkar-e-Taiba and Jaish-e-Mohammed)   වැනි සාමයට හා ආරක්ෂාවට තර්ජනයක් වන ත්‍රස්තවාදී කණ්ඩායම් වල ක්‍රියාකාරීත්වයෙන් ඉන්දියාවට සිදුවන බලපෑම ද අවධාරණය ලක් කළේය.