‘ලෝකයේ විශාලතම දියමන්ති‘ වාර්තාව අලුත් වෙයි !

‘ලෝකයේ විශාලතම දියමන්ති‘ වාර්තාව අලුත් වෙයි !
Spread the love

මෙතෙක් ලෝකයේ හමු වූ තුන්වන විශාලතම දියමන්තිය ඊයේ (16) බොට්ස්වානාහි ප්‍රදර්ශනය කළා. බොට්ස්වානාහි අගනුවර වන ගැබොරොන් හි පැවති උත්සවයකදී ජනාධිපති මොක්වීට්සි මැසිසි විසින් මෙම දියමන්තිය ප්‍රදර්ශනය කළ බවයි එරට මාධ්‍ය පවසන්නේ.

මෙම දියමන්තිය කැරට් 1,098ක බරින් යුතු වන අතර ‘ඩෙබ්ස්වානා Debswana- නම් දියමන්ති කැනීම් කරන සමාගම විසින් එය සොයා සොයා ගෙන තිබෙනවා. ඒ මීය සති දෙකකට පෙරයි.

කැරට් 1,111 ගල ලුකාරාගේ කරෝව් පතලෙන් සොයා ගන්නා ලදී
ලෝකයේ දෙවන විශාලතම දියමන්තියට (2015 දී එරටින්ම හමු වූ කැරට් 1,111කි )

මෙම දැවැන්ත මැණික ලෝකයේ දෙවන විශාලතම දියමන්තියට (2015 දී එරටින්ම හමු වූ කැරට් 1,111කි ) වඩා මදක් බරින් අඩු බවයි වාර්තා කියන්නේ. කැරට් 3,106 ක ‘කූලිනන් දියමන්තිය- Cullinan diamond 1905 දී දකුණු අප්‍රිකාවේ තිබී සොයාගත් අතර වෙනම ගල් නවයකට කපා ඇති අතර ඒවායින් බොහොමයක් බ්‍රිතාන්‍ය ඔටුනු ආභරණවලට එක්කර තිබෙනවා.

බොට්ස්වානා යනු අප්‍රිකාවේ විශාලතම දියමන්ති නිෂ්පාදකයා වේ.

“ඩෙබ්ස්වානා විසින් වසර 50 කට අධික කාලයක් ක්‍රියාත්මක වූ ඉතිහාසයේ සොයා ගත් විශාලතම දියමන්තිය මෙයයි” යනුවෙන් ඩෙබ්ස්වානා සමාගමේ වැඩබලන කළමනාකාර අධ්‍යක්ෂ ලිනට් ආම්ස්ට්‍රෝං පැවසීය.

“අපගේ මූලික විශ්ලේෂණයට අනුව එය ලෝකයේ තුන්වන විශාලතම දියමන්තිය විය හැකියි”

ඩෙබ්ස්වානා යනු බොස්ට්වානා රජය සහ ගෝලීය දියමන්ති දැවැන්තයා වන ඩී බියර්ස් අතර හවුල් ව්‍යාපාරයක් වන අතර විකුණුම් වලින් ලැබෙන ආදායමෙන් 80%ක් ලාභාංශ, රාජකීය හා බදු මගින් රාජ්‍ය භාණ්ඩාගාරයට යයි.

ගලෙහි විභව පිරිවැය පිළිබඳ ඇස්තමේන්තුවක් තවම නිකුත් කර නොමැති නමුත් 2017 දී මෙතෙක් සොයාගත් දෙවන විශාලතම දියමන්තිය වන ලෙසඩ් ලා රෝනා ඩොලර් මිලියන 53කට විකුණා ඇත.

දියමන්ති මනිනු ලැබේ
දියමන්ති දිග මි.මී. 73 ක්, පළල 52 මි.මී.

බොට්ස්වානා හි ඛනිජ අමාත්‍ය ලෙෆෝකෝ මොගි කියා සිටියේ වසංගතය හේතුවෙන් පසුගිය වසරේ දියමන්ති අලෙවිය පසුබෑමට ලක්වීමෙන් පසු ලැබුණු මෙම දියමන්තිය දේව ආශිර්වාදයක් බවයි.

මෙම දියමන්තියට තවම නමක් ලබාදී නැති බවයි සමාගම කියන්නේ.

සමාගම පැවසුවේ මෙම දියමන්තිය විකුණන ආකාරය ගැන තවම තීරණයක් ගෙන නොමැති බවයි.

බී.බී.සී වාර්තාවකි – සැකසුම – තීක්ෂණ වෙළෙන්එගොඩ