ඉන්දියාව කොවිඩ් පාලනය සියතට ගනී – ආසාදිතයින්ගේ දැවැන්ත අඩුවක්

ඉන්දියාව කොවිඩ් පාලනය සියතට ගනී – ආසාදිතයින්ගේ දැවැන්ත අඩුවක්
Spread the love

ගතවූ පැය 24 තුළ ඉන්දියාවේ කොවිඩ්-19 ආසාදිතයින් 42,909 ක් වාර්තා වී තිබේ. මේ වන විටත් අඛණ්ඩව දින 64 ක් තුළ පෙර පැවති නව ආසාදන 50,000ට වඩා අඩු ගණනක් වාර්තාවීමේ ප්‍රවණතාවක් ඇති බව සෞඛ්‍ය හා පවුල් සුභසාධන අමාත්‍යංශය ඊයේ පැවසීය.

මේ අතර, ගතවූ පැය 24 තුළදී එන්නත් මාත්‍රා 31,14,696ක් ලබාදීමත් සමඟ ඉන්දියාවේ කොවිඩ්-19 එන්නත් ආවරණය සඳුදා දිනයේදී මිලියන 63.43 ක් ලෙස වාර්තා වී ඇත. සඳුදා උදෑසන 7 දක්වා ලැබුණු තාවකාලික වාර්තාවලට අනුව එම අගය 63,43,81,358 ක් ලෙස සටහන් විය. එන්නත් විදුම් සැසි වාර 68,14,305ක් හරහා මෙය සාක්ෂාත් කර ගෙන ඇත.

ඉන්දියාව පුරා කොවිඩ්-19 එන්නත්කරණය වේගවත් කිරීමට සහ පුළුල් කිරීමට මධ්‍යම රජය කැපවී සිටින බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. දැනට ඉන්දියාවේ සක්‍රීය රෝගී සංඛ්‍යාව 3,76,324 ක් වන අතර සක්‍රීය සිද්ධි ප්‍රතිශතය සමස්ත ධනාත්මක සිද්ධිවලින් 1.15 කි.

ගතවූ පැය 24 තුළදී රෝගීන් 34,763 දෙනෙක් සුවය ලබා ඇති අතර, වසංගතය ආරම්භයේ සිට සුවය ලැබූ රෝගීන්ගේ එකතුව 3,19,23,405 දක්වා ඉහළ ගොස් තිබේ. එහි ප්‍රතිඵලයක් වශයෙන්, ඉන්දියාවේ ප්‍රතිසාධන අනුපාතය 97.51% ක් වේ.

ඉන්දියාව මේ වන විට පවත්වා ඇති පරීක්ෂණ සමුච්චිතය දශලක්ෂ 52.01කට වඩා වැඩිය. 2.41% ක්ව තිබූ සතියේ ධනාත්මකතා අනුපාතය පසුගිය දින 66 තුළ 3%ට වඩා අඩු මට්ටමකට පහළ බැස ඇත. දෛනික ධනාත්මකතා අනුපාතය 3.02% කි.
අඛණ්බව දින 84ක දෛනික ධනාත්මකතා අනුපාතය 5%ට වඩා අඩු වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශ දත්ත මගින් පෙන්වා දෙයි.

Indianewsnetwork.com ඇසුරිණි.